ජෙප්පන්ට චන්දය දෙන්නට හිත හදාගන්ඩ බැරි ඇයි...???


ලෝක දේශපාලන ඉතිහාසයේ කුරිරුතම ඝාතකයා ඇඩොල්ෆ් හිට්ලර් ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබයි. හිට්ලර් පිරිසිදු ජර්මානුවන් මරාදමුවේ නැත... ලෝක යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් තමන්ගේ රටේ තමන්ගේම රුසියානුවන් ස්ටාලින්ගේ අණින් ඝාතනය කෙරිණ. මාවෝ සේතුං තමන්ගේම චීනුන් ලක්ෂගණනින් ඝාතනය කළේය. පොල්පොට්ලා ගැන කතන්දර අනවශ්‍යය. ඇමරිකාවට කෙළීමේ ආනුභාවයෙන් "හෝ මාමා" වියට්නාම් වීරයෙකු වූවද උන්දෑගේ ජීනොසයිඩ් අකවුන්ට් එකත් පොඩි නැත. අල්ලපු රටේ සිටිමින් ඇමරිකාවෙන් මේ වනතුරුත් ගේම ඉල්ලන අසහාය නායක "ෆිඩෙල් සහෝදරයා"ගේ දෑතද හිතනා තරමට පිරිසිදු නැත. උතුරු කොරියාවේද තත්වය ආතල්ය. සමාජ අසාධාරණය වෙනුවෙන් නැගීසිටි පීඩිත පන්තිය පන්ති මට්ටම් සම කරන්නට යාමේදී ඊට එරෙහි සියලු බළවේග මුලිනුපුටා දැමීමට ඔවුන් කිසිවිටෙක මැළි වුයේ නැත. ඊනියා ධනවාදය, පුද්ගලවාදය, ඒකාධිපතිවාදය මිනී මැරුවේ යම්සේද, කොල්ලකෑවේ යම්සේද සමාජවාදීන් එය පරයා යමින් කොල්ලකෑ අයුරු මිනී මැරූ අයුරු ඉතිහාසයේ අපූරුවට සටහන්ව ඇත. ලෙනින්ලා, සටාලින්ලා සහ අනුප්‍රාප්තිකයින්  ධනවතුන් මංකොල්ලකා, ජනතාව වහල් සේවයේ යොදවමින් තැනූ, කේජීබී මාෆියාවෙන් නිරන්තර සංස්කරණයට ලක්වූ "සෝවියට්" රුසියාවේ ආඪ්‍යත්වය විජේවීරලාට මැජික් එකක් වන්නට ඇත. "රුසියාවෙත් එහෙම තමයි" කියමින් උන්ගේ තියරිය මෙහෙට ආරූඪ කරන්නට ගොස් විජේවීරලා දෙපාරක් පුක බිම ඇනගත්තෝය. උන්ගේ බීම වොඩ්කා වූවද අපේ එවුන් බොන්නේ කසිප්පු බව විජේවීරට මැරෙනතුරු අවබෝධ වූයේ නැත.




සෝවියට් රටෙන් ආනයනය කල විෂබීජය හොඳින් වර්ධනයවන මාධ්‍යයක් සොයාගැනීමට විජේවීරලාට අපහසු වූයේ නැත. ගැටවරයන්ගේ "මොරාල්" විප්ලවවාදී විෂබීජයෙන් වර්ධනය වූයේ බලාගෙන ඉඳිද්දීය. සෑම මනුෂ්‍යයකුටම සිත් තුළ වදදෙන කිසියම් ප්‍රශ්නයක් ඇත. ඒ කුමක්හෝ වේවා, එය සමාජ අසාධාරණය හේතුකොටගෙන සිදුවන බව ඔවුනට ඒත්තු ගැන්වීම පහසුය.  විජේවීරලා "ටච් කළේ" ඒ "හොට් ස්පොට්" එකය. එකම විසඳුම විප්ලවයය. විප්ලවයක් සිදුකිරීමට සහ සාර්ථක කරගැනීමට පසුබිම් සකස්විය යුතුය. අතිශය අසාධාරණ පාලනයක් පවතින රටක ජනතාවට කෑම බීම පවා නොමැතිව දුක් විඳීමට සිදුවීමෙන් "ජීවත් වෙනවාට වඩා මැරෙනවා හොඳයි" යන තැනට ජනතාවක්, සමාජයක් පත්ව ඇත්නම් එතැන විප්ලවයක් කිරීමට සුදුසු වාතාවරණයක් පවතී. ජෙප්පන්ගේ විප්ලව දෙකේදීම රට තුළ  එවැනි වාතාවරණයක් පැවතියේ නැත.
 
තරුණ අසහනය ඕනෑම රටකට, ඕනෑම තැනකට පොදු කාරණාවකි. වයස 16, 18 ට එළඹෙන ගැටවරයා කොහේ සිටියත් කිසියම් අසහනයකින් පෙළීම ස්වභාවික කාරණාවකි. තම පියාගෙන් පවා "ගේම ඉල්ලීමට" පසුබට නොවෙන  ආවේගශීලී, ආක්‍රමණශීලී තාරුණ්‍යය විප්ලවවාදී චින්තනයට නතුකරගැනීම ඉතා පහසුය. විජේවීරලා පාලු ගෙවල් තුළ, ලඳු කැලෑ මැද විප්ලවීය මොළ ශෝධනය සිදුකිරීමේ ආනුභාවය 71 දී සහ 89 දී මැනවින් පිළිබිඹු විය. මුලා වූ තාරුණ්‍යය මහජන දේපළ වලට හානි සිදුකරමින් උණ්ඩයෙන් ප්‍රශ්නකරන්නට ගොස් උණ්ඩයෙන්ම පිළිතුරු ලද්දේය. රජයට විරුද්ධව එන කැරළි මර්දනය කිරීමේ අයිතිවාසිකම සුරැකීමේදී කිසිවකට සම්බන්ධ නොවූ අවිහින්සකයන් මෙන්ම විප්ලවීය මොලශෝධනයට ලක්ව මංමුලාවූ තාරුණ්‍යයද සංහාරයට ලක්විය. ජාතියේ කරුමයට, 71 දී පාඩම් ඉගෙන නොගත් විජේවීරට 88දී යලිත් වරක් තරුණයන් මුලා කිරීමට අවස්ථාව උදාවිය.
 
කොහොමින් කොහොමින්හෝ වේවා ජවිපෙය විප්ලවීය සමාජවාදී සළු ගලවා ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවිෂ්ඨ වී තිබෙනු පෙනේ. තර්කානුකූලව වචන හසුරුවන , ආදර්ශමත්ව නායකාරකාදීන් හැසිරෙන, ආකර්ෂණීයව රැස්වීම් රැළි පවත්වන, බුද්ධිමත් නායක සමූහයකින් මගපෙන්වනුලබන ජවිපයක් නූතන දේශපාලන ප්‍රවාහය තුල විද්‍යමානවේ . නූතන ජවිපය එක එක අතකින් බැලූ විට හොඳ රංගන ප්‍රතිභාවකින් පිරි නළු පිරිසකි. කටුස්සන් පාට මාරු කරනවා මෙන් ප්‍රතිපත්ති මාරු කරන්නට දක්ෂය. තමන්ට ආගමක් නැතැයි කියූ, සිද්ධස්ථාන වල නිදන් හෑරූ  ජෙප්පන් අද අටපිරිකරද මල් වට්ටිද සමග මහා නායකවරුන් බැහැදකී. 88-89 ගැන සමාව අයදින ජවිපය පොඩ්ඩ එහෙමෙහෙ වූ ගමන් "අපිටත් ආයුධ හුරුයි, ගේම නම් ගේම" යනුවෙන් වහසිබස් දොඩයි. උගත් බුද්ධිමත් කම පෙන්නන්නට ජාතික ලයිස්තුවේ පවා ආකර්ෂණය පතයි. අවංකකම පෙන්නන්නට පඩි නොලබයි. හඳුන්නෙත්ති කියූ පරිදි උන්දෑට අඳින්නට කමිස ගෙනත් දෙන්නේ පාක්ෂික යාළුවෙකි, කන්න බඩු දෙන්නෙ පොලේ එළවලු විකුණන පාක්ෂිකයෙකි, නොමිලේම කොන්ඩේ කපන්නේද පාක්ෂික බාබරයෙකි. බලාගෙන ගියාම අපිටත් එහෙම නිකං දෙන එවුන් සිටියා නම් ජීවත් වීම මොනතරම් ආතල්ද? මෙව්වා නිකන්ම මාධ්‍ය සංදර්ශනයන්ය. ඔස්කා සම්මාන නිර්දේශිත රඟපෑම්ය. ජවිපෙ රැස්වීම් ඉවරවූ කැම්බල් පිටියේ බත් දමාගෙන කන්නට හැකිය. ඒ තරමට පිරිසිදුය. එව්වා බුකියේද ශෙයා කර එක දාගන්නවාය. එව්ව හොඳ වැඩය. ඒත් පහුවදා සිට ලංකාවේම පාරවල් ගානේ උන්ගේ ටකේ අඳිනවාය. පෝස්ටර නාවනවාය. රඟපෑම් , මවාපෑම් කියන්නෙ මේවාටය. අනුර කුමාරලාට වඩා ලස්සනට මයිල් කෙලින් වෙන්නට අඩිය බිම හප්පමින් බෑගිරි ගැසූ උන්දැලා දැන් සිටින්නේ කොහිදැයි හැමෝම දනිති. චන්ද්‍රිකාගේ "අත්අඩංගු ආණ්ඩුවේ" ඇමතිකම් කොරපු ආදර්ශමත් උන්දැලා සමහරුන් දැන් සිටින්නෙ කොතනදැයි සොයා බලන්නට වටී. පක්ෂ දේශපාලනය සංදර්ශනයක් නම් එම සංදර්ශනයේ ජවිපය වේදිකාව නම් එම වේදිකාවේ රංගන පක්ෂ නායකයන් කලින් කලට අමුතු නැටුම් නටන අයුරු අපි දැක ඇත්තෙමු. වේදිකාව කොතරම් හොඳ වුවත්, ඇද නැති වුවත් නැට්ටුවන් "බල්ටි නැති විසිල් පමණක් ඇති ඇති" පිරිසක් නම් උන්ගේ නැටුමෙන් ඇති වැඩක් නැත.
 
ලංකාවේ අනෙකුත් පක්ෂ දේශපාලනයේ සිටින්නෙ පාක්ෂිකයින්ය.ජවිපය තුල සිටින්නේ කාඩර් වරුන්ය... රැයක් එළිවන විට රටම එක පොස්ටරයකින් වැසෙන අයුරු ඔබ දකින්නේ, රැළියක් පවත්වන විට එය විචිත්‍රවත්ව මෙන්ම ජන ගඟකින් පිරී ඉතිරී යනු ඔබ දකින්නේ ජවිපයේ එම කාඩර් වරුන්ගේ බල මහිමයෙන්ය.පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දිය ගෙන යක්කු ගස් යන වේලාවට කාටත් හොරෙන් තාප්ප, පඳුරු වලට මුවා වෙමින් තමන්ගේ ඒරියා එක පෝස්ටරයෙන් කවර් කිරීමට ජවිපෙ සගයා පියවර ගන්නේ අරක්කු බෝතලයට, බත් පැකට්ටුවට හෝ රක්ෂා සිහිනය සැබෑ කරගැනීමට නොවේ... එසේ කරනුයේ රුසියාවෙන් සමාජවාදය මෙරටට ආනයනය කල නැසීගිය සහෝදර වරු සරසවි නේවාසිකාගාර තුල , පාලු ගෙවල් වල, වන වදුල් තුල මොළ ශෝධනය කරමින් මනසට පොම්පකල විප්ලවවාදී අදහස් තවමත් සිත්සතන් තුල රැව්පිළිරැව් නැගීමේ ආනුභාවයෙනි... පක්ෂයට මුදල් අවැසි විට ටවුමේ කැට සෙලවීමට එම චින්තනය පසුබට නොවේ... පක්ෂයේ පෝස්ටර් ගසනවා මෙන්ම අරමුදල් තරකර ගැනීමට ජවිපෙ සාමාජිකයා කුලියටද පෝස්ටර් ගසන බව ඔබ නොදන්නවා විය හැක. රටම එක රැයින් යම් වෙළඳ භාණ්ඩයක් පිලිබඳ පොස්ටරයකින් වැසෙයි නම් ජවිපය ඊට වගකිවයුතුය.  ඔයිල් වලින් සිසිලනය වන විදුලි ට්‍රාන්ස්ෆෝමර් වල ඔයිල් ටැප් එක බුරුල් වූයේද ඒ සංවිධාන ශක්තියේම බල මහිමයෙනි. ඔයිල් හිස් වූ ට්‍රාන්ස්ෆෝමර් 88,89 කාලයේ ගිනි ගත්තේ ඒ ආකාරයටය....ජවිපෙ සොහොයුරෝ අදටත් මෙරට සමාජවාදී රටක් බවට පෙරලීමේ අදිටනින් පෙළෙති. මන්ත්‍රී ධුර කිහිපයකින්හෝ , කෙස් පැලෙන තර්ක මගින්හෝ , ප්‍රබුද්ධ මතවාදී ඉදිරිපත් කිරීම් මගින් හෝ, මහ මග සටන් ව්‍යාපාර වල උගුරු ලේරස වනතුරු බෙරිහන්දීම මගින් හෝ එය යතාර්ථයක් බවට පෙරලිය නොහැකි බව ඔවුහු දනිති. අළුත් වංගුවක් ගැසූ නූතන ජෙප්පන් ටවුමේ කැට හොල්ලන්නේද නැත. නූතන රැළි වල නායකයන්ගේ ඔළු වල "චේගුවේරා තොප්පිය"ද නැත. අනූ හතරේ සිට මාධ්‍යයට වලට ඇඳගෙන ආ රතු කමිසයද නැත.  එක අතකින් බැලූ විට ජවිපය කරන්නේ හැංගිමුත්තම් සෙල්ලමකි. කොළේ හංගා ගැසීමකි.

ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වාට මේකේ ඇති මගුලක් නැත. ආර්ථික වශයෙන් ගොඩ එන්නට පුළුවන් තරමට  ස්වභාවික සම්පත් නැත. ඒ ආකාරයේ වගා භූමිත් නැත. ඇති මහලොකු තාක්ෂණයකුත් නැත.  ඇති එකම දෙය නම් මිනිස් සම්පත පමණක්ය. මොකක්හෝ වාසනාවට අපේ එවුන්ට හොඳ මොළයක් ඇත.(දේශපාලනයේදී නම් එය නැත). ඒ දෙයින් වැඩක් ගැනීමට නම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට විශාල මුදලක් වෙන් කල යුතුය. එව්වා වෙන් කරන්නට අනිත් එව්වාටත් මුදල් අවශ්‍යය. හිඟන රටක් වන අපේ රටට ඔව්වා ඔක්කොම කොරන්නට බැරිය. කාගෙන් හරි ඉල්ලගන්නම වෙනවාය. ඉල්ලගත්ත සල්ලි ප්‍රයෝජනවත් වැඩකට යොදනගමන් කලින් කිව්ව එව්වා ඉෂ්ට කොරගන්නටත් උවමනාය. කොයි එකා ආවත් කොරන්නේ ඔය කෙරුවාවමය. කෙරුවාව කොරන්නට මයිල් ඉස්මයිල් වෙන දර්ශන තිබුණත් ජවිපය "ඉල්ලාගැනීමේ" ගේමේදී ෆේල් වෙන එක ඉර හඳ වාගේ ෂුවර්ය. සෝවියට් ලොකු අයියාගෙන් සතයක් ගන්නට බැරිය. චීන කොමිනිස් අයියා ගිනි පොලී කාරයෙකු වී අවසන්ය. චීනයේ ඉතිරිවී ඇත්තේ කොඩියේ රතුපාට පමණක්ය. ජෙප්පන්ට සිස්ටම් එක දුවවන්නට නම් "රොබින්හුඩ්, සරදියල් ගේම්" ගසන්නට වෙනවාය. දූෂණය අඩුකොරලා ඒකෙන් කොරනවා කිව්වාට ඒ සොච්චමෙන් කොරන්නට පුළුවන් මගුලක් නැත. ෆෝන් එකට සල්ලි ණයට ගන්නා ක්‍රියාවේ පටන්, ක්‍රෙඩිට් කාඩ්, බැංකු ණය, ලීසිං වලට හුරුවී අනුන්ගේ සල්ලි වලින් දුවන්නට හුරු වූ අපේ මිනිස්සුන්ට අංශක 180ක වංගුවක් ගැසීම කොහෙත්ම කළනොහැක.
ලංකාවේ පාවෙන ඡන්ද දායකයා එක අතකින් බැලූ විට චපල ගැහැණියක් වැනිය. ඒ ගැහැනියගෙන් සැමදා රැවටෙන "ස්පෙයා වීල්එක" ජවිපයයි. කලින් කලට පැමිණෙන ඉස්ටයිල් මනමාල පක්ෂයට මනාපය පළකොට ජවිප පෙම්වතා අමතක කරයි.  එක් එක් පක්ෂ පෙම්වතුන්ට මනාපය පළකොට අතරමංවූ තැන යලිත් ඇය ජවිපයට කොමළපායි. කවදාහෝ ඇය හා එක්වීමේ ආශාවෙන් සංවරව අත පැතුවද එය මිරිඟුවක් බව ජවිපයද දනියි. යාළු මනාලයා ලෙස හෝ ගොස් ඇගේ පහස පැතීමට මෙතරම් දඟලන්නේ එබැවිනි. දෙවරක් කොරන්නට ගොසින් කුරුවල් කරගත් ආකාරයද මතකයේ ඇතිමුත්  විප්ලවය නම් වූ බලහත්කාරකමද යටි සිතේ නැතුවා නොවේ. 

 විමුක්තිකාමයේ සළුවෙන් වැසුණු ක්‍රෝධය, වෛරය සහ ඊර්ෂ්‍යා සහගත ආකල්ප මත පදනම් වූ ජවිපයේ බිම් මට්ටම් දේශපාලනය ඉහල මට්ටමට යනවිට වෙනස් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත . මුල් නායකයන් සහ වර්තමාන නායකයන්ගේ ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ගැටළු ඇත.එදා සිට අද දක්වා පක්ෂයේ ප්‍රතිපත්තීන් කෙසේ වෙනස්වී ඇත්දැයි කිසිවකුට හරි ආකාර අවබෝධයක් නැත. විප්ලව කොරන්නට ගොස් අහිංසක තරුණයන් බිළිදුන්නා හැරෙන්නට, පාර්ලිමේන්තුවේ හැම කෙමනටම "විපක්ෂයි" යනුවෙන් බෙරිහන් දුන්නා ඇරෙන්නට ඉතිහාසයේ රට වෙනුවෙන් හොඳ හෝ නරක වෙනුවෙන් කළ මගුලක් නැත. මහින්ද පැන්නුවේ තමන් යයි දැන් කියාපෑවද මයිතීපාලට චන්දය දෙන්නැයි ජෙප්පන් කිසි විටෙකත් කීවේ නැත. "මහින්දට නං දෙන්නෙපා , දෙන්න ඕන කාටද ඔයාලා දන්නවා"යයි එදා කියූ ජෙප්පන් එතනද කොළය වසා ගැහුවේය. "මයිත්‍රීපාලගේ කඩේ බඩු  ෂුවර් නෑ ලෙස එදා අපි කිව්වා" යනුවෙන් පවසමින් අත පිසදාගන්නා නූතන ජවිපයේ චන්දය එදා එසේනම් යන්නට ඇත්තේ සීලරතන හිමිට වියයුතුය.ආකර්ශණීය ජාතික ලැයිස්තු වලින් ජනතාව ගොනාට ඇන්දුවාට ඕවා වල ඉන්නා බ්‍රයිටන් එකෙක්වත් පාර්ලිමේන්තු එන්නේ නැත. ඒවා තීරණය වන්නේ අභ්‍යන්තර මාෆියාවෙනි. ඇතුලේ සිට පක්ෂය විවේචනය කරන්නට ජවිපයෙන් ඉඩක් නැත. සජිත් රනිල්ගෙන් ප්‍රසිද්ධියේ ගේම ඉල්ලුවාට, මහින්ද ප්‍රසිද්ධියේ මයිත්‍රීට අභියෝග කලාට ජවිපය ඇතුළේදී එව්වා සුම්මාය. වචනය මිස් වෙච්ච එකා එළියේය. ඒ මදිවට උන්ට නිර්දය ලෙස අනුකම්පා විරහිතව වැටෙන්නට ගහනවාය. උන්ගේ KGB ප්‍රජාතන්ත්‍රවාදයේ අනුහස් එසේය. සර්ව සම්පූර්ණත්වය , පරිපූර්ණත්වය ගැන කතාකරන, "අපි ක්‍රියාවෙන් අහවල් එක ඔප්පු කළෝ" යයි වහසිබස් දොඩනා ජෙප්පන්ගේ ද්විත්ව රංගනය තාමත් අපේ එවුන්ට තේරෙන්නේ නැත.  අදටත් ජවිපෙ ලොක්කන්ගේ ජීවිත රහසිගතය. වැඩිමනකගේ  පදිංචිය කොහෙද කියාවත් මිනිසුන් දන්නේ නැත. මහින්ද කුරුණෑගලින් චන්දය ඉල්ලීම ප්‍රශ්ණ කරනා ජෙප්පන්ගේ ලොක්කන් බහුතරයද කල්ලතෝනින්ය.දේශයේ හෘදසාක්ෂියක් ගැන රට වටේ පෝස්ටර් අලෙව්වාට කොටින්ම කිව්වොත් ඔය කියන එකෙකුටවත් පිරිසිදු හෘද සාක්ෂියක් නැත. තවමත් මොවුන් "දවල් මිගෙල් රෑ දනියෙල්"ලාය.මේ ඔක්කොම ගැන බැලූවිට කොච්චර කලත්  ජවිපයට චන්දය දෙන්නට හිත හදාගන්නට අමාරුය...

126 comments:

  1. මේක නම් ඇත්ත සජ්ජෝ. ඔය කොයි දේෂ පාලුවත් කරන්නේ අපිව රවටලා උන්ගේ වැඩේ කරගන්න එක. හැමදාම අපි රැවටුනා. මේ සැරේ වැනෙන ඡන්ද ජෙප්පොන්ට ලැබෙන බවනම් සහතිකයි.

    ReplyDelete
    Replies
    1. අහසින්... හැම එකාම අපිව රැවට්ටුව එක ඇත්ත... ජවිපෙ දෙපිටකාට්ටු ගති ගැන ප්‍රශ්ණ තියනව... ජවිපයට වැඩි චන්ද ප්‍රමාණයක් ලැබෙන එක හැබෑව. හැබැයි පේන තරම් කට්ටිය කියන තරම් ලැබෙන්නෙ නෑ...

      Delete
  2. ඕකට කියන්නේ ජන්මෙට වඩා පුරුද්ද ලොකුය කියාය. පුද්ගල වාදය අතහැර, ප්‍රතිපත්තිමය තීරණ වලට අවශ්‍ය වන්නේ 'think out of the box' පමණි. ( මම ජෙප්පෙක් ලෙස හංවඩු ගැසුවාට කමක් නැත. නමුත් මම ජෙප්පෙක් නොවන බව ජෙප්පන් දනිති)

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ගෙද ප්‍රතිපත්ති ?

      නොනෝ, මොනවද ජෙප්පන්ගෙ ප්‍රතිපත්ති ?

      'රටේ අරාජිකත්වයට කටයුතු කිරීම ඒ මත වාසි ලබාගැනීම' කියන ප්‍රතිපත්තිය ඉදල නොකරපු එකම දෙයක් ? අන්තරේ රන්කලෙත් ඕකෙන්ම තමයි.


      ජෙප්පන්ගෙ වැඩි පුද්ගල වාදයක් වෙන කොයි පක්ෂෙද තියෙන්නෙ ? ජෙප්පන්ගෙ "අ" යන්නම අපේ සදා ආදරණිය සහෝදරයා ගෙන් නෙ පටන්ගන්නෙ. යුඇන්පී එකේ සමහර උන් පහුගිය කාලෙ රනිල්ව විවේචනය කලා වගෙ, ශ්‍රි ලංකා එකේ සමහර උන් දැන් මහින්දව විවෙචනය කලාවගේ කවුරුවත් ඇතුලෙ ඉදන්, සෝමවංශට , ලප කුමාරට ඇහෙන්න "හ්ම්" කියන්නෙ නැත්තෙ මොකද ? 88,89 කාලෙ දෝහින්ව හංවඩු ගැහුව විතරක් නෙමෙයි ISIS ස්ටයිල් එකෙන් බෙල්ලෙන් ආහාර මාර්ගෙ , ස්වාසනාලෙ විවෘර්ත කලා , දැන් යන්තං මඩෙන් විතරක් නැවතිල දත්මිටි කනවා.

