පැම්ප(ර්)ස්, "සිප් එකට අහුවීම" ,"ප්‍රීති කසානා" එක්ක "නූල් ත්‍රිකෝණ"




දේශකයා මට කිංඩියක් දාලා තිබ්බ quote කරලා "බෝල තම්බනවා" කියල. මං එතන කිව්වෙ ටෙනිස් බෝල පදම් කරන්න තම්බපු එක ගැන උනාට දේශකයගේ "කැත හිත" අලුත් කතාවක් ලියන්න වස්තු බීජයක් හොයල දුන්න. කොහෙන්ද මේක පටන්ගන්නේ??... 

 
බේබි පැම්ප(ර්)ස් කියන්නේ අද කාලේ පොඩි බබාලා ඉන්න කට්ටියට නැතුවම බැරි දෙයක්. ගමනක් බිමනක් යනකොට පොඩි එකා, උගේ ඇඳුමේ වගේම වඩාගෙන ඉන්න අයගේ ඇඟේ චූ දානවට තියන විසඳුම තමයි මෙව්වා. හැබැයි අද තියන කාර්යබහුලකම නිසා ගෙදර නිදහසේ ඉන්න පොඩි එවුන්ටත් දවස පුරාම පැම්පස් අන්දලා තියනවා මම දැකල තියනවා. ඇඩ් වල නං පෙන්නනවා "ඔක්කොම ජාති උරාගන්නවා, උරාගත්තට පස්සේ ඇඟේ වත් ගෑවෙන්නේ නෑ, මේකට අන්තර්ගත වෙලා තියන විටමින් වලින්,කෝමාරිකා සාරයෙන් බබාගෙ චූ පැත්ත  පෝෂණය කොරනවා, දාර ඔක්කොම සිනිඳු කොරල තියන නිසා බබාට අපහසුවක් නෑ " වගේ නානාප්‍රකාර කතන්දර. මම නං ඕව පිළිගන්නේ නෑ. ඕව ඇන්දුවම හරි අපහසුයි පොඩි එකාට. පොඩි එකා චූ දැම්මම, කක්කි දැම්මම ඒව අරකට උරාගත්තත් ආපහු ඇඟේ ගෑවෙනවා. රත් වෙලා වැඩිවෙලා පොඩි එකාම තැම්බෙනවා. බෝල තැම්බිල්ල  මුලින්ම ආරම්භ වෙන්නෙ අන්න ඒ විදියට.ගමනක් බිමනක් යනකොට ඕව අන්දන් ගියාට කමක් නෑ. හැබැයි පොඩි එවුන්ගෙ "චූ පැත්තේ" නිදහස අහිමිකරනවට , හුලන් වදින එක කප්පාදු කරනවට මම නම් විරුද්ධයි.




පොඩි කාලෙ කොල්ලන්ගෙ "සිප් එකට අහුවීම" හැම කොල්ලෙක්ම විඳලා තියන අමිහිරි අත්දැකීමක්. යට ඇඳුමක් නොඇඳ හුළං වැදෙන්න දීල සිප් එක තියන කලිසමක් ඇඳලා ඉන්නකොට, චූ පාරක් දාල ඉක්මනට තමුන් කරපු වැඩේට ආයේ දුවන්න හදනකොටයි මේ වැඩේ වෙන්නේ. කඩිමුඩියේ සිප් එක වහද්දි "ජුන්ඩ" බාගෙට එලියට ඇවිත් තිබුනොත් හපෝයි .. අහු වෙනවා මකර කටට. මම ලිපියක දැක්ක එංගලන්තෙත් බර ගානක් අවුරුද්දකට රෝහල්ගත වෙනවලු "සිප් එකට අහුවෙලා". මේ ලඟදිත් පහල ගෙදර පොඩි එකාගෙ ජුන්ඩව නිදහස් කොලා සිප් එකට අහුවෙලා ඉඳල. ඇත්තටම අලුත් පරම්පරාව වත් දැනුවත් කරන්න ඕන මේ සම්බන්දයෙන් . ඔය පොඩි උන්ගෙ සායන වලදී වත් කියල දෙන්න ඕන පොඩි ළමයින්ට යට ඇඳුමක් අන්දවන්නේ නැති වෙලාවට අඳින කලිසම් සිප් රහිත ඒවා වෙන්න වගබලාගන්න කියල. 



