"ආරෝග්‍ය ශාලා පරමා ලාභා"



උණක්, කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම වෙනිවැල්ගැට,කොත්තමල්ලි, පැනඩෝල්, ලක් පේයාව , සමහන් බීල වැඩේ ගොඩින් බේරගන්න තමයි අපි හැමෝම උත්සාහකරන්නෙ. අපි හැමෝම වගේ බේත් බොන්න කම්මැලියි.


 සමහරුන්ට නම් බේත් බොනවා කියන්නේ වහ බොනවා වගේ වැඩක්.සමහරුන්ට නම් බත් අහුරක් ගිලිනවා වගේ බෙහෙත් පෙති, කරල් අහුරම එකපාර කටේ දාගෙන වතුර ටිකකින් බඩටම තල්ලු කරලා දාන්න පුළුවන් උනාට බොහෝ දෙනෙක්ට එහෙම බෑ. ඒ උදවිය බෙහෙත් බොන්නේ වතුර උගුරක් කටට පුරවාගෙන ඒකට බෙහෙත් පෙත්ත දාල ගිලින ගමන් , ටක් ගාල තවත් වතුර උගුරක් ඒ පිටම බොන අමුතුම ක්‍රමේකට .එක පාරට එක පෙත්තයි හෝ කරලයි. හරියට නිකං පුරාණ  සිංහල රජවරු රාජ භෝජන වළඳනවා වගේ.



 (ලංකාවේ රාජාවලියේ රජවරු ව්‍යාංජන 32ක් එක්ක බත් වැළඳුවේ එක වරකට එක ව්‍යාංජනයක් සමග බත් හැන්ද බැගින් කියල අහල තියනවා. ඒ හැම වතාවකට වරක්ම අත දෝවනය කිරීම සහ පැන් උගුරක් පානය කිරීම සිදු උනාලු. රජ්ජුරුවන්ට අත සේදීමට සහ පානය කිරීමට සහ වෙනත් කටයුතු වලට ජලය සැපයීම සිදුකලේ දියවඩන නිළමේ වරයලු. මම අහල තියන විදියට නම් ඉංග්‍රීසින් කන්ද උඩරට අල්ලගත්තට පස්සෙ ශ්‍රී දළදා වහන්සේ ගේ භාරකාරත්වය හිමි උනේ මොහුට. අනිත් නිළමෙලා සහ වගකිවයුතු තානාන්තර දරපු උදවිය ඝාතනය වෙන්නැති. වර්තමානයේදීත් ඔය නිසාවට තමයි දළදා වහන්සේ ගේ භාරකාරීත්වය දියවඩන නිලමේ තුමාට පැවරෙන්නේ. ඒ කියන්නේ රජ කාලේ රජ්ජුරුවන්ගේ අත හෝදපු බුවාට. ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පනිනවා..)
 

ඔන්න ඊළඟට තමයි "ගොඩ වෙද්දු" කරළියට එන්නෙ. අපි අතරේ අපේ පවුල් වලම තමයි ගොඩ වෙද්දු ඉන්නෙ. බලන් ගියාම මමත් ගොඩ වෙදෙක් තමා ඉතිං. උණ නං පැනඩෝල්, හෙම්බිරිස්සාව නං විටමින් සී, පිරිටන්  සහ සිට්‍රසීන් . තුවාලයක් උනොත් ඉක්මනට වේලෙන්න අමොක්සිලින් කරල්, කොන්දේ කැක්කුමක් ආවොත් බ්රූෆන්, ඔය විදියට අපිටම අවේනික බෙහෙත් වට්ටෝරුවක් ගොඩ දෙනෙක්ට තියනවා. ඕවයිනුත් එකක් දෙකක් බීපුවම පොඩි ලෙඩක් නං ඒකෙන් කෙසේ වෙතත්  ඇඟේම ප්‍රතිශක්තියෙන් හොඳ වෙනවා. කොහොමින් කොහොමින් හරි දාන සෙල්ලම් ඔක්කොම දැම්මත් බැරි උන තැන යමං පුතා දොස්තර කෙනෙක් ගාවට. 


අර මහත්තය, මේ මහත්තය , වන්ෂොට් ( වන්ෂොට් දොස්තර කෙනෙක් ඕනැම පලාතක ,නගරයක, ගමක ඉන්නවා. එක පාරින් සනීපයි) අතුරෙන් එක්කෙනෙක් තෝරාගන්නවා ගෙදරදීම. මගෙ තියරියේ විදියට නං මොකා උනත් කමක් නෑ ටවුමට ගියාම පෝලිම අඩු දොස්තරගෙන් බේත් ගන්නවා. ගොඩ දෙනෙක්ට නම් සෙට් වෙන්නෙ "වන්ෂොට්" මහත්තය තමයි ඉතින්. ගානත් අඩුයි. එකපාරින් වැඩේ ගොඩ. මට නම් තේරෙන විදියට "වන්ෂොට්"ලා බේත් දෙන්නේ උණ ගැනිල ගියොත් උණ සන්නිපාතෙට , හෙම්බිරිස්සාව හැදිලා ගියොත් බේත් දෙන්නෙ නිව්මෝනියාවට . ඒ නිසා ලෙඩේ පටස් ගාල සනීප වෙනවා. හැබැයි ඉතිං උණ  සන්නිපාතෙ හැදුනොත් දෙන්න බේත් නෑ.


 තමුන්ගේ ආර්ථික මට්ටම අනුවත් තෝරාගන්න දොස්තර වෙනස් වෙනවා. අඩු ආදායම් ලබන මිනිස්සු යන්නේ 150ට 200ට බේත් දෙන දොස්තර මහත්තය ගාවට. සමහරුන්ට ගන්න ගාන  අඩු උනාම ලෙඩේ හොඳ වෙන්නේ නෑ. එතනිනුත් බෙහෙත් දීල ෆාමසියෙනුත් ලොකු ගානකට ඊයම් කවර වලින් කවර් කරපු "ගණං" බේත් දුන්නේ නැත්තං හිතට හරි මදි.  



දොස්තර මහත්තයගෙන් බේත් ගන්න ඇතුලට ගියාම මේසෙ උඩ තියන සුකුරුත්තම් බඩු දිහා මං කියනවට පොඩ්ඩක් බලන්ඩ. එක එක කොම්පැනි වල නම් ගහපු කඩදාසි බරු, නෝට් පෑඩ් , බැල් පියන්, ඩිජිටල් උණකටු, ප්‍රෙෂර් බලන පෙට්ටි වගේ තවත් අරුමෝසම් බඩු ඕසෙට. සාක්කුවේ ගහන පාකර් පෑනේ ඉඳන් "ලිත්මාන්" නලාව වෙනකල් ජාති "මෙඩිකල් රෙප්" මහත්තුරු දොළ පිදේනි විදියට දීල යනව නොමිලේම. සමහර වෙලාවට ටයි පොල්ලක්  දාගෙන බ්‍රීෆ් කේස් පෙට්ටියකුත් එල්ලගෙන සෙනග අඩුවෙනකල් බෙහෙත් දෙන තැන වල හොරගල් අවුලන ඔය මහත්තුරු ඔයාලටත් හම්බවෙලා ඇති.


 පොඩියට ඩිස්පැන්සරි දාගෙන ඉන්න දොස්තර මහත්තුරු දෙන බෙහෙත් අතරෙ, ඊයම් කවර වල දාපු " සාම්පලයකි,විකිණීමට නොවේ" කියල ඉංගිරිසියෙන් ගහල තියන බෙහෙත් පෙති කාඩ් ඔයාලටත් හම්බවෙලා ඇති. රෙපාල දෙන නලාවෙන් පපුව බලල, උන්ගෙ පෑනෙන්ම උන්ගේම නෝට් පෑඩ් එකේ උන්ගේම බ්‍රෑන්ඩ් එකේ බේත බලි වැල් අකුරෙන් ලියල දුන්නම ඔන්න ඉතිං අපිට සිද්දවෙනවා ඒකත් උස්සන් ෆාමසියට යන්න.




ඔන්න ඒකත් අරන් ෆාමසියට ආවයි කියමුකෝ. තුන්ඩුවට අත දික්කරගෙන ඉන්න යන්තං අවුරුදු 18ක් විතර වයස කෙල්ලට තුණ්ඩුව දුන්නම ෆාමසියෙ රාක්ක දිහා බලාගෙන ඉඳල බේත් තෝරාගන්නවා, එක්කො ප්‍රහේලිකාවක් විසඳනවා වගේ කාගෙන් හරි මොනවහරි කුටු කුටු ගාල අහල ඔන්න මොනවහරි කවර වලට දාල දීල සල්ලි ගන්නව.ප්‍රශ්නේ තියෙන්නේ ඔතනයි.

