තමංගෙ ගෑනුන්ට පොලිස් කාරයෝ බයයි..!!??



"මහත්තයා, කරුණාකරලා රියදුරු බලපත්‍රයයි, ආදායම් බලපත්‍රයයි , රක්ෂණ සහතිකෙයි ගන්න"  
මරුමුස් බැල්මක් දාගෙන ලයිසන් ඉල්ලන පොලිස්කාරයෙක්ගේ අත්දැකීම.
"ඔහොමද ඕයි වාහන එලවන්නේ, ගන්නවා ලයිසන් එක " පොලිස් බිරිල්ල.
"බැහැල වරෙන්" ගහන්න ඔන්න මෙන්න පොලිස් පාට් එක.



ඇඳගෙන ඉන්න ඇඳුම, පදින වාහනේ සහ වරදේ ස්වභාවයත් එක්ක වෙනස් වෙන පොලිස් පාට්එක සම්බන්ධයෙන් වෙනස් විදිහෙ අත්දැකීම් අපි හැමෝටම තියනවා. පිටරට වල පොලිස් නිලධාරීන් හැම තරාතිරමකම මනුස්සයන්ට කතාකරන්නෙ, සළකන්නේ එකම විදියට කියලයි මං නං අහල තියෙන්නෙ. හැබැයි අපේ උදවිය නං එහෙම නෙවෙයි. ඒ දක්වන කතා විලාශය සහ සැළකිල්ල ඇඳන් ඉන්න ඇඳුමේ ඉඳන් කරන රැකියාව දක්වා වෙනස් වෙනවා. 



මහජන සම්බන්ධතා පවත්වන විදිය සහ මිනිස්සුන්ට කතාකරන විදිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉඳන්ම උගන්නනවා කියල මම දන්නවා. පොලිස් අභ්‍යාස විද්‍යාලෙදි "සංවාද විග්‍රහය" කියල පොතකුත් දීල මිනිස්සුන්ට කතාකරන විදිය ගැන උගන්නනවා කියලයි මං අහල තියෙන්නෙ. ඒ පොත පොලිස්කාරයෙක්ගේ ගෙදරදී දවසක් එහෙන් මෙහෙන් කියෝලත් තියනව. ඔය ඔක්කොගෙන්ම ඉගෙනගෙනත්, දේශනා රැස්වීම් වලදී ඒ ගැන කරුණු ඔලුවට දාගෙනත් ඇයි පොලිසියේ මහත්තුරු මිනිස්සුන්ගෙ ඇඟට ගොඩවෙන්නේ?? සෑහෙන ලොකු ප්‍රශ්නයක්.

* රාජකාරි කරනකොට හැම වෙලාවකම වැරදි කරපු මිනිස්සු එක්ක නුරුස්නා ගතියෙන් වැඩකරන්න සිද්දවෙන නිසා දවසපුරාවට "මළ පැනපු" මූඩ් එකෙන් ඉන්න වෙලා තියන එක.
* පොලිස්පතිගෙන් පටන් අරගෙන අන්තිම කොස්තාපල් වෙනකල්ම "ලොක්කන්ගෙන් එල්ලවන බලපෑම්" නිසා ඇතිවන මානසික ආතතිය.
* අව්ව වැස්ස වෙනසක් නැතිව, රැයක් දවාලක්, වෙලාවක් අවේලාවක් නැතිව (ඇඳගත්තම ඇඟ තැම්බෙන කාකි යුනිෆෝම් එක ඇඳගෙන)  රාජකාරි කිරීම නිසා ඇතිවන මානසික අසහනය.
* ආර්ථික ප්‍රශ්න සහ පවුල් ප්‍රශ්න නිරන්තරව ඔලුවට වද දීමෙන් ඇතිවන මානසික පීඩනය.
* මෙලෝ රහක් නැතුව ඉඳලා "කාකි කෝට් බෑය" ඇඳගත්තට පස්සෙ ඔලුවට ගහන "පොලිස් උණ"



මගේ හිතට ආපු ඔය කාරණා වලින් එක කාරණාවක ඇතුලාන්තය ගැනයි කියන්න හදන්නෙ.

සාමාන්යෙන් වැඩකරන තැනක ලොක්ක බැන්නොත්, යනකල් ඉඳල "අද උදෙන්ම ගෑණි බැනලද කොහෙද" කියල කතාවට කියනවනෙ. පොලිස් මහත්තුරු අපේ ඇඟට ගොඩවෙන්නේ, උදෙන්ම ඒ මහත්තුරුන්ගෙ ගෑණු උදවියගෙන්  ඒ මහත්තුරු බැනුම් අහන නිසාද? ඇත්තටම එහෙම වෙන්න බැරිද? පොලිසියේ මහත්තුරු ගෙදර ගෑණිට බයයි ද ? මෙච්චර නීතිය රකින, තේජස් රස්සාවක් කරන, හොරු මංකොල්ලකාරයෝ මිනීමරුවෝ තියා යකෙකුටවත් බය නැති රාළහාමිලා ගෙදර උන්දැලට බයයි ද? බිම අඩිය හප්පද්දී ඕන පොරකට මුත්‍රා පිටවෙන්න සලස්වන්න පුළුවන් තරම් පෞරුෂයක් තියන රාළහාමිලා ගෙදර මායියා ඉස්සරහදි පූස් පැටියෙක් වෙනවද?


