මේ ක්‍රිකට් වාරයයි. 2005-2006 කාලයේ තරම් නැතත් මේ දවස් වල ක්‍රිකට් උණ අපේ කට්ටියට බෝවීගෙන එනවා පේනවා. අපේ කොල්ලො ගැරඬි මරාගන්නෙත් බොහොම අමාරුවෙන් කියල දැනට නං පෙන්නේ. ඒ හින්ද ලෝලීන්ගෙ "කික්" එක ටිකක් බැහැල වගේ දැන්. මට නං ඇත්තටම් මෙව්වා ගැන කතාකොරන්ඩ කිසිම අයිතියකුත් නෑ වැඩියෙ ඔව්ව ගැන තේරෙන්නෙත් නෑ. ලෙදර් බෝලයක් අල්ලල වත් තිබ්බ නං අපිටත් ඉතිං ලෝක පූජිත ක්‍රිකටර්ල වීම කෙසේ වෙතත් ඉන්සුවරන්ස් කොම්පැනියක පිනා ජොබ් කටුවක් වත් කොරගෙන ඉන්න තිබ්බ.
මං නං මුලින්ම සෙල්ලං ක්‍රිකට් (ඇත්ත ක්‍රිකට් නොවෙන) ගහන්න බැට් එකක් ඇල්ලුවෙ හය වසරෙදි. ලොකු ඉස්කෝලෙට ගියාට පස්සෙ. ඊට කලින් අපි ගැහුවේ එල්ලේ. උණ බම්බුවකින් කෑල්ලක් කපාගෙන ඒක ගිනි ගොඩකට අල්ලලා තව්මරල මුළ කෙලවරට ටියුබ් පටි ඔතල(ග්‍රිප්එක) අග කෙලවර පුපුරනවට නූල් ඔතල තමයි එල්ලේ පිත්ත හදාගත්තෙ. එව්වා ගහන්න ඉස්සර තිබුන බෝල ජාතියක්. කළු පාට රබර් බෝලේ ලා නිල් හෝ රෝස පාටින් වටකුරුවට ස්ප්‍රින් එක වාගෙ ඉරක් ඇඳපු. අල්ලි තුනට පින්න ගස් අග්ගිසි දෙක ගානෙ හිටවල බනිස් ඉර ගහල(අපි කිව්වේ එහෙම, සමහරු මනිස් ඉර කිව්වා. ඇත්ත නම දන්නේ නෑ ) වැඩේ සැට් කොරල ගන්නවා මුලින්ම. අපිට "බනිස් කණු" හිටවන්න තරං උවමනාවක් තිබුනේ නෑ. ඉක්මනට වැඩේට ඇන්ටර් වෙන්නයි ඕනෙ. ඔන්න ඉතිං පිල් දෙකට බෙදිලා ගහන පිලේ එකෙක් ගහද්දි අනිත් උන් රකිනවා.
ගහන්න "සේව්ව" ( serve කියන එක වෙන්ටැති
,අපි කිව්වෙ එහෙම) දාන එකා හරියට දාන්නේ නෑ කියල ඔන්න ඉතිං වලිය
එතනත්. මූ "ඉස්කුරු" දානවා කියල
ගහන එකාගෙන් කොම්ප්ලේන්.(ඉස්කුරු කිව්වේ spin කරලා
දානවට, screw කියන වචනේ වෙන්නැති එහෙම කියවුනේ). අන්තිමට
ගහන පිලෙන්ම "සේව්ව" දාන්න එකෙක් දානවා. ගහල කට්ටි අතර දුවද්දී තමා
කෙළිය. දැන් නං නීති වෙනස් වෙලා අත යටින් තමයි දුවන කෙනාට බෝලේ ගහන්නෙ. ඉස්සර නං
ආයෙ පුළුවන් හයියෙන් දමල ගහනවා පාර හිටින්නම . අර රබර් බෝලෙන් ගැහුවම ඉතිං පලු
දානවා පිටේ. එව්වා මතක තියන් ඉඳල රැකපු කට්ටිය ගහන්න ආවම රිටන් එක දෙනවා. එල්ලෙ
ගැහිල්ලේදී කට් පාරවල් ,ඩ්‍රයිව් පාරවල්,ස්වීප් පාරවල් නෑනේ. පුළුවන් තරම් හයියෙන්
පිත්තෙ බෝලේ වදින්න හරහට වැනිල්ල තමයි එකම පාර. ඒක ක්‍රිකට්
වල පුල් පාරට සමානයි මට හිතෙන විදියට. සිංහලෙන් කිව්වොත්
"ඇදබෑම".
