නෙළුම් යායේ අටමාගේ සෙල්පිය!!!

                              නෙළුම් යාය සම්මාන උළෙලට එනතැන ඉඳන් කතන්දර ගොඩයි.  පිටකොටුවට ඇනොපිලිස් එක්ක ඇවිත් කොටුවේ ඉස්ටෙසම ගාවට එනකල් පයින් ගාටල කොටුවේ "ව"යන්න යටට එනකොටම කෝච්චියෙන් ආපු අටමත් හොහෙදෝ ඉඳන් පාත් උනා. කවදාවත් දැකල නැති අටමයි මායි "උඹ උසයිනේ, උඹේ රැව්ල අරියාදුවට පොල් හිටෝලා වගේනෙ , උඹ කැහැටුයි නෙ " විදියෙ අන්‍යොන්‍ය  ශරීරාංග ගැන වර්ණනාවක් කොරගත්ත . ඒක  ඉවර වෙලා "යන්ඩ කලින් අනුමත වෙලා යමු" අයිඩියාවට අනුව වෝල් මාකොට් එකට එහාපැත්තෙ මොකක්දෝ එකක(නම මතක නෑ ) උඩ තට්ටුවට ගිහිං ඉද්දි "වැව් ඉස්මත්තා" අටමා ඇමතුවා. අටමා "වරෙන් වරෙන්, අතනින් වරෙන්, මෙතනින් වරෙන්, පොලව පළාගෙන වරෙන්, අහස ගුගුරුවාගෙන වරෙන්, උඩින් වරෙන්, යටින් වරෙන්, ඇවිල්ල උඩ තට්ටුවට වරෙන්' කියල මාර්ග විස්තරේ කිව්වා. ඕක හරියට අහගන්නේ නැතුව පරක්කු වෙච්ච "වැව් ඉස්මත්තට" අටමගෙන් ලැබුණු ප්‍රති උත්තර මෙතන ලියන්ඩ බෑ. එතන කයි කතන්දර කිය කියා වෙලාව කාපු අපි සැට් එකට "කල්‍යාණ මිත්‍ර" සහ  "කටුස්සා" සැරින් සැරේට කතාකරලා ජාතිය අමතනවා.

කමියා  අටමට කතාකරල ගේන්න කියපු වතුර බෝතලෙන් වතුර බොන්න  හිටියනං එහෙම උන්දැ දිව ගිලිලා මැරිල . කොහොමින් කොහොමින්හරි කරත්තෙට පොල් පටෙව්ව වගේ රෝද තුනක පිටිපස්සට හතරදෙනාම ගොඩවෙලා හතරදෙනාම සූරයෝ වගේ එතනින් එන්න පිටත් උනා. ත්‍රීවීල් අයියගෙ නැවිගේෂන්, අටමගෙ නැවිගේෂන්, ඇනොපිලියගේ නැවිගේෂන් ඔක්කොගෙන්ම කළවං  වෙච්ච රෝද තුන ඔල්මොරොන්දන් වෙලා අඥ්ඥකොරොස් වෙලා වටේ රවුන් ගහල ගහල තැනට එන්න පැය 2ක් විතර ගියා මයේ හිතේ. එකෙක් කිරුල පාරක් ගැන කියනවා, තව එකෙක් කිරුලපන කියනවා, තව එකෙක් කම්කරු දෙපාර්තමේන්තු හොයනවා, තව එකෙක් පොල්හේන්ගොඩ හොයනව, ආසිරි ඉස්පිරිතාලේ පැත්තටත් ගියා එකපාරක්. කොහොමහරි අපි එනකොට වෙලාව පැනල ගොඩක් වෙලා.

"ඉන්ටනෙට් එකේ ලියන කට්ටියගේ මෙව්වා එක" කොහෙද තියෙන්නෙ අහගෙන සාලාවට රිංගනකොට එතන හෙන දේශනයක් යනවා. "ඔළුව වටෙන් අතදාල නහය ඇල්ලුව වගේ" පහලින් ඇවිත් උඩට නැගල, උඩින් ආයේ පහලට බැහැල අයිනක් අල්ලල වාඩි උනා. දේශනා ඇහිල්ල පැත්තක, මං හෝ ගාල වටපිට බලනවා කව්ද කටුස්සා, කව්ද කමිය, කව්ද ඉවාන්, කව්ද මාතලන් කියල. අටං අයිය අත පය වන වන සැලියුට් ගහනවා අඳුරන උදවියට. මාත් උගෙන් අහගන්නවා අරූ කව්ද?, මූ කව්ද? කියල. දේශනා ගැන මම මෙතන කියන්න යන්නෙ නෑ . එව්ව සුපිරියටම කෙරුණා ( මං ඇහුවෙ නැති උනාට). ඉන්ටනෙට් කෝලම නාට්ටිය බැලුව. ඒකත් ලස්සනයි. කරු ජයසූරිය මහත්තය ආවම ෂෙඩූල් එක පොඩ්ඩක් වෙනස් උනා මට තේරුණු විදියට. හැමදාම ඉතිං දේශපාලන කාරයන්ගෙ ෂෙඩූල් වලට මිසක් තියන ෂෙඩූල් වලටයැ වැඩ කෙරෙන්නෙ. අපේ කල්‍යාණ මිත්‍ර දත කට මැදගෙන කියන්න හිතාගෙන හිටපු කවි ටික මිස්උනෙත් ඔය නිසා වෙන්නැති. කිව්වෙ නැති උනාට "සුවනියර්" එකේ ෂෙඩූල් එකේ නම තියන එකම මදෑ...

වැඩේ යන අතරෙ කට්ටිය ගහනව "සෙල්පි". අටම ඉතිං ප්‍රසිද්ද බුවානෙ. පුටු පේලි අස්සෙන් ඔළුව දදා සෙල්පි වලට පෙනී හිටිනවා. ඔය වැඩේ කරන්න කිරිපනුව වගේ ඇඹරෙනකොට කලිසමටත් මොකද්දෝ උනා වගේ ඇහුණා. "ඕක ගැන කිව්වොත් තොපි මරනවා" කියල කිව්වා හන්ද මං සද්ද නැතුව ඉන්නවා. මං නං සෙල්පි වැඩේට විරුද්දයි කියල එකෙක් කියද්දි අටම ඔන්න "ගහමු යකෝ අපිත් සෙල්පියක්" කියල පෝන් එක මානල මොකද්දෝ එකක් කොලා. අරගෙන බැලින්නං ඒකෙ තිබ්බේ හවස් වරුවක කඳු පන්තියක් මැද්දෙන් ඉර බැහැගෙන යනව වගේ දර්ශණයක්. අපි ඔක්කොටම හිනා. ඔන්නොහෙ මගේ එකෙන් ගමු කියල ඇදලා ගත්ත පෝන් කබල. හුටා ඒකෙ කැමරාවක් නෑ නෙ. අපේ සෙල්පි සිහිනය බොඳ වෙලා ගියෙ ඔන්න ඔය විදියටයි. අටමගේ ෆෝන් එක යතාර්ථවාදී පිංතූර වැටෙන එකක් වෙන්නත් පුළුවන්. එකේ ඒ වැටුනේ නෙළුම් යායක්ද කව්ද දන්නෙ.




ඔය අවු අස්සෙ අජිත් අයියගෙ කැමරාව අපේ ඇනෝපිලියට අහුවෙලා මානනවා, ඔබනවා, මානනවා, ඔබනවා. ප්‍රොපෙසනල් පොටෝ කාරයෙක් වෙච්චි ඌට කැමරාවක් අහු උනොත් ඔහොමම තමා. අජිත් අයිය එව්ව ටික පොරසිද්ද කොරයි කියල හිතනවා (මොකද අරූ අපේ එව්වත් ගත්ත) . ඔය වැඩ ටික ඔය අව් අස්සෙ නැගල යද්දි හැමතැනම කැරකෙන මූණෙ සුදුපාට ගාගත්තු අභිරූපණ කෝලමෙක් හිටිය. ලඟට කතාකරලා කුචිකවන්න අටමයි මමයි ප්ලෑන් ගහන අස්සෙ අපේ ඇනෝපිලිය "හිප් ෆ්ලාස්ක්" එකක් ඇදල අරගෙන අරූට ෂොට් එකක් දුන්න. ඒක බිව්වා බිව්වමයි පොර අන්ත්‍රස්දහන් උනා. කොහෙන් ගියාද නෑ.

අජිත් කුමාරසිරි පාර්ලිමේන්තුවයි බල්ලොයි ගැන සිංදු කියනකොට කරු ජයසූරිය ගිහිං හිටිය එක හොඳට ගියා. නැත්තං කතා කරද්දි පෝඩියම් එකේ ඔළුව ගහගෙන ඔළුව පලාගන්නව ෂුවර්. "යකෝ අපේ උන්දැ වළන් හූරනව ඔයිට ලස්සනට"- අටමා.

