ගුරුවරු පෙරේතයි...


"මොකද්ද යකෝ මේ බයිසිකලේ , ගොනා වගේ , පිකප් වෙන්නෙ නෑ ගොළු වෙනව , ඉස්කෝලේ මහත්තේක් ගාව තිබ්බ එකක්ද?" ඔය කතාව සමහර වෙලාවට අහන්න ලැබිල ඇති කවදහරි. ඉස්කෝල මහත්තයෙක් ගාව තිබ්බ මෝටබයිසිකලයක් , වැගන් මොඩල් කාර් එකක් කියන්නෙ පෙට්රල් සුවඳටත් දුවන, මළාට පිකප් කරන්න බැරි වාහන විදියටයි ටික කාලෙකට කලින් සමාජගත වෙලා තිබ්බ මතය. හයියෙන් යන්නේ නැති නිසා පදම් නොවුණු යකඩ ගොඩවලුත් හෙමිං යන්න පුරුදු වෙලා කියලයි සමහරු කිව්වෙ. කතාව කෙසේ වෙතත් ඉස්කෝලේ මහත්තුරු, නෝනලා හරි පෙරේතයි කියන කතාව බොහෝ වෙලාවට බොරුවක් නෙවෙයි (ආර්ථිකය ශක්තිමත් එහෙම නොවෙන උදවියත් ඉන්න බව මතක් කරන්න ඕන).


"නිදහස් අධ්යාපනය රැකගනිමු , අම්මේ තාත්තේ අයියෙ අක්කේ බාප්පේ පුචි අම්මේ වරෙල්ලා, නිදහස් අධ්යාපනේ ඉවරයි, අපි මේ යකඩ වැටවල් පෙරලන්නෙ, කඳුළුගෑස් කන්නෙ, ගුටි කන්නෙ ඔබ තුමන්ලාගේ දරුවන් වෙනුවෙන්, කොටින්ම කිව්වොත් අනාගත ඩිම්බාණු ශුක්රාණු වෙනුවෙන් පවා තමයි අපි මේ සටන් කරන්නෙ" එදා ඉඳන්ම පාරවල් වල සංදර්ශන පවත්වන අයියලාගේ මූලික සටන්පාඨය ඒක. අහවල් ප්රයිවට් එක වහපියව් , නේවාසිකාගාරේ ෆුල් ඔප්ෂන් කොරපියව්, නවක වදේ කොරන්ඩ දීපියව් එව්ව ටික හරහා නිදහස් අද්යාපනේ ෆුල් මාවලස් කොරපියව් කියන තර්කය තමයි අන්තිමට එලියට ගන්න හදන්නෙ. සයිටම් එක වැහුවම , නේවාසිකාගාරේ ටැප් ටික හයි කලාම , අවුරුදු තුනේ පාඨමාලාව  හතර කලාම , නවකවදේ නීතිගත කළාමද  නිදහස් අධ්යාපනේ ෆුල් මාවලස් වෙන්නෙ? වෙන කරන්න දේවල් ඇත්තෙම නැද්ද? ඔයිට වඩා ප්රශ්ණ අධ්යාපනය සම්බන්ධයෙන් ඇත්තෙම නැද්ද රටේ? පාරෙ උද්ගෝෂණ වලදි  උගුර ලේ රහ වෙනකල් මන්තරේ වගේ ජපකරන මිනිස්සුන්ටත් කටපාඩම් වෙච්ච ඔය කතාවල් ටික විතරමද? නෑ... ඊට වඩා වැඩියෙන් යටින් ඔඩු දුවන කව්රුවත් කතා කරන්නෙ නැති කාරනාව ඕක නෙවෙයි.



හැබෑටම ඇයි ගුරුවරු පෙරේතයි, ලෝභයි  කියල කතාවක් සමාජයෙ තියෙන්නෙ?  අපි දන්නා අඳුනන ගුරු වෘත්තියෙ යෙදෙන හැම කෙනාම වගේ සාමාන් මට්ටමේ ජීවත් වෙනව. කියන්නෙ යම් මට්ටමක ගෙයක් හදනව, මළගෙවල් මගුල් ගෙවල් දානෙ ගෙවල් වලට යනව. වැදගත් විදියට අඳිනවා. අම්මල තාත්තලට සලකනවා , දරුවන්ට හොඳට උගන්නනවා , වාහනයක් හෝ අඩුම තරමින් බයිසිකලයක් වත් පදිනවා. සාමාන් මට්ටමෙන් නමුත් ඔය හැම දෙයක්ම සම්පූර්ණ කරන්න මාසෙකට කොච්චර මුදලක් වැය වෙනවද? මුදල ඔය වෘත්තියෙන් උදවියට ලැබෙනවද? ගුරුවරයෙක් ගෙන් අහල බලන්න පඩිය කීයක් හම්බවෙනවද කියල නිකමට. 30,000 ක් වගේ. ඔය හැම දේම කරන්න ජීවත් වෙන්න සමාජ මට්ටම පවත්වාගෙන යන්න. හැම එකටම ඔච්චරයි. අඩියක් පුඩියක් ගහන සර් කෙනෙක් හිටියොත් බොන්න ආසාවක් තිබ්බත් බොන්නෙ හාවා හඳ  දකින්නා වගේ.  ඇයි? බිව්වොත් අනිත් කටයුතු වලට වියදම් කරන්න කෝ සල්ලි? වෙනසකට  කඩේකින් කන්න වියදම් කරන්නෙ නෑ? ඇයි? වගකීම් යුතුකම් ඉෂ්ඨ කරන්න සල්ලි නෑ එහෙම කළොත්. උගත්කමක් තියන සමාජය යහමගට ගන්න අනිත් මිනිස්සුන්ට ගුරුහරුකම් දෙන මනුස්සය ඇයි මේ තරමට අසරණ? ඉස්සර ගුරුවරු ඉස්කෝලේ ඇරිල ගෙදර ඇවිල්ල වත්තෙ වගාවක් කරලා අමතර ආදායමක් වෙනුවෙන් මහන්සි උනේ ඇයි? මුදල් අඩුපාඩු පියවගන්න. පඩිය මදි නිසා. වරුවේ රස්සාවක් විදිහට , නිදහස් රස්සාවක් විදියට මිනිස්සු ගුරු වෘත්තීය දැක්කට ගුරුවරු ගෙදර එන්නෙ කීයටද? ගෙදර ආවත් ඉස්කෝලේ පොත් බලන වැඩ, ප්රශ්නපත්තර වැඩ කොයි තරමට තියනවද? ඔෆිස් යන උදවිය දේවල් ඔෆිස් එකෙන් ඉවර කරල ආවට ගුරු වරුන්ට මේ දේවල් වලින් මිදෙන්න පුළුවන්ද? වෙනුවෙන් කව්ද මේ උදවියට ගෙවන්නෙ?

"ඉස්සර තරම් දැන් ඉන්න ගුරුවරු කැපවෙන්නෙ නෑ පුතේ ළමයි වෙනුවෙන් , පරණ ගුරුවරු දැන් අළුතෙන් ඉස්කෝල වලට ආපු ගුරුවරු ගැන කියන්නෙ එහෙමයි " දැන් පැන්ෂන් අරගෙන ගෙදර ඉන්න අපේ නැන්ද මේ ලඟදී කියපු කතාවක්. පඩි මදි නිසා හවසට ටියුෂන් එකක් කරලා කීයක් හරි හොයාගන්න , ඉස්කෝලේ ළමයි ටිකත් ටියුෂන් එකට ගෙන්නගන්න තත්වයක් තමයි දැන් තියෙන්නෙ. ඕන්න කතාව. ඉස්සර ගුරුවරයෙකුට තිබ්බ ගරු සැලකිල්ල වත් දැන් නැතිකොට, සල්ලි මතම යැපෙන සමාජයක ජීවත් වෙන්න හැමෝටම යහමින් මුදල් ඕන. පඩි අඩු උනත් ගුරු වරයෙක් කිව්වම ඉස්සර සමාජය පිළිගත්ත. දැන් ඒකත් මහලොකුවට නෑ , මහන්සියේ තරමට වැටුපකුත් නෑ. එතකොට අර වැඩේ කරන එක පෘථග්ජන මනුස්සයෝ විදිහට අසාධාරණද? කොතනද එතකොට වැරැද්ද  තියෙන්නෙ?

