විස කසිප්පු, හැලි අරක්කු, සීල් අරක්කු, සහ කුලීකාරයාගේ ආර්ථිකය සමඟ දැන දැනම ඊස්රායල් යෑම …..



කසිප්පු - " අපෝ ජරාව... ගඳේ බෑ... ඔළුව රිදෙනවා පහුවදාට...කසියා බොන්නේ කවුද... පෝයට සීල්  බඩු  හොයාගන්න බැරිවුණු නිසා ඔන්න ඔහෙ ගහලදැම්ම .."




ලංකාවේ ඉතිහාසයේ සෑහෙන දුරකට විහිදෙන කසිප්පු සංස්කෘතිය, එය  දුප්පතාගේ ජාතික පානය බව සැවොම දන්නා කරුණකි..

වතුරපාරක් අයිනේ පඳුරුගාලක යකඩ බැරලයකට සීනි හෝ හකුරු දමා යීස්ට් දමා දින කිහිපයක් පැසීමට ලක්කොට එම බැරලයම ගිනිදමා රත් කොට ලෝහ බට දඟරයක ආධාරයෙන් භාගික ආසවනයට ලක්කොට (වතුරපාරක් අයිනේ වැඩේ සෙට් කරන්නේ දඟරේ ඒ වතුරපාරට දාලා වැඩේ කරගන්න  ලේසි වෙන නිසා) "ඉස්ප්‍රීට්" ටික වෙන්කරගැනීමට පෙරන බුවාට මහලොකු කාලයක් ගත නොවේ...

ඇඟිල්ලේ පත්තුවෙන පදමට බඩු ටික සෙට් කරගත්තොත්  එකට දෙකක් වතුර දාලා සුපිරි බඩු  ටිකක් හදාගන්නට පුළුවන.... ඒ දවස් වල පෙරීම සහ විකිණීම දෙකම කරනු ලැබුවේ එකම "කසිප්පුකාරයා" විසිනි. " මෑ කරලා"ගෙ බඩු සවුත්තුයි, "සාන්තයගේ" තනිකර ඇල්වතුර,"සෝමයගේ" බඩු නම් විස්කි වගේ....ඒ අනුව බැලුකල එකළ කසිප්පුකාරයාට "චොයිස්" කීපයක් තිබුණි...

කසිප්පුකරුවකුගේ "බිස්නස් අවර්ස් " කොටස් දෙකක් ඇත... උදේම බිස්නස්එක සහ හවස බිස්නස් එක යනුවෙනි. කසිප්පු සික් එක හැදුනු  වෙව්ලන ඩයල් උදේපාන්දර "බෙඩ් ටී" එක වෙනුවෙන් "කසියා පොට්එක"ට උදෙන්ම ඇදෙනු ඒ දිනවල සුලභ දසුනකි. කස්ටමර්ලා වැඩි හවස් වරුවටය. ග්‍රාමීය "කසියපොට්" බොහෝවිට පිහිටා තිබෙන්නේ වෙල්යාය ආශ්‍රිතවය.. "පෙරණ පොට්එක"ද ඒ අසලම වීම මෙයට හේතුවක් වී තිබේ.. "අටේ කෑන්" එකෙන් "අසෝකා" වීදුරුවට වත්කොට දෙන බිස්නස් එක ජයටම සිදුවෙයි..රුපියල් සීයේ පණහේ බොන පොරවල් අතර "මටත් වීදුරුවක් අරන් දියන්කෝ" කියමින් ඇවිටිලි කරමින් අනුන්ගෙන් ණයට බොන "අපතයන්"ද තිප්පොල අරක්ගෙන ඇත . මෙරු එන්නාක් මෙන් නියර දිගේ ඇදෙන කස්ටමර්ලා අපහු යන්නේ වැනෙමින් විසිවෙමින්ය...

