ගණ ගෙඩි, වෙන්ඩ හාමුලා සමඟ අසරණ අලි පැටව්….



දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා  -  පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා

සිල් රෙද්දේ ලේ ගෑවුනේ කොහොම සොයනා  -  අවි ගත්තු පින්වත්තු දාගැබට විදලා 


ඉරාජ් වීරරත්න නම්(මට දිරවන්නෙම නැති )  ගායකයා විසින් සංගීත අධ්‍යක්ෂණය කල , වසන්ත දුක්ගන්නාරාළ පද රචනාකළ මේ ගීය, ජාතික සමගිය පිළිබඳව වදින්නට අවශ්‍ය තැන් වලට පහර ගසමින් ගායනයවූ මං ආසම ගීතයක්. ජාතික සමගිය, ජාතිවාදය පිටුදැකීම  පිළිබඳව මෙම ගීය තේමා කොට ගත්තත් , මෙහි කියැවෙන කොට අදින අලි ඇත්තු , පෙරහැරේ අලි ඇත්තු , සිල් රෙද්ද සහ පින්වත්තු මාතෘකාකොටගෙන යම් කාරණාවක් පිලිබඳ සංවාදයකට එළඹෙන්නයි මේ උත්සහ කරන්නේ.


වර්තමාන දේශපාලන බල පෙරළියත් එක්කම "අලි පොත" , " අලි පැටවුන්" , "අලි  ලියාපදිංචිය", "හීළෑ අලි" පිළිබඳව සමාජයේ හැමතැනකම කතාබහට ලක්වෙනවා. අලිපැටවුන් සඟවාගෙන සිටීම, නීති විරෝධී ප්‍රවාහනය , අයිතිය පිළිබඳව ව්‍යාජ ලිපි ලේඛන සැකසීම ආදීකොටගත් බොහෝ කාරණා ලොකු පන්සල් සහ ලොකු සල්ලිකාරයන් සම්බන්ධයෙන් සෑම තැනකින්ම පාහේ අහන්නට ලැබෙනවා. 


ගම් වල කොලුකුරුට්ටෝ දිරාපු බෙණ තියන ගස් වලට බඩගාලා ගිරා පැටවූ, සැළලිහිණි පැටවු අල්ලාගෙන කූඩුකරලා හදනවා මං අනන්තවත් දැකල තියනවා. එහෙම ගස් බඩගාන කොල්ලන්ට "අනේ මටත් පැටියෙක් අල්ලල දියන් කොල්ලො" කියල ගිරා පැටියෙක් ගෙන්නාගෙන   කතාකරන්න පුරුදු කරවල "පෙත්තෝ බත් කෑවද " අහන, ගිරවෙක් ගෙදර ඉස්සරහ කූඩුවක එල්ලගෙන වටේම මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන මිනිස්සු ගම් වල ගොඩදෙනෙක් ඉන්නව. ඔය කාරණාව මුලින්ම මතු කලේ කැලේ සත්තු තමන්ගේ බූදලයක් කියල හිතාගෙන ඉන්න ගණින්නාන්සෙලයි, හීනමානෙන් පෙළෙන සල්ලි කාරයොයි ඔය විදියටම අදාළ පුද්ගලයන්ට "මටත් අලි පැටියෙක් දෙන්න" කියල ඉල්ලගත්ත, මිලදීගත්ත විදියක් තියෙන්න ඇති කියල හිතේ මැවුණු නිසාවට. සල්ලිකාරයෝ තමන්ගේ තත්වේ පුම්බගන්න, ලොකු කමක් විදියට පෙන්නන්න, වලව්කාරකමක් ආරූඩ කරගන්න හීනමානය පෙරදැරිකරගෙන අලි පැටියෙක් වත්තේ දන්වැලකින් ගැටගහල හදන එක ඉහලම සමාජයෙ හෙනම "පොර වැඩක්" වෙන්නැති.