අපි ඉස්කෝලේ යන දවස් වල අමතර පංති විදිහට ශිෂ්යත්වෙටයි , ලෙවල් කාලෙ ගණන් සහ විද්යාවටයි ලෙවල් වලදී විෂයන් ඔක්කොටමයි තමයි පංති ගියෙ. ඒත් දැන්? එක වසරේ ඉඳන් ළමයින්ට පංති. ඉස්කෝල වල හරියට උගන්නන්නෙ නෑ. උගන්නන ගුරුවරු ගෙවල් වල පංති කරනව අමතර මුදලක් උපයගන්න. ගුරුවරුනුත් උත්සාහ කරනව ළමයි වගේම හොඳ ඉස්කෝලයක් හොයාගන්න. හොඳ ප්රසිද්ධ ඉස්කෝලෙක උගන්නන්න. එතකොට අමතර පංති කරන්න ලේසියි "අහවල් ඉස්කෝලේ උගන්නන අහවලා" කියල. ලොකු ඉස්කෝලෙකට ගියාම ඒකෙ  ඉගෙනගන්න එන ළමයින්ගේ ලොකු ලොකු අම්මල තාත්තල එක්ක ඇසුරුකරන්න පුළුවන් උනාම තව තවත් ප්රයෝජන ගන්නත් පුළුවන්.  පොෂ් කල්චර් එකකුත් හැදෙනව වගේම ඒකට අනුගත වෙන්නත් පුළුවන්. අන්තිමට කල්පනා කරලා බැලුවම ඔය ඔක්කොටම බලපාන ප්රධාන හේතුව වැටුප මදිවීම. ඉස්කෝලේ ලාවට උගන්නල තමන්ගේ ගෙදර පන්තියෙදි හොඳට උගන්නනවා. ඉස්කෝලේ වැඩ ගෙදරට මළාට ගේන්නෙ නෑ. නොමිලේ හවසට අතිරේක පන්තියක් ජීවිතේට කරන්නෙ නෑ. තමන් සපයන සේවය වෙනුවෙන් ඊට ගැලපෙන් වැටුපක් නොලැබෙනකොට මිනිස්සු විදියට හැඩගැහෙනවසාධාරණව  හිතල බැලුවොත් මිනිස්සුන්ට බණින්න කාටවත් සදාචාරාත්මක අයිතියක් නෑ.
ගම් වල තියන පොඩි පොඩි ඉස්කෝල වැහෙන්න ප්රධානම එක හේතුවක් තමයි ඕකත්. හරියට උගන්නන්න දක්ෂ ගුරුවරු ටික නගරයේ ඉස්කෝල වලට ඇදෙනකොට ගුරුවරුන්ගෙන්ම හවසට ටියුෂන් ගන්න ලැබෙනකොට අම්මල තාත්තල ගමේ ඉස්කෝලේ තමන්ගේ දරුවා තියන්න කැමති නෑ. තමන් උගන්නන්න දක්ෂයි නම් දක්ෂතාවයට සහ කැපවීමටට හරියන පඩියක් ආණ්ඩුවෙන් ගෙවන්නෙ නැත්නම් ගුරුවරු උනත් ඉස්කෝලෙදි උගන්නන්න කැමති නෑ.  30000ක් අරගෙන අද කාලෙ මොනවද කරන්න පුළුවන්?
අපි කතා කරනව "අද කාලෙ ළමයින්ට ළමා කාලයක් නෑ, දැන් ඉන්න ළමයි හරි වෙනස්" අරකයි මේකයි කියල. හැබැයි එක වසරේ ඉඳන් හවස පංති වලට දාගෙන ළමයින්ට ළමා කාලය නැති කරන්නේ අපිමයි. පංති වලට දාන්න වෙන්න හේතුව ඉස්කෝල වල හරියට උගන්නන්නෙ නැති එක. වෙනුවෙන් කැපවෙන්න තරමට ආණ්ඩුවෙන් ගුරුවරුන්ට පඩි දෙන්නෙ නෑ. වැරැද්ද තියෙන්නෙ එතන. මහින්ද විජ්ජාගාර , ලස්සන තාප්ප, ගේට්ටු හදන වෙලාවේ ගුරුවරු ටිකට හරි වැටුපක් දීල ගුරුවරු ටික හරියට උගන්නනවද කියල එක අධීක්ෂණය කරල වැඩේ හරියට කළොත් රටේ අධ්යාපනය නිකන්ම දියුණු වේවි. ළමයින්ට නිදහසක් ලැබේවි. අම්මලටත් ස්කූටි වල ළමයි අරන් හවස රවුම් ගහන්නෙ නැතුව ගෙදර ඉන්න පුළුවන් වේවි. ඔය විදිහේ ලොකු සමාජ පෙරලියක් සිද්ධ වේවි.

නිදහස් අධ්යාපනය වෙනුවෙන් බෙරිහන් දෙන එකෙක් වත් ඔය ගැන කතා කරන්නෙ නෑ.  ඉස්කෝලෙන් බැරිනම් ටියුෂන් ගිහිං සමහර විට බෝඩිම් වල ඉඳගෙන ටියුෂන් ගිහිං ඉගෙනගත්ත එවුං කැම්පස් ගියාම නිකං  හම්බවෙන හොස්ටල් එකේ ටැප් එක කැඩුනම  උද්ඝෝශනේ කරනව, පණයනකල් ටියුෂන් ගිහිං ඉගෙනගෙන කැම්පස් ආපු  එවුං ටියුෂන් විස්සවිද්යාල තහනම් කරන්න උද්ඝෝෂණය කරනව, ඉස්කෝලෙ ගිහිං හවස පංති ගිහිං සෙනසුරාද ඉරිදත් පංති ගිහිං අනේක වධ බන්ධන විඳපු එවුං නවක වදේ නීතිගත කරවන්න උද්ඝෝෂණය කරනව. හැබැයි මේ වෙනුවෙන් එක වචනයක් කතා කරන්නෙ නෑ.  නිදහස් අධ්යාපනය කියන්නෙ විස්සවිද්යාලෙන් ඉතරක් හම්බවෙන පහළවෙන එකක් කියල හිතාගෙන ඉන්න එවුං ඉන්න රටක් මේක. හොඳම ගුරුවරයා, දක්ෂම ගුරුවරයා ඉන්න ඕන බාලාංශ පන්තිවල උගන්නන්න. එතනිනුයි ළමයෙක් පොලිෂ් වෙන්න පටන්ගන්නෙ. හැබැයි බාලාංශයේ උගන්නන ගුරුවරයා ඉස්කෝලෙක කව්රුවත් ගණන් ගන්නෙත් නෑ. මොන ප්රශ්නෙ තමන්ට තිබ්බත් ඉස්කෝලේ ගුරුවරයාට වෙනුවෙන් කතා කරන්න බෑ. දොස්තරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෙඩ්ඩු බිල්ලට තියල ස්ට්රයික් කළාට ගුරුවරයෙක් කවදාවත් ඒක කරන්නෙ නෑ.   එහෙම සදාචාරාත්මක බවක් තවමත් වෘත්තියේ තියනව. මුවාවෙන් හැමෝම මිනිස්සුන්ව නොසලකා අරිනව. හැබැයි දේවල් වල ප්රති විපාක මුළු සමාජයම අත් විඳිනව. ඉස්සර ළමයින්ට තිබ්බ නිදහස දැන් ඉන්න ළමයින්ට  නැති වෙන්න ප්රධානතම හේතුවක් ඕක. හැබැයි නිදහස් අධ්යාපනය වෙනුවෙන් කතාකරන එකෙක්වත් කතා නොකරන මාතෘකාවක් ඕක.

103 comments:

  1. Replies
    1. ඉඩ වෙන්කර ගැනීම තහනම්..

      Delete
    2. කවුද ඩෝ කො.කා. ලට පාට් දාන්නෙ. හැක්..

      Delete
    3. උත්තර දෙන්න බොහොම පරක්කු වෙලා.... මොනවා කොරන්නද වැඩත් එක්ක... ප්‍රසා ඉතිං කොහොමත් කමෙන්ට් සෙක්ෂන් බදු ගන්න එකානේ.....

      Delete
  2. ගුරුවරුන්ගේ පඩි වැඩි කරනු.. පාසල් අධ්‍යාපනය ඉහල නංවනු.. පාසලෙන් විශ්ව විද්‍යාලයට එන ළමුන් ගණන වැඩි කරනු.. ළමයින්ට ඉගෙන ගන්න සුදුසු වටපිටාවක් නිර්මාණය කරනු..

    අපිවත් බහිමු මචන් ගේමට..

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම චන්දෙ එල්ලලා ජනාධිපති වෙන්න ඕන බං.. කලණ ජනපති කරවමු... කලණ අපිට අපි කලණට...

      Delete
  3. // දොස්තරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෙඩ්ඩු බිල්ලට තියල ස්ට්‍රයික් කළාට ගුරුවරයෙක් කවදාවත් ඒක කරන්නෙ නෑ. //

    සාවද්ය කතාවකි..
    ඉතිහාසයේ වැඩිම පඩි වැඩි වීම ගුරුවරුන් ට ලබාදුන්නේ රිචර්ඩ් පතිරන මැති තුමාය. ගුරුවරුන් ඔහුට කල ගුන සැලකුවේ මාස දෙකතුනකට පසු මහා වැඩ වර්ජනයකට යමිනි!

    දියුනු රටවලත් ගුරුවරු ඉස්ට්‍රැයික් කොරති..
    හෙට දරුවා පාසැල් එවන්න එපා අපි ඉස්ටැයික් ලෙස ලියූ තුන්ඩු කෑලි මගේ පොඩි එකා වැඩිපුරම ගෙනත් දුන්නේ මෙල්බර්න් නුවර පාසැල් අද්යාපනය ලබන කාලේ දීය!

    ReplyDelete
    Replies
    1. අප්පට එහෙත් එහෙමද

      Delete
    2. http://www.abc.net.au/news/2013-02-14/schools-to-close-as-victorian-teachers-strike/4517944

      http://www.theaustralian.com.au/news/nation/vic-teachers-warn-of-further-strikes/story-e6frg6nf-1226465374183

      http://www.theage.com.au/victoria/parents-watch-out-preschool-teachers-to-strike-20150715-gid47j.html

      ඇතිද?

      Delete
    3. ඕන්න ඔන්න පැනපු ගමන් කොක්ක... මෙහෙමයි සාරස තුමා... වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව ඔය කව්රු උනත්. හැබැයි මම මෙතන කියන්න උත්සාහ කලේ ගුරුවරුන්ගේ අනිත් උදවියට සාපේක්ෂව යම්කිසි විනයක් තියනවා කියන එක ඔය වැඩ වලදී... පාරක් පාරක් ගානේ උද්ඝෝෂණ කරන්නෙ නෑ. පිකටින් කරන්නෙ නෑ. කොටින්ම කිව්වොත් පඩයක් ගියත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන්නේ නෑ... අන්න එහෙම ගතියක් තියනව. අන්න එකට අපි ගරු කරන්න ඕන.. පිටරට ඔය වගේ වෙනව ඇති. ඇත්තටම මට ඒ පිළිබඳව ඒ තරම් ලොකු දැනුමක් නෑ...මට ලාවට මතකයි හැබැයි සාරස තුමාගේ සහ මගේ ඉස්කෝලේ ගුරුතුමියක් තාප්පෙකට නැග්ග මොකක් නමුත් අවුලකට...

      Delete
    4. උද්ගෝසන තියන්නෙ මිනිස්සු වැඩ ඇරිල පාරට බහින වෙලාවටනෙ , එතකොටනෙ වැඩේ නැගල යන්නෙ. ඒ වෙලාවට ගුරුවරු වැඩ ඉවරයි ඒකයි උද්ගෝශන නැත්තෙ.

      Delete
    5. හෙහ් හෙහ්... උඹේ අඩුව මට දැනිල තිබුනෙ අයියෙ... මරු කතාව....

      Delete
    6. තුන්ඩුවෙන් පාසල් වස්සන "දේශප්‍රේමි"ගුරුවරුද මෙල්බර්න් ඉන්නෙත්.:D

      Delete
    7. තවමත් යහතින්...:)

      Delete
    8. අහන්නත් සන්තෝසයි බං.. වාසනාවන්ත යුගදිවියක් පතනවා...

