සිංහලද ..?? දෙමළද ..?? නැත්නං ඉංගිරිසිද..??



සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුවට පස්සෙ ඉස්කෝල වල ඉංග්‍රීසි උගන්නන එක, ඉංග්‍රීසියෙන් වැඩ කරන එක වළපල්ලට ගියා. ඔක්ස්ෆර්ඩ් සරසවියෙ ඉගෙනගත්තු,  කළු සුද්දෙක් විදියට ජීවිතය ගෙවපු බණ්ඩාරනායක මැතිතුමා සරමට බැහැල සිංහල මිනිස්සුන්ගෙ පපුවට කතාකරන්න පටන්ගත්ත. සඟ, වෙද,ගුරු,ගොවි, කම්කරු පංච මහා බලවේගය ගැන කතාකරපු බණ්ඩාරනායක මහත්තය ඒ තුලින් බලයට ඇවිල්ල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කලාට පස්සෙ දෙමළ මිනිස්සුන්ට තේරුණේ එක ඔවුන්ට කරපු මදි පුංචිකමක් හැටියට. වාහන නොම්මර වල "ශ්‍රී" අකුරේ තාර ගාල ඔවුන්ගේ ශ්‍රී අකුර ලියාගෙන විරෝධය දක්වපු දෙමළ මිනිස්සුන්ට තේරුණේ නෑ ඔවුන්ට කරපු මදි පුංචි කමට වඩා දහස්වාරයක් වැරදි වැඩක් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුවට පස්සෙ සිංහල මහ ජාතියට උනා කියල.

එහෙම වැරද්දක් වුනා කියල නොදැකපු සිංහල මිනිස්සු ඒක තමන් ලබපු ලොකුම වරප්‍රසාදයක්, වාසියක්, නම්බුවක් විදියට දැකල "චූන්" වෙලා ඒ දේශපාලන ප්‍රවාහයට තව තවත් නැඹුරු උනා. ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න, වැඩ කටයුතු කරගන්න තිබුන අවස්ථාව ලාංකිකයන්ට  සහමුලින්ම නැතුව ගියා. අදටත් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගත්ත පරණ මිනිස්සුන්ගෙ දැනුමට අලගු තියන්න වත් අපිට බෑ. අද අපේ  සංස්කෘතියෙ භාගෙට ඉංගිරිසියෙන් කතාකරන "පොෂ්" උදවියට නෝක්කාඩු කියන්න, මෙලෝ මලදානයක් බැරි උනත් ඉංගිරිසිය විතරක් පුළුවන් උදවිය ඉහළ තැන වල ඉන්නවා බලාගෙන දෙස් දෙවොල් තියන්න සිද්ධවෙලා තියෙන්නෙ ඔන්න ඔය කතන්දරේ නිසා.


පොඩ්ඩක් මතක් කරලා බලන්න, ඒ කාලේ ඉංග්‍රීසියෙන් ඉගෙනගත්ත මිනිස්සු සිංහල කතාකරන වෙලාවට කතාකරන්නෙ අමු සිංහල. ඉංග්‍රීසි කතාකරනකොට කතාකරන්නෙ බොහොම පොහොසත් වචන මාලාවක් එක්ක අමුතුම ඌරුවක ඉංග්‍රීසි. දැන් ඉන්න "පොෂ්" උදවිය වගේ වචන දහයක් දොළහක් දැනගෙන "ෂූස්, පූස්" ගාල කතාකරන කැඩිච්ච ඉංගිරිසිය නෙවෙයි. ලෝකය ගැන හොඳින් දැනගන්න, ඉංග්‍රීසි  පොත්පත් පරිශීලනය කරන්න වගේම තවත් බොහෝ වාසි සමුදායක් පරණ විදියට ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලැබුණ නං අපේ සමාජයට ලැබෙන්න තිබ්බ. බැංකු ණයක් ගන්න බැංකුවකට ගියාම උන්ගේ කොන්දේසි ගැන අපි අස්සං කරන්න ඕන ලියවිල්ල ඉංගිරිසියෙන් ගහල දෙන්නෙ ඇයි? සාමාන්‍ය මිනිස්සුන්ට එව්ව තේරෙන්නේ නැති නිසා. නැත්තං ඕකෙ ඔබ්බල තියන කොන්දේසි  දැක්කොත් මිනිස්සු ජීවිතේට ණය ගන්නෙ නෑ. කම්කරු රස්සාවකට උනත්  පිටරට යන උදවිය ඉංග්‍රීසි දැනගෙන හිටිය නං මොන තරම් වාසි අපේ රටට අත්වෙන්න තිබ්බද? මේ ඔක්කොම රාජ්‍ය භාෂාව සිංහල කිරිල්ලෙන් නැත්තටම නැති කරලා දැම්ම.

දෙමළ මිනිස්සු එකෙන් සිංහලුන් එක්ක බිඳෙව්ව වගේම සිංහල මිනිස්සුන්ගෙ දියුණුවට තිබුන ප්‍රධාන සාධකයක් නැත්තට නැති කරල දැම්ම. ඔය දෙකෙන්ම කෙළවුණේ සිංහල මිනිස්සුන්ට. දෙමළා, සිංහලයා අතර පරතරය වැඩි කරන්න ඕක ප්‍රධානම හේතුවක් උනා. මම දකින විදියට දෙමළුන්ගේ අරගලයේ ආරම්භය පටන්ගන්නෙ ඔතනින්. සිංහල ජාතියේ පරිහාණිය පටන්ගන්නෙත් ඔතනින්. ඒ උනත් සඟ වෙද ගුරු ගොවි කම්කරු සටන් පාඨෙ කරේ තියාගත්ත අපේ මිනිස්සු තමුන්ට කෙලවුණු බව නොදැන ඒකට හුරේ දැම්ම.
ජන සමාජයක නායකයෙක් වෙන්න අවශ්‍ය නම් එක්කො ඒ පුද්ගලයා ලොකු සශ්‍රීක පෙළපතකින් පැවතගෙන එන්න ඕන. එහෙමත් නැත්තං පීඩිත පංතියෙන් තමුන්ගෙ දක්ෂතාවය නිසා ඉස්මතු වෙන්න ඕන. අපේ රට පාලන කරන්න වලව් හාමුල එන්නෙ ඒ විදියට. වහල් මානසිකත්වය ඔලුවෙ තියාගත්තු මිනිස්සු "අපේ හාමු මහත්තය අපිට හොඳා" කියල චන්දෙ දීපු නිසයි අපේ රට පාලනය කරන්න වලව් කාරයො ආවෙ. හාමුල කියන දේවල් පිළිගත්තේ. සිදුහත් කුමාරයත් ශාක්‍ය වංශෙන් රජෙක් වෙලා ඉපදුණු නිසාවටයි මිනිස්සු ඒ කියන දේවල් පිළිගත්තෙ. කොච්චර සත්‍යය දේශනා කළත් ඉන්දියාවේ ඒ තිබ්බ සමාජෙ හැටියට එහෙම නොවුන නං ධර්මය මිනිස්සු අතරට යන්නෙ නෑ. පස් මහ බැලුම් බලන්න හේතු උනේ ඒකයි. 


ඩී.ඇස්.ලගෙ, බණ්ඩාරනායකලගෙ වගේ වලව් පැලැන්ති වලින්   ලංකාව පාලනය වෙන්නෙ ඒ විදියට.
ප්‍රේමදාස එන්නෙ පීඩිත පංතියෙන්. සහජ දක්ෂතා වගේම අතිශය කාර්යශූරත්වය නිසා පොඩි මිනිහගේ කරපිටින් බලයට පත්වීමයි එතන සිද්ධ උනේ. "හාමුල කියන දේ හරි" මානසිකත්වයෙන් වලව් පැලැන්තිය රජ කෙරෙව්ව ක්‍රමයෙන් වෙනස් වෙලා "අපේ එකෙක් රජ කරන්න ඕන" සිද්ධාන්තෙයි ප්‍රේමදාස සිද්ධියෙදි සිද්ධ වෙන්නෙ.  ඒක හරියට නිකං පීඩිත පංතියෙන් ඉපදිලා දර්ශනයක් එක්ක උඩට මතු උන  "ජේසු ස්වාමි දරුවන්" ගේ දේශනාව අතිමහත් බහුතරය වෙච්ච පීඩිත පන්තිය විසින් පිළිගත්තා වගේ.

