සීයගෙ මරණෙ සමඟ අටපිරිකර, සාංඝීක දාන කතා සමග "ධනපාල ICU" .....



කාලෙකට පස්සෙ.... ආයුබෝවන් , වාසනාවන් කිව්වා ඔන්න එහෙනං කට්ටියටම.. දහසක් දේවල් ලියන්න හිතේ තිබුනත්, ඉවාන් "කරුමෙ ඩබල් පින සිංගල්" කිව්වෑහැ මිනිස්සුන්ට ප්‍රශ්ණ කරදර සහ කාර්යබහුලත්වය එනකොට එන්නෙ ගස් ගල් පෙරලාගෙන. පොඩි කෙල්ල ඉපදුණ දවසෙන් පටන්ගත්ත වෙලාවක් ඉස්පාසුවක් නැතිකම, ඊට හරියටම මාසෙකින් අපේ සීය අන්තරා උනාම ගිනි විජ්ජුම්බරයක් උනා.... හරි හරි සීයට නිවන් සැප ලැබේවා... උඹලගෙ බලවත් කණගාටුව නිසාවට ඔන්න දැන් අපේ සීය දිවිය ලෝකෙ...


සීයට අඩුවක් පාඩුවක් නොවෙන්න හැමදාම සලකපු අපට ඒ සම්බන්ධයෙන් අබමල් රේණුවක තරමක් වත් පසුතැවිල්ලක් හිතේ නෑ.. උන්දෑ ඉන්න කාලෙ හරියට කන්න බොන්න දීල බෙහෙත් අරන් දීල සාත්තු සප්පායම් කරල මැරෙනකල් හොඳින් බලාකියාගත්ත අපට අවුරුදු 87ක් ජීවත්වෙලා අපිව දාල ගියා කියල හිතේ ලොකු දුකක් නෑ. එක්තැන් නොවී , අපා දුක් විඳින්නෙ නැතුව එකම මුණුබුරාගේ අත උඩ අන්තිම හුස්ම අරින්න තරමට අපේ සීය පින් කරල තිබුණ. මළමිනිය මාකට් කරකර දවස් ගණන් වටේ මිනිස්සුන්ට එන හැත්ත බුරුත්තට කන්න දෙන්න කරදර කරකර ඉන්නඑක එක අතකින් බැලුවම  කරදරයක්වෙන  නිසාවට මැරුණු දාට පහුවදා උන්දැව ආදාහනය කළා. දුර ඉඳන් අවසාන ගෞරව දක්වන්න එන්න තරම් නෑදෑයෝ නැති නිසා වගේම එහෙම ඉන්න එවුං සීය ජීවත්වෙලා ඉන්න කාලෙ උන්නද මළාද කියල නිකමටවත් ඇහුවෙ බැලුවෙ නැත්තං ඒ වගේ නෑදෑයෝ "මිනිය බලල දෙකට නැවිල යන්න අහවල් එකකට එනවද" කියන අදහස හිතේ තිබුන නිසා කරවල උම්බලකඩ කරකර දවස් ගණන් මිණිය "මාකට්" නොකරන්න තීරණයකළා.
 
කවුරුහරි මළාම දුක ඉවසගන්න බැරුව අඬන්නේ මට නම් තේරෙන විදියට හේතු කාරණා කීපයක් නිසා. එකක් ඒ මැරුණු පුද්ගලයා සමහ තිබෙන කායික හෝ මානසික සම්බන්ධතාවය අහිමිවීමේ දුක නිසාවට. තවත් එකක් තමයි ඒ මැරුණු පුද්ගලයා නැතිවීමෙන් ඔහුගෙන්/ඇයගෙන්  ලැබෙන්න තියන දේවල් ආයෙමත් නොලැබෙන අඩුව සහ එයින් ඇතිවන පාඩුව සිහිවෙන නිසාවට. ජීවත්වෙලා ඉන්න කාලයෙදි ඔහු වෙනවෙන් කලයුතු යුතුකම් හරි ආකාරව ඉටුකරගැනීමට නොහැකිවූ නිසාවට. සහ ජීවත් වී සිටින කාලයේ ඒ පුද්ගලයාට යම් කෙනහිලිකමක් , අඩුපාඩුවක් තමන්ගෙන් සිදුවීම නිසා සිතෙහි ඇතිවන පසුතැවීම නිසාවට.
 
ඔය කාරණා වලින් අපේ හිතේ සීය සම්බන්ධයෙන් ඇතිඋන එකම දුකට හේතුව පලවෙනි කාරණාව විතරයි. කන් ඇහෙන්නෙ නැති නිසා ගෙනත් දීපු ශ්‍රවනාධාර උපකරණෙ කණේ ගහපු වෙලේ ඉඳන් "මේක ගලවහාන් ..... කණ කහනවා" කියනකොට ඒකට බැනපු විදිය මතක් වෙලා ඒ ගැනත් දුකක් නොහිතෙනව නෙවෙයි... මැරුණුදාට පහුවදා අවසන් කටයුතු සිද්ධ කලාට හත්දවසම එළිවෙනකල් ආපු උදවියට හරියට කන්න බොන්න දීල , බණ දවසෙ රෑ ගමේම මිනිස්සුන්ට බඩපිරෙන්න කන්න දීල පහුවදා සාංඝීක දානෙත් හොඳට දුන්නු පිනෙන් අපේ සීයගෙ පින් කලෙක්ෂන් එක තව ටිකක් තර වෙන්නැති.
 
"කොළුවො උඹ ආවද, කපමුද බං රැවුල, අද නැද්ද බං මැච් එකක්, ඉළබැරැන්ද රිදෙනව ගාපන්කො සිද්ධාලේප ටිකක් වත් , කෝ යකෝ මෙතන තිබ්බ බුළත් වට්ටිය , අම්මට වක්කොරන්න කියහන් කහට එකක් " වගේ වචන සෙට් එකක් එක්ක ඩේලි මගෙත් එක්ක ගනුදෙනු කරපු සීය සදහටම යන්න ගිහිං. කොහේ ගිහිං ආවත් උන්දැගේ කාමරේ දොර රෙද්ද මෑත් කරලා බලල "සීයෙ" කියල මහ හයියෙන් කතාකළාම "ආ උඹ දැන්ද ආවේ" කියල උත්තර දෙන්න ඒ ඇඳ උඩ හිටපු සීය අද නෑ..... කෙලින් කටින් ඉන්න කාලෙ ගොවිතැන් කරපු, බුලත් කොටු හිටෝපු අපේ  සීය පණ වගේ රැකගත්තු උදළු, යවුල්, යකඩ ඉණි , ඉණේ බැඳගෙන හිටිය රිදී හවඩිය , බුලත් වට්ටිය , විට කොටන වංගෙඩිය තැන් තැන් වල තනිවෙලා... අපිට අල්ලන්න වත් නොදී පණ වගේ රැකගත්තු ඔය වගේ දේවල් යනකොට අරන් ගියාද? ජීවිතේ හැටි ඔහොම තමයි... ජීවත්වෙලා ඉන්න කාලෙ මොන සෙල්ලම් දැම්මත් අන්තිමට යන්න වෙනවා...

පඳුරු තලන්න පටන්ගත්තාම නවත්තගන්න බැරි උනා මිසක් මේ ලියමනේ ප්‍රධාන කාරණාව සහ මාතෘකාවට අදාළ දේ සීයගෙ අන්තරා වීම නෙවෙයි. පහුගිය කාලෙ බ්ලොග් එක පැත්තෙ එන්න වත් අනිත් බ්ලොග් කියවන්න වත් වෙලාවක් තිබුනෙ නෑ. අඩුමගානේ දොස්තර ලියමනට අපේ කට්ටිය දාපු කොමෙන්ටු වලට වගඋත්තර බැඳලා සංවාදයක් මතුකරගන්න වත් ඉස්පාසුවක් නැති උනා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ ලිපියේදී සමහරු වැරදි අදහසක් හිතේ දරාගෙන තිබුන. හැම දොස්තර කෙනෙක්ම ඒ කිව්වා වගේ එපා කරපු ටයිප් පොරවල් නෙවෙයි. මගෙ ලොකු මස්සිනාත් දොස්තර කෙනෙක්. ආස්සරේ කරන අතීසාර දොස්තර මිත්‍රයෝ කීපදෙනෙක්ම ඉන්නවා. මේ වගේ දේවල් මතුකරලා දක්වද්දී හැමෝම ඒ "නරක කුලකයට"වැටෙන්නෙ නැති බව පුනපුනා කියල තියනව. දෙවිවරු වගේ වෙදදුරෝ ඕනෑ තරම්. හැබැයි අරවගේ කාලකන්ණි නිසා හොඳ උන්ගෙ නමටත්  කැළලක් වෙන එක තමයි අවුල.
 
මාතෘකාවට එන්නම්... හත් දවසෙ දානෙට හාමුදුරුවන්ට දෙන පිරිකර මොනවද කියන මාතෘකාව... "පන්සලේ ලොකු හාමුදුරුවන්ට අටපිරිකරක් දෙන්න එපැයි" ... "අටපිරිකර සහ සෙසු පිරිකර" ....."සෙසු පිරිකර වලට සීනි, කිරිපැකට්, සබන්, බුරුසු, රේසර්?".... "මළගෙදර ,දාන වලට වියදම් වැඩි නිසා හැමෝටම අටපිරිකර දෙන්න විදියකුත් නෑ".....දානෙ දවසට කලින් දවසෙ අපේ කතාබහක් තමයි ඒ... එකදිගටම යෙදුනු දේවල් නිසා ඇත්තටම ගෙදර ආර්ථිකේ නට්ටන් වෙලා තිබ්බෙ. ඔය වගේ කාලෙට අපේ තාත්ත කියන්නෙ "ධනපාල ICU" කියල. (දැඩි සත්කාර ඒකකේ) "ඔක්කොටම කලින් නායක හාමුදුරුවන්ට කතාකරල ඉමු" තාත්තගෙ අයිඩියාව.
 