මඳ පවනේ පදමට සූර්වී විසිවෙමින් යන පොරවල්  කාකි ඇඳුමක් දුටුවිට "උසේන් බෝල්ට්" ආරූඩයෙන් නියරවල් දිගේ ඉද්දගැහුවා මෙන් "රන්"එක දෙන අයුරු එමට දැක ඇත්තෙමි...කසිප්පු තිප්පොළවල් වලට පොලිසියෙන් පැන්නවිට සිදුවූ රසකතා වලින් පොත් දුසිමක් පිරවිය හැක... බේබද්දන්  "ඔරේ රන්" එක දෙනවිට පාලු ලිං වලට වැටුණු කතන්දර, නාන ලිං වල ගෑණුන්ගේ බාල්දි උදුරාගෙන ඇඳුම් පිටින්ම නාන කතන්දර , අනුන්ගේ බුලත්කොටු වල බුලත් කඩන කතන්දර , මෙකී නොකී රස කතා රාශියක් දැක අසා ඇත්තෙමි. ඒ දිනවල අපේ සීයා කසිප්පු බොන්නට ගොස්   "අමුවෙන්"වේලපහින්  පොල් අතු මිටියක් දරට බැඳගෙන ගෙදර අවොත්   එදා කසිප්පු පොළට පොලිසියෙන් පැන ඇතිබව ගෙදර සියල්ලෝ දනිති....

කසිප්පු විෂවී මිනිසුන් මියයාම පිළිබඳව  ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවා වරින්වර අපට අසන්නට ලැබේ. රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ එක් වරක් චීවරධාරියෙකුද කසිප්පු විෂවී මියගිය බව අසන්නට ලැබුණි. එසේ වන්නේ ඇයි?

මෙතනොල් හෙවත් මීතයිල් මධ්‍යසාරය විෂ සහිතය. කසිප්පු පෙරීම නමැති භාගික ආසවන ක්‍රියාවලියේදී රත්වූ අවස්ථාවේ සිට ජලවාෂ්ප එනතෙක්ම එන වාෂ්පය ඝනීභවනය කරගැනීමෙන් සාම්ප්‍රදායික කසිප්පු නිපදවනු ලබයි...මෙතනොල් වල තාපාංකය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 65කි. එතනෝල් වල ආසන්නව එම අගය 78කි.කසිප්පු පෙරුම් කරුවා ඒ සියල්ල එකටම ආසවනය කරගනී. ශුද්ධ සීනි වලින් පමණක් පෙරන කසිප්පු වල මෙතනොල් නොසෑදේ. එහෙත්  කොලරොඩු, පලතුරු ,වෙනත් අපද්‍රව්‍ය පැසීමට ලක් වන විට ඒවායේ අඩංගු තන්තු කොටස් හෙවත් සෙලියුලෝස් පැසීම මගින් මෙතනොල් නිෂ්පාදනයවේ.එය විෂ සහිතය. ඒ අනුව බැලූ කල "ගෙදර හදාගන්න බඩු " වලටද පලතුරු දැමීම මගින් එහි සෑදෙන එස්ටර හේතුවෙන් මිහිරි සුවඳක් එයට මුසුවිය හැකි මුත් එයද විෂ සහිත විය හැක.

ලඳු කැළෑ වල පැහෙන්නට දමන ගොඩා බැරලයට කොලරොඩු සත්තු වැනි අපද්‍රව්‍ය සෑම විටකම පාහේ  එකතුවේ. පැණි රසයට ගිජුවී බැරලයට බසින කටුස්සන් වැනි සතුන් හා උන් ගොදුරු කරගැනීමට එයට පැමිණෙන ගැරඬියන් වැනි සතුන්ද එම බැරලයටම මුසු වේ. එම සතුන් නිසාවට විෂ සහිත බවක් එයට එක් වේ දැයි නොදන්නා නමුදු පැසීමේ ක්‍රියාවලියට එය උත්ප්‍රේරකයක් වන බව අසා ඇත්තෙමි. පැසීමේ ක්‍රියාවලිය වේගවත් කරගැනීමට එයට සමහරුන් "අසූචි" පොට්ටනියක්ද ගිල්වා තබන බවද අසා ඇත්තෙමි.
සීනි නිපදවා ඉවතලන උක් රොඩ්ඩෙන් මධ්‍යසාර නිපදවීම සෑම සීනි කම්හලකම පාහේ සිදුවන බව අසා ඇත. ඒවායේදී ක්‍රමානුකූල භාගික ආසවනික ක්‍රියාවලියක් මගින් එතනෝල් සහ මෙතනොල් වෙන් වෙන්ව නිපදවාගනී. ඒ හේතුවෙන් "ආණ්ඩුවේ අරක්කු" විෂ වන්නේ නැත.

