වැඩිපුර දෙසීය දෙන්නෙ "අහවල් එක" එල්ලං ඉන්නවටද....??

 මීට අවුරුදු දහයකට පහලවකට කලින් සජ්ජගේ පවුලේ ආදායම් මාර්ගය උනේ අන්නාසි වගාව. සුනාමිය ආවට පස්සෙ නැව් ප්‍රවාහණය සම්බන්ධව මොකක්හෝ ගැටළුවක් වෙලා අන්නාසි රට යන එක එකපාරටම අඩුවෙලා අන්නාසි මාකට් එක බල්ලට ගියාට පස්සෙ වගාව අතෑරල ගල් කෝස් එකට එන්ටර් වෙනකල් අපේ වත්තෙ තිබ්බෙ අන්නාසි. අන්නාසි වලට අමතරව කෙසෙල් වගාවත් පොල් ගස් අස්සෙ සරුසාරව හැදුන මතකයි.කොහොමටත් මිනිස් ශ්‍රමය  හැමදාම වගේ  යොදවන්න වෙන අන්නාසි වගාවේදි   කාලෙ අපේ වගාව වෙනුවෙන් කුලියට මිනිස්සු හතරපස් දෙනෙක් හැමදාම වැඩකළා

 අලුතෙන් පැළ හිටවන, පෝර දාන වගේ දවස් වලට තවත් කට්ටිය වැඩිපුර යොදවන්න ඕන. ගෑණු මිනිස්සු කියල බේදයක් නැතුව වගේ දවස් වලට කට්ටිය යමරෙට වැඩ. තාත්ත තමයි ඉතිං වැඩේ අදීශනේ කොරන්නෙ.  " උඹ අරක කරපං, උඹ මේක කරපල්ල , මොකක්ද බං කැඳ බිව්ව වගේ., ටිකක් ඉක්මනට ඕක අරං වරෙල්ලකෝ. උදේට කාල නෙවෙයිද ඉන්නෙ. මූට බීඩිය පත්තු කරන්නත් පැයක් යනවනෙ" වගේ දිරිමත් කිරීම්,තර්ජනත්  එක්ක තාත්ත කට්ටිය මෙහෙයෝනවඅන්නාසි වතු වල වැඩ ටිකක් අමාරුයි. ප්‍රධානම කාරනාව කටු ඇනෙන එක. හන්ද කාලෙ අනිත් වැඩ වලට වඩා වැඩියෙන් කුලී කාරයන්ට කුලිය ගෙවනව අන්නාසි වතු වල.  මට මතක විදියට උදේට තේ , දවල්ට කන්න සහ හවසට තේ දීල පිරිමියෙක්ට දාහකුත් ගෑණු කෙනෙක්ට අටසීයකුත් ගෙව්ව කාලෙ (වෙන කුලී වැඩ වලදී පිරිමියෙක්ට 750යි ගෑණු කෙනෙක්ට 500යි) .

  කාලෙ තේවතුර, බත්මුල් කාරිය වැඩ කරන තැනට ට්‍රාන්ස්පෝට් කරන රාජකාරිය අධ්‍යාපන වැඩ නැති වෙලාවට කොරන්න වෙලා තිබ්බෙ මට.  තේ වතුර, බනිස් , බත් මුල් අදින ගමන් පොඩ්ඩක් එහාට මෙහාට කැරකිලා එතනින් මාරු වෙන මට සේවක පරිපාලනය ගැන මුල්ම ඇසි දිසි අත්දැකීම් ලැබුනෙ තාත්තාගෙන්. රටේ නැති වල්පල් කතන්දර ,   ආගිය කතා කියව කියව හිනාවෙවී හිටියත් වැඩේ හරියට කෙරෙන්නෙ නැති වෙලාවට තාත්තට මරු නගිනව. "මොකක්ද බොල කොරපු වැඩේ හරියට නිකං පදුව මෝල කැපුව වාගෙ , මූ බීඩිය පොඟවගන්නෙ එතකොට මූට පුලුවන්නෙ දවසම බීඩිය පත්තුකරකර ඉන්න" වගේ රටේ නැති අවළාද කිය කිය තාත්ත මිනිස්සුන්ගෙන් වැඩ ගන්නව.

