ගුණේ මාමා..



සමාජ විජ්ජුම්බර පොර ටෝක් වලින් මිදිලා කතන්දර මාලාවක් පටන්ගන්නත් හිතුවා..මම ජීවත්වන ග්‍රාමීය සමාජයේ ඉන්න විවිධාකාර චරිත ගැන එකින් එක විටින් විට කොටන්නයි කල්පනා කලේ.. ගුණේ මාමා කියල නම දැම්මට එක ඇත්ත නම නෙවෙයි. (කව්රුහරි මේක කියවලා ඔය යකාට කිව්වොත් නෑදෑකමුත්  නැතිවෙනවා. ඇත්තම නම ඕනේනම් ප්‍රයිවට් එකේ අහපල්ලා...) හැබැයි දිවුරලා කියන්නං , මේ කියන ඔක්කොම කතා සම්පූර්ණ ඇත්ත.ගුණේ මාමා අපේ නෑදෑයෙක් වෙනවා... ඉස්සර වැඩකලේ ඛනිජ තෙල් සංස්ථාවේ . සල්ලිත් යහමින් තිබුණ ඒ කාලේ. දැනුත් නැත්තෙම නෑ. බැඳලා ඉන්නේ ටීච කෙනෙක්. එක දුවෙක් ඉන්නවා. දැන් ඒ කෙලී විස්සවිද්යාලේ. 

ගුණේ මාම හිත හොඳ මනුස්සයා. කාටවුනත් උදව්වක් උපකාරයක් කරන්න වැනෙන්නේ නෑ. වැනෙන්නේ බිව්වම විතරයි. මගෙ බ්ලොග් කෙරුවාවෙත් කැරකිලා කැරකිලා අන්තිමට මැක්කගෙ කතාව වගේ කතාව ඉවරවෙන්නේ බේබදුකමෙන්. ඒ කිව්වා වගේම ඔන්න ගුණේ මාමා හෙනම බේබද්දා.. අරක්කු බෝතලයක් පෙන්නුවොත් හබකක් යටිං උනත් රිංගයි. උදේ පයින්ම බස්  පාරට යන ගුණේ මාමා බස් එකේ ගිහිං තමයි වැඩට යන්නේ. වැඩ ඇරිලා එනකොට තමයි සෙල්ලම තියෙන්නේ.




ටවුන් එකෙන් බීල බස් එකට නගින ගුණයා එතන ඉඳන් සිංහයා. බීපු ගමන් වලියටමයි බර. හේතුවක් වැඩක් නෑ , හාමුදුරුනමක් එක්ක හරි  ගහගන්න තමයි කතාකරන්නේ. ඉස්සෙල්ලම බයිට් එකට ගන්නේ බස් එකේ කොන්දොස්තරව. බස් එකට නැගල ටික දුරක් යනකොට සල්ලි ගන්න කොන්දොස්තර එනවනේ. ගුණේ මාමා ගාවට ඇවිත් "මහත්තය කොහෙන්ද නැග්ගේ? බහින්නේ කොහෙන්ද?"  ඇහුවම ගුණය කියන්නේ "දොරෙන්" කියල. ඇත්ත කතාව , නගින්නෙත් බහින්නේත් බස් එකේ දොරෙන් තමයි. මමත් දවසක් ඔය කතාව කනටම අහල තියනවා.අපේ පැත්තේ ඔක්කොම දන්නවා ඕක. ඊටපස්සේ කොන්දට මලපනිනවනේ . "මහත්තය විකාර කියවන්නේ නැතුව සල්ලි දෙන්න" කිව්වම ගුණේ මාමා අතදානවා සාක්කුවට . අත එලියට ගන්නේ දබර ඇඟිල්ලයි මද ඇඟිල්ලයි එකට පටලවලා "රැජිනගේ මාක්එක" හදාගෙන. එක දික්කරනවා කොන්දට "ආ ඉඳා" කියල. මේ යකා සල්ලි දෙන්නෙම නෑ .. ඉතින් වලිය . අන්තිමට  ගුටිකාලා, බහින හෝල්ට් එකට හැතැක්ම ගානක් කලින් එලියට අල්ලලා දානවා. එතන ඉඳන් ඉතිං  පයින් බස් එකේ  වරෙන් පුතා මගදිගට කුණුහරුපෙන් බැන බැන...

