අද බොමුද..??



"ඔයත් ගන්නවද?"  මගුල් ගෙදරකට ගියාම අරක්කු බෙදන පුද්ගලයා ලඟට ඇවිත් හෙමින් අහන්නේ ඒ විදියට. අහල තියනවද "ඔයත් බොනවද" කියල අහනවා?? එහෙම අහන්නේ නොරුස්නාකමකුත් එක්ක. එහෙනම් "ගම්මු", "ගන්න ගන්න", "ඔය මදිනේ අප්පා, තව ටිකක් දාගන්න". එහෙම බැලුවම අරක්කු බොන්නේ නෑ ," ගන්නවා"."




මත්පැන් සම්බන්ධයෙන් වෙනමම භාෂාවක්ද ඇතුළුව අලුත් සංස්කෘතියක් ගොඩනැගිල තියනවා.අරක්කු කව්රුත් බොන්නේ නෑ.. අරක්කු "බොනවා", කියල කියන්නේ බොහෝදුරට එකට විරුද්ධ වෙන ගෑනු සහ නොබොන එවුනුයි බිව්වත් බොන්නේ නෑ කියල පෙන්නගෙන ඉන්න එවුනුයි.


සෙට් වෙමුද?" ඒ කියන්නේ බොමු කියන එක. "දෙකක් දාගත්තම ඕක හරියයි". අප්පටසිරි "දාගන්නවා" කියන්නෙත් බොනවා කියන එකට එතකොට."ඊයේ නං  දෙකක ඇනගත්තා". ඇනගන්නවා කියන්නෙත් බොනවට."මචන් උඹ ගසනවද?" "ගසමු ගසමු" . ගසනවා කියන්නෙත් එකටයි එතකොට.සමහරු  ඇඩ්මිට් වෙනවා, ඔන්ද ස්පොට් වෙනවා, ආ ඒ බීල වැඩි උනාම. බිව්වම වමනේ දාන්නේ නෑ , දාන්නේ "කබරයා".

බොනවද  කියල ඇහුවම දෙන උත්තරෙත් අහන පුද්ගලයා මත වෙනස් වෙනවා. යාලුවෙක් ෆිට් එකක්, සෙට් වෙන එකෙක් ඇහුවොත්, "කෝ දැන් තියනවද එහෙනම් සෙට් වෙමු" කියනවා වගේම ටිකක් ආගන්තුකයෙක් ඇහුවොත් "නෑ ඉතින් ඔය පාටියකට වෙඩින් එකකට ගියාම නම් ඉතින් දන්නැද්ද පොඩ්ඩක් ගන්නවා" කියලයි කියන්නේ.


සමහරුන්ට නොබොන එක අවුල්. "අපෝ මලපෙරේතය අරක්කු ටිකක් වත් බොන්නේ නෑ." . එහෙමයි කියන්නේ.  සමහරුන්ට බොන උන් අරහං ." නෙදකින් බේබද්දෝ , උන් හිතන් ඉන්නේ මහලොකු වැඩක් කරනවා කියල", එහෙමයි බනින්නේ. සමහරුන්ට බොන එක ෂෝ එකක්. ඒ හන්ද තමයි බාගයක් හිස් වෙච්ච වීදුරුවක් ටිකක් පහල වෙන්න අල්ලාගෙන ගත්ත ෆොටෝ අපි ෆේස්බුක් එකේ දකින්නේ. කොහොම උනත් බුදුන්ගේ කාලෙත් තිබ්බ බීම එක එක විදියට විකාශය වෙලා අනාගතේටත් එක එක විලාසිතා සංස්කෘති  එක්ක ඉස්සරහටම යයි.





