බ්ලොග් යාලුවෝ...
අමුතුම සම්බන්ධතාවයක්... මිතුදමක්... මතවාද ඝට්ඨනයක්...රසවින්දනයකට අලුත් අරුතක්... දිවියට දැනුම සහ
අත්දැකීම් එකතුකරගැනීමක් ... බ්ලොග් කියවන්නට සහ ලියන්න පටන්ගන්නට අඩිතාලම දාපු,
දිරිගන්වපු මගේ අතීසාර මිත්‍රයා "මුද්දා" මුලින්ම කියපු කතාව මතකයි...
"සජ්ජා.. ෆේස්බුක් කියන්නෙ
මොන %^^*&^%ද බං. පොඩ්ඩක් බලපන්
බ්ලොග් ලෝකය දිහා. අමුතුම දෙයක්.
ඇබ්බැහි වෙනවා... දාල යන්න හිතෙන්නෙ නෑ.. නොබලා ඉන්න හිතෙන්නෙ නෑ... බලපන් බොරුද කියල.. බ්ලොග් වැඩේට සෙට් උනොත් උඹ ආයෙ ෆේස් බුක් යන්නෙ නෑ..."
කතාව සහතික ඇත්ත.
බ්ලොග් කෙරුවාවට ආවට පස්සෙ බුකිය නිකන්ම අතෑරලා දැම්ම වගේ වැඩක් උනේ. බ්ලොග් ලියන සහෝදර
සහෝදරියෝ ලියන දේවල් කියවන්න රසවිඳින්න ඒ දේවල් අගයන්න, විවේචනය
කරන්න, මතවාදීව ගැටෙන්න ලැබුණු ඒ අවස්තාව මම නම් දකින්නෙ වාසනාවක්
විදියට. මම කැමති, මම ආස බ්ලොග් ටික
නොවරදවාම බලන පුරුද්ද සහ අඩුම ගානේ ඇවිත් ගියා හරි දැනෙන්න වචනයක් කොටලා යන පුරුද්ද
මොන සම්බන්ධතාවයක් නිසා ආවද , ඒ සම්බන්ධතාවය සහ ඇබ්බැහිය කොහොම
ගොඩනැගුනද කියනඑක මට නම් අදටත් ප්‍රහේළිකාවක්.
සමහරු වැරදි විදියට
දැක්කත් ඒ සම්බන්ධතාවය ඉන් එහාට ගිහින් පෞද්ගලික මිත්‍රත්වය දක්වා වර්ධනය වෙච්ච වෙලාවලුත්
තියනව. නිකමට රෑට කෝල් කරලා "අඩෝ, මොකද මේ දවස්
වල කරන්නෙ, මොනවද වෙන්නෙ" ආකාරයේ
සංවාද සහ පොඩි පොඩි ගැදරින් වලදි සෙට් වෙන වෙලාවලුත් තියනව. ඒ වගේ අවස්ථා මිස් වෙච්ච වෙලාවල් වලදී වරදකාරී හැගීමකුත් හිතට ආපු අවස්ථාවලුත්
තියනවා. බ්ලොග් ලිවිල්ලට දිරි දීපු සහ මගේ ප්‍රොෆයිලය කොන්දේසි
විරහිතව එකලස් කරලා දීපු අටම් අයියගෙ (අර පිට් එකද මොකද්ද වැඩි කමට දැන් ආමන්ත්‍රණය
කරන "අටමගේ")
වැඩේට එන්න බැරිඋන හේතුවත් මේ අන්තිමට
කියන්න යන කාරණාවට අදාලයි.
බ්ලොග් ලෝකයේ හිතවත්කම්
කොන්දේසි විරහිතව වර්ධනය වෙන්න හේතුව මට නම් හිතෙන විදියට බුකියේ තියන බොරු සෝබන, ස්ටේටස් මෙතනට ප්‍රධාන ලෙස අදාළ නොවීම
වෙන්නැති. නොදුටු, කිසිදා හම්බ නොවුනු
, ලියවිලි සහ නිර්මාණ වලින් විතරක් දැකපු අපි සමහරු අමුතුම විදියේ
සහෝදර කමකින් බැඳිල. ඒ දේවල් වලට කොන්දේසි නෑ. ඒ නිසාම වෙන්නැති මේ තරමට ලෙංගතු බවක් ඇතිවෙන්න හේතුව.
