ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ



"ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වී තම රටේ පුරවැසි භාවය ලබාගෙන ශ්‍රී ලංකාවට ම චියර් කරන මිනිසුන් ගැන ඕස්ට්‍රේලියාවේ දේශප්‍රේමී, දේශමාමක ජනතාවගේ ආකල්පය කෙබඳු වේද?" ෆේස් බුකියේ ලංකික ක්‍රිකට් කමිස ඇඳගත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රීලාංකිකයන් ක්‍රිකට් තරඟ නරඹමින් ලංකාවට චියර් කරන පිංතූර සහිත ලිපියක් දැක්කා. ඇත්තටම කල්පනා කරලා බලනකොට කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙවී එහෙ පහසුකම් ඔක්කොම භුක්තිවිඳින ගමන් ලංකාවට ආවඩන එවුං ගැන සුද්දන්ට පුදුම "මළක්" ඇත්තේ.


 කැප්ටන් ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවට ගොඩ බැස්සට පස්සෙ ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත් උනා. මුල්ම කාලේ බ්‍රිතාන්‍යයෙන් ඔය වගේ යටත් කරගෙන කොලනි පිහිටවන්න තීරණය කරපු රටවල් වලට පදිංචිකාරයෝ විදියට ඒ රටවල් වලට "ඇණයක්" වෙච්ච මිනිස්සු ටික එව්ව කියල තමයි මම නං අහල තියෙන්නෙ. 11 වසරේදී අපේ සමාජ අධ්‍යයන මිස් නං කිව්වෙ ඔස්ට්‍රේලියාවට එව්වේ එංගලන්තේ හිටපු "පිස්සො" ටික කියලයි. සිම්බාබ්වේ වලට ගිහිං දැම්මේ එංගලන්තේ හිටපු "මිනීමරුවෝ, දාමරිකයෝ" ටික කියලයි. කතාවේ ඇත්ත නැත්ත දන්නෙ නැති උනත් ඒ ගැන හිතනකොට එකේ අත්තක් නැත්තේම නෑ කියලත් හිතෙනවා. ඒ වගේ පාළු  නොදන්න රටක මුල් පදිංචිකාරයෝ විදියට  ජීවත් වෙන්න යන්නෙ, ඉන්න තැන් වල යමක් කරගන්න බැරි "ආතක් පාතක්  නැති" එවුං තමයි බොහෝ වෙලාවට





 ව්‍යාපාරික අරමුණු , නව ගවේෂණය සහ වාසනාව උරගා බැලීමේ අදහසින් යන උදවියත් ඉන්නවා තමයි. ඒත් ඔය ආක්‍රමණ කාරයෝ ආපුවම උන් ස්වදේශිකයන්ට කෲර විදියට සලකන්නේ බොහෝ වෙලාවට ආක්‍රමණිකයා "අර ජාතියේ" එකෙක් උනාමයි. මොකද සුද්දෝ කියන්නෙ අපි දැන් දන්න විදියට නරක ජාතියක් නෙවෙයි. ඒත් ලංකාවට ආපු සුද්දො ගැන ඒ කාලේ ඉඳන්ම තියෙන්නෙ එච්චර හොඳ ආකල්පයක් නෙවෙයි. තමන් මස් කනකොට ගෙදර බල්ලටත් "කටු කෑල්ල හම්බවෙනවා වගේ" එංගලන්තෙන් එව්ව උන් ඉන්න රටවල් වලට සෑහෙන තරමේ පහසුකම් මව් රටෙන් ලැබුනා. ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ "අලුත් ලෝක" වල තිබුන ස්වභාවික සම්පත් උන්ට නිධානයක් වගේ උනා. භූමිය, ස්වභාවික සම්පත් ඇතිවෙන්න තියන රටට අවශ්‍ය උනේ මිනිස් සම්පත. එංගලන්තෙන් ඉල්ලගෙන කාපු, සුද්දෝ දම්මල සුද්දකරපු,ඔස්ට්‍රේලියාව ධන උල්පතක් වෙන්න පටන් ගත්ත.


 රටේ ඉඩ ඕනතරම්, මිනිස්සු නෑ(අඩුයි), ජීවත් වෙන්න සුදුසුයි, ස්වභාවික සම්පත් ඕනෑ තරම්. තවත් ඉතිං මොනවද ඕන කරන්නෙ? ඒ ස්වභාවික සම්පත් වලින් වැඩ අරගන්න පුළුවන් ශ්‍රමය සහ මොළ. අන්න ඒක පුරවන්න තමයි අපේ එවුනුත් එහෙ යන්නෙ.
 මෙහෙ ඉගනගෙන යම්කිසි දේක ප්‍රවීනත්වයක් ලබල ඉන්නකොට ඒ රටෙන් ඒ වෙනුවෙන් හොඳ ගෙවීමක් කරන්න ලෑස්ති නම්, යටිතල පහසුකම් උපරිමයෙන් ලබා දෙනවා නං ,එහෙ ගියොත් ගොඩ යන්න පුළුවන් නං තවත් මොනවද බල බලා ඉන්නෙ. ඒ විදියට තමන්ගෙ  හැකියාවට සුදුසු රැකියාවක් ලබාගෙන එහෙ ජීවත් වෙන එක තමයි "ඔසී" ලාංකිකයෝ  කරන්නෙ. අපේ උන්ගේ මොළ සහ ශ්‍රමය සල්ලි වලට අරගෙන උන්ගේ වැඩ කරවගන්න එක එතන සිද්ද වෙන්නෙ. ඒ වෙනුවෙන් අපේ එවුන්ට හොඳට ගෙවනවා. ලස්සනට ජීවත් වෙන්න වටපිටාවක් හදලත් දෙනවා. තවත් ඉතිං මොන කතාද.


 අපේ උනුත් එහෙ ගියාට ගොඩක් වෙලාවට "හදවතින්ම ශ්‍රී ලාංකිකයි" .  එහෙන් සල්ලි හම්බකරලා මෙහෙට එවනවා. මෙහෙ ඉන්න උන් එහෙට ගෙන්නගන්නවා. ඒ වගේම ඒ රටටත් යම්කිසි වැඩ කොටසක් කරන ගමන් මෙහෙටත් කරනවා . බලනකොට ඔය කිසිම දේක වැරද්දකුත් නෑ. තමුන් ඉගනගත්ත හෝ පුරුදුවෙච්ච කිසියම් "ට්‍රේඩ්" එකක් ,"ස්කිල්" එකක් පාවිච්චි කරලා තමාගේ ජීවිතය සරි කරගන්නවා. කොහේ ජීවත් උනත් වෙන්නෙ ඕකනේ.එහෙට ගියාම අපේ උන්ගේ අපේකම කොච්චරද කියනවා නං ඉස්කෝල වල, විශ්වවිද්‍යාල වල, කාර්මික විද්‍යාල වල බැච් පිටින් එක ළඟ එකම වීදි වල ජීවත් වෙන්නෙ කියල මං අහල තියනවා.

 
එතකොට මුස්ලිම් මිනිස්සු ලංකාවට එන්නේ මොකටද? වෙළඳාම් කරන්න. ඒ වෙළෙන්දොත් එක්ක මුස්ලිම් ගෑණු උදවිය ආවද? බොහෝ දුරට නෑ. කාලයක් තිස්සෙ ලංකාවේ ජීවත් වෙච්ච මුස්ලිම් මිනිස්සු මෙහෙ අලුත්ම සංස්කෘතියක් හදාගෙන. හැබැයි ආගම නං පුතෝ ගලවන්න බැරිවෙලා. සිංහල ගෑනුත් එක්ක දීග කාලා හැදුනු කලවම් ජාතිය උනාට ඒ උදවිය තාමත් මුස්ලිම් ආගම අදහන්නේ. ආගමානුකූලව හැම වෙලාවකම ජීවත් වෙන මුස්ලිම් මිනිස්සු වෙළඳාම තමයි තාමත් කරගෙන යන්නෙ ප්‍රධාන වශයෙන්. අම්පාර වගේ පළාත් වල "මට්ටයෝ" විදියට හඳුන්වන කෘෂිකාර්මික මුස්ලිම් කුලීකරුවනුත් නැත්තේම නෑ. ඒත් වැඩි දෙනෙක් කරන්නෙ වෙළඳාම. පාරිභෝගිකයන්ට බොහොම යටහතොඅහත්ව සුහද විදියට සලකලා කොහොමහරි තමුන්ගෙ භාණ්ඩේ විකුණගන්න අදටත් මුස්ලිම් මිනිස්සුන්ට ලැබිල තියන හැකියාව එන්න ඇත්තේ අරාබි වෙළඳ මුතුන්මිත්තන්ගේ ජාන වලින් වෙන්න ඇති. හරක් මැරීම, වෙළඳාම, මුස්ලිම් පල්ලි, මක්කම් යාම, බුර්කා, තොප්පි, වටපල්ලන්, ඝනට වවාගත්ත රැවුල්, රෝල්-ඕන් සෙන්ට්, එළුවෝ, වෙනස් විදිහෙ සරොම්, මේ ඔක්කොම ලංකාවේ මුස්ලිම් සංස්කෘතියෙ ලක්ෂණ.

