කම්මැලියි... අතපයත් හිරි
වැටිලා... ඔළුවට මහා හිස් බවක් ඇවිල්ල... රතිඥ්ඥා සද්දෙ නැති නිසාද මන්දා පරිසරයත් නිශ්ශබ්දයි...අරියාදුවට වගේ
කොහාත් ඉඳල හිටල කෑගහනවා....කන්න බැරි පුස් කේක් උස්සගෙන විඩෙන්
විඩේට නෑදෑයොත් ගෙට ගොඩවෙනවා... උන්ගෙ බොරු වල්පල් අහගෙන ඉඳල
ඔළුවත් මඥ්ඥං වෙනව... බොරුවට හිනා වීගෙන ඉඳල කම්මුල දෙපැත්තත්
රිදෙනව... උන් යනකොට උන්ට වැඳලා කොන්දත් රිදෙනව... පොඩි උන්ගෙන් බුලත් අරං ඔලුව අතගාලම අතත් රිදෙනව... උන්ට කීය කීය හරි දීල සාක්කුවටත් රිදෙනව...
අම්මගෙ
කන්දොස්කිරියාවෙන් බේරෙන්න පලයල්ලකෝ දැන් නෑදෑ ගෙවල් කවර් කොරන්න. ඒ ගෙවල් ඔලිං කන්න දෙන ජාති කන්න පුළුවන් නං ඒත් කමක් නෑ. පුස් කාගෙන එන කැවුම්, කොකිස් , සබන් රහ කේක් කාලා, බීපල්ලකො සීනි කියන නාමයක්
නැති කටේ තියන බැරි තරමට කහට දාපු තේත්. බඩත් කචල් වෙලාද මංදා
තරු හෝටල් කෑම තිබ්බත් කන්න හිතෙන්නෙ නෑ. අර ටියාරා කියන මල
ජරා කේක් ජාතිය ගෙවල් වලට ගේනවට වැඩිය හොඳයි "කුකුළා පාන්" ගෙඩියක් ගෙනාව නං. ඒත් දැන් "කුකුළා පාන්"
කඩවල් වල නෑ. "නාරං බික්" , "ඇඟිලි ඉස්කෝතු" , "සව්බෝරෝ"
, "බුල්ටෝ" , "පකඩ"
, "බට්ටො විස්කෝතු" , " හුළං
විකොතු" දැන් කඩවල් වල නෑ. තිබුනත්
එව්වට දැන් පොෂ් නම් වැටිල නිසා ඒ නමින් ඉල්ලුවොත් මුදලාලිය මූණ දිහා බලනව. "බට්ටො විස්කෝතු" ලස්සනට පැකට් කොරල "ජේම් බිස්කට්" වෙලා. ඉස්සර "කුකුළා පාන්" නිකම්ම ඉටි
කොලේක ඔතල තිබ්බට දැන් එව්ව සීල් කරලා ලස්සන පෙට්ටියක දාල "ඩේට් කේක්" කියලයි විකුණන්නේ. ඉස්සර ඔය කියන කෑම ජාති හෙන
රහයි. දැන් එහෙම නැත්තෙ ඉස්සර ඔව්ව කාලාතුරකින් කන්න ලැබෙන
නිසා වත්ද? දැන් ෆ්‍රිජ්
එකේ තියන ඇපල් ගෙඩියට වැඩිය ඉස්කෝලෙ ඇරිල පාර අයිනෙ ගහකින් පොලු ගහල කඩාගත්ත අඹ ගැටේ
දිවියලෝක රහ වෙන්න හේතුව වයසෙ වැරද්දද ? එහෙම නැත්තං ඒ කාලේ
අපි හිටියෙ බඩගින්නේද? අම්බරැල්ල ගෙඩියක් නැත්තං, වෙරළු ගෙඩියක් හරි කාපු , ලොකු ලොකු කෑම මුකුත්ම
නැත්තං කොට්ටන් මද ටිකකට හරි වැඩේ දීපු , පිනිජම්බු ගෙඩි තිබ්බෙ
නැත්තං පිනි ජම්බු මල් ටිකට හරි වග කියාපු , ඒකත් නැත්තං කවුරුහරි
කාලා විසිකරලා පරණ වෙච්ච වෙරළු ඇටෙත් තලලා කාපු අපිට ඒ දැනුනු රසය දැන් පිස්ටාශියෝ
කෑවත් දැනෙන්නෙ නැත්තේ ඇයි? හේතුව බඩගින්නද? වයසද? අනේ මන්ද..
"
මාර්ගය ඉඩ දෙන්න, ප්‍රදේශ වාසී හිතවතුනි, අහවල් ගමේ මහා බක් මහ
උළලේ මහා මැරතන් ධාවන තරඟය ( අපේ එවුන්ගෙ පොඩි
වැඩ නෑ කවදාවත්. මහා වැඩ තමා තියෙන්නෙ. එසන්ස් කලරිං සීනි ටිකක් දියකරලා අයිස් කුට්ටියකුත් ගෙනත් ලී කුඩු ගොඩක්
අස්සෙ ගහගෙන බැරල් බාගෙන් දෙන බීම දන්සලට පොලිතින් කොලේක අඳින බැනර් එකේ "මහා" කෑල්ල වෙන පාටකින් මංම ඇඳලා තියනවා අනන්ත. මැද
කූඩුව විතරක් ටිකක් ලොකුවට හදල වටේට අටපට්ටං එල්ලුවත් ඒක "මහා පහන් කූඩුව". ඔය පුරුද්ද එන්න ඇත්තෙ "මහා"වංශෙන්ද
දන්නෙ නෑ. "මහා" සිංහලයේ වංශ කතාවෙ සූරියප්පෙරුම ලොක්කා වචනයක් ඇර
වචනයක් "මහා" කෑල්ල කියනවා මැවිල පේනවා.. "මහා" මගුලක්
ගැන "මහා" විස්තරයක් කියන්න ගිහිං කතාවත් මගෑරුනා) මේ ඔබ ප්‍රදේශය හරහා දිවයන තරඟකරුවන්ට උපරිම සහයෝගය
ලබා දෙන්න (ඒ කියන්නෙ "වතුර ගහපියවු" කියල ) දෙඤ්ඤං ඇට්ටි හැලෙන්න. ඒ දවස් වල වැඩිම ආතල් එක ගත්තෙ දුවන එවුන්ට වඩා "සපෝට් කාරයයොන්ට" වතුර ගහල. ඉස්සර සපෝට් කාරයො ගියෙ පුෂ් බයිසිකල්
වල. දැන් නං මෝටසයිකල් වල. දුවන එකෙක්ට
සපෝට් කාරයෝ 20ක් විතර ඉන්නව බයිසිකල් 10ක් විතර වටකරගෙන. වතුර ගැහුවට වදින්නෙ නෑ. ඒ තරමට සපෝට් කාරයෝ. ඉස්සර අල්ලපු ගම් වල මැරතන්
අපේ ගම හරහා දුවද්දි "වැඩිය දිරවන්නෙ නැති එකෙක්" දුවගෙන ආවොත් වතුර ගහන්නෙ
උගෙ මූණට. අමුම බලු වැඩක් තමයි. ඒත්
ඉතිං "කොළු උණ" කොහෙන් හරි පාකරන්න එපැයි. ඔව්වට රිටනුත් හම්බවෙන වෙලාවල් තියනවා. උන්ගේ
ගම් වලින් අපේ එවුං දුවනකොට මිරිස් වතුර , කිතුල් ඇට වතුර
(ඉදුණු කිතුල් ඇට තලල වතුරත් එක්ක කලවම් කරල ගැහුවම කසනවා
කැසිල්ලක් පලු දාන්නම) කන්න වෙන වෙලාවලුත් තියනවා .
