බොරු පඩ ෂෝ



ෆීලින් ඕසම් විත් අහවලා කියල ප්‍රමුඛ පෙලේ අවන්හලක අලකූරු පෙට්ටියකුයි, පියනෙන් වහල බටයක් දාපු ප්ලාස්ටික් බීම කොප්පෙකුයි, විසිතුරු මැල්ලුම් කොළ වලින් සරසපු බනිස් ගෙඩියකුයි අහුවෙන්න පොටෝ එකක් ගහල ෆේස් බුක්  දාන අපේ සහෝදර සහෝදරියෝ අපිට කියාදෙන පාඩම මොකක්ද?? හැමදාම ඕවයින් කනවා කියන එකද??පොඩ්ඩක් හිතල බලන්න...ඕක ඇතුලේ ලොකු කතන්දරයක් තියනවා..මමද ඇතුළුව ( එහෙම ෆොටෝ නොදැම්මට) ඉන්ටනෙට් ෆේස් බුක් පාවිච්චි කරන , පොටෝ ගන්න පුළුවන් ෆෝන් එකක් තියන (මට එහෙම එකක් නෑ) , ඉන්දලහිටල එහෙම තැනකින් කන්න සල්ලි තියන සැබෑ මධ්‍යම පාන්තිකයන්ගේ එක් පැතිකඩක් ගැන විස්තරයක් කියන්න මම මේ තටමන්නේ. 


ඇත්තටම හැමදාම ලොකු තැන් වලින් කන්න සල්ලි තියන ඉහල සමාජයේ ඉන්න බොහෝ දෙනා ඔය වගේ දේවල් මුහුණු පොතට දාලා තියනවා මම නම් දකින්නෙ කලාතුරකින්. මොකද ඒ වගේ උන්ට ඔයවගේ දේවල් මැජික් නෙවෙයි. 



පුංචිකාලේ අපි හරි කැමතියි සුළු දෙයක් උනත් මහා ලොකු හපන්කමක් කළා වගේ වැඩිහිටියන්ට පෙන්නලා  ඒ අය ලවා ඒ දේ වර්ණනා කරවාගෙන සතුටු වෙන්න. ඇත්තටම ඒක තමයි "සිඟිති මානසිකත්වය" කියන්නෙ. "අපේ පුතා අද ඔක්කොම බත් ටික කාලා. හරිම හපනා" කියල කියවගන්න ආසාවෙන් මමත් පොඩි කාලේ අමාරුවෙන් හරි බත් ඔක්කොම ටික ගිලදාළ තියනවා.  ඒ වගේම පොඩි කාලෙ අපිට "ප්‍රදර්ශන මානසිකත්වයකුත්" බොහොම ලොකුවට තිබුණා. කාට හරි පේන්න ලොකු වැඩක් කරන්න, අලුත් බඩුවක් හම්බුනාම එක ප්‍රදර්ශනය කරන්න, අලුත් ඇඳුමක් අන්දවනකල් කෑගහල අඬන්න අපි පෙළඹුණා ඒ කාලේ.

  බතුයි පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක තුන් වේල බත් කන සාමාන්‍ය පන්තියෙ මිනිස්සු  වෙනසකටත් එක්ක සතියකට දවසක් වත් පිටින් කන්න පුරුදු වෙලා ඉන්නවා අද. ගම් වල පවා "කොත්තු කඩ" , "ෆ්‍රයිඩ් රයිස්" කඩ බිහිවෙන්නෙ ඒ සේවාව සපයන්න. පහලම පන්තියෙ මනුස්සය තමන්ගේ පවුලට සතියකට දෙකකට සැරයක් කොත්තු දෙකතුනක් ගෙනත් දෙනවා හා සමානව ඊට ටිකක් එපිටට ගිය මධ්‍යම පාන්තිකයා ඊට ටිකක් ලොකු ආපන ශාලා වලින් අහාර ගන්නවා.  එක ඇත්තටම හොඳ ප්‍රවනතාවක්. මිනිස්සු හැමදාම සම්බෝලයි බතුයි කන්න අවශ්‍ය නෑ. අපි හැමෝම ජීවත් වෙන්න වෙරදරන මේ අරගලයේදි වෙනසක් අපිට අවශ්‍යයි. හැමදාම විඳවනවා වගේම ඉඳල හිටලා වත් ජීවිතය විඳින්න අවශ්‍යයි. විනෝද ගමන් බිමන් යන්න, කැමති රස කෑම කන්න, අලුත් දේවල් ජීවිතයට එක්කරගන්න අපි හැමෝම කැමතියි. ඇත්තටම ඒ දේවලුත් මානව අයිතිවාසිකම්.


 
හැබැයි ඉතිං අපේ එවුං බහුතරයක්, KFC , MacDonald, Pizza-hut වගේ අවන්හල සහ ඔය තැන තැන තියන ෆුඩ් කෝට් වලට ගියාම කනවට වැඩිය කරන්නේ ෆොටෝ ෂූට් කරන එක. ඇඟිලි එක එක විදි වලට උළුක් කරන් අත් දික් කරගෙන කටවල් පුකවල් වගේ හදාගෙන ( උන් කියන්නෙ ඒ duck-face ලු) ෆොටෝ ගන්න එක. ඔය වැඩේ මම හැමතැනම දැකල තියනවා. පොඩි එවුන්ගේ ආසාවනේ. ඒක කමක් නෑම කියමුකෝ.   ඒ නමුත් ඕක හෙන ලොකුකමක් විදියට හිතාගෙන අනිත් උන්ට ලොකුකම් පාන එක තමයි මට නම් දිරවන්නෙම නැත්තේ.සිඟිති මානසිකත්වයයි, ප්‍රදර්ශන මානසිකත්වයයි එකතු උනාම වෙන දේවල්..

සාමාන්‍ය ජීවිතේදී නූතන ගෑනු පරම්පරාවෙන් දකින්න හම්බවෙන අනිත් දේ තමයි සිංහල කතාකරන්න අමාරු බව පෙන්නන එක. කතාකරද්දී දිව පටලෝල බොහොම අමාරුවෙන් හක්කේ මොනවහරි හිරකරගෙන දිව යට රිදෙන බිබිලක් තියනවා වගේ තමයි බොහොමයක් එවුන් දැන් සිංහල කතාකරන්නෙ. කතාවේ සිංහල වචන මැද්දට ඉංගිරිසි වචන බලෙන් ඔබ්බවල ඒ මැද්දට තව "සෝ", "කස්" , "බයිද වේ" , "ඇක්චුවලි" වගේ පොස් වචන ටිකක් දැම්මේ නැත්තං මුන්ගෙ නම්බුවට පිරිමහගන්න බැරි තරම් කැළලක් වෙනවා මයෙ හිතේ. 

 ඔය සිංහල කතාකරන්න අමාරුබව පෙන්නන ගොඩක් නෝනලා අවුරුදු ගානක් ලංකාවේ ඉඳල කොස් පොළොස් කාල අපූරුවට අමු සිංහල කතාකරපු උදවිය. අවුරුද්දක් දෙකක් රට ගිය ගමං මෙන්න මුන්ට සිංහල මතක නෑ.. සමහරුන්ට රට යන්න ඕන නෑ. නෑදෑයෙක් පිටරට හිටියත් සිංහල බැරුව යනවා... කොම්පියුටර් කෝස් එකක් කොලත් සිංහල තමයි මුලින්ම බැරුව යන්නේ. කොළඹ ඔපීසියක තේ හදන්න ගියත් සිංහල බැරුව යනවා. 



