ජංගි හොරුන්, බූලන් සමඟ හිල්මන්ලා



2005 අවුරුද්දේ එක දවසක උදේ 7ට විතර  මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ න්‍යායික දේශනශාලාවේ ඉහල මහලේ ඉඳන් පාර දිහා බලන් ඉන්නකොට දැක්ක සිද්ධියකින් මාතෘකාවට පිවිසෙන්නම්. කැලණිතිස්ස බලාගාරේ ගාව බේස්ලයින් පාර පටන්ගන්න හන්දියේ මිනිස්සු ගෑනු කඩිසර ගමනින් පාර පනිනවා, පදික වේදිකාවේ කලබලයෙන් ඇවිදගෙන යනවා, පෙට්ටි කරත්ත තල්ලුකරන් යන මිනිස්සු, පොඩි පොඩි වෙළඳාම් වල යන මිනිස්සු, හිඟන්නො  නානාවිවිධ උදවියගෙන් පේමන්ට් එක පිරිලා..පේමන්ට් එකෙන් මෙපිට අපේ බිල්ඩිම පැත්තටවෙන්න පොඩි පඳුරු, ගස් වලින් පිරුණු පහත් බිම්කඩක එක මනුස්සයෙක් ගහකට මුවා වෙලා පේමන්ට් එක දිහා බලන් ඉන්නවා. 

මූ හොරෙක්ද, එහෙමත් නැත්තන් වෙන මොනවහරි කරන්න හදන එකෙක්ද කියලා විමසිල්ලෙන් බලන්නත් එක්ක මෑන්ව හොඳට පේන තැනකට ඇවිත් මමත් බලාගෙන හිටියා වෙන සිද්ධිය. අවපාට වෙච්ච සරමකුයි කමිසයකුයි ඇඳගෙන හිටිය ඒ මනුස්සයාගේ පරණ බයිසිකල් කටුවත් ඒ අසලම පෙරළිලා තිබුනා. ටික වෙලාවක් යනකොට පේමන්ට් එක දිගේ එතනින් කාන්තාවක් ඇවිදගෙන ගියා.. එත් එක්කම ඒ අකුළෙන් මෑත් වෙච්චි මෑන් ඒ දිහා බලාගෙන සරම අස්සෙන් අතදාගෙන වෙනමම වැඩසටහනක් පටන්ගත්තා. අපේ සෙට් එකටත් වැඩේ දැනුම්දීලා කට්ටියම බලාගෙන ඉද්දිම ඒ වැඩේ දිගටම කෙරුණා. පාරේ එතනින් ගෑණියෙක් යනකොටම මූ ඒ ගෑනිට පෙන්නගෙනම ඒ වැඩේ කරලා අයෙත් පහලට ඇවිත් අකුළ අස්සෙ හැංගෙනවා. දෙතුන්පාරක් බලාගෙන ඉඳලා බැරිමතැන අපි හූ කියලා මූව පන්නගත්තා.



ඒ කියපු විදියේ "show man" ලාට හේතුව මොකක්ද කියල නොදන්නවා උණත් ගමේ ගොඩේ කියන්නේ "බූලෝ" කියල. ගම්බද පාරවල් වල බොහෝ වෙලාවට මෝටසයිකලෙන් යනගමන් පාරේ තනියම යන ගෑණු පරාණයක් දැක්කම අහලපහල කව්රුත් නැත්තන් කලිසම ගලවල තමුන්ගේ "මහා පුරුෂ ලක්ෂණේ " ඒ ගෑණිට පෙන්නුම් කරන බූලෝ ගැන ඉඳහිට හරි මටනම් අහන්න හම්බවෙනවා. එහෙම එවුං පන්නල අල්ලාගෙන හොඳටම නෙළපු අවස්ථාවලුත් තියනවා. මට හිතෙන විදියට තමුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගන්න නොලැබෙන නිසාවට ඇතිවෙන අසහනය හේතුවෙන්  "බූල්" කමට මිනිස්සු ඇබ්බැහි වෙනවා වෙන්න ඇති. සමහර විට මේ දේ මානසික ව්‍යාධියක් වෙන්නත් පුළුවන්. දොස්තර කෙනෙක් නොවුනත්  ඇහෙන දැකපු , සහභාගී වෙච්ච සිද්ධියක් නිසා එහෙම ලෙඩක් ඇතියි කියල මට හිතෙනවා.