ගමේ අවුරුදු උස්සවේ සංවිධානය කිරිල්ලෙදි ලෙස්සන ගහ
හදන එක ටිකක් භාරදුර වැඩක්. හොඳට මෝරපු උස පුවක් ගහක් කපාගෙන ඇවිත් පිහියෙන් උඩ පොත්ත රහිනවා. ඊට පස්සෙ යතු කැටයකින් හොඳට යතුගාල ටිකක් වේලෙන්න තියනවා. ඊට පස්සෙ වැලි කඩදාසි වලින් හොඳට පොලිෂ් වෙන්න මදිනවා. ඔය වැඩ වලට කොල්ලො සෙට් එකම ඉන්න නිසා වැඩි අමාරුවක් නෑ. ඊළඟට මුළු ගහේම මිනිරන් කුඩු ගානවා ( පහල ගෙදර
අයියලගෙ ගෙදර මිනිරන් කුඩු බාල්දියක් තියනවා කොහෙන් ගෙනත්ද මන්ද. හැමදාම එහෙන් තමා ඉල්ලන්නේ) ඒ වෙනකොට ගහ පොලිෂ් වෙලා කියන්නෙ ආයේ කියල
වැඩක් නෑ. ඊට උඩින්
ගානවා කළු තෙල් තට්ටුවක් . ඊටත් උඩින් තමයි ග්‍රීස් ගාන්නේ. යකෝ මෙච්චර ජාති කොරන්නෙ ලෙස්සන ගහ නගින එවුං එක්ක තියන පරණ කොන්තරේකටද
කියල බලයි දැන්. ඔය ටවුන් වල හදන විදිහෙ ලේසි ලෙස්සන ගහක්
හදල අපේ ගමේ ඇටෙව්වොත් පැය කාලෙන් කොඩිය අරන් බහින හැටි බලාගන්න පුළුවන්.
එකදවසක් කඩේ මුදලාලිගේ පවුල පොල් කඩවගන්න අල්ලපු ගමේ පොඩි කොල්ලෙක් කඩේ
ඉස්සරහ ගහට නග්ගල. එතකොටම මුදලාලි කොහේදෝ ඉඳන් ඇවිත් ගෑනිට
බැන්නලු "ඕයි
තමුසේ පොඩි උන් ගස් නග්ගල , ඕකා බිමට පතබෑවුනොත් තමුසෙද උන්ගෙ
මහඋන්ට ළමයි හදල දෙන්නෙ?" කියල. ගහට නැගපු පොඩි කොල්ල ඒක අහගෙන ඉඳල පොල් ටිකත් කඩල ගහෙන් බිමට බැස්සෙ ඔලුව
යටි අතට හිටින්නලු. මමත් ඔය සීන් එක දැකල තියන නිසා විශ්වාස
කළා. කටට ඉබ්බ වැටුණු මුදල්ලාලි සද්ද වහල යන්න ගියාලු. එහෙව් "ගස් කාපර්ල" ඉන්න අපේ ගමේ ලේසියට
නගින්න තිබ්බොත් විනාඩි පහට ලෙස්සන ගහේ කොඩිය
උස්සනවා. ගියපාර ලෙස්සන ගහ පදම් කරද්දි ලෙස්සන ගහේ නගින කණ්ඩායමේ
නායකයත් ඒ වැඩේට සපෝට් එක දුන්න. ගහේ අග මුලට හිටෝමු කියල
එහෙම කරන්න හැදුවම "අනේ මල්ලියෙ අගමුලට හිටවන්න නං එපා" කියල මිනිහ පින්සෙන්ඩු උනු නිසා එහෙම කලේ නෑ.
"අග මුලට හිටෝනවා" කියන්නෙ ගහේ කරටිය තියන හීනි පැත්ත යටට හිටින්න හිටවන
එකට. එතකොට මක්කොරලවත් නගින්න බෑ. හැබැයි ඉතිං එහෙම හිටවන්න නං ගහ හොඳට මෝරලා තියෙන්න ඕන. ගිය අවුරුද්දට එපිට අවුරුද්දෙ අල්ලපු ගමක ලෙස්සන ගහක් කඩා වැටිල බලං හිටපු
ගෑණු කෙනෙක්ගෙ අතකුත් කැඩුන. නැගපු එකාට නං හෙණ වත් නෑ. ලෙස්සන ගහ නගින්න කලින් දුම්මල කුඩු තියනවද බලන්න සාක්කුත් චෙක් කොරනව
හිටං. ග්‍රීස් ටික පිහදම්මට පස්සෙ දුම්මල කුඩු අත් කකුල් වල
ගාගත්තම පට්ට "ග්‍රිප්" එකක් එන්නෙ. ටවුන් වල ලෙස්සන ගස් වලදී නං ඔය සෙල්ලං ඔක්කොම දානව ඇති ගස් නගින අයියල. මෙහෙ එව්ව සුම්මා. අවුරුදු නැකත් ඉවර උනාට පස්සෙ
ඔලුවට ගහපු මුස්පේන්තු ගතිය ගැන කියවගෙන ගිහිං අන්තිමට ලෙස්සන ගහකුත් හරහට හිටිය.