බණ්ඩාරනායක මහත්තය ඔය දෙකොට්ඨාෙශම ඇල්ලුව. කෝට් කාරයෝ වගේම සරොම් කාරයොත්. කෝට් එක ගලෝල සරමට බහිනකොට මිනිස්සුන්ට හිතෙන්න ඇති නූතන සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරනවා කියල. සිංහල මිනිස්සුන්ගෙ පපුවට කතාකරනකොට හිතෙන්න ඇති "අපේ එකෙක්" කියල. ඒත් බලයට ඇවිල්ල සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියල ඉංග්‍රීසි කපල දාපු ඒ "තකතීරු වැඩේ" සම්බන්ධව හාන්කවිසියක් වත් ඒ මිනිස්සුන්ට තේරුනේ නැතුව ඇති. අදටත් රාජ්‍ය නායකයා වෙන්න මුලින් මං කියපු පංති දෙකේ කතන්දරේ එක සාධකයක් වෙනවා.

පසු කාලීනව මිනිස්සු වලව් පැලැන්තිය ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්ත.  ජේ.ආර්. හාල් පොලු යුගයෙන් මිනිස්සු  පීඩාවට පත් වෙලා හිටපු නිසා වලව් කාරයෙක් උනත් මිනිස්සු චන්දෙ දුන්න.  ප්‍රේමදාට "අපේ එකා" නිසා මිනිස්සු චන්දෙ දුන්න.  චන්ද්‍රිකාට මිනිස්සු චන්දෙ දෙන්න වලව්වෙන් බැහැල විජය බැඳලා සාමාන්‍ය තත්වෙට පත් උන එක හේතුවක් උනා. පාද යාත්‍රාවෙන් පොලවේ පයගහල ඉන්නවා කියල පෙන්නපු නිසා මිනිස්සු මහින්දට චන්දෙ දුන්න. මයිත්‍රීටත් උනේ ඕකමයි. වලව් පැලැන්තියේ , ඉහළ පැලැන්තියේ රනිල්ට මිනිස්සු චන්දෙ නොදෙන්න එක හේතුවක් තමයි රනිල්ගේ "ලෙවල්"එල්ක. සජිත් තත්වය, සල්ලි තිබුනත් දේශපාලනික අරමුණ නිසාවට හෝ පොලවට බැහැල ඉන්න නිසා මිනිස්සු රනිල්ට වඩා සජිත්ට කැමතියි මොන විදියේ රාජ්‍ය තාන්ත්‍රික පළපුරුදු තිබ්බත්.

ඔය සෙල්ලම මුල ඉඳන්ම අවබෝධ කරගත්තු "අපේ බණ්ඩාරනායක මහත්තය" සිංහල මිනිස්සු ටික රවට්ටලා ,යහපතක් කරන මුවාවෙන් චන්ද ටිකත් අරගෙන දෙමෙල්ලු සිංහලයොත් එක්ක තිබ්බ පරතරය තවත් වැඩි කළා. වාර්ගික අර්බුධයට මූලික හේතුව විදියට මං අදත් දකින්නෙ සිංහල රාජ්‍ය භාෂාව කිරිල්ල.
රටේ හැම ආසනයකටම මාධ්‍ය මහා විද්‍යාල ලබා දෙද්දි ,අත්තනගල්ලට මාධ්‍ය මහා විද්‍යාලයක් දෙන්න දුන්නෙ නෑ බණ්ඩාරනායක වරු. තමන්ගෙ අතවැසියෝ ටික ඉගනගෙන ලොකු තැන් වලට එයි කියල බයේ. මහින්ද මොන ගැහිලි ගහල නමුත් හදපු පාරවල් ටික ඇරෙන්න ඊට කලින් ආසනේ පාරවල් ටික වත් හැදුවෙ නෑ බණ්ඩාරනායක වරු. පාරෙ අස්සය පිටේ යනකොට ඉස්සරහට හම්බවෙන මිනිස්සු අගලට බැස්සෙ නැත්තං සබුක්කුවෙන් තලපු , බල ප්‍රදේශයේ ලස්සන ගෑණු ඔක්කොම අඹුකමට තියාගත්තු සොලමන් ඩයස්ගෙ බණ්ඩාරනායක නමට බයේ හිටපු මිනිස්සුන්ට, පුතා එංගලන්තෙන් බැහැල සරම ඇඳගෙන බුද්ධාගම වැළඳගෙන ගහපු වංගුව හෙනම "ප්‍රාතිහාර්යයක්" උනා.

 
මිනිස්සු ඒකට රැවටුනා. අදටත් බණ්ඩාරනායක සමාධියට පාරෙන් අනිත් පැත්තෙ කඳුගැටේ උඩ තියන කුරුස ගහපු සොහොන් කොතේ කෙලින් හිටවල තියන සොලමන් ඩයස් ගෙ ඇටසැකිල්ල පුතාගෙ සොහොන දිහා බලාගෙන ආඩම්බර වෙනවා ඇති සරම ගහල හරි වලව් පැලැන්තිය රකින්න පුතා කරපු කෙරුවාව නිසා. වළව්වේ අතවැසියෝ වෙලා හිටපු  වහල් මානසිකත්වය නිසාදෝ, වෙස්ට් රිජ්වේ ගෙ ඇන්දිල්ල නිසාදෝ, එහෙමත් නැත්තං අයතා විදියට සොලමන්ලාගෙන් ලැබුණු ලේ ඥාතිත්වය නිසාදෝ මන්ද අදටත් අත්තනගල්ලෙන් වලව්වෙ බල්ල චන්දෙ ඉල්ලුවත් ඌ උඩින්ම පාර්ලිමේන්තුවේ.

එකම රටක්, එකම කොඩියක් යටතට ලංකාවේ සියලු ජාතීන් එකතු කරන්න පුළුවන්. ඒ ගැන විවාදයක් නෑ. ඒත් ලංකාවේ ඔක්කොම මිනිස්සුන්ට සිංහල කතාකරවන්න බෑ. අපි කන සොම්බෝලෙයි බතයි දෙමළට කවන්නත් උගේ තෝසෙයි සාම්බාරුවයි අපි කන්නත් කියල කාටවත් නීතියක් දාන්න සදාචාරාත්මක අයිතියක් කාටවත් නෑ. එහෙම බලෙන් කවන්න ගිහිං හදාගත්ත පොඩි බඩේ කැක්කුම 83දි බඩේ අජීර්ණයක් බවට පත් වෙලා ලේ අතීසාරය වෙනකල්ම වර්ධනය වෙලා යන්තං 2009දි  සනීප උනා. පිටරට වලින් අජීර්ණ කෑම ජාති දීල අයෙත් බඩේ අමාරුව හදන්න තවත් උදවිය වලි කනවා වගේම අපේ උන්දැලත් බලෙන් බතුයි සම්බෝලයි කවන්න ගිහිං ආයෙත් බඩේ අමාරු හදවන්න දඟලනවා. පුරුදු තෝසෙ උන්ට කන්න ඇරලා අපේ බත අපි කාගෙන ඉන්නගමන් වෙනසකට අපිත් තෝසයක් කාලා උනුත් බත් කෑවට කමක් නෑ.මට නං පේන විදියට 2010 ඉඳන් උන්ට කන්න නොදී හංගන් හිටපු දෙමළ ජාතික සිංදුව කියන උළුඳු වඩේ එක ආයෙත් පාරක් උන්ට දුන්නයි කියල සිංහල මිනිස්සුන්ට පාඩුවක් වෙන්නෙ නෑ කියලයි මම නං දකින්නෙ. සිංහලෙන් සහ දෙමළෙන් භාෂා දෙකකින් ජාතික ගීය ගැයෙනකොට එතැනදී බෙදීමක් ඇති වෙනවා කියන අදහසක් ඔලුවට එන බව හැබෑව. අවුරුදු ගානක් තිස්සෙ යුද්දෙන් බැට කාපු , නැවතත් යථා තත්වයට පත් වෙමින් යන දෙමළ ජන ජීවිත වලට ජාතිකත්වය, ශ්‍රී ලාංකිකත්වය එකතු වෙන්න අවශ්‍යයි.

සිංහල මිනිස්සු කියන්නෙ යක්කු, දෙමළ මිනිස්සු කියන්නෙ කොටි විදිහට හිතන මානසිකත්වයට තිතක් තියන්න අවශ්‍යයි. හමුදා පාලනය සහ කොටි පාලනය යටතේ හෙම්බත් උනු දෙමළ මිනිස්සුන්ට ලංකාව, ජාතිකත්වය ගැන හිතන්න ඒ කාලේ ඉස්පාසුවක් තිබුනේ නෑ. ජීවිතය රැකගන්නඑක සහ මොනවහරි කාලා ජීවත් වෙන එක ගැන මිසක් ඒ තත්වෙන් ඉන්න මිනිස්සුන්ට රටවල් ගැන අභිමානයක් ඇති කරගන්න කොහොමටත් අවශ්‍යතාවක් තිබ්බෙත් නෑ. කොටි සංවිධානෙන් ඒ මිනිස්සුන්ට බලෙන් පටෝපු ඊලාම් ජාතිකත්වය සහ "සිංහලයෝ කියන්නෙ එපාම කරපු ජාතියක්" කියන මොළ ශෝධන සංකල්ප අවසන් උනාට පස්සෙ අපි හැමෝටම වගේ ඒ මිනිස්සුන්ටත් අවශ්‍ය නිදහසේ තමන්ගෙ වැඩ ටික කරගෙන සතුටින් ජීවත් වෙන්න.

