වැඩිපුර දෙසීය දෙන්නෙ "අහවල් එක" එල්ලං ඉන්නවටද....??

 මීට අවුරුදු දහයකට පහලවකට කලින් සජ්ජගේ පවුලේ ආදායම් මාර්ගය උනේ අන්නාසි වගාව. සුනාමිය ආවට පස්සෙ නැව් ප්‍රවාහණය සම්බන්ධව මොකක්හෝ ගැටළුවක් වෙලා අන්නාසි රට යන එක එකපාරටම අඩුවෙලා අන්නාසි මාකට් එක බල්ලට ගියාට පස්සෙ වගාව අතෑරල ගල් කෝස් එකට එන්ටර් වෙනකල් අපේ වත්තෙ තිබ්බෙ අන්නාසි. අන්නාසි වලට අමතරව කෙසෙල් වගාවත් පොල් ගස් අස්සෙ සරුසාරව හැදුන මතකයි.කොහොමටත් මිනිස් ශ්‍රමය  හැමදාම වගේ  යොදවන්න වෙන අන්නාසි වගාවේදි   කාලෙ අපේ වගාව වෙනුවෙන් කුලියට මිනිස්සු හතරපස් දෙනෙක් හැමදාම වැඩකළා

 අලුතෙන් පැළ හිටවන, පෝර දාන වගේ දවස් වලට තවත් කට්ටිය වැඩිපුර යොදවන්න ඕන. ගෑණු මිනිස්සු කියල බේදයක් නැතුව වගේ දවස් වලට කට්ටිය යමරෙට වැඩ. තාත්ත තමයි ඉතිං වැඩේ අදීශනේ කොරන්නෙ.  " උඹ අරක කරපං, උඹ මේක කරපල්ල , මොකක්ද බං කැඳ බිව්ව වගේ., ටිකක් ඉක්මනට ඕක අරං වරෙල්ලකෝ. උදේට කාල නෙවෙයිද ඉන්නෙ. මූට බීඩිය පත්තු කරන්නත් පැයක් යනවනෙ" වගේ දිරිමත් කිරීම්,තර්ජනත්  එක්ක තාත්ත කට්ටිය මෙහෙයෝනවඅන්නාසි වතු වල වැඩ ටිකක් අමාරුයි. ප්‍රධානම කාරනාව කටු ඇනෙන එක. හන්ද කාලෙ අනිත් වැඩ වලට වඩා වැඩියෙන් කුලී කාරයන්ට කුලිය ගෙවනව අන්නාසි වතු වල.  මට මතක විදියට උදේට තේ , දවල්ට කන්න සහ හවසට තේ දීල පිරිමියෙක්ට දාහකුත් ගෑණු කෙනෙක්ට අටසීයකුත් ගෙව්ව කාලෙ (වෙන කුලී වැඩ වලදී පිරිමියෙක්ට 750යි ගෑණු කෙනෙක්ට 500යි) .

  කාලෙ තේවතුර, බත්මුල් කාරිය වැඩ කරන තැනට ට්‍රාන්ස්පෝට් කරන රාජකාරිය අධ්‍යාපන වැඩ නැති වෙලාවට කොරන්න වෙලා තිබ්බෙ මට.  තේ වතුර, බනිස් , බත් මුල් අදින ගමන් පොඩ්ඩක් එහාට මෙහාට කැරකිලා එතනින් මාරු වෙන මට සේවක පරිපාලනය ගැන මුල්ම ඇසි දිසි අත්දැකීම් ලැබුනෙ තාත්තාගෙන්. රටේ නැති වල්පල් කතන්දර ,   ආගිය කතා කියව කියව හිනාවෙවී හිටියත් වැඩේ හරියට කෙරෙන්නෙ නැති වෙලාවට තාත්තට මරු නගිනව. "මොකක්ද බොල කොරපු වැඩේ හරියට නිකං පදුව මෝල කැපුව වාගෙ , මූ බීඩිය පොඟවගන්නෙ එතකොට මූට පුලුවන්නෙ දවසම බීඩිය පත්තුකරකර ඉන්න" වගේ රටේ නැති අවළාද කිය කිය තාත්ත මිනිස්සුන්ගෙන් වැඩ ගන්නව.

