අඩෝ.. මේක අපේ අති පාරිශුද්ධ අහවල් එක ඩෝ..!!



" ළාට රටේ සිට නැව් නැගලා.. තම්මැන්නාවට ගොඩ බැහැලා..." ඔන්න කොල්ලො සිංහල මෙව්වා එක පටන් ගන්නේ ඔහොමයි.. අපිට ඉගැන්නුවෙත් එහෙමයි , අහල තියෙන්නෙත් එහෙමයි. ඓතිහාසික කාරනාවක් විදියට සිද්ධවෙලා තියෙන්නෙත් ඔය සිද්ධියමයි. මේ ලියවිල්ලෙන් ලියන්න උත්සාහ කරන්නෙ ඕක එක සිද්ධියක් විතරයි කියන එක. තාත්තට කොන්ට්‍රෝල් කරගන්න බැරි උන , ගෙදර( වැරදුනා ... රජ මාළිගාවේ) , ගමේ තියා , රටේ වත් තියාගන්න බැරි වෙච්ච විජය නම්වූ  "මදාවි" පුත්තරයා උගෙ මදාවි පාප මිත්‍රයො හැත්ත බුරුත්තත් එක්කම බෝට්ටුවක දාලා "යන අතක මකබෑවියන්" කියල පන්නන්න සිංහබාහු රජ්ජුරුවන්ට සිද්ධ උනා.



කාගේ කරුමෙටදෝ මන්ද මේකට ගහගෙන ආපු මදාවි රැල, ජබර කලන්තෙන් හතරගාතෙ දාල මුනින් අතට වැටුනපාර තඹ පාට වැලි ( වැඩි හරියක් වෙරළවල් වල වැලි තඹ පාටයි තමා. රට වටේම ඔහොමයි මූ නොදන්නවා උනාට ) ඇස් වලට හිටං ගිය සිද්ධිය , හාමතේ මැරෙන්න ඔන්න මෙන්න හිටපු උන්දැලාට හොඳට මතක හිටින්න ඇති. ඕක හිතේ තියාගෙන ඉඳල රජ උනාට පස්සෙ ඔන්න දානවා ඒ ඉසව්වට  "තම්බපන්ණි" කියල නමකුත්. හාමතේ ඉබාගාතේ වතුර පොදක් හොයාගෙන යනකොට කපු නූල් අඹර අඹර හිටපු "කුවේණි" නංගිගෙන් බඩ කට පුරෝගත්තු විජයා උන්දැව අන්තිමට අඹුකමටත් ගත්ත. ගමේ වැල ගමේ වවුල්ලුන්ට කිව්වට වැලේ බලන්නෙ පිට එකෙක්ට භෝජනේ වෙන්නමනේ හැමදාම. අදත් එහෙමයි, ඕක එදාටත් වලංගුයි. තමන්ගෙ එකාට වැඩිය පිට එකාව ලොකු කරගන්න එක නං එදා ඉඳන්ම සිරිතක් විදියට අද වෙනකල්ම පැවතගෙන එනවා අඩුවක් නැතුව.


"කුවේණි" නංගිත් කලේ ඕකම තමා. තමන්ගෙ වරිගෙ එවුං ටික පිට එකාට පාවල දීල "ඒරියා" එකේ තැනත් හදල දුන්න නිසා ඔන්න ඉතිං විජය "රජ" උනා. තැනකට ආවම තමයි මිනිස්සුන්ට වංශේ මතක් වෙන්නෙ. වැදගත් කම මතක් වෙන්නෙ. නැති නම්බු නාම, වංශ, "ස්ටේටස්" හදාගන්න මතක් වෙන්නෙ. ඒ ආකාරයටම විජේටත් ඒ සේරම ඒ විදියටම කරන්න ඕන උනා. කුවේණිගේ පොත්ත රතු මදි උනා. වංශේ අප්සට් උනා. තැනක හැසිරෙන්න දන්නෙ නැති , අඩුපාඩු එමට , "පොෂ්" නොවෙච්ච කුවේණි ගෙන් වැඩක් තියනවද අප්පා. ළමයි දෙන්නෙක් තියා දහයක් හැදුනත් එකට ඉන්න බැරි නං අදහස් ගැලපෙන්නෙ නැත්තං ඩිවෝස් කරලා දාන්න ඕන.


සුද්දගෙ ඒ ක්‍රමේ ගැන හාන්කවිසියක් වත් දැනගෙන නොහිටියත් විජේ "සුද්දා" වගේ ඒ වැඩෙත් කොලා. රෝම ලංදේසි නීති ක්‍රමේට අනුව උසාවි ගිහිං නඩත්තු ඉල්ලන සිස්ටම් එකක් නොතිබ්බ නිසා "කුවේණි" සොබාදහමෙ නීතියට අනුව විජේට "හෙණ ඉල්ලුවා". NGO වලින් පාලනය වෙන ළමා නිවාස නැති කොට ජීවහත්ථ, දිසාලා පොඩි උන් දෙන්න සොබාදහමෙ ළමා නිවාසේ කියල හිතාගෙන කැලෑ වැදුන. හය හතරක් නොදන්න පොඩි උන් දෙන්න කරදඬු උස මහත් වෙනකොට "ඉණෙන් පහළ නෑදෑ කම් නෑ" කියන සීයාගෙන් ආපු  තියරියට අනුව "වැදි" පරම්පරාව බෝ කරන්න පටන්ගත්ත. සොබාදහමෙන් හෙණ වදිනකොට බැරියැ.. විජේ රජතුමා පොෂ් බිරිඳකුයි ගම් රටවල් වලින් ෆ්‍රෙඬාලා සෙට් එකකුයි ගෙන්නගෙන ආතල් එකේ ඒරියා එක පාලනේ කොරන්න පටන් ගත්ත.


සිංහයා කොඩිය ගහගත්තු අපේ සිංහල ජාතිය මේකයි කියල පාරම් බාන උදවියට කලින් කියපු කතන්දර වලටම තවත් ඌනපූර්ණයක්  එකතු කරන්න කැමතියි. සිංහයා මූලික වෙච්ච වංශ කතා වල ඉන්න සිංහයාට නමට සිංහයා කිව්වට ඒකා සතෙක් නෙවෙයි කියල ඕන එකෙකුට තේරෙනවා. මධු මාධවීගෙ "රැන්ඩියා" වගේ ඕනෑම සත්ව කොට්ඨාශයක් එක්ක ලිංගිකව එක වෙන්න පුළුවන් සත්තු නෑ නෙ. සිංහබාහු කතාවෙ ලස්සනට නාට්ටිය කොරන්න උවමනාවට සිංහයෙක් දාගත්තට ඇත්ත කතාවේ "සිංහයා" බොහොම දරුණු සහ එඩිතර මනුස්සයෙක් වෙච්ච නිසාවට ඒ නම පටබැඳෙන්න ඇති.

සුප්පා දෙවි කැලේ මැද්දෙන් පිරිවරත් එක්ක එනකොට උන්දැගේ රූප සොබාවට හිත වැටීම නිසා හෝ "වේලි වේලි" හිටපු නිසා පිරිවර කම්බස් කොරල සිංහයා සුප්පා දේවිව අයිති කරගන්න ඇති. "ගල් ලෙනේ" දරු පැටවුනුත් එක්ක උන්ව කවල පොවලා තියාගෙන හිටපු සිංහයාට සිංහබාහු කොළුවා උගුරු ඇටේ පැන්නට පස්සෙ කොරපු වින්නැහිය අපි හැමෝටම උගන්නල තියනවා පොඩි කාලේදී. පොඩි කාලේ ඉඳන් කවල පොවලා හදාගත්ත දරු පැටවු "ෆ්‍රීඩම්" එක හොයාගෙන යන එක අදටත් සිදුවෙනව. හැබැයි අතෙන්දි සිංහබාහු තාත්තව විදල මැරුව. කොරේ පිටට මරේ කිව්වා වගේ නංගිව අඹුකමටත් තියාගත්ත. එහෙම බැලුවම සිංහබාහු කියන්නෙ මහා එපාකරපුම එකෙක්. ඒ එපාකරපුම එකාගේ එපාකරපුම පුතා තමයි විජය.

අදටත් අපි දකින සමාජයේ ඔය විදිහෙ ආදර්ශ ජීවමානවම දකින්න පුළුවන්. එපාකරපු තාත්තලගේ එපාමකරපු පුත්තු නිසා තාත්තලට වසන්න බැරි තත්වයක් උදා වෙලා තියන විදිය අපිට දකුණු කණෙන් පෙන්නන්න පුළුවන්. ඔය දෙගොල්ලගෙන් එහෙම බැලුවම සිංහබාහු බුද්ධිමත්. " මූ මෙහෙ හිටියොත් මාත් වසලා හමාරයි" කියල කල්පනාකරපු සිංහබාහු , දුෂ්ඨ පුතයි උගේ ගැන්සියයි අල්ලලා බෝට්ටුවක දාල පිටුවහල් කලේ ඒකයි. අපේ සිංහබාහුලා මොනා  කළත් පුත්තුන්ට ආතල් දිදී ඉඳලා දන්නෙම නෑ කෙලවෙනකල්.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජර්සියේ ඉඳල රාජ්‍ය ලාංඡනයේ ඉඳන් ජාතික කොඩිය වෙනකල්ම දකින්න හම්බවෙන සිංහයා ඒ තැනට ආවෙ සිංහ බාහුගේ තාත්තගෙ නොටෝරියස් නම නිසාද කියල පොඩ්ඩක් බලන්න ඕන. අනුරාධපුර, පොළොන්නරු රාජධානි වල ඉඳන්ම දකින්න හම්බුන සිංහ ලකුණ කොපි කරල මේ වෙනකල්ම ඒක පැවතගෙන එනවා වෙන්නැති. එහම ආපු සිංහයා නූතන ජාතික කොඩියෙත් පැලපදියම් වෙන්න ඇති. ඒ යුග වලට සිංහ ලකුණ එන්න ඇත්තෙ සිංහබාහුගේ තාත්තා නිසාද? මම නම් හිතන්නෙ එහෙමයි.


විජේ මෙහාට පාත් වෙනකොට "කපු කටිමින් සිටි කුවේණි" ලකුණින් ලංකාවේ ඒ වෙනකොටත් යම් යම් කර්මාන්ත තිබුන කියල පැහැදිලි වෙනවා. එහෙම නොතිබුනා නම් ඔය "වංශ" ලියපු කට්ටිය කුවේණි නනා ඉන්නකොට විජේ හොරෙන් බලා උන්න කියලත් ලියයි. බුදුරජාණන් වහන්සේ ලක් දිව දෙවන වතාවට වැඩමකලේ චූලෝදර, මහෝදර මාමයි බෑණයි මැණික් පුටුවකට දාගත්ත වලියක් සංසිඳවන්න. ඒක බොහෝ වෙලාවට රනින් කරලා මැණික් ඔබ්බවපු පුටුවක් වෙන්නැති. ලී පුටු වලට මැණික් ඔබ්බවන්න තරම් පිස්සො ඒ දවස් වල ඉන්න නැතුවැතිනෙ. වෙළඳාමේ යන තපස්සු සහ භල්ලුක සහෝදරයෝ බුදුන්ගේ කේශ ධාතු තිරියායි වල නිධන් කරලා "ගිරිහඬු සෑය" ඉදිකළා කියලත් සඳහන් වෙනවා. දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බෙ නැත්තං ඒ දෙබෑයෝ කැසිල්ලට මෙහෙ එනවයැ වෙළඳාම් කරන්න.

රාවණා රජතුමාගේ "මොනර මාක් ග්ලයිඩර් එක" ගැන විස්තර ජනප්‍රවාද වල සඳහන් වෙනවා. නූතන විද්‍යාවේ ඇසින් බලන අපිට ඒක ගැන විග්‍රහ කරන්න හරියටම බැරි උනත් ඒ වගේ දේවල් නොතිබුනාමය කියල කියන්න බෑ.  ඒ විදියට බැලුවොත් විජේ එන්න කලින් ඉඳන් මෙහෙ මිනිස්සු ශිෂ්ඨාචාරගත වෙලා ඉඳල තියනවා. ඒත් අපේ ඔළු වලට දාල තියෙන්නෙ , මෙහෙ හිටියෙ බොහොම නොදියුණු මිනිස්සු , ඉන්දියාවෙන් තමයි ශිල්ප කර්මාන්ත සහිත ජනයා ඇවිත් ඒ දේවල් මෙහෙ පිහිටෙව්වෙ කියල. යක්ෂ, නාග සහ දේව ගෝත්‍ර සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු සියල්ල විජේගෙන් පස්සෙ ආපු උන්දැල උවමනාවෙන්ම වසන් කරලා කියලයි මම නං දකින්නේ.

විජයගේ ආගමනයත් එක්ක දිගින් දිගටම මෙරටට ආපු ඉන්දියානු සංක්‍රමණිකයෝ  සහ ආක්‍රමණිකයෝ නිසාවෙන් ලංකාවේ ආදිවාසීන් (වැද්දෝ නෙවෙයි, වැද්දෝ කියන්නෙ ආදිවාසින් නෙවෙයි) සමූලඝාතනය වුණා හෝ වඳ වෙලා ගියා කියල හිතන්න බෑ. ඒ විදියට වඳ වෙනවා නං පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් පස්සෙ හරි නම් ලංකාවෙ ඔක්කොම ඉන්න ඕන සුද්දෝ. සංක්‍රමණ , ආක්‍රමණ සිදු උනාය කියල මිනිස් වර්ග සම්මිශ්‍රණයකට ලක් වෙලා දිගටම පැවතගෙන එනවා මිසක් සමූල ඝාතනයන් සිද්ධ වෙන්නෙ බොහොම කලාතුරකින්.