"එව්ව කොහෙද, උන්ට තාම ඕන ඊලම" කියල අපේ මිනිස්සුන්ට තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඒවගේ දේවල්, "ඊලාම් සංකල්ප" ගැන කතාකරන්නෙ, පාරම් බාන්නෙ දෙමළ මිනිස්සුන්ව බිල්ලට තියල තමන්ගෙ බඩ  තරකරගන්න හැමවෙලේම කුරුමානම් අල්ලන දෙමළ දේශපාලකයෝ. උන්ට උන්ගේ දෙමළ මිනිස්සු අපේ සිංහල එවුං එක්ක සහයෝගෙන් ජීවත් උනොත් පාඩුයි. යාපනේ ළූණු වවන දෙමළ මනුස්සයට ඊළමෙන් වැඩක් නෑ. දෙපැත්තෙන්ම සිදුවෙච්ච වැරදි නිසාවට පහුගිය කාලේ මරාගත්තට සිංහල දෙමළ අපි හැමෝටම තියෙන්නෙ එකම අවශ්‍යතා. අනිත් එක තමයි, දේශපාලන සරණාගතයෝ, යුද්දෙන් අවතැන් සරණාගතයෝ විදියට පිටරටවල සෙට්ල් වෙලා ඉන්න දෙමළුන්ට තවමත් මෙහෙ ප්‍රශ්න තියනවා කියල පෙන්නන තරමට වාසි වැඩියි. මෙහෙ ප්‍රශ්න නැත්තං උන්ට එහෙ ඔක්කොම අකුලාගෙන මෙහෙ එන්න වෙන නිසා.


මගේ පුද්ගලික අදහස නම් දෙමළුන්ට උන්ගේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒකීය රටක්, එකම නීතියක් යටතේ. අපි එක හැන්දකින් බෙදාගෙන උන්ට වෙන හැන්දකින් බෙදන්න ගියෝතින් අළු යට ගිනි පුපුරු තියනවා වගේ ඔය ප්‍රශ්නේ යට ගිහිං අවස්තාවක් එනකල් දිගටම පවතීවි.
 
ජාතික ගීය දෙමලෙන් ගායන වෙන කතන්දරේදීත් ඔය තර්කය ඒ විදියටම වලංගු වේවි. අපි ජාතික ගීය ගායන කරන වෙලාවට ඒකෙ අන්තර්ගතයත් එක්ක ලංකාව ගැන චිත්‍රයක් හිතේ මැවෙන ගමන් කිසියම් අභිමානයක් හිත තුල ඇතිවෙනවා. එක නෑ කිව්වොත් බොරුවක්. දෙමළ පොඩි එවුං නොදන්නා භාෂාවකින් ඕක කියනකොට උන්ගේ හිතට එහෙම එකක් ඒවිද? දෙමලෙන් ගැයුවත් ඒ ගයන්නෙ ලංකාව ගැන නෙවෙයිද? එහෙම ගයනකොට දෙමළ ළමයින්ගේ හිත තුල රට ගැන ආදරයක් ඇති වෙන්නෙ නැද්ද? බලහත්කාරයෙන් අපේ දේවල් උන්ගේ හිත්  වලට බලෙන් ඔබ්බවනවට වඩා මේ විදිය හොඳ නැද්ද? අනිත් එක ඔය දෙමලෙන් කියන්න හදන ජාතික ගීය කලින් නොතිබ්බ එකක් නෙවෙයි අපි නොදන්නවා උනාට. භාෂා කීපයකින් ජාතික ගීය ගයන්න හදන එකම රටත් ලංකාව නෙවෙයි.

ජාතීන් මෙච්චරක් ඉන්න ඉන්දියාවේත් තියෙන්නෙ එකයි නෙ කියල එක ආදර්ශෙට ගන්න දඟලන්නේ අපි අපේ දේවල් කරන්න ඕන ඉන්දියාවට ඕන විදියටද? ස්වභාවික සම්පත් ,වගා භූමි සහ මිනිස් ශ්‍රමය බහුල නිසාවට බලවත් වෙලා ඉන්න ඉන්දියාව ඇත්තටම ආදර්ශෙට ගන්න තරම් සුදුසු රටක්ද? අපි කරන්න ඕන අපි කරන්න අවශ්‍ය දේ මිසක් එක එකාට ඕන දේවල් නෙවෙයි. රටක් විදියට ඉස්සරහට යන්න ,සමගියෙන් සාමකාමීව ජීවත් වෙන්න අවශ්‍ය නීති සහ ක්‍රම අපි විසින්ම සුදුසු ආකාරයට සම්පාදනය කරගත යුතුයි. හැමදාටම මහා ජාතිය විසින් සුළු ජාතිය යටත් කරගෙන සිටිය යුතුයි කියන මානසිකත්වයෙන් වැඩ කලොත් සිද්ධවෙන්නෙ ශක්තිමත්ව සංවිධානය වෙන සුළු ජාතිය ආයෙත් පාරක් නැගීසිටින එකයි.

"මෙව්වා ඔක්කොම බෙදිලා බෙදිලා ගියාම බෙදීම තවත් වැඩි වෙනවා" කියල තර්කයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. මම මුලින්ම කිව්වා විදියට සිංහල භාෂා ප්‍රශ්නෙදිත් එකට ඒකරාශී කොරන්න ගිහිල්ල වෙච්ච වැඩේ නවතින්න කොයිතරම් කාලයක් ගත උනාද? ඒ දේවල් වලින් ජාතියක් විදියට පාඩු උනේ කාටද? දෙමෙල්ලුන්ට විතරද? සිංහල එවුන්ට විතරද? ආයෙමත් ඒ විදියටම පීඩනයක් යටතේ දෙමළ ජාතිය පවත්වාගෙන ගියොත් ඒ දේවල් වල ප්‍රතිවිපාක අනාගත පරම්පරා වලට භුක්ති විඳින්න වෙන එකක් නෑ කියල කියන්න පුළුවන් කාටද? ඔය දේවල් වගේ පොඩි පොඩි ලිහිල් කම් දෙමළ මිනිස්සුන්ට දෙන එකෙන් "සිංහලයෝ නරකයි" කියාගෙන තමුන්ගෙ බලය රැකගන්න වළිකන දෙමළ දේශපාලුවන්ට අවාසියක් වෙන්නෙ නැත්ද? පිටරටවල අර පෝරා , මේ පෝරා කියල කචල් දාන එවුන්ට උන්ගෙ මතය අහිංසක දෙමළ මිනිස්සු වෙතට වපුරන්න තියන ඉඩ ඇහිරෙන්නේ නැත්ද?


ජාතිවාදය, ආගම්වාදය දඩමීමා කරගෙන එයින් තමුන්ගෙ බඩ වඩාගන්න  උත්සාහ කරන දේශපාලුවෝ නිසා තමයි මේ රට මේ තත්වෙට වැටිලා තියෙන්නෙ. හැම ජාතියකටම හැම ආගමකටම සමාන අයිතිවාසිකම් ලබාදීල වැරදි වෙනවා නම් ඒක වළක්වන්න සාධාරණ නීති පද්ධතියක් රටට දායාද කරනවා නම් මේ රට බොහොම ලස්සන එකක් වෙයි. ඒ වෙනුවෙන් සිදුවෙන යම් යම් දේවල් හොඳද නරකද කියල විචාරාත්මකව බලන්නෙ නැතුව "අප්පා, දෙමළට ඕක දෙන්න නරකයි, තම්බියට ඕව හරියන්නේ නෑ" කියා කියා පරණ තැටියම ගහගෙන හිටියොත් ජාතිය, ආගම කුළේ ගැන කතාකර කර ඉන්න එක මිසක් වෙන මෙලෝ දෙයක් වෙන එකක් නෑ. ලෙඩා මලත් බඩ සුද්දයි, කියන්නා වගේ මේක මොන විදියට තිබ්බත් කමක් නෑ දෙමළ අපි යටතේ ඉන්න ඕන. අපි හෙන උසස් ජාතියනේ. අපිට රටක් කියල තියෙන්නෙ මේක විතරනේ. ඒකෙ ඉන්න ඕනේ අපි විතරනේ... ලබ්බ තමයි.