      ප්‍රතිපත්ති කෙසේ වෙතත් ක්‍රියාව නං කුට්ටි ලැබෙන පිළිවලට බව අපි නෙමෙයි මේ ඊයෙ පෙරෙදා වෙනකන් නායකය වෙලා හිටපු සෝමවංස සහෝදර ආත කියනව. සාක්කිත් එක්ක. අර විජේදාස රාජපක්ෂ උන්නැහැ ලක්ෂ 25 කැලි ගැන කිවුවහම ගලේ රුන්න බළළ වගෙ ලප කුමාර ඇබරුණෙ ප්‍රතිපත්ති රකින හින්දා වෙන්න ඕනෑ.

      කුඩුකාරයො, ගංජාකාරයො, එතනෝල් කාරයො, ස්ත්‍රි දුෂකයො ඉන්න ප්‍රධාන පක්ෂ වගේද මත්පැන් සිගරැට් පාවිච්චියක් නැති බිස්නස් නැති සුපිරිසිදු චරිත චන්දෙ ඉල්ලනකොට නේද ?

      අම්මප 88/89 මිණි මරන්න ඇත්තෙ, කර්මාන්ත ශාලා , බ්ස් ඩිපෝ ගිණි තියන්න ඇත්තෙ, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවන්න ඇත්තෙත් ඔය පක්ෂ දෙකේ උන්ම තමයි.
      නැතිනං සුපිරිසිදු මහත්වරු එහෙම කොරයියැ. ඒ කාටවත් නඩු අහල දඩුවම් නොලැබුන එකේ හමුදාවෙන් බේරිල ඉතුරුවෙච්ච කටිටිය කැලේ වැදිල මහණ දම් පුරණව වෙන්න බැරිත් නෑ.
      පිටකොටුවෙ බත්කඩවල කුස්සිය අපායක් උනාට ෂෝකේස් හරි පිරිසිදුයි.

      මේවා ජවිපේ අද ඊයේ ගති ලක්ෂණ නෙමෙයි,
      ජේ ආර් ජයවර්ධන 77 විජේවීරව දොට්ට දැම්ම දා ඉදල විජෙවීර පතුරු ගැහුවෙ සමාජවාදි අර්ථ ක්‍රමයෙක් හදන්න දගලපු වලවුවෙ සිරිමාව. 82 කේ ජනාධිපතිවරණෙ ධනපති ජේ.ආර්. ඉන්දැද්දි විජේවීර ගලේ ගහල ඇපුල්ලුවෙ විපක්ෂ අපේක්ෂකය වෙච්ච හෙක්ටර් කොබ්බැකඩුව උන්නැහේව. සතුරා කොබ්බෑකඩුව, අරමුණ කොබ්බෑකඩුව පරාජය කිරීම.

      ජේආර් විජේවීර ලමයට දේශපාලනය කොරන්න අපි සහයෝගය දෙන්න ඕනෑ කියල අතවැසියන්ට කිවුවලු.

      හැබැයි ජේ.ආර් සතා දන්න හින්දා 83 ජූලි කලබල පිට දාලහරි වෙලාවට ඈත් උනා.

      ඕක සංසාර චක්කරේ වගෙ රිපීට් වෙන සයිකල් එකක්.....

      Delete
    2. උපේක්ෂා.. ජන්මෙට වඩා කොහොමත් පුරුද්ද ලොකු බව හැබෑව... පුරුද්දට වඩා ජන්මේ ලොකු වෙන වෙලාවලුත් තියනවා.. පෙට්ටියෙන් එලියට පනින්නේ පොළවට නම් අවුලක් නැත. ඒත් ඒක මුහුද උනොත්?

      Delete
    3. අනෝගේ අදහස් වලට බොහෝදුරට එකඟයි...

      Delete
    4. @ AnonymousAugust 10, 2015 at 5:09 PM


      මොකාද යකෝ මේ මන්දබුද්දිකයා.
      වෑස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල නෑති ඵකෙක් වගේ (ඵ් උනාට හිත ඉන්නේ පට්ට පොරක් කියලා )
      ඵහෙන අහගනිකෝ උබ නොදන්න හරිය !

      //ජෙප්පන්ගෙ වැඩි පුද්ගල වාදයක් වෙන කොයි පක්ෂෙද තියෙන්නෙ ? ජෙප්පන්ගෙ "අ" යන්නම අපේ සදා ආදරණිය සහෝදරයා ගෙන් නෙ පටන්ගන්නෙ//

      සදාදරනීය නායකයාට සදාදරනීය නායකයා කියන්නේ නෑතිව කොහොම කියන්නද ඔනේ?
      උබලගේ බයියෝ වගේ තමුන්ගේ අප්පච්චී ගෙදර ඉන්නකොට පිට මිනිහෙක්ට අප්පච්චී කියකියා වෑදවෑටෙන්නද කියන්නේ.
      විජේවීර කියන්නේ සදාදරනීය පොරක් තමයි බන්.
      මහින්ද වගේ නූගත් පල් හොරෙක්වත් රනිල් වගේ උගත් කුපාඩියෙක්වත් නෙවෙයි විජේවීර.
      සෑපවිදින්න තිබුනු ෛවද්‍ය ජීවිතය කෑපකරලා මිනිස්සු වෙනුවෙන් වෑඩකරපු කෙලින් මිනිහෙක්.මහින්දවගේ ගදගහන හොරෙක් ඵහෙම නෙවෙයි.
      විජේවීර ජවිපෙ හදල නොතිබ්බනම් මෙලහකටත් ලoකාව සෝමාලියාව නයිජීරියාව කොoගෝව වගේ කරලා යූඈන්පී ශ්‍රීලනිප හොරු ටික.


      මහින්ද මහත්තයාගේ කට්ටිය ගලනාල කරපුහෑටි හෙට අනිද්දට තාජුඩීන්ම කියයි.
      රනිල් ගෑනනම් ඉතින් කියන්න ඔන නෑනේ.පවු ගස් ගෑන පොත් ලියුවා කියලා ඵක්නෑලිගොඩගේ ගලනාලේ කරලා මුහුදට දෑම්මා අප්පච්චී.ජේවීපී නරකයි අප්පච්චී,බාප්පොච්චී හොදායි..........

      උබලා වගේ උන්ට කියන්නේ සට්ටෑබියෝ කියලා.
      බොරු ලියලා කීයක් හරි හොයාගන්නවා.
      උබලටනම් වාසි ඈති.
      අන්තිමට රටට කෙලවෙනවා.
      උබලගේ බොරු අහලා අලියට බුලතට චන්දෙ දෙන උන්ටත් කෙලවෙනවා.බාදු පිට බදු ගහනකොට,වතුර ඉල්ලන උන්ට වෙඩි තියනකොට,වෑටුප් කපනකොට,විශ්‍රාම වෑටුප් මකොල්ලකනකොට නිදන් හාරනකොට කෙල්ලෝ රේප්කරනකොට කුඩු බෙදනකොට උබල නෑ.........
      ඵතකොට බොරු ලියන තොපි මහින්දයගේ හරි රනිල්ගේ හරි රෙද්ද අස්සේ විස්කි බිබී ඉදී.
      ජනතාව ඵපෑයි පරිප්පුව කන්න.ඵන්න ඵතකොට තමා ජනතාවට ජවිපෙ මතක්වෙන්නේ.
      රාජපක්ශ පවුල ජනතාව හමගහනකොට උබලා කොහෙද බන් හිටීයේ???
      ඵතකොට බයනෑතිව ඉස්සරහට ආවේ ජේවීපී ඵක.
      ඵ් නිසා දෑන් මොලේ තියන උන් ජවිපෙට.
      උබලා ලoකා සී නිවුස් ඵකේ කුලියට ලියන ඵවුන් අපි දන්නවා
      උබලා වගේ වදුරන්ගෙන් බන අහලා ජේතවනාරාමෙට ගල් ගහන්න අපිට පිස්සු නෑ.
      .

      ජේවිපී චන්ද කරන්නේ යූඈන්පී සල්ලි වලින්ලූ.මහින්දගේ සිගිති ආතල් මාරයි.අර උබලා පට්ටගහන මහබෑoකු හොරකම ......ඵ්ක ඵලිකලේ කවුද?ශ්‍රි ලoකා කරයෝ ඔයගෑන වචනයක් කතාකලාද?උන් ඔක්කොම දෑනගෙන නොදන්නවා වගේ හිටියා.
      මේවා ඵලිකලේ අනුර කුමාර.පහුගිය සතියේ ලoකා පත්තරේ අරන් බලපන්.යූඈන්පී ඵක කරපු තවතව හොරකම් ගෑන අනුර කුමාර ඵලිකරලා තියනවා.
      අනුර කුමාර යූ.ඈන්.පී ඵකෙන් සල්ලි අරන් යූ.ඈන්.පී ඵකටම ගහනවා.මරු නේ බන්.
      අපිත් කෑමතී ඵ් වෑඩේට.
      යූ. ඈන්.පී ඵකත් තමුන්ගේ හොරකම් ඵලිකරන ඵකම පක්ශය, ජේ.වී.පී ඵකට සල්ලි දෙනවා.
      මාරයි නේ බන්.රනිල්ට පිස්සුද දන්නෙ නෑ නේද?

      අලියයි බුලතයි මොනවද බන් අවුරුද් 68ක් රටට කලේ?ණය අරගෙන අරගෙන ණය උගුලක රට හිරකරපු ඵකද?
      සිoගප්පූරුවේ ලී ක්වාන් යූ කිව්වා සිoගප්පූරුව කොළබ වගේ කරනවා කියලා.අද රනියා කියනවා සිoගප්පූරුව වගේ ලoකාව දියුනු කරනවලු.
      ඔන්න තොපේ කෙරුවාවා.
      පරමාණු බෝම්බ 2කින් සුන්නද්දූලි උන ජපානය අවුරුදු 10ක් යන්න කලින් නෑගිට්ටා.තොපේ මහ පක්ශ දෙක මොකද රටට කලේ????ජාතිවාදය මාරුවෙන් මාරුවට මතුර මතුර රට ගිනි තිබ්බා.තරුණයික් කෑලේට දෑක්කුවා.දක්කලා උන්ව මෑරුවා.තමුන්ගේ දරුවන්ට රජ සෑපදුන්නා.ඔකයි ඔය කාලකන්නි මාරුවෙන් මාරුවට කලේ.
      ජාතිවාදයෙන් කුලවාදයෙන් තොර පෑවෑත්මක් උන්ට නෑ.
      තොපි වගේ ණයට කහින උන් විස්කි බෝතලේට පච ලියනවා.ජාතිවාදය වපුරනවා.හෑබෑයි පුතෝ ඔය බොරු අහපු කලේ පහුගිය ජනවාරි 8වෙනිදඉන් ඉවර උනා බන්.
      දෑන් වත් චේතිය පච කෙලින්නේ නෑතුව සාදාරණ විදියට රස්සාවක් කරගෙන ඉන්න බලපන්.කුලියට ලියලිය හොරුන්ට කඩේයන්න ඵපා.ආය මිනිස් ආත්මයක් හම්බුවෙනඵකක් නෑ !

      උබලා වගේ වදුරන්ගෙන් බන අහලා ජේතවනාරාමෙට ගල් ගහන්න ජනතාවට පිස්සු නෑ ! ! !

      Delete
    5. AnonymousAugust 10, 2015 at 8:53 PM


      ෂා මරුනෙ, පොඩි උත්තේජනයක් දුන්න නං හතර අතේ බුරා පනිනව . ලප කුමාර වගේමයි

      උසි... උසි......

      හැබැයි පන්ති 5ට , 7ට තියා එක පන්තියකටවත් ගිනින් නැති නිකන් ෆෝම් වෙන පුස්සෙක් බව පාචිච්චි කරන වචන සෙට් එකෙන්ම පේනවා. ජෙප්පන්ගෙ සමාජවාදෙ දන්නෙ නැත්නං ඉස්සෙල්ල නඩේ පාවිච්චි කරන ව්චන සෙට් එකවත් ඉගෙනගනින්. ඊට පස්සෙ කමෙන්ට් ලියපන්. එතකොට පොඩි හරි ජේවීපී ගතියක් එනවා.

      මේක නිකන් ඌරා උම්බෑ කියනව වගෙනෙ. ජේවීපී ගතියක් වත් නෑ.

      Delete
    6. උබේ ගොo කම මේකෙන්ම පේනවා බන්.
      උඩින්ම කියනවා බුරාගෙන පනිනවලු.අනුර කුමාර (උබේ වචනය ලප කුමාර )වගෙමලු.

      ඊටපස්සෙ කියනවා උම්බෑ කියනවලු ජේවීපී ගතියක් වත් නෑ ලූ.

      ඵතකොට අනුරකුමාර ජේවීපී නෙවේද බන්??

      උබලා වාඛ්‍ය දෙකක් ලිව්වොත් බොරු දෙකක්.උඩින් කියන ඵක යටින් නෑ කියනවා.පවු බන්.උබලෑ බොරුව මේකෙන්ම මාට්ටු.විස්කි බෝතලේට ලියනකොට ඔහොමතමයි ඉතින්.

      පාලු ගෙයි වල බිදින්න විතරයිනේ දන්නේ.
      උබල ගේ බොරු කරුනුසහිතව පෙන්නලාදීපුවාහාම දෙන්න උත්තර නෑ ඉතින්

      අති පන්ඩිතයෝ වගේ පච ලියනවා.අනිත් උන් සාක්ශි ඵක්ක ඵව්වා බොරුකියලා පෙන්නලා දුන්නහම බල්ලො වගේ මාරුවෙනවා.කෝ බන් උබේ මහලොකු දෑනුම.පුලුවන්නම් උඩින් කියලා තියන ඵ්වා බොරු කියලා ඔප්පුකරපන්කෝ.හා....හා....ටොම් පචයෝ.....

      සත්‍ය සදාකාලිකයි බොරුවතාවකාලිකයි කියන්නෙ ඔක තමයි.

      Delete
    7. පළවෙනි ඇනෝ 'මහතාට' පමණක් උත්තර දෙන්නම්:

      ජෙප්පන් පුද්ගලවාදී උනා නම්, සෝමවංශ ගියාම 'අනේ යන්න එපා සෝමේ අප්පච්චි' කියාගෙන කට්ටියක් යන්න එපෑ අඬාගෙන ?? කෝ එහෙම ගියාද? ඉන්න උන් විනයක් ඇතුව තියාගන්න එක වැරද්දක් කියල මම දකින්නේ නැහැ. ( ඔබ හිතනවා නම් චන්ද ටිකට තියෙන කෑදර කමට තමුන්ගේ ප්‍රතිපත්ති වලින් පිට වැඩකරන එකෙක් පක්ෂය ඇතුලේ තියාගන්නෙක යහපත් දෙයක් කියල - ඔබ සරල පාසලක තත්වයක් හිතන්න, වැඩිය ඕනේ නැහැ ආයතනයක් හෝ සංවිධානයක් හිතන්න. ඔවුන්ට අදාළ නීති හා එකඟතාවයන්ගෙන් පිට කෙනෙක් වැඩ කරනවා නම් ඔහු එයින් ඉවත් කිරීමෙන් තමයි [මැරීම නෙවෙයි] එතන සාමය රැකෙන්නේ) පක්ෂයක් උනහම විනයක් තියෙන්නේ ඕනේ, ඒක සරල මුලික අපේක්ෂාවක්. විනයක් නැති තැනක මොකක් තිබ්බත් වැඩක් නැහැ... කොටින්ම ඔබ BMW එකක් පැදෙව්වත් ඔබේ වාහන පැදවීමේ විනයක් නැත්තම් ඔබේ වාහනෙන් ඇති පලක් තියෙනවද?

      88/89 කියන්නේ අවුරුදු කීයකට එහාද? ඊට ගොඩක් මෙහා කොතරම් දේවල් සිද්ද උනාද? ඒවගෙන් පාඩම් ඉගෙනගත්තද කියන එක තමයි සැක. අඩුම තරමේ මෙතරම් ව්‍යසනයක් කරපු යුද්දෙන් වත් මිනිස්සු පාඩම් ඉගෙනගත්තද? ආයෙමත් යුද්ධයක් එන්නේ නැති තැනට කවුද කටයුතු කරන්නේ? ඒක දේශපාලකයින්ගේ වැඩක් නෙවෙයි, ඒක සිවිල් පුරවැසියාගේ වැඩක්. මට නම් එහෙමටම පෙනෙන්නට නැහැ එහෙම දෙයක් නම්. ජාතිවාදයට සරම් කැහැපට ගහන්න තමයි තාමත් සමහර අප්පොච්චිල දන්නේ. කැත්තට පොල්ල මිසක් වෙනත් උත්තරයක් දන්නේ නැහැ.

      මම දැකපු අනිත් දෙයක් තමයි, කොහෙවත් නැති ගුණාංග හොයන එක. එක්කෝ සාර්ථක පවුලක් ගෙනියන්න ඕනේ කියයි චන්දෙ දෙන්න. හෙහ්... බලන්න ඉතිහාසේ ඇත්තටම යමක් කරපු මිනිස්සු එහෙමද කියල? අරක්කු සිගරට් බොන උන් වෙන එකත්, කිසිවක් නොබොන එකත් වැරද්දක්? හරිම ප්‍රාථමික තේරීමක් නේ.

      ඇත්තටම බලන්න ඕනේ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කරන විදිය නේද?

      චන්දය දෙන්න ඕනේ රටක් ගොඩනගන්න මිසක් රස්සාවක් ගන්න, අපේ පඩිය වැඩිකරගන්න, ණය දෙනවනම්, ක්‍රෙඩිට් කාඩ් දෙනවා නම් ද? අහෝ එහෙනම් තව කල්පයක් ගියත් රටක් විදියට නම් ඉදිරියට යන්න බැරි වෙයි. ඉන්දියාවේ මිනිස්සුන්ට වැසිකිලි භාවිතය පුරුදුකරන්න තමයි ගාස්තුවක් ගෙවල හරි ඒක ප්‍රවර්ධනය කලේ. මෙහෙ? කසාද බඳින එකාට දෙනවලු සල්ලි? මොකටද? මොකද්ද ඒ ක්‍රියාවේ පරමාර්ථය? හරිම ප්‍රාතමිකයි.

      ජෙප්පෝ සුපිරිසිදුයි කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම වෙන්න බැහැ. නමුත් රටකට අවශ්‍ය මොහොතවල් වලදී, තමුන්ගේ තීරණය පක්ෂයක් විදියට එකා වගේ ක්‍රියාත්මක කරලා තියෙනවා. පක්ෂයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් 'යමක්' ඉෂ්ට කරලා තියෙනවා. මම කොතනකදී හෝ දැක්ක කියල තියෙනවා JVP එකේ යටම ඉන්න උන් කටු කනවා, ලොක්කෝ සැප විඳිනවා කියල.

      මට ඒකට හිනා ගියා. එහෙම නැත්තේ කොහෙද? අනිත් එක ඒකෙන්ම පේනවා මිනිස්සු මන්ත්‍රී කිව්වම බලාපොරොත්තු වෙන ලක්ෂරි ලයිෆ් එක. අපිමයි එහෙනම් උන් විසින් පෑගෙන්න මනාප, නැද්ද? එහෙම සැපක් නොගෙන ආයෙමත් අපිත් එක්ක බැහැල වැඩකරන මන්ත්‍රී හෝ ලොක්කා අපි ගණන් ගන්නේ නැහැ...! සුද්දන්ගේ රටේ අගමැති හෝ වෙනත් කෙනෙක් සයිකලේ පැදගෙන පාර්ලිමේන්තු යන එකට අපි ලයික්, අපේ එකෙක් ගියොත් 'තුක් විතරක්, හිඟන කම' කියනවා. හෙහ්... ඔන්න ඇත්ත තත්වේ..


      සජ්ජා:
      ජෙප්පන්ට කොහොමත් ආණ්ඩුවක් හදන්න බැහැ මේ පාර. වැඩි බලයක් දීමෙන් අනික් මෝඩ මිමන් ආම්බාන් කරගන්න බැරිවෙන එකක් නැහැ. ජනවාරි 8න් පස්සේ රට කියල මැරෙන්න හදපු අය , දැන් මොකද්ද දන්නේ නැහැ කියන්නේ නේද? මොකක් කලත් අවුරුදු 5යි. හොඳ නැත්තම් නොදී ඉන්න ඊළඟ පාර. හැබැයි හොඳයි කියල දැක දැකත් නොදී ඉන්නෙක වැරදියි. එතකොට ජන මතය කියන එක විකෘති වෙනවා.

      Delete
    8. උපේක්ෂා, මෙහෙමයි. ජවිපයේ වැරදි මුල ඉඳන්ම අග වෙනකල්ම පොඩි සඳහනක් කළා පමණයි.. ජවිපය වැරදියි කියල උන්ව ප්‍රධාන ධාරාවෙන් එලියට දාන්න අපිට බෑ...පරණ වැරදීම කිය කියා උන්ව වට්ටන්න හෙලාදකින්නත් බෑ.. හැබැයි මම පිළිගන්නෙ නැත්තෙ ඔවුන්ගේ මූලික මතවාදය, මූලික වෙච්ච දේශපාලන සංකල්පය.. අපි මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලයි හැම වෙලේම ඔවුන් කියන්නෙ. ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. වහෙන් ඔරෝ හරි අටවෙනිදා වෙනස වෙනුවෙන් ඔවුන් විශාල සේවයක් කළා. ලොකුපුතාට කියපු උදාහරණය මෙතනත් කියන්නම්...
      //අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් අඩුපාඩු දකිනවා. ඒ නමුත් අපේ රටේ අනිත් අපේ රටවලට සාපේක්ෂ මට්ටමේ රටවල් වලට වඩා හොඳ රෝහල් තියනවා. දක්ෂ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල ඉන්නවා. උපකරණත් තියනවා. නමුත් ඉස්පිරිතාලෙට ගියාම පැනඩෝල් පෙත්ත නෑ....ලක්ෂගනනින් අනිත් ඔක්කොටම වියදම් කරනවා, පහසුකම් තියනවා. පොඩි පොඩි ආකල්ප ගැටළු සහ අර පැනඩෝල් පෙත්තේ අඩුව නිසා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයටම බනිනවා... අර පොඩි දේවල් ටික හදාගතොත් ඒ සියල්ල සර්ව සම්පූර්ණයි. අපේ රටේ තියන සිස්ටම් එකත් ඒ වගේ. සුළු සුළු දේවල් තාක්ෂණික කාරණා වෙන උනොත් මේක ගොඩ යනවා. සිස්ටම් එකේ අඩුපාඩු හදාගන්නවා මිසක් සිස්ටම් එක වෙනස් කරන එක නෙවෙයි මම නම් දකින විදියට විය යුත්ත... මතක තියාගනින්.. ජවිපය කියන්නෙ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියල...//

      Delete
  3. මා ‍ෙදෙන්‍ෙනෙේ ‍ෙමෙේපාර ‍ෙජෙප්පන්ට

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ උන්නනම් මාත් උන්ට .. !!

      Delete
    2. එහෙම කරන්නෙපා බං... මහින්ද මහත්තය පව්....
      පත්තරේ , හැමෝටම තමන්ගේ මතවාද තියනවනේ බං. එව්වට අපි ගරු කරනවා...

      Delete
    3. අටං අයියෙ, උඹ මේක කියෙව්වේ නෑ නේද??

      Delete
  4. මෙදා චන්දය දෙන්න යන්න අදහසක් නැති නිසා වැඩිය ගැබුරට නොසිතමි. බදුල්ලේ නම් දැනට ඉන්න හොඳම දේශපාලඥයා සමන්ත විධ්‍යාරත්න වෙයි. හොරකම් මැරකම් නැත. දේශපාලනයෙන් හම්බ කරගෙන නැත.. පොළොවේ පය ගසා ජනතාව සමඟ ජිවත් වේ. ප්‍රතිපත්ති ගරුකය. අතිශයින්ම කැපවී කටයුතු කරයි. සිනා මුසුය. දක්ෂ කථිකයෙකි.

    ඡන්දේ දෙනවනම් කැත නැතුව දෙන්න හැකිය.. ජෙප්පෝ හැමෝම ඔහු වගේ වෙතැයි නොසිතමි.

    ReplyDelete
    Replies
    1. හැම පක්ෂයකම හොඳ වගේම නරක මිනිස්සු ඉන්නවා... පක්ෂයේ මතවාදයත් සැලකිල්ලට ගත යුතුයි...
      මොකෝ ගමේ නොයන්නෙ. ඔන්නොහෙ ගිහින් විද්‍යාරත්නට දෙමු බං.. ටන්ට ටටං ටාන්...

