හාඩ්වෙයා සහ ගල් වැලි මගඩි



තමන්ට ගැලපෙන ලස්සන ගෙයක් හදාගන්නවා කියන දේ හැම මධ්‍යම පාන්තිකයෙක්ගෙම ලොකු හීනයක්. කොයිතරම් ජීවත් වෙන්න සුදුසු තරමේ නිවසක් තමන්ට දෙමාපියන්ගෙන් උරුම වෙලා තිබුනත් අලුත් පරම්පරාවට ඒක හරියන්නේ නෑ. එහෙම ගෙයක් තියන බොහෝ අයගෙත් ඔලුවේ තියෙන්නෙ  "මේවා පරණ ගෙවල්, කාවවත් යාලුවෙක් නෑදෑයෙක් ගෙදරට ගෙන්නන්න පුළුවන්ද ලැජ්ජාවේ" කියන විදියේ හැඟීමක්. බොහෝ වෙලාවට නවීන පන්නයේ නිවසක් එකවර තනාගන්න තරම් මුදල් බොහෝ දෙනෙක්ට නෑ. ඒ නිසාවට එක්කෝ බැංකු ණයක් අයදුම් කරලා, එහෙමත් නැත්තන් තියන ඉඩම් කෑල්ලක් විකුණලා හරි ඒ හීනය සැබෑකරගන්න ගොඩක් දෙනා දෙපාරක් හිතන්නේ නෑ. ගේ කෑල්ල අටවගන්න සමහර උදවිය රට ගිහිං මුදල් හම්බකරන වෙලාවලුත් ඕන තරම්. එත් ගොඩක් වෙලාවට වෙන්නෙ ජීවිත කාලයෙන් භාගයකටත් වැඩිය ගේ හදාගන්න කාලය ගතවෙන එක. ඒක හදල ඉවරවෙනකොට තමන්ගේ ළමයි ලොකුමහත් වෙලා කසාද බඳින වයසට ඇවිත්. අන්න එතකොට අම්මල තාත්තල හදපු ගේ උන්ට හරියන්නෙ නෑ. උන් ආයෙත් එකක් හදන්න පටන්ගන්නවා. කොරල් බුහුබාවාගේ ජීවිතය වගේ.


නිවසක් ඉදිකිරීමේදි අවශ්‍ය සාධක අතරින් ප්‍රධානම සාධක දෙකක් තමයි අමුද්‍රව්‍ය සහ ශ්‍රමය.ඒ කියන්නෙ ගල් ,වැලි , ගඩොල්, බ්ලොක් ගල්, සිමෙන්ති සහ අනෙකිත් දේ සමග මේසන් බාස් වරු.  වහලට ලී , ටයිල්, උළු, ඇස්බැස්ටස් තහඩු, වයරින් බඩු, සිවිලිං අමුද්‍රව්‍ය වගේ දේවල් ගැන ඇතුලෙන් සිද්දවෙන හොර වැඩ ගැන මට ඒතරම් ලොකු දැනුමක් නෑ. ආ උළු ගැන කියද්දී නං කතාවක් මතක් වෙනවා. උළු ගන්න කොච්චිකඩේ ගිය ලොරි කාරයෙක්ට උළු මෝලේ අයිති මහත්තය නැති වෙලාවක ඒ මහත්තයගෙ නෝනා කිව්වලු " අපේ මහත්තයගෙ උලට ගහන්න උලක් මේ පළාතේම නෑ" කියල. එව්වා වැඩක් නෑ. දන්න ගල් වැලි ගැන කියන්නම්කො.

නිවසක් ඉදිකරන ස්ථානයට ගල් වැලි සහ අනෙකුත් අමුද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව බොහෝවේලාවට බාරදෙන්නේ දන්නකියන හාඩ්වෙයා එකකට. එහෙමත් නැත්තං ඒවා ප්‍රවාහනය කරන ලොරි හිමියෙකුට. තරඟකාරී වෙළඳාමේ යෙදෙන්නට සිදුවෙලා තියන නිසාවට හැමෝම බලන්නේ උපරිම අඩුගණනට මිල නියම කරන්න. අඩු තැනින් නෙ හැමෝම බඩු ගන්න බලන්නෙත්. ඒ නිසා අඩුවට බඩු ගෙනත් බාන්න නම් ඒ බඩු වල ප්‍රමානෙත් අඩු කරන්නම වෙනවා. කළුගල් , වැලි හෝ කොන්ක්‍රීට් ගල් කියුබ් එකක් කියල ගෙනැල්ල බාන්නේ ඊට ගොඩක් අඩු ප්‍රමාණයක්. සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්නෙ පොඩි ලොරියකින් එකක් කියුබ් එකක් කියල. ඒ උනත් ගෙනත් බාන්නේ ලොකු ට්‍රැක්ටරේක ට්‍රේලරේකට අල්ලනවා හා සමාන ප්‍රමාණයක්. කියුබ් සහ අල්ලන ප්‍රමාණ ගැන වෙනමම දැනුවත් කරන්නම්. ඇත්තටම මේ බ්ලොගයේ ලියපු දේවල් වලට අතිශය පරිබාහිර දැනුවත්කිරීමකුයි මේ ලිපියෙන් මම කරන්නෙ. තමන් දුක් මහන්සියෙන් උපයන සල්ලි නිරපරාදේ නාස්ති නොකරන්න අපි දැනුවත් වෙලා ඉන්න අවශ්‍යයි.


ගල්, වැලි හෝ කොන්ක්‍රීට් ගල් වගේ මොන දෙයක් උනත් කියුබ් එකක් කියල සාමාන්‍ය භාවිතවෙදී  අදහස් කරන්නෙ ඒ දේවල්  ඝන අඩි  100ක් කියන එක(100cubic feet). කියුබ් කාලක්, භාගයක්  තුන්කාලක්,  කියන්නෙ පිලිවෙලින් ඝන අඩි 25, 50,75ක් කියන එක.  ඒ ප්‍රමාණය තීරණය කරන්නෙ  ලොරියේ හෝ ප්‍රවාහනය කරන වාහනයේ බක්කියේ ඝනඵලය වර්ග අඩි වලින් මැනීමෙන්.ඒ කියන්නෙ බක්කියේ උස දිග පළල අඩි වලින් ගුණකිරීම මගින්. එත් ඉතාම නිවැරදිව ඒක ගණනය කරන්න නම් ප්‍රයෝගිකව උස,දිග සහ පළල අඟල් වලින් ගුණකරලා ඒක වර්ග අඩි වලට පෙරලන්න ඒ එන පිළිතුර 1728න් බෙදන්න ඕන. ( 12x12x12 =1728) අනිත් එක තමයි අඟල් වලින් ගත්තත් ආසන්න අඟලෙන් 1/4 දක්වාම දිග පළල උස මැනගන්න ඕන (අඟල් භාගයක් මිස් උනත් ඝන අඩි 2,3ක වෙනසක් වෙනවා) ඔය විදියට තමයි ලොරියක හෝ ට්‍රැක්ටරයකට අල්ලන ප්‍රමාණය මණින්නේ.ගොඩදෙනෙක් මේක දන්නවා වෙන්න පුළුවන්, එත් නොදන්නා උදවිය දැනුවත් වියයුතු නිසා සවිස්තරාත්මකව කියල දුන්නෙ.