අමු
සිංහලෙන් ක්‍රිකට් කොමෙන්ට්‍රිය දෙන විදිහ ගැන අදහසක් ඔළුවට ආවා. මේක මම කොහේදී
හරි අහපු එකක්. "වේගපන්දු යවන චමින්ද වාස් පන්දුව කලිසමේ උළා හැරී දිව එනවා.විනිසුරුකරු පසුකරමින් එල්ල කල කෙටි පන්දුවට ටෙන්ඩුල්කාර් එල්ලකළ ඇදබෑම
වැරදී පන්දුව පිත්තේ නෙත්තියේ වැදී තුන්වන ලිස්සන්නා සහ ලුහුටන්නා අතරින් වේගයෙන්
මායිම කරා ඇදී යනවා" ඔන්න ඔහොමයි හරිනං කොමෙන්ට්‍රි දෙන්න ඕන.
ලොකු ඉස්කෝලෙට ආවම
එකේ ඉඳන් ආපු කොල්ලො
අපිට මැච් ගහන්න කතාකලා මතකයි. ශිෂ්‍යත්වෙන් ආපු අපියි උනුයි ගැහුව මැච්, කාලයක්
යනකල් අපි නම්බු පිටින් පරාදයි. අපේ ටීම් එකේ කීප දෙනාටයි
ගහන්න පුළුවන් ටිකක් හරි හොඳට. මම නං ගැහුවේම එල්ලෙ
පාරවල්. බම්ප් වෙලා එන බෝලෙට ගහන්න හුරු නැති මට හැමදාම
පොලු ගිහිං පැත්තකට වෙලා ඉන්න වෙනවා. කාලයක් යද්දි ටිකක් පිත්ත වනාගන්ඩ පුළුවන්
උනා.
ඊට
පස්සෙ අපේ ගමට ක්‍රිකට් ගෙන ඒමේ ගෞරවය හිමිවෙන්නෙ අපිට. අපි කිව්වෙ
ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝල වලට ගිය මාද ඇතුළු මගේ යාළුවො සෙට් එක. ඔන්න එතෙන්දි ගමේ
කොල්ලො එක්ක බලද්දි අපි හෙන පොරවල්. පොල් වතු ගානේ
, ගුරුපාරවල් ගානේ අපේ "පිච්" හැමතැනම. අලුතෙන් නීති රීති හඳුන්වල දීල, තැනට ඔබින
විදිහට නීති වෙනස් කරලා තමයි අපි ක්‍රිකට් ගැහුවෙ. "
ගස් කැච්" නීති, හතරේ හයේ සීමා එක එක විදියට වෙනස්
වෙනවා. බෝලෙ නැතිවෙන වතු, අකුල්
වලට ගැහුවම අවුට් වෙන විදිහට නීති හදනවා. එදාට ක්‍රිකට්
ගහන්න ඉන්න කොල්ලො ගාන අනුවත් නීති වෙනස් කරනවා. මේ ගැන
වැඩිපුර කතාකරන්න ඕන නෑ. පොඩි මල්ලි, චූටි මල්ලි, සුදුමල්ලි කරපු "ෆෑන්
ටෝක්" වල එන නීති, ක්‍රම ඒ විදියටම අපිටත් ආදේශ වෙලා
තිබ්බේ ඒ දවස් වල.
ටෙනිස්
බෝලයක් ගන්නෙත් බොහොම අමාරුවෙන් ඒ කාලේ. DUNLOP
බෝලයක් කියන්නෙ අපිට හීනයක් ඒ දවස් වල. AEROPLANE තමයි ඉතිං නැගල යන බ්‍රෑන්ඩ් එක. එව්ව "පැකට් බෝල".
"ටින් බෝල" ගණන්. එව්ව දිහා බලන්නෙ වත් නෑ. පැකට් බෝලත් ඔබල බලල තමයි
ගන්නේ කඩෙන්. හොඳට එබෙන බෝල තමයි හොඳ. ගල් වගේ බෝල ඉක්මනට පැලෙනවා. ඒ ගන්න බෝලෙත්
පදම් කරනවා කියල ඉස්සෙල්ලම වතුර එකක දාල තම්බනවා. ඊට පස්සෙ "සෙවල
බැට්ස්මන්" කෙනෙක්ට තමයි අලුත් බෝලෙ ගහන්න දාන්නෙ. පදම් වෙන්න. හනුම වගේ ගහන
එකෙක්ට දැම්මොත් ඌ බෝලෙ පැලුවම කව්ද ආයේ බෝලයක් අරන් දෙන්නෙ? ටෙනිස් බෝලයක් නැත්තං එල්ලෙ ගහන මොඩල් එකේ රබර් බෝලෙකින් ගහනවා. එකකුත්
නැත්තං ඔටුපාලු බෝලෙකින් හරි මුකුත්ම නැත්තං වෙල් කදුරු ගෙඩියකින් හරි වැඩේ කරනවා
අපි. අම්මල අහකදාපු කොසු,ඉදල් මිටවල් වලින් විකට් පොලු
හදාගෙන ක්‍රමානුකූලව තමයි අපි ක්‍රීඩා කලේ. මට මතකයි ක්‍රිකට් උණ ඉස්මුදුනටම ගහපු
යාලුවෙක් කොලපත් දෙකක් කකුල් වල බැඳගෙන ක්‍රීඩා කරනවා බොහොම අමාරුවෙන්.අපිට ඒ කාලේ
ක්‍රිකට් ගහන්න හරිහමන් බැට් තිබුනෙත් නෑ. දැන් නං පොඩි එකාගේ ඉඳන් සෙල්ලං කරන්න
අඟල් හයේ විතර ඉඳන් ලොකු එව්ව වෙනකල් කඩෙන් ගන්න බැට් තියනවනේ. ඒවා ඒ තරන් ගණනුත්
නෑනෙ. ඉස්සර ඒවා එහෙම සුලභව තිබුනෙත් නෑ.