මාර ප්‍රශ්නයක් තමා. නිකමට අපේ ගමේ මං දන්න පොලිස් මහත්තුරුන්ගෙ වගතුග ගැන කල්පනා කරද්දී ඔය අදහස ඔලුවට ආවෙ. අපේ ගමේ සහ දන්න අවට පොලිස් කාරයෝ 6-7 දෙනෙක් ඉන්නවා. ඔක්කොම උන් ගෑණුන්ට බයයි. බයයි කියන්නෙ ගෑනුන්ගෙන් ගුටිකනව කියන එකවත් දවසම ගෑනිට වැඳගෙන ඉන්නවා කියන එක වත් නෙවෙයි. ගෙදර ඔක්කොම දේවල් වෙන්නෙ ගෑනිට ඕන විදියට, තීන්දු තීරණ ගන්නේ ගෑණු.
හැමදෙයක්ම කරන්නෙ ගෑනුන්ගෙන් අහල. ඒ ගෑණු ප්‍රසිද්දියේ තමුන්ගෙ පොලිස් මහත්තුරුන්ට සැර දානවත් එක්ක. මේ ගැන නිකමට ලිපියක් ලියන්න හිතුන නිසා සහ "අපේ ගමේ එහෙම උනත්- වෙන තැන වල එහෙම වෙන්නෙ නෑ" ද කියල හරියටම දන්නෙ නැති නිසා කීප දෙනෙක්ගෙන් ඔය ගැන ඇහුවම හැමෝම කිව්වෙ "ඇත්ත නේන්නං, මං දන්න එවුනුත් එහෙමනේ" කියල. එක යාලුවෙක් නං මං එක කියනකොට කිව්වා "ඇයි උඹ දන්නෙ නැද්ද? හැම පොලිස්කාරයම ගෑණුන්ට බයයි තමයි යකෝ" කියල. තව එකෙක් එක ඇත්ත කියල තහවුරු කරලා එහෙම වෙන්න හේතුවකුත් කිව්වා.

 

පොලිස් සේවයේ තියන කාර්යබහුලත්වය සහ වෙලාවක් කලාවක් නැති පොලිස් ඩියුටි නිසාවට ගොඩක් වෙලාවට ගෙදරදොරේ කටයුතු ගැන හොයන්න බලන්න පොලිස් මහත්තුරුන්ට තියන වෙලාව බොහොම අල්පයි. පවුලේ වැදගත් කටයුතු වගේම එදිනෙදා අඹු දරු හැමෝටම කෙරෙන්න ඕන යුතුකම් ගොඩක් වෙලාවට මිස් වෙනවා ඔය කට්ටියට අනිත් අයට සාපේක්ෂව. ගෙදර වැඩ, දරුවන්ගෙ වැඩ වගේම නෑදෑයන්ගේ යුතුකම් වලටත් තනියම මූණදෙන්න වෙලා තියෙන්නෙ පොලිස් මහත්තුරුන්ගෙ නෝනලාට. ඒ නිසා යම්කිසි ආධිපත්‍යයක් ඉබේම ගොඩනැගෙන නිසා මේ දේ වෙන්නත් පුළුවන්. තමුන්ගෙ ගෙදරදොරේ ළමයින්ගේ නෑදෑයන්ගේ වැඩ ඔක්කොම කරන තමන්ගෙ බිරිඳට "තැන" දීල පොඩ්ඩක් පාත් වෙලා ඉන්න එක ලේසියි වෙන්නත් පුළුවන්. ඒ හන්දා "තේජස්වී" පොලිස් මහත්තුරු ගෙදර ගෑණිට බයයි වගේ පෙන්නලා ඉන්නවත් ඇති.


අර යාළුවා කියපු කාරණාව තමයි, පොලිසියේ වැඩකරනව කිව්වම හිතට එන සැරපරුෂ කටුක හැංගීම නිසා පොලිස් මහත්තුරු කසාද බඳින්න කැමති වෙන නෝනලා ටිකක් විතර "ෆෝවඩ්" ගති තියන අයවළුන් වීම. බැලුවම එකෙත් පොඩි ඇත්තක් තියනවා. ඒ ජාතියෙ කෙනෙක් එක්ක දීග කනකොට ටිකක් හරි හිතනපතන විදියට ගැලපෙන ඒ විදියෙම උන්දැ කෙනෙක්ම වෙන්න එපායැ. ඒ කතාව කිව්වම මට මතක් උනේ පුතාට පාට එකක් දාපු කොල්ලන්ට ගෙදෙට්ට ගෙන්නල අමානුෂික විදිහට ගහපු වාස් ගුණවර්ධන මහත්තයේගේ නෝනව.


කොහොමින් කොහොමින්හරි මං ආරංචි කරලා බලපු විදියට නං පොලිස් රාළහාමිලා බහුතරය ගෑණුන්ට බයයි. මේක කියවන ඔබතුමන්ලාත් පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න. තමුන්ගෙ නෑදෑයෝ, යාළුවො, අහලපහල උදවිය පොලිසියේ ඉන්නවා නං ඒ අයත් එහෙමද කියල.  බොහෝ වෙලාවට පාරේදී හම්බවෙන පොලිසියේ උදවිය දාන "පොලිස් පාට්" නිසා බොහෝ දෙනෙක් අඩු වැඩි වශයෙන් හිත රිදවගන්නවා. ඒ වගේ වෙලාවට පොලිසියේ රාළහාමිලා ඒ තත්වෙට පත් වෙන්න මුලින් මං කියපු හේතු ගැන හිතල "අනේ මේ මිනිස්සුත් ලොකු පීඩනේක ඉන්න නිසා නේද අපිට මේ සැර දාන්නෙ" කියල හිතල හිත හදාගන්න පුළුවන් වෙයි. එහෙමත් බැරි නම්, පොලිසියෙන් දාපු "පාට්" එක "කාලා ඉන්න" බැරි තරමේ එකක් නං, "මූට නං මේකට වැඩක් දෙන්නම ඕන" කියල හිතෙන තරමේ "බිරිල්ලක්" උනොතින් "අනේ මූ අපිට සද්දෙ දැම්මට, ඕකා ගෑනිට බයයි නෙ" කියල හිතල හිත හදාගන්න පුළුවන් වෙයි.


