සිංහ ලේ vs බලු කිරි



මේ ඒයි... මට නං බෑ ඔන්න කිරි දෙන්න නං. බොඩි ශේප් එක අවුල් ගියාම එක සිංහයෙක් වත් මං දිහා බලන එකක් නෑ..
එහෙම කියල පුලුවන්ද සුදූ.. කිරි නොදී පොඩි එවුං තණකොළ කන්නද? අනික අර පුරාණ කවි සිංදු වලත් තියෙන්නෙ "තණකොළ නොබුදිති සිංහ පැටවු" කියල.
 
අනේ යන්න මෙයා යන්න , ඕන එකෙක්ට කියල කිරි දෙන එකයි ඇත්තේ .. මට නං බෑ... තමුසෙ නං කියයි.. සිංහ පැටවු වදල වදල අන්තිමට මට වෙන්නෙ සිංහයෙක් වත් බලන්නෙ නැතිකොට වේලි වේලි ඉන්න.

හරි දැන් මොකද්ද කිරි දුන්නම තමුසෙට වෙන්නෙ?
බොඩි ෂේප් එක අවුල් යනවා ඕයි. නිවුඩෙන් හිටපු මට  අන්තිමට "පුෂ්-අප් බ්‍රා" ඇඳගෙන තමයි ඉන්න වෙන්නෙ.


ඉතිං ඕයි නාකි තමුසෙට මොන ඉස්ටයිල්ද? මොන සෙල්ලන්ද? නහින දෙහින කාලෙ රැලේ එකෙක් අල්ලගත්ත සතෙක්ගෙ කුණක් කාලා පැත්තකට වෙලා ඉන්නවා මිසක්.

... අනේ නිකං යනවා යන්න. කෝ තමුසෙගෙත් ලොම් හැලිලත් තමුසෙ පැත්තකට වෙලා නිකං ඉන්නවද? අඩුගානේ රැලේ අලුත් එවුං කරන දඩයමකට වත් සපෝට් එකක් දෙනවද? කට්ටිය සතෙක් අල්ලගන්න කුරුමානම් අල්ලනකොට තමුසෙ බොරු ගර්ජනාවක් දාල සතාව පන්නනව මිසක්. පුළුවන් මගුලකුත් නෑ ...
මේ මේ.. මට තාම පුළුවන් හරිද, වයසට ගියත් මං තාම කොල්ල වාගෙ... තමුසෙට පොඩි එවුන්ට කිරි දෙන්න බැරි නං නිකං ඉන්නව. මගේ වැඩ මං නවත්තන්නේ නෑ... හිටහන්කෝ.. මං කිරි දෙන්න වෙන සිංහ ධේනුවක් හොයාගන්න..



.... හැබෑට... තමුසෙ ඒ කාලෙත් කොලේ වෙන වෙන එකීල පස්සෙ ගිය එක නේන්නං.. දෙයි බලන් ඉන්නවා මේං කියල. එවුන්ට කිරි දෙන්න උන්ගෙ පැටවු ඉන්නව ඕයි.. තමුසෙ හිතන් හිටියට ලොම් තියන කාලෙ පණ ඇරගෙන හිටියට ලොම් හැලුනම තමුසෙට ඉන්නෙ ඒ කාලේ පස්සෙන් කටු කන්න ආපු බල්ලො ටික විතරයි..

හුහ්.. එහෙමද හිතන් ඉන්නෙ? බලනවකො බල්ලො ටික එකතු කරගෙන හරි වැඩේ දෙන්නෙ නැද්ද කියල. ඒක නෙවෙයි.. තමුසෙ පැටවු ටිකට කිරි ටික දෙනව හරිද...
මට බෑ... ඕනෙ බැල්ලියෙක්ට කියල දීගන්නවා...

දෙනවා තමයි ඕයි.. තියාගන්නව තමුසෙගෙ ඔය මහ ලොකු කිර. බල්ලෙක් වත් තමුසෙ දිහා බලන්නෙ නෑ ඕයි දැන්.. එනවා මෙතන කිරි මණ්ඩලේ සංවර්ධනේ කොරන්න...