උපාසක දානෙට අනුන්ගෙන් ලැබුණු කෙසෙල් ඇවරියක් පන්සල් වත්තේ බැඳලා ඉන්න අලිපැටියට උජාරුවෙන් ගිල්ලවල ලබන සතුට  පන්සල් වල "ගණ ගෙඩියන්ට"  චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තම දැනෙන සතුටටත් වඩා  ලොකුඇති. බෙන්ස් කාර් එකක නැගල සසර කතරෙන් එතෙර වෙන්න පැට්‍රොල් කීයක නං වියදම් වෙයිද? අන්න ඒ වියදම කවර් කරගන්න සල්ලි එකතුකරන හාමුදුරුවරුන්ට බැරිවෙලාවත් අනාගතේදි බලශක්ති අර්බුධයක් ආවොතින් "බැකප් ප්ලෑන්" එකක් විදියට අලියගෙ පිටේ නැගල හරි සසර කතරෙන් එතෙර වෙන්න පුළුවන් මං හිතන්නෙ. 


නන්දන අතපත්තු මහතා මහතාගේ යටතේ අලි ඇතුන් සම්බන්දව පශු වෛද්‍ය වරයෙක් වශයෙන් සේවය කල ( පසුකාලීනව ප්‍රධාන වෛද්‍ය වරයෙක් විදියට සේවය කල) මහත්මයෙක් රචනා කල "අලි ඇතුන් සමග දස වසක්" (නම පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා ඇති සමහරවිට) නමින් පොතක් මීට වසරකට පමණ කලින් කියෙව්වා මතකයි. ඉතාම වැදගත් කරුණු සහිතව රසවත් විදියට ලියා තිබූ ඒ කෘතිය තුලින් "වන අලින්" පිළිබඳව බොහෝ කරුණු වගේම අලි මිනිස් ගැටුම, අලින්ට සිදුවන කෙනෙහිලි කම්, හැසිරීම් රටා, අතරමන් වන අලි පැටවුන් පුනරුත්ථාපනය අදීකොටගත් බොහෝ කරුණු සාකච්චාවට බඳුන්වෙලා තිබුණා මතකයි. මම දන්නා පරිද්දට පින්නවල අලි අනාථාගාරයේ බිහිවන පැටවුන් යම්කිසි ක්‍රමවේදයක් මගින් විහාරස්ථාන වලට  සහ සාමාන්‍ය පුද්ගලටන්ට නීතිමය අවසරයක් ඇතුව ලබාදීම සිදුවෙනවා. එසේ සිදුවන්නේ මට සිතෙන ආකාරයට මිනිසුන් සමග හැදී වැඩී මිනිස් වාසයට හුරු වුනු එම සතුන් වනාන්තර පරිසරයට හුරුකිරීම අපහසු නිසාවට වෙන්නැති. එහෙත් කැලයේ අතරමන් වූ අලි පැටවුන් බොහෝවිට උඩවලව ඇත් අතුරු සෙවණට යොමු කෙරීමෙන් පසුව ක්‍රමාණුකූල ක්‍රමවේදයක් මගින් නැවත වන ජීවිතයට හුරුකොට යලිත් ඔවුන් වනයට මුදාහරිනු ලබනවා.

 

නමුත් මම දන්න විදියට බොහෝවිට රටවල් අතර මිත්‍රත්වයේ සංකේතයක් විදියට අලි පැටවුන් ප්‍රදානය කිරීමේ  රාජතාන්ත්‍රික කටයුත්තෙදිත් පින්නවලින් සහ උඩවලවේ ඇත් අතුරු සේවනෙනුත් අලි පැටවුන් "පැහැරගන්නවා". ඒත් බොහෝ විට ඔරොත්තු නොදෙන දේශගුණයක්  සහිත පරිසරයක නන්නාදුනන ඇත්ගොව්වන් සමග හිරේ විලංගුවේ වැටෙන ඒ අලි පැටවා මගින් "රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය" ශක්තිමත් වෙන්නේ කොහොමද කියල මම නම් දන්නෙ නෑ... එහෙම වෙනත් රටක  දුක් විඳින එක් අලි පැටවෙකු පිළිබඳව මෑතකදී අසන්නට ලැබුණා ඔබටත් මතක ඇති.



හමුදාවේ එක් සේනාංකයක  ලාන්ඡනික සත්වයා විදියට විසිතුරු රෙද්දක් පිටෙහි දරාගෙන කෙළිලොල් කඩිනම් ගමනින් උත්සව අවස්ථා වල ගමන්කරන අලි පැටවෙක් පිලිබඳ කලින් මා කිව් පොතේ සඳහන්වී තිබුනා. එහි තිබූ ආකාරයට ඇත් අතුරු සෙවණේ පුනරුත්තාපනය මගින් වනයට මුදාහැරීමට හැකියාව තිබූ සහ සූදානම්ව තිබූ අලි පැටියෙකුයි ඒ.. දේශපාලු මැදිහත්වීමක් නිසාවට කැලයේ උරුමය වෙනුවට එම සත්වයාට උරුම උනේ රෙජිමේන්තු ජීවිතයක්. 
 