කඹ
ඇදිල්ලට නියමෙට ගැලපෙන "නැව් කඹයක්" අපේ ගෙදර තිබ්බ. සෑහෙන කාලයක්
හැම අවුරුද්දු කාලෙකම අහලගං හතේම අවුරුදු
උත්සව ගානෙ රවුං ගහපු ඒ කඹේ ගිය අවුරුද්දෙ ආවෙ කෑලි දෙකකට වෙන් වෙලා. ගොඩක් වෙලාවට විවාහක-අවිවාහක කඹ ඇදිල්ලට දෙකට බෙදෙන කඹ ඇදිල්ලේදි අවිවාහක
පැත්තෙ "සුද්දා" වගේ තරඟෙට සහභාගී උනු මං එකපාරටම "විවාහක" පැත්තට වැටෙන තරමට නාකි වෙලා. යකෝ තාත්තලගේ වයසෙ
එවුං එක්ක එක පැත්තෙ කඹ අදින්න ලැජ්ජ නැද්ද. යන්නෙ නෑ ඒ මගුලට. අතපය ලෙලි ගහගෙන පස් කාගෙන දිනුවම
හම්බුවෙන "වීදුරු මග්එක" ගන්න පලයල්ලකො කඹ අදින්න...
අවුරුදු
උත්සව වල තියන හැම තරඟයක් ගැනම විස්තර දාන්න හදනවා නෙවෙයි මේ. හැබැයි කොට්ටපොර
ගහනකොට එකටත් වෙලාවක් නියම කරන්න ඕන කියලයි මං නං කියන්නෙ. එකට හේතු තියනවා. කොට්ටපොර පුවක් කොටේට නැග්ගම කොටේට ඇලිලා වැටෙන්නෙම
නැතුව ඉන්න නසරානි බුවාලා හැම පළාතකම ඉන්නව. ඒ ජාතියේම එකෙක්
අනිත් පැත්තට ගහගන්න සෙට් උනොත් පැයක් හරි කොට්ට පොරේ ඇදි ඇදී යයි. එහෙම වෙලා ගිය අවුරුද්දේද කොහෙද එක මනුස්සයෙක් මැරුණා කියල අහන්න ලැබුණ. මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා. ඔය වැඩේ ටයිම්
එකකට ලිමිට් නොකලොත් "කොට්ට පොර පකීර්"ලට වයසට යනකොට පාකින්සන් හැදෙන්නත් බැරි නෑ. අනිත් එක තමයි කණාමුට්ටි ගහනකොට ඒ අවට ඉන්නවා නං අවධානෙන් ඉන්න එක. ඊයේද කොහෙද කව්දෝ කියනවා ඇහුන කණාමුට්ටි ගහන තැනක ෆෝන් එකක් කණේ ගහගෙන
අහක බලාගෙන හිටපු එකෙක්ගෙ ඔළුවට කණාගෙ පොලු පාර වැදිල බුවාට අසාධ්‍යයි කියල.
අවුරුදු කුමාරිට දෙන තෑග්ග ගැන නං මගේ තියෙන්නෙ අතිශය විවේචනාත්මක ආකල්පයක්. මූණෙ කටේ අනං මනං ටිකක් උළාගෙන හැට්ටෙකුයි බුරිය පේන්න චීත්තෙකුයි ඇඳගෙන වේදිකාවෙ රවුමක් ගියාම තෑග්ග රුපියල් 10000යි (මං මේ කියන්නෙ ගමේ එව්ව වල. ලොකු ලොකු එව්ව වල ගාන හෙන වැඩියි) ලෙස්සන ගහ නගින එකා උදේ ඉඳන් රෑ වෙනකල් ග්‍රීස් නාගෙන ගස් බඩගෑවම හම්බුවෙන ගාන බෙදිල ගියාම ලැබෙන්නෙ එකෙක්ට 2000යි. සමහර වෙලාවට ඊටත් අඩුයි. හරි අසාධාරණයි.
අවුරුදු
කාලා ඉවර වෙලා පොකට් එක හිඳිලා වැලේ වැල් නැතුව ඉන්න වෙලේ ,කොරේ පිටට මරේ
කිව්ව වගේ වෙසකුත් එනවා ළඟ ලඟම. අවුරුද්දට කලින් ඇඳුම් පැළඳුම්, කෑම බීම ,සේවක පඩිනඩි, බෝනස්, ඥාති සංග්‍රහ වලට අමතරව අවුරුදු උත්සව වලටත්
ගෙවල නට්ටන් වෙලා ඉන්න අවුඅස්සෙ දන්සැල්, වෙසක් කූඩු, තොරන් වලටත් ගෙවන්න එපැයි. එන මාසෙ 3 වෙනිද වෙසක්! කොල්ලො ටික මෙදා පාර බීම දන්සැල
දෙන පාටකුත් නෑ. මුල් කාලෙ දෙහි බීම දෙන්න අත් වල හමයනකල්
දෙහි මිරිකපු අපි පස්සෙ පස්සෙ වැඩේ පොඩි පරම්පරාවට පවරලා මුදල් වලින් විතරක් දායක වෙලා
ශේප් උනා. පස්සෙ උනුත් පාට වතුර දෙන්න පටන්ගත්ත .
ඒත් ඉතිං
වෙසක් කූඩු හදන වැඩෙන් ශේප් වෙන්න හිත ඉඩ දෙන්නෙ නෑ. කඩෙන්
කොච්චර බලුබ් වැල් ,බකට්, චීන ලැන්ටන්
ගෙනැල්ල එල්ලුවත් අටපට්ටමක් නැති වෙසකෙන් වැඩක් තියනවද. පරණ
වෙසක් ජගිරිමයිට් වල ටෙක්නික් අහල පහල අලුත් පරම්පරාවට දායාද කොරන්න තියන උවමනාව හින්දම
ගියපාර වෙසක් එකට කුප්පි ලාම්පුවෙන් කැරකෙන පෙරහැරක් හැදුව. ඒක නං නැගලම ගියා. ගොඩදෙනෙක් එහෙම එව්ව දැකල තිබ්බෙත්
නෑ. මේ පාරත් බලන්න ඕන මොනාහරි එකක් අටවන්න. අවුරුදුත් ඉවරයි , අපිත් ඉවරයි කියල හැඟීමක් හිතට
ආවත් , ඉවර නෑ.. තව කොයිතරම් දේවල්
තියනවද. ඒ වගේම තමා පෝස්ටුවක් දාන්න උවමනාව තිබ්බත් හරිහමන්
අදහසක් ඔලුවට එන්නේ නැත්තෙ අවුරුදු ඉවරවෙච්ච කාලකන්ණි හිස් හැගීම නිසා කියල හිතුනට
කිසිම ගැලපිල්ලක් නැති උනත් මේ ලියවිලා තියෙන්නෙ ලියවිල්ලක්!!