59 comments:

  1. Replies
    1. මහින්ද මහත්තයගෙ මතෙත් මේකමයි අටං අයියෙ,, :D

      Delete
  2. Excellent analysis. Well said Sajja. How beautiful it will be if more Sri Lankans think in this way.

    ReplyDelete
  3. නැගෙනහිර තම්බියෝ අරාබි බාසාවෙන් ජාතික ගීය කියන්න ඉල්ලුවොත් ඔයා මොකද කියන්නේ ඩාලිං සජ්ජෝ

    ReplyDelete
    Replies
    1. අරාබි භාෂාව මෙහෙ භාවිත වෙන්නෙ නැති නිසා ඒ ගැටලුව එන එකක් නෑ ඇනෝ. මුස්ලිම් මිනිස්සුන්ට අරාබි තේරෙන්නේ නෑ නේද? ආගමික පාඨ වල තියන අකුරු දන්නෙත් නෑ මං දන්න විදියට බහුතරය..

      Delete
    2. නැගෙනහිර තම්බියොන්ගේ භාෂාව දෙමල කියලා දන්නෙ නැද්ද ඩාලිං?

      Delete
    3. ඉතිං ඩාලිං උනුත් ඕක දෙමලෙන්ම කියයි, සිංහල තේරෙන්නේ නැත්තං..

      Delete
  4. උඹ වගේ හැම එකාම හි්තනවනං මේ ගොඩාක් ප්‍රරස්න අහවරයි. බං.. නියමෙට ලියලා ඇත.. බණ්ඩාගේ රෙද්ද ගැන උඹ කිව්ව ඒවා හරියටම හරිය..

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්තව හිතනවා නං ඔය මොනා ප්‍රශ්නයක් වත් එන්නේ නෑ දේශකයා... අපේ පැත්ත වගේම පිටස්තරයාගේ පැත්තත් හිතන්න පුරුදු උනොත් මේ ලෝකෙ බොහොම ලස්සන වෙයි...

      Delete
  5. තාමත් වලව් වහල් මානසිකත්වය තියෙන අය්යලා එමට ඇත...
    සජ්ජ කියන්නැහෙ අපි කිසි දෙයක් බලෙන් කරන්නට යන්නට හොද නැත... ඒ වගේම කරන දේ නොදැන කරන්නට යන්නට හොද නැත...
    මොකද කියනව නං
    තවමත් යාපනෙන් මෙහාට ඇවිත් නැති උං ටිකක් සේම කොළමින් එහාට දැකපු නැති උං ටිකක් අපි අතර ඉන්නා බැවිනි

    ReplyDelete
    Replies
    1. මහේෂ්ගේ තර්කය පිලිගන්නවා. අපේ එවුන්ටත් දෙමළ මිනිස්සු එක්ක එකට ගැටෙන්න (ගැටෙන්න කිව්වෙ ගහගන්න නෙවෙයි) අවස්තාව ලැබෙනවා නං, දෙමළ මිනිස්සුන්ටත් සිංහල මිනිස්සු එක්ක ගැටෙන්න අවස්තාව ලැබෙනවා නම් මේ ප්‍රශ්න එකක් වත් එන්නේ නෑ...

      Delete
  6. අටං ගෙ නම් හිත රිදිලා වගේ.. හැක් හැක්.. මේක යවපං නානසාරට කියවන්න.. මේ දෙමළ නායකයෝ කියන කරන හැම දේකටමනම් මම එකඟ නෑ.. මිනිස්සුනම් ගොඩක් උන් අහිංසකයි.. බණඩල සිංහලයන්ට කොරපු දේම තමයි පොන්නම්බලම් ල යාපනේ දෙමළුන්ටයි තොණ්ඩමන් ල වතු දෙමළුන්ටයි කරන්නේ.. සත පහකට වැඩකට නැති ජාතික ගීය (හිත්වල නැතුව ගහක, මලක සිංදුවක තියෙන ජාතිකත්වයේ වටිනාකම මොකක්ද?) දෙමළෙන් බැරිනම් උන් ඉංග්‍රීසියෙන් කියා ගත්තදෙන්..

    මේ ලියුමේ මට වැදගත්ම ටික අර ඉංගිරිස් ගැන කියපු ටික.. කෙල්ල මොනවහරි කරල ගොඩ දානියි කියන හිතුවිල්ල නිසා මං කෙල්ලට සිංහලෙන් උගන්නන ගමන් කොල්ලට ඉංග්‍රීසියෙන් උගන්නනවා.. එතකොට ඌත් කොහොම හරි ගොඩ යන්නේ නැතෑ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අටං අයියට හිතෙනවා ඇති ඌ කිරි පෙව්වේ නයි පැටියෙක්ට කියල.. මගේ බ්ලොග් කෙරුවාවට උපරිම සහයක් දීපු එකෙක් ඌ. දේශපාලන අදහස් කියන්නෙ අපේ අදහස් වලින් එක කොටසක් විතරයි. ඒවා ප්‍රකාශ කරනකොට බැලන්ස් වෙන්න ලිව්වොත් කිසි අවුලක් නෑ කියලයි මම නං හිතන්නෙ. අපි හැමොටම මතගැටුම් තියනවනේ බං. අම්ම තාත්ත එක්කත් මත ගැටුම් ඇති වෙන්නෙ. දේශපාලන කාරණා ලියන්න අදහසක් නෑ මගේ නං. ලියන එව්වට මොන විදියට බැන්නත් ඒවා පිලිගන්නවා බොහොම සන්තෝසෙන්..
      ඔය ඉංගිරිසි කතන්දරේ ගොඩක් එවුං දන්නෙ නෑ කමී...

      Delete
    2. අටං අයියා අමු ජාති වාදි බේබද්දා හැක්

      Delete
    3. බණඩල සිංහලයන්ට කොරපු දේම තමයි පොන්නම්බලම් ල යාපනේ දෙමළුන්ටයි තොණ්ඩමන් ල වතු දෙමළුන්ටයි කරන්නේ.//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  7. බන්ඪාරනායක මහත්තයා තමයි මේ යුද්ධෙට අත්තිවාරම දැම්මේ කිව්වාම කට්ටිය සරම කරට අරන් මාත් එක්ක වලියට එන්නෙ..
    මචං අර පලවෙනියටම ලියපු ලිපි වගේ එකක් ආය ලියහන්කෝ.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා.. කොච්චර තිත්ත උනත් ඇත්ත කතාව ඒකයි. සිංහල දෙමළ ගැටුමට මූලික හේතුව ඕක.
      දේශපාලනේ ගැන දිගට ලියන්න අදහසක් නෑ බං. අර වගේ එව්ව ලියන එක තමයි මගේ ක්‍රමේ...

      Delete
    2. බණ්ඩ කරපු වැඩ අනුමත නොකළත් මෙන්ඩා මෙතන මෙහෙම දෙයක් තියනවා. යටත් විජිත කාලෙ දෙමළ අයට විශේෂ තැනක් තිබුනා. මේ තත්වය දිගටම තියාගන්න ඔවුන්ට ඕන වුනා. මුලින් ෆෙඩරල් ඉල්ලීම ඉල්ලුවෙ උඩරට නායකයන්. ඊට විරුද්ධ වුනේ කවුද දන්නවද දෙමල නායකයන්. ඒ කියන්නෙ රටේ ප්‍රධාන ජනකොටස වුනේ ඔවුන්.
      සිංහලයන් තමන් පාලනය කිරීමට සුදුසු නෑ කියලයි ඔවුන් හිතන්නෙ. දෙමළ බහුතරයක් සිටින තැනකට අපි ගියොත් ඔවුන් සිංහල දැනගත්තත් සිංහලෙන් කතා කරන්නෙ නෑ .ඒක ඔවුන්ට මදිකමක්.

      මේකයි ඇත්ත කතාව. දෙමළ මුස්ලිම් ජනතාව ලෝකය මත පදනම් වුන මහ ජාතික මානසිකත්වයෙන් ඉන්න පිරිසක්. ඔවුන්ගෙ මුල් මෙරට නොවෙයි.

      බණ්ඩගෙ වැඩෙන් වුනේ මේක තව අවුල් වීම. එහෙම නැතිව බණ්ඩ ප්‍රශ්නෙ නිර්මාණය කලා නොවෙයි. හැබැයි ඉංග්‍රීසියෙන් රටේ වැඩ කලානම් ඒක සිංහලයට වගේම දෙමළටත් හොඳයි. බණ්ඩගෙ වැඩෙන් උඩගු දෙමළා කුපිත වුනා.