වගකීමෙන් කියන්නෙ, එක හාඩ්වෙයා එකකවත් කියුබ් එකක ධාරිතාව තියන ලොරි නෑ. තියෙන්නෙ උපරිම ඝන අඩි 90 ඒවා. ගොඩක් වෙලාවට ඝන අඩි 85යි 80යි. ඝන අඩි 70,75 ලොරිත් තියනවා. හැබැයි ඔය හැම එකාම බඩු ගෙනත් බාන්නේ කියුබ් එකයි(ඝන අඩි 100) කියල. කියුබ් එකක ලොරියක් තිබුනොත් බාන්නේ එකයි කාලයි (125 Cuft) කියල.මිනිස්සුන්ගේ නොදනුවත්කමේ ප්‍රතිපලයක් විදියට අඩි 80,85 ප්‍රමානෙට ලොරි තට්ටුව හදාගත්ත කූට මුදලාලිලා නිසා සාධාරණ මිනිහෙකුටත් නියමිත මිලට අමුද්‍රව්‍ය ගෙනත් බාන්න බැරි තත්වයක් උදා උනා. කොන්ක්‍රීට් ගල් වර්ග අඩියක් රුපියල් 50ක් කියල ගත්තොත් අඩි 80 ලොරියක් තියන එකාට, නියමිත කියුබ් එක තියන ලොරිකාරයට වඩා රුපියල් 1000ක් අඩුවෙන්(50x20) බඩු ගෙනත් බාන්න පුළුවන්.  ඒ නිසා දැන් කියුබ් එකේ ලොරි එකක් වත් පාරේ දුවන්නෙ නෑ. ඔක්කොම බක්කියේ ප්‍රමාණය අඩුකරලා හදාගෙන. ඒ නිසා අදාළ දුරට සරිලන වාහන කුලියත් එක්ක ලොරියට අල්ලන ප්‍රමාණය සංසන්දනාත්මකව බැලුවොත් මිසක ගොඩනැගිලි අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී හාඩ්වෙයා කරුවා නියමකරන මිළෙන් තමුන්ට සාධාරණයක් වෙනවද කියන එක තීරණය කරන්න අමාරුයි.


වැලි කෙරුවාව අමුතුම එකක්. කලින් ලඟපාත ඇලෙන්, ගඟෙන් ගොඩදාගෙන විකුණන මිනිස්සු බොහොමයක් හිටිය නිසාවට වැලි ඒතරම් මිල අධික දෙයක් උනේ නෑ. පසුකාලීනව ඒක පොලොන්නරුව, කන්තලේ, මනම්පිටිය, මහියංගනේ වගේ දුර පළාත් වලින් කියුබ් 3 ටිපර් රථ වලින් පමණක් ප්‍රවාහනය කරන්න යෙදුනු නිසාවට වැලි වල මිල බොහොම ඉහල ගියා. අද සාමාන්යෙන් වැලි කියුබ් එකක මිළ රුපියල් 10000-12000 අතර වෙනවා (ගම්පහ ආශ්‍රිතව) . කියුබ් 3 ටිපර් එකක් 32000ක් වෙනවා. ඒ කියන්නෙ වැලි ඝන අඩියක මිළ ආසන්නව රුපියල් 100ක්! ඝන අඩි 85 ලොරියකින් එකක් ගෙනත් බෑවම වැලි ඇවිත් තියෙන්නෙ රු8500ක. ඒ උනත් ගෙනත් බාන්නේ 11000-12000ක් වගේ මිලකට. එක වෙනස් කරන්න අපිට බැරි උනත් ලොරියේ ප්‍රමාණය ගැන දැනීමක් තියනවා නම් ප්‍රවාහන කුලියත් එක්ක සසඳලා මොන හාඩ්වෙයා එකේ ලොරියෙන්ද වැලි ගන්නේ කියන එක වත් අපිට තීරණය කරන්න පුළුවන්. 

කියුබ් 3 ලොරි වලින් හාඩ්වෙයා එකට ගෙනත් බාන වැලි ලෝඩ් එක අඩි80 ලොරි ලෝඩ් 4ක් පටවලත් තවත් කියුබ් කාලක් විතර ඉතුරු වෙනවත් එක්ක. ගණන් හැදුවම එහෙම වෙන්න බැරි උනත් කියුබ් 3 ටිපර් වලට වැලි පොළෙන් ප්‍රමානේටත් වැඩියෙන් පටවලා තද කරලා අරන් එන නිසා වැඩි ප්‍රමාණයක් ඊට ඇතුළත්. ඒත් හාඩ්වෙයා එකෙන් ඔබේ නිවසට ගේන්න වැලි පටවන්නේ සවලෙන් බොහොම සීරුවට තද නොවෙන්න. එහෙම පටවලා පාරේ වලවල් වලටත් නොවැටී බොහොම සීරුවටයි අරගෙන එන්නෙ. (නැත්තං ගැස්සිලා වැලි තදවෙලා ප්‍රමාණය අඩුවෙන් පෙනෙන නිසා) ඔය මගඩිය ගැන යම්තාක්හෝ දැනුවත්වීමක් තියන උදවිය පොඩි ලොරි වලින් වැලි ගන්නේ නැතිව කියුබ් 3 ලොකු ටිපර් එකකින්ම වැලි ගෙන්නගන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඉතින් අවශ්‍යතාවේ හැටියට සහ වැඩබිමේ පිහිටීම අනුව හැම එකටම ලොකු ලොරි වලින් වැලි ගෙන්නන්න බෑ.( වැලි පොඩි ප්‍රමාණයක් අවශ්‍ය නම් පොඩි ලොරියකින් ගන්නම වෙනවා. වැඩබිමට ලොකු ලොරියක් ඇතුළුවෙන්න බැරිනම් එත් පොඩි ලොරි වලින් ගන්න වෙනවා). වැලි ලොකු ප්‍රමාණයක් අවශ්‍ය , ලොකු ලොරියක් වැඩබිමට ගන්නත් පුළුවන් තැනකම වෙලා කියුබ් 3 ටිපර් එකකින්ම වැලි මිලදීගන්නවා කියමුකෝ. හැබැයි පුතෝ ඒත් ,එතනත් ඔය මිනිස්සු හොර කරනවා. අපේ මිනිස්සුද හොරා නොකන්නේ!!! 