හැබැයි මම දන්න දකින එක දෙයක් තියනවා. බහුතරයක් ඔය විදියෙ අලි ඔලු කාරියන්ට ඉංගිරිසිත් හරියට බෑ. සිංහලත් හරියට බෑ. කල්ලතෝනි!! කොන්ඩෙත් තැන් තැන් වලින් කාවො කෑව වගේ කපල , කෙස් ගස් කරන්ට් වැදුන වගේ කෙලින් කරල , ගඩොල් ලෝඩ් එකක් බාල වගේ තැන තැන වලින් කොන්ඩෙ දුඹුරුපාට කරලා අර කලින් කියපු විදියට කතා කරන කෙල්ලො තමයි උන් කියන විදියට "පොෂ්" පරම්පරාව.
 
දැන් අලුතෙන්ම ගම් වල කොල්ලන්ගේ විලාසිතාව තමයි ඩුබායි යන එක. ඉගෙනගත්ත "ට්‍රේඩ්" එකකට නෙවෙයි යන්නේ, රට යනවා කියල ඔහේ ගිහින් මොකක් හරි කම්කරු රස්සාවක් කරනවා. ඇත්තටම මෙහෙ රස්තියාදු ගගහ ඉන්නවට වඩා එක ගොඩක් හොඳයි. එත් වෙන්නේ වෙනම දෙයක්. කොල්ල රට ගියගමන් එහෙ අරුමෝසම් දැක්කම පිස්සු හැදිලා හම්බකරන තුට්ටු දෙක එක එක ජොලි වැඩ වලට වියදම් කරනවා. ඉස්සෙල්ලම ගහනවා අතේ පච්චයක්. ඊටපස්සේ ගන්නවා ලොකු ෆෝන් එකක්. ඊටත් පස්සේ ගන්නවා ලැප් ටොප් එකක්. කොහොමහරි අවුරුදු 2කින් ලංකාවට ඇවිල්ල දානව හෙන ග්‍රෑන්ඩ් පාටියක්. කන්නද  බොන්නද  නැති දෙයක් නෑ.. අනේ කොල්ල හම්බකරපු සල්ලි ටික වාෂ්ප වෙන්න මාසයක් යන්නේ නෑ. ඊටපස්සෙ මුලින්ම විකුනනවා අර ලොකු ෆෝන් එක. ඊටපස්සෙ ලැප් ටොප් එක. අන්තිමට ඉතුරුවෙන්නෙ අතේ ගහපු පච්චේ විතරයි. අයෙත් හතර අතේ ණය වෙලා රට යනවා. ටිකදෙනෙක් යමක් හොයාගෙන ඉතුරු කරගෙන ජීවත් උනත් බහුතරය ඔය කිව්ව විදියට ඉන්නෙ.


සතපහ අතේ නැති උනත් පච්චයක් අතේ ගහල එක පේන්න ඇඳපන් කොල්ලෝ ස්කිනි එකක්. කෝල් එකක් ගන්න හදිස්සියකට ඉල්ලුවොත් "අනේ මේකේ සල්ලි නෑ" උනත් පාවිච්චි කරපං කොල්ලෝ ඇන්ඩ්රොයිඩ් දුවන මූණත පිහදාන වර්ගයෙ ෆෝන් එකක්. 



බඩේ බත් ඇටයක් නැතත් කටේ නම් නරි වාදම්. අල්ලපු ගෙදර එකා එල්.සී.ඩී. ටීවී එකක් ගත්තොත් අපේ ගෙදරටත් එල්..ඩී. ටීවී එකක් ඕනෙ මයි. එහා ගෙදර එකාට කාර් එකක් තියනවා නම් මූටත් එකක් ඕනෙමයි. නඩත්තු කිරිල්ල, යන වියදම් ගැන කිසිම අවබෝධයක් නෑ. ගොඩක් වෙලාවට ඒ ගන්න වාහනේ තමන්ගේ පහසුවට පාවිච්චි කරනවට වඩා වාහනේ පහසුවට ආරක්ෂාවට ඕන විදියට තමුන් ජීවත් වෙන එක කරන්නෙ. වැස්සක් වැස්සොත් තෙමි තෙමි යනවා වාහනේ එලියට ගත්තොත් තෙමෙන නිසා.

ඇත්ත, අපි එන්න එන්න දියුණු වෙන්න ඕන. ආසාවල් ඉෂ්ට කරගන්න ඕනේ. අපි හැමෝගෙම බලාපොරොත්තු තියනවා. එත් එහෙම කියල හිටිය තත්වෙනුත් පහලට වැටිලා අමාරුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය නෑ කියලයි මම නම් හිතන්නේ.කාර් එකේ යතුර අනිත් මිනිස්සුන්ට පේන්න කරකව කරකව අතේ තියන් ඉන්නෙ ගොඩක් වෙලාවට මධ්‍යම පාන්තිකයො. බෙන්ස් එකක් තියන එකාට වැඩිය මරුටියක් තියන එකාගේ ෂෝ එක වැඩියි. 
 රැල්ලට දුවන සමාජයේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයා තමන්ගේ පවුලේ අඩුපාඩු සපුරගෙන අවශ්‍යතා ඉටුකරගෙන "රන් එක" දෙන්න පුදුම දුකක් විඳින්නෙ. ළමයින්ට උගන්නන්න වගේම උන්ට ලොකු තැන වලින් කන්න බොන්න සල්ලි දෙන්නත් , ගෙදරට නවීන පන්නයේ බඩු මිලදීගන්නත්, ගෙදර වියහියදම් කන බොන දේට මුදල් සපයන්නත් බිරිඳගේ ෂෝ ඕෆ් වැඩ වලට ගෙවන්නත්, ගමන් වියදම් සහ අනෙකුත් මෙකී නොකී ඔක්කොටම මුදල් උපයන්න පුදුම වෙහෙසක් දරන්න වෙනවා. රස්සාවක් කරන මනුස්සයෙක් නම් ඕටී ටිකක් වැඩිපුර කරන්නත් , පොඩි හොර වැඩක් කරලා ගතමන්ට් එකක් ගන්නත් සමහරු පෙළඹෙනවා. නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙනවා සමහර වෙලාවට.


  දරුවන්ට තාත්තල එක්ක ගතකරන්න තියන වෙලාව අඩු වෙනවා වගේම බිරිඳට අඹු සැමි සබඳතා වල අඩුපාඩු වීමුත් සිදුවෙනවා. ගෑණු, ළමයි  දාල පිට රට රස්සාවට යනවා සමහරු. බිරිඳට සැමියාගේ ආදරය උණුහුම අහිමි වෙනව වගේම දරුවන්ට ගරුකටයුතු විදියට සමාජ මගපෙන්වීම සිදුකරන පුද්ගලයත් අහිමි වෙනවා. මේවා කිව්වා කියල රෙදි උස්සගෙන එයි මට කෙලින්ඩ. නමුත් බොහෝ දෙනෙක්ට මුහුණදෙන්න වෙලා තියන යතාර්ථය මේකයි. බිරිඳ දාල රට ගියා කියල ඒ හැම ගෑනියෙක්ම වෙන මිනිස්සු එක්ක යනවයි කියල මම කියන්නෙ නෑ. හැම දරුවම නන්නත්තාර වෙනවා කියල තර්කයක් ගේන්නේ නෑ. එත් ඒ දේවල් වලට පෙළඹීමේ ප්‍රවනතාවය ටිකක් වැඩියි.
 
