වනචර දොස්තර ඉදිරියේ රෙද්ද ඉස්සීම , නර්ස්ලාගේ ලොකුකම් , මිඩ්ඩයිෆ් ගෑණුන්ගේ හණමිටි පණ්ඩිතකම් මැදින් අති උතුම් මව් පදවිය ලැබීම...



සජ්ජා තාත්තෙක් වෙච්ච කතාව කියල ටික දවසකට බ්ලොග් ලෝකෙන් අයින් වෙන්න හැදුවත් පුරුද්දට සහ මේකට ඇති ලැදියාව නිසාවට පොඩි ඉස්පාසුවක් ලැබුණු ඇසිල්ලක  ආයෙමත් මේ සම්බන්ධයෙන් යමක් කොටන්න හිතුන. පියවරුන්ගේ සංගමයට බොහොම ලෙන්ගතුකමෙන් එක්කාසු කරගන්න කතාකරපු හැමෝ දෙනාටම වගේම සුපුරුදු දයාබරත්වයෙන් සුභපතපු හැමෝටම ආයෙත් පාරක් ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. හැමෝටම ස්තුතියි!
මගේ ආදරණීය බිරිඳත් එක්ක එක වහලක් යටට වෙච්ච දවසෙ ඉඳන් හුරතල් පොඩි එකෙක් ගෙදරට ගේන්න අපි දෙන්නට පුදුම හදිස්සියක් තිබ්බෙ. දැනට අවුරුදු 3කට කිට්ටු වෙච්ච අපේ දීගෙ කාලසීමාව ඇතුළත සති තුනකට කළින් ඉපදුනු පුංචි කෙළිපොඩ්ඩ දිහා ඇස් පිය නොහෙළා ආදරයෙන් බලාගෙන දරු සුරතල් විඳින්න අපි දෙන්නට අවස්ථාව ලැබිල තියනවා. ඒ නමුත් අපේ පුංචි කෙල්ලට ඊට කලින් සහෝදරියෝ දෙන්නෙක් සහ ස්ත්‍රී පුරුෂ බව පවා තීරණය නොවුනු වැඩිමහල් සොයුරෙක් හෝ සොයුරියක් ඉඳල තියනවා. මගේ සහ බිරිඳගේ ශරීර වල යම් සංකූලතා හේතුවෙන් හෝ අපි දෙන්නගෙ නොලැබීම නිසාවට ඒ තුන්දෙනා අපට නැති උනා. අපේ ජීවිත වල අතිශය පෞද්ගලික කාරණා මේ ආකාරයට හෙළිකරලා බ්ලොග් එක හිට් කරගන්න කාලකන්ණි අදහසක් මගේ නැති බව මේක කියවන හැමෝම දන්නවා.ඒත් මේ දේවල් කියන්න හෙළිකරන්න හිතට ආවෙ මේ සම්බන්ධ යම් අදහසක් , මේ ක්ෂේත්‍රයේ තියන මගඩි ගැන දැනුවත් වීමක් මේක කියවන හැමෝටම වැදගත් වේවි කියල හිතුනු නිසාවට. හත් පාරක් ගහෙන් වැටිච්ච එකා "ගස් වෙදෙක්" වෙනවා කියල කතාවක් තියනවනෙ. ඒ වගේ තමා මේ කියන්න යන කාරණා සම්බන්ධයෙන් මට සහ මගේ බිරිඳට තියන අත්දැකීමුත් එක්ක ඕනෙ නම් අපි දෙන්නට උපදේශන සේවයක් උනත් පටන්ගන්න පුළුවන්.

බබෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තට පස්සෙ ඒ බව ප්‍රදේශයේ මිඩ්වයිෆ් නෝනව දැනුවත් කළාම උන්දැ ඇවිත් ලියල දෙනව කාඩ් එකක්. බොහොම බැරෑරුම් කමට කරුණු කාරණා අහල ඒකෙ එව්ව සටහන් කොරල "මේක නැත්තං ළමයට ඉපදෙන්නත් තහනම්"විදියේ  පඬි ටෝක් ටිකක් කාරිය දීල ප්‍රදේශයේ ගර්භනීය සායනයට අනිවාර්යෙන් සහභාගී වෙන්න කියල නියමයක්  දාල "ෆෝලික් ඇසිඩ් ටැබ්ලට්" දවසගානෙ ගන්න කියල දැනුවත් කරල එතෙන්දි හම්බවෙමු කියල උන්දැ යනව යන්න. ඔය අතරතුරේදි ප්‍රසව සහ නාරිවේදී විශේෂඥ වෛද්‍ය වරයෙක් චැනල් කොරගන්න එක තමුන්ගෙ වැඩක්. උන්දැව හම්බවෙලා ෆාමසියෙන් ගන්න දෙන ගිනිගණන් යකඩ, කැල්සියම් පෙති වල සමහරක් වර්ග වලට ෆෝලික් ඇසිඩ් අන්තර්ගතවෙලා තියන වර්ගත් තියනවා. ඒ සම්බන්ධව මිඩ්වයිෆ් උන්දැට කිව්වොත් නොක්කාඩුවට වගේ බලල "එකට කමක් නෑ ෆෝලික් ඇසිඩ් බොන්න" කියල කියනවා අහගන්න පුළුවන්. මන්තරේ ජපකොරන්නා වගේ "ෆෝලික් ඇසිඩ් ෆෝලික් ඇසිඩ් " කියාගත්තගමන් ගෙදරට එන උන්දැලාට ලොකු දොස්තර මහත්තුරු දෙන බේත් ඇලජික්. සමහර විට උන්දැල ඒ ගැන දැනුවත් නැතුව ඇති.



ගැබිණි සායනයට ගියාම එතන අතුගාන එකාගේ ඉඳන් දොස්තර වෙනකල්ම ලොකුකම් කෙනහිලිකම් වලට මූණ දෙන්න බඩකුත් උස්සගෙන ඉන්න වෙන්ඩ අම්මලාට සිද්ධවෙනව. අටෙන්ඩන්ලා , නර්ස්ල "ලෝඩ් පකීර්ල" වගේ මේස ගාව වාඩිවෙලා අතෙන්ට යන්න, මෙතෙන්ට යන්න, අරක අරගෙන එන්න, මේක කරගෙන එන්න කියල විධාන දිදී දවසම එතන බඩදරු අම්මලට සැර දම දමා රස්තියාදු කරවන එක ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල ක්‍රමේ වෙන්නැති. බඩවලුත් උස්සගෙන තුනටියට අතතියාගෙන බොහොම අමාරුවෙන් සායනේ  එහාටයි මෙහාටයි ඇවිදින අම්මල දැක්කම දුකේ බෑ.
අපේ අල්ලපු පොඩි නගරයේ ඉස්පිරිතාලෙ ගැබිණි සායනේ භාරව හිටපු දොස්තර කමටත් නිගාවක් වෙච්ච " කාලකන්ණි දොස්තරයා " සම්බන්ධ අපිට මූණ දෙන්න වෙච්ච කාරනාවක් මේ එක්කම කියල දාන්නම්. උගේ සායනෙට යනකොටම වටේපිටේ ළමයි හම්බවෙච්ච ගෑණු උදවියගෙන් ඌ ගැන ඒ තරම් හොඳ කතා නෙවෙයි අහන්න ලැබුනෙ. "දොස්තර මහත්තය හරි සැරයි, පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ බණිනවා" විදියේ ආකල්ප තමයි ඒ උදවියට තිබුනේ. ඕන මගුලක් වෙද්දෙන් කියල අපි දෙන්නත් ගියා සායනේ දවසෙ ඉස්පිරිතාලෙට. අම්මලා සෑහෙන දෙනෙක් එතන හිටිය. තාත්තලව ඇතුලට ගන්නෙ නෑ. (අපි ඒ වැඩේට සම්මාදම් වෙලා නැති නිසා වෙන්ටැ) හැබැයි ඉතිං ප්‍රයිවට් හොස්පිටොල් එකේ ලොකු දොස්තර මහත්තය නං සීසර් කොරනවද කියල අහල, කවදද ගන්න ඕන? බබාව ගන්න නැකතක් තියනවද? කියල අහල ඔයාටත් තියටර් එකට එන්න පුළුවන් කැමරාවකුත් ගේන්න පුළුවන් කියලත් කිව්ව. ඒ සෙල්ලං කොහෙද ආණ්ඩුවෙ එව්ව වල. කිලිනික් එකට අපේ උන්දැට යන්න කියල මං පාරට වෙලා ඉන්න උනේ ටික වෙලාවයි. මෙන්න අපේ උන්දැ අඬාගෙන එනව. "යං සුදූ ගෙදර" කියාගෙන. ඇහුවට ඇහුවට කියන්නෙ නෑ මොකද කියල. හිටින්කෝ අරුන්ගෙන් අහගන්න කියල එතෙන්ට යන්න හදනකොට අතේ එල්ලිලා මොරදෙනව. සෙනගත් බලාගෙන. ඕන මගුලක්, ඔයාට මුකුත් ප්‍රශ්නයක් නෑ නෙ. එහෙනං යමු ගෙදර කියල ගෙදර ආවාමයි විස්තරේ කිව්වෙ. වැඩකරන සේවා ස්ථානය , තනතුර කාරිය අහල VOG කවුද කියලත් අහල දොස්තරය ලොකු ටෝක් ටිකක් දීල. ලොකු ලොකු දොස්තරලා ඇල්ලුවට වැඩක් නෑ , අපි ගාවට එන්න වෙනවා අන්තිමට , හැමදාම ක්ලිනික් එන්න ඕන අනිවාර්යෙන්, ඔයගොල්ල හිතාගෙන ඉන්නෙ සල්ලි විසිකලාම ඔක්කොම හරි කියල, වගේ නානාප්‍රකාර පොර ටෝක් දීල. අපේ උන්දෑ ඊළඟ වතාවේ ක්ලිනික් එකට එන්න විදියක් නෑ ඩොක්ටර් අනිවාර්යෙන් එදාට වැඩට යන්න ඕන, ඊටපස්සෙ වතාවේ ඉඳල දිගටම එන්නම් කිව්වම අරූ අපේ මායියට හොඳටෝම බැනල. ඒ පාර තමයි මුන්දෑ අඬාගෙන ඇවිත් තියෙන්නෙ.



ආපහු ගිහිං මුගේ හොම්බට දෙකක් අනිනවද එහෙමත් නැත්තං මොකද්ද ගන්න ක්‍රියාමාර්ගේ කියල හිතාගෙන එලියට බැස්සෙ යන්නෙපා කියල ගෙදර මිනිස්සු දෙස් දෙවොල් තියද්දි.  ඉස්පිරිතාලෙට යනගමන් මං කල්පනා කළේ මූට හොම්බට ඇන්නොත් මොකක් වෙයිද කියල. අනිවාර්යෙන් කූඩුවෙ ලගින්න වෙනව. හරියට හරි. යනවා පොලිසි. අදිනවා මූට ලෙඩක් නීතියෙන්ම. ගියා පොලිසියට . දරුවකු ලැබීමට සිටින මවකට බැනවැදී ඇගේ මානසිකත්වය බිඳ දැමීම යටතේ ලිව්වා ඇන්ට්‍රියක්. ඇන්ට්‍රි නොම්මරත් එක්ක ඒකෙ පොටෝ කොපියකුත් අරගෙන ආව ගෙදර. ගෙදර ආවාමයි මුගේ තව තව කෙළි එළියට ආවේ. වටේපිටේ ගෙවල් වල ළමයි හම්බවෙන්න ඉන්න සහ ලැබුණු අම්මලට අපේ අම්ම මේ සිද්දිය කියල. මූ නොම්මර එකේ කොබෙක්. අම්මලාගේ බඩ පරීක්ෂා කරන වෙලාවට මූ ෆෝන් එක කණේ ගහගෙන කෝල් එකක ඉන්න මුවාවෙන් අනවශ්‍ය තැන් අතපතගානවලු. උඩ ගෙදර මල්ලි මූට ඔය සීන් එක නිසා ගහන්නත් ගිහිං. ඔය දේවල් මිනිස්සු හංගගෙන ඉන්නෙ. ලැජ්ජාවට කියන්නෙ නෑ. ඒ නිසාවට මේ වගේ ගස් බල්ලො බාධාවක් නැතුව දිගටම තමන්ගෙ ලිංගික අසහනේ , පිටකරගන්නව. ඔය ඔක්කොම ටික දාල පොලිස් පැමිණිල්ලේ කොපියකුත් එක්ක දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ අදාළ තැන් ඔක්කොටම ලිපි මගින් පැමිණිලි කළා. මාස දෙකක් ගියතැන අසහන දොස්තරයට ස්ථාන මාරුවක් ලැබිල කොහෙටහරි මකබෑවුණා. අලුත් ඉස්පිරිතාලේ ඉඳන් ඌ පරණ පුරුදු දේවල් ආයෙමත් කරගෙන යනව ඇති.