 
 දොස්තර මහත්තය ලියල දෙන එකේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ. මොන අන්ඩර දෙමලෙන් ලියනවද කියන්න මම නම් දන්නේ නෑ. දිගු කාලයක් අධ්‍යාපන කටයුතු වල නියැලිලා අතිශය වේගයෙන් දෙන නෝට්ස් ලියන්න පුරුදු වෙලා අකුරු කැත වීම මේකට හෙතුවෙලද කියන්න මම දන්නේ නෑ. එහෙමත් නැත්තන් ඒ ලියල දෙන එක අපි බලාගෙන මතක තියාගෙන ගොඩ වෙදකම් කරන්න හදයි කියන අවදානම නිසාවත්ද , එහෙමත් නැත්නම් වෘත්තීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියන ගරු ගාම්භීර කම අපි වගේ හිපාටුවන්ට පෙන්නන්න ඕනකම නිසාවත්ද මන්දා ඔය තුණ්ඩුව ලියන්නෙම අන්ඩරදෙමළෙන්. ආ එහෙමත් නැත්තං හිපොක්‍රටීස් මතක් වෙන්න ග්‍රීක ක්‍රමේට ලියනවද දන්නෙත් නෑ.



කොහොමෙන් කොහොමෙන් හරි දීපු තුන්ඩුවේ බේත්මද අපිට ෆාමසියෙන් දුන්නේ කියල හොයාගන්න ක්‍රමයක් ,විදියක් අපිට ලැබෙන්නේ නෑ. එහෙම සැක කරන්න වර්තමානයේ හේතු තියනවා. ඕලෙවල් කරලා එකත් ෆේල් වෙලා ගෙදර ඉන්න විදියේ කෙල්ලෝ තමයි ගොඩක් වෙලාවට ෆාමසි වල වැඩ කරන්නේ. ෆාමසියේ සහතිකේ තියෙන්නෙ ඒකේ අයිතිකාරයට විතරයි බොහෝ වෙලාවට. පොඩි කෙල්ලෝ පොඩි පඩියකට වැඩට ගන්න පුළුවන් නිසාවට ඔය විදියේ ෆාමසි වල ඉන්නෙම එහෙම උන්. හාර්ඩ්වෙයා එකක වගේ නම් කමක් නෑ , මේ ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක. ඔය විදියට ෆාමසියෙන් දෙන බේත වැරදිලා ජීවිතෙන් වන්දි ගෙවන්න උනු මිනිස්සු ගැන අපිට අහන්න ලැබෙනවා නිතරම. ඒ හැමතැනකම වෙලා තියෙන්න සුදුසුකම් නැති උදවිය වරද්දල බේත් නිකුත් කරලා. ඒ හැම පැත්තෙන්ම අසරණ වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු.

 මම දකින විදියට ඔය කතන්දරේ සම්පූර්ණ වැරැද්ද තියෙන්නේ දොස්තර මහත්තුරු අතේ. කියවන්න පුළුවන් විදියට තුණ්ඩුව ලියල දුන්නනම් අඩුගානේ සංසන්දනය කරලා හරි බලන්න පුළුවන්. අනිත් එක තමන්ට දෙන තමුන් බොන බේත් ගැන දැනගන්න ඒ පුද්ගලයට සදාචාරාත්මක අයිතියක් තියනවා. වෙළඳ නමෙන් තොරව බෙහෙතේ නමින් අඩු මුදලට ඒ බෙහෙතම අරගන්න දුප්පත් මිනිහෙකුට ඉඩ සලස්සල තියෙන්න ඕන. ඔය හැම සෙල්ලමෙන්ම අන්තිමට තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඖෂධ මාෆියාව කියන්නේ ඕකටම වෙන්නැති.


 ඔය ෆාමසි කතන්දරේදිත් මරු මරු කතා අහන්න හම්බවෙලා තියනවා. අපිට තුන්ඩු නැතුව බේත් නොදුන්නට කෙලින්ම ෆාමසියෙන් නම කියල බේත් ගන්න පුළුවන් ගොඩ වෙද මහත්තුරුත් ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම ලෙඩේ අහල බේත් දෙන ෆාමසි දොස්තර මහත්තුරුත් ඉන්නවා.

අපේ පොළොන්නරුවේ ආතත් ඒ වගේ ගොඩ වෙද මහත්තයෙක්. මේ ලඟකදි පොළොන්නරුවේ ආතා අපේ මහගෙදර ඇවිත් හිටියා මුත්‍රා අමාරුවකට කොළඹ සායනේකින් බෙහෙත් ගන්න. දවසක් මං මහගෙදර ගිය වෙලාවක ආතා දුවගෙන ඇවිත් " පුතා මට ඔයා යන වෙලාවක ෆාමසියෙන් 'වාත කරල්' ටිකක් ගෙනත් දෙන්නකෝ" කියල කියපි. උඩ බිම බලපු මං " මොනවද ආතේ වාත කරල් කියන්නේ" කියල ඇහුවා. "නෑ පුතා, මගේ ඇඟපත ටිකක් රිදෙනවා. ඔය ෆාමසියෙන් ගිය වෙලාවක ටිකක් අරන් එන්නකෝ, 'වාත කරල්' නැත්තං 'වාත පෙති' හරි කමක් නෑ" ආතා කියපි. " එහෙම ඒවා මෙහෙ නං දෙන්නෙ නෑ ආතේ , තුන්ඩු නැතුව බේත් දෙන්නෙත් නෑ , හවසට අපි බේත් ගේමු" කියල කිව්වම " අනේ පුතා , දොස්තරලා දෙන බේත් වැඩක් නෑ , අනික කී පාරක් කියල දොස්තරලා ගාවට යන්නද" කියල ආත මගෙන් අහනවා. පස්සේ ටිකක් හොයල බැලින්නං එහෙ ගෙදර 'වාත කරල්' 'වාත පෙති' බෝතල් ගණන් ෆාමසියෙන් ගෙනත් තියාගෙන බොනවලු ආතා. මම හිතන්නේ ආතගේ මුත්‍රා අමාරුවටත් ඔය "වාත පෙති, කරල්" බලපාන්න ඇති. ඒ ගැන ලොකු දේශනාවක් දුන්නට මම නම් හිතන්නේ නෑ සතපහකට ගණන් ගත්ත කියල. පොලොන්නරුව පැත්තෙ කව්රුහරි මේක කියෙව්වොත් ෆාමසියකින් පොඩ්ඩක් අහල මටත් කියන්න මොනවද මේ "වාත කරල්, වාත පෙති" කියන්නෙ කියල. 

 

ඒ එක්කම මම තවත් කතාවක් කියන්නම්. මේක වෛද්‍ය සහෝදරියක් ඉන්න මගෙ යාලුවෙක් කියපු කතාවක්.මනුස්සයෙක් වයසට යනකොට ඇඟේ පතේ අමාරු, හන්දි වේදනා කැක්කුම්, වාත අමාරු එන එක සාමාන්‍ය දෙයක්. එහෙම උනාම වයසක කට්ටියට බේත් ගෙනල්ල ඉවරයක් නෑ. අපේ සීයටත් ඕක ඔහොම්මමයි. බේත් ගෙනාපු ගමන් ලෙඩේ සනීපයි. බේත් නැත්තන් ඉතිං අමාරු වල ඉවරයක්ම නෑ.අරූ කියපු විදියට ඒ වගේ උදවිය බේත් ගන්න ආවම ෆාමසියෙන් ගන්න දෙන තුන්ඩුවේ APR කියල "ග්‍රීක" භාෂාවෙන් ලියල දෙනවලු. ෆාමසි කාරය ඒක බලල වේදනා නාශක පෙති තොගයක් නිකුත් කරනවලු. කතාවේ ඇත්ත නැත්ත දොස්තර මහත්තයෙක් දන්නවා නම් කියාදෙන්න. මට හිතෙන විදියට නම් APR කියන්නේ "අතේ 
 පයේ රුදාව" කියන එක වෙන්න ඇති.