 "බිස්මිල්ලාහ් -ඉර් රහ්මාන්-ඉර් රහීම්" වලින් පටන්ගන්න ආගමික පාඨ "අල්ලාහු අක්බර්' වලින් පටන් අරන් සරින් සැරේට පල්ලියේ ලවුස් පීකරෙන් කියවෙන ආගමික වදන් අපිටත් අමුතු දේවල් නෙවෙයි. තවත් දෙයක් ආගම මුස්ලිම් උනාට මුතුන්මිත්තෝ අරාබි ජාතිකයන් උනාට මෙහෙ මුස්ලිම් මිනිස්සු කතාකරන්නෙ දෙමළ භාෂාව.එහෙම කරන්නෙ මහ ජාතියට වෙළඳාම් කරද්දී ඒ උදවියට නොතේරෙන්න උනුන් අතර දෙමලෙන් වචන හුවමාරු කරගන්න ඕන කම නිසාද එහෙමත් නැත්තං සිහලයන්ට වඩා සුළු ජාතියක් වෙච්ච දෙමළ උදවියට මේ උදවිය වඩාත්  සමීප වෙච්ච නිසාද කියන්න මමත් හරියටම දන්නෙ නෑ.
  
ඔන්න දැන් එන්නම් තර්කෙට. ඛෙත්තාරාම පිට්ටනියේ ලංකාවයි පකිස්තානෙයි අතර ක්‍රිකට් ගැහිල්ලක් තියනකොට පකිස්තාන් කොඩිත් සෑහෙන ප්‍රමාණයක් වැනෙනවා. අපේ කොළඹ මුස්ලිම් කොල්ලො ලංකාව පැත්තකට දාල පකිසන්ට සපෝට් කරනවා. ඕව දකින අපේ ලේ කෝප වෙන්න ගන්නවා. පත්තර වල පවා මේ ගැන විචාර සමහර වෙලාවට පළවෙනවා මම දැකල තියනවා. තමන්ගෙ නිජබිම පාකිස්තානේ නොවුනත් අදහන ආගම සහ රට මුස්ලිම් රටක් උන නිසාවට අපේ මුස්ලිම් උන් පකිස්තානෙට චියර් කරනවා. ඒවා දැක්කම අපේ උන්ගෙ "ඇඟේ මාළු ගඟේ නටන්න" පටන්ගන්නවා.

ඔය තත්වෙම අපේ ලංකාවේ කොල්ලො කෙල්ලො ඕස්ට්‍රේලියාවේදි උන්ට කරනකොට "ඔසියන්ට" කොහොම කික් එකක් ඇත්ද? අනිත් එක උන්ගේම රටේ උන්ගේම පිට්ටනි වල අපේ එවුං උන්ට වැඩිය වැඩි පිරිසක් ලංකාව වෙනුවෙන් චියර් කරද්දී මට නිකමට හිතෙනවා සංක්‍රමණ නීති රීතිත් තද කරයිදෝ කියල. ඇයි යකොඩෝ "ගඟෙන් වතුර බීල, මුහුදට ආවඩනවා" වගේ වැඩක් නෙ මේක. ඔය ප්‍රශ්නෙදි සමහරුන්ට තර්ක කරන්න පුළුවං එහෙදි ඔය වැඩේ කරන්නෙ ලංකාවට සංක්‍රමණය වෙච්ච පළමු පරම්පරාව විතරයි කියල. එහෙම බැලුවම එකෙත් අත්තක් තියනවා. දෙවෙනි තුන්වෙනි පරම්පරා වලදී ඔය තත්වේ වෙනස් වෙන්න ඉඩ තියනවා. 

  "ඕස්ට්‍රේලියන් Idol" තරඟ වලට ඉදිරිපත් වෙච්ච සමහර ලාංකික සම්භාව සහිත පරම්පරා සාමාජිකයො ලංකාව ගැන ඒවා වලදී කතාකරන්නෙ වත් නෑ. ඒ කියන්නෙ තව කාලයක් යද්දි ලංකාවේ කොල්ලො එහෙ ක්‍රිකට් ගහනකොට අපිට චියර් කරන්න "ඔසී ලාංකිකයෝ" එන එකක් නැද්ද ? අනේ මන්දා? කොහොම උනත් අපේ එවුං එහෙ ක්‍රිකට් ගහද්දි අපේම කොල්ලො කෙල්ලො උන්ට චියර් කරනවා දැක්කම මාර ගතියක් ඇඟට එනවා. ඒත් ලංකාවේ මුස්ලිම් කොල්ලො පකිසන්ට චියර් කරද්දී අපට මල පනිනවා. වැරැද්ද කොතනද?

 අපේ හාමුදුරුවරු එහෙ ගිහිං පන්සල් හදාගන්නකොට, සුද්දන්ට ධර්ම දේශනා කරලා උන්ව බුද්ධාගමට හරවගන්නකොට ඒක මරු. උන්ගේ ක්‍රිස්තියානි කාරයෝ ලංකාවේ මිනිස්සු උන්ගෙ ආගමට නැඹුරු කරගන්න හැදුවොත් අන්න අපිට මරු නගිනවා . අල්ලගෙන ගහනවත් එක්ක. අපේ මිනිස්සු ඒ රටවල ගිහිං දියුණු වෙලා දේපල වත්කම් අත්පත් කරගත්තොත් ලොකු හෝටලයක් හැදුවොත් "අන්න ජාතික වීරයා". සුද්දෙක් ඇවිත් මෙහෙ ඉඩම් කෑල්ලක් ගත්තොත් "මෙන්නෝ මවුබිම විකුණනවෝ" . වැරැද්ද කොතැනද


ලංකාවේ කොල්ලො කෙල්ලො සිඩ්නි වල මෙල්බන් වල මැච් බලන්න ගිහිං අරගත්තු සෙල්ෆි වලින් බුකිය වැහි වැහැලා. මේ කාලේ ඉතිං "ෂෝ" කාලෙනේ. තව පරම්පරා කීපයක් යනකොට ඔය කතන්දරේ වෙනස් වෙලා යයි. සමහර විට ලංකාවට ටුවර් එකක් ආපු "ලාංකික ඔසියෝ" ඛේත්තාරාමේ ලංකා ඕස්ට්‍රේලියා මැච් එකක් බලන්න ගිහිං ඔසියන්ට චියර් කරයිද කව්ද දන්නෙ. ලෝකෙ වෙනස් වෙනවා. කලවම් වෙනවා, එන්න එන්නම පොඩි තැනක් වෙනවා. හැබැයි එක දෙයක් නම් තියනවා. පාකිස්තානේ ලංකාවේ ගහද්දි හැමදාටම පකිසන්ට කෑගහන්න එන ලංකාවේ සෙට් එක නං හැමදාම කෑගහයි වගේ මේ යන විදියට...






93 comments:

  1. උඹ ඔය අපේ රසිකලොජිස්ට් නේද බනින්නේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං. මං කාටවත් බැන්නයැ මේකෙන්.. මං අහිංසක කොල්ලා... රසික සහෝදරයට බනිනවද මම...

      Delete
  2. මෙතනදි 'මවු රට' කියන එක පැහැදිලි කර ගත්තනම් වැඩේ ගොඩ නේද සජ්ජො..?
    ඕනෑම කෙනෙකුට තමාගේ මවු රට වෙනුවෙන් පෙනී සිටීමේ නිදහස තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. උඹේ කතාවෙත් අත්තක් තියනවා ලබ්බෝ.. එහෙම උනොත් තව අවුරුදු 30කින් විතර එහෙ ලාංකික මැච් බලන්න යන පරම්පරාව ඔසියන්ට චියර් කරයි අපේ උන්ට නැතුව.. දුක තමා රංජනී කිව්වලු...

      Delete
  3. සම්භවය අනුව මවුරටට ආදරය කිරීමේ වරදක් නෑ මං හිතන්නෙ. ඒත් ඔබ ගත්තු උදාහරණෙ පොඩි ගැටලුවක් තියෙනවා.
    පාකිස්ථානය මේ අයගෙ මවු රටද? මෙතන තියෙන්නෙ මුස්ලිම් ජාතියට ඇති ඇදිල්ල.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත තමයි, මව් රට නොවී ආගම නිසාවට උන්ට අදින කතාව ඇත්ත. මව් රටට ආදරේ කරන එකෙත් වැරද්දක් නෑ. ආගම එකක් වීම නිසා ආදරේ කරන එකේ වරද්දකුත් නෑ නෙ මධු එහෙම බැලුවම. ඕක ගැන නැතුව මෙහෙම එකක් හිතමු. මම උනත් ඉන්දියාව එක්ක වෙන රටක් ගහනකොට කෙලින්ම ඉන්දියාවට විරුද්ධව චියර් කරන්නෙ. ඉන්දියාව අපේ අසල්වැසිය, අපේ සංස්කෘතියට බොහොමයක් නෑකම් තියනවා ඉන්දියාවත් එක්ක අනිත් උන්ට වඩා. කොටින්ම පාකිස්තානේ එක්ක ඉන්දියාව ගැහුවොත් අපි ගන්නේ පාකිස්තානේ පැත්ත. මුස්ලිම් කම පැත්තක දාල. එතකොට එතන මොකක්ද තියෙන්නෙ? අපේ කුහක කමද? අල්ලපු ගෙදර එකා දියුනුවෙනවට තියන ඉරිසියාවද? අනේ මන්ද බං. හිතාගන්න බෑ.