"ලොකු හාමුදුරුවනේ අපේ මළගෙදර හත් දවසෙ දානෙට දෙන පිරිකර ගැන කතාබහ කරගන්නයි ආවෙ, අටපිරිකරකුයි ඉතුරු හයනමට සෙසු පිරිකරයි පූජා කරන්න තමයි අදහස. ඔබවහන්සෙ පූජකරන අටපිරිකර පරිහරණය කරනව නේද?".... "බොහොම හොඳයි මහත්තය මට මේ දවස් වල පාවිච්චි කරන්න අටපිරිකරක් උවමනා කරල තියනවා නං තමයි. එහෙම අදහසක් තියනවා නං මං පාවිච්චි කරන අටපිරිකර ගැන යක්කල අසවල් පිරිකර කඩේ මුදලාලිට කිව්වම කියාවි සෙසු පිරිකර වලට මහත්තය දෙන්න අදහස් කරගෙන ඉන්නෙ මොනවද?" තාත්තා කලින් හිතාගෙන හිටපු විස්තරේ හාමුදුරුවන්ට කිව්වම හාමුදුරුවෝ කියපු කතන්දරේ තමයි මෙතන වැදගත්ම කතාව. ඇත්තටම මම මේ පෝස්ටුව ලියන්න හේතු වෙච්ච මූලිකම කාරණාවත් ඒකමයි.

"මහත්තය ( මහත්තය කතාව මෙතන දාන්නෙ ඇත්තටම හාමුදුරුවො එහෙම කියන නිසා මිසක් අර පත්තරකාරයො හැම කෙහෙල්මලටම මුලට දාන ලොකු ටයිප් ටෝක් එක නිසා නෙවෙයි) දානෙට වඩින පොඩි නමවල් පිරිවෙන් වල ඉගෙනගන්න බොහොම පොඩි දුප්පත් පන්සල් වල ඉන්න උදවිය. ඒ උදවියට ඉගෙනගන්න කාලෙ මුදල් උවමනයි. මහත්තේලා රුපියල් දෙසීයක් වියදම් කරල සීනියි තේකොලයි පිරිකරක් විදියට පූජා කලා කියල ඔය උදවිය ඒ දේවල් පාවිච්චි කරන්නෙ නෑ. ඒ දේවල් හැම තැන වලින්ම පිරිකර විදියට ලැබෙනව. උන්නාන්සෙල කරන්නෙ ඕක විකුණලා මුදල් කරගෙන වියදම් වලට තියාගන්නෙක. මහත්තේල රුපියල් සීයක් වියදම් කරලා සීනි කිලෝ එකක් දුන්නම හාමුදුරුවරු ඒක තම්බි මුදලාලිට රුපියල් පනහකට විකුනගන්නවා. සීයක් දෙන එකෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ රුපියල් පණහයි. අහක ඉන්න මනුස්සයෙක් අරකෙන් බාගයක් උපයගන්නවා. ඒ නිසා මෙහෙම කරන්න. අරගන්න පොඩි ඇක්සයිස් පොත් හයක් . මහත්තේල පිරිකරට වියදම් කරන්නෙ රුපියල් සීය නම් ඒ සීය අර පොත අස්සට දාල බ්‍රවුන් පේපර් කොලේක ඔතල පිළිගන්වන්න. මහත්තෙලාට ඒ දානෙ ආනිසංසේ ඒ විදියටම ලැබෙනවා වගේම හාමුදුරුවරුන්ටත් ඒක ලොකු උදව්වක් වෙනවා" ඔන්න කතන්දරේ.

 මගේ ක්‍රමේට අනුව නම් හරිම කාලෝචිතයි. තර්කානුකූලයි. හාමුදුරුවරුන්ට මුදල් අකැපයි කිව්වට මුදල් මූලික වෙච්ච සමාජෙ උන්නාන්සේලාගේ වියපැහැදම් කවුද පියවන්නේ? ලොකු පන්සල් වලට මිලමුදල් යහමින් ලැබුනට ගමේ පොඩි පන්සල් වල හාමුදුරුවරු ගමන් වියදම්, බේත්හේත් වලට මුදල් ගොයාගන්නෙ ඔය පිරිකර ටික විකුණලා තමයි.එකෙන් බාගයක් ලාභ ගන්නෙ පන්සල් බඩු එකතුකරන මුදලාලි. බොහෝවිට මුස්ලිම් මනුස්සයෙක්. එහෙම බැලුවම හාමුදුරුවන්ගෙ "පිරිකර මෙතඩ් එක" කොච්චර සාධාරණද,  කොච්චර තාර්කිකද, කාලෝචිතද ... ලොකු හාමුදුරුවෝ කිව්වා විදියටම පොත් අස්සෙ රුපියල් දාහ ගානෙ දාල සෙසු පිරිකර පිළිගැන්නුවේ බොහොම සන්තෝසෙන්. ඒ මුදලට බඩු භාණ්ඩ වලින් පිරිකර දුන්න නං හාමුදුරුවන්ට හම්බවෙන්නෙ රුපියල් පන්සීයයි බොහෝවිට.
 


ලොකු හාමුදුරුවන්ට අටපිරිකර ගන්න පිරිකර කඩේට ගියාම වෙච්ච සිද්ධියත් පිරිකර මුදලාලි කියපු කතාවත් අහන්න වටිනා නිසා ඒකත් කියල දාන්නම්. අපේ පන්සලේ නම සඳහන් කරලා ලොකුහමුදුරුවෝ අඳින වර්ගයේ අටපිරිකරක් කියල කිව්වම මුදලාලි වර්ග කීපෙක කට්ටල කීපයක් පෙන්නුවා. රුපියල් 2500 ඉඳල 6500 වෙනකල් මිළ නියමවුණු. එවෙලේම මුදලාලිට කිව්වා හාමුදුරුවන්ට කෝල් එකක් අරගෙන අහන්න කියල මොකද්ද ඕන කියල. ඇමතුම අරගෙන කතාකරලා ඉවරවෙච්ච මුදලාලි කියනව "හාමුදුරුවො කිව්වා මට මිනිස්සුන්ට වියදම් කරවන්න උවමනා නෑ සාමාන්‍ය එකක් දීල එවන්න"කියල. "එතකොට මේ 6500 එක?" .. "ඒක මහත්තය තායිලන්ත අටපිරිකරක්.".. "මොකක්ද වෙනස?" .. "සිවුර බොහොම සනීපයි , උපකරණත් හොඳ කොලිටි එව්ව"...  ඊට පස්සෙ තමයි  මුදලාලි අර මං කිව්ව හොඳම ටෝක් එක දෙන්නෙ. "මහත්තය... අපි මගුල් ගෙදරක යනකොට හොඳට ඇඳලා ටයි කෝට් දාගෙන යනව නේද බොහොම උජාරුවෙන්? හාමුදුරුවරුත් ඒ වගේ තමයි. සංඝ සභා , ලොකු පින්කම් වලට බොහොම උජාරුවට තායිලන්ත සිවුර ඇඳලා වඩින්නේ".. යකොඩෝ ඉතිං අපේ හාමුදුරුවොත් එහෙම උජාරුවට වඩින්න එපැයි... ඒ නිසා  ඒක අරගෙන හාමුදුරුවන්ට ඒ ගැන කිව්වම "අනේ මොකටද ඒකක් ගත්තෙ මහත්තය. අපරාදෙ එව්ව හරි ගණන්නෙ" කියල කිව්වට ඒ වෙලාවේ හාමුදුරුවන්ට දැනුන සතුට ඒ කටහඬේ තිබුණ.

 සිවුරක් ඇඳලා හිටියට හාමුදුරුවරුත් අපි වගේම පෘතග්ජන උදවිය. උන්නාන්සෙලටත් ආශාවල් තියනව. කන්න කැමති කෑම බීම වර්ග තියනව. හාමුදුරුවෝ එක්ක කතාකරල කැමැත්ත දැනගෙන එකපාරක් පන්සලට දානෙට ඌරුමස් උයලත් ගිහිං දීල තියනව. එක කිව්වම මතක් උනේ. මගේ අතීසාර මිත්‍රයා මුද්දා, එහෙමත් නැත්තං ඇනොපිලිස් කියල බ්ලොග් එකක් ලියන බුවා. ඌ කියපු විදියට උන්ගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අයිස්ක්‍රීම් කන්න බොහොම කැමතියි. හැබැයි පන්සලේ ෆ්‍රිජ් එකක් නෑ... උන්ගේ දානෙ තියන දවසට ලීටර් බාගෙ එක එක ජාති වල අයිස්ක්‍රීම් පහක් විතර කූල් බොක්ස් එකකට අයිස් කැට දාල ඒකෙ අහුරලා ගිහිං පූජ කරනවලු. හාමුදුරුවොත් බොහොම සන්තෝසෙන් ඒක පිළිඅරගෙන සතියක් විතර තිස්සෙ තියාගෙන  ඒව  වළඳලා ඇබිත්තය අතේ කූල් බොක්ස් එක ආපහු එවනවලු. වැඩේ කොයිතරම් වටිනවද....

මම දන්න තරමින් පන්සල් වලට දාන වලට උයන "ස්පෙසිෆික් මෙනු" එකක් තියනවා. කජු මාළුව , පොළොස් ඇඹුල, අල හොද්ද, කෙලවල්ලෝ මාළුව ඕකට අනිවාර්යෙන් ඇතුලත් වෙනව. හොඳට බලන්න හාමුදුරුවරු ඔය ජාති බොහෝ වෙලාවට කටේ තියන්නෙ නෑ. ඇයි හැම එකාම උයාගෙන එන්නේ ඔව්ව. හීල් දානෙට ඉඳියප්පනුයි පොළොස් මාළුවයි කාලා උන්නාන්සෙලට එපා වෙලා. අපිට බොහොම අපූරු උනාට හැමදාම ඒ මලදානෙම හම්බවෙනකොට කටේ තියන්න හිතෙනවද? ඒ නිසාවට මං නං කියන්නෙ ඔය කෝක පිළිගන්නවන්නත් කලින් හාමුදුරුවොත් එක්ක කෙලින් කතා කරලා කරන ඒකයි වටින්නෙ. 