දොස්තර වරයෙක් වෙන්න අනේකවිධ කැපකිරීම් කරන්න ඕන. පුදුම දුකක් ඒ ළමයි විඳින්නේ. ඒලෙවල් කරන කාලේ ඉඳන්ම අවුරුදු ගණනාවක් එකදිගට දුෂ්කරක්‍රියා කරලා තමුන්ගේ උපන් හැකියාවලුත් ඒකට මුසු කරලා අනන්ත බාධක මැද තමයි වෛද්‍ය වරයෙක් බිහි වෙන්නෙ. ඒ ගැන කිසිම තර්කයක් නෑ. ඒ නමුත් නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍ය වරයෙක් බිහි කරන්න රටේ හිඟන්නා පවා යම් දායකත්වයක් සපයනවා. ලංකාවේ වෛද්‍ය වරුන්ට  සමාජයේ අනිත් වෘත්තිකයන්ට ලැබෙන්නෙ නැති පිළිගැනීමක් සහ වරප්‍රසාද ගොඩක් හිමියි. ඒ සියල්ලත් එක්කම තමුන්ගේ පුරවැසියන්ට කරන සේවය හරි ආකාරව ඉටුකරන්න වෛද්‍ය වරුන්ට සදාචාරාත්මක යුතුකමක් තියනවා. පුද්ගලික සායනයේදී දෙවිවරු වගේ හැසිරෙන සමහර වෛද්‍යවරු ආණ්ඩුවේ ඉස්පිරිතාලෙදි රාක්ෂයෝ බවට පත්වෙන්නේ කොහොමද කියන එක අපි හැමෝටම ගැටළුවක්.මේ ක්‍රමය වෙනස්වෙන්න ඕන කාලේ ඇවිල්ල කියලයි මම නම් හිතන්නේ. ඒක අපි හැමෝටම ලොකු සහනයක් වේවි අනාගතේදී.


ප.ලි.  
සමාජ විජ්ජා පොර ටෝක් දෙන අතරෙ ජීවත් වෙන අරගලේට මූණ දෙන්නත් එපැයි. දවල් දවසෙ ගල් වළේ වැඩ කරනගමන් ඉස්පාසුවක් ලැබුන වෙලාවට හිතට එන දේවල් කොටලා පස්සෙ රෑට නිවීසැනසිල්ලේ ඒ කොටපු දේවල් පෙළගස්සල බ්ලොගේට ඔබන එකයි මං සාමාන්යෙන් කොරන්නේ. ඒ අල්ලපනල්ලේ මෙන්න දත් දොස්තර මහත්තය මට අද උදේ හිතට ආපු එක ගැන රෑට ප්‍රවෘත්ති වල කියවනවා. දොස්තරලා ලියන එව්වා පැහැදිළිව ලියවන්න ඕනෙලු. අම්මප මට මේ වෙලාවට තමයි හිතෙන්නෙ ගල් රස්සාව පැත්තකින් තියල දේවාල පොජ්ජක් අටවාගෙන සාත්තර කියන්ඩ. දේවාලයි සාත්තරයි කිව්වම ඔන්න තවත් එකක් ඔලුවට ආව. හෙට අනිද්දම ඒ ගැනත් කොටලා දාන්නන්කෝ.

58 comments:

  1. හෘච රෝග විසේසඤ්ඤ මහත්තැං කෙනෙක් දවසක් ලෙඩෙක්ට කියනවා මට ඇහුන ඔසුසලේ බේත් ගන්න එපාම කියල. (කොමිස් නෑනෙ)
    රතු පාට ටික කියෝලා මටත් ඒ පී ආර් වගේ.

    ReplyDelete
    Replies
    1. //හෘච රෝග// නෙමේ හෘද රෝග.

      Delete
    2. බොහෝ වෙලාවට එහෙම වෙනවා මමත් දැකල තියනවා. සත ගානක අමොක්සිලින් කරලා වෙනුවට සමහරු රුපියල් 10,15 විතර වෙන අමොක්සිල් ලියල දෙනවා තුණ්ඩුවේ.

      Delete
    3. මම වෛද්‍යවරියක්. ලිපිය හොඳයි.ඒත් සදොස් තැන් තිබෙයි.
      දොස්තරලා පී.පී එකේදි හොඳයි, ඉස්පිරිතාලෙදි සැරයි. මේක වැරදියි. අතිශය බහුතරය ලෙඩුන්ට ආදරෙයි,කරුනාවන්තයි.ඒක ඉස්පිරිතාලයද ,ප්‍රයිවෙට් ද කියන එක ඉම්මැටීරියල්.නපුරු අය ඉන්නවා. හැබැයි සාමන්‍ය සමාජෙ අපි දකින ප්‍රතිශතයට ඉතාම අඩුවෙන්.මට හරි කනගාටු හිතුනා මේක දැක්කම.පුරුද්දට කියන්නන් වාලේ නොකියා මේවා අත්දැකලා කියන්න. ලෙඩ්ඩු ලෙඩේ අමාරුවට හරි,ඒ අයගෙ ලෙඩා මැරුනොත් හරි,එහෙමත් නැත්නම් බීමතින් හරි ඇවිල්ල බනින ඒව අපි කොයි තරම් ඉවසගෙන ඉන්නවද? මෙහෙම ජෙනරලයිස් කරලා කියන්න එපා.

      ඩ්‍රග් රෙප්ස් ලා පෑන්, කොල වගේ දේවල් දීල යනවා තමයි.ඒවයින් කරන්නෙ ලෙඩ්ඩුන්ට බේත් ලියන එක තමයි. හම්බෙන සාම්පල් තුත් ලෙඩුන්ට නිකන් බොහෝ විට දීලා දානවා.සමහර දොස්තරලා ඒවා ලෙඩුන්ට දීලා සල්ලි ගන්නවා ඇති.ප්‍රයිවෙට් තැනකදි ඔබට නිකන් බෙහෙත් දෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා.ඒ සායනයෙ නඩත්තු,පඩි නඩි, යුටිලිටි බිල්ස් ගෙවන්නත් ඕනි නේද? මම නම් ලියන්නෙ මිල අඩු බෙහෙත්.මම දන්න ගොඩක් ඩොක්ටස් ලාත් එහෙමයි.සමහර ටිකක මිල වැඩි බෙහෙත් තියනවා මිල අඩු එකට වඩා හොඳ. එතකොට ලෙඩා ගෙන් අහලා,ලෙඩා ගෙ ක්‍රය ශක්තිය බලලා,ඒ බෙහෙත දුන්නොත් වාසිය ලෙඩාටයි.
      මුදලම පසුපස හඹා යන අය ත් ඉන්නවා තමයි.ඩ්‍රග් කොම්පැනි වලින් වාහනේට ටයර් දා ගන්න, රට සවාරි යන අය ඉන්නවා.ඉතින් ඇබෝශන් කරන,රේප් කරන දොස්තරලාත් ඉන්නෙ. එහෙම හාමුදුරුවොත් ඉන්නෙ? සුලුතරයගෙ හැසිරීම බහුතරය නියෝජනය කරන්න ගන්න එපා.
      තව හැමදාම අහන්න ලැබෙන සුපුරුදු තැටිය තමයි,'' අපේ සල්ලි වලි ඉගෙන ගෙන,..! හුහ්?'' කියන එක. උසස් පෙල පන්තියෙදි රජය හැම ලමයටම සමාන අවස්ථාවක්,පහසුකම් දුන්නා.ඉතින් ඒ සල්ලි වලට අරුතක් දීලා ඉගෙන ගත්තෙ අපි තමයි. ඒ සල්ලි නාස්ති කරා ඉගෙන නොගත්ත අනිත් අය.ඉතින් අපි අනිත් අයට කොච්චර බනින්න ඕනද ?
      අපි කැම්පස් ඉද්දි හැම මාසෙම අම්මලා දහස් ගන මුදල් වියදම් කරා අපිට, රජයෙ සල්ලි වලට අමතරව.ඒවා අම්මලා අමරුවෙන් හම්බ කරපු සල්ලි. මගේ ගෙදර එක සැරේ 3 දෙනෙක් කැම්පස් හිටියා.අම්මලා මොන යුද්ධයක් කරන්න ඇත්ද?
      අත් අකුරු ගැන කතාව ටිකාක් හාස්‍යජනකයි.ඕනැම දොස්තර කෙනෙක් ලියපු වචන ඕනම දොස්තර කෙනෙකුට, නර්ස් කෙනෙකුට,ෆාමසිස්ට් කෙනෙකුට කියවන්න පුලුවන්.ඒවා නොදන්න කෙනෙක්ට ග්‍රීක් වගේ පෙනුනට මොනවා කරන්නද? ඔයාලගෙ අකුරු ලස්සනද? අනික ඉන්ජෙක් මොනව හරි දෙයක් ගැන ලියපු ප්ලෑනක් මට කියව ගන්න පුලුවන් වෙයිද? කියෙව්වත් මට තේරෙයිද? තේරුනත් මම මොනවා කරන්නද,ඒ මනුස්සයගෙ රස්සාව කරන්න දීල බලා ඉන්නවා මිසක්.