අන්නාසි පැළ හිටවන්නෙ පේළියට . එකගාව ලං ලංව හිටවන එක පේළියකට කියන්නෙ "නෙරයක්" කියල. අඩි දහයක විතර පරතරයට තමයි "නෙර" ගහන්නෙ. " නෙර" සකස් කරන්න වගේම නෙර වල පැළ  හිටවන්න  තාත්ත මිනිස්සුන්ව යෙදෙව්වෙ වෙන වෙනම. එක නෙරයට එක කුලී කාරයයි. වැඩේ යනකොට පේනව කව්ද ඉක්මනට වැඩ කරන්නෙ, කව්ද අඩුවෙන් වැඩ කරන්නෙ කියල. ගෑණුත් මිනිස්සු එක්ක හරි හරියට වැඩ. දවසක් වැඩ ඉවර වෙන වෙලාවක වත්ත පැත්තෙ ගිය වෙලාවක තාත්ත  කට්ටියට පඩි දෙන්න ලෑස්තිය . " ධර්මසිරි , උඹ අද නෙර කීයක් හිටෙව්වද. මම හොඳට බලාගෙන හිටියෙ . සෝමා උඹ හිටෙව්වට වැඩියෙන් නෙර දෙකක් හිටෙව්ව. සෝමට මං දෙන්නෙ අටසීයයි උනාට උඹට මම දාහක් දෙනව" . ධර්මසිරි මාම  තාත්ත ගාව ඇඹරෙනව . " ගෑණු උඹලට වැඩිය වැඩ කරනව , උනාට පඩිය අඩුයි . මිනිහෙක්ට වැඩිපුර ගෙවන්නෙ ගෑනියෙක්ට වැඩිය වැඩ කරනව කියල හිතාගෙන. දැන් එතකොට මම උඹට වැඩියෙන් දෙසීයක් දෙන්නෙ මොකටද?" " මම උඹට වැඩිපුර දෙසීයක් දෙන්නෙ 'අහවල් එක' එල්ලං වැඩකරනවටද?කට්ටියට හිනා... "උඹට අහවල් එක එල්ලං ඉන්නව කියල වැඩියෙන් සල්ලි දෙන්න මං ලෑස්ති නෑ. හෙට ඉඳන් වත් හරියට වැඩ කරහන් " කියල දාහම ධර්මසිරි මාමට දීපු තාත්ත ඉතුරු කට්ටියටත් සල්ලි දීල එදා වැඩ ඉවර කළා.  "අහවල් එක එල්ලං වැඩකරන" කතාව තාත්තාගෙන් අහගත්තට පස්සෙ ධර්මසිරි මාම හරියට වැඩ කරන්න ඇති. සේවකයො පාලනය කරනෙක වගේම හැමදාම මිනිස්සුන් ගෙන්නාගෙන වැඩකරන එකත් බොහොම අමාරු අසීරු කාර්යයක් කියන එක එදා ඉඳන්ම මං තේරුම් අරන් හිටියෙ.

ගල් වැඩපල පටන්ගත්තට පස්සෙ තාත්ත සේවකයො පාලනය කරන හැටි, මිනිස්සුන්ගෙන් වැඩ ගත්ත විදිය සම්බන්ධව මටත් දැක පුරුද්ද තිබ්බ. ගල් එක්ක හැප්පෙන කර්කශ මිනිස්සු පාලනය කරන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. හික්මීමක් උගත්කමක් නැති, නාහෙට නාහන එදා දවසෙ පඩිය ලොකු ගානක් ගත්තත් පහුවදා උදේට එනකොට කඩෙන් සල්ලි දීල බීඩියක් ගන්න සල්ලි අතේ නැති මිනිස්සුන්ගෙන් වැඩ ගන්නව කියන්නෙ පට්ටම අමාරු වැඩක්. සීලාචාර සමාජයේ සේව්‍ය සේවක ගනුදෙනුව ගැන බොහොම ලාමක අවබෝධයක් තිබ්බ මං සමහර දවස් වලට තාත්තත් එක්ක රණ්ඩු වෙච්ච වෙලාවල් තිබුණ. "තාත්තෙ මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා , අපි කව්රුත් මිනිස්සු , මිනිස්සු වැඩකරන නිසා තමයි අපිත් ජීවත් වෙන්නෙ" වගේ ටෝක් එක්ක තාත්තත් එක්ක වාද කරගත්තෙ සමහර වෙලාවල් වලට තාත්ත අර මිනිස්සුන්ට තිත්ත වචනයෙන් ආමන්ත්‍රණය කරන වෙලාවල් බොහොම සුලභ වෙච්ච හන්ද. " එහෙම නැතුව බෑ බං මුන්ව ආම්බාන් කරන්න" කියල තාත්ත කතාවෙන් මග ඇරල යනව.  ඉස්සර තාත්ත වැඩපලට එනකොට වැඩකරන මිනිස්සු ඉන්නේ බොහොම සීරුවෙන්. මොකක් හරි අතපසු උනාද , වැරද්දක් වෙලා තියනවද, "දැන් මුගෙන් බැනුම් අහන්න වෙයිද" කියන චකිතයෙන්. හැබැයි හවසට කට්ටියටම සල්ලි දීල විහිලු කතාවක් කියල කයිවාරුවක් ගහල යන තාත්තට කට්ටිය හරි ලෙන්ගතුයි. ගෙදර වැඩක් හරි ගල් වළෙන් පිට වෙන වැඩක් හරි ඕනෑම දෙයක් කිව්වම බොහොම උනන්දුවෙන් එක කරලා දෙන්න තරමට කට්ටිය තාත්තත් එක්ක ෆිට්.

