පරිසරය සමඟ පවුලත් සුරකිමු ...!!!!!

"චූටි දුවගෙ පිටි ඉවරයිද මන්ද "..... " ඉතිං මම එන්න කලින් කියන්න තිබ්බනෙ . දැන් මේ වෙලාවෙ කොහෙන්ද පිටි ගන්න ෆාමසි  ඇරල තියෙන්නෙ... පොඩ්ඩක් කලින් කියන්නෙපැයි.. බලන්න බලන්න හෙට උදේට දෙන්න තියනවද කියල" ....."උදේට නං ඇති වෙයි වගේ" ..... "ඉතිං අනේ අම්මට කියන්න තිබ්බනෙ තාත්ත එනකොට වත් ගෙන්නගන්න කියල. මොනවා කරනවද මන්ද. ෆුඩ් සිටිය තාම ඇරල ඇති නේද. ඉන්න මම ගිහිං එන්නං. ඔය ටින් එකේ පොඩ්ඩනෙ තියෙන්නෙ  "... කෙල්ලට උදේ බඩගින්නෙ තියන්න කියල යැ. ඉස්මුදුනට යක්ෂය ආරූඪ වෙන්නෙ මේ වෙලාවට. ගෙදර ඉන්න එවුන්ට මෙලෝ විචාරයක් නැද්ද. ගෑණුත් එකයි , අපේ අම්මත් එකයි , උන්දගේ අම්මත් ඒකයි, කිරිසප්පය මෙලෝ දෙයක් දන්නා එකක්යැ . මුන්ගේ ^(^(&*&*^ .... ඔය විදිහේ සිතුවිලි සමුදායක් එක්ක එලියට බහින්න ලෑස්ති වෙන්න හදනකොට  "කොහෙද යන්න හදන්නෙ පුතේ " කියාගෙන ආපු අම්මට කාරණාව කිව්වම "ඇයි මම තාත්තට කියල ටින් දෙකක් ගෙන්නගත්ත , දුව දකින්න නැතුව ඇති" කිව්ව ගමන් ඉස්මුදුනේ හිටපු යක්ෂය බිමට බැස්ස. වැඩ ඉවර වෙලා ගෙදරට ගොඩවෙනකොට හිනා කටක් පුරෝගෙන කෑගහගෙන දණගානෙන එන පුංචි කෙල්ලව  වඩාගත්තම අතපය හතරෙන්ම බදාගෙන මගෙ ඇඟ බදාගෙන මූණ උරහිසේ ඔබාගන්න හැටි... සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නම ඒක ආසාවෙන් තුරුළු කරගෙන ආඩම්බරෙන් හිනාවෙලා මං දිහා බලන හැටි...    වඩාගෙන ඉන්නකොට සද්ද නැතුවම චූ වලින් මාව නාවල මූණ දිහා බලල හිනා වෙනහැටි... දවසින් දවස අලුත් දේවල් ඉගනගෙන අමුතු හපන්කම් පෙන්නන ගමන් ටිකෙන් ටික ලොකු වෙන හැටි.. කියන්න වචන නෑ...
කාලෙ  අත් දෙකට යන්තමට  අහුවෙන තරමට හිටි පුංචි බෝනික්කි ටිකෙන් ටික ලොකුවෙන හැටි බලාගෙන අපි දෙන්න විඳින සතුට, අපි මහන්සි වෙලා උපයන මුදල් වලින් කෑමබීම ඇඳුම් සහ අනෙකුත් දේවල් පොඩ්ඩිට ගෙනත් දෙනකොට හිතට දැනෙන තෘප්තිමත්බව සහ අභිමානය, අපිත් දැන් අම්මල තාතල නේද , අපේ ලේ වලින් හැදුනු එකෙක් නේද මේ කියල හැඟෙන දැනෙනකොට හිතේ පැළපදියම්වෙන අමුතුම සතුට . සතුට  මිල කරන්න බෑ. අපේ අම්මල තාත්තලටත් ඔය දේ ඔය විදියටම දැනෙන්න ඇති. හැම අම්මෙක් තාත්තෙක්ටම කාරණාව විදියටම හැඟෙනවා දැනෙනවා ඇති.


