කොල්ලෙක් උනාම අවුරුද්දට උණ වෙඩිල්ලක් හැදුවෙ නැත්තං අවුරුද්දට චාරිත්‍ර ඉෂ්ට කොලේ නෑ වගේ තමා ඒ කාලෙ නං. උණ වෙඩි හදන ටෙක්නික් එක අපිට නං හම්බුනේ ගමේ සමාජෙන්ම තමයි. තෝරලා බේරලා උණ ගස් වල පුරුක් ගැනල අත්ත මුත්තා කාලේ ඉඳන් අවුරුද්දට උණ වෙඩි හදාපු පරම්පරාවේ අවසාන පුරුක් තමයි අපි.
උණ වෙඩිත් එක්කම ඈඳෙන තවත් දෙයක් තමයි බීරංග. සීයලාගේ කාලේ මගුල් ගෙදරක ජෝඩුව පිටත් වෙද්දිත් ගහල තියෙන්නෙ බීරංග. අවසාන වතාවට බීරංග කතාවක් දැකල අහන්න ලැබුණේ "බෝඩිම" ටෙලි නාට්ටෙන් තමා. බෝඩිමේ කට්ටිය වේදිකා නාට්ටි නාඩගමක් නටනකොට අහස ගුගුරුවාගෙන, පොලව දෙදරවාගෙන යකෙක් වේදිකාවට එන ජවනිකාවේදී වේදිකාව පිටිපස්සෙ ඉඳන් බීරංගයක් ගහනකොට වෙච්ච ඇබැද්දිය ඒක බලපු කට්ටියට මතක ඇති. බීරංගෙ ගලේ ගහනකොට පොඩ්ඩක් මිස් වෙලා ජවනිකාවට වේදිකාවට නගින්න හිටපු යකාගෙ කකුලෙ වැදිල ඌ මර ලතෝනි දීගන දුවල හෙන විජ්ජුම්බරයක් උනා කට්ටියට මීටර් ඇති. අපි ඔව්ව කොරන කාලේ බීරංග වඳ වෙලා. ටෙක්නික් එක අස්ථානගත වෙලා. බීරංග වෙනුවට රතිඥ්ඥා ඇවිල්ල. ඒ උනත් ඒ කාලේ පොඩි "model බීරංගයක්" බයිසිකල් ස්පෝක් එකකින් හදල ගිනිකූරු වෙඩිබේත් පුරවල පොඩි ඇණයක් සෙට් කරලා පත්තු කළා මතකයි. හැබැයි ඒකෙ සද්දෙ ටිකක් සැර මදි. ඔන්නොහෙ බීරංගෙ අල්ලලා දාමු. ඒ ගැන හරියට දන්න කවුරුහරි ඒකෙ තාක්ෂනේ ගැන කිව්වොත් අපිත් දැනුවත් වෙන්නම්.
ඉස්සර අපි උණ වෙඩි හැදුවෙ, උණ වෙඩි ගැහුවෙ තරඟෙට. මහත උණ පඳුරු තියන තැන් වලින් තෝරලා බේරලා කපාගෙන උණ ගස් කරගහගෙන යන කොල්ලො කුරුට්ටො ඒ කාලේ අවුරුදු කාලෙට ඕනෑතරම්. කොල්ලො කුරුට්ටෝ සෙට් වෙලා උණ වෙඩි හදන "වර්ක්ෂොප්" හැමතැනම. මහත උණ ගස් වලට මරාගන්නවත් එක්ක. සද්දෙ මදි නං ආයෙත් වෙන ගහක් කපන් එනවා. අම්මල තාත්තලගෙන් කෙඳිරිගාල කීයක් හරි ඉල්ලගෙන හිස් අරක්කු බෝතල් අරන් බූමිතෙල් ගේන්න කඩේ දුවනවා ඉවරයක් නෑ. සල්ලි හොයාගන්න බැරිම උනොත් අනුන්ගේ වත්තකිං පොල් ගෙඩි දෙකතුනක් අහුලලා කඩේට දීල හරි වැඩේ කොරනවා. අවුරුදු කාලෙට ගමේ කොල්ලො ගාව බූමිතෙල් ගඳ වරන්නෙ නෑ. ඒ වගේම උණ වෙඩි ගැහිල්ල නිසා ඇහිබැම කාරිය පුච්චගත්ත කොල්ලොත් නැත්තේම නෑ. උද්යෝගෙ වැඩිකම නිසා උණ වෙඩි හොරකමුත් සිද්ද වෙනවා. සද්දෙට පත්තුවෙන, පදම් වෙච්ච උණ වෙඩිල්ලක් අහලපහලම ගෙවල් වල ඉන්න හොර කොල්ලන්ගෙන් බේරගන්න රෑට ගේ අයිනෙන් ගෙනත් තියාගන්නත් වෙනව සමහර වෙලාවට.
අපේ ගමේ කෙලවරේ පීල්ල හේනෙ (වත්තෙ නම) තමයි ලොකුම උණ ගස් තිබ්බෙ.
ඔය වත්තෙ අයිතිකාරය කොල්ලන්ට උණ ගස් ඉල්ලුවට දෙන්නෙ නෑ. කොල්ලො හොරෙන් තමයි උණ පඳුරට වැඩේ දෙන්නෙ. අපේ තාත්ත මිනිහව හොඳට අඳුරනවා. ඒත් ඉතිං කවුද දන්නෙ ඉල්ලුවම දෙයිද කියලා. ඒ නිසා අවුරුදු මාසෙක එක දවසක් මහපිහියත් අරගෙන යාලුවෙක් එක්ක හොරෙන්ම වැඩේට එන්ටර් උනා. පාළු වත්තෙ කෙලවරේ තියන පඳුරෙන් ගහක් කැපුවට ඔය යකාට තේරෙන එකක්යැ. මේක කියෝන කාටහරි උණ ගහක් හොරෙන් කපන අයිඩියාවක් ආවොත් එහෙම කියලයි මේ කියන්නෙ. එපා... වැඩේ හරි යන්නෙ නෑ. උණ ගහේ මැද හිස් නිසා ඒ සද්දෙ හත් ගවුවකට ඇහෙනවා. ඒ කිව්වා වගේම ඒ වැඩේ ඒ විදියටම උනා. අයිතිකාරය ආව සද්දෙ ඇහිලා. පැනල දිව්වට බේරෙන්න හම්බුනේ නෑ. "උඹ කාගේ එකෙක්ද?" පලවෙනි ප්‍රශ්නෙ මට. "මාමෙ අපේ තාත්ත අහවලා" . "ඉතිං පුතේ උඹ කලින් කිව්වා නං මං ගහක් කපල දෙනවනෙ" ( තාත්තගෙයි මේ යකාගෙයි ඇඳුනුම් කමට පින්සිද්ධ වේවා) . මහපිහිය මගෙන් අල්ලගත්තු ඒ මාම හොඳ උණ ගහක් කපල පෑහලම දුන්න.එදා ඉඳන් අවුරුද්දට උණ ගස් හොරකම් කරන්න උනේ නෑ. "බූමිතෙල් බෝතලේ පගාවට" කාරිය අනිත් කොල්ලන්ටත් උණ ගස් මයෙ ගානෙ ඒ උණ පඳුරෙන්ම ලැබුණ.
උණ වෙඩිල්ල හදාගෙන පාඩුවෙ ඒක පත්තුකරගෙන ඉන්න කොල්ලො නෙවෙයි අපි නං ඔන්න. නිකංම වෙඩිල්ල පත්තු කලාට කිසි ත්‍රිල් එකක් තියනවයැ. "අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු" සිංදුවත් අහල තිබ්බකොට අපේ කාල තුවක්කුවෙං නිකංම සද්දෙ විතරක් එනවට අපේ කිසි කැමැත්තක් තිබ්බෙ නෑ. සද්දෙ වගේම යුද්දෙත් ඕන නිසා උණ වෙඩිල්ලෙ කෙරෝල වහනවා පොල් කට්ටකින්. වහල පත්තු කලාම පොල් කට්ට "ප්‍රක්ෂිප්ත චලිතයක්" පෙන්නුම් කොරමින් ඈතට වීසි වෙනවා. ගොඩක් වෙලාවට පොල් කටුව පුපුරනව කෑලි දෙකකට. අම්මට ලිපේ දාන්න පොල් කට්ටක් ඉතුරු කරන්නෙ නෑ ඔය කාලෙට. උණ වෙඩි කාලතුවක්කුව කෙහෙල් පඳුරකට හරි කිරි හබරල පඳුරකට හරි මානල පොල් කටු ප්‍රක්ෂිප්ත වලින් පඳුර සුනුවිසුණු කොරන්නයි අපේ ට්‍රයි එක.
උණ වෙඩි , පොල් කටු සෙල්ලම ගැන කිව්වම මේ කතාව මතක් උනේ. අවුරුදු මාසෙ දවසක මගෙ උණ වෙඩිල්ල පත්තු කරලා ඉවර වෙලා ඉන්නකොට දිගටම තවත් උණ වෙඩි සද්දයක් ඇහෙනවා. (ඕක ඉතිං හැම වෙලේම ඇහෙනව ඒ කාලෙට. මොකද හැම කොල්ලම තරඟෙට උණ වෙඩි ගහන නිසා) උඩහ ගෙදර කොල්ලො දෙන්න හිටු කියල වෙඩි ගහනවා. පොල් කටු දෙකතුනකුත් අරගෙන එතෙන්ට ගිහිං උනුත් එක්ක මාත් හෝ ගාල වැඩ. හැන්දෑවෙ කළුවර වැටීගෙන එනවා. උණ වෙඩිල්ලේ කට හරෝල තිබුනෙ පාර පැත්තට . පොල් කටු දෙකක් වෙඩි තියල ඉතුරු එකත් උණ වෙඩිල්ලෙ කටට හයි කරල පිඹල පිඹල ගිහිතිබ්බ විතරයි සද්දෙත් එක්කම පාර පැත්තෙන් කුණුහරුපත් එක්ක මිනිහෙක් බණින සද්දයක් එනව. බැනගෙනම ලඟට අවා. බැලින්නං අරුන්ගෙ තාත්තා.. අඩියක් කාරිය ගහල පාරෙ ඇවිදගෙන ආපු "මෑන්ස්"ව තමයි අපේ පොල්කටු කාලතුවක්කුවේ ඉලක්කෙ වෙලා තියෙන්නෙ. පොල්කටු ප්‍රහාරයට ලක්වෙච්ච "බුවා" දණ්ඩෙන් පහරපු නාග රාජය වාගෙ කිපිලා. සුටුස් ගාන ඇසිල්ලට මං මාරු...පොරවක් ගෙනත් "හනුම දරපලනව වගේ" උණ කාලතුවක්කුව පළු කරපු "මෑන්ස්"ගෙ බැනිල්ල නැවතුනේ සෑහෙන වෙලාවකට පස්සෙ. කොල්ලො දෙන්න වැඩේ අතෑරියෙ නෑ. පහුවදා ආයෙත් එකක් හැදුව.