මම කලින් කිව්වා වගේ වැලි තොටුපළෙන් ලොරියේ තට්ටුවේ ප්‍රමානෙට වඩා උසට තදකරල වැලි පටවාගෙන එන්නෙ. ඒත් ප්‍රධාන පාරට එනකොට අතරමග වල ගොඩැලි වල වැටිලා තද වෙලා වැලි තට්ටු මට්ටමට එනකල් සමතලා වෙලා ( දැන් තට්ටු මට්ටමෙන් උඩට වැලි පටවාගෙන පාරේ යන්න තහනම්, පොලිසියෙන් අල්ලනවා, නැත්තන් අපේ එවුං තවත් වැඩිපුර අරන් එයි) ඒ අතරේදී නුවර පාරේ මගදිගට වැලි බාන තැන ඕනතරම් තියනවා. සවලෙන් එකක් බෑවම රු12-14ත් අතර ගානක් හම්බවෙනවා. වැලි ලොරියේ බක්කිය මැදින් වළක් හෑරෙන්න සවල් 100ක් 120ක් ඒ තැන වලින් බාලා සල්ලි ගන්නවා. වටෙන්ම අවුස්සලා අර වළ වහලා තට්ටු මට්ටමට හදාගන්න ඔය ලොරි කාරයෝ පුදුම දක්ෂයි. හාඩ්වෙයා එකකට ගේනකොට එහෙම බාන්නෙ නෑ.( හැමදාම වැලි ගන්න නිසා අඩු උනොත් තේරෙනවා සහ එක්කෝ ඒ ලොරිය හාඩ්වෙයා එකේම එකක්) ඒත් පිට පෞද්ගලික තැනකට බෑවොත් අතිශය හිතවත්කමක් නැත්තං මගදී වැලි බානවා බානවාමයි!!  එහෙම කරලද කියල හොයන්නත් ක්‍රමයක් තියනවා. ලොකු ලොරියෙන් වැලි ලෝඩ් එක තට්ටුව උස්සල(ටිපර් කරලා)  බානකොට අර විදියට මගදී හොරෙන් වැලි විකුණලා නැත්තන් වැලි ලෝඩ් එක බිමට වැටෙන්නේ කොටස් 2, 3 කට කුට්ටි වශයෙන්( මුළු ලෝඩ් ඒකම කෑලි 2 කට 3 කට වගේ කැඩිලා කොටස් විදියට) එහෙම වෙන්නේ බොහෝ දුරක් ගැස්සී ගැස්සී එනකොට එකට තෙරපිලා තදවෙලා තියන නිසා.  හැබැයි මග හොරෙන් බාපු ලෝඩ් එකක් බානකොට ඒක බෑවෙන්නේ ක්‍රමානුකූලව , ගලාගෙන එනවා වගේ.(මම කියන දේ තේරෙනවා ඇති). කොයි විදියට කලත් මිනිස්සුන්ගෙන් ගසාකන එක නවත්තන්න බෑ. එත් මේ දේවල් ගැන දැනුවත් වෙලා හිටියොත් හානිය අවම කරගන්න පුළුවන්.




 මේ කතාව දිග්ගැස්සෙන නිසා කොට කරලා කියන්නම්. කළුගල් සක්ක විදියට ගේනකොටත් මේ දේ මයි වෙන්නේ. කියුබ් එකක් කියල ගේන්නේ අඩි 80ක් 85ක්. එතැනදී දෙවිදියකට පාඩු සිද්ධවෙනවා. බොහෝ වෙලාවට බාස්ල කළුගල් බඳින්නේ කියුබ් ගානට. අපි කියමුකෝ කියුබ් එකක් බඳින්න රු3500ක් ගන්නවා කියල. ඒත් ඒ මුදල ඒ මිනිස්සු ගන්නේ ඝන අඩි 80ක් 85ක් බැඳලා. කියුබ් 10ක් බඳිනවා කියල මුදල් ගත්තොත් බැඳලා තියෙන්නෙ කියුබ් 8 යි 10 ක් වෙනුවට. ආසන්නව රුපියල් 7000ක් නිවසේ  අයිතිකාරයට පාඩුයි. ඒ නිසා බාස්ලත් හරි කැමතියි ප්‍රමාණය අඩු ලොරියකින් ගල් ගෙනත් බානවට. ඒ නිසා තමයි බාස්ලා කියන්නෙ"මහත්තය අර ලොරියෙන් ගල් ගෙන්න එපා, මං දන්නා ලොරියක් තියනවා එකෙන් ගෙන්නගමු" කියල. එහෙම කියල තවත් ප්‍රමානෙ අඩු ලොරියකින් ගල් ගෙන්නගන්නවා. මහත්තුරුන්ටත් ඉතින් ගෙයක් හදන්න බාරදුන්නම බාස්ල පේන්නේ දෙවිවරු වගේනේ. ඒ කාලෙට මහත්තුරුත් තමුන්ගේ ගෑණි කියනදේටත් වඩා අහන්නෙ බාස් කියනදේ නෙව. අන්තිමේදි  දෙපැත්තකින්ම කෙලවෙන්නේ ගේ හදන මහත්තයටම තමා..
මේ මගඩි වලට වැට බඳින එක ගැන කාටවත් උවමනාවක් නෑ.. අවබෝධයක් නැතිකම වෙන්නත් පුළුවන්.


 හාඩ්වෙයා වල සහ පුද්ගලික ගල් වැලි සැපයුම්කරුවන්ගේ ලොරි වල බක්කි නියමිතව මැනලා ඒ පිළිබඳව බලපත්‍රයක් නිකුත් කරන එක කාලෝචිතයි මට හිතෙන විදියට. ප්‍රාදේශීය සභාවෙන් කඩවල තරාදි පඩි ලයිසන් කරනවා වගේ. ඒකෙන් ආණ්ඩුවට කිසියම් ආදායමක් ලබාගන්නත් පුළුවන් වගේම ජනතාවට ලොකු සේවයක් වෙයි. 
පුරුදු මාතෘකා වලින් මිදිලා මේ වගේ පෝස්ටුවක් දාන්න හිතුනේ ගොඩක් දෙනෙක් නොදන්න පැත්තක් ගැන හෙළිදරව් කරන්න ඕන නිසා. මේ පෝස්ටුව "බෝරින්" එකක් තමයි. ඒ උනත් මේක කියවල එක්කෙනෙක්හරි මේ මගඩි වලට අහු නොවී හිටියොත් ඒක මං ලබන ලොකු සතුටක්.

