ස්කූටි ළඳුන් සහ පවුල්සංස්ථාව



මට හොඳට මතකයි මං දන්නා එකෙක් එකපාරක් ඕ ලෙවල් පන්ති යනකාලේ යාළුවෙලා හිටපු කෙල්ල අතෑරලා දැම්ම ඌ එපා කියද්දී බයිසිකලෙන් පන්ති ආව කියල. මෝඩ වැඩක් උනත් සමාජය විවිධාකාරයිනේ.


අපි කුඩා කාලයේදී ගැහැණු පිරිමි භේදයක් නැතුව බයිසිකල් පදින්න පුරුදුවෙනවා,  බයිසිකල් පදිනවා... ඉස්සර කෙල්ලන්ට වැඩිවිය පැමිණුනාම ඊටපස්සේ අම්මල තාත්තල බයිසිකල් පදින්න දෙන්නේ නෑ.. විද්‍යාත්මකව අමූලික බොරුවක් කියල ඔප්පු උනත් කන්‍යාපටලය ඕකට එක හේතුවක් වෙලා තිබුනා.දැන් නම් එහෙම විශ්වාස සමාජයෙන් ඈත් වෙනවා එන්න එන්නම. ඉස්සර සමහර වෙලාවට ගැහැණු ළමයි බයිසිකල් පදින එක සන්වරකමට ලාලිත්‍යයට හානියක් වෙනවා වගේ පොඩි මතයකුත් තිබ්බ නිසා එකෙනුත් කෙල්ලොන්ගේ බයිසිකල් පැදිල්ල අඩු උනා.  දැන් උනත් ගෑනුන්ගෙන් බොහොම සුළුතරයක් තමයි සමස්ථයක් එක්ක ගත්තම බයිසිකල් පදින්නේ . මෝටසයිකල් නම් දැන් සැලකියයුතු පිරිසක් පැද්දත් එකත් අඩුයි ඔක්කොම ගැහැනු එක්ක බැලුවොත් . කොහොම නමුත් කෙල්ලෝ ගෑණු උනාට පස්සෙත් පුෂ් බයිසිකල් පදිනවානම් එතන අපට ගොඩක් දුරට පේන කරුණක් තමයි ඒ කාන්තාවෝ සාපේක්ෂව අඩු ආදායම් මට්ටමක ඉන්නේ. අනිත් එක තමයි බොහෝදුරට එහෙම කරන්නේ බොහොම ක්‍රියාශීලී , ඕන දේකට පස්සට නොයන උදවිය. කෙටියෙන් කිව්වොත් Dare Devils ලා.


 ග්‍රාමීය  සමාජෙ ඉන්නකොට අහන්න දකින්න ලැබෙන දේවල් වලින් කිව්වොත් පවුල් උනාට පස්සෙත් බයිසිකල් පදින ගෑණු ගොඩක් දුරට පිට උන්ටත්  පදින්න හම්බවෙන ප්‍රවණතාව වැඩියි. වැටිලා තුවාල උනාට බයනැති, ලාමක කම  ගැන එච්චර තැකීමක් නොකරන , ක්‍රියාශීලී බව වැඩි කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වයත් වැඩි ඇති මට හිතෙන විදියට. දුප්පත් කම හෝ අසරණ කම ඕකට උත්ප්‍රේරකයකුත් වෙනවා ඇති. මෙහෙම කිව්වා කියල හිතන්නෙපා මං මේ කියන්නේ ඔක්කොම උදවිය එහෙමයි කියල. එහෙම නොවෙන රත්තරන් ගෑණු අනන්තවත් ඉන්නවා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අරෙහෙම අය වැඩියි.