උණ වෙඩිල්ලක් හදන විදිය ගැන විස්තරයක් දාන්න ගිහිං වල්පල් කියෝපු තරං. උණ වෙඩිල්ලේ උප්පත්තිය සිද්ද උනේ චීනෙද දන්නෙත් නෑ..ලොකු පුතා කිව්ව විදියට කලිසම් ඇන්දෙත් මුලින්ම චීන්නු ලු. වෙඩිබේත් හැදුවෙත් උන්මනේ. දත් කූරේ ඉඳන් ලොකු ලොකු දේවල් වෙනකල්ම උණ බම්බුවෙන් හැම බම්බුවක්ම හදන චීනා මේකටත් මූලික උනාද දන්නෑ... මොකා හැදුවත් අපේ මොකෝ. අපිත් හදනවනේ.. හ්ම්ම් වැඩේට බහිමු.
සාත්තරයක් දෙනකොට ඒක හරියට දෙන්න ඕන. මේ වැඩෙත් එහෙං මෙහෙං කිව්වොත් මෙලෝ මළදානයක් තේරෙන එකක් නැති නිසා කටු සටහන් ටිකක් එක්කම මේ ගැන පැහැදිලි කොරන්නං. ඒ වගේ දේවල් කොරන සොප්පෙයාර් ගැන ප්‍රවීණත්වයක් නැති නිසා කොලයක් ගත්ත, පෑනෙන්ම ඇන්ද , ඉස්කෑන් කොරන්න විදියක් නැති නිසා පොටෝ ටිකක් ගැහුව, මේකෙ එල්ලුව. සංගක්කාරගේ වගේ "කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?"
උණ වෙඩිල්ලක් හදාගන්න මුලින්ම හොඳ උණ ගහක් තෝරගන්න ඕන. කඳ මහත වැඩි වෙන්න වෙන්න සද්දෙත් වැඩියි. ඒ විදිහෙ උණ පඳුරකින් මෝරපු ගහක් කපාගෙන පෑහලා සුද්දකරගෙන මුල් පුරුක් 2ක් 3ක් කපල අයින් කරන්න ඕන. ඒව තියන හරිය වැඩේට ගන්නෙ නෑ. මුල හරියෙ "කුඹල"( පුරුක ඇතුලේ කුටීරය) පුංචි නිසා. පුරුක් 5ක් 6ක් දිගට තියෙන්න ඉතුරු කෑල්ල කපල වෙන් කරගන්න ඕන. (සමහර උණ ගස් වල පුරුක් කොටයි, ඒ නිසා අඩි 5ක් 6ක් වගේ දිගට ගත්තම පුරුක් ගාන ගැන වද වෙන්න ඕන නෑ). ඊට පස්සෙ පල්ලෙහා තියන රූප සටහනේ A වලින් දැක්වෙන විදියට උණ ගහේ යටි පැත්තෙ එක කුඹලක් ඉතුරු වෙන්න ඉතුරු කුඹල් ටික කඩලා සුද්ද කරන්න ඕන ( පුරුක් ඇතුලේ කුටීර වගේ වෙන් වෙලා තියන තට්ටු ටික) . ඒක දිග යකඩ ඉන්නකින් කරන්න පුළුවන්. හයිය ලීයක් ගත්තත් වැඩේට සෑහෙනව. එක කුටීරයක් ඉතුරු කරගන්නෙ හේතුවක් ඇතුව. ඕක ඇතුලේ බූමිතෙල් පුපුරද්දි එක කුඹලක් කැඩුනොත් එතකොට උණ බම්බුව විසිකරන්න වෙනවා මෙහෙම කලාම අනික ඉතුරු වෙනවා. අවදානමට පෙර සූදානම කිව්වලුනෙ "සමහන්" කාරයත්.
උඩ පින්තූරෙ නං අහුලගත්ත එකක්. ඒකෙ කඩනවා පෙන්නන්නෙ කෙලවර කුඹල විතරක් ඉතුරු කරලා.
ඊට පස්සෙ "B" රූපසටහනේ විදියට නොකඩපු කුඹලට, නොකඩපු කුටීරයෙ අනිත් පැත්තට අඟල් 3ක් විතර වෙන්න සෙන්ටිමීටර් 1.5ක් පමණ විෂ්කම්භය තියන සිදුරක් හදාගන්න ඕන. ඕක ලොකු වැඩි උනොත් ඔතනින් බූමිතෙල් ගහනවා, සද්දෙත් අඩුයි. පොඩි වැඩි උනොත් ඇතුලට ගින්දර රිංගවන හනසු කෑල්ල ඔබාගන්න බැරි වෙනවා.
C රූපසටහනේ සහ D රූප සටහනේ,B වල තියන පැත්තට විරුද්ධ පැත්තටයි බම්බුව තියල තියෙන්නෙ. C, D වල ආයෙත් A,B,C,D කියල දාල තියෙන්නෙ කම්බි වලින් බඳින්න ඕන තැන්. සමහර වෙලාවට උණ බම්බුව පුපුරන්න පුළුවන්. එහෙම වෙන එකෙන් ආරක්ෂා වෙන්නයි, එහෙම පිපුරුවොත් බූමිතෙල් හැලිල ගිනි ගන්න එක වළක්වන්නයි තමයි එහෙම කරන්නෙ. "සේෆ්ටි ඩිපොසිට් බොක්ස්" කිව්වලු නෙ. කොන්ක්‍රීට් දානකොට කම්බි බඳින්න ගන්න හාඩ්වෙයා වල තියන "බයින්ඩින්" කම්බි ඔය වැඩේට ගැලපෙනවා.
දැන් ඔන්න උණ බම්බුව වැඩේට ලෑස්තියි. සෙටප් කිරිල්ල තමයි දැන් කරන්න තියෙන්නෙ. E රූපසටහනේ විදියට ආධාරක දෙකක් අටවගන්න ඕන. උණ බම්බුවේ කුඹල් නොකඩපු සිදුර විදපු පැත්තෙ ආධාරකේ කොටටත් කට තියන පැත්තෙ ආධාරකේ උසටත් හදාගන්න ඕන. එහෙම අටවලා උණ බම්බුව ඒක උඩ තිබ්බම (සිදුර උඩට හිටින්න) සමතලා පොළවේ අංශක 20ක 30ක වගේ ආනතියක් තියෙන්නත් ඕන. F රූපයේ විදියට බූමිතෙල් දාපුවම හිටින්න ඕන. ආනතිය වැඩි වෙන්න හොඳත් නෑ. එතකොට භූමිතෙල් වාෂ්පය ඇතුලෙ හැදෙන්න පරක්කුයි, ආනතිය අඩු උනොත් වෙඩි පත්තුකරනකොට කටෙන් බූමිතෙල් ටික එලියට විසි වෙයි.
ඊට පස්සෙ F රූපයෙ G වලින් ඊතල දෙකකින් පෙන්නලා තියන ඒරියා එක රත් කරන්න ඕන. පොල් කොළ වලින් හරි වෙන දෙයක් පත්තු කරලා හරි විනාඩි 5ක් විතර රත් කරනකොට අර සිදුරෙන් එලියට බූමිතෙල් වාෂ්ප එනව පෙනෙයි දුමක් වගේ. (රත් කරනකොට පරිස්සම් වෙන්න ඕන උණ බම්බුව පිච්චෙන්නෙ නැති වෙන්න රත් කරන්න) ඊට පස්සෙ ඒ සිදුරට පිඹින්න ඕන හතර පස් වතාවක් ( අපි නම් එතෙන්ටම කටින් තමයි පිම්බේ. ඒ උනත් පොඩි එස්ලෝන් බැට කෑල්ලකින් ලිපට පිඹින ස්ටයිල් එකට පිම්බ නම් ආරක්ෂාව හොඳයි) එහෙම පිඹිනකොට පේනවා උණ බටේ විවෘත්ත පැත්තෙන් සුදූ දුමක් වගේ බූමිතෙල් වාෂ්ප එලියට යනවා. එතකොට පිඹිල්ල නවත්තල G රූපසටහනේ විදියට හනසු කෑල්ලකින් තීරුවක් ඉරල අරගෙන බූමිතෙල් පොල්කට්ටක ඔබල (ඒක අඳින්න බැරි උනා) කුප්පි ලාම්පුවෙන් පත්තු කරලා (මොකෙන් නමුත් ගිනි තියල) ඒක අර සිදුරෙන් ඇතුල් කරන්න ඕන.
මුලින් මුලින් පොඩි පොඩියට සද්දෙ ආවට එන්න එන්න සද්දෙ වැඩි වෙයි. ඒ ගිනි තියන වාරයක් පාසා සිදුරට පිඹින්න ඕන අනිත් පැත්තෙන් එලියට බූමිතෙල් වාෂ්පේ එන්න පටන් ගන්නකල්. පස්සෙ කාලෙ ඕකට පිඹිනවා වෙනුවට බයිසිකල් පොම්පෙකින් හුළං ගහන්න ගත්ත . ඒක සේෆ්ටි වැඩියි කටින් පිඹිනවට වැඩිය. ගිනි තියන්න හනසු ඕනෙම නෑ. මොන ක්‍රමේකින් හරි අත පුච්චගන්නේ නැතුව ගිනි තියනවනං එච්චරයි. ගිනි ගන්න වෙලාවට ඔය සිදුරෙනුත් උඩට පොඩි ගිනි පාරක් ගහනවා. ඔන්න ඔච්චරයි වැඩ සටහන. වැඩි විස්තර, ගැටළු තියනවා නං අහන්න.
ලොකුවට සල්ලි තිබුන නැති නානාප්‍රකාර සෙල්ලම්බඩු, කොම්පියුටර් අනංමනං නොතිබුණු මගෙ පුංචි කාලේ අවුරුද්ද ගෙවුනේ ඔය වගේ දේවල් එක්ක. ඒ දේවල් වලින් අපි හරිම අපූරු වින්දනයක් ලැබුවා. මේ විදිහෙ ක්‍රියාකාරකම් කිරීම නිසා නිර්මාණාත්මක බවක් ඉබේම අපේ ඔළු වලට එකතු උනා. කොච්චර කාර්යබහුල උනත් මේ වගේ දෙයක් හැදුවම දැනුත් පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ. නැත්තටම නැති වෙලා යන පරණ දේවල් රැකගන්න , ඉස්සරහටත් මේව තියෙන්න ඕන නිසා පවුල්කාරයෙක් උනත් දැනුත් මේ වගේ දේවල් හදන්න උත්සාහ කරනවා. අවුරුදු 2 කින් නොහදපු උණ වෙඩිල්ල මේ පාර අටවන්න ඕන. වටේ පිටේ පොඩි කොල්ලො ඕව බලල තමයි ඉගෙනගන්නෙ. උන්ටත් පොඩි උන් ඉන්න දවසට ඒ පරම්පරාවටත් මේව උගන්නයි. "ඕව හරි අවදානම් වැඩ, ළමයි තුවාල කරගන්නවා" කියල මේ දේවල් හෙළා දකින්නත් කට්ටිය ඉන්න බව දන්නවා.හැබැයි ආරක්ෂිතව වැඩේ කරනවා නං මුකුත් වෙන්නෙ නෑ. අනික මේ සද්දෙට බල්ලෝ බය වෙන්නෙත් නෑ රතිඥ්ඥා වලට තරම්.
" කොල්ලො අපි උඹල වගේ නෙමෙයි .. ඒ කාලේ අපි කොරපු ජාති එක්ක බැලුවම උඹල මොනාද දැන් ඔය කොරන්නෙ" කියල වයසට ගියාම පොඩි එවුං ටිකක් වටකරගෙන කයිවාරු ගහන එකත් සුළු පටු වැඩක්ද.... මට නං ඒ වගේ කයිවාරු ගහන්න ඕනතරම් දේවල් තියනවා...