 පස්සෙ කාලෙක ගල් වැඩපලේ පාලනය තාත්ත මට භාරදුන්නට පස්සෙ තමයි සෙල්ලම .මම එතෙන්ට ආව කියල වැඩ කරන මිනිස්සු  මාව සතපහකට ගණන් ගත්තෙ නෑ.  වැඩක අඩුපාඩුවක් දැක්කත් ගැන කිව්වත් තාත්තට ප්‍රතිචාර දක්වන වේගයෙන් වැඩේ කොහොමත් කෙරුනෙ නෑ. තාත්ත බනිනවා වගේ සරම පැත්තකින් උස්සල මිනිස්සුන්ට බනින්නත් මට බෑ.  දවසක් දෙකක් මහා සද්දෙට මිනිස්සුන්ට බැනල ඊට පස්සෙ ගෙදර ඇවිත් ගැනම කල්පනා කරලා මමම  විඳවන විඳවිල්ල අයෙත් කරගන්න මට ඕන උනේ නෑ. ඔය තත්වය බැලන්ස් වෙනකල් තාත්ත ඉඳහිට ඇවිල්ල වැඩපලේ වැඩ වලට දවසට පාරක් ඇවිත් බලල යන්න එන්න ගත්ත. පස්සෙ කාලෙකදි මිනිස්සු හිඟ කම නිසා ගල් කඩන වැඩේ මැෂින් එකකට පැවරුවට පස්සෙ අර "සත්තුවත්ත පාලනය කරන එක" යන්තම් නැවතුනා.ඉස්සර වැඩපළේ හිටියෙ මහත්තයයි, වැඩකරන මිනිස්සුයි. අද අපේ වැඩපලේ ඉන්නෙ අයියල මල්ලිලා.  මහත්තයෙක් නෑ.


දියුණු රටවල් වර්ණනා කෙරෙනකොට අපි නිතර දෙවේලේ අහන දෙයක් තමයි "කොම්පැනියේ ලොක්කයි කක්කුස්සි හෝදන මනුස්සයයි රාජකාරි වේලාවෙන් පස්සෙ හවස එකට තේ බොනව" කියන කතාව. එකට තමයි සමාජ දියුණුව කියල කියන්නෙ. පංති පරතර , දුප්පත් පොහොසත් භේද , කුල භේද එන්න එන්නම සමාජයේ දියුණුවත් එක්ක නැතිවෙලා යනව. එයාපෝට් එකේදී ඔබාමාගෙන්  අයිඩෙන්ටිය ඉල්ලන කතා, ප්‍රංශ අගමැති බීල එලවල පොලිසියට මාට්ටු වෙන කතා අපි සලකන්නෙ බොහොම දියුණු සමාජීය ලක්ෂණ විදිහට. හැබැයි ඒව අගය කරන ගමන් අපේ මිනිස්සු තමන්ගෙ සමාජ තත්වය රැකගන්න අනිත් මිනිස්සු පහත් කරන්න උස්මිටි පරතරයක් හදාගන්න දඟලනව. තමන්ගේ රැකියාව , ආර්ථික මට්ටම පෙන්නගෙන සාමාන්‍ය සමාජයෙන් වැඩි වරප්‍රසාද බලාපොරොත්තු වෙනව. තැනකට ගියාම ඉංග්‍රීසියෙන් කතාකරන්න උත්සාහ කරන්නෙ ඇයි? කතාකරනකොට ඉංගිරිසි ඌරුවක් බොරුවට ආරූඪ කරගන්නෙ ඇයි? බොරු උගත්කමක් පෙන්නල සමාජයේ වරප්‍රසාද ගන්න. උගත්කම මවාපාන කොටසක් ඉන්නව වගේම උගත් සහ සමාජයේ ඉහල තල වල ඉන්න සමහර උදවිය වරප්රසාද ලබාගන්න, කැපී පේන්න තමන්ගේ උගත්කම සහ සමාජ තත්වය භාවිතා කරනව. ඔය මොකක් නමුත් එකක් මතක් කරන්න කැමතියි. එන්න එන්නම සමාජ මට්ටම් අතර පරතරය අඩු වේගන යනබව .  මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව එන්න එන්නම දැනුවත් වෙනව. පුද්ගල වන්දනාව එන්න එන්නම අඩු වෙනව. හැම එකාම කරේ නගින්න එනව වගේ පෙනුනට ඇත්තටම ඒකට තමයි දියුණුව කියන්නෙ. 