මම නම් පුද්ගලිකව අහුවෙන
හැම බ්ලොග් එකක්ම බලන එක පුරුද්දක් කරගෙන ඉන්න එකෙක් .
කියන්න තියන දේ කෙලින්ම අදහසක් විදියට කියලත් ඇති. මගේ රසවින්දන පරාසයේ හැටියට අගය කළයුත්ත අගය කරලත් ඇති. දවසගානෙ ඉස්පාසුවක් ලැබුණු වෙලාවට හැම බ්ලොගේකටම
රිංගල බලන පුරුද්ද අන්තිමට ඇබ්බැහියක් උනා. දන්න සහ නොදන්නා හැම
ලබ්බටම හොට දාන්න ගිහිං "කිච" වෙච්ච වාරත් අනන්තයි අප්‍රමානයි.
ජනේරුවේ
පටන් අරගෙන පෝස්ට් 30ක් විතර දාපු මගේ මෙව්වඑක බලන්න ගොඩ දෙනෙක් ගොඩවැදුනබව මම දන්නවා. හැබැයි ඕකෙ පැත්තක තියන වීව් කවුන්ට් එක නං ඔච්චර වැඩි වෙලා තියෙන්නෙ පිට
කට්ටිය බලපු සැබෑ ගානෙන් නෙවෙයි. මම දන්න විදියට මගේ එකට මමම
රිංගපු එව්වත් ඔය කවුන්ට් එකට එකතු වෙනවා. ඒ හින්ද ඕකෙන් බාගෙට
බාගයක් මම ආපු වාර ගණන්.
මෙච්චර වටේ යන්නෙ මේක
ලියන එක නවත්තනව කියන්න නෙවෙයි. අමාරුවෙන් පටන් අරගෙන
ඇබ්බැහියක් දක්වා වර්ධනය වෙච්ච මේ වැඩේ කොහොමටවත් නවත්තන්න මට බෑ. මේ දවස් ටිකේ
බ්ලොග් අතරෙ රවුම් ගහන්න බැරිවුනු නිසා බොහොම රසවත් සහ වැදගත් දේවල් මිස් වෙන්න ඇති. සමහර සහෘදයෝ "මොකෝ උඹ සද්ද නැත්තේ"
කියලත් අහල තිබ්බ නිසා මේ ගැන දැනුවත් කරන එක යුතුකමක් විදියට දැනුන නිසයි මේ ටික ලියන්නෙ.
ඔන්න සජ්ජත් එහෙනං අන්තිමේදි
තාත්ත කෙනෙක්
උනා. අපූරු පුංචි කෙලි පැටික්කියක් දැන් අපේ ගෙදර කිරි උරනවා, චූ දානවා, කක්ක දානවා , හීනෙන් කෙඳිරිගානවා සහ "ඔහෑ .. ඔහෑ.." කියලා අඬනවා ... ඒ දේවල්
ළඟටම වෙලා බලාගෙන අමුතුම නුහුරු ආදරණීය අත්දැකීමක් විඳින ගමන් පුංචි කෙල්ල වෙනුවෙන්
මේ දවස් ටිකේ ළඟටම වෙලා ඉන්න මට වෙන රාජකාරි කොරන්න හිතෙන්නෙම නෑ...
හිතේ තියන දේවල් කවියක්
, සිංදුවක් විදියට වචන වලට පෙරලන්න මගේ ඇති කවිකාර කමකුත් නැති නිසා
තමයි මේක ලිව්වෙත්. මේ ටිකේ මේ අමුතුම ආදරණීය අත්දැකීම බිරිඳත් එක්ක විඳගන්නම්. අයෙත් ටික දවසකින් ඉස්පාසුවක් ලැබුනම මොකක්හෝ පිස්සු
මරගාතයකුත් ලියාගෙන කට්ටිය හම්බවෙන්න එන්නම්. එතකල් ඉස්පාසුවක්
දෙන්න... කට්ටියටම ජයවේවා...
බ්ලොග ලියන්න කවද බැරිද. ඔන්න සජ්ජාට මගෙන් හදපිරි උණුසුම් සුභ පැතුම් :). ඒ වගේම අළුත උපන් පුංචි දෝනිට වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
ReplyDeleteජය වේවා!!!
බොහොම ස්තුතියි මනා... බ්ලොගේ අතාරින්නෙත් නෑ.. කොහොමහරි ඉස්සරහට වෙලාව හොයාගෙන ලියනවා දිගටම... :)
Deleteඋණුසුම් සුභ පැතුම් දූගේ අම්මිටයි තාත්තිටයි!