උණ වෙඩිත් එක්කම ඈඳෙන තවත් දෙයක් තමයි බීරංග. සීයලාගේ කාලේ මගුල් ගෙදරක ජෝඩුව පිටත් වෙද්දිත් ගහල තියෙන්නෙ බීරංග. අවසාන වතාවට බීරංග කතාවක් දැකල අහන්න ලැබුණේ "බෝඩිම" ටෙලි නාට්ටෙන් තමා. බෝඩිමේ කට්ටිය වේදිකා නාට්ටි නාඩගමක් නටනකොට අහස ගුගුරුවාගෙන, පොලව දෙදරවාගෙන යකෙක් වේදිකාවට එන ජවනිකාවේදී වේදිකාව පිටිපස්සෙ ඉඳන් බීරංගයක් ගහනකොට වෙච්ච ඇබැද්දිය ඒක බලපු කට්ටියට මතක ඇති. බීරංගෙ ගලේ ගහනකොට පොඩ්ඩක් මිස් වෙලා ජවනිකාවට වේදිකාවට නගින්න හිටපු යකාගෙ කකුලෙ වැදිල ඌ මර ලතෝනි දීගන දුවල හෙන විජ්ජුම්බරයක් උනා කට්ටියට මීටර් ඇති. අපි ඔව්ව කොරන කාලේ බීරංග වඳ වෙලා. ටෙක්නික් එක අස්ථානගත වෙලා. බීරංග වෙනුවට රතිඥ්ඥා ඇවිල්ල. ඒ උනත් ඒ කාලේ පොඩි "model බීරංගයක්" බයිසිකල් ස්පෝක් එකකින් හදල ගිනිකූරු වෙඩිබේත් පුරවල පොඩි ඇණයක් සෙට් කරලා පත්තු කළා මතකයි. හැබැයි ඒකෙ සද්දෙ ටිකක් සැර මදි. ඔන්නොහෙ බීරංගෙ අල්ලලා දාමු. ඒ ගැන හරියට දන්න කවුරුහරි ඒකෙ තාක්ෂනේ ගැන කිව්වොත් අපිත් දැනුවත් වෙන්නම්.
ඉස්සර අපි උණ වෙඩි හැදුවෙ, උණ වෙඩි ගැහුවෙ තරඟෙට. මහත උණ පඳුරු තියන තැන් වලින් තෝරලා බේරලා කපාගෙන උණ ගස් කරගහගෙන යන කොල්ලො කුරුට්ටො ඒ කාලේ අවුරුදු කාලෙට ඕනෑතරම්. කොල්ලො කුරුට්ටෝ සෙට් වෙලා උණ වෙඩි හදන "වර්ක්ෂොප්" හැමතැනම. මහත උණ ගස් වලට මරාගන්නවත් එක්ක. සද්දෙ මදි නං ආයෙත් වෙන ගහක් කපන් එනවා. අම්මල තාත්තලගෙන් කෙඳිරිගාල කීයක් හරි ඉල්ලගෙන හිස් අරක්කු බෝතල් අරන් බූමිතෙල් ගේන්න කඩේ දුවනවා ඉවරයක් නෑ. සල්ලි හොයාගන්න බැරිම උනොත් අනුන්ගේ වත්තකිං පොල් ගෙඩි දෙකතුනක් අහුලලා කඩේට දීල හරි වැඩේ කොරනවා. අවුරුදු කාලෙට ගමේ කොල්ලො ගාව බූමිතෙල් ගඳ වරන්නෙ නෑ. ඒ වගේම උණ වෙඩි ගැහිල්ල නිසා ඇහිබැම කාරිය පුච්චගත්ත කොල්ලොත් නැත්තේම නෑ. උද්යෝගෙ වැඩිකම නිසා උණ වෙඩි හොරකමුත් සිද්ද වෙනවා. සද්දෙට පත්තුවෙන, පදම් වෙච්ච උණ වෙඩිල්ලක් අහලපහලම ගෙවල් වල ඉන්න හොර කොල්ලන්ගෙන් බේරගන්න රෑට ගේ අයිනෙන් ගෙනත් තියාගන්නත් වෙනව සමහර වෙලාවට.
අපේ ගමේ කෙලවරේ පීල්ල හේනෙ (වත්තෙ නම) තමයි ලොකුම උණ ගස් තිබ්බෙ.
ඔය වත්තෙ අයිතිකාරය කොල්ලන්ට උණ ගස් ඉල්ලුවට දෙන්නෙ නෑ. කොල්ලො හොරෙන් තමයි උණ පඳුරට වැඩේ දෙන්නෙ. අපේ තාත්ත මිනිහව හොඳට අඳුරනවා. ඒත් ඉතිං කවුද දන්නෙ ඉල්ලුවම දෙයිද කියලා. ඒ නිසා අවුරුදු මාසෙක එක දවසක් මහපිහියත් අරගෙන යාලුවෙක් එක්ක හොරෙන්ම වැඩේට එන්ටර් උනා. පාළු වත්තෙ කෙලවරේ තියන පඳුරෙන් ගහක් කැපුවට ඔය යකාට තේරෙන එකක්යැ. මේක කියෝන කාටහරි උණ ගහක් හොරෙන් කපන අයිඩියාවක් ආවොත් එහෙම කියලයි මේ කියන්නෙ. එපා... වැඩේ හරි යන්නෙ නෑ. උණ ගහේ මැද හිස් නිසා ඒ සද්දෙ හත් ගවුවකට ඇහෙනවා. ඒ කිව්වා වගේම ඒ වැඩේ ඒ විදියටම උනා. අයිතිකාරය ආව සද්දෙ ඇහිලා. පැනල දිව්වට බේරෙන්න හම්බුනේ නෑ. "උඹ කාගේ එකෙක්ද?" පලවෙනි ප්‍රශ්නෙ මට. "මාමෙ අපේ තාත්ත අහවලා" . "ඉතිං පුතේ උඹ කලින් කිව්වා නං මං ගහක් කපල දෙනවනෙ" ( තාත්තගෙයි මේ යකාගෙයි ඇඳුනුම් කමට පින්සිද්ධ වේවා) . මහපිහිය මගෙන් අල්ලගත්තු ඒ මාම හොඳ උණ ගහක් කපල පෑහලම දුන්න.එදා ඉඳන් අවුරුද්දට උණ ගස් හොරකම් කරන්න උනේ නෑ. "බූමිතෙල් බෝතලේ පගාවට" කාරිය අනිත් කොල්ලන්ටත් උණ ගස් මයෙ ගානෙ ඒ උණ පඳුරෙන්ම ලැබුණ.
උණ වෙඩිල්ල හදාගෙන පාඩුවෙ ඒක පත්තුකරගෙන ඉන්න කොල්ලො නෙවෙයි අපි නං ඔන්න. නිකංම වෙඩිල්ල පත්තු කලාට කිසි ත්‍රිල් එකක් තියනවයැ. "අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු" සිංදුවත් අහල තිබ්බකොට අපේ කාල තුවක්කුවෙං නිකංම සද්දෙ විතරක් එනවට අපේ කිසි කැමැත්තක් තිබ්බෙ නෑ. සද්දෙ වගේම යුද්දෙත් ඕන නිසා උණ වෙඩිල්ලෙ කෙරෝල වහනවා පොල් කට්ටකින්. වහල පත්තු කලාම පොල් කට්ට "ප්‍රක්ෂිප්ත චලිතයක්" පෙන්නුම් කොරමින් ඈතට වීසි වෙනවා. ගොඩක් වෙලාවට පොල් කටුව පුපුරනව කෑලි දෙකකට. අම්මට ලිපේ දාන්න පොල් කට්ටක් ඉතුරු කරන්නෙ නෑ ඔය කාලෙට. උණ වෙඩි කාලතුවක්කුව කෙහෙල් පඳුරකට හරි කිරි හබරල පඳුරකට හරි මානල පොල් කටු ප්‍රක්ෂිප්ත වලින් පඳුර සුනුවිසුණු කොරන්නයි අපේ ට්‍රයි එක.
උණ වෙඩි , පොල් කටු සෙල්ලම ගැන කිව්වම මේ කතාව මතක් උනේ. අවුරුදු මාසෙ දවසක මගෙ උණ වෙඩිල්ල පත්තු කරලා ඉවර වෙලා ඉන්නකොට දිගටම තවත් උණ වෙඩි සද්දයක් ඇහෙනවා. (ඕක ඉතිං හැම වෙලේම ඇහෙනව ඒ කාලෙට. මොකද හැම කොල්ලම තරඟෙට උණ වෙඩි ගහන නිසා) උඩහ ගෙදර කොල්ලො දෙන්න හිටු කියල වෙඩි ගහනවා. පොල් කටු දෙකතුනකුත් අරගෙන එතෙන්ට ගිහිං උනුත් එක්ක මාත් හෝ ගාල වැඩ. හැන්දෑවෙ කළුවර වැටීගෙන එනවා. උණ වෙඩිල්ලේ කට හරෝල තිබුනෙ පාර පැත්තට . පොල් කටු දෙකක් වෙඩි තියල ඉතුරු එකත් උණ වෙඩිල්ලෙ කටට හයි කරල පිඹල පිඹල ගිහිතිබ්බ විතරයි සද්දෙත් එක්කම පාර පැත්තෙන් කුණුහරුපත් එක්ක මිනිහෙක් බණින සද්දයක් එනව. බැනගෙනම ලඟට අවා. බැලින්නං අරුන්ගෙ තාත්තා.. අඩියක් කාරිය ගහල පාරෙ ඇවිදගෙන ආපු "මෑන්ස්"ව තමයි අපේ පොල්කටු කාලතුවක්කුවේ ඉලක්කෙ වෙලා තියෙන්නෙ. පොල්කටු ප්‍රහාරයට ලක්වෙච්ච "බුවා" දණ්ඩෙන් පහරපු නාග රාජය වාගෙ කිපිලා. සුටුස් ගාන ඇසිල්ලට මං මාරු...පොරවක් ගෙනත් "හනුම දරපලනව වගේ" උණ කාලතුවක්කුව පළු කරපු "මෑන්ස්"ගෙ බැනිල්ල නැවතුනේ සෑහෙන වෙලාවකට පස්සෙ. කොල්ලො දෙන්න වැඩේ අතෑරියෙ නෑ. පහුවදා ආයෙත් එකක් හැදුව.
උණ වෙඩිල්ලක් හදන විදිය ගැන විස්තරයක් දාන්න ගිහිං වල්පල් කියෝපු තරං. උණ වෙඩිල්ලේ උප්පත්තිය සිද්ද උනේ චීනෙද දන්නෙත් නෑ..ලොකු පුතා කිව්ව විදියට කලිසම් ඇන්දෙත් මුලින්ම චීන්නු ලු. වෙඩිබේත් හැදුවෙත් උන්මනේ. දත් කූරේ ඉඳන් ලොකු ලොකු දේවල් වෙනකල්ම උණ බම්බුවෙන් හැම බම්බුවක්ම හදන චීනා මේකටත් මූලික උනාද දන්නෑ... මොකා හැදුවත් අපේ මොකෝ. අපිත් හදනවනේ.. හ්ම්ම් වැඩේට බහිමු.
