ජයවේවා කියල පටන්ගන්නම්..


ඉස්සරකාලෙ ශිෂ්‍යත්ව පංතියෙන් රචනා ලියන්න ඉගෙනගත්තට පස්සේ එක එක හීන පස්සේ දුවන්න වෙනු නිසා ලිවිල්ල එහෙමම නැවතුණා. දුවලා දුවලා මට්ටු වෙලා අන්තිමට ඉගෙනගත්ත දේවල් පැත්තක තියෙද්දී හීනෙන් වත් නොහිතපු දෙයක් ජීවත් වීම වෙනුවෙන් කරන්න වුණේ අන්තිමට.
ඒ අතරේදී බුකියේ හිතට එන දේවල් කොට කොටා ඉන්න කොට, ඒවා කියවන්න අදහස් දක්වන්න කට්ටිය රොක් වෙනවා දැකලා හීනි සතුටක් ලැබුවා. එකේ ඉන්න උන්ගෙන් ආපු පොඩි තල්ලුවටයි ඉස්කෝලේ කාලේ එකට හිටිය එකෙක්ගේ මගපෙන්වීමටයි පින්සිද්දවෙන්න ඔන්න මමත් දැන් බ්ලොග් කාරයෙක්ලු!!!

එදිනෙදා ජීවිතයේදී හම්බවෙන මිනිස්සු, සමාජයේ විවිධ පැතිකඩවල්, මුහුණදීපු අමුතු අත්දැකීම් ගැන අමුතු විදියට බලලා ඒ ගැන කොටන්න පොඩි උත්සාහයක යෙදෙන්නයි බලාපොරොත්තුව.
සාර්ථකත්වය කෙසේ වෙතත් කරලම බලමුකෝ.මහලොකුවට ලියන්න දන්නා එකෙක් වත් , හෙන පොරක් වත් නෙවෙයි මං. හිතට එන නිදහස් අදහස් ඔහේ ලියල දානවා. ගැළපීම් සහ ව්‍යාකරණ වල දහසක් අඩුපාඩු තියෙයි. අඩුගානේ කව්රුහරි කියවල බලලා බණින්නේ වත් නැතෑ....

8 comments:

  1. එල කිරි... මගේ සුබ පැතුම්... දැන් ඉතින් දිගටම ලියන්න තමා තියෙන්නෙ ...

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යන්න බලාපොරොත්තුවෙනවා දිගටම... තාම නිකන් පිස්සු වගේ... බලල කොමෙන්ට් කොටනවට ඉස්තුතියි.....

      Delete
  2. එහෙනං ඉතින් ලියහං රෙද්ද

    ReplyDelete
    Replies
    1. ටැංකිවු :D ලියන්නං ලියන්නං

      Delete
  3. ජය වේවා !!! වැඩි වැඩියෙන් ලියන්න හැකි වේවා !!!

    ReplyDelete
  4. එල මචන්... දිගටම ලියපන්... අපිත් එනවා කියවන්ඩ..... ඕං එහෙනං අපේ සුබ පැතුම්....

    ReplyDelete