වත්තෙ පිටියේ වැඩක් කරවගන්න අද කුලී කාරයෙක් නෑ. හිටියත් දහ වැඳුම් වැඳලා ඔක්කොම සාත්තු සප්පායම් කරල සල්ලි දීල වැඩේ ගන්න ඕන. අමාරුයි තමයි, ඒත් ක්‍රමය ඒකයි. දියුණුව කියන්නෙ ඒකයි. සමාජ පරිවර්තනය කියන්නෙ ඒකටයි. එන්න එන්නම මහත්තුරු අඩු වෙන එක , අසාධාරණය වෙනුවෙන් තරාතිරම නොබලා කතා කරන එක, රක්ෂාවට තත්වයට සල්ලි වලට මිනිස්සුන්ට සලකන ප්රවණතාව අඩුවෙන එක එන්න එන්නම සිද්ධවෙනව . වෙන්න ඕන ඒකයි . සමාජයේ දියුණුව කියන්නෙත් ඒකටමයි. හැබැයි ඒත් එක්කම මෙහෙමත් වැඩක් සිද්ධවෙනව. කුලී වැඩ, එදිනෙදා වත්ත පිටියෙ වැඩ සහ odd jobs කැටගරියට වැටෙන රක්ෂාවල් වලට පෙළඹෙන මිනිස්සුත් එන්න එන්නම අඩුවීගන යනව.  චෙෆාකි කෙකි කාරයො වඳ වෙන කතාව කිව්ව වගේ ශ්රමිකයෝ අඩුවෙනකොට ඉන්දියාවෙන් කුලී කාරයෝ මෙහාට ගෙන්නන්න වෙන්න බැරි කමකුත් නෑ...


83 comments:

  1. දැන් එතකොට තාත්තගේ මෙතඩ් එක හොඳයි කියල හිතෙනව නේද ?

    ReplyDelete
    Replies
    1. වැඩ කරන්න මිනිස්සු අඩුවෙනකොට සහ උන් පිස්සු කෙලිනකොට මටත් අනන්ත ඒ මෙතඩ් එක තමයි හරි කියල හිතෙනව. හැබැයි ඉතිං සමාජෙ යන පැත්තට අපිත් යන්න එපැයි නෙ. හැම එකාම මනුෂ්‍යයෝය කියල හිතන්න අලුතෙන් වත් පුරුදු වෙන්න එපැයි නෙ? හැබැයි ඉතිං අපි එහෙම හිතන එකෙන් යුතු ප්‍රයෝජන ගන්න අර මිනිස්සු බොහොම දක්ෂයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නෙ.

      Delete
  2. කෝ අද දෙමළ නයන්න පරක්කු මොකද

    ReplyDelete
    Replies
    1. ලලිත් මහත්තයා දෙමල නයන්නා අද නිවාඩු වගේ...

      Delete
    2. රෑ දොලමට බ්ලොග් ‍වලට එන්න අපි ඩ්‍රැකියුලාල නෙමෙයිනෙ. හැක්..

      ඒක නෙමෙයි සජ්ජො බොගෙ වෙලාව යන්නෙ අනික් පැත්තට ද?