      Delete
    2. /හොරකම් මැරකම් නැත. දේශපාලනයෙන් හම්බ කරගෙන නැත.. පොළොවේ පය ගසා ජනතාව සමඟ ජිවත් වේ. ප්‍රතිපත්ති ගරුකය. අතිශයින්ම කැපවී කටයුතු කරයි. සිනා මුසුය. දක්ෂ කථිකයෙකි. /
      මැරකම් නැති එකම ජෙප්පෙක් වත් ඉන්නව කියල දැනගත්ත එකත් ලොකු දෙයක්. පොදුවේ ජෙප්පන්ගේ සුදුසුකම් වලට වඩා ගැලපෙන්නේ පාර්ලිමේන්තුව නොවේ, වීදි නාට්‍ය.

      Delete
    3. //ජෙප්පෝ හැමෝම ඔහු වගේ වෙතැයි නොසිතමි.// මේ ටික දැක්කේ නැද්ද ඇණයා.. මැරකම් නැති ජෙප්පෝ තවත් ඕනේ තරම් ඉන්නවා මං දන්න.
      සමන්ත ගැන කියාපු හැම එකක්ම වෙනුවෙන් මං පෙනී සිටිනවා.. මං කතා කරන්නේ පක්ෂයක් ගැන නොවෙයි පුද්ගලයෙක් ගැන.. හොඳටම දාන්න.. ලඟින්ම ඇසුරු කරන එකෙක් ගැන..
      සජ්ජෝ.. සමන්ත ලොක්කට උදව්වක් වෙන්න යන්න තියෙනවනම් හොඳයි.. ඒත් කම්මැලියි බන්..

      Delete
    4. Kami : ඕකනේ වැඩේ.... සල්ලි දෙනවා කිවනම් දුවගෙන ගිහින් කතිරේ ගහල එයි...

      Delete
    5. අනිවා.. අවම ලංසුව 10000/- කැන්ඩිගෙන්නම් 15000/- යි.. :p (ෂුවර් නැති නිසා අධි භාරයක් දාන්නොනේ.. හැක හැක.. )

      Delete
    6. අනේ උඹේ චන්දෙ තියල වාඩි වෙයං. හැක්...

      Delete
  5. Replies
    1. මිනිස්සු අතරමං වෙලා තමයි ප්‍රසන්න...

      Delete
  6. බොට හරියට විඩියෝ එකක් හොයන්න ගිහිල්ල මං අතරමං වෙලා පැය ගානකට පස්ස් මේ ආයි ආවේ.. හැක්.. මුණුපොතේ..

    ReplyDelete
  7. ලෝක දේශපාලනයේ බිහිසුණු ඝාතකයන් ලෙස අපට මතක් වන්නේ හිට්ලර් වුවද කොමියුනිස්ට් ඝාතකයෝ හිට්ලර්ලා විලියට පත්කරවන ආකාරයේ ඝාතනවල යෙදුනහ. සංඛ්‍යාත්මකව මානව ඉතිහාසයේ වැඩිම ඝාතන කළේ මාවෝ සේතුන්ය. එහෙත් දරුණු වධහිංසා පැමිනවීම අතින් ලෙනින් හා ස්ටාලින් මාඕ ඉක්මවා යනවා විය හැක. හෝචිමින් වැනි අයද එසේය.

    මම මාක්ස්වාදයට තදින්ම විරුද්ධ මෙන්න මේ කාරනය නිසයි ඔවුහු අන්‍ය මත නො ඉවසති. අන්මත දරන අය ඝාතනය කළ යුතුබවද විශ්වාස කරති. ඊට හේතුව විප්ලවයෙන් පසු පැරණි සමාජයේ නෂ්ඨාවශේෂ විනාශ කර දැමීමයි.පැරණි සමාජයට අනුගත වූ සියළු දෙනා මෙසේ මරා දැමේ.පැරණි සමාජයේ දක්ෂයන් ,ඊට හුරුවූ කැපී පෙනෙනෙ අය , ආදී වශයෙන් සමාජය පිරිසිදු කිරීමේ අරමුණින් මහා සමූල ඝාතනයක් සිදුකෙරේ. මෙයට නිර්ධන පන්ති ආඥාදායකත්වය කියා කියති. විප්ලවයෙන් පසුව ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කිරීමේ අරමුණින් ඝාතන දිගටම සිදුකෙරේ. චීනයේ ජනගහනයෙන් හතරෙන් එකක්ම මෙසේ මැරුවාලු.

    1971 හෝ 1989 දී ලංකාවේ ජනතාවට ආයුධ රැගෙන කැරළි ගැසීමේ අවශ්‍යතාවයක් නොවීය.එහෙම අහේනියක් නොවීය.එහෙම අසහනයක්ද නොවීය. කිසියම් තරුණ පිරිසක් ජවිපෙට රැවටුනි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්ට සමාජයෙන් තමන්ට නොළැබෙන මහා පිළිගැනීමක් සහ සෙස්සන් අතරින් තෝඅරාගැනීම නිසා ඇතිවන මනෝභාවයක් ද ඊට හේතුවිය.
    ඔවුන්ට තිබුනේ සරල උත්තරයකි. ඒ විප්ලවයයි.

    විප්ලවයෙන් සියළු ප්‍රශ්න විසදේ. විප්ලවයෙන් පසු ප්‍රශ්න විසදෙන්නේ කෙසේදැයි අසන අය මරන නිසාත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය , සියළුම මානව අයිතිවාසිකම්,ජනමාධ්‍ය නිදහස, අධිකරනයේ ස්වාධීනත්වය ආදී කිසිවක්ම නැතිව පක්ෂ පක්ෂය නම් වු සෙක්කුවක කැරකෙන්නට ජනතාවට සිදුවන නිසා ප්‍රශ්න විසදෙන බව ඇත්තකි.පක්ෂය ජනතාවට ඉදිරියෙනි.

    එදා කැරළි ගැහුවේ අසහනය දරාගත නොහැකි නිසා නම් අද ඒ ප්‍රශ්න විසදිලාද
    අද සමාජවාදී කදවුර බිද වැටී විප්ලව වලට තිබූ ලෝක සහනුභූතිය නැත. එසේනම් අප කැරළි ගසා ඇත්තේ සෝවියට් අවශ්‍යතාවයටය. දිවි පිදූ මුග්ධයන් ඇසටවත් දැකනැති නන්නාදුනන රුසියානුවෙක් වෙනුවෙන් දිවි පුදා ඇත.,

    1991 පෙරෙස්ත්‍රෝයිකාවෙන් පසු ලොව පුරා මාක්ස්වාදී ත්‍රස්තවාදය අහෝසි වී ඇති නිසාය.

    ReplyDelete
    Replies
    1. ammapa eththa oi oya parlimenthuwe ke gahanna 10k 12k yewwata okunta kawadaath balayak denna hoda ne ita wada MR ta apahu dena eka hodai

      Delete
    2. යකා තවත් දේවල් එකතු කරලා.. ස්තුතියි....

      Delete
    3. //1991 පෙරෙස්ත්‍රෝයිකාවෙන් පසු ලොව පුරා මාක්ස්වාදී ත්‍රස්තවාදය අහෝසි වී ඇති නිසාය//

      සෑහෙන දුරට ඔවු තමා.ඵත් ඔයා කියන විදියට 100%ක් ම නෙවේ.?
      ලතින් ඈමරිකාවේ මාක්ස්වාදී ආණ්ඩු හතු පිපෙන්නා වගේ බිහිවෙන්නේ ඈයි?

      ග්‍රීසිය වමට හෑරුනේ ඈයි.
      යුරෝපයේ වාමාoශික පක්ශ ඉතා වේගෙන් තමන්ගේ චන්ද ප්‍රතිශතය වෑඩිකරගන්නේ ඈයි?
      වත්මන් ක්‍රමයට වඩ බටහිර මාද්‍ය විසින් විවේචනය කරපු නෑගෙනහිර ජර්මනියේ කමියුනිස්ට් ක්‍රමය ඉතා හොදබව දෑන් ඵරට වෑසියන් බහුතරයක් කියන්නේ ඈයි?

      මාවෝ සේතුන් හෝචීමින් මිනීමරුවන් නොවේ.
      නියම මිනීමරුවා ධනවාදී ක්‍රමයයි.
      රටවල් සුලු ගනනක(චීනය,වියට්නාමය,ලතින් ඈමරිකාව,කියුබාව හා ග්‍රීසිය )හෑර දෑන් මුලු ලෝකයේම පවතින්නේ ධනවාදී ක්‍රමයයි.
      ලෝකයේ මේ රටවල ඵක්සත් ජාතින්ගේ සවිධනයේ සඛ්‍යා ලේඛන වලට අනුව ඵකදවසකට මිනිසුන් 20 000ක් හාමතේ මෑරෙනවා.මේ ලෝකයේ අති බහුතර රටවල් පිලිගන්නේ ධනවාදී ක්‍රමය.ඵ්ත් ඵ රටවල දවසකට මිනිස්සු 20 000ක් කන්න නෑතිව මෑරෙන්න ඈරලා තියනවා.
      ඉතින් යකා මිනීමරන්නේ කමියුනිස්ට්වාදයද?
      ඔයා කියන ඔය ජයග්‍රාහී ධනවාදයද?

      Delete
    4. ලතින් ඇමරිකාවේ මාක්ස්වාදී ආණ්ඩු හතු පිපෙන්නා වගේ බිහිවෙන්නේ ඈයි?//

      ලතින් ඇමරිකාවේ මාක්ස්වාදී ආණ්ඩු බිහිවී නැත.වෙනිසියුලාවේ හියුගෝ චාවේස්,බොලීවියාවේ මොරාලෙස් ලාගේ ආණ්ඩු මාක්ස්වාදී ආණ්ඩු නොව සමාජ ප්‍රතිසංස්කරන ආන්ඩුය. එය පැහැදිලිවම කියුබානු ක්‍රමයෙන් වෙනස් වේ.දැණ් කියුබාව රාජ්‍ය ධනවාදය කරා සෙමෙන් යන නිසා මේ රජයන් හා කියුබාව ඉදිරියේදී සමන විය හැක.

      ග්‍රීසියේ වාමාංශික ප්‍රවණතාවය නරක නැත.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගෙන ජයග්‍රහනයෙන් පසු විරුද්ධ මතධාරීන් මරන , මොළ ශෝධනයට වැඩ කදවුරු වලට , දේශපාලන කදවුරු වලට යවන ත්‍රස්තවාදයක් එහි නැත. එම රටවල බිම් මට්ටමේ සාමාජිකයන් තුලද ත්‍රස්තවාදී අදහස් නැතැයි සිතමි.

      ධනවාදය වෙනස් කළ යුතුයි. ඒ සදහා විද්‍යාත්මක ක්‍රමයක් අප සොයා ගත යුතුයි.ධනවාදයේ යහපත් පැතිද තිබෙනවා අප විවේචනය කරන කොමියුනිස්ට්වාදය ( අප දුටු ආදර්ශයන් ) තුල ඊට වඩා හොද තිබෙනවා.නමුත් ඒ හොදට වඩා නරක වැඩියි.

      මම සමාජවාදියෙක්.නිදහස් චින්තකයෙක්.ප්‍රාග්ධනයේ සේම අනෙක් පීඩක විශයන්ටත් එරෙහි වූවෙක්.

      මූලිකවම වෙනස් මත දරන අය ප්‍රතිගාමීන් ,ප්‍රතිවිප්ලවවාදීන් ලෙස සළකා මරා දැමීම නම් අනුමත කරන්නෙ නෑ

      Delete
    5. //මම සමාජවාදියෙක්.නිදහස් චින්තකයෙක්.ප්‍රාග්ධනයේ සේම අනෙක් පීඩක විශයන්ටත් එරෙහි වූවෙක්//

      උබ ඔය ඵකෙක්වත් නෙවෙයි............. පට්ට බොරුකාරයෙක්.

      උබා ප්‍රජා පීඩනයට විරුද්දයි නම් මහින්දා රාජපක්ශට කඩේ ගියේ මොකද බන්?
      උබේ බොරු බබාපාට් දාපන් කොන්ඩේ බෑදපු චීන්නුන්ට........

      //ලතින් ඇමරිකාවේ මාක්ස්වාදී ආණ්ඩු බිහිවී නැත.වෙනිසියුලාවේ හියුගෝ චාවේස්,බොලීවියාවේ මොරාලෙස් ලාගේ ආණ්ඩු මාක්ස්වාදී ආණ්ඩු නොව සමාජ ප්‍රතිසංස්කරන ආන්ඩුය. එය පැහැදිලිවම කියුබානු ක්‍රමයෙන් වෙනස් වේ.දැණ් කියුබාව රාජ්‍ය ධනවාදය කරා සෙමෙන් යන නිසා මේ රජයන් හා කියුබාව ඉදිරියේදී සමන විය හැක.//
      හම්මේ උබේ දෑනුමේ තරම.සූරියප්පෙරුම වගේ.......
      යකෝ ඵගලන්තෙ ආන්ඩුවයි ඈමරිකාවේ ආන්ඩුවයි 100%ක් සමානද?ඵතකොට ඈමරිකාවේ ආන්ඩුවයි ඔස්ට්‍රේලියාවේඅ ආණ්ඩුවයි 100ක් සමානද?ඔය 3ම උබ කියන මිනීමරන මාක්ස්වාදී කදවුරු ඈමරිකන් චිත්‍රපටිවල මිසක් මහපොලවේ තිබ්බ ඵ්වා නෙවෙයි.ඵ් කාලේ සමසමාජය බලයට ආවොත් 60ට වෑඩි මිනිසු මරනවා කියලා ජේආර් ලා බොරු කිව්වා.මිනිස්සු ලනුව කෑවා.සමසමාජය නෑතිකලා.ජේආර් ව ගෙනාව.ජේ ආර් 14-15 ඉදන් 80 දක්වාම වයස්වල ලක්ශයක් විතර මරලා දෑම්මා.ඔන්න ඔහොමයි වෑඩේ වෙන්නේ.
      ඈන්ටි කොමියුනිස්ට් ප්‍රොපග්‍රන්ඩාවේ ලනු කාල පිස්සු කෙලියට අපිට කරන්න දෙයක්නෑ.ඈත්ත මිනීමරුවා සමාජවාදයද......නෑත්නම් ඵක දවසට 20 000ක් කන්න නෑතිව මෑරෙන වත්මන් ධනවාදී ක්‍රමයද කියලා අපි දන්නවා.උබ කියන මිනීමරන මාක්ස්වාදී කදවුරු ඈමරිකන් චිත්‍රපටිවල මිසක් මහපොලවේ තිබ්බ ඵ්වා නෙවෙයි.ඵ් කාලේ සමසමාජය බලයට ආවොත් 60ට වෑඩි මිනිසු මරනවා කියලා ජේආර් ලා බොරු කිව්වා.මිනිස්සු ලනුව කෑවා.සමසමාජය නෑතිකලා.ජේආර් ව ගෙනාව.ජේ ආර් 14-15 ඉදන් 80 දක්වාම වයස්වල ලක්ශයක් විතර මරලා දෑම්මා.ඔන්න ඔහොමයි වෑඩේ වෙන්නේ.
      ඈන්ටි කොමියුනිස්ට් ප්‍රොපග්‍රන්ඩාවේ ලනු කාල පිස්සු කෙලියට අපිට කරන්න දෙයක්නෑ.ඈත්ත මිනීමරුවා සමාජවාදයද......නෑත්නම් ඵක දවසට 20 000ක් කන්න නෑතිව මෑරෙන වත්මන් ධනවාදී ක්‍රමයද කියලා අපි දන්නවා.ධනවාදී රටවල්.ඵ් උනාට මේ රටවල් 3ම ආණ්ඩුක්‍රම ඵකකට ඵකක් සමානද?

      ලතින් ඈමරිකාවේ අනිත් ආණ්ඩු 100%ක් කියුබාවට සමාන නොවුන පලියට ඵ්වා මාක්ස්වාදී ආන්ඩු නෙවේ
      කියලා කියන්නේ කොහොමද බන්?
      සමාජවාදය ඵ් ඵ් රටවලට ගෑලපෙන හෑටියට වෙනස්වෙන්න ඔන.
      ඵතකොට තමා ඵ් ඵ් රටවලට ගෑලපෙන විදියට සමාජවාදී ස0කල්ප යොදාගෙන සේවයක් කරන්න පුලුවන් වෙන්නේ.
      කියුබාවේ විදියටම වෙනිසියුලාවේ වෙනවනම් ආණ්ඩු දෙකක් මොකටද බන්?අනේ උඹ වගේ පිස්සෙක්!!!

      මම මේ පහලින් දාලා තියෙන්නේ ලතින් ඈමරිකාවේ අලුතින් බලයට පත් උන ආන්ඩුවල විස්තර. ඵ්වා කියවල බලලා මේ අණ්ඩු සමාජවාදී ඵ්වා නෙවේද??? බොරු කියන්නේ මමද යකාද කියලා කියවන උන් තීරනය කරයි.

      1. මේ තියෙන්නේ වෙනිසියුලාවේ පාලක පක්ශය ''ඵක්සත් සමාජවාදී පක්ශය''.ඵ්යාලා සමාජවාදී නෙවේලු.....යකා තමයි කියන්නේ.
      ඵ්යාලගේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගෑන පහෙම කියවලා ඈමරිකාව ඵක්ක ගනුදෙනු කරන හෑටි ඵහෙම බලලා මෙයාලා සමාජවාදී නෙවෙයිද කියලා තීරනය කරන්නකෝ.

      https://en.wikipedia.org/wiki/United_Socialist_Party_of_Venezuela

      2. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ බලයට ආපු ''ඵල් සෑල්වඩෝර්'' ආන්ඩුව.මෙයාලා හිටපු මාක්ස්වාදී ගරිල්ල හමුදාවක්.යකා කියනවා මාක්ස්වාදී ගරිල්ලා හමුදාව මාක්ස්වාදී නෑතිලු.

      https://en.wikipedia.org/wiki/Farabundo_Mart%C3%AD_National_Liberation_Front

      3. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ පත්ඩුන ''උරුගුවේ'' ආන්ඩුව.ලෝකේ දුප්පත්ම ජනාදිපති "ජොසේ මුජිකා"හිටියේ මේ රටේ.ඵ් ජනාදිපතිතුමා හිටපු මාක්ස්වාදී ගරිල්ලා බටයෙක්.

      https://en.wikipedia.org/wiki/Broad_Front_(Uruguay)

      මේ වගේ තව ලිස්ට් ඵකක් දෙන්න පුලුවන්.

      ඈමරිකාව කියනවා චාවේස් කොමියුනිස්ට්වාදියෙක් ඌ අපේ හතුරෙක් කියලා.යකා කියනවා ඵ්ක ඵහෙම නෑ ලු.යකෝ CIAඵකටහ් වඩා සුපිරි බුද්දි අoශයක් යකාට තියෙනවානේ බලාගෙන යනකොට.


      උබ කියන මිනීමරන මාක්ස්වාදී කදවුරු ඈමරිකන් චිත්‍රපටිවල මිසක් මහපොලවේ තිබ්බ ඵ්වා නෙවෙයි.ඵ් කාලේ සමසමාජය බලයට ආවොත් 60ට වෑඩි මිනිසු මරනවා කියලා ජේආර් ලා බොරු කිව්වා.මිනිස්සු ලනුව කෑවා.සමසමාජය නෑතිකලා.ජේආර් ව ගෙනාව.ජේ ආර් 14-15 ඉදන් 80 දක්වාම වයස්වල ලක්ශයක් විතර මරලා දෑම්මා.ඔන්න ඔහොමයි වෑඩේ වෙන්නේ.
      ඈන්ටි කොමියුනිස්ට් ප්‍රොපග්‍රන්ඩාවේ ලනු කාල පිස්සු කෙලියට අපිට කරන්න දෙයක්නෑ.ඈත්ත මිනීමරුවා සමාජවාදයද......නෑත්නම් ඵක දවසට 20 000ක් කන්න නෑතිව මෑරෙන වත්මන් ධනවාදී ක්‍රමයද කියලා අපි දන්නවා.

      Delete
    6. @ ම,ම
      //මූලිකවම වෙනස් මත දරන අය ප්‍රතිගාමීන් ,ප්‍රතිවිප්ලවවාදීන් ලෙස සළකා මරා දැමීම නම් අනුමත කරන්නෙ නෑ//

      උඹත් හරියට මහින්ද වගේමයි බං,මේ කියන එක ඊගාව මොහොතේ මතක නැහැ.දැන් උඹම නේද කිව්වේ 71 විජේවීර මරලා දැම්මානම් 89 මුකුත් නැහැ කියලා හිටං.

      Delete
    7. Manoj FernandoAugust 11, 2015 at 3:29 PM@

      තේරුනේ නැද්ද බන් . මම කිව්වෙ කොමියුනිස්ට් රාජ්‍ය්යේ විරුද්ධ මටහ්ධාරීන් ඝාතනය ගැන.
      ඒ වගේම එක් පුද්ගලයෙක් මෙලොව එලිය නොදුටුවානම් විශාල විනාශයක් වළක්වාගන්න තිබුන නම් ඒක සාධාරණයි කියල මම හිතන්නෙ. හිට්ලර් ගැනත් එහෙම අදහසක් තිබෙන්නෙ. ඒක විරුද්ධ මත මර්ධනයක් නොවෙයි.

      Delete
  8. ජවිපෙ ගැන කියන්නේනම් අනෙක් පක්ෂවලට අමතරව කාඩර් වරයා දැඩි ලෙස සූරාකෑමට ලක්කරන පක්ෂය ජවිපෙය. රැකියාවක් හෝ වෙන වාසියක් තකා පෝස්ටර් ගහන වෙනත් පක්ෂවල අය එක අතකට හරිය. ජවිපෙ සාමාජිකයාගේ කාලය ධනය දේපළ පක්ෂය විසින් සූරාකනු ලබයි. ඒ ගැන විමසූ විට පක්ෂය වෙනුවෙන් සහෝදරවරු ජීවිත පූජාකරල තිබෙනව ඔය සහෝදරය සුළු දේවල් ගැන කතා කරනවා කියා පසු බස්වයි. බිම් මට්ටමේ ජවිපෙ සාමාජිකයාගේ පුද්ගලික දියුණුව ක් ඇත්තේම නැත.

    ජවිපෙද නෑක් පක්ෂ මෙන්ම තුන් හතරදෙනකුගේ කල්ලියකින් මෙහෙයවන්නකි.සහෝදරයන් බඩු මළු ගෙන එනවා කියා හෝ භාර්යාවන් ගේ (සහෝදරියන්) ගේ වැටුපෙන් ජීවත්වනවා කියන කතා පට්ටපල් බොරුය. එය අන්ධ පාක්ෂිකයා මුලාවේ දැමීමට හැර වෙන වැදගත්කමක් නැත. කාඩර්වරු දුක් විදින අතර නායකයො සැප විදිති. ජෝජ් ඕවල් ගේ ඇණිමල් ෆාම් පොතේ ඌරන් මෙනි. ඌරන්ගේ සෞඛ්‍යට හොද ආහාර අවශ්‍ය බව අනෙක් සත්තු පිළිගනිති.

    ජවිපෙ විසදුම්ද ප්‍රායෝගික නැත.ඔවුන් දක්ෂ වැඩ අල කරන්නටය. පිකටින්වලට ,පෝස්ටර් ගහන්නට ,කටවුට් ගහන්නට නම් දක්ෂය.
    විජේවීර 1971 දී මැරුවානම් 1989 දී විශාල ජීවිත හා දේපොළ ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වනු ඇත.1989 දී එවකට ආණ්ඩු පක්ෂය වූ එජාපයේ දුර්දාන්ත පාලනයට එරෙහිව ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා සංවිධානය කරන්නට නොහැකි වුනේ ජවිපෙ මිනීමරන්නට බස් ගිනිතියන්නට පටන් ගත් නිසාය.ජවිපෙට ඕනැ වුනේ ශ්‍රීලනිපය අතකොලුවක් කරගැනීමටය.( කොටි දෙමළ සන්ධානය පාවිච්චි කළා සේ ).

    ඉන්දියානු හමුදාව දකුනට ගෙන්වාගෙන ඔවුන් ලවා සිවිල් ජනයා හිංසනායට ලක් කරවාගෙන වියට්නාමයේ මෙන් දීර්ඝ කාලීන අරගලයක් ගෙන යාමටත් ජවිපෙ හැර සෙසු සියළු බලවේග විනාශකිරීමත් ජවිපෙ සැළසුම විය.

    1989 දී ලංකා සමාජය මුහුණ දුන් ආකාරයේ ව්‍යසනයකට ( පුද්ගලයන් පැහැරගෙන ගොස් වධදී මැරීම හා පිළිස්සීම )වෙන කිසිම ජාතියක් මුහුණ දී නැත.මදක් හෝ සමාන පාකිස්තාන හමුදා බංග්ලාදේශයේ කළ විනාශයයි.ඊට වගකිව යුත්තේ ජවිපෙය.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත මතධාරියා දැක්ක කල් :D

      Delete
    2. ඒක තමයි පත්තරේ.. යකා කාලෙකින් දැක්කෙ... ජවිපය ගැන මගේ හිතේ තියන මතයත් ඕකමයි... ගම් වල අපි දකින ජවිපෙ කාඩර් වරු හැමදාම කටු කනව. ලොක්කෝ උන්ව අල්ලගන්න පච කෙලිනව..