      Delete
    4. ලොකු දොස්තර නෝනා, ඔබ තුමීට හිතෙනවා ඇති ඔබතුමී දොස්තර නිසා ඔබතුමී එකේදිත් මේකෙදිත් දෙකේදීම හරි කරුනාවයි කියල. දන්නා එවුං දන්නවා, අත්දැකීමෙන් කියන්නෙ. බහුතරය එහෙම නෙවෙයි නෙවි, බහුතරය එහෙම තමයි. ඉස්පිරිතාලේදී එකෙක් ප්‍රයිවට් තැනදී වෙන එකෙක්. ඒක දොස්තර කෙනෙක් නොවන ඕනෙම එකෙකුට තේරෙනවා.
      ප්‍රයිවට් තැනදී නිකන් බේත් හිඟන්න කව්රුත් යන්නේ නෑ නේ. සල්ලි වලට තමයි බේත් ගන්නෙ. මම මෙතන කිව්වේ ඔබතුමීම කිව්වා ජාතියේ වාහනේට ටයරුත් අවුසද කොම්පැනියෙන් දාගන්න එවුං ගැන. ඊට ටිකක් අඩුවෙන් කොම්පැනි කාරයන්ගෙ බේත ලියල දීල දුප්පත් එවුන්ට කෙලවන එවුං ගැන.
      අනිත් එක අවුසද ප්‍රතිපත්තියක් තියනවනම් හරිනම් ඒකම බෙහෙතේ අඩංගු ප්‍රමාන සමාන නම් ඒ දෙකම එක වෙන්න ඕන. දැන් ඔබතුමිය කියන විදියට ඒවා ජාති දෙකක්. දුප්පත් එකාට බාගෙට හොඳ වෙන බේතයි, පොහොසත් එකාට නිට්ටාවට සුව වෙන එකයි. ඕක තමයි නෝනෝ මම කියන්නෙ මෙතන ප්‍රතිපත්ති වලත් අසාධාරණ කම් තියනවා කියල. කොම්පැනි කාරයෝ ඒවායින් හම්බ කරගන්නවා කියල.
      සල්ලි වලින් ඉගෙනගත්ත කතාව කිව්වා තමයි. එක බොරුද? දැන් එකෙන් ඉගෙනගත්තේ නෑ කියල අපි නිකන් පිනටද කන්නේ? මම එක තමයි කිව්වෙ කැපවීම් ගැන, හැකියාව ගැන. අනික ඒ ලෙවල් ෆේල් උනාම උට දොස්තරට යන වියදම වියදම් කරනවය ආණ්ඩුවෙන්. වියදම් කරනවා තමයි හිඟන්න පවා ඔබතුමීලට ඉගෙනගන්න.
      අකුරු කතාව හාස්‍යජනක වෙන්නේ ඔබතුමීට මම කියල තියන දේ තේරුම් ගන්න බැරි වෙච්ච නිසාවට. මම සිංහලෙන් කිව්වේ එකයි සාමාන්‍ය මිනිස්සුන්ටත් කියවල සසඳලා බලන්න පුළුවන් විදියට ලියන්න කියල. නෝනට පුළුවන් උනාට නර්ස්ලට පුළුවන් උනාට නෝනෝ අපිට බෑනේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. අර ඉගෙනගන්න වියදම් කරපු සල්ලි අපතේ යවපු. දොස්තරකම කියන්නෙත් එක රස්සාවක් විතරයි. ඔබතුමීල ඒක දෙවිකමක් විදියට හිතාගෙන හිටියට. ඒ ගැන ප්‍රශ්න කරන්න , පැමිණිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ඔබ තුමී අකුරු ගැන විග්‍රහය පොඩ්ඩක් යේ කියවල බලන්න. එතකොට තේරෙයි මම එතෙන්දි කිව්වේ මොකද්ද කියල. ඉස්තුතියි.

      Delete
    5. //උසස් පෙල පන්තියෙදි රජය හැම ලමයටම සමාන අවස්ථාවක්,පහසුකම් දුන්නා.ඉතින් ඒ සල්ලි වලට අරුතක් දීලා ඉගෙන ගත්තෙ අපි තමයි. ඒ සල්ලි නාස්ති කරා ඉගෙන නොගත්ත අනිත් අය.ඉතින් අපි අනිත් අයට කොච්චර බනින්න ඕනද ?//

      මේකට එකඟයි. අවස්ථාව නොගත්ත උන් ගත්තු උන්ට කියන ඉරිසියා සහගත කතාවක් ඕක.

      නමුත් දොස්තරල අති මහත් බහුතරය මෙඩිකල් රෙප්ලගෙ පදේට නටන බව දොස්තරලට වඩා හොඳට දන්නෙ රෙප්ල.

      ඔය දොස්තර තුන්ඩු අමුතු බාසාවෙන් ලියන්නෙ උවමනවෙම්ම කියල මම කියනව. මොකද පැහැදිලිව ලියන්න පුලුවන් අකුරු අපැහැදිලිව ලියන්නෙ තත්වෙ තියාගන්න.

      ඔබ ඉන්ජිනේරුවො ලියන දේ ගැන කිව්ව. ඉංජිනේරුවෙක් ඩ්‍රොවින් එකක හරි සයිට් ලොග් එකක හරි වෙනත් සයිට් එකේ ඩොක්‍යුමන්ට් එහෙක හරි දාන සටහනක තේරුම ක්ෂේත්‍රයෙන් පිට අයෙකුට නොතේරෙන්න පුළුවන්, නමුත් ඒව ඕන කෙනෙකුට කියවන්න පුළුවන් වෙන්න තමයි ලියන්නෙ. ඒත් දොස්තර සටහන් කාටවත් කියවන්න බෑ, ඒකයි අවුල.

      මම ඔය ගැන පුද්ගලික අත්දැකීම් දෙකක් කියන්නම්.

      එක පාරක් මගේ දතක ගැටළුවකට දුන්න බෙහෙත ඒ වෛද්‍යවරිය ලිව්වෙ ඉතාම පැහැදිලි අකුරෙන්. මම ඒක ෆාමසියට දුන්නම ඒ අයට සැකයි මේ දොස්තර කෙනෙක් දුන්න තුන්ඩුවක්මද කියල. වෙලාවට ඒ දොස්තර නෝන නෑයෙක් නිසා කෝල් එකක් අරගෙන ෆාමසියෙ කෙනාට දුන්නම වැඩේ යන්තන් ගොඩ ගියා.

      අනෙක් පැත්තෙන්, මම ඉන්න රටේ සියළු බෙහෙත් තුන්ඩු පැහැදිලිව ලිවිය යුතුයි කියල නීතියක් තීනව. ඒ නිසා බෙහෙත් තුන්ඩු ( රජයේ හෝ පුද්ගලික ) දෙන්නෙම පරිඝනකයෙන් කොටල ප්‍රින්ට් කරල. ඕන කෙනෙකුට කිය්වන්න පුලුවන්, හරිම පැහැදිලියි.

      Delete
  2. ඔක්කෝටම හපන් විශෙෂඥ වයිද්‍යවරු.. එක පැයකට විස්ස තිහ ගානේ බලනවා. එක්කෙනෙක්වත් හරියට පරීක්ෂා කරන්නේ නෑ. මේ ක්‍රමය නම් නතර වෙන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. එක නම් සහතික ඇත්ත සරත් අයියා .. වැඩි වෙන්නත් කලින් බෙහෙත් තුණ්ඩුව ලියල ඉවරයි ගොඩදෙනෙක්.

      Delete
    2. සජ්ජා පෙර මග ලතුනු සුබ යි මට බැරි අන දුර උබ පලයං

      Delete
    3. ඇයි අටමෝ මෙහෙම එකකුත් තියනවද බොට??

      Delete
  3. මගේ සහෝදරයෝ දෙන්නම වෛද්‍යවරු. එක් අයෙක් නම් විවාහ වී සිටින්නේත් වෛද්‍යවරියක් සමගයි.

    ඖෂධ සමාගම් වල උවමනාව පරිදි හැම වෛද්‍යවරයාම කටයුතු කරන්නේ නෑ. ගොඩක් වෛද්‍යවරුන් කැමතියි ඖෂධ ප්‍රතිපත්තිය ගෙන එනවාටත් මම හිතන්නේ ඒක රජයේ දින සියයේ ප්‍රතිපත්තිය යටතේ ගෙන එවි. එතකොට එකම ඖෂධයට ඉහල මිලක් ගෙවා මිලට ගැනීම නතර වෙනවා. ඒක හොද දෙයක්.