ඉස්කෝලේ යන මුල්ම කාලෙදි මම නම් යට ඇඳුම් ඇන්දේ නෑ. පහවසරට යනකල්ම ඉස්කෝලෙ ගියෙ "නිවුඩෙං". සිප් තියන කලිසම් ඇන්ද නිසා තමයි "සිප් එකට අහුවීම" උනේ. දැන් හිතල බැලුවම ඒ කාලෙදිත් යටට ඇඳුම් ඇඳලා ගියා නං ඔය වැඩේ වෙන්නෙ නෑ. අපි යට ඇඳුම් අඳින්නෙ ශරීරයේ දහදිය ඒ ඇඳුමට උරාගන්න. දහදිය පිටින් ඇඳලා ඉන්න ඇඳුම් වල ගැටෙන එක වලක්වන්න. මුත්‍රා කලාම එන ,මොන සක්කරයට වත් නවත්වන්න බැරි "අන්තිම බිංදුව" ඇඳන් ඉන්න පිට ඇඳුමේ ගෑවෙන එක නවත්තන්න.( කොල්ලන්ට නං පැනඩෝල් වලින් දෙන පණිවිඩයක් විදියට " හුජ්ජ කිරීමෙන් පසු බිජජ දෙවරක් ගසන්න" කියල ඉස්කෝලෙ වැසිකිලියේ ලියල තිබ්බ මතකයි) . පිරිමි පාර්ශවයට යට ඇඳුමෙන් තියන තවත් ප්‍රයෝජනයක් තමා සැරින් සැරේට නිදාගන්න සහ අවදිවෙන කෙනා හැමවෙලේම නිදන් ඉන්නවා වගේ පේන්න සලස්වන එක.ඕකත් ඉතිං දවස පුරාම ඇඳගෙන හුළං පොදක් වත් නොවැදෙන්න ඉඳල, දවසෙ ඉතුරු වෙලාවෙදි වත් නිදහසේ "අමුවෙන්", "නිවුඩෙන්", "සිවිල් පිට" ඉන්නෙ නැති  උදවිය ඉන්නවා. 


 කාන්තා පාර්ශවයේ කෙසේ වෙතත් පිරිමි පාර්ශවය පැත්තෙන් ගත්තම මේ සම්බන්ධයෙන් මගේ හිතේ තියන යම් අදහසක් කියන්නම්. පිරිමි වෘෂණ වල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවෙන්න නම් ඒවා කාර්යක්ෂමතා උෂ්ණත්වයක තිබිය යුතුයි කියල මම කියවල තියනවා. බොහෝ වෙලාවට ඒ උෂ්ණත්වය ශරීර අභ්‍යන්තර උෂ්ණත්වයට වඩා අඩුවෙන් තියෙන්න ඕන. ඒ නිසාවට තමයි මිනිස්සුන්ගෙ වෘෂණ ශරීරයට පිටස්තරව පිහිටල තියෙන්නෙ.වෘෂණ කෝෂ වල තිබෙන එක්තරා පේශි පද්ධතියකින් ඒ උෂ්ණත්වය සංතුලනය කරනවා. උණුසුම වැඩි නම් එම කෝෂ ඉහිල් වෙලා වෘෂණ ශරීරයෙන් පිටතට එල්ලා වැටෙන්න සලස්වනවා. උෂ්ණත්වය අඩුනම් (පරිසර උෂ්ණත්වය හෝ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය) වෘෂණ කෝෂ සංකෝචනය වෙලා වෘෂණ සිරුර දෙසට ආසන්න පිහිටීමකට ගෙනඑනවා. පිරිමි උදවිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, රස්නෙ දවස් වලට සහ සීතල දවස් වලට ඔය වැඩේ වෙනවා දැනිල ඇති. ඕව ස්වභාවධර්මයේ අපූරු නිර්මාණාත්මක හැකියාව තමයි ඉතිං.අපි යට ඇඳුම් ඇන්දම ඔය කතන්දරේ සම්පූර්ණයෙන් අවුල් වෙනවා. වර්තමානයේ පිරිමින්ගෙ "සරු බව" පිලිබඳ ඇතිවෙලා තියන ගැටළු වලට ඕකත් එක හේතුවක් වෙනවද? ඉස්සර පිරිමි ගොඩක් වෙලාවට "සිවිල්පිට" හිටපු නිසා ඒ කාලේ පවුල් වල දරු සම්පත වැඩි වෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙන්න ඇත්ද? හරියටම කියන්න මම නම් දන්නෙ නෑ මං වෛද්‍ය වරයෙක් නොවෙන නිසා දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. මම මේ කිව්වෙ නිකමට මගේ හිතට ආපු අදහසක්!!