ඉතිං දීගන්නවා.. තමුසෙගෙ පැටවු නෙ... උන්  බැල්ලියන්ගෙන් කිරි බිව්වම ඒ කාලේ තමුසෙගෙ තිබ්බ තේජසට මොකෝ වෙන්නෙ? බැලුවම ඒකත් හරි තමා. ඒ කාලේ තේජසට හිටියට හිටියට දැන් තමුසෙ බල්ල වෙලානෙ ඉන්නෙ..


අනේ පලයන් ගෑනියේ යන්න. උඹ නොදුන්නට දෙන්න ඕන තරං එවුං ඉන්නවා තාමත් මට. ( වටේ හොරගල් අවුලමින් ඉන්නා හයිනා බල්ලන් දෙසට) " ඇඩෝව්... හොඳට කිරි තියන බැල්ලියෝ ටිකක් හොයපල්ලා.. හොඳට නාලා මේකප් දාලා එන්න කියපල්ලා දෙහිවල ගේට්ටුව ගාවට.."


"සෑර් , පරණ සිංහයා ආයෙත් ඕනෑ කියල ගහපු බෝඩුත් ගේන්න ඕනෑද? සෑර් එනකොට වටවෙලා කෑගහන්නත් ඕනැද?
 
මේ පාර එව්ව ඕන නෑ යකුනේ.. සද්දෙ වහල පොඩි එවුං ටිකට කිරි ටික දීල යන්න කියහල්ල..
සෑර්... බලු අම්මලගෙන් කිරි බොයිද? සිංහ කිරි බීල නේද පුරුද්ද?

දැන් එවුනුත් බලු කිරි හරි බොන්න පුරුදු වෙන්න ඕන... උනුත් දන්නවා ඉස්සර කෙසර දැන් නෑ කියල.
සෑර්, මිනිස්සු මොනවා නොකියයිද? සිංහ පැටවු බලු කිරි බොනවා කියල ඇහුවම.


යකෝ විෂ්ණු දෙය්යොත් චන්දෙ පැරදිලා ගිහිං බටකොළ කෑවෙ.. මුනුත් බලු කිරි බීල හරි ලොකුවෙයි නෙ..

39 comments:

  1. තෝව බලු කිරි බීල ලොකු මහත් වෙච්ච සිංහයෙක්ම ඇදගෙන යන්න ඕනේ මේ කියන කතා වලට...

    ReplyDelete
    Replies
    1. ඇග්... යකොඩෝ සුදූ වෑන් ගැන නේද මේ කියන්නෙ? අම්මෝ....

      Delete
  2. උඹ පඩංගුව විදියට අරං තියෙන්නේ රතුපාට සාටකයක්ද බලපං.. හැක්.. සිංහ දේනුව කලින් නිව්ඩෙන් ද බං හිටියේ.. (දැනුත් හැබැයි 'නිව්-ඩෙන්' එහෙක තමයි ඉන්නේ පරණ පුරුදු අරලිය ඩෙන් එකෙන් එලෙව්වනේ..)

    ReplyDelete
    Replies
    1. අලුත් ඩෙන් එකේ පූල් එකට වැලි දැම්මේ අපරාදෙ බං.. ඒකෙ ගල් දොර වහල. සිංහය එලියෙ..

      Delete
  3. // පරණ සිංහයා ආයෙත් ඕනෑ කියල ගහපු බෝඩුත් ගේන්න ඕනෑද? සෑර් එනකොට වටවෙලා කෑගහන්නත් ඕනැද?//

    "අනේ සෑර් අපි අනාත වුනා ආයිත් එන්න" කියන අනාත දේනුවන්ට කිරි නැද්ද? ඒ ගොල්ල මුදවන්න තරම් කිරි තියන ජාතියෙ අය නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා සහෝදරයා, වයසක උන්දැල නේද එව්ව වල වැඩියෙන්ම ඉන්නෙ? වැඩේ හරියන්නෙ නෑ....

      Delete
  4. සිංහ වෙස් ගත්තු වුන් බලු වෙන සීන් එකක් තමයි එක හිටං.