වගේම තමයි  තමන්ගේ දරුවාගේ බඩ පුරවන්න බැරි වෙනකොට , තමන්ගේ දරුවාගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැරිව යනකොට , තමන්ගෙ ලේ වලින් හැදුනු එකාට අඩුපාඩු සිද්ධවෙනකොට අම්මට තාත්තට මොන තරම් දුකක් දැනෙනව ඇතිද...  පොඩි එකෙක් කිරි ඉල්ලලා අඬනකොට, කන්න නැතිව කන්න ඉල්ලනකොට, හරිහමන් ඇඳුමක් නැතුව වැරහැලි ඇඳගෙන ඉන්නව දකිනකොට දේවල් සපයන්න බැරි වෙනකොට අම්මක් තාත්තෙක් උහුලාගෙන ඉන්නේ කොහොමද. මිනිස්සු කොයි තරම් අසරණ වෙනව ඇතිද වෙලාවට . එහෙම බලනකොට මේ කාරණා එකම කාසියේ දෙපැත්තක්. පොඩි කාලෙ මමත් සමහර දේවල් අම්මගෙන් තාත්තාගෙන් ඉල්ලන්න ඇති. සමහර විට දෙන්නට දේවල් මට දෙන්න බැරිව යන්න ඇති. වෙලාවට උදවිය කොයිතරම් අසරණ වෙන්න ඇතිද?  "උඹට පුතේ චුටි දුවට තරම් ඔච්චර පහසුකම් පොඩි කාලෙ තිබිල නෑ"  අපේ තාත්ත නිතරම කියන  කතාවක්. වෙලාවට තාත්තගෙ මූණෙන් පෙනෙන අසරණ බැල්ම දකින්න මම චුට්ටක් වත් කැමති නෑ.. "පිස්සුද තාත්තෙ , කාලෙ අපි උන්නු විදියට මං වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය ඔයා කරල තියනව " කියල හැම වෙලාවකම තාත්තව අස්වසන එක දැන් පුරුද්දකට ගිහිං.  "දවසගානෙ උඹ චුටි දුව ගාව ඉන්නව, හුරතල් කරනව, ඒකි උඹේ ඇඟේ එල්ලිලා ඉන්නව. උඹ පොඩි කාලෙ මට එහෙම හැමදාම ඉන්න ලැබුනෙ නෑ" ඕකත් නිතරම තාත්තගෙ කටින් පිටවෙන කතාවක්. ඔව් ඇත්ත. පුංචිම කාලෙ තාත්ත මං ගාව හිටියෙ නෑ හැමදාම. ගොඩක් දවස් වලට තාත්තව දකින්නෙ නෑ රෑට වත්. රැ දෙගොඩහරි ජාමෙම ඇවිත් උදේ පාන්දර ගිහිං. කාලෙ තාත්ත මං ගාව මාත් එක්ක හුරතල් වෙවී හිටිය නං මං  බඩගින්නෙ. 


පහුගිය දවසක බඳින තුවක්කු, හක්කපටස් ගැන සංවාදයක් ට්‍රාන්සිල්වෙනියා අඩවියේ ඇතිවෙලා තිබ්බ . ඔය සම්බන්ධ සංවාද වලදී ගොඩක් වෙලාවට අවිහිංසාව , අනුකම්පාව සහ සත්තු මරණ මිනිස්සු පිළිකුල් කරල කරන කතාබහ තමයි ගොඩක් වෙලාවට ඉස්මතු වෙන්නෙ. මං මෙතැනදී මතුකරන්න හදන කාරණාව ඔයිට වෙනස්.  සත්තුන්ට ජීවත් වීමට තියන අයිතිවාසිකම ගැන කිසිම විවාදයක් නෑ වගේම තමයි මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගෙන ජීවත් වෙන්න තියන අයිතිය ප්‍රශ්ණ කරන්නත් කාටවත් බෑ.
අපේ පවුලෙ යාළුවො කට්ටියක් ඉන්නව මැදවච්චියෙ . එහෙ අයිය කෙනෙක් ඉන්නව උග්‍ර ජේ.වී.පී. කාරයෙක්. හැමදාම මාත් එක්ක පැටලෙනව උගේ සමාජවාදී ටෝක් එකත් එක්ක. " මිනිස්සුන්ට නිකං කන්න දෙන්න හොඳ නෑ, මිනිස්සු මහන්සි වෙනව නං මහන්සියේ තරමට හම්බකරන්න පුළුවන්, මිනිස්සු දුක් විඳිනව සමාජ අසාධාරණයක් තියනවා කියන්නෙ බොරුවක් " වගේ පඬි ටෝක් එක්ක මම එදත් ඌත් එක්ක පැටළුනා. උන්ගෙ මාම කෙනෙක් ඉන්නව තන්තිරිමලේ. කාලෙකින් එහෙ ගියෙත් නෑ කියල අපිත් එක්ක පන්සලුත් ගිහිං එහෙත් ගිහිං එන්න කියල පිටත් උනා.  පන්සල් කාරිය ගිහිං එනගමන් අර ගෙදරටත් ගොඩවැදුන. වරිච්චි බිත්ති වලින් වටවෙච්ච ඉලුක් හෙවිලි කරපු පුංචි ගෙදර ඉඳගන්න තිබ්බෙ පුටු කබල් දෙකයි.   මාම ගෙදර හිටියෙ නෑ.  නැන්ද අපි කට්ටියට ඉඳගන්න දෙන්න විදියක් නැතිව පත් වෙච්ච අසරණකම මට හොඳටම දැනුන.  මුදුලෙ මිටිවට හැදිල තිබුණු කර්තකොලම්බන් අඹ ගස් වල අතු වල වාඩි වෙලා "මෙහෙ නියමයි, නියමෙට හුලං වදිනව" කියල අපහසුතාවය මගාරවපු අපට තේ ටිකක් දෙන්න ගෙදර සීනි තිබ්බෙ නැති බව මට ඉවෙන් වගේ තේරුණා. "තේ නං බොන්න බෑ නැන්දෙ අපි මගදී බීම බීල ආවෙ" කියල වැඩෙත් ශේප් කරගෙන ඉන්නකොට අර මාම ඉහින් කණින් දාඩිය පෙරාගෙන උදල්ලකුත් කරේ තියන් ගෙදරට සේන්දු උනා.  වල්  ඌරෝ හේන්  පාළු  කරන හැටි , රෑට කුඹුරු වලට අලි එන හැටි, මොණරු වී කරල් උරාබොන හැටි , කලට වෙලාවට වැස්ස නොලැබෙන හැටි වගේ දහසකුත් එකක් ආඩපාලි සහිත  මාමගෙ කතාවත් අහගෙන ඉඳල එන්න පිටත් වෙන්න හැදුවත් "මුකුත් බීලත් නෑ,  බත් ටිකක් කාල යන්නම ඕන" කියල පෙරැත්ත කරල දුන්න බත් පත එපා කියන්න අපට හිත්  දුන්නෙ නෑ.. " ඔය මාමා උදේ ඉඳන් රෑ  වෙනකල් ගිනි අව්වෙ පිච්චි පිච්චි වැඩ කරනව, නැන්දත් එහෙමයි. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.  ඔය මනුස්සය අරක්කු සිගරට් බොන්නෙ නෑ, වෙන කිසිම නරක වැඩක් කරන්නෙ නෑ, සල්ලි නාස්ති කරන්නෙ නෑ, දරුවො ටිකට උගන්නනවා. දැන් එතකොට උඹ කියන්නෙ මහන්සියේ තරමට මිනිස්සු ජීවත් වෙන විදිය ඇති කියලද? නිකං කකා බිබී චූන් එකේ ඉන්න සමහර එවුං ඉන්න විදියත් එක්ක මේ මිනිස්සුන්ට ලැබෙන ප්‍රමාණය ප්‍රමාණවත් කියලද?සමාජ අසාධාරනත්වයක් නෑ කියලද?ආපහු එන ගමනෙදි අරූ මට කියපු කතා වලට මට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ.