      Delete
  4. "ගුරුවරු පෙරේතයි"
    මේකගැන කියන්න ගියොත් මම ඇරියස් කවර් කරගැනිල්ලක් වෙන නිසා කතානොකරම ඉන්නම්.

    හැබැයි එක දෙයක්.ඔය ප්‍රශ්නේ ගුරුවරුන්ට විතරක් නෙමෙයි.සමස්ත රාජ්‍ය සේවයේ නියතු සියළුම දෙනාට පාහේ තියන දෙයක්.විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ටත්.

    ReplyDelete
    Replies
    1. අපිට ආරංචියි උඹ නම් ඔහේ ඉඳන් ඇරියස් කවර කරනව කියල.. හැක් හැක්..
      ඇත්ත. සමස්ත රාජ්‍ය සේවයටම වෙලා තියෙන්නෙ ඔය හෙනේ තමයි. හරියට පඩියක් ලැබෙන්නෙ නැති තැන් තියනවා. හරි වැටුපක් ලැබෙන එකා ඊට නියමිත සේවාව දෙන්නෙ නෑ. අඩු පඩි තියන එකා පඩි මදි එක හේතුවක් කරගෙන අයිස් ගහනව , එක්කෝ හොරකම් කරනව, එක්කෝ තමුන්ගේ වැඩ ටික ඒ මාර්ගෙන් කරගන්නව. අන්තිමට තැලෙන්නෙ අහිංසක මිනිස්සු.

      Delete
    2. කටුස්සගෙ කතාවට මාත් එකගයි, රාජ්‍ය සේවයේ බහුතරයක් අපේ දෘෂ්ඨි කෝණයට අනුව පෙරේතයි. මට හිතෙන්නෙ මෙහෙමයි , පුද්ගලික අංශයේ බහුතරයකට කොමිස්, දිරි දීමනා, ප්‍රසාද දීමනා වගේ වැටුපට අමතර නොයෙක් දේවල් තියනව ඊට අමතරව අඩුම ගානෙ බයික් එකක් පෙට්‍රල් ටිකක් තියනව, විධායක නිලධාරියෙකුට කාරෙකක් තියනව. වැටුප සාපේක්ෂව ඉහල නිසා බැංකු ණයක් අරගෙන ගෙයක් හදාගන්න්නව , මේ සමාන රජයේ රැකියාවක් කරන කෙනාට මේ දේවල් කරන්න වෙන්නෙ තමන්ගෙ වැටුපෙන් හා සුළු ණය මුදලකින් , අනික් උන් ඉන්න මට්ටමට ඉන්න ඔවුන්ට තියන විකල්පය සකසුරුවම් ලෙස තමාගේ වැටුප කළමණාකරනය කරගැනීම. ඕක මෙලෝ චාරයක් නැතිව වියදම් කරන අනික් එවුන්ට පේන්නෙ පෙරේතකමක් ලෙස.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සමහර ගුරුවරු තමන්ගේ පන්ති වලට එන්නැති ළමයින්ට විභාග වලදී ලකුණු දෙනවා අඩුයි... තමන්ගේ පන්ති වලට එන ළමයිට විශේෂ සැලකිලි දක්වනවා...

    /////නිදහස් අධ්‍යාපනය කියන්නෙ විස්සවිද්යාලෙන් ඉතරක් හම්බවෙන පහළවෙන එකක් කියල හිතාගෙන ඉන්න එවුං ඉන්න රටක් මේක. ////

    +++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඕක හැමතැනම තියන ප්‍රශ්නයක් නිර්මාණි. ඉස්කෝල වල ඔය වැඩේ වෙනව. ඉස්පිරිතාල වලත් ඔය වැඩේ වෙනව. පිටින් චැනල් කරපු ලෙඩාට වාට්ටුවේ සැලකිල්ල වැඩියි. එහෙම කරපු නැති වෙලාවට ලෙඩා මලත් ගණන් ගන්නෙ නෑ. හැබැයි ඔය වැඩේ හැම තැනකම හැම වෙලාවකම වෙන්නෙ නෑ..
      ක්වෝට් කරපු කතාව ගැන... හැ බොරුද. අපේ මිනිස්සු නිදහස් අද්‍යාපනය ගැන හිතාගෙන ඉන්නෙ එහෙමයි. කැම්පස් ආවට පස්සෙ තමයි නිදහස් අධ්‍යාපනේ කරලියට එන්නෙ. එතන විතරයි එක තියෙන්නෙ කියල පෙන්නන්න දඟලන්නෙ හැමෝම...

      Delete
  7. ඔය පින්තුරෙ ඉන්න ටීචර්ට 100% පඩි වැඩි වීමක් අනුමත කොරමි.

    ReplyDelete
    Replies
    1. මචං උඹ කවුද කියල මට හිතාගත්තහැකි , ඒ විතරක් නෙමෙයි මේ ළමයට නං සිසු දරුවන්ගේ ධාතුපහකිරිම පහසු කිරිමේ දීමනාවත් ගෙවන්න ඕන

      Delete
    2. අටම්, උඹත් IP හොයනවද? හැක්..

      Delete
    3. ඇනෝ ඇනලයිසිස් ගැන පහුගිය ටිකේ අම්බානක එව්ව දැක්ක. ඒ ගැන සද්ද නැතුව හිටියට. හෙහ් හෙහ්...

      Delete
  8. සජ්ජා මීට ටික දිනකට පෙර කණිෂ්ඨ පාසලක මා හිතවත් ගුරුවරියක මුණ ගැසිණි. ඇය එම විදුහලේ විදුහල් පතිනියයි. සුහද සංවාදයක යෙදුණු මා ඇයගේ මාසික වැටුප විමසූ අතර එය රුපියල් 48000 ක පමණ මුදලකි.ඇයගේ සේවා කාලය වසර 15 කි. එමෙන්ම සාමාන්‍ය ගුරුවරයෙකුගේ වැටුප ඔබ සඳහන් කල පරිදි එසේ විය හැකිය. ගුරුවරයා වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පිදුම් ලැබීමට සුදුසු වූ පුද්ගලයෙකි. එහෙත් එහෙත් සියඵ රජයේ සේවකයන් ගත් කල ගුරුවරයා වනාහි තවත් එක් රාජ්‍ය සේවකයෙක් පමණි. ගුරුවරයා හරියටම දවසින් භාගයක් පමණ රාජකාරී කරයි. බොහෝ විට අප එය රාජකාරියකට වඩා උතුම් සේවයක් කොට සළකන්නෙමු. මන්ද මෙසේ මා අකුරු කොටන්නේ ඇයට පින්සිදු වන්නටය. නොඑසේනම් අද බිහිවන වෛද්‍යවරයා සොරදෙටුවකු වන්ට ඉඩ තුබුණී. බිහිවන ගුරුවරයා සමාජ අපවාදයට ලක්වන්නකු වීමට ඉඩ තිබුණි. කොටින්ම අනාගතය කනපිට හැරවීමට ගුරුවරයා සතු බලය අපමණය. එහෙත් එවැනි දිසාපාමොක්ලා අද තක්ෂිලාවන්හි දක්නට නොමැත්තේය. නොමැත්තේද නැත්තේය. කතාව එය නොවන්නේය. කතාව වැටුපය. ගුරුවරයා වනාහි නිරන්තර අප්ඩේට් විය යුත්තේය බොහෝ වුන් පවසති.ඒ සඳහා අමතර කාලයක් ලෙස දවසින් බාගයක් ලබා දී ඇත. මෙසේ අප්ඩේටි විය යුත්තේ ගුරුවරයා පමණිද. මට සිතෙන අන්දමට මෙලොව වසන සියල්ලන් අප්ඩේට් විය යුතුය. නොඑසේ නම් බොහෝ උන් බොහෝ උන්ට අරිති. අද පුවත්පත් මෙන්ම බොහෝ සමාජ වෙබ් අඩවි වලද ඇරපු ඇරගත් ඒවා ගැන සඳහන් වන්නේය. ඉතින් මා දකින බොහෝ ගුරුවරුන් ටියුෂන් දමා ගන්නා උදවියයි. පාසලේදී නූගන්වා ඒවා ටියුෂන් පන්තියේදී උගන්වන්නට තරම් මේ ගුරුවරු කුහක වන්නේ මන්ද. ටියුෂන් දීම වැරැදි යැයි මා නොකියමි.එහෙත් පාසල් ශිෂ්‍යයා අමතක නොකළ යුතුය. ඔවුන් රැක ගත යුත්තේය. මුදල් සෙවීමට වෙනත් සුදුසු රැකියාවක් කිරීමටද ගුරුවරයාට කාලය බොහෝ ඇත. ඔවුන් අප්ඩේට් වන්නේ ටුයුෂන් දීමට මිස පාසලේ උගන්වන්නේ මොනවාද යන්න ගැන නොවේ. පාසලේ උගන්නා දරුවන්ට රස කතා කියාදෙන්නේ නොමැත. ඔවුන්ට ඇමරිකාවේ ප්‍රංශයේ රුසියාවේ වෙන දේ ගැන කියා දෙන්නේ නැත.ඒ සියල්ල ටියුෂන් ගන්නා දරුවන්ට පමණිය. මේ වෙන කිසිවක් නොවේ ඉතා ඉක්මණින් අනෙකා පරයා නැගී සිටීමට ගන්නා අන්ත ආත්මාර්තකාමීත්වයයි. එහිදී නිදහස් අධ්‍යාපනයේ සුවඳ විඳින්නට පාසලට දුව එන අහිංසක දුවා දරුවන්ගේ අනාගත සිහිනයන්ගේ කෙසේනම් මල් ඵල හට ගනු ඇද්ද.....