      ඔය ප්‍රභූ දෙමළ අයගෙ අතීතය බලන්න . ඔවුන් ලංකාව ,මැලේසියාව , සිංගප්පූරුව යන රටවල් වලින් එකක්වත් මවුබිම ලෙස සැළකුවෙ නෑ. ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙ යටත් වැසියන් පමණයි.මැලේසියාවෙ ඉපදිලා ලංකාවෙ ඉගෙනගෙන සිංගප්පූරුවෙ මැරෙනව. ප්‍රශ්නෙ වුනේ මේ බ්‍රිතාන්‍ය යටත් වැසියන් එක්ක සිංහලයන්ට ගණුදෙනු කිරීමට සිදුවීම.

      බණ්ඩට ඔය මොන දැක්මක්වත් තිබුනෙ නෑ. තිබුන එකම දැක්ම යූඇන්පියෙන් අගමැතිකම දුන්නෙ නැති එක.

      Delete
    3. //මේකයි ඇත්ත කතාව. දෙමළ මුස්ලිම් ජනතාව ලෝකය මත පදනම් වුන මහ ජාතික මානසිකත්වයෙන් ඉන්න පිරිසක්. ඔවුන්ගෙ මුල් මෙරට නොවෙයි. //
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. එකඟයි මතධාරියා.. උඩරට ගිවිසුමේ අස්සන් ටික බැලුවොත් තේරේවි දෙමළ භාෂාවට තිබුණු බලේ ඒ කාලේ,,,

      Delete
  8. බන්ඩාරනායක තමයි මේ රට විනාශ කළේ.. අදටත් ඔය සමාධියට හෙන ගහනවා.. එහෙම වෙන්නේ නිකං නෙමෙයි.. ඌගේ ළමයි පිටරට ඇරලා, ජාතියේ ළමයි පට්ට ගෝත්‍රිකයෝ කළ.. මහින්ද කළෙත් ඒකමයි.. මට හිතාගන්න බැරි පොලොන්නරුවේ ගොයියෙක්ගේ පුතෙකුට ඊට වඩා දැක්මක්, අවංක භාවයක් ආවේ කොහොමද කියන එකයි. මොකෝ ප්‍රේමදාසලා උනත් දුප්පත් කම හැමදාම පවතීවා කියා පතන උන්..

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරනායකට ඒ පවා පලදුන්න නිසා වෙන්නැති පරම්පරාව ඉවර උනේ.. පොළොන්නරුවේ ගොය්යගේ පුතා ගැන දැන්මම මුකුත් කියන්න බෑ කියලයි මට නං හිතෙන්නෙ.
      ප්‍රේමදාසලාට මාකට් වෙන්න නං දුප්පත් කම හැමදාම තියෙන්න ඕන සහෝදරයා..

      Delete
    2. මාතලන්ගෙ කටට මසුරන් දාන්න ඕන . ඇත්තටම ඔය සමාධියට හෙන ගහන්න ඕන. ඒ වගේම සොලමන් බන්ඩ ගැන සජ්ජ කියපු කතා ඇත්ත. උන්ට ඕන වුනේ රටම උන්ගෙ වහල්ලු විදියට තියාගන්න.
      සර්වජන ඡන්ද බලය දෙන්න අතිගරු ඩොනමෝර් සාමි උත්සාහ කරද්දි බන්ඩාරනායකයි සේනානායකයි විරුද්ධ වුනාලු.ඒ ඊ ගුණසිංහ විතරලු කැමතිවුනා කියන්නෙ.
      බණ්ඩ සිංහල රාජ්‍ය භාෂාව කරපු එක වැරදියි. චීනය ජපානය ස්වභාශාවලින් කළාට ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඉංග්‍රීසි රාජ්ය භාෂාව ලෙස තිබුනානම් මේ මොකුත් නෑ.

      ඔය දෙමළ ප්‍රශ්නෙ ගැන නම් මට තියෙන්නෙ වෙනම අදහසක්. දෙමල ජනතාව හිතනවා තමන් පාලනය කිරීමට සිංහලයන් සුදුසු නෑ කියල. අන්න ඔය මනෝභාවයයි හේතුව. සුද්දගෙ කාලෙ දෙමළ ජනතාවට වැඩි සැළකිල්ලක් තිබුනා. ඔවුන් දිගටම ඒ සැළකිල්ල ඕන වුනා.

      මේකට හොඳම විසදුම රටේ කටයුතු ඉංග්‍රීසියෙන් කිරීම. අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් කිරීම. සිංහල දෙමළ භාශා වෙනම ඉගෙන ගන්නවා. එහෙම වුනානම් අද ඉංග්‍රීසියට තියන වන්දනීය තත්වය නැතිවෙලා ඒක පොදු ව්‍යවහාරයට එනව.

      ලංකාවෙ විදේශ ප්‍රතිපත්තියත් මුල ඉදලම අනාගත්ත.

      Delete
    3. අනිවාර්යෙන් ... අතිශය ලෙස එකඟයි මධ්‍යස්ත මතධාරියා... ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ඕන. ඒත් ඕක කිව්වොත් කව්ද එකඟ වෙන්නෙ. උඹයි මමයි කීපදෙනෙකුයි ඇරෙන්න... රෙදි උස්සගෙන එයි කට්ටිය..

      Delete
  9. //රටේ හැම ආසනයකටම මාධ්‍ය මහා විද්‍යාල ලබා දෙද්දි ,අත්තනගල්ලට මාධ්‍ය මහා විද්‍යාලයක් දෙන්න දුන්නෙ නෑ බණ්ඩාරනායක වරු//
    සහතික ඇත්ත සජ්ජො, වේයන්ගොඩ බන්ඩාරනායක මධය්‍ය මහා විද්‍යාලය දැම්මෙ මීරිගම ආසනේ. අත්තනගල්ල සීමාවෙන් මීටර් පහකින්වත් එහයින්.
    ඕකුන්ගෙ නම දැම්මත් බලයට ආපු ගමන් චන්ද්‍රිකා කලේ ක්‍රීඩා පාසලක් කරන්න වෙන්කරපු රුපියල් කෝටිය කැන්සල් කරපු එක. මට එදා ඉදන් ඔය $සි පේන්ඩ බෑ.
    ජාතික ගීය දෙමලෙන් කියන එකට මම නම් එකගයි. මොන බාසාවෙන් කිවුවත් කියන එකාට තේරෙන බාසාවෙන් කිවුවහම තමයි රට ගැන හැගීමක් එන්නෙ.
    දැන් වලව් පැලැන්තියෙන් විතරක් නෙවෙයි කුණු වලෙන් එකෙක් ජනාධිපති උනත් රටට කරන එකෙක් පහල වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය මධ්‍ය මහා විද්‍යාල කතාව තනිකරම ඇත්ත.. මිනිස්සු ඉගෙනගෙන සමාජය ගැන දැනගෙන උඩට එනවා මුන්ට පෙන්නන්න බැරි උනා.

      Delete
  10. ඔක්කොමත් හරි පෝස්ට් එකේ අන්තිමට මාව ඇදල ගත්තෙ මොකද????
    හෙහ් හෙහ් හෙ...