එක දවසක් අපේ නැන්දා  කෙනෙක් තාත්තට කෝල් එකක් දුන්නා "අයියේ , මේ බූලෙක් මට පාරේදී පෙන්නලා ගියා.. අපේ කෙනා ඔන්න ඌව අල්ලන්න ගියා , අනේ පොඩ්ඩක් එන්නකෝ" කියලා. අපි දෙන්නා පට ගාලා එතෙන්ට ගියා. අපි යනකොට කට්ටිය බූලාව අල්ලාගෙන. හොඳටම සලකලා. අපි එතනට එනකොටත් මාමා ඌට සළකනවා. එකම ගාලගෝට්ටියයි. මූ කියනවා එහෙම පෙන්නුවේ නෑ ම කියලා.එතෙන්දි එක කොල්ලෙක් ඌට ගහන්න යද්දී උද්යෝගෙයි වේගෙයි වැඩිකමටද මන්දා අත තුවාළ කරගත්තා ඌට ගහපු ෂොට් එක එතන තිබ්බ ලයිට් කණුවේ වැදිලා. ඔන්න අපේ තාත්තා සීන් එකට එන්ටර් උනා . " උඹ දැන් මෙයාට පෙන්නුවේ නැද්ද?" අරූගෙන්. "පිස්සුද අනේ, මං එහෙම කලේ නෑ , මේ ගෑනිට පිස්සුද කොහෙද" ." නංගියේ මූ එහෙම පෙන්නුවද?" නැන්දගෙන්. " ඔව් අයියේ මූම තමයි අර ගල අයිනේදී කලිසම ගලවගෙන මට කතාකලා " . අයෙත් බූල් මෑන්ස් දිහාට හැරුණු තාත්ත " මේ මගේ නෑදෑය , දැන් තෝ කියන්නේ මට තෝ කියන එක විශ්වාස කරන්න කියලද" කියල අහපුගමන් දුන්නා කණ හරහා එකක්.  පාරෙ සැර වැඩිකමට ඌ ගහ කැපුවා වගේ බිම වැටුණා. (අපේ තාත්ත උස මහතයි. ෆිට් එකට සමහර  වෙලාවට  මගේ පිටට දාන තට්ටුවෙත් සැර දන්න මගේ කණත් එවෙලෙ කීං ගෑවා) නැගිට්ට විතරයි බුවා "අනේ ගහන්න එපා මම එහෙම කළා තමයි" කියල වැඩේ පිළිගත්තා. ඊට පස්සේ කව්රුත් පොරට ගහන්න ගියේ නෑ.. ගෑණු ටික නම් තොර තෝංචියක් නැතුව කච කච ගගා ඌට බැන්න පොලිසියෙන් එනකල්ම. පොලිසියෙන් බූලව අරන් ගියාට පස්සේ මාමත් ගියා ඒ පස්සෙන්. දඬුවම් නොකළත් ඒ මනුස්සයාගේ  පවුලේ උදවියත් ගෙන්නලා අවවාද කරලා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්න කියල නිදහස් කරලා.