හැමෝම වගේ තමන්ගෙ ඇඳුම් පැළඳුම් ගැන ලොකුවට හිතනවා.හොඳට තෝරලා බේරලා ලස්සනට ඇඳුම් අඳින්න අපි හැමෝම කැමතියි. ඒත් අපි අඳින යට ඇඳුම් වලට ඒ සැළකිල්ල දක්වනවද? ඒවා පිරිසිදුවට අඳින්න පුරුදුවෙලා ඉන්නවද? "යමෙකුගේ දුප්පත්කම, ඔහු ඇඳගෙන සිටින යට ඇඳුමේ හිල් වල විශ්කම්භයට අනුලෝමව සමානුපාතික වේ" කියල කියමනක් මං අහල තියනවා.  දහදියත් එක්ක නිතරම ගැටෙන නිසාවට බැනියම්, යටකලිසම්, මේස් වගේ දේවල් වල හිල් හැදෙනවා කාලයක් ඇන්දම. ඉන්දලහිටල මගෙ ඒවයෙත් එහෙම වෙනවා. මේස් අස්සෙන් ඇඟිලි එලියට එනවා. ඒත් ඒක නම් ගැටළුවක් නෙවෙයි. ගැටලුව තියෙන්නෙ ඕව හෝදන්නෙ නැතිව දවස් ගණන් අඳින එකෙයි. මට හොඳට මතකයි බෝඩින් වෙලා ඉන්න මගේ යාලුවෙක්ගෙ දොස්තර තාත්ත කෙනෙක් දවසක් අපිත් එක්ක කතාකරනගමන් කිව්වා" පුතාල පළාකොළ වර්ග හුඟක් කෑමට ගන්න, යට ඇඳුම් එකක් එක දවසක් විතරක් විතරක් අදින්න, සොදන්නේ නැතුව අයෙත් අඳින්න එපා" කියල. හිල් තිබුනත් කමක් නෑ ඕව දවස ගානේ  හෝදල අඳිනවානම් ප්‍රශ්නයක් නෑ.



මම අහල තියනවා සමහරු කණපිට හරවලා, ඉස්සරහ පිටිපස්ස මාරු කරලා දවස් දෙකේ තුනේ එකම යට ඇඳුම අඳිනවා කියල. බොහොම භයානකයි. සමේ දිලීර රෝග හැදෙන්න ඔය පුරුදු මූලාරම්භයක් වෙනව ඇති. සාක්කු වලට අතදාගෙන "පොකට් බිලියඩ්" ගහන උදවිය ඒ ක්‍රීඩාව කරන්න පෙළඹිලා ඉන්නෙ යූනික ප්‍රදේශයේ ඇතිවෙන දිලීර ආසාදන නිසා. ඉස්කෝලෙ යන කාලෙ උණ, හෙම්බිරිස්සාව වගේම, හොරි, උකුණෝ වගේ දේවලුත් බොහොම පහසුවෙන් බෝ වෙනවා. බොහෝ දෙනෙක්ට ඒ කාලේදී හැදෙන "ඉකිළි ප්‍රදේශය  ආසාදනයවීම" ගැන අත්දැකීම් ඇති. මට හොඳට මතකයි ඒ දවස් වල ඒ ගැන අම්මට කිව්වම දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් අරන්දීපු අම්ම මගේ යට ඇඳුම් සේරම ආපහු පාවිච්චියට දුන්නෙ උණුවතුරෙන් තම්බල සෝදලා. "ප්‍රීති කසානා" කියල ජනවහරේ හැඳින්වෙන්නෙත් මේ දිලීර ආසදනයම වෙන්නැති. "පොකට් බිලියඩ්" වලට මිනිස්සු ඇබ්බැහිවෙන්නෙත් ඔය "ප්‍රීති" කතන්දරේ නිසා වෙන්නැති.



යට ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් අනුගමනය කරන්න සුදුසු තවත් පිළිවෙතක් ගැන අදහසක් දෙන්නම්. ගොඩක් වෙලාට මැහුම් දාර, ලේබල් වගේ දේවල් ඇතුල් පැත්තෙ තියෙන්නෙ යට ඇඳුම් වලත්. ඕව හොඳපිට ඇන්දම ලේබලුයි මැහුම් දාරයි ඇඟේ ඇතිල්ලෙනවා. හරි අපහසුයි එහෙ මෙහෙ ඇනෙනකොට. එහෙම ඇඳුම් කණපිට අඳින එක හරි පහසුයි. කාටවත් ප්‍රදර්ශනය කරන්න නෙවෙයිනෙ යට ඇඳුම් අඳින්නෙ. සනීපාරක්ශාවට අඳින දේවල් පහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ඕව මහන කොම්පැණි වල උනුත් මේ ගැන සැළකිල්ලක් දක්වනවනම් හොඳයි. 

 දවල් දවසෙ එක එක ඇඳුම් වලින් හිරකරගෙන ඉඳල රෑට වත් ඔය අවයව වලට නිදහසේ ඉන්න දෙන්න අවශ්‍යයි. පිරිමින්ට නං ඕකට උචිත ඇඳුම තමයි සරම. මම පොඩි කාලෙ  සරම ඇඳගෙන නිදාගත්තම එළිවෙනකොට සරම නතරවෙන්නෙ පපුව හරියෙ. වැහෙන්න ඕන ඔක්කොම එලියෙ!!  ඒවැඩේ වෙන නිසාද මන්ද සමහරු රෑටත් කලිසම් ඇඳගෙන නිදාගන්න පුරුදුවෙලා. ඒක පිජාමා ඇඳුමක් උනොත් අවුලක් නෑ. ඒත් මම දැකල තියනවා සමහරු නිදාගන්නේ සාමාන්‍ය දවල් අඳින විදිහෙ කලිසම් ඇඳගෙන.රෑට කොහොම ඉන්නවද මන්දා ඕව ඇඳන්. කොහොමින් කොහොමින්හරි දේශකයාගෙ "කින්ඩිය" ලිපියක් උනේ මෙහෙමයි. 