තිබ්බත් ඒව "කපුරු ගණං" .
අපි
කොරන්නෙ හරියන ප්‍රමානෙ රුක්අත්තන ගහක් කපල,
කොට කෑල්ලක් අරන් ඇවිත් වඩු වැඩ කරන අය්යෙක්ට දීල බැට් එකක්
හදවගන්නවා. පදම් උණාම ඒවා නියමයි. රුක්අත්තන ලීය බරෙනුත් අඩුයි නෙ. පොඩි ඉස්කෝලෙ
වත්තෙ ක්‍රිකට් ගහන දවස් වල පාරට තාර දාන්න , තාර බැරල්
උණුකරන්න ටයරුයි, කොම්පැනියකින් ඩැමේජ් වෙලා අයින් කරපු
රබර් ග්ලවුස් වගේකුත් ගෙනත් දාල තිබ්බ. අපිට ඒවගේ දෙයක් අහු උනොත් ඉතිං
"නිශාන්ත රණතුංගට පාලක මණ්ඩලේ බාරදුන්න" වගේ තමා. අතාරින්නෙ නෑ
ලේසියෙන්. එදා ඉඳන් විකට් කීපර්ලා ඕසෙට. ග්ලවුස් දාගෙන බෝල අල්ලන්න.
පණ
යනකල් මැච් බැලුවට
, ගහක් ගලක් ගානෙ "ලෝර්ඩ්ස්" පිට්ටනි වල සෙල්ලං ක්‍රිකට්
ගැහුවට, පංතියේ ඉස්කෝලෙ ටීම් එකට ගහපු උන්ගෙන් ඉල්ලගෙන
බැට් , බෝල අල්ලලා වනල උඩදාල බැලුවට, මං නං ජීවිතේට හරි හමන් විදිහට ගහපු ක්‍රිකටක් නෑ.. අරුන්ගේ බෑග් වලින්
"බෝල්-ගාඩ්" අරං පංතියේ ඉන්න ගෑණු ගති තියන කොල්ලන්ගේ කටේ උළපු එක නං
අඩු නැතුව කෙරුව ඒ කාලේ. ඉස්කෝලෙ කාලෙන් පස්සෙ අල්ලපු ගමේ යාළුවෙක් උන්ගේ
කොම්පැනිය නියෝජනේ කොරන්න ක්‍රිකට් ගහන්න පටන්ගත්ත. මූ අලුතෙන්ම ක්‍රිකට් ආම්පන්න
අරගෙන එනකොට මට මගදී හම්බ උනා. බැට් එක එහෙම ඉල්ලගෙන එහෙමෙහෙ වනල මම දැන් ඌට හෙන
පොර ටෝකක් දෙනවා. මට ඒ කාලේ අපේ උන් ගාව තිබ්බ බැට් ගැන වත් මට හරියට මතකයක් නෑ. ඒ
උනත් මූට පොර ටෝකක් දෙන්නෙපැයි ලොකු ඉස්කෝලෙකට ගිය පොරක් විදියට. මං කිව්වා "
මචෝ මේක ලෙදර් ගහන්න පුළුවන් බැට් එකක් නෙවෙයි, මට මතක
විදියට ලෙදර් ගහන එව්ව වල බඳ වටේට ෆයිබර් වගේ ලේයර් එකක් තියනවා" කියල. මුගෙ
කට ඇදඋනා. "අනේ මන්ද බං මෙව්වා තමා තිබුනේ" කියල ඌ යන්න ගියා. පස්සෙ
සතියකින් විතර මූව ආයෙත් මුළිච්චි උනා. මම එනකොටම කුණුහරුප වරුසාවක්
කියාගෙන"සජ්ජෝ , තෝ දන්න ක්‍රිකට්" කියල මට
බැනල බැනල බැට් එකක් පදම් කරන විදිය කියල
දුන්න. එදයින් මෙදා මං හිතාගත්ත නොදන්නා මගුල් ගැන ආයේ නං පණ්ඩිතකම් කියවන්නෙ නෑ
කියල.