ලොකු තැන් වලින් කාලා ඒවා පොටෝ අරන් අනිත් උන්ට පෙන්නන, සිංහල කතාකරන්න අමාරු බව පෙන්නන, තැනකට ගියාම අලි ඔලුවෙන් හැසිරෙන්න දඟලන බහුතරය එදා වේල වෙනුවෙන් වෙහෙසෙන මධ්‍යම පාන්තිකයො. සාමාන්‍ය සමාජයේ ඒ විදිහෙම මට්ටමක ඉන්න බහුතරය ඉස්සරහ මොකටද එහෙම "ලොකු සීන්" දාන්නෙ? එහෙම කළා කියල අමුතුවෙන් ලැබෙන දෙයක් තියනවද?

තමන්ගෙ මට්ටමට, ආර්ථික තත්වයට ගැලපෙන්න ජීවත් වෙන්න කිසි කෙනෙක් ලජ්ජා වෙන්න ඕන නෑ. මේ සමාජයේ හැම මනුස්සයටම තමන්ට ආවේනික වටිනාකම් තියනවා. ලොකු මිනිස්සු කියල පෙන්නන්න, ලොකු සමාජය අනුකරණය කරන්න , ඒ විදිහට හැඩගැහෙන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට. තමන්ගෙ වටිනාකම් ආරක්ෂාකරගෙන , තමන්ගෙ හැකියාවන් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන , නිහතමානීව අපි කව්රුත් මිනිස්සු කියල හිතල අනෙකාට ගරුකරන්න පුරුදු වෙලා, තමන්ගෙ මට්ටමට ජීවත් වෙන්න හැමෝටම පුළුවන් නම් මේ සමාජය බොහොම ලස්සන ප්‍රියජනක තැනක් වෙයි. ඒත් ඕක ඉතින් කවද වෙයිද කියල දෙයියෝ තමා දන්නෙ.

61 comments:

  1. පට්ටපල් ඇත්ත එල ද බ්‍රා ලියමන..
    ගොඩක් එවුන් දන්නවා මගේ ගෙදර ටිවි සෝෆා රේඩියෝ නෑ..මම නිවාඩුවක් ලැබුන ගමන් අනුරාධපුරේ සුවද විදින්න දුවන කොල්ලා.
    මම බොහොම පොඩි තැනක ඉදලා (නුල් කැපුවා) උඩට ආපු එකෙක්.

    ReplyDelete
    Replies
    1. 'නූල් කැඩුව' හපොයි දෙයියනේ.....

      කමක් නෑ බ්‍රෑන්ඩ් එක ගල් නෙ.

      Delete
    2. නුල කැඩුනේ ගාමන්ට් එන්න ඉස්සර..
      හැබැයි ඒ දවස්වල පැක්ට්‍රි එකේ අක්කලා මම පොඩි එකා නිසා අත්දැකිම් දෙන්න කියලා ඉරිදාට මාරැවෙන් මාරැවට අරගෙන ගියා.

      Delete
    3. මෙන්ඩා.... ඇත්තටම සරලව ජීවත් වෙනකොට ලේසියි බං...

      Delete
    4. Maathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM

      අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

      එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

      පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

      Delete
  2. අමූලික ඇත්ත බං.. අද කාලේ ඉතින් ඕක ෆැශන් එකක් වෙලානේ.. තව ඉස්සරහට තව තව ඒවා ඕකට එකතු වෙන්න බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. ෆැෂන් තව තව එකතු වෙයි ඉස්සරහටත්... ලෝකෙ හැටි එහෙමනේ බං...

      Delete
  3. සජ්ජා .........ගුටි කෑමට නියමිතයි

    ReplyDelete
    Replies
    1. අනිවා පුතේ..උඔ කනවා...
      උඔව මුනු පොතට කවුරැවත් එකතුකර ගන්න එකක් නෑ..

      Delete
    2. අනේ මට මොකෝ බං.. මොකෝ මගේ ඇඟේ වදින එකක්යැ...

      Delete
  4. පාරෙ යද්දි බොරු පොස් කෙල්ලන්ගෙන් පරවේසං වෙයං....
    බොලා ගෙ මූණෙ පොල් ගහ මාක් එක හිටින දවස වැඩි ඈතක නෙවෙයි
    හිහි

    ReplyDelete
    Replies
    1. සඡ්ඡා උඔ මේ පෝස්ටුව FB දැම්මෝත් උඔගේ අම්මා තාත්තා හිටන් බැනුම් අහනවා.

      Delete
    2. හහ් හා.... කමක් නෑ බං .. කමක් නෑ....

      Delete
  5. සහතික ඇත්ත කතාව. සමහරු බොහෝ විට ඔයවගේ ෂෝ පෙන්නන්නෙ අතින් ණය වෙලා.
    සල්ලි යහමින් තියෙන එකා ඔයවගේ බොරු වැඩ දාන්න යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕක මම හොඳටම දකිනවා ප්‍රසන්න.. ඉවසන්න බැරි උන්ගේ ලොකුකම් තමා...

      Delete
  6. සාජ්ජාට අපේ ප්‍රණාමය............ අැරපං කට.............. මසුරං දාන්න

    ReplyDelete
    Replies
    1. //............ අැරපං කට.............. මසුරං දාන්න//

      ඇයි බ්‍රෑන්ඩ් එක ඉවරද?

      Delete
    2. හි හී .... බ්‍රෑන්ඩ් එක දැන් පාවිච්චියක් නෑ බං...

      Delete
  7. Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:00 AM
    මම සරම් අඳින්නේ නෑ මචං.. උඹලා වගේ සරම් බැනියන් ගහන ගෝත්‍රිකයෝ නෙමෙයි අපි.. සුද්දෝ වගේ මිනිස්සු
    http://tharuwehi.blogspot.com/2015/02/blog-post_3.html#comment-form

    ReplyDelete
    Replies
    1. මමත් ඕක එදාම දැක්කා... :D

      Delete
    2. අඩු කලේ සෙලවේ.සරම් නොඅඳින ඔක්කොම පොශ්ද?අඳින ඔක්කොම ගෝත්‍රිකද? එයාගේ තාත්තා තමයි ලොකුම ගෝත්‍රිකයා එහෙනම්.

      Delete
    3. // අර ඇලි පෙනුම තියන ගොඩක් මහත කෙනාද මාතලන් කියන්නේ.?//

      නෑ ඕයී....,ඒ පාටියට මසට ගෙනා ඌරු තඩියෙක්....,ඇලි ඌරෙක්....! ඒ ඇලි පෙනුම නිසා ඌ හිතනවා ඌ සුද්දෙක් වගේ කියලා

      Delete
  8. මගේ ලිපිය ගැන මගේ කෙටිම අදහස නං අනිත් අය මොනවා කරත් මට ඒක වැඩක් නෑ කියන එකයි. තව කෙනෙක් කාපු බීපු ඒවායේ පින්තුර ෆේස්බුක් දැම්මත්, අනික් උදවිය කතාබහ කරන විදියත්, ඔවුන් අදින පළදින විදියත්, කරන කියන දෑත් මට වැඩක් නෑ. මම එව්වා හොයන්න යන්නෙත් නෑ. අනික් අයගේ ජිවිත විවේචනය කරන්න මම යන්නෙත් නෑ. කොටින්ම කිව්වොත් නීති විරෝධී නොවන, අන් අයට බදා/කරදර නොවන ඕනි දෙයක් අනිත් මිනිස්සු කරනවා නං අපිට එව්වා ගැන වැඩක් නැහැ.

