කඩප්පුලි ජඩමාධ්‍ය භාවිතය


කාලෙන් කාලයට එක එක විජ්ජුම්බර රුපවාහිනියෙන්  බලාසිටින්නට අපට සිදුවිය. එක කාලයක් "අද බෝම්බ පිපිරුනේ කොහේදැයි" බැලීමට රූපවාහිනිය බැලුවෙමු. තව කාලයක් "අපේ හමුදාව අල්ලාගත්තේ කොහේදැයි" බැලීමට රූපවාහිනිය නැරඹුවෙමු. ඊට පසු කාලීනව යමෙකුට තම පවුලේ සාමාජිකයන් හැරෙන්නට දිනපතා වැඩියෙන්ම දකින්නට ලැබෙන "මහින්ද මහත්තයාගේ වික්‍රම" බලා සිටියෙමු. එක අවධියක "අද අනිත් පැත්තට පැන්නේ මොකාදැයි" දැනගන්නට නිවුස් බැලූ අපි "සිරිසේන මහත්තයා පිරිවර නොමැතිව රට යන හැටි සහ යහපාලනය ජහපාලනය කරගන්නා ආකාරය" දෙස වර්තමානයේ බලාසිටිමු.
 
 වෙනදා දේශපාලුවන් මරාගන්නා හැටි බලාසිටි අප හට මෙදා එව්වා පෙන්නන එවුන්ම මරාගන්නා අයුරු දැක ලාම්පු කණගාටුව උපදවාගත හැකිය. සිරසෙන් "අපිට ගැහුවො" කියද්දී දෙරණෙන් "අපිට කෙළින්නට ආවෝ" යනුවෙන් මොරදෙයි. ඒකත් එවුන්ට "මාකටිං පාරකි". ඇත්තටම බැලුවොතින්  දෙගොල්ලන්ගේම "නැට්ටේ ඉඳන් ගොම" ය. රුපවාහිනියේ පමණක් නොව, රේඩියෝ, පත්තර හැම එකේමත් එහෙමය. මාකටිං විරුවන් බිහිකිරීම, මාකටිං තරු නිපදවීම, ඕනෑම ජරාවක් විකිණීමට අනුබල දීම , හාල්පාරුවන් පිම්බීම, බලෙන් අසන්නට දකින්නට සැලැස්වීම , බලනවාට අහනවාට පගාව දීම සහ තමන් "එක" යයි කියාපෑම මේ හැම එකාගේම එකම අරමුණවේ.



ලංකාවේ ජඩ මාධ්‍ය භාවිතය නතර කිරීමට වගකිවයුතු පිරිස් දැන් වත් පියවර ගත යුතුය.... මුළු රටේම දැන් පිළිලයක් මෙන් පැතිරෙන්නේ "මාකටින්" තියරියකි.. පත්තරයක් වේවා, රුපවාහිනී මාධ්‍යයක් වේවා, සමාජ වෙබ් අඩවි ජාලයක් වේවා ඒ සියල්ලම මාකටින් පිලිලයට හසුවී හමාරය... අතීතයේ රුපවාහිනී රේඩියෝ ඇසීමට මුදල් දී බලපත්‍රයක් ගැනීමට සිදුවිය..දැන් මුන්ගේ ඒවා අහනවාට බලනවාට ,අහන බලන එවුන්ට ගෙදරටම විත් සල්ලි බෙදනු පෙනේ... අපි අහන්නේ "මේ" එෆ්.එම්. යනුවෙන් කොලයක ලියා කක්කුස්සි දොරේ, ත්‍රී රෝද රථයේ, බස් රථයේ එල්ලාගනීමෙන් මුදල් ලබාගත හැකි රටක ජීවත් වීමට තරම් අපි වාසනාවන්තයෝ වෙමු. නොකා නොබී කට බලියාගෙන රූපවාහිනිය දිහා දවස තිස්සෙම බලාසිට කැරපොත්තා තිරයේ දිස් වන වාරගණන 6688 ට එස්.එම්.එස්. කිරීමෙන් සල්ලි වැස්සේ තෙමීමට අවස්ථාව උදාකරගත හැක...