      Lalith RajapakshaJune 30, 2016 at 12:27 AM
      Replies
      සජ්ජාගේ පඩංගුවJune 30, 2016 at 10:37 AM
      සජ්ජ රිප්ලයි දාල තියෙන්නෙ කොමෙන්ට් එකට ඉස්සෙල්ල නෙ.

      Delete
    3. දොලමට නෙමෙයි දොළහට

      Delete
    4. ඕක මයේ හිතේ පාන්දර 12.27 වෙන්න ඇති. 00.27 ගූගල් දෙයියට වැරදිලා...

      Delete
    5. හෙ ..හෙ , මම ඉන්නේ ලංකාවේ නෙමෙයි බන් , ඒකයි වෙලාව වෙනස් .

      Delete
  3. උඹ දන්නේ නෑ....ඔයවිදිහට මිනිස්සුන්ව පාලනය කරන්න බැරිනිසා අනන්ත පාඩු මටත් සිද්දවෙලා තියනවා.එහා ගල්වලේ එකා මිනිස්සුන්ට කතාකරන්නේ අම්මා මතක්කරලා.ඌට කවදාවත් සේවක ප්‍රශ්න නෑ.මිනිහෙක්ගේ ළමයෙක් ලෙඩවුනත් ගෙදරට ගිහින් දොස්තර ගාවට ගෙනියන මටම තමයි මුන් අරින්නේ. ඕක නිසා තමයි අපේ තාත්තත් පුරේට ආවේ.ඕකෙන් ඈත්වෙන්න ප්‍රධාන හේතුවත් ඕකම තමයි මම.මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කපටුයි බං. අපි හොඳට සලකනකොට උන් හිතන්නෙ උන්ට බයට, උන් නැතුව බැරි නිසයි මූ අපිට සලකන්නෙ කියල. ඊට පස්සෙ කරේ යන්න එනව. වැඩ කරන එවුන්ගේ ඒ ආකල්ප හරි යනකල් තාත්තලගේ මෙතඩ් එක තමයි හරි. තාත්තල පොරවල් උනාට අපි තාම සෙවලයෝ බං..

      Delete
    2. හරියටම හරි බං හරියටම හරි ...මුන්ට අපි සලකනව දැක්කහම අපිටම අරිනවා ....2200+1600ක් දීලා , තේ දීලා කැම දිලා සිකරට් දීලා බුලත් විටත් දීලා මුන් දෙන්නා එත් දවාලට එලියට යනවා , බැලුවහම කසිප්පු බොන්ඩ ...යන්ඩ එපා අයියේ කියල අරක්කු බාගයක් ගෙනත් දුන්න මට ම ඇරලා මුන් තුන හමාරට ආවුද අස්කරනවා ....දවස් දෙකක් තුනක් බලාගන ඉදලා ......මම කියුවා ...අයියේ උඹල හිතන් හිටියට මට අරිනවා කියල ඇරවගත්තේ උඹලටමයි ....හෙට වැඩට එන්ඩ එපා *^රි බ*^%^ කියල එලව ගත්තා ....ඉතුරුටික මමයි හාමිනෙයි කරගත්තා

      Delete
    3. හෙහ් හෙහ්.. මට මැවිලා පේනව උඹ උන්ට බැනල එලවපු විදිහ... කොහොමත් ගෙයක් හදන්න යන වියදමින් අමුද්‍රව්‍ය වලට යන ගාන වගේ දෙගුණයක් යනව බාස් කුළිය. බාස්ල ගාව වැඩකරන ආයුධ සෙට් දෙකතුනක් තියනවා. වැඩ කරකර ඉන්න ගෙදරට කියල යන්නේ "මහත්තය අපි ආයුධ ටිකත් දාල යන්නේ, පොඩි ගමනක් යනව හෙටයි අනිද්දයි" කියල ඒ දවස් දෙක වෙන දිහාක වැඩ...

      Delete
  4. //ඒව අගය කරන ගමන් අපේ මිනිස්සු තමන්ගෙ සමාජ තත්වය රැකගන්න අනිත් මිනිස්සු පහත් කරන්න උස්මිටි පරතරයක් හදාගන්න දඟලනව. //

    කනේ පාරක්.

    මරු පෝස්ට් එක සජ්ජා.