බිව්වම මිනිස්සු හැසිරෙන විදිය විවිධාකාරයි. සමහරු බීපුගමන් ඉංග්‍රීසියෙන් කතාකරන්න පටන්ගන්නවා. සමහර එවුන් හිනාවෙනවා ඉවරයක් නෑ.. බහුතරය වලියට බරයි. සමහරු එකට බීල ගහගන්න කතාකරනවා. සමහර එවුන් හොටු පෙරාගෙන අඬනවා , උන්ගේ පරණ ලව් සීන් මතක් වෙලා. තව සමහරුන්ට යාළුකම වර්ධනය වෙන්නේ බිව්වම."මචන් උඹ මගේ බොක්ක හැමදාමත්" කිය කිය බදාගෙන මූණ ඉඹල මූණේ හොටු ගාන්නේ ඒ වගේ එවුන්. බිව්වම "මෝල්" වෙන කොට්ඨාසෙකුත් ඉන්නවා. කොටුවක් පනින්නමයි උන්ගේ කල්පනාව බිව්වට පස්සේ. බීපුගමන් සංගීත රසය ඔලුවට දැනිල සින්දු කියන්න පටන්ගන්නෙක හැමෝටම පොදුයි. කියන්නෙත් එසේ මෙසේ සින්දු නෙවෙයි, සම්භාව්‍ය ශාස්ත්‍රීය ගීත.ගොඩක් වෙලාවට එක එකාට අවේණික සින්දුවක් තියනවා. බකිංහම් පැලස් එකට ගියත් මුලින්ම කියන්න පටන්ගන්නේ ඒ සිංදුව. ඒ දවස් වල එකෙක් හිටියා ඌ වෙන කාටවත් සින්දුවක් කියන්න දෙන්නේ නෑ උගේ සින්දුවමයි කියන්නේ .වෙන එකක් පටන්ගත්තොත් අරූ උගේ සින්දුව මැදින් කියන්න ගන්නවා. ඒ නිසා ඌ ඉන්න වෙලාවට අපි සින්දු කියන්නේ නෑ. ඉළ ඇදෙන කතන්දර ගොන්නක් අඩු වැඩි විදියට අපි හැමෝ ගාවම තියනවා මේ සම්බන්ධව.

මම මෙතන වටෙන් ගොඩින් ඇවිල්ලා මතුකරන්න හදන්නේ පොඩි තර්කයක්. මිනිස්සු බොන්න පුරුදුවෙන අවස්ථා දෙකකට බෙදන්න පුළුවන්. කොලු කාලේ  (අවුරුදු 16-21) බොන්න පුරුදුවීම එකක්. අනිත් එක තමයි ජොබක් එහෙම කරනගමන් බොන්න පුරුදුවෙන එක. කොටින්ම කිව්වොත් අම්මල තාත්තලාගේ සල්ලි වලින් බොන එක සහ තමන්ගේ සල්ලි වලින් බොන එක. අතිශය වැරදි වැඩක් උනත් මම කලේ ඔය දෙකෙන් පලවෙනි එක. ඔය දෙකේම අවේනික විශේෂ දේවල් තියනවා. 


පලවෙනි එකේදී බොන්න සල්ලි හොයාගන්න ඕනේ මුලින්ම. පොකට් මනි, නැත්තන් ක්ලාස් ෆීස් වලින් බොහොම අමාරුවෙන් තමයි වැඩේට එන්ටර් වෙන්න වෙන්නේ.මදි නම් යාලුවන්ගෙන් "ලොන්තේ" දාල හරි කීයක්හරි එකතු කරගන්නවා.සල්ලිත් හොයාගත්තයි කියමුකෝ . බොන්න තැනක් හොයාගන්නත් ඕනේ. ගොඩක් වෙලාවට නිදහස් තැනක් හොයාගන්න හෙන අමාරුයි. එක්කෝ කොහෙහරි බඩවැටියක, එහෙමත් නැත්තන් වතුරපාරක් අයිනේ, ගෙදර අම්මල තාත්තල වැඩට යන යාලුවෙක්ගෙ ගෙදරක , තැනක් නැතිම උනොත් සොහොනක හරි කමක් නෑ පාඩුවේ වැඩේ කරගන්න තියනවනම්. මට මතකයි එකපාරක් සික්කොන්ගෙන් බේරිලා  නුවර උඩවත්ත කැලේ ඇතුලටත් කලිසම අස්සෙ ගහගෙන "වයිට් ඩයමන්ඩ්" බාගයක් අරන් ගියා. ආ තව දෙයක්, ඒ කොලු කාලේ කොල්ලන්ගේ ජනප්‍රියම බීම වයිට් ඩයමන්ඩ්.ගඳ නෑ සහ ස්ප්‍රයිට් බෝතලේක දාගෙන යතහැකි , හොයන්න බෑ.