අය සේරම ගිනි විජ්ජුම්බර අස්සෙ අජිත් අයියා එහෙ මෙහෙ දුවනවා. අර මොකද්දෝ අවයවය අහිමි වෙච්ච කඩියව මං ඒකට උපමා කරන්න යන්නෙ නෑ. කෝට් එක දාගෙන දුවනවා, ගලවල දුවනවා .. වැඩ ගොඩයි.
වැඩේ ඉවරවෙලා එලියට ගිය වෙලාවෙදි කට්ටිය එක්කම කතාකරන්න හම්බ උනා. බ්ලොග් කෙරුවාවෙ පඟරනැට්ටෙක් වෙච්චි මාව හැමෝම ආදරයෙන් පිළිගත්තා. ඒ ගැන පුදුමාකාර හැගීමක් හිතේ තියෙන්නෙ. බ්ලොග් කලාවේ ලොකු ලොක්කෝ, කෙරුමෝ හිතේ කිසිම කහටක් නැතුව මාව ඒ අතරට එකතුකරගත්තා වගේ දැනුනා. අටං අයිය කොන්දේසි විරහිතව ඉස්ටේසෝන් එකේ ඉඳන්ම මාව පිළිගත්ත. "යකෝ මං හිතුවේ උඹ වයසක බුවෙක් කියලනෙ. මොකද්ද අර දාල තියන පින්තූරෙ?" අතට අත දෙන ගමන් මාතලන් අයිය ඇහුව. කල්‍යාණ මිත්‍රයා නමේ විදියටම සෙට් උනා. කටුස්ස ගැන අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු කලේ නෑ , සුදීක අයියල, ප්‍රාජේ සහෝදරයා, කම්මල මාධව  අයිය, ඉවාන් සහෝදරයා , මනෝ සහෝදරයා , ගන අඳුර මහේෂ් මල්ලි,  ඔය ඔක්කොම බොහොම සුහදව කතාකළා. නම් මිස් උනා කියල අමනාප වෙනවා එහෙම නෙවෙයි ඔන්න.

අජිත් අයිය කඩිමුඩියේ එහෙ මෙහෙ දුව දුව ඉන්නගමන් ඇවිත් කතාකරල ආයෙත් දිව්ව.
ගෑණු පරාණ වගේකුත් ඉන්නවා දැක්ක. සම්මාන දෙනකොට මේ තමයි බස්සි, මේ තමයි දීලා කියල දැකගත්ත. කතාකොරන්න නං හම්බුනේ නෑ. පුදුම වැඩේ කියන්නෙ ගල් බනිස් වල ගල් නෑ, වැලි තලප වල වැලි නෑ වගේ , කටුස්ස කිව්වට පාට මාරු කොරන්නෙත් නෑ, කෙට්ටුත් නෑ ( දෙන්නෙක් එක මිටියට බැඳල වගේ මුගේ සයිස් එක) . "ඉවාන්" කිව්වට හිතේ මැවිලා තිබ්බ සමාජවාදී බාහිර ස්වරූපයක් දැක්කෙම නෑ. මහේෂ් කිව්ව වගේ ජෙනුයින් ඩයල් එකක් තිබ්බෙ. මාතලන්ට සුද්දා කියල අමතන විදිය හරියටම හරි කියල දැනුන. බස්සිගේත් අනේ බකුසු පාටක් නං  පේන්න තිබ්බේ නෑ. "ගල් බළකාය" කිව්වට එකෙක් වත් ගල් ගහන එවුනුත් නෑ.

ඇත්තටම වැඩේ නං අපූරුවට සංවිධානය කරලා තිබුන. ඔඩිටෝරියම් එකත් මරු. වැඩසටහනුත් මරු. පැරා සහෝදරයා කරපු කතාවෙන් භාගයක් මට නං තේරුනෙත් නෑ. තේරෙන්න අහගෙන ඉන්නත් එපැයි. ඉස්කෝල වල, පන්ති වල අන්තිම පේලියේ ඉඳන් රොකට් ගහපු ක්‍රමේ මෙතෙන්ටත් නොදැනීම ආදේශ උනාද මන්ද. සර්ලා කොච්චර හොඳ උනත් හොඳට ඉගැන්නුවත් ඒවා අහගෙන ඉන්න එපැයි තේරෙන්න. එතෙන්දි  මගෙන් මොනවහරි වැරද්දක් උනා නං සමාව භාජනේකට දානවා හොඳයි. බ්ලොග් ලියවිල්ලේ අන්ගුටුමිට්ටෙක් වෙච්චි මට  බ්ලොග් රජවරු ගැන මේ විදියට කතාකරන්න හයියක් ආවෙ ඒ උදවිය තමන්ගෙ ගොඩට බොහොම සහෝදරත්වයෙන් මාව පිළිගත්තු විදිය නිසා. ඇත්තටම..

ඒ වගේම ආයෙත් වතාවක් , සම්මාන ලබපු හැමෝටම හද පත්ලෙන්ම සුභපතනවා, එතෙන්දි හැමෝටම කතාකරලා සුභපතන්න බැරි උනත් . අපූරුවට කෙරුණු මේ වැඩේ ඉස්සරහටත් මේ විදියටම කරගෙන යන්න අජිත් සහෝදරයා ඇතුළු කණ්ඩායමට හැකිවේවා කියල ප්‍රර්ථනා කරනවා. එහෙනං ඔන්න  ජයෙන් ජයම වේවා කියල මේක ඉවර කරනවා.. ආයෙත් දවසක මේ වගේම හම්බවෙමු.

131 comments:

  1. යන්තං ඇති පින්තුර නැතිව හරි විස්තරයක් දාලා. බේබදු සෙට්එකකට බං උඹ අහුවෙලා තියෙන්නේ. ආයි යන්න එපා උං‘ එකක් වැඩි බජනෙට.. හැක්

    ReplyDelete
    Replies
    1. මැෂින් බිජ්ජා අමු තිත්ත කුණුහරුප/ දෙපිටකාට්ටු කතා කියන නිසා මටත් පොරව එපා උනා. නුගත් කමනේ. ඒකට බලන්න අපේ කකා. කවදාවත් කේන්ති අරං කුණුහරුප කිකියා හැසිරෙනවද? නැහැනේ. ඒක තමයි කකාගේ තියෙන උගත් කම. අනික සිංහල බ්ලොග් ලියන ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකන් හාල් කෑලි විතරයි.

      ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබුනත් නැතත් කකා පොරක්. හොද රස්සාවක් කරන,රට රාජ්ජ වල ඇවිදින, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.

      කකා කියන්නේ වඳ පිදපු මොටයියෙක් වත් එහෙමත් මැෂින් රෙපෙයාර් කරනා නුගත් බාස්සුන්නැහැ කෙනෙක්, මිනිස්සුව රවට්ටන මීමුරේ මාම කෙනෙක්,තෙල් බෙහෙත් වෙළෙන්දෙක්, කෙන්දරකාරයෙක් නෙමෙයි. කකා කියන්නේ බ්ලොග් එක බිස්නස් එකක් කර නොගත්තු ආදර්ශමත් කෙනෙක්. කකාට ජය වේවා.

      Delete
    2. දේශකයා, උඹ ඒක කිව්වෙ හිතේ කහටක් තියාගෙන නෙවෙයි කියල මං දන්නවා. ඒත් මූ????? ඇනෝ.... පොඩ්ඩක් පහලට එනවද තරහ නැතුව... මගේ බ්ලොග් එකේ කාටහරි බනිනවා නං මටත් ඒ සම්බන්ධව ඇරියස් එකක් තියනවා.

      Delete
    3. අම්මෝ ඔය ඇනෝ ආවෙත් දේශම තමා බං

      Delete
    4. පහලින් උත්තර දුන්නා...

      Delete
    5. පහලට ඇවිත් පුකත් පොඩ්ඩක් දීලා යන්නකො.

      Delete
    6. මේ ඇනෝනිමස් කමෙන්ට් අළුතෙන් ලියපු ඒවා නොවේ. වසරකටත් වඩා පරණ කතාය. මේවාට පිළිතුරු දීමට යාම තේරුමක් ඇති වැඩක් නොවේ.

      මෙතන බලන්න.
      http://kathandara.blogspot.com/2014/03/not-just-my-car-my-petrol-case.html?showComment=1394250628702#c329021814319932328

      Delete
    7. ඕනයා ඇනෝ දානකොට රසිකොලොජිස්ට රජමගුල්

      Delete
    8. මගේ බ්ලොග් එකෙත් මු අටමට මේ කමෙන්ට් එකම දාල ගොහින් තිබ්බා...
      ඌ එක්ක ඇරියස් එකක් තියෙන එකෙක්ද දන්නේ නැහැ... හෙහ්

      Delete
    9. එකම තමයි තිබ්බෙ. මං දැක්කා...