ReplyDeleteබොහොම ස්තුතියි කමී... ජයවේවා....
Deleteතවත් බ්ලොග් කාරියෙක් බිහි වුනා එහෙනම්... අපේ හර්දයාංගම සුභ පැතුම් මේ සමග එවමු...
ReplyDeleteබොහොම ස්තුතියි කවිඳු ... කෙළී ලොකු උනාම කැමති දෙයක් කරපුවාවේ :D
Deleteඅයිසෙ සජ්ජා, ඔය ගැම්මට හදනව කොල්ලෙකුත්
ReplyDeleteහහා.. අයිසෙ ඇනෝ... බලමු බලමු... ඉස්සෙල්ල මුන්දෑ ලොකුකරන් ඉන්නෙපැයි...
Deleteනවක දෙමව්වපියන්ට මගේ සුබ පැතුම්!
ReplyDeleteදුවට වාසනාවන්ත අනාගතයක් පතමි.
බොහොම ස්තුතියි රසික සහෝදරයා... සද්ද නැතුව හිටියට දැනුත් කට්ටිය ලියන ඔක්කොම කියෝනවා...
Deleteසුභ පැතුම්...
ReplyDeleteබොහොම ස්තුතියි ඉන්ද්‍රජිත්.. :)
Deleteසජ්ජා ,
ReplyDeleteඅලුත උපන් දරු පැටියාට මෙන්ම ඒ පැටියාට දෙමාපියන් වුනු ඔබ දෙපළටත් සුභ පතනවා. තව එකක් අඩු තරමේ අද දවසේ පවුලකට දරුවෝ 4 දෙනෙක් වත් ඉන්න ඕනෑ. පුංචි පවුල රත්තරන් කියන එක නම් පිළිගන්න එපා. එහෙම පිලි ගත් ගොඩ දෙනෙක් තම ජිවිතයේ 60 දශකයේදී අත්විඳින හුදකලාව මෙන්ම එක් දරුවකු පමණක් සිටින පවුල් තුල ඒ දරුවා විසින් දක්වන ආත්මාර්ථකාමිත්වයද මම මැනවින් දකිනවා.
සමරසේකර
අනේ සමරෙ සීයෙ ඔහේනම් ලොක්ක වගේ කියයි.
Deleteඋන්ට කන්න දෙන්න උගන්වන්න වියදම් කොරන්නෙ ඔහේද එතකොට.
ඒක ළමයෙක් විතර ඉන්න පවුලක ඒ ළමයා පරිහරණය කල ඇඳුම්,පොත්පත්, ආදිය ගැන ඔබ දන්නවානම් මෙවැනි කතා කියන්නෙ නැහැ.
Deleteසමරසේකර
//ඒක ළමයෙක් විතර ඉන්න පවුලක ඒ ළමයා පරිහරණය කල ඇඳුම්,පොත්පත්, ආදිය ගැන ඔබ දන්නවානම් මෙවැනි කතා කියන්නෙ නැහැ. //
Deleteමේ කතාව ඇත්ත තමයි. ඉස්කෝලෙට දාද්දිත් ඩොනේශන් දෙවෙනි එකාගෙන් ගන්නෙ නෑ. ටියුශන් දෙන්න ඕනෙ පලවෙනි එක්කෙනාට විතරයි . මේ විදිහට ළමයි 4 ක් ඉන්න මිත්‍රයෙකුගෙ අත්දැකීමෙන් කිවුව දෙයක් තමයි මේක.
සමරසේකර මහත්මයා.. මුලින්ම ස්තුතියි කිව්වා එහෙනං... ඔය පාළුව හුදකලාව, ආත්මාර්ථය ඔක්කොම මටත් අදාළ ඇති.. මමත් පවුලේ එකම දරුවා.. ඒ කරුමෙ නං කියලා වැඩක් නෑ.. මගේ කෙලීට නං ඒ කරුමෙ උරුම කරන්න මගේ කිසිම අදහසක් නෑ...
Deleteමාධව අයියගෙ තර්කය තනිකර ඇත්ත වෙන්නැති. මුල දරුවා හදාගන්න අමාරු උනාට ඊට පස්සෙ ඒ දේවල් වලට හුරු වීම සහ අනුප්‍රාප්තිකයන්ට මුල් දරුවන්ගෙ දේවල් වලින් යැපෙන්නට ඇති හැකියාව ගැන විවාදයක් නෑ..