පත්තරයක් අතට ගත විට වැඩි පිටු ගණනක තිබෙන්නේ "අහවල් මල පෙරේතයා වැහුණු කන්‍යාවිය රෑට හෙළුවෙන් දීෂ්ටි වෙයි" ආකාරයේ ආටිකල්ය...ඊට යටින් එලෝ කෝටියට මැණික් හින්නේ හුලවාලියන්ගේ මන්තර ගුරුකම් දැන්වීම්ය..රාවණා රජුගේ රවුල් ගසේ සිට දැක ඇති දන්නා හඳුනන ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර හට "මීවලපලානේ ජයරත්නගේ " රාජකාරිය ඉටු කිරීමට පත්තරයේ පිටු පිටින් වෙන් කරන සංස්කාරක වරයා, වැදගත් පුවතක් බැලීමට පාඨකයාව අර පිටුවෙන් මේ පිටුවට ලෙස පිටු අතර රස්තියාදු කරවීමට මැලි නොවේ... .පොල්ගෙඩි අකුරෙන් ප්‍රධාන සිරස්තලයක් මෙන් පලකල "හක්ගෙඩි, වාලම්පුරි " දැන්වීම් වල කූඹි කකුල් අකුරෙන් දැන්වීමක් බව සඳහන් කර ඇත... 


සෙග්මන්ට් මාකට් කරවාගැනීමට කුමන හෝ හාල්පාරුවෙකු ගේනවා " කාගේ හෝ කුක්කු බොන්නට " ආසාවක් ඇති කර හෝ වැඩසටහන හිට් කර ගැනීමට තරම් ටී වී කාරයෝ බන්කොලොත්ය..රත්තරන් පොරවාගත් හොර කපුවන් ප්‍රවෘත්ති මගින් මාකට් කර රත්තරන් ටික විකුනාගන්නා චැනල් ඇති රටක , සියල්ල අමතක එහෙත් දේශපාලනය බිස්නස් සහ බෝධි පූජා ගාථා මතක මිනිසුන් පන්සල් ගානේ වන්දනා කරමින් යන අයුරු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලය කරගන්නා චැනල් ඇති රටක, ප්‍රවෘත්ති විකාශන කාලයෙන් තුනෙන් එකක් රනිල්ට හොම්බෙන් යන්නට ගහන්නට වේලාව වෙන්කරගත හැකි චැනල් ඇති රටක , මහජන මුදලින් නඩත්තු වෙමින් උදේ සිට රෑ වන තුරු ජනපති වරයාගේ වැසිකිලි යාමේ සිට නිදි වැදීම දක්වා කාලසටහන විකාශය කර වර්ණනා කිරීමට කැපවීමෙන් වැඩකරන චැනල් ඇති රටක ජීවත් වීමට තරම් අපි වාසනාවන්ත වෙමු. 


සුප් කැටය දැම්මේ නැත්තන් අපේ එවුන්ට දැන් පරිප්පු හොද්දක් කන්නට බැරිය.ඝර්ම කලාපීය රටවල ජීවත් වන, ජාන වලින්ම ලොකු බඩකට හිමිකම් කියන අපේ මිනිස්සු, රුපවාහිනියේ බඩ හෝපොතු ගැහුනු නිලියක් ශේප්-අප් ටී බොන අයුරු බලා ඒ මාර්ගයෙන් වත් බඩ බස්සාගැනීමට මාන බලති. එක එක කාලයට ඉස්මතුවන චරිත ලවා තමන්ගේ ප්‍රඩක්ට් එක විකුනාගනීම හැම මාකටින් කාරයාගේම සිහිනයකි. රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පත්තර ලේසියෙන්ම ඒ වෙනුවෙන් කඩේ යවාගත හැක.

 
සමාජ වෙබ් අඩවි වල තත්වයද මෙයිට නොදෙවනිය. කාලෙකට කලින් එකෙක් වතුරෙන් දුවන කාර් එකක් නිපදවීය.අපේ එවුන් උඩදාගෙන ඌව පිම්බවීම අවසන් වූයේ ඒකා බොරුකාරයෙක් බව ඔප්පු වී හිරේ විලංගුවේ වැටීමෙන් පසුවය. ඩෙංගු උණ නට්ටන් කරන්නට පැමිණි ජීවක දියණිය අද හොම්බෙන්ය. චීචී කොල්ලගේ රොකට් එක නන්නත්තාර වෙලාය.අපේ දෙයක්, අපේ වාහනයක් කියා මයික්‍රෝ ඩක්කුවක් මාකට් කරපු මෑන්ස් හිටු කියාගෙන කොරියාවෙන් වාහන ගෙන්වා මයික්‍රෝ බැජ් එක පමණක් මෙහෙන් අලවා විකුණනු පෙනේ.


