ජෙප්පන්ට චන්දය දෙන්නට හිත හදාගන්ඩ බැරි ඇයි...???


ලෝක දේශපාලන ඉතිහාසයේ කුරිරුතම ඝාතකයා ඇඩොල්ෆ් හිට්ලර් ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබයි. හිට්ලර් පිරිසිදු ජර්මානුවන් මරාදමුවේ නැත... ලෝක යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් තමන්ගේ රටේ තමන්ගේම රුසියානුවන් ස්ටාලින්ගේ අණින් ඝාතනය කෙරිණ. මාවෝ සේතුං තමන්ගේම චීනුන් ලක්ෂගණනින් ඝාතනය කළේය. පොල්පොට්ලා ගැන කතන්දර අනවශ්‍යය. ඇමරිකාවට කෙළීමේ ආනුභාවයෙන් "හෝ මාමා" වියට්නාම් වීරයෙකු වූවද උන්දෑගේ ජීනොසයිඩ් අකවුන්ට් එකත් පොඩි නැත. අල්ලපු රටේ සිටිමින් ඇමරිකාවෙන් මේ වනතුරුත් ගේම ඉල්ලන අසහාය නායක "ෆිඩෙල් සහෝදරයා"ගේ දෑතද හිතනා තරමට පිරිසිදු නැත. උතුරු කොරියාවේද තත්වය ආතල්ය. සමාජ අසාධාරණය වෙනුවෙන් නැගීසිටි පීඩිත පන්තිය පන්ති මට්ටම් සම කරන්නට යාමේදී ඊට එරෙහි සියලු බළවේග මුලිනුපුටා දැමීමට ඔවුන් කිසිවිටෙක මැළි වුයේ නැත. ඊනියා ධනවාදය, පුද්ගලවාදය, ඒකාධිපතිවාදය මිනී මැරුවේ යම්සේද, කොල්ලකෑවේ යම්සේද සමාජවාදීන් එය පරයා යමින් කොල්ලකෑ අයුරු මිනී මැරූ අයුරු ඉතිහාසයේ අපූරුවට සටහන්ව ඇත. ලෙනින්ලා, සටාලින්ලා සහ අනුප්‍රාප්තිකයින්  ධනවතුන් මංකොල්ලකා, ජනතාව වහල් සේවයේ යොදවමින් තැනූ, කේජීබී මාෆියාවෙන් නිරන්තර සංස්කරණයට ලක්වූ "සෝවියට්" රුසියාවේ ආඪ්‍යත්වය විජේවීරලාට මැජික් එකක් වන්නට ඇත. "රුසියාවෙත් එහෙම තමයි" කියමින් උන්ගේ තියරිය මෙහෙට ආරූඪ කරන්නට ගොස් විජේවීරලා දෙපාරක් පුක බිම ඇනගත්තෝය. උන්ගේ බීම වොඩ්කා වූවද අපේ එවුන් බොන්නේ කසිප්පු බව විජේවීරට මැරෙනතුරු අවබෝධ වූයේ නැත.