අනිත් එක තමයි කොල්ලොන්ට බොන්න වෙලාවක් හොයාගන්න එක. එක්කෝ පන්ති, එක්කෝ ඉස්කෝල. ඉතින් කට් කරන්නම වෙනවා. ඉස්කෝල කට් කලොත් යුනිෆෝම් එක ප්‍රශ්ණයක්. ක්ලාස් කට් කරලා බිව්වත් බොහොම පරෙස්සමට , මොකද මූණ බැලුවම පේනවා මුන් නම් හුජ්ජ කොල්ලෝ කියල. වැඩිහිටියෙක් දැක්කොත් අම්මල තත්තලටත් එක්ක බනින්නේ. පොලිසියට කිව්වොත් කූඩුවේ.


අම්මප එහෙම බැලුවම කොච්චර දුෂ්කරක්‍රියාවක්ද ඒ දවස් වල කරලා තියෙන්නේ...සල්ලිත් හොයාගෙන වෙලාවකුත් හදාගෙන, තැනකුත් සෙට් කරගෙන බිව්වම කියමුකෝ. අනික තමයි අමාරුම වැඩේ.. වෙලාවට ගෙදර යන එක සහ අම්මට අහුනොවෙන්න ඉන්න එක. කාපන් පුතේ ඉතිං හැක්ස් ටොපි, වෙරළු කොළ, පේර කොළ,බීපන් පුතේ නෙක්ටෝ.වෙරි ගතිය වැඩිනම් ෆාමසියෙන් අරං බීපන් ඩෙක්ස්ට්‍රෝස්. 


ඒ දවස් වල රෑවෙලා බීල ගෙදර අවම පොඩි "ට්‍රිකස්" එකක් කලා හොඳට මතකයි. අම්මනේ දොර අරින්නේ, ලඟින් ගියොත් බඩු මාට්ටු. ඒක නිසා ඇවිත් දොරට තට්ටු කරලා පටස් ගාල මිදුලට ගිහිං මල් පඳුරකට චූපාරක් දානවා. ඒ වැඩේ ඉවරවෙනකොට අම්ම දොර ඇරලා ඇතුලට ගිහින්. සුටුස් ගාල ගෙට රිංගනවා ඒ වෙලාවේ. මූනට මූණ සෙට් වෙන්නේ නෑ නේ. නිදාගන්නකන් අම්මා සහ මා අතර පරතරේ දුරස්ව පවත්වාගෙන යනවා... දැන් කල්පනාවෙනකොට ඒ කාලේ බොනවා කියන එක පුදුම දුෂ්කරක්‍රියාවක්...





දෙවැනි සෙට් එක... රස්සාවක් එහෙම කරලා සල්ලි හම්බකරනගමන් යාලුවොත් එක්ක ප්‍රොෆෙෂනල් විදියට බොන්න පුරුදුවෙච්ච සෙට් එක. මේ කාන්ඩේට අර කලින් කිව්ව ප්‍රශ්න ඒ තරම් බලපාන්නේ නෑ...  සල්ලි කොහොමත් තියනවා ( ආර්ථික ගැටළු තිබුනට) තැනක් සෙට් කරගන්නවා කියන්නේ සිම්පල්, වෙලාවකුත් ඉතින් හොයාගන්න වැඩි අමාරුවක් නෑ.. බීල ගෙදර යන එකේ ඒ තරම් ගැටළුවකුත් නෑ..( පොඩි පොඩි බර බර නම් ඉතින් තියෙයි, ඒ උණාට ගෙදරින් දොට්ට දාන්න තරම් භයානක තත්වයක් උදාවෙන්නේ නෑ..) එහෙම බැලුවාම බොහොම නිදහස් වාතාවරණයක බොන්න පුරුදුවෙච්චි උදවිය මේගොල්ල.  


මේ අතරමැද ඉන්න කොටසුත් ඇති.කොහොමිං කොහොමිං හරි කමක් නෑ මේ ටික කියාගන්නයි මෙච්චර වෙලා තැටමුවේ. බොනකොට බොන ලිමිට් එක තේරුම්ගන්න බැරුව කුදාර්වෙලා ඇඩ්මිට් වෙන්නේ ගොඩක් වෙලාවට දෙවැනි කාන්ඩේ. බීල ගුටිකෙලගන්න යන්නෙත් උන්මයි. ඔය තියරිය සමහර වෙලාවට වෙනස් වෙන අවස්ථාත් තියනවා. ඒ උණත් බොහොම ආඩම්බරෙන් කියන්නේ... කොල්ල කාලේ ඉඳන් බීපු එකාට කන්ට්‍රෝල් එකක් තියනවා අනිත් උන්ට වැඩිය...