 ෆේස් බුකියද මාකටින් වලට කියාපුම තැනකි. ඕනෑම කුණුගොඩක් මේකට අතඇරීය පසු, පින්තූර දමා පාට පාට වාක්‍ය යොදා "ලෝකයටම පේන්න ෂෙයා කරමු" යන වැකිය යොදා හැම තැනම පතුරවන්නට පසුබට නොවන හාල් පාරුවන් රැලක් ලැබීමට අප පින් කර ඇත . ඉන්ටනෙට් එකේ තිබුනොත් ඕනෑම දෙයක් ඇත්ත යයි පිළිගන්න සමාජයක අපි ජීවත් වන්නෙමු. නොදන්නා මගුල් තැන තැන ශෙයා කරමින් ඒවා වර්ණනා කරනා අපේම එවුංගේ "මුළාව" නැතිවීමට තවත් කාලාන්තරයක් ගතවනු ඇත.


එදාවේල හොයාගැනීමට වෙහෙසෙන අපේ මිනිසුන් හට ඒ වෙහෙසෙන් මිදීමට  කිසියම්හෝ "ආතල් එකක්" තිබිය යුතුය. සිරසයි දෙරණයි කෙළගැනීම බැලීමෙන්  හෝ , අපි අහන්නේ අහවල් එකැයි පවසා සාක්කුවට ගානක් වැටීමෙන් හෝ, රාවණාගේ වික්‍රම බැලීමෙන් හෝ, සුපිරි තරුවකගේ විස්කම් බැලීමෙන් හෝ, "පබාගේ කුක්කුව" ගැන ඇසීමෙන් හෝ මිනිසුන්  ආතල් වී , චූං වී, කොර වී තෘප්තිමත් වෙනවානම් ගැටළුවක් නැත. එහෙත් එමගින් සිදුවන්නේ අප නොදැනුවත්වම සුප් කැට දමා පරිප්පු කෑමෙන් ඉදිරියට නෙරා එන බඩ "ශේප් අප් ටී" බොමින් බස්සාගැනීමට දඟලන ආකාරයේ විජ්ජුම්බරයකි...



44 comments:

  1. ඇයි බං දැං දැං බ්ලොගුත් ඔය තත්වෙට වැටිගෙන එන්නේ

    ReplyDelete
    Replies
    1. හහ්.. මටද ඒ කින්ඩිය දැම්මෙ? :p

      Delete
    2. ඔය නුගත් බාස්සුන්නැහැලා කියන දේවල් ගණන් ගන්නේ කවුද?

      Delete
    3. ගණන් නොගන්න වානං කමෙන්ට් කොටන්නේ මන්ද

      Delete
    4. මඩ ගැසීමේදී ඇත්ත නමකින් එනවානං සාධාරණයි.. හැංගිලා ගල් ගහනවා වගේ වැඩක් මේක..

      Delete
  2. එෆ්.එම්. මාකටිං නං ඕනිම නෑ. අපේ උනුත් සල්ලි කීයක් හරි හම්බු වෙනවානං ඕනි බෝඩ් එකක් පස්ස පැත්තෙ උනත් එල්ලං ඉඳීවි. සෝමවාහිනය මළ මිනිත් විකුණනවා. ඔවා කතා කරන්න ගියොත් දවසක් මදි බං.

    ReplyDelete
    Replies
    1. ඔව්ව ගැන කියල වැඩකුත් නෑ තමයි බං එක අතකට බැලුවම. සෝමා මළමිනී විකුණන සීන් එක, කඳුළු විකුණන සීන් එක ගැන කියන්න අමතක උනා ඇත්තටම.

      Delete
  3. මම ඉස්සර ඉඳන් කියන දෙයක් තමයි මේ රට විනාශ කළේ දේසපාලිවන්ට වඩා ජඩමාද්දියවේදියෝ කියන උනුයි කියලා.. මහා ළොකු පොරවල් කියලා හිතාගෙන ඉන්න උන්, සල්ලි කාරයන්ගේ ආයතන වලදි කුළියට කහින බල්ලෝ වෙනවා, කිංස්ලි රත්නායකලට, දයාන ජයතිලකලට උනේ ඒකයි.