වයසට යන කොට මේ වගේ දේවල් හිතෙනවා නේද?
ReplyDeleteනැතුව නැතුව රසික සහෝදරයා... වගකීම් වැඩි වෙනකොටත් මෙහෙම වෙනවා මයේ හිතේ...
Deleteඔව් අවුරුදු ඉවර වුණ ගමන් වෙසක් පටං ගමු.....
ReplyDeleteඔව් ඔව් කුරුට්ටෝ... දන්සැල්, තොරන්, කැරකෙන කූඩු, භක්ති ගීත... කොච්චරක් නම් ජාතිද...
Deleteඅද 18 ගමේ අවුරුදු උත්සවේ. මං කොළඹ. දැන්නං අවුරුදු උස්සවයක් ඕගනයිස් කරන්න තියා බලන්න යන්නත් කම්මැලියි.. ඒකට ඒ කාලේ. උඹට කියන්න දැන් හැදෙන උන් අවුරුදු උත්සව වලට ගිහින් තරඟ වලට යන්නේ නෑ බං.. දාඩිය දානවටයි කොණ්ඩේ අවුල් වෙනවටයි බයේ.. ඒ මදිවට තාමත් තරඟ වලට යන වැඩිහිටි උන් දිහා බලන්නේ ජෝකර්ල දිහා බලනව වගේ.. ඕව දැකල ලේ කුපිත වෙන නිසා මෙහෙම ඉන්නෙක හොඳයි එකාතකින්..
ReplyDeleteඒ ගැන නං කතාකරලා වැඩක් නෑ බං. තරඟ වලට යන එවුං දිහා බලන්නෙ නෝන්ඩියට වගේ. පිහදාන ෆෝන් එකක් අරන් පිහදදා ඉන්නවා පොටෝ අල්ලනවා මිසක් වැඩි හරියක් උන්ට වෙන වැඩක් නෑ... ජැන්ඩියට ඇඳලා ඇඳුමේ කුණු ගෑවෙනවට පැත්තකට වෙලා ඉන්නව. මෙලෝ මලදානෙකට එන්නෙත් නෑ සංවිධානය කොරන්න එන්නෙත් නෑ. අලුත් එවුං ගැන පුදුම කේන්තියක් එන්නේ..
Deleteඔය අවුරුදු උත්සව කොහොම පටන් ගත්තද කියන්න පරණ මිනිස්සු දන්නෙත් නෑ. එදා වගේම අදත් නිමා වෙන්නේ අම්බ ගුටි කෙලියකින්. මට පෝස්ට් එකේ අල්ලපු කෑල්ල තමයි "මහා" කෑල්ල. ඔය මහා කෑල්ල තුලම තියෙන්නේ හීනමානය. අද උනත් ඕන බිජ්ජක් හැදුවොත් ඒක අඩුම ගානේ දකුණු ආසියාවෙ මහා එක. එහෙම නැත්නම් ළොකුම එක. ඉන්දියාවටවත් ගිහින් නැති හාල්පාරුවන්ට නම් ඕවා මහා ළොකු ඒවා වෙන්න පුළුවන්. අඩු ගානේ ඉන්දියාවෙ වැඩි පිරිසකුත් අපේ රට ගැන දන්නේ නෑ. ඕන් අපේ රටේ ඇත්ත තත්තේ. මේ ගොන් වැඩ කවදා නැති වෙයිද මන්දා...
ReplyDeleteඔන්න ඔන්න සහෝදරයා... ගුටි නැතුව ඉවරවෙන අවුරුදු උස්සව තියනවා ඕනතරම්. සංවිධානේ අවුල් වලින් තමා ගුටි කෙලි එන්නෙ. කොන්ද කෙලින් තියන උන් ටිකක් වැඩේට සෙට් උනොත් ගුටි කෙලි නං සුම්මා.. "මහා" කතන්දරේ ගැන නං එකඟයි එක පයින්. හීන මානේ නිසා වෙන දේවල් වෙන්නැති. ඕන ලබ්බකට "මහා" කෑල්ල දාගන්න අපේ එවුන්ගෙ පුදුම දක්ෂකොමක් තියෙන්නෙ...
Delete"මහා" අපිට "ගරු' වගේ තමයි. ඕනෑ එකෙකුට ඕනෑ තනතුරකට ඒක දානව.
Delete.... ගරු බ්ලොගර් සජ්ජාතුමාගේ මහා පඩංගුවට මහා කොමෙන්ට් එකක් දැමූ ගරු කොමෙන්ටේටර් ප්‍රා ජේ !!!
අන්තිමට දානවා අකුරු සෙට් එක . BBC.CDMA . CMC . CGR. MCPA . 3,4 DPA
Deleteමොකක් ගැන කමෙන්ට් කරන්නද කියල හිතාගන්නවත් බැරි තරම් විස්තර ගොඩක්.ඒ උනාට ආසාවෙන් කියෙව්වා.අවුරුදු උත්සව ගැන නං අවුරුදු තිස් ගානක මතකයක් තියෙන්නෙ.විස්තරේ හරිම සමීපයි.
ReplyDeleteඅපේ පරණ ගේ ඉස්සරහ පිනි ජම්බු ගහක් තිබුනා.ඔය ගැහෙ ජම්බු මල් කාපු හැටි මතක් උනා සජ්ජෝ.
හැලපතුමා ... ස්තුතියි...පිනිජම්බු මල් කෑවා ඉස්කෝලෙ යන දවස් වල අම්බානක.. ඉස්කෝලෙට පයින් යනකොට ඒ පාර අයිනෙ ගහක් තිබ්බ. ගෙදර මිනිස්සු ඒක අපිටම අතෑරලා තිබ්බේ. ඒ ගහේ ගෙඩි හැදෙන්න දුන්නෙම නෑ .. මල්ම කාලා ඉවර කරනවා හැමපාරම...