    ReplyDelete
    Replies
    1. දවසෙන් බාගයක් කියන එක මතයක් විතරයි...
      ඉස්කෝලේ අල්ලපු වැටේ ගෙවල් තියෙන මනුස්සයක් ගමු, ඔහු හෝ ඇය අඩු ගානේ උදේ 07:15 වත් වෙද්දී ඉස්කෝලෙට යන්න ඕනේ...
      ඉස්කෝලේ ඇරිච්ච ගමන් ගාල කඩාගෙන වගේ ආපහු ගෙදරට ආවත් අඩුම ගානේ 01:45 වත් වෙයි...
      එතකොට කිලෝමීටර 10-15 හෝ ඊටත් වඩා දුර ඉඳගෙන ඉස්කෝලේ එන ගුරුවරුන්ගේ දවසේ ආරම්භය සමහර විට උදේ 05:30 හෝ ඊටත් කලින් වෙන්න පුළුවන්...
      කිලෝමීටර 6 ක 7ක දුරක් යන්න අපේ අක්ක උදේ 06:15 වෙද්දී පිටත් වෙනවා...
      ආපහු ගෙදර එද්දී 02:30, 02:45 වගේ වෙනවා...
      ඊට පස්සේ කාල බීලා ඉවර වෙලා පටන් ගන්නවා සටහන් හැදිලි වගේ දේවල්...
      එහෙම කරන්න හේතුව දැන් ළමයින්ගේ ප්‍රතිපල යම් විෂයකට අඩුනම් ඒවා සම්බන්ධව විශේෂයෙන් හොයල බලන නිසාත් ඒක ගුරුවරයාට ගැටළුවක් විය හැකි මට්ටමකට යා හැකි නිසාත්ය...

      ගෙදර ආවට පස්සේ ඉස්කෝලෙට අදාළ මුකුත්ම වැඩ කරන්නේ නෑ කියල උපකල්පනය කලත් ඔවුන්ට දවසේ ඉතිරි පැය දෙක තුන ඇතුළත සල්ලි කීයක් හරි හොයා ගන්න තියෙන ක්‍රම මොනවද...
      ඉස්කෝලේ කිට්ටුවම ටියුෂන් පටන් ගැනිල්ල තමයි ඔවුන්ගේ එකම සහ පහසුම විසඳුම...

      Delete
    2. වැවා සහ ලොක්කා , වැරදි තියන තැන් වලට නිර්දය විදිගට පහරදෙන්න යනකොට හැම තැනකදීම එකට හරස් වෙන කාරණාවක් තමයි ඒ තැන් වල ඉන්න දෙවිවරු වගේ මිනිස්සු. ගුරුවරු වේවා, දොස්තරලා වේවා,පොලිස් නිලධාරියෝ වේවා, වෙනත් රාජ්‍ය සේවක කොටසක් වේවා හැම තැනකම එහෙමයි. අමුම අමු කාලකන්නි වගේම දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්නව. හැබැයි අපි කියන දකින සමහර වැරදි වෘත්තිකයෝ විදිහට ඒ හොඳ මිනිස්සුන්ටත් වදිනවා. ඒක තමන්ගේ සහෝදර වෘත්තිකයන්ට එරෙහිව එන චෝදනාවක් නිසා. ඔවුනුත් දන්නව එහෙම වැරදි කරන උදවිය ඉන්නව කියල. හැබැයි කරන්න දෙයක් නෑ. කරන්න දේවල් තිබුනත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න අමාරුයි.බොහෝ වෙලාවට බහුතරයක් ඉන්නේ අර වගේ වැරදි තියන මිනිස්සු. ඕන්න ඕකයි තත්වය.
      මම දකින විදිහට ඔය හැම තැනකම වැරදි වෙන්න හේතුව තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කිරීම. මිනිස් ගති පරයා නොමිනිස් ගති ඉස්මතු වීම. ඕකට ප්‍රධානම කාරනාව මුදල්. මුදල වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂිය පාවල දෙන්න අද සමාජයේ මිනිස්සු බොහෝ දෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම වෙනකොට නොමිනිස් ගති ඉස්මතු වෙන එක වලක්වන්න බෑ. එහෙම සමාජයක පරාර්ථය, කරුණා ආදී ගුණ ඉතුරු වෙන්නෙ නෑ. යහපත් සිතුවිලි, ගතිපැවතුම් ක්‍රමයෙන් ක්ෂය වෙමින් මුදල තත්වය සහ වරප්‍රසාද වෙනුවෙන් ඒ සියල්ල අරුමුනු කරගෙන ඉදිරියට ඇදෙන සමාජයක පරිහානිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ දේවල් යම් ප්‍රමාණයකට හෝ නවත්වන්න නීති රෙගුලාසි වලට මිනිස්සු යටත් කරලා ඒ මගින් මිනිසුන් පාලනය කරන්න හැදුවත් නීතිය වල් වැදුණු අපේ වගේ සමාජයක ඒ මගින් සමාජය යහමගට ගැනෙයි කියල හිතන එක විහිළුවක්. හැමෝම තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න ඉගෙනගත්තොත්, ඇතුලාන්තයෙන් තමාවම ස්වයං විනයකට යටත් කරගන්න පුරුදු උනොත්, යහපත් ගුණධර්ම ජීවිතයට එකතු කරගත්තොත් ඔය ප්‍රශ්ණ හැම එකකටම උත්තර ලැබේවි. හැබැයි සමාජය මේ යන විදිහට ඒ වැඩේ මේ කපේදී වෙන්නෙ නෑ...

      Delete
    3. ඉතිරි වරුව විතරක් නෙවෙයි, රෑ වෙනකම් ළමයින්ගෙ පොත් වල වැඩ. දුර්වල් එවුන්ව ගෙදරට ගෙන්නගෙන ඉගැන්වීම, දවසෙ බාගයක්ම හිටගෙන සිටිම නිසා කකුල් කැක්කුම, විවිධාකාර දරුවන් 45 පමන හැසිරවීම නිසා මානසික පීඩනය, දරුවන්ගේ ප්‍රශ්න නිසා නිතරම සිත් තැවුලට පත්වීම etc.

      Delete
    4. කම්මලයිය මායියගෙ දුරුවලකම් ඔක්කොම කියල දානව... අයියෙ ඒකත් චෑන්ස් එකට අරගෙන කකුල රිදෙනව නේද සූදු කියල රෑට තෙල් ටිකක් වත් ගාහන්...

      Delete
  9. මේ ගුරුවරියක‍ගේ මතයයි
    දවසින් බාගයක් නිවාඩු දුන්නාට දවසට පැය 7ක් ගතවන මගේ ගමන් අපහසුව නිසා ඒ බාගෙන් පලක් නැත.වැටුප නං ඔයි කීව ගාන තමයි.තව දිනසටහන් වාර සටහන් ප්‍රශ්න පත්තර බැලිලි සැකසිලි මැද සමහරුන්ට අපට හම්බෙන නිවාඩු මාස 3 ගැන මාර කැක්කුමක් ඇත.ඒ මාසේ බලන ප්‍රශ්නපත්තර රිපෝට් කාඩ් හැදිලි වලට ඒ නිවාඩුව ඉවරය.
    හැම ගුරුවරයෙක්ම ටියුසමට මුල් තැන දෙන්නේ නැත.දෙතැනදිම හොඳට උගන්නන ගුරුවරු රැසක් පුද්ගලිකව දනිමි.
    සුළුතර වැරදිකරුවන් ඉස්මතු කර අප බහුතරයක් හෙලා දුටු උන් හැම මමත් හෙලා දකිමි...
    අප ගැන හිතූ සජ්ජාට පිංය

    ReplyDelete
    Replies
    1. මට මතකයි අටමා දවසක් ඔය සම්බන්ධයෙන් හොඳ චරිත සහතිකයක් දුන්න. "මට ගුරුවරු පෙන්නන්න බෑ, ඒ උනත් මේකි ඒ මතය වෙනස් කළා" වගේ කතාවකින්. අපි දන්නවා දෙවිවරු වගේ ගුරුවරු ගැන. ගුරුවරු විසින් සමාජයට කරන සේවය ගැන. මැටි පදාසයක් ලස්සන මූර්තියක් කරන්න සිදුකරන කැපවීම ගැන. උතුම් වූ ගුරු වෘත්තීය වෙනුවෙන් අවන්කවම දහදිය වගුරන පිරිස අගය කළ යුතුයි. ගුරු කමේ මුවාවෙන් එය අවභාවිතයේ යොදවන පිරිසට එරෙහිව කතා කලයුතුයි. හැම ක්ෂේත්‍රයකටම ඕක අදාලයි.

      Delete
  10. වැරද්ද අපේය...අපි අපමය...පගාව දීලා, නමගිය පාසැලකට ලමයා දාලා ඊට පහුවෙනිදා ඉඳන් ලමයව,අරන් ටියුශන් යන්නේ අපිමය...ඉතින් වැරැද්ද අපේය..
    අද කිව්වනේ ලමයිව ඉස්කෝලෙ දාන්න ජාතික ප්‍රතිපත්තියක් හදනවය කියල හිටං...එයාගෙන්ම අහන්නකෝ දෝනිඇන්දාගේ ඉපදිච්ච හැටියේ ලමයට සජ්ජාගේ ඉස්කෝලේ ගාව ඇඩ්ඩ්‍රස් එකක් සෙට් කරල දුන්නේ කව්ද කියල හිටං..ඕනිම නම් කුලී ඔප්පුවෙ නොම්මරේ එවතෑකි හිටං...ඉතින් වැරැද්ද අපේය...

    ReplyDelete
    Replies
    1. //වැරද්ද අපේය...අපි අපමය...පගාව දීලා, නමගිය පාසැලකට ලමයා දාලා ඊට පහුවෙනිදා ඉඳන් ලමයව,අරන් ටියුශන් යන්නේ අපිමය...ඉතින් වැරැද්ද අපේය..
      අද කිව්වනේ ලමයිව ඉස්කෝලෙ දාන්න ජාතික ප්‍රතිපත්තියක් හදනවය කියල හිටං...එයාගෙන්ම අහන්නකෝ දෝනිඇන්දාගේ ඉපදිච්ච හැටියේ ලමයට සජ්ජාගේ ඉස්කෝලේ ගාව ඇඩ්ඩ්‍රස් එකක් සෙට් කරල දුන්නේ කව්ද කියල හිටං..ඕනිම නම් කුලී ඔප්පුවෙ නොම්මරේ එවතෑකි හිටං...ඉතින් වැරැද්ද අපේය...// හරියට හරි.. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය කියලා කියමනක් තියෙන්නේ ඒකනේ.. අපේ අය කතාකරන හැටියට ක්‍රියාකාරිත්වයත් හැඩ ගසවාගන්නවනම් අපේ ගම රට කොච්චර නම් හොඳ වෙයිද ? ජයවේවා !!!