අපි දෙන දෙයින් උපරිම ප්‍රයෝජනයක් උන්නාන්සෙලට ලැබෙන්නෙත් අපිට එකෙන් උපරිම ආනිසංස ලැබෙන්නෙත් එතකොටයි. "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියල මැගසින් බන්ධනාගාරෙ තාප්පෙ ලියල තියෙන්නා වගේ "හාමුදුරුවෝද මනුෂ්‍යයෝය, උන්නාන්සේලාත් පෘතග්ජනයෝය " කියල හිතාගෙන පිළිගන්වන දානයක් අසා දැනගෙනයි දෙන්න අවශ්‍ය. හිස මුඩු  කරගෙන සිවුරක් ඇඳගෙන ධර්මය ඉගනගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කෙරුවාව බොහොම ලේසි පහසු වැඩක් කියල පිටින් බැලුවට හාමුදුරුවරු ඒ කරන සමාජ මෙහෙවර ලේසි පාසු වැඩක් නෙවෙයි. 


මේකත් බොහොම දිග වැඩියි. ඒත් ඉතිං ඔලුවට එන දේවල් ලියල දාන්නත් එපැයි.ආයෙත් එහෙනං ලියන්න පටන්ගන්නවා. ඇවිල්ල බලල බැනලහරි යමු. පරණ පොස්ටුවට උත්තර නොබැන්දේ ලොකුකමකට එහෙම නෙමෙයි ඔන්න. දිගටම ලියන දේවල් වල සංවාද වලට වගඋත්තර බඳින්න මං බැඳිල ඉන්නවා.. ජයවේවා කිව්ව එහෙනං....

98 comments:

  1. උඹම ලියලා, උඹම විශ්ලේෂණය කරලා, උඹම නිර්දේශත් ඉදිරිපත් කරලා තියනවනේ සජ්ජෝ. ආයේ කියන්න දෙයක් නැහැ. ඇත්ත තමයි කියලා තියෙන්නේ.

    බොරුවට නිකං හාමුදුරු ගොල්ලන්ට අපහාස කරන්න ඕනේ නැහැ. අපි ටිකක් හිතලා මතලා ඔය දානමාන වැඩ කලාම ඉවරයි.

    මම ප්‍රතිපත්තියක් වශයෙන් පන්සලේ විකුණන අටපිරිකර ලාබෙට අරන් ආපහු ඒ පන්සලටම පූජා කරන්නේ නැහැ. ඒවා පුණ්‍යකර්ම නෙවෙයි ගෝතකරුම.

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද සර් සල්ලි පින් කන්න පන්සෝන් එකෙන් ඕක කලාම වයිමාගේ තියරියේ හැටියට 2500 ගේම ගහනවද

      බොරුවට නිකං හාමුදුරු ගොල්ලන්ට අපහාස කරන්න ඕනේ නැහැ.ඒවා පුණ්‍යකර්ම නෙවෙයි ගෝතකරුම. සර් කියනවා නම් ඔකේ සර්.... අයි කරන්නේ නැ සර් සොරි සර්

      Delete
    2. විචාරක තුමා... මමම රේස් එක ඔගනයිස් කොරල මමම පැදලා මමම කප් එක ගැහුවා.. හැක හැක.. එදා උණ කිව්වා නේද?? අපරාදේ හම්බෙන්න තිබ්බ චෑන්ස් එක...
      කවුද මේ පන්න පන්නා එල්ලෙන්න හදන ඇනෝ සහෝදරයා??

      Delete
  2. උඹට සෙසු පිරිකරවලට, පනාව අමතක් වෙලා...

    මම නම් කවදා හරි නිවන් යන්නේ හාන්දුරුවන්ට ඌරුමස් දන් දෙන නිසා.. බුදු හාන්දුරුවොත් ආසාවෙන් වළඳපූ දේ නේ... ඇයි එතකොට බුරියානි (වළඳන එව්වා), තෝසේ, වඩේ... ඔක්කෝටම වඩා වටිනවා දෙයියන්නෙ මල්ලි...

    උඹේ ලිපිය පට්ට.. හින්ගල සෝ එකක් වගේ එක තැනක පයිට්, එක තැනක් කොමිට්, තව තැනක තනි ඇහට් ඇඬෙනවා, පුල් ආතල්.. කස්තුරි සුවඳ බැලුවා වගේ...

    ReplyDelete
    Replies
    1. මටත් දැන් පනාවක් ඕනෑ. මොකද කොණ්ඩේ බූ ගෑවට මං රැවුල වවන්න පටන් ගත්තා, දැන් මාස තුනයි!

      Delete
    2. රසිකොලොජිස්ට් @ අනේ ෆොටෝ එකක් දාන්නකෝ බලන්න, ඔයාගේ බ්ලොග් එකේ :D

      Delete
    3. කකා නිකං ජැකා වගේ ඇති නේ :D

      Delete
    4. හාමුදුරුවන්ට ඌරුමස් විතරක්යැ උබ රනිල්ට පුකත් දෙනවනෙ

      Delete
    5. මාතලං සහෝදරයා, පනාව අමතක උනා නේන්නං... හැක් ... ඌරු මස් දීපු එකෙන් නං ඇත්තටම පින් සිද්දවෙනවා කියල මටත් තේරුනා එදා හාමුදුරුවන්ගේ මූණ දැකල... ඔන්නොන්න.. සිංහල චිත්‍රපටියක් කිව්වේ කින්ඩියටද මන්ද...
      රසික සහෝදරයා .. අපි නං දැක්ක බුකියෙන් කේශ කල්‍යානේ...
      ඔමෝ බුකියෙන් බලාගන්ඩ මෙයා...
      පත්තරේ මගේ කටටම මේ දවස් වල කනවයි කියලයි ආරංචිය.. සුභපැතුම්...

      Delete
  3. මටත් මේ ලඟදි අපේ පන්සලේ හාමුදුරුවන්ට දානෙකට ආරාධනා කරන්න ගියහම ඔය වගේම වුනා....
    "බොරුවට සිවුරු/අටපිරිකර පූජාකරන්න එපා, තුවායත් වගේ ප්‍රයෝජනවත් පොඩි දෙයක් එක්ක පිරිකර වෙනුවෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙන ඉතිරි මුදල කවරෙක දාලා දෙන්න" කියුවා.
    ඒ වගේම දානෙ ගැනත් කියුවේ "මාළුපිණි ගොඩක් හදන්න එපා.. අපිත් මිනිස්සුනේ.. එච්චර කන්න බෑ.. මහන්සි වෙලා හදනදේ නොකෑවහම ඔයාලගේ හිතටත් හොඳනෑ... එ් නිසා ඔයාලා ගෙදර කන විදියට කොස් වගේ දේකුයි, කොළ වර්ගෙකුයි එක්ක එලවළුවක් දෙකක් හැදුවහම හොඳටම ඇති" කියලා.

    ReplyDelete
    Replies
    1. මීන්, ඇත්තටම ඒ කතාව කාලෝචිතයි..අපිට උනත් අම්බානෙක කෑම ජාති ගොඩක් තියනකොට කන්න හිතෙන්නේ නෑ නේ. ඒ වගේ ඇති තමා. මගුල් ගෙදරක ගියොත් මම නම් හැමදාම බඩගින්නෙ.. ආපහු ගෙදර ඇවිත් ගෙදර සම්බෝලයි බතුයි කනවා ගොඩක් වෙලාවට...

      Delete
  4. අපෙ මාමණ්ඩිගෙ සංවත්සර දානෙට වඩම්මපු හාමුදුරුවරු අතරෙ හිටියා විදේශික සුදු හාමුදුරුනමක් .මං පස්සෙ කතාකරල අහගත් විදිහට ආරණ්‍යයක වසර දහයක් විතර ඉන්න කෙනෙක් අහම්බෙන් ඇවිත් මේ පන්සලට. දානෙ පිළිගන්වපුවාම පූජාකල ඒවයින් සමහරක් විතරක්(මස් මාළු නැතුව) පාත්‍රයට එකටම බෙදන්න කිව්ව. ඒ ටික ඔක්කොම එකට අනලා(කැවිලි පෙවිලිත් එක්ක) තමයි වැලඳුවේ. ඔය ක්‍රමයට තමයි පිණ්ඩපාත ගිහින් ගෙනෙන කෑම බුදුන් දවසෙත් පාවිච්චි උනේ ඔක්කොම කෑම එක බඳුනකට හිස් කරලා ආවාසෙ ඉන්න ඔක්කොම එයින් අරගෙන තමයි යැපුනෙ. අපෙ ලංකාවෙ හාමුදුරුවරු ඉතින් එහෙම කලේ නෑ.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා.. මටත් මතක් වෙනවා බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම පිණ්ඩපාතේ වැඩල පාත්තරේ දිහා බැලුවම හිතට නැගුනු සිතුවිල්ල ගැන පොතක සඳහන් වෙලා තිබ්බ. ඒ උනත් මම නම් හිතන්නේ ඒ විදියට කරන එක ඕනවට වැඩියි කියල. එහෙම කරන උන්නාන්සේලා එහෙම කරපුවාවේ. ඒ නමුත් හැමෝම මාර්ගඵල ලබල නෑ නෙව.අජවෘත ගෝවෘත, කුක්කුරවෘත බුදුහාමුදුරුවොත් අනවශ්‍ය දේවල් විදියට සැලකුවේ. බල්ලන්ට බත් අනනවා වගේ එහෙම කරන එක "ටූ මච්" වැඩක් නෙවෙයිද. එකත් ව්‍යංගයෙන් කුක්කුරවෘතයක් වෙනවා නෙවෙයිද?

      Delete
    2. සජ්ජාට තව ටිකක් කියවන්න වෙනවා, සූත්‍රපිඨකයේ එන දේ කියෙව්වාම තේරෙයි. බුදුන් දවසත් බුදුන් වහන්සේ ඇතුළු සියල්ලෝම පිඩු සිඟා වැඩියාට පසු ගෙනා ආහාර එක බඳුනකට හිස් කරනවා. එතකොට ඔක්කොම එකේ තමයි. ගෙවල් දහයකට ගියාම ලැබෙන්නෙ දහ විදිහකටනෙ. ඉන්දියාවෙ ඒක තවත් වැඩියි. අර ආරාමෙ ඉන්න සිඟා නොගිය ගිය සියල්ලෝම අර බඳුනෙන් අරන් අනුභව කරනවා. ඒක කූක්කුර වෘතයට සමාන නැහැ.