අන්නාසි පැළ හිටවන්නෙ පේළියට . එකගාව ලං ලංව හිටවන එක පේළියකට කියන්නෙ "නෙරයක්" කියල. අඩි දහයක විතර පරතරයට තමයි "නෙර" ගහන්නෙ. " නෙර" සකස් කරන්න වගේම නෙර වල පැළ  හිටවන්න  තාත්ත මිනිස්සුන්ව යෙදෙව්වෙ වෙන වෙනම. එක නෙරයට එක කුලී කාරයයි. වැඩේ යනකොට පේනව කව්ද ඉක්මනට වැඩ කරන්නෙ, කව්ද අඩුවෙන් වැඩ කරන්නෙ කියල. ගෑණුත් මිනිස්සු එක්ක හරි හරියට වැඩ. දවසක් වැඩ ඉවර වෙන වෙලාවක වත්ත පැත්තෙ ගිය වෙලාවක තාත්ත  කට්ටියට පඩි දෙන්න ලෑස්තිය . " ධර්මසිරි , උඹ අද නෙර කීයක් හිටෙව්වද. මම හොඳට බලාගෙන හිටියෙ . සෝමා උඹ හිටෙව්වට වැඩියෙන් නෙර දෙකක් හිටෙව්ව. සෝමට මං දෙන්නෙ අටසීයයි උනාට උඹට මම දාහක් දෙනව" . ධර්මසිරි මාම  තාත්ත ගාව ඇඹරෙනව . " ගෑණු උඹලට වැඩිය වැඩ කරනව , උනාට පඩිය අඩුයි . මිනිහෙක්ට වැඩිපුර ගෙවන්නෙ ගෑනියෙක්ට වැඩිය වැඩ කරනව කියල හිතාගෙන. දැන් එතකොට මම උඹට වැඩියෙන් දෙසීයක් දෙන්නෙ මොකටද?" " මම උඹට වැඩිපුර දෙසීයක් දෙන්නෙ 'අහවල් එක' එල්ලං වැඩකරනවටද?කට්ටියට හිනා... "උඹට අහවල් එක එල්ලං ඉන්නව කියල වැඩියෙන් සල්ලි දෙන්න මං ලෑස්ති නෑ. හෙට ඉඳන් වත් හරියට වැඩ කරහන් " කියල දාහම ධර්මසිරි මාමට දීපු තාත්ත ඉතුරු කට්ටියටත් සල්ලි දීල එදා වැඩ ඉවර කළා.  "අහවල් එක එල්ලං වැඩකරන" කතාව තාත්තාගෙන් අහගත්තට පස්සෙ ධර්මසිරි මාම හරියට වැඩ කරන්න ඇති. සේවකයො පාලනය කරනෙක වගේම හැමදාම මිනිස්සුන් ගෙන්නාගෙන වැඩකරන එකත් බොහොම අමාරු අසීරු කාර්යයක් කියන එක එදා ඉඳන්ම මං තේරුම් අරන් හිටියෙ.