ආර්ථිකයේ පසුබෑමත් එක්කම, කාර්යබහුලත්වය වැඩි වෙනවත් එක්කම සහ ලීසිං කොම්පැනිකාරයන්ගේ වර්ධනයවීමත් සමගම හතු පිපෙන්නා වාගේ ස්කූටර් ( පුරුදු වචනෙන් කිව්වොත් ස්කූටි) වලින් ලංකාව පිරෙන්න පටන්ගත්තා . පාරෙ මගතොට යනකොට සමහර වෙලාවට  අපි ඔක්කොටම දකින්න හම්බවෙනවා  ස්කූටි බයිසිකලේ ඉස්සරහින් කාන්තාව වාඩි කරගෙන පිටිපස්සෙන් පිරිමියෙක් වාඩිවෙලා දෙන්නම බයිසිකලේ හැඩල් එක අල්ලාගෙන දෙපැත්තට වැනි වැනි , නිකං අතවරයක් කරන්න හදනවා වගේ දර්ශනයක්. අනේ ඉතිං ඒ අර කාන්තාවගේ ආදරණීය ස්වාමිපුරුෂයා එයාට ස්කූටිය පදින්න උගන්නනවා.


 දැන් ස්කූටි කතාව ඉස්සරහට ගිහිං ඒක ෆැෂන් එකක් වෙලා ඉවරයි. අමුතු විදියේ හෙල්මට් දාල ,සන්ග්ලාස් පොල්ලක් දාගෙන, ජැකට්ටවක් එහෙම ඇඳලා තමයි අපේ කාන්තාවෝ පාරෙ ස්කූටිය පදින්නේ. දැන් ස්කූටි පදින්නේත් නෑ හැමදාම , අලුතෙන් ආපු මොඩල් එකටත් මාරු වෙනවා ආර්ථික ශක්තිය වැඩි උදවිය. ඩියෝ ද අරකද මේකද කියල එන එව්වට. ස්කූටි ඩියෝ පැදගෙන යන "නිදහස්" ගෑනුන්ගෙන් දැන් පාරවල් පිරිලා. සමහරු නම් ජෙට් වගේ වෙට්ටුත් දාලා ස්කූටි පැදගෙන ගියාට , අනේ බහුතරය නම් පොඩ්ඩක් දෙපැත්තට වැනි වැනි පාරෙ වලකට වත් වෙට්ටුවක් දාන්න බයෙන් තමයි ගමන. 



ස්කූටියේ ගමන පටන්ගන්නේ කකුල් දෙකම බිම ගහගෙන  එයා බස් එකක් ගුවන්ගතකරනවා වගේ. නවත්තන්නෙත් එහෙමයි, බලපල්ලා බොරුද කියල. මං නං බොහොම පරෙස්සමට තමයි ස්කූටි කාන්තාවො පාරෙ යනකොට ඉස්සර කරන්නෙත්.
හුලං බැහැල හරි වෙනයම් දෝෂෙකට හරි ස්කූටියක් කාන්තාවක්ද සමග පාරෙ මග හිටියොත් උදව් කරන්න ඉදිරිපත්වෙන අයියලා බෝමයි . එ වෙලාවට තමයි අපේ එවුන්ගේ ඇති උත්තම, පරෝපකාර ගුණාංග ඉස්මතුවෙන්නෙ. අපි කරුමෙකටවත් මග නතර උනොත් බල්ලෙක් බලන්නේ නෑ. අපේ ගමට ආසන්න හංදියේ එ කාලේ එහෙමෙහෙ චැලියක ගිය කාන්තාවක් හිටිය. (එ කාලේ ස්කූටි නෑ) උන්දැට කොල්ලෝ කිව්වේ "චැලි අක්ක" කියල. චැලි අක්කා "අර ජාතියේ" එක්කෙනෙක්.