      Delete
    3. සරත් අයියා.. ඇත්තටම මට ඒ තරමට ඒ සම්බන්ධයෙන් දැනුම නෑ.. එහෙම බැලුවම පිස්සු හැදෙනවා නේද?.පුදුම අප්පිරියාවක් එනව ඇති.. හැබැයි ඉතින් මෙහෙමත් එකක් තියනවා. ඉස්සර ඉස්කෝලෙ බත් කනකොට කට්ටියගෙම බත් මුල් එකට ලිහල වටවෙලා කාල අන්තිමට මදි වගේ දැනුනොත් අර පොලිතින් කොළ වල තියන ඔක්කොම ගසල ගසල එකකට දාගෙන කෑවා මතකයි. මේක ඇහුවම අප්‍රසන්න ගතියක් ආවත් කොල්ලෝ එහෙමනෙ. හැබැයි ඒ ටික දිවියලෝක රහයි. මට මතක් උනේ මේ කතාවෙදි ඒ වැඩේ...හැබැයි ඉතිං ඔය විදියට දැන් වළඳන්න වෙනවා කියල කිව්වොත් එකෙක් මහණ වෙන්නෙ නෑ අද කාලෙ...

      Delete
  5. උඹලෑ පැත්තේ එවුන් සෑහෙන්න සාධාරණයි වගේ.. හැක්.. එවුන් නෙවෙයි බොල හාන්දුරුවෝ.. අපේ බුවාල ඒකට.. (හැක් බුවාල නෙවෙයි බං ආයිත් හාන්දුරුවෝල..) උන්ට අටපිරිකරයි (ඒ කියුවට පංසලට තුන්දාහක් දීල තිබ්බම දානේ වෙලාවට පීකරෙන් නම කියලා ගොඩෙං එකක් අරන් දෙනවා පූජා කරන්න කියලා..) සෙසු පිරිකරයි.. තව බෙහෙත් බඩුයි.. අරව මෙව්ව ඔක්කොම දීල තව ලොකු උන්ට දාහ ගානෙයි පොඩි උන්ට පන්සීය ගානෙයි ගමං වියදමුත් දෙන්නෝනෙ.. දෙන්නෝනේ කියන්නේ කවුරු කියලද මංද එහෙම දෙනව ඉතින්.. උඹට කියන්න ගිය අවුරුද්දට උඩින් අවුරුද්දේ අපේ ගෙදරින් කටිනෙ වැඩැම්මුව වෙලේ මාත් ඉතින් ලේසිවට කියල 'ට්‍රාන්ස්පෝට්' දෙන්න බාර ගත්ත.. හුටා.. ලස්ස බාගෙකට වැඩිය ගියා උන්ට ට්‍රාන්ස්පෝට් වියදම් දෙන්නම..

    ReplyDelete
    Replies
    1. ඔච්චර අමාරුවෙන් මොකට දුන්නෙ ? දිල "කුල කියවන්නෙ" නැතුව නොදී හිටියනං ඉවරයිනෙ.

      Delete
    2. උඹ කිව්වට ඉතින් පන්සලේ තාප්ප බඳින්න, අරව මෙව්වා හදන්න ගල් ඔලින් කොරන සම්මාදම හාමුදුරුවෝ දන්නවනේ . ඉතින් මෙතෙන්දිත් මාව මරාගෙන කන්න බෑ නේ. හැබැයි අපේ හාමුදුරුවෝ නං ඕනවට වඩා මිනිස්සුන්ව තලන්නෙ නෑ.. උඹලට ඒ කාලේ බෝධිපූජා තිබ්බ එව්වට හරියන්න ට්‍රාන්ස්පෝට් පාරක් දුන්නම මොකෝ වෙන්නෙ. සාදු උඹට...
      අටම්තුමා ... බලන්නෝන ඒකත්...

      Delete
    3. එච්චර ගානක් යන බව දන්නවනම් කීයටවත් දෙන්නේ නෑ තමයි ඇනෝ.. කොහොම හරි දුන්න වෙච්චි එකෙන් කෙලවුනේ මං දාඩිය මහන්සියෙන් හොයා ගත්ත කීයකට හරිනේ.. ඉතින් දුකට කියවෙනවා.. මක් කොරන්නද? ආයිනම් දෙන්නේ නෑ.. ඒක නිසා මින් පස්සේ මේ වගේ කුල කියවන්න වෙන එහෙකුත් නෑ. ස්තූතියි 'දුක' බෙදාගත්තට.

      Delete
    4. //උඹලට ඒ කාලේ බෝධිපූජා තිබ්බ එව්වට හරියන්න ට්‍රාන්ස්පෝට් පාරක් දුන්නම මොකෝ වෙන්නෙ. සාදු උඹට...// නොදකින් වසලයා.. බොට වැඩිය අර ඇනෝ හොඳයි.. හැක්.

      Delete
    5. කොයි අනෝලාද මචන් ඔය කියන්නේ ?අර උම්බලාට සර් කියලා ටොක්ක දෙන සෙට් එකද මචන් උන් සෙට් එක වැඩි කාලයක් ඉන්න නෑ උන් ඉතින් ෆ්‍රී වීල් චෙයාර් ටුවර් ට්‍රයි කරන එවුන්නේ උඹලාත් මාර වැඩකාරයෝනේ පොඩි එවුන්ගේ අතපය කඩලා දන්න කනට ගහන්න. උන්සෙට් එක නියම left hand drive සෙට්එකක් වගේ ඔරෝපුවට ඉස්කුරුප්පුවෙන්ම දෙනවා

      Delete
    6. ඕල්ඩ් නේවි ඇනෝ කෙනෙක්ද කොහෙද... මෙලෝ මගුලක් තේරුණේ නෑ..

      Delete
    7. මචන් උන් සෙට් එක වැඩි කාලයක් ඉන්න නෑ මෙතන උන්කියන්නේ ඉතින් ෆ්‍රී වීල් චෙයාර් ටුවර් ට්‍රයි කරන එවුන් වන ඉල්ලන් කන මේ අපි සෙට් එක

      උන්සෙට් එක නියම left hand drive සෙට්එකක් වගේ ඔරෝපුවට ඉස්කුරුප්පුවෙන්ම දෙනවා
      left hand drive [නියම තේරුම නොවෙයි ] කියන් නේ පොට තියෙන්නේ වමට. තද කරන්න ඕනේ දකුණු පැත්තට කරකවලා නොවෙයි වම්පැත්තට කරකවලා . පොට නොදන්නා ඒ වුන් නෝමල් විදිහට තද කරන්න ගියහම බුරුල් වෙනවා බුරුල් කරන්න ගියහම තව හොඳට තදවෙනවා

      Delete
    8. ස්තුතියි පැහැදිලි කලාට.. රිවස් ත්‍රෙඩ් ....

      Delete
  6. මානුෂිය පැත්තෙන් නම් කතාව ඇත්ත වගේ පේනවා. නමුත් මෙහි ගොඩක් වැරදි තියෙනවා. දිගට ලියන්න හිතෙන්නේ නැහැ. මතගැටුමක් අවශ්‍ය නැති නිසා ( කොමෙන්ටුව කියවීමෙන් සමහරවිට එවැන්නක් ඇතිවී මෙය මඩ ගොඩක් වෙන්න ඉඩ තියෙනවා)

    ReplyDelete
    Replies
    1. හැක ඒ මොකෝ , ලියපං ලියපං... මම මේ උඹත් එක්ක ගැටෙන්න ක්‍රමයක් හොයා හොයා හිටියේ ...අඩෝ එනු සටනට :P

      Delete
    2. බොරුවට නිකං හාමුදුරු ගොල්ලන්ට අපහාස කරන්න ඕනේ නැහැ.ඒවා පුණ්‍යකර්ම නෙවෙයි ගෝතකරුම. සර් කියනවා නම් ඔකේ සර්.... අයි කරන්නේ නැ සර් සොරි සර් මර ලොල්

      Delete
    3. උපේක්ෂා.. උසි උසි....ඔය ඉන්නෙ අවි අමෝරාගෙන.. ඕන එකක් කියල දාමු.. වචන වලින් ගහගත්තට රිදෙන එකක්යැ....

      Delete
    4. සජ්ජා :
      උසි.. උසි කිව්වේ ඇවිස්සෙයි කියලද? හි හි...
      කොමෙන්ටු ටික දැක්කහම මගේ පෙට්‍රල් ටික අපරාදේ වෙන ෂුවර් බව දැනුන. මම මේ ගැන ලියනවා, නමුත් මේ වෙලාවේ නෙවෙයි. මේකට පිළිතුරක් විදියටත් නෙවෙයි.

      ඉවාන්:
      මගෙත් එක්ක ගැටෙන්න උඹ? පුෂ් සයිකලයක් ඩෝසරේ වැදුන වගේ තියෙයි. අනේ මේ... බ්ලොග් එකේ ලියන්නේ නැතුව එනම මෙතන 'බක බක' ගාන්න හුහ්

      ඔමා :
      දැන් නෙවෙයි. සුදුසු කාලයේදී ලියන්නම්. මේ ගැන දැන් මම අවුරුද්දක් විතර තිස්සේ හිතමින් ඉන්නේ. ඔය වගේ එව්වා නම් කොතරම් තියෙනවද හෙහ්

      ඇනෝ:
      ඔව් මිත්‍රයා. හාමුදුරුවන්ට අපහාස කරන එක අපි කරන්නේ වීරකමක් විදියට. නමුත් අෂ්ට ලෝක ධර්මයට අපි කවුරුත් මැදිවෙනවා.

      Delete
    5. ඇවිස්සෙන්න නේන්නං කිව්වෙ.. කෝ වැඩක් නෑ නේ....

      Delete
    6. @උපේක්ෂා

      මම දන්නව උඹ කියන්න හදන දේ.

      හාමුදුරුවන්ට මුදල් පිලිගන්න කැප නැති නිසා අපි සිල් කඩන්න උදව් වෙනව කියන එක.

      හාමුදුරුවන්ට ඉල්ලලා ගන්න කැප නැති එක.

      එට්සෙට්ට්‍රාට්‍රාට්‍රාට්‍රාට්‍රාට්‍රා....

      එහෙම නේද?

      බොරු පාට් මට එපා.. මම දන්නවා උපේ.. උඹත් දහම දන්නවා කියා...

      Delete
  7. අපි නං හැමදාම පිරිකර දුන්නේ ඔය කියලා තියෙන විදියට තමයි.