      Delete
  2. අහස ගුගුරුවාන.. පොලොව දෙදරවාන... උඩින්...යටින් .. පටංගත්ත හිනාව නැවතුනේ නෑ කියවලා ඉවර වෙනකල්ම... මතක් වෙනකොටත් ආයෙ හිනා..මේ තියෙන්නෙ විත්තරේ.. වත්තරේ ගලවලාම...
    හරිම සුන්දර සැඳෑවක් ගෙවිලා..
    ජයවේවා හැමෝටම..!!!

    ReplyDelete
    Replies
    1. ආ... තව එකක්.. අටං අයියගෙ කලිසමට මුකුත් උන බවක් එහෙම මේ ලිපියෙං දැනගත්තෙ නෑ.. ඒකත් කියන්න එපැයි.

      Delete
    2. අටමගේ කලිසම ගැන වඩා මට උගෙ මේස් බැනියම ගැන දුකයි.. හැක්..

      Delete
    3. තොත් ඉවරයි සජ්ජත් ඉවරයි.

      Delete
    4. ඕක මොකක්ද අටමගෙ ජොක්කු සෙට් එකට කාලෙකට කලින් වෙච්ච දේවලුත් එක්ක.

      Delete
    5. අපරාදේ තමා බං තුන්පාරයි ඇන්දෙ . වේසා තිලකවර්දන ටෙක්ස් ටයිල් එක පැත්තේ යන්ඩ එපා එකෙක්වත්

      Delete
    6. ලබ්බා, මොකෝ පොල්ල තිබ්බෙ? අපරාදෙ එන්න තිබ්බෙ . මොකක් හරි කරදරයක් උනාද?
      කමි,මේස් බැනියම අපරාදෙ තමයි බං.
      නිමෝ, ඕනෙ නං කුණුහරුපෙන් බණියි.. ඊට වඩා දෙයක් තියනවයි...
      ප්‍රසන්න , ඒ කතාව මං දන්නෙ නෑ නෙ. දැනුවත් කොරන්ඩකො.
      අටමා, ඔව් මට ඇහුණා උඹ ගෙදර උන්දැටත් කෝල් එකක් දීල කියනවා ඕක.

      Delete
    7. //ලබ්බා, මොකෝ පොල්ල තිබ්බෙ? අපරාදෙ එන්න තිබ්බෙ . මොකක් හරි කරදරයක් උනාද?//

      ලබ්බ බැහැල

      Delete
    8. එන්න හිත තිබුනට එන්න විදිහක් තිබ්බෙ නෑ බං.. අන්න ක.මි. ගෙ පොස්ටෙකේ කොමෙන්ටුවක තියෙනවා ලාවට වගේ හේතුව.. දිව කට පොපියනවා මෙව්ව කියවනකොට.. බෙටර් ලක් ඉන් නෙක්ස්ට් ටයිම් ද මොකක්දෝ කියල තියෙනවලු පුරාණ සෘෂි වරයෙක්..

      අටං අයියෙ.. මේක ළභ්භක්.... බැහැල නෑ බොල... හෙහ් හෙ....

      Delete
    9. සබ්බේ ලභං කිව්වලු !!!! ආයේ දවසක හම්බෙමු ලබ්බෝ...

      Delete
    10. කලිසම ඉරිච්ච එකේ ෆොටෝ මුකුත් මා ලග නෑ ඕං.

      Delete
    11. බඩු තියනවද?? දැම්මොත් අටමගෙන් මැරුම් කන්න වෙන්නෙ..

      Delete
  3. ඇති යන්තන් මොකද වුනේ කියලා දැනගන්න සලස්සපු එකට. අතක් පයක් නොකැඩී ගෙදර ආවා කියලා ලියලා නැත්තේ මොකද බොල? එව්වා අඩුවෙලාද ආවේ? හප්පෝ..........මම ගියානම් එන්න වෙන්නේ දවස් දෙකකට විතර පස්සේ තැපෑලෙන් තමා.

    ඔය පොඩියම් එකට හමුදාවේ අපිනම් කියන්නේ ලෙක්ටර්න් එක කියලා

    http://en.wikipedia.org/wiki/Podium

    http://en.wikipedia.org/wiki/Lectern

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා, මං වැඩිදුර ගියෙ නෑ. ඉවර උනාම ගෙදර ආවනිසා වැඩි විස්තර දන්නෙ නෑ. ඔය ඉන්නෙ කමී, කටුස්ස, අටම, කට්ටියගෙන් අහල දැනගන්න පුළුවන් වෙයි. හහා. තැපෑලෙන් නමුත් ගෙදර එනවා නං ඒකත් ලොකු දෙයක්නෙ අප්පා...
      පෝඩියම් එක, ලේක්ටර්න් එක ගැන වැඩිදුර විස්තරේ දැන්නුවට ස්තුතියි..

      Delete
  4. //"යකෝ අපේ උන්දැ වළන් හූරනව ඔයිට ලස්සනට"- අටමා.// අම්මප මට ඕක එකපාර මත වෙන්න නැත්තේ මං වැඩිය ගෙදර නැති නිසා වෙන්නැති.. නැත්තං හරියට හරි.. මං බැරිම තැන නැගිටල ගියා මචං..

    කල්‍යාණ මිත්‍ර දත කට මැදගෙන කියන්න හිතාගෙන හිටපු කවි ටික.. ඇයි යකෝ.. ඒකට මං ගේම ඉල්ලුව රෑ අජිත් අයියගෙන්.. බැලින්නම් අර නිවේදකය වැඩේ කාල තියෙන්නේ.. මොකාද මංද හාල් කෑල්ල.. එකාතකින් හොඳයි බන් කයි ලියන්ඩ පුලුවන් උනාට කාලෙකින් කයි කියල තිබ්බෙත් නැති එකේ වියදමක් නැතුවම පොතට නම වැටුනනේ..

    කවුද කටුස්ස කියන්නේ? මට මතක නෑනේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් ඌ මට නෙලනව

      Delete
    2. මේ මම...?අහිංසක මිනිහෙක්ට කතා හදන කැත උඹලා.....

      Delete
    3. කමී, මම නං එව්ව රස වින්ද බං, එක එකාගෙ රසවින්දන පරාස වෙනස්නේ.
      ඒ කවි ටික එතන කිව්වා නං මරු. නිවේදකයද එතකොට චාන්ස් එකට කෙළියේ? මුගේ හොම්බට දෙන්න එපැයි.
      ඔය එන්නේ කටුස්ස. ඔය සිද්දි ගැන මම දන්නෙ නෑ. අහගන්න පුළුවන් එකාට බිව්වට පස්සෙ වෙන දේවල් මතක නෑ. අනේ මන්දා, කරුමේ , කරුමේ..

      Delete
    4. බෙරැ නං අහපං මුද්දගෙන්

      Delete
    5. ඌට මතක නෑ කියන්නෙ...

      Delete
  5. මේ හැම කතාවකම කෑල්ලක් අඩුයි අඩුයි වගේ නැද්ද? දැන් කට්ටිය මේ වැඩේ ඉවර වෙච්ච ගමන්ම ගෙවල් වලට ආවද? නැත්නම්.........

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ නෑ බං, ඔය ඉන්නෙ කට්ටිය. අහගනින්කෝ..

      Delete
    2. ඉවානයත් අපිව කාර් එකෙන්ම එවල නැවතුනා...
      ආයෙ පාරක් කට්ටිය අනුමත වුනාවත්ද?

      Delete
    3. පෙටා මෙහෙයුම ගැන වටින් ගොඩින් විස්තර ගලා එනවා...

      Delete
  6. එලටම වැඩේ වෙලා වගේ, ඉතිරි අඩුවැඩිය අහගන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. එතන වැඩේ නං නියමෙට උනා නිමෝ. අඩුවැඩිය අහගෙන අපිටත් දැන්නුවොත් නං හොඳා...

      Delete
    2. මේ මාලු කූරියා කොයි ලෝකෙ යනවද මංදා.

      Delete
  7. මචං උබ බ්ලොග් ලිවීමට අලුත් නිසා මේ උපදෙස දෙන්නේ.

    සිංහල බ්ලොග් අවකාශය කියන්නේ මේ පේනවා වගේ සුන්දර තැනක් නෙමෙයි. මේක ඇවිල්ලා සමාජයේම හරස් කඩක්. මේකේ ඉන්නේ තෙල් බෙහෙත් වෙළෙන්දෝ, තමුන්ට හතේ හතවැදී අනුන්ගේ කේන්දර බලන්න යන සාත්තරකාරයෝ, මෝඩයෝ, නුගත් බාස්සුන්නැහැලා, පල්හොරු, පොලු කාරයෝ, පිං අඩිකාරයෝ, ටැක්සි කාරයෝ... ඔය අතරේ කතන්දර,රාජ්, හැලප වගේ බොහොම සීමිත පිරිසක් ඉන්නවා ප්‍රතිපත්තියක් තියෙන. අන්න ඒ අය නිසා තමයි බ්ලොග් අවකාශය මෙහෙම හරි පවතින්නේ.