(ඡායාරූප අංතර්ජාලයෙනි)

55 comments:

  1. මාත් ඔය උඹ කියන 16 කාලෙදි බොන්ඩ ගත්තා එහෙන් මෙහෙන් හැබැයි මං හම්බ කරල . ඒ කනේ මේ තාමත් වගතුවක් නැත්තේ

    ReplyDelete
    Replies
    1. මමත් ඔය පලවෙනි සැට්ටෙකේ තමා... ඒත් ගන්නකොට කුදාර් වෙන්නම ගහනවා... හොරට බීල පුරුදුම නෑ....

      Delete
    2. හොරට බොන එකෙත් අමුතු ආතල් එකක් තියනවා...බලන්ගියාම උඹල පට්ට බේබද්දො ටිකක්නේ... :D

      Delete
    3. බේබද්දොත් මනුශ්ෂයෝය

      Delete
    4. හප්පා එහෙම කියන්ඩ එපා.. STF එකෙන් වෙඩිතියල මරයි...

      Delete
  2. අරක්කු බොන උං බොනකං ආතල් ගන්නව
    ;උං බීල ඉවර වුණාම කරන කියන දේවල් බලල නොලොන උං ඊට වඩා ආතල් ගන්නව
    හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ් උඹ දැන්ම බිලාද ?

      //උං බීල ඉවර වුණාම කරන කියන දේවල් බලල ''නොලොන'' උං ඊට වඩා ආතල් ගන්නව//

      Delete
    2. ඔව් එහෙමත් එකක් තියනව තමා.... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ නොබොන එවුන්ට වමනේ අදින්න වෙන එකයි, ගෙවල් වලට ගිහිං බස්සල එන එකයි... එකපාරක් මරු වැඩක් උනා.. එක්කෝ ඕන් නෑ... කතාවකට එකතුකරලම මේකේ කොටලා දාන්නම්...

      Delete
  3. ඔබගේ බොලෝග් අඩවිය අපගේ ගල් බලකායේ නිල අඩවිය වශයෙන් පිලිගැනිම සදහා ඉදිරි දිනකදි සියලු බේබද්දන්ගෙ එකතුවෙන් සාකච්චා වට කිහිපයක් පැවැත්විමට තිරනය කර ඇත..
    බ්‍රෑන්ඩ් එක ගල්..
    මමත් බොන්න පටන් ගත්තෙ බිග් මැච් වලදි එතකොට මම 8 හරි 9 පංතියේ.

    ReplyDelete
    Replies
    1. ඔං... මගේ ජන්දේ දැන්ම දුන්නා.

      Delete
    2. සලකලා බලන්න ඕනෑ ....දැනටම අපේ කැඳවුම් කරු අල්ලස් අරන් වගේ .(නැත්නම් බාගෙකට සාමාජිකත්වය දෙයිද ? )

      Delete
    3. //මමත් බොන්න පටන් ගත්තෙ බිග් මැච් වලදි එතකොට මම 8 හරි 9 පංතියේ.//
      නිතරගයෙන් සබාපති පට්ටම දෙනවා ,

      Delete
    4. සඡ්ඡා මේ කන පලා ගන්න හදන්න එපා..මෙච්චර අමාරැවෙන් ගත්ත සභාපතිකම තෝට දෙනවද?.
      එහම තමයි මචං අපි බොන්න ඔනේ ලබන ආත්මෙටත් එක්ක නිකන් හරි උඔ ලබන ආත්මේ මුස්ලිම් රටක ඉපදුනා..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. //නිකන් හරි උඔ ලබන ආත්මේ මුස්ලිම් රටක ඉපදුනා// හුකෑස්
      මෙන්ඩෝ බය හිතෙන කතා කියන්න එපා බන් ...
      ගල් නැති ලෝකයක් අනේ අම්මෝ ...

      Delete
    6. අනේ මචෝ මට සභාපතිකම් එපෝ.... හහ් හා...

      Delete
  4. ඕ යේස්... මම නං හා හා පුර කියලා ගහන්න ගත්තේ ඕලෙවෙල් වලට පාඩම් කරනකොට....!!