පියවරුන්ගේ සංගමයේ ජාවජීව සාමාජිකත්වය ලැබූ සජ්ජාට මාගේ සුභ පැතුම්....!
ReplyDelete"පියෙකුට දුවකගෙන් තරම් සෙනෙහස කාගෙන්වත් මේ ලෝකේ ලැබෙන්නේ නෑ....!" ඒ සෙනෙහස ලබන්න වරම් ලද උඹට සහ පවුලට තෙරුවන් සරණයි.....!
බොහොම ස්තුතියි දුමී අයියා...පියවරුන්ගේ සංගමයට එක්වීමට ලැබීම සතුටක් :)
Deleteතාත්තා සහ දුව අතර බැඳීම ගැන මමත් ඒ විදියට අහල තියනවා....ස්තුතියි ආයෙත්...
සජ්ජා, සජ්ජී සහ පොඩි සජ්ජීට සුබ පැතුම්....
ReplyDeleteපුංචි දුවේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා කියලා හරි ලියහන්...
අපි කම්මැලියො නිසා මොනා හරි එක්ස්කියුසස් හොයාගන්නවා නොලියා ඉන්න..
එහෙම නොකරන් සජ්ජා මලේ...
ශෙෆාකි සහෝදරයා... බොහොම ස්තුතියි...
Deleteඅනිවාර්යෙන් ලියනවා.. ලිවිල්ල නවත්තන්නේ නෑ කොහොමටත් :)
දැනටත් මම රෑට නිදිමරනගමන් කට්ටියගෙම පෝස්ට් කියවනවා.. කොමෙන්ටු කොටන්න දත කට නලියනවා උනත් කරගන්න ඉස්පාසුවක් නෑ...
තව අවුරුදු 2-3කින් යාන්තම් වචනෙ දෙක ගැට ගගහා පඬි ටෝක් දෙනකොට තමා උඹට බ්ලොග් අතහැරලා යන්න හිතෙන්නෙ.
ReplyDeleteපොඩි දෝනිට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්!
තොට චූ කක්කා අදින්න වෙන අනාගතයක්!
හහා මධුවා...ස්තුතියි බොට...බලමු බලමු... ඒක නෙවෙයි V බ්ලොග් එක බොගේ නේද??? කියන්නෙ වත් නෑ.. හොර ගෙඩිය වගේ ඉන්නවා...
Deleteතාත්තටත්,දෝනිටත් සුභ අනාගතයක්!!
ReplyDeleteමොහොම ස්තුතියි මලියා.. :)
Deleteමගෙත් සුබ පැතුම්!
ReplyDeleteපුංචි දුවගේත් උඹලෑ දෙන්නාගේත් අනාගතය යහපත් එකක්ම වේවා.:)
බොහොම ස්තුතියි මනෝ.... ජයවේවා කිව්වා :)
Deleteසුබ පැතුම් සජ්ජා අලුතෙන් ලැබුණු පදවියට.
ReplyDeleteඑහෙනං තව ටික දවසකින් අලුත් තොරතුරුත් එක්ක ලියන්න පට්ටාං ගමු.
බොහොම ස්තුතියි ප්‍රසන්න.. :) අනිවාර්යෙන් පට්ටාන් ගන්නවා ලියන්න ළඟදීම...
Deleteඅලුත් දෙමාපිය යුවලට සුභ පැතුම්!!!!
ReplyDelete/"පියෙකුට දුවකගෙන් තරම් සෙනෙහස කාගෙන්වත් මේ ලෝකේ ලැබෙන්නේ නෑ./ (දුමී ගෙන් කොපි කරගෙන ආවෙ) මේ කතාව සහතික ඇත්ත. අපේ ලොකු ගොයියව ආසාවකට හුරතල් කරන්න බෑ ඒකටත් එක්ක පොඩි එකී ගෙදර ඉද්දි මට cm එකක් දුරින් ඉන්නෙ හයියෙන් හැරුනොත් දොඃ ගාල බිම.
මම හිතන්නෙ උඹට දරුවො රැකබලා ගැනීම ගැන පෝස්ට් එකක් ලියන්න පුලුවන් වෙයි. ආ......ඒක නෙමේ බ්ලොග් ලියන්න පුරුදු කරපු ඇනෝපිලිස් මාමව ගෙන්න ගනින් ආවතේව වැඩේට උඹ බ්ලොග් එක ලියහන් වෙනද වගේ.