    බයි ද වේ, සමහර සාදුලාට සීනි පැනි රහ දේ කාලා දියවැඩියාව හැදෙන බව දන්නවාද?

    ReplyDelete
    Replies
    1. සීනි පැනිරහ කෑවහම දිය වැඩියාව හැදෙනවද ..??? අනික දිය වැඩියාව හැදෙන්නෙ සමහර සාදුලට විතරද ...???
      අම්මප අදමයි ඇහුවෙ එහෙම .......

      Delete
    2. නැතුව නැතුව රසික සහෝදරයා... කොලෙස්ටරෝල් තිබ්බත් ඌරුමස් කොත්තු කන උන්නාන්සේල ගැන දන්නවද? හාමුදුරුවන්ට ඌරුමස් කොත්තු ගහල දෙන මුස්ලිම් හෝටල්කාරයෝ ගැන දන්නවද? මම ඔය දෙක ගැනම දන්නවා...

      Delete
    3. සාදුලා රෑට නොකන නිසා වැඩිපුර පැනි රහ කැවෙනවා මං හිතන්නේ. අපි දානයක් දෙන කොටත් කොච්චර අතුරුපස ජාති හදනවාද?

      සීනි නිසා දියවැඩියාවට ඇති අවදානම (රිස්ක්) වැඩිවෙනවා. තරබාරුකම, ව්‍යායාම නැතිකම, වෙනත් තෙල් කෑම සහ ජානමය හේතු (දකුණු ආසියා!) වැනි අනෙකුත් අවදානම් සාධක නිසා තත්වය තවත් දරුණු වෙනවා.

      Delete
    4. @ සජ්ජා
      මුස්ලිම් කඩෙන් ඌරු මස් කොත්තු!
      ඇහැව්වාමයි එහෙම කතාවක්.

      Delete
    5. රසික අයියා.. මේ පලාතෙ තියනවා බොහොම ප්‍රසිද්ධ පන්සලක්.. දායකයෝ බොහොම බලවත් දළකාරයෝ... සල්ලි තියනවා පන්සලට ඕනතරම්...පන්සලේ දේවල් බිස්නස් කරන්නෙ මුස්ලිම් කඩේක මුදලාලි කෙනෙක්.. උන්ද හාමුදුරුවන්ට ඕන උනාම ඌරුමස් කොත්තු ගහල ගෙනත් දෙනව කිව්වෙ ඒ හාමුදුරුවෝ මයි... ඔන්න වැඩ...

      Delete
  8. I am thinking how different this procedure will be with a western buddhist monk or nun. They never ask for special food (unless they have some health issue -for e.g. gluten intolerance), never ask for any pirikara and they do not handle or even touch money. They will eat all the food in their bowl and above all they are happy, even if you offer them a just a simple sandwich. What a contrast (and we talk about 'pure' buddhism in Sri Lanka).

    ReplyDelete
  9. සීයා උඹත් එක්ක හොඳ ‍ෆිට් එකේ හිටපු බව පේනවා. මම හිතන්නේ උඹලා කරපු දේ හරි කියලා. මොකද බූරුවා ගහන්නම වැඩේ ඇදගෙන යන රටක.
    අර පොඩි හාමුදුරුවරුන්ට පාසැල් උපකරණ පූජා කරන එක අපේ පැතිවලත් කරනවා සජ්ජා.

    ReplyDelete
    Replies
    1. ඩුඩ්...ෆිට් කියන්නෙ බුදු ෆිට්. ඉඳල හිටලා ගෝරි දාගන්නේ නැතුවම නෙවෙයි. ඒ උනාට පටස් ගාල ආයේ යාලු වෙනවා...මෙහෙ හත්දවස වෙනකල් ඕමි 304 නං ගැහුවා. බූරුවා ගහන්න නං දුන්නෙ නෑ..
      ඇත්තටම දුප්පත් පන්සල් වල හාමුදුරුවරුන්ට ඒ දේවල් දෙන්න ඕන... නගරෙ පන්සල් වලට නං ඔව්ව ඕනෑතරම් ගන්න සල්ලි තිබුනත් පිටිසර පන්සල් වල දාන වේල වරදින වෙලාවලුත් තියනවා..

      Delete
  10. මම හාමුදුරුවන්ට පිරිකර විදිහට දෙන්නෙ සල්ලි විතරයි. විශේසයෙන් දෙයක් ඉල්ලුවොත් ඒක අරන් දෙනව. මගෙ මිත්‍ර හාමුදුරුනමක් ඉන්නව උන්නාන්සෙ පන්සලත් හදාගෙන පොඩි හාමුදුරුවො ටික පිරිවෙන් යවල , පොත් අරන් දීල ,බේත් අරන්දීල ඔයවගේ වැඩ කරගන්න මුදල් අවශ්‍ය තාව මම දකිනව.
    ඉස්සර විදිහටම දැනුත් හාමුදුරුවරු සල්ලි පාවිච්චියක් නැතිව ඉන්නව කියන එකනම් ප්‍රායෝගික නෑ. උඹලට කියන්න අපි ඉරිදට පල්ලි ගියහම අනිවා දාහක් විතර කොහොමහරි පල්ලියට දෙන්න වෙනව ( ඒ කියන්නෙ කොහොම හරි ගන්නව ). අවුරුද්දට තවත් මොකකට හරි 25,000/ විතර ගන්නව. ඊට අමතරව හැම මාසෙම පවුල් පොතට 500/ දෙනව. එහෙම බලපුවහම කවුරු හරි මැරිච්ච දවසට දෙන දානෙත් එක්ක උඹල ලක්ෂයක් හමාරක් දුන්නට පව් නෑ. (පෝයට එක පාරක් පන්සල් ගිහින් රුපියල් දෙකනෙ කැටේට දාන්නෙ ).

    ReplyDelete
    Replies
    1. අපේ හාමුදුරුවන්ට තියෙන්නෙ වාහන පිස්සුව .. ඒ කියන්නෙ ඒකෙත් හොඳම එක :D මෙදා පාර CR 42 එකක් බස්සලා .. ආතල් ලෝකයක්

      Delete
    2. කොහෙටද බස්සලා තියෙන්නේ ලිඳටද?

      Delete
    3. හි හි හි ලිඳේ ඉන්නේ ඉවාන් මැඩිලුසලලු..... මං නෙමේ බස්සි කිවුවේ

      Delete
    4. අපේ හාමුදුරුවන්ට තියෙන්නෙ වාහන පිස්සුව ..කාර් පමිට් එකක් තියනවා බලපන් ගානකට සෙට් කරලා දි ලා දාගන්න පුලුවන්ද කියලා බ්‍රෝකර් ගාස්තු හැටිය පින උඹම ගනීන් මට එපා පොඩ්ඩක්වත් මට කැශ් විතරයි ඕනේ

      Delete
    5. මුදල් අත්‍යාවශ්‍ය සමාජේ සල්ලි වලින් මිදිලා ජීවත් වෙන්න බොහොම අමාරුයි... කම්මලයියේ.. උඹ බලාගෙන ගියාම ආගමික සහජීවනේ කොරන්න ගිහින් සෑහෙන ගානකට කෙලෝගන්නවනේ... පන්සලට දෙන්න ලක්ෂයක් තියා මේ දවස් වල පිච්චිය නැතුව ඉන්නෙ... පන්සලට ගල් ඔලින් උපකාර කොරනවනේ මම. ඒ නිසා ගානක් නෑ..
      පත්තර මල්ලිගෙ හාමුදුරුවෝ මාර බඩුවක්නේ... ඔහොම යනකොට ලම්බෝගිනියකුත් බස්සයි....

      Delete
    6. ඇනෝ .. කෑෂ් බාගෙ බාගෙ බෙදාගමුද ?? පින පර්මිට් එකේ අයිතිකාරයට දෙමු :D දීල කියමු තව කීයක් හරි අඩු කරන්න කියල .. ටෝක් කරල බලහං

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. අයියේ ලිපිය අංගසම්පුර්ණයි කමෙන්ට් වලින් කියන්න දේවල් ඉතුරුකරලා නැති තරම්, හාමුදුරුවන්ට දානේ දෙන එක ගැන කතාව අපේ අම්මට පෙන්නන්න ඕනේ,, එයාලා හැමදාම හිතන්නේ අමාරුවෙන් පොලොස් හදාගෙන ගිහින් දුන්නම උන්නාන්සේලාට අගෙයි කියලා,, ගොඩනැගිලි අරමුදල කියන පන්සලේ හොඳ නොවෙන තුවාලේ පේන්න පේන්න සල්ලි අරන් හාමුදුරුවරු පාවිච්චි කරනවද මොනා කරනවද දෙයියෝ සමහර විට දන්නවා ඇති,,, අපි පුංචි කාලේ ඉදන් අපේ පන්සලේ ඒ අර මුදල තියෙනවා,, ඒත් තාම කිසිම බිල්ඩිමක් නෑ,, ඒත් හාමුදුරුවෝ බොරු කියන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඕමා , හාමුදුරුවන්ට පොලොස් කාල එපාවෙලා තියෙන්නෙ. අදත් ගෙනත් පොලොසේ කියල බනිනවත් ඇති.
      අර විදියේ බිල්ඩින් වලින් ගරානා පාර දාන උන්නාන්සෙලත් ඉන්නවා. අපේ උන්නාන්සේ නං හැබැයි එහෙම නෑ...

      Delete
  13. දානෙ ගැන නම් කියන්න තියෙන්නෙ සජ්ජො උඹ කියපු එකම තමයි. අපි හැමදාම දානෙ දෙන විදිහ අප්පච්චි නැති වෙලා හත් දවසට දුන්නු වෙලාවෙ වෙනස් කලා. පොඩි හාමුදුරුවන්ට වියදම් වලට මුදලක් වෙනම දෙන ගමන් එක් එක්කෙනාට තියෙන අඩුපාඩු කම් වෙනම අහගෙන ඒ දේවල් තමයි පිරිකර විදිහට දුන්නෙ. ඊට අමතරම පන්සලේ ඉන්න පොඩිම දෙන්නට සෙල්ලම් බඩුත් තිබුනා. පව් බං. ගෙවල් වල අඩු පාඩු නිසා මහණ උනාට තාම පොඩි ළමයි. ඒ දේවල් හරි ආසාවෙන් බාරගන්නෙ. තාමත් ට්‍රිප් එකක් එහෙම ගිහින් එනවා නම් සෙල්ලම් බඩුවක් ගෙනත් දෙනවා පොඩි අයට.