      Delete
    2. මං පෙරේදා SCG ගිහින් ලංකාවට චියර් කලා... ඔස්ට්‍රේලියාවේ ඉපදුනු මගේ ඥාති සහෝදරයෙකුත් ඔය මැච් එකට ඇවිත් ලංකාවට චියර් කලා... ඔය තර්කෙන් බැලුවොත් ඌත් වැරදියි නෙ...

      Delete
    3. අහවලා, සුද්දගේ රටට ගිහිං "ලංකාවෙ කම" රැකගෙන ඉන්න හදන උදවිය වගේම ලංකාවේ ඉඳන් "සුද්දන් සරණං ගච්චන" පොරවලුත් ඉන්නවනෙ ඉතිං...

      Delete
  4. පුරුද්දට වඩා ජම්මේ ලොකු වෙනවා.. හරිනම් දෙපැත්තටම නැතුව ඉන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඔය මැදහත්කම රකින ඒකනේ සරත් සහෝදරයා අපිට කරන්නම බැරි වැඩේ. අපි අන්තගාමී මිනිස්සු ඇත්තටම බැලුවොත්..

      Delete
  5. චියර් එක ගැන විතරක් කතා කරන්නං.

    ඉස්සෙල්ල අපේ එවුන් එහේ ඉඳගෙන කරන චියර් එක,
    ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අපේ ටීම් එකට චියර් කරන "හුඟ දෙනෙක්", එක්කෝ සල්ලි හොයන්න එහේ ගිය අය. නැත්තං තමන්ගෙ ජීවිත කාලයේ මුල් භාගය ලංකාවෙ ඉඳල පදිංචියට එහේ ගිය අය. එයාලට තමුන්ගෙ මුල් රට අමතක වෙයි කියල හිතන්න බෑ. එහෙම වෙන්න ඕනත් නෑ. ඕක පරම්පරා ගණනක් යද්දි වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ චියර් කිරිල්ල මම නං හෙලාදකින්නෙ නෑ.

    මුස්ලිම් ජාතිකයන් මැදපෙරදිග (හරි පකිස්ථානෙ හරි) ඉඳල ඇවිල්ල සියවස් කිහිපයක් ගිහිල්ල තියනව. පිරිමි තමයි බොහෝවිට ආවෙ. එයාල බැඳගත්තෙ මෙහේ ගෑනු. නමුත් අවුරුදු සිය ගානක් ගිහිල්ලත් (ආගම වෙනුවෙන්) පකිස්ථානෙට ආවැඩීම මට නං අවුලක්. මොකද දැන් මෙහේ ඉන්න මුස්ලිම්වරු පකිස්ථානෙන් ආපු අය නෙවේ. මෙහේ ඉපදිලා හැදිල වැඩිල ඉන්න අය.

    (හැබැයි හැම මුස්ලිම් කෙනෙක්ම පකිස්ථානෙට චියර් නොකරන බවත් කියන්න ඕන)

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් පරම්පරා දෙකතුනක් යනකොට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික මිනිස්සු අපේ උන්ට චියර් කරන එකක් නෑ. එදාට අපිට උන්ව කන්න තරම් කේන්තියක් එයි ජීවත් වෙලා හිටියොත්.හැමෝම මුස්ලිම් මිනිස්සු එහෙම කරන්නෙ නෑ . ගොඩක් වෙලාවට මුස්ලිම් මිනිස්සුන්ට රටට වඩා ආගම ඉස්සරහට එනවා. ඔහොම වෙන්න ඒකත් හේතුවක් වෙන්නැති.

      Delete
    2. හැම රටේම ඉන්න මුස්ලිම් මිනිස්සු චියර් කරන්නෙ පකිස්ථානෙට, අරාබියට ද?

      Delete
    3. අපි ජාත්‍යන්තරේට ගෙනිච්ච ක්‍රීඩාව ක්‍රිකට් වීම සහ අරාබි කාරයෝ ක්‍රිකට් නොගැසීම ඕකට හේතුව වෙන්නැති.

      Delete
  6. පට්ට ළිපිය මචෝ.. මම ලිව්වයි කියලා හිතා ගං..

    මට ඉස්සර ඉඳළම තියෙන ප්‍රශ්ණයක් ඕක.. අපි කලාට අවුලක් නෑ.. ඒත් වෙන කාටවත් කරන්න බෑ.. ඒකයි අපේ තියරි එක...

    මට නම් ඔය පකිස්ථාන් කාරයෝ වගේම.. ඔස්ට්‍රේලියාවේ එංගලන්තේ ඉන්න අපේ අය ගැන තියෙන්නේ පුදුම දුකක්.. හේතුව.. උන්න්ට එහෙත් නෑ මෙහෙත් නෑ.. එහේ ගිහිනුත් ලංකාවේ විදියට ජීවත් වෙන්න දඟලනවා.. ඉතින් හැමදාම හිතින් දුක් විඳ විඳ තැවෙනවා..

    එහෙමත් එකෙක් තමයි ඒ රටේ සංස්කෘතියට අනුව හැඩ ගැහෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉතිං සහෝදරයා සමහරු ලංකාවේ ඉඳගෙන එංගලන්තෙ ඉන්නවා වගේ පෙන්නන්න හදන්නෙ. එහෙම එවුනුත් ඉන්නවනේ.

      Delete
    2. අපොයි එහෙම එකක් නෑ..

      Delete
    3. මාතලන්
      රටරටවල හිටිය කිව්වට මෙතෙන්දි ඔබ වැරදියි.වෙනරටවල ජීවත් වෙන ගමන් ලංකාවෙ විදියට ඉන්න හදනව කියල හිනාවෙන්නෙ ලංකාවෙ අයටනෙ.මට පේන්නෙ ඔබ හිතන්නෙ එහෙම ඉන්න හදන්නෙ ලාංකිකයො විතරයි කියල වගේ.නැ හැම සංක්‍රමනික ජන කොටසක්ම ඒ වගේ.ඕසී ඉන්න ග්‍රීක්, ඉතාලි, වගෙ අය අපිටත් වඩා මේ ක්‍රමය අනුගමනය කරනවා.කියන්න සතු‍ටුයි දෙවන පරම්පරාව මේ සංස්කෘති දෙකම බැලන්ස් කරගෙන යනවා.මෙල්බර්න් වල අවුරුදු 25 කට වඩා ඉන්න මට පේන දේවල්මේ.

      Delete
    4. මාතලන්ට නොතේරෙන දේ තමයි (කලිනුත් දෙතුන් සෑරක් ලියා තිබුණා), ඕනෑම අයෙකුට තමන්ට කැමති ලෙස කන්න බොන්න ජීවත්වෙන්න නිදහස තිබිය යුතු බව නීතියට පටහැනි නොවී.

      එංගලන්තේ ඉන්න ලාංකිකයෙකුට කිරිබතුයි, හාල්මැස්සො බැඳුමයි කන්න ඕනි නම් ඒක මොන ප්‍රශ්ණයක්ද? ඒවගේම තමයි එංගලන්තෙන් ඇවිත් ලංකාවෙ පදිංචි වෙලා ඉන්න කෙනෙකුට තමන්ට කැමති විදියට, නීති ගරුකව ඉන්න නිදහස තියෙන්න ඕනෑ.

      Delete
    5. හරියටම හරි රසික.
      "ඔස්ට්‍රේලියාවේ එංගලන්තේ ඉන්න අපේ අය ගැන තියෙන්නේ පුදුම දුකක්.. හේතුව.. උන්න්ට එහෙත් නෑ මෙහෙත් නෑ.. එහේ ගිහිනුත් ලංකාවේ විදියට ජීවත් වෙන්න දඟලනවා.. ඉතින් හැමදාම හිතින් දුක් විඳ විඳ තැවෙනවා.."
      මට හිතාගන්න බෑ ඇයි මේ අය මේ උඩ කියල තියන විදියට හිතන්නෙ කියල..කිසිම ඔසියෙක් අපිට කියනවද උඹල මෙහෙ ඉන්නවනම් ඔසී කෑම කාපල්ලා කියල.මේකනම් මාතලන්ගෙ උපන්ගෙයි මෝඩකමක්.