    සමාජයේ ඉන්නා අනික් උදවියගේ ජිවිත චර්යාව විවේචනය කරන්න මට ඇති අයිතිය මොකක්ද? මගේ පවුලේ කෙනෙක් නං කමක් නෑ. ඒ ඇරෙන්න අනික් උදවිය ගැන විවේචනය කරමින් කාලය ගත කරනෙන් ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇනෝ , ඔබට වැඩක් නැති උනාට මට වැඩක් තියන හින්ද මේවා ලියන්නෙ. අනික 'දෙනදෙයක් කාලා වෙනදෙයක් බලන් ඉන්න එවුං" බ්ලොග් ලියන්න ඕනෙ නෑ නෙ... අනික "අනිත් උන්ට හොඳ නම් මට මොකෝ, අනිත් උන්ට මොනා උනත් මට මොකෝ" මානසිකත්වය තියන එවුං තමයි පාරේ මිනිහෙක් වැටිලා හිටියත් අහක බලන් යන්නෙ. උන්ට කෙලවුනොත් වීතරයි උන්ට පුකේ අමාරුව හැදෙන්නෙ. නැත්තං සද්ද නැතුව ඉන්නවා.. විවේචනය කරන්න ඕන දේ විවේචනය කරන්න ඕන. හොඳ දේට හොඳයි කියන්න ඕන.මගේ නම් ක්‍රමය ඒකයි.

      Delete
    2. මම කවුරුත් දෙන දෙයක් කලා බලං ඉන්න කෙනෙක් නෙමෙයි. මම අදායම් බදු දෙපාර්තමේන්තුමේ ලියාපදිංචි,බදු ගෙවනා සමාගමක් හිමි අයෙක්. මම මුලින් කියලා ඇති දේ ඔබට වැටහිලා නෑ. මම කියලා තියෙන්නේ නීති විරෝධී නොවන, අන් අයට බදා/කරදර නොවන ඕනි දෙයක් අනිත් මිනිස්සු කරනවා නං අපිට එව්වා ගැන වැඩක් නැහැ, සමාජයේ ඉන්නා අනික් උදවියගේ ජිවිත චර්යාව විවේචනය කරන්න මට ඇති අයිතිය මොකක්ද කියලයි.

      මොකද මේක ස්වාධින සමාජයක්. මේක මේ පැරණි රදළ සමාජයක් නොවෙයි. කෙනෙක් තවත් කෙනෙක්ට ඕනි විදියට ජිවත් වෙන්න ඕනි නෑ. අපිට බැහැ කාටවත් ඇගිල්ල දික් කරන්න අනික් අයගේ සමාජ රටාවට, ඒක අනික් අයට බාධාවක් නොවන,නීති විරෝධී නොවන එකක් නං.

      අනික මම කියලා නෑ අනික් අයට මොනා වුනත් මට මොකද කියලා. මම කියලා තියෙන්නේ අනික් අයගේ ජිවින රටාව, ඔවුන් කරන කියන දෑ අපිට වැඩක් නෑ, ඔවුන් කරන දෙයින් අනිත් අයට කරදර,හිරිහැර නොවනවා නං කියලා.

      Delete
    3. ඇත්ත ඇනෝ. මේක කාටවත් උවමනා විදියට වෙන්න ඕන කියනවා නෙවෙයි මං කියන්නෙ. පිලිගන්නවා, මේක ස්වාධීන සමාජයක්. අනිත් එක මේක මම ලිව්වා කියල ඕකේ කිසිම වෙනසක් වෙන්නෙත් නෑ. මම මොන හාල්මස්සෙක්ද, දැන් අපි. මම මේ කාරනාව ගැන කතාකලේ මට පුද්ගලිකව අපුළක් දැනෙන මේවගේ දේවල් දැනෙන නිසාවට. මම දන්නවා මේකට එකඟ වෙන වගේම විරුද්ධ වෙන කොට්ඨාශ දෙකක් ඉන්නවා. ඔබතුම ඊට විරුද්ධයි, සමහරු එකඟයි. මෙතන සංවාදයක් වෙනවා වගේ පඩංගුවේ. ඇත්තටම මම ඔබේ මතයට ගරු කරනවා. ඒ ඔබතුමාගෙ බදුගෙවන සමාගම ගැන හිතලවත්, එහෙමත් නැත්නම් ඔබතුමාගෙ සමාජ මට්ටම ගැන හිතලවත් නෙවෙයි. කලින් ඉදිරිපත් කරපු මතය වෙනුවෙන් ආයෙත් වතාවක් ඉදිරිපත් උන නිසා.. සමහර ඇනෝලා යමක් දකපුගමන් බැනල බැනල ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ. ඒ අතින් ගත්තම මම ඔබතුමාට ගරු කරනවා. ඔබේ මතයට ගරුකරනවා, සමාවෙන්න, ඒත් ඒ මම විශ්වාස කරන මතය නෙවෙයි. ඒත් සංවාදයට මගේ පඩංගුව දිගටම වවිවෘත්තයි.

      Delete
  9. සජ්ජ මේකට මම එකඟ නෑ කොල්ලො.

    ලෝකෙ බහුතරයක් දෙනා කැමතියි වැඩි පුඅර යමක් ලබන්න වගේම ඒ ලැබුන දේ ගැන අන් අයට පෙන්නන්නත්. ඒක ඉතාම සාමන්‍ය මිනිස් හැඟීමක්, ලාංකිකයන්ට විතරක් පොදු නොවුන.

    බැරි එකා කොත්තු කෑවට ඇති උන් හවායි ගිහින් එෆ්බී එකේ දානව. කාටවත් කරදරයක් නොවෙන එහෙම හැසිරීම් විවේචනය කරන්න අපිට තියෙන අයිතිය මොකද්ද? අපිත් 100% නිවැරදි අයද?

    ReplyDelete
    Replies
    1. ඉන්දික සහෝදරයා , අපි හැමෝටම විවිධ මත තියනවනේ... මම ඔබගේ අදහසට ගරු කරනවා. මම මෙතන කියන්න උත්සාහ කලේ "හිස් කළේ සද්දෙ වැඩියි" කියන විදිහේ කතාවක්. ඇත්ත. පිලිගන්නවා කාටවත් කරදරයක් නැතුව මොනවා කළත් කිසි ගැටළුවක් නැති බව. ඒත් "පණ්ඩිතයෝ පය තියන්න බය තැන් වල මෝඩයෝ පිනුම් ගහනවා" කියන්නා වගේ අද කාලේ දකින්න අහන්න ලැබෙන දේවල් සම්බන්ධයෙන් මට පුද්ගලිකව ඉවසුම් නොදෙන කාරණා රාශිය නිසා මේක ලියල දැම්මේ. ඉරිසියාවට නෙවෙයි, ඒත් ඒවා දැකලම මහා අපුළක් හිතට දැනෙන නිසාවටයි ලිව්වේ . මගේ පඩංගුව උඩ ඕනෑ අදහසක් දාන්න. සතුටින් භාරගන්නවා. සංවාදයට විවෘත්තයි..උඹල වගේ එවුං බැන්නත් කරබාගෙන අහං ඉන්නවා..

      Delete
    2. මචෝ ඇයි සද්දෙට ඇහෙන හිස් කල තියෙන එක අවුල්ද ..???
      මෝඩයෝ පිනුම් ගහන්න හොඳ නැද්ද ..???
      හැමෝම එක වගේ බුද්ධිමත්, යථාර්තවාදී විදිහටද ඉන්න ඕනෙ..???
      ඒව දැක්කම අපුලක් එන එකනම් නොමේරූ මනසක ලක්ශණයක්...