තාක්ෂනය සහ යන්ත්‍රසූත්‍ර නොදියුණු අවදියේ ලංකාවේ බොහෝ සංවර්ධන වැඩකටයුතු සහ මිනිසුන්ට කල නොහැකි වැඩ වලට යොදාගත්තෙ අලි ඇතුන්. අපේ ගම් වලත් අලින් ලවා අද්දවනලද ගල් කුට්ටි ගල් පතුරු යොදාගෙන සකස් කල පාරවල්, ලිං බැමි, බෝක්කු , ගල් ඒදඬු අදත් දකින්න තියනවා. බොහෝවිට ඒ කාලේ අලි හිටියෙ වලව් වල. අද කාලේ බැකෝ , JCB , ගල් රෝල් වලින් කරන කාර්යයන් ඒ කාලෙ  සිදු කලේ අලි ඇතුන්ලවා. ඒ කාලේ අලි ඇතුන්ගෙන් වැඩ කරවල දීල මුදල් උපයපු "හාමු මහත්තුරු" අද කාලෙ නම්බුවට, තත්වෙට විතරක් උන්ව අතින් වියදම් කරගෙන නඩත්තු කරනවා. වැඩකට කරන්නේ පෙරහරේ යන එක විතරයි.  ඒ නිසාම වෙන්නැති "වලව් හීනමානෙන්"පෙලෙන , වංචාවෙන් හොරා කෑම මගින්  හෝ මුදල් උපයාගත් "වෙන්ඩ හාමුලා" අලිපැටවූ හොරකම් කරන්න දතකන්නේ.සුප්‍රසිද්ධ "පනාමුරේ ඇත්රාජා" කතාවෙ විදියට "ඇත්ගාල්" මගින් අළු ඇතුන් අල්ලාගෙන හීළෑ කරගනිමින් ඒ යුගයේ සංවර්ධන කටයුතු වලට යොදාගත්බව කියවෙනවා.




තාක්ෂනය සහ යන්ත්‍ර සූත්‍ර ඉතා දියුණු වර්තමායේ අලි ඇතුන්ගෙන් සංවර්ධනය සඳහා කිසියම්හෝ වැඩ කොටසක් ඉටු වෙන්නේ නැහැ. එහෙම හැකි බවක් තිබුනත් අවශ්‍යතාවයකුත් නැහැ. අලි ඇතුන් යොදාගැනෙන්නේ පෙරහැර කටයුතු සඳහා පමණයි. මගේ විශ්වාසයේ හැටියට ඒ සඳහා දැනට සිටින හීළෑ අලි ඇතුන් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. අවශ්‍යම නම් පමණක් පින්නවල බිහිවන පැටවුන් මිනිස් වාසයට හුරුකම නිසාවට ඒ සඳහා පුහුණු කරගැනීම එතරම් ගැටළුවක් නැහැ.(මගේ පුද්ගලික මතයනම් , දළදා පෙරහැර කරඬුව වැඩම්මවීම සඳහා වුවද අලි ඇතුන් යොදාගැනීම වුවද සත්ව හිංසාවක් සහ අපරාධයක්) නමුත් වනයේ වෙසෙමින් අතරමංවූ අලි පැටවුන් පුනරුත්ථාපන කොට නැවත වනයටම මුදාහැරීමේ ක්‍රමානුකූල වැඩපිළිවලක් තිබියදීත් ඔවුන් පැහැරගනිමින් යමින් බැඳ දමා අතිශය කෲර අභ්‍යාස මහින් හීළෑ කරවාගනිමින් පන්සලේ නම්බුව රැකීමට සහ අයිතිකරුගේ තත්වය පෙන්වීමේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස භාවිතාකිරීම අහස පොලව නූහුලන අපරාධයක්.


