පෙරේතයො, කුම්භාණ්ඩයෝ, කට්ටඬි එක්ක සාත්තර සාත්තරේ ……



කටුස්ස ඇතුළු කීපදෙනෙක් හොම්බටම දමල ඇරිය අංජබජල් ඔල්මොරොන්දන් මොළේ කොලොප්පන් කිසි ගැලපිල්ලක් නැති එකක් ලිව්වා කියල.බලාගෙන ගියාම කතාව ඇත්ත. ඒක මොකෙක් වත් බලන්නෙ නෑ. ඒ නිසා ඔන්න ඒ අදහස් වලට  හිස නමල මගේ පුරුදු ඉස්ටයිල් එකෙන් ටෝකක් දෙන්න කල්පනා කොලා සමාජ ගිනි විජ්ජුම්බරේ ගැන. අද කියන්න යන්නේ ඇහැට නොපෙනෙන බලවේග, යක්ෂ පෙරේත භූත ආත්ම කෝඩිනේට් කොරන , අත්භූත ලෝකේ නියෝජනය කොරන අපේ සමාජයේ අම්බැසඩර්ලා ගැන.



ඒ කියන්නෙ කපුවො, සාත්තර කාරයෝ, කට්ටඬි බුවාලා ගැන. මේකට වස්තු බීජේ හිතට වැටෙන්න හේතුව තමයි මේක කොටන වෙලාවෙත් අපේ ගෙදෙට්ට ගෙවල් තුනකට එහායින් කොහෙන්දෝ පාත් වෙච්ච කපුවෙක් දේවාලයක් අටවාගෙන හවසට ගෙජ්ජි වැලක් හොල්ල හොල්ල හක්ගෙඩියකුත් පිඹ පිඹ බෙරේකට තඩිබාන සද්දෙ ඇහෙන එක. ඉඳල හිටල මහා හයියෙන් කුණුහරුපෙන් බනිනවත් ඇහෙනවා ආතුරයන්ට. ඒ වැහිලා ඉන්න පෙරේතයෝ බයකොරලා පන්නන්නලු. පෙරේතයෝ භූතයෝ කුණුහරුප වලට බයයි කියනවනේ.හවසට හුළං අත අපේ ගෙවල් පැත්තට හැරෙනකොට එන කට්ටකුමන්ජල් දුම, හොර මීයට මැස්සො ඇදෙන්නා වගේ ලාකළුවරේ කපුවාගේ ගුබ්බෑයමට ඇදෙන මිනිස්සු (වැඩිහරියක් ගෑණු) , මෙලෝ රහක් තාලයක් නැතිව යක් බෙරේකට තිඩිබානකොට ඇහෙන මළ මුස්පේන්තු සද්දෙ, ඔය කියන ඔක්කොන්ගෙන්ම හිතට එන යක්ශාරූෙඪ නිසා තමයි මේ ටික ලියවෙන්නෙ.





මිනිස්සුන්ට ගොඩක් වෙලාවට දෙය්යො බුදුන් සහ දේවාල මතක් වෙන්න පටන්ගන්නෙ මොකක් හරි කරදරයක් උනාම. මානසික පීඩනයකින් ඔලුව කචල් වෙනකොට , දියේ ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නා වගේ ඔන්න ඉතින් පලයන් දේවාල ගානේ සාත්තර කාරයෝ පස්සෙ. ඒ තැන් වලට ගියාම "ඔයගොල්ල සල්ලි හොඳට හම්බකරනවා.. ඒත් ඉතුරුවක් නෑ.. හරියට කරදර ගෙදරදොරේ...පොඩි දේටත් රණ්ඩු වෙනවා ගෙදර.. වටේ මිනිස්සු ඉරිසියයි ඔයාල දියුණු වෙනවට..කොච්චර මහන්සි උනත් මහන්සියේ තරමට ප්‍රතිපල නෑ.. දරුවෝ ඉන්නවා.. ඒ උනාට කියන දේ අහන්නේ නෑ.. හැම වෙලාවකම නුරුස්නා ගතියෙන් ඉන්නෙ." ඔන්න ඔය එකම කතන්දරේ තමයි සාත්තර කියන කපුවො අහිංසක මිනිස්සුන්ගේ ඔලු වලට දාන්නෙ.


අපේ ගෙවල් ගාව ඉන්න කපුවා 202යි සත පනහක් ගන්නවා සාත්තරයක් කියන්න. දේසීය ඌට. දෙකයි පනහ උගෙ දෙයියන්ට (පෙරේතයට). ඒකත් පෙරේතයට කොහොම දෙනවද කියන්න නං මං දන්නෙ නෑ. ඉස්සෙල්ලම අර කිව්ව විදිහෙ මනස්ගාත ටිකක් ඔලුවට දානවා . ඊට පස්සෙ කියනවා අහවල් හූනියම අතන වළලලා තියනවා ඒක ගොඩ දාන්න අච්චරයි, අතනින් නූලක් පන්නල තියනවා ඒක අයින් කරන්න මෙච්චරයි, ගේ ආරස්සා කොරන්ඩ මෙච්චරයි කියල කපනවා ගාන ඌව නට්ටන් වෙන්නම. අපේ ගේ ඉස්සරහින් මුගේ ගුබ්බෑයමට රිංගන්න යන උදවිය දැක්කම දුක හිතෙනවා. දුප්පත්කමේ අන්තෙටම එරිච්ච ගම්වල ඉන්න ගෑණු, මිනිහගේ බේබදුකම නිසා දහසක් දුක් හිතේ හිරකරන් ඉන්න ගෑණු, දරුවන්ගෙ අකීකරු ඇට්ටරකම් වලින් හෙම්බත් වෙච්ච මිනිස්සු, එකී නොකී දහසක් ප්‍රශ්න වලින් ඔලුව බරවෙච්ච මිනිස්සු තමයි මූ ගාවට යන්නෙ. එහෙම ගිහිං මූ කියන එව්වට වාල්වෙලා අතේ ඉතුරු වෙලා තියන පිච්චියත් මූට පුදලා කබලෙන් ලිපට වැටෙන එකයි ඇත්තටම වෙන්නෙ.