අලුත් දෙමාපිය යුවලට සුභ පැතුම්!!!!
ReplyDelete/"පියෙකුට දුවකගෙන් තරම් සෙනෙහස කාගෙන්වත් මේ ලෝකේ ලැබෙන්නේ නෑ./ (දුමී ගෙන් කොපි කරගෙන ආවෙ) මේ කතාව සහතික ඇත්ත. අපේ ලොකු ගොයියව ආසාවකට හුරතල් කරන්න බෑ ඒකටත් එක්ක පොඩි එකී ගෙදර ඉද්දි මට cm එකක් දුරින් ඉන්නෙ හයියෙන් හැරුනොත් දොඃ ගාල බිම.
මම හිතන්නෙ උඹට දරුවො රැකබලා ගැනීම ගැන පෝස්ට් එකක් ලියන්න පුලුවන් වෙයි. ආ......ඒක නෙමේ බ්ලොග් ලියන්න පුරුදු කරපු ඇනෝපිලිස් මාමව ගෙන්න ගනින් ආවතේව වැඩේට උඹ බ්ලොග් එක ලියහන් වෙනද වගේ.
බොහොම ස්තුතියි මාධව අයියා.... මමත් අහල තියනවා කෙල්ලො වැඩිපුර තාත්තලත් එක්ක එකතුයි කියල. දරුවො රැකබලාගැනීම ගැන නං කියලා වැඩක් නෑ.. අපේ අම්මල තාත්තල මොනා කට්ටක් ඒ කාලේ කන්න ඇත්ද කියල හිතෙන්නෙ දැනුයි...
Deleteඅපේ ඇනෝපිලියට මේ දවස් වල සමාජ සේවා වැඩ.. ඕකට කිව්වොත් බෑ කියන්නෙ නෑ කියල නං හොඳටම ෂුවර් :)
මගෙ කෙලී ගැන සිත් ආරේ ලියලා අත ගත්තා විතරයි.. වාසනාවන්..
ReplyDeleteබොහොම ස්තුතියි සරත් සහෝදරයා... ඔන්න බලන්න මට මිස් වෙන දේවල් මේ ටිකදොහට ... බලමු. වෙලාවක් ආවම කොණක ඉඳන් බලනවා ඔක්කොම..
Deleteසජ්ජා පියාණන්ටත්, දූ සිඟිත්තියටත් උණුසුම් සුභපැතුම්.
ReplyDeleteදුවලා වැඩිපුරම ආදරේ තාත්තට. ආඩම්බර වෙයං!
බොහොම ස්තුතියි බස්සි... හහා... නැතුව නැතුව.. ආඩම්බර නොවී කොහොමැයි... ජයවේවා.. :) උඹ දැන් බොහොම සරට ලියනව පේනව මේ දවස් වල. කොමෙන්ටු දාන්නන ඉස්පාසු නැතත් කියෝනව ඔක්කොම...
Deleteතුන පත් රෑනට උණුසුම් සුපැතුම්....!!!
ReplyDeleteඋඹ නොලියන අඩුව හොඳට දැනෙනවා. ඒ උඹ දැනෙන්න ලියන නිසා...
බොහොම ස්තුතියි මාතලන් සහෝදරයා...
Deleteලිවිල්ල නං අතාරින්නෙ නෑ... මේ ටිකේ නයිට් ඩියුටි සහ නින්ද ගැන ප්‍රශ්න තියන නිසා සැරට ලියන්න දේවල් හිතට එන්නෙ නෑ... කොමෙන්ටු නොදැම්මත් කට්ටියගේ ඔක්කොම පෝස්ට් බලනවා.ඊයෙ පෝස්ට් එක බලල රෑ තනියම හිකි හිකි ගානකොට අපේ උන්දෑ අහනවා පිස්සු හැදීගෙන එනවද කියල. විභීෂණ තනියම ගේම ගහනවා දැක්ක ඊයෙ... ජයවේවා...
කෙලි පොඩ්ඩි ටත් උඹල දෙන්නටත් යහපතක්ම වේවා!