පොල් හෝ කිතුල් රා නිෂ්පාදනයේදී මලෙන් බින්දුවෙන් බිංදුව වෑස්සෙන තෙලිදිය ක්‍රමානුකූලව පැසීමකට ලක්වීම තුලින් පිරිසිදු රා නිපදවීම සිදුවේ. අව්වේ තබා පමණට වඩා පැසීමට ලක්කිරීම තුලින් පිරිසිදු පොල්රා විනාකිරි නිපදවාගත හැකිය.

ඊශ්‍රායල් කතාව වෙනකකි. සීනි වතුරට යීස්ට් එකතුකර පැසීමට ලක්කොට එයට පොල් වතුරද මුසුකිරීම මගින් කෘතීම රා නිපදවාගනී. ගමක රා මදින්නකු බිස්නස් එක සරු වී කස්ටමර්ලා වැඩි වූ විට ඔහුද බොහෝ විට මෙය සිදුකරනු ලබයි.  එය දැන දැනම "ඊස්රායල් යනවා" කියමින් කෙසේ හෝ වෙරි වීමේ බලාපොරොත්තුවෙන්  බේබද්දන් සෙට් එක ඔහු වෙත ඇදීයාම සක්කරයාට වත් නතරල නොහැක. එය බොහෝ දුරට නතරවන්නේ පදම අවුල් වී යීස්ට් වැඩිවූ රා බීම මගින් බඩේ ඇති ආහාරද පැසීමට ලක්වී නොනවත්වා බඩයාමට පටන්ගැනීමෙනි. "උගෙ රා බිව්වම දියතුවක්කුවෙන් යන්නා වාගේ බඩ යනවා " කියමින් කෝපවූ බේබද්දන් කිහිපදෙනෙකු එකතුව අදාළ මදින්නාගේ පොල්මල හොරෙන් බිමට කපා දැමූ අවස්ථාද අසා ඇත්තෙමි..

හැලි අරක්කු කතාව වෙනමම එකකි. කුඩා පරිමාණයෙන් සිදුකරන මෙය නිවසක මුල්ලක සීනි යීස්ට් මුසු ද්‍රාවණයක් පැසෙන්නට තබා එයින් කසිප්පු ආසවනය කරගැනීම සිදුවේ. අරක්කු "හැලි අරක්කු" වලින් වෙනස් වන්නේ එය පෙරාගන්න ක්‍රමවේදය අනුවයි. ඒ සඳහා මුට්ටි හෙවත් හැලි 3ක් අවශ්‍යය.ලිප මත තබනා එක හැලියකට "ගෝඩා" ටික දමනු ලැබේ .එය උඩින් තබන අනිත් හැලියේ අඩියේ යම් ප්‍රමාණයකට ලොකු හිලක් සාදාගනී. එම හැළියේ පැත්තේ බඳෙහි හිලක් සාදා එය හරහා කසිප්පු කාර්මිකයා නිපදවූ ලී "හැන්ද" සවිකරයි. එම හැලියටද උඩින් තවත් හැලියක් තබන අතර එය තුළට  සිසිල්  ජලය පුරවා තබයි.මෙම සැකැස්ම හරිආකාරව කියාදීමට රූප සටහනක් අවශ්‍ය වුවද සිදුවන ක්‍රියාවලිය මෙසේ වේ.



පහළ හැලියට ගින්දර දැමු පසේ එයින් නිකුත්වන වාෂ්පය දෙවැනි හැලියේ හිල තුලින් ඉහලට පැමිණේ. එතුල එක්රැස්වන වාෂ්පය උඩම හැලියේ ඇති සිසිල් ජලය හේතුවෙන් එම හැලියේ බිත්තිය මත වැදී ඝනීභවනය වේ. එහි අඩියේ ඇති ගෝලාකාර ස්වභාවය නිසා ඝනීභවනයවූ ස්ප්‍රීතුව පෙර සඳහන් කල හැන්ද මතට වැටේ. එම ලී හැන්ද මැදින් සිදුරක් සාදා ඇති අතර එය හරහා "බඩු ටික " එලියට ගලා ඒම සිදුවේ. එයට බට පුරුකක් පුරුද්දා එයින් ස්ප්‍රීතුව බෝතලයකට එකතු කරගනී. මුට්ටි එකට තැබූ විට ඒ අතර ඇතිවන කුඩා හිදැස් සහ හැන්ද සවිකළ තැන හිඩැස පාන්පිටි තලපයක් මගින් වසා දමන්නේ හුමාලය පිටට යාම වලක්වා ගැනීමටය. වරින්වර උඩම මුට්ටියේ ජලයද සිසිල්ව තබාගැනීම සඳහා මාරු කරනු ලබයි. හැලි අරක්කු කතාන්දරය එසේය.