එදිනෙදා දානේ වේලත් තමන්ම පිසගෙන වළඳමින් එදා වේළ සොයාගත නොහැකිව වෙහෙසෙන ජන සමාජයන්හි අති දුෂ්කරව  සාශනික සේවයේ නිරතවෙන සිල්වත් බුද්ධපුත්‍රයන් වහන්සේලා වැඩවසන රටක, බෙන්ස් කාර් රථයක් මිලට ගැනීමට වෙහෙසෙන ගණින්නාන්සේලා කොටසකුත් අපට දකින්නට පුළුවන්.පොහොසත් දායකයින් පිරිසක් ලංකරගැනීම, පංසල මාලිගාවක් කරගැනීම , තිබෙන වාහනය සුඛෝපබෝගී බෙන්ස් රථයකට පෙරලවාගනීම, ටීවී බණට නිතර දෙවේලේ වැඩීම, ඉන් අනතුරුව පන්සල් වත්තේ අලියකු ගාල් කරගැනීම නූතන ගණ ගෙඩියන්ගේ එකම අභිලාෂය එයයි. අලි පැටවකු මිලදීගත නොහැකිනම් මුව පොව්වන් කිහිපදෙනෙකු හෝ පන්සල් වත්තේ කොටුකරගනීමට මුන් වෙහෙසෙන්නේ කාගේ බණ ඇසීමෙන්දයි සැකයක් උපදිනවා .. මුවෙක් හදන්නට අමාරුනම්, මොණරකු, දඬු ලීනෙකු, හාවෙකු, ඉත්තෑවකු  බැරි නම් තලගොයෙකු හෝ  පන්සල් වත්තේ කූඩු කර නොසිටීනම් සමහර ගණයන්ට පිලිකුල් භාවනාව වැඩීම අමාරුයි . වර්තමාන පන්සලේ තත්වය මේකයි.


සුද්දන්ට කත් අදිමින් තානාන්තර ලබාගත් වලව් පැලැන්තිය අද හොම්බෙන්. වලව් වත්තේ අලියාට කිතුල් ගහක් මිලයට කපාදීම  සහ ඇත්ගොව්වාට පඩි නඩි  ගෙවීමත් වලව්වේ හාමුට දැන් අමාරුයි. වලව් අඩුව පුරවන්න වර්තමානයේ "ඩීල් ව්‍යාපාරිකයන්" , "හොර දේශපාලුවන්" , " මගඩි විනිසුරුවන්" , " බිස්නස් වෙදදුරන්" ආදී කොටගත් පිරිසක් බිහිවෙලා. ඔක්කොම අඩුපාඩු සපිරුනත් උන්ගේ මහන්තත්වය රැකීමට "අලි" අඩුවක් ඉතුරුවෙලා . ඒකට අතරමං වෙච්ච  අලි පැටවු ටික "පළි".



කුප්‍රකට "පනාමුරේ ඇත්ගාලේ" ස්වකීය වර්ගයා වෙනුවෙන් ඇත්ගාලේ සෙසු අලියන් මෙල්ල කිරීමට එරෙහිව අරගල කල සුප්‍රසිද්ධ "පනාමුරේ ඇත රජු" (ඇතෙක්  කීවද සද්දන්ත අලියෙක්) වෙඩිතබා ඝාතනය කිරීමට සිදුවුණා කියල කියවල තියනවා. නිර්භයව වෙඩි සැරයට මුහුණදුන් ඒ හස්තිරාජයා, වෙඩි තැබූ පාහරයා දෙස බලාගෙනම දනින් වැටී මිය ගිය බව සඳහන්.  "පනාමුරේ ඇත්ගාලේ" හිමිකරුවා එවක කථානායක ධූරය දැරූ "සර් ෆ්‍රැන්සිස් මොලමුරේ" බව මම අහල තියනව.  ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් සිටගෙන සිටිනවිට දණින් වැටීමෙන් අනතුරුව ලු. සොබාදහමේ තීන්දු තීරණ සැම කල්හිම සර්ව සාධාරණ බවයි මම නම් විශ්වාස කරන්නෙ. ඒ බව  අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එක සේම  වලංගුයි.....