මුගෙ දේවාලේ වගේ තැන් තැන් වල හතු පිපෙන්නා වගේ මතුවෙන දේවාල සංස්කෘතියෙදි අපිට දකින්න හම්බවෙන පොදු දෙයක් තමයි ඒ හැම දෙවාලයක්ම වගේ පොඩියට පටන් අරගෙන ටික දවසක් යද්දි මහා ඉහලින් බැබලෙන්න පටන් ගන්නවා. මිනිස්සු සූ ගාල එන්න පටන් ගන්නවා. ටික කාලයක් යද්දි , කපුව බොරුකාරයෙක් බව තේරෙනවා, එක්කෝ ඌ උගේ දේවාලෙට එන ගෑනියෙක් උස්සන් පැනල යනවා, එක්කො ගැනුඅතවරයක් නිසා හිරේ යනවා, එහෙමත් නැත්තං පාන නිවුන වගේ බල්ලෙක් වත් එන්නේ නැතුව මැස්සො ඇහිරෙන තත්වෙට වැටෙනවා. අපේ ගෙවල් ගාව කපුවා දැන් ඉන්නෙ නැගගෙන එන අවධියෙ. ඉස්සර කබල් බයිසිකල් කටුවකින් ආපු එකා දැන් යන්නෙ පල්සර් එකේ. මම ෂුවර් එකටම දන්නව තව ටික දවසකින් ඕකා වාහනෙකුත් ගන්නව.මොකද, එන්න එන්නම මූ ගාවට පෝලිමේ යන අහිංසක මිනිස්සු ගණන වැඩිවීගන යනවා. මම මේ ලඟදි පොඩි ප්ලෑන් එකක් ගැහුවා තව යාලුවෙකුත් එක්ක පොඩියට බැඳපු පිදුරු මිටි ටිකක් ඕකගේ දේවාලේ ඉස්සරහ එල්ලන්න. ඕක නං කරනවාමයි. වටේ ඉන්න ගෙවල් වල එවුනුත් මූ එක එක දොලපිදේනි දීල මුගේ බහට නම්මගෙන ඉන්නෙ. නැත්තං මෙලහකටත් මං උන්දැට සාත්තර කියන වෙලාවට ගල් පූජාවක් තියල ඉවරයි. හැබැයි මං හොඳාකාරවම දන්නවා මිනිස්සු  ඕකගෙ දෙවාලෙත් කඩල ඕකටත් ගහල ඕකව පන්න දවස වැඩි ඈතක නෙවෙයි කියල.

කපුවො බිහිවෙන්නෙ කොහොමද කියල හොයල බලද්දි "දෙය්යන්ගෙන් වරමක් එනව " කියල තමයි මුලින්ම කියවෙන්නෙ."මට පොඩි වරමක් තියනවා, දේවාලයක් හදාගන්න කියල හීනෙන් කියනවා දෙය්යෝ" කියන කතාව තමයි කපුකමේ ආරම්භය. අහවල් දෙය්යො ආරූඩ වෙනවා කියා කියා ස්වයං මෝහනයට ලක් වෙලා මොකෙක් හරි මල පෙරේතයෙක්ගෙ ක්‍ෂුද්‍ර ආත්මය තමන්ගෙ හිතට ඇතුල් කරගන්නෙක තමයි වෙන්නෙ. මම දන්න විශ්වාස කරන විදියට නම් දෙවි වරු කියන්නෙ මනසින් උසස් කොටසක්. අසූචි වළකට වැටිලා ඉඳල ඒකෙන් අමාරුවෙන් ගොඩ ආපු කෙනෙක්  ඒ තමන් වැටුන අසූචි වල දැක්කම ආයෙත් බැහැල බලන්න හිතනවද? මිනිස් ආත්මෙන් අත්මිදිලා ඊට වඩා උසස් තැනකට පත්වුණු දෙවිවරු කවදාවත් ආයෙත් මිනිහෙක්ගේ ශරීරයකට, මනසට ඇතුල්වෙන්න හිතන්නෙ වත් නෑ මම නම් දකින විදියට. අනිත් එක තමයි ඔය වරම් ලැබෙනවා කියල කියන එවුං බොහෝ වෙලාවට මේ ලෝකෙ ජීවත් වෙන්නෙත් මළපෙරේතයෝ වගේ. ඒ වගේ එවුන්ට දෙය්යො වැහෙනවද?






දෙය්යො වැහෙනවා කියන එවුං හැම එකෙක්ම වගේ මනස දුර්වල වගේම ඔය සම්බන්ධ දේවල් ඉස්මුදුනින්ම පිළිගන්න උදවිය. ඔය වගේ දේවල් ගැන හිතල හිතල මුලින්ම ස්වයං මෝහනයකට පත් වෙනවා. අපි දන්න විදියට දුර්වල මනසක් සහිත උදවියට සාමාන්‍ය ජීවිතේදිත් පිටස්තර බලපෑම් වැඩියි. ඒ වගේ තමයි මම විශ්වාස කරන විදියට ඒ වගේ පුද්ගලයින්ගේ මනසට ඇතුළුවෙන්න ,බලපෑම් කරන්න පිටස්තර ක්‍ෂුද්‍ර ආත්ම වලට බොහොම ලේසියෙන් පුළුවන්. ඔය "වරමක් තියනවා" කියන උදවිය මල් පැළක් හදල, දුම්මල පාරක් ගහල, පුළුවන් නම් බෙරෙකටත් තඩිබාලා, ගෙජ්ජි වැලක් හොල්ලල ඒ දේවල් වලින් ස්වයං මෝහනයකට පත් වෙනවා. ඊට පස්සෙ උන් "දෙය්යො" කියල හඳුන්වන "මළපෙරේතය"ව තමන්ගෙ හිතට ඇතුල් කරගෙන පිස්සු කෙලින්න පටන්ගන්නවා. ඔය ඔලුවට දාගන්න එකා, එන එවුන්ට කුණුහරුපෙන් බණින, ඔළුව කරකෝන සහ විකාර රූපී විදියට හැසිරෙන පුදුමාකාර "දෙයියෙක්"

සාත්තර කෙරුවාවේදි ඇත්තටම වෙන දේ ගැන කාලයක්  තිස්සෙ අහපු දැකපු දේවල් එක්ක යම් කිසි අදහසක් මගේ ඔලුවෙ තියනවා. මම විශ්වාස කරන හැටියට අපිට නොපෙනෙන ක්‍ෂුද්‍ර ආත්ම  විශාල පිරිසක් අපි අවට හැමතැනකම වගේ ගැවසෙනවා. ඒ ආත්ම වලට දෘඩ ශරීරයක් නැහැ.අපේ සිත අපිට එහෙ මෙහෙ යවන්න පුළුවන් වගේම  ඔවුන්ට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන්න පුළුවන්. අපිට නොපෙනුණාට අපි අවට ඕනෑම තැනක ඒ ආත්ම වලට සැරිසරන්න පුළුවන්. මම හිතන විදියට මනස දුර්වල පුද්ගලයන් සමග වැඩි වැඩියෙන් ඔය කියන පිරිස ජීවත් වෙනවා, ඒ අවට සැරිසරනවා. මට හිතෙන එහෙම වෙන්නෙ , ඒ පුද්ගලයින් හැසිරෙන ආකාරය, ජීවත්වෙන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය ඔය කියන පෙරේතයන් කැමති රුචි ආකාරයම වෙන නිසාවට. අපි උනත් කැමතියි නෙ අපේ අදහස් එක්ක ගැලපෙන උදවියත් එක්ක හැසිරෙන්න, ඇසුරු කරන්න. ඒ වගේ.



