වල් අස්සයෝ සහ රේස් අස්සයෝ



නිකං දෙන අස්සයගෙ දත් ගනින්නෙපා කිව්වලු!!! අශ්වයන්ගේ වයස සහ සෞඛ්‍ය තත්වය ගැන නිගමනයකට එන්න උගේ දත් පරීක්ෂා කිරීමෙන් පුළුවන් ලු. මට හොඳින් මතකයි ඇමරිකන් හමුදා Tikrit නගරයේ manhole  එකක් ඇතුලේ ඉඳල සදාම් හුසේන්ව අල්ලගත්ත ගමන් කට අරින්න කියල දත් බලනවා. මයෙ  හිතේ වයසයි සෞඛ්‍ය තත්වෙයි තේරුම් ගන්න වෙන්ටැ.


 සදාම් හුසේන් සහ අස්සයෝ ගැන කියද්දී මහින්ද මහත්තයගෙ බාල කොලුවා "චිචී" ගෙ කාර් රේස් පැදිල්ලයි, තිබුනයි කියන  කාර් එකතුව ගැනයි මතක් උනා. මොන සැක්කරය කිව්වත් උන්ට ලොකු ලොකු කාර් තිබ්බෙ නෑ කියල මං නං ඒක නං පිළිගන්නෙ නෑ.යකෝ මගේ තාත්ත ජනාධිපති උනා නං මාත් අඬලහරි හොඳ එකක් ඉල්ලගන්නවා.


2006 අවුරුද්දෙ මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනගන්න කාලේ නාමල් රාජපක්ෂ ඔහුගෙ AC-Cobra කාර් එක වර්ණ පින්තාරු කරන්න CIC කොම්පැණියේ හොඳම වාහන පින්තාරු ශිල්පියත් එක්ක අපේ ආයතනයේ Paint Booth එක යොදාගත්තා. අපේ යාලුවෙක් නම් ගිහිං නාමල් එක්ක කතා කළා. මට ඒ කාලේ ඉඳන්ම බුවාව දිරෙව්වෙ නැති නිසා කතාකරන්න ගියේ නෑ . අන්තිමට අපි අර යාලුවට නම අගට  රාජපක්ෂ කෑල්ල දාල   කාඩ් එකකුත් ගැහුවා මතකයි.




ඒ කාලෙත් AC Cobra එකක් තිබුන උදවියට අන්තිම කාලේ වෙනකොට යහපාලනේට අහු නොවුනට මොන මොනවා තියෙන්න ඇතිද කියල මට නම් හිතෙන්නේ. Drag Race event එකකට රෝහිත පැදපු Ford mustang  Shelby GT 500 එකේ පින්තූර දැක්කම Ford Mustang කාර් එක ගැන වැඩි විස්තර මතක් වෙනවා. 



1964-65 කාලේ තරුණ පරම්පරාවට සාක්කුවට ගැලපෙන මිළකට, ජවසම්පන්න, හොඳ පෙනුමකුත් තියන දොර දෙකේ කාර් එකක් විදියට තමයි Mustang කාර් එක නිපදවෙන්නේ. එක බොහොම ජනප්‍රිය උනා. වේගයෙන් දිවයන ඇමරිකන් වල් අශ්වයෙක්ගේ ලකුණෙන් Mustang කාර් මේ දක්වාම Ford සමාගමෙන් අලුත් පෙනුමකින්  නවීන අංගෝපාංගත් එක්ක නිපදවෙනවා. Shelby සමාගමෙන් ඒවා තවත් නවීකරණය කරලා වැඩි බලයක් සහිතව ඔවුන්ගේ Modification සමග වැඩි මිළකින් වෙළඳපලට එනවා. අපේ කොල්ලොත් ඔය නිකන් හම්බවෙන අස්සයගේ දත් ගණින්නේ මොකටද කියල, එව්වා අරන් රේස් පදිනවා.


 වල් අස්සයගෙ බැජ් එක ගහල තිබ්බට මොකද ඒ නම ඒකට ගැලපුනත් mustang කාර් එකට නම ලැබෙන්න හේතුව දෙවෙනි ලෝක යුද්දෙදි අතිශය ජනප්‍රිය වෙච්ච p-51 Mustang ප්ලේන් එක. ආසන්න වශයෙන් යානා 15000ක් නිපදවුණු මේ මොඩලය ලෝක යුද්ධයේ බල තුලනය වෙනස් කරන්නට එක හේතුවක් උනා කියලයි කියවෙන්නේ. ප්‍රහාරක, නිරීක්ෂණ සහ බෝම්බ ප්‍රහාරක යානා පෙරගමන් සඳහා අතිශය වැදගත් මෙහෙයක් මෙයින් ඉටුවුනාලු. චිචී කොල්ල වල්  අස්සයා පිටේ රේස් ගිහිං අනිත් උන්ට හම්බ නොවුණු උම්මා එකකුත් එක්කම අම්මගෙ අතින් කුසලානෙ ගත්ත එකත් පොඩිද? එහෙම බැලුවම වල්  අස්සයා හෙන වැඩකරුවා...., උඩින් ගියත්, බිමින් ගියත්. වල් අස්සයෝ ගැනත් හොයල බලන්න වෙනවා මෙහෙම යනකොට.