මහියංගනය, තම්මැන්නාව ආශ්‍රිතව බලය පතුවරාගෙන හිටපු යක්ෂ ගෝත්‍රිකයෝ, මනිනාග දිවයින, වඩුන්නාගල , කැලණිය සහ රුහුණේ ජනාවාස පිහිටවාගෙන හිටිය නාග ගෝත්‍රිකයෝ සහ මායා රට අධිපත්‍යය පතුරවපු දේව ගෝත්‍රිකයෝ ඔක්කොම විජේට වඳ කරන්න පුළුවන් උනා කියල හිතන්න පුළුවන්ද? ඒක කොහොමටවත් වෙන්න බෑ. පසුකාලීනව ඒ ඒ ජන කොටස එකට සම්මිශ්‍රණය වෙන්න ඇති. එකිනෙකාගේ දැනුමත් එකට මුහු වෙන්න ඇති. ඔය ඔක්කොගෙන්ම හැදුනු කලවම් ජාතිය තාමත් සිංහයා ලකුණ ගහගෙන. ඒකත් කමක් නෑ කියමුකෝ. ඒත් පාසලේදී ඉතිහාසෙට අපට උගන්නන්නෙ මොනාද? අපි පැවතගෙන එන්නෙ විජය පරපුරෙන් කියල. සිංහබාහු නාඩගම තමයි අපිට පෙන්නන්නේ ජාතියේ මුළ කියලා. පීතෘ ඝාතක , සහෝදරිය අඹු කමට ගත්තු සිංහබාහුගේ මදාවි පුත්‍රයාගෙන් පැවතගෙන එනවා කියල කියන බොරුව අපි තාමත් කියවනවා. ඊට කලින් මේ පොළවේ ජීවත්වුනු යක්ෂ, නාග, දේව ජනයා ගැන වචනයක් කියන්නෙ නෑ.

විජයගෙන් වගේම යක්ෂ , නාග, දේව ගෝත්‍ර වලින් පැවතගෙන එන මිනිස්සු ඔක්කොම සම්මිශ්‍රණය වෙලා බිහිවුණු ජාතිය ජාතිකත්වයෙන් කටයුතු කරනවා වෙනුවට ඉන්දියාවෙන් විජේලගේ කට්ටිය අරගෙන ආපු කුළ භේදය මහා ඉහලින් ඔලුවට දාගත්තු අපේ මිනිස්සු එතනිනුත් බෙදීමට ලක් උනා.පහතරට සුද්දා යටත් කරගත්තට පස්සෙ "පියෝ" ජාතිය අපි තමයි කියාගෙන උඩරැටි , පාතරැටි භේදය හදාගත්ත. උඩරට  සමහර මිනිස්සු අදටත් පාතරට කියල පහතරට ඉන්න මිනිස්සුන්ව ගණන් ගන්නේ නෑ. ඒත් බැලුවම නායක්කර් කාරයෝ උඩරටට ආවම උනුත් එක්කත් ජාතිය කලවම් වෙලා තිබ්බේ. දෙමළ නිල නොවන විදියයට නමුත් රාජ්‍ය භාෂාව වෙලා තිබ්බේ. උඩරට ගිවිසුමේ උඩරට ප්‍රධානීන්ගේ අත්සන් බැලුවම ඒ බව තේරෙනවා. දෙකතුනක් ඇරෙන්න ඔක්කොම අත්සන් කරලා තියෙන්නෙ දෙමළෙන්. ඉතිං කොහොමද "පියෝ" කම ගැන කතා කරන්නෙ?



 මුස්ලිම් වරු ඈත කාලයේ ඉඳන්ම වෙළඳාමට ආපු උදවිය. බොහෝ වෙලාවට මුස්ලිම් කාන්තා පාර්ශවය ඒත් එක්ක ආවෙ නෑ. මෙහෙ සිංහල ගෑණු එක්ක දීග කාපු මුස්ලිම් මිනිස්සු "ඉස්ලාම්"ධර්මය ඉදිරි පරම්පරාවට දිගටම දායාද කලාට පියෝ "මුස්ලිම් " මිනිස්සු එකෙක් වත් ඉනවාය කියල මම නම් හිතන්නෙ නෑ.අනිත් එක ඒ ඔක්කොම කතාකරන්නෙ දෙමළ භාෂාව. අරාබිකර වල භාෂාව කවුරුත් කතා කරන්නෙ නෑ. දෙමළ මිනිස්සුන්ගෙ කතන්දරෙත් ඔය විදියමයි. සුද්දා මෙහෙට ආවට පස්සෙ ක්‍රිස්තියානි ආගමට නැඹුරු වෙච්ච දෙමළ මිනිස්සු, හින්දු ආගම අදහන දෙමළ මිනිස්සු , වතු වැඩ වලට ගෙන්නපු වතුකරයේ දෙමළ මිනිස්සු, ඉන්දියාවෙන් පීනාගෙන ආපු "කල්ලතෝනි" දෙමළ මිනිස්සු , වත්තෙ කන්කානි මහත්තුරුන්ගෙන් ජාතක වෙච්ච සිංහල දෙමළ මිනිස්සු, සුදූ දෙමළ මිනිස්සු, සිංහල හමුදාවෙන් ළමයි ලැබුණු සිංහල දෙමළ මිනිස්සු , කුලීන දෙමළ මිනිස්සු, කුළ හීන දෙමළ මිනිස්සු, කුලීනයන්ගෙන් ළමයි හැදුනු කුළ හීන කුලීන දෙමළ මිනිස්සු. ඔය ඔක්කොම බැලුවම "පියෝ" දෙමලක් කොහෙද තියෙන්නෙ? සිංහල ජාතියටත් ඔය සංතෑසියම තමයි. පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි, මැලේ, මුස්ලිම් , දෙමළ සහ තව තවත් ජාති කලවම් වෙලා නැති නියම සිංහලක් ගැන කොහොමද අපි කතාකරන්නෙ?
 
කුවේණි ඉන්න තැන විජය හොයාගත්තෙ බල්ලෙක් පස්සෙන් ගිහිං කියල අපි අහල තියනවා. සිංහල හවුන්ඩ් ( sinhala hound) කියල ලංකාවට අවේණික සුනඛ විශේෂයක් හිටියා කියල සඳහන් වෙනවා. විජේ පස්සෙන් යන්න ඇත්තේ ඒ ජාතියේ එකෙක් පස්සෙන් වෙන්නැති. සිංහල හවුන්ඩ් කියල "සිංහල" කෑල්ලක් දාන්න ඇත්තේ නමක් විදියට වෙන්න ඇති. කෝ අද ඒ සුනඛ විශේෂය? විශේෂ ශාරීරික ගති ලක්ෂනත් එක්ක උන් වෙනම හඳුනාගන්න පුළුවන් වෙන විදියට පැවතගෙන එනවද? නෑ... ඔක්කොම බල්ලෝ එක්ක කලවම් වෙච්ච එක එක මාදිලි වල බල්ලෝ තමයි "වල්  බල්ලෝ" කියල අද අපි හඳුන්වන්නේ. විශේෂිත ගති ලක්ෂණ, හැසිරීම් ලක්ෂණ කිසිම දෙයක් නෑ. හැබැයි හැම බල්ලෙක්ම වගේ බුරන, කන, බොන, නගුට වනන කලවම් විශේෂයක් බිහි වෙලා පැවතගෙන එනවා. ඔය දේම ජන වර්ග කතන්දරේටත් ඒ විදියටම ආදේශ කරන්න පුළුවන්.
 
  කුළ භේද, ආගම් භේද, ජාති භේද නිසා මරාගත්ත. "ජාතිකවාදය" වෙනුවට "ජාතිවාදය" ඉල්ලගෙන අදටත් අපේ මිනිස්සු කෑ මොර දෙනවා. එක කොටසක් ජාතික කොඩියේ සිංහයා ඉන්න හරිය ලොකු කරගන්න හදනවා. තව කොටසක් පාටපටි තියන හරිය පළල් කරගන්න දතකනවා. ලංකාවේ සත්තු වත්තෙ ඇරෙන්න කොහෙවත් නැති, හිටියාය කියල සාක්ෂිත් නැති ( රයිනෝ නං හිටිය කියල ඇටකටු හම්බවෙලා තිබුණ) "ලියවැල් මොඩල් එකේ සිංහයා" ජාතික කොඩියට යොදල තියෙන්නෙ සිංහබාහු සිහිවෙන්න නං , ඒ සිංහයාට වඩා ඔතෙන්ට ගෙදරට එනකොට අඩුම තරමේ නැට්ට වත් වනන බල්ලෙක්ගෙ රූපය දැම්මා නං දහස් වාරයක් හොඳයි. සාම්ප්‍රදායිකව අනුරාධපුර , පොළොන්නරු, දඹදෙණි , යාපහු යුග වල කැටයම් සහ මූර්ති කලාව සිහිගැන්වෙන අරමුණෙන් ඒ රූපය යෙදුවා නම් ගැටළුවක් නෑ. හැබැයි ඉතිං පොළොන්නරු යුගයේ පටන් මූර්ති කලාවේ ශිව ලිංගෙ එහෙමත් තිබුන මතකයි 
.
ජාති, ආගම්, කුළ බේද වලින් බෙදෙන්න දැඟලුවට අපි හැමෝම එක විදියට කන බොන, එකම විදිගේ ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු.විවිධාකාර වල ආගම් ඇදහීම, වෙන වෙන සංස්කෘතික ගති ලක්ෂණ වලට අනුකූලව ජීවත් වීමට වැට බඳින්න හෝ "මේක හරි, ඒක වැරදියි" කියල "ඔපීනියන්" දෙන්න කාටවත් බෑ. " හැරමිටිය වනන්නා ගෙ නිදහස අනෙකාගේ නහයේ කෙලවරින් අවසන් වේ " කියන අදහසට අනුව තම තමුන්ගේ ආගමික, ජාතික සිරිත් විරිත් සම්ප්‍රදායයන් සහ ක්‍රියාකාරකම් අනෙකාගේ නිදහසට බාධාවක් නොවන ආකාරයට පවත්වනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. එනේකාට ඒ දේවල් වලින් කිසියන් බාධාවක් සිදුවෙනවා නං එකට විරුද්ධව ක්‍රියාත්ම වෙන්න සමබර නීති පද්ධතියක් තිබියයුතුයි. ඒ නීති රාමුවට යටත්ව තම තමුන්ගෙ ආගමික, සංස්කෘතික, ජාතික ක්‍රියාකාරකම් පවත් වාගෙන රටක් විදියට "ශ්‍රී ලාංකිකයෝ" විදියට හිතල කටයුතු කලොත් අපට ඉස්සරහට යන්න පුළුවන්.

ස්පාඥ්ඥ කාරයෝ, ඉංග්‍රීසි කාරයෝ "නව ලෝකය" හොයාගත්තට පස්සෙ වගා කටයුතු සහ අනෙකුත් වැඩ කරගැනීමට අප්‍රිකානු මහද්වීපයෙන් "වහළුන්" විදියට අරගෙන ආපු කළු ජාතිකයන්ගෙන් පැවතගෙන එන "ඔබාමා" ඇමරිකාවේ ජානාධිපති උනා. කල්ලෝ වගේම සුද්දොත් මිනිහට චන්දෙ දුන්න. ලංකාවේ දෙමළ මිනිහෙක් ජනාධිපති කමට ඉල්ලුව නං? ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. සිංහල මිනිස්සු කවදාවත් දෙමලෙක්ට සලකන්න පුරුදු වෙලා නෑ. දෙමෙල්ලු කවදාවත් සිංහල මිනිස්සු එක්ක පෑහෙන්න කැමති නෑ. දෙගොල්ලන්ගෙන්ම වැරදි සිදු වෙලා තියනවා. මහා ජාතිය සුළු ජාතීන්ට අරියාදු කරන්න කරන්න සුළු ජාතීන් එකමුතු වෙනවා. ඒකට වැරදි කියන්නත් කාටවත් බෑ. "දෙමලා අදින්නේ දෙමළටමයි" කියන්න වෙලා තියෙන්නෙ ඒකයි. සිංහල දෙමළ මුස්ලිම් කතන්දරේදී විතරක් නෙවෙයි සිංහල කම ඇතුලේ හදාගත්ත කුළ භේද ප්‍රශ්නෙදිත් වෙන්නෙ ඕකමයි. කුලයෙන් අඩුයි කියන මිනිස්සු ජීවත් වන "ගොඩැලි" වලදී පොඩි ඇක්සිඩන්ට් එකක් උනත් මුළු "ගොඩැල්ලම" ගහන්න එන්නෙ ඒකයි. ඒ මිනිස්සුන්ව කොන් කරලා තියන නිසා ඒ මිනිස්සු එකමුතු වෙලා. සොබාදහමේ හැටි ඒකයි. 

අනෙක් ආගම්, ජාති, ජනකොටස් වලට ගරු කරන්න , ඔවුන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙනකල් අපේ මිනිස්සුන්ට නැගිටින්න හම්බවෙන්නෙ නෑ. "සිංහල ජාතිය වඳ වීගෙන යනවා, තම්බි ළමයි හදනවා වැඩියි, බෝ වෙනවා වැඩියි. මෙහෙම ගියොත් සිංහල ජාතිය නැති වෙලාම යයි." ප්‍රධාන ධාරාවේ නිතරම අහන්න හම්බවෙන කතාවක් ඕක. quality over quantity තියරියට අනුව දහයක් හැදුවත් වැඩක් නෑ හරියට හදන්නෙ නැතුව."පින්මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.." කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි.