 මාමා ඇවිත් විස්තරේ කිව්වා. ඒ මනුස්සය කසාද බැඳපු එකෙක්. පොඩි දුවෙකුත් ඉන්නවලු. මිනිහගේ පවුලත් ලස්සනයිලු. පොලිසියට කිව්වලු ඒ පුරුද්ද නවත්තගන්න අමාරුයි, එකෙන් ලැබෙන දේ හරි අමුතුයි කියල. බලාගෙන ගියාම මේවා මානසික ලෙඩ. එහෙමම කියල නොසලකා හරින්නත් බැරි , මුන් පෙන්නන කාන්තාවට ඇතිවෙන තිගැස්මට  , ලැජ්ජාවට  , බයට කව්ද එතකොට වගකියන්නේ? අනිත් දේ තමයි පෙන්නලා විතරක් නිකන් ඉඳියිද එහෙම නැත්තන් අපචාරය දූෂණයක් කරන්න පෙළඹෙයිද කියන එක. මිනීමැරුමක් උනත් වෙන්න ඉඩකඩ තියනවා මේ දේවල් වලින්.
කොහොමින් කොහොමින් හරි මං කියන්නේ බූලෝ , එහෙමත් නැත්තන් show-man ලා ගමෙත් ඉන්නවා, නගරෙත් ඉන්නවා කියනඑක.

මේ මාතෘකාවට අදාළ තවත් වර්ගයක් තමයි "බැල්මෝ". ඒ කියන්නේ හොරෙන් ගෑනු දිහා බලාගෙන ඉන්න එවුන් (බැල්ම දාගෙන ඉන්න එවුන්) . උන්ව ""ලා  කියලත් සමහරු හඳුන්වනවා.   හිල්මන් කියන්නේ අර ප්‍රසිද්ධ පරණ කාර් වර්ගය නිසා නෙවෙයි. නාන කාමර, නිදන කාමර, සහ පෞද්ගලිකත්වයෙන් යුක්තව හැසිරෙන ඕනෑම තැනක "හිලකින්" බලාගෙන ඉඳල යම්කිසි වින්දනයක් ලබන උදවිය නිසා.නාගරික පරිසරයේ  බොහෝවිට මේ පුද්ගලයන්ගේ දෘෂ්ටික ප්‍රහාරයට ලක්වෙන්නේ ඒ වගේ තැන් වුනත් ගම් වල මේක සිද්දවෙන්නේ බොහෝවිට නාන ළිං ගාව.ග්‍රාමීය පරිසරයේ නාන ළිං සංස්කෘතිය අවට තියන ලඳු කැළෑ ,මේ බැල්මන්ගේ තිප්පොළවල්. නාන ළිං ගාව ගෑණු නානවා හොරෙන් බලන් ඉඳලා මාට්ටුවෙලා ගෑනුන්ගෙන් අඹරපු තෙත රෙදි පාරවල්, බාල්දි පාරවල් කාපු බැල්මො ගැනත් කලාතුරකින් අහන්න ලැබෙනවා. ගම් වල ඔය වැඩේට ෆේමස් වෙච්ච පොරවල් ඉන්නවා. උන්ට ඒ ගැන ලැජ්ජාවක් නෑ. මෙතැනදී වෙන භයානකකම වෙන්නේ , බොහෝදුරට ගම්බද පරිසරයේදී සිද්ධවෙන අපචාර, ස්ත්‍රී දූෂණ ආරම්භ වෙන්නේ ගමේ නාන ළිඳ ගාවින් වීම. මුලින් බලාගෙන ඉඳලා තමයි පස්සේ ඒදේ  අපරාධයක් බවට පත් වෙන්නේ. 