      Delete
    3. පිලිස්, අහවල් කරුමෙද මන්දා ඒවා පේනකොට කට නලියනවා. ඒක හරි. මට නොමේරු මනසක් තියෙන්නෙ. අපි ඔක්කොම පෘතග්ජනයි. මගේ ඒ ගතිය වැඩි ඇති. ඒ නිසා මේක ලිව්වෙ. මම හෙන පොරක් නෙවෙයි. සරල සාමාන්‍ය ජීවිතයක් ගෙවන එකෙක්. මගේ මතය ඒක. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා මම. ඇත්ත, මේ සමාජයේ මීට වඩා කතාකරන්න හදන්න ඕනෙ දේවල් ගොඩක් තියනවා. වෙනස්ම දෙයක් මම කතාකරන්න දඟලන්නේ හැමදාම . මේ ඒ එකක් විතරයි .ඒවා මම පඩංගුවේ ලිව්වා කියල සතපහකට වැඩක් වෙන්නෙ නැති බවත් මම දන්නවා. අපි හැමෝම විවිධාකාරයි. විවිධත්වයක් තියනකොට ඒකත් ලස්සනයි. පඩ ෂෝ කාරයෝ වගේම සරල මිනිස්සුත් ඉන්න ඕන තමයි එහෙම බැලුවම. එතෙන්දි මගේ තර්කය ස්වයං විවේචනයකට ලක්වෙන බවත් ඇත්ත. මට කවි ලියන්න බෑ. කතන්දර කියන්නත් බෑ. මට මෙව්වගෙ ඒවා ලියන්න පුළුවන්. ඒ වගේ එව්ව ලිව්වම උඹල ඇවිල්ල බලල බැනල හරි යනවනේ. මොකුත් නොකියා සද්ද නැතුව මේ බ්ලොගෙත් නොලිය හිටිය නම් මේ මුකුත් නෑ..සංවාදත් නෑ, තර්කත් නෑ. පඩංගු ලියන සජ්ජෙකුත් නෑ . ඒත් ඊට වවඩා මෙහෙම වෙන ඒකත් ලොකු දෙයක් නෙවෙයිද??

      Delete
  10. කාට හරි පඩ ශෝ දාන්න හෝ නොදාන්ඩ හෝ අයිතියක් තියෙන්ඩ ඕනෙ...
    ඒවගේම කාටහරි ඒක විවේචනය කොරන්ඩ හෝ නොකරන්ඩ හෝ අයිතියකුත් තියෙන්ඩ ඕනෙ....
    තමං කරන දෙයින් තමංට, අනුන්ට හෝ සමාජෙට වරදක් නැත්නම් එච්චරයි....
    ඕ.. පු.....

    ReplyDelete
    Replies
    1. ඔබ හරි පිලිස්... පඩෂෝ දාන හෝ නොදැන නිදහස වගේම උන්ට බනින හෝ නොබණින නිදහසත් තියනවා.. මේ ඔයා නේද "සංජය බෙල්ලට්ඨිපුත්ත" ;)

      Delete
    2. බුවා කිව්වෙ මෙලොවක් නෑ පරලොවක් නෑ ඌත් නෑ උඹත් නෑ කියල නේද ..??
      මම කියන්නෙ ඔක්කොම ඉන්න ඕනෙ.. කැමති උනත් නැතත් ඉන්නව.... නැත්නං ලෝකෙ පවතින්නෙ නෑ. නැතිකොර ගන්න ඕනෙ මම විතරයි ....

      Delete
    3. නෑ , බුවා ආඳ වගේ ලිස්සල යන උත්තර දුන්නෙ. එක මෙතෙන්ට ආදේශ කලොත් මෙහෙමයි. පඩ ෂෝ දාන එක නරකද? - මම හොඳයි කියන්නෙත් නෑ නරකයි කියන්නෙත් නෑ. ඒවා විවේචනය කරන එක හොඳයිද?- මම ඒක හොඳයි කියන්නෙත් නෑ නරකයි කියන්නෙත් නෑ...

      Delete
    4. ඉතිං මම කිව්වෙ එහෙමයැ...මම කීවෙ හැම දේම තියෙන්ඩ ඕනෙ ඒව අපි ඉවසන්ඩ පුරුදු වෙන්ඩ ඔනෙ කියලනෙ බන් ..

      Delete
    5. මට ඔය ඉවසිල්ල තමයි නැත්තේ බං.. පුරුදු වෙන්න ඕන.. මගේ දුර්වලකමක් තමා ඒක...

      Delete
  11. මගේ ෆේස්බුක් පිටුවේ මම මෙහෙම කෑම ගත්ත තැනක් පින්තුරයක් දැම්ම. ඒ ලන්ඩන් වල තියෙන ක්‍රෙප්ස් කියන දෝසෙ වගේ එකක් හදන ආපන ශාලාවක. මුළු ලන්දන්වලටම තියෙන්නේ දෙකයි ඒ කාලේ. ටිකක් ගණන් වුනත් රහයි. ඒ දවස්වලගාන අඩු කරල තිබ්බ දවස් කීපයකට. ඉතින් මම ෆොටෝ එකක් දැම්ම යාළුවන්ට බලල කියන්න Mcdonald යන්න ඕනේ නැහැ මෙන්න මෙතන දැන් අඩු ගානට කෑම දෙනවා කියල කියන්න. අනික ලංකාවේ කොහොම වෙතත් අනිත් රටවල KFC , MacDonald, කියන්නේ junk food විකුණන තැන් නේ. වෙන කන්න හොඳ දෙයක් නැති වුනහම යන තැන්.

    ReplyDelete
    Replies
    1. අජිත් සහෝදරයා.. මම මෙතන කියන්න උත්සාහ දැරුවේ කක්කුස්සියට ගියත් ඒකත් ෆොටෝ එකක් අරන් ෆේස් බුක් දාන ජාතියේ එවුං ගැන. "අනිත් උන් ගොබ්බයො, අපි තමයි පොරවල්" විදියේ හැසිරීමක් දක්වන උදවිය ගැන. මෙහෙ ලොකු උනාට වෙන රටවල් වල ඕව ගණන් ගන්නේ නෑ කියල අහල තියනවා.. මෙහෙත් අගනුවරදී නම් ඕවා ජන්ක් ෆුඩ් තමයි.

      Delete
    2. දැන් එංගලන්තේ, ඇමෙරිකාවේ රුසියාවේ , අරාබියේ අර හුඟක් සල්ලි කාරයන්ගේ ළමයි ඉන්ස්ටග්‍රෑම් එකේ රිච් කිඩ්ස් ඔෆ් ඉන්ස්ටග්‍රෑම් කියල තමන් යන යන තැන, ජොලි දාන හැටි වියදම් කරන හැටි පින්තුර දානවා. එකෙක් කියනවා මෙහෙම. //Posting pictures from the world's best restaurants is just the same as someone 'posting a picture at McDonalds', one 'Rich Kid' claims//

      Read more: http://www.dailymail.co.uk/news/article-2950952/The-real-unfiltered-lives-Rich-Kids-

      මම නම් අවශ්‍යතාවය අනුව දාන්නේ අනික ෂෙයාර් කරන්නේ ලඟම යාලුවෝ අතරේ විතරයි එහෙම පින්තුර. කනවට වඩා එතන තියෙන්නේ යාලුවෝ සමග සංවාදයක් ඇති කර ගැනීම. අපි කොහේ හරි ගියොත් යාළුවන්ට එහෙම කියනවනේ.
      සජ්ජා කියන කතාව මට තෙරෙනේව. ඒක හරි. තේරුමක් නැති සෝබනයකුත් තියෙනවා තමයි. කාර් එකේ පින්තුරේ දාන්නේ හැමෝටම පේන්න.