අපිට දිරවන්නේ නැති උනත් , "පොලිස් පාට්" දාගෙන නමුත් , කලින් කියපු හැම පීඩනයක්ම ඔලුවෙ දරාගෙන නීතිය රකින්න පොලිස් මහත්තුරුන්ගෙන් රටට සහ මහජනතාවට  ඉටුවෙන සේවය ගැන කිසිම විවාදයක් නෑ. කලින් සඳහන් කරපු  දේවල් වලින් පොලිස් නිලධාරියා වෙත එල්ලවෙන පීඩනය අවම වෙනවා නම් අපේ පොලිස් මහත්තුරුත් බොහොම සුහදශීලී නිලධාරීන් බවට පත් වේවි. හැබැයි ඉතිං කාකි කෝට් එක දාගත්තම "පොලිස් උණ" ඉහට ගහපු ,  හැම එකාම තමුන්ට යටත් වැසියෙක් විදියට සලකන්න ඕන කියන මානසිකත්වයේ ඉන්න පොලිස්කාරයින්ගෙ කෙරුවාවට නං බේත් නෑ. එහෙම කව්රුහරි හම්බුනොත් "අනේ ඉතිං මූත් ගෑණිට බයයිනෙ" කියල හිතාගන්න තමයි වෙන්නෙ.


61 comments:

  1. පොලීසියෙන් ගුටි කන කතාවක්නෙ ලියලා තියෙන්නෙ. පොලීසියෙ නෙමෙයි ගොඩක් ලොකු ලොක්කොත් ගෙදර උන්දැට බයයි. ඒ ඉතිං බයටමත් වඩා ෂේප් එකේ තියාගන්න ඕනි නිසා.
    කොහොමත් තරමක ජනකායක් හසුරුවන අය ටිකක් නොරිස්සුම් ගතියෙන් තමා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ශේප් න්‍යාය වෙන්නත් පුළුවන් තමා. ඒත් මධූ මෙච්චරටම බයක්? මම දැකල තියනවා ගෙදර ගෑණි කෝල් කරනකොට සීරුවෙන් ඉඳන් කතාකරන පොලිස් කාරයෝ...
      ඔය ජනකාය හසුරවන කතාව කිව්වම මට මතක් වෙන්නෙ ඉස්පිරිතාල වල ලෙඩ්ඩු බලන වෙලාව පැන්නම මිනිස්සු පන්නන්න එන සිකුරුටි ගෑණු...

      Delete
  2. ලෝකෙට ලොක්කා උන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාත් තමුන්ගේ බිරිඳට බයයි. දවසක් ඔබාමා ඔය සීන් එක ගැන තව කවුදෝ රාජ්‍යය නායකයෙක් එක්ක කතා කර කර ඉන්නකොට ඒක රෙකෝඩ් කරලා CNN එකේ දැම්මා. ජෝක් එකක් වගේ පෙනුනත් ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ ලෝකෙට පෙන්න මහා පෞර්ෂයක් තියෙන, ලොකු ලොක්කෝ කවුරුත් ගෙදර ගෑනිට බයයි.

    හැබැයි අමු නොන්ජල්, කවුරුත් ගණන් ගන්නේ නැති, හැමොමම විහිළුවට ගන්නා අය ඉන්නවා නේද. අන්න ඒ අය තමුන්ගේ පෞර්ෂයේ තියෙන අඩුව වහගන්න හදන්නේ ගෙදර ගෑනිට තඩිබාලා. ඒක ඇවිල්ලා පිරිමින්ගේ තියෙන මානසික තත්වයක්.

    ගොඩක් වෙලාවට බලන්න ගෙදර ඉන්න ගෑනිට ගහන්න බනින්න යන්නේ අඩු අදායමක් ලබන, අනුන් යටතේ කුලී වැඩ එහෙම කරන අය. දීර්ඝ කාලයක් සමාජයේ තැලිලා පොඩිවෙලා ඉන්න මේ පිරිමි තමුන්ගේ ගැනම තියෙන ආත්මඅනුකම්පාව වහගන්න තමයි ගෑනිට ගහන්නේ,

    හැබැයි ලොකු ලොක්කොන්ට එහෙම දෙයක් නෑ. ගෙදරදී මුල් තැන ගන්න ඕනි කියලා ඒ අයට හිතෙන්නේ නෑ ගොඩක්ම වෙලාවට. මොකද ගෙදරින් එලියට බැස්සම ඒ අයට ඕනි තරං සැලකිලි ලැබෙනවා සමාජයෙන්. පොලිසියේ අයටත් ඒක පොදුයි.

    ඔබාමා ගැන වීඩියෝව මෙතනින් බලන්න කැමති නං.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මතුකරලා තියන පොයින්ට් එකෙත් අත්තක් තියනවා තමයි. වටෙන් තමන්ට එල්ලවෙන පීඩනය ගෑණු පිටින් යවන එවුං ඉන්නවා නං තමයි.
      ඔබාමාගේ වීඩියෝව බැලුවා. මිචෙල් කොහොමත් ටිකක් සැරයි තමයි නේද??