ReplyDelete// හැබැයි ඕකෙ පැත්තක තියන වීව් කවුන්ට් එක නං ඔච්චර වැඩි වෙලා තියෙන්නෙ පිට කට්ටිය බලපු සැබෑ ගානෙන් නෙවෙයි. මම දන්න විදියට මගේ එකට මමම රිංගපු එව්වත් ඔය කවුන්ට් එකට එකතු වෙනවා. ඒ හින්ද ඕකෙන් බාගෙට බාගයක් මම ආපු වාර ගණන්. //
උඹ නම් පට්ට ඩයල් එකක් මල්ලි. hats off.
ප්‍රොෆයිල් ඇනෝ... බොහොම ස්තුතියි...
Deleteඔය කතාවනෙ සහෝදරයා සත්‍යය. අපි මහා ලොකුවට කවුන්ට් එක දාගෙන හිටියට. බාගෙට බාගයයි... ඒ සුළු ගාන බලනවා කියන ඒකත් මදිද? හිට්ස් බලාගෙන පෝස්ට් දාන එකෙක් නෙවෙයි මම :) තැන්කිව් කිව්වා ආයෙත්...
අලුත් තාත්තේ තව තව අලුත් වෙවී අලුතින් ලියපං
ReplyDeleteහහා.. අනිවාර්යෙන් ලියනව කිචියෝ... ජයවේවා :)
Deleteතෙරුවන් සරණයි දෝණිට..!
ReplyDeleteසරා සුපුන් සඳ විලසින්
මල් පුබුදන හිරු විලසින්
හිත් යායට සුවඳ බෙදන්
දුවේ රටම එළිය කරන්..!!
ඉක්මනට නිදි මරපුවා ගැන හරි ලියපන් මචන්..උඹ වගේ කොල්ලෙකුත් හදල දියන්. (රටට.)
ජයවේවා..!!
හම්මේ උඹ ආයෙත් දකින්න හම්බුන එක ලොකු දෙයක්. අර පොස්ටුවෙන් පස්සෙ නැති උනාම අපි හිතුව ඉවරයි කියල. බොහොම ස්තුතියි ලබ්බෝ..කවි පද ටිකටත්. උඹලගෙ හැකියාවල් අපිට නෑ කවි ලියන්න.... උඹ ආයෙත් ලියනවා දැකීම සතුටක්...
Deleteසජ්ජා ට සහ පෞල ට විභීෂණ ගේ උණුසුම් සුබ පැතුම්...
ReplyDeleteබොහොම ස්තුතියි විභී සහෝදරයා... ආයෙත් ඇනෝ කට්ටිය එක්ක තනියම ගේම ගහනවා අපි දකිනවා.. ජයවේවා...
Deleteඋඹලා තුන් දෙනාටම යහපතක්ම වේවා. ඔතනින් නවතින්න එපා. ආයෙ බ්ලොග් ලියන්න නම් කවදා බැරිද බං.
ReplyDeleteබොහොම ස්තුතියි ඩූඩ් සහෝදරයා... අනිවාර්යෙන් අනිවාර්යෙන්... ඩෙනිම් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නැත්තේ මොකෝ? එහෙම කරන්නෙපා. දිගටම ලියමු....
Deleteඔන්න සජ්ජා පිය පදවියට මගෙනුත් සුබ පැතුම්! ආපහු බ්ලොග් ඒක පැත්තෙ එන්නෙ කොයි කාලෙද?
ReplyDeleteහැලපතුමා.. බොහොම ස්තුතියි සුභපැතුම් වලට... ලොකු කාලයක් ගන්නෙ නෑ. කොහොමහරි වෙලාව හොයාගෙන ලියනවා...මේක නවත්තන්න දැන් මට බෑ... :)
Deleteඋඹව මට තවම මුනගැහිලා නැති උනත් බොහොම ලෙංගතුකමක් දැනෙන චරිතයක්...අලුත් පදවිය පිළිබඳ මාගේ බලවත් සතුට...පුංචි දියණියක් අපේ ගෙදරටත් එකතු වෙලා දැන් වසරක්....ඒ සුන්දරත්වය විඳිනකොට උඹට ජීවිතේ සම්පූර්ණ බව දැනේවි...ජය !
ReplyDeleteඅපේ මලයා තමයි දියණියක් ගෙනාවේ...මම ඉතිං තවම දුවක් ගේන්න අම්මෙක් හොයන එකා...
Deleteසිරා... මටත් එසේමැයි... :) එක ජාතියෙ කුරුල්ලෝ එකට එකතුවෙනවා කියනවනෙ... බොහොම ස්තුතියි සුභපැතුමට... ඒ සුන්දරත්වය විඳිමින් ඉන්නවා සහ ඉස්සරහට තවත් ඒකට ඇබ්බැහි වේවි...