    මේකේ ඉන්න බහුතරය නං විශ්වාශ කරන්න එපා. උබට ඔය ස්ටේෂන් එකේ හම්බුන එවුන්ගේ ඉදලා උබ නං දාලා තියෙන බොහෝ දෙනෙක් විශ්වාශ කරන්න බැරි රැලක්. පොලුකාරයෝ ගැන දැනගන්න ඕනි නං ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු ගෙන් අහගන්න. ආයේ ඉතිං ඔය හොරු ගැන හොදටම කියලා දෙන්න හිටියේ ඔබා මාමා. එයත් අකාලයේ මියගියේ මේ බ්ලොග් අවකාශයේම ඉදන් පොර ටෝක් දෙන හොරෙක්ට අහුවෙලා හිතේ අමාරුවෙන් ඉද්දි තමයි.

    මේකේ ගොඩක් එවුන් බ්ලොග් ලියන්නේ මං පොර කියලා පෙන්නන්න. උන් බහුතරයකගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ තමන්ට නැති සමාජ තත්වයක් මේක හරහා හදාගෙන අනිකාගේ පොකට්ටුවට, ගෑනුන්ට විදීම තමයි.

    මං පොර ජාතකේ නැතිව බ්ලොග් එකක් ලිව්වේ කතන්දර විතරයි. කකා මේකේ ඉන්නවා වගේ බොහොම පරිස්සමෙන් අතේ දුරින් ඉන්න. මුන්ට අහු උනොත් නං උබේ සල්ලි මුදල් ටිකත් නැති වෙලා ඉන්දිකට උනා වගේ හුල්ලන්නයි වෙන්නේ.

    මොකෝ බ්ලොග් ලියන්නෙත් සක්විතිලාය මර්වින් සිල්වලාය රුවන්වැල්ලේ සොභිතලාය ........

    ReplyDelete
    Replies
    1. අනේ පලයං ඩෝ යන්න..කතන්දර බබාද ? බුද්ධාගමට පුලුවන් තරම් වල කපලා..ලංකාවට අංචි ඇදලා ලියපු තරමක් ලියපු රසිකයා තොට පොරක් උනාට අපිට හිකනලෙක් යකෝ...

      Delete
    2. AnonymousMarch 27, 2015 at 7:35 PM

      ප්‍රොෆයිල් කාරයෙක් ඇනෝ ඇවිත්. උපරිම වේදනාවේ සලකුණු. තෙල්බෙහෙත් විකුනනවා, කේන්දරබලනවා, තමුන්ට හතේ හත වැදිලා හිටියත් අනුන්ට සාස්තර කියනවා...

      Delete
    3. සහතික ඇත්ත! කතන්දරකාරයා කියන්නේ කොම්පියුටරේ ඕෆ් කලාමත් පොරක්. ඒක නිසා එයැයිට කොම්පියුටර් පොරක් වීමේ අවශ්‍යතාවක් නැහැ. හොඳ අධ්‍යාපනයක් ලබපු ඉහල රැකියාවක් කරන පිටරටක සැපවත් ජීවිතයක් ගෙවන කකාට.. කී බෝඩ් මහාචාර්යවරයෙක් /දාර්ශනිකයෙක්/ පොරක් වෙලා තමුන්ට සැබෑ ජීවිතේ විඳින්න නොලැබෙන ඇරියස් කවර් කර ගැනීමේ උවමනාවක් නැහැ! මහා සමාජයේ පොරක් වෙන මිනිහෙකුට සීයක් දෙසීයක් කොල්ලෝ කුරුට්ටෝ ටිකකට මැජික් පෙන්නන ජිජැක් කෙනෙකු වීමට උවමනා නැහැනේ!

      Delete
    4. ඔය ඇනෝ මහත්තුරු ටික පෝලිමේ පහලට එන්ඩකෝ ......

      Delete
    5. මේ ඇනෝනිමස් කමෙන්ට් අළුතෙන් ලියපු ඒවා නොවේ. වසරකටත් වඩා පරණ කතාය. මේවාට පිළිතුරු දීමට යාම තේරුමක් ඇති වැඩක් නොවේ.

      මෙතන බලන්න.
      http://kathandara.blogspot.com/2014/03/not-just-my-car-my-petrol-case.html?showComment=1394375562531#c8310613840257833119

      Delete
    6. අහගෙන ඉන්න බැරි තනි උත්තර දුන්නෙ රසික සහෝදරයා... මාත් මීට පස්සෙ සද්ද වහල ඉන්නවා මේ සම්බන්ධයෙන්. හැබැයි කොමෙන්ටු මකන්නෙත් නෑ කව්රුහරි කිව්වොත් මිසක්. උත්තර දෙන්නෙත් නෑ..

      Delete
  8. ඒ දවසේ අන්තිම ටික බොඳවෙලා වගේ බං.හරියට අර එකේ කොටු කොටු දාලා වගේ.පස්සෙ දවසක කමියව අල්ලගන හිමින් සැරේ අහගන්න ඕනේ.(ඌනම් දැන් හිතින් හොදට කියවනවා ඇති ).
    උඹලා මගේ ශරීර කූඩුව ගැන ඊරිසියාවේ.

    ReplyDelete
    Replies
    1. ආරංචියි ආරංචියි ටික ටික. මගේ ඉන්ෆෝ බුවාට දුමින්ද සිල්වගෙ ලෙඩේ හැදෙනවනේ බං බිව්වම..
      ඔය සරීරෙ බස්සගන්න කුළු ගෙඩියක් වත් අරං වැඩට බැහැපන්කෝ...

      Delete
  9. ඔතන ඔය සම්මාන ගත්ත උන් අතර බඩු කාපර්ලා..පොඩි කෙල්ලො පෙන්නන්න බැරි බේබද්දොත් ඉන්නවා. අලුතෙන් බ්ලොග් ලියන උන්ට මුන් තමයි පොරවල්...පව් යකෝ තොපි.

    ReplyDelete
    Replies
    1. ඔය ලොකු මහත්තයත් පහලට එන්ඩකෝ....

      Delete
    2. යකෝ අලුතෙන් ලියන්න ආපු අපිට මේ ඇනෝලා පුදුම ආදරයක්නෙ තියෙන්න...

      Delete
    3. නැතුව නැතුව බං.. සලකනවා ලෙසටම..

      Delete
  10. අටමා වැව් ඉස්මත්තට ආමන්ත්‍රණය කළ ආකාරය ලිව්වා නම් මේ පෝස්ට් එක බොහෝ ජනප්‍රිය වෙන එක නම් ඉර හඳ මෙන් විශ්වාසය.

    ReplyDelete
    Replies
    1. එහෙම ආදරණිය ආමන්ත්‍රනයක් ලබා ගන්ඩ උඹ පිං කරල නැති එක ගැන මට කනගාටුයි , කුසල් රැස්කරපං

      Delete
    2. අම්මේ ඔව්.. ආදරණීය කම බේරෙනවා...

      Delete
    3. ආං දැක්කද ..අපි හැමදාමත් පිං දහං කොරන උන්නෙ...ඒකයි එහෙම කතාකොරන්නෙ...

      Delete
    4. අම්මේ... ඒ තරමට පින් කරලා. කලින් ආත්මෙක උඹ අශදෘශ දානයක් වත් දීල තියෙන්ටැ ...

      Delete
  11. මොනවා නැතත් මඩ ටිකක් නම් එකතු කරන් වගේ......

    \\\බ්ලොග් ලියවිල්ලේ අන්ගුටුමිට්ටෙක් වෙච්චි මට බ්ලොග් රජවරු ගැන මේ විදියට කතාකරන්න හයියක් ආවෙ ඒ උදවිය තමන්ගෙ ගොඩට බොහොම සහෝදරත්වයෙන් මාව පිළිගත්තු විදිය නිසා./// හැම තෙනකදිම හැම වෙලාවකම මෙහෙම වෙනවා නම්....

    ReplyDelete
    Replies
    1. උඹ දැං පැය බාගෙට කලින් බොගට මොනවහරි කරල තිබ්බද , එන්ඩ දෙන්ඩ බැ එහෙම එකක් නැ කියුවනේ බං , පිස්සුනං *&න්ඩ හදන්ඩ එපා

      Delete
    2. එක ජාතියෙ එවුං අවුලක් නෑ බං. ඔය පේන්නේ නැද්ද "හිවල් වරිගෙ එවුං " හඳට බුරනවා මේක පුරාවටම..
      ඔය වැඩකරන්නේ බං. ආ අලුත් පෝස්ටුවකුත් දාල තියෙන්නෙ.. එන්නං බලන්න..

      Delete
    3. වැඩ වැඩ.... ඔන්න අලුත් පෝස්ට් එකක් දැම්මා....

      Delete
    4. ඇවිල්ල යන්ඩ එන්නංකෝ...