යම් හොරකමක් ගැන සාත්තරයක් අහන්න කව්රුහරි ඔය විදිහෙ දේවාලෙකට යනවයි කියල හිතමු. ඒ යන මනුස්සයත් එක්ක අර කිව්ව විදිහෙ ක්‍ෂුද්‍ර ආත්ම ගමන් කරනවා. ඒ අවට ඉන්නවා. දේවාලේ කපුවා ආරූඩ උන වෙලාවට ඌ උගෙ මනසට රිංගවගන්ත ක්‍ෂුද්‍ර ආත්මයට පුළුවන් සාත්තර අහන්න ආපු මනුස්සය වටේ ඉන්න, ඒ එක්ක ආපු ක්‍ෂුද්‍ර ආත්මත් එක්ක කතාකරන්න, ගනුදෙනු කරන්න (communicate) . ගෙදර කොහෙද තියෙන්නෙ, ගේ ඉස්සරහ මොනවද තියෙන්නෙ, ගෙදරට යන විදිය කොහොමද වගේම ඒ ආපු මනුස්සයාගේ ගති ස්වභාව ගැනත් උන් ලවා අහගන්න කපුවට වැහිල ඉන්න මල පෙරේතයට පුළුවන්. ගෙදර යම්කිසි හොරකමක් වෙලා තියනවා නම් ඒක සිද්ධවුණු වෙලාවේ අර කියපු ක්‍ෂුද්‍ර ආත්ම ඒ අවට සැරිසරලා තියනවනම් ඒ ගැන විස්තර අහගන්නත් කපුවට පුළුවන්. ආලෝකයේ වේගයෙන් ගමන් කරන මේ පෙරේතයෝ එවෙලේම එතනට යවල ඒ ගැන කව්රුහරි වෙන පෙරේතයෙක් දැකල තියනවා නම් ඒ ගැනත් සම්පූර්ණ විස්තරේ දැනගන්න හැකියාව තියනවා.

කපුවට වැහෙන ක්‍ෂුද්‍ර ආත්මය බලවත් බවෙන් වැඩි නම් ඒ වගේ තොරතුරු  දැනගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඔය විදියට සාත්තර කියවෙන නිසාවට තමයි අපිට සාත්තර අහගෙන ආපු මිනිස්සු " ගේ තියන තැන, එන විදිය වගේම ඔක්කොම විස්තර හරියටම කිව්වා"කියල කියනවා අහන්න ලැබෙන්නෙ. හොරකමක් උනා නම් ඒ සම්බන්ධව දැනගැනීමේ ක්‍ෂුද්‍ර ආත්ම lead එක හරියටම තිබුන නම් ඒ විස්තරෙත් හරියටම කියවෙයි.
සාත්තරේ අහන්න යන පුද්ගලයත් එක්ක ඔය පෙරේතයෝ ගියෙ නැත්තං , එහෙමත් නැත්තං අර විදියේ සම්බන්ධතා කැඩිල තිබ්බොත් කපුව කියනවා "ඔයාට සාත්තර කියවෙන්නෙ නෑ" කියල. මට හිතෙන විදියට හිත හයිය මිනිස්සු සාත්තර අහන්න ගියාම ඒ වගේ උදවියට සාත්තර කියවෙන්නෙ නෑ බොහෝ වෙලාවට. "ඔය කපුව හොරෙක් , සාත්තරයක් අහල වැරදිච්ච ගමන් ඕකගේ හොම්බට දෙකක් අනිනවා" කියල හිතාගෙනම යන උදවියට කපුවො සාත්තර කියන්නෙ නෑ. මට හිතෙන විදියට හිත හයිය ඒ වගේ උදවිය එක්ක අර කියන මළ පෙරේතයෝ ගමන් කරන්නේ නැති නිසා කපුවට lead එකක් අල්ලගන්න බැරුව යනවා ඇති.
ඔය වගේ රට වටේ හතු පිපෙන්නා වගේ බිහිවෙන දේවාල එකපාරට ජනප්‍රිය වෙලා ආයෙත් නැත්තට නැතිවෙන්න හේතුව ගැන පෞද්ගලික අදහසක් අදහසක් තියනවා. 

 ලංකාවේ තියන ලොකු දේවාල හැමදාම වගේ මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා තියනවා අපිට දකින්න පුළුවන්. ගොඩක් දුරට ඒවා වල සාත්තර කියන්නෙ නෑ. ඒවාට යන මිනිස්සු යමක් පූජා කරලා යම් ප්‍රාර්ථනාවක් කරන ඒකයි කරන්නෙ. ඒක හරිගියොත් ඉතිං එහෙම වෙන්නේ දෙය්යො නිසා. වැරදුනොත් ඒ තමන්ගෙ කරුමෙට. එහමත් නැත්තං දෙයියන්ට මොකක් හරි අතපසුවීමක් කරලා තියනවා. ඒ නිසා ආයෙත් දේවාල ගානේ යනවා. හරි ගියොත් දෙය්යො, වැරදුනොත් කරුමෙ. ඒ නිසා ලොකු දේවාල වලට මිනිස්සුන්ගෙන් අඩුවක් නෑ කවදාවත්.
හැබැයි පොඩි ප්‍රමාණයේ දේවාල පවතින්නෙ ටික කාලයයි. ඒ දේවාල වල ආවේශ වෙන කපුවා ආවේශ කරගන්න පෙරේතයගේ "පවර්" එක අනුව, වැඩ කිඩ අඩු වැඩි වෙන නිසා  ජනප්‍රියත්වයත්  අඩු වැඩි වෙනවා. මුල්ම කාලෙ ඔය පෙරේතය ගානට වැඩේ කරගෙන යනවා. හවස් වරුවට තමයි කපුව  පෙරේතයව අල්ලලා ඔලුවට ඔබාගන්නෙ. ඊටපස්සේ සාත්තර කියනවා පැය 2ක් විතර. වැඩේ නැගල යන්න ගත්තට පස්සෙ සෙනග වැඩි වෙනකොට උදේටත් පෙරේතයව අල්ලගෙන සාත්තර කියන්න පටන්ගන්නවා. ඊටත් පස්සෙ  කපුවගෙ හොද්ද බොරවෙනකොට කට්ටිය එනවා වැඩි නිසා දවස පුරාමත් සාත්තර කියන්න පටන්ගන්නවා. මේක මගේ දහසක්. මට හිතෙන විදියට එහෙම නිවාඩුවක් විවේකයක් නැතුව අර ක්‍ෂුද්‍ර ආත්මෙ හිර කරගෙන වැඩ ගන්නකොට ඒ පෙරේතයටත් වැඩේ එපා වෙනවා. පෙරේතයට උනත් නිදහසේ ඉන්න තියෙන්නෙපැයි. ඔහොම ටිකක් කල් යනකොට පෙරේතය fed-up වෙලා බොරු කියන්නත් පටන්ගන්නවා.