ගමේගොඩේ බොන මිනිහෙකුගේ ආර්ථික තත්වය වියදම් කිරීමේ හැකියාව අරක්කු හෝ කසිප්පු මත සෘජුව රඳා පවතී. කුලී වැඩ කරන මිනිසකු ආසන්න වශයෙන් දිනකට රුපියල් 1000ක් උපයනුලබයි.බොහෝවිට එම පවුල් වල මුදල් උපයන්නේ එම පිරිමියා පමණි.ඇඟපත මහන්සිවී වැඩකරන කම්කරුවකු සාමාන්‍යයෙන් 33.3% සැර මධ්‍යසාර බෝතල් භාගයක් පරිභෝජනය කරයි. සාමාන්‍යයෙන් දිනපතා බොන ග්‍රාමීය පුද්ගලයන් බයිට් එකට ඩෙවල් චිකන් කන්නේ නැත. උපරිමය වඩේ එකක් හෝ කඩල අහුරකි. කොකාකෝලා, ස්ප්‍රියිට්, සෝඩා වලින් shandy කිරීමක්‌නැත. "සැන්ටින්" කලොත් කරන්නේ ඇල් වතුරෙනි. ගල් බාගයක් බොන්න ගියෝතින් රුපියල් 600කට වත් කෙලවේ.

 ඒ සඳහා ඔවුනට වෙනත් විකල්ප ඇත.  ගල් කාලක් සහ බියර් ටින් එකක් කලවමේ බීම  ඉන් එකකි. අනෙක ගාන අඩු  "හොම්බ කොටා" බාගයක් ගැසීමයි. "හොම්බ කොටා" යනු හිඟුරාන අතිවිශේෂ වලට ආරූඪ නාමයකි. මිල අඩු ගඳගසන එම අරක්කු වර්ගයේ බෝතලයේ bottle neck එක කෙටි වීම එම නම යෙදීමට හේතුවයි. අසා ඇති පරිදි බිවු පසු පළාතේ ඉන්නට බැරි තරම් ගඳක් වහනයවීම හා පසුදින ඇතිවන තදබල ඔලුවේ කැක්කුම "හොම්බ කොටා" ගේ අවේනික ලක්ෂණයන්ය. බීම අතහැරදමා ගංජා ඉරීමට හුරුවීම තවත් විකල්පයකි. අඩු වියදමින් වැඩි ආශ්වාදයක් ගංජා වලින් ලැබෙනවා වියයුතුය. 

මේ සියල්ලන්ගෙන්ම දරුණුම විකල්පය වන්නේ දවල් වේල නොකා හවසට බොන්නට පුරුදුවීමයි.දවල්ට නොකා දවසම මහන්සි වීම තුලින් සිරුර විඩාපත් වන අතර ඉන් අනතුරුව සවසට අරක්කු බීමෙන් අඩු ප්‍රමාණයකින් වැඩි "වෙරියක්" ගතහැක. මෙම ක්‍රමයට  ගම්බද  කුලී වැඩකරන බේබද්දන්  බොහෝ දෙනෙක් වර්තමානයේ අනුගත වී ඇත. ඔබ විශ්වාස නොකරනවා වන්නට පුළුවන. එහෙත් සත්‍යය එයයි.
මේ ඛේදවාචකය ගැන කිසිවකු කතාකරන්නේ නැත. කුලී වැඩක් ගත්  අවස්ථාවක එවන් අයෙකුට බලහත්කාරයෙන්ම වාගේ බත් පාර්සලයක් වරක් ගෙනවිත් දුනිමි. පෙරත්තකොට කන්නට කී පසු එය ගිලදැමූ ඔහු විනාඩි 10කින් පසු ඒ සියල්ල මා ඉදිරිපිටම වමනය කළේය. ඒ ඔහුගේ වුවමනාවෙන් නොවේ. පුරුදු ක්‍රමයෙන් වෙනස් වේලාවක ගත් ආහාරය තම ශරීරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? වැඩිපුර බිව්වොත් දවසේ ඉපයූ මුදලින් ගෑණුන් දරුවන් ගේ කුසගිනි නිවීමට, ඔවුන්ගේ  අවශ්‍යතා සපුරාලීමට මුදලක් ඉතිරි නොවේ.