තවත් නමගිය නාරි හා ප්‍රසව දොස්තර කෙනෙක් හිටිය (දැනුත් ඉන්නවා) ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් අනියම් සංසර්ගයේ යෙදෙන. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රය මගින් කුසේ ඉන්න දරුවා නිරීක්ෂණය කිරීම තුලින් දරුවාගේ සංකූලතා වගේම මවගේ සංකූලතා, දරුවාගේ නිරෝගී බව සහ ගැහැණු පිරිමි බව නිර්ණය කිරීමට නවීන තාක්ෂණය නිසා දැන් අවස්තාව උදාවෙලා.ගර්භාෂයෙන් බැහැරව කළලය ස්ථාපිත වීම වගේ සංකූලතා හඳුනාගැනීම සහ දරුවාගේ නිරෝගීබව නිර්ණය කිරීම තමයි මෙහි ප්‍රධානම ප්‍රයෝජනය. ස්කෑන් යන්ත්‍රයේ ප්‍රධානව මම දන්නා විදියට ප්‍රෝබ (probes) දෙකක් තියනවා ( ඔය දෙකට කියන නම් මම දන්නෙ නෑ . බඩේ ජෙල් වර්ගයක් ආලේප කරලා ඒ මත තබන උපකරණය සහ යෝනි මාර්ගයෙන් ඇතුළු කරන උපකරණය) ඔය දෙකෙන් යෝනි මාර්ගයට ඇතුළු කරන ප්‍රෝබය මගින් මම දන්නා තරමින් ඉතා පැහැදිලි දත්ත ලබාගන්න පුළුවන් වගේම නොයෙකුත් සංකූලතා හඳුනාගැනීම ලෙහෙසියෙන් කරන්න පුළුවන්. ඒ ප්‍රෝබය ( නම වැරදි ඇති මම කියන) කොන්ඩමයකින් ආවරණය කරලා තමයි භාවිතා කරන්නෙ (ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වළක්වන්න). එම උපකරණය සෑම ස්කෑනින් එකකදීම භාවිතා කරන්නෙ නෑ. නමුත් මම මුලින් සඳහන් කරපු දොස්තර වරයා එන හැම රෝගියාම පරීක්ෂා කරන්නෙ ඒක භාවිතා කරමින්. ඔහු එමගින් යම් මානසික වින්දනයක් ලබනවා ඇතැයි සැක කිරීමට අසා දැනගත් ආරංචි ඕපදූප ප්‍රමාණවත්. මේ හැම අවස්ථාවකදීම අපි හැමෝම අසරණයි. කිලිනික් එකකට, ස්කෑන් එකකට ගියාම තමුන්ගෙ මනුස්සයව එලියට දාල කර්ටන් එකකින් වහල ඔක්කොම ඉවරවෙලා අන්තිමට මොනිටර් එකට එබෙන්න විතරල් ඇතුලට ගන්නකල්  දොස්තර සහ නර්ස් ගෑණු හැසිරෙන විලාසය දැක්කම හිතට එන කුණුහරුප ගැන මෙතන ලියන්න බෑ. මම නෙවෙයිද ළමය ජාතක කරන්න සම්මාදම් වෙලා තියෙන්නෙ, දොස්තරයි නර්ස්ලයි විතරද අපේ උන්දැගේ ඒ අවයවේ දැකල තියෙන්නෙ, අපේ උන්දැට බබෙක් හම්බුනේ සුදූ ඇත් පැටියෙක් ඇඳ වටේ කැරකුණු නිසාද කියලත් ඒ වෙලාවට හිතෙනව.

ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සුදූ රෙද්දකින් වහපු මිණී අපි දැකල තියනව. ආණ්ඩුවේ ඉස්පිරිතාල මෝචරි ගාවට මල්ශාලා වල නම් ගහපු හර්ස් යනව එනව අපි දැකල තියනව. පුද්ගලික රෝහල් වල? එහෙම දැකල නෑ නේද? මොකද ඒ? ඒවා වලදී මිනිස්සු මැරෙන්නෙ නැත්ද? මැරෙනවා. ඒත් මිනී බේස්මන්ට් එකට ගෙනියන්න වෙනම පිටිපස්සෙ ලිෆ්ට් එකක් තියනවා. ඒව ගන්න මල්ශාලා වල නම ගහපු වාහන එන්නෙ නෑ. එක්කො ඉස්පිරිතාලෙ රථයකින් බොඩිය මල්ශාලාවට ගෙනිහින් දෙනවා. එහෙමත් නැත්තං නම නොගහපු වාහනයක් මල් ශාලාවකින් ඉස්පිරිතාලෙට එවනවා. ඒ දේවල් වල වැරද්දක් මම දකින්නෙ නෑ. හැබැයි මතක තියාගන්න රෝහල් රථයකින් මිණිය මල් ශාලාවට ගෙනිච්චොත් ඉස්පිරිතාලෙ නම රකින්නත් අපි ගෙවන්න ඕන.
 
 ළදරුවෙක් මේ ලෝකෙ එළිය දැකල එක හුස්මක්හෝ අරගෙන මැරුණොත් ඒත් ඒ දරුවාගේ උපත ලියාපදිංචි කළයුතුයි. උප්පැන්න සහතිකය සහ මරණ සහතිකය කියන දෙකම එකපාර ලියාපදිංචි කරන්න වෙනව. දහසක් දුක්, සිතුවිලි හිතේ පෙරලි කරද්දී  උප්පැන්න සහතිකයේ මියගිය දරුවාට නමක් යොදන කාරණාවේ ඉඳන්  මීමුත්තා ලංකාවේ උපන්නෙක්ද කියන කාරණාව වෙනකල්ම පෝරම පුරවල මරණ සහතිකේ පොරමයත් පුරවල මල්ශාලවට දුවල ඒ කටයුතු කරන විදියත් ඔලුවෙ හොල්මං කරද්දී මිනිහෙකුට පිස්සු නොහැදුනොත් ඒකත් පුදුමයක්. එක ළඟ දවස් දෙකකදි ඔය අත්දැකීමට මට මුහුණ දෙන්න සිද්ද උනා. පෝරම දෙක පුරවල ඉවරවෙලා "මේකට ගෙවීමක් කරන්න ඕනැද?" කියල ඇහුවම එතන හිටපු (හිතක් පපුවක් නැති) රෙජිස්ටාර් "සන්තෝසෙන් දෙන දෙයක් බාරගන්නව" කිව්වම දුන්න රුපියල් දාහ ඌ බොහොම සන්තෝසෙන් සාක්කුවෙ දාගත්ත. දෙවැනි දවසෙ මං ඒ ගැන අහන්න ගියෙ නෑ. මේ ගැන සඳහන් කලේ ඒ වගේ දේවල් රෙජිස්ටර් කිරිල්ල ඒ වගේ වේලාවකදී  කොයි තරම් අමානුශිකද කියල හිතන්න සලස්වන්න. මම නම් හිතන්නෙ ඒ වගේ විශේෂ අවස්තා වලදී ඒ දේවල් ඉස්පිරිතාලෙන්ම කරන්න ඕන කියලයි.
 දහඅටේ පෙට්ටිය කියල එකක් අහල තියනවද? මල්ශාලා වල පොඩි දරුවන් මිහිදන් කරන්න යොදාගන්න පුංචි පෙට්ටියට කියන නම තමයි ඒ.. ඒකෙ දිග අඟල් දහඅටක් විතර නිසා එහෙම කියනවද මම දන්නෙ නෑ. රජයෙන් පඩියක් ගෙවද්දිත් ඒ පෙට්ටිය වළලන්න පස් පිඩලි දහයක වළක් කපන්නත් පගාව ඉල්ලන මිනිස්සු ඉන්න රටක් මේක.



අපේ ජාතිය වඳ වීගෙන යන ජාතියක්. ඒ නිසා පුංචි පවුල රත්තරං කතා නවත්තල පුළුවන් තරම් පරපුර බිහිකරන්න කියල දැන් දැන් කට්ටිය කිව්වට ඉස්පිරිතාල, ක්ලිනික් වලදී බඩදරු අම්මලාට සලකන විදිය දැක්කම ළමයි හදන්න හිතෙන්නෙ නෑ. ඇටෙන්ඩන් ගෑණු අම්මලට දෙන ත්‍රිපෝෂ පැකට් දෙක දෙන්නෙ හරියට නිකං ඒවා උන්ගෙ දේවල් වලින් ගෙනත් දෙනව වගේ. ඉස්පිරිතාල කියන්නෙ දේවාල නෙවෙයි. දොස්තරවරු කියන්නෙ දෙවිවරු නෙවෙයි. සල්ලි ගෙවන මාතෘ නිවාස වල තත්වයත් අර විදිය නම් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල තත්වය කොහොම ඇත්ද? ඒ ගැන අයෙත් වතාවක් ලිපියක් ලියන්න ඕන.
දිග වැඩියි හොඳටෝම ... තවත් කියන්න කාරණා ගොඩක් තිබුණත් හෝද හෝද මඩේ දානව වගේ මගේ හිත මමම රිද්දගන්නෙ නැතුව මේක මෙතනින් ඉවර කරන්නම්. ඔය කියපු විස්තර ටික කිව්වෙත් ඔය දේවල් වලින් කට්ටිය යම් දැනුවත් වීමක් ලබයි කියල හිතුනු නිසාවට. දවසට පැය තුනක් විතර නිදාගන්න හම්බවෙන මේ දවස් ටිකේ ලැබුණ පුංචි ඉස්පාසුවක මේක එක හුස්මට ලියල දැම්මෙ. ආයෙත් වතාවක් කට්ටියටම ස්තුති කරන ගමන් මෙතනින් නවතින්නම්. පුංචි කෙළිපැටික්කි සනීපෙන් ඉන්නවා...

97 comments:

  1. උඹේ කතාව මට පිහියකින් පපුවට ඇන්නා වගේ දැනුනා මචං. කලකිරීම, දුක, වේදනාව, සාධාරණ කෝපය, අපේ අසරණකම සහ පියෙකුගේ ආදරය දැනීම යනාදී කියන ඔක්කොම හැඟීම් එකවර දැනෙන නිසා ගැලපෙන කොමෙන්ටුවක් කොටා ගන්ට බෑ. ඒත් චූටිදුවගේ උපත ගැන හදවතින්ම සතුටුවෙනවා. සුබපතනවා. අලුත් තාත්තාටත්, අම්මාටත්, කිරිකැටි දුවටත් තෙරුවන් සරණින් යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. කසුන් , බොහොම ස්තුතියි.... සියලුම කොමෙන්ටු වලට උත්තර සපයන්න ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.... සුභපැතුම් සහ දිරිමත් කිරීම් මට ලොකු හයියක්.... සත්තකින්ම...

      Delete
  2. Happy Father's life to you and a Healthier life to mom and daughter

    ReplyDelete
  3. සා රසයත් මේ ජාතියේ වැඩ කොරනවලු මචෝ. උගේ හොම්බවත් තලමුද

    ReplyDelete
    Replies
    1. සාරසයා දත් දොස්තරයෙක් නිසා එච්චර හරියක් කරන්න බෑ... ඌ හැබැයි පේරාදෙණියේ ඉන්න කාලේ දුන්න පණ්ඩිත ටෝක් තාමත් දෙන බව පෙනෙනවා. සාරසයා උගේ රෝයල් කොලීජිය ගැනයි.. පිඑචඩිය ගැනයි පම්පෝරි ගහන එක තමයි කොතන ගියත් කරන්නේ... උ ඉබිවලක කතවක් කියලා හෙන ගොන් පාට් එකක් ලිය ලිය ඉඳල එක පාරම මහින්දගේ හොඳ කියන්න ගත්ත ජනප්‍රිය වෙන්න හිතාගෙන... උ කරපු ජරා වැඩක් තමයි... මියගිය වේද සිසුවෙකුගේ නමින්ම සහ ඇත්ත හද රුව පවා කියමින් ඔහුට ගැරහීම... දඹුල්ලේ සිසුවෙක් ගැන... සාරස කියන්නේ උපුල් සාන්ත වග්ගේ ජපිරියත්වය සොයා ඕන කෙනෙක් පවා දෙන buruwek

      Delete
    2. //AnonymousJune 29, 2015 at 1:14 AM//

      // AnonymousJune 29, 2015 at 4:48 PM //

      දෙන්නාටම තැන්කූ :D

      Delete
    3. මේකා පේරාදෙණියේ හිටිය කාලේ කියපු කරපු දේවල් මීළඟට දෙන්නම්. මූ දස Kaරියෙක්. ඒ කතා ඔක්කොම කියන්නම්.

      Delete
    4. කියන්නනම් එපෝ... අපි බයේ ගැහෙනෝ.... බිත්තරකට්ටක් වත් ඇත්ද ස ර ස තුමා ට හැන්ගෙන්න??

      Delete
    5. සා රස මෝඩයා වග තව තවත් ඔප්පු නොකර පොඩි ... ගැන ලියපු ජරා බ්ලොග් පොස්ට් එක අයින් කරන්න.

      ඔබේ phd එකත් ප්‍රශ්න කල හැකි ආකාරයේ විස්තර අපි ළඟ තියෙනවා.. ඔබපේරාදෙණියේ ඉදන් කරපු බලු වැඩ විතරක් නොවෙයි.. තව ගොඩක් දේවල් අපි දන්නවා..

      ඔය හදාගත්ත බොරු profile එක කුඩේ කූඩු කර නොගෙන දුප්පත් අහිංසක මිනිහෙකුට ( මිය ගිය) අපහාස කරන එක නවත්තල දැම්මනම් හොඳයි...

      තමාටම තුමෙක් කියාගන්න පුළුවන් ඔය වාගේම මෝඩයෙකුට විතරයි.. මතකද පේරාදෙණියේ ප්‍රෝෆේක් කිව්වා මේ වගේ මෝඩයින් විශ්ව විදයලට ගන්න උන්ට මඩු වලිගෙන් තලන්න් ඕනි කියල ඔය කියන තුමාව staff ගත්තු එකට??
      ඒක නෙවෙයි තවම රෝයල් එක හීනෙන් පෙනෙනවද??? ඔබේ පියාණන් දුටු පමණින් හිතා ගත හැකියි රෝයල් එකට ගිහින් තියෙන්නේ අහල පහළ මුඩුක්කුවක වගේ තැනක ඉඳලා කියලා.. ඊටත් වඩා තම සමකාලින එකට හොස්ටල් වල හිටිය .. අරමුණ කුමක් වුවත් තමා හරියයි සිතු අරමුණකට මියගිය කෙනෙකුට අපහාස කරන එකෙන් මේ අදහස තවත් තිව්‍ර වෙනවා. අඩු කලේ සෙලවේ කිව්වේ කට කහනවාට නෙවෙයි

      මැරුණු මනුස්සයෙකුට අපහාස කරන එකෙන්ම පෙනෙනවා ඔබේ උගත් කම.. හොන්කොන් යුනිවෙර්සිට්ය්ය ලැජ්ජාවේ මැරෙයි දැන ගත්තොත්

      Delete
    6. කොච්චර මඩ තිබ්බත් සාරසට අපි හැමෝම ආදරෙයි... බ්ලොග් කලාව විචිත්‍රවත් කරන පුද්ගලයෙක්... :p

      Delete
  4. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය , රෝගීන්ට මානුශිකව සැලකීම ,රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ , කෙන්යාවේ , ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​.සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. මොවුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගියද යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ගෝත්‍රිකයෙකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත​. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.