දුෂ්කර පළාත් වල ජීවත් වෙන ගොවිතැනෙන් රටේ නිෂ්පාදනයට දායකත්වය සපයන මිනිස්සුන්ට තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වගාවට වන සතුන්ගෙන් සිද්ධවෙන හානිය. කුඩා කෘමි  සතාගේ පටන් සද්දන්ත අලියා දක්වා සතුන් ඔවුන්ගේ වගාවන්ට හානි කරනව. තමන්ගේ දරු පැටවුන්ට කන්න දෙන්න , පවුල නඩත්තු කරන්න තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න මිනිස්සුන්ට සිද්ධ වෙනව. පිටින් බලන මිනිස්සුන්ට පේනව අලින්ට වෙඩි තියන, වල්  ඌරන්ට හක්කපටස් තියන ඉත්තෑවන්ට උගුල් අටවන මිනිස්සු අමුතුම සත්ව කොට්ඨාශයක් විදියට. තමන්ට ජීවත් වෙන්න තියන එකම මාර්ගය තමන්ගේ වගාව රැකගන්න එක නම්, තමන්ගේ දරුවන්ගේ බඩ පුරවන්න තියන එකම මාර්ගය තමන්ගේ වගාව පමණක්ම නම් මොකක්ද මිනිස්සුන්ට තියන විකල්පය? රෑට ගම වලට වැදිල වටේ තියන වගාවල් ඔක්කොම විනාශ කරල ගේත් කඩල ගෙදර මිනිස්සුන්ටත් ගහන්න එන අලි,   පෙරහරේ කරඬුව ගෙනියන පරපුර, බුද්ධිමත් සද්ධන්ත සොබාදහමේ දායාදය කියල අතාරින්න පුළුවන්ද? තමන්ට ආදේශ කරගෙන බැලුවොත්, මට ඔය තත්වය උදා උනොත් ගෙදර ගෑණි, පොඩි එකී , අම්මල තාත්තල වෙනුවෙන් "කඩොල් ඇතා" උනත් මරන්න දෙපාරක් හිතන්නෙ නෑ. හක්කපටස්, බඳින තුවක්කු තහනම් තමයි, බොහොම අමානුශිකයි තමයි. හැබැයි බහුතරය දේවල් භාවිතා කරන්න පෙළඹෙන්නෙ තමන්ගේ වගාව රැකගන්න, දරු පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන්.  අපි අද කන බත් පතේ බත් ටික වෙනුවෙන් ගොවියා කෝටි ගණනක් කෘමි සතුන් මරල තියනව, පනුවන් ගැඩවිලුන් දහස් ගණනකට වගකියල ඇති, සමහර විටක අලියෙක්ට වෙඩි තියල ඇති. වට්ටක්කා ව්‍යාංජනය වෙනුවෙන් වල් ඌරෙක්ට හක්කපටස් තියල ඇති. මයියොක්කා අලය  වෙනුවෙන් ඉත්තෑවන්ට හබකක් අටවන්න ඇති. හැබැයි මනුස්සයාගෙ නිෂ්පාදන පරිභෝජනය කරමින් අපි "අවිහිංසා වාදී "වෙනව. එයින් මිදෙන්න "වෙජිටේරියන්" වෙලා හිටියමැ කියමු. හැබැයි කන හැම "වෙජී කෑමකත්" අතුලාන්තයේ සත්ව ඝාතන රැල්ලක් අන්තර්ගතයි. ඇත්ත ඒකයි. දරු පැටවු  බඩගින්නෙ කන්න ඉල්ලනකොට වෙනුවෙන් මිනිස්සු ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන එක ස්වාභාවිකයි. ගොවි මහත්තුරු අඹු දරුවන් වෙනුවෙන් අපට ආහාර සැපයීම වෙනුවෙන් කෝටියක් පව් තනි අයිතියට පවරාගන්නව. අපි ඒව කන ගමන් අවිහිංසාව ගැන කියවනව.