      Delete
    3. මම අවුරුද්දකට පෙර සමීක්ෂණයනට අනුරාධපුර අවට වී ගබඩා/මෝල් ගණනාවකට ගියා, හයර්කරපු වෑන් එකේ රියදුරු මගේ ලිස්ට් එකේ නොතිබුණු තැන් රාශියකටම මතකයෙන් පාර නොවරද්දා ගියා, ඒ හැම තැනකදීම වී මුදලාලිලා රියදුරුස හදුුනන බව ඔහුට පුංචි හිනාවකින් සංග්‍රහ කල නිසා මට තේරුනා, නමුත් ඔවුනතර කතා බහක් වුනේම නෑති බව මට මීටර් වුනා. දින කිහිපයනට පස්සේ රියදුරු මා සමඟ හොඳින් කුළුපග වුනාට පස්සේ මම මේ ගැන ඇහුවාම ඔහු කීවේ, සෑම ඡන්දයකදීම ජේවීපීය මෙම වී මුදලාලිලාගෙන් මුදල් රැස්කරන බවත් මුදල් රැගනයාමට අවට නගරයක ව්‍යාපාරිකයකු (ජවීපේ ක්‍රියාකාරියකුගේ අය්යා) ඔහුගේ වැන් රථයෙන් පැමිණෙන්න බවත් පාර්සල් කරන ලද එක එක පුමාණයේ බර පාර්සල් ඔහුට ලැබෙන බවත් කීවා. මේ මුදලාලිලා ගොවීන්ගේ වී තුට්ටුදෙකට රැස් කර, රජයේ සහතික මිළට රජයට විකුණන ජාවාරම කරන අය, ජවීපේ ඔවුන්ගෙන් කප්පම්/ සන්තොෂම් ගැනීම මගේ විමතියට කරුණක්.

      Delete
    4. @ යකා

      //විජේවීර 1971 දී මැරුවානම් 1989 දී විශාල ජීවිත හා දේපොළ ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වනු ඇත.1989 දී එවකට ආණ්ඩු පක්ෂය වූ එජාපයේ දුර්දාන්ත පාලනයට එරෙහිව ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා සංවිධානය කරන්නට නොහැකි වුනේ ජවිපෙ මිනීමරන්නට බස් ගිනිතියන්නට පටන් ගත් නිසාය//

      හා හ සබාවේ තදින් සිනා.
      අනේ බන් උබ ඵ් ගමන රෙද්ද ගලවලා පෑත්තකින් තියලා හෙලුවෙන්ම ලියන්න ගත්තද?

      1987 ඉන්දු-ලoකා ගිවිසුමට විරුද්දව සoවිධානය කරපු සාමකාමී උද්ගෝශනයට යූ.ඈ.න්පී ආණ්ඩුව වෙඩිතියලා අහිoසක මිනිස්සු 140ක් බල්ලෝ බලල්ලු වගේ මෑරුවේ නෑද්ද?
      ඵ් මිනිස්සු සාමකාමීව උද්ගෝශනය කරපු අය නෙවේද?බස් ගිනිතියන්න ආපු අයද?අනේ සක්කිලියෝ...........

      Delete
    5. @ ම.ම,
      //විජේවීර 1971 දී මැරුවානම් 1989 දී විශාල ජීවිත හා දේපොළ ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වනු ඇත.//
      මම මේකට කියන්න ගිය දේ මේ උඩින් ඇනෝ කෙනෙක් කියලා තියෙන්නේ.මාධ්‍යස්ථ කිව්වත් උඹේ යකා තාමත් මතු වෙනවා බං.

      Delete
    6. AnonymousAugust 10, 2015 at 10:14 PM @

      1986 වැනි කාලයක ජවිපෙ සන්නද්ධ අරගලය තෝරාගත් බව කියවේ. උතුරේ දෙමළ සංවිධානවලින් අවි පුහුණුව ලබා ගත්හ. එමි සදහා පුරෝගාමීව කටයුතු කළ ජැෆන ජයා නොහොත් ජයතිලක නමැත්තා ලංකාදීපයේ දියතට ලිපිපෙළක් ලියමින් සිටියදී අබිරහස් ලෙස මියගියේය.ඔහුගේ කට වැසිය යුතුයැයි ජවිපෙ තීරණය කරන්නට ඇත.

      ඉන්දු ලංකා ගිවිසුම මට මතකය. ඊට විරෝධය දක්වන විට විශාල වශයෙන් බස් ගිනිතැබීමද සිදුවිය.විරෝධතා දින කිහිපයක් පැවති අතර බස් ගිනි තැඹීම එහි ජනප්‍රිය අංගයක් විය.ශ්‍රීලනිප රෝදපුටු නායකත්වය ජාතික නැගිටීමකට නුසුදුසු වුවත් ජවිපෙ මිනීමරන්නට පටන් ගත්තේ නැත්නම් ජාතික අරගලයේ නායකත්වය ජවිපෙට නිතැතින්ම ලැබේ.

      එහෙත් ඔවුහු එසේ නොකර මොළය වෙනුවට මාක්ස්ගෙ පොත ඉදිරියට දමා දැවැන්ත හමුදා යාන්ත්‍රනයක් ඉදිරියට සිසුන් හා තරුණයන් දමා විශාල විනාශයක් සිදුකළේය. ඒත් එහි ගතියක් නැති නිසා හෝ බල්ලන් හා කපුටන් ට බාබකිව් කල මිනීමස්වල ඇති හිඟය දැක කම්පිතවීමෙන් හෝ හමුදා පවුල් මරන නියෝගය නිකුත් කර හමුදාව උසිගන්වා රට අමුසොහොනක් කළේය. මේවා සැළසුම් කළ අය ප්‍රකෘති මානසික තත්වයෙන් සිටියාද කියා සැකය.

      මැරුම් කෑ 60,000 ජේවීපී කාරයන් නොවේ.ගැටළුව ඇත්තේ එතැනයි.ඔතන ජේවීපී අය 5000 ක්වත් සිටියාද සැකය. අහිංසකයො 20 ක් මැරුනට කමක් නෑ එක ජේවීපී කාරයෙක් මැරෙනවනම් යන රන්ජන් ගේ ම්ලේච්ඡ ප්‍රතිපත්තිය නිසා මොන තරම් විනාශයක් වුනාද

      මේ ප්‍රශ්නය විජේවීරගෙන් ඇසීය.ඒ ඔහු ලංකාදීපයට දුන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය ( අපි හැංගිලා නෑ ඉන්නෙ ප්‍රසිද්ධියෙ ). ඔහු දුන් පිළිතුර මෙයයි
      මිය යන්නේ ජේවීපී කාරයෝය. ඔවුහු පක්ෂයට බැදුනේ පක්ෂය ගැන නිවැරදි අවබෝධයෙනි. එනිසා ඔබේ ප්‍රශ්නය අර්ථ ශූන්‍ය විකාරයක් නේද ?

      බලන්න ඔහු මරන ගැන දක්වන සුරතල් ආකල්පය.

      Delete
    7. //1986 වැනි කාලයක ජවිපෙ සන්නද්ධ අරගලය තෝරාගත් බව කියවේ. උතුරේ දෙමළ සංවිධානවලින් අවි පුහුණුව ලබා ගත්හ. එමි සදහා පුරෝගාමීව කටයුතු කළ ජැෆන ජයා නොහොත් ජයතිලක නමැත්තා ලංකාදීපයේ දියතට ලිපිපෙළක් ලියමින් සිටියදී අබිරහස් ලෙස මියගියේය.ඔහුගේ කට වැසිය යුතුයැයි ජවිපෙ තීරණය කරන්නට ඇත.//



      මේවා අමූලික බොරු.ඔයා මෙහේම බොරු කියලා නෝන්ඩිවෙන ඵක හොදයි.ඔයාලගේ බොරු සිල් රෙද්ද ජනතාව ඉස්සරහා ගෑලවෙනවනේ.
      1986 ජවිපෙ සන්නද්ද අරගලය කරන්න තීන්දුකලා කියලා ඔයා කියන්නේ මොන සාක්කිය මතද?
      කරුනාකර සාක්ශි ඉදිරිපත්කරන්න.

      ජවිපෙ දෙමල බෙදුම්වාදී කදවුරු වල පුහුනු උනාලු.
      ප්‍රේමදාස මීනිමරුවා කියපු කතාවමයි ඔයත් කියන්නේ.බොහොම හොදයි.මේගෑන කියන්න ලොකු කතාවක් තියනවා.
      අපි දන්න විදියට ජවිපෙ දෙමල බෙදුම්වාදයට සහමුලින්ම විරුද්දයි.
      ඵ් කාලේ සහ අදත් ඉන්න අනෙකුත් මාක්ස්වාදී කල්ලි ජවිපෙට විරුද්දව ගෙනාපු ප්‍රධානම විවේචනය තමයි jvp දෙමල ජනතාවගේ ස්ව‍යo නිර්නය අයිතිය පිලිගන්නේ නෑ කියන ඵක.
      නමුත් අනිත් මාක්ස්වාදී කල්ලි ඵක පිලිගත්තා.
      විශේශයෙන්ම විජය කුමාරතුන්ගගේ මහජන පක්ශය ජවිපෙට ඵරෙහි මාක්ස්වාදී විකල්පයක් විදියට ඉස්සරහට ආවේ ස්ව්‍යo තීරන අයිතිය පිලිගනිමින්මයි.
      මේ පක්ශ දෙකේ තිබුන ප්‍රදානම ගෑටුම මහජන පක්ශය බෙදුම්වාදය පිලිගෑනීමත් ජවිපෙ ඵයට විරුද්දවීමත් කියන කරුන.ඵ් නිසා ඵයාලා ජවිපෙ සිoහල ජාතිවාදී පක්ශයක් විදියට හවඩු ගෑහෑව්වා.

      ජවිපෙ බෙදුම්වාදය ප්‍රතික්ශේප කිරීමත්, අනිකුත් මාක්ස්වාදී කල්ලි බෙදුම්වදය පිලිගෑනීමත් නිසා උතුරේ කල්ලිවල සහය නිතෑතින්ම හිමිඋනේ ජවිපේ විරෝධී ''මහජන පක්ශය'' වගේ කල්ලි වලට.විශේශයෙන් ''ප්ලොට්'' සවිදානයේ ''උමා මහේශ්වරන්'' ''විජය කුමාරතුoග'' ඵක්ක ලොකු දේශපාලන සම්බන්දයක් තිබුනා.''වාසුදේව නානායක්කාර'' ප්ලොට් රහසිගත කදවුරු වලට ගිහින් දේශන පවා තිබ්බා.
      ඵ් විතරක් නෙවෙයි මහජන පක්ශයේ කාඩර්ලට 1985 ඉදන් ටෙලෝ සහ ප්ලොට් කදවුරු වල පුහුනුව දුන්නා.මේ හෑන ලිපි පෙලක් ලoකාදීපයේ ගියා.හොයාගෙන බලන්න.විජයගේ ඝාතනයෙන් පස්සේ ජවිපේ තරුනයින් මරන්න ආපු ''මහජන පක්ශයෙන්'' සෑදුනු ''ප්‍රා'' කල්ලියට ආයුද පුහුනුකරුවන් වශයෙන් ''ටෙලෝ'' ''ප්ලොට්'' වගේ බෙදුම්වාදී කල්ලි වෑඩ කලා.
      කොටින්ම යූඈන්පී මන්ත්‍රී පෙස්ටස් පෙරේරා ලග තමා වවුනියාවේ ප්ලොට් නායකයා හිටියේ.ඔහු ප්‍රා සහ යූඈන්පී ඵක්ක ඵකතුවෙලා ජවිපේ මර්දනය කරපු කෙනෙක්.

      ජවිපේ බෙදුම්වාදී කදවුරු වල පුහුනුව ලෑබුවා කියනඵක ජවිපේ සමග ජනතාව බිදවට්ටන්න කරපු ගොබෙල්ස් පන්නයේ ප්‍රචාර.ඵ් උනාට ඵ්වා ඔප්පුකරන්න කිසිම ශාක්ශියක්......අඩුතරමේ පොටෝ කෑල්ලක්වත් පෙන්නගන්න අවුරුදු 25ක් ගිහිල්ලත් මෙයාලට බෑරිවෙලා තියනවා.
      ( නමුත් ඈත්තටම බෙදුම්වාදී කොටින්ට සල්ලි දුන්නේ සිමෙන්ති දුන්නේ ජවිපෙට කොටි කියලා කියපු ප්‍රේමදස කියලා දෑන් ඵලිවෙලා තියනවා.කොටි ප්‍රා ප්‍රෑමදාස මේ හෑමෝම අන්තිමට ඵ්කම බෝට්ටුවේ ඉදපු උන්.කොහොමද වෑඩේ??? )

      බෙදුම්වාදයට විරුද්ද උන ජවිපෙට බෙදුම්වාදී කල්ලි විසින් පුහුනුව දුන්නා කියන කතාව තරම් විහිලුවක් තවත් තියනවද?

      ජවිපෙ විරෝදී වාමා0ශික පක්ශය වූ මහජන පක්ශය(විජයගේ ඝාතනයෙන් පසුව ප්‍රා) නායක විජය කුමාරතුන්ග උතුරේ බෙදුම්වාදී නායකයන් සමග ගත් චායාරූප බලන්න.

      // https://thuppahi.wordpress.com/2015/06/28/chandrika-in-lively-q-and-a-with-lakshman-gunasekara/ //

      // http://www.sangam.org/ANALYSIS/Kittu.htm //


      Delete
    8. //1986 වැනි කාලයක ජවිපෙ සන්නද්ධ අරගලය තෝරාගත් බව කියවේ. උතුරේ දෙමළ සංවිධානවලින් අවි පුහුණුව ලබා ගත්හ. එමි සදහා පුරෝගාමීව කටයුතු කළ ජැෆන ජයා නොහොත් ජයතිලක නමැත්තා ලංකාදීපයේ දියතට ලිපිපෙළක් ලියමින් සිටියදී අබිරහස් ලෙස මියගියේය.ඔහුගේ කට වැසිය යුතුයැයි ජවිපෙ තීරණය කරන්නට ඇත.//

      අනික ඔයා මෙතන බරපතල අපරාද චෝදනාවක් කරනවා ජවිපෙට.
      ඔයා කියනවා ''ජෑජ්නා ජයා'' ජවිපේ සහ උතුරේ බෙදුම්වාදී කල්ලි අතර තුබුන සම්බන්දය ගෑන ලිපිපෙලක් ලoකාදීපයේ දියතට ලියමින් හිටියලු.(මම ලoකාදීපේ දියතේ ගිය ජෑජ්නා ජයාගේ මුලු ලිපි පෙලම ආසාවෙන් කියෙව්වා.ජෆ්නා ජයා කියන්නේ රෝහන විජේවීර විසින් යාපනයට පත්කරපු ජවිපෙ සoවිධායක.ඵයාගේ ඈත්ත නම ජයතිලක.ඵ්කේ තිබුනේ1978 ඉදන් යාපනයේ ජවිපේ ව්‍යාප්තකරන්න වෑඩකරපු හෑටි.ඵකේ කොතෑනකවත් ජවිපේ බෙදුම්වාදීන් ඵක්ක වෑඩකලා කියලා තිබුනේ නෑ.ඈත්තටම තිබුනේ උතුරේ බෙදුම්වාදීන් ජවිපේ ඵක්ක ලොකු තරහකින් හිටියා කියලයි )
      ලිපි පෙල ලියන අතරතුර ''ජෑෆ්නා ජයා'' අබිරහස් විදියට මෑරුන ලු.ජවිපෙට ''ජෑෆ්නා ජයාගේ'' කටවහන්න ඔන වෙන්න ඈති ලු.
      මේක බරපතල චෝදනාවක්.

      ඔයා මේකෙන් නොකියා කියන්නේ ජවිපේ සහ බෙදුම්වාදීන් අතර තිබුනු සම්බන්දකම් ''ජෑෆ්නා ජයා'' විසින් ඵලිකරයි කියන බයට ජවිපේ විසින් ''ජෑෆ්නා ජයාව'' මරාදෑම්මා කියන ඵකනේ.

      මේක මහා බරපතල කතාවක්.මිනීමෑරුම් චෝදනාවක්.කතාව ඈත්හනම් සහගහන මිනීමෑරුමක්.
      ඔයාට ඵහෙම කියන්න යම් සාක්කිය තියෙන්න ඔන.ඵහෙම නෑතීව නිකරුනේ මිනීමෑරුම් චෝදනා කිරිම අපේ දෑනීමේ හෑටියට බරපතල වෑරද්දක්.
      ඵහෙම සාක්කියක් තියනවානම් ඔයා ඵක අනිවාර්යයෙන්ම නීතිය හමුවට ඉදිරිපත්කරන්න ඔන.අපි දන්න නීතිය අනුවනම් ඵහෙම නොකර සිටීමත් දඩුවම්ලෑබියහෑකි වරදක්.
      යකා කියන විදියට ජවිපේ ජෑෆ්නා ජයාව මෑරුවානම්, රජය ඈයි පරීක්ශනයක් නොකලේ
      කියනඵක අපිට හරි ප්‍රශ්නයක්.මොකද යකාත් දන්නවානම් බුද්දි අoශ නොදෑනඉන්න විදියක් නෑ නේ.

      මොකද රනිල් බටලන්දේ මිනීමෑරුවා...මහින්ද ඵක්නෑලිගොඩව මෑරුවා වගේ සමාජයේ හෑමතෑනම කියවෙන පොදු ආරචියක් නෙවෙයි ජවිපේ විසින් ජෑෆ්නා ජයාව මෑරුවා කියන කතාව.ඈත්තටම ඵක මම ඈහෑව්වෙත් අදමයි.කිව්වෙත් ඔයා විතරයි.මේක දූශමාන පොදු ආරචියක් නෙවෙයි.ශෘජු චෝදනාවක්.

      කරුණාකර රජයේ බුද්දි අoශ මේ ගෑන හොයලා බලන්න.ජෑෆ්නා ජයාගේ මරණය jvp කරපු ඵකක් නම් ඊට නිසි දඩුවම් දෙන්න.

      යකා, ඵක්කෝ ඔයා මිනීමෑරුම් පිලිබද තොරතුරු දෑනගෙන ඵ්වා නීතිය හමුවට ඉදිරිපත් නොකර ඉන්න රටේ නීතිය උල්ලඝනය කරන වෑරදිකාරයෙක් වෙන්න ඔන.ඵහෙම නෑත්නම් කටට ඵන ඵන බොරු කියන ලෑජ්ජනෑති බොරුකාරයෙක් වෙන්න ඔන.
      ඔයාගේ මේ චෝදනාව නීතිය කරවන ඈත්තන්ගේ අවදානයට ලක්වී ''ජෑෆ්නා ජයාගේ'' මරණය පිලිබද ඔයා කියන කතාව ඈත්තද බොරුද කියලා ඵලිවෙන්න ඔන.

      Delete
    9. @ යකා

      //ඉන්දු ලංකා ගිවිසුම මට මතකය. ඊට විරෝධය දක්වන විට විශාල වශයෙන් බස් ගිනිතැබීමද සිදුවිය.විරෝධතා දින කිහිපයක් පැවති අතර බස් ගිනි තැඹීම එහි ජනප්‍රිය අංගයක් විය.//

      ඉන්දුලoකා ගිවිසුමට විරුද්දව උද්ගෝශනය කරන්න මීස්සු ඉතා සාමකාමීව කොළබට රෑස්වුනා.
      ඵතනට ආපු කවුරුත් බස් ගිනිතිබ්බේ නෑ මහත්තයෝ.
      ජනතාව ඉතාම සාමකාමීව තමුන්ගේ විරෝදය දක්වද්දී ජේආර් ගෆූර් කියන පොලිස් නිලදාරියාට උද්ගෝශනයට වෙඩි තියන්න කියලා අණදුන්නා.
      අහින්සක මිනිස්සු 140ක් මහපාරේ මෑරුනා.
      හරියට රතුපස්වල වගේ.රතුපස්වලදී හතරදෙනෙක් මෑරුනා.ඉන්දුලoකා ගිවිසුමට ඵරෙහි උද්ගෝශනයට වෙඩි තියල නිරායුද මිනිස්සු 140ක් මරලා දෑම්මා.
      කියන්න යකා ඵ් අය බස් ගිනි තියපු අයද?
      මිනීමරුවොද?
      රටේ ඵ්කීයබවය වෙනුවෙන් පෙනීසිටීමද ඔවුන් කල වෑරද්ද?

      ඈයි ඔයා ඵදා රටේ ඵ්කීය බව වෙනුවෙන් ඵද දිවිපුදපු දේශප්‍රෙමියෝ 140 දෙනාගේ ජීවිත පූජාව මෙච්චර හෑල්ලුවට ලක්කරන්නේ???
      මේකද ඔයාලගේ දේශප්‍රෙමීත්වය.
      යුද්දේ පෙන්නලා සුද්දේ දීපූ මහින්ද ඔයාට හරි දේශප්‍රෙමියා.
      ඵත් රටේ ඵ්කීයබව වෙනුවෙන් ජේ ආර්ගේ උන්ඩයට නිරායුදව පපුව දීලා රට වෙනුවෙන් අවසන්හුස්ම හෙලපු ඵ් වීරයෝ 140ස් දෙනා බස් ගිනිතියපු උන්.
      උබට ශාපවෙනවා බන් මේ කියන කතාවලට.උබලගේ බොරු දේශප්‍රමීත්වය...බොරු ගොබෙල්ස්වාදී ප්‍රචාර වලට ශාපවෙනවා.

      Delete
    10. මචන් මනෝජ් මම 89 සිදුවීම් ගැන මහත් සේ කම්පා වුන කෙනෙක්. විශේෂයෙන් කොල්ලො ගෙවල්වලින් පැහැරගෙන ගිහින් වධදීල මරල පුච්චපු එක.ඒ යුගයෙ මම කුඩා පාසල් සිසුවෙක්. අම්මෝ ඒ වගෙ කාලයක් නම් මේ ලෝකෙ කිසිම සමාජයකට උදා වෙන්න එපා. හමුදාවල පොලීසිවල පරපීඩා කාමුකයො කෙළ පෙරාගෙන හිටියෙ කොල්ලෙක් දකින කොට. උන් මාර තෘප්තියක් ලබන්න ඇති. එදා ඒ හිංසනයට ලක්වූ පවුල් විනාශ වෙලා ගියා. පුද්ගලික පලිගැනීම් අනන්තයි. ඒක මහ දුක් කන්දක්.විජේවීර කියන එක මිනිහ මෙලොව එළෛය නොදුටුවනම් ඒ විනාශය සිදුවෙනෙන් නෑනෙ කියල මාට හිතෙනව. කිසිම කෙනෙක් ගැන මම නොකියන කතාව ක් විජේවීර ගැන කීවෙ ඒකයි.

      ජවිපෙ ඇනෝ @
      ජැෆ්න ජයා ගැන මා කීවෙ මගෙ හිතේ ඇදුන නිකම් සැකයක්. ඒ ගැන සිත් රිදීමක් වුනානම් කණගාටුයි .සමාව ඉල්ලනවා. ජැෆ්න ජයා හෘදයාබාදයකින් මළා වෙන්න ඇති නමුත් ඔහු ඉතා වටිනා රහස් රැසක් සගවාගෙන මිය ගියා.මාත් ඒ ලිපි පෙල ආසාවෙන් කියෙව්වා. නැවතත් සමාව ඉල්ලනවා.අනේ සොරි

      Delete
    11. ඒකීයභාවය වෙනුවෙන් ජවිපෙ කළ කැපකිරීම් අගයකරනවා. එසේම මට ගැටළුව තිබෙන්නෙ ජවිපෙ එදා කළ මුග්ධ වැඩනිසා රටදැයට හිතවත් වටිනා ජවිපෙ තරුණයො මියයාම ගැනයි.වරදවා හිතන්න එපා මම උඹලගෙ විරුද්ධවාදියෙක් නෙමෙයි.2004 දි මනාප දෙකක් දුන්නෙ ඒකයි.
      ජවිපෙ ගැන මගේ විරසකයක් නෑ. හැබැයි මාක්ස්වාදය ගැනනම් ප්‍රතිවිරෝධයක් තියනවා. ඒ වගේම අද ජවිපෙ සිටින තැන ගැනනම් ලොකු අප්‍රසාදයක් තියනවා.

      කවර පක්ෂයේ වුවද ජේ ආර්ට ප්‍රේමදාසට එරෙහිව නැගී සිටි වීරයන් සදාකල්හිම ජීවමානයි.ඔවුහු ජාතියේ ආධ්‍යාත්මයේ ප්‍රකාශනයක් වූ නිසයි. ඔවුහු සියළු පරම්පරාවන් විසින් සිහි කරනු ඇති.