අපි සිංහල, මේක තමයි අපේකම කියල පාරම් බෑවට සිංහල විදියට සරමක් කමිසයක් ඇඳගෙන තැනකට ගියොත් ඌව ගණන් ගන්නවද? ඔය කියන විදිහෙ ජාතිකත්වයට අනුව පාරෙ සරමක් ඇඳගෙන යන කොල්ල දිහාද, කලිසම ඇඳගෙන යන කොල්ල දිහාද කෙල්ලෙක් උනත් බලන්නෙ? කලිසම කාගේද? අපේද? නෑ.. සුද්දගෙ... ඔය විදියට හිතුවොත් අපි ගමන් බිමන් යන්න ඕන කරත්තෙන්, සිංහල බේත් තමයි ලෙඩක් හැදුනත් ගන්න ඕන. අපි එහෙම කරනවද? ලෝකෙ ඉස්සරහට යනකොට අපිත් ඒ විදියට ඉස්සරහට යන්න ඕන. එකා වගේ එකමුතු වෙලා යන ඒ ගමනෙ අතරමග ජාති බේද, ආගම් බේද, කුළ බේද ඇදගත්තොත් අපි පහු වෙනවා මිසක් ඉස්සරහට යාමක් නෑ කවදාවත්. සිංහල සිංහල කියාගෙන අනිත් ඔක්කොම සුද්දට ඕන විදියට කරන අපි ඇතුලේ බොහොම ලොකු අහංකාර කමක් තියනවා. වාසේ හැටියට දේසේ කිව්වා වගේ එකිනෙකාගෙ අනන්‍යතාවනුත් ආරක්ෂා කරගෙන ඉස්සරහට ගියෙ නැත්තං අපි හැමදාම මෙතන. "අපි පියෝ සිංහල", " අපි පියෝ දෙමළ", " අපි පියෝ මුස්ලිම්"කියාගෙන එකිනෙකාට ඉසිරියා කරකර, වෙනස්කම් කරකර,කෙළගෙන මරාගෙන ඉස්සරහට යන්න හැදුවට ඒක කවදාවත්ම වෙන දෙයක් නෙවෙයි. ජාති වාදය පැත්තකට දාල ජාතිකත්වය ගැන හිතන්න පටන් ගන්න දවස වෙනකල් මෙව්වා මේ විදියටම තියේවි...


87 comments:

  1. කියන්න තියන හැම දෙයක්ම සුමට භාෂාවෙන් ලස්සනට කියල තියනවා. කියල තියන හැම දෙයක්ම ඇත්ත.
    සිංහබාහු ප්‍රවාදය පිළිගන්න බෑ. ඔය වගෙ කතා කීපයක්ම තියනව. එකක් යක්ෂණියන්ගෙ පුරයට ආපු සිංහළ කියල වෙළෙන්දෙක් ගැන කතාවක්.
    සිංහබාහු ප්‍රවාදය නිර්මාණය කරපු කෙනා කොයිතර මෝඩයෙක්ද කියල හිතාගන්න බැරි තරම්. ඔහු කරල තියෙන්නෙ විශාල අපහාසයක්. පීතෘඝාතක ව්‍යාභිචාරී පවුලක දාමරිකයෙකුගෙන් තමන්ගෙ ජාතිය පැවතගෙන එනවකියල සිහි බුද්ධිය තියන එකෙක් ලියයිද
    ලෝකෙ කිසිම ජාතියකට මෙහෙම තකතිරු ඉතිහාසයක් නෑ. බොහෝ ජාතීන්ට මෙහෙම කටහ්න්දර තියනවා. ඒ කිසිවක මෙහෙම මරිමෝඩ ප්‍රවාද නෑ.

    සිංහලයන් ආර්යයන්ගෙන් පැවතගෙන එනව කියල කියන්නෙ ඔය විජය කතාව පිළිගන්න අය. එහෙත් සිංහලයන්ගෙ ජාන සහ මානව රෲපාකෘති විද්‍යාවට අනුව මේ මෝඩ කතාව ප්‍රතික්ෂේප වෙලා තියනව. එච්චර දුර යන්න ඕන නෑ. නික බලන්න පාරට ගිහිල්ල අපේ මිනිස්සු කොයිවගේද කියල. උන් හින්දි ෆිල්ම් ඉන්න නළුවො වගේද නැහැනෙ. අපට උතුරු ඉන්දියානුවන් එක්ක නෑකමක් නෑ. නමුත් අපි ආසයි මේ නෑකා අටවගන්න . එහෙම නෑකමකුත් නෑ. තිබ්බත් අපට අවාසියි.

    විජය කියන වචනයෙ තේරුම ජයගත් තැනැත්තා කියන එක. අපේ රට දූපතක් වූ නිසා මෙහෙම ජයගත් තැනැත්තන් දසදහස් ගනනක් ඉදල තියනව. ආක්‍රමන සියගනන් වෙලා තියනවා. නමුත් අපේ ජාන තඩාගයට එකවර එක අවස්ථාවක ලොකු බලපෑමක් වෙලා නෑ.නමුත් අනාදිමත් කාලයක සිට හැම ජාතියකම ජාන ටික ටික මිශ්‍රවෙලා තියනව.

    පියෝ සිංහල , පියෝ දෙමළ පියෝ මුස්ලිම් කියල කිසිම කෙනෙක් නෑ.

    ආදිවාසී කාරණය ගැන කියනවනම් මේ රටේ ජනතාව තමයි නියම ආදිවාසියො. යක්ෂ , නාග , දේව කියන ගෝත්‍ර එකතුවෙලා දුටු ගැමුනු යුගයට පස්සෙ කාලෙක සිංහල ජාතිය ඇතිවුනා. ඔවුන්ගෙන් කොටසක් පසුව ද්‍රවිඩකරනය වුනා. මුස්ලිම් කියන්නෙ මුස්ලිම් ආගම වැළදගත්ත දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්. එහෙ ගෑනු බැදගත්තෙ අරාබිකාරයො නෙමේ මේ මුස්ලිම් වුන දකුණු ඉන්දියන්කාරයො. තාත්ත අරාබි වෙලා අම්ම සිංහල වුනහම දරුවො දෙමල කතාකරනවයැ. එක්කො අරාබි හෝ දෙමළ දෙකෙන් එකක් කතා කරන්න එපායැ.


    යක්ෂ ගෝත්‍රිකයන් ට ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබුන. කෘෂිකර්මය , සත්ව පාලනය, කර්මාන්ත මත පදනම් වුන පෞර රාජ්යයක් ඒක.

    නමුත් අද ඔවුන්ගෙ සියල්ල නැතිකරල. භාෂාවත් ඇතුළුව. ඔක්කොම ඉන්දියාවෙන් ආව කියපුවම නම්බුයි. අපේ දේවලුත් ඔක්කොම ඉන්දියාවෙන් ආව අපි ඉන්දියන්කාරය ශිෂ්ට කරපු ම්ලේච්ඡයො කියන එකයි අපි ඉගෙනගත්තෙ. මේ ඉතිහාසය වැරදියි.

    සිංහය කියන්නෙ යක්ෂ ගෝත්‍රිකයන්ගෙ තෝටමයක්. මේ වගෙ සතුන් කීප දෙනෙක්ම හිටිය. ජයගත්තෙ සිංහ තෝටමය.

    ReplyDelete
    Replies
    1. තාත්ත අරාබි වෙලා අම්ම සිංහල වුනහම දරුවො දෙමල කතාකරනවයැ. එක්කො අරාබි හෝ දෙමළ දෙකෙන් එකක් කතා කරන්න එපායැ.//

      නිවැරදි විය යුතුයි. තාත්ත අරාබි අම්ම සිංහල වුනහනම් දරුවො එක්කො අරාබි හෝ සිංහල භාෂා දෙකෙන් එකක් කතාකරන්න ඕන. පාට දෙකක් එකතුවුනහම අලුත් පාටක් හැදෙනව වගේ දරුවො අමුතුම භාෂාවක් කතාකරනවයැ. තාත්ත අරාබි අම්ම සිංහල දරුව දෙමළ . මේක වෙන්න පුළුවන් දෙයක් නොවෙයි.

      මුස්ලිම් ආගම වැලදගත්ත දකුණු ඉන්දියන් දෙමළ අය සිංහල ගෑනු බැදගෙන මුස්ලිම් ජාතිය ඇතිවුනා.

      ලංකා දෙමල ජනයා ඉන්දියන් දෙමළ අයට වඩා සිංහලයන්ට ඥාතිත්වයක් දක්වන බව සොයාගෙන තිබෙනව. ඒ කියන්නෙ ලංකා දෙමළ කියන්නෙ දකුණු ඉන්දියානු සංස්කෘතිය වැලදගත්ත සිංහලයන්. මේ යා කුරුණෑගල ගම්පොල යුගවල බොහොම බලවත් වුනා ඒක වෙනම කතාවක්.

      Delete
    2. ඔක්කොම ඇත්ත ඒත් කුවේණි ගැන තියෙන්නේ බොරු ඈ කුවේණි තාම මැරුණේ නෑ , එෆ් බී එකේ ඉන්නවා

      ස්තුති සජ්ජා

      Delete
    3. මතේ, ඇත්තටම මේ වගේ දේවල් ගැන සංවාද ඇතිවෙනවට මං කැමතියි. නොදන්නා දේවල් දැනගන්නවා වගේම, දන්න දේවල් තහවුරු කරගන්න මේ වගේ සංවාද බොහොම ප්‍රයෝජනවත්..ඔබ කිව්වා වගේ මුස්ලිම් උදවිය දෙමළ කතාකරන්නෙ දකුණු ඉන්දියාවෙන් ආපු ද්‍රවිඩ කලවම නිසා වෙන්නැති. හැබැයි මට මෙහෙමත් ප්‍රශ්නයක් තියනවා. අපි දකින බොහෝ මුස්ලිම් පිරිස බොහොම පැහැපත් උදවිය. දකුණු ඉන්දියානුවන් එහෙම නෑ නේද? මොකද්ද ඒ සම්බන්ධයෙන් තියන අර්ථ දැක්වීම? මට එක තේරෙන්නේ නෑ හරියට.
      සිංහයා සම්බන්ධයෙන් කියපු දේ දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තුතියි.. ඒ සම්බන්ධව තවත් ටිකක් පැහැදිලි කලොත් ගොඩක් වැදගත් වෙයි...

      Delete
    4. @ඕමා..මම දැක්ක ඒ කුවේණි සීන් එක..

      Delete
    5. මුස්ලිම්වරුන්ගෙ දෙමළ සම්භවය ඉතා පැහැදිලි කරුණක්. මෙහෙම මුස්ලිම් වුනේ දෙමළ සමාජයෙ කුලහීන ‍යැයි සම්මත අය. සමාජ පීඩනය නිසා ඔවුන් සිය ජාතිකත්වයට සමුදුන්නා. මුස්ලිම් ආගම වැළදගත්තට පස්සෙ මුස්ලිම් නොවන සමාජවලින් මේ අය හුදකලා වුනත් ලෝක මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් වුනා. මුස්ලිම්වරුන්ට පාකිස්තාන් ( ආර්ය ) ජාන ලැබිලා තියනවා. මෙය අදටත් සිදුවෙනවා. පාකිස්තාන , බංග්ලාදේශ මුස්ලිම්වරු මෙරට මුස්ලිම් සමාජයට එක්වෙන අවස්ථා තියනවා. මුස්ලිම් සමාජය අපූරු ජාන මිශ්‍රණයක්.

      පුරාන ගෝත්‍රික ජනකොටස් වලට වෙන වෙනම තෝටම තිබුනා. උදාහරණැයකට එක ගෝත්‍රයක් රාජාලිය ගෙ ලාංජනය පෙරටුකරගෙන ඉන්නවා. තව පිරිසක් තෝරගන්නෙ සිංහය. තව කට්ටියක් වලහ තෝරගන්නව. ඒ ලාංජනයෙ ඉන්න සත්වයගෙ ගතිගුණ ආරෝපනය වෙනව කියල හිතනව. පාසල්වල නිවාස බෙදන කොට එක එක නම් දාගන්නෙ ඒවගෙයි මේක.
      මෙහිදී සැබෑ සත්වයන් වෙන්නම ඕන නෑ ගරුඩා, මකරා , භේරුන්ඩ පක්ෂිය වගෙ අයත් ඉන්නවා

      සීගිරියෙ තියන රූපෙ සිංහ රූපයක් නොවෙයි කියල තර්ක කරන අය ඉන්නව. ඒ අය කියනව ඒ රූපෙ කකුල්වල ඇගිලි තුනලු තියෙන්නෙ. පක්ෂියෙකුගෙ කකුල්ක වගෙලු. සමහරවිට පක්ෂි ගෝත්‍රයක නිර්මාණයක් වෙන්න පුළුවන්.

      මේ ගෝත්‍ර එකතුවෙලා ජාතිකත්වයක් හැදෙන කොට සිංහ තෝටමය ප්‍රධාන ලාංජනය ලෙස තෝරගන්න ඇථි.

      අපේ සැබෑ ඉතිහාසය සොයාගන්න තියන ලොකුම අමාරුව සියල්ල ඉන්දියාවට යට කරල තියන එක. බුද්ධාගම එන්න ඉස්සර ම්ලේච්ඡයො වගෙ සිටියය කියල ක්‍රෙඩිට් එක බුද්ධාගමට දෙන්න ගිහින් ලොකු අවුලක් වෙලා තියනව. ඒත් ක්‍රි :පූ 1000 දි පමන යකඩ පවා භාවිත කළ , දියුණු වාරිකර්මාන්ත තිබුන දියුණු ශිෂ්ටාචාරයක් තිබිල තියනව.