පරිසරය සම්බන්ධයෙනුත් ඔය කාරනාව ඔය විදියටම අදාලයි. උදාහරණයකට ගත්තොත් මම අපේ වත්තෙ තියන ගල කඩනව. පරිසරයට හානි සිද්ධ වෙනව. කුඩා සත්තු දහස් ගණන් මැරෙන බව මම දන්නව. ඇමෝනියම් නයිට්රේට් පුපුරද්දී නයිට්‍රජන් ඩයොක්සයිඩ්  වායුව මුක්ත වෙන බව මම දන්නව. පරිසර සමතුලිත තාවයට හානියක් මගේ ව්‍යාපාරයෙන් සිද්ධවෙන බව මං දන්නව. ඔක්කොම දැන දැනම මගේ පොඩි කෙල්ලගේ බඩ පුරවන්න ඕන නිසා, අම්මල තාත්තල ජීවත් කරවන්න ඕන නිසා පවුල ඉදිරියට ගෙනයන්න ඕන නිසා මම ඒක කරනව. මම කඩන ගල් වලින් ගෙවල් හැදෙන බව මං දන්නව. පාරවල් , පාලම්  බෝක්කු හැදෙන බව මං දන්නව, සෘජුවම සහ වක්‍රාකාරව මේ ව්‍යාපාරය නිසා බොහෝ පවුල් නඩත්තු වෙන බව මං දන්නව. හැබැයි මේ වගේ දේවල් හෙලා දකින වැරදියට දකින මිනිස්සු, පරිසර වේදීන් ගොඩ දෙනෙක් ඉන්න බවත්  මං දන්නව. හැබැයි හැමෝම ගල් ගුහා ගස් බෙන වල ජීවත් වෙන්නෙ නැති බවත් මං දන්නව. ගල්,වැලි , ලී පාවිච්චි කරල ලොකුවට හදපු ගෙවල් වල උදවිය ජීවත් වෙන බව අපි හැමෝම දන්නව. ගල් වැලි පාවිච්චි කරලා හදපු පාරවල් පාලම උඩින් වාහන වලින් අස්ස වේගෙන් උදවිය ගමන් බිමන් යන වග අපි දන්නව. එහෙම කරන ගමන් "පරිසරය කනවෝ" කියල බණිනව.  පරිසර  හානිය වෙනුවෙන් එන බැණුම්  මං  තනිවම විඳ දරාගන්නව. මගේ දරු පවුල රැකගැනීම වෙනුවෙන්. පරිසරේ රකින්න ඕන තමයි. හැබැයි ඊට කලින් මගෙ දරු පවුල රැකගෙන ඉන්න ඕන..



.ලි.
ගල් කඩන, පස් කපන, වැලි ගොඩදාන, ගස් කපන ව්‍යාපාරිකයන් සහ මිනිසුන් සම්බන්ධව රූපවාහිනියෙන්, පත්තර වලින් සහ වෙනත් මාධ්‍ය වලින් මිනිසුන් තුල මවන "අමනුස්ස ප්‍රතිරූපය " සම්බන්ධයෙන් සද්ද නැතිව ඉන්නට බැරි නිසා ලියා තබන්නට සිතුනා. අන්තගාමීව ඉවක් බවක් නැතිව කරන එම ක්‍රියාවන් මමද හෙලා දැක්කත් බොහෝ විට සිදු වන්නේ සමස්තයටම පහර දීමක්. නිත්‍යානුකූලව මෙවන් ව්‍යාපාරයක් කරගෙන යාමේදී බලපත්‍ර ලබා ගැනීමට යාමේදී විඳීමට සිදුවන කෙනෙහිලිකම් එමටයි. අප දෙස බලන්නෙ අපරාධකරුවන් දෙස බලනවා වැනි අදහසකින්. නිත්‍යානුකූලව වැඩේ කරගෙන යද්දී එන බාධාවල් එමටයි. අවසරපත්‍ර ලබාගැනීමේදී විඳින නින්දා, ගැරහුම් එමටයි. පගාවල්,සන්තෝසම් දීමේ කෙළවරක් නෑ. දුන්නෙ නැත්නම් වැඩේ කෙරෙන්නෙ නෑ.  දේශපාලුවන්ගේ බලය සහ හයිය තියනවුන් මහා පරිමාණ පරිසර විනාශයන් සිදු කරමින් බාධාවකින් තොරව සියලු දේ කරගනිමින් සිටියදී පාලනයකින් සහ ක්‍රමයකින් යුක්තව හරි ආකාරව ව්‍යාපාරය කරගෙන යන කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට නිමන් නැති කෙනහිලිකම්. 


 මහා පරිසර වේදීන්ගේ ගෙවල් තුළ සාදා ඇති කෘතීම දිය ඇලි වලට අල්ලා තිබෙන්නේ සැබෑ දියඇලි දියපහරවල් වලින් ගෙන රවුම් ගල්. පරිසර ඇමති වරයාගේ ගෙයි බිමට අල්ලන්නේ කුඹුක් ලෑලි. අවිහිංසා වාදීන් අඳින්නේ පළදින්නේ සමෙන් කළ ඉස්තරම් ආයිත්තම්. මුස්ලිම් මස් වැද්දාගේ හෙළාදකින පින්තූර බුකියේ පලකරන්නවුන්ගේ ෆොටෝ ඇල්බම්  පිරී ඇත්තේ  KFC වල කුකුල් අඬු බුදින සෙල්ෆි වලින් . යතාර්ථය ඕකයි...

