දෙකට නැවී ජාතිය පාවාදීම


 
වැඩිහිටියන්ට අපිනම් ගරු කරන්නෙ දණ ගහල කකුල් දෙක අල්ලා වැඳලා. අම්මට තාත්තට නෑදෑයන්ට වගේම ගරු කරන්න ඕන අයට අපි දණගහල වඳිනවා. කතෝලිකයො ගොඩක් වෙලාවට වඳින්නේ නෑ. ඒත් අපේ සංස්කෘතිය එක්ක බද්ධ වෙච්ච සමහර කතෝලිකයොත් වැඩිහිටියන්ට, ගරුකලයුත්තන්ට දණගහල වඳින්න පැකිලෙන්නේ නෑ. දෙමළ , මුස්ලිම් උදවිය ඔය වැඩේ කරන විදිය ගැන ඒ තරම් අවබෝධයක් නැතත් ඉස්කෝලෙ ඉද්දි නං ඒ සහෝදරවරු අපූරුවට ගුරුවරුන්ට වැන්දා මතකයි අවශ්‍ය අවස්ථා වල. තැනක් නොතැනක් නැතුව ගරුකටයුතු උදවියට දණගහල වඳින පුරුද්ද තාමත් මට තියනවා. අදටත් පවුල්කාරයෙක් උනත් රෑට නිදාගන්න යන්නෙත් අම්මට තාත්තට වැඳලා. ඔය වඳින වැඩේ නිසා සිද්ධවෙන කාරණා කීපයක්ම තියන බව අත්දැකීමෙන් දැනෙනව මට නං.


අපි කාටහරි වඳිනකොට අපේ හිතේ ඒ පුද්ගලයා පිළිබඳව ගරුකටයුතු හැගීමක් නිතැතින්ම ඇතිවෙනවා. වැඳුම් ලබන පුද්ගලයාගෙ හිතේ ඇතිවෙන දේවල් අරිට වඩා ගොඩක් වැඩියි. තමන්ට වඳින පුද්ගලයා පිළිබඳව ආදරයක්, කරුණාවක්, පහන් හැගීමක් වගේම යම් වරදක් කරලා තියනවනං එකට සමාව දෙන්න පෙළඹෙන ගතියකුත් ඒ තුලින් ඇතිවෙනවා. "අනේ මොනවා උනත් කකුල් දෙක ළඟ වැටිලා වඳින මූ හිත හොඳ එකා" කියල හිතෙනවා වැඳුම් ලබන පුද්ගලයට. ඔය වැඳිල්ල නිසා ගොඩ ගිය වාර අනන්තයි මම නං. කොහේ හරි රස්තියාදුවක් ගහන්න ක්ලාස් කට් කරන්න ගියත් යන්නෙ වැඳලා තමයි. යනකොට සැක හිතන්නෙ නෑ එතකොට. හෙනම කුපාඩි වැඩක් තමා ඉතිං අම්ම තාත්තා රවට්ටනවා කියන එක. ඒත් ඉතිං අවිචාර සමයේ කොළු කමට කරන දේවල් ඉතිං වෙනස් වෙන්නෙ නෑ නොවැ. වැරද්දක් කරලා ගෙදරට අහු උනාමත් ෂේප් කරගන්නෙත්  වැඳලා තමයි. එහෙම බැලුවහම ඉතිං වඳින එකේ අරුම පුදුම බලයක් තියනවා. මගේ යාලුවෙක් ඉන්නවා , ඌ අපේ ගෙදර ඇවිල්ල යනකොට වැඳලා යන්නෙ නැත්තේ ගෙදර ඉන්න බල්ලන්ට විතරයි. අලි පැටිය වගේ හතරගාතේ දාල අපේ අම්මට වඳිනකොට අපේ අම්මගෙ ඇස් දිලිසෙනවා මට පෙනිලා තියනවා. ගියාට පස්සෙ "අනේ හොඳ කොලුවා, පොඩි එකා වාගෙ කොච්චර දඟ වැඩ කලත්" කියල අපේ අම්මගෙ කටෙන් පිටවෙනවා හැමදාම. වැඳිල්ලෙ බලේ කියන්නෙ ඕකට තමා. බීල ගහගෙන තියා මොනා දහදුරා වැඩේ කලත් අපේ අම්මට ඌව ලොකුයි , යනකොට  වැඳලා යන්නෙ නැති අනිත් යාළුවන්ට වඩා. 