38 comments:

  1. බොහොම වටිනා සටහනක්.. අපේ රටේ හැමදේකටම ප්‍රමිතයක් ඇති කිරීම අවශ්‍යයි. ඒක කරන එක ලේසි නෑ. එළදෙනගෙ කිරි දොවාගෙන වක්කඩෙන් වතුර දාගෙන එන ගැමියාගෙ පටන් දේශපාලකයා දක්වා පැතිරුන හොරකම් ක්‍රමය නවත්තන්න ලේසි නැතත් කොහෙන් හරි පටන් ගන්න නම් ඕනෙ. වෙලා තියෙන්නෙ නවත්තන්න කතාකරන අයගෙ කිල්ලෝටවලත් හුණු ගොඩවල් තිබීමයි. ඔය කියන විදිහට ම්මනින්න කිරන්න ගියොත් අද වෙන්නෙ බඩු ගෙන්නාගන්න එකෙක් හොයාගන්න බැරිවෙන එකයි.. කල්පයකට විතර ඉස්සර මං ගෙයක් හැදුවා. හැබැයි මං වැලි ගත්තෙ ගොඩදානතැනින්. අරං මෝටර් සයිකලෙන් පස්සෙම ආවා. ගඩොල් පෝරණයක් සල්ලි දීල ගත්තා .. ඒත් කළුගල් වලට නම් අහු උනා. කලහැකි ක්‍රමයක් තිබ්බෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හොරකම් නවත්තන්න අමාරුයි තමයි සරත් සහෝදරයා. ඒත් ලොරි වල තට්ටු මැනලා ලයිසන් කරන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. ආණ්ඩුවත් බදු අයකරගන්න ඔය වැඩේ උඩ පැනල කරයි. එහෙම ලයිසන් කළායින් පස්සෙත් වෙන මගඩි කරලා ඕක උන්ට වාසි වෙන්න හදාගන්න එක ඇත්ත. අපේ එවුන් වෙනස් කරන්න කෝවෙ දාල මැකුවත් බෑ තමයි. නමුත් කිසියම් හෝ සාධාරණයක් වෙයි මිනිස්සුන්ට.

      Delete
  2. ඔය ටෙන් වීල් ඒ කියන්නෙ කියුබ් හතරෙන් නෙව දැං වැලි ගේන්නෙ ඒ වුණාට ඉස්සර අපි මා ඔයේ වැලි දැම්ම කාලෙ පොඩි කියුබ් එකේ (ඇත්තටම අඩුයි අපි දන්නව ඒක) ලොරි වල... කවදාවත් ලොරියට නැගල වැල්ල පාගල ගහන්නෙ නෑ... මොකද යටට බැහැල තද වෙන හන්ද... සජ්ජ දැකල ඇති ලොරි තට්ටුවට උඩිං ලෑලි ගහල තට්ටුව උස්සල තියෙනව... අන්න ඒ තට්ටුවෙනුත් බාගයක් විතර බහිනව ගමනෙදි අර විදියට ගහන එකෙන්... හරියට පුලුං වගේ... ඒත් මගදි සවල් වලිං බාන්නෙ නං නෑ.... ඒක ඔය මනම්පිටි වැලිඑන්න ගත්ත කාලෙ කරන්න පටං ගත්ත දෙයකි...
    තව තව හොද හොද කෙලි තියෙනව... කම්මැලි බං ඕව කොට කොට ඉන්ට

    ReplyDelete
    Replies
    1. අපෝ මම දන්නවා, තට්ටුවට උඩින් ලෑලි තට්ටුවක් ගහල එක නොපෙනෙන්න අයෙත් තහඩු ගහපු ලොරි එනවා අපි ගාවට ගල් පටවන්න. තව සමහරු බක්කියේ ඉස්සරහට වෙන්න තහඩු වලින් කොටසක් පෙට්ටියක් වගේ වෙන් කරනවා. තව සමහරු තට්ටුවේ මට්ටමට තුන්කාල් පටවල ලෑලි දෙකක් දෙපැත්තෙන් හයි කරලා බූරු ඇඳ වගේ ඒ ලෑලි වලට හේත්තුවෙන්න තුනීකරනවා. කියුබ් තුනේ ටිපර් කාරයෝ නම් බානවාමයි මගදී වැලි..

      Delete
  3. සාජ්ජේ මාර වටිනවා..... දැන් දැන් ගෙයක් ගැන හිත හිත ඉන්න නිසා මේවා අපිට මාර වටිනවා... දැන් ඉතින් රැවටෙන්නැතුව වඩේ ටිකක් හරි ගොඩදාතඅැහැකි........... නියමයි මචං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, එක මට ලොකු සතුටක්!!! :D

      Delete
  4. මේක කියවනකොට මට හිතුන දේ තමයි අපේ බ්ලොග් යාළුවො අතර විවිධ ක්ශේත්‍ර ගැන දැනුම තියන අය ඉන්නව.ඉතින් මේ අයගෙ දැනුම අපට ප්‍රයෝජනවත්. රැවටිලිවලින් බේරිලා හොද සේවයක් ලබාගන්න මේ දැනුම අවශ්‍යයි.අපි නොදන්න ක්ශේත්‍ර ගැන අඩු ගානෙ අපව රවටන්න එන අය එක්ක තර්ක කරන්නවත් පුලුවන් වෙනව
    ඉදිකිරීම් කියන්නෙ ජනතාවට ඉතා සමීප දෙයක්. මේ ලිපිය වටින්නෙ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝදරයා . මමත් මේ බ්ලොග් වැඩේ පටන්ගත්තට පස්සෙ ඒ වගේ විවිධ යාලුවන්ගේ ලිපි වලින් කොයිතරම් දේවල් ඉගෙනගන්නවද. ඇත්තටම තමුන්ගේ අත්දැකීම්, දැනුම බෙදාගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්!!