      Delete
  12. ඔබ නවකයෙක් ලෙස අවවාදයක් දීමට කැමැත්තෙමි.... බ්ලොග් අවකාශය යනු සාමාන්‍ය සිංහල සමාජයේම නියෝජනයක් යැයි දිනෙක පෙන්වා දී තිබුණි....

    එම නිසා මෙහි සිටින.... බඩු කාරයන්... පොලු කාරයන්.... හොර වෙදුන්.... මිත්‍යාව විකුණා ජීවත් වෙන්නන්... සුරුට්ටු, බෝතල්, කැමරා තකා බ්ලොග් ලියන්නන් ගෙන් ප්‍රවේශම් වන්න....

    ReplyDelete
  13. ඩේට නාස්තිකරන්න එපා
    එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්‍රමාණයක් නිදහස් කරණව ඇද්ද
    මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද
    ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ
    අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ
    ඒ නිසා මේ වගේ බ්ලොග් බලන්න ඩේට නාස්ති කරන්න එපා
    මේ ජාතියෙ බ්ලොග් පොස්ට් එකක් ලියන්න/ බලන්න වියදම් කරන ඩේට ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ
    පරිසර හිතකාමී වෙමු
    බ්ලොග් වර්ජනය කරමු

    ReplyDelete
    Replies
    1. කොයි බිත්තියෙදෑ මචෝ ඔලුව වැදුනෙ. රෆ් එකේද සුද තියපු එකේද?

      Delete
    2. මධු, කපරාරු නොකරපු කළුගල් බිත්තියක් වගකියන්න ඕන මෙව්වට.

      Delete
    3. අපි නොබල ඉන්නම්....එතකොට මේ ඇනෝ අපිට උපදෙස් දෙන්න ඇවිල්ල කොරන්නෙ
      අහවල් එකක්ද?

      Delete
  14. අම්මපා... නියම ලයිව් ටෙලිකාස්ට් එකක් මචං. උඹ තමා මෙතෙක් ඔය ෆන්ෂන් එක ලස්සනටම ඇස් පනාපිට මවපු එකා. හොඳ අනාගතයක් තියෙනවා! කවදා හරි මාතලංලෑ ගානට උඹ එනවා කිව්වොත් මං දන්නවා මාතා සතුටු වෙනවා අනික් අයට වඩා.

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි බං.. ඔලුවට ආපු ටික එක හුස්මට ලියල දැම්ම...

      Delete
  15. සජ්ජගෙ බ්ලොග පැත්තෙ අද තමා මුලින්ම ආවෙ. ඊයේ සම්මාන උළෙලේදී මට මේ ප්‍රොෆයිල් පික් එකේ වගේ මූණක් සෙට් උනේ නෑනෙ බං :D. කොහොම හරි කමක් නෑ සුපිරියට ලියල තියෙනව. ආ කමියා අර වතුර බෝතලේ ගෙන්න කියල කෝල් කරනවනම් දැක්ක. පොර විජලනය උනාද දන්නෙ නෑ ඒක ගේනකන් බලන් ඉඳල හැක හැක. දිගටම ලියමු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විජලනය නං මන්දා ඌ හිටියෙනං මෝචනයවෙලා වගේ

      Delete
    2. මනා, සාදරයෙන් පිලිගන්නවා... වෙස් මාරු වෙනවා කාලෙන් කාලෙට. ඒකයි සීන් එක.. :p .. විජලනේ වෙලා වගේද හිටියේ?? ඔන්න උත්තරේ අදාළ පුද්ගලයාම දීල :P

      Delete
    3. අටං අයිය සහ සජ්ජා සිරාවටම එහෙමද දන්නෙ නෑ. මොකද දන්නවද පොර තනියම ඉස්සරහ මැදට වෙන්නනෙ ඉඳං හිටියේ :D. සමහරවිට මාට්ටු වෙයි කියල හිතිලා වෙන්න ඇති :P.

      Delete
  16. සජ්ජ එලෙසින්ම ලියල තියෙනවා..ඇයි උඹයි මුද්දයි මං කවුද කියලවත් දන්නෙ නැතුව .අටමත් එක්ක එකතු වෙලා බැන්න හැටි.අමතක වුනාද බොලවුනේ

    ReplyDelete
    Replies
    1. මම බන්නේ නෑ වැවෝ .. වචනයක් වත් කිව්වෙ නෑ.. ඇයි බං අහිංසක මාව ගාවාගන්නේ?

      Delete
  17. ඔය උත්සවේට ගිය හැමෝම වගේ දාල තියෙන සටහන් දැක්කාම එතන හිටියනම් කියලා හිතුනා. ඒ එක්කම, නොවැම්බර් දෙසැම්බර් වගේ මාසවල තිබ්බ හැම ගෙට්‍ටුවකටම වගේ මමත් ගිහින් තියෙනවා. ඒත් මේ කාලෙට නම් කොහොමවත්ම විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම තාම මේ වැඩේට ආධුනිකයි ඩූඩ් සහෝදරයා. ආයෙත් දවසක හම්බවෙමු...

      Delete
  18. ඔය කොටවන්න දඟලන ඇනෝ මහත්තුරුන්ට මේ කියන්නෙ. මම දන්නවා ඔය කට්ටියක් කපන ගමන් කට්ටියක් ප්‍රමෝට් කරනවා වගේ දැඟලුවට ඕකට ඔය කොට්ඨාශ දෙකම සම්බන්ධ නෑ කියල. අරය හොඳයි මෙයා හොඳ නෑ කියල ඒ දෙගොල්ලත් කොටෝල මෙතන කේලම් හගිස්සවන තැනක් කරන්න දඟලන්න එපා.
    තමන්ගෙ ඇරියස් කවර් කරගන්න වටේම එවුං කොටවල ඇරියස් තියන එකාට බැනල තුච්ඡ සතුටක් ලබන හැටි මෙතන කතන්දර වලින් මට පේනවා. අලුතෙන් බ්ලොග් ලියන්න ආවට ඔහේ රැල්ලට ලියන එකෙක් නෙවෙයි මම. මේ කෙරුවාවෙ තියන කතන්දර, බලුකම්, කුපාඩිකම්, පොන්නකම් වලින් සෑහෙන්න මමත් ඉගෙනගෙන තියනවා. ඇනෝ මහත්තුරු, උඹලට තව එක දෙයක් අමතක වෙලා, මේකේ අර අහවල් එක නිසා ගෙම්බෝ වෙලා ඉන්න එවුං ටිකකුත් ඉන්නවා. ඒ වගේම ඇත්ත ප්‍රොෆයිල් වලින් ඇවිල්ල කෙලින් කියල ඇරියස් කවර් කරගන්න කොන්ද පණ නැති චීත්ත , ජංගි අඳින එවුං සෙට් එකකුත් ඉන්නවා.උඹල කියන විදියට බ්ලොග් ලියනවා නං ලියන්න ඕන පරමාදර්ශී චරිත ටික විතරයි, ඉගෙනගත්තු උපාධි ගහපු එවුං ටික විතරයි, සල්ලි කාර වලව්කාර පැලැන්තිය විතරයි. එහෙම වෙනවා නං මේකේ ඉතුරු වෙන්නෙ බ්ලොග් කීයද? උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්. සමහර උගත් එවුං බුද්ධිමත් නෑ, බුද්ධිමත් එකා සමහර වෙලාවට උගත් නෑ. හැකියාවයි සමාජමට්ටමයි හැම වෙලාවකම එකටම යන්නෙ නෑ. සමහර වෙලාවට ඉහළ සමාජ මට්ටමේ එකාට මෙලෝ හැකියාවක් නෑ, ඒ වගේම සමහර හැකියාව තියන එවුන්ට ඉහළ සමාජ මට්ටමක් නෑ.
    දිය යටින් ගින්දර ගෙනියන එවුන්ට වඩා උඹල කියන ඔය පහත් කැටගරියේ එවුං වැදගත් විදියටයි මම නං දකින්නේ. ඔය කියන විදියට බ්ලොග් ලියන්න රහත් වෙලා එන්න ඕන. හැබැයි බ්ලොග් ලියන එවුං රහත් වෙන්නෙත් නෑ, රහත් වෙච්ච එවුං බ්ලොග් ලියන්නෙත් නෑ.
    ඔච්චරටම ඇරියස් තියනවා නං ඔය කියන එවුන්ට හරි නමින් ඇවිත් කෙලින් බැනපල්ලාකෝ මිනිස්සු වගේ. හැංගි හැංගි ආඩපාලි කියවන්නෙ නැතුව. කොන්ද පණ නැතිකම ප්‍රදර්ශනේ කරන්නෙ නැතුව.
    ඔය කියන විදියට උඹල කියන ඔය විසකුරු අයියල නිසා කෙලවුනොත් කෙළවෙන්නේ මටනේ. හරි නමකින් ඇවිත් උපදෙසක් දුන්න නං පිළිගන්නවා කියමුකෝ. වටේ කැරකි කැරකි අනුන්හේ ලබ්බවල් ඔක්කොටම හොට දදා ඉරිසියාවේ පුපුර පුපුර ඇරියස් කවර් කරගන්න දඟලන උඹල ගැන දුකයි බං. උඹලා ඔය බල්ලට දාල කතාකරන "මෝඩ බාසුන්නැහැ" හිත හොඳ එකෙක් කියල මම දන්නවා. මට ඒ ඇති. මිනිස්සුන්ගෙ තත්වය, රස්සාව, කොම්පියුටරේ on කලාම පොර, ඕෆ් කලාමත් පොර විදියේ කට්ටියටත් මම ගරු කරනවා. හැබැයි ඔය හැමෝගෙම ඇතුලේ මනුස්සකම තියනකල් විතරක්. මනුස්සකම නැති දාට බකිංහම් පැලස් එකෙන් බැහැල අචාර වෙඩිමුර ගහගෙන ආවත් ඌව මං නං සලකන්නේ බල්ලෙක් විදියට.
    මෙච්චර දේවල් කියන්න තරම් ලොකු ටෝක් දෙන්න තරම් මම මේ සීන් එකට ලොක්කෙක් නෙවෙයි. මමත් උඹල කියන විදියේ කොම්පියුටරේ ඕෆ් කලාම තුට්ටු දෙකේ පොරක් වෙන්නැති. හැබැයි ඕනෙ එකෙක් ඉස්සරහ මේවා කෙලින් කියන්න තරම් කොන්දක් මට තියනවා. අනිත් එක සහෝදර කමට මෙතනට ඇවිල්ල කොමෙන්ටුවක් දාල යන, වචනෙකින් හරි දිරිගැන්වීමක් කරන එවුන්ට "නෝ වෙයා" ඇවිත් මඩගහන එවුං සම්බන්ධව මටත් ඇරියස් එකක් තියනවා. ඒ ඇරියස් එකට ඔබතුමන්ලාගේ ඇරියස් එක හම්බවෙන්න ඕනෙ නං ඔය බ්ලොග් හමුවකදී ඇවිත් කෙලින් මූනට මූණ කතාකරමු. හැංගි හොරා ඇනෝ පොර ටෝක් දෙන්නෙ නැතුව. එදාට ඔය කියන උපදෙස් ටික දෙනවා නං මං හොයල බලල ඉස්මුදුනෙන් පිලිගන්නන් ඒවා මට අදාළ නං.