 පොල් ගෙඩියක් ගාල දෙන එකෙන්, පොඩි පොඩි අඩුපාඩු ගැන කිව්වම මතක තියාගෙන ඉඳල ඒවාගෙනත් දෙන එකෙන් ලේසියෙන් ෂේප් කරගන්න පුළුවන් අපේ අම්මලා ගමනක් ගිහිං එනකොට මල් පැළ දෙකතුනක් අරන් එන එකෙන් හොඳටම ශේප් කරගන්න පුළුවන් කියන තියරිය ප්‍රකාශයට පත් කලෙත් අරූ ම තමා. ඔය කතාව කිව්වෙත් ට්‍රිප් එකක් ගිහිං එනකොට නුවරඑළියෙන් උන්ගේ අම්මට මල් පැළ වගයක් අරගන්න ගමන්. මමත් මල් පල වගයක් ගෙනත් බැලුව උගේ තියරිය කොහොමද කියල. වැඩේ අත්දුටුවයි. කොළුකාලේ ට්‍රිප් යනකොට කොල්ල නැති පාළුවෙන් මූණ එල්ලගෙන ඉන්න අම්මලගෙ නුරුස්නා ගතියට නියම බේත. පොඩ්ඩක් ට්‍රැක් එකෙන් පැන්නද මන්ද. කොහොමින් කොහොමින්හරි මම අදටත්  ඕනෑම යාලුවෙක්ගෙ ගෙදර ගියාම එනකොට එන්නේ ගෙදර බල්ලට ඇරෙන්න වැඩිමල් ඔක්කොටම වැඳලා.

වැඳිල්ල ගැන කතාකරනකොට ගෑණු තමුන්ගෙ මිනිහට වඳින එක ගැනත් පොඩ්ඩක් කියන්නම්. අළුත් අවුරුද්දට අපේ අම්ම අපේ තාත්තට බුලත් දීල වඳිනවා. අදටත් ඒ දිහා බලන් ඉන්නකොට මගේ හිතට මහා පුදුමාකාර හැඟීමක් දැනෙනවා. මම දැකල තියනවා ඒ වෙලාවට තාත්තගේ ඇස් වල කඳුළු. කඳුළු ඇස් වල පුරෝගෙන තමුන්ගෙ ආදරණීය බිරිඳ වැළඳගන්න, කඳුළු ඇස් වල පුරෝගෙන තමුන්ගෙ ස්වාමියට තුරුල් වෙන ඒ අවස්ථාව පුදුමාකාර විදියට හැඟීම්බරයි. මගේ ආදරණීය බිරිඳත් අලුත් අවුරුද්ද දවසට ඒ විදිහටම මට හැඟීම්බරවෙන්න සලස්වනවා. එතන ඇතිවෙන්නෙ පුදුමාකාර බැඳීමක්. කාන්තා විමුක්තිවාදීන් රෙදි උස්සගෙන මේකට විරුද්ධව කතා කරාවි. ගෑණි මොකටද මිනිහට වඳින්නේ කියල. නිකමටහෝ ඔය වැඩේ තහනම් කළා කියමුකෝ. එදා ඉඳල අවුරුදු දාට  මං මගේ ගෑණිට වඳිනවා කිසිම හිතේ කහටක් නැතුව, ඒ හැඟීම ආයෙත් මට ලබාගන්න ඕන නිසා.  ඒක ඒ තරමටම හදවතට සමීපයි. එහෙම බැලුවම වඳිනවා කියන්නෙ මහ පුදුමාකාර විදියේ සම්බන්ධතාවයක්, බැඳීමක් ගොඩනැගෙන ක්‍රියාවක්.



අත්දෙක එකතුකරලා පපුව මට්ටමට ගෙනැල්ල  "ආයුබෝවන්" කියන අපි ඒ අත් දෙකම හිස්මුදුනට ගෙනැල්ල පූජනීය තැනකට ගියාම වඳිනවා.  මල ගෙදරකට ගිහිං ඒ විදියට අත්දෙක හිස්මුදුනෙ තියල ඉදිරියට නැවිල මිණියට අවසන් ගෞරව දක්වනවා දැකපු අපේ තාත්ත මට උපදේශයක් දුන්න. තමුන්ගෙ අම්මගෙ තාත්තගෙ දේහයට ගෞරව කරනකොට ඇරෙන්න වෙනත් මියගිය දේහයකට ගෞරව දක්වන්න වඳිනකොට, අත්දෙක පපුව මට්ටමේ හෝ ඊට පහලින් තියල ඉදිරියට නැවිල වඳිනවා මිසක දොහොත් මුදුන් දීල වඳින්නේ නැතිලු. ඒකෙත් හැටි එහෙම බැලුවම. වඳින්නත් ගෞරව දක්වන්නත් ක්‍රම සහ විධි තියනවා. හින්දි චිත්‍රපටි බලල එව්වගෙන් ඉගෙනගත්තු අමුතු වැඳිල්ලකුත් මම දැකල තියනවා. පොඩ්ඩක් විතර නැවිල එක අතකින් වැඳුම් ලබන කෙනාගෙ කකුලක් අල්ලලා ඒ අත ඉඹිනවා. කොහොම කොහොමහරි ආචාර සමාචාර දක්වන විධි විවිධ රටවල්, ජාතීන්, ප්‍රදේශයන් අනුව වෙනස් උනත් ඒ හැම එකෙන්ම වෙන්නෙ එකම දේ. ඒ තමයි අන්‍යොන්‍ය සම්බන්ධතා වැඩි දියුණු කරගැනීම.