    ReplyDelete
    Replies
    1. මේ කියන ග්ලස්ගෝ මහැදුරා ගේ ලිපියට සබැඳියක් දුන්නා නම් තමයි හොඳ.

      ග්ලාස්ගෝ ගැනත් දන්නා, ලංකාවේ විශ්ව විද්‍යාලයක වෛද පීඨයේ දීර්ඝ කාලයක් උගැන්වු අයෙකු මා සමග කීවා මේ කාලය වෙන විට වෛද්‍ය ශිෂයින්ට වෛද්‍ය විද්‍යාවට අමතර ආචාර ධරම යනාදී විවිධ දේ ගැන ෙි්ශන මාලාවක්ම පවත්වන බව.

      නමුත් මෙහි ප්‍රශ්ණය වෛද්‍යවරු සහ ඔවුන් ලබන අධ්‍යාපනය පමණක් ම නොවේ. ඔය වෛද්‍යකම් කරන මිනිසුන් හදෙන් ඇවිත් නෑ. මූලිකව ලාංකිකයෝමයි, මෙතැනදී සිංහලයෝමයි. අනික ඔවුන් සේවය කරන්නේ අපි ජීවත්වෙන පරිසර තුළමයි. ඒකයි මූලික ප්‍රශ්ණය!

      Delete
    2. AYI THOTA SINHALAYO ALLERGICDA PONNAYA?

      Delete
    3. වෛද්‍යවරු සමස්ථය ගැනම ඒ විදියට හිතන්න බැරි උනත් ඔය ආකාරයට කයුතු කරන පිරිස් නිසා ගරුත්වය රැකගෙන වෘත්තියේ යෙදෙන පිරිසට එයින් නින්දා විඳීමට සිදුවීම අභාග්‍යයක්..රසික සහෝදරයා කිව්වා වගේ ඒ ප්‍රකාශය ගැන සඳහනක් කළා නම් අගෙයි...

      Delete
  5. බ ඇමරිකාවේ , කැනඩාවේ , ඕස්ටෙ‍්‍රලියාවේ , එංගලන්තයේ වෛද්‍ය සායනයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් තිබේද ? එම රටවල වෛද්‍ය වරුන් සහ ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා සංසන්දනය කර බලන්න​.

    ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා තවම සිටින්නේ ගෝත්‍රික මට්ටමේ බව ඔබට තේරුම් යන්නට ඇති.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්න සියලුම ගයිනකොලෙජිස්ට් ලා, ඔබ්ට්‍රිස්ට්‍රීෂින්ස් ලා, පීඩියට්‍රීෂියණ්ස් ලා ඇතුලු වෛද්‍ය විශේෂඥයින් එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටක අවුරුදු ගණනාවක් පුහුණුව ලැබූ අයයි.

      එහෙම පුහුණුව ලබා දිගටම ඒ රටවල සේවය කරන අයත් ඉන්නවා. ඒ අය ගැණ සිතුවාම ප්‍රශ්ණයට මුල තේරෙනවා.

      Delete
    2. How can you compare like that... Doctors here don't get trained the way abroad people do... they live with very little facilities and pay compared to abroad doctors... and serve people with a poor education with little facilities. Are their clinics as heavy as ours???? how many patients do they see and our doctors see????? go to doctors quarters and see what facilties they have. one single room with several doctors... rain seeping through the roof. ironed clothes are wet after coming from heavy oncall and nothing to wear for ward rounds. some patients are very uneducated and difficult to explain. no one will understand another professions difficulties. please don't compare professions like this. you have no idea what doctors in this country go through. And what difficult life they have. How many off days they have a month???? why don't you compare the salary and amount of work abroad doctors do? investigation facilities they have and what their medical college life is like.

      Delete
    3. ඔබ වෛද්‍ය සේවයේ අයකෙු සේ පෙනේ.

      මෙය පහසුකම්, අපහසුකම්, පඩි, ලෙඩුන් ගේ නූගත්කම, වැස්ස, පින්න, අව්ව යනාදී කරුණු මත තීරණය වෙන දෙයක් නොවේ.

      මෙය ආකල්ප ගැන ප්‍රශ්ණයකි.

      ඔබ වෛද්‍ය සේවයේ යෙදෙන්නෙකු නම් සහ ඔබට මේ ආකල්ප ප්‍රශ්නය නොතේරේ නම්, මට කියන්නට ඇත්තේ ලෙඩුන්ට අබ සරණයි කියා පමණකි!

      Delete
    4. Sorry you don't understand. All I said... you can't compare abroad doctors and sri Lankan doctors like that... "බ ඇමරිකාවේ , කැනඩාවේ , ඕස්ටෙ‍්‍රලියාවේ , එංගලන්තයේ වෛද්‍ය සායනයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් තිබේද ? එම රටවල වෛද්‍ය වරුන් සහ ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන දොස්තරලා සංසන්දනය කර බලන්න​. " you also compare other things regarding the working environments of doctors too then... and the salary. Sorry you don't have the capacity to understand. And also.... It mdoesnt matter which profession n Im from... theses are my thoughts. Honda minissu saukya kshthraye nathi widihata katha karana ayata karunu pahada denna apahasui. namuth bhutharayak minissu naraka aya nemei. obata meya therenne naththnam matath kanagatui.... mata wena wada thiyenawa... computer minissunnta banabana sathutu wenawata wada.... obata nuwana pahala wewa.

      Delete
    5. Hay Anonymous : Do you know the different between Australian Doctors and SL Doctors

      1. AU = They are paying by themselves to get the education and to be a Doctor... ( No free education )
      SL : Sri Lankan Tax payers are paying for SL Doctors Education. After the graduation doctors are showing ass to the poor people who paid that person education indirectly.

      2. AU : They respect to each other no matter what job other person does..
      SL : They think they are the most educated people in the world..

      That is why still SL in stone age and other countries are move far away from SL.

      I'm not saying all the Doctors or all the peoples are like that.. But sadness truth is majority is like that. I have friends who are doctors some are bless to have as doctors and same time some are ass-hols.

      From
      AU

      Delete
    6. ප්‍රති උත්තර බැඳීමට පැමිණීමට පමා වීම ගැන සමාව අයදිනවා... රසික සහෝදරයාගේ මතයත් මගේ මතය මයි..

      Delete
  6. Congratz Sajja. Ado mala penna ubaley doca ekka. Gahapan kana kudu wenna..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටික්කා... මොලයෙන් නැතුව හදවතින් වැඩ කළා නම් මම ඒ වෙලාවේ කූඩුවෙ...

      Delete
  7. ලෝකෙට ඇහෙන්න කෑ ගහල කියනනෙ නම් කොහොමද... ලංකාවෙ ඉන්නෙ ආගන්තුක සත්කාරයට ලැදි තව එකෙකුගෙ දුක හොඳට දන්න උන් කියලා. ඒත් ලංකාවෙ උන් ලංකාවෙ උන්ටම සලකන විදිහ දැක්කාම ලේ පිච්චෙන එකයි වෙන්නෙ. ඉස්පිරිතාලෙ විතරක් නෙවෙයි සජ්ජො අද කාලෙ කොතෙන්ට ගියත් ඔහොමයි. පුද්ගලික ආයතන වලිනුත් බොහොම ටිකයි තියෙන්නෙ හැමෝටම එක වගේ සලකන. අඩුම තරමෙ සමහර පංසල් වලත් සැලකිල්ල ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි!

      මෙහි ප්‍රශ්ණය වෛද්‍යවරු සහ ඔවුන් ලබන අධ්‍යාපනය පමණක් ම නොවේ. ඔය වෛද්‍යකම් කරන මිනිසුන් හදෙන් ඇවිත් නෑ. මූලිකව ලාංකිකයෝමයි, මෙතැනදී සිංහලයෝමයි. අනික ඔවුන් සේවය කරන්නේ අපි ජීවත්වෙන පරිසර තුළමයි.

      ඒකයි මූලික ප්‍රශ්ණය!

      Delete
    2. UDA AHAPU EKAMAYI ADD KARAGANNA WORD BEFORE PONNAYA 'MAL'

      Delete
    3. ඇත්ත කතාව කැමා ... මෙතන තියෙන්නෙ ආකල්පමය ගැටළුවක්...

      Delete
  8. ඉතාම දැඩි කණගාටුවක් ඇතිවුණා මේ සටහන කියවලා... අර ඉහත ඇනෝ කෙනෙක් ලංකාවේ දොස්තරලා ගැන කියලා තියන දේ ලංකාවේ දොස්තරලා 90% සම්බන්ධයෙන් ඇත්ත....

    ReplyDelete
    Replies
    1. You have missed the point... I'm saying you can't compare sri Lankan doctors and abroad doctors.. that's the point.... sorry you don't understand.

      Delete
    2. තිසර... ඇත්තටම මෙතන තියෙන්නෙ ආකල්පමය ප්‍රශ්නයක්.. වෛදයවරුත් පෘතග්ජන මිනිස්සු. නමුත් ඔවුන්ට සමහරුන් විසින් දේවත්වයක් ආරූඪ කරන්න ගියාම මේ වැඩේ වෙනවා...

      Delete
  9. ඔබේ ප්‍රශ්නය හරියට හරි ඒ උනත් ප්‍රශ්නයට වඩා එයට පාදකවූ හේතුව සෙවීම වැදගත් යයි මා හිතනවා. මට හිතෙන හැටියට මෙයට බලපෑ හේතුව නම් අපේ රටේ අන් සියලුම ක්‍රමයන් මෙන්ම මේ කතාවට අදාල සිදුවීම සම්බන්ධ ක්‍රමයද මුදලට මුල් තැනක් දීමයි . චැනල් කරලා සියලුම පසුකම් සහ ප්‍රමුඛතා ගත හැකිය යන අදහසේ අද අපරටේ සමාජය දැඩිව එල්ලිලා ඉන්නවා.
    ඒත් අපි මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ නවසීලන්තයේ තිබෙන ක්‍රමය නම් ඉස්තරම්. පුර්ව ප්‍රසුති කාලයේ ,ප්‍රසුති අවස්ථාවේදී මෙන්ම පසු ප්‍රසුති අවස්ථා වලදීත් පවුල් සෞඛ්‍ය සේවිකාව තමයි මුලික කාර්ය භාරයක් කරන්නෙ. දරු ප්‍රසුතිය සිදුවිය යුතු ආකාරය මෙන්ම එය සිදුවිය යුතු ස්ථානය ගැනද සම්බන්ධ කරගතයුතු වෛද්‍ය වරයා ගැනද තීරණ ගන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාව විසින්ය. එමෙන්ම ඒ කාරණයට අදාලව නවසීලන්තයට පැමිණිය යුතු කෙටිකාලින විසා ගැනද මුලික නිර්දේශය කරන්නේද ඇය විසින්ය. දරුවා ඉඩදීමෙන් පසු වසරක් පුරා ඇය මාසිකව නිවසට පැමිණ දරුවාගේ සහ මවගේ සෞඛ්‍ය තත්වයේ ප්‍රගතිය සොයා බලයි. නවසීලන්තයේ මේ ක්‍රමය පැවතීමට මුලික හේතුව එරට සිටින ප්‍රසව හා නාරි වෛද්‍ය වරුන්ගේ අඩු කම යයි මට හිතේ. එමෙන්ම වෛද්‍ය වරයෙකු බිහිකිරීමට වඩා අඩු කාලයක් හා ධනයක් වැය කරමින් පවුල් සෞඛ්‍ය සේවිකාවක් බිහි කිරීමට හැකිවීමද තවත් හේතුවක් යයි සිතේ.

    අපේ රට මෙම කාරණයේදී නවසීලන්තය අනුගමය කළා නම් කොපමණ හොඳද?

    සමරසේකර

    ReplyDelete
  10. Oya punde macanikla lagata mokata giyada vardana satahan pothai ennath tikai gevana ispirithala walin ganna puluwan neda

    ReplyDelete
    Replies
    1. මැෂින් බිජ්ජො ඇයි තොගේ බිජ්ජ මීයො කෑවද මේ පොන්න සිංග්ලිෂ් කොටන්නේ

      Delete
  11. ඔය ගැන නං සජ්ජො කතා කරල වැඩක් නෑ ඇත්තමයි...
    හොද ඩොක්ටල ඉන්නව ඒ අස්සෙ හොද මිඩ්වයිප් නෝනනලත් ඉන්නව ඒත් බහුතරයක් අර වගේ අපේ අක්ක වින්ද දුක මම දැක්කනෙ... ඇත්තමයි දොස්තරල දෙය්යන්ට දා උංට ඉස්සරෝම ගහන්න ඕන මොකද දොස්තර කියල ඌ උූගෙ සල්ලි වලිං විතරක් ඉගෙන ගත්තෙ නෑනෙ අනික නිකං සේවය කරන්නෙත් නෑ

    ReplyDelete
  12. කියන්න දෙයක් හිතාගන්න බෑ.මේ සඳහන් කර ඇති තත්වය හරිම ඛේදනීයයි.

    ReplyDelete
  13. ගමේ ක්ලිනික් එකේ අත්දැකීම් වගේම, ලමය හම්බවෙන්ඩ ඉස්සල්ලා දොස්තරල ගැන අත් දැකීම් තියනවනෙ, මම ඉතිරි ටිකක් ලියන්නම් උඹටයි මටයි පොඩි එවුන්ට බේත් අරන් දෙන්න ,බේත් විදින්න වෙන්නෙ එකම පැත්තෙන් නිසා මගෙ අත් දැකීම් ලියන්නම්.
    1. ගම්පහ රත්නාවලිය ඉස්සරහ තියන සායනයට ගියා ලොකු පුතා පොඩි කාලෙ පෝලියෝ වලට දෙන ඩ්‍රොප් එක දෙන්න. පොඩි උන් සෙට් එකකට දීගෙන ගිහින් ඉවර උනා. ඊලගට අපේ එකාගෙන් පටන් ගන්නැතිව ඊලග එකාගෙන් පටන් ගත්ත . අපි දෙන්න ඒක කිවුව , ඒක පොවපු කෙනා බැනගෙන ගියා " ලමයි අරන් ඇවිත් තොදොල් වෙන්න එනව , මෙතනට ආවහම සිහියක් නෑ " ඊට පස්සෙ මම මේ ගැන රෝහල් පාලනාධිකාරියට පැමිනිලි කරන්න යනකොට එතන හිටපු PHI කෙනෙක් පැමිනිල්ලක් දාල. ඔවුන් සමාව ඉල්ලල ලියුමක් එවුව. එදයින් ආන්ඩුවේ ක්ලිනික් ඉවරයි.