      කුවේණි කියන්නෙ කළු කෙල්ල කියන එක. ඔය රූපෙ ඉන්නව වගෙ පැහැපත් කෙනෙක් නෙමෙයි කුවේණි. කිසියම් ලස්සන ආක්‍රමණිකයෙකුට කුවේණි වහ වැටුනත් ඔහු කළු කුවේණිට ආසවෙලා නෑ. ඔහුට කුවේණි ඕනවුනේ රාජ්‍ය බලය ලබා ගන්න විතරයි. විජයගෙ ලස්සනට වහවැටුන කුවේණි තමන්ගෙ වරිගයම පාවල දුන්න.

      යක්ෂයන් ඉතා සුළුකලෙකින් යළි රාජ්‍ය අල්ලගත්තා. ඔය සිද්ධිය තමයි පණ්ඩුකාභය පුවතින් කියවෙන්නෙ.

      Delete
    6. >>මෙහෙමත් ප්‍රශ්නයක් තියනවා. අපි දකින බොහෝ මුස්ලිම් පිරිස බොහොම පැහැපත් උදවිය. දකුණු ඉන්දියානුවන් එහෙම නෑ නේද? මොකද්ද ඒ සම්බන්ධයෙන් තියන අර්ථ දැක්වීම? මට එක තේරෙන්නේ නෑ හරියට<<

      සජ්ජා, අපි වැඩ කරන්නේ තව ඉන්දියානුවෝ 15ක් විතර ඉන්න ස්ටාෆ් එකක. උන්ගෙන් සීයට අනූවක්ම කේරළ. උන්ගෙන් සීයට අසූවක්ම ඉතාම පැහැපත්. කලු එකෙකුට ඉන්නේ තමිල්නාඩු පොරක් විතරයි. නමුත් තමිල්නාඩුවෙන් ආපු අනිත් උන් කළු නෑ.

      මම මේකෙන් අදහස් කරන්නේ සිංහලයා ආවේ කේරළෙන් කියන මතයට සපෝට් කරන්න හෙම නෙවෙයි හරිද? අර උඹ පැහැදිළි කිරීමක් ඉල්ලපු නිසා එහෙම කිව්වේ. දකුණු ඉන්දියාව කිව්වාම අපිට මතක් වෙන්නේ තමිල්නාඩුව විතරයි ඒකයි ඒකට හේතුව.

      අනික බං, අපි කවුරුත් ඉතිහාසය ලියන්නේ අපිට රුචි විදියට. අරුචි දේවල් අයින් කරලා. ලංකාවේ විතරක් නෙවෙයි. හුඟක් රටවල එහෙමයි.

      Delete
  2. මුලින්ම කුල බේදය ගැන කියනවා නං මාත් ඕක දැකලා තියෙන දෙයක්. මොකද මගේ මව සහ පියාගේ පරම්පරාව උඩරට. විශේෂයෙන්ම මගේ මවගේ මව ඒ කියන්නේ මගේ අත්තම්මා එහෙම සැහෙන්න කුල බේදය ඔලුවේ තියාගෙන හිටියේ. පහත් යයි කියලා සම්මත කුලවල අයට ගෙදර වැඩිවෙන්න පුටුවක්‌ වත් දුන්නේ නෑ. ඒ වගේ අය ආවම නිවසේ එළියේ කොතැනක හරි වැඩිවෙන්න කියලා කන්න දීලා යැව්වේ. ඒ වගේ අය ආවම කන්න දෙන්න වෙනම පිගන් කෝප්ප තිබුනා.

    මටත් ඒ නිසා පොඩි කාලෙම කුල බේදය කියන එක මගේ මනසට ඇවිල්ලා තියෙන්නේ. පාසල් යද්දිත් මගේ පියා එහෙම සැහෙන්න හොයලා බලනවා මගේ යාලුවෝ කොයි කොයි පවුල් වල අයද කියාලා. දවසක් මම මගේ මිත්‍රයෙක්ගේ ගෙදර ගියා. ඒ අය අඩු ජාතියේ කියලයි කියන්නේ. පස්සේ මම එහෙ ගිය කතාව මගේ මවගේ අයියා දැකලා ඕක ගෙදරට කියලා හෙන ජංජාලයක් උනේ. විශේෂයේන්ම අඩු ජාතියේ කියලා කියන අයගේ නිවෙස් වලින් වතුර ටිකක් වත් බොන්න මට ඉඩ දුන්නේ නෑ.

    පොඩි කාලේ ඉදලම මාව හදලා තියෙන විදියට මටත් යම් යම් අයගේ නම,වාසගම දැනගත්තම ඒ අය අඩු ජාතියේ කියන හැගීම නිකන්ම ඔළුවට එනවා. මේක නවත්ත ගන්න බෑ.

    මිනිස්සු කුලය,ජාතිය අනුව පහත් කරලා සලකන එක නං හොද නෑ තමයි. මම දන්නා දෙයක් තමයි ඔය ගොඩක් පහත්ම යයි කියන කුල වල අයගේ ගතිගුණ වලින් ඒ අයගේ ඒ ස්භාවය පේනවා. මම කියන්නේ නෑ වංශවත් අය වැරදි කරන්නේ නෑ කියලා. හැබැයි ඔය පහත් යයි කියන කුලයක කෙනෙක්ට ලොකු රැකියාවක් වගේ දෙයක් ලැබුනොත් ඒ අය හැසිරෙන විදිය බලන්න. බලය ලැබුනම හැසිරෙන විදිය බලන්න. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ වගේ මිනිස්සුන්ගේ හැදුනු පක්ෂයක්. ඒ අය ගොඩක් වංශවත් අය එක්ක තරහා ඒ නිසයි. ඉස්සර ගම්වල හිටපු කුලින තරුණයන් ජේවීපී එක එකතු වෙලා වංශවත් අයව මැරුවේ ඒ අය එක්ක තියෙන තරහට.

    මං හිතන්නේ මේකට හේතුව තමයි පහත් යයි සම්මත කුලවල අය වසර සියගානක් ඔවුන්ගේ පරම්පරාව ගණනාවක් ජිවත් උනේ සමාජයේ තැලිලා පොඩිවෙලා. ඉතින් යම්කිසි විදියකින් බලය, තනතුරු ලැබුණු ගමන් කලින් එරියස් ඔක්කොම කවර් කරගන්න යනවා. සමහර බෞද්ධ නිකායවල් වලදී මහන වීමට යාමේදී කුල ගෝත්‍ර බලන්නෙත් ඒ නිසා. මොකද හැමෝටම වැදගෙන හිටපු අඩු ජාතියේ කියන කුලයක කෙනෙක් මහන කරොත්,ඒ අයගේ පරම්පරාවේ තියෙන ගතිගුණ නිසා ඒ අය සැහෙන්න ආඩම්බර වෙන්න ඉඩ තියෙනවා. මොකද හැමෝම මහන උනාම පස්සේ එයාට වදින නිසා.බුදුහාමුදුරුවෝ මෙව්වා ප්‍රතික්ෂේප කල එකත් මම දන්නවා. හැබැයි උන්වහන්සේත් උප්පත්තිය ලබනකොට පස්මහ බැලුම් බලලා තෝරාගත්තේ උසස්,වංශවත්,රජ පරම්පරාවක ඉපදීමට.
    විවාහයක් වගේ දෙකදී එක සමාන කුල ගෝත්‍ර තියෙන අය කසාද බදිනවා නං හොදයි. ඒක බලන නොබලන ඒක ඒ ඒ අයගේ කැමැත්ත. හැබැයි මම ඒක බලනවා.

    මම කියන්නේ මේකයි, කාටහරි එයාගේ ජාතිය මේකයි,ආගම මේකයි කියලා පහත් විදියට සලකන එක නං හොද නෑ. හැබැයි ඒ කියලා තමුන්ගේ වංශය, කුලයේ අභිමානය කෙලසගන්න ඕනිත් නෑ. මම ආඩම්බරයි මම උසස්, වංශවත්,උඩරට පරම්පරාවක කෙනෙක් වීම ගැන. ඒ වගේම මම නැවතත් කියන්නේ මම කියන්නේ නෑ අනිත් කුලවල, ආගම්වල, ජාතීන්වල අය මරන්න ඕනි, සිංහල අය විතරක් මේ රටේ ඉන්න ඕනි වගේ කතා.

    තමුන්ට හොද පවුල් පසුබිමක් තියෙනවා නං ඒ ගැන සතුටු වෙන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉහත කොමෙන්ටුවේ කුලවාදී අදහසක් මතුවන නිසා ඊට මගේ අදහස එක් කළත් මේ කරුණු ගැන සංවාද කිරීම පිළිකුල් නිසාත් ආචාර විද්‍යාත්මක කරුණු නිසාත් කොමෙන්ටුව මකා දැම්මෙමි.

      Delete
    3. මේක හරි මුග්ධ කමෙන්ට් එකක්.පහත් කුල වල අයට හොඳ රස්සාවක් ලැබුනහම ඔවුන් හැසිරෙන විදිහ ගැන නෙමෙයි කියන්න තියෙන්නේ.එතන තියෙන්නේ කුලයේ බලපෑම නෙමෙයි.එතන තියෙන්නේ දුප්පත් පෝසත් බේදය.හොඳම උදාහරණය වෛදය්‍යවරු.අද රජයේ රෝහලක රෝගීන්ව තුට්ටු දෙකට දාලා සලකන ගොඩක් වෛදය්‍යවරුන්ගේ ඉතිහාසය දිහා බැළුවහම ඔවුන් දිළිඳු පවුල්වලින් පැවතෙන්නන්.ඒ ඉතිහාසය තුල ඔවුන් විඳි පීඩනය මුදාහැරීමක් තමයි එතනදි සිද්දවෙන්නේ.මධ්‍යම පාංතික හෝ ධනවත් දෙමාපියන්ගෙන් පැවත එන්නන්ගේ දූ දරුවන් අතින් එසේ සිදුවෙනවා බොහොමත් අඩුයි.

      කුලවත් යැයි සලකන හැම පවුලක්ම ධනවත්යැයි හීන මානෙන් පෙලෙන්න එපා.ඔය කුලවත් ධනවත්යැයි සලකන පවුල් 99%ක් පසුපසම තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ දහඩිය හා කඳුළුයි.උඩරට වංශවත් යැයි සැලකෙන බොහෝ දෙනා ඒ වංශවත් කම ලබා ගත්තේ තමන්ගේ ජාතියේ එකෙක් රජ වෙනවාට ඊර්ශියාවේ වඩුග පරම් පරාවට බැල මෙහෙවරකම් කිරීම හා සුද්දගෙන් ලැබෙන තාන්නමාන්න වලට තම පශ්චාත් භාගය පූජා කිරීම තුලිනුයි.ඒ නිසාම තමයි 1817දී කැප්පෙටිපොල ,කොහුකුඹුරේ වගේ මිනිස්සුන්ටත් තමන් අතරින් රජ කෙනෙක් තෝරා ගන්න බැරුව රූකඩ රජෙක්ව පත් කරගන්න සිද්ද වුනේ.ඒ ඔය වංශවත් කියන උත්තමයන්ගේ තියන කුහකකම නිසයි.
      බුදුහාමුදුරුවන් සම්බන්දකර ඔබ පැවසූ කතාවත් ඒ වගේම තමයි.පස්සේ කාලෙක ලුනු ඇඹුල් එකතුවුන බුද්ධ චරිතය පිලි නොගන්න බුද්ධ වචනය පමණක් පිළිගන්න අයෙක් විදිහට ඔය පස්මහ බැළුම්වගේ ඒවා නොපිළිගත්තත් එතනදී ඔවා බැළුවනම් ඔය කුලය කියන එක බලපු එකත් සාධාරණයි කියන තැන මම ඉන්නවා.සිදුහත් කියන දරුවා සැඬොල් කුලයක ඉපදී බුදුවීමෙන් පසු "නචඡ්ඡා වසලෝ හෝතී...."කියල කිවුවනම් එදා ඉංදියාවේ තිබුන කුල භේදයත් සමග ඔහුත් තව පිස්සෙක්,දේව විරෝධියෙක් විතරක් වෙනවා.සිද්ධාර්ථ කියන චරිතය ක්ෂස්ත්‍රීය කුලයේ ඉපද ඔය දේ කියපු නිසා තමයි ඒ වචනෙට පිළිගැනීමක් ඇතිවුනේ
      .
      ඇත්ත,තමන්ගේ මට්ටම් තමැට්ටම් කිවුවා වගේ ඔබේ හැම වැඩකටම කුලය ඉස්සර කරගත්තාට මට අමාරුවක් නැත.නමුදු ඒ ඉස්සර කරගැනීම සාධාරනය කිරීම පිනිස සමාජය ඉදිරියේ බේගල් ඇදබෑම පිළිබඳව මට අමාරුවක් ඇත.ඒ නිසාම මෙය මෙසේ අකුරු විය.

      Delete
    4. මම කියලා තියෙන්නේ මම කාටහරි එයාගේ ජාතිය මේකයි,ආගම මේකයි කියලා පහත් විදියට සලකන එක නං හොද නෑ තමයි. හැබැයි මම උඩරට,වංශවත් පරම්පරාවක කෙනෙක් වීම ගැන ආඩම්බරයි කියලා.

      කුලයේ බලපෑම ගැන දෙන්න පුළුවන් හොදම උදාහරණ දෙකක් තමයි ජේවීපී නිර්මාතෘ රෝහණ විජේවීර සහ කොටි සංවිධානයේ නිර්මාතෘ ප්‍රභාකරන් කියන්නේ. මේ දෙන්නම පහත් යයි සම්මත කුලවල අයයි. මේ අයගේ සටන ආරම්භ වීමටත් බලපෑවේ ඔවුන්ගේ පරම්පරා ගණනාවක් සමාජයේ තැලිලා පොඩිවෙලා ඉදීම තමයි.