ස්කූටි වල තනියම නිදහසේ යන නිසාදෝ, සාරියක් ඇඳන් ගියොත් බඩ පේන නිසාදෝ, මොක ඇන්දත් උස සීට් එකේ ඉඳගෙන යනකොට පසු පෙදෙස ලොකුවට පේන නිසාදෝ මන්ද පිරිමින්ගේ බැල්ම නිරායාසෙන්ම ස්කූටි කාන්තාවන්ට යොමුවෙනව වැඩියි. ඒකමද මන්ද ඉස්කෝල මොන්ටිසෝරි ගාව පොඩි එවුන් ඉස්කෝලේ අරගෙන එන ස්කූටි අම්මලට බැල්ම දාන්න එන බඹරුත් වැඩියි. ඕක කිව්වා කියල තමුන්ගේ බිරිඳ, අක්ක, නංගි, නෑදෑ කව්රුහරි ස්කූටි පදින එවුන් රෙදි උස්සන් එන්න එපා මට කෙලින්න. මගෙත් එහෙම පවුලට සම්බන්දකම් තියන උදවිය ඉන්නවා .මම මේ  කියන්නේ ස්කූටි පදින චරිතවත් කාන්තාවෝ බොහොමයක් ඉන්නවා. හැබැයි "ට්‍රයි කලොත් බැරි නැති" උදවිය අරිට ටිකක් වැඩියි.

මම මෙතන මතුකරන්න හදන්නේ සමාජ ප්‍රශ්නයක්. ස්කූටි ලංකාවේ මේ තරම් වැඩි වෙන්න ලංකාවේ පවත්නා ආර්ථිකය බොහෝදුරට බලපාල තියනවා. ගෙදර මනුස්සය රස්සාවක් කරන (බිරිඳත් රස්සාවක් කරන උදවිය  ඉන්නවා) දරු පැටව් මොන්ටිසෝරි ඉස්කෝලේ යන පොඩි පවුලකට අද කාලේ ආර්ථික ප්‍රශ්න බෝමයි. ළමයින්ව මොන්ටිසෝරි, ඉස්කෝලේ ,උපකාරක පන්ති යවන්න අද ඕනෑතරම් ස්කූල් වෑන් , ත්‍රී වීල් තියනවා. ඒවායේ ළමයි ටික පිටත් කරන්න ලොකු ගාණක් වියදම් වෙනවා. පාරට ටවුමට සැරින්  සැරේට ත්‍රීවීල් වල යන්න ගියාම මාසෙකට ලොකු වියදමක්. බිරිඳත් රස්සාවකට ළඟකට යනවනම්  යන්න එන්න ලේසියි. ඔය කාරණා ඔක්කොමටික විශ්ලේෂණය කරල  තමයි ස්කූටියක් ගන්නේ.

ආ.. අනිත් එක සුළු මුදලක් දීල අනිත් ටික ෆිනෑන්ස් එකක් දාගත්තම මාසයක් ගානේ ගෙවාගෙන යන්න පුළුවන් වෙන එකත් පොඩි දෙයක්ද. එහෙම අරගෙන ඔන්න ස්වාමි පුරුෂයා බිරිඳට ට්‍රේනින් එක දීල ලයිසනුත් අරගෙනම දෙනවා. ලයිසන් නැතිඋනත් මොකද පොලිස්කාරයෝ ඔව්ව මුකුත් බලන්නේ නෑ ගෑණු පදින බයිසිකල් වල, අපේ එව්වා ඇද ඇද බැලුවට. බැලුවත් අඩුපාඩුවක් තිබුනත් කොමලපාරක් දැම්මම කුකුල් පොලිස්කාරයෝ(පොලිසියේ බහුතරය ඉන්නේ එහෙම එවුන්)   යන්න දෙනවා.  ලයිසන් නැති ස්කූටි අක්කලා නෝට් කරගෙන ඉඳල දැලේ දාගන්න පොලිස් කාරයොත් ඉන්නව. බලාගෙන ගියාම බහුතර ස්කූටි ළඳුන් ආර්ථිකමය කාරණා නිසාවටයි ස්කූටි පදින්නෙ.