හරිහමන්
ක්‍රිකට් ගැහිල්ල අපි හිතන තරං ලේසි වැඩක් නෙවෙයි මට තේරෙන විදියට. ඔය හැම ක්‍රීඩකයම
අත් වල ඇඟිලි වල ප්ලාස්ටර් ඔතාගෙන ඉන්නෙ චූන් එකට යැ.. සජීවීව මැච් බලද්දි තමයි
පේන්නේ බෝලෙට ගැහුවම බෝලෙ යන්නෙ ඇදේට (වක්‍රාකාර මාර්ගෙක) කියල. කැච් එකක් අල්ලන්න
මං වගේ එකෙක් දැම්මොත් ඉර මුදුන් වෙච්ච වෙලාවට
ඇහැ "ගිනිකණ වැටිලා",
අර "යකඩ බෝලෙ" ඔලුවට පතබෑවිලා ඉස්පිරිතාලේ යන්න තමා
වෙන්නෙ. අර මගේ යාලුව කිව්වා විදියට වේග පන්දු කාරයෙක් බෝලෙ එවනකොට පේන්නේ බෝලෙ
බිම වදින තැන වෙනකල් විතරලු. ඊට පස්සෙ බෝලෙ පේන්නේ නෑ ලු. අනුමානේටලු ඔය වනන්නේ
ටිකක් වෙලා යනකල්. කොමෙන්ට්‍රිය දෙන බුවාලා "දැන් මහේල ජයවර්ධනට පන්දුව
හොඳින් දර්ශනය වෙනවා" කියල කියන්නෙ ඒ නිසා වෙන්ටැ. ඕවයෙ ඇත්ත බොරු දැනගන්න මං
ක්‍රිකට් ගහල තියනවයැ. අපි ගහල තියෙන්නෙ "ඇට බෝල" නෙ.
මේ
දවස් වල මං හැමතැනම දකිනවා ටීම් එකෙන් අරූව ගලවන්න ඕන, මූව එල්ලන්න
ඕන කිය කියා කට්ටිය අදහස් දක්වනවා. අපේ සීයත් මේ ලඟදි චන්දිමාල්ට බැන්න "^%&%&$*&
මගුලක් කොරනවද මන්ද ගහන්නැතුව" කියල. අපේ සීය ජීවිතේට
ටෙනිස් බෝලයක් තියා ජිල් බෝලයක් වත් අල්ලල නෑ. ඒ උනාට අහල බලන්නෙපැයි උන්දැගේ ක්‍රිකට්
විචාර. තේරීම් කමිටුවෙ සභාපති පරාදයි. මං ෂුවර් එකටම දන්නවා බුවාගෙන් ඇහුවොත්
"ඩක්වත්- ලුවිස් මෙව්වඑක" හැදෙන විදියත් කියල දෙයි මං දන්නැති උනාට. මේ
පාර අපේ එවුං නං ඇදගෙන නාගන්නව වගේ තමා මට දැනට නං පේන්නෙ. එක්කො එහෙම කියන්නත්
බෑ. කව්ද දන්නෙ ඉස්සරහට මොනව වෙයිද කියල. ජීවිතේට "හරි ක්‍රිකට් "
නොගහපු "සෙල්ලං කිරිකට්" විතරක් ගහපු මං, ඔය
සම්බන්ධ දේවල් නොකිය "ගොළුවා තිත්ත බේත් බිව්වා වගේ" ඉන්න ඕන. එල්ලෙ
ගහපු අපිට මොන ක්‍රිකට්ද ආයිබෝං .. එතකොට මේ දවස් වල ක්‍රිකට් විචාර දෙන කට්ටිය
ඔක්කොම "හරි ක්‍රිකට්" ගහපු උදවියද?? වෙන්ටැති
නේද? මං එහෙම නෑ කියල මට පුලුවනෑ අනිත් අයත් එහෙම නෑ
කියන්න.
// අපේ කොල්ලො ගැරඬි මරාගන්නෙත් බොහොම අමාරුවෙන් කියල දැනට නං පෙන්නේ.//
ReplyDeleteඅනේ නිකන් හිටින් කුප්ප කතා නොකිය.. ඒ අපේ එවුන්ගේ හැටියනේ.. ලෝලින්ට ත්‍රිල් එකන් නොදී ලැබෙන ලල් එකේ කිසි ගතියක් නෑනේ බං..
දැන් එතකොට අර එක්තරා තරඟයක් අතර තුරේ පොඩි කතාබහකට කියලා අරුමෝසම් කෙල්ලෙක් දාගෙන විකාරයක් කලේ අපේ උන්දැලා.. ඒ අරුමෝසමේ ක්‍රිකට් දැනුම ඉතින් ඒකෙන්ම පෙනුනනේ.. ඔය විචාර දෙන අනිත් අයත් ඉතින් ගොඩක් ඒවගේ තමයි..