30 comments:

  1. මේ මාතෘකාව ගැන අම්මත් එක්ක ඊයේ රෑ කතාකලා ,ගෝඨාගේ අලිගැන නිවුස් වල කිවුවට පස්සේ.මට තේරුම්ගන්න බැරි එකමදේ ;අවුරුදු 60-70 ජීවත්වෙන දවසකට කිලෝමීටර 50ක් විතර ඇවිදින සතෙක්ව මුළු ජීවිත කාලෙම දම්වැලකින් බැඳල අනුන්ට පෙන්නන එකෙන් මුන් ලබන තෘප්තිය මොකද්ද කියන එක.
    මහා ලොකුවට රට හදන්න කතා කරනවා.ඒවුනාට ගිහින් බලපන් අර ගන්ගාරාමේ ඉන්න අලියව තියන් ඉන්න හැටි.අවුවට රත්වෙන පොඩි ටකරන් වහලක් යට තියාගන ඌට දෙන්නේ දස වදයක්.ඕකේ විතරක් නෙමෙයි.ගොඩක් පන්සල් වල තත්වේ ඕක තමයි.මොන තරම් උතුම් කිවුවත් දලදා මාළිගාවේ තත්වෙත් ඕකම තමා.ඒ කාලේ අලියට වඩා ලොකු වාහනයක් තිබුනේ නැති නිසා එහෙම කලා කියමුකෝ.ඒත් දැන් මොන මගුලටද ඒකම කරන්නේ.
    ඕවා මිනිස්සුන්ගේ මානසික ප්‍රශ්න.පේන්නේ නැද්ද නුවර පාර අරින එකට කියන කතා.පාර වහල තියන කොට ට්‍රැෆික් එකේ යන කොට ඒකේ යන එවුන්ගේ හිත් වල ශ්‍රද්ධාව උතුරනවා කියලා කට්ටිය හිතන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් දවසක් කට්ටියක් එක්ක ගංගාරාමෙට ගියා.අලිපැටියෙක් දම්වැල්වලින් බැදල වද දෙනව දැක්ක.ඒක නෙමේ මෙතන ලස්සනම දේ .අපි මේ අලිය දැකල අනේ හුරතල් කිය කිය වර්නනා කළාට එකෙකුවත් ඌ විදින වදේ දැක්කෙ නෑ.ඊනියා පින්බිම පැත්තකින් තියල සුද්ද සිංහලෙන්ම අපිපැටියගෙ වේදනාව කියල දුන්න.ඒකට දුන්න උත්තරේ ඇහුවම මම කර්පට් වුනා.අලිපැටිය පින් කරල තිබෙන නිසාලු මේ වගෙ උතුම් කාර්යයකට සහභාගිවෙන්න ලැබුනෙ.පන්සල් හාමුදුරුවරු ආස්සරේ ඉන්නත් පින ඕනලු.
      එතනින් එහාට මොනව කියන්නද

      Delete
    2. ඕව කතාකරල වැඩක් නෑ බං. පෙරහරක සංවිධාන වැඩකට එකපාරක් මමත් ගියා. නැටුම් කණ්ඩායම් පිටිපස්සෙන් ආපු අලිය මද කිපිලා දඟලනවා. මම කිව්වා පොඩ්ඩක් ඉඩ තියල ඈතට වෙන්න එන්න කියල. එක අහපු අලි බලන එකා කියනවා මිනිස්සු බය කරන්න එපාලු. උගේ අම්මව මතක් කරලා බැන්න මම. මිනිස්සුන්වත් අනතුරේ දානවා අහිංසක සත්තු ගාල් කරගෙන. වෙන අලි පැටියෙක් පෙරහරේ ගියෙ දඟල දඟල. මිනිස්සු කියනවා ඒ බෙරේට නටනවලු. එහෙම එකක් නෙවෙයි . පොඩි එකාගේ කෙළිලොල් කමට කොහොමත් එහෙමයි. මොකෝ උට නටන්න හුරතල් වෙන්න අම්ම ඉන්න එකක් යැ. කෝටු වලින් ගහනවා, හෙන්දුවෙන් අනිනවා. අපේ ගමේ අලි බලන එකෙක් හිටිය. ඌට ගෑනි ගහනවත් එක්ක. අල්ලපු ගමේ වලව්වෙ අලිය බැලුවේ. ඌ බීල ඇවිත් ගෑනිට බනින්නේ අලිය පිටේ ඉඳගෙන. ගෑනිට මුට ගහන්න බෑනේ එතකොට. මම දැකල තියනවා උගේ ගෑනි ඉස්සරහ අලිය දන ගස්සනවත්. ඔන්න අලින්ට ගිය කලක්...