    ReplyDelete
    Replies
    1. තැන්කු ඉයන්... මේ කාල වකවානුව තමයි ඔය ගැටුම තියන අන්තිම කාල පරිච්ඡේදය. තව ටිකක් කල් යනකොට ඕක හරියාවි. හැබැයි ඉතිං මිනිස්සුන්ගෙ ආකල්ප ඒ විදියට වෙනස් වෙන්නත් ඕන...

      Delete
  5. ටිකක් හිතල බලන්න ඕනෑ අදහසක් තියෙන කතාවක් .

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... හැම දෙකම හිතන්ඩ දෙයක් තියනව තමා සමරේ මහත්තය...

      Delete
  6. මචං... මම මේ ටික හයිලයිට් කරනවා... රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් මම ඉගෙන ගත්ත හොඳම පාඩම තමයි ඒක..

    //

    දියුණු රටවල් වර්ණනා කෙරෙනකොට අපි නිතර දෙවේලේ අහන දෙයක් තමයි "කොම්පැනියේ ලොක්කයි කක්කුස්සි හෝදන මනුස්සයයි රාජකාරි වේලාවෙන් පස්සෙ හවස එකට තේ බොනව" කියන කතාව. එකට තමයි සමාජ දියුණුව කියල කියන්නෙ. පංති පරතර , දුප්පත් පොහොසත් භේද , කුල භේද එන්න එන්නම සමාජයේ දියුණුවත් එක්ක නැතිවෙලා යනව. එයාපෝට් එකේදී ඔබාමාගෙන් අයිඩෙන්ටිය ඉල්ලන කතා, ප්‍රංශ අගමැති බීල එලවල පොලිසියට මාට්ටු වෙන කතා අපි සලකන්නෙ බොහොම දියුණු සමාජීය ලක්ෂණ විදිහට. හැබැයි ඒව අගය කරන ගමන් අපේ මිනිස්සු තමන්ගෙ සමාජ තත්වය රැකගන්න අනිත් මිනිස්සු පහත් කරන්න උස්මිටි පරතරයක් හදාගන්න දඟලනව. තමන්ගේ රැකියාව , ආර්ථික මට්ටම පෙන්නගෙන සාමාන්‍ය සමාජයෙන් වැඩි වරප්‍රසාද බලාපොරොත්තු වෙනව. තැනකට ගියාම ඉංග්‍රීසියෙන් කතාකරන්න උත්සාහ කරන්නෙ ඇයි? කතාකරනකොට ඉංගිරිසි ඌරුවක් බොරුවට ආරූඪ කරගන්නෙ ඇයි? බොරු උගත්කමක් පෙන්නල සමාජයේ වරප්‍රසාද ගන්න. උගත්කම මවාපාන කොටසක් ඉන්නව වගේම උගත් සහ සමාජයේ ඉහල තල වල ඉන්න සමහර උදවිය වරප්‍රසාද ලබාගන්න, කැපී පේන්න තමන්ගේ උගත්කම සහ සමාජ තත්වය භාවිතා කරනව. ඔය මොකක් නමුත් එකක් මතක් කරන්න කැමතියි. එන්න එන්නම සමාජ මට්ටම් අතර පරතරය අඩු වේගන යනබව . මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව එන්න එන්නම දැනුවත් වෙනව. පුද්ගල වන්දනාව එන්න එන්නම අඩු වෙනව. හැම එකාම කරේ නගින්න එනව වගේ පෙනුනට ඇත්තටම ඒකට තමයි දියුණුව කියන්නෙ.

    //

    මම ඒක හයිලයිට් කලේ, සමාජයේ කොතනත් වගේ බ්ලොග් කාරයෝ අතරෙත් එහෙම සෙට් එකක් ඉන්න නිසා උන්ට මේක දකින්න...

    එහෙම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ, මොනවා හරි ළොකු ළොකු අඩුපාඩු තියෙන මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. අන්නසි වඩිය ගහලා තියෙනවාද.... ඉයන මහත්තය්ගේ කර්තකොලොප්පන් කැළේ...