    2. ඊට පස්සෙ දවසක කොල්ලට ආරෝග්‍යා එකෙන් බෙහෙතක් විද්ද , කොල්ල නොමැරී බේරගත්තෙ prof , ළමාබදුසූරිය. එදා ඉදන් ඒකට බේතක් ගත්තෙ එතුමගෙන්. මේකට හරියන බේත් ගැන අපි දෙන්නව දැනුවත් කලා.
    3. හදිසියේ පොඩි එකාට ෆිට් එකක් ඇවිත් වයිෆ් වාහනේ ගම්පහ රෝහලට දාල තියෙන්නෙ දොස්තරල ඇතුල් වෙන ගේට්ටුවෙන් සිකුරිටි එකෙන් ළමය උස්සන් දුවල රෝහල ඇතුලට. වාහනේ අරන් ගිහින් පාක් කරල යතුර ගේට් එකේ තියල ( මිනිස්සුන්ගෙ හොදත් ලියන්න ඕනෙනෙ). හැබැයි ලමය වාට්ටුවට ගෙනිහින් තියෙන්නෙ පැයකට පස්සෙ. ඊට පස්සෙ මම ගියා. ඉන්ජක්ශන් එකක් දෙන්න කියල දොස්තරවරිය කියද්දි ( දැනුත් ගම්පහ චැනලින් කරන කෙනෙක්) වයිෆ් බේත ගැන ඇහුව අහල දෙන්න බැරි බේත් මේව කියල කිවුව. " ඔයාද දොස්තර , මම තමයි මේ වාට්ටුව බාර මට උගන්නන්න එන්න එපා " ඊට පස්සෙ පෙර කී දොස්තරට කතාකලාම , එතුමා පුද්ගලිකවම ගම්පහ රෝහලට කතාකර ළමයගෙ තත්වය අසා ,ප්‍රතිකාර සදහා ඔහු වෙත එවන ලෙස දැන්වුවා. විදින්න ගිය බේත පොඩි එකාට ආසාත්මික වීමට බොහෝදුරට ඉඩ ඇති බේතක් බවත් , අම්මා මේ පිලිබද දැනුවත් බාවයත් ඒ ගැන ප්‍රශ්න කිරීමත් ඉතා අගය කලා.

    සජ්ජෝ මේ ටික ටයිප් කලේ නිකම් නෙමෙයි. අපි අවට ලමයින්ගේ ලෙඩට බේත් දීමට රෙකමදාරු කිරීමට දොස්තර වරුන් හෝ රෝහලක් නෑ කියල දැනුම් දීමටයි. මම ලිවුවට වඩා පරිප්පු ගම්පහදි කාල තියනව.

    ReplyDelete
    Replies
    1. . " ඔයාද දොස්තර , මම තමයි මේ වාට්ටුව බාර මට උගන්නන්න එන්න එපා " ///

      මේක තමා ගොඩක් වෙලාවට වෙන්නෙ .. අපි මුකුත් දන්නෙ නැති ගොන්නු වගේ ඉන්නකොට බනිනව මුකුත් දන්නෙ නෑ කියල.. දන්න දේ කිව්වම බනිනව ඔයාද දොස්තර කියල... ඔය දොස්තර කියල ජාතිය එක්ක කතා කරල වැඩක් නැ... හැබැයි ඔය දොස්තරලම එයාගෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේදි හරි, චැනල් කරල ගියාම හරි කතා කරන්නෙ සලකන්නෙ හාත්පසින්ම වෙනස් විදියට... මේ කතාව ස්ටීරියෝටයිප් එකක් තමයි... ඒත් 80%ක්ම දොස්තරල ඇත්තටම මේ ජාතියෙ තමයි....

      Delete
    2. හිරුවො, අපේ උන්දැ කටවහන් හිටියෙ නෑ මහ සද්දෙන් Chemistry Lecture එකක් දුන්න, ඊට පස්සෙ තමයි ඔයාගෙ දොස්තරට කතා කරන්න කිවුවෙ. නිකම් කට වහගෙන හිටියනම් පොඩ්ඩට බේත විදිනව.

      Delete
  14. සජ්ජා,

    මගේ මේ ගැන අදහස් වෙනත් කමෙන්ටුවලට අදාලව දැකවූ නිසා අවසානයට මේ ප්‍රශ්ණය අහන්නම්. අදාල නෑ කියලා කියන්න එපා. මේ ගැන හිතුවම මේ කාරණාවලට හේතුව තේරෙනවා.

    ඔය කියන දොස්තර දෙමල හරි මුස්ලිම් හරි වුනා නම්, ඔබ කියන කතාවට කොයි ආකාරයට ප්‍රතිචාර ඒවි ද?

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බාගෙ කකුල් දෙකම බස් එකකට අහු වෙලා කෙල වෙලා ඉස්පිරිතාලෙට ඇතුල් කොරපුවාම මුලින්ම බලන්න ආවෙ බඩ මැදට රවුල වවාගන බාච්චුව වගේ එකක් ඇඳ ගත්ත මුස්ලිම් ඩොකෙක්.මිනිහා මුලින්ම කලේ අතේ දාගෙන හිටපු බැංගල්ස් ගණන් කරපු එක.කිණ්ඩි දාපු එක.වේදනාව පැත්තකින් තියලා ගස්ලබ්බා ගොරවන්න උන නිසා පස්සෙ වෙන ලේඩි ඩොකෙක් ඇවිත් විස්තර ටික අහගත්තෙ.
      හැබැයි ඊට පස්සෙ යටි පතුල පැලුනු තැන් මහපු නැති නිසා සති ගානක් වැඩිපුර ප්‍රතිකාර ගන්න උනා තුවාලවල කට ඇරිලා නිසා...
      හැබැයි අන්තිමට කකුල් දෙක ගොඩ දාල දුන්න අතිදක්ශ වෙදදුරාත් දමිළ කෙනෙක්.

      Delete
    2. මා අදහස් කළේ වෙනත් දෙයක්.

      ඒ කියන්නේ, මේ අකටයුතු කළ දොස්තර මුස්ලිම් හෝ දෙමල වුණා නම් හෝ පුද්ගලික ඉස්පිරිතාලෙකදී එහි වැඩ කරන ඉන්දියන් දොස්තර කෙනෙක් නම්, මුලින්ම හිතට එන්නේ ඒ කාරණයයි. නමුත්
      මෙතන දී ලෙඩාත් වෙදාත් දෙදෙනාම එක ජනවර්ගයේ නිසා ඒ කරුණු හිතට එන්නේ නෑ.

      මේක වෙදාත් දන්නවා!

      Delete
    3. ආ.... ජාතිවාදෙ... ඒක අමතක උනානෙ.. හපෝයි.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඔබම කිව්ව වගේ මේ දේවල් කතා කිරීමෙන් වෙන්නේ තවත් හිත පෑරෙන එක විතරයි. මොකද, මේ අශික්ත චර්යා පිළිකාවක් වගේ හැම තැනම් පැතිරිලා තියෙන්නේ. පුළුවන් හැම එකාම , පුළුවන් හැම අවස්ථාවකම ( තරාතිරමක් නැතිවම ) උත්සහා කරන්නේ තමන්ගේ පීඩනය අනෙකෙකු මතින් පිට කරන්න. ( මෙය සාධාරණීකරනය කිරීමක නොව. )

    කොහොම උනත් මේ ලිපිය මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්නෙකුට, නිවැරදි දේ ‍තෝරගන්න , සිදුවෙන අකටයුතු ගැන පෙර හැඟීමක් ඇති කරගන්න අත්වැලක් වේවි.

    මේ ආදරණීය අළුත් අප්පච්චිටත් , මවටත් , සිඟිති දියණියටත් ආශිර්වාද කරනවා,
    සතුට , සැනසුම සපිරුන වාසනාවන්ත දිවියකට ...!

    ReplyDelete
    Replies
    1. සඳරු ගේ වල් පිටුව ලියන්නෙත් ඔයාද කොල්ලෝ

      Delete
  17. මටත් ඔය සමානම අත්දැකිම් ගොඩයි...මොනවා වුනත් දැන් පොඩ්ඩි සනිපෙන් ඉන්නවනේ..ඒ මදැයි...
    ඔන්න ... පත්තර මල්ලිත් දැන් තාත්තලාගේ සංගමයේ...

    ReplyDelete
  18. //"සන්තෝසෙන් දෙන දෙයක් බාරගන්නව" // මූ මහ පුදුම පකයෙන් නේ බං.. ළමය මැරිච්චි තාත්තට කොහෙද සංතෝශයක්..

    මචෝ. මගේ ළමයි දෙන්නම හම්බ උනේ 'මහමෝදර' රජයේ රෝහලේදී. අඩු පාඩු නොතිබුනා නෙවෙයි. ඒත් සාපේක්ෂව හොඳ සේවයක් ලැබුණා. ප්‍රයිවෙට් ගිහින් වැරැද්දක් උනොත් කොහොමත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට එන්න වෙනවා කියන මතය නිසා තමයි මාත් එහෙම කලේ. කොහොමත් මහමෝදර සේවය හොඳයි මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මොකෝ බං කියපුඑක මැකුවේ.. ආයි මැකුවොත් කෙලින්ම හිරේ දැනගං.. හැක්.

      Delete
  19. හපෝ.. ඔය ගැන නං කතා කරල වැඩක් ඇත්තෙම නෑ...

    කට්ටිය කිව්වට ඉස්පිරිතාල, ක්ලිනික් වලදී බඩදරු අම්මලාට සලකන විදිය දැක්කම ළමයි හදන්න හිතෙන්නෙ නෑ. // මේක තමයි ඇත්තම ඇත්ත... මට නං හිතනකොටත් බයයි...

    ඔක්කොමත් හරි වෙලාවකට මිනිස්සුන්ට බනින්නෙ හැමදේම දැනගෙන ඉස්පිරිතාලෙට එන්න ඕනෙ වගේ... සමහර ඉස්පිරිතාල වල සිස්ටම් එකට වඩා සමහර ඉස්පිරිතාල වල සිස්ටම් එක වෙනස්... සමහර දොස්තරල අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක කරන්න කැමති නෑ... සමහරු හැම අම්මවම ස්කෑන් කරනව.. සමහර අම්මල ඉන්නව පළවෙනි ළමය හම්බුවෙද්දි එකපාරක්වත් ස්කෑන් නොකරපු අය... ඉතිං දෙවනි ළමය හම්බුවෙද්දි මේ ස්කෑන් කිරිල්ල ගැන ඒ අය මෙලෝ දානයක් දන්නෙ නෑ...

    තව එකක් තමයි මේ ජරා නීති...

    ළමයෙක් හම්බුවෙන්න ඉන්නව කිව්වම අම්මල නැන්දම්මල ඔක්කොගෙම අදහස් වල ගරු කරන්න වෙනව කියන එක සාමාන්‍ය දෙයක්... අම්මටයි තාත්තටයි තනියෙන් තීරණ ගන්න තත්වයක් තාම ලංකාවෙ සමාජයෙ නෑ... ඉතිං ඔන්න ඔක්කොම හොදම තැන කියල කාසල් එකට එක්කං යනව... ඊට ළඟ ඉස්පිරිතාල තියෙනව තමයි... ඒත් ඒවයෙ පහසුකම් ගැන අර වයසක මිනිස්සු දන්නෙ නෑ නෙ... ඒත් ඉතිං ආමරුවක් උණාම ළඟ ඉස්පිරිතාලෙට ආවම නීතියෙ හැටියටත් බේත් කරන්න බෑ... බේත් කරත් වගකීමක් ගන්න බෑ කියල දොස්තරල කියනව.... ගෑණු කෙනෙක්ට ළමයෙක් හම්බුවෙන්න ඉන්නව කියන එක කාටවත් තේරුම්ගන්න බැරි තරං සංකීර්ණ මානසික තත්වයක්... ඒක පළවෙනි ළමයද දෙවනි ළමයද කියන එක අදාළ නෑ... සමහර විට හම්බුවෙන්න ඉන්නෙ පළවෙනි ළමය උනට ඊට කලින් මිස් කැරේජස් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්.. එතකොට ඉන්න මානසික තත්වය ඔක්කොටම වඩා වෙනස්... එහෙම කෙනෙක්ට දෙයක් කියද්දි උනත් දොසතරල සැලකිලිමත් වෙන්න ඕනෙ... තදින් හිටිය කියල හැමදේම හරියට කරන්න මෙඩිකල් ට්‍රේනිං නැති මිනිස්සුන්ට තේරුනේනෙ නෑ....