  ඊටපස්සෙ තමයි මිනිස්සු කපුවට ගහල පන්නල, දේවාලෙ කෙරුම් හමාර වෙන්නෙ. ලංකාව පුරා ඔය කියන විදිහෙ දේවාල එක පාරට ප්‍රසිද්ධ වෙලා ඊට පස්සෙ බල්ලෙක් වත් යන්නේ නැතුව මැස්සො ඇහිරෙන තත්වෙට වැටෙන්න හේතුව විදිහට මගේ පැහැදිලි කිරීම ඕකයි.



බුද්ධාගමේ උගන්නන විදියට දෙවිවරු කියන්නෙ මිනිස්සුන්ට වඩා මනසින් උසස් කොට්ඨාශයක්. අපි පිනක් දහමක් කරලා ඒ පින දෙවියන්ටත් අනුමෝදන් කලාම ඒ පින් ලබාගෙන දෙවිවරු තවත් සැපවත් වෙනවා සහ ඒ පින් අරගෙන සතුටු වෙලා අපිට ආශිර්වාද කරනවා කියලයි කියවෙන්නෙ. එහෙම පින් දෙනකොට අපේ හිතත් සතුටු වෙනවා, (හරියට නිකං දානයක් දෙනවා වගේ) ඒ පින් අරගෙන දෙවියන් සතුටු වෙනවා, එතකොට අපිටත් පින් ලැබෙනවා. ඒ පින් ලබාගෙන දෙවිවරු අපේ කරන කියන දේට ආශීර්වාද කරනවා. ඔය ටික ඇරෙන්න දෙවියන්ට වෙන කරන්න පුළුවන් දෙයක් තියනවා කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ. අහල තියන විදිහට දෙවි කෙනෙක් අරක්ගත් ගහක් කපන්න පොරවක් අරන් මිනිහෙක් එනකොට "අනේ මේ ගහ තෝරා නොගනීවා" කියල දෙය්යො ප්‍රාර්ථනා කරනවලු. එකම තෝරාගත්තොත් "පොරව නොකැපේවා" කියල ප්‍රර්ථනා කරනවලු. බාගයක් කපාගෙන යනකොට " මේ මනුස්සයට මීට එහා කපන්න බැරිවෙන්න මහන්සියක් දැනේවා" කියල පතනවලු. අනේ ගහ කපල බිම වැටෙන්න කලින් ඒ ගහ අතැරලා වෙන ගහකට මාරු වෙනවලු. දෙයියන්ට කරන්න පුළුවන් තරම තමයි ඔය. අපිට වඩා මනසින් සහ ඉන්න තත්වෙන් උසස් යයි සලකන, අපි දෙන පින් ලබාගන්න හැකියාව තියන දෙවිවරුන්ට බෞද්ධයෝ විදියට අපි පින් පමුණුවනවා. එයින් ඇත්තටම අපිටත් පින් ලැබෙනවා වගේම යම් අශීර්වාදෙකුත් ලැබෙනවා. එච්චරයි. ඒත් හින්දු ආගමේ ඉන්න දෙවිවරු යම් යම් දේවල් ලබාදෙනවා කියල ඒ ආගමේ උගන්නනවා. අපේ ඉන්න බෞද්ධයෝ ඒවා ඔලුවට දාගෙන ඒ දෙවිවරු අදහනවා, පිහිට ඉල්ලනවා, ඒ වෙනුවෙන් දොළ පිදේනි දෙනවා. ලොකු දේවාල වල කපුවන්ට රජ මගුල්.



 අපේ මිනිස්සු කතරගම යන්නෙ කිරි වෙහෙර වඳින්න නෙවෙයි, දේවාලෙට. දේවාලෙට ගිහිං දෙයියෝ බලල වෙලාවක් තිබුනොත් විතරක් ලංකාවට බුදුන් වැඩිය තැනක් විදිහට පුද ලබන කිරි වෙහෙරට ගිහිං එනවා. වෙලාවක් තිබ්බොත් විතරක්. පන්සලෙත් චයිත්‍යයට බෝධියට, බුදු ගෙට වැඩිය මිනිස්සු ඇදෙන්නේ පන්සලේ පැත්තකින් හදල තියන දේවාලෙට.  "බුදුහිමියන්ටත් කලි යුගයේ, දෙවියන්ගේ පිහිටයි" කියල නන්දා මාලිනී සිංදුවක් කිව්වෙ ඔය දේට විරුද්ධව. ඕව වෙනස් වෙන්න ඕන දේවල්.