සිරිසේන මැතිණිය එලිසබෙත් රැජින හමුවුණු අවස්ථාවේ ආචාර කරපු විදිය ගැන මිනිස්සු  පුදුමාකාර ආන්දෝලනයකින් කතාකරනවා දකින්න ලැබුණ. මුන්දැ අරුන්දැට අතට අත දෙනකොට ටිකක් විතර දෙකට නැවුනයි කියල අපේ එවුං පුදුමාකාර රුදාවකින් කතාකරන්නෙ. මුන් කියන විදියට සිරිසේන මැතිණිය ගියාම රැජින දණ ගහල වඳින්න ඕන උන්දැට . ඒ වඳින ගමන් ඒ කාලේ ලංකාව අල්ලගත්තට සමාවෙන්න කියලත් කියන්න ඕන. අනේ මට හිතෙන විදියට නං සිරිසේන බිරියට ඔය අතට අත දෙවිලි පුරුදුත් නෑ. ගොඩක් තැන් වල ආයුබෝවන් කියල කියනවා මං නං දැකල තියෙන්නෙ. රෝමෙට ගියාම රෝමන් කෙනෙක් වගේ ඉන්න ඕන වෙච්ච නිසාවට අතට අත දෙන්න ඇති. ආරාධිතයා බොහෝ වෙලාවට කරන්නෙ තමන්ගෙ රටේ හෝ ප්‍රදේශයේ සිරිත අනුව ආරාධනය කරන පුද්ගලයාට ආචාර කිරීම. අරාබි රජ වරයෙක් අතට අත දෙන ක්‍රමයට අචාර සමාචාර දක්වන රැජිණගේ මාලිගාවට ගියාම තමුන්ගෙ "උම්මා මොඩල් ආචාරේ " රැජිණට කරන්න යන්නෙ නෑ. තමන්ට වඩා වයසින් වැඩි ,අත්දැකීම් සහ පිළිගැනීමෙන් ඉහළ එලිසබෙත් රැජිණට අතට අත දෙනකොට අපේ රැජිණගෙ දණිස් ,කොන්ද ඉබේම නැවෙන්න ඇති. 

 තමන්ට වඩා බලවත් උදවිය ඉදිරියේ කොයි තරම් කොන්ද කෙලින් තියාගෙන "මෝල්ගහ වගේ" හිටියත් හිටියත් ,ඇත්ත යතාර්ථයට අනුව තමන්ගෙ හිත දන්නවා තමන් ඔවුන්ට වඩා පාතින් ඉන්නෙ කියල. "වහල් මානසිකත්වය" කියල සමහරු මේ දේ හඳුන්වන්න හැදුවත් ඇත්ත ඒක නෙවෙයි. ගරු කලයුත්තන්ට ගරුකරමින්, තමන්ගෙ ස්වාධීනත්වය රැකගෙන තමන්ගෙ හැකියාවන් මගින්  තමුන්ගෙ නිවහල් බව සහ බලය සාක්ෂාත් කරගතයුතුයි කියන එකයි මගේ නම් හැඟීම. කොඳු පොලු වගේ තියාගෙන අතට අත දෙන ගමන් වහල් භාවයෙන් යුතුව කටයුතු කරනවා නම් එතනයි වැරැද්ද තියෙන්නෙ. මයිත්‍රීපාල ජනාධිපති වරයාගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග වලින් ඒ බව මණින්නේ නැතිව බිරිඳ  අතට අත දෙන වෙලාවේදී කොන්දේ ආනතියෙන් ඒක මැනිල්ල තමයි මෙතන තියන ගැටළුව. මයිත්‍රීට ඉංග්‍රීසි බැරිකම, බිරිඳගේ කොන්ද නැවෙන අංශක ගාන ප්‍රශ්නයක් වෙච්ච උන් තමයි මටනං තේරෙන විදියට නියම වහල්ලු. මුන් කියන ආකාරයට සුද්දා  මෙහෙ යටත් කරගෙන හිටිය කියල, අපේ මිනිස්සු ඒ කාලේ තලා පෙළා දැම්ම කියල ඒ "ඇරියස් කවර් කරගත යුතුයි" අමුඩයක් ගහගෙන කරත්තෙන් යනගමන් ඔය කතාව කිව්ව නං ඕක පිළිගන්න සාධාරණ හේතු තියනවා.