    ReplyDelete
    Replies
    1. මත්වූ ගජිදෙකු සමග සටනට යතත් ඇනෝවෙකු සමග සටනට යාම කිසිසේත්ම ප්‍රඥා ගෝචර නොවන බවත්, සියතින් තම උදරය කපාගෙන සේප්පකු කර ගැනීම ඊට වඩා යහපත් බවත් අනුවන දනන් වෙත වැදෑරු උන්වහන්සේ ඉනික්බිති නිහඬ වූ සේක.
      නුතන ඇනෝ වංශය , පරිචේදය 10 , පිටු අංක 1380

      ....


      ඔය සජ්ජා වගේ බ්ලොග් ලෝකෙට ආපු මුල කාලෙදීම ඇනෝලා එක්ක වලි දාගත්තු තවත් ඔයා වගේම කට්ටිය දැන්නං තැන්පත් වෙලා වත්ත අඳුනගෙන පිලිවෙලට කරගෙන යනව. ඒ අයත් කියන ඕන දේකට ඉයෙස් සර් කියාපු රැළක් එක්ක හිටපු නිසා මුල කාලෙ කෙහෙල් කොටුවට පැන්න මිත්‍ර සෙනවිය වගේ වෙන්න ගිහින් පස්සෙ අම්බානෙක කාල, නාල හැදුන. ඔබතුමත් මෙතන හෙය්යො කන පලාගන්න සූදානම් පොඩි කොල්ලො ඉන්න තැනක් කියල මුලා වෙලා ඉල්ලන් නොකා ඔය උඩ කියල තීන ඇනෝලගේ මිතුරු උපදෙස් අරන් හැදෙන්න බලන්න.

      එහමත් බැරි නං ඇනෝ කොමෙන්ට් වහලා දාන්න. හැබැයි එතකොට තේරෙයි ඇනෝලා නැතිව බ්ලොග් එකක් කරන්න පුලුවන්ද කියලා. මේ දැන් මේක බලන ප්‍රමාණයෙන් හතරෙන් එකක් හිට්ස් නෑ.

      ඇනෝලා එක්ක හැප්පිලා, පුක බිම ඇනුනාම පස්සේ දැන් වැරදි හදාගෙන පාඩුවේ ඉන්න කිහිප දෙනෙක් තමයි ඔය මෙෂින් බිජ්ජා, මීමුරේ මාමා, මෝඩයා, වැඩ පිදපු මොටයියා, කෙන්ජි බිල්ලා, ගුතලන් වගේ උන් කියන්නේ.

      චුටියාට අදට ඇති. උපරිම වේදනාවෙන්නේ ඇත්තේ.

      Delete
    2. අනේ පුක දියං පොන්න කැරියො...පෝස්ට් දෙක තුනක් දාගෙන කැරියා පොර වෙන්න එනවා...අරිනවා පුකේ පලු ගැලවෙන්න...මාරයාගෙන් අහපන් පුකේ මැහුම් කීයක කියලා.

      Delete
    3. මේ ඇනෝ අයියලා වෙත...

      මේකයි.. නෙළුම් යායට යනකම්ම මමත් මේ එකෙක්වත් අඳුරන් නෑ.. හැබැයි ගියාට පස්සෙ
      මුන්ව අඳුරගත්තා..කතාබහ කලා..එහෙමයි කියල මෙතෙන්දි මට සජ්ජව බේරගන්නවත් අනික් වුන්
      හොඳයි කියන්නවත් කිසිම වුවමනාවක් නෑ...අනික බ්ලොග් ලෝකෙ විතරක් නෙමෙයි ලෝකෙ කොතන උනත් උඹල ඔය කියන
      කැපිලි ඇරිලි තියෙනවා... එව්වා කොතෙන්ටත් පොදුයි..
      හැබැයි එහෙමයි කියල උඹල කියන විදියට මේ බ්ලොග් කෙරුවාව කොරන්න ගියොත් ගොඩාක් උන්ට මේක අතාරින්න වෙනවා..
      ඒක සාදාරන නෑ..අනික බං උඹල ඔය හැටි අපිට ආදරේ නම් මොනාටද ඇනෝ ඇවිත් මෙහෙම කිච වෙන්නෙ?
      මොකද ඇනෝ ඇවිත් මේ හැටි කියවද්දි මට නම් හිතෙන්නෙම පරණ ඇරියස් කවර් කොරගන්න උඹල
      ට්‍රයි කරනවා කියන එක විතරයි...

      අනික ඇනෝ වහන්න කියල කියන උඹල බං අපේ හොඳ කමින් අපිටම අරින්න හදනවනෙ..
      සජ්ජා වගේම මාත් බොගට අලුත්... අපි ඇනෝ තියල තියෙන්නෙ හැමෝටම රසවිඳින්න වගේම විචාරයටත්
      අවස්ථාව දෙන් ඕනි නිසා. ඉතින් ඒ තියෙන අවස්ථාවින් ප්‍රයෝජන අරං අනුන්ගෙ ඉඩක උඹල පූදින එකත් සාදාරන නෑනෙ බං...

      උඹල හිතනවනම් බං මෙව්වට අපි වේදනා විඳිනවා කියල, මට නම් ඉතින් කියන්න තියෙන්නෙ.. සජ්ජෝ මුන්ට අනුකම්පා කරමු කියල තමයි.

      Delete
    4. මේ ඇනෝනිමස් කමෙන්ට් අළුතෙන් ලියපු ඒවා නොවේ. වසරකටත් වඩා පරණ කතා ය. මේවාට පිළිතුරු දීමට යාම තේරුමක් ඇති වැඩක් නොවේ.

      Delete
    5. සජ්ජා පළ ඇති රුක් වලට පක්කු ගල් ගහනවා.. උඹ ඒවා ඇහිඳගෙන තියා ගනින්.. මෙමරිස් හැටියට විතරක්.. පොන්නයන්ට ආතල් දෙන්න යන්න එපා.. මල වදේ..

      Delete
    6. කතන්දරට පින්

      බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් පෙරුම් පුර පුර හිටියෙ. එ උනාට ක්‍රමය නොදන්න කමින් හිටියෙ. කතන්දර මල්ලි තමයි සියලුම විස්තර ලබා ගන්න්න පුලුවන් මෙන්න මෙතන http://www.sinhalabloggers.com/ කොටන්න කියල එව්වෙ. ඉතින් මල්ලි ඔයට ගොඩක් පින්. (අපේ ක්‍රමයට තෑන්ක්ස් කරන්නෙ එහෙමයි )

      ..