      Delete
    3. ඔව් ඇත්තටම මම මෙතන කියන්න උත්සාහ කලේ තමන්ට ගැලපෙන සහ තමන්ගෙ මට්ටම අනුව ජීවත් වෙන එක වටිනවා කියන එක. අර දේවල් වැරදි කියල කියන්න මම පොරක් නෙවෙයිනේ සහෝදරයා... ඇත්තටම මේ හැමදේම තීරණය වෙන්නේ යම් දෙයක් කලාම ඒ කලේ මොන චේතනාවෙන්ද කියන එක. ජයවේව..

      Delete
  12. In my younger and more vulnerable years my father gave me some advice that I’ve been turning over in my mind ever since.
    “Whenever you feel like criticizing any one,” he told me, “just remember that all the people in this world haven’t had the advantages that you’ve had.”
    ~The Great Gatsby

    ReplyDelete
    Replies
    1. criticism is mean then , because nobody is perfect

      Delete
    2. Criticism can be harsh or soft. It can be constructive or destructive, fruitful or ineffective depending on how it's offered and perceived. We criticize for many reasons, sometimes to help others, more often to help ourselves. Any opinion we express can be interpreted as criticism irrespective of we mean it that way. So, the question you pose is a difficult one to answer: should we refrain from criticizing because no one is perfect? Most definitely not, I would say, provided it's done for the correct reason.

      Delete
  13. so you point out that criticism must use only for the goodness' sake. till then no one should criticize anything or any one. actually in this case i did not criticize anyone. this is not criticism in my way. in MY BLOG i'm just trying to point out unusual social circumstances in a different angle. readers just understand and just comment regarding their personal opinions. there's no reason for justifying that it would be right or wrong. its just my personal view. may be its right, may be its wrong. people just look through and sometimes state a comment. it's just as that simple. i cant do a social revolution through my small blog. you may agree with some of my post, disagree with others. but feel free to state a comment. just oppose , deny or admit the facts that i state here in my blog. i really appreciate and welcome them all.

    ReplyDelete
    Replies
    1. .// i cant do a social revolution through my small blog. you may agree with some of my post, disagree with others// I will not agree. may be perhaps may be you will start one. One never know. :)

      Delete
  14. සජ්ජෝ....

    මේක උඹගේ පඩංගුවය. ඔනෑ කෙනෙකුට, ඔනෑ දෙයකට, ඔනෑ ආයතනයකට පස් පඩංගුවේ බැනීමට, විවේචනය කිරීමට උඹට අයිතියක් ඇතැයි මම විස්වාස කරමි.

    ඒ වගේම ඔබේ ලියවිල්ලකට තව කෙනෙක් යම් ප්‍රශ්නයක් හෝ විවේචනයක් මතු කලොත් එයට කේන්ති ගන්නේ නැතිව රිජු පිලිතුරු දෙන්නේ නම් (උඹ දැනුත් එසේ කරන බව මගේ හැඟීමයි ) උඹගේ භශනයේ අයිතියට ඇඟිලි දික් කිරීමට කා හටත් බැරි බව මම විස්වාස කරමි....

    ඔන්න ඔහේ හිතට එන දේ ලියාපන් බං!

    ReplyDelete
    Replies
    1. සරසා... උඹේ දිරි වදන් වලට ඉස්තුතියි. එක තමයි මම ඔහේ ලියනවා. වැඩිය ලොකු ටෝක් දෙන්නෙත් නෑ.. මම අලුත් එකානේ බං තාම. සමහරු එක එක විදියට කොර කරන්න හදනවා. ඔය ඉංගිරිසියෙනුත් බැනල තියෙන්නෙ සිංහලෙන් මේක කියෝපු එකෙක්. මම ලියන්නම් හිතට එන දේ.. තුති :)

      Delete
    2. මිල්ටන් අයියගෙ සිංදුවක් මතක් වෙනව... "කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ"
      දැං අපි මෙහෙම හිතමු... කවුරුහරි හන්දියෙ කඩෙන් ආප්පයක් කන ගමන්, නැත්තං ට්‍රිපක් යනකොට බෙලිමල් වීදුරුවක් බොන ගමන් හෝ නයිට් කඩේ කොත්තුවක් කන ගමන් ඒකෙ පින්තූරයක් මූණු පොතේ දාල ෆීලින් ඕසම් කිව්වනං ඕකේ, හැබැයි මැක්ඩොනල්ඩ් කේඑෆ්සී ඉඳන් ඒ වැඩේම කරාම දිරවන්නෑ / අපුලක් දැනෙනවා / කට නලියනවා ඊටීසී.
      අපි මෙහෙමත් හිතමු-කොල්ලො කෙල්ලො ටිකක් ගෙදරින් වියදමට හම්බුවෙන සුළු ගණනින් පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරගෙන එක දවසක බර්ගර් කිං ගිහිල්ල පින්තූරයක් අරගෙන ෆේස්බුක් දාන එකත් වැරදිද? නැත්තං ගාමන්ට් එකක කෙල්ලො ටිකක් පඩි දවසට කේඑෆ්සී එකෙන් අයිස්ක්‍රීම් කන පින්තූරයක් දැම්මොත් ඒකත් අප්සැට්ද? එතකොට හොඳට සල්ලිය බාගෙ තියෙන කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක දවසක් මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්, තව දවසක් කෑම සූත්‍ර වගේ "පොශ්" තැන් වලින් කාල හැමදාම කාල ෆොටෝ අප්ලෝඩ් කරොත් ඒක කමක් නැද්ද? අපුල දැනෙන/නොදැනෙන හෝ දැනිය යුතු/නොදැනිය යුතු ත්‍රෙශ්හොල්ඩ් එක තීරණය වෙන්නේ කොහොමද?
      //.........// කිව්වට මෙය ක්‍රිටිසිසම් නොවේ නම් වෙන මොකක්ද යන්න මට නං අපැහැදිලිය. එසේම ක්‍රිටිසයිස් කිරීමේ වරදක් ද මම නොදකිමි. එම ක්‍රිටිසිසම් එක සියලු දෙනාට එක සේ දිරවයි කියා සිතීම නම් ටිකක් ළාමක ය. බ්ලොග් එක තමන්ගේ බව හැබෑය, එහෙත් එව්වා පබ්ලික් ඩොමේන් එකේ තියෙන බැවින් විවිධ අදහස් දරන අය එය කියවන බවත්, විවාදාත්මක අදහස් වලින් කොමෙන්ට් කරන බවත් මතක තියා ගත යුතුය. හුරේ දමන් කොමෙන්ට් වලට මල් සිනහවෙනුත්, එසේ නොවන එව්වා දුටු විට මල පැනීමෙනුත් ප්‍රතිචාර දක්වීම, මෙවැනි දියුණු ප්‍රකාශන හැකියාවක් සහිත බ්ලොග්කරුවෙකුගෙන් බලාපොරොත්තු නොවන දෙයක් සේ දකිමි. ලේඛකයාගේ අදහස් එලෙසම අනුමත නොකෙරෙන කොමෙන්ට් දැමීම "භාෂණයේ අයිතියට ඇඟිල්ල දික් කිරීම"ක් නොවේ. එහෙම ගත්තොත් ඩක් ෆේස් ෆොටෝ වලට බණින එකත් ප්‍රකාශන නිදහස ඇහිරීමක් ලෙස ලේසියෙන්ම අර්ථකථනය කරන්නට පුළුවන.
      තවත් කියතොත්, ඉංග්‍රීසියෙන් කොමෙන්ටුවක් දැමීම යනු "කොර කිරීමක්" හෝ බැනීමක් ලෙස තේරෙන්නට තරම් අඩු ඉංග්‍රීසි දැනුමක් හෝ මානසික අවවර්ධනයක් ඇතැයි සිතීමට ඇති අකමැත්ත නිසා තව දුරටත් පූලු පුලුවන් වෙලාවට පඩංගුව කියවීමටත් ඊට වඩා වෙලාවක් ඇති විට කොමෙන්ටුවක් දෙකක් කොටා එවීමටත් සිතමි ;-)