කසිප්පු තිබුණා නම්.... වර්තමානයේ කසිප්පු ඉතා විරළය. විකුණනවා නම් විකුණන්නේ ඉහල සබඳතා ඇති අයවලුන්ය. ඒ සඳහාද නිරන්තරයෙන් නගරං ගෙවීමට සිදුවන නිසාවට කසිප්පු බෝතලයක මිලත් වර්තමානයේ රුපියල් 400 සිට 600 දක්වා මිළවේ. 

බොන මිනිසකු දුටුවිට අඩන්තේට්ටම් කරන බෙල්ලෙන් අල්ලා ගෙනගොස් කූඩුකරන පොලිස් නිලධාරීන් බහුතරය රෑ එළිවනතුරු සිටින්නේ බීමතින්ය. අරක්කු දුම්වැටි තහනම් කරන්නට භාවිතය අවම කරවන්නට නීති සම්පාදනය කරන කොයි ආණ්ඩුවේත් ලොකු ලොක්කෝ බහුතරයක් අප්‍රසිද්ධියේ මිල අධික රටබීමෙන් සන්තර්පණය වෙති. කෑමට බීමට සෑම මිනිසකුටම නිදහසක් තිබිය යුතුය. ශරීර සෞඛ්‍යයට අහිතකර වන්නේ නම් සීනිද තහනම් කලයුතුය. රජයෙන් සිදුකරනු ලබන්නේ ගමේ  කසිප්පු වඳ කොට ආණ්ඩුවේ කසිප්පු බාර් වල විකිණීමෙන් දුප්පතුන්ගේ රීරිමාංසය සූරාකෑමයි ...

මේ ක්‍රමයට විරුද්ධව ජෙයරාජ් ඇමතිවරයා "හැලි අරක්කු" නීතිගත කරන ලෙස පාර්ලිමේන්තුවේ හඬක් නැංවීය. එතුමාද මියගොස් ඇති අතර එම යෝජනාවලියද  ලත් තැනම ලොප් වී ඇත.
ආණ්ඩුවේ කසිප්පු බීමට සිදුවී තිබෙන නිසාවෙන් දුප්පත් බොන මිනිහාගේ ආයුෂ කෙටි වීමේ, තම පවුලේ පවුලේ ජීවන තත්වය කඩා  වැටීමේ හා පහල මට්ටමේ සමාජ තත්වය බිඳවැටීමේ ඛේදවාචකයට විසඳුම කුමක්ද?

එක්කෝ උන්ගේ බීම නතරවිය යුතුය. එක්කෝ ඔවුන්ගේ ආදායම් තත්වය උසස් වියයුතුය. එක්කෝ "ආණ්ඩුවේ කසිප්පු" වල මිළ අඩුකළ යුතුය. එසේද නොමැතිනම් "හැලි අරක්කු" නීතිගත කලයුතුය.

තීරණය ඔබට බාරයි.....

(ඡායාරූප අන්තර්ජාලයෙනි)


45 comments:

  1. සජ්ජා...................

    අටමා තමා පාර කියුවේ.... ලිවීම පටං ගත්ත තැනම සුභ පතන්න ඒපැයි නේද??? දිගු ගමනකට සුභ පැතුම්..... අපි හමුවෙමු දිගට ම ................

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි බොහොමයක්.... බලන්ඩ එන්ඩ දිගටම.

      Delete
  2. සජ්ජා ...ඔන්න මමත් අටම් කියපු පාරෙන් ආවේ ...
    ජය වේවා ...
    අපේ බලකායේ කුඩා කර්මාන්ත පිලිබඳ ලේකම් පොස්ට් එක දෙන්නම සලකා බලන්නම් ..