කාන්තා පරපුරට අදාළ දේවල් ලියන්න ගියෙ නෑ. නොදන්නා මගුලට ගිහිං වරිගෙ නහගන්න ඕන නෑ නෙ. ඒත් අර චූටි නූල් වලට ත්‍රිකෝණයක් මූට්ටුකරලා මහපු කාන්තා යට ඇඳුමෙන් "යට ඇඳුමකින් ඉටුවියයුතු කාර්යභාරය" ඉටුවෙන්නෙ කොහොමද කියන එක මට නම් හෙන ප්‍රශ්නයක්. ඇඳුමක් පසු පෙදෙස අතරට හසුවීම "අල්මාරියට අහු වෙලා" කියල සාමාන්‍ය වහරේ හැඳින්වෙන්නෙ. ඒක හරිම අපහසු තත්වයක්. එතකොට අර කිව් විදිහෙ "නූල් ත්‍රිකෝණ" ඇඳුම් ඇඳන් කොහොමද අප්පා ඉන්නෙ?? බලන් ගියාම මෙව්වා නං මාර ගැටළු තමා..

44 comments:

  1. අර වගේ කසන්ට අර ලෝමගොඩ අස්සෙ ඇතිවෙන සත්තුත් බලපානව නේහ්... අපේ එවුන්නං උංට කියන්නෙ ගෝපයියො කියල... අනේ මංද ඇයි කියල නං... උං හැදුනාම ලෙල්ලට යනකං ලෝම සූරල හිටං දෙහි වලිං හෝදල දාන්න ඕන සතියක් යනකං වත්... කෝමද දෙහි ගෑවෙද්දි සනීපෙ.... හූ කියන්න හිතෙනව ඇති නේහ්...
    ඔය උඩ යට මාරු කරල අදින එකෙක් විදියට අපේ විදානයක් පොරසිද්දයි නෙව ආයිබංඩ... මට මතක විදියට බුවා ඕක පොසිද්දියෙ පිළිගත්තත් එක්ක හිහි
    අර සජ්ජ කියන්නැහෙ රෑටත් ඩෙනිමක් හරි ගහන් නිදගන්න උං ඉන්නව අනේ මංද කෝමද කියල මට නං බිජ්ජට හුළං පාරක් වැදුන්නෙ නැත්තං නින්ද යන්නෙත් නෑ... ඕයේස්.. අනික බං කවදාවත් සරම ඇද උඩ නෑ නෙ ඒක හැමදාම නැගිටල හොයන්න ඕන... සෙක් ඉතරක්...
    එතකොට මේම එකක් වෙනව... ඔය කෙඩෙට් කරද්දි කෑම්ප් ගියාම නැත්තං හමුදාවෙ(ආමි නේවී එයාෆොස්) ට්‍රේනිං කාලෙ එහෙම ජොක්කු අතුරුදං වෙනව(කෙල්ලො නං කියන්නෙ උංනෙ යට ඇදුං විතරයි අතුරුදං වෙන්නෙ කියල අපිනෙ දන්නෙ අපිට වෙන නස්පැත්ති) බොරුනං අපේ කමි ය ගෙන් විචාරක තුමාගෙන් අහල බලපං... ඕව උස්සල (මොකට උස්සනවද දන්නෑ) අදිනව කියපං කො උංට වෙන මොනාත් වෙන්නෙ නැද්ද බං. අනේ මංද ඒ දවස් වල අපිට තිබ්බ ලොකුම පස්නෙ ජොක්කු බේරගන්න එක.. ඇයි යකෝ මාසෙකට 10ක් විතර අතුරුදං නෙ...
    අන්තිමේට ඔක්කගේම ඒව එකට හෝදල මුරකාරයෙක් දාන්න උනා උංව ආරස්සා කරන්න ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ගොපයියෝ ගැන මාත් අහල නං තියනව. ඒ ගැන ලොකු අදහසක් නං නෑ. ඉනිකුණෝ කියන්නෙත් උන්ටමද ?
      රෑට ඩෙනිම ගහන් ඉන්න ඒ පිටින් නිදාගන්න එවුං මම නං අනන්ත දැකල තියනවා. මටත් එහෙමයි . හුළං පාරක් වැදුනේ නැත්තං නින්ද යනවා බොරු. මමත් අහල තියනවා ඔය ජෝක්කු උස්සන කතාව. මම තව කතාවක් අහල තියනවා ආරක්ෂක අංශ වල සාමාජිකයෝ සමහරු අඳින්නෙ කාන්තා යට ඇඳුම් කියල, රස්නෙ වැඩිකම නිසා .ඇත්තද දන්නෙ නෑ...