      Delete
    2. ලොකු අයියා , ඔය විදිහට උස මිටි ගති ඉස්මතු කරල ඉන්න දඟලන මිනිස්සු ඒකෙන් තමන්ගෙ ලොකුව පෙන්නල පොරත්වයක් ආරූඪ කරගන්න දඟලනව. උගත්කම බුද්ධිමත්කමට අමතරව තවත් බොහෝ වටිනාකම් මිනිස්සුන්ට තියන බව අදහනකල් ඔය ආකල්ප නැති කරන්න බෑ... උගත්කම කියන්නෙ බුද්ධිමත්කම මනින මිනුම් දණ්ඩක් නෙවෙයි. ඔය දෙකටම පරිභාහිර තවත් බොහෝ හැකියාවල් සහ වටිනාකම් තියනවා මිනිස්සුන්ට. සමාජයේ අද සලකන්නෙ උගත්කමට සහ මුදල් වලට විතරයි. ඔය දේ හරියට අවබෝධ කරගත්ත සමාජයක් ඇතිවෙන තාක් කල් ඔය පරතරය ඒ විදියටම තියෙයි. හැබැයි එන්න එන්නම මිනිස්සුන්ගෙ දැනුවත්වීම් එක්ක ඒ පරතරය අඩු වෙමින් යනව..
      අන්නාසි වැඩිය කිව්වෙ අන්නාසි දාල පෙරන බඩු වලටද? එහෙම කරලා නං නෑ.. හබයෝ හොඳට සුවඳ ඇති බඩු.. ඉයන්ගෙ අඹ වත්තක් තිබේද? යමුකො වෙලාවක...

      Delete
    3. //පුද්ගල වන්දනාව එන්න එන්නම අඩු වෙනව//

      එකඟවීමට නොහැකිවීම ගැන සමාවෙන්න සජ්ජා හා මාතලන්.

      පරණ ප්‍රභූන් හා උගතුන් වන්දනාව නැතිවී ඇති. එහෙත් පුද්ගලවන්දනාව අතිශයෙන්ම වැඩි කාලයකි. ගරු කියලා තාම කියනෙ නැත්තෙ ක්‍රීඩා නායකයන්ට විතරයි, අනිත් හැම එකාම ගරු අහවල්තුමා.
      දේශපාලන පක්ශ අබිභවා පුද්ගල වන්දනාව ඇත.
      ලමයෙක් වේදිකාවට නැග මොකක් මොකාගෙන් ගත්තත් වන්දවනවා
      ප්‍රින්සිපල්ලා සිට සෙකට්‍රිලා දක්වා හැමෝගෙම තනතුරට අගින් සර් කෑල්ලක් ඇත.
      වැඳීම ඉතා අධික කාලයකි

      Delete
    4. ප්‍රා... ඇත්ත.. හැබැයි මෙහෙමයි . ඔය වන්දනාව කියන එක කරන්නෙ පේන්නනේ. ඒ කියන්නෙ මූනිච්චාවට. පුද්ගල වන්දනාව කියන කාරනාව පිටින් පේන්න කරනව වගේම ඇතුලාංතයෙන්මත් කරන වැඩක්. මෙහෙම ගමු. මොකක්හෝ පල ප්‍රයෝජනයකට මූනිච්චාවට වැන්දට හිතෙන් බණිනවා. ඉස්සර එහෙම නෙවෙයි . වැන්දෙ බොක්කෙන්ම. උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර දොස්තර වරකට සමාජයේ කොච්චර පිළිගැනීමක් තියනවද. ඒත් දැන් තත්වය. දෙස්පාලුවෙක්ට ඉස්සර තිබ්බ පිළිගැනීම, දැන්? වාසියට වඳින එක හැබෑව, නමුත් බණිනව. ඉස්සර සරසවි අරගයකට පොලිසියෙන් ගහනව ටීවී එකේ දැක්කම අම්මල අඬනව. අද?

      Delete
    5. උගත්කමයි බුද්ධිමත්කමයි දෙකක් සජ්ජා..ඉහලට ඉගන ගත් හැම මිනිහම බුද්ධිමත් නැහැ...තැනකට ගිහින් හැසිරෙද්දී, කතා කරද්දී තමයි ඒ බුද්ධිමත්කමේ තරම පෙන්නේ..ඔය සේරටම වඩා ඔයා කිව්වා වගේ වටින්නේ මනුස්සකම...ඔබේ මේ ලියල අදහස් සියල්ලටම මම එකඟයි...