    සමහරු වෛද්‍යවරුන් ඉන්නවා මුදල් පසුපසම හබා යනවා. මට පේන අන්දමට ඒ උදවිය ගොඩක් අමාරුවෙන් ඉගෙන ගෙන ඉහලට ආපු, දිලිදු පවුල් වල අය. ඔවුන්ට මුදල් අවශ්‍යයි නිවාස සදා ගැනීමට,වාහන මිලට ගැනීමට. අන්න ඒ අය ඉක්මනින් මුදල් සෙවීමට අවශ්‍ය නිසා පෞද්ගලික බෙහෙත්ශාලා දාගෙන ඖෂධ සමාගම් වල උවමනාව අනුව වැඩ කරනවා. සමහර විශේෂඥය වෛද්‍යවරුන් පවා එහෙමයි. ඒ වගේම සමහර විශේෂඥය වෛද්‍යවරුන් ඉන්නවා මුදල් ගැන කිසිම තැකීමක් නොකරන අයත්.

    කොහොමහරි ලංකාවට ඖෂධ සපයන 400 ක් පමණ වන සමාගම් වලට යට නොවී ඖෂධ ප්‍රතිපත්තිය ගෙන අවොත් නං ජනතාවට බොහොම ලොකු සහනයක් වෙනවා. මට තේරෙන්නේ නැත්තේ ජනතාවට සෘජුව බලපාන/ලොකුම සහනයක් ලැබෙන එවැනි පනතක් ගැන ජනතාව එතරම් උනන්දුවක් නොදැක්වීමයි. මම හිතන්නේ නොදැනුවත් කම වෙන්න ඕනි.

    ඖෂධ ගැන කියනවා නම් එහි මුදල අනුව ඖෂධයේ ගුණාත්මක බව වෙනස් වෙන්නේ නෑ. සත 50 ට ඇති බෙහෙත් පෙත්තෙත් රුපියල් 100 ට ඇති වෙළද නමකින් එන එම වර්ගයේම බෙහෙත් පෙත්තෙත් ගුණය එකමයි. මම නං බෙහෙත් ගන්න ෆාමසි එකකට ගියොත් ගන්නේ අඩුම මුදලට ඇති බෙහෙත්. අඩුම ගානේ ෆාමසි එකකින් බෙහෙත් ගද්දි 'මට SPC බෙහෙත් දෙන්න' කියලා ෆාමසි එකේ බෙහෙත් නිකුත් කරන්නාට දැනුම් දෙන්න. එවිට අඩු මුදලට ඇති ඖෂධ ගන්න පුළුවන්. ඖෂධ ප්‍රතිපත්තිය සම්මත වෙන්න බලකරන ගමන් දැනට ඔය විදියට SPC ඖෂධ ගන්න.

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙමයි කියල වැරදි වැටහීමක් ඇති උනා නම් සමාවෙන්න. මම එහෙම කියන්නෙ නෑ.රත්තරන් දොස්තර මහත්තුරු ඉන්නවා. ඖෂධ මාෆියාව නිසාවට හැමෝම වගේ අපහසුතා වලට ලක් වෙනවා. අපි පොදුවේ බැලුවොත් මාසයක් ඇතුලත බෙහෙත් ගෙන්න යන්න වෙනවා පොඩි පවුලකට උනත් 2පාරක් වත්. එහෙම බැලුවම බෙහෙත් වල මිල ගණන් එක්ක ගත්තම එක පවුලකට ලොකු බරක්. මට නම් හිතෙන්නේ පරිප්පු රුපියල් 10කින් අඩුකරනාවට වැඩ ගානක් ඖෂධ වල ගණන් අඩු උනොත් ඉතුරු වෙනවා පවුලකට . මේ දේවල් නවත්තන්න ඕන.

      Delete
    2. හොද අදහස් දැක්වීමක් මිත්‍රයා

      Delete
    3. ඇනෝ මිත්‍රයා එල ද බ්‍රා

      Delete
    4. ඇනෝ,

      හොඳ දොස්තරල ඉන්නව. අර ඇල්පිටියෙ ෆාමසි කාරයෙක් මැරෙව්වෙත් එහෙම කෙනෙක්ව තමයි. හැම තැනම වගේ මෙතනදිත් බහුතරය නරක, සුළුතරය හොඳ.

      ඔය දොස්තරල බහුතරයක් සාමාන්‍ය පන්තියෙන් එන අය. ඒ අයට ලොකු ගෙයක්, වහන, තත්වෙ රැකගන්න අවශ්‍ය අනෙක්ත් දේ ගන්න වැඩිපුර කපන්න, කොටන්න, බෙහෙත් දෙන්නම වෙනව.

      දැන් ලංකාවෙ රජයේ වෛද්‍යවරු කියනව ඒ අය සීමිත පහසුකම් යටතෙ උපරිම රෝගීන් පිරිසක් බලනව, ඒකයි වැරදි වෙන්න ඉඩ වැඩි කියල. එහෙම කියන අයම, ඊටත් සීමිත පහසුකම් යටතෙ අර ආන්ඩුවෙ ඉස්පිරිතලෙ බැලුව වගේම මහ ගොඩක් ලෙඩ්ඩු පුද්ගලික්ව සල්ලි දීල ආවමත් බලනව.

      තමන් වෘත්තීය ආචාරධර්ම වලට ඔච්චර ගරු කරනවනම්, ඇයි අඩු ගානෙ රෑට බලන එකවත් නියම ගානට අඩු කරල හරි සර්විස් එක නොදෙන්නෙ? ඔක්කොම දුවන්නෙ සල්ලි පස්සෙ. ලෙඩා ගැන හිතල වැඩ කරන අය නෙමෙයි, ලාබෙට ගාණ කපන අය තමා වැඩි!

      Delete
    5. හොඳ දොස්තරලා ඉන්නවා ඕනතරම්. මගේ යාළුවොත් ඉන්නවා සිරා පොරවල්. ඒ වගේම දන්නා කියන උන්ගෙනුත් අවුල් බුවාලත් ඉන්නවා... මම කිව්වෙත් බහුතරය ටිකක් අවුල්.. ඒ ගැනයි මේක කිව්වෙ. පොඩි හරි වරදක් පෙන්නලා දුන්නම ඒක සම්පූර්ණයෙන් අමතක කරලා රෙද්ද උස්සන් එනවා කෙලින්න. අනේ දොස්තර මහත්තුරුනේ... ඔය ගොල්ල හොඳයි. ඒ ඔක්කොම ගැන කිසි විවාදයක් නෑ.. ඔය කට්ටිය කරන සේවය ගැන පටු විදියට හිතනවා නෙවෙයි. අඩුපාඩු ගැන කිව්වෙ.

      Delete
  4. මම පොඩි මෙන්ඩියා ඉපදෙන්න ඉස්සර ඉදලා සදූට දෙන බෙහෙතක් උනත් මම ඉස්ල්ලා බිලා බලලා තමයි එයාට දෙන්නෙ..පොඩි මෙන්ඩා බෙහෙත් බොන්න හොර නෑ ඒත් එක දවසක් මු බෙහෙත් එක වමනේ දානවා කකුල් පෙලේ ගහනවා ගෙදර එක කෙලියයි..මම ගත්තා බෙහෙත් එක බිලා බැලුවා මමත් වමනේ දැමමා යකෝ ගල් අමුවට ගහන අපිට මේක බොන්න බැරිනම්..?
    මම- “සදු මේ බෙහෙත බොන්න බෑ ඔයා ටිකක් බිලා බලන්නකෝ
    සදු- “ බෙහෙත් එහම තමයි ඔයා කට මිරික ගන්න මම පෙවන්නම්“
    මම- “සදු කියන එක අහන්න පොඩි මෙන්ඩා මේක බොන්න බෑ කියන්නෙ බැරි නිසා අපි මේක ඩොකාට පෙන්නමු
    සදු- “ අනේ ඔයා පන්ඩිතයා නොවි අල්ලන්න ළමයාගේ කකුල් දෙකෙන්
    මම- තව එක පාරක් ඔක ළමයාට දුන්නෙත් ගහනවා කනෙන් කැරි විසිවෙන්න..බිපිය මේක කියලා සදුට පෙව්වා බෙහෙත් උගුරක් සදුත් වමනේ දැම්මා.
    ඩොකා ලගට අරන් ගිහින් ඩොකාටත් පෙව්වා ඌත් වමනේ දැම්මා..බලද්දි ඩොකාට ඒක මෙඩිකල් රෙපේක් ටෙස්ට් කරන්න දිපු බෙහෙතක්..

    ReplyDelete
    Replies
    1. උඹ මාර පොරක්නෙ බං .දොස්තරයටත් පෙව්වද? පුදුම එවුං. ටෙස්ට් කොරන්ඩ දෙනවද පොඩි එවුන්ට බේත්?? ජාතිය අමතල එන්න තිබුනේ.

