වැඩපළේ
මැෂින් එකක් කැඩිලා ඒක රෙපයාර් කරකර ඉන්නගමන්
මජං පිටින්ම ටවුමට යන්න උනා ඒ වැඩේට අමතර කොටසක් මිලයට ගන්න. බඩු ටිකත් අරගෙන බේකරි
කඩේට මොනවහරි බඩට දාගන්න යන අතරමග පාර අයිනේ හිඟන්නෙක් හිඟමන් යදිනවා. වෙනදා ටවුමට ආවාම
පුරුද්දක් විදියට හිඟමන් ඉල්ලන මේ වගේ මිනිස්සුන්ට රුපියල් දහයක් ,විස්සක් දෙන මගේ අත නිරායාසයෙන්ම සාක්කුවට රිංගුවේ මාරු සල්ලි තියනවද බලන්න
වෙන්නැති. මට ඉස්සරහින් හොඳට ඇඳපැළඳගෙන හිඟන්න ගාවින් ගිය මනුස්සය දිහාවට "අනේ මහත්තයෝ,අසරණයට
පිනට යමක් " කියල දික්කරපු අතට කීයක්හරි වැටෙනවනං මං දැක්කෙ නෑ.. සාකුව ඇතුළෙම රුපියල් දහයෙ කොලයක් අතේ උණ්ඩි කරගෙන හිඟන්න ගාවින්
යනගමන් ඒක දෙන්නයි කියල පොර දිහා බැලුවම,
මෙන්න බුවා මං දිහා බලලා අහක බලාගත්තා.අතේ පයේ මජං , කසිකබල් කොට කලිසමකුයි මජන් ගෑවුණු ටී ෂර්ට් කෑල්ලකුයි ඇඳගෙන ගල් කුඩු
වලින් වැහුණු රබර් සෙරෙප්පු කටු දෙකකුත් දාගෙන ඒ මදිවට බුලත් විටකුත් හප හප
හිටපු මාව ඒ මනුස්සයට පේන්න ඇත්තේ ඌටත් වඩා නට්ටන් වෙච්ච හිඟන්නෙක් විදියට. දෙනවද නොදෙනවද කියල හිතල , එක්කෝ දැන් මේක දුන්නොත් ඒක පොරගේ තත්වෙට මදිකමක් වෙයිද දන්නේ නැති නිසා
පාරිශුද්ධ පුණ්‍ය චේතනාව අකුලගෙන සාක්කුව ඇතුලෙම දහයේ නෝට්ටුව අතෑරලා බේකරි කඩේට ගොඩවැදුන.
කෙටි
කෑමක් කාලා බීම එකක් බොන්න හිතාගෙන මේසෙකින් වාඩිවුණු මං ගාවට වේටර් අයියෙක් ඕනෑවට
එපාවට කිට්ටු උනා . "මල්ලි මොනවද?"
. මුගේ අම්මට.. වෙනද මං මහත්තය. වෙනදට වතුර වීදුරුව පට ගාල මේසෙට
වඩින්නේ. අද? " ෂෝටීට්ස් ගේන්න" ඔන්න එතකොට කොහේදෝ ඉඳන් මගේ ටිප් එකට හුරු වෙච්ච මාව
දන්න වේටර් අයියෙක් එතනට පාත් උනා. " මහත්තය, මොකෝ අද
මේ? වැඩක් වත් කරකර ඉන්නගමන්ද?" " ආ ඔව් අයියේ, පොඩි කෑල්ලක් ගන්න ආව" . ළඟ
මේසේ හිටපු කට්ටිය මගේ මූණ දිහා බලන් ඉද්දීම අඳුනන වේටර් අයියා බනිස් ට්‍රේ එක ගෙනත්
දුන්න මේසෙට. බනිස් ගෙඩි දෙකකුත් ගිලලා අලියා බීම බෝතලේකටත් වගකියල, එතනින් පිටත් උනේ වෙනදට වඩා කීයක්හරි ගානකුත් වේටර් අයියට දීල. හිඟන්නටත්
බාල්දුවෙලා හිටපු මගෙ තත්වෙ උස්සල තියල ,වේටර් අයියා කෙරුවේ
සුළුපටු වැඩක්යැ.