      'කුලවත් යැයි සලකන හැම පවුලක්ම ධනවත්යැයි හීන මානෙන් පෙලෙන්න එපා.'

      මේක හීනමානය නෙමෙයි, අධිමානය වගේ එකක් වෙන්න ඕනි මම හිතන්නේ.

      ලංකාවේ පිටට පේන්නේ නැති උනාට කුලය කියන සාධකය දේශපාලනයේ, සාසනය තුල,ව්‍යාපාරික පන්තිය තුල හැම තැනම තියෙනවා. 2010 ඩි ජන්දේ ඉල්ලපු සරත් ෆොන්සේකා ජන්දේ කටේ තියාගෙන ඔරුවක් පැද්දේ නිකං නෙමෙයි. දේශපාලන පක්ෂ ඒ ඒ ප්‍රදේශ වලට අපේක්ෂකයන් දාද්දි පවා කුල බේදය ගැන බලනවා.

      අනික තමයි ඉස්සර කාලෙකට කලින් ලංකාවේ තිබුනේ ගෝත්‍රික ජනාවාස ක්‍රමයක් කියලනේ කියන්නේ. ඔය කියන්නේ නාග ගෝත්‍රිකයන්,යක්ෂ ගෝත්‍රිකයන් ගාන එහෙම. අන්න ඒ ගෝත්‍රික කණ්ඩායම් සියල්ල එක්කරලයි සිංහල කියන ජන කණ්ඩායම හැදුනේ. මේක කල තීරකයා තමයි බුදුදහම. ඒ කියන්නේ ආරම්භයේදී මේ සියලුම කුල වර්ගවල මුලිකය එකයි. හැබැයි ලංකාවේ තියෙන කුල බේදය පහු කාලීනව ඇතිඋනේ විවිද දඩුවම් ක්‍රම නිසා එහෙම. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඇතැම් කුලයක් ආරම්භ වෙලා තියෙන්නේ ඒ කුලයේ මුල්ම අය මිනිමස් කෑම නිසා. අන්න ඒ කාරණය නිසා රජු විසින් මිනිමස් කෑ අයට දඩුවමක් ලෙස කුලයෙන් පහත් කරලා,පිටුවහල් කරනවා. අනිකුත් සමහර කුල වර්ගත් ඇතිවෙලා තියෙන්නේ එහෙමයි. මෙහෙම සමාජයෙන් කොන් වෙලා වසර සිය ගණනක් ඉදිම නිසා ඒ පහත් යයි කියන කුලවල අයගේ ජාන තුල යම් යම් ගතිගුණ ගැබ්වෙලා තියෙනවා. ඒවා උඩට මතුවෙනවා ක්ෂණිකව. ලංකාවේ සිදුවන අපරාධ සහ ඒවාට සම්බන්ධ අයගේ පවුල් පසුබිම හොයලා බැලුවොත් මේවා පැහැදිලි වෙයි. කොයි කොයි අයද වැඩිපුර අපරාධ සදහා නැඹුරුවක් දක්වන්නේ කියලා පෙනෙයි. වැඩිය ඕනි නෑ, පුවත් පතක් අරං ඒවායේ තියෙන අපරාධ සහ ඒවාට සම්බන්ධ අයගේ නම් බලන්නකෝ.

      Delete
    5. මේ කොමෙන්ට් එක කියවීමට ගතකල කාලය අපරාදේ යැයි හිතුනා.. :(

      Delete
    6. // සමහර බෞද්ධ නිකායවල් වලදී මහන වීමට යාමේදී කුල ගෝත්‍ර බලන්නෙත් ඒ නිසා// එහෙමත් සීන් එකක් තියනවද ? කතෝලිකය වෙච්චි මට කවුරුහරි මේක පැහැදිලි කරල දෙන්න.
      ඇනෝගෙ තර්කයට අනුව මහින්ද රාජපක්ෂ කියන්නෙ අන්තිම පහත් කුලේ කෙනෙක් වෙන්ඩ ඕනෙ.
      කුල ගැන මට තිබ්බ ප්‍රශ්නෙ රජ්ජුරුවන්ට බත් ඉව්ව එකාට වඩා, කුඹුරු කෙටුව එකා හොද වෙන්නෙ කොහොමද කියන එක. අනික මිනිස්සුන්ගෙ කුලේ බෙදුනෙ කුමන කාලයකද ?

      Delete
    7. කම්මල,

      ලංකාවේ තියෙනවා මල්වතු,අස්ගිරි,අමරපුර වගේ නිකායවල් කිහිපයක්ම. මේ ඇතැම් නිකායවල් වල මහන කරන්නේ සිංහල බෞද්ධ ගොවිගම,රදළ වගේ උසස්ම කියන කුලවල අය විතරයි. මේ නිසා පසුකාලීනව ගොවිගම,රදළ නොවන අනෙකුත් කුලවල අය වෙනම නිකායවල් හදාගත්තා ඒ අයගේ කුලයේ අයට මහන වෙන්න,වන්දනා කරන්න ඕනි නිසා. මේ නිකායවල් වලට අවශ්‍ය උපසම්පදා ක්‍රමය එහෙම ගෙනාවේ බුරුම රටින්. මොකද ලංකාවේ හිටපු උසස් කුලවල අයගේ නිකායවල් මේ අයට උපසම්පදාව ලබා දුන්නේ නැති නිසා.ක්‍රිස්තියානි,කතෝලික, බොර්න් අ ගේන්, චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් වගේ නොයෙකුත් බෙදීම් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි බුදුදහම තුලත්.

      හැබැයි බුදුහාමුදුරුවෝ නං උන්වහන්සේගේ සාසනය තුල සුනිත,සෝපාක වගේ එවකට ඉන්දියාවේ ඉදපු පහත්ම කුලවල අයත් මහන කරගත්තා, ඒ අයටත් සමානව සැලකුවා.

      කොහොම උනත් අදටත් ඉන්දියාවේ කුල බේදය තදටම තියෙනවනේ. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ඉන්න පහත් යයි කියන කුලවල අයට වතුරවත් ගන්න තහනම් ගගට බැහැලා. ගගේ උඩින් උසස් කුලවල අය නාලා, එයාලගේ සත්තු නාවලා ඉතිරි වෙන ජරා වතුර ටික තමයි අනික් අයට එවන්නේ. මේ 2015 දීත් එහෙම තමයි.

      ඒ වගේම ඉන්දියාවේ ඇතැම් විට අදටත් බුද්ධාගම සලකන්නේ පහත් කුලවල අයගේ ආගමක් විදියටයි. ඒකත් වැදගත් කරුණක්.



      Delete
    8. මම හිතන්නෙ "කුළය යනු සාකච්ඡාකල යුතු නැති පහත් මාතෘකාවකි" යන කණ්නාඩියෙන් බලා මේය කියැවීමට කාලය වෙසවීමත් අපරාදේය ලෙස ගරහමින් මේ ඇනෝගෙ කමෙන්ටුවෙන් නැගෙන "බොහෝ අදහස්" දෙස නොබලා සිටීමට එකඟ විය නොහැකිය.

      කුළය යනු ලංකාවේ ත්වවමත් ඉතා ඉහලින් ක්‍රියාත්මක වෙන, සොයා බැලෙන සාධකයක් වන අතර, මෙය ගිහි සහ සංඝ යන දෙසමාජයේම මුල්බැස තිබේ.

      මර්වින් සිල්වා, මහින්ද විජේසේකර, මංගල වැනි දේශපාලකයන්ගේ ජයග්‍රහනවල එක් හේතුවක් වන්නේ කුළයයි.

      කුළය තුලින් ඇතිකෙරෙන පීඩනය දැඩිව දැනෙන්නේ විවාහයන් හිදී වන අතර, කුළය නම් සාධකය සමාජයෙන් අතුගෑමට හැකිවන්නේද විවාහයන් මගින් පමණි.

      එනිසා මූලික පියවරක් ලෙස, කුළ බේදය නැති කරන්න පෙම්සබඳතා මගින් වන විවාහ දිරිගන්වමු.

      කුළය සඳන් කර මංගල දැන්වීම් පළ කිරීම තහනම් කරමු.

      මේවට එකඟ වෙන අය ඉඳියි, ඒත් ක්‍රියත්මක වෙන අවස්ථා දකින්න වෙන්නෙ රවියගෙ වාංපතුල් වල වාංපතුල් දකිනව වගේ තමා.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. //ක්‍රිස්තියානි,කතෝලික, බොර්න් අ ගේන්, චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් වගේ නොයෙකුත් බෙදීම් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි බුදුදහම තුලත්.//
      සාමාන්‍ය මනුස්සයෙක් දෙවියන්ගෙ පුතා කියල දේශනා කරද්දි ඔය තත්වය ඇතිවෙන්න තියන ඉඩ වැඩියි. අනික පුතා දැක්කට තාත්ත එක එකාට ඕනෙ විදිහට මවා ගන්න පුළුවන්, මොකෝ ආපහු ඇවිත් මම තමයි දෙයිය කියල කියල නෑනෙ. ඉතින් එක එක නම් වලින් බිස්නස් එක කරන්ඩ පුලුවන්.
      බුදුහාමුදුරුවො කියන්නෙ රජ කුමාරයෙක්, සුනීතල , සෝපාකල තමන්ගෙ ශාසනේට ගත්ත කෙනෙක්. හේතුඵල ඇතුව දේශණා කරපු කෙනෙක් බමුණු මාන්නෙ බිදලපු කෙනෙක්. එතකොට මේ සිවුරු දරන්නෝ කරන්නෙ බමුණන්ගෙ ධර්මය දේශණා කරන එකද?

      Delete
    11. ඇනෝ, කුළ භේදය අතෑරලා දාන කාලෙක ඔබතුමා තාමත් ඒක කරගහගෙන ඉන්නවා දකින එක ගැන දුකයි. ඔබ කියන දේවල් වල යම් සත්‍යතා තියෙනවා මමත් දැකල තියනවා . හැබැයි ඒ විදියට වෙන්න හේතුත් තියනවා. කාලාන්තරයක් තිස්සෙ ප්‍රධාන ධාරාවෙන් වෙනස් කම් වලට ලක් වෙච්ච මිනිස්සුන්ගෙ ඒ විදිහෙ මනෝ භාවයන් ගැන අපිට ආඩපාලි කියන්න බෑ. ප්‍රධාන ධාරාවෙන් ඒ මිනිස්සු ඒ තත්වෙට පත් කරලා අපි කෑගහනවා කෑවෝ කෑවෝ කියල. උඩරට රදල මාන්නය හින්ද ඔලුව උදුම්මාගෙන පාරම්බබා ඉන්න එක මම නම් හිතන්නෙ පුදුමාකාර මෝඩ වැඩක් කියල. ඔය කුළ බේදය ඔය විදියටම මගේ දෙමව්පියනුත් සැලකුව. එකෙන් වෙනස් වෙන්න කුලෙන් අඩුයි කියල සලකන යාලුවෙක්ගෙ ගෙදරින් කෑම කෑවා කියල මටත් ගෙදරින් කතන්දර අහන්න සිද්ද උනා. ඒත් මම එකට විරුද්ධ වෙන එක නැවැත්තුවේ නෑ. ඔබ තුමා කියන විදියට මමත් දන්නවා කුළ බෙධය වෙන විදිහ සහ නම් ගම් වලින් ඒවා හොයන විදිහ. හැබැයි ඒ ගොන් කතා මම නං ඔලුවෙ තියාගෙන ඉන්නෙ නෑ. මිනිස්සු කුළ වලට බෙදලා, ජාති වලට බෙදලා, ආගම් වලට බෙදලා කරන උස් පහත් බේදය හෙළා දකින පුද්ගලයෙක් විදියට සහ බුදුන්ගේ දේශනාවට අනුව යමෙකුගේ උස පහත බව තීරණය වෙන්නෙ ක්‍රියාවෙන් කියලයි මම නම් විශ්වාස කරන්නෙ. තාමත් පරණ හණමිටි අදහස ඔලුවෙ තියාගෙන ඉන්න ඔබතුමා කරන්නෙ මෝඩකමක් විදියටයි මම නම් දකින්නේ.

      Delete
    12. ඉන්දික සහෝදරයා, ඒ සඳහන් කරපු යෝජනා වලට තනිකර එකඟයි... මමත් අහල තියනවා වෙස්සගිරියේ සමහර හාමුදුරු වරු දුටුගැමුණු රජතුමා එනකොට ආසන වලින් නැගිටිනවා කියල. ප්‍රධාන සමාජය කුළේ නිසා කොන් කරලා පහත කරලා සලකපු නිසාවට ඒ වගේ දේවල් සිදුවෙන්න පුළුවන් . ඒ දේවල් වලට නැවතීමේ තිත දැන් වත් තියන්න අවශ්‍යයි...

      Delete
    13. කම්මලේ, හැම ආගමකම තියනවා ඒ දේශනා කරපු අන්තර්ගතය බලහත්කාරයෙන් හෝ පොඩි රවටිල්ලකින් හෝ මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න කරලා තියන උප්පරවැට්ටි. බුද්ධාගමේ වගේම ක්‍රිස්තියානි ආගමේත් ඕක තියනවා. අපේ මිනිස්සු ඕව වල ඇද හොයා හොයා ඉන්නවා මිසක් ඒ දර්ශන වල අන්තර්ගතය ග්‍රහණය කරගන්නේ නෑ. ඕකට හොඳ කතාවක් තියනවා.
      ෆිසික්ස් උගන්නපු කළුආරච්චි සර් දවසක් කිව්වා මතකයි , "ළමයි පන්ති යන්නෙ සර් හොඳයිද බලන්න මිසක් ඉගෙනගන්න නෙවෙයි" කියල. හැම ආගමකම උගන්නන්නෙ මිනිස්සු යහමගට යන විදිය. ඒ උනාට වැඩි හරියක් එවුං ආගමකින් ගන්නේ ඒ දේ නෙවෙයි..