      Delete
    2. මේ ගැන වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න

      Delete
    3. වැඩක් නෑ කාකා අයියන්ඩි..ඒ වේලාවේ අපිත් කලබලේ නිසා බෙහෙත් බෝතලේ ඩොකාට දිලා ආවා..පොර සාක්ෂි විනාශ කරලා

      Delete
  5. මචං කතාවේ ඉතුරැ ටික
    පොඩි මෙන්ඩාගේ දත් ටික ඔක්කොම නරක් වුනා ඒ බෙහෙත් එකෙන් පස්සේ ඊට වැඩිය දෙයක් වුනානම් මම ඩොකා මරනවා..
    පුලුවන් වේලාවට ලියපන්..අපි ඇවිල්ලා කමෙන්ටුවක් කෙටලා යන්නේ උඔට සහයෝගයක් දෙන්න..

    ReplyDelete
    Replies
    1. උඹලගේ සහයෝගේ නිසා තමයි බං මං තවත් ලියන්න පෙළඹෙන්නේ.... ඉස්තුතියි..

      Delete
  6. අඩෝ අර බේත් තීන්දුව උඹ ගත්තේ කොහෙන්ද කියලා අහන එක සුදුසු නෑනේ . එත් ඔය වගේම තමයි මෙහෙ වන්ෂොට් බේත් දෙන්නේ. පාට පාට පෙති කරල් එක මල්ලකට දාලා දෙනවා

    - පාට හැම එකෙන්ම දෙක ගානේ දවසට තුන් සැරයක් කෑමට පස්සසේ බොන්න
    - තන්කිව් ඩොක්ට සනීප වුනේ නැත්තම් ආපහු එන්නං
    - ආයේ එන්ඩ ඕන වෙන්නේ නෑ මල්ලි

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙය්යගෙන්ම තමයි ඉතිං. වෙන කොහෙන්ද... වන්ෂොටාලා වැහි වහල බං හැමතැනම...

      Delete
  7. අර අකුරු පරිවර්තනය කරල තියෙන පොටෝ එකනං වටිනවා.. හැක් හැක් :D

    ReplyDelete
    Replies
    1. ඕක වත් බලල පරිවර්තනය කොරගන්න ඕන...

      Delete
  8. //පුද්ගලික සායනයේදී දෙවිවරු වගේ හැසිරෙන සමහර වෛද්‍යවරු ආණ්ඩුවේ ඉස්පිරිතාලෙදි රාක්ෂයෝ බවට පත්වෙන්නේ කොහොමද කියන එක අපි හැමෝටම ගැටළුවක්// සිරාවටම! අනේ මන්දා මොකද කියලා..

    අනික දැන් චැනල් දොස්තරලගේ ගණන් මචං..මම දන්නේ නෑ මිනිස්සු කොහොම කරන්නද කියලා..අනික අපි ණයපතෙන් හරි ගෙව්වා කියමු ලෝක ලෙඩක් වෙලාවක, බැරි එකා කොහොමද ගෙවන්නේ?ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගියහම සලකන හැටියට නම් හිතෙන්නේ පණපිටින් වැලලෙන් එක හොඳයි කියලා..හැබැයි එහෙම නැති හොඳ ගුණයහපත් වෛද්‍යවරු, හෙද හෙදියොත් ඉන්න තැන් තියෙනවා, ඒත් ඉතින් කළුනික වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. කළු නික හොයන්ඩ ලේසියි මචං. අර කව්ද කිව්වලු හොඳ පොලිස්කාරයෝ දෙන්නෙක් ඉන්නවා කියල. එකෙක් ඉපදිලා නෑලු. අනික මැරිලලු . ඒ වගේ තමා..

      Delete
  9. හ්ම්ම්ම්ම්!!

    ReplyDelete
  10. සජ්ජා කියන කතාව සහතික ඇත්ත. දැන් නම් අතින් බෙහෙත් තුන්ඩුව ලියපු කාලේ හමාර කරලා ඕක ප්‍රින්ට් කරලා දෙන්න කාලෙ හරි. එතකොට ඔය ප්‍රශ්ණේ විස‍ඳෙනවා. කැපිටල් බ්ලොක් අකුරෙන් බේත් තුණ්ඩු ලියන්නෙයි කියලා කොච්චර කිව්වත් නෙවෙයිනේ උන්නැහෙලා ගනං ගන්නේ.

    ReplyDelete
    Replies
    1. දොස්තර නෝනා කෙනෙක් උඩ කොමෙන්ට් එකක කිව්වෙ නං දොස්තරලයි නර්ස් ලයි ෆාමසි කාරයොයි දැනගත්තම ඇතිලු. අපිට කියෝගන්න බැරි උනාට කොරන්න දෙයක් නෑ ලු...!!!

      Delete
  11. Wagakeemen kiyanne. Laabama behetha gonna epa. Wedima behatha ganna epa. Salaka Bala madyama agayakata haki ayurin ganna. Eeta hetuwak ata. Buddiyen wimasa balanna. Lokaye devani mafiawa pharmaceutical. Bahutarayak laaba beheth gennanne India and Pakistan where there were manufactured at home. Ape bath kana harak deepu chandayen path wichcha deshapaluwo tamai beheth genna tender kadawanne , Komis bal an natural. Ape bath kana harak ewa adu milata gannawa. Pahugiyakale ape ciriket amati tamai owa lankawata genawe, Dan kawuda danna

    ReplyDelete
    Replies
    1. මමත් අහල නම් තියනවා එහෙම පොඩි තැන වල බෙහෙත් හදනවා කියල. ක්‍රිකට් ඇමති කිව්වෙ මහින්දානන්දද??

      Delete
  12. Lokapujitha tatta mall. Docalata baina ela wardi ban. Halparuwoth innawa. But majority are kind hearted. Once they helped one of my relatives who was in financial constraints to do all the sophisticated investigations and for the medicine that they have to buy outside. They spend their own money for that. Mon a wunath ban api katath tiyenne unge pihita tamai. Un ganna padiyata witarak wada kalanam api anathai. They are underpaid when compared to other countries.
    Dawasak mama Docala set wuna tanaka kana gahagena hitiya. Untika cut wennatuwa palenna gahuwa , mama thamai serve kale.
    Un kiyanawa private practice appiriyallu.
    Nidahasak attema natural. Gedara lamai ekka inna time eka hoyaganne amaruwenlu. Sundays public holidays Gedara inna natural.
    Habai salli nam palenna tiyenawalu.
    Un kalakirimen tamai kata kale. Private practice eka commitment ekak welalu.
    Even though they want to stop it because it, S now a commitment where the patients are waiting for them.
    , mama ahuwa sir itin nikan leddu balanna puluwanne kiyana. Etakota Un kiyanawa lankawe minissunta kisima deyak nikan denna hoda an. Eka watinakamak na kiyala. Even leddu beheth hospital eken nikan aran wisikaranawalu.
    Gana adu kaloth un gawata leddu ena eka wadiwenawalu.
    Mama kiwwa Habai minissu nam tikak akamati aspa gananwalata kiyala.
    Etakota kiwwe ehema tamai minissu sewawa aragena baninawa. Api ewa ganan ganna. Salli gewannatuwa hospital ganna puluwanne the kiwwa.
    Ekath attha tamai be ban.
    Mata kota kalla deela un gia.
    Atta tamai bath kana harak ta mula amatakai. Amaruwunama pana na. Pana apuwahama paluyanna baninawa

    ReplyDelete
    Replies
    1. Use this to type in Sinhala

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    2. ඔව්.. කියවන්න ගියාම හෙන අමාරුයි නැත්තන්..

      Delete
  13. මට නිතරම හිතන ප්‍රශ්ණයක් තමයි ඔය චැනලින් වල ඉන්න දොස්තරලා හැම ලෙඩෙක්ටම එකම වෙලාවක් අරගෙන තියෙන ලෙඩ පරීක්ෂා කරන්නේ කොහොමද කියන එක.. ඇති ඉතින් එකම ලෙඩේ වුනත් එක එකානට තරමක් හරි වෙනස් වෙන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. හැබෑට එහෙමත් එකක් තියනවා තමා...

      Delete
  14. මේ බ්ලොග් එක ලියන එකා මම දන්නවා.අපේ ගමේ,හෙන අපතය වගේ ඉන්නේ.කිලිටු ඇඳනුඹ මේක ලිව්වේ පැහැදලි ඊර්ශාවෙන්. මොකද දොස්තරලා නෙවෙයි ගමේ මිනිස්සු වත් උඹව ගනන්න් ගන්නේ නැහැ.
    උඩින් ඩොක්ට කෙනෙක් වගේ ඇනෝ කොමෙන්ට් දැම්මෙත් උඹ තමයි.මොකද දොස්තරලා එනවද බං උඹෙ මේ හඩු බ්ලොග් කබල කියවන්න?