      Delete
    3. //අපේ ගමේ අලි බලන එකෙක් හිටිය. ඌට ගෑනි ගහනවත් එක්ක. අල්ලපු ගමේ වලව්වෙ අලිය බැලුවේ. ඌ බීල ඇවිත් ගෑනිට බනින්නේ අලිය පිටේ ඉඳගෙන. ගෑනිට මුට ගහන්න බෑනේ එතකොට. මම දැකල තියනවා උගේ ගෑනි ඉස්සරහ අලිය දන ගස්සනවත්. ඔන්න අලින්ට ගිය කලක්...// :D :D :D :D :D :D

      Delete
  2. සිරාවටම මචන් මට අපි මිනිස්සු විදිහට කොහෙද තාම ඉන්නේ කියලා හිතුනා ඒ අලි පෑටවු ගේ දුක්කිත ජීවිත දෑක්කම

    ඉතාම ඉක්මනින් ලන්කාවේ සත්ව හින්සනයට අදාල නීති සම්මත වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඕව කියල වැඩක් නෑ බං. පෙරහැරේ නාමෙන් ඔය ජාවාරම දිගටම කෙරෙයි...

      Delete
  3. ගංගාරාමේ අලියට හිරිහැර කරන වීඩියෝ ෆේස්බුක් එකේ හෙම ගියාම පන්සලේ කීර්ති නාමයට රිදුණා කියලා දායක සභාව ලිපියක් දාලා තිබුණා ලු. අලි පැටියට රිදීම ගැණ මොකද දන්නේ නෑ කියන්නේ!

    ඒ අලි පැටියා ගැන වීඩියෝවක් සහිත ලිපියක් මෙන්න.

    http://kathandara.blogspot.com/2013/01/shocking-video.html

    ReplyDelete
    Replies
    1. පිස්තෝල ගණින්නාන්සේගේ කෙරුවාව... මිනිස්සු ඉන්නවා කියමුකෝ හීනමානෙන් පෙලෙන. හාමුදුරුවෝ???

      Delete
  4. පන්සල් හැම එකකම ඔය වගේ තමයි , අනික ඉස්සර පන්සල් වල අලි හිටියේ ඒ පන්සල් වලට අක්කර සිය ගණන් භුමිය තිබ්බ නිසා , අලින්ට කලාවේ ඉන්නවා වගේම පන්සලෙත් ඉන්න පුළුවන් කම තිබ්බ නිසා, දැන් අලි ඉන්නේ නගරේ තියෙන පර්චස් දහයේ පොෂ් පන්සල් වල , ඉතින් අලි හිරේ දැම්ම වගේ තමා

    ReplyDelete
    Replies
    1. විලංගු දාලා කකුල් කැපිලා , කොටු පාරවල්, හෙන්ඩුපාරවල් ඇඟේ හැමතැනම. හරියට කන්න නෑ.. අපේ අයියලත් බුකියේ ශෙයා කරන ඒවා දැක්කම මුන් බෞද්ධද කියල හිතෙනවා. තායිලන්තේ හාමුදුරු පැටවූ එක්ක ඉන්න අලින්ගේ පින්තූර, දළදා මාලිගාව ඉස්සරහ අලි දනගස්සල තියන පින්තූර. හෙන්ඩුපාරට බයේ මිසක් ශ්‍රද්ධාවෙන් දනගහනවද හීළ අලි??

      Delete
  5. මමයි සදුයි පොඩි මෙන්ඩයි පින්නවල ගිය දවසක අර අලින්ටයි පැටවුන්ටයි ගහන හිරිහැර කරන විදිහ දැකලා ඒ දෙන්නාම ඇඩුවා..පොඩි මෙන්ඩා තවම ඒ සිද්දිය මතක් කරලා අඩනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩ ඔය විදියටම සංවේදීව හදාපන්... රටට කරන ලොකු සේවයක්...