      Delete
    14. @කටුස්සා, එකෙන්ම මං උඹත් එක්ක....

      Delete
    15. සජ්ජා කියන කතාවමයි මටත් කියන්න තියෙන්නෙ. කොමෙන්ට් එක ඩිලීට් කලෙත් මම කුලවාදියෙක් කියල වරදවා සිතාවි කියලයි. මටත් ඕනම කෙනෙකුගෙ වාසගමෙන් කුලය හොයන්න පුළුවන්.
      කුලපීඩනය කියන එක දන්නෙ ඒ පීඩනයට පත්වුන කෙනා තමයි. ඒ නිසා ඇනෝ කියන විදියට ලොකු තනතුරුවලට පත්වෙන අය එහෙම ඇති. මටනම් එහෙම දෙයක් ගැන අවබෝධයක් නෑ. මම ඒක පිළිගන්නෙත් නෑ.
      මෙහෙම පැත්තකුත් තියනවා ඇනෝ වගෙ අය අර ගොල්ලන්ගෙන් විශේෂ හැසිරීමක් බලාපොරොත්තුවෙනවද දන්නෙ නෑ.


      හැබැයි මෙහෙම නම් පැත්තක් තියනවා. අපරාධ හා අපචාරමය චර්යා දක්වන ජනකොටස් ගැන හොයල බලපුවම ඔවුන් දකුණෙ ඉතාම චාටර් ප්‍රදේශවලින් එන බව පෙනිලා තියනව. අපරාධකාරයන්ගෙ වාසගම් පරීක්ෂාවෙන් වැදගත් සමාජ විද්‍යාත්මක කරුණු ඉගෙන ගන්න පුළුවන්. දකුණෙ චාටර් ප්‍රදේශ වලට ඒ අය කොහෙන් හරි ගෙන්වගන්න ඇත්තෙත් පහත් වැඩවලට වෙන්න ඇති. මේක අතුරු කතාවක් විතරයි.

      වැඩිම අපරාධ සිදුවන මැතිවරණ කොට්ටාස බලපුවම ඒවගෙ සමානකමක් දකින්න පුළුවන්. කොළඹ අපගාමී චර්යා තිබෙන පැල්පත්වාසීන් අර මම කලින් කී දකුණෙ චාටර් පැතිවලින් ආ අය.

      ඇඹිලිපිටිය දිහා ගමක් තියනව. මියුසිකල් ශෝවලදි වලිදාගන්නෙම මේ ගමේ අයලු. ඇඹිලිපිටි ගියවෙලාවක මම මේ ගමට ගියා යාළුවෙක් එක්ක. ඒ යාළුවව දන්න නිසා එයාලට අවුලක් නැතිලු. නැත්නම් බැලුවත් හිනාවුනත් එන්නෙ වලියටලු.

      මම මේ මිනිස්සු එක්ක කතා කළා ස්ටඩි එකක් කරන විදියට. මේ ගමේ අය පිළිගන්නව ඔවුන් වෙරළ ආරක්ෂාවට ගෙන්වගත් ගෝත්‍රයක් කියල. අවුරුදු දහස් ගනනක් තිස්සෙ ඔවුන්ගෙ රැකියාව සටන් කිරීම. පලිගන්නාසුළුබව ඔවුන්ගෙ ජීවනරටාව තුලින් දැකිය හැකියි.

      අපරාධ සහ ජාන අතර සම්බන්ධයක් තියනව.

      Delete
  3. බුදු හාමුදුරුවෝ ආපු බවටවත්, රාවණා හිටපු බවටවත්, විජයෙක් ආපු එක ගැනවත් කිසිඳු පුරා විද්‍යාත්මකව තහවුරු කල කිසිඳු සාධකයක් ඇද වෙනකන් හොයා ගෙන නෑ.. ඔක්කෝම අම්බ බයිලා.. නියම ඉතිහාසය තිබුන යාපනේ පුස්ථකාලය ගිනි තියන්නේ නිකමට නෙමෙයි.. අපේ රටේ මිනිස්සු ගැන නියම විග්‍රහය තියෙනවා ජාතික කොඩියෙම.. ඒක සුද්දන්ට එක්ස්ප්ලේන් කොලාම උන් හිනා වෙනවා..

    ReplyDelete
    Replies
    1. පුරා විද්‍යාත්මකව තහවුරු කරල නැති ඔක්කොම අම්බ බයිලද මාතලන් ...??? හැක හැක හැක....
      නෑ මේ දන්නැති හිංදා ඇහුවෙ .....

      Delete
    2. නිකං බයිලා නෙමෙයි බං.. මෙව්වා ඇවිල්ලා චොකා බයිලා... මේවා ඇත්ත නම්.. හඳේ හාවෝ ඇඳපුවත් අමු ඇත්ත...

      Delete
    3. ///බුදු හාමුදුරුවෝ ආපු බවටවත්, රාවණා හිටපු බවටවත්, විජයෙක් ආපු එක ගැනවත් කිසිඳු පුරා විද්‍යාත්මකව තහවුරු කල කිසිඳු සාධකයක් ඇද වෙනකන් හොයා ගෙන නෑ..///

      පුරා විද්‍යාත්මක සාධක ලෙස ස්ථාන නාමයන්, ඉතිහාසය සම්බන්ධ ජනකථා ආදී කරුණු දැන් පිළිගැනෙනා බව පුරා විද්‍යාව සම්බන්ධ කටයුතු කරනා අයෙකුගෙන් දැනගත හැකිවනු ඇත.

      Delete
    4. හඳේ හාවා ඇඳපු එකත් ඒ විදියටම තියෙනවා...

      Delete
    5. හඳේ හාවාගේ කතාව උඹට ආච්චි කියල දීපු කතාවෙයි බණ පොතෙයි විතරනේ තියෙන්නේ...

      නමුත් ඉතිරි දේවල ස්ථාන සහ පුද්ගල නාමයන් ඇතුළුව හොඳින් පැතිරුණු සහ එකිනෙක බැඳුනු විස්තර තිබෙනවා...
      තරමක හෝ ස්ථාවරයක් තිබෙන එවැනි කරුණු විය යුතුයි පුරා විද්යා වේදී පිළි ගැනෙන්නේ...
      රාවණා කතාව හා බැඳුනු දඬුමොණරය සම්බන්ධ කරුණු අන්තර්ගත වෙන සංස්කෘත පොත්පත් සෑහෙන ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා...
      ඉස්සර සයුරි ගේ පහන් යාය බ්ලොග් එකේදී ඒ ගැන සබැඳි කිහිපයක් පළ වුනා. මට දැන් මේ හදිස්සියේ ඒවා හොයා ගන්න බැහැ...

      Delete
    6. ලොකු පුතා , ඔය මාතලං එක්ක වාද කොරන්ඩ යන්ඩ එපා බං..... අපරාදෙ යුනිකෝඩ් ...

      Delete
    7. මාතලන් සහෝදරයා, නූතන විද්‍යාවේ උගන්නන පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය කියන තුනෙන් විතරක් කිසියම් දෙකට අර්ථදැක්වීම් ලැබෙනවා , එහෙම නොවෙන හැම දෙයක්ම බොරුයි කියලම කියන්න බෑ. නූතන විද්‍යාව සහ අනෙකුත් කාරණා වලදී අපි නිගමන වලට එළඹෙන ආකාරය කියන්නෙ එක මානයක් විතරයි. විද්‍යාවට සහ නූතන චින්තන ක්‍රමයට අහු නොවෙන බොහෝ දේ තියනවා. ඒව විද්‍යාවෙන් වත් නූතන වාදයෙන් වත් ව්ග්‍රහ කරන්න අමාරුයි. එක හරියට නිකං encrypt කරපු ලියවිල්ලකට වැරදි code එකක් දාල පරිවර්තනය කරලා මෙලෝ දෙයක් නොතේරෙනකොට "මේක බහුබූතයක්" කියල කියනවා වගේ වැඩක්..

      Delete
    8. ඇනෝපිලිස්සෝ,
      මම ඌ එක්ක වාද කරන්නේ ආතල් එකට බන්... හෙහ්

      Delete
    9. ඒ කියන්නෙ මාතලන්ව බයිට් කරනවා???

      Delete
  4. ෂුවර් එකටම ඔය කුවේණිගේ ස්ටෝරියත් පචයක් වෙන්ඩ ඕනේ....බුට් එකක් කාපු ඩයල් එකක් රිටර්න් එකක් දෙන්ඩ කරපු වැඩක් ඕක....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන් රූපේ, ලස්සනට ගොතල ලියන්න ඇති..

      Delete
  5. සජ්ජා කියල තියෙන ඒවා එක්ක මට කියන්න කිසි දෙයක් හිතෙන්නෙ නෑ සීයට බර ගානක්ම ඇත්ත නිසා.
    ටිකක් දිග වැඩිද මන්ද ලියවිල්ල :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු මනා, ලියාගන්න ඕන ටික ලියවෙනකොට දිග වැඩි වෙන්න ඇති :D

      Delete
  6. අපිට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නැතුව උඹ ඔක්කොම කියලනේ ඉතින්.. ඇත්ත බං, ඔය අපි දැන් දන්න ඉතිහාසයේ කොච්චර වැරදි තියෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිහාසයම පොඩි කාලේ ඉඳන්ම හිත වලට කාවද්දන ඒකයි මෙතන වැරැද්ද දිනේෂ්. බොරුක හරි කමක් නෑ අභිමානවත් දෙයක් ඕලු වලට දානවා නං. ඒත් කරන්නෙ "අපි ඒ කාලෙත් කාලකන්ණි" වගේ දහසක් පොඩි කාලේ ඉඳන් ඉස්කෝල පොත් වලට දාල උගන්නන එක. ඒකයි වැරදි..

      Delete
  7. උඹ මේ ලියපු ලිවිල්ල මසුරං. එකට තව අටුවා ටීකා කියන්න ඕන නෑ අපි.

    අර එකතැනකදී නම් මට මෙහෙම හිතුනා .
    //"""වංශ" ලියපු කට්ටිය කුවේණි නනා ඉන්නකොට විජේ හොරෙන් බලා උන්න කියලත් ලියයි"// කීයටවත් එහෙම ලියන්නේ නෑ, පිටින් එන ඕන ගූ ගොඩක් කරේ තියාගන්න වගේම රජ පෙළපතින් වරදාන බලාපොරොත්තු වෙන අපේ උන් ලියන්නේ එහෙනම් .

    "ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් යුතු විජය කුමරු ජලස්නානය කරන අයුරු ,කුවේණිය සැඟවී බලා සිටියාය. ඔහුගේ උක් දණ්ඩක් මෙන් දික්වූ පුරුෂ නිමිත්ත දෙස ය වශීකෘතව බලා සිටිද්දී....................." ඔන්න ඔහොම මොකද ? කාන්තාවෝ දෙකේ කොලේට දාන්නත් ඔය පුරුශෝත්තම් වාදියෝ හරි හපන්නුනේ

    ReplyDelete
    Replies
    1. අම්බානක +++++++++++++++++++++++++ ය

      Delete
    2. අම්මප ඉවාන් මට ඒක මිස් උනා. අනිවාර්යෙන් කියන්නෙ ඔහොම තමා. මහින්ද දුටුගැමුනුගේත් නෑදෑයා, බුදු හාමුදුරුවන්ගෙත් නෑදෑය කියපු පිංගුත්තරයෝ ඉන්න රටක් මේක. බුදුහාමුදුරුවෝ පිරිණිවන්පානකොට "අර විජේ කොල්ලව ගොඩ දාපං, ලංකාවේ මගෙ තියරියයි, ඉන්ෆ්ලුවන්ස් ඒකයි ප්‍රමෝට් කරන්නෙ ඕකා තමයි" කියල කව්ද දෙයියෙකුට මූට ගාඩ් එක දෙන්න දේශනා කොලා කියලත් ලියල තිබ්බ නේද ඔය පච වංශේ?

      Delete
  8. එල ද බ්‍රා එකට ලියලා.හැබැයි මචං මේකට උඔට අගය කරන කොමෙන්ටුම වැටෙයි කියලා බලාපොරෝ්ත්තු වෙන්න එපා..
    උඔ දෙබරකට ගලක් ගහලා.

    ReplyDelete
    Replies
    1. මං ඇත්තයි කියල හිතෙන එව්ව ලියල බැනුන් ඇහුවත් සැපයි මෙන්ඩෝ... කොමෙන්ටු වලින් බැනුන් ඇහුවට ඇඟේ වදින එකක්යැ... එලද බ්‍රා...

      Delete
  9. ඉතිහාස කතා වල නම් වැඩි හරිය ඇත්තේ ඇත්තටම වුණ දේට වඩා වුණා කියලා එයාලට පෙන්නන්න ඕනේ වුණ දේවල් නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සිතු ... ඒ ඒ කාළ වලට අනුව ප්‍රමෝට් කරන්න ඕන දේ ප්‍රමෝට් කරන පප්‍රොපගැන්ඩා ලියවිලි අපි ඉතිහාසය වෙනුවට පාවිච්චි කරනවා ...