උඩ පින්තූරෙ නං අහුලගත්ත එකක්. ඒකෙ කඩනවා පෙන්නන්නෙ කෙලවර කුඹල විතරක් ඉතුරු කරලා.
ඊට පස්සෙ "B" රූපසටහනේ විදියට නොකඩපු කුඹලට, නොකඩපු කුටීරයෙ අනිත් පැත්තට අඟල් 3ක් විතර වෙන්න සෙන්ටිමීටර් 1.5ක් පමණ විෂ්කම්භය තියන සිදුරක් හදාගන්න ඕන. ඕක ලොකු වැඩි උනොත් ඔතනින් බූමිතෙල් ගහනවා, සද්දෙත් අඩුයි. පොඩි වැඩි උනොත් ඇතුලට ගින්දර රිංගවන හනසු කෑල්ල ඔබාගන්න බැරි වෙනවා.
C රූපසටහනේ සහ D රූප සටහනේ,B වල තියන පැත්තට විරුද්ධ පැත්තටයි බම්බුව තියල තියෙන්නෙ. C, D වල ආයෙත් A,B,C,D කියල දාල තියෙන්නෙ කම්බි වලින් බඳින්න ඕන තැන්. සමහර වෙලාවට උණ බම්බුව පුපුරන්න පුළුවන්. එහෙම වෙන එකෙන් ආරක්ෂා වෙන්නයි, එහෙම පිපුරුවොත් බූමිතෙල් හැලිල ගිනි ගන්න එක වළක්වන්නයි තමයි එහෙම කරන්නෙ. "සේෆ්ටි ඩිපොසිට් බොක්ස්" කිව්වලු නෙ. කොන්ක්‍රීට් දානකොට කම්බි බඳින්න ගන්න හාඩ්වෙයා වල තියන "බයින්ඩින්" කම්බි ඔය වැඩේට ගැලපෙනවා.
ඊට පස්සෙ F රූපයෙ G වලින් ඊතල දෙකකින් පෙන්නලා තියන ඒරියා එක රත් කරන්න ඕන. පොල් කොළ වලින් හරි වෙන දෙයක් පත්තු කරලා හරි විනාඩි 5ක් විතර රත් කරනකොට අර සිදුරෙන් එලියට බූමිතෙල් වාෂ්ප එනව පෙනෙයි දුමක් වගේ. (රත් කරනකොට පරිස්සම් වෙන්න ඕන උණ බම්බුව පිච්චෙන්නෙ නැති වෙන්න රත් කරන්න) ඊට පස්සෙ ඒ සිදුරට පිඹින්න ඕන හතර පස් වතාවක් ( අපි නම් එතෙන්ටම කටින් තමයි පිම්බේ. ඒ උනත් පොඩි එස්ලෝන් බැට කෑල්ලකින් ලිපට පිඹින ස්ටයිල් එකට පිම්බ නම් ආරක්ෂාව හොඳයි) එහෙම පිඹිනකොට පේනවා උණ බටේ විවෘත්ත පැත්තෙන් සුදූ දුමක් වගේ බූමිතෙල් වාෂ්ප එලියට යනවා. එතකොට පිඹිල්ල නවත්තල G රූපසටහනේ විදියට හනසු කෑල්ලකින් තීරුවක් ඉරල අරගෙන බූමිතෙල් පොල්කට්ටක ඔබල (ඒක අඳින්න බැරි උනා) කුප්පි ලාම්පුවෙන් පත්තු කරලා (මොකෙන් නමුත් ගිනි තියල) ඒක අර සිදුරෙන් ඇතුල් කරන්න ඕන.
ලොකුවට සල්ලි තිබුන නැති නානාප්‍රකාර සෙල්ලම්බඩු, කොම්පියුටර් අනංමනං නොතිබුණු මගෙ පුංචි කාලේ අවුරුද්ද ගෙවුනේ ඔය වගේ දේවල් එක්ක. ඒ දේවල් වලින් අපි හරිම අපූරු වින්දනයක් ලැබුවා. මේ විදිහෙ ක්‍රියාකාරකම් කිරීම නිසා නිර්මාණාත්මක බවක් ඉබේම අපේ ඔළු වලට එකතු උනා. කොච්චර කාර්යබහුල උනත් මේ වගේ දෙයක් හැදුවම දැනුත් පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ. නැත්තටම නැති වෙලා යන පරණ දේවල් රැකගන්න , ඉස්සරහටත් මේව තියෙන්න ඕන නිසා පවුල්කාරයෙක් උනත් දැනුත් මේ වගේ දේවල් හදන්න උත්සාහ කරනවා. අවුරුදු 2 කින් නොහදපු උණ වෙඩිල්ල මේ පාර අටවන්න ඕන. වටේ පිටේ පොඩි කොල්ලො ඕව බලල තමයි ඉගෙනගන්නෙ. උන්ටත් පොඩි උන් ඉන්න දවසට ඒ පරම්පරාවටත් මේව උගන්නයි. "ඕව හරි අවදානම් වැඩ, ළමයි තුවාල කරගන්නවා" කියල මේ දේවල් හෙළා දකින්නත් කට්ටිය ඉන්න බව දන්නවා.හැබැයි ආරක්ෂිතව වැඩේ කරනවා නං මුකුත් වෙන්නෙ නෑ. අනික මේ සද්දෙට බල්ලෝ බය වෙන්නෙත් නෑ රතිඥ්ඥා වලට තරම්.
" කොල්ලො අපි උඹල වගේ නෙමෙයි .. ඒ කාලේ අපි කොරපු ජාති එක්ක බැලුවම උඹල මොනාද දැන් ඔය කොරන්නෙ" කියල වයසට ගියාම පොඩි එවුං ටිකක් වටකරගෙන කයිවාරු ගහන එකත් සුළු පටු වැඩක්ද.... මට නං ඒ වගේ කයිවාරු ගහන්න ඕනතරම් දේවල් තියනවා...
අහන්නත් ආසයි විස්තරේ. ඒ වුනාට ඕක ගැන මට කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති එක ගැන දුකයි. ඉස්සර අවුරුදු කොච්චර ලස්සනයිද කියල හිතෙනව. :(
ReplyDeleteදුක් වෙන්න දෙයක් නෑ සහෝදරයා.. දැන් ඉතුරුවෙලා තියන දේවල් ටික රැකගත්තත් තව අවුරුදු 10කින් 15කින් දැන් තියන දේවලුත් මැජික් වෙයි...
Deleteඒ කාලේ වැඩ නං කියල වැඩක් නෑ...සමහර දේවල් මිස් වෙලා තිබුනත් දැනුත් මතක් වෙද්දී අමුතුම විදිහෙ සොම්නස් හැගීමක් හිතට දැනෙනව.
සජ්ජෝ මෙව්වා කියුවා වාගේ නෙමෙයි , දැං අපිට හිටියාවගේ බැක් කරන්ඩ ඉදිරි පෙලක් නැ , මුං අලකරගත්තොත් සොරිම තමා ඇ , උඹ දන්නවනේ ඕකේ තියන බයානක කමත්
ReplyDeleteඅපිත් අල කොරගෙන තමා ගොඩ දාගත්තෙ ..... උඔ බය කොරන්නෙ හිටහං ..
Deleteඋඹ කියන එකෙත් ඇත්තක් තියනවා... බැක් කරන්න කව්රුහරි හිටියේ නැත්තං කචල් තමයි... දැන් කාලෙ බැක් කරන්න වත් එකෙක්ට නිවාඩුවක් ඉස්පාසුවක් නැති කොට මේ වගේ එව්ව නැති වෙලාම යයි ඉස්සරහට.
Deleteහෙහ් හෙහ් අදනේ දැක්කේ අවුරුද්දට පලල දාපු උණ වෙඩි තුන , ඒත් මට හිිතා ගන්න බැරි උඹ මේක ලියලත් ඇයි ඒ වායේ ෆොටෝ දැම්මේ නැත්තෙ කියල .
Deleteඅනුන්ගේ අත්දැකිම් තමන්ගේ වගේ ලියන . ගොතාපු ආත්මකතන ලියන ගොබ්බයොත් එක්ක ගත්තහම , උඹල වගේ උන් රත්තරන් බ්ලොග් වලට , කසුට්ටා , ලබ්බා , උඹ වගේ උන් කිහිප දෙනෙක් මැල විලා තිබුන සිංහල බ්ලොග් වලට පිනිදිය ඉස්සා.
අඩ්ඩඩා..යූස් කරල තිබුනට කාරිය තනියම හදලා නෑ කවදාවත්..ඇත්තටම ලැජ්ජයි..හිටිංකෝ මේ සැරේ මැනුවල් එක බලාගෙන මාත් හදනවා!
ReplyDeleteලැජ්ජා වෙන්න දෙයක් නෑ බං. අපි නොදන්නා ජාති කොච්චර තියනවද. කොරල බලහං. හැබැයි සේෆ්ටිය ගැන ටිකක් ඔලුවෙ තියාගෙන . ඕකක් පිපිරුව කියල මුකුත් වෙන්නෙ නෑ. පොඩ්ඩක් පරිස්සමට කොලා නං හරි.
Delete69 සොදුරු ගිම්හානයේ ඒ දිවියේ පලමු තත් සය ලැබුනු.... ඇගිලි තුඩු රත් පැහැ වෙනතුරු වැයු යන්තම් පහයි තිහක්ම වු.... වෙන් නොවෙන මිතුදමකින් බැද තිබු මිතුරු කැලගේ මියැසි සමූහය... පාසැල් සමයේ සොදුරු මතකය හැරගිය ජිමී,විවාපත් ජොඩී....... ඕඕ.. හැමදා නොමැකී පවතින ලෙස සිත්තම් වූ ඒ අතීතය
ReplyDeleteමේ මොන හුයන්නක්ද මේ ...??
Deleteහ්ම්ම්.. උඹේ රෙද්ද බැලුව. හිට් වැඩි කරගන්නද මේ වැඩේ කරන්නෙ? හිට් වැඩක් නෑ බං, ලියන්න තියෙන හිතෙන දේ ලියමු. මිනිස්සු ඇවිල්ල බලයි...
Delete@ Madhawa Kulasooriya:
DeleteI got my first real six string
Bought it at the five and dime
Played it till my fingers bled
Was the summer of '69
Me and some guys from school
Had a band and we tried real hard
Jimmy quit, Jody got married
I should've known we'd never get far
Oh when I look back now
That summer seemed to last forever
And if I had the choice
Yeah, I'd always wanna be there
Those were the best days of my life (hey)
Ain't no use in complainin'
When you got a job to do
Spent my evenin's down at the drive-in
And that's when I met you! yeah
Standin' on your mama's porch
You told me that you'd wait forever
Oh and when you held my hand
I knew that it was now or never
Those were the best days of my life
(oh ya!)
Back in the summer of '69
(oh)
Man we were killin' time
We were young and restless
We needed to unwind
I guess nothin' can last forever - forever, no...