පෙරේතයො කුම්භාණ්ඩයෝ ගැන කියා කියා ඉඳල දෙවි වරු ගැන කිව්වෙ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔය කියන ජාති වල එවුන්ගෙ මානසික මට්ටම් සහ උන්ට කරන්න පුළුවන් දේවල් දෙවිවරුන්ට වැඩා ගොඩක් අඩු මට්ටමෙන් තියෙන්නෙ මම නම් දන්න විදියට. අඩුගානේ දෙන පිංලබාගන්නවත් ශක්තියක් නෑ . එහෙම බැලුවම මුන්ට කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නෑ. දෙවියන්ටත් බැරි නම් මුන් කොහොමද කරන්නේ? අරවගේ දෙයක් නම් සාත්තරේකින් බලාගන්න පුළුවන් වෙයි සමහරවිට. ඒකත් වරදින්න පුළුවන්. අර ආරූඪ වෙච්ච පෙරේතයට එපා වෙලා ඉන්න වෙලාවක බොරුවක් උනත් කියවෙන්න පුළුවන්. ඒ විදියට බලනකොට අහිංසක මිනිස්සු කරදරේක වැටිලා හොර කපුවො අල්ලගෙන තියන සේසතම උන්ට දීල දාලා කබලෙන් ලිපට වැටෙන මේ ක්‍රමේට තිත තියන්න කාලේ හරි.
 
 ඉස්සර නම් කාලෝ ෆොන්සේකා මහත්තය සහ ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මහත්තය "යතාර්තවාදීන්ගේ සංගමය" පිහිටුවාගෙන මේ මිත්‍යා මත වලට ප්‍රසිද්ධියේ පහරදුන්නා. අද කාලෝ මහත්තය වයසයි, කොවුර් මහත්තය මැරිලා. යතාර්ථය යටකරගෙන මිත්‍යාව පැතිරිලා. පත්තරයක් ගත්තම මැණික්හින්නේ හුලවාලියන්ගෙන් පටන් අරගෙන ලංකාව පුරාම තියන දේවාල ගැන දැන්වීම්. ඒවයේ කියන විදියට පිට රට ඉන්න එවුනුත් වශී කොරන්න පුළුවන් තරමට මුන් බලගතුයි. පත්තර වල "අහවල් මල පෙරේතයා වැහුණු කන්‍යාවිය රෑට හෙළුවෙන් දීෂ්ටි වෙයි" ආකාරයේ ආටිකල් වැහි වැහැලා. රත්තරං පොරවගත්ත කපුවො ගැන විස්තර රුපවාහිනී නිවුස් වල පවා යනව. මේ දේවල් වලට විරුද්ධව කව්රුත් කතාකරන්නෙ නෑ. කතාකරන්න බයයි. එක්කො සල්ලි වලට යට වෙලා සද්ද නැතුව ඉන්නවා. ඕවට දැන්වීම් දාන්න, මාලිගා තනාගෙන යහතින් වැජඹෙන්න මුන් වියදම් කරන්නෙ අසරණ මිනිස්සුන්ගෙ රීරි මාංසෙ.


 මේ ලඟදි මං දැක්ක ලොකු දේවාලෙක කපුවෙක්ගෙ පුතෙකුගේ කරේ නිළියෙක් එල්ලිලා ඉන්න පිංතූර පත්තර වල පවා යනවා. ප්‍රසිද්ධ කපුවන්ට මාළිගා වගේ ගෙවල්, අති සුඛෝපභෝගී වාහන වගේම උතුරන්න සල්ලිත් තියනවා . ඔය සුප්‍රසිද්ධ"ගාල්තැන්නේ කපුවා" 2007 අවුරුද්දෙ මං United Motors ආයතනයෙ මෝටර් රථ ඉංජිනේරු ප්‍රයෝගික පුහුණුව ලබන කාලෙ උගෙ Montero එක සර්විස් කරන්න ආව. ඒ දවස් වල කව්රුත් මෙයාව දන්නෙ නෑ. ප්‍රසිද්ධත් නෑ. මම ඉන්න තැන කාර්මික ශිල්පියා බුවාව කලින් ඉඳන් දන්නවා. ආයතනෙට එන හොඳ කස්ටමර් කෙනෙක් නිසා. මිනිහ ඇහුව කපුවගෙන් "මහත්තය කලින් තිබ්බ එක විකිණුවද?" කියල. මූ කියපි "නෑ ඒකත් තියනවා, මේක ගිය මාසේ ගත්තෙ" කියල. ඔන්න කොල්ලො සෙල්ලං. මේ කපු වහන්සෙ ඒ දවස් වල අනිත් ලොකු කපුවොත් එක්ක බලද්දි බොහොම පොඩිපහේ කපුවෙක් . එතකොට අනිත් උන් කොහොමට ඇත්ද?? ඔය හැම දෙයක්ම අසරණ මිනිස්සු බොහොම අමාරුවෙන් හරිහම්බ කරලා පූජා වට්ටියට තියල පුදන මුදල්, පිං කැටේට දාන සල්ලි. 

 
මේවා ගැන කතාකරන්න කව්රුත් නෑ. දුප්පත් මිනිස්සු මිත්‍යාව හරහා සූරාකන ක්‍රමයට තිත තියන්න, අඩුගණනේ ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න වර්තමානයේ කව්රුත් ඉදිරිපත් වෙන්නෙ නෑ. එහෙම ඉදිරිපත් උනත් ඒවාට ප්‍රසිද්ධියක් දෙන්න කිසිම මාධ්‍යයක් පෙළඹෙන්නේ නෑ. කපුවන්ගෙන්, දේවාල වලින් ලැබෙන සල්ලි කුට්ටි උන්ට වටිනවා දුප්පත් අහිංසක මිනිස්සුන්ට වැඩිය. වර්තමානයට "යතාර්තවාදීන්ගේ සංගම්" වල , කොවුර්ලගේ, කාලෝ ලගේ අඩුව තදින්ම දැනෙමින් පවතිනවා. ඒ අඩුව පුරවන්න කව්රුත් නැති එක අසරණ මිනිස්සුන්ගෙම කරුමෙ තමයි ඉතින්.

30 comments:

  1. මං හේතු (ඵල ) වාදියා. ඒක නිසා මං ඔය දෙයියොයි කියන පල් හොරු එකෙක්වත් විස්වාස කරන්නේ නෑ.