49 comments:

  1. Replies
    1. කාරනාව ඇත්ත. කැලේ හේනක් කොටල ජීවත්වෙන බොහෝ දෙනෙක් පරිසරයට, සත්තුන්ට හානියක් කරන්නෙ නොකරම බැරි වෙන අවස්ථාවක විතරයි. තමන්ට කොච්චර කරදර කළා උනත් අලියෙක් ළිඳකට වැටුනම බේරල යවන්නෙත්, එතකල් කන්න බොන්න ළඟට ගෙනත් දෙන්නෙත් ඒ මිනිස්සුම තමයි. සත්තුන්ගෙන් ඒ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්නව කියල පොරොන්දු වෙලා ගිහිල්ල කැළෑ කපන, සත්තු මරන මිනිස්සු නෙමෙයි.

      Delete
  2. 100% එකඟයි. කවුරු මොන මොන බයිලා ගැහුවත් යථාර්ථය මේකම තමයි

    ReplyDelete
  3. මචෝ ජීවත් වෙන්න ගේම් දෙන එකයි... ආතල් එකට ගේම් දෙන එකයි ටපල ගන්න එපා..

    උඹ අර ගෙදර ගැන කතා කරන්නේ උඹට සාපේක්ෂව. නමුත් ඒ මනුස්සයා මාර පොරක් වෙනවා ඉඩමක් කඩමක් ගෙයක් නැති කෙනෙකුට.. කොහොම හරි මේ රටේ මිනිස්සුන්ගේ චින්තනයේ ප්‍රශ්ණයක් තියෙනවා.. ජෙප්පෝ නම් මෙළෝ රහක් නෑ.. කිසිම ප්‍රායෝගික නැති දහමක් දෙසනවා තවම.. මේ රට හදන්න මහා දෙයක් කරන්න ඕන නෑ... බොහෝම පොඩි දෙයක් කරන්න තියෙන්නේ... නමුත් ඒ දේ කරන්න එකෙක්වත් නෑ... ඒකයි කරුමය...

    ReplyDelete
  4. එකඟ නොවීමට කරුණක් හොයා ගන්න උපරිම උත්සාහ කළත් බැරිවුණා.

    ReplyDelete
  5. එකඟයි.ඒ උනාට ඔය ප්‍රශ්නවලට උත්තර නං නෑ බං.

    ReplyDelete
  6. // ගල් කඩන, පස් කපන, වැලි ගොඩදාන, ගස් කපන ව්‍යාපාරිකයන් සහ මිනිසුන් සම්බන්ධව රූපවාහිනියෙන්, පත්තර වලින් සහ වෙනත් මාධ්‍ය වලින් මිනිසුන් තුල මවන "අමනුස්ස ප්‍රතිරූපය " සම්බන්ධයෙන් සද්ද නැතිව ඉන්නට බැරි නිසා ලියා තබන්නට සිතුනා. //

    ගල් කඩන, පස් කපන, වැලි ගොඩදාන, ගස් කපන ව්‍යාපාරිකයන් සහ මිනිසුන් පමනද???

    ඔයි ලිස්ට් එකට දොස්තරලා ඇතුලත් කරන්නේ නැද්ද ලොක්කා?

    ReplyDelete
    Replies
    1. දොස්තරලා කරන්නේ පොල් කඩන එකනේ හැක :P

      Delete
    2. ඒකනේ අයිවන් එතුමන් ලාවත් ඔයි ගොඩාම ඇතුලත් කොරන්න කීවේ :D

      Delete
  7. මම ඔය කතාව දන්නවා. මිනිස්සුන්ට වඩා අලින්ට සමාජය කරුණාව දක්වනවා. නමුත් මම ගාමිණී සමරකෝන් එක්ක කුමණ මැදතියෙන ගමට ගිහින් තියෙනවා අසූ ගනන්වල. මම දැක්කා අලි තලපු බයිසිකල්. ඒ මිනිස්සු සත්තුන්ගෙන් බේරිලා ජීවත් වෙන්න කරන සටන. අලි නැති පළාත්වල ඉන්න කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. කුමණගම නම් තියෙන්නෙ අභයභූමියක් මැද්දෙ කියමු, අද අපින්ගෙන් පහර කන හැම එකාම ඉන්නෙ රක්ෂිත ඇතුලෙ නෙවෙයි. අලින්ගෙන් පීඩා විඳින මිනිස්සු එක්ක මම කතා කරලා තියෙනවා. අපිට දෙන්න ලේසිම උත්තරේ තමයි මිනිස්සු ගිහින් අලි ඉන්න කැලෑවල් අල්ලගෙන කියන එක. එහෙමනම් ඒ මිනිස්සුන්ව ගෙනල්ල ඔය නුගේගොඩ, කිරිබත්ගොඩ, ජාඇල, කැළණිය, පේරාදෙණිය වගේ පැතිවල පදිංචි කරවලා රස්සාවලුත් හොයලා දුන්නනම් හරිනෙ. අපිට අමතක වෙන දේ තමයි එහෙනම් කොළඹ කුරුඳුවත්තත් කාලෙකට ඉස්සෙල්ල සත්තුන්ගෙන් පිරුණු කැලෑවල් බව. එහෙමනම් මිනිස්සු තමයි වැරදි තැන ඉන්නේ. මුලු බිමම අයිති සතුන්ට, මහ වනයට. එතකොට අපි කොහාටද බං අයිති?