Deleteහෙහ් හෙහ්.......සම්පූර්ණ අවුරුදු විස්තරයක්. නියමයි. ඔක්කොම පැති ආවරණය වෙලා තියනවා. මේක කියවන ගමන් අතීතයට ගියා. ඒ කාලේ අවුරුදු සුවඳ දැනුනා. අවුරුද්දට අරන්දෙන සරම ඇන්දට වැඩක් නෑ ගැලවෙනවා. ඒක එතේ තියාගන තමයි කැට ගහන්නේ.
ReplyDeleteතැන්කු විචාරකතුමා.. පොඩි කාලේ අවුරුද්දට අලුතෙන්ම අම්ම මහල දෙන්නෙ පිජාමා සරොම්. එව්ව වල කැඳ ගතිය නිසා අන්දම කඩාවැටෙන ගතියක් නම් තියනවා තමා. හැබැයි මම නම් සරොම් එක්ස්පර්ට් ...පොඩි කාලේ ඉඳන්ම සරොම් ඇන්ද නිසා. පොඩි කාලේ කඩේ එහෙම යනකොට කඩේ ගාව ඉන්න සමහර එවුං සරම කඩනවා පොඩි උන්ගේ. මගේ සරම කඩන්න හැදුවට කවදාවත් කැඩිල නෑ.. බඩ අකුලලා හෙන තදට ඇන්දෙ. ඒ නිසා..
Delete'බලාපොරොත්තු මිනිසා ජීවත් කරයි.'
ReplyDeleteමුලු පෝස්ට් එක පුරාම දැක්කෙ මේක නෙව.
හැම කතාවකම ඕක තමයි ලබ්බෝ අන්තිමට එන්නේ. බලාපොරොත්තු නැති දාට කවුරුවත් ඉතුරු වෙන්නෙ නෑ...
Deleteඅපේ පැත්තේ අවුරුදු උත්සව තියෙන්නේ පාරෙන් පාරට....ඒ පාරේ උන්ට විතරයි පුළුවන්...තෑගි ටිකත් සංවිධායකයෝම කොහොමහරි බෙදා ගන්නවා....ඉතින් කීයක් හරි දීලා ගෙදරට වෙපා ඉන්න එක ඊට වඩා හොදයි....
ReplyDeleteවෙසක් එකට බ්ලොග් අවකාශයෙන් දන්සලක් දුන්නෝත් මොකද???
අඩේ ඒකත් එහෙමද? අපේ එව්ව නං විවුර්ත.. හැබැයි තෑගි එච්චර සැර එව්ව නෙවෙයි..ඒ නිසා ගමේ එවුං ටික විතරයි එන්නේ..ඒ නිසා අවුලක් නෑ. මේ පාර එකක් තිබ්බේ නෑ.. තිබ්බ නං මාත් බැහැල වැඩ.. සංවිධානෙට විතරයි.. අතින් කෙලවෙනවා හැමදාම ඉතිං. හැබැයි බොහොම සන්තෝසෙන් වැඩේට බහින්නේ..
Deleteදන්සැල් කතාව ලොකු අයියලට කියල බලහං ... සපෝට් එකක් නං ඉතිං දෙන්න බැරිය...
ඒ ලමයට දහදාහක් දුන්නට මොකද බං කි දෙනෙකුට ගස් නගින්ඩ දෙන්ඩ වෙනවද
ReplyDeleteනෙද්දකින් වල් වනචර හැත්ත...
Deleteඇයි බොරුද , එහෙම වෙන්නෙම නැද්ද.
Deleteඔව්වා කෙඓනව උනාට කියන්ඩ නරකද
අටමො, උඔට නගින්ඩ දුන්නෙ නෑ කියල වත්ත වටේ කිය කිය යන එක හරි නෑ නේද ...
Deleteග්‍රීස් පිස්සට පස්සෙ නගින උන්ට තෑගි දීල වැඩක් නෑ.
Deleteඒ කතාවෙත් ඇත්තක් තියනවා සමහර වෙලාවට.. අපේ ගම් වල නං අවුරුදු කුමාරිට තේරෙන්නේ පොඩි එවුං... තෑග්ග පොඩි නිසා වෙන්නැති.. පොඩි තෑගි ඔලට පංච කල්‍යානේ පෙන්නන්න මෙහෙ ලොකු එවුං කැමති නෑ..
Deleteපොඩි කලේ ගමේ ළමා සමාජයෙන් තමයි අවුරුදු උත්සව සංවිදානය කරේ. ඒවාට ගමේ හැමෝම අව. දැන් ඒවා නැනේ. ඉස්කෝල නිවාඩුවත් අප්‍රේල් වල අඩු කරලා නේ.
ReplyDeleteඅපේ නං ගැටවු සෙට් එක අවුරුදු දෙකකට වතාවක් වගේ කරනවා... මොන්ටිසෝරි අවුරුදු උස්සව නං තිබ්බ මේ පාර ඇති වෙන්න. ඔය ප්රෙල් වල නිවාඩුව පොඩි කරපු එකට මම නං විරුද්දයි... අවුරුද්දනේ කියල පොඩි උන්ට සෙල්ලම් කරන්න තිබ්බ කාලේ ඕකෙන් අඩු උනා..
Deleteහෙහ් හෙහ්..උඹෙ ගම කොහෙද බං? ඇනෝලනං කියව්න දැකල තීනව ආනමඩුවෙ ගල් මුදලාලිය කියල..
ReplyDeleteඉස්සර අවුරුදු උත්සවයක් කිව්වම ඒක මාර ආතල් එකක් අපේ පැතිවලත්. ඉවර වෙන්නෙ වද බයිල සාජ්ජෙකින්. වලි නෑ, ඒ වෙනුවට ෆුල් ආතල්. ඒත් දැන් ඕව ඕගනයිස් කරන්න එකෙක්වත් නෑ. ඒ හින්ද අපේ පැතිවල අවුරුදු උත්සවත් නෑ. ඒ වෙනුවට හැමෝම කරන්නෙ කිරිබත් කාපු ගමන් ලෑස්තිවෙලා ට්‍රිප් යන එක. මල්ලි කිව්ව විදිහට අවුරුද්දෙන් පස්සෙ ඉතුරුවෙන්නෙ බල්ලොයි වයසක මිනිස්සුයි විතරය්ලු.