වල් අශ්වයෝ කිව්වම අපේ හිතේ ඇඳෙන චිත්‍රයක් තියනවා. තෙරක් නොපෙනෙන ඇමරිකානු තැනිතලා බිම් හරහා රංචු වශයෙන් දුවන අශ්වයන්ගේ අලංකාර දර්ශනයක්. ඒ වගේම මතක් වෙනවා "යකාරි" කාටුන් එකත්. රතු ඉන්දියන් වරු බොහොම අලංකාර විසිතුරු ඇඳුමෙන් සැරසිලා පිහාටු තොප්පි දාගෙන අශ්වයන්ගේ පිටේ රංචු ගැහිලා යුද්දෙට යන විදිය. ඔය ඔක්කොම දැක්කම අපිට හිතෙන්නෙ ඇමරිකාවේ  වල් අශ්වයෝ ඉස්සර ඉඳන්ම පැවතගෙන එනවා වගේ හැගීමක්.

 එත් ඒක එහෙම නෙවෙයි. ස්පාඥ්ඥ කාරයෝ ඇමරිකාව හොයාගන්න කලින් අශ්වයෝ ඇමරිකාවේ හිටියේ නෑ. ඔය යක්කු එහෙ ගිහින් කාලාන්තරයක් තිස්සේ ගොඩනැගිල තිබුණු දියුණු ශිෂ්ටාචාර විනාශ කළා. "පිසාරෝ" ඉන්කාවරු නැත්තටම නැතිකරලා දැම්ම. "කොර්ටෙස්" ඇස්ටෙක් ශිෂ්ටාචාරය විනාශ කලා. ඒ ක්‍රි.. 1500ගණන් වල .


ඒ කාලෙ  උන් ඇමරිකාවට අරන් ආව අශ්වයෝ සමහර කොටසක් වල් වැදිලා උන්ගෙන් තමයි මේ Mustang ලා බිහිවෙන්නෙ.එහෙ වල් ඌරෝ හිටියෙත් නෑ. සූරපප්පා නං ඇමරිකාවට මුලින්ම ගියාම වල් ඌරු මසුත් කෑවා අපි දැක්කනෙ. එත් ඇත්ත කතාව තමයි, වල්  ඌරො විදියට සාමාන්‍ය ඌරො විකාශය උනේ  ස්පාඥ්ඥ කාරයෝ ආවට පස්සේ. ස්පාඥ්ඥ කාරයෝ  කෑමට ගෙනාපු සත්තු වල් වැදිලා. ඌරෝ ඇමරිකාවේ ඉඳල නෑ ඊට කලින්. කළුකුමෝ නං හිටියලු.
පුදුමාකාර වේගෙකින් බෝ වෙච්ච වල් අශ්වයෝ මුළු උතුරු ඇමරිකා මහාද්වීපය පුරාම ව්‍යාප්ත උනා. ඔන්න එතකොට පා ගමනින සහ ඔරු(canoe) වලින් ගමන් බිමන් ගිය  රතු ඉන්දියන්වරු  වල්  අස්සයෝ අල්ලාගෙන උන්ගේ පිටේ යන්න පටන්ගත්ත. පස්සේ කාලෙදි බ්‍රිතාන්‍ය කාරයෝ, ස්පාඥ්ඥ කාරයො  එක්ක යුද්ධ කරන්නත් ඉන්දියානුවො  ඒ අස්සයො පිටේ ආව. සුද්දා බෝකරලා ගිය සත්තු පිටේම. 

හරියට නිකං පක්ෂේ ලේකම්කම කියන අස්සයා පිටේ යූ.එන්.පී. සේනාවත් එක්ක  මෛත්‍රීපාල මහින්දට කෙළින්න ආව වගේ . මෛත්‍රී නං යහතින් වැජඹෙනවා. එත් අනේ  රතු ඉන්දියන්වරුන්ට නං අස්සයෝ පිටේ ආව කියල දිනන්න වත් බේරෙන්න වත් හම්බ උනේ නෑ. ඇමරිකාවේ ස්වදේශිකයෝ ඔක්කොම අභාවෙට ගියා ඒ සංස්කෘතිත් එක්කම.