    ReplyDelete
    Replies
    1. කැමා... ඇත්තටම කල්පනා කලොත් ඒ දේවල් එහෙම කළාම මියගිය පුද්ගලයාට ලැබෙන ආනිසංස වැඩියි කියලයි මම හිතන්නෙත්.. උඹේ අප්පච්චි පිළිබඳව මගේ බලවත් කණගාටුව....
      පොඩි පන්සල් වල පොඩි හාමුදුරු වරුන්ට ඇත්තටම ඒ දේවල් දෙන්න ඕන. මොකද ඒ උදවිය මහණ වෙලා තියෙන්නෙ සසර කලකිරිලා නෙවෙයි. ළමා කාලය නිසි ලෙස ගතකිරීමට සැලැස්වීම අනෙකුත් අයගේ යුතුකමක්. ඒ දරුවන්ගේ අයිතිවාසිකමක්...

      Delete
  14. අනේ පව් උන්නාන්සෙලා. හැමදාම එකම වට්ටෝරුව තමා කන්න වෙලා තියෙන්නෙ. බැලුවම ඒකත් කරුමෙනොවැ.
    ඔය පූජා කරන ගොඩක් ඒවා දහ පහලොස් පාරක් නැවත නැවත පූජා වෙනවා.

    උඹ අන්තිමට ඩිස්ක්ලේමර් එකක් දාපු හිංද අදට බේරුනා පුතෝ. නැත්තං රිප්ලයි නොදානවට අදිංට උන්නෙ ගේම.

    ReplyDelete
    Replies
    1. මධුවා, අනිවාර්යෙන්.. සින්දු ඇනෝ හිටිය නං කියයි අර සින්දුව .." බුදු ස්වාමිනී මා ජීවත් වෙන්නයි පිදු කුසුම් යලි විකුණන්නේ.. සැදෑවතුන් රැවටූ කෙනෙකුන් සේ හිමියනි මා දෙස නොබලන්නේ" ඔය හැම කාරනාවම එක අතකට බැලුවම බොහොම මානුෂිකයි...
      අනේ නෑ මචෝ.. ඇත්තටම අතිශය කාර්යබහුල උනා.. නැත්තන් මම ඔව්ව එකක් වත් මිස් කරන්නෙ නෑ...

      Delete
  15. දානේ සම්බන්ධව උඹ කියන එක ඇත්ත සජ්ජෝ.
    අටපිරිකරක් පුජා කරන්න අපිට හිතෙන වෙලාවට අපිනම් අපේ පන්සලෙන්ම අරගෙන පුජ කරන වෙලාවල් තියෙනවා.
    නැත්නම් අර කිව්වත් වගේ අපි වියදන් කරන මුදලෙන් බාගයක වටිනාකමක් විතරයි හාමුදුරුවන්ට ලැබෙන්නේ.
    ඒ එක්ක පිරිවෙන් යන හාමුදුරුවන්ට අවශ්‍ය පොත් පත් එහෙම අරගෙන දෙන වෙලාවලුත් තියෙනවා.
    මොනවා උනත් අපි දෙන දේ අල්ලගෙන ඉන්නේ නැතුව දීල දාන එක තමයි කෙරෙන්න ඕනේ.
    දානෙට හදන කෑම බීම එහෙමත් අහල දෙනකොට අර උඹ කියපු ගැටළුව විසඳෙනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලොකු පුතා. දෙන දේ හිතේ සන්තෝසෙන් දීල දැම්මම ඔය කතන්දර එකක් වත් අදාළ වෙන්නෙ නෑ. දානෙ කියන්නෙ එකනේ ඉතින් හරියට බැලුවොත්.
      කොහොම නමුත් දෙන දේ දෙන්න ඕනත් අවශ්‍යතාව ගැන සලකල. අවශ්‍යතාවය වැඩි නම් ඒ දේ දෙනවා නම් එකයි වටින්නේ. දෙන එක ලස්සනද, සුවඳ ගහනවද, ලොකුවට ඔතල තියනවද එහෙමත් නැත්තං සද්දේ දාල දෙනවද කියන කාරනා මෙතෙන්ට අදාළ වෙන්නෙ නෑ..

      Delete
  16. එතකොට ලොක්ක පවුලක් පන්සලක් වෙලා පවුල පිටින් පන්සල පාලනය කරන තැං වලට කොහොමද දෙන්න වෙන්නෙ.

    මමනං ඒ පන්සලට දානෙ දෙන එක අමතක කළා.

    ReplyDelete
    Replies
    1. එකත් එහෙම තමයි ප්‍රසන්න සහෝදරයා. අපිට පුළුවන් නම් ඒ දෙන දේ අර කාරණා අමතක කරලා හිත හදාගෙන (මේ දෙන දේ සාසනේට දෙන දෙයක් කියල) දෙන්න අන්න එකෙන් ආනිසංස ලැබෙයි. එහෙම හිතෙන්නෙම නැත්තං නොදී ඉන්න තියෙන්නෙ.

      Delete
  17. සජ්ජා,
    ඔබේ සීයාගේ අභාවය ගැන පළමුවෙන්ම මගේ ශෝකය පල කරමි. ලොකුවට මල ගෙයක් ගන්නවා වෙනුවට ජිවත්වි සිටින කාලය තුල තමන්ට පිළිවන් අන්දමින් සතුටින් සලකන එක තමයි කලයුතු හොඳම දෙය. ඥාතියෙකු මියගිය විට දන්පැන්දී පින්පැමිනිවිම හැර මළවුන් වෙනුවෙන් කරන්න වෙන යමක් ඉතිරිවෙලා නැහැනෙ. මලගිය අය සතු පින් බලයට යමක් එකතු වීමට නම් එකතුවිය යුතු දෙයට සමාන දෙයක් දන් දිය යුතුයිනෙ. ධර්මයේ සඳහන් වෙන අන්දමට ආහාර පාන දන් දුන්නාම ඒවා නැතිව පිඩාවට පත් මල ගිය ඇත්නම ඒ අයෙගේ සා පිපාසා නිවෙනවා. එමෙන්ම බෙහෙත් දන්දුන්නාම නිරෝගී බව ලැබෙනවා. වස්ත්‍ර දන්දුන්නාම වස්ත්‍ර ලැබෙනවා
    .
    සජ්ජා මා දන්නා හැටියට හත් දවස දානය දෙන්නේ සුළුවෙන්.ඒකට සහභාගී වන්නේ පවුලේ ලඟම නැ හිතවතුන් විතරයි. සිවුරක් වැනි දෙයක් පුජා කරන්නෙ එමගින් මියගිය අයගේ තිබිය හැකි අවශ්‍යතාවයක් පිරිමැහිමටයි. ඒකට අටපිරිකරක් අවශ්‍යම නැහැ. නමුත් හාමුදුරුවන් පාවිච්චියට ගන්නා සිවුරක් පුජ කරන්නේ නම් ඒක උන් වහන්සේලා සතුටින් පාවිච්චි කරාවි. පාවිච්චි නොකරන ඒවා පැත්තකින් දොඩ ගසා තිබෙන්නේ ඒවා පාවිච්චි කිරීමට තරම් quality එකකින් නැති නිසයි. ඒවා අවසානයේදී භාවිතා වෙන්නේ පන්සලක තියෙන පින්කමක කොඩි දමන්න තමයි .
    මගේ පිය තුමා මියගොස් වසර 26 ක්. මව මිය ගොස් වසර 31ක්. මල්ලි මිය ගොස් වසර 19ක්. මේ තුන්දෙනආම සිහි කර අපි නොකඩවාම වාර්ෂික දානයක් දෙනවාමයි. එතැනදී සිවුරු දෙන විට ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අවශ්‍යතාවය විමසා දැන ගන්නවා.සාමාන්‍යයෙන් සිවුරක් රුපියල් 700 සිට 4000 දක්වා තිබෙන අතර, හාමුදුරුවන් කැමතිවු සිවුරු වර්ගය ගැනීමට අපි ගිය සැරේ රුපියල් 3000 මිල කර තිබු සිවුරු තෝරා ගත්තා. පිරිකර බෙදන විට පන්සලේ හාමුදුරුවෝ ආගන්තුක හාමුදුරැ වරුන්ට එම සිවුරේ වර්ගය සතුටින් පවසනවා මා අසා සිටියා.
    සජ්ජෝ,
    සංඝයා වහන්සේලාට සතුටින් දානයක් දුන්නාම මා නොයෙක් වර අද්දැක ඇති කරුණක් නම ඒ සඳහා වැයවූ මුදල අන් මාර්ගයකින් නැවත ලැබීමයි. ඒ අත්දෑකීම ඔබටත් ලැබේවායි පතමි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර මහත්මයා,
      ඇත්තටම සීයා ජීවත්වෙලා ඉන්න දවස් වල හොඳින් ඉඳල, හොඳින් රැකබලාගෙන සාත්තු සප්පායම් කරලා, බේත් හේත් අරන් දීල ඒ හැමදෙයක්ම කරපු නිසාවට මළගෙදර රටට පෙන්න ලොකුවට කරන්න උවමනාවක් තිබුනේ නෑ.
      හත් දවසේ දානෙ දවසට කලින් බණ ගෙදර දවසේ රෑට ගමේ ඔක්කොම එකතු උනාම 450කත 500කට කන්න දෙන්න උනා. දානෙත් දුන්න. ඒ හැම දෙකින්ම පින් සීයට අනුමෝදන් වෙන්න කියල පැතුවා..
      ඔබ කිව්වා වගේ තුන් මාසයට සහ වසරක් පාසා සීය වෙනුවෙන් දන් දෙන්න බලාපොරොත්තු වෙනවා.
      අර සිවුරු කතන්දරේදී ඇත්තටම හාමුදුරුවරුනුත් පෘතග්ජන මනුස්සයෝ නේද කියන එක තහවුරු වෙනවා.
      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට...