ඉන්දික සහෝදරයා...ගම කිව්වොත් අර ආනමඩු ආතල් එක දෙන ඇනෝ අතරමං වෙනවනෙ... ගම්පහ අවට කියල කියමුකෝ... වලිගෙ පාගගත්තු ඇනෝ ඕක කොහොම ආදේශ කොරගත්තද මන්ද..
Deleteඅපේ පැත්තෙ අවුරුදු ඉවරවෙච්ච ගමන් ට්‍රිප් යන වැඩේ තාම වෙන්නෙ නෑ..හැබැයි එහෙම වෙන ටෙන්ඩන්සියක් තියෙයි ඉස්සරහට. එක අතකට නෑදෑයෝ ඉවරයක් නැතුව එන එක මල වදයක් නං තමා. ඒත් මොනා කරන්නද. ඉවසන්න වෙනවා.. මං හිතන්නෙ ඔය ට්‍රිප් යන්නෙ නෑදෑයන්ගෙන් බේරෙන්න..
ඒක තමා මාත් බැලුවෙ උඹ කොහොමද ආනමඩුවෙ ඉඳල මේ හැම මගුලටම සෙට් වෙන්න එන්නෙ කියල හෙහ් හෙහ්...
Deleteඔය ට්‍රිප් යන්නෙනං බං, පවුලෙ හැමෝටම එක දිගට ලැබෙන දිගම නිවාඩුව ඕක නිසා. අනික පාන්ගෙඩියක්වත් කඩේක නැතුව ඔය කාලෙට කොළඹ ඉන්නත් අමාරුනෙ :D
හෙහ් හෙහ්.. ආණමඩුවේ ඉඳන් එන්න ගියොත් පණ යයි..
Deleteනිවාඩු සීන් එක නිසාත් ට්‍රිප් යනවා ඇති නං තමයි. කොළඹ පාළු උනාට එකටත් එක්ක මෙහෙ.. ඉන්න ඔක්කොම හැත්ත බුරුත්ත ගම් වලට ඇවිත් මල කරදරේ...
මම නං කියන්නේ ග්‍රීස්ගහේ යන උන්ගේ වැරැද්ද. බුරිය පේන්න ඇඳගෙන ගස් බඩ ගෑව නම් හරිනේ.
ReplyDeletehttps://www.youtube.com/watch?v=Gs35-rHdKaQ
Deletehttps://www.youtube.com/watch?v=IFE6DdIBUj8
https://www.youtube.com/watch?v=VrUsrKq4AZI
ඩූඩ් මේ දීල තියෙන්නෙ උත්තර.. පෝල් ඩාන්ස් කොරන පෝල් ඒකත් එක අතකට ලෙස්සන ගහක් වගේ තමා.. හැබෑටම ලෙස්සන ගහයි අවුරුදු කුමාරියි ඉවෙන්ට් දෙක හයිබ්‍රිඩ් කරලා පෝල් ඩාන්ස් ඉවෙන්ට් එකක් කලොත් කොහොමට හිටීද?? සල්ලිත් විසි කරයි ස්ටේජ් එකට..
Deleteපල්ලහ ඉන්න අය ලිස්සන්න පටන් ගනීද ප්‍රා ?
Deleteහැක් හැක්.....
Deleteඇස්වහක් කටවහක් නෑ... නියම අතීත සැමරුමක්. සමකාලීනයි වගේ දැනෙනවා.
ReplyDeleteතැන්කූ මධුවා.. මං යුග දෙකක ජීවත් වෙන එකෙක්.
Deleteනියම අවුරුදු විස්තරයක්.
ReplyDelete//හේතුව බඩගින්නද? වයසද? අනේ මන්ද..// ඊට වැඩිය ඔය කියන ගස් ජාති දැන් හොයාගන්න තියෙන්නෙ බොහොම කලාතුරකින්. අනික දැන් ඉන්න එවුවො සැන් පවුඩර් ගාගෙන ස්මාට් ෆෝන් එක මිරික මිරක ඉන්නව මිසක් ඔය ගස් බඩ ගාල ගස් ගඳ ගහගෙන අත් දෙක හම ගහගෙන ඉන්න කැමති එවුවො නෙමෙයි. හැබැයි ඉතිං කැලේක ගිහිල්ල සතෙක්වත් එළෝගෙන ආවොත් තමයි ස්මාට් ෆෝන් එකෙන් ජීවිතේ බේරගන්න බෑ කියල තේරෙන්නෙ.
E jâthiyê un wenama kalawal wala yanne nâ ban...
DeleteUnta unge jêwithama anduru wanânthara...
ප්‍රසන්න.. දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා පාරෙ එකෙක් වටික හිටියත් ඌව ඉස්පිරිතාලේ ගෙනියන එක නෙවෙයිනෙ කොරන්නෙ.. එක ඉස්මාට් පෝන් එකෙන් වීඩියෝ කරනෙකනේ.. අම්මප ඔය පෝන් ඔබන, පිහින එවුං ස්පාඥ්ඥ ගොන් රේස් පාරකට අල්ලලා දාන්න ඕන.. මේකෙම මං කිව්වෙ අර කණා මුට්ටි කාරයාගෙන් පෝන් ඔබ ඔබ ඉඳල පොලුපාර කාපු එකෙක් ගැන. ඒ ගැන ඇහුවම මට පුදුම ආතල් එකක් ආවේ.
Deleteදැන් ගමේ අවුරුදු උත්සවයට ගියහම දුක හිතෙනව, ඉස්සර ලොකු පොඩි බේදයක් නැතිව හැමෝම තරග වලට ඉදිරිපත් උනා. දැන් පුක පල්ලෙ ඩෙනිම් ගහගත්ත උන් බයික් උඩට වෙලා කටවල් ඇරන් කෙල්ලො දිහා බලන් ඉන්නව. තරග වලට වයසක සෙට් එක සහබාගි වෙනව.