(yeah)
And now the times are changin'
Look at everything that's come and gone
Sometimes when I play that old six string
I think about you wonder what went wrong
Standin' on your mama's porch
You told me that it'd last forever
and when you held my hand
I knew that it was now or never
Those were the best days of my life (oh yeah)
Back in the summer of '69 (uh huh)
It was the summer of 69 (oh yeah)
Me and my baby in 69
Oooh, hey
It was the summer
Summer, Summer of 69
Hey
මේකෙන්ම වෙඩි තියලා පොඩි බිල්ඩිමක් (අපේඔපිසිය වගේ) බිම දාන්න පුළුවන් තරමේ අප්ග්‍රේඩ් වර්ශන එකක් කියලා දෙන්න බැරිද මට මචෝ ??????? අවරුදු ඉහලින්ම සමරන්න මට
ReplyDeleteඒ වැඩේටනං ඕක හදනවට වැඩිය අඩු ගානට RPG එකක් ඔහෙන් හොයාගන්න පුලුවන් වෙයිනෙ.
Deleteමැලේ... එකට හරියන බඩු මාගාව තියනවා. ඩයිනමයිට්, ඩෙටනේටර්, ෆියුස්, ඇමෝනියම් නයිට්‍රේට්. ප්‍රයිවට් එකේ ඉල්ලුවොත් දෙන්නම්...ඔපීසියේ ලොක්කගෙ පුටුව යටිනුත් එකක් තිබ්බොත් මොකෝ?
Deleteමට කිලෝඑක ගානෙ දියං , අපේ ඉවානයට අලුත් වුරුද්දට සලකන්න :
Deleteදෙඥ්ඥං .. හැබැයි ඌට සෙට් කොරන්න කලින් අතේ පත්තු කොරගනියිද දන්නෙ නෑ.. :P
Deleteඑක අවුරුද්දක මගෙ මූනෙ පැත්තක් කොටියෙක්ගෙ පුල්ලි වගේ දියපට්ට ආව යටින් ගින්දර තියෙද්දි ඕකට පිබින්න ගිහින් පුපුරල ...
ReplyDelete"වැඩේ හරි යන්නෙ නෑ. උණ ගහේ මැද හිස් නිසා ඒ සද්දෙ හත් ගවුවකට ඇහෙනවා."
අපි නං කියතක් අරන් ගියේ හොරෙන් උණ කපන්න ....
බංබුවේ විදින හිලේ විශ්කම්භය මත සද්දෙ ත්‍රීවෘතාවය වෙනස්වෙනව .... කොරලමයි හොයා ගත්තෙ .....
පොඩ්ඩක් පරෙස්සමට පිඹින්න එපැයි බං.. බටයක් වත් තියල.
Deleteඅප්ප.. කියතක් ගෙනිච්ච නං හරි නේන්නං.. ඕක අපිට මීටර් උනේ නෑ නෙ..
හිල ලොකු වෙනකොට උණ වෙඩිල්ලේ සද්දෙ අඩු වෙනවා. බූමිතෙලුත් ගහනවා එලියට..රෑට එතනිනුත් ගින්දර විසි වෙනවා පේනවා..
ඕකට පිඹින වැඩේ බයානක නිසා.. ඉස්සර අපි කොලේ.. ලිපට පිඹින බටේ අරගෙන එක.. ඒක උස්සගෙන ආවම.. ආච්චි පුපුරනවා ඊට වඩා...
ReplyDeleteඅපේ ආච්චිටත් තිබ්බ පොඩි ලිපට පිඹින බටයක්. හොරා කන්න එන පූසන්ට ගහන්නෙත් ඒකෙන්. මීයෝන්ට ගහන්නෙත් ඒකෙන්, ආච්චිගෙ "මෑස් ඩිස්ට්‍රක්ෂන් වෙපන් එක" ඒක තමයි. අපිටත් හිටපු ගමන් ගහන්න උළුක් කරනවා. ඒ උනාට ගහල නෑ කවදාවත්..
Deleteදැං උන්ට ඕව හදන්න කොල්ලො කට්ටිය සෙට් කරගන්න එක තමයි අමාරු වෙන්නෙ. තනියෙන් ඕක කරන්න යන එකනං ඒ හැටි හොඳ වැඩක් නෙමෙයි.
ReplyDeleteකොහොම උනත් සේෆ්ටි පස්ට් කියල පිඹිනකොට බට කෑල්ලක්වත් අරගෙන පිම්බොත් හොඳා. නැත්තං මූන ඥාලු කරගන්න පුලුවන්.
මාරයාගේ හෝරාවApril 14, 2014 at 11:51 AM
Deleteනිකං සූටියට බීරංගයත් හදා ගන්න කියා දෙන්නං..
මෝටර් සයිකල් ස්පෝක් එකක් සහ අගලේ කම්බි ඇනයක් ගනින්...
ස්පෝක් එකේ පොට කැරකෙන පැත්තෙන් අගල් දෙකක් දෙකහමාරක් විතර දුරින් නවහං අංශක 90 ට ටිකක් අඩුවෙන්.. ඒ කිව්වේ අංශක 80ක් විතර උනාම ඇති...
එයින් පස්සේ අර පොට කැරකෙවන නට් එක වගේ එක පොටට තියලා රවුං දෙකක් විතර කරකවහං.. සම්පූර්න කැරකෙව්වොත් පහල කුහරේ මදි වෙනවා.. දැන් යට පැත්තෙන් තියෙන හිල වගේ එකට තුනී ඊයං කොලයක ඔතාපු ගිනි කූරු ඔළු දෙකක විතර වෙඩි බෙහෙත් ගුලියක් හිර කරහං... අර කලින් කිව්ව අගලේ කම්බි ඇනේ කටර් අඩුවකින් අගල් බාගෙට විතර කපා ගනින් ඒ කරලා ඇනේ ඔළුව පැත්ත පිටට හිටින්න අර වෙඩි බෙහෙත් ගුලිය හිර වෙන්න ගහලා ස්පෝක් එක දිග පැත්තෙන් අල්ලලා ඇනේ ඔළුව බිම වදින්න ගහපං පොලොවේ... ඔච්චරයි..
ප්‍රසන්න, ඇත්ත කතාව. අද කාලේ ඔව්ව කරන්න එකතු වෙන්න වත් කොල්ලො කුරුට්ටොන්ට වෙලාවක් නෑ. එක්කො ටියුෂන්, ඉස්කෝලෙන් ඇස උනු ගමන් රස්සා වල. ඉතිං කොහෙද වෙලාවක්.
Deleteඔය කිව්ව විදිහෙ බීරංග නං මාත් හදල තියනවා. ඔය ඇණ කෑල්ල තංගුස් නූලකින් බැඳලා ස්පෝක් ඒකෙ අනිත් පැත්තෙ ගැටගහනවා. නැත්තං පත්තු උනාට පස්සෙ සමහර වෙලාවට ඇනේ අස්ථානගත වෙනවා... ගිනි කූරු වෙඩි බේත් ඊයම් කොලා වල ඔතල ගලක තියල මිටියෙන් ගැහුවත් පත්තු වෙනවා සද්දෙට. ස්තුතියි විස්තරේට..
අඩේ...මමත් ඔය සීන් එක දැකල තිබුනට හදන විදිය දැනන් හිටියෙ නෑ.. එලකිරි සජ්ජෝ..
ReplyDeleteතැන්කු බං...පරෙස්සමට ට්‍රයි කොරල බලහං වෙලාවක. මාර ආතල් වැඩේ....
Deleteසාජ්ජා....................
ReplyDeleteඋණ වෙඩිලි හැම අවුරුද්දට ම වගේ අපි සෙට් ඒක හදනවා... ඒත් ඒක අවුරුද්දක වැඩේ හරියට උනේ නැහැ.... අපි ඉතින් රෑ දොළහා විතර වෙනකල් පිඹලා පිඹලා මතේ හැදිලා ගිහිං නිදා ගත්තා.. ඔ්කට පිඹින ඒකත් ලේසි නැහැ මචං.. ටික වෙලාවක් යන කොට ලාම්පු තෙල් සුවදට ද මංදා මතේ හැදෙනවා..... හැබැයි පුතෝ පත්තු කරගත්තා ම අහලා ගං හතක උන් නිදිහනවා බොරු............. අන්න සද්ද
සන්තෝසයි බං මෙව්වා හදන එවුං තාම ඉන්නවා කිව්වම. පදම් උනාම පට්ට සද්දෙයි නං තමයි. හැබැයි බල්ලෝ බය වෙන්නෙ නෑ. හෙන සද්දයක් උනාට ඒක අර රතිඥ්ඥා වල වගේ එක පාරට ඇහෙන කණට අමාරු සද්දයක් නෙවෙයි. බේස් සද්දයක් ඇහෙන්නෙ. ලාම්පු තෙල් සුවඳට මත් වෙනවා නං තමා. ඇයි ගඳ.... :D
Deleteඅපිත් ඉස්සර ඕක හදලා පත්තු කරනවා,න්මුත් දැන් තමයි ඕකෙ හෙල්ත් අන්ඩ් සේෆ්ටි ගැන පේන්නෙ. එකක් පත්තු කරලා කටින් පිඹිනකොට බැක් ෆයර් වෙන වෙලාවල් තියනවා. මාතලන් කියල තියනව වගේ මූන කිට්‍ටු කරන්නෙ නැතුව බටයක් පාවිච්චි කලාම හරි.අනික පත්තු කරනකෙනා ඇස් දෙක පරිස්සම් කරගන්න සේෆ්ටි ග්ලාස් එකක් පාවිච්චි කරන්න.ඔය උන ගහ හොඳට මෝරපු එකක් වෙන්න ඕන. නැතිනම් පුපුරන්න පුලුවන්.දිගටම පත්තු කලොත් උන බටේ රත් වෙනවා. එතකොට ගිනි ගන්න පුලුවන් .ඒ නිසා ටිකක් නිවෙන්න අරින්න. බීරංග නම් ඉස්සර ගමේ කම්ම්මලට කිව්වහම හදාගන්න පුලුවන්.මගේ ලඟ එකක් තිබුනා, අපිනම් රතිඤ්ඤා කඩල ඒ වෙඩි බෙහෙත් දැම්මෙ.ඒත් ඉස්සර මගුල් ගෙවල් වලට නම් ඒ මිශ්‍රනය බඩු ගෙනත් හදනවලු.
ReplyDeleteහෙල්ත් ඇන්ඩ් සේෆ්ටි වල පොඩි අවුලක් තියනවා තමයි සහෝදයා .. ඒ ගැන හිතල ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරගෙන මේ වගේ දේවල් කරගෙන යනවා මිසක් මේවා අතෑරලා දාන එක අපරාදයක් විදියටයි මම නම් දකින්නේ. මෝරපු උණ ගහක් ගන්නවා වගේම කම්බි වලින් බැමි කීපයක් ගැහුවා නං පුපුරන්නේ නෑ.. පිපිරුවත් හානි වෙන්නෙ නෑ. අම්මෝ මෙව්වා හරි බයානකයි කියල බෝම්බයක් දිහා බලනවා වගේ උණ වෙඩිල්ලක් දිහා බලන එකට මම නම් කැමති නෑ.
Deleteමමත් අහල තියනවා කම්මල් වල ඕව හදල දෙනවා කියල. මගුල් ගෙවල් වලට ගහන්නෙත් ඔව්ව කියල ඉස්සර..සේෆ්ටි කියා කියා තහංචි දාල නීතියෙන් තහනම් කරපු නිසා තමයි අපේ කර්මාන්ත සමහරකට කෙළවුණේ. පරන්ගින්ගෙන් ආපු තුවක්කු අපේ කම්මල් කාරයෝ ඊට වැඩ හොඳින් දියුණු කරලා හදපු විදිහ කෞතුකාගාරේ පරණ තුවක්කු දැක්කම හිතාගන්න පුළුවන්. කෝ අද ඒ තාක්ෂනය? විල්බැරෝව හදන තාක්ශනේ විතරයි අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නෙ. තහනම් කරලා තහංචි දාල දිරිගැන්වීම් නවත්තලා අපිටම කෙළවුණ ඒකයි උනේ අන්තිමට. පොඩි එකාට සල්ලි වලට සෙල්ලම් බඩු ගෙනැල්ල දෙන එකේ ඉඳන්ම නිර්මාණාත්මක හැකියාව මොට කරලා. එතන ඉඳන්ම හිතන්න ඕන දේවල් මෙව්වා.