වෙනස් වෙන ලෝකෙ ඒ වෙනස් වීම් වලට අනුවර්තනය වෙමින් තමන්ගෙ අනන්‍යතාවනුත් රැකගෙන ඉස්සරහට යන එක තමයි සිදුවිය යුත්තෙ. ඒත් කාලයත් එක්ක එක එක ආකාර වල ආචාර දක්වන විදි නැතිවෙලා අතට අත දෙන ක්‍රමේ විතරක් ඉතුරු වෙයිද දන්නෙ නෑ.  අනාගතේදි දණගහල වඳින එකත් "වහල් මානසිකත්වයේ ලක්ෂණයක්" විදියට දැකල ඒක හෙළාදකින්නත් ඉඩතියනවා. ඒ කොහොම උනත් ඔය හැම දේකම ඊට අනන්‍ය අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩනැගෙන විදි තියනවා. තාත්තටත් නම කියල කතාකරන්න පෙළඹෙන "සුද්දගෙ ක්‍රමේ"ට වැඩිය, තාත්තට  ගරුසරු දීල වඳින ක්‍රමේ මට නං දාහෙන් සම්පතයි.

37 comments:

  1. මටත් ඒක නම් දාහෙන් සම්පතයි මචං

    ReplyDelete
    Replies
    1. මාත් මැරෙනකල් ඒ ක්‍රමේ ගෙනියන්න තමයි කල්පනාව බං..

      Delete
  2. හරියට හරි සජ්ජා... අදටත් අපේ පාසලේ පරණ ළමයෙක් ගුරුවරයෙක්ව දැක්කම තැනක් නොතැනක් නැතිව දණ ගහල වඳින්න මැලි වෙන්නෙ නෑ.දකින අය අනිවාර්යෙන් කියනවා අන්න අහවල් පාසලේ ගුරුවරයෙක් කියලා.නමුත් මානව හිමිකම් සීන් ආවට පස්සෙ ආපු ළමයි ඒ ආකාරයේ ගෞරවයක් දක්වන්නෙ නෑ.කෙනෙකුට වඳිනවා කියන්නෙ අපි ඇතුලෙ මමත්වය යට යන හොඳ වෙලාවක්.ගෙදර දෙමවුපියො එක්ක එන පොඩි පොඩි වචන හුවමාරු වලින් වෙන සිත් රිදීම් රාත්‍රි වැඳීමත් එක්කම නැතිවෙලා යන්නෙ අනායාසයෙන්..
    හොඳ ලිපියක් මචං..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි ලබ්බෝ.. ඇත්තටම උඹ කියන කතාව වෙනවා අම්මට තාත්තාට වඳිනකොට . හිතේ කහට නැති වෙන්ලා පිරිසිදු වෙනවා වගේ ගතියක් වෙන බව හොඳටම තේරෙනවා...

      Delete
  3. රාජ සම්පත් පැත්තකින් තියමුකො...රැජින ඉතිං වයසක කාන්තාවක්නෙ...ඒ නිසා ඇයට ගරු කිරීම වරදක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එක තමයි රාජ් මං කියන්නෙ. වයසක ගෑණු උන්දනේ... "ලොකු මැහැල්ල"

      Delete
  4. මෙසේ රැජිනට ගෞරව කිරීම සම්ප්‍රදායක් මිස අනිවාර්ය නීතියක් නොවේ. එහෙම කළා කියලා ජනාධිපතිට හෝ එම මහත්මියට හෝ අපේ රටට කිසිම අගෞරවයක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමා. මාත් පිංතූර වලින් දැකල තියනවා අනන්ත රාජ්ජ නායකයෝ ඔය වැඩේ කරනවා..

      Delete
  5. රැජිනට ලෝකේ අනිත් රට වලිනුත් ඔය වගේම ගරු කිරීම් ලැබෙන එකේ ඒක මහ ලොකු ප්‍රශ්ණයකුත් නෙමෙයි බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. එක තමයි දිනේෂ්. ඔය වගේ දේවල් පොයින්ට් එකක් කරගෙන බොරුවට කෑගහන එක අපරාදේ. ඊට වඩා විවේචන කරන්න, කෑගහන්න දේවල් කොච්චර තියනවද..