ReplyDeleteඔව්ව ගැන කියල වැඩක් නෑ කම්මලේ... පුකෙන් එල්ලෙන්න කලිසම් ඇන්දෙ ඇමරිකාවේ හිර ගෙවල් වල එවුං තමුන් කොළුකාරයෝ කියල පෙන්නලා පාට්නර් කෙනෙක් සෙට් කරගන්න කියල මුන් දන්නෙ නෑ... අර කමී කිව්වා වගේ කොන්ඩේ අවුල් වෙනවනෙ ඔව්වට ගියාම. පිස්සො හිතන් ඉන්නෙ අනිත් උන්ට පිස්සු කියලනෙ.
Deleteඅවුරුද්දේ ලොකු අවුලක් තිබ්බේ නැහැ, නැකත් වෙලාවල් වල තිබ්බ අවුල නිසා තමයි අවුරුද්ද මුසල උනේ.
ReplyDeleteඇයි බං, හවස 03:00 ට විතර කිරිබත් කාල ඉවරවෙද්දී දවස ඉවරයි, පහුවෙනිදා උදේ 09:00 වෙද්දී තෙල් ගෑවම අවුරුද්ද ඉවරයි.
මේ නැකත් හදන මී හරක්ට මේවා තේරෙන්නේ නැද්ද මන්දා.
13 වෙනිදා බොරු වෙලාවක් හරි දාලා අවුරුදු නැකත හැදුවනම් එළ කිරි... හෙහ් හෙහ්...
අපේ ගමේ සහ ඒ අවට අවුරුදු උත්සව හතර පහක්ම තිබ්බා. මට යන්න උනේ දෙකකට විතරයි. එක දවසක පොඩි පහේ මියුසිකල් එකකුත් තිබ්බා.
එතනට යද්දී රෑ 12:30 වගේ ඇති, 03:00 විතර වෙනකල් එතන හිටියට එක සිංදුවක් ඇහුනේ නැහැ බං...
ඒ මදිවට අපේ උන් සෙට් එකක් කඹ ඇදලා හැම තැනදීම දිනනවා කියල උන්ට දෙන තෑගී මාරු කරලා පොඩි පොඩි අවුල් සහගත තත්ත්ව ඇති වුනා... ගං ගං අතරේ තියෙන පොඩි පහේ බෙදීම්...
කඹ අදිද්දී පොඩි පොඩි වළි එහෙම යන්න ගියත් එව්වා නිකම්ම වගේ ශේප් උනා.
අවුරුද්ද කියල අපිනම් වැඩිපුරම කලේ මධු පානය තමයි... හෙහ් හෙහ්...
අපේ පැත්තේ ලොකු පොඩි බේදයක් නැතුව තරඟ වලට තාමත් ඉදිරිපත් වෙනවා...
මමනම් තාම අපේ ගං ගැන සැටිස්...
අවුල තියෙන්නේ හාමිනේ නිසා මේ වැඩ වලට යන්න වෙන්නේ වළි දාගෙන...
උන්දැට අපේ මහ ගෙදර ඉන්න කම්මැලිලු. පහුවෙනිදම උන්දැලාගේ ගෙදරට ගෙනිහින් දැම්මත් එහෙ ඉඳගෙනත් මම ඉන්නේ කොහෙද, රෑ වෙන්න කළින් ගෙදර යන්නේ නැද්ද අහ අහා පික්ෂු කෙළිනවා.
ඒ ඇරෙන්න අවුරුද්ද මරු... හෙහ්
අම්මප ඇත්ත ලොකු පුතා. නැකත් කියල එව්ව වල වෙලාව ඇජස් කොරන්න ඕන නෙ ප්‍රයෝගික වෙන්න. දවල්ට බත් පිඟානක් දීල අදින්න තියන වෙලාවේ කිරිබත් කන්න පුළුවන් මොකාටද? කෑවත් කාපු වෙලේ ඉඳන් ඈනුම් යනවා. කාලා බිල එලියට බැහැල බෝල අතක් ගහන්නවත් වෙලාව සෙට් වෙන්නෙ නෑ.. බෝල ගගහ හිටියොත් නැකත් මිස් වෙලා ගෙවල් වල කට්ටියගේ මූණු හතරැස් වෙනවා.
Deleteඅවුරුදු උස්සව වල දුවන එවුන්ට වතුර පාරවල් නං දීල ඇද්ද ඇති වෙන්න. ගම් ගම් අතර ඔරොප්පු සෙට් වෙන්නෙ කඹ අදින්නයි කොට්ටපොර ගහන්නයි ගියාම තමා. ගමේ එවුං කෙලින් හිටියේ නැත්තං වලිය ෂුවර්.. එක පාරක් අපි සංවිධානේ කොරපු එකක පොල් මල ගලවන ඉවෙන්ට් එකක් තිබ්බ. හරිනං පොල් මලේ මුළ තලල වෙන වෙන තීරු වලට ගලවල වලලන්න ඕන. එක උඩ ඉඳන් අදින නිසා ගැලවෙන්නෙ නෑ. එහෙම දෙතුන් පාරක් හිටෝලා බැලුවත් අපේ හයිය තියන එකෙක් හිටිය ඌට ඒක ගලෝන එක ටොයිස්. ඕක පුටුස් ගාල ගැලෙව්වොත් වැඩේ ආතල් එකක් නෑ නෙ. ඒ නිසා හරහට පොලු දෙකක් බැඳලා වළලන්න කිව්වා. අපේ උන් එහෙම කළා. අපි කට්ටිය විතරයි වැඩේ දන්නෙ. පහුවදා අවුරුදු උත්සවේ දවසෙ කට්ටිය ගලවන්න හදනවා හදනවා.. මොන ගැලවිලිද.. අර පොලු එකකත් උස්සන් ගැලවෙන්න නන්දිමිත්‍ර යෝධයා එන්න ඕන. අන්තිමට බැරිම තැන කෑල්ලක් කඩල ගත්ත එකාට දිනුම දුන්න. අල්ලපු ගමේ එවුං වල හාරලා බලන්නම ඕන කියල ගේම ඇද්ද. "උඹලට ඕන විදියට මෙව්වා කොරන්න බෑ" කියල වැඩේ ශේප් කළා. හෑරුව නං එහෙම බඩු මාට්ටු..