      Delete
  5. බොහෝ විට මේ පාඩුවට මුහුණ දෙන්න වෙන්නේ සාමන්‍ය පාරිභෝගිකයාට , මොකද වැඩබිම් සහ පෙරනිමි ආයතන වලට වැලි ගල් ගන්නේ මැනලා , එත් ගෙදරට ගෙනත් බානකොට මනිල්ලක් නෑ. එකයි කාල කියලා කියුබ් එක ගෙනත් බානවා . කොන්ක්‍රීට් එකට කියලා ගෙන්න ගන්න තුන්කාලේ ගල් කියන එකේ වැඩිපුර එවන්නේ චිප් ගල් මට්ටමේ ඒවා . ඉතින් ගැන අඩුවීම තුලම කොලිටිය බාල වීම ඉබේ සිද්ධ වෙලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත. ඒ වගේ දේවල් වලට ගන්නේ මැනල තමයි. ඒත් මම නම් කියන්නෙ අපි බඩු ගන්නකොට ඒ මිනිස්සු එක්ක තර්ක කරන්න ඕන, මැනල බලන්න ඕන. කොලිටිය අවුල් නම් ප්‍රතිෂේප කරන්න ඕන.. නැත්තන් ඔවුන් හැදෙන්නේ නෑ.. අපි සල්ලිත් දීල ප්‍රමානෙත් අඩුවෙන් බාල බඩු ගන්න ඕනයැ. අසාධාරනේට විරුද්ධව කතාකරන්න ඕන..

      Delete
  6. නොදන්න දෙයක් කියලා දුන්නට ඉස්තූති...මුහුදු වැලි ඉදිකිරීම් වලට සුදුසු නැද්ද? නාරාහෙන්පිට ඉඩම් ගොඩකිරීමෙ අන්ගනයෙන් මුහුදු වැලි මිල දී ගන්න පුලුවනි...

    ඒවා ඉදිකිරීම් වලට ගන්න පුලුවන් ද?

    ReplyDelete
    Replies
    1. එක ගැන නම් මම දන්නෙ නෑ සහෝදරයා. සිවිල් ඉංජිනේරු යාළුවෙක්ගෙන්ම අහන්න වෙනවා මේ ගැන. ලුණු ගතිය නිසා වෙන්නැති සුදුසු නෑ කියන්නෙ. කාලයක් ගොඩගහල වැස්සට තෙමුනම ඕක නැති වෙනවලු. හැබැයි පොඩ්ඩක් තෙමුනට නම් ඔක්කොම ලුණු ගතිය යන්නේ නෑ මට හිතෙන විදියට. මේ ගැන කාගෙන් හරි අහගමු.

      Delete
    2. මුහුදු වැලි සුදුසුයි , මුහුදු වැලි වල ලවණ අන්තර්ගත වීම නිසා කොන්ක්‍රීට් සඳහා සුදුසු නොවන බවට මතයක් තියෙනවා. ඒ පසු කාලීනව ඇතුලත කම්බි දිරාපත්වීමට හැකි බවට මත පලවීම නිසයි. නමුත් වාතයට නිරාවරණය වීමෙන් වැලි සමග මිශ්‍ර වූ ලවන ඉවත් වෙනවා , නමුත් මේ සඳහා වසරක පමණ කාලයක් වැලි එළිමහනේ රඳවා තියන්නට ඕන. එයින් පසු පාවිච්චියට මේ වැලි සුදුසුයි. ලංකාවේ නැතත් අනෙක් රටවල මුහුදුවැලි දැටමත් යොදාගන්නවා . හිතේ අවිශ්වාසයක්ම තියෙනවනම් කොන්ක්‍රීට් වලට නොදා අනෙක් මේසන් වැඩ සඳහා මේ වැලි කිසිදු ආපදාවකින් තොරව යොදාගත හැකියි .

      Delete
    3. ඔය තියෙන්නේ.... සෝදලා ගන්න පහසුකමක් තියනවනම් කිසිම ගැටළුවක් නැතුවැති. ස්තුතියි ඉවාන්..

      Delete
    4. මචන්, ලංකාවෙත් ඉස්සර මුහුදු වැලි තිබ්බ ආන්ඩුවෙන් වික්කෙ. මුතුරාජවෙල පැත්තෙ ඉඩමකට ගොඩ දාල වැස්සට තෙමෙන්න ඇරල පස්සෙ වික්ක. ඒක පටන් ගත්තෙ එයාපොට් හයිවේ එකට ගොඩ දාල පැත්තක තිබ්බ වැලි කන්දකින් තමා පටන් ගත්තෙ. තාම කෙරෙනවද දන්නෙ නෑ!

      මම ඉන්න රටෙ සියළු ඉදිකිරීම් වලට ගන්නෙ මුහුදු වැලි විතරයි. ඒව හෝදල පිරිසිදු කරන ප්ලාන්ට් වෙනම තියෙනව. කාටවත් කියන්න එපා, ලඟදිම මගේ ප්ලාන්ට් එකෙන් උඹලටත් වැලි ගන්න පුලුවන්, ණයට නෙමේ මුදලට ;)

      Delete
    5. ඉවානයගෙ කමෙන්ට් එක දැක්කට සා-රස ගෙ එක දැක්කෙ දැන්නෙ :D

      Delete
    6. ඔය ඉන්නේ මම ඉන්දික මෙතනට එයි කියලා හිතුව , හැබැයි ණයට නොදුන්නොත් උඹේ අනන්‍යතාවය නැතිවෙනවා :P
      (ජෝක් හොඳේ )
      තාමත් ලංකාවේ ඔය මුහුදුවලි විකිණීම වෙනවා, දැන් කලින් මේක කලේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙන්. ඒ නිසා නිසි විදිහට හෝදලා තිබ්බා. පස්සේ shangrilla ප්‍රොජෙක්ට් එක නිසා ඒ ගොඩදාන වැලි පුද්ගලික ව්‍යාපාරිකයෝ ගෙනත් හෝදන්න පටන් ගත්තා , නමුත් ඒ හෙදිල්ලක් නෙවෙයි නිකන් වැලි තෙමලා වෙලිල්ලක් කලේ. ඒ නිසා හැමදාම වගේ ලංකාවේ මේකෙනුත් හම්බ කරන්න පිරිසක් බිහිවුණා . උන් කලේ මනම්පිටිය වැලි කියලා මේවා වික්ක් එක. හැබැයි ලාබයි . අන්තිමට මිනිස්සුන්ට ඒක ගැන විශ්වාසය නැතිවුනා . දැන් කිරිමණ්ඩල මාවතේ වැලි විකිණීම කරන්නේ නෑ .