    ReplyDelete
    Replies
    1. මචන් මූ කොහෙද ඉන්නෙ..?? ඒ කියන්නෙ උබලගෙ ගම මොකද්ද .?? වෙන මොකට වත් නෙමේ.. ගල් කුඩු ටිකක් ගන්ඩ ....

      Delete
    2. හහ්හා... මෙන්න ගල් වදිනවා..අනේ ඉතිං මමම තමා දොස්තර වගේ එක දැම්මේ. මට වෙන වැඩ නෑ නෙ. එක නෙවෙයි ඇයි බං ඔච්චර ලොකු මහත්තයෙක්, හෙන පොරක් වෙලත් උඹ මගේ බ්ලොග් කබල බලන්න ආවෙ? උඹ මගේ අනිත් ඒවත් කියෙව්වා නේද, ඒවායින් කෑලි අහුලන් මෙතන කියවන්නේ. බලපන් බලපන්. ඔක්කොම බලපන් ලියපු එව්වා. කාටද මල්ලි එතකොට ආඩම්බර.. @ඇනොපිලිස් ගල් කුඩු හිගයි බං මේ දවස් වල. යහපාලානේ නිසා මිනිස්සු වැඩ පටන් අරන් බඩු ඔක්කොම විකිනෙනවා...

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපි ලංකාවේදී හතර වටින්ම වහපු යාලුවෙක්ගෙ ගෙදරක හිටිය දවසක් දෙකක්. හරිම හොඳ අය. ගේ වහගෙන ඉන්නේ මදුරුවෝ නිසා. අපි fans ඔක්කොම දා ගෙන හිටියේ. එත් දුවට උන හැදිලා ටිකක් අමාරු වුනා . ෆෑන් තිබ්බත් රස්නෙත් වැඩියි. ළමය පන නැහැ වගේ කන්නෙත් නැහැ. අපි ඒ ළඟම තිබෙන pp එකට අරන් ගියා. වරදක් කියන්න බැහැ, ඒ දවස්වල ඩෙංගු (dengue) තිබෙන නිසා බ්ලඩ් ටෙස්ට් එකක් හෙම කරලා බෙහෙත් ජාති 6 , 7 ක් විතර දුන්න. නම් නැහැ බෝතල් වල. පෙති වල තිබුන. මගේ බිරිඳයි මායි වෛද්‍යවරයාගෙන් ඇහුව මේ මොනවාද කියල. එකක් පැනඩෝල්. එකක් උණට . එකක් ඩෙංගු වලට. අපි ඇහුව ඉතින් බ්ලඩ් ටෙස්ට් කර බැලුව නිසා ඩෙංගු නැහැනේ කියල. කෝකටත් ගන්නලු. ඉතුරු තුන වමනෙට,බඩ යාමට තව මොකක්ද එහෙකට. රුපියල් දාහක විතර.මගේ බිරිඳ පැනඩෝල් තියාගෙන අනික් ඔක්කොම ටික විසික් කරා. ඒක තියාගත්තෙත් හදිස්සියකට කියල. පස්සේ අර ගෙදරින් හොඳින් වාතාශ්‍රය තියෙන මූද අයිනේ හෝටලේකට ගියා . දුවට නිකම්ම හොඳ වුණා.

      Delete
    2. එක තමයි අජිත් සහෝදරයා මං කිව්වෙ ඔය වන්ෂොට් ලා උග්‍රම ලෙඩේට දෙන බේත දෙන්නේ කියල. පොඩි දුවට ඒ බේත් දුන්නනම් ඒ ලෙඩේ ඇත්තටම හැදුනොත්( අනේ වෙනවට කියනවා නෙවෙයි, එහෙම වෙන්නේ නෑ) දෙන්නේ මොකක්ද??

      Delete
    3. මගෙත් යාළු දොස්තරලා සැහෙන්න ඉන්නවා. ඒ අය අමනාප වෙන එක්ක නැහැ. මෙහම ප්‍රශ්නයක් තිබෙනවා. මගේ යාලු ඩොකෙක් ගෙන් ඇහුවම මෙහෙම කතාවක් කිව්වා. මචන් ලංකාවේ මිනිසුන්ට මොනවහරි ලියල බෙහෙත් පෙති ගොඩක් දුන්නත්නම් උන් වෙන දොස්තර කෙනෙක් ගාවට යනවලු. දොස්තර හොඳද කියල බලන්නේ දෙන බෙහෙත් ප්‍රමානයටලු.

      Delete
  16. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15737-2015-02-10-22-07-58

    ReplyDelete
    Replies
    1. හහා. සන්තෝසේ බෑ .... ස්තිතියි දැනුවත් කලාට... :D

      Delete
  17. අර වෛද්‍ය වරියක් කියල ලියල තිබුන නෝනට කියන්න දෙයක් තියනවා.පිටින් ගන්න බේතක් ලියනකොට capitalඅකුරු වලින් පැහැදිලිව ලියන්න ඕනෑ කියල නීතියක් තියන බව දන්නවද කියල. එහෙම හරියට පැහැදිලිව big letters වලින් ලියන හොද දොස්තර මහත්තුරු අදටත් ඉන්නවා.ලෙඩ්ඩුත්ඒවා ගැන අවදියෙන් ඉන්න ඕනෑ. Vp ල ලියපු තුන්ඩු MBBS දොස්ත්රලටවත් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්න DMOටවත් කියවන්න බැරිව පාමසි වලටත් බැරිව මම නැවත VP හම්බ වෙලා ආයෙත් පැහැදිලිව ලිය ගෙන ගිය පුද්ගලික අත්දැකීම් මට තියනවා .Priscription එකක් ලියනකොට අනුගමනය කරන්න ඕනෑ නීති ගැන වරක් මහාචාර්ය කොලින් සමරසිංහ මැතිතුමා පත්තරයකට ලිපියකුත් ලියල තිබුනා. මේ ලගදිත් ඔසුහලේදී එවැනි තුන්ඩුවක් කියවන්න බැරිව දෙතුන් දෙනෙක් එක්ක පැහැදිලි කර ගන්න කතා කරනව මම දැක්කා.අන්තිමට කිව්වා ආයෙත් දොස්තර මහත්තය හම්බ වෙලා පැහැදිලිව ලියවාගෙන එන්න කියල.ඕව ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. මම ඒක දැනගෙන හිටියේ නෑ ඇනෝ.. මොකද මේක මම ඉන්න ක්ෂේත්‍රයක් නෙවෙයි. ඒත් දොස්තර නෝනා ඕව ගැන අනිවාර්යෙන් දන්නවා. ඒත් කොහොමද දෙන ටෝක...

      Delete
    2. Block letters, not necessarily UPPERCASE letters.
      Just a clarification.
      :-)

      Delete
  18. සුපුරුදු පරිදි හොඳ ලිපියක් පසුපස දොස්තරවරුන්ට අවලාද බහුල කොමෙන්ටු පෙළක්! සෑම පූජකයෙක්ම ළමයින් අපහරණය නොකරන්නා සේම, සෑම පොලිස් නිලධාරියෙක්ම පගා නොගසන්නා සේම සියලු දොස්තරවරු ප්‍රයිවට් ප්‍රැක්ටිස් නොකරති, සියලු දොස්තරවරු ලෙඩ්ඩුන්ට නොබණිති, සියලු දොස්තරවරු අධිමිල බෙහෙත් නොලියති. නීතියෙන් මට්ටු කරන එක ප්‍රමාදනම් බෙහෙත් ගන්න යන රොගීන්ට ඇත්තේ එවන් නරක දොස්තරලා ගාවට නොයා හිඳීමෙන් පාඩමක් උගැන්වීමයි. සියලු දෙනා එකම වට්ටියට දමා අම්මා මෝ නැතුව බැනීමෙන් හිත රිදෙන්නේ හොඳ දොස්තරලාගේය.