දවසක් ගුණයාගේ මස්සිනාගේ ගෙදර දානයක් තියනවා කියල ආරාධනාවක් ලැබිල. මූ ආවොත් චොර කරනවා කියල දන්නව උනත් නොකිය බැරිනිසා කියල. දානේ දවසේ උදෙන්ම කිරිහට්ටි පැණි බෝතල් පාර්සලෙකුත් උස්සගෙන බුවා මස්සිනාගේ ගෙදරට ලෑන්ඩ් කරලා. ආ බෝතලේකුත් එක්ක. ආපුගමන් බෝතලේ පොලිෂ් කරන්න පටන්ගත්තලු  සාලෙට මූණදාපු කාමරයක් ඇතුලේ ඉඳගෙන.ඒ අතරෙදි සාලේ දානෙ වැඩේ කෙරීගෙන යනවලු දැන්.ගුනයගේ මස්සිනාට දැන් ගිනි පත්තුවෙලා. මූ මේකේ ඉඳන් මොනවා කියයිද කවුද දන්නේ.හාමුදුරුවරු දානේ වළඳලා එහෙම ඉවරවෙලා අන්තිමට නායක හාමුදුරුවෝ පින් පමුණුවන දේශනාව මැද්දෙදි හාමුදුරුවො අසුන් අරන් ඉන්න තැනට පිටිපස්සේ කාමරේ දොර රෙද්ද විවර උනාලු... ගුනයගේ ඔලුව එතනින් එලියට ආවලු නායක හාමුදුරන්ගේ මූණ පිටිපස්සෙන්. ඉස්සරහ බණ අහන්න ඉඳගත්ත ගුනයගේ මස්සිනාට හුජ්ජ යන්න ඔන්න මෙන්නලු දැන්. "චූටි මල්ලි" (ගුණය මස්සිනාට අමතන විදිය) "මූ මොකද කියන්නේ?? දෙන්නද මූට වැඩක්?? (හාමුදුරුවෝ දිහා බලමින්)" හැමෝම බණ පැත්තක තියෙද්දී ඒ දිහා බලද්දී, මස්සිනා හාමුදුරුවොත් පෙරලගෙන අරූවත් ඇදගෙන කාමරේට ගිහින් "හරි හරි ලොකු අයියේ" කියල ඉතුරුවෙලා තිබ්බ බාගේ ඉක්මනටම ගස්සල බුදිකරවල තමයි එලියට ඇවිත් තියෙන්නේ.ගුනයගේ මස්සිනා ඊට පස්සෙ  මාස ගානක් පන්සල පැත්ත පළාතේ පස් පාගල නෑ 

තොර තෝංචියක් නැති කතන්දර මැද්දේ ඔක්කොම කියන්න මෙතන ඉඩ මදි වෙන නිසා ගුණේ මාමා දැන් ඉන්න තත්වෙට පත්වෙච්ච කතාව කියල මේක ඉවරකරලා දාන්නම්. දැන් ගුණේ මාමා යන්නේ අත්වාරුවෙන්. කලින් කෙරුම් බැරි උනත් බොන එකයි වලි දාන එකයි තාම එහෙමමයි. අත්වාරුවෙන් යන්න පටන්ගත්ත හේතුකාරණාව පටන්ගන්නේ මෙහෙමයි .අන්තිමේදී බස් වලට ගුණයව නග්ගගන්නේ නැති තත්වෙටම පත් උනා. බැරිමතැන ගුණේ මාම ගත්ත මෝටර්බයිසිකලයක්. හවසට වැඩ ඇරිලා හොඳටම ගසලා ඕකේ එනකොට මග පෙරලිලා මූණ අතපය ලෙලිගහගත්ත වාර අනන්තයි. 