      Delete
    7. මමත් ක්‍රෂර් එකේ ගල් කුඩු ගොඩ ගැහෙනකොට ඒවා සෝදලා කුඩා අංශු අයින්කරලා වැලි විදිහට මාකට් කරන්න අදහසක් ඔලුවේ දාගෙන හිටිය. චීනෙන් නම් සෑන්ඩ් මේකින් මැෂින් වෙනම ගන්නත් තියනවා ගල් කුඩු කරලා වැලි විදියට යොදාගන්න පුළුවන් වෙන්න සෝදලා ගන්න. ආයෙත් ගල් කුඩු විකිණෙන්න පටන්ගත්ත නිසයි ලොකු වියදමක් යන නිසයි ඒ වැඩේ ලත් තැනම ලොප් උනා...

      Delete
    8. පහුගිය කලෙ කොච්ච්කඩේ පැත්තෙ සමහරු පස් වතුරෙන් සෝදලා එකෙන් වැලි වෙන් කරලත් විකිනුවා.... ඒ පැත්තෙ ලිං හිඳිලා ලොකු ප්‍රශ්නයකුත් උනා...

      Delete
  7. ගෙවල් හැදිල්ල සමහරුන්ට නං මහා එපා කරපු දෙයක් උනාට මට නං ඒක සැහෙන්න ඉන්ට්‍රස්ට් එකක් උනා. ඒකට හේතුව තමයි මගේ තාත්තාට ඔය ගෙවල් සැදීම ගැන හොදට අත්දැකීම් තිබුන එක. ඒ නිසා බාස්උන්නැහේලට, හාර්ඩ්වෙයාර් මුදලාලිලට අපිව අන්දවන්න බැරි උනා.

    මගේ ගේ හදද්දී අපි ගඩොල් ගෙනාවේ අනුරාධපුර පැත්තේ කෙනෙක්ගෙන්. එහෙ ඉදලා කොළඹට ගෙනාවත් ගඩොල් කැටේකින් රුපියල් 1.50 ක් වගේ ලාබයක් තිබුනා. ගඩොල් 25,000 ක් (විසි පන්දාහක්) ගෙනාවා. ඊළගට වැලි ගෙනාවේ ටුවෙල්ටෙන් ලොරි වලින්. අනිකුත් අමුද්‍රව්‍යත් එකපාරම ගෙනාවා ටෙන්විල් ලොරි වලින්ම. ඉතින් මගේ අදහසත් ගෙවල් හදද්දී අවශ්‍යය අමුද්‍රව්‍ය ටික ටික ගෙනාවට වඩා එකපාරම විශාල ට්‍රක් වලින් ගෙන එක සැහෙන්න ලාබයක් තියෙනවා.

    ලී නං කොස්,කුඹුක් සහ තේක්ක ගත්තේ.
    ගේ බදින්න බාස්ලා සහ ගෝලයෝ ගෙනාවේ ඈත ගමකින්. හෙඩ්බාස් උන්නැහේත් ඈත ගමක කෙනෙක්. හැබැයි නිවාස සැදීම ගැන එක එක පාඨමාලා එහෙම හදාරලා,අත්දැකීම් තියෙනා කෙනෙක්. ඉතින් ඔය අයට අපි දවස් පඩි දුන්නේ. හෙඩ්බාස්ට ඒ දවස් වල දුන්නේ 1200 යි. ගොලයෝන්ට 700 යි. අපි කොළඹ අවටින් බාස්ලා ගත්තා නම් ගොලයෝන්ට 1200 සහ බාස්ලට 1600 වත් දෙන්න වෙනවා.

    ඉතින් ඔය බාස්ලා ගමේ ඉදලා එන්න කලින් අමුද්‍රව්‍ය සේරම ගෙනත් තිබුනේ. උන් ආවම උන්ට කිව්වා 'ඔන්න බඩු සේරම ගෙනත් තියෙන්නේ බැඳපියව් ගේ කියලා' අනේ ඉතින් උන් ටික උදේම නැගිටලා 7 ඉදලා හවස කළුවර වැටෙනකම්ම හය හත වෙනකන් යක්කු වගේ වැඩ. ඔය සතියකට සැරයක් විතර හැන්දෑවට අරක්කු ටිකක් ගෙනත් දෙනවා බිපියව් ඇගේ පතේ අමාරුවට කියලා. කන්න බොන්න අපි දුන්නා තුන් වේලටම. ලෙඩක් හැදුනොත් බෙහෙත් අරන් දුන්නා. ඒත් අපිට එකට එකක් ලාබයි බාස් කුලිය බලද්දී.

    හැබැයි ඉතින් ඔය වැඩේ කරන්න පුළුවන් ගේ බදිද්දී විතරයි. මොකද ගම්වල ඉන්නා බාස්ලට ගේ බැන්දට ඊට පස්සේ අනෙකුත් වැඩ ඒ කියන්නේ මොල්ඩින් වැඩ, ටයිල් කිරීම,බාත්රුම් වැඩ එහෙම හොදට කරන්න බැහැ. ඒවාට ඒ ඒ ක්ෂේත්‍ර වල ඉන්නා අයයි අපි යොදා ගත්තේ. බාත්රුම් වල උපාංග,ලයිට් වර්ග, ටයිල් සමහරක්,ග්‍රැනයිට් වගේ ඒවා නං පිටරටින් ගෙනාවේ.

    කොහොම හරි ගේ හදලා ඉවරවෙන්න ලක්ෂ 120 ක් විතර යයි කියලා ප්ලෑන් එක ඇඳපු ඉදිකිරීම් සමගම කිව්වේ. හැබැයි අපිට ගියේ ලක්ෂ 60-70 ක් වගේ.

    මම මේ කල්පනා කරේ මේ ගේ ලක්ෂ දෙතුන් සියකට විකුනලා දාලා අනික් ඉඩමේ තව ගෙයක් ගහන්නන් කියලා. මොකද තාත්තා ඉන්නවනේ ඕනි දෙකට හයියට.

    (මිට කලිනුත් ගෙවල් 3 ක් හදලා විකුනලා තියෙනවා, ඒ ගෙවලුත් හොදම අමුද්‍රව්‍ය,ලි,පිටරටින් ගෙනාපු අමුද්‍රව්‍ය දාලා හැදුවේ.)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ඔක්කොම එකතුකරගෙන බලල කරලා ඔය දේවල් ඔය විදියටම කෙරෙනවනම් කිසිම අවුලක් නෑ.. ඒත් බහුතරයකට ඕක ප්‍රයෝගිකව කරන්න අමාරුයි ඇනෝ... බොහොම දුක් මහන්සියෙන් අමාරුවෙන් ගානට ලෙවකාල වගේ ගෙයක් හදන මනුස්සයෙකුට ඔය වගේ දේවල් වලින් නිකරුනේ නාස්තිවෙන මුදල ඉතුරු උනොත් ඒකත් ලොකු දෙයක්, සහනයක්. බොහෝ විට මේ සමාජයෙ වෙන්නෙම පොඩි මිනිහට අසාධාරනකම් සිද්ධවෙන එක. මේ දේවල් ගැන ඇත්තටම මිනිස්සු දැනුවත් වෙලා ඉන්න ඕන..