ගෙවන්න ගන්න ස්කූටිය  අවුරුදු පහ ගෙවල ඉවරවෙනකොට එකත් ගෙවිල ඉවරවෙන්න ඇවිල්ල. මොකද ඔව්ව ඔක්කොම වගේ ඉන්දියන් නිෂ්පාදන. ඒක කීයකට හරි විකුණල හම්බවෙන ගානෙන් මූලික ගෙවීම කරල  තව එකක් ගන්නවා. ෆිනෑන්ස් කාරයොන්ට මේකෙන් හොද්ද බොරයි. තව ටික කාලයක් යනකොට අබලන් වෙච්ච  ස්කූටි සොහොන් දකින්න හම්බවෙයි. වැඩි වැඩියෙන් ඉස්සරහට කාන්තාවෝ ස්කූටි පදියි. "නිදහස් ළඳුන්" ප්‍රමාණයත් එන්න එන්න  වැඩි වෙයි. පවුල් සංස්ථා වල ගැටළුත් ඊට සාපේක්ෂව වැඩි වෙයි. හැමදාම වගේ තැලෙන සාමාන්‍ය පාන්තිකයො ඉස්සරහටත් තැලෙයි.

52 comments:

  1. මෙන්න මූට පුන්නක්කු හැළියක් ගෙනත් දීපන් කවුරු හරි.
    .
    .
    තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. රිදිලා.... ඕක ඔච්චරට ඔලුවට ගන්න එපා බං....

      Delete
  2. අදනං උඹ ඉවරයි පුතේ ගුටි කන්ඩ බලාගන හිටහං, හැබැයි සැලෙන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. සමහරු, බොහොමයක්, හැමෝම නොවුනත්, සමහර වෙලාවට වගේ එව්වා දැම්මේ ගුටි වලින් බේරෙන්න තමයි බං. ඔන්න ඔහේ බැනපුදෙන්. ඇඟේ වදිනවා කියලයැ..

      Delete
  3. ගල් යුගයේ පොරක්.. ගල් ගැන ලියන්නෙත් ඒකයි බලාගෙන ගියාම. අවුලක් නෑ මචෝ ලංකාවෙන් 50% ක්ම උඹලා වගේම ගෝත්‍රිකයෝ. අපි නම් ඕකට කියන්නේ කැට් කූල් කියලා.

    ReplyDelete
    Replies
    1. කොච්චර දියුණුයි කිව්වත් අපි තාම ගල් යුගයට ආසන්නයෙන් ඉන්නේ මාතලන් සහෝදරයා... නැට්ට වැටුණු දවස තාමත් ළඟ දවසක් අපිට. බස් එකක කොන්දෙක් පාට් එකක් දැම්මම, කෙල්ලට කව්රුහරි නොමනා විහිළුවක් කලාම, වහනයක් පදවගෙන යනකොට වෙන එකෙක් ඇඟට කැපුවම මලපැනල කුණුහබ්බ කියවෙනවා අපි හැමෝටම. අන්න එතකොට අපේ ඇතුලේ ඉන්න එකා එලියට පනිනවා. වෙන කව්රුත් නෙවෙයි ඒ... අපි ඇතුලේ හිටියට ගල් යුගයේ ජීවත්වෙන මානවයා. ඒකාව අයින් කරන්න මොන කෙරුමට වත් බෑ...

      Delete
    2. කැට් කූල් කතාව මොකක්ද මාතලන් සහෝදරයා? අනික මොකද්ද මෙතන මම ගල් යුගයේ ගෝත්‍රිකය වෙන්න කියපු දේ??

      Delete
    3. කැට් කූල් කියන්නේ මචෝ ඕකේ යන කොට පූසට හුළං වදිනවනේ. එතකොට පූසා කූල් වෙනවා. ඒ නිසා කැට් කූල්.