      Delete
    6. ඕනෑම අයෙකු තමන්ට කැමති ලෙස කන බොන හැසිරෙන ගමන් දේශීයත්වය, සංස්කෘතිය, සභ්‍යත්වය, අපේ කම, ගැන පොර ටෝක්, දේශනා දෙන්න හදන එක තමයි තියන වැරැද්ද.. සුද්දට ආවඩනවා සුද්දා මරු, උන්ගේ එව්ව එළ, එහෙ ටොප් කිය කියා. ඊට පස්සෙ මෙහෙ මොනාහරි පොඩි දෙයක් උනත් එහෙ ඉඳන් රෙද්ද උස්සන් කෑගහනවා.. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙ. අර නිකං හරියට දොරමඬලාවේ පණ්ඩිත මහාචාර්යවරයෙක් සභ්‍යත්වය, සංවරකම ගැන කතා කර කර කැම්පස් එකේ පොඩි කෙල්ලක් තියාගෙන අඹු සැමි සම්බන්ධකම් පවත්වනවා වගේ. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ..

      Delete
    7. අනේ මන්දා ස්ථිර වීසා(Permanent Residence) සහ පුරවැසිභාවය (citizenship) කියන එක දන්නේ නැතුව මෙතක වල්ගය පාගාගත් බොහෝ දෙනෙක් ඉන්නවා.

      Delete
  7. සජ්ජා, ලංකාවේ ඉපදිලා ඉගෙන ගෙන , තාම ලංකාවත් එක්ක නෑදෑ සම්බන්දතා පවත්වන එවුන්ගෙ මේ සහබගිත්වය තියන එක අරුමයක් නෙමෙයි , ඔතන ඉන්න පොඩි පැටවූ තාත්තල වෙලා උන්ගෙ ළමයි අරගෙන සිංහ කොඩි අරන් උන්ගෙ දරු මල්ලො එක්ක එයි කියල හිතන්න බෑ .
    මෙහෙ ඉන්න මුස්ලිම් එවුන් ලංකාව ඇරෙන්ඩ වෙන කොහෙවත් සම්බන්දයක් නැතිව , පක්කන්ගේ බාසාවවත් නොදැන මෙතන චියර් කරනව. ඔය තත්වය තියෙන්නෙ කෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ . ඒ මාළිගාවත්තේ පවර් එක පෙන්නන්ඩ.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ ඔසී ඉදිරි පරම්පරාවල් එහෙම වෙන එකක් නෑ. ඔය බබාලා අරගෙන මැච් බලන්න එන පරම්පරාවට තමයි සංස්කෘති දෙක හාකරන්න දඟලන්න වෙන්නෙත්. දුවෙක් හිටියොත් "සීනියර් ප්‍රොම්" එකට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනවා බලල අපේ සංස්කෘතිය ඔලුවෙ තියන් දුක් විඳින්න වෙන්නෙත්. 18න් පස්සෙ කොල්ලො කෙල්ලො වෙනම නිදහස් වෙලා යනවා බලන් හූල්ලන්න වෙන්නෙත්. ඊට පස්සේ පරම්පරා ඕවට අනුගත වෙයි ලේසියෙන්ම.
      එහෙම ආගම වෙනුවෙන් ක්‍රිකට් මැච් එකට චියර් කරන එක මෝඩකමක් නං තමයි.

      Delete
  8. මොනවා කරන්නද කාලෙන් කාලෙට මේක තමයි හරි කියලා ඇතිකරගන්න සමාජ සම්මුතීන් තමා ඔව්වා. හැබැයි අර කියනවා වගේ මුල අමතක නොකිරීමත් ඕනයි.

    සජ්ජා දැකලා තියනවද පාකිස්තාන් ක්‍රිකට් ටීම් එකට චියර් කරන, සම්පූර්ණයෙන්ම පරම්පරාවෙන් මුස්ලිම් වන, ලාංකික මුස්ලිම් වරුන්. අන්න ඒ අය ගැන නම් මට ඇතිවන්නේ පිළිකුලක්.

    ReplyDelete
    Replies
    1. එහෙම නොකරන හදවතින්ම ලංකාවට චියර් කරන මුස්ලිම්වරුත් ඉන්නවා විචාරක තුමා. අරුන් නං මටත් පෙන්නන්න බෑ තමයි.

      Delete
  9. ඔය එකක්වත් නොවෙයි මෙතන මූලික කාරණා.

    1. තමන්ට කැමති කණ්ඩායමකට සහයෝගය දක්වන්න පුද්හලෙඋකුට නිදහස තියෙනවාද නැද්ද කියන එක.

    2. ඒකෙම අනිත් පැත්ත තමයි, තමන් ගේ විරුද්ධ කණ්ඩායමට වෙනත් අයෙක් සහයෝගය දක්වන කොට ඒක සුහද සිතින් විඳගන්න තමන්ට හැකියාවක් තියෙනවාද කියන එක.

    පොඩි සරල කාරණා වුනත් සෑහෙන්න හිතන්න අවශ්‍ය කරුණු දෙකක්.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත රසික සහෝදරයා , අපිට හැමදේම මැදහත්ව දකින්න පුළුවන් නම් හොඳයි. ඒත් කරුමෙ කියන්නෙ ඕක ප්‍රයෝගිකව වෙන්නෙ නැති එක නෙ. ඇත්තටම එහෙම වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. සුද්දන්ට ඇත්තටම කේන්ති යනවද අපේ උන් ඔහෙ ලංකාවට චියර් කරනකොට??

      Delete
    2. ඇත්තටම ඔස්ට්‍රේලියාව ඔහොම දියුණු වෙන්නත් හේතුව ඔය වගේ පොඩි සරල කාරණා තමයි නේද ..??

      Delete
    3. ඔස්ට්‍රේලියාව දියුණු වෙන්න හේතුව නං ඒක නෙවෙයි බං. ස්වභාවික සම්පත්, වගා භූමි, නිසි ආර්ථික කළමනාකරණය

      Delete
    4. ලංකාවෙ සමහර උන්ට මුස්ලිම් උන් පකිස්තානෙට චියර් කරද්දි තද වෙනව වගේ, මෙහෙ සමහර සුද්දන්ටත් අපි ලංකාවට චියර් කරද්දි තද වෙනව ඇති...
      ඒත් අපිත් එක්ක මැච් එක බලපු සුද්දොයි, උන්ගේ පොඩි උනුයි නම් ෆන් එකේ මැච් බල බල, කෑම බීම බෙදා හදා ගෙන කාලා, හොඳ ආතල් එකක් ගත්තා...
      අපිට ඉස්සරහින් හිටපු ඔසී පොර කලින් යන්න ගියා... පොර මට අතට අත දීල කියල ගියේ "මට ඔස්ට්‍රේලියාව මේ මැච් එක දිනන්න ඕනෙ, ඒත් මන් ප්‍රාර්ථනා කරනවා ලංකාව හොඳට සෙල්ලම් කරාවි කියලා"...
      ඇත්තම කියනව නම්, මටත් ලංකාවෙ ඉන්න කාලෙ මුස්ලිම් උන් පකිස්තානෙට චියර් කරද්දි තද උනා... මෙහෙ ආවට පස්සෙ තමයි අපිත් ඒකම නේද කරන්නෙ කියල තේරුනේ...
      රසිකොලොජිස්ට් හරි... හැමෝටම තමන් කැමති කෙනෙක්ට චියර් කරන්නයි, අනික් අයට ඒ දේ ඉවසන්නයි පුලුවන්කම තියෙන්න ඕනේ...

      Delete
    5. සජ්ජා , නිසි ආර්ථික කළමනාකරණය කියන එකට මම කියපුව අයිතියි නේද ..??? ආර්ථික කළමනාකරණය කියන්නේ සල්ලි හසුරුවන එකම නෙමෙයි නේද ..??

      Delete
    6. අහවලෝ, බලන කෝණය අනුව හැමදේම වෙනස් වෙනවා තමයි නේද?
      ඇනෝ, නෑ නේද? රාජ්‍ය ප්‍රතිපත්තිත් ඕකට ඇතුලත් වෙන්න ඕන මං හිතන්නෙ.

      Delete
    7. මට ඕනි නම් ආජන්ටිනාවට සපෝට් කරනවා ෆුට්බෝල්වලදී. වෙන කෙනෙකුට ඇති රුදාව මොකක්ද? එක රටක හිටියා කියලා ක්‍රීඩා කණ්ඩායම් එක්ක ඒවා පටලවා ගන්නේ ඇයි?

      Delete
    8. ඒක සාමාන්‍ය දෙයක්. මොකෝ අපි ෆුට් බෝල් ගහන එකක් යැ ජාත්‍යන්තර මට්ටමේ. මමත් සපෝට් ජර්මනියට. ක්‍රිකට් වලදීත් වෙන රටවල් දෙකක් ක්‍රීඩා කරනකොට නිරායාසයෙන්ම ආස කණ්ඩායම පැත්ත ගන්නවා අපිත්. රුදාවක් නෙවෙයි මෙතන තියෙන්නෙ. පුරවැසි භාවය තියන රටේදී ඊට විරුද්දව චියර් කරනකොට අනිත් අය ප්‍රතිචාර දක්වන එක ගැන එන ගැටළු ගැනයි කතා කලේ.