    ස්තුතියි
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. බලකායට බදවා ගමු සඡ්ඡාව

      Delete
    2. ඔබගේ බ්ලොග් අඩවිය අපගේ ගල් බලකාය සංවිධානයේ නිල බ්ලොග් අඩවිය ලෙස තෝරාපත් කරගන්නා ලද බව සතුටින් දැනුම් දෙමු !!!! බාගයක් සමඟ පැමිනෙන්න..

      කැඳවුම්කරු
      ගල් බලකාය
      2015/1/21

      Delete
    3. මොකද්ද බන් මේ තුච්ඡ කතාව....භාගයක්? තේ හැන්දෙන් බෙදන්නද?

      Delete
    4. //බාගයක් සමඟ පැමිනෙන්න..//
      හෙලා දකිනවා බලකායේ කිර්ති නාමයට හානි කිරීම ගැන ...පුහ් මු බාගේට තනියම වග කියලා තනියම බුදු වෙන්න යන්නේ .සජ්ජා ලේකම් කරලා පත්තරයා පන්නලා ගල් බලකායට යහපාලනය ගේනවා ...
      ග .බ වෙනුවෙන් සින්දු ඇනෝ

      Delete
    5. හහා.... බොහොම ඉස්තුතියි..... ජයවේවා....

      Delete
    6. කයිය ගැහුවට ඕකට බාගෙකුත් වැඩියි , පත්තර නංගි දවසක් කියුවා පත්තරය එක බෝතලයක් දවස් නමයක් බොනවලු

      Delete
  3. හින්ගල කොටියෙක් පාර කිව්වේ.. ඕන් ඔහේ ලියහන් බං.. කුණුහබ්බෙන් බැනලා හරි යන්නෙ නැතෑ.. උඹට කියන්න අපි තාමත් බැනුම් අහනවා...

    කසියා කිසි දවසක නවත්තන්න බෑ.. අපි නම් ගහන්නේ කොත්තමල්ලි වලින් හදපුවා.. සින්සානෝ නෙමෙයි බං.. ඒකේ ලෝකල් එක..

    ReplyDelete
    Replies
    1. හහා තැන්කු වේවා... කොත්තමල්ලි වලින්??? යකඩෝ මම දන්නේ නෑ නේ එහෙම එකක්...

      Delete
    2. ආ........ ජාන මංකොල්ල ජ‍ාවාරංකාර , ngo සමනලයත් ( නරක ) ඇවිත් , සජ්ජෝ ඔන්න ඕකට කියහං අර ලියනවට ඩොලර් හම්බෙන බ්ලොග් එකෙයි , පවත්වගන යනවට පවුංම් හම්බෙන සින්ඩියෙයි උඹේ පඩංගුවත් එල්ලන්ඩ කියල , හැබැයි පරිස්සමින් මුව ආසරය කරනව කියන්නේ පිස්සෙක් එක්ක වැල කනව වගේ ,

      Delete
    3. //කොත්තමල්ලි වලින්// ඕකගේ බොරු මේ දවස්වල ගහන්නේ පොලොන්නරු කසිප්පු , උඹ දන්නවද සජ්ජා මු ඒ පැත්තේ කොල්ලන්ගේ චන්ද කඩපු හැටි , ඒ කොල්ලන්ට තාත්තගේ පුක පෙන්නල බය කරල

      Delete
    4. අඳුනගන්න ටික දවසක් යන බව පේනවා ඔක්කොම. මට නිකන් මෝල් වගේ.. උඹලගේ ඇඩ්වාන්ස් කතා, අපි නොදන්නා දේවල් කොච්චරද.. ටික දවසක් යනකොට සෙට් වෙලා එයි...

      Delete
  4. අටමා කිව්වා අපි ආවා..එල යකෝ එල ද බ්‍රා. උඔ අර අපේ එකා කිව්ව ලේඛම් පෝස්ට් එක හිතලා බලලා කැමති නම් කියහන්..
    උඔ අපේ ගල් බලකායටත් බැදෙනෙවානම් කියපන්..
    එහනම් දිගටම මේ පැත්තේ ඇවිත් කසියා/ වැටේ සුදා/ ඇති හිටියා පාරක් ගහලා සරම කරට අරගෙන #%^&(())()&%#@%^ කියලා ඡාතිය අමතලා යන්න ආයමත් එන්නම්.
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ඒ සමඟම සරමට යටින් ෂෝට ඇඳ සිටීම අපගේ ප්‍රතිපත්ති වලට පටහැනි බැවින් සිදුවන අපහසුතා ගැන වග කියනු නොලැබේ … !!!