නියමයි සජ්ජා උණ ගස් හොරෙන් කපන සීන් එකනම් අපිත් ජයටම කරා, /// වත්තෙ අයිතිකාරය කොල්ලන්ට උණ ගස් ඉල්ලුවට දෙන්නෙ නෑ. කොල්ලො හොරෙන් තමයි උණ පඳුරට වැඩේ දෙන්නෙ. // අනේ මන්දා උණ පඳුරු තියෙන හැම එකාම හෙන පෙරේතයෝනේ බලද්දී.. . අපේ මාමලා ඕක හැදුවා අපි පොඩි කාලේ දැන් නම් කවුරුත් කරන්නේ නැහැ ,, හොඳ විස්තරයක් සජ්ජා
ReplyDeleteඔමත් එහෙනං උණ ගස් හොරකමේ ගිහිං තියනවා... අප්‍රමාණ සන්තෝෂයි.. :D උණ ගස් පෙරේත කම ගැනත් හොයල බලන්න ඕන තමා...අපේ වත්තෙ තියන එව්ව නං පෙරේත නැතුව දෙනවා අපි. හැබැයි පීල්ල හේනෙ උණගස් තමයි අදටත් ලොකුම එව්ව..
Deleteඅපි නං තාමත් උණ වෙඩි තාක්ශනේ රැකගෙන ඉන්නෙ.
නියමයි සජ්ජා. ඕක ගැන ලියල තියපු එක සෑහෙන්න වටිනවා. අද ඉන්න සම හරක් උන්ට ඕවා පෙන්නුවොත් කියයි ගොන් ආතල් කියල. සමහරුන්ට නම් මැජික් එකක් වෙයි. කොහොම හරි ගොඩක් වටින ටියුටෝරියල් එකක් අපේ සජ්ජාගෙන් :D. අඩේ අර අතින් ඇඳපු ඒවා ටික පට්ට ඈ.
ReplyDeleteජය වේවා!!!
තැන්කූ මනා... අපි දන්න මේ වගේ නැතිවෙලා යන දේවල් ගැන ලියන එක වගකීමක් කියලයි මං නං හිතන්නෙ. ඒ කටු සටහන් ටික නං එවේලේ ඇන්දෙ පෑනෙන්.. :D
Deleteඇහි පොල්කට්ටක ඇහැ ඇතුලෙන් නූල එළයට අරං රතිඤ්ඤා පත්තු කිරිල්ලත් ඔය කියපු පොල්කටු ගේම වගේමයි. උඹට හොඳට චිත්‍ර ඇන්දැකිනෙ බං. ජියෝ හරි බයෝ හරි කරලා තියෙන පාටයි.
ReplyDeleteමධුවා.. ඔය පොල් කටු සෙල්ලම කරන්න ගිහිං අල්ලපු ගමේ කොල්ලෙකුට දැන් කාලෙකට කලින් ඇහැක් අහිමි උනා. රතිඥ්ඥා කරලා නිවිලද බලන ඌ ගොනා වගේ පොල් කට්ටේ හිලෙන් බලල. එතකොටම පත්තු වෙලා. ඇහැ ඉවරයි. අදටත් උගේ ඒ ඇහැ පේන්නේ නෑ...
Deleteඑහෙම ලොකුවට චිත්‍ර අඳින්න බෑ බං. මම මැත්ස් කලේ ඒ ලෙවල් වලට. ඕ ලෙවල් වලට නං චිත්‍ර ඇන්ද.
මචං සජ්ජ මම උඹේ බ්ලොග් එක පටං ගත්ත දවස් වල ඉදන්ම කියවනව. මම අද තමා ඉස්සෙරලම මේකේ කමෙන්ට් කරන්නෙ. උඹේ ලියවිල්ල නම් සුපිරි. මේ බොගට පාර දැන ගත්තෙ අටං අයියගේ බොගෙන් තමයි. ඉතිං සජ්ජො මේ කියල තියෙන උණ වෙඩිල්ලේ කතාව කියවපුවම මගේ පොඩි කාලෙත් මතක් වෙනව. මම උණ වෙඩිල්ල හැදුවෙ මමයි චූටි මාමයි තමයි. අපිත් ඔය කියල තියෙනව වගේ හොරෙන් තමා උණ ගස් කැපුවේ. මොකද උණ පඳුරු තියෙන පඩංගුවො එකක් කපා ගන්න දුන් නැති හන්ද. අපේ ගම අයිනෙන් ගලා යන ඔයේ අයිනෙ ඕන තරම් උණ පඳුරු තිබ්බ. එගොඩහින් ගිහින් කපන්න බැරි හන්ද මෙගොඩහින් එගොඩහ උණ පඳුර ලඟට පීනල හොරෙන් ගහක් කපනව ඔයට පත බෑවෙන්ඩ ඊට පස්සෙ මෙගොඩහට ඇදං ඇවිත් සුද්ද කරන් අරන් එනව. අහු උනොත් බඩුම තමා. ඉතිං උණ ගහ ගෙදර ගෙනත් සුද්ද කරල ඔය උඩ තියෙන විදිහට අටවං වැඩ පටං ගන්නව. ඒ කාලේ හරිම සුන්ඳරයි මචං!
ReplyDeleteතව ඔය බයිසිකල් ස්පොක් බීරංගෙත් හදල වැඩ අරං තියෙනව. තව ඔය උඩ කොමෙන්ට් වල කියල තියෙන විදිහට රතිඤ්ඥා වලිනුත් සැහෙන වැඩ කරල තියෙනව. එකේ තවත් ජොලි වැඩක් තමා හිස් සාඩිං ටින් එක අනිත් පැත්ත හරවල රතිඤ්ඥා පත්තු කරන එක. ආයෙ නැ ටිං එක රොකට්ටුව වාගේ උඩ යන්නෙ. දෙතුං පාරක් කලාම ටිං එකේ පියන ගැලවෙනව ගානට! තව ආතල් ගොඩයි අප්ප! මතක් වෙද්දිත් ආසයි.
මම මුලින්ම කීවනි මේක මුල ඉඳං කියෙව්වට කොමෙන්ට් කරන්නෙ අද කියල ඒකට හේතුව තමා මං ගොඩක් බොගවල් කියවන්නෙ ෆොන් එකෙන් නිසාත් එකෙන් කොමෙනට් කොටන්න අමාරු නිසාත තමයි!
හෙනං මචෝ ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ඔබටත් ඔබ පව්ලේ සැමටත් පතමි
යෙටියා, හරි සන්තෝසයි බං මං ලියන එව්ව මිනිස්සු බලනවා කියල දැනෙනකොට. උඹටත් බොහොම සුන්දර ළමා කාලයක් තිබිල තියනවා කියල පේනවා.. ඒ දේවල් වල සුන්දරත්වය අදටත් මතක් වෙනකොට පුදුම විදිහෙ හැගීමක් දැනෙනව නේද? අපේ ළමා කාලය අපතේ ගිහිං නෑ කියල හිතෙනවා නේද?
Deleteබයිසිකල් ස්පෝක් බීරංග මාත් හැදුව. ඔරිජිනල් එව්ව නොහැදුවට . රතිඥ්ඥා වලින් දාන සෙල්ලම් නං කියල වැඩක් නෑ. හඳුන්කූරු සෙට් කරලා කාලා බෝම්බ හදනවා. කන්ඩි වල වේහුඹස් වලට ඔබල පත්තු කරනවා, බෝක්කු ඇතුලට දම්මම්මත් හෙන සද්දෙයි. හිස් බැරල් එකකට බට්ටෙක් දැම්මම බැරල් එකේ අඩිය රවුම් වෙනවා වගේම උඩට හෙන හුළං පාරක් යනවා.. නිමුණු රතිඥ්ඥා වල නූල ගලවල "චූස්" යවනවා. කොච්චර වැඩ දැම්මද ඒ කාලේ. ආර්ථික අපහසු කමුත් එව්වට බලපාන්න ඇති. ඇති වෙන්න රතිඥ්ඥා ගන්න සල්ලි තිබ්බ නං නිවුණු එව්ව ලිහ ලිහ එක එක දේවල් කරන්න දඟලන්නේ නෑ නෙ. නිවුණු රතිඥ්ඥා වල වෙඩි බේත් එකතු කරලා කාඩ් බෝඩ් කිරි පැකට් වලින් බට්ටෝත් හදල තියනවා මම නං.
කොමෙන්ටු නොදැම්මට කිසිම අවුලක් නෑ මචෝ, කියවන එකත් ලොකු දෙයක්නෙ. උඹටත් පවුලේ සැමටත් බ්ලොග් ලෝකයේ හැමෝටමත් ලබන්නාවූ අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා කියල පතනවා...
දාපිය පහක් නෙවෙයි විසි පහක්. උඹ නියම ගමේ කොල්ලෙක්. උඹ හොඳ හිංගල තාත්තෙකුට දාව හොඳ හිංගල අම්මෙකුගෙන් උපන් හොඳ කොල්ලෙක්. ආයේ කියන්ඩ දෙයක් නෑ ලස්සනට වැඩේ විස්තර කරලා තියනවා.
ReplyDeleteඋඹ දන්නවද 1960 ගණන්වල අපි උණ වෙඩි ගහන්න පටන්ගන්නේ රෑ 8 ට විතර. ඉවර කරන්නේ පාන්දර 2 ට විතර.
පොඩි රහසක් කියන්නම්. ඔය උණ බටේ යකඩ ඉන්නෙන් විදිනකොට, අග පුරුකේ ඉඳලා මුල පුරුකට ක්‍රමයෙන් හීනි වෙන විදිහට සිදුරු විද්දම සද්දේ වැඩියි.
මම බීරංග ඉස්පැසොලිස්ට් කෙනෙක්. ගෙන්දගම් පොටැස් අඹරලා, එකට කලවම් කරන්න ගිහිල්ලා, ඔලුවේ කෙස් ටිකත් පිච්චුනා අවුරුදු 16 දී.
අයෙත් දාපන් පහක්.
විචාරක තුමා , මෙන්න පහක් නෙවෙයි විසිපහක්ම.. අනිවාර්යෙන්... අපේ තාත්තා අම්ම නියම හිංගල මිනිස්සු තමා..
Deleteරෑට උණ වෙඩි ගහනකොට මාරම ආතල් තමා. ගින්දර පාර යනවා පේනවා.. අර හිලෙනුත් උඩට ගින්දර ගහනවා පේනවා...
උණ බටේ විදින ටෙක්නික් එක ආයෙත් හදනකොට අනුගමනය කොරන්නම්. ප්‍රසාරණය වෙන වාතය බාධක සහිතව ගමන් කරනකොට සද්දෙ වැඩි ඇති තමා.. තැනකුයි රහස කිව්වට.