    සිරසෙ එකෙක් ජනපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂක උනාය කියලා උන් හිතන්නේ උන්ට මේ රටේ ජනමාද්දිය ලියලා දුන්නය කියලා. රනිල් හිරු එකට ඉන්ටර්වීව් එකක් දෙන එක ජාතික ප්‍රශ්ණයක් වෙන්නේ අන්න ඒ හේතුව උඩ. උන් හත් පොලේ ගාගත්ත කේස් එක තමයි, ඉඩමේ කේස් එකට දෙරණ ඉනටවීව් එක ගන්න ගිය එක. ඒ ගන්න ගියපු ජඩ මාද්දියවේදිනිය එතනට ගිහින් දෙන බිළඳ ටෝක් නිසා සිරස කුඩු උනා. එතනින් යාන්තම් ෆුලිස් ඉස්ටොප් එක වැටුනා. නැත්නම් බ්‍රේකින් නිව්ස් වෙලා තිබුනේ සිරසේ ඉඩම. මුන් නිව්ස් කියන්නේ උන්ගේ ඉඩම් හුට පට. මුන් ජඩමාද්දිය වේදියෝ නෙමයි. කුක්කු පැටව්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් වැඩිමනක් මාධ්‍ය කාරයෝ ඉන්නෙ "පොර" මානසිකත්වයෙන් නං තමා සහෝදරයා. පත්තර වල ආටිකල් වල දාන විදිය මතකද? "මහත්තයෝ.. ඕක මෙහෙමයි" ,"මහත්තයෝ මේකයි.." කියල තමා ලියන්නෙ. තමන්ම "මහත්තයෝ" කියල කියාගන්නවා...

      Delete
  4. අවන්තයා තමා නියම කාටුන් එක දීල තිබුනේ ඔය කෙංගෙඩියට...

    ReplyDelete
    Replies
    1. මං එක දැක්කෙ නෑ දේශකයා... ලින්කුවක් නැද්ද??

      Delete
  5. ලෝකල් චැනල් බැලීම අත ඇරියෙ 2000 විතර. පත්තර බැලුවොත් නම් මල පෙරෙතයොයි, ගුරුකම් කාරයොයි විතරයි රටේ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි වෙළඳ දැන්වීම්.. ඇඩ් පත්තරේක පොඩියට ආටිකල් එකක් දාල තියෙන්නෙ. ටීවී එකෙත් උඩිනුයි යටිනුයි දැන්වීම් තීරු දාල පොඩි වින්ඩෝ එකක වැඩසටහන දාන්නෙ. අමරදේව ආවත් "මින්දද හීසර වැදී.." පොඩ්ඩක් ඉන්න අපි වෙලාව බලල ඉමු." "පීක් පීක්..අහවල් කිරි බොන වෙලාව .ඒක බිව්වොත් දවස පුරාම ඇල් වතුරවත් බොන්න ඕන නෑ" විදිහෙ දැන්වීම්.

      Delete
  6. අපේ පවුල රෑපවාහිනිය සහ ගුවන් විදුලියෙන් නිදහස්. මැනික්හින්නේ ගුරැකම් සහ බුතයෝ වැහුන ඒවා හිනා වෙන්න මරැ බං..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මෙන්ඩ බලන්නෙම නැද්ද? අනේ මන්ද බං. නොබලත් බෑ.. බලලත් බෑ..

      Delete
  7. මළ සමයං.... :p :p :p
    සජ්ජත් ඉදං අරුංනෙ ආතල් කන්න හදනව නෙව හිහි
    උංට නෙවී පිස්සු ඒව බලන උංට බං

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. ඒකත් ඇත්ත තමයි බැලුවම...

      Delete
  8. උඹට මීටර් උනේ නැද්ද හිරු එකෙන් තිලංග සුමතිපාලට කෙලින කෙලිල්ල තඹුත්තේගම රේස් බයි රේස් එකක් අල්ලං.. මට මලම කේස් එක මේ ඝන ගෙඩියො ටික අම්බරුවෝ වගෙ ඕවට දෙක පුන එකට.. මුන්ගෙ චැනල් දම්මන්න ඕනි හරක් ගාල් වල විතරයි.. නොදකින්..

    ReplyDelete
    Replies
    1. ඒ හාන්දුරුවරුන්ට කුඩු පැකට් එක ගානේ දෙනවලු පින්ඩපාතෙට...

      Delete
    2. ඇයි කැකිරාවේ බුකිය ගැන දුන්නා පැය බාගයක් විතර.

      Delete
    3. හැම එකාම උන්ගෙ හොරේ වහගෙන අනිත් එකාට කෙලිනවා.. අර පොල් කෙඳි පොල් පරාල කතාව මේකටත් අදාලයි බං...