ගල් වැඩපල පටන්ගත්තට පස්සෙ තාත්ත සේවකයො පාලනය කරන හැටි, මිනිස්සුන්ගෙන් වැඩ ගත්ත විදිය සම්බන්ධව මටත් දැක පුරුද්ද තිබ්බ. ගල් එක්ක හැප්පෙන කර්කශ මිනිස්සු පාලනය කරන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. හික්මීමක් උගත්කමක් නැති, නාහෙට නාහන එදා දවසෙ පඩිය ලොකු ගානක් ගත්තත් පහුවදා උදේට එනකොට කඩෙන් සල්ලි දීල බීඩියක් ගන්න සල්ලි අතේ නැති මිනිස්සුන්ගෙන් වැඩ ගන්නව කියන්නෙ පට්ටම අමාරු වැඩක්. සීලාචාර සමාජයේ සේව්‍ය සේවක ගනුදෙනුව ගැන බොහොම ලාමක අවබෝධයක් තිබ්බ මං සමහර දවස් වලට තාත්තත් එක්ක රණ්ඩු වෙච්ච වෙලාවල් තිබුණ. "තාත්තෙ මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා , අපි කව්රුත් මිනිස්සු , මිනිස්සු වැඩකරන නිසා තමයි අපිත් ජීවත් වෙන්නෙ" වගේ ටෝක් එක්ක තාත්තත් එක්ක වාද කරගත්තෙ සමහර වෙලාවල් වලට තාත්ත අර මිනිස්සුන්ට තිත්ත වචනයෙන් ආමන්ත්‍රණය කරන වෙලාවල් බොහොම සුලභ වෙච්ච හන්ද. " එහෙම නැතුව බෑ බං මුන්ව ආම්බාන් කරන්න" කියල තාත්ත කතාවෙන් මග ඇරල යනව.  ඉස්සර තාත්ත වැඩපලට එනකොට වැඩකරන මිනිස්සු ඉන්නේ බොහොම සීරුවෙන්. මොකක් හරි අතපසු උනාද , වැරද්දක් වෙලා තියනවද, "දැන් මුගෙන් බැනුම් අහන්න වෙයිද" කියන චකිතයෙන්. හැබැයි හවසට කට්ටියටම සල්ලි දීල විහිලු කතාවක් කියල කයිවාරුවක් ගහල යන තාත්තට කට්ටිය හරි ලෙන්ගතුයි. ගෙදර වැඩක් හරි ගල් වළෙන් පිට වෙන වැඩක් හරි ඕනෑම දෙයක් කිව්වම බොහොම උනන්දුවෙන් එක කරලා දෙන්න තරමට කට්ටිය තාත්තත් එක්ක ෆිට්.

 පස්සෙ කාලෙක ගල් වැඩපලේ පාලනය තාත්ත මට භාරදුන්නට පස්සෙ තමයි සෙල්ලම .මම එතෙන්ට ආව කියල වැඩ කරන මිනිස්සු  මාව සතපහකට ගණන් ගත්තෙ නෑ.  වැඩක අඩුපාඩුවක් දැක්කත් ගැන කිව්වත් තාත්තට ප්‍රතිචාර දක්වන වේගයෙන් වැඩේ කොහොමත් කෙරුනෙ නෑ. තාත්ත බනිනවා වගේ සරම පැත්තකින් උස්සල මිනිස්සුන්ට බනින්නත් මට බෑ.  දවසක් දෙකක් මහා සද්දෙට මිනිස්සුන්ට බැනල ඊට පස්සෙ ගෙදර ඇවිත් ගැනම කල්පනා කරලා මමම  විඳවන විඳවිල්ල අයෙත් කරගන්න මට ඕන උනේ නෑ. ඔය තත්වය බැලන්ස් වෙනකල් තාත්ත ඉඳහිට ඇවිල්ල වැඩපලේ වැඩ වලට දවසට පාරක් ඇවිත් බලල යන්න එන්න ගත්ත. පස්සෙ කාලෙකදි මිනිස්සු හිඟ කම නිසා ගල් කඩන වැඩේ මැෂින් එකකට පැවරුවට පස්සෙ අර "සත්තුවත්ත පාලනය කරන එක" යන්තම් නැවතුනා.ඉස්සර වැඩපළේ හිටියෙ මහත්තයයි, වැඩකරන මිනිස්සුයි. අද අපේ වැඩපලේ ඉන්නෙ අයියල මල්ලිලා.  මහත්තයෙක් නෑ.