    ReplyDelete
  8. පාරිසරික සම්පත් එක්ක ගණුදෙනුව හරි පරිස්සමින් කරන්න ඕන දෙයක්.ඒත් වෙලා තියෙන්නෙ කෙලින එකා කෙලිනවා අනිත් එවුනුත් හොම්බෙන් යන්නම.ඉතින් ඔක්කොටොම එකම කස පාර දෙනවා සමාජෙනුත්.
    උඹ මතු කරන කාරනේ හරි.නිකමට බලපන් මොණර රංචු පුදුම විදිහට බෝ වෙලා.ඌරෙක් හාරපු තැනක් දැක්කම බය හිතෙනවා.අලියෙක් තලපු කෙහෙල් වගාවකට ගියා මචං ඌ කාල තියෙන්නෙ දෙකයි තුනයි.ඒත් වටේම පොඩි කරලා ආතල් එකට.වගාව කරපු එකා කොළඹ ගියා අත්වැඩ දෙන්න ඉඩමත් එක්ක නැහෙන එක අතෑරලා.
    100% විසඳන්න බැරි උනාට වේදනාව අඩු කරන්න පුළුවන් ප්‍රශ්න මෙව්ව.
    (කෙලි පොඩ්ඩ නම් හුරතල් මල්ලක් වගේ.සුභ පැතුම් තාත්තෙ.)
    ජයවේවා..!!

    ReplyDelete
  9. රජ මැදුරක ඉපදී සිටියානම් 
    නුඹත් රජෙකි පුතුනේ
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි 
    අද නුඹෙ සිරියහනේ
    හීනෙන් හිනා නොවී මා - හඬවාපන් මේ රෑ යාමේ…

    පුංචි පැටික්කන් මඟ දිග හඩවන 
    සිල්ලර රසකැවිලි
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
    යානා පෙනී පෙනී
    අහක බලාගෙන මග දිග යන විට
    නෑ මට වාවන්නේ
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

    ඉද හිට මොලවන ලිපත් දනී පුත
    කැඳ රස සුනු සහලේ
    දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ
    ඇදලා කල් ගිය රෙදි වැරලි
    නෑ මට වාවන්නේ
    හීනෙන් හිනා නොවී මා
    හඬවාපන් මේ රෑ යාමේ …

    ReplyDelete
  10. //දවසගානෙ උඹ චුටි දුව ගාව ඉන්නව, හුරතල් කරනව, ඒකි උඹේ ඇඟේ එල්ලිලා ඉන්නව. උඹ පොඩි කාලෙ මට එහෙම හැමදාම ඉන්න ලැබුනෙ නෑ.//

    උඹගෙ දූට වඩා මාසයක් බාල මගෙ දූට මමත් දවස ඕක කියයි..

    ReplyDelete
    Replies
    1. කිව්වා කියල හිතාගන් ,

      Delete
    2. අඩෝ එහම කියන්න එපා පත්තරේ ..

      Delete
    3. එහෙම නොකියන්න උඹ වගබලාගනිං, දැන් මෙහෙ මොනාහරි දෙයක් කරල ඉන්න කාලෙ හරි ,

      Delete
  11. ප්‍රායෝගිකව 100% ක් සාර්ථකව කරන්න අමාරුයි. නමුත් හානිය අවම කරගන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. සැලැස්මක් ඇතුව වැඩ කිරීම තමයි වැදගත්ම කාරණේ. ඒ වගේම හානිය අවම කරගැනීමේ විකල්ප ගැන කල්තබා සිතා බැලීමත් වැදගත්.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ පරිසරය එක්ක ගනු දෙනු කරන්කොට අවම හානියක් වෙන විදියට වැඩ කරන්න ඕන කියලා.

      Delete
  12. සුන්දරත්වය විඳින්න මිනිස්සු ගම්බදට යනවා , කඳුකරයට යනවා . ඈත පෙන පුංචි ගෙවල් දිහා ආසාවෙන් බලනවා , ඒවා පසුබිමට වැටෙන විදිහට සෙල්ෆි ගහලා " ෆීලින් වොන්ඩෆුල් විත් ....." කියලා අප්ලෝඩ් කරනවා . ඒ ඇතුලේ ඉන්න මිනිස්සු විඳින දුක කාටවත් පෙන්නේ නෑ . ඒක දන්නේ ඒ මිනිස්සු විතරයි ,

    ReplyDelete
    Replies
    1. අඩේ ඔහොම කියන්න එපා. ඒකවත් නැත්නම් අපිට විඳින්න කිසිම දෙයක් නැද්ද? :)

      Delete
  13. ඔය සත්ව හින්සනය ගැන කතා කරන මිනිස්සු මදුරුවෙක් කනකල් සද්ධ නැතුව ඉදීද? නයෙක්, පොලගෙක් ගෙදර ආවම නිකන් ඉදීද? එතකොට බලා ගන්න පුලුවන් කියන සත්ව කරුණාව කොහෙද තියෙන්නේ කියලා... එහෙම මිනිස්සු තමයි අලින්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ...

    පරිසරේ විනාශ කරන්නේ පොඩි මිනිස්සු නෙවෙයි... ඒවා රකින මහ එවුන්ම තමයි...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වෙන විකල්පයක් නැති නිසා පරිසරයට සත්තුන්ට කරන හානියට වඩා පරිසරය රැකගෙන තමන් ගෙ වැඩේ කරගන්න පුලුවන් කම තියද්දි කරන විනාශය ගොඩක් වැඩියි කියලයි මට හිතෙන්නේ.
      --ඉමා--

      Delete
  14. daruwata piti denna epa.udeta wathura denna.eeta passe bath denna.