      Delete
    2. මං ඒ ආටිකල් එක බැලුව. කොමෙන්ටුවකුත් දැම්ම මගේ අත්දැකීමක් ගැන.

      Delete
    3. දැක්ක, ඔන්න මම රිප්ලයිත් කරා :)

      Delete
  2. පැම්පස් වැඩේ ගැන නම් දුක හිතෙනවා.අලුත් කාලෙ පොෂ් අම්මලාට නිදහසේ ටී.වී බලන්න ලේසියිනෙ පොඩි එකා ගැන නොබලා.
    මේ දවස් රස්නෙ කාලෙ.ස්පෝට් මීට් කාලෙ.එකම ශෝට දහ දෙනෙක් වත් අඳිනවා ශුවර්... ආතල් කසානා වැහි වහිනවා ඊට පස්සෙ.. හෙහ් හෙ...
    අර ත්‍රිකෝණෙ නම් මක්කට තියෙනවාද මංදා..
    ජය..!!

    ReplyDelete
    Replies
    1. ඔය පැම්පස් කතාව නම් මට දිරවන්නෙම නෑ ලබ්බෝ, තමුන්ගෙ ලේසියට කරන වැඩ. දරුවාව පිට අරන් යනකොට නම් කමක් නෑ. ඒත් ගෙදරදීත් අන්දලා තියනවා ලේසියට.

      Delete
  3. ජීවිතේට පොඩි උන්ට පැම්පස් අන්දල නෑ.. පොඩි කාලේ ඉඳල හුරු කරල තියෙන්නේ උදේට බඩ පිරෙන්ඩ බත් කවන්ඩයි.. අනිවාර්යෙන්ම ටොයිලට් යන්ඩයි.. අදටත් දෙන්නම ඉස්කෝලෙ යන්නේ උදේම ටොයිලට් ගිහින් උණුවතුරෙන් ඇඟ සෝදලා බඩ පිරෙන්න බත් කාලා.. ලොක්ක වගේ කිව්වට අපේ හාමිනේගේ වැඩ.. මාත් එක්ක දාන සෙල්ලං උන්දැත් එක්ක සුම්ම.. පැම්පස් ඈන්දුවේ නෑ කියලා මේ වෙනකං නම් ලොකු අපහසුතාවයකට පත් වෙලා නෑ.. සූදනං සරීරේ කියලා වතුර බෝතලයක්, නැප්කින් එකක් අමතර ඇඳුමක් අදටත් ගමනක් යනකොට අනිවාර්යෙන්ම අරන් යනවා.. (හැමෝටම එහෙම බැරුව ඇති.. ඒත් අපේ උන්දෑ ඒක කරනවා)

    උඹ කිව්වම මතක් උනේ.. ගෙදරදි සමහර දවස්වලට මාත් පට්ට හිඟන්නෙක්.. ඔෆීස් අඳින ඇඳුම් පරන වෙනකොට ගෙදර ගිහින් දානවා කඩේට පිලට යනකොට අඳින්න. සෑහෙන්න ගෙවුනම තමයි විසි කරන්නේ.. පස්ස හමගිය ජොක්කු මාර සනීපයි.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. හැමදාම උණුවතුර පාවිච්චිය නම් එච්චර හොඳ නෑ ලු නේද ක.මිත්‍රයො? පිරිසිදුව,බඩ පිරිලා ඉස්කෝලෙ ගියාම පුදුම කොන්ෆිඩන්ස් එකක් නෙව තියෙන්නෙ..

      Delete
    2. //පස්ස හමගිය ජොක්කු මාර සනීපයි.. හැක් හැක්..// ඕව ගෙදර තියාගන්න බෑනේ විසික් කරනව. මම තර්ජනය කරල දෙකක් විතර තියාගෙන ඉන්නව ගෙදරට අදින්න ... ඒකෙ තියන සනීපෙ දන්නෙ අපිනෙ

      Delete
    3. ඒකනම් මං දැනං උන්නේ නෑ.. මොකක්ද අප්සෙට් එක ලබ්බෝ? බදුල්ලේ උදේට ඇල් වතුරෙං හේදුවොත් උන් ඉස්කෝලෙ යවන්න වෙන්නේ නෑ.. හැක් හැක්..

      ඒකනේ බං කම්මලේ.. අපෙ උන්දැටත් පේන්න බෑ කුස්සියේ දැලි රෙදි වලට ගන්නවා... ලොකුත් නෑ පොඩිත් නෑ නියම සයිස් එක කියලා හැක් හැක්..