අපේ පැත්තෙත් අනේ දෙයියන්ගෙ පිහිටයි වයසක ගෑණුන්ගේ ඉඳල ඉදිරිපත් වෙනව තරඟ වලට. ගෑණු තරඟ වලට උද්යෝගේ වගේම දිරිමත්කිරිල්ලත් වැඩියි. තරඟ සංවිධානය කොරන්න එන්නෙ නැති තරඟ වලට එන්නෙත් නැති එවුන්ව නොන්ඩි කරලා කපල දැම්මම එහෙම වෙන්න තියන පෙළඹීම අඩුයි. වැඩි කට්ටියක් පැත්තකට වෙලා ඉන්න බලනවා නං අපේ අයියලත් කොන්ඩේ අවුල් වෙනවට, ඇඳුමේ කුණු ගෑවෙනවට තියන අකමැත්ත නිසා පස්ස ගහල ඉඳී...මෙහෙ තාම එහෙමම නෑ. එහෙම එවුනුත් නැත්තෙමත් නෑ..
//ඒකත් නැත්තං කවුරුහරි කාලා විසිකරලා පරණ වෙච්ච වෙරළු ඇටෙත් තලලා කාපු අපිට ඒ දැනුනු රසය දැන් පිස්ටාශියෝ කෑවත් දැනෙන්නෙ නැත්තේ ඇයි? හේතුව බඩගින්නද? වයසද? අනේ මන්ද..//
ReplyDeleteසෑමදේකටම සිත මුල් වේ.වෙන මොන ඉන්ද්‍රියන්වලින් රස හා අනෙකුත් දේවල් දැනුනත් සිතෙන් තමයි කොලිටි එක තීරණයවෙන්නේ
ඒ කතාවත් ඇත්ත තමා ප්‍රා සහෝදරයා... මේක නං මරු කියල හිතුවොත් ඕන ජරාවක් කෑවැකි... මේ ලඟදි ඇට දියවෙච්ච පරිප්පුවකුත් කෑවා මං ඒ විදියට හිතල.. දිවිය ලෝක රහයි..
Deleteඑතකොට දේශනාත්මකව ලැබෙන ටැබැස්කෝ?
Deleteනැතුව නැතුව.. ඒක තමයි ටොපින් එක...
Deleteබම්බුව ....ගිණිවතුර කෙලල රසදිව මැරිල
ReplyDeleteඑතකොට පරිප්පුවත් රස නැද්ද?
Deleteඋඩ ඒ ගැනත් සඳහන් කොලා... ඇයි ප්‍රා සහෝදරයා ටැබස්කෝ...
Deleteඅපි මේ ගෙවමින් යන්නේ සංස්කෘතික ගට්ඨනයක් තියෙන යුගයක්. ඒ කියන්නේ දැන් ඉන්න එවුන්ගේ සංස්කෘතියයි, පැරණි ඒවායි ගොනා මීමා වගේ කාලෙක. වැඩි කාලයක් නොහිහින් එක්කෝ අවුරුදු උත්සව මොඩිෆයි වෙනවා නැත්නම් නැත්තට නැති වෙනවා.
ReplyDeleteඅර බුල්ටෝ, නාරම්බික්, ලොසින්ජර වගේ ජාති ෆුඩ් සිටි වල තියෙනවා. මම පොඩි එකීට දවසක් හූණු බිජු කියන ජාතිය අරන් දුන්න. කෙල්ල කන්නේ නැතිව ඒකෙන් සෙල්ලම් කරනවා. අපිට මොනවත්ම නැති කාලේ ඒවා දිව ඔසු වගේ වුණාට, දැන් තියෙන ජාති වලින් මොනවා තෝර ගන්නද කියලා පොඩි එවුනුත් අඥ්ඥාකොරොස් වෙන කාලයක් මේ.
හැම දෙකටම ස්මාර්ට් ෆෝන් සම්බන්ධ කලොත් නම් වැඩේ හරි.
ඔව් ඔක්කොම එක විදියට සෙට් උනොත් නං අවුලක් වෙන එකක් නෑ තමයි සුදීක සහෝදරයා...අවුරුදු උත්සවත් මොඩිෆයි වෙයි ඔහොම යනකොට. අවුරුදු කුමාරි කැට් වෝක් දානවත් දැන් දකින්න හම්බවෙන්නෙ...ටික දවසකින් බිකිනි ඇඳලා ඉස්ටෙජ් නගියි..
Deleteඅමතක උනා නෙ හූනු බිජු..මැද තියන සූදුරු ඇටේ හපනවා මැවිලා පේනවා.. එක නං ඇත්ත. දැන් ඉස්සර වගේ නෙවෙයි. පොඩි උන්ටත් කොච්චරනං කියල කන්න ජාති තියනවද. සෙල්ලම් බඩුත් එහෙමනේ. අඩු ගානට ඕනතරම් චීන සෙල්ලම් බඩු තියනවද. ඉස්සර තිබ්බ කොලිටි එව්ව හරි ගණන්. අම්මල තාත්තලට ඔව්ව අරන් දෙන්න තරම් සල්ලි තිබ්බේ නැති නිසා අපි හදාගත්තු සෙල්ලම් බඩු වලින් තමා අපි සෙල්ලම් කලේ.
http://nelumyaya.com/?p=1819
ReplyDeleteස්තුතියි අජිත් අයියා......
Deleteසජ්ජො මේව කියෝනකොට මාර දුකක් ඇතිවෙන්නෙ. ඒ මං නගරෙ කොල්ලෙක් හිංද වෙන්නැති නේද බං
ReplyDeleteසජ්ජෝ ඔක්කොම ලිව්වත් සංවිධායක මණ්ඩලේ එවුන් රීගෙන තෑගි, සල්ලි හොයා ගන්න මහන්සි වෙන හැටි ... එහෙම කරලත් සංවිධායක මණ්ඩලේ එවුන්ගේ පවුල් වලට වාසි විහිහට තෑගි බෙදනවා කියල නැගෙන අවලාද ... එක එක තරඟ වලින් පැරදිච්ච එවූන් දෙස් දෙවොල් තියන හැටි ... අහල පහළ ගෙවල් වලින් අමාරුවෙන් උත්සවේට බඩු හොයා ගන්න හැටි ... ඒව ආපහු ගිහින් දෙනකොට පලුදු වෙලා තිබුනගම හම්බ වෙන බැනුම් මේ ගැන ලියල මදි බං :)
ReplyDeleteතව අමතක උනා ඇයි මහා බක් මහා උළෙල ඉවර වෙලා බීල නටන්න රෑට පිහියෙන් ඇනගන්න තියන සංගීත සංදර්ශන AKA සංගීතේ !