    මීට අවුරුදු මීට අවුරුදු විසිපහකට විතර කලින් අපේ ගෙවල් වලට ටිකක් උඩින් හිටියා මහතුං අයියා. වැඩ නැති වෙලාවට තේ වත්තේ හොරෙන් ගල් කඩනව. රෑට කුණු වෙන්න කසිප්පු ගහල ගෑනිට කුණුහරුපෙන් බැන බැන ගම වටේ ගහන්න පන්නනව. උන්ගේ තාත්ත ඊට පහලින් තිබ්බ ඓතිහාසික පත්තිනි දේවාලෙ මහ කපුවා. මහ උන්දැ මැරිල මූට පත්තිනි දේවාලෙ හම්බුනා. එදා ඉඳල උදේට නාල සුදු ඇඳල යනව දේවාලෙ කපුකං කරන්න. හවස රුටීන් එක අරකමයි. අවුරුදු දෙක තුනකින් මූත් මැරුණා බීල බීලම.. එතකොට උගේ පුතා පොඩියි කියල බාප්පල දේවාලේ කපුකම ගත්ත. මුන්ට සත පහකින් උදවු කරේ නෑ. ඊට පස්සෙ හවසට හවසට මහතුංගේ ගෑනි ගිහින් දේවාලේ ඉස්සරහ කුණුහරුප පලන්න ගත්ත අලුත් කපුවන්ට දෙස් තිය තියා. පස්සෙ කොල්ල ටිකක් ලොකු වුනායින් පස්සෙ නඩු කියල ආපහු ඌට කපු කම හම්බුනා. මේකා අපි සෙල්ලම් කරනකොට බෝල අහුලපු එකා. ඌ කපුවා උනා කියන්නේ අපි දෙයියො උනා ඒ කාලෙට. සියලු දහදුරා වැඩ පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදේ මැද දේවාලේ ඇතුලෙම තමයි. අනුග්‍රහය කාරුණික ආතුරයින්ගෙන්.. හිකිස්. ඔය අතරේ සමහර අම්මල එක්ක එනවා තරුණ ගෑනු දරුවො එක එක දේව බැල්මවල් වැටිලා.. අරූ යාතිකාව කරාම ආතුරයව විතරක් ඇතුලට අරං දේව බැල්මේ වශිය අයින් කරන්නේ අපි තමයි. ඇයි අපිනේ දෙයියෝ.. ඒ කතා මෙහෙම කියන්න බෑ කොටු කොටු දාන්න වෙනවා.

    කොහොම කොහොම හරි පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අපි අද මේ තැන්වල ඉන්නවා. අහ්! මහතුන් අයියගේ පුතා.. ඌට කපු කම් එපා වෙලා දේවාලෙ බාප්පලාටම දීල දැං ටවුමේ මාලු ලෑල්ලක් කරනවා. ටිකක් වැඩිවෙච්චි දවසට කුණුහරුප දෙකක් කියාගෙන දේවාලෙ ඉස්සරහ මාලු කපන පිහියත් අරං බහිනකොට බාප්පලා දුවන්නේ උන්ගේ සරං විතරක් නොවෙයි පත්තිනි සළඹත් අතින් අරන්.. මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට කොරන්ඩ පුළුවන් පයියක් නෑ කියල අපේ තාත්ත හැමදාම කියන්නෙ...මරු කතාව බං. ඉස්තුතියි අපිත් එක්ක ඒක බෙදාගත්තට..//මාලු කපන පිහියත් අරං බහිනකොට බාප්පලා දුවන්නේ උන්ගේ සරං විතරක් නොවෙයි පත්තිනි සළඹත් අතින් අරන්..// හිනා ගිහිං පණ යනවා....

      Delete
    2. අනේ කල්යානේ මගේ කටත් ඇවිස්සෙනව එව්වා කියන්ඩ බැ බං , කාලකන්නි පව්කාර වැඩ , චික් මට එහෙමත් කාලයක් තිබුනනේ

      Delete
    3. අටං සහෝදරයත් දේවාලයක කපුවෙක්ට සෙට් වෙලා බිව්වද??

      Delete
    4. තොවිලේ අස්සේ ලබ්බක්.. හැක් හැක්. උගේ ලබ්බ එළ.. සජ්ජෝ ඔය අටම ලියල තියෙන එක උඩ කොටල බලපං..

      Delete
    5. බැලුව බැලුව .. කොමෙන්ටුවකුත් දැම්ම....

      Delete
    6. අටං අයියා උම්ම හොඳේ...

      Delete
    7. අටම හිත හොඳ එකා.. මේ බ්ලොග් කෙරුවාවට ලොකුම බැකප් එකක් දුන්න මුල ඉඳන්ම..

      Delete
  2. //ඔය වරම් ලැබෙනවා කියල කියන එවුං බොහෝ වෙලාවට මේ ලෝකෙ ජීවත් වෙන්නෙත් මළපෙරේතයෝ වගේ.// මේ කතාවනං බොහෝ දුරට ඇත්ත. මොකද මාත් ඒක හොඳට අත්දැකල තියෙනව.
    ඔය සාස්තර කාරයො පස්සෙ යන එකනං මම අපේ කිසිම කෙනෙකුට කරන්න දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොමම තමා. ඕව පස්සෙ යන්න දෙන්නෙ නෑ දන්න කියන එකෙක්ට වත්. ඒත් කරුමෙ කියන්නෙ යන එකා හොරෙන් හරි යනවනේ...

      Delete
  3. මිනිස්සු මොකක්ද බං රටේ හිටපු නායකයයි, දැන් ඉන්න එකයි දෙන්නම තිරුපති යන එකේ..

    මෙච්චර රත්තරන් දර්ශණයක් වෙච්චි බෞද්ධ දර්ශණය හරියට මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකේ කරුමය තමයි ඔය..

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කොම එකයි සහෝදරයා.. මුන් ඔක්කොම හිතන් ඉන්නෙ උන්ට ඕව සේරම දෙයියො දෙනවා කියල. එකෙක් කට අරින්නෙ නෑ ඕවට විරුද්ධව. දේවාල පුල්ලියො..

      Delete
  4. අපේ ගමේ, අපිත් එක්කම හිටිය එකෙකුට වරමක් හම්බුනා කියල ඌ බෙරයක් අරන් හවසට අපේ කන් බෙරේට ගහනව වගේ සද්දෙට බෙර ගහල, යක්කු බැදගෙන වැඩ ගන්නව කියල පොර ටොක් දුන්න. යක්කු කියන්නෙ ඌ දැක්කම දුවන එවුන්ලු. ඌට වරම දුන්න දෙයිය ටිකක් තග් දෙයියෙක් මට නම මතක නෑ.
    දවසක් මලගෙයක් දවසක මූ කසිප්පු ගහල බූරු ඇදක මර නින්දෙ ඉද්දි අපි ඌව උස්සන් ගිහින් කනත්තෙන් තිබ්බ මේක ඇහැරුන වෙලවෙ හෙන හූවක් කියාගෙන දුවන් ගිහින් වැටිල තොවිලයක් තියල තමයි ඌ ගොඩ ගියේ.
    ඉස්සර ඌත් එක්ක හිටිය දෙයිය තගෙක් උනත් ආතල් දෙයියෙක්, මූට බොන්න එහෙම දෙයිය තමයි කියන්නෙ. මේ ලගදි ගමේ ගිය වෙලවෙ මම ශොට් එකක් දාන්න කතා කලාම උගෙ පරන දෙයිය මාරුවෙලා, අලුත් දෙයිය බොන්න තහනම් කරල මල් විතරයි ගහන්න දෙන්නෙ. KG අවුලකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹලත් මරු වැඩනේ කරන්නෙ... දෙයියට එලොව පොල් පේන්න ඇති ඇහැරුනාම සොහොනක් මැද ඉන්නවා කියල තේරුනාම.. මල් දෙයියා දිවියලෝකේ යන ලේසිම ක්‍රමේ මාකට් කොරන පොරක් වෙන්ටැ.. KG කිව්වෙ කේරල ගංජා නේද??