    ReplyDelete
    Replies
    1. ඔය කොයි කොයි සිංහයගෙත් බලු ගති තියනවනෙ මනෝ...

      Delete
  5. හික්ස් ...........මේ සිංහයෝ බැලු වෙන කාලේ නොවැ...

    ReplyDelete
    Replies
    1. කොබා, එහෙමද එහෙමත් නැත්තං බල්ලෝ සිංහයො වෙන කාලයක් වත්ද??

      Delete
  6. මහින්ද ලොක්කා ඒච්චර කලුද බං????

    ReplyDelete
    Replies
    1. පිස්සුද කුරුට්ටා.. ඔයිල් මසාජ් වල රඟේ තාම තියනවා.. තාම සුදුයි... කළු වේගන එනවා වගේද දැන්???

      Delete
  7. සිංහ ධේනුව තමා ගොදුරු අල්ලන්න යන්නෙ. සිංහයා කියන්නෙ කම්මැලි සතෙක්. ඒ නිසා මේක මෙතෙන්ට හරියටම ගැලපෙනවද?
    (උඹ තමා මාතලංගෙ පොඩි පුතා. ලොකු එකා විභීෂණයා)

    ReplyDelete
    Replies
    1. මධුවා.. එච්චරටම ගැලපෙන්නෙ නෑ නං තමා...ඔව්ව වැඩිය හොයන්න යන්නෙපා බං... (ඔන්න ඔන්න ලේබල් කොරන්න හදනවා හිටං)

      Delete
  8. හ්ම්........................බලු කිරි නැත්තං ඊට ආසන්නම කිරි, නරි කිරි. මොකද කියන්නේ. ජාතියේම කපටි බව වර්ධනය කිරීම සඳහා නරි කිරි දෙමුද?

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා , එක්කෙනෙක්ට කපටි නරියෙක් කියල කොටියෙකුත් කිව්වලුනෙ හිටං....

      Delete
  9. අනේ අප්පේ අහිංසක සත්තුන්ට මුන් කරන අපහාස

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒක නේන්නං මැලේ.. බලන්ඩකෝ අප්පා අහිංසක සත්තු පළි ...

      Delete
  10. පට්ට පට පට :D
    දැන්නම් උඹ සිරාවටම මාතෙට දෙවනි නෑ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං බලහංකො .. උඹලා ලේබල් ගහන්නමනෙ එන්නෙ... :D

      Delete
  11. උඹත් ශේප් එකේ ඒ සින් එක අස්සේ ටොක්කකුත් ඇනලා තියෙනව නේ?

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ඔන්න බලමුකෝ දිනේෂ්.. ටොකු ඇන්නේ නෑ අප්පා.. තොප්පි පා කෙරුව .. එච්චරයි.. :D

      Delete
  12. සත්ත හිමිකං එකෙං ඇවිත් නඩු දායි මේ කරපු අපහාසෙට
    පව් බං අහිංසක සත්තු
    පාඩුවෙ දඩයමක් කොරන් බණක් බාවනාවක් කොරන් ඉන්න දෙන්නෙ නැතිව උඹල කොරන දේවල් බලහල්ල
    හය්යෝ

    ReplyDelete
    Replies
    1. දඩයම් එක්ක කොහොමද බං බණ භාවනා කොරන්නෙ? සත්ත හිමිකම් එකෙන් ආවොත් වටේ එවුං ටික සෙට් කොරගෙන උපවාසයක් ආරම්භ කොරනවා දැනගනින්...

      Delete
  13. මල්ලි ඩබල් පුෂ්-අප් තියනවා ත්‍රිබල් පුෂ්-අප් බ්‍රා තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔය ආවේ වෙඩි වගේ... මං කල්පනාකොලේ කෝ කියල... ඒ සම්බන්ධයෙන් අතිවිශාරද එලද බ්‍රා... හැබෑටම එහෙම එව්වත් තියනවද බං??