      Delete
  6. "ටිකක්" නම් ඔය නැවිලා තියෙන්නේ කමක් නෑ නේ..?
    මචං එයැයිට ඕවා පුරුදු නැති බව මටත් තේරෙනවා..ඒ වුණත් ඒ අපේ රාජ්‍ය නායක දෙපල..උන්දැලා බැරි අමාරුවෙන් හරි බේස්ක්ස් ඉගෙන ගෙන යන්න ඕන..දණ ගහලා වැඳීම අපේ සම්ප්‍රදායක්..හැබැයි එහෙමයි කියලා ඔබාමා හම්බුණත් බුදු තාත්තේ කියලා දණ ගහලා වඳින්නේ නැති බව කොමන් සෙන්ස් නේ?අතට අත දෙද්දි උරහිස්වල යම් ලිහිල් ගතියක් තිබෙනවා..නමුත් ඒක කොන්ද නැවීමක් නෙවෙයි..ඕක කියන එක වැරදි නම් අනේ මන්ද ඉතින් යහපාලනේ..මොනාවුණත් අතට අත දීම සහ අපේ දණ බිම ඔබා වැඳීම සමාන නැහැ..අපිත් ඒක දකින දකින එකාට කොරන්නේ නැහැ නෙව..

    ReplyDelete
    Replies
    1. ආ තරුවෝ , ගුඩ් මෝනිං ... යහපාලනේ විවේචනේ කොරල මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර වීදුරුවක්.. මගේ මතය එක නෙවෙයි බං. විවේචනය කරන්න ඕන තරම් දේවල් තියෙද්දී ඕක අල්ලගෙන කෑගහන එක බොරු වැඩක්. හොරු ඇල්ලුවද? දඬුවම් දුන්නද? මහා බැංකු කේස් එක වගේ දේවල් ගැන ඕනතරම් මේ පාලනේට බනින්න දේවල් තියනවනේ බං. මේකට කෑගහන එක මං නං දකින්නේ ලාමක ටින් ටින් වැඩක් විදියට. දේශපාලනේ ගැන විතරක් නැතුව වෙන දේවල් ගැනත් ලියපං. දේශපාලනේ ගැනත් ලියපං. ඒත් එකේම එල්ලිලා ඉන්නෙ නැතුව වෙන දේවලුත් ලියපං..

      Delete
    2. මහන්සියි බං මහන්සියි..අපි ඉතින් ලාමක ටින්ටින්ලනේ..ඒවා ගැනත් කියනවා බං..වැඩේ තියෙන්නේ අර උඹලා ලියනවා වගේ සීරියස් ලියන්න නොදන්න නිසා එව්වා අපහාස විදියට විතරයි බොලාට පේන්නේ...ආහ් මේන් වීදුරුව මං ගියා..(හැරී එමින්) අහ්හ්..මේ ෆ්‍රිජ් එක සිසිල් ද එල් ජී ද? අනික් දවසේ දොඩමක් එහෙම හදලා දාලා තියහංකෝ එහෙනම් යාළුමිත්තරකමට..

      ලියන්න දේ නම් ඕනෑතරම් තියෙනවා..වෙලාව ප්‍රශ්නයක්..අනික සතියකට දෙකකට එකක් ලියලත් බොලාට ඔහොම නම් හිතෙන්නේ හැමදාම වගේ ලිව්වොත් බොලා වමනේ දාල මැරෙයි යකෝ..:P

      Delete
    3. උඹ ලාමක ටින් ටින් කිව්වා නෙවෙයි බං. මේ සම්බන්ද විවේචනේ ඒ විදියයි. උඹල එක්ක තිබ්බම අපි මොක්කුද. පරම්පරා ගානක් තිස්සෙ රෙදි දාල තිබ්බ සිසිල් ෆ්‍රිජ් එක ඌව චන්දෙදි හරීන්ට බයේ මහින්ද මහත්තය කරන්ට් බිල අඩු කරපු නිසා ආයෙත් වැඩට ගත්ත :P
      ලියපං ලියපං, දේශපාලන එව්ව දැම්මත් කියෝලා යනවා. අරවත් ලියපං කළවමේ. උඹ ලියන එව්වට වමනේ යනවා නං බුකියෙ තිබ්බ එව්වයේ හැටියට ආමාශේ එලියට ඇවිල්ල තියෙන්න ඕන මෙලහකට. දේශපාලන කාරණා මං නං පුද්ගලිකත්වයට අදාළ කරගන්නේ නෑ. උඹත් එහෙම ඇති කියල හිතනවා..

      Delete
  7. මම වැඳීම දකින්නෙ මෙහෙමයි.. වැඳුම් ලබන කෙනා උසස් ගතිගුණ නිසා වඳින්නාට වඩා ඉහලින් සිටිය යුතුයි. එසේ වූ කල වඳින්නා කරන්නෙ ගරු කල යුත්තාට ගරු කිරීමත් තමා තුල.. නිහතමානීත්වය ඇතිකර ගැනීමත්.. හැබැයි ඉතින් කපටියාත් වඳිනවා.. කපටියා අනුන් රවට්ටන්න කරන ලොකුම උපක්‍රමයක් තමයි වැඳිල්ල. අම්මාටත් තාත්තාටත් බුදුන්ටත් වඳිනවිට සිතතුල ඇති වෙන්නේ අප්‍රමාණ ගෞරවයක් ආදරයක් ඔවුන්ගේ ගුණසමුදාය නිසා. මම කොයිතරම් පහලින් ඉන්නා කෙනෙක්ද කියා මට පසක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් කපටි විදියටත් වැඳලා තියනවා සරත් සහෝදරයා . අනේ ලාභ ප්‍රයෝජන ගන්න වත් වෙන දෙකට වත් නෙවෙයි. කොළු කාලේ කරපු වැරදි වලින් බේරෙන්න. අම්මට තාත්තාට ,බුදුන්ට වඳින එක නං නිරන්තරයෙන් කරනවා බොහොම ගෞරවයෙන්...