      Delete
    2. // KG කිව්වෙ කේරල ගංජා නේද??// කේරල ගංජා තමයි. මමත් දැක්කෙ නෑ ඌ සිගරට් එකකට දාල තිබ්බෙ .

      Delete
  5. දැකපු දේවල් අනූව එක පාරට බොරුයි කියන්නත් බැරි දේවල් තියන නිසා එකපාරටම බැහැර කරන්නෙත් නෑ.ඒත් කොහොමටවත් ඔය සීන් ඇගට ගන්නෙනම් නෑ.කවදාවත්ම පවුලේ කවුරුවත්ම සාස්තරනම් අහන්න ගිහින් නෑ.කකුළ කඩාගන අවුරුදු එකහමාරක් විතර අත්වාරුවෙන් යනකොට දෙවනි ඔපරේසමට ඉස්සල්ලනම් බලෙන් වගේ යන්තරයක් දැම්මා නැන්දා කෙනෙක්.ඒත් තියටර් එකට යනකොට ඔක්කොම ගලවලා ගියේ.අපිගාව වැඩකරපු අන්කල් කෙනෙක්ගේ වයිෆ් රට ගිහින් ඇවිත් දේවාලයක් දාගන සාස්තර කියන්න පටන් ගත්තා හබරකඩ පැත්තේ දැන් අවුරුදු 10ක් විතර ඇති.දැන් ඒ අයට මොන්ටෙරෝ 2ක් තියනවා.ඕක දැකලා අපේ තාත්තත් කියවන්න ගත්තා 'මටත් මළ පෙරේත්යෙක්වත් වැහෙන්නේ නෑනේ' කියලා.
    අසාවට එක පාරක් ගියා මීපේ පැත්තේ දේවාලෙකට සාස්තර කියනවා බලන්න.ඌ නොම්බර පිළිවෙලට නෙමෙයි ගන්නේ.ආපු කාරණාව කියලා මෙහෙම එකකට ආපු කෙනෙක් ඉන්නවනම් එන්න කියලා.එකම කාරනාවට ආපු අය කීප දෙනෙක් ඉඳලා වැරදිකෙනා ගියොත් කියනවා උඹලා නෙමෙයි අනිත් කෙනා කියලා.ඌ පට්ට කුණුහරපෙන් කතා කරන්නේ.මරු ආතල් අහන් ඉන්නකොට.බයෙන් ගියේ,මූ කුණුහරුපෙන් බැන්නොත් 'මම කියන ඒවා අහන් ඉන්න ආපු හු#$#ගේ පුතාලාදෙන්න වර කියල කිවුවොත් කියලා.අවුලක් උනේ නෑ.ඒත් එතන ඉන්නකොට හෙන ජොලි.මේ එතන උන දෙබසක්;
    කපුවා-ඔය රත්‍රන් බඩු නැතිවෙලා ආපු ගොන් හු#$#$යෝ දෙන්නා වරෙන්.
    ඈ බොල හු#$#$යේ,තෝ බාස්ලා ගෙදර වැඩ කරන නිසා අල්මාරියේ තිබින රත්‍රන් බඩු ටික අරගන මෙට්ටේ අස්සෙ ගැහුවා නේද?
    කාන්තාව-එහෙමයි.
    කපුවා - ඊට වැඩිය හොඳ නැද්ද වේසියේ ඒ ටික අරගන උඹේ රෙද්ද අස්සේ ගහගත්තනම්.තෝ ඒ ටික අස්සේ ගැහුවේ අර තෝ රෙද්ද උස්සපු ලොකු බාස්ට අරගන යන්නද?"

    සමාජෙත් එක්ක හැප්පිලා අත්දැකීම් සහ සමාජාවබෝධයක් වැඩිපුර තියාගන මේවගේ ලිපි නොලිය ඉන්න එක අපරාදයක්.උඹෙන් බලාපොරොත්තු වෙන්නේ මේවගේ ඒවා.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. උඹ කියපු කතාව ඇත්ත. ඒ වගේ අහන දකින එව්වත් එක්ක ඔය දේවල් එකහෙළාම ප්‍රතික්ෂේප කරන්න බෑ තමයි. ඒ නිසා තමයි ඔය වැඩේ ඇත්ත නැත්ත ගැන විද්‍යාත්මකව මට තේරෙන විදිහ කිව්වෙ. මම විශ්වාස කරන විදිහට ඔට වගේ දේවල් ,සාත්තර කියන්න පුළුවන් හරියට ඒ වැඩේ කරන එකෙක් නම්. හැබැයි එහෙම හරියට කරන උන් අඩුයි. වැඩිපුර ඉන්නෙ බොරුකාරයෝ. ඇත්තම කිව්වා කියමුකෝ සාත්තරෙන්. හබයෝ ඔවුන්ට කොරන්න පුළුවන් දෙයක් නම් නෑ. සාත්තරේ හරියට කිව්වත් ඊටපස්සෙ කොරන දේවල් නම් තනිකර බොරුව. මතේ මේ වෙලාවේ විමලරත්න කුමාරගම කවියගේ අයියනායක කවි පන්තියෙ කවියක් මතක් වෙනවා.
      "සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
      කෙම්මුර දවස් වල පානෙන් සැරසීම
      වන අතු කඩා ගස් දෙබලක දැවටීම
      මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම "
      ජයවේවා !!!!