ඔරිජිනල් බීරංග මම නං හදල නෑ. ගෙන්දගම් ( Sulfur ) , පොටෑෂ් ( Ammonium Nitrate) වගේම කාබන් එකට එකතු කරනවා නේද? කාබන් විදිහට අඟුරු කුඩු කරලා ගන්න බව මම අහල තියනවා. බොහෝවිට ගන්නේ ගැඩුම දර පුච්චලා ගන්න අඟුරු කියලයි අහල තියෙන්නෙ. ගැඩුම කියන්නෙ බොහොම සැහැල්ලු ලීයක් නිසා ඒවා වල න්ගුරු බොහොම ලේසියෙන් කුඩු කරගන්න පුළුවන් ඇති. ඇමෝනියම් නයිට්‍රේට් රත් වෙනකොට හැදෙන ඔක්සිජන් කාබන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් සමහ ප්‍රතික්‍රියා කරලා සල්ෆ ඩයොක්සයිඩ් වායු අධි පීඩනයෙන් ක්ෂණිකව නිපදවීම සහ ඒවා සිරකිරීම නිසා පීඩනයකින් නිදහස් වීමයි අපි මේ දකින black powder එහෙමත් නැත්තම් වෙඩි බේත් වල ක්‍රියාකාරීත්වයට හේතු වෙන්නෙ.
දාමු ආයෙත් පහක්.
අඟුරු කුඩු ඕනේ නැහැ. අර ජාති දෙක විතරක් ඇති. කලවම් කරන්නේ කණුවක් වගේ ඝන වස්තුවකට එහාපැත්තෙන් තියලා, අත්දෙක දෙපැත්තෙන් යවලා, හරියට ඒ ඝන වස්තුව බදාගන්නවා වගේ. එවිට ගිනි ගත්තත් මූණ බේරෙනවා. අත් දෙක ක්‍ෂණිකව අහකට ගන්න පුළුවන්නේ හදිසියකදී.
Deleteආ මම හිතුවේ අඟුරු කුඩුත් දානවා කියල. මම අහල තියනවා ඩෙටනේටර් ෆියුස් එකට සෙට් කරන්නෙත් ඔය වගේ මුවා වෙලා කියල. මිශ්‍රනේ ඒ තරමටම අන්ස්ටේබල් වෙන්නැති. කීසල්ගර් එක්ක මික්ස් කරන්න කලින් නයිට්‍රෝග්ලිසරීන් වලින් හදපු ඩයිනමයිටුත් හෙනම අන්ස්ටේබල් කියල අහල තියනවා.
Deleteඅපි ඉතින් ඕවා ගැන අහලා තිබුනට හදලත් නෑ කොටින්ම හැබැහින් දැකලත් නෑ.. අවාසනාව තමයි ඉතින්..
ReplyDeleteඑහෙම කියන්නෙපා දිනේෂ් අපි හැමෝට නානාප්‍රකාර විදිහෙ "මිස්"වීම් ඇතිවෙලා තියනවා.. ඔබට මිස් වෙලා තියන දේවල් මට ලැබුනත් මට මිස් උනු බොහෝ දේවල් ඔබට ලැබිල ඇති.. ජය..
Deleteමූ නියම චිත්‍ර කාරයෙක් නෙ බලන් යනකොට.එළ එළ... විස්තරේ මරු.මට හිතට අල්ලලාම ගිය ටික තමයි මචං මේකෙ සද්දෙට බල්ලොත් එච්චර බය වෙන්නෙ නෑ කියන එක.මේ පැටවු දාන කාලෙ බල්ලො පිස්සුවෙන් වගේ දුවනවා රතිඤ්ඤා වලට බය වෙලා.. උඹ රහට ලියල තියෙනවා.
ReplyDeleteජයවේවා..!!
අඩේ ලබ්බ.. එහෙම කියන්න එපා බං . මම ලොකු චිත්‍ර කාරයෙක් නෙවෙයි. මොකක් හරි දෙයක් පෙන්නන්න කටු සටහනක් ගහන්න පුළුවන් හැකියාවක් තියනවා පොඩියට. රතිඥ්ඥා වල පිපිරුම වෙන්නෙ ක්ෂණිකව. ඒ සද්දෙ බල්ලන්ට නෙවෙයි අපිටත් දරාගන්න අමාරුයි. උණ වෙඩිල්ලේ සද්දෙ එන්නේ ක්‍රමානුකූල විදිහකට. තේරෙන්න කිව්වොත් ඒක "බේස්"සද්දයක්. එකෙන් ඒ තරම් බල්ලන්ට ඉෆෙක්ට් එකක් නෑ. නෑම කියන්න බැරි උනත් අච්චර නෑ.
Deleteතැනකුයි බං.. ජය වේවා...
මේ අවුරුදු දවස්වල කියෝපු හොඳම නොස්ටැල්ජික් පෝස්ටුව සජ්ජෝ.ආයෙම පුංචි කාලෙට ගියා වගේ දැනුනා.අපිට ඒ කාලෙ රතිඤ්ඤා ගෙනත් දෙනවා බොහොම අඩුයි.කම්මලෙන් හදාගෙන ආපු බීරංගයක් ගෙදර තිබුනා.ගෙන්දගම් සහ පොටෑස් ගෙනත් අඹරල එකට කලවම් කරලා බීරංග පත්තු කළා.ඒ කාලෙ මඟුල් ගෙවල් වලත් බීරංග ගැහුවා මට මතකයි.
ReplyDeleteඊට පස්සෙ උණ වෙඩිල්ල හදනවා.ඒකට ගන්නෙ හොඳටම මෝරපු පත උණ ගහක මුල් පුරුක් කීපය.එතකොට මක්කොරලවත් පුපුරන්නෙ නං නෑ.අපේ වත්ත පහළ උණ පඳුරු දෙකක්ම තිබ්බ නිසා උණ ගස් හොයන්න යන්න උනේ නෑ.එතකොට අපිට ඔය සේෆ්ටි මෙෂර්ස් මොකුත් තිබ්බේ නෑ අඩු තරමින් කම්බියකින් වෙළුම් දැම්මෙවත් නෑ.ලාම්පුතෙල් රත්වෙන්න ඇරලා කටින් පිඹ පිඹ පත්තු කළා.මෝඩකම කොච්චරද කිව්වොත් හිලට පිඹින්නවත් බටයක් පාවිච්චි කළේ නෑ කටින්මයි පිම්බෙ.ටිකක් වෙලා පිඹීද්දී මත්වෙලා කලන්තෙ වගේ හැදෙනවා.ඉතිං මහ රෑ දෙගොඩහරියක් වෙනකල් වෙඩි ගහනවා.කිසි දවසක බටයක් පිපිරුවේ වත් අනතුරක් උනේවත් නෑයි කියල මට හොඳට මතකයි.අතීත මතකයන්ට ආපහු අරං ගියාට පිං සජ්ජෝ.අද මට උණවෙඩි තියා අවුරුදුත් නෑ බං.
ස්තුතියි හැලප තුමා, ප්‍රමාද වෙලා උත්තර දෙන එකට සමා වෙන්න. අවුරුදු නිසාවට වැඩ ඉවරයක් නෑ. හැමදාම කාමරේට රිංගගෙන කොටකොටා ඉන්න එකෙන් පොඩ්ඩක් අයින් වෙන්න උනා. බීරංග කේස් එක පොඩ්ඩක් හොයල බලන්න ඕන. ඒ කාලේ වගේ පොටෑෂ් කඩෙන් අරගන්න දැන් බෑ මම හිතන්නෙ, ගෙන්දගම් තිබුණට. අපිත් පොඩි කාලේ කිසිම සේෆ්ටියක් නැතුව තමා ඔය උණ වෙඩි සීන් එකට එන්ටර් උනේ. පොඩි කාලේ බය නැති උනත් දැන් බයයි. ඒ නිසා සේෆ්ටිය ගැනත් හිතනවා. පහුගිය දවස් දෙක තුනට උණ වෙඩි කොච්චර ගැහුවද කිව්වොත් උණ වෙඩි 3ක් හැදුව. එකක් පලෙනකොට එකක්. දැන් 3ම ඉවරයි. හෙයා ඩ්‍රයර් එකකට මෙගා බෝතල් කටක් ගහල ඒක තමයි බ්ලෝවර් එක විදිහට යූස් කලේ. විනාඩියකට 10ක් 15ක් ගහන්න පුළුවන්. වැඩි පුර ගහපු නිසා රත් වෙනවා වැඩි නිසා වෙන්නැති පැලෙන්නේ. ෆුල් ෆන් එකක් ගත්ත. උණ වෙඩි දැකපු නැති ගොඩක් එවුං වැඩේ දැකබලාගත්ත. අවුරුදු සමරුවේ නැති උනත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පතනවා..
Deleteඋණ වෙඩිල්ලටත් වඩා මගේ හිතට ඇල්ලුවේ උඹැහෙගේ සිත්තර ටික. ඇත්තෙන්ම උඹා හොඳ හැකියාවක් තියෙනවනේ ඒ වැඩේට. මම කියන්නේ උඹ ඇඳපුවා ගැන.
ReplyDeleteඔය උණ වෙඩි වැඩේට අපේ අම්මා පරාණ බයයි. ඒ හන්දා අපිට තහනම් කරපු ක්‍රීඩා කීපයකින් එකක් ඕක. අනික ගුඩු ගැහිල්ල.
බීරංගේ හදන්නේ අර කඳ දිගට සිදුර තියෙන යතුරකට නූල් කෑල්ලක ගැට ගහපු යකඩ ඇනයක් රිංගවලා නේද බං? ඔය යතුර දිග කෝටුවක් කෙළවරට තියලා බැඳලා යතුර ඇතුලට ගිණි කූරු වෙඩිබේත් පුරවනවා. ඒකට අර වෙඩි බේත් කැප් එකකුත් දානවද නැද්ද කියලා මට මතක නෑ.
සිත්තර නෙවෙයි ඩූඩ් සහෝදරයා.. මෙව්වා කටු සටහන්. මම චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි.
Deleteඅම්මෙ... අපි නං ගෙදෙට්ට හොරෙන් ගුඩුත් විද්ද ඒ කාලේ. තනි අතින් කෝටුව අල්ලලා බින්දුවට අවුට් කරන්න දීපු ට්‍රයි එක තාමත් මතකයි.
යතුරු බීරංග නං හදල නෑ. හැබැයි කියනකොට මතක් වෙන්නෙ පරණ යතුරු වල ඔය වගේ හිල් තියනවා කියල. අල්මාරි පෙට්ටගම් වල එව්ව වල. කැප් නං ඕන වෙන්නෙ නෑ මයේ හිතේ. පීඩනයට පුපුරනව.
තාමත් ගම පුරාම උණ වෙඩි තරඟෙට පත්තු වෙනවා... ඒ දවස් වල කලන්තෙ හැදෙනකම් ඔකට පිඹලා ඇති. ඒත් ලැජ්ජා නෑ ආයෙත් පිඹිනවා.. තාමත් ආසයි ඒ අතීතෙට...
ReplyDeleteඅපේ ගමේ මේ පාර උණ වෙඩි 4ක් 5ක් පත්තු උනා මගේ ඒකත් එක්ක. බූමිතෙල් මතේ නං මටත් හැදුන. දවසට දෙතුන් පාර නාන්නත් උනා බූමිතෙල් ගඳ යන්න...