    ReplyDelete
    Replies
    1. අනේ නැත. සමස්ත දොස්තර සංහතියට මම දොස් කිව්වෙ නැත. හොඳ රත්තරං දොස්තර මහත්තුරු ඕනෑතරම් සිටිත්.දොස්තර වරුන්ගේ සිත රිදෙතැයි කියා කියා වැරදි දේට වැරදියි නොකියා හෝ විවේචනය කරන දේ විවේචනය නොකර සිටීමෙන් ඒ වැරදි දිගෙන් දිගටම තවත් වැඩියෙන් සිදුවනබව මාගේ විශ්වාසයයි. ඔබතුමන් කියන පරිද්දට පූජක වරුන්ගේ සිත් රිදෙතැයි කියා ළමයින් අපහරණය කරන පූජකයා දුටුවද මුවින් නොබැන සිටිය යුතුය. මා කිසි විටෙකත් සියලු දොස්තර වරුන් එකම වට්ටියකට දමා නැති අතර හොඳ එකා මල් වට්ටියටත් නරක එකා කුණු බක්කියටත් දැමීමට කිසි විටෙකත් පසුබට නොවෙමි. දොස්තරලා වේවා පොලිස් කාරයන් වේවා තම වරිගයේ එකෙකුගේ වැරද්දක් පෙන්වා දුන් කල රෙද්ද ඔසවා කෙළගැනීමට පැමිණීමට තරම් "සදාචාර සම්පන්නය" . වරදක් දුටු තැන එය වරදක් නොවේ යයි "ඔව්ව කිව්වම අපේ හිත රිදෙනවා" යයි කියමින් වරද වසාගැනීමට අපි බොහෝ රුසියෝ වෙමු. වචන හරඹ පා නිවැරදි වූවද වරද එතැනමය. යලිත් පවසමි.රත්තරං දොස්තර මහතුන් බොහෝ පිරිසක් සිටින බව මම දනිමි.දැනුදු මචං ලෙවලයෙන් ආශ්‍රය කරන්නාවූ බොහෝ දොස්තරවරුන් පිරිසක් මටද සිටී. ඒ නිසාවට දොස්තර වරුන් හා ඉරිසියාවක් මට කිසිවිටෙකත් නොමැත. අනෙකුත් කරුණු මධ්‍යයේ සාමාන්‍ය පුරවැසියකු ලෙස දොස්තර වරුන්ගෙන් දකින්නට ලැබෙන සරල අඩුපාඩු කිහිපයක් මට පෙනෙන අයුරෙන් හුවාදැක්වුවා පමණි. කරුමයක මහත! හැමෝම දකින්නේ ඒ පොඩි කොටස පමණි. හිතක් රිදුනා නම් එය මාගේ වරදකි. සමාවන්න මම ඒ ගැන නොසිතුවෙමි. අම්මා තාත්තා ගෙන් හෝ වරදක් දකී නම් මම ඒ ගැන නොබියව නොහැකිල පවසමි. අම්මා තාත්තා කලත් වරද වරදමය. දොස්තර ගැන තව කිවමනාද?

      Delete
    2. අප්පට සිරි ඩෝං ගියපු තරම. සජ්ජ උන්නැහේ මල කරෙන් පාත් උනාම පොඩ්ඩක් මගේ පළමු වාක්කිය කියවල බැලුවොත් තේරෙයි මගෙ හිතේ, අම්මා තාත්තා, ආච්චි සීයා නෙවෙයි එයැයිලගෙ අම්ම්ලාට උනත් බැණ අඬගැසීමට ඇති අයිතියට කිසිම බාදාවක් හානියක් කිරීමේ කිසිම අදහසක් මගේ කොමෙන්ටුවෙ නැති බව. ආයෙම කීවොත් //සුපුරුදු පරිදි හොඳ ලිපියක් පසුපස දොස්තරවරුන්ට අවලාද බහුල කොමෙන්ටු පෙළක්!//

      මට නං මුල් ලිපිය කියෙව්වම දොස්තර, රෝගියා සහ ෆාර්මසිස්ට් යන සියලුදෙනාගේ වරදි අඩුපාඩු පෙන්වා දෙන හොඳ ලිපියක් පෙනුනා. කොමෙන්ට් වලදී අර අනිත් ඈයො ගැන කිසිම සඳහනක් දක්කෙ නෑ {සින්ග්ලිෂ් එව්වයෙ තිබුනද දන්නෑ.. එව්ව කියවන්න කම්මැලියි} එබැවින් තමයි "සුපුරුදු පරිදි" ඇඩ් කලේ.

      අදහස් සහ ප්‍රකාශන හැකියාව හොඳයි. කියවීමේ හැකියාව ගැන ඉදිරියට බලමු.

      සජ්ජ මහතාට ජය! ��

      Delete
    3. දොස්තර සහෝදරයා,, තරහ ගියා නෙවෙයි. මම එක දැක්කා . හිත හොඳ දොස්තරවරුන්ද අනන්තයි . ඒ හිත හොඳ කම රැකගෙන ඉදිරියට යන්නට සහ අපි වගේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීමට දහිරිය ශක්තිය ලැබේවා... ඔබතුමාටත් ජය!!!!

      Delete
  19. සජ්ජා මහතාගෙන් අහන්න පොඩි ප්‍රශ්න කිහිපයක් ඇත.
    1) ඔබේ දරුවෙක්ට වෛද්ය වරයෙක් වීමට අවස්තාවක් ලැබුනොත් දෙනවාද ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    2) නිදහස් අධ්යාපනයෙන් එලියට ආ වෛද්ය වරයෙක් කල යුත්තෙ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමා..
      1) අනිවාර්යෙන් දරුවාට ඒ සඳහා උවමනාව සහ සුදුසුකම ඇත්නම් ඊට අවස්තාව සහ සහයෝගය ලබා දෙනවා. එය ඕනෑම පියකුගේ යුතුකමක් ලෙස විශ්වාස කරනවා. ඔහු/ඇය ගෙන් මා බලාපොරොත්තු වන්නේ වෛද්‍ය වෘත්තියේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ එය රක්ෂාවක් පමණක් බව නොසිතා ඒ වෘත්තීයට අදාළ යුතුකම් සහ වගකීම් මානුෂික ගුණාංග හා සබැඳිව නිසි ආකාරව ඉටුකිරීමයි.
      2) මෙම ප්‍රශ්නය මගෙන් අසන්නේ නිදහස් අද්යාපනයෙක් එලියට එන වෛද්‍ය වරයකු මෙරට ජනතාවට පමණක් වැඩ කල යුතුද යන චේතනාව මුල් කොට ගනිමින් පිළිතුරු දෙති සිතමින් නම් එය වැරදියි. වෛද්‍යවරයකු හෝ වේවා අනෙකුත් වෘත්තිකයකු හෝ වේවා මෙරට හෝ පිටරට සේවය කිරීම සම්බන්ධව කිසිදු ගැටළුවක් නැත. බොහෝ විට දියුණු රටවල පවත්නා නීති රෙගුලාසි සහ වෘත්තීය සාරධර්ම වලට අනුකූලව වෘත්තිකයාගෙන සේවය ලබා ගැනීම සිදුවේ. එනමුදු අපරට එම තත්වය වෙනස්ය. වෘත්තිකයකු හට ඇති අයිතිවාසිකම් ගැන විනා වෘත්තිකයාගෙන් ඉටුවිය යුතු සේවය සහ යුතුකම් හරි ආකාරව ඉටු වනවාදැයි ගැටළුවක් මසිත ඇත. බොහෝ දුරට සිදුවන්නේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනා වෘත්තිකයා තමන් විසින් ඉටුවියයුතු කාර්යභාරය හරි ආකාරව ඉටු නොකෙරීමයි. කලින් සඳහන් අදහසට "සමහරක්" යන උදෘතය එකතු කරගන්න. වෛද්‍යවරයකු යනු එක වෘත්තිකයෙක් පමණක් බව ඔබද පිලිගන්නවා ඇත. එනමුදු සර්ව බලධාරී කමක් ආරූඪ වූ එම වෘත්තීය කිසිවකුට ප්‍රශ්න කල නොහැක. කල හැකි මුත් එසේ කෙරෙන්නේ නැත. මිනිස් ජීවිත සමග ඍජුවම ගැටෙන්නාවූ එම වෘත්තීය සාරධර්ම පද්ධතියකටද යටත්ව තිබිය යුතුය. නාමිකව එවැනි දේ සඳහන් වුවද බොහෝ විට එවැන්නන් ක්රියාත්ම නොවන අවස්ථා එමටය. වෛද්‍ය වරයකු බිහි කිරීමේදී අධ්‍යයන කටයුතු වලට මූලික තැන දෙනු විනා මානුෂිකත්වය, පරෝපකාරී බව සම්බන්ධ කරුණු සහ ආකල්ප එම වෘත්තිකයන්ගේ ඕලු වලට දැමීමක් සිදු වනවාදැයි නොදනිමි. එනමුදු මා විශ්වාස කරන ආකාරයට ඒ දේද සිදුවිය යුතු බව මගේ විශ්වාසයයි. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන වෛද්‍ය වරයා නයායික සහ ප්‍රයෝගික දක්ෂතා වලින් හෙබි පුද්ගලයකු වන්නාහාම මානුෂික ගුණාංග වලින් සපිරි පුද්ගලයකු වියයුතු බව මගේ හැඟීමයි. එම වෛද්‍යවරයා ක්‍රියාකළ යුත්තේද වෘත්තීය නිපුනතාවයෙන් මෙන්ම මානව හිතවාදී බවෙන් යුක්තව බව මාගේ විශ්වාසයයි..

      Delete