      Delete
    2. ලොකු අයියෙ, උන්ගේ කතා ගැන නං කතා කරලා වැඩක් නෑ. ඔය හිටං තුමා ගැන වෙන්නැති කියන්නෙ.
      කොහොම නමුත් ඔය ක්‍රමයෙන් මිදිල උඩුගං බලා පීනන එක බොහොම අමාරු වැඩක්. මගේ පුංචි කෙල්ල ඉපදෙන්න ඉන්නකොටම කීපදෙනෙක්ම මට කිව්ව "පදිංචිය වෙනස් කරන්නෙ නැද්ද? උප්පැන්නේ ටවුමෙ ඉස්කෝලයක් ගාව ඇඩ්‍රස් එකකට දාගන්නේ නැද්ද? ළමය ඉස්කෝලෙ දාගන්න මොනවද කරන්නෙ" අනන් මනං කතා . බලාගෙන ගියාම ළමයි ඉපදෙන්න කලී දණිස් වල ඉන්න කාලෙ ඉඳන් මිනිස්සු ඒවා ප්ලෑන් කරනව. හොර සහතික හදනව. අම්මල තාත්තල අන්තිමට හොරු වෙලා ඉවරයි. ළමය ඉස්කෝලෙට දාන තැන ඉඳන්ම හොරකම. පොඩි එකා ඉන්ටවිව් කරනකොට ඌටත් බොරු උගන්නල යවන්නෙ අම්මල තාත්තලමයි. මට ඔය හොර සහතික හදන්න කියපු එවුන්ට මම කියල දුන්න කණේ ඇඟිලි ගහහන්න. එහෙම මට උපදෙස් දුන්න එකෙක් උගේ කෙල්ල ඉස්කෝලෙට දාගන්න පදිංචිය හොරට වෙනස් කරලා ඌට දැන් චන්දෙත් නෑ. අහලපහල හොඳ ඉස්කෝලයක් බලනවා ඒ කාලෙ වෙනකොට. බෙහෙම බලල කෙල්ලව එකට දානවා. ළමයින්ට උගන්නන්න බෑ අම්මලට තාත්තලට තියා සක්කරයට වත්. මග පෙන්වන්න යටිතල පහසුකම් සලස්වන්න විතරයි පුළුවන්. ඉගෙනගන්න එකා කොහෙ හිටියත් ඉගෙනගන්නව. අවශ්‍ය එකට මාර්ගය කියාගෙන එකයි, දිරිමත් කරන එකයි, අවශ්‍ය යටිතල පහසුකම් ටික සකස් කරන එකයි විතරයි. පංති එකකට නෙවෙයි සීයකට ඇරියත්, දිසාපාමොක් දාල ඉගැන්නුවත් , සිලබස් එක කොටල මිරිකලා පෙව්වත් ඉගෙනගන්න බැරි එකාට බෑ. හැම දරුවෙක්ම යම් දෙයකට දක්ෂයි. ඒ දක්ෂතාවය ගණන් හෝ විද්‍යාව වෙන්නම අවශ්‍ය නෑ. ඒ දක්ෂතාවය හඳුනගෙන එකට අවශ්‍ය පහසුකම් මගපෙන්වීම දෙනව නම් ඒ ක්ෂේත්‍රයෙන් දරුව තැනකට යාවි. පොඩි කාලෙ ඉඳන්ම දොස්තරලා ඉංජිනේරුවෝ කරන්න ළමයින්ව රේස් එකකට තියන්න දඟලන ඒ පරණ හණමිටි ක්‍රමය අපේ පරම්පරා වල ඉඳන් වත් වෙනස් කරන්න ඕන.

      Delete
    3. //පොඩි කාලෙ ඉඳන්ම දොස්තරලා ඉංජිනේරුවෝ කරන්න ළමයින්ව රේස් එකකට තියන්න දඟලන ඒ පරණ හණමිටි ක්‍රමය අපේ පරම්පරා වල ඉඳන් වත් වෙනස් කරන්න ඕන// මෙන්න මේක තමයි සජ්ජා වෙන්න ඕනි. අපි අපේ ගෙවල් ඇතුලෙන් මේක පටන් ගත්තොත් අඩු ගානෙ අපේ පොඩි උන්ට බැරි වුණොත් එයාලගෙ දරුවන්ට හරි හොද අනාගතයක් රට තුල නිර්මාණය වේවි.

      Delete
    4. මම නම් ඕක අපේ ගෙදරින් පටන්ගන්නවා සඳා.. මම සූදානම්.. ඔබ සූදානම්ද??

      Delete
    5. සූදානම් විතරක් නෙවෙයි ටික දුරක් ගිහිල්ලත් ඉන්නෙ. දරුවන්ගෙ හිත්වලට ඔය හැම රැකියාවකම වටිනාකම හීන් සීරුවේ කියලා දෙන්න ඕනි. ගොවියො වැව්වෙ නැත්නම් අපිට කොහෙන්ද කෑම? මේසන් බාස්ලා නැති වුණොත්?

      Delete
  11. කලින්ම ටීචර් කෙනෙක් කියල දැනගත්තොත් මම නෙමෙයි උන්දැගේ මෙෂින් හදන්ඩ යන්නේ

    හේතු දෙකක් තියනවා

    1) පට්ට කුණු ලෝබයි

    2 ) මගේ රස්සාවත් මට උගන්නන්ඩ එනවා , වරදක් පෙන්නුවත් පිලිගන්නේ නැ

    දැං ඉතින් බ්ලොග් ලියන ටීචර්ලයි , සෑර්ලයි , ගෙදර ටීචර් කෙනෙක් සෑර් කෙනෙක් ඉන්න උන් මාව මරාගන කාපියව්

    ReplyDelete
    Replies
    1. උඹට තියෙන්නෙ උං කියන විදියට මැසිම හදන්න. ඊට පස්සෙ ආයෙ කැඩුනව ඩබල් චාජ් ගත්තහැකි. හරිම සිම්පල් ප්ලෑන් එකක්.

      Delete
    2. හෙහ් හෙහ්. උඹට ගුරුවරු සම්බන්ධ ඇරියස් එකක් තියන බව අපි දන්නව. කයි දවසක් උඹ වත්සලා විජේරත්නවා වර්ණනා කළා මට මතකයි. ඔය ලෝභ කතාවට හේතුව අරකනේ බං. අනිත් එක ගුරුවරුන්ගේ පොඩි පණ්ඩිත ගතියක් තියනවා තමයි. ඉස්කෝලෙදි ලොක්ක, පන්තියෙදි ලොක්ක ගුරුවරයා, උපදෙස් අවවාද අනුශාසනා දෙන්නෙ ගුරුවරයා. ඉතිං එහෙම ගතියක් තියන එක සාධාරණයි. ඔය ලොකුකම පණ්ඩිතකම උඹෙත් තියනවා මගෙත් තියනවා. පණ්ඩිතයෙක්ට තවත් පණ්ඩිතයෙක් එක්ක වැඩකරන්න කොහොමත් අමාරුයි. ඔතන වෙලා තියෙන්නෙ ඒකයි. ඒ හින්ද තමයි උඹල අපි, ඔය බ්ලොග් ලියන අයියල හැම වෙලේම මරාගන්නෙ...

      Delete
    3. උඹ ඉස්කෝලෙ යන කාලෙ ,මහ එවුන් කරන වැඩ කරන්න ගිහින් ගුටි කෑවට අපිව පංතියට ගත්තෙ උම්ම දීල.

      Delete
    4. ඒ කාලෙත් අතට පයට අහුවෙන සයිස් එකට ඉන්න ඇතිනෙ... ලෝභ නැතුව දෙන්න ඇති පාර...

      Delete
  12. සජ්ජෝ,

    ගුරුවරු ගැන උඹේ අදහස් වලට මම සම්පූර්ණයෙන්ම එකඟයි.
    ගුරුවරු මූණ දෙනවාය කියලා උඹ ඔය ලියල තියෙන ප්‍රශ්න සේරම ඇත්ත.

    මම එහෙම කියන්නේ මමත් ගුරුවරයෙක් සහ වරියකගේ දරුවෙක් නිසා.
    අපිටත් ඔය ප්‍රශ්න වලට ඔය විදියටම මූණ දෙන්න සිද්ධ වුනා.

    එත් අපි පොඩි අමාරු අඩියකට වැටුනා.
    ඒ කියන්නේ අපේ අම්මවත් තාත්තාවත් කැමති වුනේ නැහැ ගෙදර වත් වෙන කොහේ හරි වත් ටියුෂන් දෙන්න.
    ඒ දෙන්නා දැනගෙන හිටියා සල්ලි වලට වඩා මමයි, නංගියි එක්ක කාලය ගත කරන එක වැදගත් කියලා.
    ටියුෂන් නොකරන ගුරු යුවලක පවුල මූණ දෙන ආර්ථික ප්‍රශ්න ආයේ කියන්න ඕන නැහැනේ.