හහා .. මම කිව්වෙ නෑ නෙ බං අපේ එවුං ඔක්කොම ටික පරදිනවා කියල ...විචාර දෙන්න ක්‍රිකට් පකීර් කෙනෙක්ම වෙන්න ඕන නෑ තමා. ඒ උනාට පොඩි කාලේ ආසාවට සෙල්ලං බැට් එකක් අල්ලපු නැති පොරවල් බුකියෙ දෙන විචාර දැක්කම හිනා යනවා.
Deleteමං පොඩි කාලේ අපේ ගෙදර සිමෙන්ති කණුවත් කිබුනා ස්වාභාවික විකට් එකක් වදදියට, එකම වරද, ඒක අඩි දෙකක් පළලයි. ඒකට හරියන්න අපි බැට් හදා ගත්තා අඩියක් පළලට!
ReplyDeleteඅප්පේ.. පුටු, කණු, ගස්, තව කොයි තරම් දේවල් අපි විකට් එකට ගත්තද. මුල් කාලේ අපිත් ලෑල්ලක් අරන් එක පැත්තක දෙපැත්ත රැහැලා දාලා බැට් හදාගත්ත විදිය මතකයි. සමහර ඒවා අඩියක් විතර පළලයි තමා..
Deleteඅර බෝල වලට කියන්නේ "බිංකෝ බෝල", බනිස් කණු නෙමෙයි "බයිස් කණු",
ReplyDeleteදේශපාළණය, ගීතය, සිනමාව විචාර කරන්නේ එවා කරන අය නෙමෙයි නේ. නමුත් ඕන කෙනෙකුට තමන් දරණ මතය කියන්න අයිතියක් තියෙනවා.. ඒවා රට ගිනි තියන් දේවල් නෙමෙයි නම්..
අර්ජුණලත් ක්‍රිකට් ගැහුවේ උඹ කියන විදියටම තමයි. මට හොඳට මතකයි අර්ජුණ ටෙස්ට් මැච් ගහලා අපිත් එක්කම කෝච්චියේ ගෙදර යනවා තඩි මල්ලත් කරේ එල්ලගෙන. ඒ කාළේ ජොබ් දුන්නේ ටුබෑකෝ එකේ.
කොහොම හරි පොඩි කාළේට ආයේ අපව අරගෙන ගිය බොහෝම රසවත් පෝස්ටුවක්.. ඇත්තටම රහයි...
ඉස්තුතියි සහෝදරයා.. අයි දැනගත්තෙ නිවැරදි නම.
Deleteපිලිගන්නවා යමක් ගැන විචාරයක් දෙන්න ඒ ගැන මහා දැනුමක් තියෙන්න ඕන නෑ තමයි. ඇත්තටම විචාරයක් කිව්වට අදහස් දැක්වීම්. ඒ දවස් වල ටෙනිස් බෝලයක් අතින් අල්ලපු නැති එවුං බුකියෙ දෙන විචාර දැක්කම හිනා යනවා..
මමත් අහල තියනවා ගෙට ගිනි තියපු වෙලාවේ අර්ජුන එලියට පැන්නේ බැට් එක විතරක් අරන් කියල. ජීවිතේ වැදගත්ම භාණ්ඩේ බැට් එක කියල හිතෙන්න ඇති. අන්තිමට බැලුවම ඒක ඇත්තක් උනා.
දිරිගැන්වීමට තුති මාතලන් සහෝදරයා..
අඩෝ විල්සන් බෝලෙකින් කිරිකට් ගහල බලන්න ඕන.. අපි ඒ දවස් වල බෝල තම්බනවා... හැක්
ReplyDeleteඔන්න කැත හිත. බෝල තම්බනවා කිව්වෙ වතුරට දාල ටෙනිස් බෝල. ඇත්තටම කළා එහෙම. එහෙම කලාම බෝලෙ පදම් වෙනවා කියල විශ්වාසයක් තිබ්බා.. :D පොඩි කාලෙ අපි නම් බෝල තැම්බුවේ නෑ හය වසරට යනකල්ම. යට ඇඳුම් ඇන්දේ නෑ. අමුවෙන් යන්නෙ කලිසම විතරක් ඇඳගෙන. ඒ නිසානේ කොල්ලෙක් ජීවිතේ එකපාරක් හරි අත්විඳින "සිප් එකට අහුවීම" කියන අමිහිරි අත්දැකීම විඳින්නෙ.. දැන් නං අලුත හම්බුන පොඩි කොල්ලගේ පටන් බෝල තම්බනවනේ "පැම්පස්" අන්දලා. ඒකෙන් පටන්ගන්න බෝල තැම්බිල්ල වයසට ගිහිං එක්තැන් වෙලා "ඇඩල්ට් පැම්ප(ර්)ස්" අන්දනකල්ම නවතින්නෙ නෑ. අම්මප "බෝල තැම්බිල්ල" ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නත් පුළුවන් සෞඛ්‍ය කරුණු ගැනත් පොඩ්ඩක් හොයල බලල. බලන්න ඕන ඉස්සරහට :D
Deleteහිහි මාත් ලියල තියේ මීට ටිකක් වෙනස් හැබැයි වෙලාවක් තියේ නං කියවල බලකො...