      Delete
  8. යකෝ තොවගේ මුසලයෙක්!

    ReplyDelete
    Replies
    1. තෝ වගේ ගොනෙක්, මෝඩ මූසලයෙක් කියල බැනපන් බං. එතකොට මරවින් ගෙ කතාව මතක් වෙනවා..

      Delete
  9. අම්මට තාත්තට වඳින එකටවත් මම නම් කැමති නෑ.. ඒකේ තියෙන්නේ නොම්මර එකේ ගෝත්‍රික ගතියක්..

    ඒත් මෙහේ කම්බ හොර රජෙකුට දෙලට නැමිලා දන ගහලා පුක උඩදාගෙන වැඳපු පොන්නයෝ ඉන්න රටක මේ අහිංසක මනුස්සයා පොඩ්ඩක් පුක නැව්වම පුක ඉරාගන්න හදන උන්ට නම් කියන්න තියෙන්නේ අනේ තොපේ දෙශප්‍රේමේ රෝල් කරලා පුකේ ගහ ගනින් කියලාම තමයි.

    ReplyDelete
    Replies
    1. විරුද්ධයි සහෝදරයා. ගෝත්‍රික ලක්ෂණයක් වෙන්නෙ නෑ ඒක. එක උසස් සමාජ ලක්ෂණයක්. දියුණු සමාජ ලක්ෂණයක්. සල්ලි වලින් දියුණු සමාජය දියුණුයි කියල හිතුවොත් වැරදියි. සල්ලි වලින් පොහොසත් උනාට ගුණධර්ම වලින් පොහොසත් නෑ.
      දෙවෙනි කාරණාව ගැන නං විවාදයක් නෑ..

      Delete
  10. මේ වැඳිල්ල ගැන බුකියෙ ගහපු කරනම් මරාලයක්! ඒවයෙම තියෙනවා ඔබාමා ජපන් අධිරාජ්‍යයා ඉදිරියේත් මෙහෙම නැමෙනවා. නෑ... නෑ... මෙතන තියෙන්නෙ ඒක නෙමේ. මේ ආණ්ඩුවේ මොකා හරි මොනයම් හරි වරදක් කරනතුරු බලාඉන්න සෙට් එකක් ඉන්නවනෙ. උන්ට නින්ද යන්නෙ ඔහොම එකක් දැක්කම තමා. පවු... උන්ට අවුරුදු 5-6 ක්ම මේ දුක විඳින්න වෙනවා ඉතිං. සමහර විට ඊටත් වැඩිවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මධු. විවේචනය කරන්න නං දැනුත් ඕනතරන් කරුණු කාරණා තියනවා මේ ආණ්ඩුවේත්. හැබැයි මේ වගේ මෝඩ චූං විවේචන වලින් වෙන්නෙ ඒවා කරන උදවිය චාටර් වෙන එක විතරයි.

      Delete
  11. වැදිල්ල ගැන කියනව නං මගෙ ඒ තරං කැමැත්තක් ඇති දෙයක් නෙවී ඒකෙන් කියන්නෙ නෑ මම වැඩැහිටියන්ට ගරු නොකරනව කියල ඒත් දෙකට දෙමන්දමේ තැනක් නොතැනක් නොබල හැම කෙනාටම කොන්ද පාත් කරන්ට යන්නෙ නෑ... අද වුණත් මම වදිනව නං අම්මටයි තාත්තටයි විතරයි අඩුගානෙ අර පංසලේ ඉන්න බෙබා හාංදුරුවන්ටවත් වදින්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. පන්සලේ හාමුදුරුවන්ට නං වඳින්න හිතෙන්නෙ නෑ තමයි මහේෂ් බොහෝ තැන් වල. ඒත් වන්දිය යුත්තන්ට පිදිය යුත්තන්ට වැඳීම පිදීම කියන්නෙ තමුන්ගෙ පිටකොන්ද පණ නැති බව පෙන්නනවා කියන දේ නෙවෙයි. ගරු කල යුත්තන්ට ගරු කිරීම සහ නම්‍යශීලී භාවයයි ඒකෙන් කියවෙන්නෙ. ඒත් මමත් පිලිගන්නවා එහෙම වන්දේ නෑ කියල එහෙම නොවඳින උන් නරකයි හෝ වැන්දා කියල වඳින එවුං හොඳයි කියල නිගමනයකට එන්න බෑ.