      Delete
  3. මට නම් වාහනේක යනකොට පොලීසියෙන් බේරෙන්න අලිමන්තරයක් වගෙ එකක් තියනව. ඒකට පොලිස්කාරයො දමනය වෙනව. ඒක මාර්ග සහන බලපත්‍රයක් වගෙ එකක්. ඒක ගන්න මට අවුරුදු පහක් ගියා. ඒක ගත්තෙ වෙන වැඩකට වුනත් දැන් ඒ වැඩේ කෙරෙන්නෙ නෑ. දැණ් ඒක මාර්ග සහන බලපත්‍රයක් විතරයි.
    සජ්ජා ඔබ අපූරු කාරණයක් මතුකරලා. ඒක තමයි ගෑනුන්ගෙන් ගුටි කෑම කියන එක. මේක අපූරු මනෝවිද්‍යාත්මක පැත්තක්. හුඟක් චන්ඩින් ප්‍රිය කරනව ගෑනුන්ගෙන් ගුටිකන්න. මම කතා කරන්නෙ පොලීසිය ගැනම නොවෙයි.පිරිමින් විශාල පිරිසක් අවිඥානිකව කැමැත්තක් දක්වන මේ අපූරු දේ ගැන මා ඉදිරියෙදි ලියන මනෝ විද්‍යාත්මක ලිපියක සදහන් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔවු මධුමාධවී .
      මෙය ස්ත්‍රී පුරුෂයන් අතර අප සිතනවාට වඩා විශාල ප්‍රතිශතයකින් තිබෙනවා. මේවා වැඩි දියුණු කරන සමාජ විද්‍යාත්මක කාරණාද තිබෙනවා. ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ මා සදහන් කළා ලිපියක් ලියන බව. ඒත් මා දැන් ලියන්නෙ ශාස්ත්‍රීය ශෛලියෙන් නොව කතා ශෛලියෙන්. එවිටයි රසවත්.
      මා මනෝ විද්‍යා පාඨමාලාවක් හැදෑරූ අයෙක්. එහෙත් එම පාඨමාලාව උපදේශනයට පර්මාණැවත් නැති බව මා පසුව දැනගත්තා. එපමනක් නොවෙයි අපගේ ගුරුන්නාන්සේ ( මහචාර්යවරයෙක් ) ද සුදුසුකම් නැත්තෙක් බව රාවය පුවත්පතේ පළැවී තිබුනා.නමුත් අපේ කෝස් එක සමාජයේ පිළිගත් විශාල පිරිසක් කළා. ඉන් මට සමාජය ගැන හොඳ දැණුමක් ලැබුනා.

      මා කැමතියි සැඟවුන ලිංගික මනෝ බොළදතා ගැන කතා කරන්න. වීරයන් ලෙස සමාජය බුහුමන් කරන ඇල්ගොලොග්නියා රෝගීන් , එළදෙනුන්ට ගරුකරන Bestiality උපාසකවරු, ගැනුන් දිහා ඇහැක් ඇරල නොබලන නමුත් කකුල් දිහා බලන හැදිච්ච යහපත් foot fetish කොල්ලො ගැණ කතා කරන්න කැමතියි. ගුදයෙන් තොර ලෝකයක් නැති නෝනල මහත්තුරු ගැන එහෙම කතා කරමු.

      සමාජය වෙළා ගත් ප්‍රචන්ඩත්වයේ මනෝ විද්‍යාත්මක පැත්ත අධ්‍යනය කරනවා කියන්නෙ සමාජය සුවපත් කිරීමක්.ඒක තමයි ප්‍රධානම දේ. හැබැයි මොකක් හරි කතාංගයක් ලෙසයි මේක යන්න ඕන. නිකම් ශාස්ත්‍රීය පෝස්ට් එකක් නම් වෙන්න බෑ

      Delete
    2. කරනවානම් අන්න වැඩක්. මේ විෂයයන් ගැන කතාකිරීම සමාජයේ සලකන්නෙ නරක දෙයක් විදිහට. ඒ නිසා දැනුම සමාජගත වෙනවා වෙනුවට මිත්‍යාව තමා පැතිරෙන්නෙ. එහෙම නැත්නම් කුතුහලය විසින් විනාශය ගෙන එනවා. පටන් ගන්න. අපි දායක වෙන්නම්.

      Delete
    3. අම්මෝ මු හෙන බයානක පොරක්ද කොහෙද

      Delete
    4. ඔය පේන්නැතෑ ඉතිං... (පටං ගත්තෙත් නෑ තව...)

      Delete
    5. ඔය “මම“ කියන්නේ මොකාද කියල මට නිකං අමුත්තක් දැනෙනවා අනේ..

      Delete
    6. මොකාද කියල නොතේරුනාට , මු ලේසි පාසු *රියෙක් නෙමෙයි කියල නං මටත් හිතෙනව ( මෙව්වා කියල අන්තිමට අහවලා වගේ වෙයිද මන්දා අන්තිමට නේද දේශකයෝ )

      Delete
    7. ආ අමතක වෙලා තෝත් එක්ක කතා කලේ , වල් මූසල දේශක හිපාටුවා

      Delete
    8. මතධාරියගේ මන්තරේ දොස්තර අයිඩෙන්ටියක් වගේ දෙයක්ද? බලාගෙන ගියාම මෙව්වා ඔක්කොම ලොකුවට හාරලා අවුස්සන්න පුළුවන් මනෝවෛද්‍ය සීන්. දේශකය කිව්වා වගේ මම කියනේ කව්ද කියල හොයන්න වනගත වෙලා වෙනමම වැඩසටහනක් කරන්න වෙයි..
      අටමා දේශකයාට උදෘත පාඨ දාල කතාකරලා තියෙන්නෙ මොකෝ?