      Delete
  8. එල ද බ්‍රා
    අරක්කු ගැනත් ලියහන්කෝ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මෙන්ඩා... ලියන්නම් ලියන්නම්.. :D

      Delete
    2. බීපන් බීපන් ඊට පස්සෙ අර අටමා වගෙ ලොම් හැලිලා ඉන්නවාට වඩා වයසක වෙලා පෙනෙයි..බොන එක ලොකු ආතල් වැඩක් නෙවෙයි යකෝ !

      Delete
    3. අටමා ... පව් බං එහෙම කියන්නෙපා...

      Delete
  9. උඩ ඉවාන් කිව්ව වගේ මේ හොර වැඩ වලින් ලොකු කොන්ත්‍රාත් කාරයන්ට අවුලක් නෑ. මොකද ඒ අය ගන්න මැනල නිසා. නමුත් පොඩි උන්ට කෙලවෙනව. මම කාලෙකට කලින් මිත්‍රයකුගෙ ගෙයක් හදන වැඩක තාක්ෂනික උපදෙස් දුන්න, උදව්වක් විදිඅට.

    එතනදි හාඩ්වෙයාර් එක එක්ක මුලින් වැළි වලට ගාන කතා කරල, එකඟ වෙලා අන්තිමට කිව්ව "මුදලාලි එහෙනං ඔය ගානට කරමු, හැබැයි අපි වැළි ගල් බාන්න කලින් මැනල තමයි බාන්නෙ" කියල.

    හාඩ්වෙයාර් කාරය පට ගාල කියපි "සර්, මනිනවනං ඔය ගාණට දෙන්න බෑ " කියල! ඒ මුදලාලි ගැන හෙන ලොකුවට හිතන් හිතපු යාළුවගෙ තාත්තත් කට උත්තර නෑ.

    කිසිම කෙනෙක් වැළි මනිනවනං සාමාන්‍ය ගාණට දෙන්නෙ නෑ. මණින ගාන වැඩියි. නමුත් ලොරි වලට සහතික කිරීමක් අවශ්‍යයි කියන එක හරි. ඒ විතරක් නෙමේ ගඩොල් වල ප්‍රමාණය සහ බ්ලොග් ගලේ ප්‍රමාණයත් අනිවාර්‍යෙන් තිබිය යුතු අවම ප්‍රමාණය නීතිගත කරන්න ඕන. ඊට අඩුවට හදන ඒව තනම් කරල.

    අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගෙ වගකීම පොඩ්ඩක් සයිස් එක අඩු හින්ද අඩු ගානට නොගෙන හරි ගාන ගෙවල හරි බඩු ගන්න එකත්.

    ReplyDelete
    Replies
    1. ඔව් බ්ලොක් ගල් හදන්න ගල් කුඩු සහ චිප්ස් ගෙනියන සමහර උන්දැල බ්ලොක් ගලේ උස අඟල් භාගයක් අඩුවෙන් හදල විකුනනවා. 14x7x4 බ්ලොක් ගලක් 14x6.5x4 වෙන්නේ එතකොට. ඉංජිනේරුවරු හදන ඇස්තමේන්තුවේ තියන විදියට ගල්, වැලි, කොන්ක්‍රීට් ගල්, බ්ලොක් ගල් ප්‍රමාණ පොඩි ලොරි වලින් ගෙන්නුවම හැම වෙලාවකම මදි වෙන්නෙත් ඔය හේතුව නිසාවට. ඊට පස්සෙ මදි පාඩු ගෙන්නනකොටත් කොන්ක්‍රීට් ගල් කියුබ් කාලක් කියල ලොරිකාරයෝ අපෙන් අරන් යන්නේ ලෝඩරේ බකට් එකෙන් රුපියල් 1000ක දෙන්න කියල හිතේ හෝදිසියට දාල දෙන ටික. අපිටත් මල කරදරේ. ඝන අඩි 80, 85 ලොරි ගෙනත් ඒ ගානට ගෙවල වැඩියෙන් අරන්යන්නමයි හදන්නේ උන්ගේ "පව් හේදෙන්න"

      Delete
  10. අම්මෝ ඒ අතින් බලනකොට අපි කොච්චර සාදාරණ මිනිස්සුද හේ..හේහ

    ReplyDelete
    Replies
    1. අපි වගේ පුංචි මිනිස්සු සාධාරණයි බං ගොඩක් වෙලාවට අනිත් උන්ට වැඩිය..

      Delete
  11. ඔය සිද්දිය නිසා මේ ලඟදි එකෙක් අම්මගෙ පදෙන්ම අහගන ගියා.උගේ ලොරිය කියුබ් 2කේ එකක්.ඒත් තට්ටුවට ලෑලි ගහලා අඩි 185යි තියෙන්නේ.හාර්ඩ් වෙයාර් වලට මෝලෙන් දෙන්නේ සාමාන්‍ය විකුණුම් මිලට වඩා අඩුවෙන්.ඒ බැළුවත් තුන්කාල ලෝඩ් 1කින් මූට නිකන් ඉදලා රු.945ක් ලාභයි.(හොර කරන අඩි 15ට ).මූ ඒකත් තව අඩුකරලා ඉල්ලලා මගෙන් අම්බානට බැනුම් ඇහුවා.

    කොහොම කලත් ගෙයක් හදද්දී මේවා ගැන ටිකක් හරි දැනුමක් තියෙන්න ඕනේ.එහෙම දැණුමක් නැත්තම් ඒ ගැන දැණුමක් තියන කෙනෙක්ගෙන් සහයක් හරි ලබාගන්න ඕනේ.ඒ දැණුම නැති මිනිස්සුන්ව පුදුම විදිහට අන්දනවා.මේ ලඟදී අපෙන් අඟල ගල්කියුබ් 3ක් අරගන ගිහින් තුන්කාල කියලා බාලා තිබුනා.අඟලෙයි,තුන්කාලෙයි වෙනස අදුරගන්න බැරි මනුස්සයෙක් ගෙයක් නොහදා නිකන් ඉන්න ඕනේ.කොහොම කලත් අතරමැදි සහය අඩුකරගන නිශ්පාදකයගෙන්ම ගන්න එක තමා වාසි සහගතම.