      Delete
    9. සජ්ජා පොස්ට් එක බොහොම කාලීනයි, +++

      අපි ක්‍රිකට් පැත්තකින් තියලා කෙලින්ම ආගමටම බහිමුකෝ, ලංකාවේ පුරවැසියන්ට තමා කැමති ආගමක් ඇදහීමේ නිදහස තියනවා කියලා අහලා තියනවා. ඒත් අපි කියමුකෝ අපි දන්න හත්මුතු පරම්පරාවම හොඳ වැදගත් බෞද්ධයෙක් මුස්ලිම් වුනා කියලා, අපි ඒක ඌගේ පුරවැසි අයිතිවාසිකමක් කියලා කියයිද? නැත්තං ...
      දැං ඔය ලංකාවයි පකියොයි ගහන මැච් එකකට දිල්ශානුත් ගහනවනම් මාලිගාවත්තේ උන්ට මක්ක හිතෙනව ඇත්ද?
      ආසියාවේ අපි කාටත් උරුම ඔයවිදිහට හිතෙන (එකිනෙකා මරාගන්නා) සංස්කුරුතියක් තමයි. ජාති ගොඩක් එකගොඩේ එකිනෙකා මරානොගෙන ජීවත්වුන යුරෝපයේ සංස්කුරුතිය ඊට වෙනස්.

      Delete
    10. ජාති ගොඩක් එකිනෙකා හොඳට මරාගත්තා යුරෝපයේ.ලොකුම එකක් කුරුස යුද්දෙ.කොටින්ම යුරෝපයේ පහල ඉඳං ඉහලට සමාජ ස්ථර නිර්මාණය වෙලා තියෙන්නෙත් හමුදා ආකෘතියකට.උන් උන් ඇරගත්තා මදිවට වෙනරට වල් ආක්‍රමණය කරලා පස්සෙ ඒ රටවල් බෙදාගන්නත් මරාගත්තා.ඒ රටවල් ගොඩක් දුරට සංතෘප්ත නිසා දැං පොඩි පොඩි සීන් වලට කොකු දාගන්නැති එක නම් හරි.
      හම සුදු උනාට වැඩ සුදු නෑ.ආසියාවෙ යුරොපෙ කියල නෑ කොයි සංස්කෘතියෙත් ඔය මරාගැනිල්ල තියෙනවා.

      Delete
    11. ලබ්බගේ කතාව ඇත්ත. උන් තරම් වෙන කවුරුවත් මරාගත්තෙ නෑ. අනික රටක් දියුණුවෙන්නෙ මරාගැනිලි වලට පස්සෙ. තාක්ශනේ උනත් එහෙමයි. දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ තමයි මේ තරමට තාක්ෂනය දියුණු උනේ. යුද්ධ වලින් පස්සෙ මැරෙන එවුං මැරිලා අලුත් අලුත් දේවල් හොයාගෙන රටවල් අම්බානෙකට දියුණු වෙනවා. ලංකාවෙත් හරිනම් දැන් එක වෙන්න ඕන.

      Delete
  10. මාලිගාවත්තෙ තම්බිල පකිස්ථානෙට චියර් කරන එකයි, ඔස්ට්‍රේලියාවට් ගිය ලාංකිකයො ලංකාවට චියර් කරන එකයි තරමක් වෙනස් කරුණු දෙකක්.

    උඩ රාජ් කිව වගේ, තම්බිල ලංකාවට එන්නෙ අවුරුදු හත් අට සීයකට කලින්. ඒ එන්නෙත් යේමනේ ඉඳල ඉන්දියාවෙ කොරමැන්ඩල් හරහ. ඒ නිසා ඔවුන් කතා කරන්නෙ දෙමළ ( ඉස්සර මලයාලම් ). මේ අය ලංකවෙන් ගෑණු අරන් පදිංචි වෙලා පරම්පරා ගානක් මෙහිම ඉපදුන, ලාංකිකයො. ඒ අයට පකිස්ථානෙ කතා කරන උර්දු බස බැරුව විතරක් නෙමෙයි, ඒ අයගෙ අප්පල මේ බිමේ උපදඉනකොට ලෝකෙ පකිස්ථානයක් කියල රටක් තිබ්බෙත් නෑ. එහෙව් කොට පක්ස්ථානෙ යනු තම්බිලගෙ උපන්බිම නිසා සහය දෙනව කියල කියන්න බෑ.

    අනික් පැත්තෙන් ඒ අය පකිස්ථානයට සහය දක්වන්නේ ආගම නිසානම්, ඇයි බන්ග්ලාදේශය වෙනුවෙන් එවන් සහයක් නොදක්වන්නෙ?

    කොහොම උනත්, ලංකාවෙ තම්බිලට අයිතියක් තියෙනව, තමන් කැමති පිලක් වෙනුවෙන් සහය දෙන්න, අන්න ඒකටත් අපි ගරු කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දික සහෝදරයා, ඕක මෙහෙම වෙන්නැති. බන්ගලියෝ තාම කුරුමිට්ටෝ නෙ. අනික රටක් විදියට ගත්තමත් බලවත් නෑ නෙ. තම්බි විතරක් නෙවෙයි ,සිංහල උනත් අපේ ජාතියේත් හැටි ඔහොම තමා. ලොකු තැනක නෑදෑයෙක් ඉන්නවා නං ඌ කොච්චර නෑදෑ කමින් දුර උනත් හැමවෙලේම කත් අදින්නේ ඒ ලොකු එකාට . ලඟම නෑදෑකමක් තියන හිඟන නෑදෑයෙක් නං කොච්චර ළඟ උනත් ගණන් ගන්නේ නෑ...

      Delete
  11. අනුන්ට හානියක් නැතුව කාටත් තමන් කැමති දේ කරන්ඩ නිදහස තියෙන රටකුයි එක එකාගේ පදේට නටන්න විතරක් දන්න ගොන් හැත්තක් ඉන්න රටකුයි අතර වෙනස තමයි ඔතන තියෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. අනික නිදහස්ව හිතන්නෙ නැති එක. එකෙක් ඇවිත් කිව්වොත් "සිංහල ජාතිය තමයි නියම ජාතිය" කියල - "ආ ඔව් ඔව් එක නං ඇත්ත , අනිත් උන්ට වඩා අපි තමයි ලොකු" කියල ඒ රැල්ල පස්සෙ යනවා. තව එකෙක් ඇවිත් කිව්වා ගමන් "පිස්සුද අපි ඔක්කොම එකා වගේ ඉන්න ඕන, ජාති වාදේ ඕන නෑ" කියල - "හැබෑ නේන්නං, ඕක දැන් නෙ තේරුනේ" කියල ඌ පස්සෙ යනවා. ටික දවසකින් අර මුලින් කිව්වා එකා ආයේ ඇවිත් තව එකක් කිව්වම ආයෙත් ඌ පස්සෙ යනවා.

      Delete
    2. අනුන්ගේ පදේට නටනවා කියන්නෙත් ඕකටම තමයි නේද ...??

      Delete
    3. අනුන්ගේ පදේට නටනවා කියන එකටත් වඩා "රැල්ල පස්සෙ දුවනවා" කියන එක ඕකට හොඳටම ගැලපෙනවා නෙ?

      Delete
  12. /// අපේ හාමුදුරුවරු එහෙ ගිහිං පන්සල් හදාගන්නකොට, සුද්දන්ට ධර්ම දේශනා කරලා උන්ව බුද්ධාගමට හරවගන්නකොට ඒක මරු. උන්ගේ ක්‍රිස්තියානි කාරයෝ ලංකාවේ මිනිස්සු උන්ගෙ ආගමට නැඹුරු කරගන්න හැදුවොත් අන්න අපිට මරු නගිනවා . අල්ලගෙන ගහනවත් එක්ක///

    මාත් නිකා ඉද්දි ඔය වගේ දේවල් හිතනවා .. මුළු ලිපිය පුරාම ඔබ අපට සිතන්න ඉඩහැරලා තියෙන කාරණා යතාර්ථවාදීයි,, රසික කියන කතාවෙත් අත්තක් තියෙනවා.. හැම කාරණයක්ම බලද්දී මට දැනෙන විදියට මේ මිනිස් හිත්වල තියෙන ආකල්ප තමයි මූලික වෙලා තියෙන්නේ.... කොහොමත් අපේ ජාතිය හරි පුදුම ජාතියක් ..

    ReplyDelete
    Replies
    1. ඔමා, නිකං ඉන්නකොට ඔව්ව හිතෙනවා මටත්. කල්පනා කරනකොට අපිම හදාගත්ත තියරිය ආයෙත් අපේ හිත තුලින්ම ස්වයං විවේචනයකට ලක් වෙනවා. ටිකක් වෙලා යනකොට ඔලුව මොංගල් වෙනවා. පස්සෙ ඒවා ගැන නොහිතා ඉන්නවා.