 අපේ සංස්කෘතියෙ ගොවි බිම් වල වැඩ කරන්න යොදාගත්තේ හරක්. හාන්න මීහරක්. කරත්තේ දක්කන්න එළහරක් . තිරික්කල් රේස් වලට වෙනම පුරුදුකරපු එළහරක්, යුරෝපේ ඒ කාලේ සුද්දෝ ඒවාට යොදාගත්තෙ අස්සයෝ. ගොවිබිම් හාන්න හොඳ ශක්තිය තියන ටිකක් බරපතල් පෙනුමක් තියන අස්සයෝ. ගමන් බිමන් වලට තවත් වෙනස් විදියේ අස්සයෝ. රේස් දුවන්න රේස් අස්සයෝ. වෙනස්ම සංස්කෘති දෙකක් එකම වැඩේ වෙනස් සත්තුන්ගෙන් කරගත්ත හැටි.


 තැන්  දෙකක හිටියත් රේස් කතන්දරේදී නං  අපේ එවුං උදේ හවස ඔය සංස්කෘති දෙක එකට හා කරනවා රේස් ඔට්ටු අල්ලලා මෙහෙ ඉඳන්. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ කලින් සභාපතිනිය මිලිනා සුමතිපාලගෙ (ඇත්ත නම මිලි නෝනා ලු) පුත්‍ර රත්නෙ ඇමතිකමකුත් කොරනගමන් අපේ එවුන්ට රේස් දාන්න ඉගැන්නුවා මතකයි.ඇයි අප්ප අපේ ච්චී කොල්ල "වල් අස්ස කාර්" එකේ දවල්ට රේස් පැදලා, රෑට පදින ටිටියානාවට නුවරඑළියේ ගිහිං පදින්නත් අස්සයෙක් ගෙනත් දුන්න කියන්නෙ. උන්දැගේ තාත්තා කකුල කැඩුණු අස්සයෙක් වෙලා දැන් මහගෙදර. පොළොන්නරුවේ වල් වැදිලා හිටපු අස්සයා දැන් රේස් දුවනවා. ඉස්සර රේස් දුවපු අස්සයෝ සමහරු දැන් වල් අස්සයො වෙලා. අප්‍රේල් මාසේ රේස් එකට ඉදිරිපත් වෙන්න කට්ටිය හෝ ගාල ලාඩං එහෙම ගහගෙන ලෑස්ති වෙනවා. කාගේ කකුල් කැඩෙයිද , කව්රු "නෝ වෙයාර්" වෙයිද , කව්රු "වින් කරයිද" දැම්ම කියන්න බෑ (ඕව රේස් දාන එවුන්ගේ වචන).  දිනන අස්සයට කප් එක හම්බවෙද්දි "අපේ ගොනා අපිට හොඳා" කියල පැරදුන අස්සය එක්කත් කට්ටිය ඉඳීවි. ඔය කකුල කැඩුණු අස්සයට වෙදකං කොරන්නද මන්ද කට්ටිය ඕසෙට මැදමුලන ගාටන්නෙ .


තව එකක් ..එහෙ සුපර් මෑන් චරිතෙට පණ දීපු ක්‍රිස්ටෝපර් රීව් අස්සයා පිටේ ගිහිං බෙල්ල කඩාගත්ත වගේ මෙහෙ සුපර් මෑන් වගේ හිටපු ඩී.එස්. සේනානායක මහත්තයත් පොලිස් අස්සයෙක්ගේ පිටින් වැටිලා ආන්තරා උණා. ඒ තරහටදෝ මන්දා පහුගිය කාලෙ බෝතලේ වලව්වට ගිය පොලිස් කාරයෙකුට ඉස්පිරිතාලෙ යන්නම වලව් වත්තෙ අස්සයෙක් හපාකෑවා.
 අස්ස කෙන්දෙන් අරන් හත් පාරක් ගසල දිවේ ගෑවා තියා, "සරස්වතී" තෙල් බෝතල් ගණන් බිව්වත් අපේ උන්දලට නං ඔය අස්සයෝ කරපු කෙළපු කියුං කෙරුං මතක හිටින්නෙ ටික කාලයයි. වෙනදට "අස්ස කුලප්පුව" හැදුන වගේ එහෙමෙහෙ දුවන මං බොහොම අමාරුවෙන් එක තැන ඉඳන් මේ ටික කොටාගත්තෙ. ඔය ඇති....