Deleteසිරා කොලුවාටත් ඇඹේණියක් ඉක්මනටම ගේන්න ලැබේවා...
අඩේ සජ්ජා මේක දැන් කියෙවුවේ.. සුබ පැතුම් මචෝ..
ReplyDeleteමාත් මාරම ආසාවෙන් ඉන්නේ පළවෙනි ලමයා කෙල්ලෙක් වෙනවට..
බොහොම ස්තුතියි දිනේෂ්.... පළමු දරුවා ගැහැණු දරුවකු වීම වාසනාවක්ලු :)
Deleteපලවෙනි එක
ReplyDeleteමමත් බ්ලොග් නිසා මුනුපොත අතඇරිය කෙනෙක්.
දෙවැනි එක
මට සතුට කියාගන්න වචන නෑ..දැන් උඔටත් මගේ හැගිම්මයි...පොඩි සඡ්ඡි උඔගේ ලෝකය පුරවයි...අපේ බ්ලොග් ලෝකයේ ආදරනියම හිතවතතෙක් ලගදිම තාත්තලාගේ සමාඡයට එකතු වෙනවා..
උඔලා තුන්දෙනාටම ඡය ශ්‍රි මහා බෝ හාමදුරැවන්ගෙ පිහිටයි..
මෙන්ඩා .. බොහොම දයාබරත්වයෙන් උඹේ සුභපැතුම් පිලිගන්නවා.. බොහොම ස්තුතියි මචෝ... වෙලාවක හම්බවෙමු.... ජයවේවා...
Deleteසජ්ජට මගේ උණුසුම් සුබ පැතුම්..තව ඉස්සරහට තමයි වැඩ තියෙන්නෙ හිටං... මාත් මාස අටක ඉදන් චු කක්ක අදිනවා.. හක හක .
ReplyDeleteබොහොම ස්තුතියි කොබා.... චූ කක්ක කේස් එකේ අමාරුම හරිය පහු කරලා එහෙනං... උඹලෑ පොඩි එකාටත් තෙරුවන් සරණ පතනවා....
Deleteවාසනාවන්ත පුවතක් සජ්ජෝ . මටත් ලොකු දුවගේ උපන් දවස ගැන තැබූ සටහනක් මතක් වුනා . බ්ලොගේ හිට්ස් ගණන ගැන නම් ඉතා අවංකව ලියලා තියෙනවා. අපේ කතාවත් ඒකමයි. සජ්ජා පවුලට එකතු වූ පැන්චීටත් පවුලේ හැමෝටමත් සුබ පැතුම් !!
ReplyDeleteබොහොම ස්තුතියි තිලක සහෝදරයා... මටත් කෙළී ලොකු උනාම ඒ සම්බන්ධ ලියවිලි ලියන්න පුළුවන් වේවි... :) හිට්ස් වල ඇත්ත කතාව ඕකනේ අයියා... හිට්ස් බලබලා ලියන්න ගියොත් අපි ලියන්න අදහස් කරන ඉන්න දේවල් ලියවෙන්නෙ නෑ..අපේ ඉස්ටයිල් එක මතුවෙන්නෙත් නෑ.. නැවත වරක් තුති.. :)
Deleteඋණුසුම් සුභ පැතුම්... මගේ කරබු පොස්ට් එකේදී ඔයා පැටියා ගැන කියලා තිබුනන්නේ... දැන් තේරේනවා නේද කණ විදලා කරාබු දානවා තියා ඈතට වෙලා ටිකක් ඉන්නත් කොච්චර අමාරුද කියලා .
ReplyDeleteබොහොම ස්තුතියි තුෂානි... මට මතකයි ඒ පොස්ටුව. කන විදීම පැත්තක තියමු. ඊයේ අපේ පුංචි කෙල්ලගෙන් ටෙස්ට් එකකට ලේ ගන්න එක්කන් ගියා. එහෙම මොකද්දෝ පරීක්ෂණ දැන් කරනවලු ලේ අරගෙන. දවස් හතේ පොඩි එකීගෙන් ලේ ගන්න හැටි මට බලාගෙන ඉන්න උනා. සත්තයි ලේ ගත්ත ගෑණිට ගහන්න හිතුන මට. ඒ හැගීම ගැන කියන්න වචන නෑ...