      Delete
  10. http://www.lankadeepa.lk/index.php/articles/307144

    //මේ වැලිපර දූපත් සමූහය මිනිස් අතින් නිර්මාණය වුණු බවට භූගෝලීය සාක්ෂි තිබෙන බවද කියති. එසේ කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ.

    ඉන්දියාවේ භූගෝලීය මැනුම් කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය බද්රි නාරායනන්ය. මේ අදහස ඉදිරිපත් කරන ඔහු එසේ පැවසූයේ ආදම්ගේ පාලමේ වැලිපරවල අඩි දහයක් පමණ ගැඹුරු සිදුරක් හාරා බලා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය.
    මෙහි මතුපිට සිට අඩි පහත් අඩි දහයත් අතර භූමි ස්ථරයේ ඝනකම් කළුගල් ආදිය පවතින බව ඔහුගේ සොයාගැනීමයි.//

    මේව ගැන ක්‍රමවත් පරීක්ෂණයක් කරන්නෙ නැත්තෙ ඇයි කියල මට මේ ගැන අහන දකින කියවන හැම විටම හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, එකක් ඔව්ව හරියට කරන්න සල්ලි නෑ. අනික තමයි මිනිස්සු පිලි අරගෙන ඉන්න දේ ඒ විදියටම තියෙන්න ඇරියම ලේසියි. අලුත් සොයාගැනීම් කරලා ඔව්ව වෙනස් උනොත් ඉස්කෝල අච්චු පොතේ ඉඳන්, බණ වල ඉඳන් වෙනස් කරන්න වෙනවනෙ. ඊට ලේසි නැද්ද දන්න බොරුව ඒ විදියටම තියෙන්න ඇරලා සද්ද නැතුව ඉන්න එක...

      Delete
  11. නියම ලියවිල්ලක්.

    ReplyDelete
  12. මචං සාජ්ජා........ අර විජය ඒන වෙලාවේ රූපයේ කුවේණි කපු කටිනවාද නැත්තං වෙන මොනවා හරි කරනවා ද බලපං.... යකෝ ඔහොම ඉද්දි විජය වුණත් අාපහු යයිද????? අම්මපා ඒන අඩි පාරවල් විතරයි තියෙන්න අැත්තේ....... මොකාද බොල යන්නේ......

    ඒක නෙමෙයි මෙන්ඩාගෙන් අහපං ඒ අැදන් ඉන්න වර්ගය මොකක්ද කියලා.......?????

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරෙයි මේ කොමෙන්ටෙකයි දෙකම උපරිමයි ඈ.. ;)

      Delete
    2. strapless Bra සයිස් එක 38C අවශ්‍යනම් ඉන්විසිබල් Strap දෙකක් දලා අදින්නත් පුලුවන්.

      Delete
    3. යටින් බාගයක් පේන්නෙ කප් සයිස් එකේ අවුලක්ද මෙන්ඩො.
      ස්තූතියි
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. ඔය සයිස් එකත් එක්කම කියල තියෙන්නෙ. ඒ කාලෙත් කුවේනිට ඕව මහල තියෙන්නෙ එල ද බ්‍රා ෆැක්ටරියෙ තමයි.

      Delete
    5. ඔන්න ප්‍රශ්නේ උඹලම විසඳගෙන... ඔය තියෙන්නෙ උත්තර.. කමියා, පිතූර වලට ඉස්තුති කොරන්න ඕන මුද්දා ට. ඌ තමයි ඔව්ව හොයල දාන්නෙ... අර කුරුට්ට කිව්ව දේ හරියට හරි.. ඔන්න මෙන්ඩ උඹල ඔක්කොන්ගේම ගැටළු වලට විසඳුම් දීල...

      Delete
    6. කම්මලේ එක විදිහකින් ඒක ෆිටෝන් එකේ අවුලක් තව විදිහකින් Style එකක් එහම නැත්නම් පැෂන් එකක් පුෂප් බ්‍රා කියන එකේදි බ්‍රා එක ඇතුලෙන් බ්‍රෙස්ට් එක උස්සලා හිරකරලා උඩින් පුම්බලා මතුකරලා පෙන්නනවා..
      ප්‍රසා..ඇත්තටම ගාමන්ට් වල ආරම්බය කුවේනි නේද?
      සඡ්ඡා සියලු බ්‍රා ප්‍රශ්න සදහා ඉක්මන් විසදුම්

      Delete
    7. ඔන්න බලහල්ලකෝ, ඒ සම්බන්ධෙන් ප්‍රවීණයෝ චැනල් කොලාම තියන වාසි... උප්පත්තියේ ඉඳන්ම දෙන්නෙ විස්තරේ...
      ප්‍රසා කිව්ව විදියට ඒක එහෙම නං ගහගනින් කුවේණිගේ පින්තූරයක් බිත්තියේ. උදේ හවස දුම් අල්ලලා වැඳුම් පිදුම් කොරහන්....

      Delete
  13. මාත් ලිව්ව ඕක ගැන සජ්ජ කියෙව්වද මගෙ ලිං මැඩි කතාව? අපේ උන් කරන දේවල හැටියට නම් ඔය තිරිසනා එක්ක බුදියාගත්ත එකීගෙත් නංගිව අඹුකමට ගත්ත එකාගෙත් නෑදෑයෝ කියල අළුතින් කියන්න ඕනෙ නෑ. එකට කාල බෙල්ල කපන එකත් විජයගෙන් ආපු ගතියක්නෙ.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා.. අනේ තරහ නැතුව ලින්කුව දානවද?
      අනිවාර්යෙන්.. විජය ගෙන් බෝ වෙච්ච එවුනුත් ඉන්නව මේකෙ .. ඔය ක්‍රියාවෙන්ම ඔප්පු කොරන්නෙ කාලෙන් කාලෙට...

      Delete
  14. මට අමුතුවෙං කියන්ඩ දෙයක් නෑ.. උඹ ඔක්කොම කියලා.. විජය කියන මදාවියා හා උගේ නොසණ්ඩාල යාලුවොයි කියන ඔය පර හැතිකරේ අපේ ඥාති කියල කියා ගත්ත එක තරම් අපි අපිටම කරගත්ත තවත් නින්දාවක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් කමී... ඉස්කෝලෙ පොඩි කාලේ ඉඳන්ම ඔව්ව ඔලුවට දාන්නෙ. මොකෝ පොඩි උන් අහනවද "ටීච සිංහබාහු නංගි එක්ක පවුල් කාපු එක හරිද?" කියල. ඒ විදිය තමා හරි, නියම සිංහල ක්‍රමේ ඒකයි කියල ඔලුවට දාගන්නවා ඇති. පොඩි කාලෙ ඉගනගන්න දේවල්, මතවාද, තියරි මැරෙනකල් වෙනස් නොවී ඕලු ඇතුලේ හැංගිලා තියනවා...

      Delete
  15. කරුණු අති බහුතරයක් සමග බොහෝ දුරට එකඟ වෙමි...

    සුද්දන් පැමිණීමට පෙර කලදී ලංකාවේ සිටි සිහළුන්, දෙමළුන් සහ මුස්ලිමුන් එකම ධජයක් යටතේ සහ එහි වූ සිංහයා සහ බෝ කොළ කිහිපය ගැටළුවක් බවට පත් කර නොගෙන දිවි ගෙවුහ.

    පෘතුග්‍රීසීන්ගෙන් සිදුවූ කරදර හමුවේ කන්දේ පදිංචියට අවසර ඉල්ලා එය ලද මුසල්මානුවන් ඊටත් පසු කලෙක සුද්දන්ගේ කාලයේදී දළදා පෙරහැර ඔවුන් අටවාගත් පල්ලිය ඉදිරියෙන් හිස ඔසවාගෙන යාමට විරුද්ධ වීම කෙතරම් ගෝචරද.

    බ්‍රිතාන්‍යයන් අපව යටත් කරගත් පසු පාලනයේ පහසුව තකා සිහළුන් තලාපෙළා දමා සුළු ජාතීන් ඔසවා තැබීමක් සිදුවිය. (ඒ සියල්ල සුද්දන් විසින් කලක් තිස්සේ කල අධ්‍යන වලින් පසුව සිදුකල ඒවාය.)

    සුද්දන්ගේ පාලන කාලය තුළ පරිපාලන නිලධාරින් ලෙස පත් කරගත් සුළු ජාතිකයින් එකල ඇඳි ලංකා සිතියමේ ස්ථාන නාමයන් බහුතරයක් දෙමළ නාමයන් ලෙස සටහන් තැබීමට ක්‍රියා කොට ඇත. ඒවා අදටත් එසේම ඇත.
    (ඊ.පී.ඒ. ගුණරත්න මහතාගේ “හොරොව්පතානේ පළමුවැනි ඩී.ආර්.ඕ.” නම් වූ පොත බලන්න)

    පැරණි සිංහල ග්‍රාම නාමයන් යටපත්කර කෙදිනකවත් දෙමළ ගම්බිම් නොවූ ගම්බිම් සහ වැව් අමුණු සඳහාද දෙමළ නාමයන් යොදා ඇති අයුරු ලංකාවේ සිතියමකින් දැකගත හැකිය.
    නිදහසෙන් පසු 1948 සිට 1951 දක්වා වූ කාලයේද ලංකාවේ ධජය වුයේ පැරණි සිංහ ධජයට බොහෝ ආසන්න වූ එකකි. එම සංක්‍රාන්ති සමයෙන් පසුව දෙමළුන් සහ මුස්ලිමුන් වෙනුවෙන් පාට තීරු එක්වී ඇත්තේ ඔවුනගේ ඉල්ලීම් නිසාය.

    එය සුද්දන් අප හැරගිය පසුව සුද්දන්ගේ සමයේ ඔවුන් ලද වරප්‍රසාද හරහා ඔවුන් බලාපොරොත්තු වූ දෙයක් විය හැකිය. කෙසේ නමුදු දශක ගණනාවක් කොන්කර දමා තිබු සිහළුන් එයටද අවනත වී ඇත.

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    /// කලිසම කාගේද? අපේද? නෑ.. සුද්දගෙ... ///

    දැන ගැනීම සඳහා පමණක් ලියමි.
    කලිසම යනු ලංකාවේ ති බහුතරයකට වහ කදුරු මෙන් තිත්ත වී ඇති චීනාගේ ඇඳුමක්ය...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා, රටක් පාලනය කරන්න විතරක් නෙවෙයි, ආයතනයක් පාලනය කරන්නත් අමාරුයි පාලිතයෝ එකමුතු නම්. එක එකා කෑ කොටාගන්නවා නං, ඇවිල්ල අනිත් උන්ගේ කේලම් ඔක්කොම ටික කියනවා නං, පාලනයට විරුද්ධව යමක් කරන්න හදනකොට එතන එකෙක්ම ඒ ගැන දැනුම් දෙනවා නං ආයතනයක් උනත් පාලනය කරන්න ලේසියි. සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් අද වෙලා තියෙන්නෙ ඒකයි. දොස්තරලා, නර්ස්ල, අටෙන්ඩන් ලා එකෙක්ට එකෙක් නෑ. එතකොට උන්ව පාලනය කරන්න ලේසියි. ඒ වගේ වැඩක් වෙන්නැති සුද්දා කලෙත්. පිලිගන්නවා... සුද්දා මේක දාල ගියත් එක ඒ විදියටම ක්‍රියාත්මක වෙන ඒකයි කරුමෙ. හිතල වත් එක වෙනස් කරගන්නේ නැති හැටි...
      කලිසම් කතාව දැනගත්තෙ අයි.. චීනගේ කලිසම් උනාට අපේ එවුං කලිසම ඇන්දෙ සුද්දා නිසා නෙවෙයිද?

      Delete
    2. අපේ එවුන් කාටවත් හදන්න උවමනාවක් නැහැ හැදෙන්නයි උවමනා...
      ඒ නිසයි ගෙරි සුද්දෝ පහරලා ගියපු තැන ඉඳලා අපේ හැත්ත continue කරගෙන යන්නේ

      ///චීනගේ කලිසම් උනාට අපේ එවුං කලිසම ඇන්දෙ සුද්දා නිසා නෙවෙයිද?///
      ඒ නිසා තමයි බං මම කිව්වේ මේක මේ දැන ගැනීම උදෙසා බව... ඒ කියන්නේ උපත එතන බව

      ඒ වගේම අපි සුද්දා කියන්නේ බ්‍රිතාන්‍ය කාරයින්ට
      නමුත් උන් එන්න පෙර ඉඳලම අපේ රටට ආපහු අනිත් මළපෙරේතයෝ නිසා අපේ උන් කලිසන් ගැන යමක් දැනගෙන හිටියා කියල මම හිතනවා
      නමුත් කලිසම හැමෝම අතරේ ජනප්‍රිය උනේ හම්පඩ සුද්දෝ නිසා බව මමත් පිළිගන්නවා

      Delete
    3. අනිවාර්යෙන්.. බ්‍රිතාන්‍ය කාරයන්ට කලින් ඉඳන්ම අපේ උන් දැනගෙන ඉන්න ඇති තමා... අපේ උන් ඕන රෙද්දක් රටින් එනවා කිව්වා නං කොන්දේසි විරහිතව අරගන්නවනේ. ඔය señor කියන ස්පාඥ්ඥ වචනෙ මහත්තය වගේ තේරුමක් දෙන නිසා අපේ එවුනුත් නමේ අගට ඕක එල්ලගත්තනේ.. පරණ නම් වල සිඤ්ඤෝ කෑල්ල එල්ලගෙන තියෙන්නෙත් ඒක වෙන්නැති... අපේ සීයගෙත් ඕක තියනවා...