      ගල් යුගයේ කතා උඹටම තේරේවී. ඔය කෙලින්න පුළුවන් කියන මානසිකත්වයේ ඉන්න එකාට බස් එකේ යන එකටත් කෙලින්න පුළුවන්, කෝච්චියේ යන එකටත් කෙලින්න පුළුවන්. ලිප්ස්ටික් ගාන එකටත් කෙලින්න පුළුවන්. කොටට අඳින එකටත් කෙලින්න පුළුවන්, සාරිය අඳින එකටත් කෙලින්න පුළුවන්. තනියෙන් කාර් එක එලවන එකටත් කෙලින්න පුළුවන්, එළෝලු ගේන අම්මටත් කෙලින්න පුළුවන්. අහිගුංටක කෙල්ලන්ටත් කෙලින්න පුළුවන්. තමන්ගේ අම්මයි සහෝදරුයොයි ඇර ඔක්කෝටම කෙලින්න පුළුවන්. සම හරක්ට ඒවටත් කෙලින්න පුළුවන්.

      Delete
    4. කැට් කූල් කතාව නම් මරු. ඔව් ඇත්ත සහෝදරයා. කෙලින එකාට ඕන එකකට කෙලින්න පුළුවන්. එක මම පිළිගන්නවා. ඉස්තුතියි නොදන්නා දේ කියල දෙනවට. උඹලගේ මහා වෘක්ෂයක් වන් බ්ලොග් කෙරුවාව ඉස්සරහ මං දෙපෙත්ත ඈත් වෙමින් ඉහලට ඇදෙන්න පටන්ගන්න ද්වීබීජපත්‍ර ඇට පැළයක්.

      Delete
    5. //අපි නම් ඕකට කියන්නේ කැට් කූල් කියලා//

      ++++++++

      Delete
  4. නිදහස් ලඳුන් වැඩි වැඩියෙන් බිහි වෙනවා කියන්නේ රට එන්නෙන් එන්න දියුණු වෙනවා කියන එකනේ බන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත තමයි එහෙම බැලුවොත්. රටේ දියුණුවට ඒක බලපාන එක සහතික ඇත්ත. සමාජීය ප්‍රශ්න තමයි අවුල. වෙන රටවල ලොකු කොම්පැනි කාරයෝ ගෑණුන්ගේ ඩිම්බ ෆ්‍රීස් කරල තියල උන්ගෙන් වැඩ ගන්නවලු කියල මේ ලඟදි ඇහුව. එහෙම බැලුවම මචං රටේ නිෂ්පාදනයට එක මරු දෙයක් උනාට වෙන වෙන ගැටළුත් තියනවා...

      Delete
  5. Replies
    1. එයා හුගාක් වෙනස් වෙලා .....


      ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ
      ඉගිලී යන්නද හිතා බලන්නේ
      ගැහැනු ළමයිනේ අවට අලංකාරයිනේ
      සිහිනෙන් දුටු දේ විසිරී යයි...

      ගැහැණු ළමයි මවු අත් හැරදා
      ගමෙන් පිටත් වී යන්න හිතා
      බබළන විසිතුරු නගරේ සිතේ ඇඳී
      කොතරම් ලස්සන දේ ඇතුවත්
      ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
      නොපෙනී ඇතිවෙන කරදර මතු වී
      නිවස සොයා නැවතත් අඬ අඬ ඒ
      අඬ අඬ ඒ.....

      ගැහැනු ළමයිනේ......


      ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
      සංගීතය - නිමල් මෙන්ඩිස්
      පද - ප්‍රේමකීර්ති ද අල්විස්

      Delete
    2. ජීවිතේට අහල නැති සින්දුවක්.. හොයල අහල බලන්නම්..තුති ඇනෝ

      Delete
    3. මෙන්න ............
      https://www.youtube.com/watch?v=IgAfbBShX6g

      Delete
    4. ඉස්තුතියි.... බොහොමත්ම...

      Delete
    5. සමාවෙන්න ඕනා හැමෝම ...මේ ගීතයේ ගී පද ලියලා තියෙන්නේ ජේ .ඒ කැමිලස් කියන ගීත රචකයා. මට ලොකු වැරදිමක් වෙලා .

      ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
      සංගීතය - නිමල් මෙන්ඩිස්
      පද - ජේ .ඒ කැමිලස්

      Delete
    6. අම්මට හුඩු සංගිතය මෙන්ඩෙක්
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    7. සින්දුවෙන්මයි දෙන්නෙ , අලගියතැන් මුලගියතැන් එක්කම... ඩී..

      Delete
  6. පොලිසියේ උන් ස්කුටර් එකට කියන්නෙ" පවුල් අවුල් " කියල . බයිසිකලේ හේතුවක් වෙන්න විදිහක් නෑ කොටු පැනීමට . පනින එකා කොහොමත් කොටු පනිනව.
    වනිතා අක්ක මෙතනට ආවනම් උඹව විනාසයි . අනිත් බ්ලොග් ටිකක් කියවපන්කො එතකොට වනිතා අක්ක ගැන දැන ගන්න ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ......පව් බන් වනිතා අක්කා.(අක්කා කියනවාට කැමතිද දන්නේ නැ .බාග අක්කා අය්යා කියමු )

      දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
      නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
      පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
      ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...

      අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු
      හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු...
      තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු
      දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු

      ඔබේ ප්‍රිය වදන් පුදදෙන සහන සිතිවිලී
      අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී...
      සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී
      මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එලී


      ගී පද - කරුණාරත්න අබේසේකර
      ගී තනු - සරත් දසනායක
      ගී හඬ - එච්.ආර්. ජෝතිපාල

      Delete
    2. එකත් එහෙමද? වනිතක්කව අඳුනගන්නම්කො කියවලම. කොටු කාරයට කොයි පොර පිටියත් එකයි නම් තමා.. "පවුල් අවුල්" !!!! මරු නම....... මේ ඇනා සින්දුමද කියන්නේ හැම එකටම???

      Delete
    3. මේ අපේ සින්දු ඇනෝ , ගල් බලකායේ නිල ආතල් සැපයුම්කරු. උඹට ඕනෙනම් ගල් බෝර දාන සද්දෙත් සින්දුවෙන්ම දෙයි.

      Delete
    4. ගල් බෝර සිංදුව නං අහලම එපාවෙලා බං.. මූද එතකොට අර රංචු ගැහෙන කොළු රෑනේ සිංදු කියන පෙම්වතා???

      Delete
    5. ගල් බොරේ ...
      කන්ද ගිනිලලා මහගල් වැටෙන්නේ
      දුම් රොටු මදින ගිඩි ගිඩි ගා හඬන්නේ
      දාබිඳු සලා ගල් මෙලෙසින් කඩන්නේ
      යන අත නොදැන අපි පාරක් තනන්නේ ..
      පායින් ගල් වලට කරගැට ලියඤයි
      ජිවිතයම කඩා පාරේ එලන්ඤයි
      අපේ දාඩිය සුවඳ පාරෙන් වසන්ඤයි
      සියල් සැප සපිරි යානා දුවනඤයි
      නෙත් දෙක බොර උනේ ගල් කුඩු ගිය හන්දා
      ඇත දෙක වැහැරුනේ මිටියේ බර හන්දා
      අපේ ජීවිතය ගල් කට අතරම රන්දා
      පාරේ වදින උතුමන් හට අපි වැන්දා
      පපුවේ හතිය බැහැ දැන් නම් වාවන්ට
      ගන්න සොච්චමෙන් හැකිවේද පෙති බොන්න
      මහ ගල් කඩන වෙඩි නුලට පුලුවන්ද පපුවේ තියෙන දුක කඩලා ගන්න ..

      ගායනය - ආයුෂ් ප්‍රභූ බන්ඞාර එදිරිසිංහ
      පද - ජානක එදිරිසිංහ
      සංගීතය - වාග එදිරිසිංහ

      https://www.youtube.com/watch?v=sikR5TGxvoU

      (http://sinduano.blogspot.com/2015/01/blog-post_23.html)

      Delete
    6. අනෙ අම්මෙ... උඹේ සිංදු ගබඩාවත් නිකං තිස්ස නාගොඩ විතානගේ තැටි ගබඩාව වගේනෙ...