    ReplyDelete
    Replies
    1. ආ...මෙය අපේ සංගමයේ විධායක අධ්‍යක්ෂක
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  5. මමත් පලවෙනි සෙට් එකේ ..රෑට ගොයම් මඩවන කොට කිතුල් රා උස්සලා බිලා තමයි දෙය්යනේ කියලා අත්පොත් තැබුවේ ..දැන්නම් බොන්නේ නැ ...ඕ යේස් .
    එත් බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. කිතුල් රා කියන්නේ අවුසදයක් නේ.... හම්මේ... මීමුරේදී කිතුල් රා හොයන්න බැරිවෙලා හොරෙන් ගහකටත් බඩගෑව එකපාරක්....

      Delete
    2. //..දැන්නම් බොන්නේ නැ ...ඕ යේස් .//

      පච...පච...පච...පච පච...පච...පච...පච පච...පච...පච...පච
      පච...පච...පච...පච පච...පච...පච...පච පච...පච...පච...පච
      පච...පච...පච...පච පච...පච...පච...පච පච...පච...පච...පච
      පච...පච...පච...පච පච...පච...පච...පච පච...පච...පච...පච

      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. හෙමින් කියපන් බන් ...ඔෆිස් එකේදී බොන්නේ නැ කියලා කිව්වේ ...අනික මට එහෙම කියන්න පිස්සුවක් තියෙනවායැ හිටන්

      Delete
  6. පලවෙනි සෙට් එකේ ඉදල දෙවෙනි සෙට් එකට ආව එකෙක් විදිහට මම සබාව අමතන්නම්.
    දුෂ්කරක් ක්‍රියා කරලා බීල ( අවුරුදු 19 සිට 23 දක්වා ) බීල ඒක නැවැත්තුව. ඊට පස්සෙ කසාද බැදලා ,ළමයි හදල ,ගෙවල් හදල වාහනයක් අරන් අවුරුදු 36 දී ආපහු බොන්න ගත්ත. දැන් 40 උන හන්ද ආයෙමත් කොන්ට්‍රෝල් එකේ බොන්නෙ .
    මේ දේවල් ටික කිවුවෙ දැන් දකින සමහර කොල්ලො හින්ද හම්බකරන සේසතම බාර් එකට පුජා කරලා නාස්ති වෙනව.
    පලවෙනි අදියරේ ඉදන් දෙවනි අදියරට ආවත් වෙනස් නොවුන දේවල් දෙකක් තිබුන එකක් බොන්ඩ ආසම වේලක්, ඇලක් දොළක් අයිනෙ නිස්කලංකව , අනික බ්‍රෑන්ඩ් එක " ගල් ".

    ReplyDelete
    Replies
    1. මෙන්න පොරවල් ....එලද බ්‍රා
      ග .බො .සේ වෙනුවෙන් මගේ ආචාරය

      Delete
    2. මම 19 ඉදන් 27 වෙනකල් බීල නවත්තල දැන් අවුරුදු 5ක් .. ගෑණු ගන්න අවුරුදු 2කත කලින් නැවැත්තුවේ... නැත්තන් කියයි ගෑනිට බයේ කියල...මමත් ඔබතුමා වගේ වෙයිද දන්නේ නෑ... මොකදබන් හැම එකාම බ්‍රෑන්ඩ් ගැන කියවන්නේ..??

      Delete
    3. //ගෑනිට බයේ කියල // යාළුවෙලා ඉද්දිම බීල මාට්ටු වෙලා , චාටර් වෙලා හිටියෙ. නැවැත්තුවෙ අත්‍යවශ්‍ය දේවල් වලට සල්ලි මදි වෙන නිසා. අද ඉදන් පැට්‍රොල් වලින් ඉතුරු වෙන ගානෙන් බෝතල් 5ක් විතර ගන්න පුළුවන් වෙයි .
      බ්‍රෑන්ඩ් එක ගැන කියවන්නෙ අපි ගල් බලකායේ යාවජීව සාමාජිකයො හින්ද .

      Delete
    4. මෙන්න මගෙත් ආචාරය
      එල ද බ්‍රා
      බ්‍රැන්ඩ් එක ගල්
      මේ ලගදි මනෝෂයා එවපු මේලක තිබුනා බිලා කතා කරන එවාගෙන් 75% ඇත්ත කියලා..
      බ්‍රෑනඩ් එක ගල්

      Delete
    5. පිස්සුද මං කිව්වේ මං ගැන එහෙම හිතයි කියල. උඹ ගැන නෙවෙයි... ආ.. ඒකත් එහෙමද... ජයවේවා.. ඒ දවස් වල හරි,,,,,,, බ්‍රෑන්ඩ් එක ගල්!!!!