    එදා ඔය වග නොතේරුනාට අද දෙමවුපියන්ව සතියකට , මාසේකට තුන්මාසේකට සැරයක් දකින දරුවෝ මූන දෙන ප්‍රශ්න දිහා බලපුවාම එපේ දෙන්නාගේ කැපකිරීම කොච්චර වටිනවාද කියලා දැන් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මට්ටමේ ආර්ථිකයක් තියන හැම මනුස්සයටම ඔය ප්‍රශ්ණය තියනවා බං. එකට හේතුව අද තියන සමාජ ක්‍රමය. ජීවිත සංකීර්ණ කරගන්න කරගන්න ඒ සංකීර්ණත්වය වෙනුවෙන් මුදල් උපයන්න වෙනව.සාමාන්‍ය ආර්ථික මට්ටමක ඉන්න මනුස්සයෙක්ට ඒ අතිරේක මුදල් ඉපයීම වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරන්න වෙනව අනිවාර්යෙන්.. කාල වේලාව අඩුවෙන්න අඩුවෙන්න පවුල් වල තියන අන්යෝන්ය බැඳීම පලුදු වෙනව. සාමාන්‍ය ආර්ථික මට්ටමක ඉන්න පවුල් මුහුණ දෙන ප්‍රශ්ණය ඕක තමයි. අනෙකුත් සැපසම්පත් පහසුකම් වෙනුවෙන් අවශ්‍ය මුදල් ටික හොයාගෙන ඒවා සම්පූර්ණ කරගත්තම පවුල වෙනුවෙන් වැයකරන්න මුදල් උපයන මනුස්සයට වෙලාවක් නෑ. තමන්ගේ පවුල වෙනුවෙන් කාලය වෙන්කරගත්තොත් අර දේවල් සම්පූණ කරගන්න මුදල් නෑ. සමාජය තරඟකාරී මට්ටමකට ඇවිත් තියනකොට, අනිත් මිනිස්සුන්ට තියන පහසුකම් තමන්ටත් ගන්න ඕන වෙනකොට ඒ වෙනුවෙන් මුදල් උපයන්න දුවන්න වෙනකොට අර වගකීම් බැඳීම් අතාරින්න වෙනව. පවුල වෙනුවෙන් ප්‍රමාණාත්මකව කාලය යොදවන පුද්ගලයට මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ තියනව. උඹගේ අම්මල තාත්තල ඔය දෙකෙන් පවුල වෙනුවෙන් කාලය යෙදවීම තෝරාගන්න ඇති. ලොකු සල්ලිකාරයෝ නොවුන සමාජ මට්ටමක හිටපු උඹේ අපේ අම්මල තාත්තල ඒ තීරණය ගත්ත නිසා අපට අගහිඟකම් වලට අනන්ත මූණ දෙන්න වෙලා තියනව. හැබැයි අම්මල තාත්තල සල්ලි පස්සෙම දුවන්නේ නැතුව අපි වෙනුවෙන් වෙලාව වෙන් කරපු එකේ වටිනාකම ඒ නිසා ඒ උදවිය සහ අප අතර ඇතිවෙලා තියන බැඳීම සල්ලි වලට ගන්න බෑ කියල උඹට දැන් තේරෙනව නේද??

      Delete
  13. අපි මිනිස්සු නෙවැ මචං …

    ReplyDelete
    Replies
    1. ඔව් මචං, මිනිස්සුන්ගෙ තියන හොඳ සහ නරක ගති අඩු වැඩියෙන් හැමෝගෙම තියනවා... හැබැයි උඹේ නං නරක ගති ටිකක් වැඩිද කොහෙද...

      Delete
  14. සල්ලි මතම යැපෙන සමාජයක ජීවත් වෙන්න හැමෝටම යහමින් මුදල් ඕන/// +++++

    ReplyDelete
    Replies
    1. මේ තියන සමාජ ප්‍රශ්ණ ඔඩු දුවන්න ප්‍රධානම හේතුව ඕක.. උඩුගං බලා පීනන්න කාටවත්ම අමාරුයි..

      Delete
  15. //හැබෑටම ඇයි ගුරුවරු පෙරේතයි, ලෝභයි කියල කතාවක් සමාජයෙ තියෙන්නෙ? // කාලෙකට පස්සේ සජ්ජා.. හොඳ ලියවිල්ලක් එක්ක ඇවිල්ලා. මේ කියන කතාවේ ඇත්තක් තියෙනවා. හැම කෙනෙක්ම පළමු රස්සාව ලෙස ගුරුවරයෙක් ලෙස සේවය කරානම් හොඳයි කියලා මට හිතෙන්නේ එතකොට අරපරිස්සම හොඳට හුරුපුරුදු වෙන නිසා.. මම මුල්ම රස්සාව විදිහට කලේ වැල්ලවාය ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස වැඩ කරපු එක පස්සේ මගේ වර්තමාන රස්සාවට ඇවිත් මුලින්ම ලංකාවේ වැඩ කරන කොට මගේ යාලුවෝ කියනව "උඹ දොස්තර කෙනෙක් වගේ හම්බ කරලා ගුරුවරයෙක් වගේ වියදම් කරනවා .. උඹ නම් පුතෝ වැඩිකල් යන්න කලින් පෝසතෙක් වෙනවා" කියලා . ඒ කියන්නේ ගුරුකමෙන් උපයා ගත් සකසුරුවම් කම ගැනයි...

    ReplyDelete
  16. //හැබෑටම ඇයි ගුරුවරු පෙරේතයි, ලෝභයි කියල කතාවක් සමාජයෙ තියෙන්නෙ? // කාලෙකට පස්සේ සජ්ජා.. හොඳ ලියවිල්ලක් එක්ක ඇවිල්ලා. මේ කියන කතාවේ ඇත්තක් තියෙනවා. හැම කෙනෙක්ම පළමු රස්සාව ලෙස ගුරුවරයෙක් ලෙස සේවය කරානම් හොඳයි කියලා මට හිතෙන්නේ එතකොට අරපරිස්සම හොඳට හුරුපුරුදු වෙන නිසා.. මම මුල්ම රස්සාව විදිහට කලේ වැල්ලවාය ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස වැඩ කරපු එක පස්සේ මගේ වර්තමාන රස්සාවට ඇවිත් මුලින්ම ලංකාවේ වැඩ කරන කොට මගේ යාලුවෝ කියනව "උඹ දොස්තර කෙනෙක් වගේ හම්බ කරලා ගුරුවරයෙක් වගේ වියදම් කරනවා .. උඹ නම් පුතෝ වැඩිකල් යන්න කලින් පෝසතෙක් වෙනවා" කියලා . ඒ කියන්නේ ගුරුකමෙන් උපයා ගත් සකසුරුවම් කම ගැනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිඳු.. සංවාදයකට මාතෘකාවක් විදිහට ගුරුවරු පෙරේතයි කියන කතාව මෙතෙන්ට ඇදල ගත්තට ඇත්තටම කල්පනා කලොත් (පෙරේතයි කිව්වෙ ලෝභකම කියන අර්ථයෙන්, ඕකට සකසුරුවම් කම කියලත් වැදගත් විදියට කියන්න පුළුවන්) තමන් සාධාරණයෙන් මහන්සියෙන් උපයාගත්ත දේවල් වලට ලොභාකම් කළා කියල ප්‍රශ්ණ කරන්න අයිතියක් තියෙන්නෙ කාටද? කාටවත් අසාධාරණයක් කරලත් නැත්නම් ඒ උපයාගත්ත දේවල් කාගෙන් හොරකම් කරලත් නැත්නම්, තමන්ගේ තියන දේවල් වල නියම හිමිකාරය තමන්ම නම් ඒ දේවල් වලට ලෝභ කම් කළා කියල කාටද තියන රුදාව. අනුන්ගේ දේවල් හොරකම් කරන එකා, අසාධාරණයෙන් මුදල් උපයන එකා සුද්ද වගේ ලෝස් නැතුව වියදම් කරන එක හොඳයි, අමාරුවෙන් හම්බකරගත්ත සල්ලි වලට ලෝභ වෙන එක නරකයිද? නෑ. අමාරුවෙන් හම්බකරපු දේවල් වලට ලෝභකම් කරන මිනිහ අරූට වඩා දහස් වාරයක් උසස්..
      කවිඳු එහෙනං අපේ කට්ටියට පාටියක් වත් දෙමු.. සල්ලි වගේද මිනිස්සු.. :)

      Delete
  17. සජ්ජා කාලෙකින් ලියපු පෝස්ට් එකට පොඩි කමෙන්ට් එකක් විතරක් දාල යන එක හොඳ මදි නිසා පෝස්ට් එකකින්ම උත්තරය ලිව්වා.

    ReplyDelete
    Replies
    1. ඉයන්.... හම්මේ හිටින්කෝ ඇවිල්ල බලනකල්... මේ ටිකට වග උත්තර බැඳලා එන්නම් කරක් ගහල යන්න... ඕන්න ඕකයි බ්ලොග් වල වැදගත් කම. සංවාද දිගෙන් දිගට ඇදෙන එක...

      Delete
  18. සජ්ජාගෙ ලිපියට මාත් මුළුමණන්ම එකඟයි මෙතෙන්ට ආවෙ ඉයන්ගෙ ලිපියෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවට.. කාලෙකින් ආයෙත් ලියන්න ගත්තෙ. සංවාද මතගැටුම් එකඟතාවයන් එක්ක ආයෙත් හම්බවෙමු...

      Delete
  19. Kattiyatama uththara bandinna wenne hawasata... tharaha wenda epa..

    ReplyDelete
    Replies
    1. අද හවසට බං.. වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන් දැන්...

      Delete
  20. ගුරුවරුන් ගුරුවරියන් ගැන අවංකව කතා කරන්න විදිහක් නෑ බං තව සති දෙකකින් නිවාඩුවට යන හින්ද...ගිහිල්ල ඇවිල්ල ලියඤ්ඤං මගෙ අදහස්...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. ගුරුවරියක සමග මගේ ජීවිතය සීරීස් එකේ අවසාන එපිසෝඩ් එක එහෙනං අපිට තමයි ලියන්න වෙන්නෙ. හැක්..

      Delete
    2. හෙහ්,හෙහ් ඒකනං ඇත්තම තමයි...උඹට කො.ක.ස. සබාපතිකම දුන්නට කිසිම අවුලක් නෑ...උඹටම ගැලපෙන තානාන්තරේ...:)

      Delete
    3. රවී අයියා... කාලෙකින්. කාලෙකින් කිව්වෙ මම කාලෙකින්... ඔව් ඉතිං ගෑනුන්ගෙන් ඔලුව බේරගන්නත් එපැයි ... කෝ.ක.ස. කියන්නෙ? කොණ කපන සංගමේ කියන එකද? අතපසු වෙච්ච කාලෙ එහෙම සංගමේකුත් අටෝගෙනද?

      Delete
    4. කො.කා.ස. බං කොමෙන්ට් කාරයින්ගේ සංගමය. හැක්..

      Delete
    5. සීවරං හාමුදුරුවනේ.. මගේ ඔළුවට ඒක ආපු නැති හැටි...