      Delete
  16. මෑතකාලෙත් ඉතිහාසය ලියද්දි පාලකයින්ට උවමනා ලෙස වෙනස් කලාවගේ, කොතනහරි තැනකදි විකෘති කරන්න ඇති. දකුණු ඉන්දියානු පාලනයකට යටත් වෙලා තිබ්බ කාලවලදි වගේම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන කාලවලදිත් ඉතිහාසය වෙනස් විදිහට ඔබ්බවන්න ඇති.
    නැට්ට හැලුනට අන්තිම පුරුක ඉතිරිවෙලා තියන එකේ ජාති, ආගම්, කුල වලට බෙදිල ඉන්න එක අරුමයක් නෙමෙයි සජ්ජො.

    ReplyDelete
    Replies
    1. ඔව්ව එක එකාට ඕන විදියට වෙනස් වෙලා ඇති අනිවාර්යෙන්ම. ඒවා කරන්න ඇත්තේ ඒ ඒ කාල වල උන්ගේ අවශ්‍යතා සපුරගන්න වාසි වෙන විදියට. අපේ උන් පියවි සිහියෙන් ඒ දිහා බලල කරුණු කාරණා තේරුම් ගන්නේ නැතුව එව්ව ඒ විදියටම පිලිගන්නවා.
      ජාති ආගම් කුළ කතන්දරේ නිසා බෙදිලා තියන බෙදිල්ල කවද එකමුතු වෙයිද දන්නෙ නෑ. මම බුද්ධාගම් කාරය. කියල තිබ්බ විදියට උඹ ආගම් කාරය. මම කම්මලේගේ ආගම ගැනත් ටිකක් දන්නවා, කම්මලෙත් අපේ ආගම ගැන ටිකක් දන්න බව පේනවා. නත්තල් දවසෙ බුකියෙ යාලුවන්ට සුභපතන්න "නමෝ මරියනී" සින්දුවත් එක්ක ඈඳල දාපු පෝස්ටුවක් මෙතන දාන්නම්
      "මා බෞද්ධයෙකි . කුඩා කාලයේ එක් වකවානුවක කිතුනු පරිසරයක ජීවත් වීමට මට අවස්තාවක් ලැබිණ . ඒ වකවානුවේ නත්තල් දිනට පෙරදින මැදියමේ ගිගුම්දෙන රතිඥ්ඥා හඬ මැදින් පල්ලියට ගොස් ඇත්තෙමි. පල්ලිය තුල සිට බලනවිට උස් වූ ගෝලාකාර වහල දැක විශ්මයට පත්වී ඇත්තෙමි. පල්ලියේ මංගල්ලය දවසේ අසල්වැසියන් පල්ලි භූමිය තුල බෙදාදෙන ඉඹුල් කිරිබත් රස බලා ඇත්තෙමි.ඒ දින වල පල්ලියට එන පාර දෙපස විසිතුරු වෙළඳසල් එකක් නෑර නරඹමින් ගොස් ඇත්තෙමි. පල්ලියේ සීනුවට ඝන්ටාරය යනුවෙන් පවසා සම වයසේ කිතුනු සොයුරන්ගේ සිනහවට ලක්වී ඇත්තෙමි. පල්ලියේ පියතුමා කුසලානයකින් ගෙන දිව මත තබන පෙත්තක් වැනි දෙය කිතුනු යහළුවන්ට ලැබෙද්දී එය කුමන රසයකින් යුක්තදැයි කුහුලකින් හා ගිජුකමකින් බලාසිට ඇත්තෙමි. ඒ යහළුවන් සමගින් විලෝ ගස් කරටියකින් සෑදූ නත්තල් ගසේ දේව දූතයන් එල්ලමින් සැරසිලි වලට උදව් වී ඇත්තෙමි. පිදුරු මූලිකකොට සෑදූ ගව ලෙනෙහි ජේසු බිලිඳා මරියතුමිය ජුසේ තුමා යහළුවන් විසින් තැන්පත් කෙරෙද්දී ඒ වටේට මැටි ගව පැටවුන් තබා සතුටුවී ඇත්තෙමි. ඒ යහළුවන් සතුවූ ළමා බයිබලය සහ නැණවදන් පොත් කියවා ඇත්තෙමි. සියලු ආගම් සියලු ජාතීන් වෙත ගෞරව කිරීමට මා දැනුදු නොපැකිලව ඉදිරිපත් වීමට ඒ සහෝදරත්වයද මහා පිටිබලයක් වූ බව දනිමි. මේ ගීය ඇසෙන වාරයක් පාසා මසිත ඒ අතීතයට දිවයන්නේ නිරායාසයෙනි .නත්තල සමරන කිතුනු සොයුරු සොයුරියනි. සුභ නත්තලක් වේවා...."

      Delete
  17. කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවිකයා..

    නෑ නෑ නෑ.

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් යාන්ත්‍රික ඉංජිනේරුවරයා.

    රාළහාමි හාඩ්වෙයාර් වෙන්නප්පුව. රාළහාමි හාජ්ජියාර්.

    චීන ජාතික ඉංජිනේරු මහත්තයා කියනවා මෙහෙම,
    කොහොම?
    මෙහෙම

    පිලිපිනේ කම්කරු මහත්වරු භය.. වෙලා කිව්වලු.
    හා හොදයි.

    නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සෝඩා පානයට තහනම් ගෙනෙමින් හොට්ඩෝග් කොච්චර ගිලින්නට හැකිදැයි කියා බැලීමට උත්සව සංවිධානය කිරීම ගැන මතය කුමක්ද?

    -දෙහිඅත්තකණ්ඩියේ වෙසෙනා පාඨකයෙක්-





    ReplyDelete
  18. යම්කිසි ජන කොට්ඨාශයක් කුඩා කණ්ඩායමක් ලෙස විශේෂ අනන්‍යතාවයකට පත්වීමට උත්සාහ කරන්න කරන්න ඔවුන් අවට ලෝකයෙන් ඈත් වෙනවා. 'අපි සිහල බෞද්ධ' මානසිකත්වයේ ඉන්න උන්නැහෙලාගේ කිරිජ්ජපල්ල දඬු අඬුකින් තද කරලා, මූණ කිහිල්ලට හිර කරගෙන හොම්බට දෙකක් ඇනලා, අන්න ඒ ටික කියලා දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්ව කියන්න ගිය ගමන් ජාති ද්‍රෝහියෝ කරනවනෙ විචාරකතුමා.. ඒකනේ කාලා ඉන්න බැරි වැඩේ... මරු වචනෙ ..//කිරිජ්ජපල්ල// හැක හැක....

      Delete
  19. උඹ මාතලං ඉට්ටැයිල් එකයි විභීෂණ ඉට්ටැයිල් එකයි බඩ් කොරලා හදපු එකෙක්ද කොහෙද බං. මොනා උනත් අතිජාත පුත්තරයෙක් වගේ. හැබෑටම විභීෂණයාට මක්ක වෙලාද?

    ReplyDelete
    Replies
    1. මධුවා.. උඹ මාව හයිබ්‍රිඩ් කොරන්න හදනවද?? එව්ව නං මන්ද බං මං ඔය උඩ බලාගෙන ඉන්නකොට හිතට එන එව්ව ලියල දානවා එච්චරයි.. සංසන්දනේ කොරන්න තරං මං පරණ එකෙක් නෙමෙයි බං...

      Delete
  20. උඹත් එක්ක එකඟයි බං.මේ කුල,මල,ජාති විදියට බෙදුනට අපි හැමෝම එකම කුලකයක මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මනෝ... එක එක දේවල් වලින් වෙනස් උනාට ඔක්කොම එකම කුලකයක මිනිස්සු....

      Delete
    2. fernando kiyanne rada untane bola

      Delete
  21. සජ්ජා අපූරු ලිපියක්. මේවා නිකං ලේසියෙන් පහසුවෙන් ලියන්න බැරි බව මම දන්නවා. ඒ නිසා උඹේ කැපවීමට මගේ සැලියුට් එක. ඔය කුල භේදය කියන කාරණය මමත් දැඩිව පිළිකුල් කරන දෙයක්. මිනිහෙක් පද්දෙක්ද රොඩියෙක්ද වෙන මොකෙක් හරි එකෙක්ද කියලා තීරණය වෙන්නෙ උගෙ හැසිරීම අනුව, කොච්චඑ හොද උසස් කුලයක ඉපදුනත් කරන්නෙ ජඩ වැඩ නම් නම්බුනාම කුමකට...

    තවමත් ඔය නුවර පළාතෙ තදටම කුල භේදය තියෙන බව අහන්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා... කුලභේදය හෙළා දකින්න කාලේ හරි. ක්‍රියාවෙන් මිසක් උප්පත්තියෙන් කවුරුත් පහත්ද උසස්ද කියල තීරණය කරන්න බෑ... ඒ මදිවට අපේ මිනිස්සු උඩරට පහත රට භේදෙකුත් හදාගෙන. ඒ මදිවට අපි කොළඹ, අපි ගම්පහ, අපි මාතර, අපි කුරුණෑගල කියා කියා බෙදෙන්න හදනව. මිනිස්සු ඔක්කොම ඒකයි, විවිධාකාර වෙනස් කම් තිබුණට විවිධ භාෂා කතා කලාට, විවිධ ආගම් අදහුවට, එකම ලේ මස් නහර වලින් හැදුනු එකම අවශ්‍යතා තියන අපි හැමෝම එකයි.

      Delete
  22. Bestiality - Patricide - Incest - Brigandage - Betrayal- Ambush- Abandonment
    ෆුල් හැපනින් ඉතිහාසයක් අපිට තියෙන්නෙ :-D

    සීරියස්ලි කියනවනම් ඔය ඔක්කොම ග්‍රීක් කතාවල තියනව. එනිසා තමයි ඔය විජය කතාව ඉන්දු - ආර්යන් මිත්යාකතාවලින් ඉන්ෆ්ලුවන්ස් වුනයි කියල මතයක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මං දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක් ප්‍රා සහෝදරයා.. දැනුවත් කිරීමට ස්තුතියි...

      Delete
  23. අයිතිහාසික කාලයක ලංකාවේ ජීවත් නොවූ සත්තු දෙන්නෙක් වර්ගවාදී ලෙස යොදා ගැනීම ( Lion - Sinhala, Tiger - LTTE ) ගැන ලිපියක් ඕනෙ නම් කියන ඊමේල් ඇඩෘස් එකකට එවන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. අපොයි එවන්න එවන්න... බලන්නම්.. තෑන්ක්ස් ... padanguwa@gmail.com

      Delete
  24. Mekanam ada kaleta gelapena lipiyak. Mage demawpiyan kula mala selakuwe nethi unath kasadedi eka beliwa. 90% ara mokakda gelapilath sathi deken dikkasada una. Lejja wenne ne mewwa open liyanta. Mage soyuriya diha balanakota mage abith yaluwo diha balanakota den mama duk wenawa ey ammala thaththala santhosa kale kula mala walata mage jiwithe bili dunna nisa. Hondama udaharanaya. Mama ashraya karana kisima suddek suddiyek aagamak dahamak adahanne ne. Ee aya godak asian ayata kemathi ne. Mokada un hithagena inne asian aya un langata kittu wenne mokak hari balaporoththuwen kiyala. Eka peththakin ungen ahapuwa ee wagema dakina ewath beluwahama un hari. Hebei mona hethuwakata nisada danne ne un mata unge jathiye ekek wagema salakanawa. Kana bona welawakata invitation ekak bolebena dawasak nethi tharam. Ona dukakata sepakata on call innawa. Asian ewun ehema nethiwath nemei. Eth ape un mehe ipadunath unge blood wala sakkili attitude ehemmama thiyenawa. 90% withara. Sajjage post ekata sampurnayenma ekagai. Sorry singlish walin liwwata. Loke me dewal wenas karanta puluwan dawasakata... Anna ee wage dawasak enakam mamath asaawen balan innawa. Ehema dawasak kiyanne eka ekage pita nokasana, gossip nethi, ekaa parayaa eka nonegitina, minissunta minissu udawwata inna. Agamak kiyanne yamkisi minis kottaashayak sanwara karanta hadana deyak misak minimaruwan karana deyak nemei. Eth onama deyak onawata wada onema nehe. Iathurhiy sajjo. Ube liwillath maathalan wage weegena enawa. Ubala liyahan. Api kiyawanawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ටික්කා. මට මේ කොමෙන්ටුව මිස් වෙලා තිබ්බේ...

      Delete
  25. උඹ මේ කියපු ටික තේරුම් ගැනීම කොහොම වෙතත් ඒ ගැන ප්‍රශ්න කරන උදවිය ප්‍රතිශතයක් ලෙස බොහොම අඩුයි බං. උන් ගොඩ දෙනෙක් කැමති තවත් කවුරු හරි කියන ලියන දෙයක් ඒ විදිහටම ආපහු අකුරක් නෑර කියවන්න සහ විශ්වාස කරන්න.

    බුදු හාමුදුරුවෝ දේශනා කළත් කවුරුවත් කියපු පලියටවත් පොතක තියන පලියටවත් දෙයක් පිලිගන්න එපා කියල අපේ එවුන් කරන්නේ ඒකෙ අනිත් පැත්ත. එහෙම බැලුවම අද අපේ එවුන් මුස්ලිම් එවුන් වගේම තමයි.

    ඒ උදවියට නම් තව අර පොතේ තියන දේ කළු සුදුයි කිව්වත් සුදු කලුයි කිව්වත් ඒ හැම දේම ඉස මුදුනින් පිලිගන්නය කියල තමයි නියෝග කරලා තියනවා, අපේ එවුන්ට තියන නිදහසට කාරණාව මොකද්ද ?

    ReplyDelete