      Delete
  9. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම ජනමාධ්‍යය ක්‍රියාත්මක වෙන්නේ ඒවා අයිතිකරුවන්ගේ ව්‍යාපාරික උවමනාව අනුව තමයි. ඇමරිකාවේ උනත් ෆොක්ස් කියන මාධ්‍ය ජාලය වැඩකරන්නේ ලංකාවේ සිරස වැඩකරනවා වගේ. හැබැයි දියුණු රටවල එක දෙයක් තියෙනව, ඒ රටවල තියෙන ඇතැම් ජනමාධ්‍යය ජන්දයක් එහෙම එනකොට තමන්ගේ මාධ්‍යය සහය දක්වන්නේ කාටද කියලා කලින්ම ප්‍රසිද්ධියේ කියනවා. ඉතිං එතකොට අකමැති අයට ඒ චැනල් එක නොබලා ඉන්න පුළුවන්.

    ලංකාවේ වගේ අපි තමයි සමබර,අපි විතරයි ඇත්ත කියන්නේ කියමින් මිනිස්සුන්ව රවටමින් ඒක එකාට හොරෙන් කඩේ යන්නේ නෑ.
    දැන් ලංකාවේ දේශීය රේඩියෝ චැනල් 53 ක් විතර තියෙනවා. ටීවී චැනල් 18 ක් විතර තියෙනවා. පුවත්පත් තියෙනවා. ඕවා සේරම අයිති ප්‍රධාන සමාගම් කිහිපයකට.

    සිරස,හිරු, TNL, දෙරණ, විජය ප්‍රකාශන, EAP , තීරු නඩේෂන්, කැසිනෝ රවී ඔන්න ඔයවගේ කිහිප දෙනෙක් තමයි ලංකාවේ මාධ්‍යය හසුරවන්නේ. ඔව්වා එකක් වත් වැඩකරන්නේ මිනිස්සු ගැන හිතලා නෙමෙයි. උන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගැනීමයි.
    හිරු එකෙන් උන්ගේ තරහ කාරයෝ වන තිලංගගේ බුකි වලට, හිරුනිකාට, රාජිතට ගහනවා. සිරසෙන් රනිල්ට, දුමින්දට,මංගලට ගහනවා.සිරසේ ඉත්තෝ හැම පක්ෂේකටම දාලා උන්ගේ බිස්නස් කරගන්න හදනවා. දෙරණෙන් මහින්දට කඩේ යනගමන් සිරසට ගහනවා. දිවයින,නෙත් එෆ්එම් එක මරා බලයට ගෙන්න ගජරාමෙට වැඩ කරනවා. ස්වර්ණවාහිනීය එන එන ආණ්ඩුවට පුක දීලා තමුන්ගේ බිස්නස් ටික කරගන්න හදනවා. තිලංගගේ පත්තරේ දුමින්දට ගහනවා. ලංකාදීප පත්තර රුවන් විජයවර්ධන ඊළගට එජාපෙ නායකයා වෙයි කියලා හිතනවා. TNL එක ඊළගට ජන්දෙදි රනිල් ආයේ අගමැති කරන්න හදනවා. සියත හිටු කියලා මයිත්‍රීට කඩේ යනවා. බලං ගියාම පෞද්ගලික චැනල් ඔක්කොම මහා වේසා මඩු. ඔවාගේ වැඩකරන එවුනුත් උන්ට මාසේ අන්තිමට හම්බෙන දාහේ කොළ විස්සට තිහට රෙදි නැතිව, බලු පොරේට වැටෙනවා.

    බලං ගියාම දැන් අයිටීඑන් සහ ජාතික පට්ටම සමබරයි සජ්ජා. මම දැන් සියලුම පුද්ගලික ටීවී චැනල් බැලීම අත්හැරියා. සිරස,දෙරණ වගේ එව්වා ටීවී එකෙන්ම ඩිලීට් කරලාම දැම්මා. දැන් අයිටීඑන් එක හදාගෙනඉන්නේ. එකේ ප්‍රවුත්ති එහෙම පට්ටම බැලන්ස්. කාටවත් මඩගහන්නේ නෑ. ප්‍රවෘත්තික් ප්‍රවෘත්ති විදියට බලාගන්න නං දැන් ආණ්ඩුවේ චැනල් එකක් බලන්න.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. රූපවාහිනියෙත් බොහෝම හොඳ සංගීත වැඩ සටහන් එහෙම යනවා.. සෑහෙන වෙනසක්..