22 comments:

  1. කොහෙන් පටං ගෙන කොහොම කියපු එකක්ද...
    ශෙල්බි මස්ටෑන්ග් එඩිෂන් නං පට්ට....
    කෙරී ශෙල්බි තමංග අතිංම මොඩිෆයි කරපු කාර් එක වැඩිම මිලකට අලෙවි වුණ කාර් ලැයිස්තුවෙ ඉස්සරහින්ම හිටිය...
    දැං නංකෝමද දන්නෑ මට ඒ ආටිකල් එක හොයාගන්ටත් බෑ....

    අපේ එකෙක් ඉන්නව උෟ මස්ටෑංග් එකට කියන්නෙම මුස්ටෑංග් කියල කොච්චර කීවත් වැඩක් නැ....
    කෝම වුණත් ලිපිය නං ඉස්තරං සජ්ජො
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේක ඔහේ ඉබාගාතෙ ලියවුනු එකක්. ශේල්බි ගැන ටිකක් හොයල බලන්න ඕන.. මට නං ඔව්ව හීන කාර්. ඒ උනත් පින්තූරයක් හෝ මිස් නොකර බලනවා. මෙහෙ හැමදාම මෝටර් ෂෝ එකට ගේන මස්ටැංග් එකක් තියනවා දුඹුරු පාට.. ස්තුතියි බං.

      Delete
  2. කාර්ද අස්පයොද ගොන්නුද.
    ඔන්නොහෙ නිකං බලපු එකේ දත් ගණං කරන්න යන්න ඕන නෑනෙ. :D

    ReplyDelete
    Replies
    1. පිළිවෙලක් නම් නෑ තමා ලිපියේ. අපිලිවෙලත් පිළිවෙලක් කියල හිතල ලියල දැම්ම.

      Delete
  3. /* සදාම් හුසේන්ව අල්ලගත්ත ගමන් කට අරින්න කියල දත් බලනවා */

    ඩෙන්ටල් රෙකෝඩ් එක පුද්ගලයින් හඳුනා ගැනීමේදී ඉතා වැදගත්. මොකද මැරිලා පිච්චුණත් දත් විනාස වෙන්නේ නෑහෑ වගේ නේ.
    සදාම් ගේ ඩෙන්ටල් රෙකෝඩ් එක ඇමරිකන්කාරයෝ ලඟ තියෙන්න ඇති. ඇඟිළි සලකුණුවලට වඩා ලේසියෙන් ඒක චෙක් කරලා බලන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි Bones ටීවී කතා මාළාවේ ඒ වගේ දේවල් තියනවා ගොඩක්. forensic anthropology කතන්දර වලදි දත් කියන්නෙ බොහොම වැදගත් සාක්‍ෂියක් තමා. හැබැයි සයනයිඩ් capsuleඑකක් එහෙම කටේ හන්ගන් ඉන්නවද බැලුව වෙන්නත් පුළුවන් නේද??

      Delete
  4. සාජ්ෙජ් අස්සයෝ කාලා ලියලා තියෙන්නේ........... පට්ටයි.....

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි කුරුට්ටෝ... වල් අස්ස කතාව ගැන වාර්තා වැඩසටහනක් බලල තිබ්බ. කොලොම්බස්ල අමෙරිගෝ වෙස්පුචිල අලුත් ලෝකෙ හොයාගත්තට පස්සෙ එක විනාශ උනා. ඊට පස්සෙ ඇමෙරිකාව බිහිවෙලා බලවත් වෙලා අනිත් උන්ව පාලනය කරනවා දැන්.

      Delete
  5. //.යකෝ මගේ තාත්ත ජනාධිපති උනා නං මාත් අඬලහරි හොඳ එකක් ඉල්ලගන්නවා.// " අනේ පුතේ නාඩා ඉදින් "කියල සෙල්ල කතරගම ගිය වෙලාවක අරන් දෙයි.
    බෝතලේ වලවුවේ අස්සය හපා කාල ? ඕකෙත් වල් අස්සයෙක් ඉන්නව ද ?

    ReplyDelete
    Replies
    1. :D බෝතලේ වලව්වේ අස්සයෙක් පොලිස් කාරයෙක්ට හපාකාලා මිනිහව වතුපිටිවල ඉස්පිරිතාලේ ගෙනිච්ච නිවුස් එක දැක්කෙ නැද්ද? වල් අස්සයෝ නං මන්ද, වලව් වත්තේ අස්සයෝ ඉන්නවා කියල දාල තිබ්බ.