      Delete
    2. yes බට් දැන් වී හැව් බ්ලොග්ස් ඕවා ලියලා අතාරින්න තියෙන්නේ

      Delete
    3. ඒක තමයි ඕමා මේ කොරන්නෙ... ඒත් එන එව්ව ලියන්න තරම් වෙලාවකුත් නෑ, සමහර එව්ව ලියන්න තරම් වැදගතුත් නෑ..

      Delete
  13. /// අපේ හාමුදුරුවරු එහෙ ගිහිං පන්සල් හදාගන්නකොට, සුද්දන්ට ධර්ම දේශනා කරලා උන්ව බුද්ධාගමට හරවගන්නකොට ඒක මරු. උන්ගේ ක්‍රිස්තියානි කාරයෝ ලංකාවේ මිනිස්සු උන්ගෙ ආගමට නැඹුරු කරගන්න හැදුවොත් අන්න අපිට මරු නගිනවා . අල්ලගෙන ගහනවත් එක්ක///

    ඒ වුනාට අපේ ආගම නිවැරදියි. උන්ගෙ ආගම වැරදියි. ඒ නිසා අපේ ආගමට හරවන එක හරි. උන්ගෙ ආගමට හරවන එක වැරදි. (අපේ එවුන් උන්ගෙ ආගමට හැරෙන එක හරියි, උන් අපේ එවුන්ට උන්ගෙ ආගමට හරවගන්න එක වැරදියි)

    සජ්ජා, කරුණාකරල මේ වගේ නරක මාතෘකා තෝරගන්න එපා. අපට කටඋත්තර නැතුව යනවනෙ.

    ReplyDelete
    Replies
    1. හිකිස්... ශනි, ඔච්චරට අගයන්න එපා. විලිලැජ්ජා හිතෙනවා... තැන්කූ වේවා..

      Delete
  14. සජ්ජා. මම කියවලා තියෙනවා ලංකාවේ මුස්ලිම් මිනිස්සු දෙමළ කතාකරන්නේ එයාලාගේ බහුතරය මෙහෙට ආවේ දකුණු ඉන්දියාවෙන් නිසාය කියලා

    ReplyDelete
    Replies
    1. එහෙමද ඩූඩ්, මම එක නං දන්නෙ නෑ කියන්න. හැබැයි මෙහෙම දේකුත් තියනවා ඔය ගොඩ දෙනෙක්ට සිංහල පුළුවන් . දෙමළ පැති වලම ඉන්න අයට ඇර. සුළු ජාතියක් උනු නිසාවට තවත් සුලුජාතියක් එක්ක තියන බැඳීම් තර වීමත් මේකට හේතුවක් වෙනවා ඇතිද? දන්නෙ නෑ හරියටම කියන්න.

      Delete
    2. ata wana weera parakramabahu rajuge awasana kale a kiyanne( 1484-1509) INDIYAWE kayala pattanayen muslim hamudawak awith thiyenawa lankawe muhude muthu kimidennata saha athun allannata

      Delete
    3. දැනුවත් කිරීමට ස්තුතියි සහෝදරයා....

      Delete
  15. කතාව නම් ඇත්ත. එංගලන්තය ශ්‍රී ලංකාව ගහන කොට බයක් නැහැ. එංගලන්තේ උන් දන්නවා උන් කොහොමත් පරාදයි කියල. උනුත් මට සපෝර්ට්.

    ReplyDelete
    Replies
    1. අජිත් සහෝදරයා, බොක්කෙන්ම ඒකටම ඇලිලා ක්‍රිකට් බලනකොට තමයි ඔය "තදවීම " වෙන්නෙ. එහෙම නැත්තං අපේ එවුනුත් හැමදාම පරදිනවා නං අපිටත් එංගලන්ත කාරයොන්ට වගේ ඕක හුරු වෙයි. ඇත්තටම ක්‍රීඩාවක් බලල රසවිඳින්න පුළුවන් වෙන්නෙ මධ්‍යස්ත උනාම නං තමයි.

      Delete
    2. සුද්ද එන්න ඉස්සර මේකලාපයේ ජාත්‍යන්තර භාෂාව දෙමළ, විශ්වාස නැත්තං උඩරට ගිවිසුමේ අත්සන් බලන්න, එළාරයි දුටුගැමුණුයි ගිවිසුමක් අත්සන් කරලා තිබ්බන‘ මලා තමයි.

      Delete
    3. නට් ගෙ පොයින්ට් එකත් සාධාරණ තර්කයක් තමා. උඩරට ගිවිසුමේ වැඩි දෙනෙක් අත්සන් කරලා තියෙන්නෙ දෙමළෙන්. නායක්කර් වංශිකයෝ ලංකාවේ පාලනයට එකතු වීම නිසා වෙච්ච දෙයක් වෙන්න බැරිද?? ඉස්සර සෙල් ලිපි වල දෙමළ තිබ්බේ නෑ නෙ..

      Delete
  16. මමත් මේ ගැනම ලියලා තියෙනවා ටික කලකට ඉස්සර. https://wanni.wordpress.com/2012/11/20/cheering-visiting-cricket-teams-against-sri-lanka/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැන්නුවාට නන්ද, බලන්නම්...

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මාතලන් පෙන්නපු පාරෙන් තමයි අද මෙතනට ආවේ කොක්කක් දාන්න කියලා ...... එත් සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා හැරෙන්න මොන කොකුද මේ කතාවට

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මැලේ :D

      Delete
  19. ඔතන චියර් කරන අතරේ එක්කෝ ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පදිංචියට ගිය අය වගේම ඉගෙන ගන්ට ගිය අයත් ලංකාවේ ඉඳලා මැච් බලන්ට ගිය අයත් ඇති (ප්‍රසන්න රනතුංග වගේ අය ) :-).

    අනික පොදුවේ සංක්‍රමිකයන් ගැන කතාකලොත්, ලංකාවේ අය විතරක් නෙවේ, මොන ජාතියේ අය උනත් වෙනත් රටක පදිංචියට හෝ ඒ ගිය රටේ පුරවැසිභාවය ලබා ගත්ත අය තමන්ගේ ජාතියේ සිරිත් විරිත්, සංස්කෘතිකමය දේවල් , ජීවන රටාවන් බොහෝ වෙලාවට ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඒක ඉන්දියන, පකිස්තානි, ලාංකික, බටහිර ඉන්දියානු, බ්‍රිතාන්‍ය, අමෙරිකානු ඔය කාටත් පොදුයි.
    බ්‍රිතාන්‍යයේ ඉන්න බටහිර ඉන්දියානු ජාතිකයන් ඒ රටට ආවේ 1900 මුල ඉඳලා..නමුත් ඒ අයගෙන් පැවතගෙන එන අය තාම තමන් ආපු රටත් එක්ක තතියෙන බැඳීම් පවත්වනවා. Caribbean culture එක අතෑරලා නෑ. බොහෝ අය පෙන්ෂන් ගත්තාම ආපහු ඒ රටට යනවා. ට්‍රනිඩෑඩ් රටේ ඉන්න ඉන්දියානුවෝ සහ කළු ජාතිකයෙඔ ඒ රටට ආවේ 1800 ගනන් වල ඉඳලා. තාම දෙගොල්ල ජීවත් වෙන්නේ තමන්ට ආවේනික වූ විධියට.

    මෙන්න මේවාත් බැලුවානම්..
    http://www.britishaustraliancommunity.com/
    http://www.guyana.org/features/conflicts_indiansandblacks.html

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත, තමුන්ගෙ මුල් වටිනාකම් "සමහරු" දිගටම රැකගෙන ඉන්නවා. ඒත් සමහරු එහෙම වෙන්නෙ නෑ. ප්‍රසන්න නං "අනුරාධපුරේ රැළිය" තියන දවසටත් මැච් එකක් තිබ්බොත් පකිස්තානෙට උනත් චියර් කරන්න යයි.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++