මේ සිද්දිය වෙච්ච දවසේ මම ගෙදර හිටිය. අපේ ගෙවල් වලට ටිකක් දුරින් ලොකු සද්දයක් ආවා. පාර අයිනේ කට්ටියක් අන්න හැප්පුන කියල ඇහුන නිසා මමත් දුවගෙන ගියා බලන්න. එතන පාරේ වංගුවක් තියනවා.ත්‍රීවීල් එකකුයි බයිසිකලෙකුයි හැප්පිලා පෙරලිලා. බැලින්නං ගුණයගේ බයිසිකලේ. හැප්පිච්ච වේගෙට බයිසිකලේ අටපට්ටන්. ත්‍රීවීල් කාරය එලියට විසිවෙලා . ගුණයා ත්‍රීවීල් එක ඇතුලේ. එක ඇතුලට වෙලා මූ ඒකෙ හැඩල් එකේ එල්ලිලා ඉන්නවා. කට්ටිය අදලගත්ත එලියට. ත්‍රීවීල් කාරයත් ආවා නැගිටලා කොරගගහ.මූ දැන් බනිනවා ගුණයට "මම ආවේ අයිනෙන්. මෙයා තමයි මගේ ඇඟට පැන්නේ " කියල. ගුනයගේ හැටි දන්නා අපි ඒ මනුස්සයට මුකුත් කිව්වේ නෑ .. ගුණයගේ කැරැට්ටුව අපි දන්නවනේ.. ගුණය වැනි වැනිම අතදාල ගත්තා සාක්කුවේ තිබිලා ගල් කාලක්. බෝතලේ බිඳිලා හැමතැනම අරක්කු. ඒක අගලට විසිකරනගමන් මූ අර ත්‍රීවීල් කාරයට කියනවා, " ඕයි, මම වැඩකරන්නේ පැට්‍රෝලියම් එකේ. තමුසෙට මං ඔක්කොම අලාබෙ ගෙවනවා" කියල. ගුණය ගන්න දෙයක් නෑ .. හැමතැනින්ම ලේ ගලනවා. මූණ කැපිල වීදුරුවලට.බන්දුවගෙ වෑන් එක ගෙන්නාගෙන ගුණයත් දාගෙන ඉස්පිරිතාලේ අරන්ගියා. යනගමනුත් මුගෙ හෙන පොර ටෝක්... දොස්තරලගෙන් බැණුම් අහගෙන හැමතැනම පැලැස්තර අලවගෙන ඔන්න අපි ආවා ගෙදර එන්න.  අතරමගදි වෑන් එකේදි එකෙක් අහනවා " මොකද ගුනේ අයියේ සීට් එකෙත් එක්ක කකුලෙන් ලේ පෙරෙන්නේ" කියල. ඉක්මනට අපි බැලුව. ගුණය ඇඳගන හිටියේ කලුපාට දිග කලිසමක්. බැලින්නං එක තෙත්වෙලා.කලිසම් කකුල උඩට උස්සල බැලින්නං දනිස්සක් නෑ.. කුඩුවෙලා. මෙච්චර වෙලා මූ කොරගගහ අවිද්දට ඇවිදලා තියෙන්නේ මූ නෙවෙයි අරක්කු. ආපහු හරවාගෙන ආයෙ ඉස්පිරිතාලේ ගියා. දොස්තරලා නර්ස්ලගෙන් කුණු බැනුම් අහගෙන ආයෙත් බෙහෙත් දාගෙන ආව ගෙදර.( සර්ජරියක් කරන්න ඕන උනත් දොස්තරලා තරහට නිකංම බේත් දැම්ම කියල දැන් මට හිතෙන්නේ. මොකද මූ දොස්තරලටත් බැන්න කුණුහරුපෙන් ) හොඳම හරිය පටන්ගන්නේ මෙතනින්..

ටිකදවසකට පස්සේ බුවාගේ තුවාල ටික සනීප උනා ..ඒත් ඇවිදින්න බලද්දී ඇවිදින්න බෑ දනිස්ස තුවාලවෙච්ච කකුල පොල්ල වගේ. මැදින් නැමෙන්නේ නෑ.. පස්සේ එක්ස්-රේ එකක් අරන් දොස්තර කෙනෙක් අල්ලලා බැලුවම එතන දණිස් "පොල්කට්ට" කුඩුවෙලා අනිත් ඇට වලට ඇලිලාලු. ලොකු සර්ජරියක් කරන්න වෙයි කියල. ගුණේ මාම තීරනයකලා මරදන්කඩවල "වෑල්ඩින්" වෙදා ගාවට යන්න. බන්දුවගේ වෑන් එකේ ගමේ ගුණේගේ යාලුවෝ සෙට් එකත් දාගෙන තමයි ට්‍රිප් එකක් යනවා වගේ මරදන්කඩවල ගියේ. මම ගියෙ නැති උනත් බන්දුව විස්තරේ ඔක්කොම කිව්වා. මගදිගට කට්ටියම කුදාර්වෙන්න ගහල එහෙට යනකොට ඔක්කොම උන්ට වෙරිලු. වෙදමහත්තට ගාවට ගියාම උන්දැ කියල දනිස්ස ගාවින් එකට බැඳිලා තියන නිසා ඒක කඩන්න ඕනේ කියල. බැංකුවක මුණින් හාන්සිකරලා කට්ටියට අල්ලගන්න කියල මෝල් ගහක් දනිස්ස ගාවට තියල කකුල නවන්න හදද්දී ගුණය කෑගහනවලු "අයියෝ රිදෙනවා, බොන්න ඕනේ" කියල. වෙදමහත්තයා කියල, කමක් නෑ තියනවනම් බොන්න දෙන්න කියල. පටස් ගාල ගෙනත් දීපු බාගෙත් කටට හලාගත්තු ගුණේ මාමව ආයෙමත් අර පොසිෂන් එකේම තියල. වෙදමහත්තයා කකුල නමද්දී "පටස්" ගාල සද්දෙකුත් එක්කම බුදු අම්මෝ කියල ගුණේ මාම මර ලතෝනි දුන්නලු.  හුටා, බලද්දී  අන්තිමට කකුල කැඩිලා තියෙන්නේ දනිස්සෙන් නෙවෙයි දනිස්සයි වලළුකරයි අතර මැදින් .බත්කෙන්ද මැදහරියෙන්. මොනවා කරන්නද. ඒක ආයෙත් කෙලින් තියල එතෙන්ට බේත් බැඳලා. පස්සේ වෙන දවසක අතන හදන්නම් කියල වෙදා ගුණයව ආපහු එවල. බුවා ඒ ආව ආවාමයි ආයේ  ගියේ නෑ මරදන්කඩවල.