      Delete
    2. සහතික ඇත්ත. ඇනෝ

      Delete
    3. කතාවට නම් කටේ මසුරන් දාන්න වටිනවා

      Delete
    4. ඇත්තම ඇත්ත ඇනෝ.... සිරාවටම දැන් රුපවාහිනිය හොඳයි... ඕක වත් සමබරව පවත්වාගෙන ගියොත් ලොකු දෙයක්...

      Delete
  10. කන්නංගර සමුහ ව්‍යාපාරය.

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර හාඩ්වෙයාර්
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ

    ReplyDelete
    Replies
    1. ඔලුව කොහේ හරි තදින් වැදුනද??

      Delete
  11. හරියට හරි දැන් ජනමාධ්‍යයක් නැත. ඇත්තේ ජඩමාධ්‍යයකි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.

      Delete
    2. ඕවටත් පාලනයක් අවශ්‍යයි මට තේරෙන විදියට. ජඩ මාධ්‍යම තමා දැන් තියෙන්නෙ ඩිල්ශාන්...

      Delete
  12. මැන්ඩෙ බසින් මීඩියා යන වචනයේ අර්ථය “රණශූර රජු” යන්නයි. රණශූර රජු යන්න අධිරාජ්‍යයේ රජවරැන්ට මධ්‍යකාලීන යුගයේ දී ප්‍රදානය වූ නම්බු නාමයකි.

    1967 දී න්ක්රෑමා මීඩියා “අප්‍රිකන් සමාජවාදයට නැවත පිවිසුමක්,” නමින් ලිපියේ මෙසේ ලියයි: “අපි දන්නවා “සාම්ප්‍රදායික අප්‍රිකන් ජනමාධ්‍යය” බිහිවූයේ සාමානාත්මතාවාදයේ සිද්ධාන්ත ඇසුරින් බව. එහි සත්‍යයෙන් වැඩ කරද්දී කෙසේ වෙතත් එහි අඩුපාඩු බොහොමයක් තියෙනවා. එහි මානුෂික ආවේගය තමයි හැබැයි අපි යොදාගත යුත්තේ අපිව සම්පූර්ණ අප්‍රිකානු සමාජවාදී ජනමාධ්‍යය ප්‍රතිසංස්කරණයක් කරා ගෙන යන්නට.”

    අයෙක්ව හෝ දෙයක් ඔවුන්ගේ හැකියාවන්, ගුණාංග නැත්නම් ජනමාධ්‍යයන්හි ප්‍රතිඵල තුලින් දැඩි සේ අගය කිරීම ලැබිය යුතු ද? පුද්ගලික ව්‍යාපාරිකයෙක් මෙතෙක් නොතිබූ නාලිකාවක් නිර්මාණය කර එයින් පාරිභෝගිකයන් සතුටු කරමින් නව රස්සාවල් බිහි කළා යැයි ගෞරව දැක්විය යුතු ද?

    මාධ්‍යය වෙත විශ්වාසය තබාගත හොත් ඒකාධිකාරයන් බිහිවෙනවා ඇතැයි යන්න තවත් බහුලව බෙදන ලද, විමසිල්ලෙන් තොරව අදහන දුර්මතයකි. සාමාන්‍යයෙන් ඔවුන් කරන වැරැද්දක් නම් මිනිසුන්ගේ අරමුණු සමඟ ඔවුන්ගේ “ස්වාර්ථය” ඈඳාගෙන අනතුරුව එය “ආත්මාර්ථකාමය” සමඟ පටලවා ගැනීමයි. එකිනෙකාට යහපතක් සිද්ධ නොවනවා නම්, A කරන හොඳ B ට සිද්ධ වන හානිය නම්, එවිට ඔවුන් කිසිදාක ගණුදෙනුවක් නොකරති. කිසිදාක එකමුතුව වැඩ කරන අය නොවෙති. කිසිදාක මිත්‍රත්වයක් ඇතිකර නොගනිති.

    අනුන්ගේ ජීවිත සැලසුම් කරන සහ නීතියේ බලය ආණ්ඩුවට පැවරෙද්දී ඒවා සතුවෙන්නේ වැරදි කරන සුළු, තමන් හා සමාන වූ දැනුම ඇති, මිනිසුන් අතරින්ම තෝරා පත්කරගන්නා ලද, බලය අල්ලා ගන්නට තරඟ කර ජයගත් මිනිසුන් සුළු පිරිසකටයි. මාධ්‍යය සදාචාරය යනු නීත්‍යානුකූල ජීවිත ගෙවන ඒකීය පුද්ගලයන්ගේ කටයුතු වලට හිටි අඩියේ බාධා ගෙනෙන යම් ආණ්ඩුවක් වෙත් ද එය මෙල්ල කරන යාන්ත්‍රණයයි.