      Delete
  21. ඇත්ත,
    අපිටත් වඩා උවමනාවෙන් අපිව කවි තරඟ වලට යවපු සා.පෙ. ගුරුතුමියකුත්,උ.පෙ. පුද්ගලික පන්තියට නොමිලේ ගෙන්නගත්තු ගුරුතුමෙකුත් පාසල් ජීවිත්යේ හිටපු සුවිශේශී දෙදෙනෙක්.තවත් ගොඩක් හොඳ ගුරුවරු වගේම බලෙන් අමතර පන්ති දාල සල්ලි ගලවපු අයත් හිටිය.

    ReplyDelete
    Replies
    1. බොහොම උනන්දුවෙන් උගන්නන ගුරුවරු වගීම අයිස් ගහන උන්දැලත් ඒ කාලෙත් හිටිය. හැබැයි බහුතරය හිටියෙ වෘත්තීය වෙනුවෙන් බොහොමත්ම කැපවුණු ගුරුවරු. හැබැයි එන්න එන්නම ඒ කැපවීම අඩුවෙගන යන බවක් පේනවා. හොඳ ගුරුවරු තාමත් ඉන්නව. හැබැයි ඒ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනව. ඔය කියපු අය වගේ ගුරු තරු මටත් මගේ ජීවිතේ ඕනෑතරම් හම්බවෙලා තියනව ඉන්දරේ...

      Delete
  22. ටියුෂන් රහ වැටුණම හැම එකාම ඒ පස්සෙ දුවනව මිසක් ළමයින්ට ඉස්කෝලවල උගන්නන්න ඕන කමක් නෑ.
    ඕකෙ වැරැද්ද දෙමාපියංගෙම තමයි.

    අම්මප ලංකාවෙ ටියුෂන් තහනං කරන්න එකෙක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ගැන සංවාද කරන්න ගියොත් මාස ගානක් කතාකරන්න කරුණු තියෙයි. ඇත්ත., අම්මල තාත්තලත් හිතාගෙන ඉන්නව ළමයින්ට "උගන්නන්න පුළුවන්" කියල. ළමයින්ට උගන්නන්න බෑ.. ඉගෙනගන්න මගපෙන්වන්න විතරයි පුළුවන්. රැල්ලට ටියුෂන් පංති යව යවා ළමයින්ට "උගන්නන්න"හදනව. ඉස්කෝලෙ හරියට උගන්නන විශයවල් වලටත් බොරුවට රැල්ලට, සෝබනේට ටියුෂන් යවනවා. අර කිව්ව වගේ අතනදී අම්මල තාත්තලත් වැරදියි. අම්මල තාත්තල ටියුෂන් එකකට රින්ගෝල තමන්ගේ අත පිහදාගන්නව. ටියුෂන් කාරයෝ උපයන සල්ලි දැකල හොඳ ගුරුවරුත් තමන්ගේ සමාජ මට්ටම උසු කරගන්න හිතල ටියුෂන් දානවා. ඉස්කෝලේ උගන්නන දේවල් කරන්න හවසට ඒවා වෙනුවෙන් ලෑස්ති වෙන්න තියන කාල වෙලාව ටියුෂන් එක වෙනුවෙන් කැප කරනව.එතකොට නොදැනීම ඉස්කෝලේ ඉගැන්නිල්ල අතපසු වෙනව. අන්තිමට වෙන්නෙ ටියුෂන් එකේදී හොඳට උගන්නන ගුරුවරයා ඉස්කෝලෙදි අයිස් ගැහිල්ල.
      ටියුෂන් කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක්, දොස්තරලගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක් වෙලා තියන කාලෙක කොහොමද බං එව්ව තහනං කොරන්නෙ? වගකිවයුතු පාලකයෝ ඒවා ඔක්කොම අනිත් උන් පිට පටවල අත පිහදාගන්නව.
      දැන් මෙහෙම ගත්තොත් දොස්තරලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එකට අපි බනිනවා. හැබැයි උන් ඒක නොකලොත් හෙම්බිරිස්සාවක් හැදුනත් ඉස්පිරිතාලෙට යන්න ඕන. දැනටත් ගව ගණන් පෝලිම් තියන ඉස්පිරිතාල වලට අරුන් අරක නවත්තුවම හවසට උන්ගේ pp එකට එන ලෙඩ්ඩු ටිකත් අවොත් කොහොමට තියෙයිද? ඕව කිසිදා අපේ රටවල් වල විසඳන්න බැරි ප්‍රශ්ණ තමයි. මිනිස්සුන්ගෙ මොළ හෝදන්න ඕන පාලකයන්ගේද ඇතුළුව. ප්‍රශ්නෙ මිනිස්සුන්ගෙ හෝදන්න මොලයක් තිබ්බත් අරුන්ගේ හෝදන්න මොලයක් නෑ..

      Delete
  23. හෙහ් හෙහ්.Stereotypingවලට සිංහලෙන් කියන්නෙ මොකක්ද, අන්න ඒක තමයි වචනෙ පෝස්ට් එක ලියන්න මුල්වෙච්ච අදහස් ගැනයි සමහර කමෙන්ට් ගැනයි.

    ReplyDelete
    Replies
    1. ඒකාකීතිකකරණය...:)

      Delete
    2. ඩුඩ් සහෝදරයා.. ප්‍රශ්ණය පුද්ගලිකව අදාල කරගන්න එපා.. වචනයට රවී අයියගෙ සිංහල වචනය බොහොම අමාරුවෙන් කියවගත්තත් වැරදි වැටහීමක් ඇතුව වැරදි අදහසක් හනමිටියක් විදිහට හිතේ දරාගෙන කතා කරපු කාරනාවක් නෙවෙයි මේ. කතාවෙ මාතෘකාවෙන්ම මේ මතුකරන්න හදන අදහස මනින්න එපා. හැම ගුරුවරයාම එකම වල්ලේ පොලයක් කියන බාල මානසිකත්වයෙන් නෙවෙයි මම මගේ මතය ප්‍රකාශ කලේ. නොදැනීම අපේ සමාජයෙ පිරිහීගෙන යන එක්තරා කාරනාවක්...

      Delete
    3. ඕං බලහංකො. උඹත් හිතලා මම මේක පෞද්ගලිකව අරං කියලා. ඒක එහෙම නොවන බව මේකට සමගාමීව ඉයන් ලියපු පෝස්ට් එකේ මගේ කමෙන්ට් එකේ තියෙනවා. ඒක මෙතන අලවන්න ඕනෙ නෑනේ.

      අනික උඹ මම කියපු දේ තේරුම් අරන් නෑ, මම කමෙන්ට් කලේ මාතෘකාව විතරක් කියවලා නෙවෙයි ඒකයි >>පෝස්ට් එක ලියන්න මුල්වෙච්ච අදහස් << කියන දෙයින් අදහස් කලේ.

      Delete
    4. ඩුඩ් සහෝදරයා... ඉංග්‍රීසි පන්තියක් දාන්ඩ .. මං එනව.. සුභ උපන්දිනයක් වේවා...

      Delete
    5. ස්තුතියි සජ්ජා. ලංකාවට ආපු දවසක එහෙම තමයි බං ජීවත් වෙන්න වෙන්නේ. අපරාදෙ කියන්න බෑ අපේ එවුන් වැඩි දෙනෙකුට කොච්චර ඉංග්‍රීසි ඉගෙනගත්තත් ඉංග්‍රීසි බෑන බං.

      Delete
    6. මාත් එනවා ලොවෙත්..

      Delete
  24. ගුරුවරුන්ද මනුස්සයෝය...

    එළ ළිපිය මචං.... අදහස් ගොඩයි ලියන්න වෙලාව තමයි මදි...

    ReplyDelete
    Replies
    1. ලොකු අයියෙ.. ඔය වෙලාව මදි කතාව නිසා තමයි මොකුත් ලියවුනෙත් නැත්තෙ. අන්තිමට තීරණය කළා අනිත් බ්ලොග් බලල පුළුවන් වෙලාවට සන්වාදයකටත් සෙට් වෙලා ලියන්න තියන දේ ලියන්න. අර අපි හැමදාම කියනවා වගේ ලිවිල්ලයි වැදගත්. ඒ නිසා එකට වත් මුල් තැන දෙනව කොමෙන්ටු කෙසේ වෙතත්..

      Delete
  25. Replies
    1. ඉයන් දැන් මාකටිනුත් කරනව නෙහ්... එල එල. පහුගිය කාලෙ මිස් වෙච්ච දේවල් බොහොමයි. දැනුවත් කිරීමට බොහොම ඉස්තුතියි...

      Delete
  26. වයස අවුරුදු 40 ට වැඩි ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම දියුණු නොකලොත් පුතෝ, අධ්‍යාපනේ අජ්ජාපනේ වෙනවා සිකුරුයි. ගුරුවරුන්ට අධ්‍යාපන කාර්යාල මට්ටමෙන් දෙන තොරතුරු තාක්ෂණ පුහුණුව, අමු බොරුවක්. ඒ පුහුණුවට යන බහුතරයක් යන්නේ, ඒ සඳහා ලබන දීමනා ලබාගන්නයි. දැනුමක් යන්තමින් හෝ ලබාගන්නේ, 10% ක් විතර. ඒ දැනුම යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන්නේ, එයිනුත් බාගෙකට අඩු පිරිසක්.

    මේ ඊයේ පෙරේදා, අපේ ගෙවල් අසල පදිංචි වයස අවුරුදු 45 ට වැඩි ගුරුවරියක් ආවා, මගේ "ඊ මේල් නොම්මරේ" ඉල්ලගන්න. මම කිව්වා ඊ මේල් නොම්මරේ නෙවෙයි, ඊ මේල් එඩ්රස් එක නේද කියලා. දන්නේ නැහැ දුව තමයි කිව්වේ. මොකක්ද පින්තූරයක් මහත්තයට එවලා ඒක ප්‍රින්ට් කරගන්න ඕනේ කියලා. (දුව ඉන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ) කියා ඇය කිව්වා. මම මගේ ඊ මේල් ලිපිනය ලියාදී මේ ගුරුවරියට කිව්වා, ඇගේ දියණියගේ අවශ්‍යතාව කුමක්ද කියා, ඇගෙන් විමසා මට කියන ලෙසත් මට ඉටුකර දෙන්නට බැරි ඉල්ලීමක් නම්, එම දියණිය අපහසුතාවයට පත්වන බවත්.