      Delete
    2. කාලයක් මම පංසල් යන එකත් නවත්තලා හිටියා.ඒත් වඳින ක්‍රමේ දැනගත්තට පස්සෙ අවුලක් නෑ.වඳින්න ඕනෙ 'රහතන් වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලාට නමස්කාරය වේවා' කියල හිතාගෙන සිවුරට.ඒක ඇඳන් ඉන්න කෙනා ඒක දරන්න සුදුසු නැත්තම් පව එයාට.අපි වඳින්නෙ පුද්ගලයට නෙමෙයි නෙ.ඒ නිසා අපේ හිතෙත් කහටක් නෑ.

      Delete
    3. එක ඇත්ත තමයි බං, ඒ උනාට ඕකට හිත එකඟ කරගන්න එක හරිම අමාරුයි..නොදන්නා උන්නාන්සේ කෙනෙක්ට නං ගැටළුවක් නෑ..

      Delete
  12. තමුන් ගරු කරන්නේ එහෙමනම් අනිත් අයට මොකද හිටං . එතන තියෙන්නෙ රැජිනට නැමුන එකක් නෙමේ. රැජිනට ගරු කිරීමක්. ඔබාමි අන්කලුත් දෙකට නැමිලා ආචාර කරනවා මන් දැකල තියෙනවා..
    අලුත් ස්ටයිල් එකනේ වදින්න ලජ්ජා වෙන එක.. මන් නම් වදින්න ඕනේ නම් ටවුන් එක මැද්දේ උනත් වදිනවා.. එහෙම කරලත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. කොබෝ , මමත් එහෙමයි.පුරුද්ද ඒකයි..

      Delete
  13. මං හිතන්නේ සිරිසේන මැතිණිය මහ රැජිනට ගෞරව කරන විදිය නොදන්න නිසා ඒක කාගෙන් හරි ඉගෙන ගෙන යන්න ඇති. ගමට වෙලා හිටිය ඇත්තියක් නේ එයා. ඉතිං කව්රුත් ගෞරව කරන විදියට නුපුරුදු සෙයියාවෙන් එයා ඒක කලා.. ඒකේ ඇති වැරුද්දක් නැහැ.. මොන විදියෙන් බැලුවත් රැජින හමුවෙන කොට ඔය හැම එකාගෙම කොන්ද ඉබේම නැවෙනවා. ඒක වරදක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. දේශකයා කියන කතාව මටත් හිතුනා.ඒත් ඔතන අවුල තියෙන්නෙ හරියට අහගෙන හරියට පුරුදු වෙලා නොගිය එකයි.ලොකු හෝටලේක වට කීපයක සාම්ප්‍රදායික යුරෝපානු ආහාර වේලක් ගන්නවා කියන්නෙ මට අනුව නම් හෙන පුරුදු වෙන්න ඕනෙ වැඩක්.එතන හැසිරීම් මට අලුත්.ඉතින් ඉගෙන ගන්න ඕනෙ.ඇයි ඒ?මම නිසා අනිත් අය අපහසුතාවයට පත්වීම වලක්වන්න.තමන්ගේ තනතුරට අදාලව සමාජීය හැසිරීම මම දන්න විදිහට විදේශ කටයුතු නිලධාරීන්ට පවා වෙනම උගන්නනවා.මෙයාලත් ඒ ගැන ටිකක් හිතුවොතින් හොඳා.මොකද රටක් නියෝජනය කරනවා කියන්නෙ සෙල්ලමක් නොවන නිසා.

      Delete
    2. දේශකගේ කතාව මමත් පිළිගන්නවා. ඕව ගැන ඇත්තටම යම් අද්යනයක් දැනීමක් ඇතිකරගන්න ඕන මුලින්ම. රෝමෙට ගියාම රෝමන් කෙනෙක් වගේ ඉන්නත් පුඩු වෙලා තියෙන්න එපැයි. ලබ්බ කිව්වා වගේ ලොකු තැන වලින් කනකොට අනුගමනය කල යුතු ක්‍රම සහ විදි වලට කන්න ගියාම සදා බඩගින්නේ. මාතලන් කියන්නා වගේ අපි ගෝත්‍රිකයෝ බං. හැබැයි ඒ ගති වලට මම නං ආසයි..