Deleteලේ ගන්නෙ තයිරොක්සින් පරීක්ෂාවට වෙන්න ඇති. ඒක දැන්ම බලන එක හොදයි
Deleteලේ ගන්නෙ තයිරොක්සින් පරීක්ෂාවට වෙන්න ඇති. ඒක දැන්ම බලන එක හොදයි
Deletecongrats & best wishes !
ReplyDeletethank you very much pra... :D
Deleteසුබ පැතුම් සජ්ජෝ...මේ කෙලි පැටික්කි දවසින් දවස උඹේ ජීවිතේ එලිය කරාවි.....
ReplyDelete(උඹ කිව්වෙ අහිතකින් නෙවෙයි ඊට වඩා ලෙංගතු වචනයක් හොයාගන්න බැරි උන නිසා)
බොහොම ස්තුතියි කැමා.... යකෝ උඹ කියන එක තරම් ලස්සන වචනයක් තවත් තියනවද.. එක නෙමෙයි පුතෝ... උඹ දැන් නොලිය හොරට ඉන්නව නේද?? ලියහන් දිගටම...
Deleteහොරට නෙවෙයි. ඔන්න ලියන්න පටන් ගත්තා.....
Deleteපරක්කුවෙලා ආවට සුබ පැතුමේ උණුහුම අඩු නැහැ මචං. නව පදවියට උණුසුම් සුබ පැතුම්...
ReplyDeleteඒ වගේම "වෙල්කම් ටු ද හර්ඩ්" කියලත් කියනවා...
බ්ලොගේ නම් මොනාද, ඇහැක් වෙලාවට කණක් වගේවත් ලියමු...
අර "ඇහැක් විදිහට කණක් අඳින්න" කියල කියපු එක මතක් උනා මේ අව් අස්සේ... හෙහ් හෙහ්...
ලොකු පුතා... බොහොම ස්තුතියි සහෝදරයා.... උඹලා ලියන එව්ව කියෝනව අනිවාර්යෙන් කොමෙන්ටු දාන්න ඉස්පාසු නැති උනත්... අත නලියනවා මුකුත් නොකොටා ඉන්න බැරුව....
Deleteඅනිවාර්යෙන් අනිවාර්යෙන් ඇහැක් විදියට පොල් ඔයන්න බැරිනම් අඹ බයන්න හරි ලියනවා දිගටම :)
ඉතිං අළුත් තාත්තේ, චුටි දූ සිඟිත්තිටයි ඔයාල දෙන්නටයි සුබ පැතුම්, පලවෙනි දුව වාසනාව කැන්දන් එනව කියන්නෙ. චූටි දුවගේ ජිවිතෙ එළිය කරන්න එයාට ලෝකය කියල දෙන්න දෙපයින් හිටගෙන ජීවිතේට මුහුණ දෙන්න හය්ය හත්තිය ඔයාට ලැබේවා කියලා පතනවා
ReplyDeleteබොහොම ස්තුතියි හංසමාලි...
Deleteදැන් ඉතිං නිදියන්නත් වෙලාවක් නෑනේ පොඩ්ඩි ගේ දෙක වෙන්න බෙරිහන් දෙනකොට...අලුත් ලිපියක් ලියමු.
ReplyDeleteමෙන්ඩ .. උඹ දන්නෙ නෑ මේ දවස් ටික ගෙවන විදිය.. නිදාගන්නේ දවසට පය තුනයි...
DeleteSubha pethum sajjo.. Jaya wewa.. Subha..!!
ReplyDeleteස්තුතියි ටික්කා ... :)
DeleteMy congratulations bro. Keep it up
ReplyDeleteස්තුතියි දමිත් අයියා...
Deleteසුබ පැතුම් !
ReplyDeleteස්තුතියි මහේෂ්....
Deleteගොඩක් පමා වෙලා ආවේ . සුබ පැතුම් සජ්ජා. මුළු පවුලටම.
ReplyDeleteස්තුතියි අජිත් අයියෙ.. :)
Deletehttp://nelumyaya.com/?p=3141
ReplyDeleteසුභපැතුම් සජ්ජා
ReplyDeleteජයෙනුත් ජයවේවා!
ස්තුතියි වර්ණ... :)
Deleteපොඩි ලිපියක් හරි ලියපන්...පොඩ් සඡ්ඡි ගැන හරි...
ReplyDeleteඅනිවාර්යෙන්... හෙට දාන්නම්කො :)
Delete