    මීට මාස ගානකට කලින් මාත් හෝමගම හොස්පිට්ල් එකේ ඔය වෝඩ් එකක හිටිය... එක අම්ම කෙනෙක් ආව කාසල් එකේ ක්ලිනික් රෙජිස්ටර් වෙලා, ක්ලින්ක් ගිහින් එනකොට පොඩි ලේ වහනය වීමක් වෙලා ‌හෝමගමට ඇඩ්මිට් වෙලා... හවස 6ට විතර ඇඩ්ම්ට් උනේ.. එවෙලෙම ස්කෑන් කරල බලල කිව්වෙ සැක් එක තියෙනව, ඒත් ළමයෙක් නෑ කියල.. කාසල් එකෙන් ළමය හම්බුවෙන්න දවසුත් දීල එතකොට... ඒ මදිවට දොස්තර පුළුවන් තරං දොස් කියනව හෝමගම හොස්පිට්ල් එක තියෙද්දි කාසල් ගියාය කියල... අර ළමයගේ අම්මල නැන්දම්මල ඔක්කොම බල කරල කාසල් අරං ගිහින් තියෙන්නෙ.. ඇත්තටම අපේ ගොඩක් ගෙවල් වල ළමයෙක් හම්බුවෙන්න ඉන්නව කිව්වම උඩ යන්නෙ අම්මල නැන්දම්මල.. එයාලා කියන හැටියට නොකළොත් ඉතිං ‌ඊළඟට මොනා හරි උනොත් ළමයගේ අම්මයි තත්තටයිත් ළමයත් එක්කම වලට පනින්න වෙන්නෙ මෙයාලගෙ බැනුම අහගෙන ඉන්න බැරුව.... අහං ඉන්න බැරිම තැන මං කිව්ව ඩොක්ට ඉතිං අපේ අම්මල හිතං ඉන්නෙ හොඳම තැන කාසල් එක කියලනෙ.. අම්මයි නැන්දම්මයි ඒ ඔක්කොම ඉපදිල තියෙන්නෙත් කාසල් එකේ .. මේ ඉස්පිරිතාල හොඳ තත්වෙට ආවෙ මීට අවුරදු කීපෙකට කලින්නෙ.. දැං අපි උනත් මෙහෙට ආව හින්දනෙ දන්නෙ මේවයෙ පහසුකම් තියෙනව කියල... ඔහොම කිව්වට පස්සෙ තමයි අර ළමයට දොස් කියන එක නැවැත්තුනෙ... කොහොම හරි එදා ලෙඩ්ඩු වැඩි වෙලා එක ඇඳේ දෙන්න දෙන්න හිටියෙ.. අර ළමය එළිවෙනකං ඇඬුව... පස්සෙ උදෙත් ස්කෑන් කරල කිව්ව ළමය නැති වෙලා කියල.. ස්කෑන් කොපියත් දීලා කාසල්ම යන්න කිව්ව... මොකද රෙජිස්ටර් වෙලා තියෙන්නෙ කාසල් හින්ද....

    ඔපරේෂන් වලට අමතරව තව කෙල්ලො හිටිය තරමක් හිටියෙ මිස් කැරේජස් වෙලා... 60%ක්ම දුක් වෙවී හිටියෙ නැන්දම්මල ගැන බයෙං... මට නං සිරාවටම එපාම උනා ළමයි හැදිල්ල ඒ දවස් ටිකේදි....

    හැබැයි හෝමගම හොස්පිට්ල් එකේ ඒ වෝඩ්ස් හොඳයි.... මැටිනිට් වෝඩ්ස් වලත් හොඳට පහසුකම් තියෙනව... ආණ්ඩු මාරුවෙන් පස්සෙ ඒ හිටපු ස්ටාෆ් මාරු වෙලා නං දැං තත්වෙ කොහොමද කියන්න මං දන්නෙ නෑ.. මොකද ඊට පස්සෙ ආපේ මහත්තය ඇක්සිඩන්ට් වෙලා ඇක්සිඩන්ට් වෝඩ් ඇඩ්මිට් කරල තව ටිකෙන් අත ඉවරයි උන්දැලගෙ හොඳකමට... මගෙ කටේ බ‌ලේට කළුබෝවිලට ට්‍රාන්සර් කරගත්තෙ..

    ReplyDelete
  20. ඇත්තටම මට මේ කතාව ගැන දුකයි. මගේ අත්දැකීමක් කියන්නම්. මම වසර ගණනක සිට පිටරට පදිංචිව සිටින්නෙක්. මෙහි නම් නිදහස් සෞඛ‍යක් නෑ, ඒත් semi government සහ Private කියල රෝහල් වර්ග දෙකක් තියෙනවා. මේ semi government රෝහල් කියන්නෙ රජයට අයිති ඒත් මණ්ඩලයක් මගින් පාලනයවන රෝහල්. මේවායින් මෙරට පුරවැසියන්ට අති විශාල subsidy එකක් ලැබෙන නිසා මගේ බිරිඳත් මෙම රෝහල් සමූහයට අයිති එකක මුල ඉඳන් clinic ගියා. මෙහෙනම් පුදුම සැලකිල්ලක් තියෙන්නෙ, දොස්තර ලෙඩාට කතා කරන්නෙ සර් හරි මැඩම් හරි කියලා, සියලු දේ එකින් එක විස්තර කරනවා. බිරිඳට සංකීර්ණතාවයක් ඇවිත් සිසේරියන් එකක් කරන්න සිදු වුණා, ඒත් අන්තිම මොහොත දක්වා ඔවුන් උත්සාහ කළේ ස්වාභාවිකව ළමයා ලබා ගන්නයි. දොස්තරලාම 8 දෙනෙක් හිටියා සිසේරියන් එක වෙලාවෙදි, ඒත් මම හිතුවෙ ඒ අය නර්ස්ල වෙන්න ඇති කියලා, මොකද හැමෝම එක ලඟින් යන නිල ඇඳුම් අඳින නිසා. ඒත් පස්සෙ දන්නේ ඒ අය දොස්තරලා කියලා. දොස්තර, නර්ස්, සුළු සේවකයා, මේ අය ඔක්කොම ඒ අයගෙ සේවය උපරිමයෙන් දෙන්න හදනවා මිසක් රෝගීන්ට ලොකුකම් පාන්නෙ නෑ. මට හිතෙන්නෙ ප්‍රශ්නෙ අපේ රටේ නොදියුණු පහත් මානසිකත්වය. දියුණු රටක් කියන්නෙ භෞතික විතරක් නෙවෙයි, ආකල්පයමය වශයෙනුත් දියුණුව. ලංකාවට ඒ තැනට ළඟා වෙන්න තව අවුරුදු සිය ගාණක් යයි.

    ReplyDelete
  21. ඉස්පිරිතාල නම් හරිම භයානකයි බන්....අපේ අම්මාට හාට් කේස් එකකට හොස්ප්ටල් ඇඩ්මිට් වෙන්ඩ කිව්වා...රෑ10ට වාට්ටුවට ගියාට ඇඩ්මිට් කර ගත්තේ පාන්දර 1.30ත් පහු වෙලා....
    හැම වෝඩ් එකකම ඔය විදිය තමයි බන්!!

    ReplyDelete
  22. මේ කතාව කියවන කොට මට මගේ පුතා හම්බ උන දවස මතක් උනා. මම මගේ කුලුදුල් දරු උපත සිද්ඳකලේ කොළඹ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක​. පුද්ගලික ඉස්පිරිතාලෙකට යන්න සල්ලි තිබුනෙ නෑ. දරුව හම්බ වෙන්න ඉන්නකොට මම රස්සාවෙන් අයින් උන නිසා එක්කෙනෙක්ගෙ පඩියෙන් ඊට වඩා දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනෙනෑ. කොහොම හරි දරුව හම්බවෙන්න නියමිත දවසෙ හවස ඉස්පිරිතාලෙට ඇතුල් උනා. කුලුදුල් ප්‍රසූතියට තියෙන බයත් දරු පැටියව දකින්න තියන ආසාවත් හිතේ හිරකරගෙන ඊලග දවසෙ උදේ පාදර 5 ට සූතිකාගාරය ඇතුලට ගියා.
    මම ඇතුලට ගන්නකොට තවත් අම්මලා 4 දෙනෙක් ඇතුලෙ හිටියා. තිර රෙදිවලින් වෙන් කරල හිටියට තිර රෙදි අතරින් එයාලව පේනවා. වේදනාවෙන් කෑගහන අම්මා කෙනෙකුට දොස්තරලා මිඩ්වයිෆ් නෝනලා කියපු කුණුහරුප අහුනම මාව සීතල වෙලාගියා.(හරියට එයාලා මේලෝකෙට අවෙ අම්මා කෙනෙකුගෙ බඩේ ඉදල නෙවෙයි වගේ) අපිට ළමයි හම්බවෙන්නෙ වල් කමේ ගිහිල්ලා නෙවෙයි කියලා කෑගහල කියන්න හිතුනා.(කොහොම ළමයි හම්බ උනත් මව්පදවිය උතුම් කියලා මම හිතන්නෙ.) අහිංසක අම්මලාට සලකන විදිය දැක්කම ඊලඟට මෙහෙම වෙන්නෙ මට නේද කියල කියගන්න බැරිතරම් අසරණ කමක් දැනුනා. ඇස් දෙකට කඳුලු ආවෙ අමාරුවට නෙවෙයි අසරණ කමට​. දෙවියන්ගෙ පිහිටෙන් මට නම් පුතා හම්බවෙන්න අමාරු උනේනෑ. ඒත් උදේ 5 ඉදලා හවස 4 වෙනකන් සූතිකාගාරය ඇතුලෙ මම වින්ඳ මානසික වේදනාව කායික වේදනාවට වඩා දහස් ගුනයක් වැඩියි.
    ළමයි ගොඩක් ඉන්න අම්මා කෙනෙක් වෙන්න මගේ තිබුන ආසාව නම් එදා නැත්තටම නැතිවෙලා ගියා. අපි ආයෙත් දරුවෙක් ගැන හිතුවෙ ලංකාවෙන් ආවට පස්සෙ. ඊට අවුරුදු 6 කට පස්සෙ නන්නාදුනන රටකදි මට මගේ දූ පැටියව හම්බ උනා. (මීට මාස 7 කට ඉස්සෙල්ලා) එදා මම දරු ප්‍රසූතියෙදි ලබපු මානසික සහනය නම් උපරිමයි.(එදාට වඩා කායික වේදනාවට වැඩි උනත්).
    දූ පැටියට කිරි දීලා ඉවර උන ගමන් තව දරු පැටියෙක් හදනව​.

    කුලුදුල් දරු ප්‍රසූතියෙදි මට උනේ නර්ස්ලාගේ ලොකුකම් , මිඩ්ඩයිෆ් ගෑණුන්ගේ හණමිටි පණ්ඩිතකම් අතරෙ වනචර දොස්තර ඉදිරියේ රෙද්ද උස්සගෙන ඉන්න​.

    (මම සාමාන්‍යයෙන් බ්ලොග් කියවන කෙනෙක් නවෙයි. පලවෙනි වතාවට සිංහල ටයිප් කලේ අකුරු අඩුපාඩු නම් බොහොමයි.)

    ReplyDelete
  23. //අපේ ජාතිය වඳ වීගෙන යන ජාතියක්. ඒ නිසා පුංචි පවුල රත්තරං කතා නවත්තල පුළුවන් තරම් පරපුර බිහිකරන්න කියල දැන් දැන් කට්ටිය කිව්වට ඉස්පිරිතාල, ක්ලිනික් වලදී බඩදරු අම්මලාට සලකන විදිය දැක්කම ළමයි හදන්න හිතෙන්නෙ නෑ.//
    අන්න කතාව.
    ඔය ඉස්පිරිතාලෙදි තද දොස්තරල සේරම චැනලින් වලදි බුරුල් බං. අනික චැනල් කරපු වීඕජී ම ඉන්න වාට්ටුවට ගිහාම යම්කිසි සැලකිල්ලක් තියෙනවා.
    ස්කෑනින් නම් සමහර වෙලාවට වරදිනවා. නිල්පාට මහ මහ ඉඳලා රෝස පාටින් ආයි මහන්නත් වෙනවා.
    උඹ ලියපු කිසිම දෙයක් අහක දාන්න බෑ. අර වල් උන් ගැනනං මං කතාකරන්නවත් කැමති නෑ.
    පොඩ්ඩිට නැවතත් සුවැති දිවියක් පතනවා.

    ReplyDelete
  24. ආණ්ඩුවලට මනුස්සකම් නැති වෙද්දි ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලින් මනුස්සකම මියෑදෙනවා

    ReplyDelete
  25. අසාධාරණයට එරෙහිව ක්‍රියාකල ආකාරය අගෙයි. මේ වගේ කතා සෑහෙන්න තියනව මාත් දන්න.

    ReplyDelete
  26. මේ සම්බන්ධ අපේ කතාව දැන් දෙවතාවක් කෙටුවා, එක එක මගුල් නිසා මිස් උනා.
    තුන්වෙනි පාර කොටපු එක නෙට් කේස් එකක් නිසා කෙළවුනා.
    දැන් ආපහු කොටන්න බැහැ බං.

    උඹලගේ පොඩි එකීටයි, උම්බලටයි යහපතක්ම වේවා කියල පතල අපි මාරු වෙන්නම්...

    ReplyDelete
    Replies
    1. නෝට්පෑඩ් එකේ කොටපං. සේව් කොරපං. කොරන්ට තියෙන එඩිටිං ඔක්කොම කරලා ඉවරවෙලා සිං ගාලා මේකෙ අලෝපං.

      Delete
    2. මම සමහර වෙලාවට වර්ඩ් වල ලියනවා. ඒත් මචන් මට උනේ දෙපාරක්ම කරන්ට් එක ගියපු එක.
      UPS එකට කෙළවෙලා.
      තුන්වෙනි පාර උනේ UPS එක හදන්න ආපු ඉලෙක්ට්‍රිෂියන්ට UPS එක ගලවගන්න ඔක්කොම ටික ඕෆ් කරලා දුන්නා කමෙන්ට් එක කොටලා තියෙන බව අමතක වෙලා...
      ඒ තරමට මතකේ හොඳයි...

      Delete
  27. මේ විදිහෙම කතා ටිකක් අපේ අක්කා කෙනෙකුගනුත් අහන්න ලැබුනා. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේවා අහනකොට. තමනුත් අම්මා කෙනෙක්ගේ දරුවෙක් නේද කියලා නොහිතන එකයි ප්‍රශ්නේ...

    දූ පැටියා දැන් හරිම හුරතල් ඇති නේද ?

    ReplyDelete
  28. මෙවැනි අකටයුතුකම් කරන වෛද්‍යවරු සහ හෙදියන් මිඩ්ඩයිෆ්ලා පිළිබඳව වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න ඒ වගේම මාධ්‍ය වලටත් කියන්න. මමත් MOH , SHO Gyn and OBS හිටපු නිසා මේ තත්වය ගැන දන්නවා.