      Delete
    4. ඇත්තටම ලබ්බො මොකක්දඔය උණුවතුර හොඳ නෑ කියන කේස් එක. මොකද අපේ එකත් උදේටයි හවසටයි හෝදන්නෙ උණු වතුරෙන්නෙ.
      බදුල්ලෙ උණුවතුරෙන් හෝදල ඉවරඋනාට පස්සෙ හීතල ඩබල් වෙන්නෙ නැද්ද. උණුවතුරෙන් හෝදපුවම ඔය දාඩිය දාන හිල් ඇරිල ශරීරයෙන් වැඩියෙන් තාපය පිටවෙනව නේද?

      Delete
    5. ප්‍රසා හීතලනම් ඩබල් වෙනවා තමයි.. ඒ වුනත් ඇල් වතුරෙන් හෝදන්න තියා කිට්ටු කරන්නවත් බෑනේ.. කොහොම හරි අපේ පොඩි එකාට ඇඳුම් අන්දවන්න ඕනි උණු උණුවේ එවලේ අයන් කර කර.. කලින් අයන් කරල හීතල වෙච්චි ඇඳුන් ඌ අඳින්නේ නෑ.. මාර නීති මුන්ගේ.. ඒත් මොනව කරන්නද කොහොම හරි උගන්නල උස් මහත් කරන්න එපැයි.. ගෙදර උන්දෑ මාර කට්ටක් කන්නේ ඒ වෙනුවෙන්.. ඉස්සර අම්මල ළමයි දහය දොලහ කොහොම හැදුවද දන්නෙ නෑ..

      Delete
    6. මටත් ඔය ඩොකෙක් කියපු කතාවක්.ඇඟ දුර්වල වෙනවයි කියන්නෙ.හමට හොඳ නෑ ලු.ඉමියුනිටි බහින කතාවකුත් කිව්වා... සිංහල වෙදමහත්තුරුත් වතුර ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවා.දෙපැත්තෙන්ම කියවුනු නිසා සැලකිලිමත් උනා.උණු වතුරෙන් නානවා නම් 12ට කලින් නාලා හුලං වැදෙන්නැතිව ඉන්නයි කියලා කියන්නෙ.විද්‍යාත්මක පැත්ත නම් නොදනිමි.

      Delete
    7. කමි ගෙ කතාව නම් හේනට වැදගත් මට ඉස්සරහට. ගෙවුණු සරම් කමිස තරම් සනීප ජාතියක් තවත් නෑ ගෙදරට නං. යට ඇඳුම් නං අන්දින්නෙම නෑ ගෙදෙද්දී. උණුවතුර කතාව ගැන ලබ්බගේ කතාව සලකල බලන්න ඕන. මම හවසට නාන්නෙම උනු වතුර.

      Delete
  4. චූටි නූල් වලට ත්‍රිකෝණයක් මූට්ටුකරලා මහපු කාන්තා යට ඇඳුමෙන්//
    ඒකට කියන්නෙ තෝං..
    එතකොට අර කිව් විදිහෙ "නූල් ත්‍රිකෝණ" ඇඳුම් ඇඳන් කොහොමද අප්පා ඉන්නෙ//
    පලයන්ඩ තෝ දන්න ඉටිගෙඩිය එහනම් අර අපේ ෆිටොන් වලට එන කෙල්ල පැය දෙක තුනක් තෝං එකයි බ්‍රා එකයි විතරක් ඇදගෙන ඉන්නෙ..
    දැන් ඉතිං අපේ පැක්ටෙරියේ වැඩට එන්න අහන්න එපා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ ....මට ලැජ්ජයි අහන්ඩ ....උඹ ඔෆිස් එකට අදින්නෙ විජේවීර ගාමන්ට් එකේ පටි ජෝකෙක්ද .

      Delete
    2. එහෙනං ඒකයි මූ එන්ඩ එන්ඩ කෙට්ටු වෙන්නේ

      Delete
    3. අඩේ.. මෙන්ඩො ජී ස්ට්‍රිං නෙමෙයිද?
      (රහසෙන් ) උඹලගෙ ඔපීසියෙ තව වේකන්සි තියේද? :p

      Delete
    4. ඔය ඉන්නෙ යට ඇඳුං විසේසඥයෙක්.

      බ්‍රෑන්ඩ් එක ගල් (නොවුනට)

      Delete
    5. මෙන්ඩෝ , උඹ ටෙක්ස්ටයිල් ඩිසයිනර් කෙනෙක් නේද?? VOG ජොබ් එකේ අනික... එපා වෙලා ඇති.. හොඳයි හොඳයි.. :P

      Delete
    6. අනේ රත්තරං මෙන්ඩියෝ. මට මේ ගුරුකම එපාවෙලා තියෙන්නේ. උඹ මගේ හොඳම යාලුවා වෙච්චි. මටත් දීහංකෝ උඹලෑ පැට්ටරියේ රස්සාවක්.