    ජනමාධ්‍යය ගැන කතාකරද ද, හේ මීඩියා කුමක්දැයි නොදත්තෙකි. සැමවිටම ඉදිරියට කියා ගත්ත ද, ඔහු ගමන් කළේ ආරම්භයේ පටන්ම ආපස්සටයි. සජ්ජගේ පඩංගුව ලියන ඔබට නොතේරෙන සත්‍යය මෙයයි.

    ReplyDelete
    Replies
    1. තියරි, මූලධර්ම එසේ විය හැක. දැනුවත් කිරීමට ස්තුතියි. මා මෙතන මතුකර දැක්වීමට උත්සාහ ගත්තේ බාහිර සාමාන්‍ය පුද්ගලයෙකුට පිටස්තරව බලනකළ මේ සම්බන්ධයෙන් දැනෙන ආකාරයයි..

      Delete
  13. වශි!
    වශි !වශි!
    වශි!
    වශි!
    වශි!
    වශි!

    .
    ඔබට අවශ්ය කෙනා කකුල් මැදටම ගෙනත් ඩෙමි වරුවෙන් බඩු.

    ReplyDelete
  14. 'ගරිල්ලා මාර්කටිං' ෆිල්ම් එකෙන් ජයන්ත චන්ද්‍රසිරි නියමෙට ඕවා කතා කරලා තියෙනවා.තාම ලංකාවට විරුද්ධව බටහිර මාධ්‍ය කැත නැතිව පුවත් වාර්ථා කරන්නෙ.. එක දිගට එකම දෙයක් කියලා ඒක ඇත්තක් කරලා මිනිස්සුන්ගෙ මොළ සෝදන එක දැං සාමාන්‍ය වෙලා...

    ReplyDelete
    Replies
    1. එක එක පැත්තක් විතරයි ලබ්බා... ඕක පිටරට එවුනුත් කරනවා තමයි. ඒත් අපේ එවුං රෙදි නැතුව ඕක කරනවා, සදාචාරයක් නැතිව.

      Delete
  15. මේ වගේ කඩා වැටීම් වලට මූලිකම හේතුවක් තමයි අද ජනමාධ්‍ය වේදීන් යයි කියාගන්නා පුද්ගලයන් බිහිවන්නේ මාධ්‍ය ජාල තුලින්ම පමනක් වීම.
    ඔවුනට ක්‍රමවත් අධ්‍යාපනයක් ලබාදෙන ආයතන, ඒ කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වැනි ආයතනවලින් ඩිප්ලෝමා හෝ උපාධි ලබා පිටවූවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයක් තිබෙන නිසාවත්, ඔවුන් වෘතිමය වශයෙන් ක්‍රියාකලයුත්තේ කෙසේද යන්න පාලනය කිරීමට හෝ මගපෙන්වීමට හෝ සමත් ආයතනයන් නොමැති වීම, මෙම මාධ්‍ය මුදලාලිලා විසින් හය්ජැක් කොට, මූනේ මේකප් දමා මයික් එකක් අතට දී, CNN, Aljazeera හෝ BBC අනුකරනය කරමින්, නමින් අමතා ප්‍රවෘත්ති ප්‍රකාශ වලට වොයිස්කට් දැමීම මාධ්‍යකරනයයි සමාජ ගත කිරීමට තරම් සැහැසි වීම.
    සිරස දෙරන වැනි ආයතන, ඩිජිටල් ග්‍රැෆික්ස් තාක්ෂනයන් භාවිතා නොකොට, සජීව ප්‍රවෘත්ති ප්‍රකාශයන් නිව්ස් රූම් එක තුල සිටම මහා ගොරහැඩියාවන් ඇතුලුව සම්ප්‍රෙශනය කරද්දී, මේ මොන විහිලුවක්දැයි අපහට හැගුනද, මේ මුදලාලිලා ඔවුන්ගේ චැනල් එක වත් නොබලන බව නම් අපට සිතේ...
    ඩිවෙලොපින් ස්ටොරි යන ඉංග්‍රීසි වචනයේ තේරුමටවත් සම්බන්ධයක් නැති දේවල් ඇඩ්වර්ට් ක්ලිප් එකක් දැමීමට පමනක් යොදාගැනීම් වැනි අඳබාල ක්‍රියා කෙසේ නම් ඉවසන්නද..?
    ප්‍රවෘත්ති ප්‍රකාශයන් සමග ඇඩ්වර්ට්ස් විකශනය කරන නාලිකා ඇත්තේ අප රටේ පමනක්ම විය යුතුය...
    නාලිකාවන්ට පමනක් දොස්කීමත් වැරදි යැයි හැඟේ...වෙළඳ දැන්වීම් ස්පොන්සර් කරන්නන්ද ඒවාට වග කිව යුතුය...ගෙරි මස් උනත් කරේ දාගෙන කෑ යුතුද?