      Delete
    9. attorney at law
      කෙනෙකුට රාජ්‍ය සේවයේ යෙදී සිටින අතරෙම නීතීඥ වෘත්තියේ යෙදෙන්නත් බැහැ. දෙකෙන් එකක් තෝරාගන්න වෙනව.මම රජයේ රැකියාව කරන එක තොරගත්ත. උසාවි ප්‍රැක්ටිස් නොකළත් ඔප්පු ලිවීම වැනි ආර්ථික කටයුතු හැරුනහම මේක ඉතාම ප්‍රයෝජනවත් වෙන්නෙ මාර්ග සහන බලපත්‍රයක් ලෙස. පොලීසියෙන් වෙන හිරිහැරවලින් බේරෙන්න හරිම ප්‍රයෝජනවත්.

      Delete
  4. පොලිස් කාරයොද මනුශ්ශයයොය. ඕකට කියන්නෙ බය නෙවෙයි බන් ශේප් න්‍යාය හෙවත් මරිසිය. පාට් දැම්මට උනුත් ගෙදර කනක් ඇහිල ඉන්ඩ කැමති ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. මරිසිය කිව්වට එහෙමටත් කියන්ඩ බෑ අප්පා. අනේ මන්ද, මරිසිය දාන්න පුළුවන් නෙ බොහොම ආදරණීය විදියටත්. එහෙම එකක් නෙවෙයි පේන්න තියෙන්නෙ මුන්ගේ ජීවිත වල.

      Delete
  5. අඩ්ඩොව්................................! අපි ගෑනිට බය නෑ හරිය? අපේ ගෑනි මා ලඟට එන්නේ දණගාගෙන. හරිය.

















    මොකද බය නිසා මම ඉන්නේ ඇඳ යට. හරිය.

    ReplyDelete
    Replies
    1. ඕක කියන්න කට හදාගෙන රිප්ලයි බොක්ස් එක හොයන කොට මෙන්න විචාරකතුමා දැනටමත් ඇඳ යට.

      Delete
    2. විචාරකතුමා එයි කියල හිතුවා... විචාරකතුමාට මේ කතාව අදාළ නෑ. අපි දන්නවා ගොඩක්දුරට හමුදා නීති ක්‍රියාත්මක වෙන ගෙවල් වල බිරිඳ ඉන්නෙත් "සීරුවෙන්" කියල. ඒ උනත් විචාරකතුමා නං හමුදා නීතිය ගෙදර ගෙනත් නෑ කියලත් තේරෙනවා ..

      Delete
  6. අනේ මචං කුනු හරැප කොමෙන්ටුවක් කොටන්න දියං..
    මුං ගැන වෙන කොහෙම කියන්නද?

    ReplyDelete
    Replies
    1. //අනේ මචං කුනු හරැප කොමෙන්ටුවක් කොටන්න දියං..//
      +++++++++++++++++++++++++++++++++++
      මේන්ඩෝ උඹේ කමෙන්ට් එකට හිනාවෙලා වට පිටාවේ ඔක්කොම මගේ දිහා බලාගෙන ඉන්නවා . හැක් හැක්
      මුන් ගැන කියන්න තියන කුණුහරුප මදි වෙයි බන් .කැ# වේ@ බල්ලෝ

      Delete
    2. සින්දුවෙන්ම කියපන්කො , සින්දුවො.

      Delete
    3. රායිට් දැම්මා සිංදුවෙන්..
      ලාල ලාලලා...
      නන නාන නාන#@$%&())&%#@$%^&&
      #@$%&^*&*(*&^%# //
      චිකිං..බුම්..බුම්...
      @$#%^&*&*%#@^&**

      ඉතුරැ ටික උඹලා දාපං

      Delete
    4. සිංදු, මෙන්ඩා , කිසි අවුලක් නෑ. ඕනෙ එකක් දාපල්ලා. මමත් එකතු වෙන්නං...

      Delete
  7. Replies
    1. කමෙන්ට් ලින්ක් වලට දාල තියන පාට වෙනස් කරහං හරියට පේන්නේ නැ

      Delete
    2. හහා අටං අයියා, බැලුව බං ඒක...
      ඕක පොඩ්ඩක් බලන්න ඕන වෙනස් කරන්න. ඔය ජිල්මාට් තාම පුරුදු නෑ බං..

      Delete
  8. උඹ මක්කා කියනවද මන්දා සජ්ජා.. පිරිමින්ට තියෙන එකම පොලිසිය කාන්තා පොලිසිය තමා.. උඹ උඩින් නියම ලයින් එකට ආවට අන්තිමට විකාර කරගත්තා. හරියටම ගැඹුරට බැහැල බලහං උංගේ රස්සාවත් එක්ක ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බහුතරයකගෙන්..

    ReplyDelete
    Replies
    1. දේශකයා, අන්තිම ටිකේ පොඩ්ඩක් බැලන්ස් කරන්න හැදුවෙ. නැත්තං පව් නෙ බං ගෑණුන්ට බයේ ඉන්න මුන්ට ටොක්ක එන්නට ඔලුවත් අතගාන්න එපැයි.. උනුත් මනුස්සයොනේ..

      Delete
  9. //පිටරට වල පොලිස් නිලධාරීන් හැම තරාතිරමකම මනුස්සයන්ට කතාකරන්නෙ, සළකන්නේ එකම විදියට කියලයි මං නං අහල තියෙන්නෙ.//
    මේ කියන පිටරටවල් වලට මැලේසියාවේ පොලිසියත් අයිති වෙන්නේ නෑ හොඳේ ........ මෙහෙ පොලිස් කාරයෝ කරන සමහර වැඩ දැක්කම අහන්න හිතෙනවා ට්‍රේනින්ගියේ කළුතරද කියලා ??