    ප්‍රවාහණයට අළුත් කියුබ් 3නේ හරි 5හේ හරි ලොරි හොයා ගන්න පුළුවන්නම් තවත් ගොඩ.අළුත් ලේලන්ඩ් එකක කියුබ් 3න කිවුවට තව අඩි 5-6ක් වැඩිපුර තියනවා.ගල් මෝලෙන් ගල්පටවද්දී ඔය අඩි 5 ගැන සැලකිල්ලක් නෑ.දාලා දෙනවා.පොඩි ලොරි වලින් ගල්,වැලි අදින එක ඇත්තටම පාඩුයි.

    ගල්,වැලි වගේම තමා බාත් රූම් උපකරණ,ටයිල් වගේ දේවළුත්.ඔය නම ගිය ප්‍රසිද්ධ සමාගම් කීපය හැරුන කොට අනිත් ශෝ රූම්වල කෙරෙන්නේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගේන බඩු ඩිස්ප්ලේ දාන එක.උදාහරණයක් නම් නාවලපාරේ ටයිල් කඩ වල් තියන බඩු වලින් 90%ක් කඩවල තියන බඩුවල අයිතිකාරයෝ ඉන්නේ තුන්දෙනයි.අපි කඩ 20කට ගිහින් තේරුවත් තෝරන්නේ උන් 3දෙනාගේ බඩුම තමයි.අපි කඩේකට ගිහින් ටයිල් ගත්තොත් ඒ කඩෙන් අපිට දෙන්නේ බිලක්,ඒක පෙන්නලා ස්ටෝර්ස් එකෙන් ගන්න කියලා.ඒ ස්ටෝර්ස් අයිති අර තුන්දෙනාගෙන් කෙනෙක්ට.ඒ බිල බලලා අපිට ට්යිල් දීලා ඒ කඩේට අදාල කමිශන් මුදල දෙන එක තමා සිද්ධ වෙන්නේ.එහෙම බඩු ගන්න ගියහම ඒ කඩ වලින් කොච්චර කිවුවත් වගකීමක් ගැන සහතික වෙන්න බෑ.ඒ නිසා හොඳම දේ තමා ඔය වගේ බඩු ගන්න කොට ප්‍රසිද්ධ සමාගමකින් බඩු ගන්න එක.මොකද මනුස්සයෙක් ගෙයක් හදන්නේ ජීවිතේ එක පාරක් නිසා.
    ජය වේවා සජ්ජා....

    ReplyDelete
    Replies
    1. මටත් ඔයවගේ වැඩ අනන්ත වෙලා තියනවා. තුන්කාල් තියන ටික ලෝඩ් එකකට මදි නම් මැද්දට අඟල දාගෙන යන්න හදනවා. මම නම් දෙන්නේ නෑ එහෙම. ප්‍රමානේ අඩු අඩි 80,85 ලොරියෙනුත් අඟලක් අඩුවෙන් පටවාගෙන ඒකෙ ගැන ඉල්ලන් යන්න හදන ඩ්‍රයිවර්ලා ඕනෑතරම් ඉන්නවා.බාග,කාල් ගෙනියන්න ආවම මල කරදරේ. සල්ලි අඩුවෙන් දීල වැඩියෙන් ගෙනියන්නමයි හදන්නේ.ලොරියට අඩුවෙන් පටවල වහන රෙද්ද හතරකොනෙන් ඇදල බඳිනවා. පිටින් පේන්නේ පිරිලා තියනවා කියල. ඒත් ඇතුලේ බඩු අඩුයි.
      ටයිල් කතන්දරේ නම් දැනගෙන හිටියේ නෑ. හැබෑ නේන්නම් , ඉස්ටෝරුවෙන් ගන්න කියල නේන්නම් මුන් කියන්නෙ. උඹට ඉස්තුතියි කටුස්සා... මට ටයිල් ඕනවෙනව ඉස්සරහට. ජයවේවා !!!!

      Delete
  12. ඕනෑම වැලි ගොඩක්, ගල් ගොඩක්, උඩින් කපපු පිරමීඩාකාර විදියකට හදලා ඒකේ පරිමාව ගණනය කරන්න පුළුවනි නේද? එහෙම ගනං බලා සල්ලි දෙනවාය කියා බීස්නස් එක කතා කළ නම් වැඩේ හරි.

    හොරු වැඩිවෙන්න එක හේතුවක් හොරකම්වලට කරබා ගෙන ඉඳීම!

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම මනින්න පුළුවන් ප්‍රමාණය . ඒත් ඔය කම්බහොරු ඕවට කැමති වෙන්නේ නෑ. උඩ කොමෙන්ටුවක ඉන්දික කිව්වා වගේ කෙලින්ම බෑ කියාවි එහෙම ගේන්න. ඔට තත්වේ දැන් මාෆියාවක් වෙලා. කව්රුත් ඒ ගැන හොයන්නේ බලන්නේ නෑ. ටවුන් වල හාඩ්වෙයා බලන් ඉන්නද්දී දියුණු වෙනවා වගේම උන්ගේ ලොරි තට්ටු බලන් ඉන්නෙද්දී පුංචි වෙනවා. ප්‍රසිද්දිය වැඩි නම් බිස්නස් වැඩි නම් ඒ වගේ හාඩ්වෙයා කරන උන්ගෙ ලොරි පුංචි වැඩි. අත්දැකීමෙන් කියන්නෙ.

      Delete
  13. හොඳ විසරත්යක්. අපේ ගොඩනැගිලි වැඩේනං බොහෝ දුරට ඉවර කරල තියෙන්නෙ. නමුත් දැන් තේරෙනව කොන්ත්‍රාත් කාරයින්ගෙ පොඩි පොඩි කේස් තියෙනව කියල.
    ගල් බැමි බඳිනකොට බැම්ම මැනල වර්ග අඩි ගාන කියන්නෙ නැතුව ගේන ගල් ටිපර් ගානට ගාන කියන්නෙ මොකද කියල දැං හිතාගත්තහැකි.

    ReplyDelete
    Replies
    1. විසරත්යක් - විස්තරයක්

      Delete
    2. අපෝ ඒක ඉවර උනාට ජීවිතේ ඕනතරන් දැනුවත් වෙලා හිටියොත් ප්‍රයෝජනවත් වෙනවා මේ වගේ දේවල් කවදාහරි. අනිවාර්යෙන් ගල් කියුබ්1 ගානට අඩි 80 ලොරි වලින් ගෙන්නලා බැඳලා ගාන කපන්න ඇති.

      Delete
  14. Ubei labbagei post okkoma kiyawala iwarai. Thawa liyahan. Jaya wewa..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බං.. ලියන්නම් ලියන්නම්...

      Delete