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත චෙෆාකි , අපි දන්න ඕව වල ඉන්න මිනිස්සු ගොඩ දෙනෙක් ඔය සම්බන්ධයෙන් හරි ආකාර දැනුමක් නැතිව "කට විතරක් තිබුන පලියට" ඔය තැන වලට එනවා. ටිකක් දවස් යනකොට මෙන්න ඒ බුවාලා ඔය තැන වල ලොක්කෝ වෙලා. ඔන්න ටික දවසකින් රට කරන විදිය ගැනත් ඔපීනියන් දෙනවා ටයි පොලු එහෙම දාගෙන.

      Delete
  16. මාධ්‍ය ත්‍රස්තවාදය මෙලොව ඇති දරුණුම ත්‍රස්තවාදී කල්ලියටත් වඩා භයානකය... මන්ද එයට අසු වන සියල්ලන් මැරි මැරී ජීවත් කරවීමට එයට හැකියාව ඇති බැවිනි....

    ReplyDelete
    Replies
    1. ඒ මාෆියාවෙන් මිනිස්සු මුදවාගන්න හරිම අමාරුයි කාලයක් යනකොට. අයිසිං දාල වහ කවනවා කියල තේරෙන්නේ නෑ...

      Delete
  17. වෛශ්‍යාවන් රාශියක් අතරින් නියම කුල කාන්තාවක් හොයාගන්නවා වගේ අමාරු වැඩක් තමා සාධාරණ ජනමාධ්‍ය සොයාගැනීම. මම රූපවාහිනිය බලන්නේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳව දැනගන්නත්, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාවල යන වාර්තාමය සහ වෘතාන්ත චිත්‍රපටි නැරඹීමටත් පමණයි.

    දේශීය නාලිකාවල ප්‍රවෘත්ති බලද්දීත් දුරස්ථ පාලකය අතේ තියාගෙනම ඉන්නේ හඩු වෙළඳ දැන්වීම් වලින් ගැලවී ඒ වෙලාවේ දැන්වීමක් ප්‍රචාරය නොවන වෙනත් කුමක් හෝ නාලිකාවකට විනාඩි කීපයකට යොමුවෙන්නයි.

    මේ කරදර වලට තාක්ෂනයෙන්ම උත්තර තියනවා. මගේ ගෙදර තිබෙන රූපවාහිනියේ තිබෙනවා picture in picture නමැති පහසුකම. ඒ නිසා, මෙතෙක්වෙලා මා නරඹමින් සිටි චැනලයේ හඩු වෙළඳ දැන්වීම් යනවිට, ඒ චැනලය තිරයේ පසෙකට යොමුකොට, වෙනත් චැනල් නරඹන්නටත්, ඒ චැනලයේ නැවත මා බලමින් සිටි වැඩ සටහන ආරම්භවී ඇති බව පෙනුණාම, ඒ චැනලයට මාරුවෙන්නත් පුළුවන්.

    මාතෘකාවේ තියන වචනය 'කඩප්පුලි' කියලයි මමනම් දන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා අපේ තාත්ත වගේ වෙන්නැති . රිමෝට් එක අහු උනාම අනිත් උදවිය මොකවත් බලල ඉවරයි. අපේ ගෙදර එකේ ඔය පහසුකම නෑ (තියනවද බලන්න ඕන) . දැන්වීම් යන වෙලාවට වෙන පැත්තක් දාල ඒක බලන් ඉන්නවා. ඒකෙ සිහියෙන් බලනකොට අනික මතක නෑ. එකේ දැන්වීමක් යනකොට වෙන එකකට දානවා. අන්තිමේදී මොකක් වත් බලල නෑ..

      Delete
    2. නිවැරදි කළා.. ස්තුතියි...

      Delete