      Delete
  18. කියල තියෙන දේ නං සම්පූර්ණ ඇත්ත. කාලෝ අයංතේ
    නැද්ද බං.
    මෙහෙ පංසල් වලට අට පිරිකර පංසල් වලිංමයි. තම්බි මුදලාලිට කීපයක් දීල ඉතුරුව තියාගන්නව. ඒ මොකටෙයි දන්නවද අඩු මිලට ගමේ මිනිස්සුන්ටම විකුණන්ට. එතකොට අවුලක් නෑ දෙගොල්ලගෙම වැඩේ වෙලා. නැද්ද හා

    ReplyDelete
    Replies
    1. ඔව්ව අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි බං. පන්සලෙන් සීනි කිලෝ එක තම්බි මුදලාලිට 50ත දීල ඌ එක උගේ කඩේ 90ට විකුනනවා නං පිට 100යි නං මිනිස්සු අරූගෙන් සීනි ගන්නවා. පන්සලේ සීනි කියල පඬු රහක් එන්නෙ නෑ නේ..

      Delete
  19. අපේ ගෙදරින්නම් පන්සලට යනකොට පොඩිහාමුදුරුවන් 3දෙනාට චොකලට් අරගන යන්නේ.ඒ අයත් හෙන ආසාවෙන් අක්කා එනකම් බලන් ඉන්නවා.ලොකු හාමුදුරුවෝ ගුරුකමින් හම්බකරන වැටුප සම්පූර්ණයෙන්ම වගේ වියදම්කරන්නේ පොඩි තුන්දෙනාට.ඒ නිසාම අපි වගේම ගොඩක් අය පිරිකර විදිහට මුදල් දෙනවා.ඒලොකු හාමුදුරුවෝ අවංකව පන්සලේ දියුණුවට වැඩකරන බව දන්න නිසා.කලින් හිටපු ලොක්කානම් අපේ පවුලේ කාවහරි දැක්කොත් "තාත්තව සිහිවෙන්න පාර අයිනේ බුදුමැදුරක් හදමුද?" "පන්සලේ කොන්ක්‍රීට් එකක් දාන්න තියනවා.ගල්ටිකක් එවමුකෝ" වගේ කතා ගොඩයි නිසා පුළුවන්තරම්මග ඇරලයි හිටියේ.උන්වහන්සේ කියපු විදිහට කොන්ක්‍රීට් දැම්මනම් අද අපේ පන්සල තට්ටු 50ක විතර බිල්ඩින් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ දේවල් ගෙනහින් දෙන එක ලොකු පිනක් බං. ඔව්ව හම්බවෙන්නෙ නෑ උන්දලට. පොඩි ළමයි නේ සිවුරු පෙරවාගෙන හිටියට. අපේ අනිත් පන්සලේ හාමුදුරුවොත් අර කියපු ලොකු හාමුදුරුවෝ වගේ තමා. දත ගලවන්නමයි හදන්නෙ. අනික ඒ පන්සල සත්තුවත්තක් වගේ. මොනරු, ඉත්තෑවෝ කූඩු කරන ඉන්නෙ. මම නම් ඒ පැත්තෙ පස් පාගන්නෙ නෑ...

      Delete
  20. මචන් අපේ ගෙදර තිබුනා නේ පිරිතක්... සතියකට කලින් ගිහින් නායක හාමුදුරුවන්ගෙන් ඈහුවා මොනාද පිරිකරට අවස්ය්ය කියලා. කියාපි මහත්තයාලා කරදර වෙන්න එපා අපිට ඔනේ හොද සිවුරු ටිකක් තමා, එවා මම දන්න කඩයකින් ගෙන්නලා තියන්නම් කලින්දා එන්න සල්ලි අරගෙන ඒකකට 700/- ගානේ කියලා. ඔන්න එතින් ගියා කියමුකෝ කියපු දවසට, මෙන්න බොලෙ තියනවා බෑබලි බෑබලි පොඩි වෙච්ච පර්සල් වල දාලා.... දහයක්. සල්ලි දීලා අරගෙන ආවා, ගෙදර ගිහින් බලන්කොට කෑරපොත්තොත් ඉන්නවා ඈතුලේ, සම්හර ඒවාගෙ දුන්න ගෙදර නමත් ගහලා..... මොනවා කරන්නද ආසාව නේ, අයිත් පෑක් කරලා දුන්නා. මගෙ හිතේ පස් පාරක් වත් පුජා කරන්න ඈති ඒවා මීට කලින්........

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ නං වෙනවා අනිවාර්යෙන්ම මචන්.. සල්ලි ඕන නං ඒක කෙලින්ම කිව්වම ඉවරයිනෙ. සිව්රු පිරිකර වලට දුක් දෙන්නෙ නැතුව. අපේ පැත්තෙ පොරක් හිටිය පන්සල් වලින් බදු එකතු කරන. ඌ ගාවත් තියනවා ඕන පිරිකරක් සල්ලි වලට ගන්න. අටපිරිකර මම දැකල තියනවා අතින් අත ගිහින් කවර දියවෙච්ච...අනේ මන්ද කොතන වැරදිද කියල.

      Delete
  21. මේ පෝස්ට් එක දැක්කම මට කතා තුනක් මතක් වුනා.
    1. අපේ ආච්චිගේ මලගේ වෙලාවේ පාන්සකූලෙ දෙන්න පන්සලට ආරාදනා කරලා තිබුනා. අන්තිමට හාමුදුරුවන් වඩම්මන්න ගියාම හාමුදුරුවෝ නෑ. ලොකු හාමුදුරුවෝ කලින් කියලා තිබුනා ලොකු හාමුදුරුවෝ කලින් බාර ගත්ත වෙන දානයක් නිසා එන්න බැරි වෙනවා. පොඩි හාමුදුරුවන්ට කියලා තියනවා කියලා. පන්සලට ගියාම අනිත් සාමනේර ගොල්ලෝ ඉන්නවා. පොඩි හාමුදුරුවෝ නෑ. පොඩි හාමුදුරුවෝ කොහෙද කියලා ඇහුවම කිවුවේ කාඹරේ ඉන්නවා කියලා. කාමරයට ගිහින් කතා කලා. නෑ.... අන්තිමට ලොකු හාමුදුරුවෝ එනකල් පොදි හාමුදුරුවන්ව හොයාගන්න බැරි වුනා. 2ට අස් කරන්න තිබුනු මිනිය 5 විතර වෙනකල් තියාගෙන ඉන්න වුනා. ඒ හිතේ අමාරුවට ම අපි පන්සල මග හැරියා. හැබැයි ලොකු හාමුදුරුවෝ අපවත් වෙනකල් දානෙ වැරැද්දුවේ නෑ. මොකද ලොකු හාමුදුරුවෝ අපි බොහොම ලඟින් ආශ්‍රය කරපු නිසා.
    2. මේ ලඟදී මම මගේ මිතුරෙකුගේ තාත්තා කෙනෙකුගේ බන ගෙදරක ගියා. හාමුදුරුවෝ එනවා කියපු වෙලාවට ආවේ නෑ. මෙන්න පරක්කු වෙලා වෙන හාමුදුරු නමක් වඩම්මාගෙන ආවා. එනකොට බන ගෙදර හිටපු කෙනෙක් ඇහුවා කෝ අපේ හාමුදුරුවෝ කියලා. එතකොට අර හාමුදුරුවෝ කියුවා ඔයාලගේ හාමුදුරුවෝ ගැන කතා කරලා වැඩක් නෑ කියලා. එතකොට මම තේරුම් ගත්තා මොකක්හරි දෙයක් වෙලා තියෙනවා කියලා. පස්සේ අහලා බැලුවමයි දන්නෙ හාමුදුරුවෝ පොල්ල තියල බව.
    3. ඒ තමයි අපි දැන් දායකත්වය දරන ගමේ පන්සල ගැන. පන්සලේ ඉන්නේ පොඩි හාමුදුරුවෝ එක්ක නේපාලෙන් වැඩම කරපු හාමුදුරුවෝ තුන් නමක්. ලොකු හාමුදුරුවෝ පන්සලට එන්නේ මොකක්හරි මගෝඩි වැඩකට විතරයි. ඒ කියන්නේ පහුගිය කාලේ ලොකු හාමුදුරුවෝ මේ පන්සලේ ආයුද හංගලා තිබිලා මේ පොඩි නමටත් හිරේ ඉන්න වුනා. හැබැයි ඒ සිදුවීමෙන් පස්සේ පොඩි නම බොහෝ කලකිරීමෙන් හිටපු බව අපි දන්නෙ පන්සලත් එක්ක හොඳ සම්බන්දයක් ගොඩනගාගන්න පුලුවන්කමක් තිබුන නිසා. මේ පොඩි හාමුදුරුවෝ ගමේ මිනිස්සු එක්ක බොහොම සහයෝගෙන් පන්සලත් දියුනු කරගෙන නේපාල හිමියනුත් පිරිවෙන් යවාගෙන බොහොම හොඳින් ඉන්නවා. විශේෂය තමයි මේ හාමුදුරුවෝ තවමත් අවුරුදු 25,29 විතර වෙන නමක් වීම. නමුත් කිසිම වරදක් කියන කෙනෙක් මේ පලාතෙන් හොයාගන්න තවම මට බැරි වුනා.
    ඔහොමයි කතා තුන. සජ්ජාගේ පෝස්ටුවනම් මරු. මමත් ඔය කතාවට එකඟයි. ඒ පුරුද්දක් විදිහට අපිත් ඔහොම කරන නිසා. ජය වේවා..........

    ReplyDelete
    Replies
    1. අහසෙන්... ඔය වගේ අත්දැකීම් අනන්තයි අප්‍රමානයි. අපේ ආච්චිගෙ බන ගෙදර ආපු හාමුදුරුවෝ දුන්න මට ලොකු ටෝක් එකක්. මෑන් පුරුද්දක් විදියට ප්‍රශ්න අහනවා. පුනර්භවය සම්බන්ධයෙන් මං අහපු එකකට උත්තරේ දුන්නෙ මට නෝන්ඩි දාල "ඔයා බුද්ධාගම ගැන දන්නෙ නෑ" කියල. මෙන්න මූ ඊට මාසෙකට පස්සෙ ගෑනියෙක් එක්ක පැනල ගිහින්. දැන් ත්‍රීවීල් එකක් එලෝනවලු. මට හම්බුනේ නෑ තාම. හම්බුනුදවසට මං ඌට කියා දෙන්න ඉන්නෙ.
      අපේ පන්සලේ නායක හාමුදුරුවෝ නං දත ගලවන්නෙ නෑ. මළගෙදර ආරංචිවුනු ගමන් ආව. බණට, දානෙට වාහන කුලී ගත්තෙත් නෑ.. එහෙම උදවියත් ඉන්නවා... අරෙහෙම එවුනුත් ඉන්නවා... ස්තුතියි ඇවිත් ගියාට....