අද කාලේ කොල්ලෝ කෙල්ලෝ ක්ලාස් කට් කරලා පන්සල් යන ට්‍රෙන්ඩ් එකකුත් පටන් අරගෙන. බොහෝ විට එකට තෝරගන්නේ ආරණ්‍ය සේනාසනයක්. ඒ කියන්නේ කැළෑවක් මැද තියන පන්සලක්. කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් පරම පාරිශුද්ධ පුණ්‍ය චේතනාවෙන් පන්සල් භූමියට ඇතුල්වෙලා ඊට පස්සේ වෙන් වෙන්ව  ජෝඩු විදියට  කැඩෙනවා. ඊට පස්සේ නිදහසේ පෙම්සුව විඳින්න තුරුවදුල්, ගල් ගුහා අස්සට රිංගනවා. මං ජීවත්වෙන ගමට අල්ලපු ගමෙත් මේ විදිහේ විවේක සේනාසනයක් තියෙනවා. ඉරිදා,සෙනසුරාදා, පෝය දින වලට පංති යන කොල්ලෝ කෙල්ලෝ රංචු පිටින් අපේ ඉසව්වෙන් පයින් පන්සල් යනවා මං නිතර දකිනවා. ප්‍රේම කරන්න, තනිවෙන්න ලොකු වියදමක් යන්නෙත් නෑ.. බස් ගාස්තුව විතරයි. කව්රුහරි දැක්කොත් යන චේතනාවත් පාරිශුද්ධයි. බලන් ගියාම හෙන සිම්පල් වුනත් ටැක්ටිකල් ප්ලෑන් එකක්. පන්සල් ගිහිං දුෂ්කරක්‍රියා කරන්නත් පටන්ගත්ත කියමුකෝ. ඔන්න ඉතිං බැල්මන්ට කියාපු පරිසරේ.. ඔය වැඩේටම ප්‍රසිද්ධ බැල්මෝ කීපදෙනෙක්ම ඉන්නවා අල්ලපු ගමේ. ගස් සහ ගල් වලින් ගහණ අදාළ පන්සලේ හැංගිලා ඕන දෙයක් කරන්න පුළුවන් වගේම, බැල්මන්ට හැංගිලා ඒ කරන දේවල් බලන් ඉන්නත් පුළුවන්. කතාවට කියන්නේ බැල්මෝ දෙතුන්දෙනා ඕවා බලන් ඉන්නේ ස්නයිපර් වෙඩික්කාරයෝ කොළ, පඳුරු වලින් ඇඟ වසාගෙන ඉන්නවා වගේ වසන් වෙලා කියලයි. කෙල්ලෝ කොල්ලෝ ප්‍රමාණය පන්සල් කැළෑවේ සංඛ්‍යාත්මකව වැඩි උනු දවසට කැලේ බෝවිටියා පඳුරු ඇවිදින්න පටන්ගන්නවා කියලයි කතාවට කියන්නේ. ඒ තරමට බැල්මෝ. එක පාරක් එහෙම ගල්තලාවක් උඩ ඉඳන් පහල ජෝඩුවකගේ ක්‍රියාකාරකම් බලන් ඉඳපු එකෙක් උද්යෝගේ වැඩිකමට තවත් ලංවෙලා බලන්න ගිහිං ගලෙන් බිමට පෙරළිලා කැඩුම් බිඳුම් වෙදකම් කරන්නත් වෙලා තිබ්බ. විහිළුවට කියන්නේ ඌ වැටුනේ පහල හිටපු ජෝඩුවේ කොල්ලගේ පිට උඩට කියල. ඔය පන්සලේ එහෙම හැසිරෙන ජෝඩු වලින් බලාගෙන ඉඳලා කප්පම් ගන්න එවුනුත් දෙතුන්දෙනෙක් ඉන්නවලු. බැල්ම දානවා මදිවට කප්පමුත්....



මේ කැටගරියේම තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි ජංගි හොරු.එක කාලයක් තිබුණා කාන්තාවන්ගේ යට ඇඳුම් රෑට වැලක දාල තියන්න බැරි. උදේ බලනකොට හොරු උස්සලා. අහල පහළ ගෙවල් කීපයකම ඔය වැඩේ උනා. මට හොඳට මතකයි පහල ගෙදරක නැන්දා කෙනෙක් බොහොම තරහෙන් සැරෙන් ඔය ගැන කාත් එක්කද මන්ද කියා කියා බණිනවා. යට ඇඳුම් හොරකම් කරන එවුන් ඒවා ගෙනිහින් මොනවා කරනවද කියල අදහසක් නැතත් ඒවා ඇඳගෙන හෝ කිසියම් වින්දනයක් ලබනවා ඇති. එක පාරක් ජංගි හොරෙක්ව මාට්ටු උනා. ඒ බැල්ම දාන්න ඇවිත්. ඒ ගෙදර කෙල්ලෝ කෑගහනකොට වටපිටේ කට්ටිය එහෙන් මෙහෙන් ඇවිත් මූව අල්ලගත්තා. දෙකතුනක් සලකන්න පටන්ගන්නකොට මුගේ සරම ගැලවුණා. මෙන්න බඩු!! පිරිමි නිරුවත කාන්තා යට ඇඳුමකින් වහගෙන.. හොඳට අතපය හිරි ඇරගෙන ඌට යන්න ඇරියත් පස්සේ අපිට දුකත් හිතුන. ඔය වර්ගයේ මිනිස්සුන්ට කොච්චර ගැහුවත් ලැජ්ජාවක් නෑ . අයෙමත් එක පටන්ගන්නවා  කාලයක් යටපත් කරගෙන හිටියත්. බැලුවම ඉතින් මානසික ගැටළු. 