      Delete
    12. ඈයි ඔයා ඵදා රටේ ඵ්කීය බව වෙනුවෙන් ඵද දිවිපුදපු දේශප්‍රෙමියෝ 140 දෙනාගේ ජීවිත පූජාව මෙච්චර හෑල්ලුවට ලක්කරන්නේ???//

      මේක අහල මම දැඩි වේදනාවට පත් වුනා. එහෙම නෙමෙයි ජේ ආර් ට විරුද්ධව ඇගිල්ලක් හෝ එසවූ කෙනෙක් එදා සිටියානම් ඔහුත් වීරයෙක්.
      ඇයි මේ සිද්ධි ගැන කතා නොකරන්නෙ.
      මේවට වගකිවයුතු අය නීතිය ඉදිරියට ගේන්න කියල හඩනගන්නෙ නැත්තෙ
      රතුපස්වල තරම් මේව ගැන කතා කළේ නෑ නේද

      නමුත් ජවිපෙ අතිධාවනකාරී වූ නිසා එදා පැවති ප්‍රතිගාමී පාලනය ශක්තිමත් වුනා කියන එකත් ඇත්ත

      Delete
    13. බ්ලොග් ලිපි වලදී මා අගය කරන සංවාදමය තත්වය මේකයි. අපි මේ මගින් කොයිතරම් නොදන්නා දේවල් ඉගෙනගන්නවාද, දන්නා කරුණු සැක හැරගන්නවද. සංවාදයේ වටිනාකම මෙයයි.

      Delete
    14. @ යකා

      //ජැෆ්න ජයා ගැන මා කීවෙ මගෙ හිතේ ඇදුන නිකම් සැකයක්. ඒ ගැන සිත් රිදීමක් වුනානම් කණගාටුයි .සමාව ඉල්ලනවා. ජැෆ්න ජයා හෘදයාබාදයකින් මළා වෙන්න ඇති නමුත් ඔහු ඉතා වටිනා රහස් රැසක් සගවාගෙන මිය ගියා.මාත් ඒ ලිපි පෙල ආසාවෙන් කියෙව්වා. නැවතත් සමාව ඉල්ලනවා.අනේ සොරි//

      උබේ හිතේ ඈදුනු ඵකඵක මනස්ගාත ඈත්තවගේ කියන්න මේක ලිදලග සoගමෙ කියලා හිතුවද බන්?උබ කෝපිකඩේ දයාවතීද?
      ඈයි බන් මෙහෙම කෑත බොරු කියන්නේ?
      උබ ඉස්සල්ලා පනපිහිටුවලා කිව්වේ ජෑෆ්නා ජයාගේ මරනය ජවිපෙ වෑඩක් කියලා හිතෙන විදියට නේද?
      දෑන් කියනවා ඵක උබේ හිතලුවක් ලූ.
      උබේ අනිත් කතන්දරත් ඔය වගේ ගල් පෑලෙන බොරු තමයි.
      උබ මහ කෙප්ප යකෙක් බන් ලෑජ්ජයි .මොනවා උනත් ඔයවගේ ජරා තත්වෙට වෑටෙන්න ඵපා බන්.

      උබ වෙලාවකට කියනවා ප්‍රේමදාසට ජේඅර්ට විරුද්දව සටන්කරපු උන් වීරයොලූ.
      උන් වීරයෝ තමයි යකා.ඵ් වීරයන්ටම තමයි උබ ත්‍රස්තවාදියෝ කියලා අපහාස කරන්නේ.ලෑජ්ජයි යකා ලෑජ්ජයි.

      Delete
  9. මෙහෙමයි සාජ්ජා.................. අපේ දර්ශනයට අනුව මේ පාර ජවිපෙ ටිකක් ඉස්සරහට ඒන්න අවශ්‍යයි..... චම්පිකලා... රතන හාමුදුරුවෝ වගේ තුන්වැනි පාර්ශවය ඒතකොට නියමෙට බලවත් වෙනවා... ඒකයි මේ වෙලාවේ විය යුත්තේ... අපි කොච්චර කරත් මේ දේශපාලනඥයොන්ගෙන් ඒපැයි මොකෙක් හරි තෝරා ගන්න.......

    ReplyDelete
    Replies
    1. කුරුට්ටා... ඒක මම පිළිගන්නවා... ශක්තිමත් තුන් වෙනි පාර්ශවයක් අවශ්‍යයි... විකල්පයක් අවශ්‍යයි... ජනතාව බලපොරෝත්තු වෙන අවංක විකල්පයද මේ?? මම නම් හිතන්නෙ නෑ...

      Delete
    2. තුන්වෙනි පාර්ශවය බුද්ධිමතුන් විය යුතුයි, ජෙප්පන්ගෙන් 90% ක් විතරම විශ්ව විද්‍යායට ගිය නමුත් එහි අධ්‍යාපනයක් නොලබපු පිරිසක්නේ. උසස්පෙළ දේශපාලන තියරිවලින් රටක් ආණ්ඩුමට්ටු කරන්න යාමේ විපාක අපට ආයේ විදින්න ලැබේවි, ඇත්තටම ජනතාවකගේ කරුමය කියන්නේ මේකටයි.

      Delete
    3. ඇණේ ... මෙතන සටහනේ බුද්ධිමතුන් සහ උගතුන් සම්බන්ධයෙන් ඔබට පොඩි පැටලිල්ලක් ඇතිවෙලා. උගතුන් කියන්නෙ බුද්ධිමතුන්ම නොවේ. බුද්ධිමත් වෙන්නට උගත්කම අවශ්‍යම නොවේ. ඔය කාරණා දෙක සම්බන්ධයෙන් එකිනෙක ඈඳුමක් තිබුණත් ඒ දෙක එකට සර්ව සම්පූර්ණව සම්බන්ධ කරන්නට බැහැ. සරසවි වරම අහිමි උනාය, උපාධියක් නැතුවය කියන කාරණා වලින් බුද්ධිමත්කමක් නෑ කියන නිගමනයට පැමිණීමට බැරි බවයි මගේ නම් අදහස.
      අනිත් එක තමයි අද සමාජයේ කතිකාවක් ඇතිවෙනවා උපාධි කරුවන් වැනි උගතුන් පමණක් දේශපාලනයේ සිටිය යුතුයි කියා. එය ඉතා වැරදි අදහසක්. දහසකුත් චෝදනා වැරදි තිබුණත් අදටත් ලංකා දේශපාලනයේ නියැලුණු කාර්යක්ෂමම චරිතය ප්‍රේමදාසයි. ඔහු මා දන්නා හැටියට අටපාස් පුද්ගලයෙක්.(ඒ කරුණ වැරදි ඇති, නමුත් ඔහු අතිශය උගත් අයෙක් නෙවෙයි) . අපි දැක තිබෙනවා දේශපාලනයේ අතිශය උගතුන් අතිශය දූෂණ චෝදනා වලට ලක් උනා. සමහරු මෙලෝ රහක් නැහැ. අනුර කුමාර වරෙක පැවසුවා වගේ ලංකාවෙ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රී වරුන් ජී.එල්.ලා උනොත් කොහොමට තියෙයිද? ඒ නිසා උගත් කමේ ඒ මිම්ම මම නම් තර්කානුකූල කාරනාවක් ලෙසින් දකින්නේ නෑ...

      Delete
    4. සම්පූර්ණයෙන් එකඟයි සජ්ජා, මම (තවම)කරුණු නිසි ලෙස ගලපා ඉදිරිපත් කිරීමට දක්ෂයකු නොවේ, ඉහත කොමෙන්ට් එක ආරම්බයේදී මා ලිවීමට සිටි අදහස ඔබ ඉතාම නිවැරදිව ලියා ඇත, පාර්ලිමෙන්න්තුවේ බහුතරය අවමවශයෙන් උපාධියක් වත් ඇති අය විය යුතු බවට මතයක් "ජේවීපී වැනි අදහස් ඇති" උගත් (උපාධි සමත්) වෘත්තිකයන් පිරිසක් විසින් මතුකරනු ලබයි, එමගින් විවිධ විෂය කරුණු ගැන හසල දැණුමක් ඇති පිරිසක් පාර්ලිමෙන්තුව නියෝජනය කරනු ඇත යන්න මෙන්ම, ඔවුන් වර්තමාන මන්ත්‍රීවරුන් මෙන් විකටයන් පිරිසක් නොවනු ඇතයි අපේක්ෂා කෙරෙනවා.මෙම පාර්ලිමෙන්තුවට උගතුන් පත්කර යැවිය යුතුය යන මතය දරණ මා දන්නා කීප දෙනෙකුම පසුගිය මැතිවරණ කිහිපයකදීම ජවිපෙට ඡන්දය දුන් බව දනිමි, මගේ උපහාසය සැබවින්ම ඔවුන්ගේ තේරීම වුනේ, විශ්ව විද්‍යාලය තේරුණු නමුත් විශ්ව විද්‍යාලයේ ගත කල කාලයේ දේශපාලනය කිරීම හැර වෙනත් කිසිම විශය කරුණක් හැදැරුවේ නැති පිරිසක් වීම ගැනයි. එමෙන්ම ජවිපේ ක්‍රියාකාරීන් ඔවුන් උගතුන්/ බුද්ධිමතුන් යයි සිතා සිටිනවා, නමුත් ඔවුනගේ දැණුම සරල උසස්පෙල තියරි හා සමාජවාදී මති මතාන්තර පමණයි.
      ජවිපේ අරමුණ ආණ්ඩුකිරීම නොව ආණ්ඩුමට්ටු කිරීමයි, අවසානයේ මට්ටු (මූට්ටු)වෙන්නේ ජනතාවයි.

      Delete
  10. මුන් දෙගොල්ලොම හරි මම නම් මේ පාර ජවිපෙට කියා සමහරු කියති.මගේ බ්ලොග් මිතුරන් දෙදෙනෙක් උඩ කොමෙන්ට් දමා ඒ අදහස ප්‍රකාශ කර ඇත.මානව හිමිකම් නැතිකර දමන පක්ෂයක් ඔවුන්ට අවශ්ය නැත. ඔවුන් කියන්නේද හොද්දට ලුණු මෙන් ජවිපෙ අවශ්‍ය බව විය හැක. එසේ වී ඇත්තේ ඇයි?

    විකල්පයක් අවශ්‍ය නමුත් පේනතෙක් මානයක නැති නිසාය.අපට අවශ්‍ය විකල්පය කෙබදුද
    මට සිතෙන්නෙ අපට ශිෂ්ට විකල්පයක් අවශ්‍ය බවයි බොරු ප්‍රදර්ශනාත්මක වැඩ නැති විප්ලවීය බලහත්කාරය යටිසිතේවත් නැති යහපත් තුන්වැනි බලවේගයක් අවශ්‍යය. එවැන්නක් පේන තෙක්මානයක නැතිවීම කණගාටුවකි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකමයි මතේ මම කියන්නෙත්... ඔබ අපූරුවට ඒක විස්තර කරලා. ස්තුතියි...

      Delete
    2. යකා කියන නම ඈහෑව්වාම මට මතක්වෙන්නේ 88/89 කාලේ ජේවීපී තරුන්යන් මරපු සෙබලෙක් හිටියලු යකා මහත්තයා කියලා.
      ඵ්යා කලේ වදකාගාර වල ඉන්න කොල්ලන් මරන ඵකලු ඵයා 88/89 රාජකාරිය ඉවරවෙලා උතුරට ගියාලු.
      ඵහිදී දිඨ්ටදම්මවේදනීය කර්මය පලිසන්දීටා රන්ජන් විජේරත්න වගේම බෝම්බෙකට අහුවෙලා බාබකිව් උනාලු.
      ඔබතුමත් ජේවීපී ඵක ගෑන සෑහෙන ඈරියස් ඵකකින් පසුවෙන කෙනෙක් වගේ.

      අතීතය ගෑන ජවිපෙට විතරක් වෑරදි කියන්න බෑ.
      හෑම පක්ශයක්ම වෑරදි කලා.
      නමුත් ජවිපෙ අන්තිම අවුරුදු 25 හොදටම හොදයි.
      නමුත් අනිත් පක්ශ දෙක වෙනස්වෙලා නෑ.
      මහින්ද ගේ මිනීමෑරුම් ඵලිවෙනවා.
      යූඈන්පී පාතාල සම්බන්දකන් ඵලිවෙනවා.මහ පක්ශ වෙනස් වෙලා නෑ.
      උන් යන්නේ පරන පාරෙමයි.
      ඵ්ත් ජේවීපී හොදටම වෙනස්වෙලා කියලා පෑහෑදිලියි.අන්තිම අවුරුදු 25ට කිසිම වරදක් කරලා නෑ.ඵ්ත් මහ පක්ශ මේ සතියෙත් මිනිස්සු දෙන්නෙක්ව මෑරුවා.ඵහෙව් ඵකේ ඔයාලා ජේවීපී ඵකටම චෝදනා කරන්නේ ඔයාලගේ තියන දේශපාලන ඈට්ටරකමට නේද???
      අවුරුදු 25කින් කිසිමවරදක් කරපු පක්ශෙට දෙන්න ඵපා ගියසතුයෙත් මිනිස්සු දෙන්නෙක් මරපු පක්ශවලට දුන්නට කමක් නෑ කියල උඹලා කියන්නේ රෙදි ඈදගෙනද අම්මපා?
      ගිය සතියෙත් මිනීමරපු පක්ශ ගෑන වචනයකවත් කියන්නේ නෑත්තේ ඈයි.හරි කුහකයි නේද මහතහ්යෝ???
      ඔයාලාගේ සුදු පිරුවටේ අලි හිල් නේ.

      අපි අවoක වෙමු ජවිපෙ තරම් විනයක් තියන පක්ශයක් තවත් නෑ නේ.
      කාන්තාවන් 100ක් දූශනය කරලා පාටි දාපු , පාර්ලිමේන්තුවේ බූරු ගගහ නිලි මන්තිරියො ඵක්ක නිදිවෑදපු දේසපාලුවො ඉන්න රටක ජේවීපී කියන්නේ උතුම් පක්ශයක් යාලුවනේ.

      Delete
    3. ජේවීපිය ගැන ඇරියස් එකක් මට නැත. මම ජවිපෙට ඡන්දය දී ඇත. ඒ 2004 මහ මැතිවරණයේදී අනුර කුමාර සහ තව අයෙකුටය.
      මට මාක්ස්වාදය ගැන නම් ලොකු ඇරියස් එක ඇත. එය ඇතිවුනේ 89 දී සිදුවූ විනාශය ඇසින් දැකීමෙනි.ජීව විද්‍යාතකමව කැරළිකාර වයසේ තරුණයන් ගේ මොළ සෝදා ඔවුන්ට තුවක්කු දී දැවැන්ත රාජ්‍ය යන්ත්‍රණයක් ඉදිරියට දමන මුග්ධ දේශපාලනයේ පදනම මාක්ස්වාදය නිසාය.

      මාක්ස්වාදියා අන්තවාදියෙකි. සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක කරුණු ඌට විශය නොවේ.සර්වඥ මාක්ස් විසින් කියා ඇති දේ පරම සත්‍යය කියා විශ්වාස කරයි.මාක්ස් මහතාට මම ගරු කරමි. ඔහුගේ න්‍යාය සමාජ විශ්ලේශනයේදී ඉතා ශක්තිමත්ව ගොඩ නගා ඇත.
      ඔහුට පෙර පැවති සමාජවාදී ආදර්ශයන් හදාරා සිය දර්ශනයට ප්‍රචන්ඩ විප්ලවය ආදේශ කළේය. මාක්ස් කළ බරපතලම වරද මෙයයි.ඔහු මෙය කළේ මන්දැයි මට නොතේරේ.නිරන්තර ගැටුම් තුලින් සමාජය ඉදිරියට යන බවත් ධනවාදය අභාවයට නොයන බවත් එය නිර්ධන පන්තියේ විප්ලවයක් මගින් පෙරලා දැමිය යුතු බවත් ඉන් පසු ඇතිවන සමාජවාදය අභාවයට ගොස් කොමියුනිස්ට් තත්වය උදාවන බවත් ඔහු කල්පනාකළේය. මෙම ගැටුම් පිළිබද අදහස මාක්ස්ට ආවේ ස්වාභාවික විද්‍යාවන්හි ඇති ගැටුම් සමාජ විද්‍යාවන්ට අන්ධානුකරනයෙන් ගැලපීම නිසාය.

      මේ ගැන මීට වඩා දාර්ශනික පිළිතුරක් පහලින් කොමෙන්ට් කරමි.

      Delete
    4. @ යකා

      //මාක්ස්වාදියා අන්තවාදියෙකි. සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක කරුණු ඌට විශය නොවේ.//

      ජාතිවාදය වර්ග වාදය ආගම්වාදය වර්න වාදය මේ හෑම වාදයක්ම ප්‍රතික්ශේපකරන්නේ මාක්ස්වාදීන් පමනයි.
      ජාතිකවාදීන් ලිබරල්වාදීන් මේ හෑම කෙනෙක්ම අද තරගෙට ජාතිවාදය ආගම්වාදය වපුරනවා.ඵ්කෙන් හෙට පිච්චෙන්නේ අපේ අනාගත පරපුර.
      මාක්ස්වාදීන් මේ හෑම වාදයක්ම ප්‍රතික්ශේප කරන අය.ඔවුන් අන්තවාදීන් නෙවෙයි.
      මාක්ස්වාදී දේශපාලනය ඔයා කියන විදියට ආයුද ඵක්ක බෑදුන ඵකක් නෙවෙයි.
      ඈත්තටම ලෝකයේ බලයට ආපු මාක්ස්වාදී ආන්ඩු බලය ගත්තේ මෑතිවරණ වලින්.
      වර්තමානයේ වෙනිසියුලාව ප්‍රමුක ලතින් ඈමරිකානු මාක්ස්වාදී ආන්ඩුත් ග්‍රීසියේ සිර්සා ආණ්ඩුවත් ඵහෙමයි.

      රුසියාව චීනය කියුබාව නිකරාගුවාව වගේ රටවල උනේ ඵකාදිපති රාජාන්ඩු සහ හමුදා පාලකයන්ව සිහසුනෙන් පලවාහෑරලා ජනතාව බලය ගත්ත ඵක.ඵ්වාට කෑරලි ගෑසීම් කියන්න බෑ.

      ලෝකයේ බොහෝ ශේශ්ඨ සමාජවාදී නයකයන් මෑතිවරණ වලින් බලයට ආපු අය.
      චිලීයේ සෙල්වදෝර් අයියන්ඩේ,ටෑන්සානියාවේ ජූලියස් නියරේරේ කොන්ගෝවේ පෑට්‍රිස් ලුමුම්බා ග්වාතමාලවේ ආර්බෙන්ස් වගේ ශේශ්ඨ නායකයෝ අපිට මතක්වෙනවා.
      මෙයාලා බලයට පෑමිනි පසු නවාදී කදවුරේ ඈමරිකාව ප්‍රමුඛ සූරාකන්නන් කලෙ මොකක්ද.ඵ් ඵ් රටවල හමුදාවල හිටපු ජාතිවාදී ආගම්වාදී බලපෙරේතයන් සමග කුමන්ත්‍රන කරලා මේ ජනතාවාදී නයකයන් හමුදා කුමන්ත්‍රන කරලා ඊටපස්සේ ඵ් උගත් නායකයන මරාදාලා ජනතාව යලි වහල්බාවයට පත්කරපු ඵක තමා කලේ.
      ජනතාව පත්කරපු නායකයන් මරාදාලා ප්‍රජාතන්ත්‍රවාදය නෑතිකරලා මිනිසුන් කෑලයට තල්ලුකරලා ධනවාදීන් ඵක්ක ඵකතුවෙලා රටවල් සූර කාපු ඵක තමා සිද්ද උනේ.
      මේ සූරන්කෑමට විරුද්දව පෑනනගින ජනතා අරගල තිරස්චීන විදියට මර්දනය කරලාදෑම්මා.චිලීයේ ඔගස්ටෝ ෆිනෝචේ,කොන්ගෝවේ ජෙනරාල් මොබුටු,ඉඩි අමීන් ලකාවේ ජේ ආර් උනත් කලේ මේ දේ තමයි.

      යකාට මම ඔබ අභියෝග කරනවා සිද්ද උනේ ඵක නෙවෙයි කියලා ඔප්පු කරන්න.

      Delete
  11. මට නම් උඔගේ මේ ලිපි බර වැඩි මචං..
    ගිහින් එන්නම්

    ReplyDelete
    Replies
    1. මම මේක දේශපාලනීකරණය කරනවා නෙවෙයි බං... පොඩ්ඩක් වෙනස් පැත්තක් ගැන දකින්න උත්සාහ කළා...

      Delete
  12. සජ්ජෝ ,
    අපේ රට ලෝකය හමුවේ දක්වන වැදගත්කම ඔබට තේරිලා නැහැ.ලෝක සිතියම තියන කොලයක් අනික් පැත්තට හරවා එහි ලංකාව පෙනෙන අන්දම නිරීක්ෂණය කරලා ඉන්න.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහත්මයා. ඔබ පවසන්න උත්සාහ කරන්නෙ නාවුක වශයෙන් ඇති වැදගත්කම ගැනද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අනිත් පැත්ත කීවේ, කණපිටද? උඩයටද?
      හැබෑවටම සමරසේකර මහත්තෙයා ඕත අවබෝධකරගත්තේ කොහොමද?

      Delete
    4. සජ්ජා/ ඇනයා,
      ලෝක සිතියමක් අරගෙන (ලෝක ගෝලයක් නෙමේ) උඩ යට මාරු කරලා බලන්න. එවිට ඔබට පෙනේවි ලංකාව හරියටම තරාදියක ඇනයක් මෙන් ලෝකයේ සියලුම රටවල් උස්සා ගෙන ඉන්නා ආකාරය. කොකා සිතියමේ අන් කවර රටක් හෝ මේ විධියට දිස් වෙන්නෙ නැහැ. මේක මම හොයා ගත්ත එකක් නම් නෙමෙයි.මේක දැක්කෙ වියට්නාම් ජාතිකයෙක්.

      සමරසේකර

      Delete
    5. ඉතින් එහම කියල අපේ එවුන් මොකද්ද සමරසේකර මහත්මයා උස්සන් ඉන්නෙ? ඔය කතාව නිකං බෝධියෙන් බුදුරුවක් මතු උනා වගේ කතාවක් නෙවෙයිද?

      Delete
    6. තරමක් දුරට එකඟවෙන්න පුළුවනි සංසෝධන සහිතව, ඇමෙරිකා මහාද්වීප කෑල්ල අහකට කපල දාමු. ඒ වගේම යුරෝපය රුසියාව අඩේට ගනිමු, ඉන්දියාව?

      Delete
  13. මට මුලින්ම කියන්න තියෙන්නේ උඹ ජවිපෙ දේශපාලනය සහ උන්ගේ දේශපාලන උපක්‍රමික භාවයන් නොහො දුරට හරියාකාරව කියවා තිබෙන බවයි . අපිට මතක නැති ඉතිහාසෙක වුනත් දෙවන කැරැල්ලෙන් පස්සේ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හරහා දේශපාලනයේ ප්‍රජාන්තන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වෙන ජ.වී.පෙ එදා ඉඳන්අද දක්වාම කලේ වචන හරඹ විතරයි .
    අසාර්ථක දෙවැනි විප්ලවයෙන් පස්සේ රුපවාහිනී වැඩසටහන් වලට පවා ඇඳි රතු කමිසය සහ චේගුවේරා තොප්පිය හිමින් හිමින් ගිලිහිලා පිජාමා දේශපාලනික රුපයක් බවට පත්වුණේ උඹ ඔය කියන කතාන්දරය ඇතුලේ තමා.
    මම හිතන්නේ ජවිපෙට දැන් රාජ බලය ලබාගැනීමේ උවමනාවක් නෑ. තියෙන්නේ කීප දෙනෙක් පාර්ලිමේන්තුවට ගිහින් කරන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි

    ReplyDelete
    Replies
    1. ඉවාන්.. මුලින්ම කියන්නම්.. උඹේ පින්තූරෙ විදියට බලාපොරොත්තු උණු ප්‍රතිචාරයක් නෙවෙයි මේක :D මා දන්න සියලුම ජවිපෙ කාඩර් වරුන් අතිශය ආත්මාර්ථකාමී ගෑනුන්ට වත් හරියට කන්න නොදෙන කුහකයින් පිරිසක්... මම කියන්නෙ මම දන්නා එවුන් ගැන. ඒක හැම වෙලේම හරි නොවෙන්න පුළුවන්.. අනිත් එක තමයි ඒ කාඩර් වරුන් හැමදාම ලොක්කන්ගේ උවමනා එපාකම් වලට ඕනෙම දෙකයක් කැප කරන්න සූදානම් අතිශය අමාරුවෙන් ජීවිත ගෙවන උදවිය, එතැනදී මම නම් දකින්නෙ ලොකු එවුන් මුන්ව තමන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් කඩේ යවනවා කියල. එහෙම නොවෙන පිරිස් ඇති. අනිත් එක තමයි මුන්ගෙ රඟපෑම්.. ඒව ඕනවට වඩා වැඩියි. හොඳ දේට හොඳයි කියන්න කවදාවත් මුන්ගෙ දිව නැමෙන්නෙ නෑ.. වැල් බයිලා කිය කියා තමාගේ වාසිය වෙනුවෙන් පමණක් යමක් කියන, වැඩ කරන මවාගත්ත ප්‍රතිරූපයක් නඩත්තුකරන මුන් ඇත්තටම මට ෂුවර් නෑ...