      Delete
  22. මට නම් පන්සල්වල දිරවන්නේ නැතිම පාට් එක තමයි හිඟන කැට.
    බොහෝ ආගමික ස්ථානවල එකම කතන්දරේ තමයි.

    ඔය හාමුදුරුවන්ට දෙන කැම වලින් ටිකක් අපිටත් දුන්නම ඊටත් වඩා පින් කියලා කාටවත් හිතෙන්නේ නෑනේ.
    මම වගේ දුප්පත් කන්න නැති කෙනෙකුට (ගමේ කෑම)

    ReplyDelete
    Replies
    1. බුරු.... ලොකු පන්සල් වල පින් කැට වල සල්ලි එකතු කරන්නෙ අත්ට්‍රැක්ටර් වලින්..ඒ තරමට ඒ පන්සල් වලට කැඹුරුම හම්බවෙනවා..
      ලංකාවෙ නෙවෙයි වෙන්නැති ඉන්නෙ.. මෙහෙ ආව නං දෙන්නන්කෝ .. අපිට මෙව්වා කාල එපාවෙලා ඉන්නෙ..

      Delete
    2. හිඟන කැට නෙමෙයි යකෝ පිං කැට :D චැහ්

      Delete
    3. මළ නිසා කියවිලා තියෙන්නෙ ඒ විදියට...

      Delete
    4. හිඟන කැට කියන්නේ බලෙන් ගන්න හින්දා.
      පින් කැට නම් ඒවා බලෙන් ගන්න ඒවා නෙමෙයි. අපි අපිට කැමති ගාණක් කැමති නම් විතරක් වාචික හෝ කිසිම බලපෑමකින් තොරව දෙන ඒවා. ඔය හිඟන කෑට තියෙන පල්ලි පන්සල් වලින් අපිට බලපෑම් කරනවා. ඒවා මට අනුව නම් ත්‍රස්තවාදි හොරකමක්.
      සමහරවිට අපි ආගම දකින්න කැමති මීට වඩා වෙනස් කෝඅණයකින් හින්දා වෙන්නැති. මට එහෙම හිතෙන්නේ.
      කොහොමද නිකම් හාමුදුරුවනේ ආධාරයක් හෙම ඕනේද ඇහුවම නෝනා ලයිට් බිලත් තියෙනවා. පොඩි නමවල් වලට ස්කෝලේ යන්නත් සල්ලි අඩු පාඩු තියෙනවා. පන්සල හදන්නත් තියෙනවාතව දිගයි ලිස්ට් එක කියලා ඉවර වෙද්දි අපි ආශාවන් අඩු කරපු රහත් තත්ත්වයට සමානයි කියලා හිතෙන්වා.
      මම පල්ලි හා පන්සල් ඔක්කොම එක්ක තරහයි ඔන්න ඔතනදි.

      Delete
    5. /* හාමුදුරුවනේ ආධාරයක් හෙම ඕනේද ඇහුවම */

      රංගි ගේ කතාව අසාධාරණයි. ආධාරයක් ඕනැද අහලා ඊට පස්සේ "හිඟන කැට" සහ "පල්ලි පන්සල් වලින් අපිට බලපෑම් කරනවා" කියන එක වැරදියි නේද?

      මං පුංචි කාලේ පන්සල් ගියා අම්මා එක්ක මාසෙකට දවසක් විතර. දැනුත් ඉඳලා හිටලා යනවා. නමුත් සමහර දාට කැටේට සල්ලි දැම්ාට කවදාකවත් මගෙන් නම් කවුරුවත් සල්ලි හෝ ආධාර හෝ ඉල්ලලා නෑ.

      සිඩ්නි ලංකාරාම පන්සල නම් පාලනය කරන්නේ දායක සභාවක්. දායකයෝ මාසෙකට සාමාජික ගාස්තු ගෙවනවා. නමුත්, ඒ කැමති අය පමණයි.

      Delete
    6. සිඩ්නි වලදී එහෙම උනත්.... ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ... අපේ හාමුදුරුවො දත් ගලවන්නෑ....

      Delete
  23. /අපේ සීය පණ වගේ රැකගත්තු උදළු, යවුල්, යකඩ ඉණි , ඉණේ බැඳගෙන හිටිය රිදී හවඩිය , බුලත් වට්ටිය , විට කොටන වංගෙඩිය තැන් තැන් වල තනිවෙලා... /

    අපේ තාත්තා මැරුණට පස්සෙ මටත් ඉතුරු වුනේ එයාගෙ බයිසිකලෙයි, පොත් ටිකයි, රේඩියෝවයි, ඇඳයි ආදී දේවල්. බයිසිකලේ නම් මං හදවලා පේන්ට් එකත් ගැස්සෙව්වා. දැං හිතෙනවා, තාත්තා ජීවත්ව ඉද්දි ඒ දේ කළානම් එයා කොච්චර සතුටු වෙයිද කියලා.

    සජ්ජා හාමුදුරුවන් දිහා බලන කෝණය මාර සංවේදියි බං. මේක කියවන්න කලින් මං ඒ ගැන දරපු අදහස, මං වංසංන්ම වෙනස් කරගත්තා ඕං...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීගේ තාත්තා සම්බන්ධයෙන් මගේබලවත් කණගාටුව පිළිගන්න....ඒ වගේ දේවල් දැක්කම පරණ මතකයන් සිහියට එන එක වලක්වන්න බෑ...
      හාමුදුරුවොත් අපි වගේම මිනිස්සු ටිකක් කියල හිතුවම මේ ක්‍රමයට අනුවර්තනය වෙන්න හරි ලේසියි බං... නැතුව අර කියන්නා වගේ සීලේ හරියටම රකින වත් පිළිවෙත් හරියටම කරන, පිළිවෙත් අනුව ජීවත්වෙන හාමුදුරුවරු හොයන්න ගියොත් ආගම අදහන්නත් බැරුව යනවා...

      Delete
  24. සාජ්ජා කොහෙද හිටියේ පහුගිය ටිකේ..............................

    ReplyDelete
    Replies
    1. කුරුට්ටා.. අතිශය කාර්යබහුල වෙලා නට්ටන් වෙලා හිටියෙ...

      Delete
  25. ඉන්නකොට සලකනවා මිසක් මැරනුනම බොරැවට අඩලා වැඩක් නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ... ඒක තමයි ඒ විදියට අවසන් කටයුතු සිද්ධ කළේ.... මට තේරෙන විදියට මුස්ලිම් වරුන්ගෙන් ගතයුතු එකම දේ ඕක විතරද මන්ද...

      Delete
  26. දානෙ මෙනු එකක් දෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා.. එහෙම එකක් නං දෙන්නෙ නෑ තවම. හැබැයි ඉස්සරහට එහෙම දෙන්නත් බැරි නෑ...

      Delete
  27. සජ්ජො ඔන්න අද තමා නිවී සැනසිල්ලෙ බ්ලොග් පෝස්ට් ටිකක් කියවන්න හම්බුනේ. මුලින්ම සීයාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. සාජ්ජා කිව කතාව හරි. හාමුදුරුවරුන්ද මනුෂ්‍යයෝය. අපි දානයක් දෙන්න කළින් උන් වහන්සේලාත් එක්ක කතා බහ කරල ඒ වැඩේ කරන එක හොඳයි. එතකොට දෙපැත්තම හිතේ සන්තෝසෙන් වැඩේ අවසන් වෙනව. කොහොම හරි සජ්ජා ආයෙත් ලියන්න පටන් ගත්ත එක හොඳයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා.. පරක්කු උනා උත්තර දෙන්න.. එක නෙවෙයි, මනා ජොබට සෙට් වෙලා දැන් හෙන බිසී නේ?? දකින්නෙත් කලාතුරකින්...

      Delete
  28. අනෙක් අය සතුටු කරන්න මැරුණ කෙනා වෙනුවෙන් දාන,මාන දෙනවාට වඩා දහස් ගුණයක් වටිනවා ඒ මනුස්සයා ජිවත් වෙලා ඉන්න කොට බලාකියා ගන්න එක.ඒ දේ උඹලා සීයාට අඩුවක් නැතුව කෙරුවානේ එක තමයි හොඳම දේ ඒ මනුස්සයා වෙනුවෙන් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සීය නැති දුක ඒ විදියට හිතල තුනී කරගන්නව මනෝ... ඒ අතින් ඒ මනුස්සයත් ගොඩක් පින් කරල තියනව...

      Delete
  29. ඇත්තටම අපි විශේෂයක් කියල දානෙට දෙන සමහර කෑම ජාති හාමුදුරුවන්ට දැකලම එපා වෙලා ඇති

    ReplyDelete
    Replies
    1. තිලක අයියා.. ඔය කතා සමහරක් එව්ව හාමුදුරුවන්ගෙන්ම අහල තියනවා... සැමන් හොද්දක් දැකල දවසක් හාමුදුරු නමක් කිව්ව "අදත් ගෙනත් සැමන් කුණු" කියල...

      Delete
  30. මාතෘකාව දැක්කම නං හිතුනෙ අනික් හැම එකාම වගෙ හාමුදුරුවන්ට බැනල කියලයි. බැලින්නං අගේට සධාරණව ලියල තියනව. එල එල බන්.

    නිකං හාමුදුරුවන්ට බනින්නෙ නැතුව දෙන්න අකමැති නං නිකං ඉන්න එකනෙ තියෙන්නෙ. නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. පොත්තෙන් අතුල මනින්න එපා කියන්නෙ ඕකයි...

      Delete
  31. පඩ ෂෝ, කස්තිරම් නැතිව ඕං ඔහොමයි දෙනවා නම් දානයක් දෙන්නේ ඕන !

    ReplyDelete