Deleteමේක පට්ටම සිරා ලිපියක් බං...මාරම රහයි මට නං...අපේ අම්මගෙ තාත්තා ජීවතුන් අතර ඉන්න කාලෙ අපි බොහොම සූටි උන් විදියට උණ වෙඩි ගහපු තැනක උන්නා මට මතකයි. අපේ මාමා කෙනෙක් තමයි වෙඩිල්ල පත්තු කොලේ. එදත් ඔය උඹ කියපු විදියට තරගයට පත්තු කරපු තව ගොබිලෙක් උන්නා. අන්න ඒකත් එක්ක තරගෙට තමයි අපේ මාමා පැය ගානක් හැති දාගෙන වෙඩි පත්තු කලේ. අන්තිමට කලුවරත් වැටිලා..ඔය භූමිතෙල් කන්නෙ නැතුව ගෙටවෙයං කියලා ආච්චි තරයේ අවවාද කලාට පස්සෙ තමයි වෙඩිල්ල නැවතුනේ...
ReplyDeleteමේ ලිපිය මම අද දැක්කෙ..වේලාසන දැක්කා නම් මැලේ රාළයා එක්ක උණ වෙඩිල්ලක් හදාගෙන මැලේ උන්ට වෙඩි තියන්න තිබ්බා...තොරතුරු වලට ස්තූතිය.
තැන්කු සිරා.. බලාගෙන ගියාම ගොඩක් දෙනෙක්ට උණ වෙඩි කතන්දරේ කරගන්න බැරි වෙලා නෙ පොඩි කාලෙ. ඔය තරඟෙට ගහද්දි පදම වැරදිලා මැදින් සද්දෙ අඩු වෙඩිල්ලක් ගියාම හූ කියනවත් එක්ක අනිත් එකා. බූමිතෙල් වාෂ්පේ නං විසි තමයි. මූණ හිටං දනවා. නිදිමත හැදෙනවා.
Deleteමැලේ රාළ එක්ක මැලේ එවුන්ට උණ වෙඩි ගහනවා කිව්වෙ මැලේසියාවෙද? ඔහෙත් උණ ගස් තියනවද වැඩේ කොරන්න පුළුවන්? පොලොසියෙන් අල්ලන් යයි..
සිරාවට මම නම් ඔය සීන් එක දැකලා නෑ....අහලා විතරයි තියෙන්නේ...
ReplyDeleteඅපි පොඩි කාලේ වෙනකොට ඕවා නැ..
යකොඩෝ රූපෙ .. නාගරික වැසියෙක් වෙන්නැති. නැත්තං ඔව්ව මිස් වෙන්න විදියක් නෑ...
Deleteඋණ වෙඩිල්ල නම් හදල තියනවා.."බිරංග" කියන නම නම් ඇහුවෙත් මේ පොස්ට් එකෙන් තමා.
ReplyDeleteඋණ වෙඩිල්ල හදන විදිහ දැම්ම වගේ "බට තුවක්කුව/අච්චු බට" හදන විදිහත් දැම්මොත් මොකද ??
බට තුවක්කුව හදන විදිහත් මෙතනම දාන්න බලන්නම්කෝ අසමත්... මට ටික දවසක් දෙන්ඩ... අනිවාර්යෙන් පින්තූරයක් ඇඳලා දාන්නම්...
Deletehttp://www.grandhistorian.com/chinesesiegewarfare/siegeweapons-earlycannons.html
ReplyDeletehttps://www.youtube.com/watch?v=sfZdB3Jp5S4
Deleteප්‍රාජේ සහෝදරයා ... බොහොම ස්තුතියි ... පුරාවිද්‍යාව ගැන එක්ස්පර්ට් නෙ??
Deleteපෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි ඔක්කොම කියවන්න පැය ගානක් ගියා.. උඹැහැගේ චිත්තර කරුම හැකියාවත් නරකම නෑ.. හැක්.
ReplyDeleteබීරංග කියන නම දැන ගත්තේ අද.. අපි එව්වට වෙන මොනවද නමක් කියුවේ. හැබැයි අර ඩූඩ් කියුව වගේ හිල් යතුරකට හරි ඒ වගේ ගැජට් එකකට හරි ගිනිකූරු ඔලු පුරවල ඇණ භාගයක් හිර කරල බිත්තියේ ගහල පුපුරොවනවනම් දැකල තියෙනව.. ඒත් අපි 'චන්ඩි' වෙච්චි කාලේ වෙනකොට රතිඥ්ඥ ඇවිත් තිබ්බ නිසා ඒ ගැජට් එක නැගල ගියේ නෑ.. ඒ වෙනුවට රතිඥ්ඥා වලින් දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දැම්මා.. හොඳම එක තමයි කලින් දවසේ රෑ ඉඳන් මදුරු කොයිල් එකෙන් ටයිමින් තියල ඉස්කෝලෙ පන්සිල් ගන්න වෙලාවේ මයික් එකෙන් ඇහෙන්න බුදු පිළිමේ පිටිපස්සේ පුපුරවපු එක.. හැක්..
අප්‍රේල් මාසේ ඉඳල එක දිගට මාස කීපයක්ම උණ පඳුරුත් එක්ක මාර ගේමක් අපිට තිබ්බේ. අප්‍රේල් වල උණ වෙඩි, මැයි වෙසක් කූඩු, පොසොන් හුළං වලට සරුංගල්, ඊට පස්සේ උණ බට තුවක්කු වලට පුංචි උණ බට. අපිට සෙට් වෙච්චි උණ පඳුරු තුන හතරක්ම තිබුණ.. එකක් පන්සල් වත්තෙ, තව එකක් පල්ලිය වත්තේ.. තව දෙක තුනක් තිබුණ තේ වත්ත මායිං ඉඩං වල.. හැබැයි ඔය එකෙක්වත් නිකං උණබටයක් කපා ගනින් කියලනම් කවදාවත් දීල නෑ.. ලඟම තිබ්බ එක තේවත්ත මායිමේ රිසවේශන් එකත් එක්ක වත්තේ කංකානිය බලෙං අල්ල ගත්ත ඉඩමක තිබ්බේ. වතාවක් පුංචිම කාලේ අයියත් එක්ක ඕකේ උණ ගස් කපන්න ගිහින් කංකානිය මාව අල්ල ගත්තා.. අයිය පැන ගත්තත් මං අහුවුණු බව දැනං පස්සෙ ඌත් ඇවිත් යටත් උනා.. පැය ගාණක් අරූගේ අත් අඩංගුවේ ඉඳල අන්තිමට අම්මට කොහෙන්දෝ ආරංචිය ගිහින් එතනට ඇවිත් රෝසම රෝස පාට විස්සේ කොළ දෙකක් කංකානියාට දීල කපපු උණ ගස් තුනෙන් දෙකකුත් අරං ගෙදර ආව.. ඒ දවස්වල උණ බටයක් උපරිම රුපියල් දහයක් වගේ උනේ.. අපිට පට්ට පාඩුයි අන්තිමට. පස්සේ බැලින්නම් ඒක කංකානියාගේ උපායක්ලු. කවුරුවත් උණ බට ඉල්ලුවට ඌ දෙන්නේ නෑ. හොරෙන් කපන්න එනකම් හැංගිලා බලං ඉඳල අල්ලගෙන පස්සේ වැඩි ගාණට දෙනවා.. අල්ලගත්තට පස්සේ කීය කිව්වත් දෙන්න එපැයි..
කතන්දර එනව කෝටියක් විතර ඔළුවට.. උණ වෙඩි ගැන උඹ කියල තියෙන නිසා මොකුත් ආයි කියන්න යන්නේ නෑ. කවද හරි පොඩි උන් දෙන්න ලොකු වෙච්චි වෙලාවක එකක් හදල දෙන්න හිතන් ඉන්නව.. සේෆ්ටි ෆස්ට් තමයි ඒත් ඉතින් ඒ කාලේ වගේ බෑනේ. ජය වේවා!
කමී... චිත්‍ර හැකියාව ගැන නං කියන්න තියෙන්නෙ කටු සටහන් ටිකක් ගහගන්න පුළුවන් තරමේ හැකියාවක් තියනවා කියල තමා ඕං ...
Deleteඔය ටයිමින් රතිඥ්ඥා වැඩේ අපිත් කොලා. හඳුන් කූරෙන් තමයි සෙට් කොලේ.බුදු පිළිමේ පිටිපස්සේත් රතිඥ්ඥා පත්තුකොරපු උඹලා යක්ෂ පැටවු වගේ ඉන්නැති ඒ කාලේ :D රතිඥ්ඥා වල කූරේ වෙඩි බේත් හූරල පත්තු කලාම තත්පර 10ක විතර ඩිලේ එකක් ගත්තෑකි. ඒ වැඩේ කොරල වයසක පොරවල් එන වෙලාවල් වල පාරට දාල හැංගිලා බලන් ඉඳල තියනවා. එක පාරක් අම්මගෙන් ගුටිකන්නත් උනා එහෙම බුවෙක් ඇවිත් කේලම කියල.
කිව්වා වගේම උණ ගස් බැට පඳුරු එක්ක පුදුම ඇරියස් එකක් තිබ්බ නං තමා.ඔව්ව, පොල් ඉරටු, තල ඉරටු එක්ක පුදුම වැඩසටහනක් දුන්නෙ ඒ කාලේ. ඒ කාලේ හරි සුන්දරයි බං. අර කන්කානියගේ ^*& දෙක ගලෝල යන්න ටයිම් රතිග්න්ග්නයක් සෙට්කොරන්න එපැයි. ඌව දිවියාම කන්නයි වටින්නේ.
පොඩි උන්ට ඕව සේෆ්ටියත් එක්ක කියල දෙන්න ඔන්න තමයි. උණ වෙඩි ගහන්න මේ පාර යූස් කලේ හෙයා ඩ්‍රයර් එකක්...
ගමේ ලොකු ඉඩම් කට්ටි වෙනකොට උන ගස් හොයාගන්න බැරි උනැන් හෙන කාලෙකින් හදන්න බැරි උනා .වෙඩි ගහන්නම උන පදුරක් වත්ත පහල හිටෙවුවට තාම එකෙන් ගහක් කපන්න උනේ නෑ
ReplyDeleteහහා. මං වගේම අමුතු අමාරු කාරයෙක්... මේ පාර උණ වෙඩි 3ක් පලේනකල් වෙඩි ගැහුවා.. එන පාරවත් උණ වෙඩි ගහන්න ලැබේවා කියල පතනවා...
DeleteThis comment has been removed by the author.
ReplyDeletehttps://www.youtube.com/watch?v=wRXrrMUmQUQ
ReplyDeleteCalcium carbide una Wedilla :D
අඩේ.. අමුතු අයිඩියාවක්.. ස්තුතියි ධනංජය
Deleteඅපි උපන් දා ඉඳන්ම රතිඥඥා විතරමයි, උඹට බොහොම ස්තුතියි මේ ගැන ලියුවට.
ReplyDeleteහැබැයි දැන් අපි මේ නොදන්නා මගුල් කරන්න ගිහින් ඉස්පිරිතාලේ ලැග්ගොත් උඹේ තමයි වැරද්ද :-D
බොහොම ඉස්තූතී
ReplyDeleteඅඩෝ සජ්ජා, මට මේ පෝස්ට් එක මිස් වෙලානේ බං... ;(
ReplyDelete