ReplyDeleteඅර ජාතියෙ එල්ලෙ බෝල( අපි නං කීවෙ එහෙමයි) තාම මෙහෙ තියනව
ඔන්න කියවල බලහං වෙලාවක
http://awanhala.blogspot.com/2014/08/10.html
කියවල බලන්නම්කෝ. රසට ලියවිලා ඇති.. ඉස්තුතියි දැන්නුවට. ඒ එල්ලෙ බෝල මෙහෙ දැන් දකින්න නෑ...ජයවේව..
Deleteකිරිකැට් කක්කී , එල්ලෙ චෝයි
ReplyDeleteමෙහෙ තාමත් එල්ලෙ ගහනවා ගොයම් කැපුවම වෙල් යායේ.. එල්ලෙ ගහන එවුං ක්‍රිකට් ගහන්නේම නෑ. උන්ට එල්ලෙ තමා අල්ලලා යන්නෙ. අටං අයියෙ උඹේ වයසේ හැටියට නං එල්ලෙත් නෙවෙයි හරියන්නෙ. පොරපොල් , අං ඇදිලි වගේ එව්වා... :P
Deleteසජ්ජෝ අපිනම් අර ඉරි ඉරි බෝල වලට කිව්වේ ආර්පිකෝ බෝල කියල.. ආයි නෑ දෑත බැදල දුන්නම යන්නේ කුයිං කුයිං ගාලා.. මට ඉස්සර ඔය බෝලේ අත් දෙකින් අල්ලන්න අමාරුයි.. පොඩි නිසා කොහො හරි වැදිල විසි වෙනෝ. ඉතින් මං අල්ලන්නේ තනි අතින්.. කැච් එක ගත්ත දවසට හෙන පොර.. වන් හෑන්ඩඩ් නේ. අතෑරිය වෙලාවට කුණු බැනුම්. පණ්ඩිතය කියල.. මංනෙ දන්නේ මට තියෙන ප්‍රශ්ණ.
ReplyDeleteමටත් උඹට වගේ එල්ලේ හරියට ගහන්නත් බෑ.. ක්‍රිකට් හරියට ගහන්නත් බෑ. හැබැයි විචාරනම් දෙතෑකි රඹටි හැලෙන්න.
කල්‍යානේ, අපි ආර්පිකෝ බෝල කිව්වෙ ස්පොන්ජ් බෝල වලට. වටේ රබර් කට්ට හැම ගියාම හයිය ස්පොන්ජ් එකක් තියෙන්නෙ. එවයි තමයි "ටකරේ" ගහන්නේ. ගමේ ඉස්කෝලෙ ටකරේ ගහනවා කිව්වට සිදාදියේ ඉස්කෝලෙ ඒකට කිව්වෙ "සම්බෝල කඩනවා" කියල. දෙපිලකට බෙදිලා බෝලෙන් ගහගන්නවා.. පිටවල් ඉවරයි..
Deleteඋඹ හරි, එල්ලෙ බෝලෙ අල්ලන්න බෑ මක්කොරලවත් . සමහර වෙලාවට බෝලෙ පීරිසියක් වගේ වෙලා එන්නේ කැරකි කැරකි . ළඟ ඉද්දි ඇඟේ වැදුනොත් ඉවරයි. පුපුරු ගහනවා.
මටත් ඔය එකක් වත් හරියට බෑ බං...ඒ උනාට ඔක්කොම දන්නවා වගේ තමා කතාකොරන්නේ...
ක්‍රිකට් කියන්නේ ලොකු රවුම් බෝලයකට කට්ටියම එකතු වෙලා පයින් ගහන එකනේ..
ReplyDeleteනෑ නේද බං, අර ලොරියකට අහු වෙලා වගේ ඇද වෙච්ච බෝලෙකට කට්ටියම පොරකන එක නෙවෙයිද?
Deleteදෙපැත්ත බෙදෙන්න කස්ටිය මදි වුනාම ඉරි අල්ලනවා.නැත්තං ගිණිසීරියා කොල කඩලා එක,දෙක,තුන හොයනවා.මොකෝ හැමෝටම බැට් කොරන්න නෙව ඕනෙ.කීපර් ටත් ඉල්ලුම හොඳයි.ඒ කළුවිතාරණ වගේ කෑ ගහන්න ඕන නිසා.