අපි අන්නාසි වගාවක් දාන්න නෑදෑයෙකුගේ වත්තක කැළෑව එළිකරනකොට දවසක් ඔය යාළුවෙක්ගෙ තිප්පොළක් හම්බවුණා. එතන පොඩි ගල් ගුහාවක් වගේ තැනක්. කැළෑවෙන් වැහිලා තිබුනේ. බැලුවම එක එක වර්ගයේ කාන්තා යට ඇඳුම් තොගයක් . සමහර ඒවා වටේට එල්ලගෙන . විශ්වාස කරන එකක් නැහැ, කාන්තා  පත්තර වල වෛද්‍ය ගැටළු ලිපි ඇතුළත් පත්තර කෑලි ( යකෝ වල්  පත්තර , නිරුවත් පිංතූර  නම් හිතතහැකි , එත් මෙව්වා?!!!) තොගයකුත් තිබුණා. තේරුම් ගන්න පුළුවන්ද අසහනයක තරම?



ගමේ කොල්ලෝ අපි ඔය ජාති තුනේම එවුන්ට අල්ලාගෙන ගහලා අතපය හිරි ඇරගෙන තියනවා.. එක අතකින් බැලුවම පව්. මානසික දුර්වලතාවක්  නිසාවට හරි, තමන්ට අහිමි දේවල්  අනියම් ආකාරයකින් හෝ ලබාගැනීමට උත්සුක වීම හේතුකරගෙන මේ දේවල් වලට මිනිස්සු පෙළඹෙනවා ඇති.  එහෙමයි කියලා මේ පුද්ගලයින්ව නොසලකා හරින්න බැහැ. මොකද මොවුන්ගේ ඉලක්කය කාන්තාවන්. මොවුන් වෙලාවක් ඇසිල්ලක් ලැබුණු සැණින් කාන්තාවක් ගොදුරක් කර නොගනීවි කියලා කාටද කියන්න පුළුවන්?? එහෙම බැලුවම මේකත් සමාජ ප්‍රශ්නයක්. කාටද ඒත් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන්??  අනේ මන්දා..... ඔය ඇති....

24 comments:

  1. අඩේ,1 වසරෙදි මාවත් බූලෙක් වෙලා තියනවා.මගේ අහවල් 1 ෂිප් එකට අහුවෙලා හෙන විජ්ජුම්බරයක් වුනා.ගමෙන් භාගයක් අපේ ගෙදර.

    ReplyDelete
    Replies
    1. ඔය විජ්ජුම්බරේ පිරිමි පරාණ හැමෝටම වෙලා තියනවා බං. මටත් දෙතුන්වතාවක්ම. යට ඇඳුම් නොඇඳ ෂිප් කලිසන් අඳින එකේ විපාකේ..

      Delete
  2. දෙන වදවල හැටියට උන් එක්ක මල පනිනව තමා බං ඕසෙට , ඒ උනාට පව්

    ReplyDelete
    Replies
    1. පව් තමයි බං .. එත් වෙලාවේ හැටියට ගහන්නමයි හිතෙන්නෙ. පස්සේ තමයි පව් කියල හිතෙන්නෙ.