      Delete
  14. ජේවීපී එක හැමදාම අහක දාලා තියන්නත් බැහැ සජ්ජෝ. දැන් උනුත් ජනතාවගෙන්ම පාඩම් ඉගෙනගෙන සෑහෙන්න හැදිලා. ඉදිරි අවුරුදු 10 විතර ඇතුලත ජේවීපී එක බලයට ගත්තොත් හොඳයි කියලා හුඟ දෙනෙක් හිතයි කියලයි මමනම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා.. ඇත්ත උන් දැන් ටිකක් හැදිලා කියල පේනවා... ප්‍රතිපත්ති වෙනස් කරගෙන ඉන්න බව දැනෙනවා.. අපි බලමු. මගේ මතය සහ මගේ සැකය ගැන තමයි මම මෙතන ලිව්වෙ.. අපි හිතන දේවල් නොවෙන්න, ඒව වෙනස් වෙන්නත් පුළුවන් කියල පිලිගන්නවා...ඇත්තටම කිව්වොත් සමාජවාදී ආකල්ප ගැන මගේ විශ්වාසයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදයට ආවට, ඒ වෙනුවෙන් කතා කලාට සමාජවාදී ආකල්ප ඔවුන්ගෙන් බැහැර වෙන එකක් නෑ කියලයි මම හිතන්නෙ.. පරමාදර්ශී වෙන එක ඕනෑවටත් වැඩිය උලුප්පල පෙන්නන්න හදන එකේ පොඩි අවුලක් මම දකිනවා. මම ඒ ගැනයි මෙතන කතා කරන්න උත්සාහ කරන්නෙ. අපි බලාගෙන ඉමු. තව අවුරුදු 10කින් නම් ඔවුන්ට එන්න පුළුවන් කියල මට හිතෙන්නෙ නෑ.. අවස්ථානුකූලව ඉස්මතුවෙන පක්ෂ වලට චන්දය දෙන එක අපේ මිනිස්සුන්ගෙ පුරුද්ද. ෆොන්සේකා ගේ බොහොම සුළු පක්ෂයත් මේ තරම් ලොකු ප්‍රධාන ධාරාවේ ජවිපයට වඩා චන්දය ගත්තා ඔබට මතක ඇති. ඒ වගේ ඉස්සරහටත් හතු පිපෙන මොඩල් පක්ෂ ඉස්මතු වෙන්න පුළුවන් කාලයෙන් කාලයට. හැබැයි ජවිපය මකා දමන්න බැරි බව පිලිගන්නවා...

      Delete
  15. පෝස්ට් එක බාගයක් කියවල නැවැත්තුව , වෙලාවක් තිබුනොත් ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ. ඔෆි එකේ වැඩ තිබුනොත් ඒ ටික කරනව පාර්ලිමේන්තුවේ පැහැදිලිව දෙයක් කියන්න ඉන්නෙ ජෙප්පො විතරයි විතරයි. අඩුම ගානෙ පැහැදිලිව කතාවක්වත් කරයි.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම එක එක විදියේ මතවාද තියනවා කම්මල අයියෙ. ඒ හැම දෙයටම මම ගරු කරනවා... මතවාදී ගැටුම් සාකච්චා වලින් යමක් ඉස්මතු කරගන්න හදන එක වැදගත් නෙ නේද? අපි හැමෝම පොදුවේ එකම මිනිස් පවුලක් උනත් වෙනස්කම් තියනවා. එක එහෙම වෙන්න එපැයි.. එතකොටනේ මේ ලෝකෙ ලස්සන.. හැබැයි කාට නමුත් චන්දය දෙන එක වැදගත්. රටේ පාලන තන්ත්‍රයට ජනතාව වශයෙන් අපිට සහභාගී වෙන්න ලැබෙන එකම අවස්තාව මේක විතරයි.. නිවාඩුවක් ලැබුනොත් විතරක් නෙවෙයි, නිවාඩු දාල හරි ජවිපයට චන්දය දෙන්න. ඒක තමන්ගේ මතය වෙනුවෙන් කරන ලොකු යුතුකමක්...

      Delete
    2. අනිවා, සංවාදය වැදගත් ඒත් බං මට දේශපාලනේ අරහං. ඔෆිස් එකේ වැඩ හින්ද මට ගොඩක් වෙලාවට චන්දෙ මිස් වෙලා තියනව. දැන් අලුතෙන් ආව කොම්පැනියෙ තියෙන්නෙ යහපාලනයක් හින්ද චන්දෙ දෙන්න නිවාඩු ලැබෙයි.

      Delete
    3. අනිවා, සංවාදය වැදගත් ඒත් බං මට දේශපාලනේ අරහං. ඔෆිස් එකේ වැඩ හින්ද මට ගොඩක් වෙලාවට චන්දෙ මිස් වෙලා තියනව. දැන් අලුතෙන් ආව කොම්පැනියෙ තියෙන්නෙ යහපාලනයක් හින්ද චන්දෙ දෙන්න නිවාඩු ලැබෙයි.

      Delete
  16. යාලුවා ලිපියනම් සමබර නෑහෑ.
    ඔබතුමාට ජවිපෙ ගෑන විවේචනාත්මකව ලියන්න තියන අයිතියට ඉහලින්ම ගරුකරන්න ඔන.
    ඵ්ත් ගොඩක් කරුනු ඵ්වාගේ පසුබිම මූලාරම්ගය ගෑන හරි අවබෝදයක් නෑතිව ලියලා තියන බව පේනවා.
    ඵ් බව අවස්තානුකූලව උඩ කමෙන්ට් වලින් පෙන්නලාදිලා ඈති.
    මම හිත්නන්නේ උබ මට වෑඩිය වෑඩිමල්.උබලා වගේ අය මේවා ගෑන මීටවඩා සමබරව ලියන්න ඔන කියලයි.මොකද යූඈන්පීයේ ශ්‍රී ලකා නිදහස් පක්ශයේ නූගත් මන්ත්‍රීවරු ගේන ග්‍රාම්‍ය විවේචන උබ මෙතන ගෙඩි පිටින් ලියලා.උබ වගේ කෙනෙක්ගෙන් ඵ්වා කොපිපේස්ට් කරන ඵ්ක නෙවෙයි බලාපොරොත්තුවෙන්න ඔන.
    කොහොම උනත් ජවිපෙ ඵයාලගෙන් උන වෑරදි හදාගන්න ඔන.ඉස්සරහට ප්වා නොවෙන්නත් වගබලාගන්න ඔන.ඵ් සදහා මේවගේ විවේචන ඉවහල් වේවී.ජවිපෙ ගෑන කියන්න මම මහාලොකු දේවල් දන්නෙ නෑ.මොකද මම ඵයාලට ජන්දෙ දෙන්න හිතන් ඉන්න තරුණයෙක් මිසක් සාමාජිකයෙක් නොවන නිසා.
    හෑබෑයි දන්න සහ හදාරලා තියන යම් ප්‍රමානයක කරුනු අනුවනම් මට කියන්න තියෙන්නේ උබ කියන තරම් අවුලක් වත්මන් ජවිපෙ තුල නෑති බවයි.
    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටෙකුයි තව ටිකකුත් ඔන වෙන නිසා ජවිපෙට චන්දෙ දෙන්න කියලා කියන්න මම යන්නේ නෑ.කිව්වත් වෑඩක් නෑ.උබලා පරන පුරුදු හොරුන්ටම කතිරේ ගහවි.
    හෑබෑයි අපිටනම් හිතෙන්නේ උබලා පුරුද්දට වගේ දෙන හොරුන්ට වෑඩිය දහස්ගුනයකින් ජවිපෙ සහෝදරවරු හොදයි කියලයි.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා.. ඇත්තටම චීප් පොලිටික්ස් වලින් කොපි පේස්ට් කරපු අදහස් නෙවෙයි මේවා.. මගේම අදහස්. කාගේවත් දේශපාලනික අරමුණු වෙනුවෙන් කඩේ යනවා නෙවෙයි.. යම් යම් දේවල් වල පසුබිම් කතා සහ මූලාරම්භ වෙනුවෙන් නැගී හිටපු විදි ගැන වෙන්න ඇති ඔබ අදහස් කරන්නෙ. ප්‍රශ්ණ නිරාකරණය කරගන්න උණ්ඩයට, කැරැල්ලට වඩා විකල්ප තිබෙන බව මම විශ්වාස කරනවා. මහින්ද මහතාගේ හිතුවක්කාර පිළිවෙත් පරාජය කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව පුළුවන් උනා පහුගිය කාලෙ. නමුත් ජේආර් ලගේ ප්‍රේමදාස ලගේ ඒ පිළිවෙත් වලට ජවිපය පිළිතුරු දුන්නෙ ඒ විදියට නෙවෙයි. අන්තිමේදී ඔවුන් මර්දනය උනා. රටම ලේ විලක් උනා. අසාධාරණයට උනත් නැගී සිටින්න ක්‍රියා කරන්න ක්‍රමයක් පිළිවෙතක් තියන බවයි මගේ අදහස.. ජවිපය එතැනදී ෆේල්..
      ඇත්ත.. ජවිපය වැරදි හදාගෙන වෙනස් වෙලා ඇති,. උඹ කියන විදියට උන් හොඳ ඇති. නමුත් අතීතයෙන් අපි පාඩම් ඉගෙනගත යුතුයි. මම කියන්නෙ සමස්ත පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තිය සහ දැක්ම වගේම අමුතුම ආකාරයේ රංගනය පිළිබඳව මගේ පැහැදීමක් නැති බවයි. අනිත් හොරු වගේම මුනුත් හොරු මන්කොල්ලකරුවෝ සහ මිනීමරුවෝ කියා ජනතාවට අමතක වෙලා. ඒ දේවල් හදාගත්තාම කියමු. නමුත් ඒ සමාජවාදී මතවාදයට මගේ කැමැත්තක් නෑ. ඒ පිළිබඳව මා සටහන් කළේ.
      උඹ ජවිපයට චන්දය දීපන් මලේ. ඒ ගැන කිසිම අවුලක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස. හැබැයි ඔය ජෙප්පන් ඒ කාලෙ කැරැල්ලෙන් බැරි වෙලා වත් රට ඇල්ලුවා නම් උඹට ඇද කැමති එකෙක්ට චන්දෙ දෙන්න ලැබෙන්නෙ නෑ.. එකයි ඇත්ත. උඹ කියන විදියට ජවිපයේ අවුලක් නෑ කියල පිලිගන්නම්කො මොහොතකට. ඒ වගේම තමයි අනිත් පක්ෂ වලත් අවුලක් නෑ. අවුල තියෙන්නෙ ඒ පක්ෂ වල ඉන්න එවුන්ගේ. කාලෙන් කාලෙට එන යන එවුන්ගේ.
      අපි පුරුද්දට චන්දය දීපු එවුන් ගැන විවේචන තියන බව හැබෑව. හැබැයි අපි අපේ රට සංසන්දනය කරන්නෙ අතිශය දියුණු රටවල් එක්ක. මැසිවිලි නගන්නෙ ඒ රටවල් දිහා බලාගෙන. අපේ මට්ටමේ හිටපු රටවල් කිහිපයක් දියුණු වෙලා තියන බව හැබෑව. හැබැයි අපි මොනවා කිව්වත් ඒ මට්ටමේ ඉන්න රටවල් වල දුප්පත් මිනිස්සුන්ට සාපේක්ෂව අපේ දුප්පත් එවුන් උසස් මට්ටමෙන් ඉන්නවා.අපේ මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ නෑ, සීතලට මැරෙන්නෙ නෑ, රස්නේ වැඩිවෙලා මැරෙන්නෙ නෑ.. මෙතන තියෙන්නෙ ප්‍රතිපත්ති සම්බන්ධ විවේචනයක් මිසක් වෙන දෙයක් නෙවෙයි මලේ... උඹ ජවිපයට චන්දය දෙන එක මම අගය කරනවා. අපි රටේ පාලනයට අපේ මතයෙන් සහයෝගය දෙන්න ඕන. මම නම් ජවිපයට දෙන්නෙ නෑ.. හොරු සහ වංචා නොකරන එවුන් තුන්දෙනෙකුට පක්ෂයේ වඩා හොඳ ප්‍රතිපත්ති දිහාත් බලල චන්දය දෙනවා. ඔය හැම එකාගෙම කිල්ලෝට වල හුණු. අඩුවෙන් හුණු තියන එකාට චන්දෙ දෙනව...

      Delete
    2. උත්තරේට ස්තූතී සහෝ.
      අද ඈහුන්කන් නොදෙන කන් හේට ඈහුන්කන්දේවී හේට ඈහුන්කන් නොදුන් කන් අනිද්දාට ඈහුන්කන් දේවි.
      මමත් කාලයක් ඈහුන්කන් නොදීපු කෙනෙක්.නමුත් අද ඈහුන්කන් දෙනවා බොක්කෙන්ම(ගල් බෝතලේට බුරියානි වලට ඵහෙන නෙවෙයි.)
      උබටත් ඵසේම වේවා මතු යම් දවසක.ඵල.

      Delete
    3. //අද ඈහුන්කන් නොදෙන කන් හේට ඈහුන්කන්දේවී හේට ඈහුන්කන් නොදුන් කන් අනිද්දාට ඈහුන්කන් දේවි.//

      ඕක කිව්වේ විජේවීර.මචං ජවිපෙ අතීතයේ හිටියේ කොහොමද කියන එකට වඩා වැදගත් වෙන්නේ මේ මොහොතේ උන්ගේ ක්‍රියාකාරිත්වය පවතින සමාජීය,දේශපාලන රාමුව තුල.අනික් පක්‍ෂ මනාප පොරේ ඉන්න කොට උන් එකෙන් ඉවත්ව කටයුතු කරනවා.උඹ කියනවා වගේ උන්ගේ රැස්වීමක් තියෙන පිට්ටනිය වුනත් කොළ කැල්ලක් ඉතිරි නොවෙන්න පිරිසිදු කරනවා.පෝස්ටර්ගහලා රට පුරා බිත්ති,තාප්ප වැනසුවත් උන් ලෝකෙට පේන්න හරි කරන වැඩවල පිළිවෙලක් තියෙනවා.අනිත් වැදගත්ම දේ උන්ට ඉන්නේ පාට් ටයිම් දේශපාලනය කරන අහසේ ඉන්න තරු නෙමේයි පුර්ණකාලීනව දේශපාලනය කරන පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු ටිකක්.

      තව දෙයක් ගිය ඉරිදා මම දන්නා වනාතමුල්ලේ කාන්තාවක් කිව්වා "අපේ ගෙවල් ගෝඨා කඩන්න එන කොට එකට විරුද්ධව කතා කරපු සුනිල් වටගලට ජන්දයක් දෙන්න විදියක් නැහැ නේ" කියලා. මම ඇහුවම ඇයි දෙන්න බැරි කියලා මෙන්න කියනවා අපි එදා ඉඳන් යුඑන්පි නිසා දෙන්න විදියක් නැහැ කියලා.

      ඉතින් අපි වෙනස් කරන්න ඕනේ ඔන්න ඔය කැපුවත් කොළ,නිල්,රතු කියන සංකල්පයත්.ගන්න ඕනේ දේශපාලන තීන්දු නිර්භයව ගන්න මිනිස්සු දැනගන්න ඕනේ.

      Delete
    4. ජවිපේ බලයට ආවොතින් නඟර අලංකරනය කරන්නේ කොහොමද? රුසියාවේ නං කරේ ගෝඨා කරා වගේ, වනාතේ වතු වගේ ඒවායේ ජීවත් වෙලා තිබුනේ ජිප්සිලා සහ යුදෙව්වෝ, එයාලට සයිබීරියාවෙන් කදවුරු ලබාදුන්නලු ස්තීර පදිංචියට.

      Delete
  17. අපේ තාත්තාගේ අයියාව මැරුවේ ජෙප්පන්ය. අසූ නමේදීය. අද තාත්තා මෙහෙම කීය. අපාට උඋන දේවල් නිසා මිසක් නැත්තම් අපිත් ජෙප්පන්ට දෙනවා. තාත්තා නිසා මටත් දෙන්නට බැරිය ජෙප්පන්ට. මිය ගිය මහප්පා මාව හුරතල් කරපු හැටි මතක් වෙනවාය. ඒ කාලේ ආණ්ඩුවෙන් මැරූ ජෙප්පන්ගේ පවුල් වලටද මෙය මේ විදියටම දැනෙනවා ඇත. ඒබවද දනිමි. මේ පුද්ගලික ප්‍රශ්න රටට එච්චර හොඳ නැති බවද දනිමි

    ReplyDelete
    Replies
    1. අපි ඉතිහාසයෙන් පාඩම් උගත යුතුය. වර්තමාන ඒ අදාළ මිනිසුන් මැරී ඉපදී නැති බව දැකිය යුතුය. ජවිපයේ මූලික දේශපාලනික අදහස් සහ සංකල්ප තවමත් ඔවුන් සතු බව දත යුතුය (උදා.. සමාජවාදය) .. ඒ සියල්ල කිරා මන බලා තීරණ ගත යුතුය. උඹේ මහප්ප වෙනුවෙන් මගේ බලවත් සංවේගය...

      Delete
  18. මේ ගමන අලූත් ඡන්ද, පාවෙන ඡන්ද එහෙම වැඩි ප්‍රමාණයක් ජවිපෙට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ ඉතින් අනිත් ඔක්කොම ගැන තියෙන කළකිරීම.. හැබැයි සමහරුන්ට කොච්චර කෑ ගහුවත් මෙයාලටත් කරන්න පුළුවන් වෙයිදෝ කියන සැකයත් නැතුවම නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්.. පාවෙන චන්ද කාලෙන් කාලෙට ඉස්මතු වෙන පුද්ගලයාට සහ පක්ෂයට ලැබෙන එක ස්වාභාවිකයි.. ජවිපය මේ පාර පීක් එකේ ඉන්නෙ. වැඩි චන්ද ප්‍රමාණයක් ලබාගනී. ඒත් අපි දකින හිතන තරම් ප්‍රමාණයක් නෙවෙයි.. අපි බලාගෙන ඉමු.. මිනිස්සු වෙනසක් දකින්න කැමතියි සමහර වෙලාවල් වලදී. අර කිව්ව සැකය ගැන තමයි මම මේ සටහන ලිව්වෙ...

      Delete
  19. රටට මේ වෙලාවේ අවශ්‍යම දේවල් ගැන සිතන්න. පළමුවැන්න හොර දෙටුවා නැවත පැමිණීම වැලැක්වීමයි. මහින්ද විරෝධී චන්ද දෙකට කඩා බහුතරය නොලබා වුවත් බෝනස් සීට් ටික හොර හැත්තට ලබා දීම රටට හානියකි. දෙවැන්න මානව හිමිකම් ප්‍රශ්ණය ගොඩින්ම බේරා ගෙන අපනයන වෙළඳපොලවල් විවෘත කර ගැනීම, සුළු පොලී ණය ලබා චීනයේ ගිණි පොලී ණය අඩු කර ගැනීම, දේශීය රැකියා උත්පාදනය, උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණය විසඳීම ආදියට මෛත්‍රී - රනිල් දෙදෙනාට ඇති හැකියාව වැඩිය. එසේම බටහිරට හිතවත් නායකත්වයක් මඟින් බෙදුම්වාදීන් කොන් කිරීම ද ඔවුන් දෙදෙනාට කළ හැකිය. එමෙන්ම යහපාලන පෙරමුණෙන් කණගාටුනොවී චන්දය දිය හැකි අපේක්ශකයින් කිහිම දෙනෙක්ම ඉදිරිපත් කර ඇති අවස්ථාවක, පරණ යූ එන් පියක් ගැන කියමින් පොට වරද්දා ගැනීම අවාසනාවකි. ජනතා විමුක්ති පෙරමුණ තිබිය යුතුම දේශපාලන දහරාවක් වුවද මේ අවස්ථාවේ ජවිපෙට චන්දය දීම නිසා වාසි වනේ රටට නොව මහින්දටය.

    ReplyDelete
    Replies
    1. ඉයන්.. මගේ අදහසත් ඕකමයි.. ඔබ ඒක කෙලින්ම ලියල... ජවිපය දේශපාලන ධාරාවේ, පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන එක මගෙත් මතය, හැබැයි බලයේ නොවෙයි...

      Delete
  20. සජ්ජා,
    මේක උඹේ මතය.මම දරන අදහස මෙයට වඩා වෙනස්.48 නිදහස ලැබුණායින් පස්සේ මේ අවුරුදු 67 පුරාවටම රට කෙරුවේ තට්ටු මාරු ක්‍රමයට යුඑන්පි එකයි,ශ්‍රී ලංකා එකයි.උන් දෙගොල්ලොත් ඔහොම බැලුවොත් ජවිපෙට දෙවැනි වෙන්නේ නැහැ.උන් අතීතයේ වැරදි කෙරුවා.නමුත් දැන් ඒ ගැන උන්ගේ ස්වයං විවේචනයක් තියෙනවා.ඒ වගේම දැනට තියෙන ක්‍රියාශීලි පක්ෂ අතරින් සාපේක්‍ෂ වශයෙන් හොඳ පක්‍ෂයක් තමයි ජවිපෙ.

    ජවිපෙ යලි සන්නද්ධ වෙන්නේ නැහැ.එහෙම වෙන්නේ සන්නද්ධ ක්‍රියාවලින් බලය ඇල්ලීම දැන් කල් ඉකුත්වූ හා සාර්ථක නොවූ ක්‍රමවේදයක් නිසා.වැදගත්ම දේ තමයි කාලයට අනුව වෙනස් වෙන්න තියෙන පුළුවන්කම.එදා ජවිපෙ ක්‍රියාමාර්ග අදට වලංගු නැහැ.ඒ බව ජවිපෙ තේරුම් අරන් කටයුතු කරන්නේ.

    අනිත් දේ මේරට හදන්න ශක්තිමත් ආණ්ඩුවක් විතරක් නෙමේ.හොඳ කෙලින් වැඩ කරන විපක්‍ෂකුත් ඕනේ අන්න ඒ නිසා මේ වතාවේ මම දෙන්නේ ජවිපෙට.මම එහෙම දෙන්නේ ඇයි කියලා මම ලගදි පොස්ට් එකකුත් දැම්මා.

    මේ මැතිවරණයෙන් ජවිපෙ අටත්,දොළහත් අතර ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි මගේ බලපොරොත්තුව.