      Delete
  20. මගේ ඉන්නව මුස්ලිම් යාලුවෝ සෙට් එකක්ම.. මේක කියවනකොට මට මතක් උනේ මුගෙන් එකෙක්ව. ඉස්සරම කාලේ අර කොම්පියුටරේ ක්‍රිකට් ගේම්ස් ආපු මුල් කාලේ සෙල්ලම් කරනකොට මූ පැනපු ගමන් තෝර ගන්නේ පකිස්ථාන් ටීම් එක.. ඒ කාලේ අපි උගේ මූණටම බනිනවා තෝ කැරි තම්බියා.. ගිහින් පක්කුන්ට පුක දීපං කියල.. හැබැයි අවුලක් නෑ.. ඌ හිනා වෙනවා.. ඊට පස්සේ එක සිගරට් එක බෙදාගෙන ගහනවා.. එච්චරයි.. උගේ ක්‍රමේ වෙනස් උනෙත් නෑ.. අපි බනින එක ඉවර උනෙත් නෑ.. හැබැයි තව මුස්ලිම් රටවල් තිබ්බට ඌ ඒවට කැමති උනේ නෑ.. සමහරවිට අපි කවදාවත් ඌට ලංකාව තෝර ගන්න දෙන්නේ නැති නිසා ඌ උගේ දෙවෙනි ඔප්ශන් එක විදියට පකිස්ථානේ උඩින්ම තෝර ගත්ත වෙන්නත් පුළුවන්.. මට හිතා ගන්න බෑ එදා ඌ ඉස්සෙල්ලම ලංකාව ඉල්ලුවානම් අපි මොකක් කරයිද කියල.. සමහර විට පල පල තෝ කැරි තම්බියා පකිස්තානේ තෝර ගනින් කියල අපිම කියන්න තිබ්බා. දැන්නම් හිතන පතන විදිය හුඟාක් වෙනස් වෙලා නිසා ඔය එහෙකවත් වැරැද්දක් දකින්නේ නෑ. අපි ආගම දර්මෙකට නැතුව හැදුනට ඌ එහෙම නොවෙන්නත් ඇති කියල හිතනව සමහර වෙලාවට.. ඒ ඇරෙන්න ඒ ගැන වෙන කියන්න දෙයක් නෑ. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හහ් හා.. මරු කතාව කමී ...ඉස්කෝලෙ අපේ පංතියේ "නෆ්ලි" දීපවාලි වලට වටලප්පන් බාල්දිය ගේනකල් හැම අවුරුද්දෙම අපි බලන් ඉන්නවා. උන් අපේ අවුරුද්දට කැවුම් කොකිස් කන්න බලන් ඉන්නවා. පොඩි කාලේ දෙමළ පන්ති වල කොල්ලො එක්ක වතුර ගහගත්තා "පර දෙමලු" කිය කියා. පස්සෙ ඕ ලෙවල් ඒ ලෙවල් කාලේදී උන් ටික මාරෙට ෆිට් උනා. අදටත් පර දෙමෙල්ලු, ගෙරි තම්බි කියල බනින්න දිව නැවෙන්න කලින් ඒ පරණ සහෝදරත්වය මතක් වෙනවා. මගේ නං ඇදහිල්ලේ හැටියට ඕනෙම ජාතියක එපා කරපු එවුං වගේම සුපිරි බුවාලත් ඉන්නවා. මුස්ලිම් උදවියගේ ආගමේ බුද්ධාගමට වැඩිය රළු ගතියක් ඇති. ඒකත් මම හරියටම දන්නෙ නෑ. කොහොම උනත් මොන ආගම ඇදහුවත් කාලකන්නින්ගේ බලුකම් නවතින්නෙ නෑ. මිනිස්සුන්ගෙ බෙලි කපන, හරක් මරණ තම්බි වගේම යහපත් විදියට ජීවත්වෙන තම්බිත් ඕනතරම් ඉන්නවා. අපිටත් වැඩියෙන් අවිහින්සාවාදීව ජීවත් වෙන නිර්මාංශික දෙමළ මිනිස්සු අපිට කාලයක් "පර දෙමළු" වෙලා තිබ්බ.

      Delete
  21. ඕකෙ මේ වගෙ පැත්තකුත් තියනවා.ඔය ඉන්න අය ලංකාව එපාවෙලා ගිය අය කිය හිතුවොත් එපා වෙලා තියෙන්නෙ තමන්ගෙ මව් රට නෙමෙයි.මේ තියන මජර ක්‍රමය හෝ තමන්ට වුන අසාදාරන වලට කිසිම පිලිසරනක් මේ ක්‍රමය තුලින් ලබාගන්න බැරිවීම නිසා වුන කලකිරීම නිසා ඇතිවුන එපාවීමක්.නිකමට හිතල බලන්න කිසිම තැනකට ගිහින් අඳුනන කෙනෙක් නැතුව හෝ සිවිල් බලයක් තියන ඇඳුනුම් කමක් නැතුව වැඩක් කරගන්න පුලුවන්ද කියල?පාරෙදි ට්‍රැපික් කාරයෙක් අපිට නිස්කාරනේ දඩයක් ගහන්න හදද්දි අපි තර්ක කලොත් මොකද වෙන්නෙ?ඒ වගේම දොස්තර කෙනෙක් වැ‍රැද්දක් කලත් අර පොලිස් කාරයම එයාට ඔලුවත් නවල යන්න ස්ර් කියනව.මම අහවල් ඉස්පිරිතාකෙ දොස්තර කියල බොරු හරි අයිඩෙන්ටිටියක් පෙන්නන එක විතරයි.
    එහෙම ගියාට ඒ මිනිස්සුන්ටත් අයිතියක් තියනව මව් රට වෙනුවෙන් පෙනී ඉන්න.හැබැයි ඔසියො නම් කව දාවත් ඔයගැන අහන්නෙ නෑ.MCG එකේ ලංකාව ඔසී මැච් වලදි ඕන තරම් ඔසියො එනවා සද්ර්න් ස්ටෑන්ඩ් එකේ ලංකාවෙ අය ඉන්න හරියට.ඇවිත් පපර බෑන්ඩ් එකට නටනවා.වලි නැතිම තරම්.ඔසියො නම් අපේ එවුන් හොඳට සෙල්ල්ම් කල්ත් චියර් කරනවා.
    ඊලඟ පරම්පරාවත්ලංකාවට චියර් කරන ලකුනු තියනවා.වර්ල්ඩ් කප් ඕපනින් සෙරමනි එකේ ඉන්දියන් ඩාන්ස් එක බැලුවද?ඒ ගෲප් එකෙ ලංකාවෙ ගෑනු ලමයිනුත් හිටියා.ඉන්දියානුවො දන්නවනම් විලි ලැජ්ජාවෙ පනනහ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහතික ඇත්ත ඇනෝ, සීයට සීයක් එකඟයි. ලංකාවේ ක්‍රමේ වැරද්දක් තියනවා. ඒ ගැන වෙනමම කතා කරන්න ඕන. ඇත්තටම අපි හැදුනු විදිය නිසාවට සංකර කමක් විදියට දියුණු රටවල් වල සමහර දේවල් පේන නිසාවට සහ ඒවා අපිට අනුගත නොවෙන නිසා ඇරෙන්න අනිත් ඔක්කොම මීට වඩා දහස් ගුණයක් හොඳයි.
      දැනුවත් කිරීමට ස්තුතියි සහෝදරයා...

      Delete
  22. සජ්ජා උඹගෙ කතාව හරි , හැබැයි ඔය සුලු මුස්ලිම් කොල්ලෝ සෙට් එකක් පක්කොන්ට සපොර්ට් කලාට, බොක්කෙන්ම ලංකාවට සපොර්ට් කරන මුස්ලිම් එවුන් වැඩියෙන් ඉන්නවා..... ඔය පක්කොන්ට සපොර්ට් කරන පෙරේතයන්ව පකිස්තානයටම පටවලා අරින්න ඕනි...

    ReplyDelete
    Replies
    1. අල්ලල දාමු බං. උන් ටිකත් ඔන්නොහෙ මෙහෙටම වෙලා හිටපුදෙන්. අපේ උනුත් එහෙ ගිහිං නිදහසේ චියර් කොරන එකේ.

      Delete
  23. ඔය ප්‍රශ්නෙ මෙහෙට එන්න කලින් මටත් තිබුනා,මාලිගාවත්තෙ විතරක් නෙවෙයි අපේ ගම් පලාත් වලත් ඔය වෑඩේ තිබුන නිසා.නමුත් ජර්මනියෙදී මම දෙක්කෙ වෙනදෙයක්.ඩුසල්ඩොර්ෆ් වල මගේ ගෙවල් ලගම ඉතාලි ජාතික යන් පදින්චි කොටසක් තියෙනව.ඉතාලි ජර්මන් මෑච් එකක් නම් කට්ටිය ඉතාලියට චියර් කරනව කිසි අව්ලක් නෑ.ජර්මන් කට්ටිය ජර්මනියට.කට්ටියම එකට බොන්නෙ කන්නෙ.ජර්මනිය වෙනරටක් එක්ක සෙල්ලම් කරනවනම් ඉතාලි ජාතිකයන් බොක්කෙන්ම ජර්මනියට සපෝට්.මුලදී මට මේක අවුල් වගෙ උනා.යුරොපෙ එහෙම උනාට ලන්කවෙ එහෙම වෙන්නෙ නෑ! mathalan para kiwwe.(2014 foot ball world cup eken passe 2014,october mase german argentina match eka germanya paradai namuth pandara 1.00tath me padinchi argentina kello kodi ussagena ground ekalaga hitiya hemoma hondata gahala.kisi awlak ne.mamath unge poto deka thunak gaththa).(RANJAN)

    ReplyDelete
    Replies
    1. රන්ජන්ගේ කොමෙන්ටුවේම උත්තරේ දාලා. "ජර්මනියේදී එහෙම උනත් , ලංකාවේ එහෙම වෙන්නෙ නෑ , පකිසෝ අපිට දිරවන්නේ නෑ" ස්තුතියි සහෝදරයා දැනුවත් කිරීමට. ඇත්තටම අපි ඒ විදිහට හිතන්න කවද නං පටන්ගනීද??