    මචං එක්සත් ජාතීන් විසින් යම් භූමි ප්‍රදේශයක් වෙනම රටක් බවට ප්‍රකාශ කරන්න ඕනෙ මූලික් අංග 5ක් තියෙනවා.පොඩ්ඩක් හොයල බලපන්.
    මේ මොහොතේ රටට කිසිසේත් අදාල නැති මේ තීරනේ පිටිපස්සෙ ඉන්නෙ බලලෝභියෝ මිසක් සාමාන්‍ය දෙමළ ජනයා නෙමෙයි.
    මේ තමයි විකුණං කන්න ජාතිවාදෙ පැල කරන හැටි.ටික කාලෙකින් මේවට පොහොර එහෙමත් වැටෙනවා.
    ඔක්කොම එකඟ වෙලා වැදි භාශාවෙන් හරි කමක් නෑ රටට තියෙන්න ඕනෙ එක කොඩියයි,එක ගීයයි.එතන භාශාව ඇදල ගන්නවා කියන්නෙ බෙදීම කියන එකම තමයි.
    ඉංග්‍රීසිය පුලුවන් කියන්නෙ ලෞකික ජීවිතයෙ සෑහෙන දුරක් යන්න NOS ගහගත්ත වගේ වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. ලබ්බා.. මම මෙතෙන්දි ඕකට විරුද්ධයි කොල්ලෝ... මාතලන්ගේ සිංඩියෙන් ප්‍රමෝට් කරපු අන්තිම පෝස්ට් එක බලපන්. අපේ අරක, අපේ මේක. අහවල් මෙව්වා එක එක වෙන්න ඕන කියල ඒ දෙයින් අනිත් උන්ට අවාසි සහගත තත්වයක් ඇති වෙනවා නං කවදාවත් මේක එකමුතු කරන්න බෑ. දෙමළා අපිට පාතින් ඉන්න ඕන, උන්ට මොක කලත් අපිට අඩුවෙන් කරන්න ඕන කියලනෙ කට්ටියක් කියන්න හදන්නෙ. උනුත් මිනිස්සු බං. අපි වගේම. අපිට වඩා හොඳයි සමහර වෙලාවට. නියම දෙමළා මස් මාළු වත් නොකන ඉතා සාමකාමී පිරිසක්. එහෙව් මිනිස්සු ඇඟේ බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙන තත්වෙට පත් වෙන්නෙ නිකං නෙවෙයි. සිංහල මහ ජාතියෙන් අනන්ත අසාධාරනකම් උන්ට සිද්ධ උනා. උන්ව බල්ලට දැම්ම ඔය වගේ එක එක දේවල් වලින්. උන්ව පාගල පහත් කරලා වැඩ කළා. උන් නැගීසිටින්න හේතුව ඒකයි. උඹ කියන විදියට තග දාගෙන "ඕනෙ නං සිංහලෙන් කියපන්, ඕනෙ නං අපිට ඕන විදියට හිටපන්" වගේ තග දාගෙන පාලනය කරන්න අපි බලවත් රටක් වෙන්න ඕන, එහෙමත් නැත්තං එකාධිපතියෙක්ගේ පාලනයක් තියෙන්න ඕන. අපි ලෝකෙන් උතුම් රට කියල පාරම් බෑවට අපේ රට හිඟන රටක්. එක එකාගෙන් ඉල්ලන් කන්නේ. සම්පත් වලින් සපිරි සශ්‍රීක එකක් කිව්වට මේකේ ඇති ලබ්බක් නෑ, වගා බිම් ආර්ථිකමය වටිනාකමක් ගන්න තරම් ලොකු නෑ. එකම සම්පත මිනිස් සම්පත විතරයි. අනිත් උන්ට වඩා අපේ එවුන්ට මොළේ තියන එක තමයි අපිට තියන එකම වාසිය. බලවත් නොවන රටක් නිසාවට අභ්‍යන්තරය අපිට ඕන විදියට පාලනය කරගන්න අපිට බෑ. ඒ නිසා තමයි රට තුලෙ යුද්දෙ අවුරුදු 30ක් තිබ්බේ. අනිත් කාරණේ ඒකාධිපතියෙක් ගැන කතාව. එහෙම එකෙක් ඉන්නවා නං ඔන්න පුළුවන් අපිට ඕන විදියට නීති දාගෙන මේක පාලනේ කොරන්න. ඒ ලක්ෂණ තිබ්බ මහින්ද මහත්තයට යන්න උනා. එහෙම එකෙක් ඉන්නකොට, අනුන්ගෙන් ඉල්ලන් කන අපිට බල්ලෙක් වත් කට්ටක් වත් විසි කරන්නෙ නෑ. අපේ රට ඉස්සරහට යන්න නං තියන එකම ක්‍රමය තමයි ඔක්කොම එකට එකතු වෙලා එක එකාගේ ඇද හොයන්නේ නැතුව රටක් විදියට හිතන්න පතන්න වැඩ කරන්න පටන්ගන්න එක. එක වෙන්නෙ නැත්තං මේකෙ ඉන්නවට වඩා හොඳයි මේක දාල යන එක. අර කව්ද කිව්වා වගේ බුද්ධාගම තියන නිසාවට, ඒ ගුණධර්ම තියන නිසාවට ලංකාවේ ඉපදෙන එක කමක් නෑ. එහෙම නැතුව තිබ්බ නං බල්ලෙක් වෙලා හරි වෙන දියුණු රටක ඉපදෙන එක සැපයි මේකෙ ජාතක වෙනවට වැඩිය. ලබ්බා.. මෙව්වා මතවාදී ඝට්ටන මිසක් උඹ එක්ක පුද්ගලික එදිරිවාදිකමට කියන එව්ව නෙවෙයි. උඹට කැමති දෙයක් කියපන්. මම අහගෙන ඉන්නවා. :D

      Delete
    2. ඔක්කොම මිනිස්සු මචං.. සිංහල,දෙමළ.. මුස්ලිම්... ,....,... ස්ත්‍රී,පුරුෂ වෙන්නෙ පස්සෙ.ඒ ඔක්කොටොම කලින් අපි ඔක්කොම කන,බොන ,රෙන,*කන සහ "හිතන" මිනිස්සු. ලෝකෙ ගැන මම කතා කරන්නෙ එතන ඉඳං.
      මචං තාම 'සිංහල' කියන්නෙ මහ ජාතිය කියලා හිතාගෙන ඉන්නවා නම් ඌ තරම් මෝඩයෙක් මට පෙනෙන්නෙ නෑ.මොකද සිංහලයා ඉන්නෙ මේ දූපතේ විතරයි.නමුත් අනිත් හැම කෙනාටම මුලක් වෙන තැනක තියෙනවා.'ශ්‍රී ලංකා' කියන දූපත තමන්ගෙ රට,මේක ඇතුලෙ අපි ඔක්කොම එකයි කියලා එයාල ට හිතෙන්නෙ නැති බව කලින් කෙනෙක් ලස්සනට පැහැදිලි කරලා තිබුනා.මම අර කියපු 'හිතන' මිනිස්සු අතරෙ ඉන්න දෙමළ කියන උදවියට මේ දූපතක් ඇතුලෙ විතරක් මහ ජාතියක් කියලා හිතන් ඉන්න මිනිස්සු කොටසක් එක්ක සහජීවනයෙන් ඉන්න හිතෙන්නෙ නෑ.හොඳට බලපන් දෙමළ,මුස්ලිම් ජාතිවාදය පතුරුවන්නෙ,ගැටළු ඇති කරන්නෙ මේ 'දූපතෙන්' එලියට ගිහින් ලෝකය තුල ජාතියක් වශයෙන් බලපෑම් කරලා වාසි ලබාගන්න තියෙන අවකාශය අඳුන ගත්ත උගත් පිරිස්.සිංහලයා මෙතනදි හැසිරෙන විදිහට මට මතක් වෙන්නෙම 'චරිත තුනක්' නවකතාවෙ 'ඉසා'.ඌ තමන් ගැන මෙලෝ මඟුලක් හිතන්නැතුව කැප කිරීම කලා වගේම තම සිංහලයත්.
      ලොකු වැරදි උනා 83 වගේ.හැබැයි දෙගොල්ලන් ගෙම අහිංසකයන්ට වැරදි උනේ.
      මම කලින් කොමෙන්ට් එකේ කිව්වා වගේ සාමාන්‍ය සිංහල,දෙමළ ජනයාට අනවශ්‍ය දෙයක් සමීප අනාගතයේ 83 වගේ තත්වයක් ඇතිකරගෙන ඒක විකුණන් කන්න දේශපාලකයො දැනුවත්වම රෝපනය කරන විස පැලයක් මේ මල්ටි කලර් ජාතික ගීය.

      Delete
  11. රාජ්‍ය භාෂාව සිංහල ලෙස නම් කිරීමෙන් පසු සිදු වූ එක් විශේෂ අඩුවක් නම් පාසල් විද්‍යාව විෂය මාලාවට සින්හල වචන එක් කිරීම හා සිංහලෙන් විද්‍යාව ඉගැන්වීමයි.

    ReplyDelete
    Replies
    1. විද්‍යාවට විතරක් නෙවෙයි අනෙත් විශයයන් සේරටමත් ඔය අගතිය සිදධවෙලා තියනවා. ඉංග්‍රීසි වචනයට ටක්ටකට ගැලපෙන සිංහල වචනයක් නැත්තම් අපබ්‍රංශ වචනයක් හදලා දානවා, ඒ වචනයෝ තේරුම දන්නේ අදාල විශය ඉගෙන ගත්ත අය විතරයි, ඒ අයත් විභාගයෙන් පස්සේ ඒක අමතක කරල දානවා (භාවිතයක් නෑ). ඔය අමුතු වචන භාවිත කරල කරන සන්නිවේදනය පොදු ජනතාවට නොතේරන එක අරුමයක්ද? ඒත් අපි කියන්නේ ජනතාව උගත් නෑ කියලයි. ඉංග්‍රීසි / ප්‍රංශ / ස්පැනිෂ් / පෘතුගීසි / රුසියන් යන ජන වර්ග එකකට වැඩි ගණනක් කතාකරන භාෂා වල එකිකෙනාට තේරෙන වචන ගොඩාක් තියෙන්න නිසා එකිනෙකා තේරුම් ගන්න හරිම පහසුයි. එහෙම සමාන වචන තියෙන්නේ ඔවුන්ට අළුත් දෙයක් හඳුන්වාදෙනකොට විගඩං වචන නොහදා මුල් මූලාශ්‍රය දේශීය හුරුවට ශබ්ද කරන නිසා වෙන්න ඇති.