    ReplyDelete
    Replies
    1. මනෝ, අනිවාර්යෙන මම උඹේ මතයට ගරු කරනවා. අපිට අපේ පුද්ගලික මතවාද තියනවා. ඒ දේවල් සාකච්චාවට බඳුන් වෙන එක ඉතා හොඳ දෙයක්.. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒකට. අන් මත ඉවසන්න, එයට ගරු කරන්න අපි ඉගෙනගත යුතුයි. ශිෂ්ඨත්වය, සභ්‍යත්වය කියන්නෙ ඒකටයි..
      ජවිපය දැන් හොඳයි. හොද යයි අඩුම තරමින් පේන්න තියනවා.. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඒක හොඳයි. වැරදි දේට විරුද්ධ වෙනවා. ඉතා හොඳයි..සන්නද්ධ ක්‍රියාවලිය විශ්වාස කරන්නෙ නෑ ලු. ඉතාමත් හොඳයි... ඇත්තටම පුනරුත්තාපනය වූ ජවිපය කලින්ට වඩා දහස් වාරයක් හොඳයි... රට අරාජික කරන්නට කීප වරක් උත්සාහ කළ ජවිපය රට කරවූ පක්ෂ දෙක පරයා ඉස්මතුවෙලා තියන බව පේනවා.. අතිශය අපූරුයි. පැසසිය යුතුයි..
      උනුත් එකයි මුනුත් එකයි, දෙගොල්ලම කෑවා .. ඒකත් අපි පිළිගමු මනෝ. හැබැයි ඒ දෙගොල්ලම යමක් කළ බවත් පිළිගත යුතුයි...ජවිපය පරිවාස ආණ්ඩුවෙන් සුළු හෝ යමක් කළ බව හැබෑව, පාර්ලිමේන්තුවේ දුෂණයට හඬ නැගු බව හැබෑව. යමක් කරන්නට බලය නොලැබුන බවත් හැබෑව. දෙපාරක් රට අරාජික කරන්නට උත්සාහ ගත බව? ඒකත් සැබෑ නේද? යම්තාක්දුරකට හෝ සමාජවාදී ලක්ෂණ පෙන්වන එක? එකත් හැබෑ නේද? තිබෙනවාට වැඩියෙන් ලොකු පෞරුෂයක් ,දැක්මක් මවා පෙන්නන්නට හදන එක? ඒකත් පොඩ්ඩක් හරි ඇත්ත නේද? අන්න ඒ දේවල් මම මෙතන ප්‍රශ්ණ කරන්න උත්සාහ කළේ.. අපි තර්ක විතර්ක කරන එක වැරද්දක් නෙවෙයි නේද?
      ජවිපය ගැන දැන් කතාකලොත් හැමෝම දෙන්නෙ ජවිපයට. ඒත් හිතන තරමට බලයක් ලැබේවි කියල මම විශ්වාස කරන්නෙ නෑ. ඒත් මම අනිවාර්යෙන් ජවිප නියෝජනය පාර්ලිමේන්තුවේ තිබිය යුතුයි කියල හිතනවා. මනෝ ජවිපයට දෙන්න. අපි කාට නමුත් අපේ මතය රටේ නියෝජනය වෙන්න චන්දය දෙන්න අවශ්‍යයි.. මම මගේ චන්දයෙන් බලාපොරොත්තු වෙන්නෙ පාර්ලිමේන්තුවේ කෑගහන්න පිරිසක් යවන්න නෙවෙයි. රටට වැඩක් කරන්න තුන් දෙනෙක් යවන්න. ඒ තුන්දෙනා මගේ දේශපාලනික මතය රැගත් පක්ෂයේ හොරු වංචාකරුවන් දූෂකයන් නොවන තුන් දෙනෙක් වීමට මම වගබලාගන්නවා.. හැබැයි ජවිපය දිස්ත්‍රික්කයේ චන්දය දෙන්නට ඕනෑ අහවල්ලුන්ටයි කියල ඔවුන්ම තෝරා දී තිබෙනවා.. ඔප්ෂන් එක පක්ෂයෙන්ම දීල...

      Delete
    2. //ජවිපය දිස්ත්‍රික්කයේ චන්දය දෙන්නට ඕනෑ අහවල්ලුන්ටයි කියල ඔවුන්ම තෝරා දී තිබෙනවා.. ඔප්ෂන් එක පක්ෂයෙන්ම දීල//

      උඹ ගම්පහ දිස්ත්‍රික්කයේ නේද ?කොළඹ නම් එහෙම නැහැ.හැබැයි කණ්ඩායම් නායකයන්ව ප්‍රධන කරලා තමයි ප්‍රචාරක ව්‍යපාරය උන් කරන්නේ.

      Delete
    3. එතැන වැරද්දක් දකින්නත් බෑ එක අතකින් කල්පනා කරනකොට. හැබැයි ඒක නූතන ජවිපෙ පරමාදර්ශයට පොඩ්ඩක් damage වෙනව වගේ නේද?

      Delete
  21. මගේ කොමෙන්ට් වලට ජවිපෙ මිත්‍රයෙක් පිළිතුරු දී ඇත.ඊට පොදුවේ කිසියම් දාර්ශනික පිළිතුරක් දීම මැනවැයි සිතුවෙමි.

    අපට විකල්පයක් අවශ්‍යය. අපට පමනක් නොව ලොවටම විකල්ප දැක්මක් අවශ්‍යය.

    මෙම විකල්පය ත්‍රස්තවාදය ,ප්‍රචන්ඩත්වය සහමුලින්ම ප්‍රතික්ශේප කරනන්ක් විය යුතුය. ජවිපෙ තුල මූලිකවම ප්‍රවර්ධනය කරනුයේ ද්වේශයයි. ඒ වෙනුවට මෛත්‍රිය කරුණාව ප්‍රවර්ධනය කළ යුතුය.ධනපති භංගවේවා නොකියා පානාතිපාතා වේරමණී කියා පටන් ගත යුතුය.

    අප මාක්ස්වාදයේ පන්ති පදනම පිළි නොගනිමු. අපට අනුව ධනපතියන් ඇතත් ධනපති පන්තියක් නැත.කම්කරුවන් ඇතත් කම්කරු පන්තියක් නැත. මායාකාරී කම්කරු පන්තියකට විමුක්තිය දෙන්න ගොස් නන්නත්තාරවන ත්‍රස්තයා සිටින්නේ මුලාවේය.

    ඊනියා කොමියුනිස්ට් තත්වය කරා රේඛීයව සිදුවන සමාජ පරිනාමයක් නොව සැබවින්ම ඇත්තේ සංසරණයකි.වහල් ,වැඩවසම් ,ධනවාදී සමාජවාදී සමාජ පරිණාමය පිළි නොගනිමු.ඒ වෙනුවට නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වන විට සමාජ හැඩතල වෙනස්වන බව පිළිගනිමු.

    ප්‍රශ්නයක් ඇත. ඒ ධනය ඒකරාශීවීම නිසා පමණක් නොව ධනය ,බලය නිළය ආදී සියල්ල ඒකරාශී වීම නිසා ඇතිවන අවුලයි.නූතන සමාජය පිරමිඩයකි.නමුත් මූලික මානව සමාජය පිරමිඩයක් නොව සමාන්තරාශ්‍රයකි.සමාන්තරාශ්‍රය පිරමිඩයක් වුනේ ව්‍යුහ ප්‍රසාරණයට සමගාමීව ඒකක ප්‍රසාරණැය වීම නිසාය. සරලව කීවොත් කුඩා සමාජය මහා සමාජයක් වීමේදී ධනවතුන් බිහිවේ.කුඩා සමාජයක නිෂ්පාදන අලෙවිකර ලබන ලාභය ධනවතෙක් බිහි නොකරයි .නමුත් ව්‍යුහය විශාල වන විට ධනවතෙක් බිහිවේ. ධනය පමනක් නොව බලයටද මෙය සාධාරණය. රජවරු රදලයන් බිහිවුනේද මේ ආකාරයටය.

    ඉහත ඡේදය යළි පැහැදිලි කරනවා නම් අතීත අහුලන් කන දඩයම් කරන සමාජයේ සියල්ලෝම සමානය . මෙම සමාජය විස්තාරනය වීමේදී විශමතා ඇතිවිය.මෙය මාක්ස් විස්තරකරන ප්‍රාග් කොමියුනිස්ට් සමාජය නොවේ. මන්ද මෙහි පොදු නිෂ්පාදන අයිතියක් නොවූ බැවිනි.

    සාධාරන සමාජවාදී සමාජයක් සදහා අප කළ යුත්තේ මෙසේ එක තැනක ගල් ගැසුන සොබාවය වෙනුවට සංසරණය ක්‍රමවත් කිරීමයි.මෙය සිදුකළ යුත්තේ දැනුම තුලිනි.අන් මත දරන අය (ප්‍රතිගාමීන් ) මැරීමෙන් නොවේ.

    මූලධාර්මිකව අප ගමන් කළ යුත්තේ ඌණනය දෙසට නොව එහි ප්‍රතිවිරෝධය දෙසටය. එනම් සියල්ල විමධ්‍යගත විය යුතුය.පරාධීනත්වය වෙනුවට ස්වයංපෝෂිත කුඩා ඒකකයක් නිර්මාණය වන්නේ එසේය.මහා ව්‍යාපාර, මහා පක්ෂ, මහා රජවරු යන ආකෘතිය බිද දැමිය යුතුය.

    මෙය ස්වාභාවිකව සිදුවේ.විප්ලව අවශ්‍ය නැත. පිරමිඩාකාර සමාජය ක්‍රමානුකූලව යළි සමාන්තරාශ්‍රයක් බවට පෙරළේ. එසේ වන්නේ අවුල ඇත්වීමට හේතුවූ " හේතුව " අහෝසි වීමෙනි.සමාජය ඥානනය වීමෙන් එය සිදුවේ.

    ReplyDelete
    Replies
    1. පොස්ටුවක් ලුණු නම් කොමෙන්ටු දෙහි බව වරක් ඇනොපිලිස් කිව්වා මතකයි. අපි නොදන්නා දේවල් ගැඹුරෙන් අදහස් ලෙස ප්‍රකාශ කිරීම වෙනුවෙන් යකාට මගේ ප්‍රණාමය....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  22. වාහනේකිං එක්ක ගිහිං ඒකෙම ආපහු එක්ක එනවානං ඌට ඇර වෙන ඕනි එකෙකුට දෙනවා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මධුවා... එකත් මරු ක්‍රමයක් තමා.. ඌරගේ මාළු ඌරගේම තියල කැපිල්ල....

      Delete
  23. ///ආර්ථික වශයෙන් ගොඩ එන්නට පුළුවන් තරමට ස්වභාවික සම්පත් නැත. ///

    මචං මේක උඹ නොදැන ලිව්වද, එහෙම නැත්නම් හිතල ලිව්වද.
    ලංකාවේ තරම් විවිධාකාර ස්වභාවික සම්පත් ඇති රටක් ලෝකේ වෙන කොහෙවත් නැති තරම්. එකම අවුල අපි ඒවා නිවැරදිව ප්‍රයෝජනයක් ගන්නේ නැති එකයි.

    ලෝකෙට තියෙන එකම Vein Graphite නිධිය තියෙන්නෙත් ලංකාවේ, නැනෝකාබන් ටියුබ් හදන්න වඩා සුදුසු වන්නේ ඒවා. අපි මිනිරන් විකුණන්නේ රු.200/- ට. නැනෝකාබන් හදන උන් ඒවා විකුණන්නේ මිලිග්‍රෑම් එක ලක්ෂ එකහමාරකට වගේ.

    සමහර රටවල් අපේ මිනිරන් සල්ලි වලට අරගෙන ඒවා ස්ටොක් කරගන්නවා, නමුත් උන් නැනෝකාබන් හදන්න තාම පර්යේෂණ කරනවා පමණයි.
    එහෙම ස්ටොක් කර ගන්නේ ඉදිරි අනාගතයේදී ලෝකේ ප්‍රමුඛතම මැටිරියල් එක වෙන නැනෝකාබන් හදන්න ඒවා අවශ්‍ය වෙන නිසා... නමුත් අපි ඒවා කුණුකොල්ලෙට විකුණනවා.

    http://www.gk-graphite.lk/graphit.html

    http://www.saintjeancarbon.com/index.php/graphite/lumpvein/

    මේ ඉතුරු මිනරල් වර්ග කීපයක්,
    http://www.srilankabusiness.com/ceramic-and-porcelain/industrial-minerals-in-sri-lanka.html

    අපිට නිකන් Raw material විකුණන්නේ නැතුව ඔය ඉන්ඩස්ට්‍රි ටික දියුණු කලත් ඇති. නැනෝ තාක්ෂණය ගැන පර්යේෂණ මධ්‍යස්ථානයක් පවා පසුගිය කාලයේ ලංකාවේ ආරම්භ කළා. ඒ හරහා දැනටත් සැළකියයුතු කාර්යයක් සිදු වෙමින් පවතිනවා.
    නමුත් අපි එතනින් එහාටත් යන්න ඕනේ.

    ඛනිජ වැලි පිරිසිදු කර වෙන වෙනම වර්ග වශයෙන් විකිණීමෙන් විශාල ලාබයක් සහිත කර්මාන්ත ශාලා ආරම්භ කල හැකියි. ඒ සම්බන්ධව ක්‍රියා කිරීමයි කවුරුන් හෝ කළයුත්තේ.


    ///දූෂණය අඩුකොරලා ඒකෙන් කොරනවා කිව්වාට ඒ සොච්චමෙන් කොරන්නට පුළුවන් මගුලක් නැත./// හෙහ් හෙහ්... ;)

    ReplyDelete
    Replies
    1. ලිකු පුතා... නෑ මචං මම ඒක ලිව්වෙ ඔය දේවල් ගැන නොදැනම නෙවෙයි...ඔය වගේ ආර්ථික වශයෙන් විශාල ලෙස ලාභ ලබන්න පුළුවන් දේවල් අපේ රටේ නැතුවා නොවෙයි.. ඒ දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ක්‍රමෝපාය දියුණු කරනවා මිසක් සිස්ටම් එක වෙනස් කරන එක නෙවෙයි කළ යුත්තේ...
      මම උදාහරණයක් දෙන්නම්... අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් අඩුපාඩු දකිනවා. ඒ නමුත් අපේ රටේ අනිත් අපේ රටවලට සාපේක්ෂ මට්ටමේ රටවල් වලට වඩා හොඳ රෝහල් තියනවා. දක්ෂ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල ඉන්නවා. උපකරණත් තියනවා. නමුත් ඉස්පිරිතාලෙට ගියාම පැනඩෝල් පෙත්ත නෑ....ලක්ෂගනනින් අනිත් ඔක්කොටම වියදම් කරනවා, පහසුකම් තියනවා. පොඩි පොඩි ආකල්ප ගැටළු සහ අර පැනඩෝල් පෙත්තේ අඩුව නිසා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයටම බනිනවා... අර පොඩි දේවල් ටික හදාගතොත් ඒ සියල්ල සර්ව සම්පූර්ණයි. අපේ රටේ තියන සිස්ටම් එකත් ඒ වගේ. සුළු සුළු දේවල් තාක්ෂණික කාරණා වෙන උනොත් මේක ගොඩ යනවා. සිස්ටම් එකේ අඩුපාඩු හදාගන්නවා මිසක් සිස්ටම් එක වෙනස් කරන එක නෙවෙයි මම නම් දකින විදියට විය යුත්ත... මතක තියාගනින්.. ජවිපය කියන්නෙ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියල...

      Delete
  24. හිත හදාගන්න බැරි නං නොදී ඉඳීමයි හොඳ. මම නං දුන්න. එතකොට විකල්ප දෙකක් ඉතිරියි. මහින්ද සහ රනිල්. හොඳද? එතන ඉඳල මම කතා කරන්නං.

    ජවිපෙ වේවා ශ්‍රී ලනිපය වේවා එජාපය වේවා මුලින් ඉඳපු ප්‍රතිපත්තියෙ දැනුත් ඉන්නවද? බණ්ඩාරනායකගෙ සඟ වෙද ගුරු... අදට වලංගුද? විජේවීර නිරාගමිකයි කියල ආගමිකයන්ට ජවිිපෙ තුල ඉඩක් නැද්ද? මට මතකයි ලාල් කාන්ත වරක් කියල තිබුන 'ආගම, විවාහය, ආදරය වගේ දේවල් පෞද්ගලිකයි' කියල. ජවිපෙ පන්සල් යනව නං දැකල තියනව. ඔය මහානායක හාමුදුරුවරුන්ට තමන්ගෙ වැඩපිලිවෙලවල් එහෙම කියන්න වගේ දේවල් වලට. ඒ හැර ආගම් ඇදහීමට පන්සල් යනව නං දැකල නෑ.(ඒක වරදක් කියනව නෙවේ)
    ජවිපෙට ඉන්නව කාඩර්වරු ටිකක්. අනෙක් පක්ෂ දෙකට එහෙම පිරිසක් නෑ. එයාල අරක්කු බෝතලේ දීල පෝස්ටර් ගස්සනව. නැත්තං පාතාලයෙකුට සල්ලි දීල ගස්සනව. මොකද්ද හොඳ?
    තමන්ගෙ කොන්ඩය කපන්නෙ පක්ෂයේ කරනවෑමියෙක් කියල හඳුන්නෙත්ති කිව්වම ඒක අවුල්ද? ඒක එච්චර කැතද?
    ලක්ෂ ගණන් වලින් අපේ සල්ලි වලින් මාසික ලයිට් බිල් ගෙවන එවුන්ද හොඳ? නැත්තං සරළව ජීවත් වෙන මිනිස්සුද?
    සරළව ජීවත් වෙන මිනිහ සරළකම ප්‍රවර්ධනය කිරීම අවුල්ද?
    සරළව ජීවත් වෙච්ච බුදුහාමුදුරුවන් අල්පේච්ඡතාවයේ අගය කීමත් අවුලක් වියයුතුයි නේද?


    ReplyDelete
    Replies
    1. අතිශය තර්කානුකූලයි, රාජ් අයියා.. බොහොම සංවාදාත්මකයි... යම් පක්ෂයකට පුද්ගලයකුට චන්දය දීම සහ නොදීම පුද්ගලික කාරනාවක්. ඒක තමන්ගේ අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය පාලනයට පුරවැසියකුට සහභාගී වීමට ඇති එකම අවස්ථාව... චන්දය නොදී ඉන්නවාට වඩා කිසියම් හෝ පුද්ගලයකුට චන්දය දෙන එක ඉතා ඉහලින් අගයකලයුත්තක්.
      රාජ් අයියා .. මම මේ ලිපිය ලිවීමට හේතු උණු මූලික කාරණාව තමයි ඇද ජවිපය කියන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක වීම. අලුත්ම විලාසිතාව වීම. අනිත් දේශපාලකයන් ඔක්කොම සර්ව සම්පූර්ණයෙන්ම වැරදියි, ජවිපය විතරක් බොහොම පිරිපුන්ය කියන කාරණාව සමාජයේ බොහෝදුරට ඉස්මතු වීම. ජවිපයේත් කිල්ලොටයේ හුණු තියනවා කියන කාරණාව මිනිසුන්ට ක්‍රමයෙන් අමතක වීම. මහ පක්ෂ දෙක රටට මුකුත්ම කළේ නෑ කියන අදහසක් හැමෝගෙම හිත් වල පැලපදියම් වීම. හැමෝගෙම අඩුපාඩු තියන බව හැබෑව. හැමෝම වැරදි කරල තියන බව හැබෑව. හැමෝගෙම පක්ෂවල දූෂිතයන් සිටින බව හැබෑව. නමුත් ජවිපය එහෙම නැතැයි කියා ප්‍රතික්ෂේප කිරීම සහ "තමන් විතරක් සුදනා" බව පෙන්වීමේ යම් රඟපෑමක් ඇතිබව මේ පොස්ටුවෙන් අදහසක් ලෙස ඉදිරිපත් කළා.
      මම ජවිපය හෝ නිදහස් පක්ෂය මූලික ප්‍රතිපත්ති වලම ඉන්නා බවක් කියන්නට යන්නේ නෑ. යූ එන් පියට සාපේක්ෂව ඔවුන් දෙකොට්ඨාශයම සමාජවාදයට යම්තාක් දුරකට බර බවයි මගේ අදහස.
      ආගම, විවාහය, ආදරය කියන්නෙ පුද්ගලික කාරණා තමයි. ඒක ඇත්ත. ලාල් කාන්ත එසේ කිව්වාට ජවිපයේ ආරම්භක ප්‍රධානීන් ප්‍රමෝට් කළේ ඔය සියල්ලට වඩා මූලික වන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය බවයි. ඒ දේවල් වලින් දැන් මිදී ඇති බව පවසන්නේ නම් එය ඉතා හොඳයි. මම ඒ කාරණා මුල ඉඳන් ඉදිරිපත් කළේ මුලත් මතක් කර දීමට. ජවිපය දැන් සන්නද්ධ ව්‍යාපාරයක් නොවේ කියාත් ප්‍රශ්ණ කළ හැකිය. ලිපිය පෙළගැස්වූ අයුරේ කාරනාවක් පමණයි එය.
      පෝස්ටර් කාරණාවේදී කාඩර් වරු පෝස්ටර් ගහනවාටත් අරක්කු දී පෝස්ටර් ගහනවාටත් යන දෙකටම මම විරුද්ධයි. හැබැයි තමුන්ගේ සල්ලි වලින් අරක්කු දෙනවා නම් කාඩර් වරුන් කටු කාගෙන පෝස්ටර් ගහනවාට වඩා අරක්කු දී පෝස්ටර් ගැසීමට මම එකඟයි.
      හඳුන්නෙත්තිගේ කොන්ඩේ කැපීමේ කතන්දරය කැතද , ඇයි අවුල්ද කියා අසනවාට වැඩිය මම නම් දකින්නේ ඒක "ටූ මච්" ටෝක් එකක් විදියටයි. යමකුගේ වැරදි නියපොත්තෙ සිට සොයනවා මෙන් නියපොත්තෙ සිට අවංක වෙන , පරමාදර්ශී වෙන විදියේ රඟපෑමක් විදියටයි මම නම් ඒක දකින්නේ...එසේ බැලූ විට චන්දය දෙනවා වෙනුවට ඒ බෝසත් චරිත වලට අපි වැඳුම් පිදුම් කලයුතුයි...
      ලක්ෂගනනින් බිල්පත් ගෙවන එවුන් උන්ගේ සාධාරණ මුදලින් එය ගෙවනවා නම් එය ඉතා හොඳයි...සරලව ජීවත් වෙමින් ඒකක 90ට ලිමිට් කරමින් බිල ගෙවනා මා වැන්නවුන් ගේත් වරදක් නැහැ. ටවුමේ කැට හොල්ලමින් පොල්තෙල් ගාපු එවුන් අන්තිමේදී ජෙල් ගාගනිමින් ලක්ෂගනනින් බිල්පත් ගෙවපු හැටිත් අපට දැක පුරුදුයි. උන් ඔය පොර ටෝක්ම ඔයිටත් වඩා ආකර්ෂණීයව දුන් හැටිත් අපට මතකයි.
      සරලව ජීවත් වන මිනිහාගේ ක්‍රමයේ සරලබව කිසිවිටෙක ප්‍රශ්නකලයුතු නැහැ. සාධාරණව ජීවත්වන සංකීර්ණ පුද්ගලයාගේ සංකීර්ණත්වයත් කිසිවකුට ප්‍රශ්නකළ නොහැකියි.
      සරලව ජීවත්වූ බුදු හාමුදුරුවන් පිණ්ඩපාත වැඩ වළඳා ඇතුවා වගේම විශාකාවගේ අශදෘෂ දානයද වළඳා තිබෙනවා.. හැබැයි බුදුහාමුදුරුවන් පිණ්ඩපාතය පමණක් මාකට් කරන්නට හැදුවේ නෑ... දෙව්දත් තෙර සංඝ භේදය වෙනුවෙන් යෝජනා කළ කරුණු පහ අනුමත කලෙත් නෑ.. කරුණු සළකා බැලූ විට ඒ කාරණා පහ භික්ෂුත්වය අංග සම්පූර්ණ කරන්නක් විදියට පෙනුණත් බුදුරදුන් එය ප්‍රතික්ෂේප කළේ ඇයි? භික්ෂුන්ගේ වූවද නිදහස් චින්තනය සහ පැවැත්ම අගයකල නිසා... දේශපාලනයටත් ඒක අදාලයි. අවශ්‍ය වන්නේ දේශපාලනික හරය ග්‍රහණය කරගැනීම සහ එය ක්‍රියාවෙන් ඔප්පු කිරීම මිසක් කොණ්ඩය කැපීම මාකට් කිරීම වත් ලයිට්බිල අඩුවෙන් පාවිච්චිය උළුප්පා දැක්වීම වත් නොවෙයි...
      සංවාදයට එක්වීම ගැන රාජ් අයියාට ස්තුතිය...

      Delete
    2. අසදෘශ දානය දුන්නේ විශාඛාව නොවෙයි. කෝසල මල්ලිකාව

      Delete
    3. සමාවෙන්න උපේක්ෂා.. වැරදුනා මට ... කෝසල මල්ලිකාව.. කොසොල් රජුගේ අගබිසව නේද?.. නිවැරදි කලාට ස්තුතියි...

      Delete
    4. සජ්ජා,
      මෙතන උඹ දක්වල තියෙන කරුණු දැක්වීමට 100% ම එකඟයි...
      එහෙම අල්පේච්චත්වය මාකට් කරන දෙන්නෙක් ඇපල් අයි ෆෝන් අතේ තියාගෙන ඉන්න ෆොටෝ වගයක් මම FB එකේ දැක්කා.
      ඔවුන් ඒවා පාවිච්චි කිරීම සම්බන්ධව කිසිම ගැටළුවක් නැහැ, නමුත් ඔවුන් අල්පේච්චත්වය මාකට් කරන අතරේ එහෙම කරන එක විහිළුවක්.

      Delete
    5. ලොකු පුතා...ඒ අයිෆෝන් දෙන්න ඇත්තෙ පාක්ෂිකයෙක්...අයිෆෝන් භාවිතය අකැපයි කියල පක්ෂේයේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නෑ.. ජවිපෙ ලොක්කෙක් පරදාර සේවනයට කුටිගතවෙලා (රුම් එකකට ගිහිං) අහු උනොත්... ආ ඒක පාක්ෂිකාවක් නිකං දුන්න ඉතින් මං &*(&)*&(. පක්ෂෙ ව්‍යවස්ථාවේ ඒක නීති විරෝධී කියල සඳහන් වෙලා නෑ. අනික චෙගුවේරටත් යන යන තැන ගෑණු හිටිය... එව්ව පුද්ගලික කාරණා... එහෙම බැලුවම ඔය ඔක්කොම පුද්ගලික කාරණා තමයි...