      Delete
    3. කැරවේ මෙතන නිතරම කරකැවේ :) සෙල්ලන්ද කොල්ලො කිව්වලු. ලේසියෙන් බේරෙන්ඩ හම්බවෙන්නේ නෑ පුතයගෙන් නම්. මෙහෙමයි සහෝදරයා. ලිපියක් ලියනකොට අදහස් ප්‍රකාශ කරනකොට ආරළු බූරළු දාල එක ලිව්වෙ නැත්නම් රසේකුත් නෑ ලිපියේ කියවන්න දේකුත් නෑ. මම මේ ලිපියෙන් අදහස් කලේ තමන්ගෙ මට්ටම, තමාට ගැලපෙන ප්‍රමාණයට සරලව පොලවේ පයගහල ජීවත් වෙනවා නම් එක බොහොම සුන්දර සහ හොඳ දෙයක් කියන එක. පිලිගන්නවා ඇනොපිලිස් කිව්වා වගේ මම හිතන විදියේ පොඩි දුර්වල කමක් තියනවා, පණ්ඩිත වැඩ දිරවන්නේ නැති ගතියක් තියනවා. ඌ මට අමු අමුවේ නොමෙරෝඕ මනසක් තියනවා කියල බැනල තිබුන. වෙන්න පුළුවන්. ඇත්තටම සාමාන්‍ය ජීවිතේදීත් මට තරහ යනවා ඉක්මනටම. ජන්මෙන් ආපු දේවල් වෙන්නැති. උදාහරණයක් දෙන්නම් සහෝදරයා, ගාමන්ට් යන ගෑණු ළමයි ගැන මගේ හිතේ ලොකු අනුකම්පාවක් තියනවා. ඒ ළමයි විඳින දුක, ගෙවන කටුක ජීවිත් වගේම ඇත්තටම යමක් උපයල හොඳ ඇඳුම් අන්දලා හොඳ තැන වලින් කන බොනවා දැක්කම ලොකු සතුටක් හිතට එනවා. ඒ හා සමානවම එහෙම ළමයෙක් රෙදි ගන්න පෝලිමක ඉන්නකොට පෝලිමක් පනිනවානම් , එහෙමත් නැත්තං ෆෝන් එකක් එලියට අදාළ ඒක ප්‍රදර්ශනය කරනවානම් හරි ලොකුකමකින් වගේ අ,අපි පොරවල් තොපි මොක්කුද වගේ විදියට මං දිහා බලනවානම් මට තද වෙනවා. ඒත් පිලිගන්නවා එක වැරදි. ඒ අයගේ මානසිකත්වය එක, මේක අපේ මානසිකත්වය කියල හිතල සද්ද නැතුව ඉන්න ඕන හරි නම්. ඒත් කරුමේ කියන්නෙ මගේ අර නොමේරු මානසික ලක්ෂණය මතු වෙනවා ඒ වෙලාවට. ගොඩක් වෙලාවට ඔය පින්තූර දාන උදවිය වැඩි දෙනෙක් එක දාල අදහස් කරන්නේ අපිට පුළුවන්, තොපිට බෑ වගේ දෙයක් හිතේ තියාගෙන අනුන්ට පේන්න . පුද්ගලිකව මගේ වෝල් එකේ ඉන්න එහෙම කට්ටියක් ඉන්නවා. අනේ ඉතින් ඒවා දිරවන්නේ නැති එක මගේ තියන මුඩුම ගතිය වෙන්නැති. හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා. මේ ලිපියේ අන්තර්ගතය විදියට මම යටින් කියන්න උත්සාහ කලේ තමන්ට පුළුවන් ප්‍රමාණයට (සාමාන්‍ය මනුස්සයෙක් නම් සරලව) ජීවත් වෙනවා නම්, හැසිරෙනවා නම් එක ඒ අයටත් හොඳයි වගේම සමාජයටත් හොඳයි කියන එක. සල්ලි ,තත්වේ පස්සෙ දුවන සමාජයේ අපේ වටිනාකම් නැතිවෙලා යන්න එක හේතුවක් ඔය එක එක දේවල් පස්සෙන් දිවිල්ල. ඒ ඉතින් හැටි, ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න අයිතියක් තියනවා කියල තර්කයක් ගේන්න පුළුවන්. එක ඇත්ත, එහෙම පුළුවන්. නමුත් කිසියම් හිඩැසක් ඉදිරිපත් ඉතුරු වෙනවා නේද? අන්න ඒ හිඩැස පුරවන්න මම මේක ලිව්වෙ. එහෙමත් නැත්නම් කිසි කෙනෙක් අපහසුතාවන්ට ලක් කරන්න නෙවෙයි. කව්රුහරි ෆොටෝ දැම්ම කියල එකට බනිනවා නෙවෙයි මේක. ඒ දාපු අදහස එක්ක අරගෙන මීට ආදේශ කරන්න. අනිත් මිනිස්සුන්ට ලොකුකම් පෙන්නන්න එහෙම කළා නම් අන්න මේ බැනිල්ල එයාට අදාලයි. අන්න ඒ වගේ සාපේක්ෂයි මේ හැම දෙයක්ම. සමස්ථය අරගත්තොත් ඇත්තටම මම පොලවේ පයගහල ජීවත් වෙන එකෙක් නිසාවට අනිත් මිනිස්සුත් එහෙම වෙනවා නම් කැමතියි. ඒත් මම දන්නවා එක එහෙම වෙන්නේ නෑ. මිනිස්සු විවිධාකාරයි. කොටින්ම කිව්වොත් කන්ද පාමුල ඉඳන් මම කන්ද පාත් වෙනකල් බුර බුර ඉන්නවා. ඒක කවදාවත් පාත්වෙන්නේ නෑ..එක මම දන්නවා, ඒත් පුතෝ බිරිල්ල නම් නවත්තන්නේ නෑ.. ජයවේවා එහෙනං. මේකේ ලියපුවා මට වත් තේරෙනවද මන්ද. මගේ මේ මගුල් බලල කොමෙන්ට් දාල බැනල හරි යන උඹට ඉස්තුතියි. අයෙත් ඇවිත් උඹට හරියන්නේ නැත්තං බලල බැනල පලයන්. ජය වේවා...