      ඔන්න ඔය විදියට බ්ලොග් පටන්ගත්තු ගුතලනයා අන්තිමට කකාටත් මඩ ගැහැව්වා.

      Delete
    7. වසරේ හොදම බොග් කරුවා ගූ තලන...ගූ තලනයා ලියන කුණුහරුප බොග හොදම බොග නම් සම්මාන දුන්න උන් කුඩු ගහලද උන්නෙ...මේක යූඇන්පී ඩීල් එකක්...අහෝ සිංහල බොග් කලාව වල පල්ලට ගිය හැටි..කකා මේවා දැක්කා නම් පපුව පැලිලා මැරෙන්නෙ.

      Delete
    8. කකා නෙමෙයි අම්මා තාත්තා උනත් කක්කා වැඩ කලා නම් මාතලන් එහෙම තමයි..

      Delete
  19. මේකෙ ඇනෝ දාපු මහත්තුරුන්ට මේ කියන්නෙ ......
    මූනට හම්බ උනාම නැට්ට පුකේ ගහගත්ත බල්ලො වගේ ඇඹරිලා මම නං ඇනෝ දාන්නෙ නෑ මම අවංකයි කියල පස්සෙ ඇනෝ ඇවිත් බනින උබල වගේ පොන්නයන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි.....
    වහ ටිකක් බීල මැරියන්.......
    ඒක උඹලගෙ ගෑනුන්ට දරුවන්ට උනත් නම්බුයි
    අනුන් ඇරියස් කවර් කරන එක ගැන මාර පුකේ අමාරුවෙන් කියවන උඹල, උඹලගෙ ඇරියස් කවර් කරන හැටි දැක්කම මට නං පුකෙන් හිනා ....

    ReplyDelete
    Replies
    1. ඇනෝපිලිස්..පුක පලාගන්න ආසද...ගඳ යන්න නාගෙන ආවා නම් මේ පැත්තට... පුකේ දාර යන්න අරිනවා..ගෝනි ඉඳිකට්ටක් අරගෙන මැෂින් බිජ්ජත් එක්කම වරෙන්..මැෂින් බිජ්ජට රු 100 බිස්නස් හොඳට පුරුදුයි...කාලයක් කට වන වෙලත් හිටියා...

      Delete
    2. අනේ බුදු සර් නෑ... මං අහිංසකයි.... අවුරුදු උත්සවේට එන්න ඉන්නෙ ...මට මුකුත් කොරන්ඩ නම් එපා... මට බයයි.. මං අහිංසකයි ....

      Delete
    3. හරිම දරුණුයි නෙ බලාගෙන ගියාම..

      Delete
  20. හික්ස්
    මරු මචෝ.... මරු කියන්නෙ මරේ මරු....
    ඒක නෙවී අර දේශ එනව එනව කිය කිය හිටපු එකාට මොනවත් කියලනෑ නෙ
    හිහි
    මං දැක්ක ඕනය නං නෙලල තියෙනව හතර වටේ හිහි

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු වේවා... මොකද්ද අකරතැබ්බයක් වෙලා කියල දාල තිබ්බ නේද? පොඩි එකාට අසනීප වෙලා කියල.

      Delete
  21. සජ්ජා , ඇනෝලට උත්තර නොදී හිටපන්, නැත්නම් අපහාස කරණ ඇනෝ කමෙන්ට් මකපන්. මුන්ව හදන්න යනවට වඩා හොදයි පිං හරකෙක් සබන්දාල නාවනව.
    එදා උත්සවය අවසානයෙන් පසු පැය 5 ගැන කවුරු හරි ලියනකම් මම බලන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් මේ ඔය ටික අහගන්න තමයි ඉන්නෙ.... අපි ආවට පස්සෙ මොනාහරි වෙලා තියෙනවා... මුං අපිව හලලා...... 21 ට වැඩීනෙ අපි...

      Delete
    2. එපා මචං ඇනෝ වහන්නත් එපා මකන්නත් එපා වුන් ගන්නෙ මෝඩ ආතල් කියලා අපි දන්නවනේ.

      Delete
    3. සජ්ජා පළ ඇති රුක් වලට පක්කු ගල් ගහනවා.. උඹ ඒවා ඇහිඳගෙන තියා ගනින්.. මෙමරිස් හැටියට විතරක්.. පොන්නයන්ට ආතල් දෙන්න යන්න එපා.. මල වදේ..

      Delete
    4. ගූ තලනයා පොන්නයෙක්...මුගෙ ගෑණි පිට ගිහින් ඉන්නෙ දැන්...කලු වීරයා තමයි තියාගෙන ඉන්නෙ.

      Delete
    5. පොන්නයෙක් හොඳම බ්ලොග් කාරයා වෙනවා කියන්නේ පිරිමින්ට කොයි තරම් නිගාවක්ද...?

      Delete
    6. ඒක තමා.. ආයේ ඔව්වට මුකුත් කියන්ඩ යන්නෙ නෑ. මගේ තැන ඉඳන් මෙතෙන්ට එන යන උන්ට ගහනකොට බලන් ඉන්න බැරි උනා. අයෙත් ඒ ගොන් වැඩේ කරන්න යන්නෙ නෑ... කව්රුහරි කිව්වොත් මිසක් මකන්න යන්නෙත් නෑ. ගොන් හැතිකරේ ආතල් ගත්තාවෙ..

      Delete
    7. අනේ බං ගූ තලන...මේක යූඇන්පී ඩීල් එකක් කියලා මොන්ටිසෝරි හුජ්ජ කොල්ලත් දන්නවා..යහපාලනේට කඩේ ගිය උඹට දීපු තෑග්ගක්...උඹම හිතහංකො උඹ ලියන කුණුහරුප වලට වඩා හොදට ලියන වෙන උන් නැද්ද කියලා..රෙදි ඇදගෙනද බං ස්ටේජ් නැග්ගෙ සම්මාන ගන්න.

      Delete
    8. අපි තිපි වගේ රෙදි අඳින්නේ නෑ.. ඩෙනිම ගහලා නැග්ගේ.. වෙන එකෙක් දෙන්නෙක් ඉන්නවා.. ඒක තොපේ ඉරිසියාවට තොපි නොකිව්වට මම කියලා තියෙනවා.. උඹලට තියෙන අලුත්ම වනේ තමයි සජ්ජා.. ඌව නම් වට්ටන්න උඹලට ඉඩ දෙන්නේ නෑ.. කාළකන්නි හැත්ත..

      තොපේ මහ එකා කඩේ ගියාට තොපිට හූණූ බිජ්ජක් වත් දුන්නද.. අපි යහපාලනේටත් ගහලා දවස් සීයෙන් උන්ගෙන්ම සම්මානත් ගන්නවා.. ඒකයි යහපාලනේ වෙනස.. අපි තොපි වගේ සට්ටැඹියෝ නෙමෙයි.. තිපි කව්ද කියලා ඔක්කෝම දන්නවා..

      Delete
    9. ඩෙනිම ඇන්දට තොගෙ පොන්න පාට නම් නැති වෙලා තිබුනෙ නෑ. හරියට දෙන සම්මානයක් අරං පෙන්නහං..තොට කුසලතා සහතිකයක් වත් නෑ...කකා එහෙමයි කිව්වෙ ඊයෙ රෑ.

      ගූ තලනයගෙ ඇට තලාගන්නෙ යහපාලනයට කෙලවුන දාට. උඹ හරි බොග් කාරයා කියලා හිතාන ඉන්න ෆැන්ටසියට කෙල වෙන්නෙ එදාට....ඇත්තමයි උඹ පොන්න පාටයි බං.

      Delete
    10. සද්ද නැතුව ඉමු මාතලන් සහෝදරයා... ලෙඩ්ඩු...

      Delete
    11. ඇනෝ , රෙද්ද ගැලවෙන්න බැනුම් අහලත් , ඒ මනුස්සයගෙ අතින් මාතලන්ට සම්මාණයක් දෙනව. මාතලනුත් ඩෙනිමක් ගහල , සෙරෙප්පු දෙකක් දාල ගිහින් සම්මානෙ ගත්ත ( උඹ දැක්කනෙ) , ඔන්න ඕකයි බං යහපාලනේ.
      ඇරියස් කවර් කරන්ඩද මචං ඇනෝ එන්නෙ.

      Delete
    12. අපේ ඇට තලන්න කොහෙන්ද බං පොන්නයන්ට ඇට... මුන් නම්බර් වන් පොන්නයෝ.. සයිබර් ෆෙස්ටිවල් ආවම බලාගන්න පුළුවන් මුන්ගේ පොන්න ඩාන්ස්... මේ පොන්නයෝ ගොඩක් එදාට එනවා.. උන්ලුනේ ලංකාවේ බ්ලොග් කලාවේ අයිති කාරයෝ.. මේක ගොඩ ගන්න අමාරු පොන්නයෝ ටිකක් මේක පටන් ගත්ත කරුමය නිසාමද කොහෙද..