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද මැලේ... ඉන්දියාවේ එවෙඋන් නං පගාවට රුපියලත් ගන්නවා කියල මං නං අහල තියෙන්නෙ. කොහේ ගියත් පොඩි පොඩි වෙනස් කම් එක්ක සිද්ධවෙන වැඩේ ඒකයි නෙ. ඒ නිසා අඩු වැඩි වශයෙන් නරක පැත්ත තියනවා ඇති..

      Delete
  10. කතා කරන්න එපා මේ වේසිගේ පුතාලා ගැන..

    ReplyDelete
    Replies
    1. ඕක කෙලින්ම කියන්න බැරි නිසා සැර බාල කරලා ලිව්වෙ සහෝදරයා...

      Delete
    2. ඡයවේවා මාතයියා..
      #යිය හංගගෙන #ැට දෙකෙන් #ුකන #ුකන්නලා

      Delete
    3. අඩේ.. ඉයර් ෆෝන් සිස්ටම් එකද මෙන්ඩෝ ??

      Delete
  11. පොලීසියක ඉහල පුටුවේ ඉදන් පහලට ගලාගන එන පීඩනය සාමාන්‍ය ජනතාව පිටින් යන එක තමා ඇත්ත.ඒ වගේම තමයි උඹේ යාළුවා කියල තියනවා වගේ පොලිස්කාර්යෝ ගොඩක් බැඳලා තියෙන්නේ ෆෝව'ර්'ඩ් ගෑණු.සමහර විට ඒ අය විවාහ වෙනකොට සාමාන්‍ය කාන්තාවන් වෙන්න පුළුවන්.ඒත් විවාහයෙන් පස්සේ පඩිය විදිහට ලැබෙන අර සොච්චමෙන් ජීවත්වෙන්න වෙර දරද්දී ඒ අයත් අයෝමය ගෑණු වෙනවා.නිකමට ගිහින් බලපන්කෝ පොලිස් ක්වාර්ටස් එකක හැටි.මොන බල්ලටද ඒකක ඉන්න පුළුවන්.ඒත් ඒවයිත් ඒ මිනිස්සු ජීවත් වෙනවනේ.ළමයින්ගේ අධ්‍යාපනය,ආහාර,සෞඛ්‍ය,වගේ වියදම් ඔක්කොම අර සොච්චම් වැටුපෙන් කවර් කරගන්නේ ඒ බිරින්දෑවරු තමයි.එහෙම කරන කොට ඒ පොළිස් සහෝදරවරුත් හිතනවා ඇති "මේ ගෑණි නැත්තම් මම කොහොම ඉහ ගහන්නද...ගෙදර පාලනය ගෑනීම කරපුදෙන්"කියල නිකා ඉන්නවා ඇති.






    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාවත් ඇත්ත තමා බං, ඒ උනත් වැඩි පිරිසට වියදම් යන්නෙ නෑ ජීවත් වෙන්න. උඹේ බිස්නස් එකට රිංගන්න එන්නේ නැත්ද නිකං බඩු ඉල්ලගෙන ? මෙහෙ එනවා බං ඉවරයක් නෑ. අපේ තත්ත්ව ශේප් කරගෙන. තාත්ත "ඔන්නොහෙ දීපන් බං" කියනවා .මම ඉතිං මුන්ගේ අම්මල මතක් කර කර දෙනවා. ඔවුන් නැතුවත් බෑ ඇතුවත් බෑ. මස් කන්න හිතුනොත් මස් කඩෙන් නිකං මස් ගන්නේ, එලවලුත් එහෙමයි. බඩුවක් ගෙදරට ගන්න ගියත් යන්නෙ යුනිෆෝම් ඇඳගෙන. ගාන අඩු කරගන්න.පඩිය සොච්චමක් තමයි. ඒ උනත් ජරාවෙන් සහ මංකොල්ලෙන් එක ශේප් වෙනවා.. සමහර වෙලාවට පොලිස් කාරයාගේ ගෑණි පට්ට බඩුව. ඒත් ගෑනිට බයයි. අපේ පැත්තෙ ඉන්නවා එහෙම එකෙක්. ජරා පප්පා. ගෑණි වටේ යනවා. ඒත් ගෙදර ගෑනිට පට්ට බයයි.

      Delete
  12. උඹත් ගුටිකාලා අපිටත් ගුටි ඉල්ලලා දෙවන මාතෘකාවක්. සජ්ජා කියවලා තියෙනවද මම ලියපු පොලිස් කතා? හැබැයි ඒවා තියෙන්නේ මට හිතෙන හැටි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ. ඩෙනිමට මාරු කලේ නෑ. ඒවා මමම විඳපු අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. හහා, ඩූඩ් මම ඒක බැලුවා. බ්ලොග් කෙරුවාවට මම අලුත් නෙ සහෝදරයා.. තාම ඕව හොයාගෙන බලාගෙන යනවා. රිපෝස්ට් වෙනවා ඇති. මට වැඩිය හොඳට මෙව්වා කට්ටිය කලින් ලියල ඇති. හිතට එන දේවල්නේ ඉතිං.. ස්තුතියි ඩූඩ් , උඹලට බ්ලොග් කීපයක් තියනකොට අනේ ඉතිං මං මේකත් ලියන්නෙ බොහොම අමාරුවෙන්...ඩෙනිම නං වරද්දන්නෙ නැතුව බලනවා...

      Delete
    2. අයියන්ඩි ඒවා ඩෙනිමට දාපං

      Delete
  13. මහම මහා ජරා සත්තු ටිකක් තමා උන්.
    වෙලාවකට ඕකුන් ගැන දුකත් හිතෙනවා,

    ReplyDelete
    Replies
    1. ඇයි බං කට්ටිය මෙච්චර මුන් එක්ක තරහ? මං හිතුවේ මං විතරයි කියල..