      Delete
    2. මම හැමදාම අනිත් බෙලෝග් වලට යන්නෙ උඔගේ බෙලෝග් රෝල හරහා ඒත් මට උඔගේ පොස්ට් දෙකක් මිස් වුනා..
      තියනවා මචං සමහර ඒවා තං නෙමෙයි බෝත්තං ඒවාට ෆෝම් කප් ඩබල් පුෂ්-අප්.
      තං වෙනුවට කූරැලෑ තියන ඒවාට ෆෝම් කප් ත්‍රිබල් පුෂ්-අප්.
      වතුර පුරවපු බැලුන් වගේ ගවුමේ කර අස්සෙන් උඩට පිම්බිලා ඉස්සිලා පෙන්නන්න වුවමනා නම් පුෂ්-අප්.

      Delete
    3. මෙන්ඩා... මගේ බ්ලොග් රෝලෙන් බ්ලොග් බලනවා කිව්වම මට පුල් ගතියක් එනවා බං...
      ඔන්න බලමුකෝ අපි නොදන්නා දේවල් ගැන කොච්චර දැනුම තියන උන් ඉන්නවද කියල... ඔය සම්බන්ධෙන් උඹ ඉතිං එක්ස්පට් නෙ...

      Delete
    4. මෙන්ඩා මම කුරුලෑ මිරිකන්න හෙන ආසයි ...... බොරු නං සජ්ජගෙන් අහපං කෝ ....

      Delete
    5. හපෝ ... මුගෙ ඒ මල සක්කිලි පුරුද්ද.. ඕක මානසික ලෙඩක් යකෝ... මම කියන්නෙ ඇත්ත කුරුලෑ

      Delete
  14. සිංහයොන්ට සිංහ කිරි දීලා වැඩක් නෑ කියලා දේනුවට හිතෙන්න ඇති.. කරන බලු වැඩ දැක්කාම

    ReplyDelete
    Replies
    1. හැක් හැක්, මාතලන් සහෝදරයා... ඒකත් එහෙම වෙන්නැති තමයි... හැබැයි ඉතිං සිංහයොත් කරන තරමක් කරන්නෙ බලු වැඩ..

      Delete
  15. සිංහයෝ හරාකිරි කරගන්න හදන එකේ පැටවූ බලුකිරි බීවම මොකද ?

    ReplyDelete
  16. සිංහයෝ හරාකිරි කරගන්න හදන එකේ පැටවූ බලුකිරි බීවම මොකද ?

    ReplyDelete
    Replies
    1. තිලක සහෝදරයා... සාදරයෙන් පිළිගන්නවා මුලින්ම. මම නම් හිතන්නෙ නෑ අපේ සිංහයන්ට "හරාකිරි" කරගන්න තරම් "ගට්ස්" තියනව කියල...

      Delete
  17. උඹ කියන කථාව මට අන්තිම හරියට ආවම වැටහුනේ..මට මතක් උනේ අර වීර සංගිලි පනික්කියව බං..ඌට යන කල දසාවක් තියේද...

    ReplyDelete
    Replies
    1. ඌ ගල් කපටියා.. එල්ලෙන්න වැලක් නැති නිසා පරණ ලොක්කගෙම නැට්ටෙ එල්ලිලා මෑන් ෆෝම් කරලා කෝමහරි ගොඩ යන සීන් එකක් තියෙන්නෙ.

      Delete
  18. සිංහයින්ට බලුකිරි පොවන්න හිතුවා මදි ඩෝ...
    අන්න සිංහයා කියනවා විජාතික කුමන්ත්‍රණයකින් ඒවා කරලා තියෙන්නේ කියලා.

    (කියනවා නෙවෙයි නේද ගර්ජනා කරනවා වෙනන් ඕනේ මයේ හිතේ...)
    අපි නම් මොනවා වුනත් සිංහයා අතාරින්නෙ නෑ බලු කිරි හරි දීලා හදනවා මිසක්... හික්ස්...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. නැතුව නැතුව... සිංහයො වඳ උනොත් මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ... අර නරි රැල කව්රු පස්සෙන්ද එතකොට යන්නෙ නෙ?? බලු කිරි හරි දෙන්නම වෙනව...

      Delete