    ReplyDelete
    Replies
    1. Fresh milk denna 10 withara.

      Delete
    2. ඔහොම කලාම සෙමට දෙන බේත් විකුනන්නෙ කාටද ?

      Delete
    3. මචන් අපේ පොඩි එකාට දැන් කාලෙක ඉඳල දෙන්නේ අඹේවෙල...
      ඌට විශේෂයෙන් අමුතු සෙමක් හැදෙන්නේ නැහැ...
      එළකිරි වල සෙම තියෙනවා, ළමයි ලෙඩ වෙනවා කියන එකත් පිටිකිරි කාරයෝ පතුරවපු කතාවක් වෙන්න ඇති...
      අපි ගිලින්න ලණු හොයාගෙන යන ජාතියක්නේ බං...

      Delete
  15. අපි ඔය කියන දේවල් බලපාන විදිය එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා නේද?

    අපි පොඩි කාලෙයි අද හැදෙන පොඩි ළමයි යි සමාන කරන්න බෑ. කොටින්ම ඒ අයගේ අවශ්‍යතා වෙනස්. සමාජය වෙනස්.
    ලොකු මෙට්‍රොපොලිටන් වල ඉන්න අපි හීන දකිනවා ගමකට ගිහින් ඉන්න. හැමදාම ඉන්න බැරි වුනත් දවස් කීපයක් හරි. ගමේ කෑම කන්න ඔය වගේ ඒවා අපිට හීන වෙද්දි ඒ ගම්වල ඒ පරිසරවල ඉන්න මිනිසුන්ට අපේ ජීවිත වලට එන එක හීනයක් වෙනවා.
    කොයි දේත් දිහා විමසීමෙන් හිටියම අවුලක් නෑ. සත්තු මරණවට මාත් විරුද්දයි. ඒත් කෑමට ගන්න සත්තුන්ට නෙමෙයි. කැලේක අලියෙක් වෙඩි තියලා මරනවාට වඩා වෙන විකල්ප වලට යන්න අපිට බැරිද? ඔවුන්ට අයිති පරිසරය විනාශ කරන්නේ මිනිසුන්ම නෙමෙයිද? මේ දේවල් දිහා ටිකක් ලොකුවට හිතන්න වෙනවා.

    ReplyDelete
  16. කියලා තියෙන කාරනා වලට මාත් එකඟයි. ඒත් ඉතින් ඒවට විසදුම් හොයන එක ලේසි නෑ...

    ReplyDelete
  17. මොණරා දැන් තෙත් කලාපයේ කළුතර ගාල්ල දිස්ත්‍රික්ක වලත් ඉන්නවා. විශේෂයෙන්ම තේ වවනගම් ආශ්‍රිතව . වවන කුඹුරු වලට රංච් පිටින් බහන්වා. පිරිමි සත් ගියහම ගොයම බිමට හාන්සි අත අගනා පිල් කළඹ වැදිලා.මඤ්ඤෙක්කා නගා ඌරා විතරක් නෙමේ මොනරාත් ඉත්තෑවත් විනාස කරනවා.වඳුරෝ කෙසෙල්, පෝල ඇතළු බොහො වගා විනාස කරනවා.‍අහිංසාවාදි නිර්මාංස මහත්වරුනි කියන්න මට මෙය වළක්වා ගන්නා හැටි

    ReplyDelete
    Replies
    1. වගා නොකර සිටීමට නිර්දේශ කරමි. හෙහ් හෙහ්...

      Delete
  18. මගේ එළවලු කොටුවෙ උදේට හවසට මොණරු විස්සක් තිහක් පිරෙනවා.. ගොබේ උඩට මතු වෙනකොටම කාල දානවා...දැන් ලියදි දෙක තුනක්ම නිකරුනේ විනාශ වුනා...මරණව කියල ඒ අහිංසක සත්තු මරන්නෙ කොහොමද අප්පෙ හිතක් පපුවක් තියාගෙන...ඔන්න ඔහෙ කාපුදෙන්....උනුත් කාල අපිටත් ඉතුරු වෙයිනෙ කියල අපි දෙන්න හිත හදාගත්ත...

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල එකෙක්ට වැඩක් දීල පරිසරේ සමතුලිත කරපන්, නැත්නම් මොණරු වැසිවෙලා මැනිං මාකට් එකේවත් එළවලු ටිකක් තියාගන්න බැරිවෙයි.

      Delete
    2. ඇත්තෙන්ම මොණර ගහණය වැඩි වෙලා. ඔය තරම් විශාල කුරුල්ලෙක් විශාල ලෙස බෝවීම අන් සතුන්ට හානිදායක ලෙස (සර්පයින්, පොඩි උරගයන් වඳවීම වගේම අන් කුරුල්ලන්ගේ ආහාර වලටත්)බලපාන්න ඕනෙ. තාම රිසර්ච් එකක් කරල නෑ මං හිතන්නෙ