      Delete
    7. සින්දු ඇනා් උඔ අපිට අඩම්බරයක්

      Delete
  7. උඔ කනවා පුතෝ..
    බැන්නට කමක් නෑ තෝ ලියපන්..බැන්න කියලා අපි හැදෙන වුන්ද බං?
    එල ද බ්‍රා..උඔ ලියන ඒවාගේ පුල් ගතියක් තියනවා..

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන්ගත්තාම මාර ගතියක් ඇඟට එනවා මචං. මොකා බැන්නත් මගේ ලිවිල්ල මම ලියනව දැන් ඉතිං. බැන්න කියල මොකෝ ඇඟේ වදිනවයැ .. තැන්කූ මචෝ වර්ණනාවට ....

      Delete
  8. අර යාළුවා දැන් කාලේ කෙල්ලෙක් හෙවුවනම් එහෙම හොයා ගන්න වෙන්නේ නෑ ලේසියෙන්.. ඔක්කොම රිජෙට් කරන්න තමයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඌට යතාර්ථයට මූණ දෙන්න සිද්දඋනා මචං...

      Delete
  9. ඔය ස්කූටිවල පොඩි උන් මොන්ටිසෝරි ගෙනියන අම්මලාට පොලෝසියේ උන්දැලා දැල් එලනවා කියලා නම් මාත් අහලා තියෙනවා..හැබැයි සමහරවිට උඹ ඔය කියන කතාවේ ඇත්තක් තියෙන්නත් පුලුවන්..හැබැයි මචං භයානක කම ඕක තියරියක් විදියට කට්ටිය රෙජිස්ටර් කරගත්තොත් තමයි..
    ඒ මොනාවුණත් වෙනස් වෙනස් දේ ලියන එක ගැන උඹට අපගේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන අම්මලා අනන්තයි... හැබැයි වැඩි ප්‍රවණතාවක් තියනබව පේනවා,

      Delete
  10. සාජ්ජේ අර දෙවැනි රූපයේ ඉන්න අාච්චි නම් නියමයි මචං.......... අන්න ගෑණු............

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ බං ඔය අර හායි හූයි බබි ආච්චියි උන්දැගේ බයිසිකලෙයි....

      Delete
  11. Replies
    1. එල එල . මම ඒක කියෙව්වා දැන්....

      Delete
  12. තරයේ හෙළා දකිමි.

    ReplyDelete
  13. පොස්ට් එක හොදය් එත් මට නිදිමතය්

    ReplyDelete
  14. Most of the sri lankan males are hypocrites. They are jelous of women. What is the problem with a woman riding a bike? Go to vietnam and see how many women riding bikes there. In any other country women enjoy a freedom than this so called pure Buddhist country. Women can wear anything they want and ride any bike they want. You are a typical hypocrite who does not know the power or a value of a woman. Do you have a mother?

    ReplyDelete
    Replies
    1. first of all i must tell you that in this article im just viewing and pointing out an unusual fact from a different angle. im not telling that all the women who ride bikes are bad women and i mentioned it in here too. women must have the freedom and a similar status that all the males have. and i appreciate it too. this is not a normal situation. we are experiencing a different cultural phenomena. a clash between older culture and the modern one. in that case all of us have to face cultural clashes. not only for women, men too have to face that reality. i just pointed out a side fact. in that fact i did not accuse all the women. again and again i mentioned that. you did not get it right and asking about my mother.. pity..

      Delete
    2. 1. ග්‍රාමීය සමාජෙ ඉන්නකොට අහන්න දකින්න ලැබෙන දේවල් වලින් කිව්වොත් පවුල් උනාට පස්සෙත් බයිසිකල් පදින ගෑණු ගොඩක් දුරට පිට උන්ටත් පදින්න හම්බවෙන ප්‍රවණතාව වැඩියි"
      2. වැටිලා තුවාල උනාට බයනැති, ලාමක කම ගැන එච්චර තැකීමක් නොකරන , ක්‍රියාශීලී බව වැඩි කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වයත් වැඩි ඇති මට හිතෙන විදියට.
      3 හැබැයි "ට්‍රයි කලොත් බැරි නැති" උදවිය අරිට ටිකක් වැඩියි.