      Delete
  7. අනික තව දෙයක් කියන්න ඕන... මේ දවස් වල මට අසනීපයි.. ඒ නිසා උඹල ඔක්කොගෙම බ්ලොග් කියවලා උත්තර දෙන්න බැරි වේවි... බෙහෙත් බිව්වම මරුන වගේ නින්දා යන්නේ. දවල් දවසම ගල් වලේ වැඩ බලනවා. අව්ව දුවිල්ල එක්ක පන යනවා... ඒ හන්ද සමාව භාජනය කරනවා. දෙන සපෝට් එකට ඉස්තුතියි. ඉදිරි දවස් වල සක්‍රීයව දායක වෙලා මගෙ අදහස් උඹලගේ බ්ලොග් වලටත් දාන්නනම්... එතකල් ඔලුවට එන එන විකාර ටික ලියන්න බලන්නම්. පුළුවන් නම් මට නිමිති ටිකක් කියපල්ලා ඒ ගැන ලියන්න. බොක්කෙන් ඉස්තුති කරනවා මේ දෙන සප් එකට...

    ReplyDelete
    Replies
    1. මේ ලියන ලිපි මතෘකා හොදයි මචං..අමුතුම ගතියක් තියනවා..
      පුලුවන් හැම වේලාවකම ලියපන් අපි එනවා.

      අපේ සඡ්ඡාව ඔබගේ බෝලොග් රෝල් වලට එකතු කර ගන්නා ලෙස ඉල්ලමි..

      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. බොහොම ඉස්තුතියි.... බ්‍රෑන්ඩ් එක ගල් :D

      Delete
    3. // ගල් වලේ වැඩ බලනවා.// අනේ වාසනාවන් , මෙන්ඩයි මමයි පත්තරයයි සිංදුවයි එන්නම් ගල් වලේ පීනන්ඩ. නිමොට වලේ ඉදන් බින්දු දෙක තුනක් ගහපුවාම ඇති .

      Delete
    4. මේ දවස් වල වේලෙනවා... වහින කාලෙට වරෙල්ල....

      Delete
  8. පහුකාලෙක ඇඩ් එකක් නිසා බීමට "ස්ටෙලා" වෙනව කියලත් කියන්න ගත්ත.

    මම බොන්න ගත්තෙත් 10 පන්තියෙ විතර ඉඳල. ඒව ඒ කාලෙට කරන්න ඕන. දැන් ලිවර් එක අවුල් වෙලා බීම අන්තිමට අඩු කරල තීන්නෙ.

    ඔය ගල් තේ කෝප්පෙට දාන පින්තූරෙ දැක්කම මතක් උනේ, එක පාරක් මගෙ යාලුවෙක් ඉතාලියෙ ඉඳල නිවාඩුවට ඇවිත් ඌට බොන්න ඕන වෙලා පෝය දාකම. කරන්න දෙයක් නෑ, පස්සෙ ගියා ගල්කිස්සෙ මගෙ යාලුවෙක්ගෙ බීච් රෙස්ටොරන්ට් එහෙකට බෝට් හවුස් කියල. ඒකෙ උන් අපිට බියර් තේ පෝච්චියක දාල ගෙන්ත දුන්න. අපි අනේ තේ පෝච්චියෙන් තේ පොනව ඩින්ග ඩින්ග තේ කෝප්පෙට වක්කරගෙන, අතර මැදට මස් තීරු, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හප හප...හැක්..

    ReplyDelete
    Replies
    1. මෙන්න කොල්ලෝ..
      එල ද බ්‍රා
      අපේ සංගමයේ නම රැක ගත්තාට අපගේ ආචාරය..පාන් වල අරක්කු පොගවලා බිපු කොල්ලෝ
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. අප්පටසිරි.. ස්ටෙලා අමතක වුණා... ඉස්පිරිතාලේ ඉන්නකොටත් උණුසුම් බෝතලේට අරක්කු ගෙන්නන් බොන එවුන් ගැනත් අහල තියනවා... ජයවේවා....