      Delete
  3. ගහන්නේ නැතුව මොකක් හරි වෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ ප්‍රතිකාර කරන්න. නැත්නම් අර ලන්ඩන් වල පීප් කරනන් තියෙන තැන හරි ඇම්ස්ටර්ඩම් වල ජනෙල කාමර වගේ ටිකක් කොළඹ පැත්තේ හදල දුන්නනම් හරි නීතිගත කරලා. කට්ටිය බල බල ඉඳියි. බොරු කියන්න ඕනේ නැහැ මාත් ගියා ඒ පැත්තේ මොකක්ද කියල බලන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම තැන් තියනවද ? පොඩ්ඩක් දැනුවත් කරන්න...

      Delete
  4. මේවා මානසික ලෙඩ තමයි. නමුත් ඒ ක්‍රියා මගින් වෙනත් අයට කරදර වීම නිසා යම් දඬුවමක් ලැබිය යුතුයි. නමුත් නීතිය අතට ගන්න යන එක නම් ඉතා වැරදියි.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ සමීප කාටහරි එහෙම උනාම තදවෙනවනේ එ වෙලාවට. ඇත්ත. වැරදියි ගහන එක. අනේ මන්ද.

      Delete
  5. ඔවු නේද අපි පනතක් සම්මත කරල දාමු දැන් my3 යුගය නෙ

    ReplyDelete
  6. සාජ්ෙජ්

    අැත්තට ම මචං ඔය මානසික ගැටලු සහිත මිනිස්සු.. උන්ට ගහන්න නෙමෙයි ඔ්න ප්‍රතිකාර.... ඒ ගැටලුව තේරුම් අරන් ඒකට උත්තර හොයලා දෙන්න පුළුවන් මිනිස්සුයි අවශ්‍යය.... උන්ට තේරුම් කරලා දෙන්න ඔ්නේ යට අැදුම් උස්සන්න ගිය වෙලාවක මිනිස්සු හොරෙක් කියලා අල්ලං ගහලා පොලීසියට දුන්නොත්......

    අනික මේ මිනිස්සුන්ගේ පවුල් ජීවිතය සහ ලිංගික ජීවිතයත් අසාර්ථකයි... ඒ ගැන හිතලා ඔවුන්ට උදව් කරන්න හැකි නම් වටිනවා..............

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං . මානසික ගැටළු තමයි. උඹ කියන කතාව හරි. ගම් වල නම් ඔහොම චාටර් වෙච්ච එවුන්ට ආයෙ ගහනවා අඩුයි. ඕක නවත්තන්න වැඩපිළිවෙලක් ඕන. පොලිසියෙන් ඒක කෙරෙන්න ඕන. මොකද මුන්ව අන්තිමට අල්ලලා දෙන්නෙ පොලිසියට.

      Delete
  7. මේවට ඉතින් ප්‍රතිකාර කරනවා ඇරෙන්න ගහල වැඩකුත් නැ.. . කොරන වැඩ වලට නොගහත් බැ.. අහවල් එකට කොටු පාර දෙකක් දීල හදන්න බැලුවොත් නරකද...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් නැත්තං දිමි ගොට්ටක් දාන්න ඕන අහවල් එකට.

      Delete
  8. රටේ ලොකුම ප්‍රශ්ණය නම් දේශපාලකයින් ද මේ ආකාරයට හැසිරීමයි!
    https://www.facebook.com/LankaTrueNews.LTN/photos/a.369726126413324.98483.369549889764281/884285474957384/?type=1

    !!!

    ReplyDelete
    Replies
    1. ඔව් උනුත් එහෙම වෙනවා තමා වෙලාවකට..