      Delete
    2. කසුට්ටෝ! ඔහොම ඩෑල් එකක් සෙට් වුනා පාරක් නිකවැරටිය පැත්තෙදි. මගේ කැළණියේ යාලුවෙක් ඉන්නව තඩි දේව වාදියෙක්. ඌ එක්ක තමයි ගියේ. මූ මගදි බෝතයක් ගත්ත කපුවට පූජාව වෙලාවේ දෙන්න කියල.. මාත් බැහැල බෝතල් දෙකක් දා ගත්ත 'දෙයියන්ට' දෙන්න කියල. යනකම් මූ බොන්න දුන්නෙ නෑ. හවස වෙලක් අයිනෙ කුඹුරක් ලඟ ගහක් මුල තමයි පූජාව කරන්නේ. ඒ ගමේ සෙට් එකම මුගෙ බොක්කො. පූජාවට ලෑස්ති වෙන අතරෙ ෆිට් වෙච්චි එකෙක්ගෙන් මං අහුව බෝතලයක් තියෙනව ශොට් එකක් දා ගත්තට කමක් නැද්ද කියල.. (බැලින්නම් ඌ කපුවගෙ අයියගෙ පුතා.. ආවතේව කාරයෙක්) අයියෝ අවුලක් නෑ කියල ඌයි තව එකෙකුයි එක්ක අමුවෙන්ම බෝතලක් ගහල තමයි පූජාව බැලුවේ. සෑහෙන්න බලි නැටුවට පස්සේ රෑ දොලහට විතර මහ කපුවට 'කඩවර'ය ආවේශ උනා. එතකොටම මගේ යාළුව පැනපු ගමන් අර බෝතලේ දුන්න. තව සමහරු බෝතල් රෝස් චිකන් එහෙම 'පූජා' කලා. කඩවරය 'අහ්! උඹ මගෙ හොඳ පුතා කොහොමත්' කියල ගත්ත ගමන් බෝතලේ කඩල බාගයක් විතර එක හුස්මට ගැහුවා. කුකුල් ගාතයක් කාගෙන කාගෙන ගියා.. ඊට පාසෙ උඹ කිව්ව වගේ අමු කුණුහරුපෙන් තමයි 'පූජාව' මෙහෙයුවේ.. අම්මට සිරි පට්ට ආතල්. මාත් කඩා ගත්ත ඉතුරු බෝතලෙත්. එතන සිට දුන්න පූජාව ගැන කොමෙන්ට්‍රියක් අමු සුද්ද සිංහලෙන්.. බලාගෙන හිටපු එවුන්ට හිතා ගන්න බෑ ඌද දෙයියා මමද කියලා.. පට්ට ආතල් ඕයි..

      Delete
    3. කඩවරය හෙන මරිසි බුවාලු නේද?? කඩවරයාගේ නිධාන කතාව අහල තියනවා මම.

      Delete
  6. අඩෝ මේ...අර දානවයි කියපු හැළිඅරකු පෙරන විදිහ දාපන්කෝ.වැඩකරන අන්කල් කෙනෙක් සෙට්වුනා.මිනිහ ගාව බඩුත් තියනවා.මිනිහා කියන විදිහටනම් පෙරන්නත් දන්නවළු.ඒත් ඒ යකාටම පෙරන්න දෙන්න බෑ.ඌ පෙරපුවා ගහලා ඇස් අන්ධවුනොත් හුටා.ඒනිසා ඉස්සල්ල දැනුවත් වෙන්න ඕනේ.ඉක්මනට දාපන් හොඳේ....

    ReplyDelete
    Replies
    1. පරණ පුරුදු විදිහට කඩෙන් අරන් ගහ6පං , පෙරන්ඩම ඕන්නං තනියම පෙරාගනින්

      Delete
    2. රූප සටහන් අන්දලා එව්වත් එක්කම දාන්නං. කුරුඳු තෙල් ආසවනය කොරන විදිහ කියල පෝස්ටුවක් දැම්මොත් ත්රුම් ගනිං ඒ කියන්නෙ බඩුම තමා කියල. නැත්තං මේකේ ඉන්න ඒකාල මට කෙළියි කසිප්පු පෙරන්න ඉගැන්නුවා කියල.

      Delete
  7. ඇයි බං වැඩ පෙන්නන්න කියල උණු කිරි නාන සීන් එහෙම කරන්නෙ.ඉස්පිරිතාලෙ ඉන්නවා කිරි නාලා මුලු ඇඟම පුච්චගත්ත ගෑණු එහෙම.කිරි වක්කරනකොටම දිශ්ඨිය ගිහින් ලු.අනේ පවු අරුන් ඉස්පිරිතාලෙ දුක් විඳිනවා.ගෙදර උදවිය ඉක්මන් සුවය පතා ආයෙ බාර හාර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය ගිනි පෑගිල්ලෙදි ගිනි මැලේ ගහල සියඹලා දර වලින් ( ඒ අඟුරු සැර නෑලු) ඕක මුර කරනවලු වටේ ඉඳගෙන. මොකද සමහර වෙලාවට ඇට නැති කොල්ලො කාසි දානවලු හොරෙන් ඕකට.

      Delete
  8. හින්දු දෙවියන් ගැන බුද්ධිමත් මිනිස්සුන්ට අදහසක් ගන්න පුළුවන් විදිහට යම් යම් දේවල් දෙවිවරුන්ට දීලතියෙනවා. වාහනේ එකක්. ගණ දෙයියෝ ඉන්නෙ මීයෙක් උඩ නැගලා. ඉතින් මොලේ ඇති කෙනාට තේරෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නං සහතික ඇත්ත සරත් සහෝදරයා... පුල්ලෙයාර් දෙය්යො නේද අර ලුණු පොල්කට්ට වටේ රවුම ගැහුවේ කරදිය වළල්ල කියල. මීය චොප්ප වෙන්න ඇති ඒ ටිකටත්..

      Delete
  9. යාලුවා ඔයාට ගොඩක් තැන්ක්ස්........... aiye puluwannam mage fb ekata msg ekak danawada https://www.facebook.com/samitha.prabath.75

    ReplyDelete
  10. උඹ වැඩ වරද්දාගෙනනෙ සජ්ජෝ !!!

    කරන්න තිබ්බේ ඔය ගල් බිස්නස් එක අල්ලලා දාල ටෞකන්ඩ දෙයියන්ව යාලු කරගෙන දේවාලයක් දාගත්තනං අද වෙනකොට කල්ල මරේ !

    එහෙම කරා නං අපිටත් ඔය ආවතේවකමකට වගේ පොඩි සයිඩ් වැඩකට සෙට් වෙන්න තිබ්බ :)

    ReplyDelete