      (කොන්දේසි සහිතයි )

      කැඳවුම්කරු
      ගල් බලකාය
      2015/1/21

      Delete
    2. හිහී .. ඝන්ටාර බලකාය කියල නම වෙනස් කරමු එහෙනම්...

      Delete
    3. දැන් ඔය තොපි දෙන්න කියන්නේ තොපේ ගල් කපන බලකාය ගැනද , ගල් ගහන බලකාය ගැන , මිනිස්සු වැරදි අවබෝධ ඇති කරගන්ඩ කලින් කියාපියව්

      Delete
    4. ගල් බොන සේනාව කියමු .....(ග .බො .සේ ) හැක් හැක් .

      Delete
    5. බලමු ඉස්සරහට හම්බවෙන්නත්.. පිස්සු වගේ මටනම්...

      Delete
  5. මේ වගේ වැදගත් පොස්ට් මිස් කරල පසුතැවෙන උන් නෙවේ අපි. මම අටමගෙන් බැනුමක් අහන්න බලාගෙන ඉල්ලීමකුත් කරල ආවෙ.
    මෙන්න මේ වගේ වැදගත් පොස්ට් දාපන් අපි උන්ට. නැත්නම් පෙරාගෙන හරි බොන කෂ්ටිය අපි.
    මට ඉස්සල්ල අපේ බලකායේ නිල ආතල් සැපයුම් කරු ඇවිත් ලේකම් කමට ගන්න ට්‍රයි එකක් දීල.

    ස්තුතියි
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මෙන්න පෝස්ට් !!!!

      අපි වෙනුවෙන් අපි !!!!

      Delete
    2. බොහොම ඉස්තුතියි මෙහෙම පිලිගන්නවට....

      Delete
    3. හෝව් ..හෝව් ...සජ්ජා ........උඹ අහල තියනවද අර සින්දුව

      පුජාසනයේ ඔබ හිදුවා
      ඔබව ඉඹින මේ ලෝකයමයි හෙට
      පෙරලාගන $ක පලවන්නේ

      දැනට මෙතන කමෙන්ට් දාල තියන උන් ගැන නෙමෙයි මේ කියන්නේ , එහෙම ඇනොලත් දවසක එයි , උන් අහසෙන් වැටෙන්නේ නැ මේ එකට ඉන්න උන්ම තමයි එහෙම එන්නේ , සම හරක් අරින්ඩ එයි , සම හරක් උදව්වට එයි , එදාට සැලෙන්ඩ වැටෙන්ඩ එපා , අදින්ඩත් එපා , මේක සර්පභවනක්

      Delete
    4. වනාන්තරයෙහි රෞද්‍ර වූ ගිනි කඳක් හටගන්නා වූ කල්හි දිගන්තයෙන් හමන්නා වූ මන්දමාරුතය ද මිත්‍ර වෙයි. නමුත් දුර්වල පහන් එළිය නැසීමට එම සුළඟම සතුරු වෙයි. දුර්වලයන් හට මිත්‍ර වූ හෝ ඥාති වූ කෙනෙක් කවරහුද..?

      පූජාසනයේ ඔබ හිඳුවා..
      පූජාසනයේ වැඩ හිඳුවා
      ඔබට පුදන මේ ලෝකයමයි හෙට
      ඔබට එරෙහි වී නැගිටින්නේ

      ඉසුරින් කිත් යසසින් බබලන දා
      ඔබගේ බැනුමත් ගීයක් වේ
      ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
      සිනාසුනත් එය වරදක් වේ

      කිරියෙන් පැණියෙන් උතුරා යන කල
      ලොව ඔබ පාමුල හඬා වැටේ
      අතමිට හිඟ වී බෙල සුන් වන කල
      ලොව ඔබ හිස මත කඩා වැටේ

      ගායනය - නන්දා මාලිනී
      සංගීතය - එච් එම් ජයවර්ධන.
      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

      Delete
    5. මෙව්වා නම් බ්‍රහ්ම ටෝක් තමා... ඕව වැඩිය කියවන්නෙපා බන්.. ලජ්ජා හිතෙනවා මං ගැන... ලොකු අය්යල මේකේ පොර ටෝක් දෙනකොට මම නිරුත්තරයි. අලි හුකයි අපි තැලෙයි කිව්වලු...