      Delete
  6. මේ පෝස්ට් එකට මං ආසයි බන්.වැඩියෙම ආස ගණගෙඩිය කියන වචනෙට.මමනම් වැඩිපුර කියන්නෙ බලුගණයි කියල.මේ හු****ගෙ පුතාල ට වැද වැද උන් මත්තෙ මැරෙන මෝඩයො මුන්ගෙ සැබෑව දන්නෙ නෑ.මුන්ට ගිහියන්ට තියන තරම්වත් සීලෙයක් නෙමේ මනුස්සකමක් වත් නෑ.
    අත්හැරීම තුලින් නිරාමිස සුවය බුදුන් දේශනාකළාට මේ වේ***ගෙ පුතාල ජීවත්වෙන්නෙ ආසාවල් පොදිබැදගෙන.මුන්ගෙ තෘෂ්ණාවෙ සීමාවක් නැතිකම තමයි මුන්ගෙයි ගිහියන්ගෙයි තියන වෙනස.
    මුන් ජාතිවාදෙ ආගම්වාදෙ අවුස්සන්නෙ මහජනයගෙ අවධානය වෙනතකට යොමුකරන්න.දැන් සමාජජාලවල නම් මුන්ට හොද ගරු බුහුමන් දෙනව පේනව.
    මම නම් මුන්ට වදින්නෙ නෑ.කතා කරන්නෙත් හිමි කියන කොටස නැතිව නිකම්ම සෝභිත,රේවත ,ආදී වශයෙන්

    ReplyDelete
    Replies
    1. කතා කරන්නෙත් හිමි කියන කොටස නැතිව නිකම්ම සෝභිත,රේවත ,ආදී වශයෙන්// කතා කරන්නෙ කිව්වෙ උන් නැති තැන.උන්ට වැන්දෙ නැතිවුනාට මූණට හාමුදුරුවනේ ,ස්වාමීන් වහන්සෙ කියල කතා කරනව .එහෙම නැතුවත් බෑනෙ.නැතිතැන නම් බලු ගණය ,හොර ගණය කියල තමයි ගරු නම්බු දෙන්නෙ.
      ආරණ්‍ය වල ඉන්න හොඳ හාමුදුරුවරුන්ට මම ගරු කරනව.ඒ ගෞරවය හදපතුලෙන්ම එන්නක්

      Delete
    2. මටත් ඔවුන් පෙන්නන්න බෑ.. සිල්වත් හාමුදුරු වරුන්ට සියලුම ගරු බුහුමන් ලබා දෙනවා.. ඒ උනත් වැඩිහරියක් ඉන්නේ හොර ගණයි. පන්සල හදනවා කිය කියා සල්ලි එකතුකරන හැත්ත..

      Delete
  7. ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
    නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
    කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..

    ReplyDelete
    Replies
    1. මොකක්?? මෙලෝ මලදානය තේරුණේ නෑ බං..

      Delete
  8. මේ පෝස්ටුවෙන් උඹ මේකෙ රෝග නිධානය බොහෝම පැහැදිලිව එලි කරලා තියෙනවා. රාජප්ක්ෂවරු කියන්නේ ප්‍රභූවරුන්වත්, වලව්කාරයන්වත් නෙමෙයි.. මදාවි සෙට් එකක්.. උන්ට තිබුනේ රජ පිස්සුව.. නැති තත්වයක් ඇතිකර ගන්න කරපු එක වැඩක් තමයි ඔය. අනෙක පන්සල් වල ඉන්න හොර ඝනයෝ.. මුන් තාම ජීවත් වෙන්නේ ගල් යුගයේ.. මම නම් කියන්නේ ඔය අලි ඉන්න හැම තැනකින්ම අරගෙන පුනරුත්තාපනය කරලා කැලේට යවන්න පුළුවන් නම් එහෙම කරලා. හැම එකාගෙම ගේ ඉස්සරහා හොඳ මී හරක් බානක් ගැට ගැහුවා නම් හරි.. අයිති එකාගේ නම බෝඩ් එකක ලියලා කරේ එල්ලලා.. උන්ව ආන්ඩුවෙන් මේන්ටේන් කොලත් පාඩු නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය රෝගෙ සුව කොරන්ඩ බෑ සහෝදරයා...මුන් ලෝකෝත්තර හොරු.. වලව්කාරකම ආරූඩ කරගන්න දැඟලුවේ...

      Delete
  9. සාජ්ජේ.............................