      These comments shows your level of intelligence and maturity.
      Pity on people like you who think like this.
      And ++1 for Mathalan on ගල් යුගයේ පොරක්.. ගල් ගැන ලියන්නෙත් ඒකයි බලාගෙන ගියාම. අවුලක් නෑ මචෝ ලංකාවෙන් 50% ක්ම උඹලා වගේම ගෝත්‍රිකයෝ.

      Delete
    3. okay dude. may be this is an issue about my intelligence and maturity . just admit that and remain silence. admire the way you argue about this controversial topic and i really appreciate that. thank you. come again...

      Delete
  15. Your big male ego has made you to think that I am a dude, sadly which I am not. Because of males like you who have big prototypes on women (take point 1,2,3 in my previous reply) Sri Lankan women have become so backward. Because you people can not bear when a woman has high intelligence or power. People like you are the ones who will try to chase women and once they fall for your tracks, take the advantage and destroy her. (හැබැයි "ට්‍රයි කලොත් බැරි නැති" උදවිය අරිට ටිකක් වැඩියි.) Why on earth you will try to track her ? Because once they fall for your tricks you can take the advantage and brag about your capabilities, huh?
    Try to have some level of discipline and do not be like "linda laga sangamaya" . :D

    ReplyDelete
    Replies
    1. okay ma'am ... you got all wrong . .. lets end this conversation...

      Delete
  16. ඔය ඉස්කූටර් මහ වාතයි. මට නං එව්ව පදින්න අමාරුයි. එක්කොම අතේ. කකුලට නිකං. ඉස්සර අපේ නානත් පැද්ද මදුරුවෙක්. ඕක උදේට කකුල් දෙක පලල් කරං මදුරුව පැදං එනකොට උගෙ ගඩ්ඩ එලියෙ(උං යට්ට අදින්නෑනෙ). ඉතිං පාසල් යන ගුරුවරියො එහෙම එව්ව දැකල ලේංසුව කටේ ඔබාගෙන “චීඊඊඊඊඊඊඊයා“ කියනව. පස්සෙ අපි සෑහෙන්ට කියල නානගෙ ‘ජුබ්බාවට‘ යටිං කලිසමක් ඇංදෙව්ව

    ReplyDelete
  17. //ග්‍රාමීය සමාජෙ ඉන්නකොට අහන්න දකින්න ලැබෙන දේවල් වලින් කිව්වොත් පවුල් උනාට පස්සෙත් බයිසිකල් පදින ගෑණු ගොඩක් දුරට පිට උන්ටත් පදින්න හම්බවෙන ප්‍රවණතාව වැඩියි. වැටිලා තුවාල උනාට බයනැති, ලාමක කම ගැන එච්චර තැකීමක් නොකරන , ක්‍රියාශීලී බව වැඩි කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වයත් වැඩි ඇති මට හිතෙන විදියට. දුප්පත් කම හෝ අසරණ කම ඕකට උත්ප්‍රේරකයකුත් වෙනවා ඇති. මෙහෙම කිව්වා කියල හිතන්නෙපා මං මේ කියන්නේ ඔක්කොම උදවිය එහෙමයි කියල. එහෙම නොවෙන රත්තරන් ගෑණු අනන්තවත් ඉන්නවා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අරෙහෙම අය වැඩියි. //

    උඹ ලියන ගොඩක් දේවල් සමබරව ලියනවා උනත් ඔය උඩින් ලියල තියන ටික නම් හෙන පල් බං.

    තරහ ගන්න කාරී නෑ, හිතුන දේ කිව්වෙ !

    ReplyDelete