      Delete
  14. ගැනිගෙන් හරි ගුටි කනවනම් ලොකු දෙයක් මේ සේප්පඩයො ටික..

    ReplyDelete
    Replies
    1. හහා... මේක දානකොට හිතුවේ ගල් වදියි කියල ඕසෙට... බැලුවම බං මල්මනේ එන්නේ....

      Delete
    2. පර වේසිගෙ පුතලා..මම ඉන්දියන් Buyer QC කෙනෙක් එක්ක ගිහින් එම්බසි එක ඉස්සරහා ෆෝටෝ එකක් ගත්තා කියලා මගෙන් 3000ක් ගත්තා.

      Delete
    3. ඉන්දියාවේ වගේ පොලිස්කාරයෝ ඉන්නවනම් හොදයි. රුපියල් පනහක් දුන්න වැඩේ ඉවරයි.. මෙහෙ උන් එහෙම යැ . එකනේ අපේ උන් තරහ.. මේක පොලිසියෙන් දැකල සජ්ජගේ පඩංගුවට මොනවා වෙයිද දන්නේ නැ.. හික් හික්

      Delete
    4. කොබා කිව්වා වගේ උනා නං හොඳයි තමා. අනිත් එක උන් ගාව දෙකට නැවෙන්නේ නැති උනාම රැස් තවත් වැඩියි. සමහර එවුං පාගා මරුවෝ. ඒ උනාට පෙන්නන්නේ නෑ. අපි ඔලුව නැමුවොත් පගාව ගන්නවා. අරගෙන සැර දානවත් එක්ක. එක්කො පගාව අරන් සද්ද නැතුව ඉන්න ඕන. නැත්තං පොර විදියට ඉන්න ඕන.

      Delete
  15. ඔය ටැපික් පොලිස් මහත්තුරුන්ට නිතරම ඉයම් සහිත දුම ආස්වාස කරන නිසා එයාලගෙ මානසික ආතතිය වැඩිවෙනව කියල කොහෙද මන්ද කියල තිබුන.එකනිසා එයාලට තරහ යනව වැඩියි ලු.ඔය මොනව වුනත් පොලිසියෙ නෙමෙයි රජගෙදර හිටියත් ගැනිට බයයි ගොඩක් පිරිමි.ඔකට ගවුරවෙ කියලත් සමහරු කියනව නේ.
    කොයි සින්හයත් ධෙනුවට බයයිලු

    ReplyDelete
    Replies
    1. කට්ට කන එක නං ඇත්ත තමයි. එහෙම බැරි නං මොනා ලබ්බටද ඕව කොරන්න යන්නෙ. ගෑනිට නං ඉතිං තැන දෙන්න ඕන තමයි දමිත්. පහල කොමෙන්ටුවේ විදියට GB අවුලක් නෑ. ඒ උනාට GGB තමයි අවුල් ;)

      Delete
  16. ගෑනිට බය වෙන්න ඉතින් පොලීසියේම වෙන්න ඕනි නෑ.. හ්..හ්..හ්ම්..

    ඕන ලොක්කෙක් (ලොක්කෙක් කිවෙ ලෝකෙට ලොක්කෙක්) ගෑනිට බයයි.. ඕකේ ස්ටේජ් දෙකක් තියෙනවා.. එකක් GB එහෙම නැත්නම් 'ගෑනිට බයයි' අනික GGB ඒ කියන්නේ 'ගෑනිට ගූ බයයි'. ගෑනිට බයයි කියන්නේ සාමාන්‍ය බුවාල.. ගෙදරදි තැන දීල ඉන්නවා කන්දොස්කිරියාවෙන් බේරෙන්නයි සමහර ප්‍රශ්ණ වලින් ඇඟ බේරගන්නයි ඔය වගේ සුළු සුළු කාරණාවලට.. අපේ උන්දෑ නම් ඕකට කියන්නේ 'ආදරේද' මොකක්ද කියල.. GGB කියන්නෙ ගෑනිට හොරෙන් කුපාඩි වඩ කරන එවුන් වැඩි හරියක්.. පිට වැරදි කවර් කරන්නත් එක්ක ගැනි රවල බැලුවත් හුජ්ජ යන්න වගේ ඉන්නේ..

    රස්සාවේ ආතතිය වගේ දේවල් හැමෝටම තියෙනවා පොලීසියට විතරක් නොවෙයි.. පොලීසියේ උන් සද්දෙ දාන්නේ උන්ගේ තියෙන හීන මානෙට.. අපි ලොකුවට හිතාගෙන හිටියට පොලීසිය කියන්නේ ඒකෙ වැඩ කරන එවුන් රස්සාවෙන් සෑහීමකට පත් වෙන්නෙම නැති තැනක්..

    ReplyDelete
    Replies
    1. කමී , ඔහොම බැලුවම මාත් GB නෙ. අවශ්‍ය වෙලාවට තැන දීල ඉන්නවා, අවශ්‍ය වෙලාවට සද්දෙත් දානවා. ආදරෙත් රැකෙනවා. වැරදි කවර් කරගන්න GGB වෙන කතාව නං සහතික ඇත්ත. ඒ හේතුවත් වෙන්න පුළුවන් මේ සීන් එකට. මොකද පොලිස්කාරයන්ගෙ වැඩි පිරිසකගේ පවුල් වලත් අවුල් තියනවා.
      හීන මානේ නිසා ඕක වෙනවා නං තමයි, කලින් කිව්වා වගේ බල්ලෝ වාගෙ උන් කියනදේ අහගෙන දෙකට නැවීගෙන ඉන්නවනං මුන් හරි කැමතියි. වාහන වල බ්‍රෑන්ඩ් ඒකත් එක්කත් සද්දෙ වෙනස් වෙනවා පොලිසියේ.