      Delete
    7. කම්මලේ..දැන් නම් ඡෝකා නැතුව ගියත් වෙනසක් වෙන්නෙ නෑ බං..හැමදාම දැකලා කරමල සුදු පාටයි.

      අටමා..පල යන්ඩ මම මේ උපන් හැටි.

      ගස් ලබ්බෝ..ෆිටෝනර්ගේ සහයක?

      ප්‍රසා..කාන්තා යට ඇදුම්

      සඡ්ඡා..නෑ බං..ඩිසයිනර්ස්ලා නිර්මානය කරනවා විතරයි මම නිශ්පාදනයට සහ තත්ව පාලනයට සම්බන්දයි..ඒ කියන්නේ මචං ඡිවිතය ගෙවෙන්නෙ බ්‍රා පෑන්ටි අතර

      Delete
    8. ඩුඩ් අයියන්ඩි නැද්ද මුකුත් අලුත් දෙයක් ලියන්නෙ?
      මමත් ආපු දවස්වල උස්සලා පොලෙවේ ගැහැවා වගේ... වැස්සක් වැස්සත් ගෙදර ගෑනිගේ වැලේ තියන බ්‍රා එක ගෙට ගන්නෙ නැති අපි...කරේ අතේ බ්‍රා පෑන්ටි දාගෙන යනකොට නිකන් කිචි කිචි..දැන්නම් ???
      ලංකාවට ආපු දවසක එන්න අපිව බලලා යන්න..

      Delete
    9. මට දැනුයි තේරුනේ උඹේ නමේ තේරුම. බ්‍රා එලද කියල බලන එක උඹ කොරන්නෙ එහෙනං. එල එල. එලද බ්‍රා ...

      Delete
  5. සිප් එකට අහු උන ජුන්ඩ බේර ගන්න සිප් එක හරහට කපන්න ඕනෙ එතකොට නිකම්ම සිප් එක දෙපැත්තට වෙනව.
    උඩ ඇදුම කෙසේ වෙතත් , යට ඇදුම් ජොකා/ බැනියම / මේස් දෙක සුපිරි විදිහටම අදින්න කියල තමයි මම දෙන උපදේශය. හදිසියකදී ලෙඩක් වෙලා හරි ඉස්පිරිතාලෙකට ගියොත් වගේ වෙලාවක චාටර් තමයි .

    ReplyDelete
    Replies
    1. උපදෙසේට ඉස්තුතියි, ආයේ කාට හරි පොඩි එකෙක්ට ඕක උනොත් උපදෙසේ පිළිපදින්න ඕන. හදිස්සියක් උනොත් නං චාටර් තමයි හිල් ජෝක්කු ඇඳන් හිටියොත්...

      Delete
  6. පොස්ට් එකක් පුරා උබේ දැනුම උබ ලිව්වේ උබේ අත්දැකීම් එක්කමයි...... එත් අන්තිමට අහලා තියෙන පස්නේ ඇයි උබ උබේ අද්දැකීම එක්ක හිතන්නේ නැතුව ඩොන් ගාලා අතාරලා තියෙන්නේ .......... කෙටියෙන්ම කියනවනම් උන් අමාරුවෙන් එක ඇදන් හිටියත් අපි ඕක දකින වෙලාවට දැනෙන ආතල් එක.....

    ReplyDelete
    Replies
    1. එක ගැන විස්තර කරන්න කම්මැලි හිතුන බං. ඒකයි නිකන්ම අතැරලාදැම්මේ.

      Delete
  7. ශිප් එකට මීයා අහුවීමේ භයානක අත්දැකීම කොල්ලෙක් වෙච්චම අනිවාර්යෙන් ලබල තියෙන්න ඕන.
    රෑට තියා දවල්ටවත් කලිසං ඇඳල නිදාගැනීම කියන්නෙ මටනං එපාම කරපු වැඩක්. සරමක් ඇන්දම තියෙන සනීපෙ කියල වැඩක් නෑ.
    අපිට එහෙමනං පොඩි උංට අරව අන්දපුවම කොච්චර අමාරු ඇද්ද.

    ReplyDelete
    Replies
    1. සරම තමයි මගේ නං ජාතික ඇඳුම එදා ඉඳන්ම. පරණ හම ගිය සරම් තරං පහසු ඇඳුම් ජාතියක් මට නං නෑ ලොවෙත්.

      Delete
  8. පිරිමින්ගේ නෙමෙයි කාන්ත්වන්ගේ යට ඇඳුම් ගැන හිටං ළිපි මාලාවක් ලිව්වා.. අදටත් වැඩිම හිට් තියෙන්නේ ඒවට.. වෙලාවක් තියෙනවා නම් කියවලා බලහන්.. ලින්ක් හොයන්න වෙලාවක් නෑ.. මම පොඩ්ඩක් අනුමත වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. සරං අඳින්නෙ ගෝත්‍රිකයො කියල මාතලන් කියනවනේ. මම නම් කියන්නෙ සිප් එකට අහුවෙලා ජුන්ඩා ලෙලි ගියාට කමක් නැහැ කොහොම හරි කලිසං ඇඳපල්ල කියලයි.එතකොට තමයි පොශ් වෙන්න පුලුවන්.