    ReplyDelete
  29. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සේවය කරන්නේ අවම පහසුකම් අවම වැටුප් යටතේය. නමුත් ඔවුන් ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට ඉතා විශිෂ්ට සේවාවක් කරති. ඔවුන් වර්ජන තර්ජන කරන්නේ නැත. හැකි උපරිම අයුරින් තම සේවය ඉටු කරති. නමුත් ඔවුන්ගේ සේවය අගය කරන්නේ නැති තරම්ය. 1995 දී සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස මම මුලින්ම පත්වීම ලැබුවේ මාතලේ මුලික රෝහලටය. මට මුලින්ම සේවය කිරීමට සිදු වුයේ විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය ආනන්ද රණතුංග මහතා යටතේ සුතිකාගාරයේ ය. එහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දිවා රෑ නොබලා කරන කැපවීම මට ඇස් දෙකන්ම දැක ගැනීමට හැකි විය. සෑම ප්‍රසවයක් සිදුවන අවස්ථාවකම ඔවුන් මවුවරු සමග සිටියහ. පසු කාලීනව මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ලෙස සේවය කලෙමි. එහිදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලදී විශාල සහයක් ලබා දුන්හ. ගමනාගමනය ඉතා දුෂ්කර ප්‍රදේශ වූ ගල මුදුන උඩ ගලදෙබොක්ක වැනි ප්‍රදේශ වලද ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ඔවුන් පැවැත් වුහ. මේ සේවාවන් ඔවුන් කලේ කිසිදු කන් කෙදිරියක් , මැසිවිල්ලක් , පැමිණිල්ලක් නොකරමිනි. ඔවුන්ගේ එදා තිබුණු කැපවීම ගැන අද මට ඇත්තේ ඉමහත් ගෞරවයකි.

    එවැනි කැපවීමකින් සේවය කල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් පිලිබඳ දිවයින පුවත් පතේ ඩබ්. කේ. ප්‍රසාද් මංජු මහතා වාර්තා කරයි. වසර 14 කට අධික කාලයක්‌ තිස්‌සේ පොළොන්නරුව දිස්‌ ත්‍රික්‌කයේ දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මැදගම පවුල් සෞඛ්‍ය සේවා කලාපය තුළ මාතෘ මරණ කිසිවක්‌ වාර්තා වූයේ නැත. එම කලාපය තුළ රුබෙල්ලා ප්‍රතිශක්‌තීකරණය 100% කි. ළමා ගර්භනීතාවය ශුන්‍යයයි. එපමණක්‌ නොව මෙම පවුල් සෞඛ්‍ය සේවා කලාපය තුළ ළදරුවන් හා ළමයින්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහනක්‌ද හඳුන්වාදී තිබිණ. වර්ණ සටහනක්‌ මගින් ළදරුවන්ගේ හා ළමයින්ගේ පෝෂණය පිළිබඳව පහසුවෙන් මව්වරුන් දැනුවත් කිරීම එම වර්ණ සටහනින් සිදුකෙරිණ. 1998 වර්ෂයේ සිට මේ දක්‌වා මැදගම පවුල් සෞඛ්‍ය සේවා කලාපය තුළ මෙම ක්‍රියාවලීන් අඛණ්‌ඩව සිදුකෙරුණේ කිසිදු බාධාවකින් තොරවය. කොටි ත්‍රස්‌තවාදය පැවති කාලයේදී පවා ත්‍රස්‌ත තර්ජනවලට බිය නොවී මෙම සෞඛ්‍ය සේවා කටයුතු විධිමත්ව සිදුකෙරුණි. මේ පිටුපස සිටියේ මැදගම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පී. ඩී. ලලිතා පද්මිණි මහත්මියයි. කෙතරම් ප්‍රායෝගික දුෂ්කරතා පැමිණියද ජනතාව වෙනුවෙන් මෙම පවුල් සෞඛ්‍ය සේවා කටයුතු නිසි පරිදි ගෙනයාම සඳහා ඇයගේ සහයට ක්‍රියාශීලී ස්‌වේච්ඡා සේවකයන් පිරිසක්‌ සිටීමද මෙහිදී සිහිපත් කළ යුතුය. ලලිතා පද්මිණී මහත්මියගේ මෙම සේවය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්‌වී ඇයට සම්මාන පිරිනැමුනේ ශ්‍රී ලංකාවටද ගෞරවයක්‌ අත්කර දෙමිනි. 2010 වසරේ ඔක්‌තෝබර් මාසයේ පැවැති ආසියානු, ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට ලලිතා පද්මිණී මහත්මිය තේරී පත්වූවාය. 2010 වසරේ දෙසැම්බර් 19 වැනිදා තායිලන්තයේ බැංකොක්‌ නුවරදී ලෝකයේ විශිෂ්ටතම සෞඛ්‍ය නිලධාරීන් සිවුදෙනා අතරට තේරී පත්වීමටද ශ්‍රී ලංකාව නියෝජනය කළ ලලිතා පද්මිණී මහත්මියට හැකි වූවාය. ලෝකයේ රටවල් 104 ක සෞඛ්‍ය නිලධාරීන් 1100 ක්‌ අතරින් හොඳම සිවුදෙනාට තේරී පත්වීමට ලලිතා පද්මිණී මහත්මියට හැකිවීම විශේෂත්වයකි. (ඩබ්. කේ. ප්‍රසාද් මංජු දිවයින පුවත් පත )

    ගීතයක් ගායන කර පමණින් , නර්තනයක් පෑ පමණින් එක රැයින් තරු බවට වීරයන් වීරවරියන් බවට පත් කොට බොල් පිළිම වන්දනා කිරීමට අපට බල කරන වානිජ්‍ය සමාජයක මෙවැනි චරිත සැබවින්ම විරුවෝ වෙති. මොවුන් දෙසට සිරස කැමරා යොමු වන්නේ නැත.

    ලලිතා පද්මිණී මහත්මිය මට කිසි දිනක හමුවී හෝ කතාබස් කොට නොමැත. නමුත් මෙවැනි හුදකලා වීරයන් , වීරවරියන් අපගේ සෞඛ්‍ය සේවයේ සිටිති. නමුත් මාධ්‍ය නිතරම වැඩිපුරම වාර්තා කරන්නේ සේවා අතපසුවීම්, වර්ජන , අක්‍රමිකතා වැනි ඍණාත්මක ප්‍රවෘත්ති පමණි. නමුත් මෙවැනි යහ ප්‍රවෘත්තියක් පල කිරීම ගැන දිවයින පුවත් පතේ ඩබ්. කේ. ප්‍රසාද් මංජු මහතාට අපගේ ප්‍රසාදය හිමි වේ.

    ReplyDelete
    Replies
    1. මටත් බොහොමයක් මේවගේ කතා තමයි පවුල් සෞඛ්‍යය නිළදාරිණියන් ගැන කියන්න තියෙන්න. බයිසිකල් එකකින් එහෙම නැත්නම් පයින්ම ගමින් ගමට ඇවිදලා ඔවුන් බොහොම අගය කළයුතු සේවයක් කරනවා. කොටින්ම කොළඹ අවට හෝ දියුණු පරිසරයක් හෝ අධ්‍යාපනයක් නැති ප්‍රදේශවල ඔවුන්ගේ සේවාව අගය කළයුතුමයි.

      Delete
  30. ලිපිය දහස් වටී.........

    ReplyDelete
  31. දොසතර කම කියන්නේ තවත් රස්සාවක් විතරයි. ඕක තේරුම් නොගත්ත අපේ වගේ ගෝත්‍රික සමාජ තුල ඔවුන් සියල්ලම දෙවිවරු වෙනවා. ඒත් ඒක එහෙම නෙමෙයි දෙවිවරු වගේ නීතීගරුක පොලිස් නිළධාරීන් මෙන්ම හමුදා නිළධාරින්ද මම ඕන තරම් දැකලා තියෙනවා. ඕක අපේ හැදියාවේ, පැවැත්මේ හා සඟිස්කුරුතියේ වැරැද්දක්, ඔය උඩින් කොමෙන්ට් කොරලා තියෙන ට්‍රාන්සිල්වේනියා දොස්තර මහතයගේ නවතම බොග් පෝස්ට් එක මේකට ඌනපූරණයක්. ඒ වගේම යාං හැල්ල ලියන එකාගේ ආච්චම්මගේ කතන්දරේ තියෙන්නෙත් මේ දේ. සමහර විට උඹත් ආස ඇති පුංචි සුරංගනාවිය දොස්තර නෝනා කෙනෙක් කරන්න. ඒක අහිංසක ආශාවක්. නමුත් ඊට වඩා ප්‍රයෝරොටි දියන් නියම මනුස්සයෙක් කරන්න.

    පෝස්ට් එකක් දැම්මට ස්තූතියි.. උඹලා වගේ උන් නොලියන එක අපරාධයක්...

    ReplyDelete
  32. මුලින්ම සජ්ජා දෙමවුපියන්ට සුබ පැතුම්.

    කතාව ඇහුවම එක අතකින් පුදුමයි. ඒත් මේක තමයි බහුතරයක් වෙන්නේ කියන එක අපි කවුරුත් දන්නවා.
    මේ වගේ තිරිසන් විදිහට හැසිරෙන නිළධාරින්ට දඬුවම් ලබා නොදීම හින්දා මොවුන් තවදුරටත් එහෙම හැසිරෙනවා ඇති.

    මට මතකයි මීට අවුරුදු තිහකට කලින් හිටපු මිඩ්වයිෆ් නෝනලා. ඒ කාලෙ අද තරම් විද්‍යාව දියුණු වෙලා නෑනේ. බහුතරයක් ඈත ගම්වල ගෙවල් වලම දරුවන් ලැබීමයි වුනේ. ක්ලිනික් යෑම වගේ දේවල් ඒ කාලේ අම්මලා අතින් සිදු වුනේම නෑ වගේ. අර කියපු මිඩ් වයිෆ්ලා බලෙන් බැනලා වගේ තමයි ක්ලිනික් එක්කන් ආවේ. ඒ අයට අවශ්‍ය පරීක්ශණ වගේ දේවල් නොමිලේම එම් ඕ එච් එකෙන් කෙරුනා. ඒවයේ සේවය ඉතා ඉහලින් තිබුනා කියලත් මතකයි.

    මේ ළඟ කාලෙක මම අපේ අක්කත් එක්ක ක්ලිනික් එකට ගියා පානදුර වෙන්න ඕනේ. එහෙත් බබා ලැබෙන්නේ පෞද්ගලික රෝහලක වුනාට කමක් නෑ ක්ලිනික් එන්න කියලා කියපු බොහොම හොඳ සේවක මණ්ඩලයක් තමයි මම දැක්කේ. මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලින් හැමෝම පහත්වීමකුත් වෙනවා වෙන්න ඕනේ.

    දොස්තර කෙනෙක් සෞඛ්‍ය සේවකයෙක් වෙන්න උපාධියක් විතරක්ම තිබුනට මදි. මනුස්සකමත් තියෙන්න ඕනේ. කොහොමත් ලංකාවේ මේ වෙද්දි ඔය මනුස්සකම පිරිහෙමින්ම යනවා කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ. අනෙක දොස්තර වරුන්ට ලංකාවේ සමාජයේ තියෙන අත්තනෝමතික පිළිගැනීම හින්දාත් මෙහෙම වෙනවා කියලයි මට හිතෙන්නේ. සල්ලි මිසක් සේවයක් කියන දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන්න බැරි තරම් බොහොමයකගෙන්. (එහෙම නැති අයත් ඉන්නවා ඒත් හඳ දකිනවා වගේ)
    ඒත් අපිට යමක් වෙනකම්ම ඉන්නේ නැතිව මේ වගේ අසාධාරණ වලට විරුද්ධව පෙළගැහෙන එක අනෙකාටත් කරන සේවාවක්.
    (අපේ නම් සෞඛ්‍යය සේවය කියන්නේ බලෙන් අඬගහලා බෙහෙත් කරන එකක්. මම වගේ කෙනෙක් තවමත් ජීවත් වෙන්නේ ඒ දොස්තරවරුන් හින්දාමයි කියලාත් මම විශ්වාස කරනවා. )

    ReplyDelete
  33. "අපේ රටේ මිනිස්සු වෙනස් ඒ වෙනසට ගරු කරන්න"

    හිපොක්‍රටීස් බෙල්ලේ වැලදාගෙන

    ReplyDelete
  34. සජ්ජා, සුභ පැතුම් උඹේ මුළු පවුලටම මේ අමාරුවෙන් දිනාගත්ත මව් පිය පදවිය වෙනුවෙන්.

    උඹ කියන කතාව කියවලා, ඒ වගේම කමෙන්ට් වල තියෙන අනිත් කතා කියවලා මගේ හිත නැවතත් කීරි ගැහිලා ගියා. මටත් කතා ගොන්නක් මතක් වුනා නමුත් ඒක කල් දැම්මා දැනට.

    ඒ වෙනුවට වෙනත් අදහසක් ඔලුවට ආවා. ඒක කලොත් ඊට වඩා ප්‍රයෝජනයක්වෙයි කියලා හිතුන නිසා. ප්‍රතිඵල දැනගත හැකි වෙයි කමෙන්ට් වලින්.

    ඒත් මේකනම් නොකියම බෑ. අපි ඔය තත්වයට පත් නොවුනේ එකම එක හේතුවක් නිසා. ඒ තමයි ඉංග්‍රීසියෙන් කතා කරන නිසා. ඒක හරි වැඩක් කොවන බව මම දන්නවා. නමුත් සැබෑ වෙනසක් සිදුවුනා.

    උඹ කියන බොහොමයක් කරුණු ඇත්ත. ඔයිට වෙනස් අත්දැකීම් සහ ඔයිට හාත්පසින්ම වෙනස් ගතිගුණ ඇති මිනිසුන් හමුවුනත් ඒ ඔය තරම් සුලභව නෙවෙයි.

    ReplyDelete
  35. ඒ තමයි ඉංග්‍රීසියෙන් කතා කරන නිසා.///

    ඩූඩ්.... ඇත්තම කතාව ... පැහැදිලිවම මාත් අත් දැක්ක ඔය තත්වය... දුප්පත්කම, නූගත්කම, මූණෙං ඇඳුමෙන් පේන අම්ම කෙනෙක්ටයි, ඉංග්‍රීසි වචන දෙකතුනක් කටින් පිට කරගන්න පුළුවන් අම්ම කෙනෙක්ටයි දැක්වන සැලකිල්ලෙ වෙනස්කම කියල වැඩක් නෑ....