ReplyDeleteඅප්පටසිරි , ලබ්බෝ, මට ඉරි ඇල්ලිල්ල අමතක උනා. පොඩිම කාලේ සෙල්ලම් වලට කට්ටිය දෙකට බෙදෙන්න එන විදිය මතකද? "උච්චි උච්චි" "තෝං ,තෝං" " ගලද? මලද?" සිස්ටම් එක. ටොස් එක දාද්දි "මූනද? පොල්ලද?" තෝරගත්ත හැටි... ඇයි ප්‍රේමදාස මහත්තයගෙ රුපියලේ කාසිය උඩ දාද්දි අහන්නේ " පෙට්ටියද, මොට්ටයද?" කියල.
Deleteඑක නෙවෙයි ලබ්බෝ, උඹේ ලබ්බ මේකෙ එල්ලන්න බෑ.. මොකක්හරි අවුලක්...
Deleteඅඩේ... මේ තාක්සනේ තාම මට මැජික් සීන් එකක්.. දන්න කියන කෙනෙක්ගෙ උදවුව වටිනවා.
Deleteහරි බං.. ඕන් එල්ලුවා..
Deleteසාජ්ජේ මොකාද බං ලුහුටන්නා??????
ReplyDeletegully ක්‍රීඩකයට තමා එහෙම කියල තිබ්බේ. gully කියන්නෙ සෝදාපාලු වෙලා හැදුනු කාණුව වගේ එකට නේද?? මන්ද බං , කොහොමහරි ගලී ක්‍රීඩකයට තමා එතන ලුහුටන්නා කියල තිබ්බෙ.
Deleteලුහුටන්නා කියන්නේ ස්ලිප් ක්‍රීඩකයට. ඔය වචනේ මුල් කාලයේදී ගුවන් විදුලියෙත් පාවිච්චි උනා. ටික දවසකින්ම අතෑරලා දැම්මා තියෙන විසුළු ස්භාවය නිසාම
Deleteඒකත් එහෙමද, දැනුවත් කලාට ස්තුතියි ඇනෝ...
Deleteබිංකෝ බෝලෙන් එල්ලෙ ගැහිල්ල නැවතුනේ 1987 දී විතර ටෙනිස් බොලේ කැන්වස් එක පලුදු නොවන විදිහට වැලි කඩදහියෙන් කපල තමයි මැච් වලට ගත්තෙ . DUNLOP එල්ලෙ ගහද්දි තහනම්. මම දකුණට ගහන්නෙ ඒත් ඉස්සර දකුණු පැත්තෙ එළවලු කොටුවක් තිබ්බ ඒකටම හරියට ගැහුවොත් ලකුණක් ෂුවර්, ඕකට ගහන්න පුරුදු වෙලා එල්ලෙ පිත්තෙන් වමත් කරයේක්ගේ ෂොට් එක නියමෙට ගහන්න මට පුළුවන් උනා.
ReplyDeleteක්‍රිකට් කියන්නෙ මම දක්ෂ දෙයක් නෙමේ. ඒත් අර පුරුදු OFF SIDE එකට ගහන එක ක්‍රිකට් වලදීත් නියමෙට වැඩ කලා .
කැච් කියද්දී මතක් වෙන්නෙ , බොලේ උඩ ගියාම ඕක පස්සෙ දුවල නියරවල් වල වැටිල , වලවල් වල වැටිල අම්බානක තුවාල කරගෙන තියනව. මට මතක් උන තවත් දෙයක් තමයි අපි ඒරියා එකේ කප් ගහපු ටීම් එක. ඕනෙ වෙලක අපි දිනුව. දවසක් වල්පොල පිට්ටනියක මැච් එකක් ගැහුව ( පලවෙනි වතාවට පිට්ටනියක ) අපේ ක්‍රමේ සම්පුර්ණයෙන් අසාර්ථකයි. අපි උඩින් ගහන ඒවා බාදක නැති පිට්ටනියෙ නිකම්ම උඩපන්දු උනා
අපි නං 92දිත් ගැහුවා එල්ලේ . මං අහල තියනවා එල්ලෙ ගහන්න වෙනමම බෝල ජාතියක් තියනවා කියල. ක්‍රිකට් ගහනකොට අපෙත් තිබුන ඔය වගේ "ට්‍රික්ස්" එකක්. පිච් එක පිටිපස්සේ හතරේ සීමාව ලඟයි . එරමිනියා කටු අන්නාසි ගොල්ලක් තිබුනේ බෝලෙ එනකොට අනිත් පැත්ත හැරිලා ගහනවා විකට් එකට උඩින් යන්න. වැදුනොත් 4යි . නැත්තං දාන එකා හරියට දැම්මොත් පොලු!! වෙලේ එල්ලෙ ගහනකොට මාර වැටිලි වැටෙන්නේ. නියරක පැටලිලා වැටෙනකොට උඩින් පාවෙලා ගිහිං වැටෙන්නෙ. තුවාල නොවුනත් සීරෙනවයි උළුක්කු වෙනවයි තමා හැම වෙලේම..