දියුණු රටවල් වර්ණනා කෙරෙනකොට අපි නිතර දෙවේලේ අහන දෙයක් තමයි "කොම්පැනියේ ලොක්කයි කක්කුස්සි හෝදන මනුස්සයයි රාජකාරි වේලාවෙන් පස්සෙ හවස එකට තේ බොනව" කියන කතාව. එකට තමයි සමාජ දියුණුව කියල කියන්නෙ. පංති පරතර , දුප්පත් පොහොසත් භේද , කුල භේද එන්න එන්නම සමාජයේ දියුණුවත් එක්ක නැතිවෙලා යනව. එයාපෝට් එකේදී ඔබාමාගෙන්  අයිඩෙන්ටිය ඉල්ලන කතා, ප්‍රංශ අගමැති බීල එලවල පොලිසියට මාට්ටු වෙන කතා අපි සලකන්නෙ බොහොම දියුණු සමාජීය ලක්ෂණ විදිහට. හැබැයි ඒව අගය කරන ගමන් අපේ මිනිස්සු තමන්ගෙ සමාජ තත්වය රැකගන්න අනිත් මිනිස්සු පහත් කරන්න උස්මිටි පරතරයක් හදාගන්න දඟලනව. තමන්ගේ රැකියාව , ආර්ථික මට්ටම පෙන්නගෙන සාමාන්‍ය සමාජයෙන් වැඩි වරප්‍රසාද බලාපොරොත්තු වෙනව. තැනකට ගියාම ඉංග්‍රීසියෙන් කතාකරන්න උත්සාහ කරන්නෙ ඇයි? කතාකරනකොට ඉංගිරිසි ඌරුවක් බොරුවට ආරූඪ කරගන්නෙ ඇයි? බොරු උගත්කමක් පෙන්නල සමාජයේ වරප්‍රසාද ගන්න. උගත්කම මවාපාන කොටසක් ඉන්නව වගේම උගත් සහ සමාජයේ ඉහල තල වල ඉන්න සමහර උදවිය වරප්රසාද ලබාගන්න, කැපී පේන්න තමන්ගේ උගත්කම සහ සමාජ තත්වය භාවිතා කරනව. ඔය මොකක් නමුත් එකක් මතක් කරන්න කැමතියි. එන්න එන්නම සමාජ මට්ටම් අතර පරතරය අඩු වේගන යනබව .  මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව එන්න එන්නම දැනුවත් වෙනව. පුද්ගල වන්දනාව එන්න එන්නම අඩු වෙනව. හැම එකාම කරේ නගින්න එනව වගේ පෙනුනට ඇත්තටම ඒකට තමයි දියුණුව කියන්නෙ. 

වත්තෙ පිටියේ වැඩක් කරවගන්න අද කුලී කාරයෙක් නෑ. හිටියත් දහ වැඳුම් වැඳලා ඔක්කොම සාත්තු සප්පායම් කරල සල්ලි දීල වැඩේ ගන්න ඕන. අමාරුයි තමයි, ඒත් ක්‍රමය ඒකයි. දියුණුව කියන්නෙ ඒකයි. සමාජ පරිවර්තනය කියන්නෙ ඒකටයි. එන්න එන්නම මහත්තුරු අඩු වෙන එක , අසාධාරණය වෙනුවෙන් තරාතිරම නොබලා කතා කරන එක, රක්ෂාවට තත්වයට සල්ලි වලට මිනිස්සුන්ට සලකන ප්රවණතාව අඩුවෙන එක එන්න එන්නම සිද්ධවෙනව . වෙන්න ඕන ඒකයි . සමාජයේ දියුණුව කියන්නෙත් ඒකටමයි. හැබැයි ඒත් එක්කම මෙහෙමත් වැඩක් සිද්ධවෙනව. කුලී වැඩ, එදිනෙදා වත්ත පිටියෙ වැඩ සහ odd jobs කැටගරියට වැටෙන රක්ෂාවල් වලට පෙළඹෙන මිනිස්සුත් එන්න එන්නම අඩුවීගන යනව.  චෙෆාකි කෙකි කාරයො වඳ වෙන කතාව කිව්ව වගේ ශ්රමිකයෝ අඩුවෙනකොට ඉන්දියාවෙන් කුලී කාරයෝ මෙහාට ගෙන්නන්න වෙන්න බැරි කමකුත් නෑ...