      Delete
  9. ඈත්තටම මටත් ඔය බෑල්මොන්ගෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා බන්. ඔය කාලේ කලූතර අපිට නොමිලේ ලවු කරන්න තිබ්බේ කෑලිඩෝ බීච් එක විතරයි . ඒකේ පතොක් පදුරු අස්සේ ඉන්නව ඔකුන්

    ReplyDelete
  10. //මානසික දුර්වලතාවක් නිසාවට හරි, තමන්ට අහිමි දේවල් අනියම් ආකාරයකින් හෝ ලබාගැනීමට උත්සුක වීම හේතුකරගෙන මේ දේවල් වලට මිනිස්සු පෙළඹෙනවා ඇති. එහෙමයි කියලා මේ පුද්ගලයින්ව නොසලකා හරින්න බැහැ. මොකද මොවුන්ගේ ඉලක්කය කාන්තාවන්. මොවුන් වෙලාවක් ඇසිල්ලක් ලැබුණු සැණින් කාන්තාවක් ගොදුරක් කර නොගනීවි කියලා කාටද කියන්න පුළුවන්?? //
    සහතික ඇත්ත..පෙන්නලා යන එක හරි කියමුකෝ..ඊටප්ස්සේ ෆලෝ කරන්නයි අල්ලන්නයි ලෑස්ති නොවෙයි කියලා කටවත් සහතිකයක් දෙන්න බෑ..මතකනේ කෝච්චියේ වඩේ කාරයා කෙල්ලෙක්ව ෆලෝ කරලා දූෂණය කරල මැරුව හැටි...

    ඔන්න මචං විසඳනවා නම් ප්‍රශ්න..

    ReplyDelete
    Replies
    1. මේ වගේ සුළුවෙන් දැකල හිනාවෙන දේවල් වලටත් ආණ්ඩු වල අවධානය යොමු වෙන්න ඕනෙ. සමාජයෙ තියන ප්‍රශ්න ලොකු උනත් පොඩි උනත් , ඒවත් ප්‍රශ්න. බලල විතරක් නිකන් ඉන්නේ නෑ. ෆලෝ කරලා කාන්තාවන්ගේ අඟපසඟ මිරිකලා දුවන එවුනුත් ඉන්නවා. ඊට පස්සේ තැනක් වෙලාවක් සෙට් උනොත් දූෂණය කරනවා. එතනිනුත් එහාට ගිහිං ඝාතනය කරනවා. ලංකාවේ අවුරුද්දකට කාන්තාවෝ කී දෙනෙක් ඔහොම මැරෙනවද? කීදෙනෙක්ව දූෂණය වෙනවද? කීදෙනේක්ග් අඟපසඟ මිරිකනවා ඇත්ද? කීදෙනෙක්ට පෙන්නනවා ඇත්ද? කොච්චර හොරෙන් බලන් ඉන්නවා ඇත්ද?
      උඹ කිව්වා හරි මේවත් විසඳනවා නම් ප්‍රශ්න තමයි.

      Delete
  11. මාතලන් ඔය ජාතියේ එකෙක්. පේරදෙනියෙ මෙඩිකල් ෆැක් එක ලඟ කෝච්චි පාරෙ ඉඳලා අහුවුනා ,ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. උඹ මාතලන් එක්ක තරහද බං?? උගේ දේශපාලනේ එක්කද තරහ??

      Delete
  12. ඕක ඉතින් මට නම් සතිපතා ලැබෙන නිව්ස් අප්ඩේට් එකක් අපේ ගෑනිගෙන්. ඌකුන් වද කරන්න කොච්චර ට්‍රය් කලාද. වැඩේ කියන්නෙ ගිනි පාන්දර උඩ තට්ටුවෙ බැල්කනි එකේ මල්පැල වලට වතුර දානකොට පාරෙ එක්කෙනෙක් බිසිකල් එක නවතතගෙන හොන්දටම වැඩ. මම හොරෙන් යටින් ගිහින් හෝස් එක ඇල්ලුවා තාප්පෙ උඩින්. ගියා කියන්නෙ බොනිෆස් පෙරේරා පරාද කරන්න තිබුනා ගිය යෑමට. ඕක නවත්තන්න බැරි නිසා වතුර දාන එක නැවත්තුවා. අපේ පාරෙ ඇත පහල තියන ගමක ඉන්න මානසික ලෙඩ්ඩු. මුලු පාරටම ඕක හරිම ප්‍රශ්නයක් නිසා පොලිසිය දැන් පට්‍රොල් යනවා. දැන් නම් ටිකාක් අඩුලු.

    ReplyDelete