      මාතලන් අන්කල් ගෙ නාකි ජුන්ඩ නම් ඔහේ නිදා ගෙන ඇති. සිප් වලට නෙමෙයි මොකට වත් අහුවෙන්න නැගිට ගන්න බැරුව.

      Delete
    2. අම්මෝ මාර විස්තරාත්මකව තියනවා ඒ ලිපි වල එව්ව ගැන. ස්තුතියි දැනුවත් කලාට..

      Delete
  9. පිරිමි යටඇඳුම් වල වාටි ඇඟට දෙන පීඩනය වැඩියි. ඒකෙන් අපහසුතා ඇති. ඒත් ඔය සේරම හරි සයිස් එක තෝරා නොගැනීම නිසාදෝ කියලත් හිතෙනවා. පොඩි උන්ගෙ කතාවනං හරියටම හරි. උන්ව ඇඟ බැඳලා තියන්නෙ. ඔය කොයි අවයවයත් නිදහස්ව තියෙන තරමට තමා සනීප.

    ReplyDelete
    Replies
    1. මුලින් මාතලන් සහෝදරයා ලිව්වා ලිපි වල තමන්ගෙ අවශ්‍යතාවයට අදාළ යට ඇඳුම් තෝරාගන්න නියම මාර්ගෝපදේශනයක් තියනවා.. නැතුව නැතුව, හුළං වදිනකොට නේන්නං සනීප.

      Delete
  10. දැන් ඔය ඉනට පහලින් කලිසම අඳින මෝස්තරේට හේතුව ජොක්ලස් යන එකෙක් කලිසම පහලින් එල්ලගෙන යන හැටි දැකපු මෝස්තර බුවෙක් ඒක අළුත් මෝස්තරයක් කල එකනෙ. අද මං කන්න යනකොට ඉස්සරහින් පඩිපෙල නැගපු බුවාගෙ පුක්බෑ දෙක එලියෙ.. කලිසමත් එක්ක ජොකා පහලට බරවෙලා. හිනා ගිහින් පන ගියා සජ්ජෝ.. ඉස්කෝලෙ යන කාලෙ නං ඕක පහලට ඇදලා දානවානෙ.

    ReplyDelete
    Replies
    1. හප්පා සරත් සහෝදරයා, ඔය "පුකෙන් එල්ලෙන්න" කලිසන් අඳින එවුං දැන් හැමතැනම. ලබ්බ බැහැල වගේ ඇවිදින්නෙත්. මං අහල තියනවා ඇමරිකාවේ හිර ගෙවල් වල ඉන්න සමලිංගික හිරකාරයෝ තමුන් සමලින්ගිකයි කියල පෙන්නලා ඒ ජාතියේ එවුං ආකර්ෂණය කරගන්න ඔය විදිහට එකපුලියේ මොඩල් එකට ජම්පරේ අඳිනවා කියල..

      Delete
  11. මචං අර ෂිප් කතාව කියද්දි මතක් වුනේ.. යකෝ අහුවුණානේ පොඩි කාලේ දවසක් මගෙත්... බුදු අම්මෝ මාර දුකක්... තාත්තා මාව ඒළියේ දාගෙන පාර දිගේ ඒක්කං ගියා ටේලර් ගාවට... ඊට පස්සේ ෂිපර් ඒක කපලා රුං ගාලා ලිහලා දැම්මා.... යකෝ මතක් වෙද්දි තාම රිදෙනවා බොල

    ReplyDelete
    Replies
    1. ඕනෑම කොල්ලෙක්ගෙ නපුරු හීනයක් තමා ඔය වැඩේ... හප්පා... මතක් වෙද්දීත් රිදෙනවා නං තමා..

      Delete
  12. සජ්ජාගේ පඩංගු ව අදනේ දැක්කේ ... උඹ ලියන විදිය සිරා බන් ... අනිත් ඒවාත් හෙමිහිට බලන්නම් ..

    මටත් සරම නැත්නම් නම් නිදා ගන්නවා බොරු... බැරි වෙලා හරි සරම් ඔක්කොම හෝදලා හරි මොකක් හරි කේස් එකක් නම් .. උපන් ඇඳුමෙන් නිදා ගත්තත් කලිසම් නම් ඇඳන් නිදා ගන්න බෑ ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බන් ... උඹලගේ සහයෝගය මට ලොකු හයියක්....

      Delete
  13. ඔය අහුවෙන වැඩේ නං හොර හතුරෙකුට වත් වෙන්න එපා ..... කියල ප්‍රර්ථනා කරනවා !

    ReplyDelete