      Delete
    2. මනුව, පේනුව, තාප දඟරය (ඕකට ජාල රත් කූර කියලත් කියනව) , විලායකය, වගේ ඇහුවම හිනා යන කුණුහරුප විදුලිබල මණ්ඩලේ සම්බන්ධව තියනවා හොඳට මතකයි...

      Delete
  12. පාරෙ අස්සය පිටේ යනකොට ඉස්සරහට හම්බවෙන මිනිස්සු අගලට බැස්සෙ නැත්තං සබුක්කුවෙන් තලපු , බල ප්‍රදේශයේ ලස්සන ගෑණු ඔක්කොම අඹුකමට තියාගත්තු සොලමන් ඩයස්ගෙ බණ්ඩාරනායක නමට බයේ හිටපු මිනිස්සුන්ට, පුතා එංගලන්තෙන් බැහැල සරම ඇඳගෙන බුද්ධාගම වැළඳගෙන ගහපු වංගුව හෙනම "ප්‍රාතිහාර්යයක්" උනා.//

    සොලමන් බණ්ඩගෙ ඔය දේවල් මම අහල තියනවා. ඒ වනවිටත් වර්ධනය වෙලා තිබුන ජාතික ව්‍යාපාරයට පොඩි බණ්ඩ උපක්‍රමශීලීව නායකත්වය දුන්න. බණ්ඩලට ඕනවුනේ වැඩවසම් ක්‍රමය පවත්වාගෙන යන්න.
    ඉංග්‍රීසියෙන් හැමදේම කළානම් රටේ මිනිස්සු හිතන විදිය වෙනස්වෙනව.
    බණ්ඩගෙ වැඩවලින් වුනේ ඉංග්‍රීසි බැරි ජාතියක් බිහිවීම

    චීන ජපන් වගෙ මහා ජාතීන් ස්ව භාෂාවලින් වැඩකළාට කුඩා ජාතියක් වන සිංහලයට ඒක ගැලපෙන්නෙ නැහැ. භාශා ප්‍රතිපත්තියට අනුව ලංකාවට ගැලපෙන්නෙ සින්ගප්පූරු ක්‍රමය.එහෙ අධ්‍යාපන හා රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි . කාටත් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මතධාරියා ලියහන්කෝ " ඉංග්‍රීසි රාජ්ජ බාසාව කොරමු" කියල ලිපියක්... රෙදි කරට අරන් එන හැටි බලන්න. බුකියෙ දාමුකෝ පෝස්ටුවක් ඒ ගැන කියල කනේ ඇඟිලි ගහගන්න අහගන්න වෙන හැටි බලන්න. අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ එක රාමුවක ජීවත් වෙන්න, ඒ රාමුව ඇතුලේ හිතන්න. ඒකෙන් පැන්නොත් ඌ ඉවරයි..

      Delete
  13. තව දේශපාලකයෝ හිටියත් මම දකින විදිහට මේ රටේ අවන්කව දුරදිග බලලා වැඩකරපු එකම දේශපාලකයා කන්ණන්ගර මැතිතුමා විතරයි.ඒ කාලේ හිටපු හැම දේශපාලකයෙක්ම විරුද්ධ වෙද්දී නිදහස් අධ්‍යාපනය කියන දේ මේ රටට දීලා ගොබ්බයන් වීමට නියමිතව හිටපු අපි වගේම තව ලක්ශගානක් සමාජගත කලේ ඔහුයි.කොටින්ම කිවුවොත් ඔහු මේ රටේ මිනිස්සුන්ගේ කේන්දර වෙනස් කලා.උඹ දන්නවාද,මමත් ඉස්සර උග්‍ර ජාතිවාදීයෙක්.රනිල්ගේ ආන්ඩුව කාලේ ඉස්කෝලෙට ආවා සටන් විරාමේ ගැන පාසල් ළමුන්ගේ අදහස් දැන ගන්න ජාතික රූපවාහිනියෙන්.අපේ ඉස්කෝලෙන් ඕකට විරුද්ධව කතාකරපු දෙන්නගෙන් එකෙක් මම.වීරවන්ශ,නලින් ද සිල්වා,පාඨලී,අක්කරවත්ත,වගේ කට්ටියක් හිටියා ඒ කාලේ මගේ වීරවරයෝ සෙට් එකේ.ඒත් ඔය කාලෙම මඩකලපුවෙනුත් එහා වේරුගලාරු කියන පැත්තට යන්න වුනා තාත්තත් එක්ක ව්‍යාපාර කටයුත්තකට.එහෙදි ඒ ප්‍රොජෙක්ට් එකේ කම්කරුවෝ විදිහට වැඩකලේ කොටි සාමාජිකයන්.උන් එක්ක වැඩකරද්දි උන් කොච්චර අහින්සක අසරණ මිනිස්සු ටිකද්ද කියල මට හොදටම තේරුනා.(සාමාන්‍ය සාමජිකයන් ).කොටි සන්විධානයට බැඳුන නිසා ඔවුන්ට ලැබෙන එකම ප්‍රතිලාභය තමයි ඔවුන්ගේ මුළු පවුලටම කන්න දුන්නා සන්විධානයෙන්.බලන හැම පැත්තකම තිබ්බේ මඤ්ඤොකා වවලා.ඒවා තමයි කෑම.ඔය මඤ්ඤොක්කා ටිකට තමයි ඔවුන් ඒ දේවල් කලේ.ඔවුන් කවදාවත් මඩකළපුවෙන් එහාට ගිහින් නෑ.සින්හළ-දෙමළ මිනිස්සු එකට ජීවත්වෙනවා කියන දේ දැකලා තිබ්බේ නෑ.අපි එහෙට ගිහින් වැඩකරන එකත් ඔවුන්ට මැජික් වගේ.මම වචන ගැටගගහා උන් එක්ක කතා කරන කොට කතා කරන හැම එකාම අහන්නේ අපිත් එක්ක කොළඹ එන්නද කියලා.ඒක මහ කාළකන්ණි අත්දැකීමක් බන්.මේ රටේ එදා ඉදන් අද වෙනකන් හිටපු හැම දේශපාලුවෙක්ම බලන්නේ පොඩි මිනිහව බිල්ලට දීලා උන් බලයට එන්න විතරයි.සින්හළ,දෙමළ,මුස්ලිම් හැම එකාම එහෙමයි.මොන මගුල හරි කරලා සාමාන්‍ය මිනිස්සු අතර අන්තර් සම්බන්ධය වැඩි දියුණු කරන්නම ඕනේ.නැත්තන් මේක අලු යට ගින්දර වගේ හැමදාම එහෙම්මමයි.