      Delete
  15. සිරා කතාව මචං.....නියෙමෙට කියලා තියෙනවා..
    මධ්‍යම පාන්තිකයනගේ ජිවීතේ හැටි ඔහොම තමා බන්...ලෝකේ යන විදියට හැඩ ගැහෙන්ඩ ඕනේ...නැත්තම් ඉන්ඩ බෑ... මේ කාලේ පොෂ් වීම තමා ට්‍රෙන්ඩ් එක....සමාජයේ තමනුත් ඉන්නවා කියන එක පෙන්නන්ඩ නම් ට්‍රෙන්ඩ් එකට යන්ඩ වෙනවා...ඒක තමා අද කාලේ චින්තනය... හැබැයි ඊට අමතරව හැමදාම සල්ලි පස්සේ දඅවන මිනිස්සු තමන් ඉන්න තත්වේ අමතක කරලා ටික වෙලාවකට වෙන චරිතයක් රගපාන්ඩත් පොෂ් වෙනවා....
    හවුඑවර් කතාව පට්ට....

    ReplyDelete
  16. ගොඩක් දෙනෙක් තමංගෙ ඇචීව්මන්ට් එකක් තමා කස්ටියට පෙන්නන්නෙ.නිතර ඔය වැඩි මිළ තැන් වලට යන උදවියගෙන් මේ වගේ පොටෝවික්‍රම දකින්න නෑ.. එයාල පෙන්නන්නෙ ට්‍රිප් ගිහින් බෙලිමල් බොන එක තමා.ඒක ඉතින් සිඟිති ආතල් එකක්... බොරු සල්ලි පෙන්නන අයට නම් නියම කනේ පාරක් ගහලා තිබුනා පොඩිමල්ලියි චූටි මල්ලියි... රෝස් පාං ගෑරුප්පුවෙන් කන එකක්..

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි අපි නොදන්න ලයිව් එකේ ජයශ්‍රී ඒක නියමෙට කරනවා...

      Delete
  17. සජ්ජ උඹ කියන එකේ හරය තේරුම් ගන්නේ නැති ගොඩක් දෙන KFC ෆොටෝ ගැන කතා කරනවා.උඹේ කතාවේ හරය ඇත්ත.දැන් යන්නේ බොල් සමාජයක් බන්.ඔය කියන එක එකේ එක පැත්තක් විතරයි.විවූර්ත ආර්ථිකයත් එකක මිනිස්සු පුරුදු උන මව පැම් වල එක පැත්තක් විතරයි ඕක.උඹේ මතය වෙනුවෙන් මමත් ඉන්නවා.උඹ බලල ඇති යශෝරාවය කියන නාට්‍යයේ බන් ඔය මද්යම පන්තිකයන්ගේ වැඩ ලස් ස්නට පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. මට මතකයි යශෝරාවය එකේ සුරේන්ද්‍ර කලාකරුවා ඉරිච්ච බැනියමක් ඇඳගෙන ඒ චරිතේ නියමෙට කරනවා.. උඹ කියන එක හරි. මම මේක ලිව්වෙ ඇතුලෙන් දෙන පණිවිඩය ලස්සන කරන්න තව දේවල් දාල. හරයයි වැදගත්. ස්තුතියි සහෝදරයා..

      Delete
  18. ඔබගේ ලිපිය කාලයට අනුව හොඳ ලිපියක් උනත් අනෝ කලින් කිව්වා වගේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා අනුන්ට කරදරයක් වෙන්නේ නැති ඕනිම දෙයක් කරන්ට.මම අත්දැකීමෙන් දන්නා තරමට මුහුණු පොතේ තනියම පොස්ට් දාන පින්තුර ශෙයා කරන ගොඩක් අය සමාජයේ බොහොම හුදකලාව ජිවත් වෙන අය. පච්ච ගැන කතාකරනවානම් එයත් විලාසිතාවක්. උදාහරණයක් විදිහට මගේ වම අතේ වැලමිට සිට පහලට වෙනතුරු නිර්වාන කියල ඉංගිරිසියෙන් කොටලා තියෙනවා. එයින් මම බුද්ධාගම සම්බන්දව කිසිම දෙයක් අදහස් කරන්නේ නැහැ. ගරහන්නේත් නැහැ. මම එයින් අදහස්කරන්නේ මම ආසම ගායකයාගේ සංගීත කණ්ඩායම. උබ වගේ සිතන උදවිය සමහරක් විට මම ගැන වැරදියට ගල් ගහවි ලංකාවේදී. දැන් උබට තේරෙනවා නේද හැම කතාවකම අදහස් දෙකක් තියෙනවා කියල. ස්තුතියි. ලිපියටත් ස්තුතියි. සුභ දවසක්. Pasuwa liyama. Umba yana wachanaya oba wiya yuthuya. Sinhala uni code wala wereddaki. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං.. මේ කතාව තුළට මගේ මතය ඇතුල් කරනකොට එක ලස්සන කරන්න දාපු දේවල් තමයි මේ. මම කියන්නෙ නෑ මචං පච්ච ගැහුවා කියල KFC එකෙන් කෑවා කියල ඔක්කොම පණ්ඩිතයි කියල. ලංකාවේ මිනිස්සු කොන්ඩේ රැවුල් වවනකොට, පච්ච ගහනකොට එහෙම කරන්නෙ පිස්සො කියල හෙළාදැකපු කාලෙත් මම උන් වෙනුවෙන් පෙනීහිටිය. එක වැරද්දක් විදියට දැක්කෙ නෑ. ඒවාට මම ගරහන්නේත් නෑ.. මේ කතාවේ අන්තර්ගතය තුලින් මම කියන්න හදන්නෙ ඔය දේවල් වලින් මහන්තත්වය සහ පන්ඩිතකම අනිත් මිනිස්සුන්ට පෙන්නනවා නම් එතන වැරද්දක් තියනවා කියල. එහෙම නොකරන අනන්තවත් අය ඉන්නවා. මම එක දන්නවා. ඔබ කියනවට වඩා මම කැමතියි උඹ කියනවට.. එක බොහොම සහෝදරාත්මක ආමන්ත්‍රණයක්. ජයවේවා...

      Delete
  19. නියම පොස්ට් එක.... ඇත්ත කතාව. අපේ සමාජයෙ මෙවගෙ ගොඩාක් අය ඉන්නවා. බාගයක් කරන්නෙ බොරුවට රන්ගපාන එක. මතක නෙ එක්කෙනෙක් තතිට ඇප්ල් බැවා පහුගිය කාලෙ. ගූඩ් පොස්ට් කීප් ගොඉන්ග් - වස්සා

    ReplyDelete
  20. නිතර ෆොටෝ ගන්න එක සහ FB එකේ හරි Instagram එකේ දාන එක මමත් කරනවා, හැබැයි ඒ රටේ ලෝකෙට පෙන්නනවට වඩා මගේ පුද්ගලික ටයිම් කැප්සියුල් එකක් සහ කාලයක් තිස්සේ නොරට ඉන්න නිසා ලංකාවේ ඉන්න පවුලේ උදවිය, මිතුරන් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න.

    මට නම් ඉතින් ඔය කවුරු මක්ක කිව්වත් අවුලක් නෑ නමුත් පෙන්නුවේ මේ කතන්දරයේම තවත් පැත්තක් :)

    ඒ වගේම FB එකේ එහෙම දැනට අවුරුදු දහයකට කලින් සමහර කරපු කියපු දේවල් පින්තූර දැක්කහම මටම හිනා යනව බං, සමහර ගොබ්බ දේවල් වලිනුත් ආතල් ගන්න පුළුවන් ... හෙක්... හෙක් ... :-D

    ReplyDelete