      Delete
  25. 'යම් සිද්ධියක් හරි හෝ වැරදි වෙන්නේ අදාල කාලයට සාපේක්ෂවයි' කියලාවිජේවීර කියලා තියෙනවා කියලා මම දැක්කා.කොහෙදිද මතක නෑ.පාවෙන ඡන්දයක් වෙන ගස්ලබ්බා ත් ඕක දකින්න කලින් ඉඳන් වැඩ ගන්න මතයක්.
    ඡන්දෙ දවසෙ උදේට ඕක හිතේ තිබුන නම් හරි කියලයි මම හිතන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් වරදක් නෑ තමයි ලබ්බා.. අතීතය පාඩමක් කරගන්නව වගේම අතීතය අමතක කරලා අළුතෙන් පටන්ගත්තාම කියන කාරණා දෙකේදීම යහපත් ප්‍රතිපල ලැබෙන අවස්ථා තියනවා. සෙකන්ඩ් චාන්ස් ගැන මම විශ්වාස කරනවා... ඒත් මේ මවාපෑම්,.. අනේ මන්ද බං.. උදේට ඕක බලල දීපං.. මොනවහරි වෙයිනෙ...

      Delete
  26. භය නැතුව දීපන් ජෙප්පන්ට..උන් විතරයි තවම වංචා දූෂණ චෝදනා...චණ්ඩිපාට් දාපු කතා නැතුව දේශපාලනය කරන්නෙ ලංකාවෙ
    88 89 කාලෙ වෙච්ච දේවල් ගැන තවමත් හිතලා ඒ මිම්මෙන් ‍ජෙප්පන්ව මනිනවා නම් මට කියන්න තියෙන්නෙ බුදුන් වහන්සේ අංගුලිමාල ගැනත් ඔය විදියටම හිතුවා නම් අංගුලිමාල කවදාවත් රහතන් වහන්සේ නමක් විදියට නිවන් දකින්න‍ෙ නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. සිරා.. උඹ කියන කතාවෙ ඇත්තක් නැතුවාමත් නෙවෙයි... සෙකන්ඩ් චාන්ස් ගැන මමත් විශ්වාස කරනවා.. අවුරුදු පහකට පාලනය දීල බලන්න තියනවා නම් ඇත්තටම හොඳයි.. එතකොට ඔය කියන සුපිරි වැඩ අපිට බලාගන්න පුළුවන්. ඒත් වෙන්නෙ හැමදාම වගේ කටින් උඩුබුරන තැනක් ලැබෙන එක මිසක් බලයක් ලැබෙන එක නෙවෙයි.. අපි බලාගෙන ඉමු. මේ පාර ට්‍රෙන්ඩ් එක ජවිපය. ලොකු බලයක් ලැබේවිද බලාගෙන ඉමු...

      Delete
  27. කියන්න දේවල් ගොඩයි.කොටන්න ගියොත් සෑහෙන්න කොටන්න වෙනවා.හම්බුන දවසක කියන එක ලේසියි ඊට වඩා.කොහොමත් මේ මජර වේසපාලනය ගැන අන්තයටම කළකිරිලා නිසා කොටන්න කිසිම ඉන්ට්‍රස්ට් එකක් නෑ.

    එකක්-
    මේ ලිපියට විරුද්ධයි.උඹ සමාජවාදය ගැන අල්ලන් ඉන්නේ තාම අර කාපුවා දිරවගන්න වේසපාලනය කරපු එවුන්ගේ ස්ටැයිල් එකෙන්.ඒ කියන්නේ රුවන්වැලිසෑය කඩලා ඒ ගඩොල් වලින් ගෙවල් හදනවා කියලා කියපු මතයෙන්.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ගේ පෙර වැරදි සහ කටින් බතල හිටවිලි ඇරෙන්න වෙන දෙයක් තියනවද කියල හිතපන්... බුරන්න ලේසියි. කොරන්න අමාරුයි... අලුත් ට්‍රෙන්ඩ් එකේ විදියට ජවිපයට ලොකු බලයක් ලැබෙයිද බලමු. රුවන්වැලි සෑ මෙතඩ් එකෙන් බලනව නෙවෙයි මචං. හැබැයි සිස්ටම් එක කණපිට ගහන්න පුළුවන්ද? කණපිට ගහන්න තරම් මේ සිස්ටම් එක අවුල්ද? ඒකත් පොඩ්ඩක් හිතල බලන්න ඕන.. අපි බලමු...

      Delete
  28. සජ්ජා හිත හදාගෙන චන්දෙ දෙන්න පුළුවන් පක්ෂයක් හෝ පුද්ගලයෙක් උඹට නම් කරන්න පුලුවන්ද.UNP හෝ සන්දානෙට මට නම් හිත හදාගෙන චන්දෙ දෙන්න බැ.උඹ හිත හදාගෙන චන්දෙ දෙන්න ඉන්න පක්ෂයක් නිර්දේශ කරපන් අපිටත් දැනගන්න.

    ReplyDelete
    Replies
    1. රවීන්, මෙහෙම දෙයක් තියනවා. ලංකාවෙ පක්ෂ දේශපාලනය කියන කාරණාවේදී ඔය හැම පක්ෂයක්ම ෆේල්. මහා පක්ෂ දෙක නිදහසෙන් පස්සෙ මේක කෑවා කියන කතාවට තරමක් දුරට එකඟ උනත් කවුරුවත් දකින්නෙ නෑ ලංකාවෙ තියන සම්පත් සහ අපේ හැකියාවත් එක්ක අපි යම්තාක් දුරකට ඉස්සරහට ඇවිත් ඉන්නවා කියල. මිනිස්සු ලංකාව මණින්නේ සිංගප්පූරු මිම්මෙන්. ජපානය ගැනයි අපි ලංකාව සංසන්දනය කරන්න යන්නෙ . ඉන්දියාවේ න්‍යෂ්ඨික ශක්තිය එක්කයි ටැලි කරන්න හදන්නෙ. පුදගලයෙක් විදියට හිතනවා වගේම තමයි රැක හැටියට හිතුවොත් අපිට යම් පොටෙන්ෂල් එකක් තියනවා. මේතාක් දුරට ඒ හැකියාව උපරිමයෙන් පාවිච්චි කරන්න දේශපාලන පක්ෂ සහ නායකයන් අසමත් වෙච්ච බව හැබෑව. හැබැයි ෆේල් වෙලා නෑ.මොකුත් නොකලාම කියන්න බෑ. අධ්‍යාපනය අතින් අපි යම් තැනක ඉන්නවා, සෞබ්‍යය අතිනුත් එහෙමයි, පුද්ගල සංවර්ධනය අතිනුත් එහෙමයි. රටේ සංවර්ධනය පැත්තෙනුත් ඒ විදියට කල්පනා කරන්න පුළුවන්. ඉස්සර හිටපු අපි නෙවෙයි දැන් ඉන්නෙ.ඇත්ත අ, අපේ හැකියාවල් දක්ෂතා එක්ක අපි ඉස්සරහට ඇවිත්. හැබැයි අමතක කරන්න එපා රටෙනුත් ඒ සඳහා යම් දායකත්වයක් සපයපු බව. ඉගෙනගෙන ලොකු තැනකට ඇවිත් පිටරටකට ගිහින් අයියෝ ලංකාව මොකද්ද, මේකේ ඉන්න එවුන් කළේ මේක කාපු එක විතරයි, මේ රටවල් දකිද්දී අපි හිටියෙ කොහෙද කියල පුරසාරම් දොඩන උදවිය මුල අමතක කරලා. රටෙන් තමන්ට ලැබුන දේවල් ගැන කල්පනා කරන්නෙ නෑ. අපිට ලැබුණු නිදහස් අද්‍යාපනය, නොමිලේ ලැබුණු සෞඛ්‍ය පහසුකම් ගැන කතාවක් වත් නෑ. පුෂ් බයිසිකලෙන් ගිය මිනිහ දැන් යන්නෙ කාර් වල. එකට පුද්ගල දක්ෂතාවය පමණක් ඉවහල් උනා නෙවෙයි. රටෙනුත් ඊට දායකත්වයක් ලැබුණ. මුන් මොකක් වත් කළේ නෑ කියන කතාව එතැනදී පිළිගන්න බෑ. උපරිමයෙන් නොකලා කියල පිලිගන්නවා. මොනවා කිව්වත් අපේ රටේ යමක් කරන්න පුළුවන් උත්සාහය, කැපවීම, දක්ෂතාවය තියන පුද්ගලයට ඉස්සරහට යන්න පුළුවන්. වියයුත්තේද එයයි. අපේ රට කලින් තිබු මට්ටම හා සමාන අනෙකුත් රටවල් බහුතරය අද අපේ මට්ටමේ නෑ කියන එකයි මගේ විශ්වාසය. අද සිල්සමාදම් වී සිටින යවිපය බැරිවෙලා වත් එදා රටේ බලය ඇල්ලුවා නම් අද මේ රට බොහොම වෙනස් එකක් බවයි මගේ විශ්වාසය. ඒ වෙනස යහපත් එකක් වෙන එකක් නෑ. අද ජවිපය එසේ නැතැයි අපි සිතමු.
      අපි යමක් තෝරාගැනීමේදී කලින් කළ දේවල් සොයා බලනවා. පෙර වැරදි , කීර්ති නාමය සහ කළ දේවල් ගැන සොයා බලනවා. බඩුවක් ගන්න ගියාමත් අපි ඒක සොයනවා. ජවිපයේ පෙර වැරදි තියනවා. අපි ඒවා අමතක කරමු. ඔවුන් දැන් යහපත් යයි සිතමු, සෙකන්ඩ් චාන්ස් එකක් දෙමු. ඔවුන් කරලා තියෙන්නෙ මොනවාද? දුෂණයට වැරදි දේවල් වලට නැගී සිටි එක, ඒවාට විරුද්ධව කතා කළ එක, ඒ වෙනුවෙන් පෙනී සිටි එක. ඒව බොහොම හොඳයි. නිදහසෙන් පසුව රටට වැඩියෙන්ම වැඩ කළ දේශපාලන ප්‍රවාහය ලෙස මා දකින්නේ එජාපයයි. ඔවුන්ගේ වැරදි තිබෙනවා. දුෂණ තිබෙනවා, භීෂණ තිබෙනවා, අකාර්යක්ෂම කළමනාකරණය පේන්න තිබෙනවා. නමුත් මහා පක්ෂ දෙක මේකට මොකවත්ම නොකලා, මේක කෑවා කියන මතය මා පිළිගන්නේ නෑ. හැමදාම ගෙදරින් කන එකේ වෙනසකට කඩෙන් කනවා වගේ වෙනසකට "කරලා බලන්න" ජවිපයට දෙන එකේ වරදක් මා දකින්නේ නෑ. ඒ කෑම හිතන තරම් ආතල් එකක් වෙයිද, බඩේ අමාරුවක් නොහැදෙයිද කියා කියන්නට මා දන්නේ නෑ. ඒක පුද්ගලානුරූපී කාරනාවක්. පෙර වැරදි ඇති ඒත් යමක් කළ ප්‍රවාහය වෙත පෙර වැරදි ඇති එහෙත් දැනෙන්නට යමක් නොකළ ප්‍රවාහය බැහැරකොට මා නැඹුරු වන්නේ එහෙයින්. ඒ ප්‍රවාහයට තෝරාගන්නා පුද්ගලයන් සුදුස්සන් සහ දක්ෂයන් වීම වියයුත්තක් ලෙස මා දකිනවා. ජවිපය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි යන මතය මා බැහැර කරන්නේ නෑ. එම ප්‍රවාහයට පක්‍ෂවීම සහ චන්දය දීම ජනතාව සතු කාර්යයක්. මා මෙතන සඳහන් කළේ මා ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය. එය සමහරවිට වැරදි වන්නට පුළුවන්...

      Delete
  29. සජ්ජා කරුණූ කෙරෙහි අවදානයට වඩා උඹේ ලිවීමේ ශෛලිය අනර්ඝයි මචං අනර්ඝයි. හැම ැකාටම මතයයක් තියෙනවා.අපි හැම එකාවම ඒ ඒ හැම මතයයකටම ගරු කළයුතුයි කියල මම හිතනවා නමුත් රටක් රාජ්‍යක් කරන්නට හැමෝගෙම පොදු මතයක් අවශ්‍යයි. මිනිස්සු හැටහත් වසරක් මොනවා කලේදැයි විවිධාකාර ප්‍රස්න ගොඩ ගහනවා. අතීතයේ කුණුකන්දල් හාරා ඇවිස්සිය යුතු නැත.නමුත් අපි ඒවා අධ්‍යයනය කල යුතුය යන්න මගේ හැගීමයි. විභාගයේදී ලිවිය යුත්තේ පසු ගිය පාඩම් අධ්‍යයනය කිරීමෙන් ඉගෙන ගන්නා කරුණූ විය යුතුයැයි මා සිතමි. එමෙන්ම එම පාඩම් වර්තමානයේ ලැබෙන ප්‍රස්න පත්තරයට අනුව හැඩගසා ගැනීමද අප විසින්ම කල යුතුය. එමෙන්ම අප සිතිය යුත්තේ සියළුම පක්ෂයන් පෙර කරන ලද වැරැදි වලට මේ කාලය නොාවන බවයි. මන්ද රුපියලේ අගය පාවෙන්නේ යම් සේද මහ ජනයාද පාවෙන්නේ ඒ සේය.

    ReplyDelete
    Replies
    1. වැවා..ස්තුතියි මචං....උඹ කියපු කාරණා වලට එකඟයි.. ඉතිහාසය වගේ වර්තමානයත් මේ වගේ කාරනාවකදී සැලකිල්ලට අරගන්න ඕන. මම මෙතන ජවිපය විවේචනය කරන්න හේතුව ඔවුන් ඕනාවට වඩා "පර්ෆෙක්ෂන්" පෙන්නන්න යන නිසා.. වෙන කිසි දෙයක් නෙවෙයි...වැවා උඹ දැන් ලියන්න හොර වෙලා...

      Delete
    2. මේ දැනුත් සුළුතරයගෙ වෛරී ක්‍රීයාකලාපයන්ට යම් පිරිසක් ලක්වෙනවා/වුණා. හැම තැනම ඒ වගේ සුළු පිරිසක් විසින් අත්තනොමතික විදියට සුළුතර කම්කරු පිරිස යටකරනවා...මොකද්ද මේකට උත්තරය....

      Delete
    3. ඕකට හරි හමන් උත්තරයක් කොහෙවත් නෑ බං.. ඕකට පිළිතුරක් මේ ලෝකෙ කොහෙවත් නෑ...අපේ එවුං නං කියනවා හැම එකාම උන් ගාව ඕකට උත්තර තියනව කියල... ලොවෙත් නෑ...

      Delete
  30. පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි ඔක්කොම කියෙව්වම කාට චන්දේ දෙන්නද හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. කවිකාරි.. මේ ඔක්කොම කියෙව්වම නං කරකෝල අතැරිය වගේ ඇති... ඒ නමුත් කාට හරි කමක් නෑ චන්දෙ දෙන්න...

      Delete
  31. විජේවීර කියන්නේ සදාදරනීය නායකයෙක් කියලා මම අදටත් විශ්වාස කරනවා. විජේවීර හිටියනම් ජෙප්පන්ට චන්දෙ දෙන්න දෙසරයක් හිතන්නෙ නෑ. ඒත් අද ජෙප්පන්ට චන්දෙ දෙන්න දෙසරයක් හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉමා... සදාදරණීය කතාව කෙසේ වෙතත් විජේවීරට යම් තනි ප්‍රතිපත්තියක් තිබුණ.. මම ඒකට ගරු කරනවා...

      Delete
  32. මම උඹෙන් කියවපු වල්ල පට්ටම ළිපිය මචෝ...

    ඒත මගේ සත දහය ජෙප්පන්ට දෙනවා...

    ReplyDelete
    Replies
    1. මං මේ බැලුවෙ පහුගිය ටිකේ කොහේ හරි අන්තරස්දහන් වෙලා හිටියද කියල.... ජයවේවා ලොකු අයියෙ.. උඹ දීපං.. මම නං දෙන්නෙ නෑ... ඒත් කාට නමුත් චන්දය දීම ඉතා වැදගත්.. දේශපාලනයට මිනිසුන්ගේ සහභාගීත්වය ඉතා වැදගත්.. දේශපාලන සංවාද ඇතිවීම ඉතා වැදගත්....

      Delete
  33. මචං කට ඇරපන් උඹේ කටේ මසුරං දාන්න ...මම ජෙප්පෝ ගැන ලියපු බල්ලෙක් වත් නොකියපු ලිපියක් තියෙනවා මෙතන දාන්න හිතුනා

    ලියොන් ට්‍රොට්ස්කි ‘Their Morals And Ours ‘’නම් පොතේ මෙසේ සඳහන් කර ඇත
    “මේ සංවිධාන නිර්ධන පන්ති විප්ලවයේ ක්‍රියාමාර්ගය පිළිගන්නා හෙයින් එය සමග අපගේ නො එකඟතාවයක් බැලු බැල්මට ද්විතියක බැව් පෙනෙන්නට තිබේ .ඇත්තෙන්ම,ඔවුන්ගේ පිළිගැනීම අගයක් නොමැති දෙයක් බවට පත් වන්නේ එය ඔවුන් කිසිවකට බැඳ නොතබන බැවිනි .ඔවුන් නිර්ධන පන්ති විප්ලවය පිළිගන්නේ කාන්ටියානුවාදීන් පරම විධානය පිළිගත් ආකාරයෙනි .එනම් ශුද්ධ වූ මුලධර්මයක් හැටියට මිස දෙයිනික ජිවිතයට උපයෝගී කර ගත හැක්කක් ලෙස නොවේ .ප්‍රායෝගික දේශපාලන තලයේදී ඔවුහු අපට එරෙහි අරගලය සඳහා විප්ලවයේ දරුණුම සතුරන් සමග එක් වෙති “
    මේ මෑත භාගයේ පැවති මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක රුපවාහිනි වැඩසටහනකට සහභාගී විය වැඩසටහන මෙහෙයවූ සන්නස්ගල ඔහුගෙන පැනයක් විමසනවා
    පැනය- ඔබ මාක්ස්වාදියෙක්ද ?
    පිළිතුර - අනිවාර්යෙන්ම ....
    නමුත් ඒ වැඩසටහනේ මැද හරියට එන විට අනුර කුමාර තමා විප්ලවය විශ්වාස නොකරන බවත් ,,මේ රටේ මේ නවීන ආයුධ තියෙන හමුදාවක් එක්ක හැප්පෙන්න අපිට බෑ වගේ ග්‍රාම්‍ය කතාවක්ද පවසයි ..එය නිකන් කෝ බං උඹලගේ විප්ලවේ කියා ඇසුවාම ,,අපෝ ඒවා බෑ රාජ්‍ය බලවත් ,ධනපතියන්ගේ ආයුධ බලවත් අපිට විප්ලවය කරන්න බෑ ,අපි බයයි ,වාගේ කතාවක්ය ,දැන් මේ කතාව නැරඹු දුන්නම කන්නන්ට ඔලුව කොලොප්පන් වෙනවා නොඅනුමානය ...ඊට එහා ගියපු අපූරු සිදුවීමක් ඊට ටික කලකට පසු මේ ලිපිය ලියන දුන්නම කන්නාට දකින්නට හැකි විය එයද රුපවාහිනි වැඩසටහනකි ,මාක්ස්වාදී (අනුර කියන හැටියට )ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නියෝජිතයෙක් පැමිණි සිටි අතර වෙනත් පක්ෂයක නියෝජිතයෙක් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයාට පැනයක් යොමු කළහ .
    පැනය- මහින්ද රාජපක්ෂ මහතා ගෙනාපු අය වැයට ජනතා විමුක්ති පෙරමුණ චන්දෙ දුන්නේ නෑ ,නමුත් එකසත් ජාතික පක්ෂය ගෙනාපු අය වැයට ඔබ තුමන්ලාගේ පක්ෂය චන්දෙ දෙන්නේ නෑ ,මේ අය වැය දෙක අතර තිබෙන ප්‍රතිපත්තිමය වෙනස් කම් මොනවාද ?
    පිළිතුර - දැන් මේකයි ගංජා ගහලා ඇවිල්ල මොන මොනවා හරි කියවනවා ,,මේගොල්ල ඉන්නේ සමාජවාදය එනකන් සමාජවාදය එනකන් බලා හිටියොත් හිටියොත් මුකුත් කරන්න වෙන්නේ නෑ ,ජනතාවට සහන ටිකක් ලැබුනා ...අපිට ඒ අය වැය දෙකේම ප්‍රතිපත්තිමය වෙනසක් නෑ ...
    අනුර කුමාරගේ සිද්දියෙන් ඔලුව කොලොප්පන් වී සිටි මට මේ සිද්ධියෙන් පසු ,තේරුම් ගත නොහැකි ප්‍රශ්න ගණනාවක් ඇති විය ,,ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ සමාජවාදය යනු ගංජා ගැසීමෙන් පසු කියවන දෙයක් කියාද ?එසේ නම් අනුර කුමාර තමා මාක්ස්වාදියෙක් කියා හඳුන්වන්නේ බොරුවටද ? ධනවාදය ඇතුලේ තිරෝභුත වී සිටින සමාජයට ජනතා විමුක්ති පෙරමුණ අය වැයෙන් ලබා දෙන සහනය කුමක්ද ?මේ කියන්නේ දුන්නම කන්නන්ගේ දේශයේ ජනතාවට දෙන දේ කන්න ප්‍රශ්න කිරීම් වලින් තොරව ඉඩ දීය යුතු බවද ?එසේ සහන ලැබෙනවානම් පෙර අවස්තාවලදී ධනපති ආණ්ඩුවට ජැක් ගැසීම නිසා අද සමාජය මගින් දුන්නම කන්නන් මත වැටෙන පීඩනය අල්ප වී ඇත්ද ?මඩේ ලගින තාරාවන් මඩෙන් ගොඩ ගන්නට උත්සාහ කරනවා විනා උන්ව නහවා පලක් නැත ,,ලැබෙන්නේ තාවකාලික සුවයක් පමණි ,,දැන් ජනතා විමුක්ති පෙරමුණ යෙදෙන්නේ මඩේ ලගින තාරාවන් නාවන තාලේ දේශපාලනයකද ?සමාජවාදය එනකන් හිටියොත් මුකුත් කර ගන්නට වෙන්නේ නෑ කියමින් මුකුත් කර ගන්නට හදන්නේ ධනවාදය ඇතුලෙද?
    තේරුම් ගත නොහැකි ගැටළු රාශියක් මට සිතේ ඇති විය ...ජනතා විමුක්ති පෙරමුණ දැන් පෙනී සිටින්නේ නිර්ධන පංතිය වෙනුවෙන් නෙමෙයිද ?රෝහණ විජේවීර පැරණි වම ධනපති ආණ්ඩුවට ජැක ගැසීම නිර්ධය ලෙස විවේචනයට බඳුන් කළේය ,ඔහු ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගීමේදී බලාපොරොත්තු වූ යුගයේ දේශපාලන අවශ්‍යතාවය මෙයද ?
    අද වෙනකොට පංතියත් එක්ක සමායෝජනය වීම පසෙකලා ,මාද්‍ය සංදර්ශන මගින් ගොඩ නැගෙන ජනප්‍රියත්වයෙන් දියවන්නාව තරණය කිරීමට උත්සාහ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන උපාය මාර්ගය වී ඇත්ද ?අනිකුත් ධනපති පක්ෂ සමග හරි හරියට රුපවාහිනියේ රේඩියෝවේ ප්‍රචාරක කටයුතු වල යෙදුනු ජනතා විමුක්ති පෙරමුණට බලාපොරොත්තු වූ තරම් ජනතා ප්‍රසාදයක් හිමි නොවුයේ මන්ද ?
    ප්‍රමාණාත්මක වෙනස් කම් ගුණාත්මක ලෙස වර්ධනය වීම ,මෑත ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ තුල අපි දුටුවේ නැත ,එය එලෙස සිදු වූයේ ඇයි ?ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අමතක කර ,පංතිය පැත්තකට දමා සුළු ධනේශ්වර ජනප්‍රිය දේශපාලනයේ යෙදීම හේතුවෙන්ද ?

    සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදීද ?

    ReplyDelete
    Replies
    1. මචං... මං උඹේ ලිපිය කියෙව්වා.. උඹව ෆලෝ කරන්න පුළුවන් විදියට ඕක හදාගනින්....

      Delete