    එවිට මේ ගුරුවරිය කියනවා, හොඳයි එහෙනම් මම කියන්නම්කො දුවට මහත්තයලගේ ගෙදර ටෙලිපෝන් නොම්මරේටම ඒක ඊ මේල් කරන්න කියලා.

    ඉතිං මොකේදැයි දන් වළඳන්නේ?

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා.. ඒකත් මරු කතාව.. ඔය යාවත්කාලීන වෙන කාරණාව අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක් තමයි. හැබැයි බොහොමයක් වයසට ගිය උදවිය එකට එච්චර කැමති නෑ. කැමති උනත් පොඩි ලැජ්ජාවක් තියනව ඉන්ටනෙට් සම්බන්ධව. එහෙමත් තියාගෙන සමහරු බනිනවා, මිනිස්සු විනාස වෙනව ඔය නිසා කියලත්. අන්තර්ජාලය ප්‍රයෝජනවත් විදියට යොදාගන්න කොයිතරම් පුළුවන්ද. අපට ඒ පහසුකම ලැබුනෙත් කොච්චර පරක්කු වෙලාද?
      මම මේ ලඟකදී මුද්දා එක්කත් ඔය ගැන කතා උනා. පොඩි කාලෙ ඉඳන් අපට ඔය පහසුකම තිබ්බ නං අපි අද කොච්චර දැනුවත් මිනිස්සුද කියල. අද මොකක් හරි නොදන්නා දෙයක් ආපු ගමන් අපි ගූගල් දෙයියා සරණ යනව. ඉස්සර එක්කෝ පොත් වලින් එක්කෝ කාගෙන් හරි අහගෙන දැනගන්න වෙන දේවල් දැනගන්න අපට වැයවෙන්නේ කීබෝඩ්/කීපෑඩ් එකක් අතට ලැබෙන කාලය විතරයි. ඒ කාරණාවේ අක්මුල් ඔක්කොම හොයාගන්න පුළුවන්. ඉස්සර අපට එහෙම දෙයක් තිබ්බෙ නෑ. අලුත් පරපුරට ඒ පහසුකම ලැබිල තියනව. එක ඉතිං ප්‍රයෝජනාත්මකව යොදාගන්න එක උන්දලගේ වැඩක්. එහෙව් කාලෙක ජීවත්වෙන අනිත් මිනිස්සුන්ට උගන්වන මිනිස්සු ඒ දේවල් වලින් අප්ඩේට් නොවී හිටියොත් නිකන්ම එක්ස්පයර් වෙන එක ගැන අහන්නත් දෙයක්ද...

      Delete
    2. හම්බෙන සොච්චම ගන්න නෙමෙයි ප්‍රින්සිපල්ගෙ බැණුමෙන් බේරෙන්න බැරි කමට ගොඩ දෙනෙක් යන්නෙ.ගියෙ නැත්තම් නිදහසට කරුණු යවන්නත් ඕනෙ.වැරැද්ද තියෙන්නෙ ඔය පුහුණුවලට උගන්නන්න එන අය අප්ඩේට් නැතිකම.මොකද ළමයි ප්‍රශ්න අහනවා දැන් අම්බානට.ඒ නිසා ගුරුවරුන්ට ඉගනගන්න සිද්ධවෙලා තියෙන්නෙ

      Delete
  27. ලියල තියෙන හුඟක් කාරණා ඇත්ත .

    sudukukula.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඇවිත් යන්න එන්නම්...

      Delete
  28. ගුරුවරියො ලෝබ හැම එකාම ලෝබ උනානම් කොච්චර හොදද බං. වෙස්සන්තර රජ්ජුරුවන්ගෙ නංගිලත් ඔය අතර ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ අයියෙ. තේරෙන්න කියහන්... කො.ක.ස. දැන් හෙන ඇඩ්වාන්ස්...

      Delete
    2. මං කිවුවෙ අපේ ගෙදර උන්දැ ගැන. ඔය පොඩ්ඩක් ලෝබ උනානම් අපිත් ගොඩනෙ , එකයි

      Delete
    3. හෙහ් හෙහ්.. අටමගේ සම්මානනීය කොමෙන්ටුව... //දැං ඉතින් බ්ලොග් ලියන ටීචර්ලයි , සෑර්ලයි , ගෙදර ටීචර් කෙනෙක් සෑර් කෙනෙක් ඉන්න උන් මාව මරාගන කාපියව්//

      Delete
  29. ලංකා වේ පඩි අඩු ගුරුවරුන්ට විතරක් නෙමේ හැබැයි. හැබැයි මේ විධිහට නිදහස් අධ්‍යාපනේ නුත් වාක් තියනවද හැමෝම ටියුෂන් යනකොට. සමහර ගුරුවරු හවස තමන්ගේ පන්තියට ඒම අනිවාර්යයි කියලත් කියනවලු.

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය කියන දේවල් අපේ රටවලට තාමත් හීන විතරයි අජිත් අයියා... නිදහස් කියන කතන්දරෙත් හරියට තේරුම් ගන්න ඕන එහෙම බැලුවොත්. ටියුෂන් ගන්නත් නිදහස් තියෙන්න ඕන වගේම ප්‍රයිවට් චැනලින් වලටත් නිදහස් තියෙන්න ඕන ඒ දෙකම නිදහස් නම්. හැබැයි නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍යය කියන දේවල් හරියට වෙන්න ඕන. අපේ වෙලා තියෙන්නෙ නොමිලේ දේවල් දුර්වල වෙලා ඉදහස් දේවල් ශක්තිමත් වෙලා තියන එක.

      Delete
  30. ගුරුවරියො පෙරේතයි ? එහෙම වෙනවනම් කොච්චර ෂෝක්ද ? කීයක් හරි පොතක ඉතිරි කරගන්න පුළුවන්. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්

    ReplyDelete
    Replies
    1. ඕන්න ඔය කාරණාවට ටියුෂන් දෙනව නං කව්රුහරි මමත් යනව. අම්මප.

      Delete
  31. අම්මේ තාත්තේ සීයේ ආච්චියේ අයියේ අක්කේ පූසේ බල්ලේ ගිරවේ මීයේ,
    වෙන කිසිම රටක නැති ජාතියේ අපේ නිදහස් අජ්ජාපනය විනාශ කිරීමට කුමණ්ත්‍රනය කරන කලිසම් අඳින ප්‍රතිගාමී ගෑණු සරසවි නවකයින්ට හා කොළඹ වැඩ ඇරිලා හවසට ගෙදර යන අදිරාජ්යවාදී එවුන්ට පුලුවන් තරම් වද දෙමු.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රා.. ඔයා නිකං කින්ඩි කතා කියල ප්‍රතිගාමියෙක් වෙන්ඩ හදන්ඩ එපා හරිය. අපි මේ ඔක්කොම කරන්නෙ තාමත් රටේ ජනතාවගෙ දණිස් පොල්කටු අස්සෙ ඉන්න නූපන් එකාගෙ පවා නිදහස් අද්දීයාපනේ වෙනුවෙන්. අපේ මේ අරගලය කාටවත් නවත්තන්ඩ පුළුවන් එකක් නෙවෙයි. අපි ජොබ් කට්ටක් කාරිය හොයාගෙන ශේප් එකේ පැත්තක උනා කියල අරගලේ නවතින්නෙ නෑ. විස්ස විද්‍යාල වල අලුතෙන් එන එවුං ඔව්වට පන ගහල ගන්නව. බොරු නං උදුල් ප්‍රේමරත්නගෙන් අහන්න...

      Delete
  32. Finally the truth has been spoken about the Sri Lankan education system.

    Teachers who have dedicated not only their brain and time but also the heart and soul, must be paid an enough salary.
    I really appreciate that at least somebody brought this to the discussion.

    Meanwhile I would like to wish within next 30-40 years Sri Lankan teachers will be paid enough to have enough savings to afford for their own studious children's higher education in a well established Private Medical College.

    If you are an open minded person please publish the entire comment.
    I'm anonymous just because I haven't commented on your blog before, (though I'm a routine visitor and have totally agreed with most of your earlier posts, but........ )

    ReplyDelete
    Replies
    1. I really appreciate your ideas.. i dont moderate comments on my blog.. anyone fan publish their ideas here freely . Lets discuss, argue and make conversations. That is the civilized way of solving matters, take good decisions make the world a better place..

      Delete
  33. මක්ක උනත් රිචඩ් පතිරණ මහත්තයා නිසා මනුස්ස ජීවිතයක් ගත කරන්න ගුරුවරුන්ට හැකියාවක් ලැබුන බව කියන්නම ඕනෙ.කියන්න තියෙන ගොඩක් කරුණු උඩින් කියවෙලා නිසා ආයෙ කියන්න ඕන නෑ නෙ බං.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  34. ගුරුවරුන් කියන්නෙ දෙවිවරුන් වගේ කියන එක ගමේ පාසලේ ඉන්නකොට කවුරුවත් කියල දෙන්න අවශ්‍ය උනේ නැහැ ඒ ගුරුවරු ආදර්ශයෙන් ඒ බව පෙන්නුවා, අපි ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙලා කොළඹ පාසලකට ගියා.

    නමුත් මම කොළඹ පාසලකට ඇතුලත් වූ දා සිට ටිකෙන් ටික ගුරුහොරුන්ගේ කුඩු කේඩුකම් වලින් හෙම්බත් වෙලා ගෞරවය කියන දේ අඩු වී ගිහින් පාසලෙන් පිටවෙනකොට එය තරහකට හැරිලා තිබ්බෙ.

    අපේ පාසලේ 80% ක් උසස්පෙළ ගුරුවරුන්ගෙන් මම ඉගෙන ගත්තු එකම දේ උන්ට උගන්වන්න බැරි එක, එහෙම නැති නම් උගන්වන්න උවමනාවක් නැති බව විතරයි !

    ගුරුවරුන්ට ටියුෂන් කරන්න හේතු තියනවා, තමන්ගේ පවුලේ ආර්ථකයට උර දෙන්න ඒක නොකර බැරි වෙන්න පුළුවන්. ඒකෙ වරදක් මම දකින්නේ නැහැ. නමුත් පාසල් කාලය ඇතුලත තමන්ගේ රාජකාරිය පහර අරිමින් උගන්වන්නේ නැතිව ටියුෂන් පස්සේ දුවන එක සාධාරණද ?

    ReplyDelete