      Delete
  14. මම වඳින්නේ මගේ මානය බිඳ ගන්න.. මම සාමාන්‍යයෙන් හෙනම පණ්ඩිතයෙක්.. (උඹ හම්බෙච්ච දවසක හිතයි මේකා හෙනම අහිංසකයෙක් කියලා..ඒත් මං එහෙම නෑ.. මගේ වයිෆ් විතරයි මං කවුද කියල හරියටම තේරුං අරං ඉන්නේ..) මගේ මානය සමහර වෙලාවට මටම කරදරයක්.. එහෙම වෙලාවට මං හරි අහිංසක විදියට හැසිරෙනවා.. මට කෙනෙකුට වඳින්න විශේෂ හේතුවක්වත් තැනක් නොතැනක්වත් නෑ (රාජකාර්‍රි ජීවිතයේදී හැර).. හිතුනද වැන්දා.. එච්චරයි.. ඒ වගේම පසඟ පිහිටුවල (විශේෂයෙන් නළල බිම තියලා) ටික වෙලාවක් වැඳගෙන ඉන්නකොට මානය බිඳලා හිත සැහැල්ලු කර ගන්න පුළුවන්.. ඒක එක්තරා යෝගී ව්‍යායාමයක්ද වෙනවා.. මොලේට පහසුවෙන් ලේ ගමන් කරන නිසා හරි සනිප ගතියක්ද දැනෙනවා.. ඒ හැරෙන්න පිදිය යුත්තන් පිදීම (වැඳීමෙන් හෝ වෙනත් අයුරකින්) මටනම් වරදක් නොවෙයි.. මෛත්‍රී ඇන්ටි එළිසබෙත් ආච්චිට කොහොම වැන්දත් මයේ මොකෝ..

    ReplyDelete
    Replies
    1. කමියා මගේම ජාතියේ එකෙක් බලන් ගියාම. මගෙත් මොකක්දෝ ලොකුකමක් හිතේ තියනවා. ආයාසයෙන් එක පාලනය කරගෙන ඉන්නෙ. හැබැයි උඹෙයි මගෙයි ඒ ක්‍රමේ අවුලක් නැත්තේ අපි දන්නවා අපි ටිකක් පණ්ඩිතයි කියල. දැක්කම කතාකරනකොට ඕක පේන්නෙ නෑ උඹ කිව්වා වගේ. ඒත් අඩුම ගානෙ අපි එහෙමයි කියල දන්න නිසා අවශ්‍ය වෙලාවට ඕක පාලනය කරගන්න පුළුවන්. ඒත් ගොඩක් උන් පණ්ඩිත උනාට උන් දන්නෙ නෑ උන් පණ්ඩිතයි කියල. එතන තමයි අවුල තියෙන්නෙ.

      Delete
  15. ඒකෙන්ම මටත් තාත්තාගේ ක්‍රමය හොදයි..
    අනික බං චුට්ටක් නැමිලා ආචර කරපු එක ඔය තරම් උඩ පනින්න දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා ... මෙන්ඩෝ, මැරෙනකල් ඒ ක්‍රමේට ජීවත් වෙන්නයි මගේ කල්පනාවත්...

      Delete
  16. ඔය කමියා වගේම මමත් ටිකක් ආඩම්බර එකෙක්.ඒත් මම කාලයක් අර උඹේ යාළුවා වගේම වැඩිහිටියෝ රවට්ටන්න ඒ අයට වැන්දා.උඹේ යාළුව වගේම හොඳත් අහගත්තා.ඒත් පෞද්ගලික ජීවිතයේ සිද්ධවුන එක් සිද්ධවීමක් නිසා දැන්නම් මගේ දෙමාපියන්ටයි,මගේ ගුරුවරුන්ටයි ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට වඳින්නේ නෑ.
    සිරිසේන බිරිඳගේ කේස් එකනම් හරියට "ගස් නැති රටේ එඬරු ගසුත් ගස්" කියන්නා වගේ වැඩක් විතරයි.ඔය කතාව මේ කණෙන් අහලා ඒ කණෙන් පිටකරපන් බන්.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි කටුස්සෝ, පොඩි පණ්ඩිත ගතියක් තියනවා මගෙත්. ඒත් ඒක අපි පාලනය කරගන්න දන්නවනේ. කමියට කිව්වා වගේ තමුන් ගැන හරියට නොදන්නා එවුන්ගෙ පන්දිතකම තමයි කාලා ඉන්න බැරි. ඉස්සර මමත් ඔය විදිහට වැන්දා. දැන් නං එහෙම නෑ. පෞද්ගලික කාරණා ගැන අහන්න යන්නෙ නෑ. ඒත් අදත් මම වඳින්න ඕන එකාට වඳිනවා. පෞද්ගලික කාරණා නිසා ඔය වගේ දේවල් වලට සීමා දාගන්න එක සාමාන්‍ය දෙයක් නෙ බං.
      උඹ අන්තිමට කිව්ව කතාවත් හැබෑව. මේක මෙච්චර තටම තටම කියවන්න දේකුත් නෙවෙයි.

      Delete