      Delete
  19. පොඩ්ඩි උබමයි
    පොඩ්ඩිට ජය ශ්‍රි මහා බෝ සම්දු පිහිටයි

    ReplyDelete
  20. ගල් කඩන, පස් කපන, වැලි ගොඩදාන, ගස් කපන ව්‍යාපාරිකයන් සහ මිනිසුන් අමනුස්සයො විදියට දකින්නේ ගොඩක් අය ඒ දේවල් කරන වැරදි විදිය නිසා. මම දන්නෙ නෑ ඔබතුමා ගල් කඩනවද ගස් කපනවද කියලා. ගස් කපන කෙනෙක් නම් වෙන ගස් වලට අවම හානියක් වෙන විදියට අවශ​‍ය ගස් විතරක් කපාගෙන කපාගන්න ගස් වලින් උපරිම නිශ්පාදනයක් කරනවා නම් (ගහේ කඳ විතරක් නෙවෙයි අතු ඉති කොළ පොතු හැම දෙයක්ම වැඩකට ගන්නවා නම්) ඉතිරිවෙන දේවල් පරිසරයට හානියක් වෙන්නෙ නැතිව බැහැර කරනවා නම් කපපු ගහ වෙනුවට තව ගහක් පැලකරන්න පුලුවන්නම් මම හිතන්නෙ නෑ කවුරුත් එහම කෙනෙක් මනුස්සයො විදියට දකියි කියලා.

    ReplyDelete
  21. ජිවත් වෙන්න හේනක් කොටන්න කැලේ ගිනි තියන එකයි,ජොලියට කැලේ ගිනි තියෙන එකයි දෙකක්.

    සමහරවිට සත්තු මරන්නේ නැහැ පව් කියලා.හැබැයි එකත් තවත් ප්‍රශ්නයක් වෙනවා ස්භාවික පරිසර සමතුලිතතාවයට.නැතිනම් අර උඩින් කම්මල කියලා තියෙන එක තමයි වෙන්නේ.

    ReplyDelete
  22. සජ්ජා මේ උඹේ දෝනිද. මටත් ඉන්නවා මේ වගේ හුරතල් පොඩිත්තියක්. හැබැයි දැන් ටිකක් ලොකුයි.

    ReplyDelete
  23. //පරිසරේ රකින්න ඕන තමයි. හැබැයි ඊට කලින් මගෙ දරු පවුල රැකගෙන ඉන්න ඕන..//

    මනුස්සයෝ වුන අපි හැමදෙනාම පොදුවේ හිතන්නේ මෙහෙම තමයි...ඒත් මේ දේ අවම පරිසර හානියක් යටතේ නොකලොත්, අපි රකින දරුවොන්ට ජීවත් වෙන්න මහා පොළොවක් ඉතිරි වෙන්නේ නෑ...අපි මේ තාක් කරලා තියන පරිසර විනාශයේ ප්‍රථිපල අපට දැනෙනවා, අපි ගණන් නොගත්තට...දිගින් දිගට තියන අධික නියං කාලයන්...මේ රටවල නම් දිගු ශීත කාලයන්...මේ සේරම දේවල්...ඒ වගේම මිනිස්සු සත්තුන්ට ඉන්න තියන ප්‍රදේශත් ආක්‍රමණය කරලා තමන්ගේ ගෙවල් හදාගෙන සත්තුන්ට බනිනවා...දෙගොල්ලොම අසරණයි ඇත්තෙන්ම...

    ReplyDelete
  24. එක වතාවක් නුවර මගේ මිත්තරයෙකුගෙ නිවසට ගිය වෙලාවෙ එයාගෙ ඤාති නිවසකට ගියා. ඒ ගෙදර ඇත්තියක් මට කිව්වා වෙලාවක එන්න අයියලා එක්ක දඩයමේ යන්න පුලුවන් කියලා හරිම ගාම්භීර විදියට. මට එදා දැනුන පිළිකුල ගැන කියන්න වදන් නෑ බං...මම ඉතාම අප්‍රිය කරන දෙයක් විනෝදයට සතුන් දඩයම් කිරිල්ල.

    ReplyDelete
  25. එකඟ වෙන්න බැරි තැන් එකක් දෙකක් තිබ්බට කියලා තියෙන දේවල් ගොඩක් එක්ක එකඟයි . . . ඇත්ත කවුරු මොනවා කිව්වත් අපි ජීවත් වෙන්න ඕන අපේ දරු පවුල ජීවත් කරවන්න ඕන. එතනදී අනිත් අයට අයහපතක් නොවී ඒ දේ කරන්න හැමෝටම අවස්තාව නොලැබෙනවා වෙන්න පුලුවන්

    ReplyDelete
  26. සජ්ජා, කෙනෙකුට කිසිම හානියක් නොවෙන රැකියාවක් කරන්න හැමවෙලම හැම කෙනාටම බැහැ තමයි. අවම විදිහට හානිය පවත්වාගෙන කරන එක ඇරෙන්න වෙන විසඳුමකුත් නැ තමයි. ඒත් අපි හැමෝම තනි තනි ලෝක හදන එකෙන් අවදානමක් එන්නෙත් අපි ඒ ලොක හදන අනාගත පරපුරටමයි. ඒත් හැමදේම අනිත්‍ය එකේ අන්තිමේ ආයෙත් එන්නේ ආරම්භ කල තැනටමයි.

    ReplyDelete
  27. කෝ බන් උබ ?
    උත්තරත් නැහැ

    ReplyDelete
  28. සජ්ජා මොකද සද්ද නැත්තේ.

    ReplyDelete
  29. ආවෙමි.. කියෙව්වෙමි. ඇත්ත මුලින් තමන් හැදූ දරුවන් රැකිය යුතුයි. ඒ දරුවන්ට ජීවත් විය හැකි ලෙස පරිසරයද සකස් කළ යුතුය.. ආයෙත් ලියන්න !

    ReplyDelete