      Delete
  17. හෙහ් හෙහ්, ගොඩක් අය ගෙදර දාගන්න බැරි රෙස්පට් තමයි පාරට බැහැලා පෙන්නන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, ඕකට අර පරණ ගෙවල් වල වගේ මාගලක් මුල්ලක තියන්න ඕන පොල්ලකුත් එක්ක. තද උනාම තඩිබාන්න ....

      Delete
  18. මම දන්නෙ මට ඉගැන්නුවෙ සහ පිළිපදින්නෙ එක දෙයයි

    ඔබේ පෞද්ගලික ප්‍රශ්න ගෙදර තබා එන්න
    රාජකාරිමය ගැටළු කාර්යාලයේ තබා යන්න

    (මං පොලිස් බව්වෙක් නං නෙවී ඈ)
    කාටත් එකසේ අදාල වෙනව ඒ විදියට පිලිපදිනව නං

    හුගක් පොලිස් අය්යලාට තියෙන අවුලක් තමා පොලිස් උෂ්නෙ ඇගට වැදුණාම ඒක නොබැහීම... අන්නං උං හිංද තමා අපිට පොලිසියත් එපා වෙලා තියෙන්නෙ සහ ගෙදර ඉන්න උංගෙ අහිංසක පවුලෙ උන්දල බැනුං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝගිකව ඔය වැඩේ වෙන්නෙ නැති ඒකනේ මහේෂ් මෙතන තියන අවුල... ගෙදර ප්‍රශ්නයි රාජකාරි ප්‍රශ්නයි ඔක්කොම මුන් අරින්නෙ අපේ පිටින් නෙ.
      පොලිස් උණ හදුනා එවුං තමා වැඩි හරියක් ඉන්නෙ. උන් හිතාගෙන ඉන්නෙ මිනිස්සු හැමවෙලේම උන්ට දෙකට නැවිල ඉන්න ඕන කියල..

      Delete
  19. පොලිස් කාරයට නියම දඬුවමක් තමයි පෙන්ෂන් එක.හැමෝම සර් කියාගෙන ඉඳලා පෙන්ශන් ගියාම බල්ලට දානවා.. පව් වැඩේ ඉතින්..
    දවසක් ඕකුන් රුපියල් 500ක් මාරු කරලා 200ක් අරන් 300ක් ඉතිරි දුන්නා. ඔන්න බඩු. බොහොම කලාතුරකින් හොඳ එකෙක් ඉන්නෙ.උනුත් ගෑණිට බයයි නෙව.

    ReplyDelete
    Replies
    1. ලබ්බ දන්නවද පෙන්ෂන් ගිය පොලිස් කාරය කියන්නෙ ලෙල්ල නැති කෙහෙල් ගෙඩියක් වගේ කියල කතාවක් තියනවා.. කව්රුත් ගණන් ගන්නෙ නෑ.. වටිනාකමකුත් නෑ..

      Delete
  20. සාජ්ජේ.......................

    කොහොමත් මචං ගෙදර උන්දෑ තමා පොලීසිය.... ඔය පොලිස් කියලා අපි කියන්නේ නිලඅැදුමට නේ... ඒත් අැත්තට ම නං පොලිස් බලතල තියෙන්නේ සහ නියමෙට ම ක්‍රියාත්මක කරන්නේ ගෙදර ඒක්කෙනා මචං

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත කුරුට්ටෝ, ගෙදර අඩුගානේ ප්‍රජාතන්ත්රවාදේ තියනවනේ බං..මුන්ගේ ඒකත් නෑ නෙ...

      Delete
  21. ගෑනුන්ට බය නැති එවුනුත් කන්දොස්කිරියාවෙන් බේරෙන්න ඕන මගුලක් කියල ඇහැ කන පියාන ඉන්න එකේ (මමත් ඇතුළුව) ඔව්වා මොනවද බං ?

    මටත් දිරවන්නෙම නැති ඩයල් ටිකක් ඒ උනත් මුං මෙහෙමවත් රාජකාරි කරන්නේ නැති නම් අපේ අයියලත් එක්ක තත්වේ මෙයිට වඩා බොහොම දරුණු වෙනන පුළුවන්.

    අනික මුන් කරන මේ කුණු වැඩ බොහොමයකට අනිත් රාජ්‍ය සේවකයෝ වගේම හේතුව හරි හැටි වැටුපක් නැති වීම. එහෙමයි කියල පාගා ගහන එකයි, හොරා කන එකයි සාධාරනීකරණය කරන්න බැහැ ... හොරා කනවට වඩා නම්බුයි ලේන්සුවක් දාල හිඟා කන එක !

    ලංකාවේ තියන එක හොඳ ට්‍රෙන්ඩ් එකක් තමයි ඩෑෂ්කැම් සහ මොබයිල් වලින් තමන්ට වෙන අසාධාරණකම් ඔප්පු කරන්න වගේම අනිත් මිනිස්සු දැනුවත් කරන්න යොදා ගන්න එක.

    ඒ වගේම තමයි මුන්ට හම්බ වෙන අනිත් පහසුකම් , ක්වාටර්ස් එහෙම අමුම අමු අපායවල් ... මුන්ගේ පිනටම හම්බ වෙන ගොඩක් ලොක්කො එයිටත් අන්තයි, පේනවානෙ කුජීතය කෙළින පිස්සු. අනික මේ පිස්සු ****ලා (අගමැතිලා) හිතනවා කාකි කෝට් එක දා ගත්තහම මිනිසුන්ට බනින්න ගහන්න පුළුවන් කියල හිතන එක.

    ReplyDelete