    ReplyDelete
    Replies
    1. කටුස්සා(මිචා) , අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි තමුන්ගෙ පවලට කන්න දෙන්න, එදා දවසෙ වෙලා පිරිමහගන්න වෙහෙස වෙන අහිංසක මිනිස්සුන්ට ජාති භේදෙකින් වැඩක් නෑ. බෝතල් පත්තර එකතුකරන, කට්ට අව්වේ වගා කරන අහිංසක දෙමළ මනුස්සයට වෛර කරන්න පුළුවන් නං ඒකාගේ ජාතිය "මිනිස්" ජාතිය වත් නෙවෙයි. ජාති වාදේ ඇදගෙන අරගල කරන්න කෑමොරදෙන, පපුවට ගහගන්න එකෙක් වත් යුද්ධයක් ආවොත් යුද්ධ කරන්න යන්නෙ නෑ. ජාති වාදේ අවුස්සලා යුද්ධයකට පාර කියන එවුං හැමදාම කලේ කාමරයකට වෙලා ලොකු කතා කියපු එක. එක්කො යුද්දේ මෙහෙයවපු එක. ඒත් යුද්දෙට ගියෙ, යුද්දෙන් අලාභ කරගත්තේ, යුද්දේ නිසා වන්දි ගෙව්වේ පහලම පංතියේ අසරණ මිනිස්සු. එක සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියකටම පොදුයි. වර්ගවාදයට, ජාති වාදයට උල්පන්දම් දෙන දේශපාලුවෝ එකෙක් වත් ගැටුමක් වෙන දවසට එකට මැදිහත් වෙන්නෙ නෑ. ඈත ඉඳන් උසිගන්නල බලන් ඉන්නවා මිසක්. දෙමළ නායකයොත් එහෙමයි, සිංහල එවුනුත් එහෙමයි. අද බිහිවෙලා ඉන්න ෆේස්බුක් කීබෝඩ් වීරයොත් එහෙමයි. එකෙක් වත් අරගලයක් ආපු දවසර මැදිහත් වෙන්නෙ නෑ. පොර ටෝක් දුන්නට වලියක් දැක්කත් රෙද්දේ රෙවෙන ජාතියක් උන්.
      මොකක් හරි කෝලාහලයක් ආපු දවසට එකට මූණ දෙන්නෙ ජාතිවාදය ගැන හිතක වත් නැති, එදා වේලට වෙහෙසෙන අහිංසක අසරණ "මිනිස්සු" ටික විතරයි. ඒ"මිනිස්සු" ටිකට සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම අයිතියි. දෙපැත්තේ තුන්පත්තේම ලොක්කෝ වීදුරු කාමර වලට වෙලා බලන් ඉන්න එක වෙන්නෙ. බොහෝ විට එහෙම වෙන එකෙන් ලාභ ප්‍රයෝජනත් ලැබෙනවා උන්ට. ඇති හැකි එවුං එක්කො රට දාල යනවා, එහෙම නැතත් පාඩුවේ තමන්ගෙ වැඩේ කරගෙන ජීවත් වෙනවා. පහලම මට්ටමේ මිනිස්සු තමන්ගෙ දේපල, ජීවිත, පවුල් විනාශ කරගෙන "ජාති වාදේ ගැන හාන්කවිසියක් නොදන්න,කිසිදාක ඉල්ලපු නැති අරමුණක් වෙනුවෙන්" ලොකු එවුං බලෙන් ආරෝපණය කරපු ආකල්පයක් නිසා මරාගන්නවා. උඹ කිව්වා වගේ උන් මඤ්ෙඤාක්ක අලේට යුද්ධ කරනවා. අපේ එවුං "මළොත් ගෑනිට පඩිය හම්බෙන නිසා" යුද්ධ කරනවා.
      කට්ට අව්වේ බෝතල් පත්තර එකතු කරන දෙමළ මනුස්සයට "පර දෙමළා" කියල අමතන එක සිංහල කම නං , ඒ සිංහල කම හොඳයි බල්ලෙක්ගෙ නැට්ටේ එල්ලන්න.

      Delete
    2. අම්මට සිරි ඔ්කට දැන් මීචා ද කියන්නේ................... ලකී නැන්දද කියලා දුන්නේ

      Delete
    3. චැහ්.....අහුවියන්කෝ දවසක තොපි දෙන්නවම.....ඔළුවට චූ කරලා තමයි යවන්නේ.....

      Delete
  14. මොකද අර හිටපු නේවි කාරයා පාර්ලිමේන්තුව මැද වර්චස් කරන්න හැදුවේ දෙමලෙන් ජාතික ගීය කියන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. කව්ද විචාරක තුමා ඒ?? මට මීටර් උන්නෑ..

      Delete
    2. ගම්බට්ටන්ගේ ලොක්කා බොල............

      Delete
  15. සාජ්ජා...................

    ලිපිය පට්ටයි......... අපි අපේ කියලා බදා ගන්න හදන තරමට අපිට අහිමි වෙන දේවල් වැඩියි.. අපි බෙදා ගන්න තරමට අපිට ලැබෙන දේවල් වැඩියි.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ කුරුට්ටෝ... බදාගෙන කෑවම ඉක්මනට බඩේ අමාරුව හැදෙනවා නං තමා...

      Delete
  16. ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව වුනානම් අද අපි අඩුම ගානෙ ෆේස්බුක් එකේ වත් තුට්ටුදෙකේ පෝස්ටර් නොදා ඉඳියි.
    .

    ReplyDelete
    Replies
    1. නෑ මධු, එව්ව වෙනස් වෙන එකක් නම් නෑ. එව්ව ඒ විදියටම ඉංගිරිසියෙන් දායි...

      Delete
  17. /* දෙමළ මිනිස්සුන්ට තේරුණේ නෑ ඔවුන්ට කරපු මදි පුංචි කමට වඩා දහස්වාරයක් වැරදි වැඩක් සිංහල භාෂාව රාජ්ය භාෂාව කෙරුවට පස්සෙ සිංහල මහ ජාතියට උනා කියල.

    ඉංග්රීමසියෙන් ඉගෙනගන්න, වැඩ කටයුතු කරගන්න තිබුන අවස්ථාව ලාංකිකයන්ට සහමුලින්ම නැතුව ගියා. */

    ඉතාම පටු, සීමාකාරී අදහස් දැක්වීමක්.

    මං දන්න සත්‍යය තමයි, අති බහුතරයක් සිංහල ගැමියන්ට 1969 ට කලින් ඉංගිරිසි ඉගෙන ගන්ණ ගමේ පාසල්වල පහසුකම් නොතිබුණු බවත්, 1959 න් පසු ඉංගිරිසි ඉගෙන ගන්න ඇති ඉඩකඩ ඇහුරුණේ නැති බවත්.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි ඉගෙනගන්නවා සහ ඉංග්‍රීසියෙන් ඉගෙනගන්නවා කියන්නෙ දෙකක් නේද? ඉංග්‍රීසි නං ඉතිං ඔය මොන්ටිසෝරියේ ඉඳන්ම උගන්නන්නෙ උසස් පෙලට එනකල්ම. උසස්පෙළින් සමත් වෙලා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන කොටසටත් ආයෙත් ඉංග්‍රීසි උගන්නනවනේ. අවුරුදු 13ක්, 14ක් ඉගෙනගත්ත ඉංග්‍රීසියම. ඒත් හරියට ඉගෙනගන්නවද? අවුරුදු 13ක් උගන්නලත් බැරි වෙන්න හේතුව මොකක්ද? ඉංග්‍රීසි"යෙන්" උගන්නල නැති එක. පොඩි ළමයෙක් අවුරුදු 2ක් 3ක් යනකොට භාෂාව හොඳින් කතා කරනවා. අතන? 13ක් ඉගෙනගෙනත් බෑ..
      ඒ කාලේ ග්‍රාමීය පාසල් ඔක්කගේම ඔය පහසුකම තිබුනේ නෑ තමයි. ඒ උනත් ඒ ප්‍රතිපත්තිය තිබුන නං මේ වෙනකොට ඒ දේ උපරිමයට ඇවිත්. මුල්ම කාලේ ගමේ ඉස්කෝලෙ ලියන්න කියවන්න විතරනේ ඉගැන්නුවේ. දැන් ගමේ ඉස්කෝලෙ උගන්නන්නෙ ලියන්න කියවන්න විතරක් නෙවෙයි නෙ.

      Delete
  18. සහතික ඇත්ත.. අපි ලාංකිකයෝ හැටියට එකතුවෙන්න තියෙන බාධාව භේද වපුරන පොලිටික්කොයි පූජකයොයි තමා. මෙතෙන්දි ආණ්ඩුවට වඩා වැඩි කාර්යභාරයක් අපිට කරන්න තියෙනවා. මේ විදිහටවත් පටන් ගම්මු..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් , සරත් අයියා, අනිවාර්යෙන්. දේශපාලුවෝ සහ පූජ්‍ය ප*(&%&^ ඕලු කුරුවල් කරපු මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්න අමාරු උනත් ඉදිරි පරම්පරාව වත් මේ ගැන දැනුවත් කිරීමේ යුතුකම අපට තියනවා...

      Delete
  19. හරිම ගැඹුරු ලිපියක්. අපේ රටේ පහුගිය කාලවල සිදු වූ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන මෙහෙම ලිපියක් ලියන්න. ගොඩක් අය මෙහෙම හිතන්න බයයි , දෙමල අයට නිදහස දුන්නම, දකුනු ඉන්දියාවෙන් උදව් අරගෙන අපිට ගහල ඉතිරි කොටසුත් අල්ල ගනීලු!

    ReplyDelete
    Replies
    1. පඩන්ගුවට රිංගපු අලුත් සාමාජිකයෙක්. සාදරෙන් පිලිගන්නවා.. ඇත්ත කතාකරන්න බය වෙන්න ඕන නෑ නෙ මානෙල්.. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන අපි... ඔබේ බ්ලොගයටත් රිංගලා බලන්න එන්නම්...

      Delete
  20. කියලා තියෙන දේවල් නම් සහතික ඇත්ත... අදයි මේ පැත්තට ගොඩ වුනේ..

    ReplyDelete
  21. Very valuable and timely article.

    ReplyDelete