    මුලින් ම කරන්න ඔ්නේ ඔය පෙරහැරවල් වල ඔය සත්තු දක්කාගෙන යන ඒක නැවැත්වීමයි.. ඒක නවත්තන කල් අලින්ට වන අතවර නවත්තන්න බැහැ..... යකෝ ඒ සතාට තමන්ගේ ජීවිතය ගත කරන්න දෙන්නැතුව අැයි අපි උෟව පෙරහැරවල් ගානේ දක්කන්නේ..... අපේ අහවල් ඒක පෙන්නන්න යැ............ ඔ්කට මොකෙක්වත් කැමති නෑ.............. ඉතින් හැමදාම අලින් මිනිසුන් විසින් විනාශ කරගෙන යනවා........ අැත්ත ඔච්චරයි සාජ්ජේ

    ReplyDelete
    Replies
    1. ඕව ගැන කොච්චර කියෙව්වත් සංස්කෘතිය කිය කිය ඕකම කරන්න අපේ ගෝත්‍රිකයෝ ඕකම තමයි කරන්නෙ.. අලි ගානෙන් නේ අද පෙරහැරවල් වල සරු කම මණින්නේ...

      Delete
  10. සහතික ඇත්ත.. මං හැමදාම මේකට විරුද්දයි. මං ලියපු මෙව්ව කියවන්නකො
    http://lankapriyagesithivili.blogspot.com/2012/08/blog-post.html
    http://lankapriyagesithivili.blogspot.com/2014/06/blog-post_5.html

    ReplyDelete
    Replies
    1. බලන්නම් මං.. ස්තුතියි සහෝදරයා...

      Delete
  11. මාත් අකමැතිම වැඩක් ඕක..අලි ඇතුළු හැම සතෙක්ම වටිනවා..අපේ මිනිස්සු හිතන්නේ මිනිස්සු විතරයි ජීවත්වෙන්න ඕන කියලා.කවුරුකළත් ජරා වැඩක්..අලින්ට දසවධ දෙන පින්තූර වීඩියෝ මාත් දැකලා තියෙනවා..උඹට මතකද 90 දශකයේ මුල ගියා ළමා චිත්‍රපටියක්, මට විස්තරේ හරියටම මතක නෑ, ඒත් ඒ සර්කස් එකේ අලි පැටියා හමුදාවෙන් වෙඩි තියලා මරන්න හදනවා, අලියාව කට්ටියක් හොරෙන් කෝච්චියක දාගෙන ගිහින් බේරගන්න හදනවා, ඒත් අන්තිමට අහුවෙනවා..මාර දුකයි ඒ කතාවා..පුංචි කාලේ කඳුළු පෙරන් ඇඬුවා ඒක බල බල...දැන් මචං අලින්ට වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ වැඩක්..මේවට ක්‍රමවත් නීති සම්පාදනය කරලා විතරක් මදි ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕන තරාතිරම නොබලා..

    ReplyDelete
    Replies
    1. මට ඒ චිත්‍රපටිය මතක නෑ බං. අහිංසක සත්තු.. මොලේ තියන ,අනිත් සත්තුන්ට වඩා හැගීම් දැනෙන අලින්ට වද දෙන එක හෙන ගහන අපරාධයක්... ගහණය වැඩි නම් මරල දැම්මත් කමක් නෑ එක අතකට මෙහෙම නොමරා මරනවට වඩා...

      Delete
    2. සහතික ඇත්ත..ඒත් මරලා දාන්න ඕන උන්ව නෙවෙයි බං හිත්පිත් නැති මිනිස්සුන්ව...

      Delete
  12. කරන්ඩ තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම විතරයි.... මේ හිංසාවලට විරුද්ධව නීති තියනවා.... ඒත් ඒක හීනයක් විතරයි ...... ගංගාරාමෙ ගංගා එහෙම කවදාවත් නිදහස් වෙන්නෙ නෑ... මොකෝ අර ගනය සිවුර කරේ තියන් එන එන හැම ආන්ඩුවටම හේත්තු වෙනව නේ

    ReplyDelete
  13. පහුගිය කාලේ කට්ටිය තමන්ගේ උජාරුව පෙන්නන්නත් එක්ක අලි අරන් ගියා මදිවට අලි පොත පවා ඉස්සුවනේ.. කොයො කොහොම උනත් මේවයෙන් අන්තිමේ දුක් විදින්නේ ඒ අහිංසක සත්තු තමයි..

    ReplyDelete
    Replies
    1. මම අහල තියන විදියට ගොඩක් අලි පැටවූ පැහැරගෙන තියෙන්නෙ අලි අම්මව මරල....

      Delete