      පොන්නයන්ට මේවා ලොකු දේවල් උනාට.. සම්මාන කියන ඒවා පයිසෙකට ගනන් ගන්නේ නෑ මම නම්.. කටෙයි පුකෙයි බ්ලොගෙයි හැම තැනම එල්ලගෙන ද්ඟලන්න.. මම ආවේ බ්ලොග් වලට මේ තාක් කාලෙකට තිබුන ඉහලම ප්‍රණාම උළෙලට සහභාගි වෙන්න.. උඹලා මොනවද මේ තාක් බ්ලොග් වෙනුවෙන් කරලා තියෙන්නේ..

      කරපු එකම දෙ තමයි.. හිටබු බ්ලොග් කෙල්ලෝ එලවපු එකයි.. මේ වගේ අළුතෙන් එන ටැලන්ට වලට පොන්නයෝ වගේ ඇවිත් කමෙන්ට් දාන එකයි..

      පුළුවන්නම් කරපු එක දෙයක් ලියපල්ලා..

      Delete
    13. මාතේ, මම මුගේ බ්ලොග් එකට ආවේ උඹ කොහේ හරි ලියල තිබුනා උඹටයි, සජ්ජටයි පලු යන්න කෙළින්න හදන සීන් එකක් යනවා කියලා.
      ඒ නිසා තමයි මම මුගේ බ්ලොග් එකට ගොඩ උනේ.
      උඹ මෙතන කියල තියෙන එක සීන් එකක් තියෙනවා ගොඩක් සිතිය යුතු දෙයක්...
      ///කරපු එකම දෙ තමයි.. හිටබු බ්ලොග් කෙල්ලෝ එලවපු එකයි.. මේ වගේ අළුතෙන් එන ටැලන්ට වලට පොන්නයෝ වගේ ඇවිත් කමෙන්ට් දාන එකයි..///
      උඹල මෙන්න මේ සිද්ධි වෙච්ච කාලේ ඒවට බැක් කලා මදි. මට මතකයි ඒ කාලේ ඒ කෙල්ලෝ තනියෙන් ගේම ගොඩ දා ගන්න හැදපු හැටි, එහෙමත් හදල බැරිවෙලා බ්ලොග් ලිවිල්ල අත ඇරලා ගියපු හැටි...
      උන් ලිව්වේ සමනළ කතා නෙමෙයි බං... ජීවිතේ... ජීවිතේ ජීවත් කරවපු හැටි...
      මම අදටත් දුක්වෙනවා අපි හැමෝටම ඒ කතා අහල ඉවරයක්‌ කරගන්න නොදීපු අර රංගලා, මාමල වගේ අවලං බල්ලෝ මේ ලෝකෙට ඉපදීම ගැන...

      සජ්ජා, උඹ මොන යකෙක් උනත් කෙළින් කතා කරන එකෙක්...
      අපි දිගටම ලියමු...
      පුළුවන්නම් මේ කළු සුදු මගුල අහක් කරලා ඇස්වලට අමාරු නැති විදිහට බ්ලොග හදා ගනින්
      මේක කියවද්දී මගෙනම් ඇස්දෙක රිදෙනවා...

      Delete
    14. කෙළින් කතාකරලා යමක් විසඳගන්න පුළුවන් කියන මතයේ මම ඉන්නෙ සහෝදරයා. වටේ ගිහිං වැරදි අවබෝධ ගන්නවට වැඩිය කෙලින්ම මූණට අහල, කියල දැනගන්න එක කොයිතරම් හොඳද, කොයිතරම් සිම්පල්ද...
      කළු සුදූ සීන් එක ගැන පොඩ්ඩක් බලන්න ඕන. සාදරයෙන් පිලිගන්නවා "ලොකු පුතා" සහෝදරයා... ජයවේවා!!!

      Delete
  22. මහේෂ් මටනම් මතක නෑ කොල්ලෝ, ඔතනින් ගියා එච්චරයි ඉතිරි ටික මතක නෑ. 21 කියන්නෙ හංවඩු ගහන වයසනෙ බං කොහෙද මකබෑ උනේ. අපි පාන්දර 2 ට කොටුවෙ බස් හෝල්ට් එකේ හිටිය, එන්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම විස්තරේ කිව්වා අරූ. සවිස්තරාත්මකව අහගන්න ඕන.

      Delete
  23. මේවා කියවද්දී දුකයි :( ඔයාලව දකින්න තිබ්බ චාන්ස් එක මිස් වුණා නේද කියලා

    ReplyDelete
    Replies
    1. එහෙනම් බේර ගන්න වෙන්නේ නෑ.. සජ්ජා හෙන හැන්ඩියා.

      Delete
    2. මාතලන් සහෝදරයා.. ඔන්න මුරුංග අත්තේ කරටියටම නැග්ග එහෙනං :P

      Delete
  24. අම්පල්ල එන්න දුන්නෙ නැති බෝසාගේ බෙල්ල මිරිකන්න හිතෙනවා..
    දෙසැම්බර් 6 පොඩි මෙන්ඩියාගේ උපන්දිනේට උඔලා හැමෝම හම්බවෙන්නම්..
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා බං.. ඒ උනාට මෙන්ඩ ඔහොම කිව්වට එකෙක් වත් ගල් ගහන්නේ නෑ..

      Delete
  25. //යකෝ අපේ උන්දැ වළන් හූරනව ඔයිට ලස්සනට//

    උළෙලේ හොඳම කතාව!!

    ReplyDelete
    Replies
    1. ඕක කියපු විදිය ඇහුණා නං ඉල ඇදෙනවා.....

      Delete
  26. සජ්ජා එනකොටම හොඳ ගානේ නේ හිටියේ. මේකේ තියෙන කමෙන්ට් ටික කියවලා ඉවර වුණාම, පොස්ට් එක අමතකයි. ආපහු ගිහිං බලන්න වුණා. ඔය වගේ අසහන කාරයෝ ඉන්නවා. උන් හිතාගෙන ඉන්නේ පැස්බරා වැල්ලේ ඔලුව හංගන් හිටියා වගේ හිටියම හරි කියලා. බොහෝ දෙනෙක් දන්නවා කවුද පොර කියලා. මේවට උත්තර දෙන්න කාලේ ගන්න එපා. උඹේ ගමන උඹ පලයන්. සම්මාන අරව මේවා වැඩක් නෑ, අපි කලින් නොදැකපු සෙට් එකක් හමු වුණානේ. ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. හම්බවෙලා සුහදව කතාකරපු එකම මදිද සුදීක අයියා.. මට නං ඒකම ලොකු දෙයක්.
      එක තමයි. ඕන මගුලක් කියාපුදෙන් , පාඩුවේ ඉන්නවා සහ ඔය මද ගහන්නේ කව්ද කියලත් දන්නවා. ඇත්තටම සම්මාන නෙවෙයි වටින්නේ , මිනිස්සු. ජයවේවා...

      Delete
    2. ඒ සුදික තාම අර ඩොස් ගේම් එක හදලා ඉවර නැද්ද බං? අපි හෙන අසාවෙන් ඉන්නේ සුදිකගේ ඩොස් ගේම් එක ගහන්න. අපරාදේ ඒකට සම්මානෙකුත් ගන්න තිබ්බා ටිකක් කලින් එලියට දැම්මා නං.

      Delete
    3. උඹ කවුද කියලා දැන් හොඳටම තේරෙනවා ඇනෝ. උඹට ඔය ඉරණම අත් වෙලා තියෙන්නේ උඹේ තියෙන කුහක කම නිසා.

      Delete
    4. අදාළ බුවාට කෙලින්ම ඇත්ත නමින් දාපු කොමෙන්ටුවට තාමත් කිසිම ප්‍රතිචාරයක් නෑ සුදීක අයියා.. හොරෙන් වටින් ගොඩින් එන වැඩේට අකමැති නිසා හරියටම මං කව්ද කියල හොයාගන්න විස්තර ඔක්කොමත් ප්‍රොෆයිල් එකේ දාල අඳුනගන්න පුළුවන් පින්තූරෙකුත් දාලයි කොමෙන්ටුව දැම්මේ . එළිපිටම.

      Delete
    5. කෝ ඔය එළිපිටම දැම්මා කියපු කොමෙන්ට් එක?

      Delete
    6. කියපල්ලකෝ ඒක තියෙන තැන, මොකක්ද මේ සිද්දිය කියලා දැනගන්න අපිටත්.

      Delete
    7. මඩින් නැතුව ගොඩින් ආවොත්..

      Delete
  27. මරුවා ඔය මගුලෙ හිටියා ...මෙලෝ රහක් තිබුනේ නෑ.....

    ReplyDelete
  28. නෙදකින් ** අටමා මම පළවෙනියට ඕකව හම්බ වෙච්චි දවසෙ මුලින්ම කිව්වේ "අඩේ උඹත් කොටෙක්නෙ බං කියල !"

    ReplyDelete