කැඩුන එක හරිගියාට ආයෙත් කකුල පොල්ල වගේමයි නැවෙන්නේ නෑ..  අදටත් ගුණේ මාම අත්වාරුවෙන් ඇවිදින්නේ. අටපට්ටන් වෙච්චි බයිසිකලේ යකඩ වලටද මන්දා වික්කේ. දැන් ගමනබිමන ත්‍රීවීල් වලින්. බොන එක ටිකක් අඩු කලත් නවත්තල නෑ අදටත්. වලිබර ගතිය නම් අඩුවෙලා දැන්. ගුණේ මාමගේ අත්වාරුවේ (ක්ලච් එකේ) අතින් අල්ලන කොටසේ ඉස්සරහ රතුපාට රිෆ්ලෙක්ටර් එකක් ගහල තියනවා. මගදී හම්බුනාම මම ඕක පෙන්නලා විහිලු කරනවා "ගුණේ මාමව වාහන වලට රෑක උනත් පේන්නයි ඕක ගහල තියෙන්නේ" කියල. නෑදෑ කමයි හිතවත්කමයි නිසාවට මට මුකුත් නොකිය හිනාවෙලා ගියාට වෙන එකෙක් ඕක කිව්වනම් ගුණේ මාමගෙන් හු** පදේ අහගන්න වෙනවා කියල මම හොඳටම දන්නවා...

8 comments:

  1. හැට පැන්නත් වදුර නොයයි බිමින් ජාතියෙ කතාවක් නෙව බං මේක...
    වෑල්ඩින් වෙදා ඔය කියන තරම්ම හොදද බං සජ්ජො

    ReplyDelete
  2. අනේ මන්ද බං.. ඔය කට්ටිය යන්නේ ඕසෙට...

    ReplyDelete
  3. අපේ අංකල් කෙනෙක් ඉන්නවා.අවුරුදු 70 ක් විතර ඇති. බිස්නස් තමයි කරන්නේ. මිනිහා අවුරුදු 20 ඉදලාලු බොන්න පටං අරං තියෙන්නේ. හැමදාම ගල් අරක්කු බෝතලයක් බොනවා හවසට. ඒ වගේම සිගරට් විස්සේ පැකට් එකක් වත් බොනවා. පොරට වාහනත් තියෙනවා 10 ක් ද කොහෙද. කාර්,වෑන්,ටිපර් එහෙම. කොච්චර බිව්වත් තාම කිසිම අනතුරක් නං වෙලා නෑ.

    දැන් නං ඒ අංකල් බිස්නස් සේරම පොරගේ පුතාට භාර දීලා තියෙන්නේ. ඒ පුතා හැමදාම හවසට සල්ලි දෙනවා අංකල්ට. අංකල් දැන් විස්කි බෝතලයක් තමයි ගහන්නේ හවසට.

    පුදුමේ කියන්නේ දැන් අවුරුදු 50 ක් විතර තිස්සේ අරක්කු,සිගරට් බිව්වට පොරට කිසිම ලෙඩක් නෑ. සීනි,ප්‍රෙෂර් මොකුත් නෑ. තාම හොදට ඉන්නවා. ඔය වගේ හොදට බිලා අවුරුදු 70 ක් විතර එනකන් කිසිම ලෙඩක් නැතිව ඉන්නා එකත් වාසනාවක්.

    අනික කොච්චර බිව්වත් ඒ අංකල් වෙන එවුන් වගේ බංකොලොත් උනෙත් නෑ. අංකල්ට විතරක් නෙමෙයි පොරගේ අයියලා,මල්ලිලාටත් වාහන,කඩවල් එහෙම අරං දුන්නා.

    ReplyDelete
  4. ගුණය වගේ වර්චස් උන් මාත් දෑකල තියෙනවා

    ReplyDelete
  5. සිරෝසිස් වලට ගුණේ මාමව මග ඇරිච්ච නිසා තමයි වෙන මාර්ගෙකින් වැඩේ දීල තියෙන්නෙ :)

    ReplyDelete