      Delete
  24. බනින්නම තමා ඕන වෙන්නේ මිනිස්සුන්ගෙ ඇහැට ඇඟිල්ලේන ඇනල අැහරවනවාට

    ReplyDelete
  25. // පාකිස්තානේ ලංකාවේ ගහද්දි හැමදාටම පකිසන්ට කෑගහන්න එන ලංකාවේ සෙට් එක නං හැමදාම කෑගහයි වගේ මේ යන විදියට.// ඒකෙන් ඔක්කෝම කියවෙනවා කියලයි මට නම් හිතෙන්නේ..අවංකවම මමත් ඔය පකිස්ථානේට මෙහේ ඉන්න මිනිස්සු චියර් කිරීම දකින්නේ අන්තවාදීකමක් විදියට..මොකද මචං අපි කොච්චර අනුවර්තනය වුණත් මුසල්මානුවෝ එහෙම අනුවර්තනය වෙන්නේ නැහැ..උඹ කිව්වත් වගේ හැමෝමත් එහෙම නැහැ..හැබැයි අන්තවාදී කොණේ ඉන්න උන් ඒකේ උපරිමයට එහා යනවා..මන්දා බං රටකට ගියා කියලා ඒ රටට චියර් කරන එක මම නම් දකින්නේ නිවට සහ අවස්ථාවාදීකමක් විදියට..මොකද ඔය කොච්චර උඩ පැන්නත් සුද්දෝ ආසියාතික අපිට උන්ගේ සම මට්ටමෙන් සලකන්නේ නැහැ..සිටිසන් තිබ්බත් එකයි බහුතර අවස්ථාවන්වල..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං, බලාගෙන ගියහම ඕව හැම එකේම දෙපැත්තක් තියනවා. මුස්ලිම් වරුන්ගේ සමහරක් බොහොම අන්තවාදී. බුද්ධාගමෙත් ඉන්නෙ බලු සේනාව. හැබැයි ඒ අන්තවාදීකම ඉක්මවා යනවා අරක.
      දෙවැනි තුන්වෙනි පරම්පරාවට එනකොට ඕව විසඳෙයි මට නං හිතෙන්නෙ.

      Delete
    2. මොකක්ද මේ "දෙවැනි තුන්වෙනි පරම්පරාවට එනකොට ඕව විසඳෙයි.... " කියන්නේ ???

      ඉපදෙනවා මෑරෙනවා වගේ... හෑමදාම අලුත් කට්ටිය රට-රට වලට සන්ක්‍රමනය වෙනවා නේද ?

      එතකොට, දෙවන පරම්පරව එක්කම නෑවත තවත් අලුත් මුල් ආකාරයේම කොටසක් ඈති වෙලා නේද ? ඕකත් නිකන් අර මොකක්ද චක්‍රයක්ම වාගේ තමා.

      Delete
    3. ඔබේ කතාවත් ඇත්ත නං තමා එහෙම බැලුවම. ඒත් මට නං හිතෙන්නෙ ඉස්සරහට සංක්‍රමණය වෙන පරම්පරාවල් වලට දැන් ඉන්න උදවිය තරම් අපේ රට ගැන "උණක්" තියන එකක් නෑ කියල.

      Delete
  26. ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ නිකන්ද ඉතින්...

    ReplyDelete
    Replies
    1. එක නං ඇත්ත. කාටහරි කරදරයක් උනාම අහක බලාගෙන නොයන්නෙත් අපේ එවුං තමා... නැති ලෙඩ දාගන්නෙත් අපේ එවුන්ම තමා...

      Delete
  27. මට නම් ඉස්සර ලංකාව ගහන මැච් වලදී මොන රට වුනත් අනිත් කණ්ඩායම පරදිනවනම් උන් ගැන දුකයි .. මම සපෝර්ට් කරන්නේ පරදින කණ්ඩායමට ... හෙහ් හෙහ් .. ජාතිද්‍රෝහියා කියල තමයි තාත්තා ඒ දවස් වල බනින්නේ .. :D

    ඔය චියර් කරන එකටත් ජාති බේදයක් තියෙනවා කියල හිතන අපේ තමයි බන් අවුල තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත ඕකේ අනිත් පැත්ත, මැච් බලනකොට අපේ එවුං පරදින්න වගේ එනවා නං බනිනවා ඉවරයක් නෑ. වේලාසන ඉඳලම "අද මෙවුං කනවා" කියාගත්ත ගමන් ඉන්නෙ. මට මරු නගිනවා ඉතිං.
      අපේ හිත් වලින් හදාගත්ත දේවල් නං තමා ඔය ඔක්කොම...

      Delete
  28. මටත් ඕක හිතිලා තියෙනවා. හැබැයි ලංකාවේ සංක්‍රමණිකයන් ඇවිත් ජෙනරේෂන් දෙකක් යනකොට ළමයි ඔසී වෙනවනේ. ඊට පස්සේ නම් ලංකාවට චියර් කරන එක තියා ක්‍රිකට් බලන එකකුත් නෑ. එයාල ඊට පස්සේ ෆුටී ෆෑන්ස්ල. එහෙම උනා කියල මට අවුලක් ඇත්තෙත් නෑ. එහෙම නොවනත් ඒකෙත් මට අවුලක් නෑ. මට මොකද ඉතිං :D

    පාකිස්තානේ කට්ටිය නම් ලංකාවේ ක්‍රිකට් වලට ෆුල් සපෝට්. අපි ඉන්දියාව නොවීම වෙන්න ඇති ලොකුම හේතුව. හැබැයි එච්චර සපෝට් එකක් බංග්ලාදේශ් වලට පෙනෙන්න නෑ.
    අපි මෙදාපාර ක්‍රිකට් ලෝක කුසලානේ සමාරම්භක උත්සවේට ගියා මෙල්බන් වල. අපි ලංකාවේ 3 දෙනෙක් වාඩි වෙලා හිටියේ පකිස්තාන් සාගරයක් මැද්දේ. ලංකාවේ නැටුම් කණ්ඩායම ස්ටේජ් එකට නැග්ගම අපිටත් වඩා උඩ පැනගෙන චියර් කරේ පකිස්තාන් අයියල මල්ලිලා තමයි. හැබැයි එයාල ඇෆ්ගන්, බංග්ලා කණ්ඩායම් වලට එච්චර සප් එකක් දුන්නේ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. නීරෝ ඒත් අර කලින් කිව්වා වගේ ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන එක නවතින එකක් නැති නිසා එහෙම වෙන එකකුත් නෑ..
      එක නම් ඇත්ත. පාකිස්තානේ අපිට ක්‍රිකට් වලදී වගේම යුද්ධෙ කරන්න දීපු සපෝට් එකත් අමතක කරන්න නරකයි...

      Delete
  29. ඇත්ත..අපි කලාට කමක් නෑ ඒක ලැදියාව, දේශප්‍රේමේ... වෙන වුන් කලොත් වැරදි...ඒක ජාතිවාදෙ..

    ReplyDelete
    Replies
    1. හැම තැනකම ඕක ඔහොම තමයි බං. අපිට උනොත් වැරැද්ද, අනුන්ට උනොත් අවුලක් නෑ...

      Delete
  30. අඩෝ....................... මං වැඩ කරපු තැනක පොඩි ටැමිල් කොල්ලෙක් හිටියා..... උෟ ඉන්දියාව මැච් ඒකක් පැරදුනොත් අඩනවා බං... ඉතින් පකිසෝ ගැන මොන කතාද බොල

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං . එක අතකට එහෙම කළා කියල කාටවත් බනින්නත් බෑ.. මං කියන්නෙ ඒක..

      Delete
  31. අනේ බන් ලංකාවෙ එකෙක් ඕස්ට්‍රේලියාවට චියර් කරන්න ගියොත් උට ගහල පන්නයි. උන් කැමති නෑ ලංකාවෙ කලු මිනිස්සුන්ට. උන් අපේ මිනිස්සුන්ට කතා කරන්නෙම ugly monkeys කියල. උන්ගෙ රටේ මුල් පදිංචිකාරයින්ව බල්ලට දාල තියන උන් මේ කොහෙවත් යන රටකින් ආපු උන්ව ගනන් ගනීද. කලු හම තියන එකෙක් දැක්කත් අප්පිරියයි උන්ට. උන් කියන්නෙ උඹලම උඹලෑ රටට චියර් කරගනිල්ල කියල.

    ReplyDelete
  32. කාලෙකට පස්සෙ මැච් එකක බලන්න ගියා පහු ගිය සතියෙ ඒ ලබ්බත් පරාදයි ... මම නං කියන්නේ කිරිකට තහනම් කොල්ල මුන්ව කුඹුරු කොටන්නයි, ගෙම්බෝ අල්ලන්නයි දාන්න ඕන ...නෙදකින් විතරක් !

    ඔය මොනවා කළත් අර ටෞකන්ඩ මෑණියන්ගෙන් අහල හොඳේ නැතිනම් දේව සාපෙ වදීවි :-D

    ReplyDelete