      Delete
  6. අප්පට හුඩු , නිකං කවලන් කොත්තුවක් කෑවා වගේ , කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවරවෙච්ච් එකක්ද ? පට්ට ඕයි සජ්ජෝ ..

    මේ , මම නම් උඹේ බ්ලෝග මගේ රෝලේ එල්ලගෙන ඉන්නේ සජ්ජාගේ බිජ්ජ කියලා :P

    ReplyDelete
    Replies
    1. කවලමට හිතට ආපු දේවල් ලියල දැම්මේ බං. ඉස්තුතියි බං. බිජ්ජක් හරි කමක් නෑ බං ලස්සනට එල්ලෙනවනං :D

      Delete
  7. සජ්ජෝ...උඹ හොඳට කරුණු ගලපලා අපි ලිපියක්ලියන්න හිතන්නෙවත් නැති මාතෘකා ඇදල අරගන ලියනවා.සමහර පෝස්ට් තියනවා අපිට කමෙන්ට් එකකින්වත් කියන්න දෙයක් ඉතිරි කරලා නැති.ගියපාර එක වගේ.ඒත් මේක අපි බලාපොරොත්තුවෙන උඹේ ස්ටයිල් එක නෙමෙයි.පිලිගන්නවා උඹට ඕනෙ දෙයක් ලියන්න නිදහස ,උඹට තියනවා කියන එක.ඒත් මේක අච්චාරුවක් විතරයි.එක්කෝ උඹ උඹේ ස්ටයිල් එකට වරෙන්.නැත්තම් මේ ස්ටයිල් එකට අපිව පුරුදු කරවපන්.හැබැයි ඒ එකකට එකක් ගැලපෙන්නේ නැති වචන ටිකක් කොටල දාලා නෙමෙයි.
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හා හා කලබල වෙන්න එපා බං. මේක මගේ හිතට ආපු විකාර සිතුවිලි ටිකක් එක්කහු කරලා ලියල දාපු එකක්. පරණ විදිය තමයි මගේ ඉස්ටයිල් එක. උඹලව අලුත් ක්‍රමේකට පුරුදු කරවන්න හදනවා නෙවෙයි මේ.. පොඩ්ඩක් ට්‍රැක් එකෙන් පැන්න. එච්චරයි. ආයෙත් පරණ ලිවිල්ලම ලියනවා. මේ වගේ විවේචන මම ඉස්මුදුනින් පිලිගන්නවා. ඉස්තුතියි උඹට. ජයවේවා....

      Delete
  8. සජ්ජා මුද්දා උඹගේ බුකි ෆෝපයිලෙ මට පෙන්නපු වෙලාවේ මං මොකද කියුවේ කියල අහල බලහං

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං. කුණුහරුපෙන් වත් බැන්නයි??

      Delete
  9. අම්මපා කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරලද මේක..

    මට නම් ඉතින් අස්පයෝ නම් ෆෙරාරි තමයි..

    ReplyDelete
    Replies
    1. හහා. ඇයි ලම්බෝගිනි හොඳ නැත්ද??

      Delete
  10. සජ්ජෝ උඹේ පඩංගුව එකපාරක් එල්ල ගන්න ගිහිං මොකක් හරි හුට්ටප්පරයක් නිසා බැරුව ගියා.. ඒකෙන් පෝස්ට් ගොඩක් මග ඇරිලනේ.. ඕං අදනම් හරි ගියා.. අද ඉඳල මාත් රෙගියුලර් කස්ටමර් කෙනෙක් හෙනං ඕං.. ජය ශ්‍රී!

    ReplyDelete
  11. ඉස්තුතියි කල්‍යානේ... මමත් ඔන්න මැම්බර් කෙනෙක් උනා. අලුත් නෙ අප්ප . ඒ නිසා තේරෙන්නෙත් නෑ තාම..

    ReplyDelete
  12. අස්ස බ්‍රෑන්ඩ් බර ගානක් දාල හදාපු රහ කාළවං පළා මැල්ලුමක් වගේ නෙව ... මස්ටෑන් වලට අමතරව ෆෙරාරි, පෝලෝ, බර්බරි, කෝල්ට්, එරමීස්, බ්ලැක් නයිට් එකී මෙකී නොකී තව ජාති කියක් නම් තියනවද ?

    අපේ මැම්බර් උත්තමයෝ නම් අස්සොයෝ නෙමෙයි බං හරක් ... හර්ර්ර්රක් .... මී-හරක්, එළ හරක්, කේප්‍ප හරක්, කුළු හරක් etc.

    ReplyDelete