Deleteක්‍රිකට් නං හයේ හතේ ගැහුවට පස්සෙ ආයෙ ගහල නෑ. ඒ කාලෙ ගැහුවෙත් එල්ලෙ ගහන විදියටම තමයි. කරුමෙට හරි බැට් එකේ බෝලෙ වැදුනොත් පැය ගානක් යනව බෝලෙ හොයාගන්න. ඒ හින්ද දැනට උනත් ඔය ක්‍රිකට් මැච් බැලිල්ල කියන එක මගේ ලිස්ට් එකේ නෑ.
ReplyDeleteඑල්ලෙනං ගැහුව ඒ දවස්වල අැති වෙන්න. එකපාරක් අපේ එකෙක් බැට් එක කරකෝල ගන්නකොට පිටිපස්සෙ ඉඳපු එකෙක්ගෙ ඔළුෙගෙඩියට පතබෑඋනා. අපි හිතුවෙ උෘට බඩු හරි කියල. බලපුවම අපිට තරංවත් වැදිච්ච එකාට ගානක් නෑ. උගේ ඔළුව ගල්ද කොහෙද.
මගෙත් යාලුවෙක් හිටිය ප්‍රසන්නගෙ ජාතියේ. ඌත් කැමති එල්ලෙ වලට. බැට් එක අල්ලන්නේ අත් දෙක මාරු කරලා. ක්‍රිකට් ගහනකොටත් එහෙමයි.දකුණත් නම් බැට් එකේ මිටේ මුල අල්ලන්නේ දකුණතින් සහ අග වමතින් නෙ. මූ ඒ දෙක මාරු කරලා අල්ලන්නේ. ගහන පාරක් හරියට වැදුනොත් අනිවාර්ය හයක්. ඔක්කොම ගහ ඒවා යන්නෙ long-on හරහා. ඌ ගහනකොට බෝල රකින්න එකයි බෝල දාන්න එකයි විකට් රකින්න එකයි හිටියම ඇති..
Deleteමගෙත් ඉස්කෝලෙ කාලේ forward-shortleg වල ඉඳල බැට් පාරක් කාලා මැහුම් දාන්නත් උනා. ඇහි බැමේ තාම තියනවා කැළල...
ටෙනිස් බෝලෙ ටූ ඉන් වන්. ලෙල්ල සමග සහ ලෙල්ල නැති රබර් බෝලය. තව බෝල ජාතියක් තිබුණා ඇතුලෙ ස්පොන්ජ් වගේ. බම්ප් වෙනව කියන්නේ....
ReplyDeleteහොඳ ටෙනිස් බෝල ලෙලිගහන්න ලේසියි එක තැනක් පළුදු කරලා ගත්තම රෙද්දක් වගේ ගැලවෙනවා , බාල එව්ව හෙන අමාරුයි, බූල් අලවල තියෙන්නෙ. අවුල් වෙනවා ඇද්දම, ඇතුලේ ස්පොන්ජ් තියන එව්වට අපි කිව්වෙ "ආර්පිකෝ බෝල" කියල.
Deleteඅඩේ..මමත් උඹ වගේම තමා.කිරිකට් හැකියාව බින්දුවයි.හැබැයි හොඳ රකින්නෙක් විදිහටනම් ප්ලේස් එකක් තිබුනා ගමේදියි ඉස්කෝලෙදියි.එල්ලේ ගහද්දී කැච් එකක් අල්ලන්න ගිහින් තව එකෙක් එක්ක හැප්පුනා.උගේ කනටයි,කන පිටිපස්සටයි මැහුම්17ක් දැම්මා.මගේ කටයි දිවයි තුවාලවෙලා හෙන දුකක් වින්දා සතියක් විතර කන්න බොන්න බැරුව.
ReplyDeleteඔය රැකිල්ලට ගිහිං තමා එකපාරක් මගේ නළල පැලිලා බේත් දාන්නත් උනේ. එක අතකට එල්ලෙ මරු ක්‍රීඩාව බං. කිරිකට් වල තරම් ටෙක්නික් නැති උනත් කිරිකට් තරං බලන් ඉන්න උන්ට ආතල් නැති උනත් සෙල්ලං කරන උන්ට හෙනම කික් ක්‍රීඩාවක් තමයි එල්ලෙ...
Deleteකිරිකැට් කිව්වම මතක් උනේ අද පක්කො එක්ක උන් අපිට ගහන අපිට උන් ගහන පස් වෙනි එක්දින ඉල්ලං කෑමේ තරඟය.
ReplyDeleteකෑම කොහොමද ? අති විශිෂ්ඨයි සර් !
දැනට තත්වය :
අම්මට සිරි ලංකා - 103 (ඔවර් 26/50) ඔල අවුට්
පක්කෝස්ථාන් - 89/1 ***
අයියෝ සල්ලි !!!