    ReplyDelete
  36. පොත් කටපාඩම් කරලා හෙන පීඩනේකින් ගෙදරට බයේ ඩිග්‍රිය ගත්තු උනුත් ඉන්නවානෙ බං..එක්ස් රේ එකක් කියව ගන්න බැරි වාට්ටුව බාර ඩොකාල මට හම්බවෙලා තියෙනව.අපි පව් ඉතින්. උන්ට ඇත්තටම වෘත්තීය ගරුත්වයක් තියාගෙන සේවයක් කරන්න තරම් හදවතක් නෑ.ඩොකෙක් කියන සමාජ තත්වය විතරයි ඕනෙ.උං තමයි රට කන්නෙ.
    හැබැයි මචෝ... නිකමට බලපන් රජයේ රොහලකට එන සෙනඟ කන්දරාව.ඔක්කොම ලෙඩ්ඩු.ඔක්කොටොම සලකන්න තියන පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නෑ.පඩියට වඩා නම් වැඩක් කරනවා ගොඩ දෙනෙක්.ශ්‍රී ලංකා රජයෙන් නොමිලේ ඔහොම හරි දෙයක් කරන එක බොහොම වටිනවා.මොන ප්‍රයිවට් එකට ගියත් අන්තිමට කෙල උනොත් එවන්නෙ මහ ඉස්පිරිතාලෙට නෙ.අර ප්‍රයිවට් ඒවට ගෙවන සල්ලි වලින් රජයේ ඉස්පිරිතාලෙට මක්ක හරි දෙයක් කලා නම් තව කී දෙනෙකුට සෙතක් වෙයි ද?
    අනික තත්වෙන් බාල බෙහෙත් එහෙම දැන දැනම ලෙඩ්ඩුන්ට දෙන්න වෙලා..ලෙඩ්ඩුන්ට බෙහෙත් ෆාමසියෙන් ගේන්න කියන්න වෙලා.. (යමක් කමක් ඇති අයට මෙසේ කීවාට අවුලක් නැත.)
    කස්ටියම තෝන්තු වෙලා නෙව ඉන්නෙ..
    මක්ක උනත් අර වලත්තයාට කොරපු වැඩේ නම් එළ..
    පොඩ්ඩිට ආඩම්බර වෙන්න පුලුවන් තත්තා චන්ඩියෙක් නොවී අසාධාරණේට විරුද්ධ උන විදිහට.
    ජයවේවා..!!

    ReplyDelete
  37. මුළු පොස්ට් එකත් කමෙන්ට් ගොඩත් අද දවසේ තු පාරක් කියෙව්වා සරි සැරේ ඇවිත්. මගෙත් එක දුවෙක් දොස්තර කෙනෙක් නිසාත්, ඒකිගේ මිනිහත් දොස්තරයෙක් නිසාත් උන්ට කිව්වා වහාම මේ පොස්ට් එක සහ කමෙන්ට්ස් ටික කියවපල්ලා කියලා. රජෙක් වුනත් ලෙඩක් වුනොත් දොස්තර කෙනෙක් ලඟට එන්නේ කොච්චර විශ්වාසයකින් යුක්තවද?

    හිතට දැඩි වේදනාවක් දැනුනා.

    වෛද්‍ය ජයතුංග කියා ඇති ආකාරයට මෙය වෛද්‍ය සභාවට පැමිණිලි කරන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. දුවයි බෑනයි දොස්තරලා බව යන්තං කියාගත්තා. මං ගැන කියාගන්න අමතක වුනා. තමාලාගේ දැනගැනීම පිණිස සඳහන් කරන්න කැමතියි, තමාලාට හීනෙකින්වත් හිතාගන්න අපහසු, අද ලංකාවේ ඉන්න විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලබන මාසික වැටුපට වඩා වැඩි විශ්‍රාම වැටුපක්, මා ලබන බව.

      Delete
    2. හුජ්ජ කොල්ලට තවම මගේ කනේ පාරට රිදෙනවා නේද?

      Delete
    3. විචාරක ගහපු පාරෙ දවාලෙ තරු පෙනුනා
      ඒ ඇරපු සත්තම් වලට කන්දෙක මගේ පිරුනා
      එදා මට පෙනුනෙ උඹව විරුවෙක් වාගෙයි ලොක්කො
      අද මට පෙනෙන්නෙ උඹ පකයෙක් වාගෙයි ලොක්කො

      *පකයා කියන්නෙ කුනුහරුපයක් නෙවේ හරිය.

      Delete
  38. හැම දොස්තරලම නරක නැහැ. ලියනවා නම් අත් දැකීම ගමකට ලියන්න පුළුවන්. එංගලන්තේ ට්‍රේනින්ග් ආපු යාලු ඩොකා ල දෙන්නෙක් ඉවර වුනු ගමන් අපහු ගියා. පිස්සුද මචන් මෙහෙ ඉන්න පුලුවන්ද හරියට සලකන්නේ වත් නැහැනේ කියල. ලංකාවේ එහෙමද මිනිස්සුත් සලකනවා. වැඩ කරන ඉස්පිරිතාලත් එහෙමයි කියල. බලන කොට ඒ දෙන්නට මෙහෙ අර ලෙඩ්ඩු අරන් යන ඒවා ඉඳන් හිටි ගමන් තල්ලු කරන්න වෙලා. සෙනග මදි වෙලා වැඩ කරන්න. මට හිනා.

    ReplyDelete
  39. වරදවා වටහා ගන්න එපා මේ කියන එක නම්. මගේ බිරිඳට පළමු දරුවා ලැබෙන්න ඉන්න කොට ඉංග්‍රීසි අය වැඩිය ඉන්න රෝහලකට ගියේ බානට් කියල. හොඳට සැළකුවා. නර්ස් නුත් ඉංග්ලිෂ් ජාතිකයෙක්. දරුවා අපහු ගෙදර අරන් එන්න කලින් චෙක් කලේ ලංකාවේන ආපු දොස්තර කෙනෙක්.. ඔක්කොම හොඳයි. මට හෙල්ත් ඉන්සුවරන්ස් තියෙද්දී ප්‍රයිවෙට් යන්නේ නැතුව දෙවෙනි දරුවා ලැබෙන්න රජයේ ගේ ළඟ රෝහලට ගියා චේස් ෆාර්ම් කියල. ලෙසියට. මැලේසියන් දොස්තර මාත් එක්ක වලි . භාගෙට එපිඩුරල් එක කලේ. වැ රද්දුව. මං බැන්න වරද්දුව කියල. පස්සේ ගැනී බය වෙලා ෆුල් එක කළා . ඒත් වැඩක් නැහැ. වැරදි තැනට කට්ට ගහලා මගේ බිරිඳ හු තියනවා. අප්‍රිකානු රටකින් ආපු නර්ස්ල හිටියේ. උන් ඊට අන්තයි. කිසිම උදව්වක් නැහැ . ආඩම්බරයි. අන්තිමේ දී මම ඇද්ද වලියක්. සර්ජන් කෙනෙක් ආව එංගලන්තේම ඉවර කරපු කළු සම්භවයක් තියන තරුණ දොස්තර කෙනෙක්. වැඩේ බලල විනාඩි දහයෙන් පොරට තත්වේ තේරුණා.බැන්න එතැන හිටි වුන් ඔක්කොටම කලින් පොරට කතා කලේ නැහැ කියල. සිසේරියන් එක එවෙලෙම කරලා දෙන්නව ගොඩ ගත්ත. පොර ඒ වෙලාවේ ආවේ නැත්නම් ඉතින්...

    ReplyDelete
  40. සජ්ජා, මේක කියවලා සෑහෙන්න කලකීරීමක් බං ඇති උනේ. හිතනවා හැමෝම එක වගේ නැහැයි කියලා. ඒත් කරුමෙට වගේ අපිට අහුවෙන්නෙම ඔය වගේ අය තමයි..

    පහුගිය ටිකේ හිටියේ නෑ. ඒ හන්දා සුබ පැතුවද මතක නෑ.. පවුලටම ඔන්න මගෙනුත් හදපිරි සුබ පැතුම්..

    ReplyDelete
  41. මම හිතන්නේ මෙතනට ආපු පලවෙනි වතාව සහ බ්ලොගකට ආවේ සෑහෙන කාලෙකට පස්සේ. ඉස්සර වෙලාම අළුත් පිය, මව් පදවි වලට සුභ පතනවා

    දොස්තරලාගෙන් විශේෂ පීඩාවක් වුනේ නැතත්, අපේ ලොකු දුව හම්බ වෙන්න වයිෆ් ඉන්න කාලයෙත් ඊට පසුවත් , විශේෂඥ වෛද්‍යවරයා හමුවීම වගේම, පුද්ගලික ආයතනයකින් එන්නත් ලබා ගැනීම ගැන ප්‍රදේශයේ මාතෘ සායනයෙන් පැහැදිලි ප්‍රතිවිරෝධයක් තිබුනා. එන්නත් පිටින් ගත්තේ ඒ දවස් වල නිතර දැන ගන්න තිබුණු එන්නත් සම්බන්ධ දෝෂ නිසා.

    ප්‍රසුතියට රෝහල්ගත වුනාට, පස්සේ , රෑ ප්‍රසුතියට ඉතාම ආසන්න වෙලා වේදනාවත් දරා ගන්න බැරි වෙලා, වාට්ටුවේ හිටපු නර්ස්ට කිව්වම (උන්දැට නින්ද ගිහින් ඉඳල තියෙන්නේ), දැම්ම හම්බ වෙන්නේ නෑ, වද නොදී ගිහින් නිදා ගන්න කියලා. ඊට පස්සේ එතනින් ගිය මිඩ්වයිෆ් කෙනෙක්ට ඇහිලා එයා බලල, දැන් හම්බ වෙන්න හදන්නේ කියල, ලේබර් රුම් ගෙනිහින්. ඒ ගෙනිහින් ඇඳට දාන කොටම වෝටර් බෑග් එක කැඩිලා නර්ස් නෝනෙක් නෑවිලා ඒකටත් දිගටම බනිනවාලු හම්බ වෙන මොහොතෙත්.

    ඒ ප්‍රධාන ශික්ෂණ රෝහලක. රත්නපුර මහ රෝහල. වෛද්‍යවරුන්ගෙන් අඩුපාඩුවක් වුනේ නෑ. ඇත්තටම මගේ පාසැල් මිත්‍රයෝ, ඒ මගේ බිරිඳ බව ඒ මොහොතේ නොදැන හිටියත්, ඔවුන්ගෙන් සතුටුදායක සේවාවක් වෙලා තියෙනවා. ඒ අවුරුදු 5 කට කලින්. දැන් රත්නපුර රෝහලේ තත්වය බොහෝ දුරට වෙනස් වෙලා වෙන්න පුළුවන්.

    ඊට පස්සෙත් තව සති 2 ක් රෝහලේ ඉන්න වුනා ඇඳක් නැතිව, පුටු බංකු උඩ.

    කොහොමින් හරි, ඒ අපහසුතා නිසාම ඊ ළඟ වතාවේ සල්ලි එකතු කරගෙන මේ දේට විශේෂිත පුද්ගලික රෝහලකට යන්න හිතාගෙන හිටියේ. ඒත් එහෙම උවමනා ප්‍රමාණය එකතු කර ගන්න බැරි වුනා.

    ඒ නිසාත්, තවත් හේතු කීපයක් නිසාත් දෙවෙනි දුව ලැබෙන්න ඇතුලත් වුනේ බලංගොඩ රෝහලට. රත්නපුර රෝහලට සාපේක්ෂව පහසුකම් / සේවයේ වෙනසක් වෙයිද කියන සැකය තිබ්බේ නැතිව නෙවෙයි. කලින් හොයල බැලුවම එහෙම අඩු පාඩුවක් නෑ කියලත් දැන ගන්න ලැබුණ. කොහොමත් තදබදය අඩුයි නේ. ඒ නිසාම ඒ තීරණේ ගත්තා. ඒ ගැන හොඳටම සතුටු වෙන්න පුළුවන් හොඳ සේවයක් ලැබුණා. සුළු සුළු අඩු පාඩු නැතිව නෙවෙයි. නමුත් සාමාන්‍ය තත්වයට වඩා ඉතා හොඳයි. බනිනවා දැක්කේ ප්‍රසුතිය ආසන්නයේ හැමෝටම කුණුහරුපයෙන් බනිමින් දරුවාට හානිකර ඉරියව්වෙන් හිටපු අම්ම කෙනෙකුට විතරයි. සමහර දෙමළ අම්මලා සිංහල දන්නේ නෑ. නර්ස්ලා දෙමළ හරියට දන්නේ නෑ. නමුත් දන්න දෙමළෙන් සුහදව විහිළුවෙන් වැඩේ කරල දෙනවා. අපේ වැඩෙත් කිසිම කරදරයක් නැතිව හොඳින් වුනා.

    ReplyDelete
    Replies
    1. රාමා කාලෙකට පස්සෙ!

      Delete
  42. මේක ලොකුවට කතා කරපු එක හොදයි.. ඇත්තටම ලොකු කලකිරිමක් ඇති වෙනවා තමා... ඒත් ඕක තමා යථාර්ථය.. වෙන දේ.. හරියට පොලිස් කාරයා පැමිණිල්ලක් ලියනවා වගේ සීන් එකක් තමයි මේකත්.. සැක සහිත දේ ස්ථිරයටම කියන්න බැහැ.. ඇත්තටම බං මට නං පුදුමයි.. ඔවැනි බරපතලම තත්වයක් දැන් නැහැ නේ ඉස්පිරිතාල වල. යම් යම් තාඩන පීඩන තියෙනවා තමා.. ඒක ඇත්ත.. නමුත් සජ්ජා මම හිතන්නේ උඹ කේලං සහ සිතුවිලි වලින් උවමනාවට වඩා ගිහින් කියලයි..