      Delete
  6. යකෝ කමෙන්ට් එක ටයිප් කරද්දිම සම සබාපති තුමා සරම කරට අරං ඇවිල්ලනේ

    ReplyDelete
    Replies
    1. එයා ඔහොම හරි එන එක ලොකු දෙයක් , දැන් බ්ලොග් මතක නැ , ආතල් පොට් එකකට ෂිෆ්ට් වෙලා

      Delete
    2. වනාන්තරේක අතරමන් වෙලා වගේ.. මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ උඹල කියන...

      Delete
  7. එළ ඈ! සකල වාසී ජනීජනයාගේ මොළ කර්පට් වෙලා යන්න ලියහං..මේ වගේ එව්වා එහෙම ලේසියෙන් කියවන්න ලැබෙන එව්වා නෙවෙයි..අන්න ඒකයි වටිනාකම! :)

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි බොහොම.. ලැජ්ජාවට සරම ගලවල මූණේ ඔතාගත්ත....

      Delete
    2. යකෝ බිජ්ජ එලියේ

      Delete
    3. ඒකනේ මූණ වහගත්තේ. බිජ්ජ පෙනුනට ලජ්ජා හිතෙන්නේ නෑ.. උඹල එක්ක බැලුවම සජ්ජ තාම හුජ්ජ කොල්ල...

      Delete
  8. ආතල් පෝස්ට් එකක් වගේ පෙනුනට කියල තියන කතාව සහතික ඇත්ත.දවසකට රුපියල් 1000ක් ගන්න මිනිහෙක් කොහොමද 400-500 බොන්න වියදම්කරන්නේ?විසඳුම් හැළි අරක්කු.සුද්ධෝධන රජ්ජුරුවන්ගේ මල්ලිට බීල බීල සෝවාන් වෙන්න පුළුවන්නම් අපිට පෙරන්න බැරි මොකද?
    දිගටම ලියපන් මේ වගේ අළුත් විදිහට බලල.ජය වේවා......
    (අටමා තමා පාර කිවුවේ )

    ReplyDelete
    Replies
    1. අටමා මට හෙන සැප එකක් දෙනවා.. ඔක්කොටම ඉස්තුතියි....

      Delete
    2. සැප එකක් නෙමෙයි යකෝ සප් එකක් , මිනිස්සු හිතයි මං උඹට %$$@*&^ කරනව කියල

      Delete
    3. ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. අටමෝ ඇත්තටම එව්වත් කරනවද?? මල මගුලයි... එන්නේ නං නෑ කොල්ලෝ දකින්නන නං එහෙමනං .. පශ්තාත් භාගය බේරගන්න ඕන නිසා....

      Delete
  9. ඔය පැෂ්ටොල් අඩු කරා වගේ , අරක්කු බද්දත් අඩු කරල , සිකරට් බද්දත් අඩු කරානං හරි ,

    කවුද එකෙක් කියුවා

    අනවස්ස බදු අයින් කොරහම

    ගෝල්ලිප් එක දහයකටයි

    ගල්බෝතලය හයසීයකටයි

    පැස්ටොල් ලීටරේ හැත්ත හයකටයි

    දෙන්ඩ පුලුවන්ලු

    ReplyDelete
    Replies
    1. අනේ බොල .. දෙකක් දැම්මට පස්සෙ ඇත්ත කියවෙනව නෙහ්.....

      Delete
    2. යටිං මට හෙන සප් එකක් දෙන නිසා අටමගේ දේශපාලන මතේ ගැන මං මුකුත් නොකිය ඉන්නවා.. ඒ උනාට මම බුකියේ දකිනවා මහින්ද මහත්තය නැති පාලුවෙන් අතරමං වෙලා ඉන්නවා...

      Delete
  10. අම්මප ටිකක් වෙරි වෙන්නනේ මේ ඔක්කොම ......

    ReplyDelete
    Replies
    1. වර්ගයා බෝකරන්න ලෝකෙට බිහිවෙච්චි අපි ගන්න පොඩි පොඩි ආතල් වලින් එකක් විතරයි එහෙම බැලුවම...

      Delete