      Delete
    3. අනේ පලයන් යන්න මං දැක්ක ඊයෙ ප්රෙදත් බෝතලයක් වටකරගෙන ඉන්නව :)

      Delete
  9. මතක හැටියට බිව්වේ මුලින්ම සාමාන්‍ය පෙළ ඉවර වෙලා ගෙදර ඉන්නකොට.., පස්සේ උසස්පෙළට පාඩම් කරන කාලේ ටිකක් බොන්න ගත්තා ... දැන්නම් රස්සාවක් කරලා ගානක් හොයාගෙන මාසෙට සැලකිය යුතු වාර ගණනක් බොනවා , වෙරි වෙන්නේ නැති සීන් එකක් තියෙන නිසා ටිකක් වැඩියෙන් බිව්වත් කවදාවත් ලිමිට් පැනලා නැහැ ..බිලා කා ඉස්සරහවත් චා ...වෙලා නැහැ , ඉදිරියේදී බොහෝ දුරට බීම පාලනය වේවි.(එහෙම හිතනවා )

    ReplyDelete
    Replies
    1. හප්පා.. වෙරි වෙන්නැති උනාම වියදම සැරයිනේ...මූඩියක් පෑගුණත් වෙරිවෙනවානම් එක තමයි වාසනාවන්තකම...

      Delete
  10. යකෝ මුන් හරියකට කරල තියෙන්නේ බොන එක විතරමනේ..හැක් හැක්..
    උඹ ලියන විදිය රසවත්..ඒක නිසා අව්වේ කරවුණාට බෙහෙත් බිව්වට කමක් නෑ ඇවිත් ලියපන්..:P

    ReplyDelete
    Replies
    1. දැන් නම් අසාධ්‍යයි .. පුළුවන් විදියට කොටන්නම් මේ ටිකේ.... බොහොම ඉස්තුතියි ප්‍රතිචාර වලට...

      Delete
  11. අපි නම් අහන්නේ අද මොනවා හරි කරනවද කියලා

    කලින් බොන්න පටන් ගන්න එක හොඳයි කියලා මන් හිතන්නේ එහෙම අය පහු වෙනකොට ගානට බොනවා, පහු වෙලා පටන් ගන්න අය කලින් ඇරියසුත් අල්ලන්න බොන්නේ

    ReplyDelete
    Replies
    1. ආ එකත් එක විදියක් තමා..අමතක උනා ඒක ....

      Delete
  12. brand eka Double Black , api posh harida

    ReplyDelete
  13. උඹේ ලිවිල්ල .ලස්සනයි බන්.තව තව මාතෘකා ගැනත් ලියපන්.ජයවේවා

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යනවා බං.. දිගටම දාන්නම්.. ඉස්තුතියි..

      Delete
  14. උබ කියපු කතාව ඈත්ත. ඉස්කෝලේ කාලේ පුදුම දුකක් වින්දේ බොන්න. අපේ ගෙදර තාත්තගේ කොට තියෙනව. මම ඔකට වතුර දදා ගහනව. ඒ දවස් වල අපේ ගෙදර හිටිය මගේ සීයගේ මල්ලි. අපි කලු සීයා කියන්නේ.
    ඉතින් ඔය මනුස්සය තමා මාට්ටු වෙන්නේ හොරෙන් බීලා කියලා

    තව මගේ පොඩි කුපාඩි වෑඩක් තිබ්බා. මම කාලේ බොතලයක් හන්ගල තියෙනව කෞරු හරි නෑතිවෙනකල් බොන්න. හින්දි සින්දුවක් දාගෙන ඒ දවස් වල මගේ ලවු එක ගෑන හිත හිතා බොනවා

    ඔය බෝතලේ මම හන්ගන්නේ මොකාටවත් හොයාගන්න බෑරි තෑනක.
    කොහෙද දන්නවද?
    කොමඩ් එකේ වතුර තියෙන ටෑන්කියේ. ඕක ගලවල හයි කරන්න මට ලොකු වෙලාවක් යන්නේ නෑ.ශොපින් බෑග් එක්ක දාල සීල් කරන්නත් ඕනේ

    ReplyDelete
    Replies
    1. යකෝ තෝ අම්බ බේබද්දෙක්නේ බලාගෙන ගියාම ඒකාලේ ඉඳන්ම......

      Delete
  15. බොන එක කොච්චර මරුද මචෝ. මෙ ලගදි මම් ලන්කාවට අපු වෙලේ ගල් 3/4 බීවා, එකෙක් එක්ක ගිනි මද්දහනෙ. බීලා ඉවර උනේ හවස පහට විතර, නිදාගත්තා පහුවදා වෙනකම්. ඔය ගෙදර දොරට ගහලා චූ කරන එකේ ඒ කාලෙත් අපි කලා තත්තා ගෙන් බේරෙන්න

    ReplyDelete