    ReplyDelete
  43. මේවා දැක්කම මේ රට අත අරින්න තියෙන උවමනාව තව තවත් වැඩි වෙනවා. අපි හිත තද කරගෙන අපේ රට නේද කියලා ඉන්න හදනකොට කිසිම අංශයක හොඳක් අහන්න ලැබෙන්නේ නෑ. මගේ වාසනාවකට මම පුද්ගලික අංශයට ගියේ, නැතිනම් මමත් අද ඉන්නේ උඹේ පෙරමුණේ. මෙතනදීත් මම ඉන්නේ උඹත් එක්ක තමයි, හැබැයි වේදනාව අඩුයි. කලකිරීමක් තමයි ඇති වෙන්නේ. මේක මොන දහම් දිවයිනක්ද බං ? ඉන්න තරමක් ඉන්නේ අවස්ථාවාදීන්. තැනක් නොතැනක් නෑ. අපිත් කාලයක් මේ වගේ උඩුගං බලා පීනන්න හැදුවා. නමුත් අපිට පිස්සු වගේ තමයි අනිත් අයට පේන්නේ. එක්කෝ මේවා නොදැක්ක ගානට ඉන්න ඕනේ, නැතිනම් කෙළවරක ඉඳන්.... මොකදට ඕවා හිතලා පව් පුරවා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. සුබ පතන්න අමතක වුණා. දියණියටත් මවටත් නිරෝගී සුවය ලැබේවා !!!! උඹට ඉති රටක් රාජ්‍යයක් පහල වුණානේ.

      Delete
  44. කලකිරුනා මට නම්. සජ්ජගේ හිතේ තියෙන වේදනාවත් තේරුම් ගත්තා. කමෙන්ට් වලිනුත් තව දේවල් දැන ගත්තා. ලිපිය ගොඩක් වැදගත් වෙයි ඉස්සරහටත් ළමයි හදන්න ඉන්න අයට. දෝණි සනීපෙන් ඉන්නවනෙ. තෙරුවන් සරණයි මචෝ.

    ReplyDelete
  45. Api okkogema aakalpamaya wenasak wenna ooni. Ape podi ayage danma ewa wenas karanna ooni. Nathnam me prashnaya hamadam mehemai.

    ReplyDelete
  46. මමත් මගේ පුතාව ලැබෙන්න uk ඉදලා ලංකාවට ආවා. pregnant කියල දැනගෙන සතියක් ගියේ නෑ ලේ වමනේ යන්න පටන් ගත්ත දවස පුරාවට. මාසයක් යද්දී මට ඇදෙන් නැගිට ගන්නවත් පණක් තිබුනේ නෑ. hospital යන්න ඕන උනත් යන්න අමාරුයි. ambulance 1ට call කලාම doctor කෙනෙකුත් ආවා එකට කලින්. ඒක අපි කියල දෙයක් නෙමෙයි. call 1 ගත්ත කෙනා හිතල කරපු වැඩක්. ඒ වෙලේම හැම දෙයක්ම check කරලා මාව hospital යැව්ව. අම්මලා 1000කින් විතර කෙනෙකුට මෙහෙම වෙනවා කියල එයාල මට කීවේ. උදේ අරන් ගියපු මාව දවස පුරාමත් රෑ එලි වෙනකනුත් check කලා. දෙය්යනේ කියලා මට medical terms තේරෙන් නෑ maths කරපු නිසා hubby ටත් එහෙමයි. doctor ම ගිහින් ලොකු pictures වගයක් ගෙනත් අපි දෙන්නට ඒ හැමදේම පෙන්නලා පැහැදිලි කරලා දුන්න.එදා fluids 11ක් දුන්නා.මට folic acid ගන්නත් එපා කීවා. scan කලේ නෑ මාස 3ක් ගිහින් නැති නිසා. පහුවදා මගේ බබාට කිසි කරදරයක් නෑ කියල එව්වා. සතියක් ගියේ නෑ ආයෙත් කලින් විදියමයි. ආයෙත් hospital ගියා fluids 3ක් දීලා දවසක් ඇර දවසක් hospital ඇවිත් fluids ගන්න කීවා. doctors ලගේ decision 1 උනේ ලංකාවට එන්න කියන එක මාස 3න් පස්සේ ම‍ට climate change 1ක් ඕන කියල.
    ලංකාවට ආවම pvt doctor කෙනෙක් channel කලා. අපි pvt හැමදේම කරන්න හිතාගෙන හිටියේ. ඒත් doctor කීවා midwife ලග register වෙන්න කියලා. ඔන්න ඒකට පස්සේ තමයි ලංකාවට ආව මෝඩ කම තේරුනේ. මුලින් එයාගේ කෑම 1 නරක් වෙනවා කියල පැයක් ඉන්න කීවා කනකන්. මාස 3ක් ගිහින් හින්දා මාව register කරන්න බෑ කීවා. folic acid කියන්නේ මුළු ලෝකෙම pregnant අයට තියන හොදම දේ කියලා ඒක නොගන්න 1 නිසා බබා නැති වෙයි කීවා. ඔයාම පුරවා ගන්න කියල form 1 මට දුන්නා. රට ගියේ කොහොමද ඇයි ලංකාව හොද නැද්ද ආයේ එන්නම උනා නේද කියා කියා අපි 2ට කියවන්න පටන් ගත්තා. ආ මම ඇදල ගියේ 3 quarter 1ක් ඒත් ඒක maternity ඇදුමක්ම තමයි. අම්මලා එහෙම ඉද්දි අසෝබනයි කීවා. එක නිසා ගවුමක් මහගන්නත් කීවා රෝස පාටින් ලොකු දෝස්තර කියල තියෙන නිසා. වෙන පාටවල් ඇදගෙන ආවොත් ඇතුළට ගන් නෑ කීවා. hubby ට හොදටම යකා නැගල හිටියේ අන්තිමට. මම මෙයාව සෝබනේට එතෙන්ට එවන්නම්කො කියලා මාවත් ඇදගෙන ආවා.
    මම නෙවෙයි එදායින් පස්සේ එතනට ගියේ. හොදටම බය වෙලා හිටියේ මම folic acid කතාවට බබා නැති වෙයි කියලා. පස්‌සේ doctor ගෙන් ඇහුවම කිව එහෙම දෙයක් නෑ කියල.
    delivery 1ට dates තියෙද්දි මට අමාරු උනා. waters ලීක් උනාට ඒක ම‍ට දැනුනෙ නෑ. doctor බලලා කෙලින්ම හොස්පිටල් යන්න කිවා. ඒත් waters leek 1ක් කියලා මට කීවේ නෑ. මම ගියේ pvt. පුතා ඒ වෙදදී බේර ගන්න අමාරු මට්ටමක ඉදලා තියෙන්නේ. එත් staff 1 ඔක්කොම එක දැනගෙන හිටියත් ඒක මට දැනෙන්න ඇරියේ නෑ. c - section 1කින් පුතාව ගත්තේ. මම හිතන් නෑ government ගියා නම් අපි 2 ගෙන් 1ක් වත් බේරෙයි කියලා.
    ලංකාවේ අම්මා කෙනෙක්ගෙ මානසික තත්ත්වය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ කියල තමයි කියන්න තියෙන්නේ. බොරු මත කරේ තියාගෙන දගලනවා. වාසනාවට මගේ අම්මලා 2ම ඒවා විශ්වාස කලේ නෑ. ඒ නිසා ගෙවල් 2න්ම ලොකු support 1ක් මට ලැබුණා. අනිත් අය තමයි ගෙදරට බලන්න එන අය. එයාලටත් හැමදේම ඕන. hubby ගේ අම්ම නම් වෙලාවකට මට එලියට එන්නවත් දුන් නෑ එහෙම අය ආවම.
    birth certificate 1 ගන්න තැනත් ගොඩක් අසාදාරණ විදියට government hospital වලින් එන තාත්තලට කතා කරනවා කියලා hubby කීවා.

    ReplyDelete
  47. සජ්ජොථ මුං නිසා තමයි රජයේ රැකියාව කරන අනිත් උනුත් බැණුං අහන්නෙ. අපි හැම එකක් ම ඉගෙනගෙන මුං ළඟට ගියෙ නැත්තං, අපි උන්ගෙ අතපල්ලට වෙලා ඉන්න ඕනෙ කියල හිතං ඉන්නෙ.

    උඹෙ පිය පදවියට සුභපැතුම් බං...!

    ReplyDelete
  48. මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
    මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
    ඇසේය මිනිස් පුරවරෙන් //

    කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
    කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
    කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
    සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

    මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
    මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
    ඇසේය මිනිස් පුරවරෙන් //

    පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
    කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
    නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
    මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

    මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
    මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
    ඇසේය මිනිස් පුරවරෙන් .............

    ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
    ගී පද - වසන්ත කුමාර කොබවක

    ReplyDelete
  49. ballige puthala saha wal balliyo seratama hika wila pala. dostaralata banapu wesa ballo baliyo kawadawath hika una welawata panaberala denna kiyala dostaralata lagata newe maraya gawata pala. mung eka dostarayek wath hoda karanawa dakala ne. thopita puluwannam dostarala epa kiyala udgoshana karapiyaw. me serama dostarala wenuwen witharak newei nursela midwifela wenuweni

    ReplyDelete
    Replies
    1. oyaage puka lokuda kollo. ennako polimak daanna.

      Delete
  50. අසාධාරණය ඉස්සරා නිහඬව නොසිටීම අගය කරනවා බං.දොස්තරලා කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕනේ පිරිසක් නෙමේ.නමුත් අපිට තියෙන අවම පහසුකම් යටතේ වුනත් බොහෝවිට වෛද්‍යවරුන් ගෙන් සැලකිය යුතු සේවයක් සිදු නොවෙනවත් නොවේ.
    කොහොම වෙතත් උඹේ සටහන ඉදිරියට අපිටත් ප්‍රයෝජනවත්.

    ReplyDelete
  51. මගෙ සුබ පැතුම්!!!. දියණියටත් මවටත් නිරෝගී සුවය ලැබේවා !

    ReplyDelete
  52. සජ්ජා උඹ බොක්කෙන්ම මේ ලිපිය ලියපු බව කියවගෙන යද්දි වැටහෙනවා. මම කවදාවත් දැනුවත් වෙලා තිබුනෙ නැති දේවල් බං මේවා...ඇරත් තනිකඩ මම කොහොම දැනගන්නද මෙහෙම දේවල්...පියෙක් වෙනවා කියන එක සෙල්ලං නෑ කියලා දැනුන දවසක් තමයි අද....මම හිතන්න‍ෙ තමන්ගෙ සැමියා අනවශ්‍ය කරදර වල පටලවන්න තියෙන බය නිසාම ගොඩාක් බිරින්දෑ වරු මේ වල් හැත්තගෙන් වෙන පීඩා නිහඬව දරාගන්නවා ඇති...උඹ පොලිසියට පැමිණිලි කරන්න ගියාට මම නම් එහෙම කරන එකක් නෑ...අනිවා...මට දරා ගන්න බෑ මචං ඒ තරම් ආවේගයක්...මම අනිවාර්යෙන්ම ඉස්පිරිතාලෙට රිංගලා දොස්තරයව හම ගහනවා. මගේ මලයට රිය අනතුරක් වෙලා ප්‍රතිකාර කරන්න පරක්කු වෙලා ගම්පහ රෝහලේ හෙද නිලධාරියෙක් එක්ක වතාවක් මම ගැටුනා. ඒ වගේ කාලකන්නින්ට අතින් පයින් තේරුම් කරලා දුන්නොත් තමයි මම හිතන්නෙ වැරැද්ද වැටහෙන්නෙ.

    දොස්තරලා ජීවිතයෙ අනිත්‍ය දොස්තර කමට ඉගෙන ගන්න කාලෙ ඉදලම දකින උන්..මිනී කපලා ශරීරයෙ හරය ගැන යම් අවබෝධයක් තියෙන උන්...ඒත් ගොඩාක් තැන් වල වල් දොස්තරලා ඉන්න බව අහන්න ලැබෙනවා...මීගමුව රෝහලෙන් බිමට පැනලා දිවිනසාගත්ත අහිංසක ගාමන්ට් නැගනිය ගැන මතක ඇති නොවැ.

    කෙසේ උනත් උඹට සුභ පතනවා සජ්ජා...උඹත් මම වගේම බොක්කෙ හක්කෙ හංග ගන්නෙ නැතුව කථා කරන එකෙක් බව මම දැනගෙන දැන් ගොඩාක් කල්...ආව දවසක නිසැකවම මුණ ගැහෙමු...ජය !

    ReplyDelete
  53. සජ්ජා අයියා පුලින්ම සුබ පතන්නම් තුන්දෙනාටටම. ඊලඟට කියන්න ඕනේ මේ රටේ දොස්තරලා, නර්ස්ලා මිනිස්සුන්ට ඔහොම කරන්නේ මේ රටේ මිනිස්සු ඩොකාලට වැඳගෙන යන නිසයි. පිට රටවල ඩොකාලා මිනිස්සුන්ට වඳින ක්‍රමයක් තියෙන්නේ. අනික පන්ති බේදය උන් අතර හොඳට ම තියෙනවා. සෞක්‍ය ක්ෂේත්‍රයේ උන් ම එකෙකුට පඩිය වැඩි උනොත් මරා ගන්නවා. ස්ට්‍රයික් කරනවා. අර හමුදා සේවය වගේ මේවත් අත්‍යවශ්‍ය සේවා කරලා කෑ ගහන එක නතර කෙරුවනම් මීට වඩා හොඳ කලදසාවක් රෝගීන්ටත් යයි කියලා තමයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
  54. ළමයි හම්බවෙන කොට සහ ගැබිණි මව්වරු පරික්ෂා කරන්න පිරිමි දොස්තරල යොදවන එක හොද නෑ කියල මට හිතෙන්නෙ. ගෑනියකගෙ රහස් අවයවය තමන්ගෙ ස්වාමිය ඇරෙන්න වෙන කෙනෙක් දකින එක හොද නෑ. වෙනත් පිරිමි දොස්තර කෙනෙක් ගෑනියකගෙ යෝනියට ප්‍රෝබයක් ඇතුල් කිරීමෙන් ගෑනියගෙ ලැජ්ජ බයට මොකද වෙන්නෙ?

    ReplyDelete