      මිනිහෙක් පාලකයෙක් නෙවේ නායකයෙක් වෙන්න ඕනේ..එතකොට සාමුහිකව වැඩ කිරීම බොහොම පහසුයි...අර සත්තු පාලනය කරන ක්‍රමේට වැඩ කරන්න කවුරුත් කැමති නැහැ...අනිත් එක මම පුද්ගලිකව අදහන දේ තමයි කසල පිරිසිදු කරන්නාගේ පටන් කරන සේවය සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි කියන එක...ඒ එකක් හරි නැති උනොත් එතන අඩුවක් හැදෙනවා..දියුණු රටවල මේ හැම රකියාවකටම පිළිගැනීමක් තියන නිසා, ඒ සේවාවන් හැමදාම පවතිනවා..ලංකාව වගේ රටවල අදටත් කසල ශෝධකය, වැසිකිලි පිරිසිදු කරන්නන් අන්තිම පහත් රැකියාවන්..ඒ තියා දොස්තර ඉංජිනේරු හැර අනිකුත් රැකියාවන් මහලොකු දේ නොවන පිරිසකුත් ඉන්නවා..විශ්වවිද්‍යාල තුල ආචාර්ය වරුන්ට ඩොක්ටර් නොකිව්වොත් කේන්ති ගන්න පිරිසකුත් ඉන්නවා...ඕවා වෙනස් වෙලා නැහැ..හැම තැනම හදන්නේ තමන්ගේ ලොකු කම ඉස්මතු කරගන්න...ඒ උනාට අර අනිත් මට්ටම් වල සේවාවන් නැවතුන දාකදී රටට මොකක් වෙයිද කියල ඔලුවෙන් හිතන්න පුළුවන් පිරිස ඉන්නේ බොහොම ටික දෙනයි..අපේ මිනිස්සු ජිවත් වෙන්න රැකියා කරනවා නෙවෙයිනේ...රැකියාවෙන් ආවඩාගෙන ජිවත් වෙන්න හදනවා..මේ රටවල එහෙම නෙවේ, පැය අටක්, දහයක් නැත්නම් සියක් උනත් කරලා එතනින් එලි බහින්නේ පංචස්කන්ධය තියන සාමාන්‍ය මිනිහෙක් විදියට...තැනකට ගියාම කවදාවත් කවුරුත් අනික් මිනිහ කරන රැකියාව ගැන හොයන්නේ නැහැ...ඒව වැඩකුත් නැහැ...අපේ මිනිස්සු තැනකට යන්නෙම යන එන වාහනයේ ඉඳන්ම වන්දනාව කරගෙන...අද වෙනකොට තරුණ පරම්පරාව ගැන නම් කියන්න දන්නේ නැහැ..ඒත් මිට අවුරුදු 6කට කලින් නම් ලංකාව ඔහොම තමයි...මහා පොළොවේ පය ගහන්නේ නැති මිනිස්සු මැරිලා යන්නේ හිස් මිනිස්සු විදියට...උගත් කමෙන්, තානාන්තර වලින් ජිවිතේ විඳින්න බැහැ...ඒක විඳින්න පුළුවන් මහ පොළොවේ පය ගැහුවොත් විතරයි...

      Delete
  7. සජ්ජෝ,
    ඔබේ පියා වැඩ කරන්නේ (කර ඇත්තේ) මහින්ද මහත්තයා ආන්ඩු කොරනා විදියට බව පැහැදිලි ය!
    // හැබැයි හවසට කට්ටියටම සල්ලි දීල විහිලු කතාවක් කියල කයිවාරුවක් ගහල යන තාත්තට කට්ටිය හරි ලෙන්ගතුයි. //

    කියලා වැඩක් නැත....

    මහින්ද මහත්තයා ම තමා ය!


    // ඔය තත්වය බැලන්ස් වෙනකල් තාත්ත ඉඳහිට ඇවිල්ල වැඩපලේ වැඩ වලට දවසට පාරක් ඇවිත් බලල යන්න එන්න ගත්ත. //

    මතකයි නේ පහුගිය මැතිවරනේ දී හැමෝම මහින්ද මහත්තයේ මූනත්තහඩුව එක්ක නේ තමන් ගේ පෝස්ටරේ ගැහුවෙත්!

    අම්බානට සන්තෝසය!

    ReplyDelete
    Replies
    1. සාරස තුමා. මහින්ද මහත්තයගෙ මම බොහොම අගය කරන ලක්ෂණයක් තමයි ඒක. වරද දුටු තැන සරම උස්සගෙන කුණුහරුපෙන් බනින ගතිය, ඒ වගේම මිනිස්සුන්ට ලෙන්ගතු වෙන්න තියන හැකියාව. වටේ ඉන්න ගොට්ටෝ ටික අදත් මහින්ද හුළඟ ඉස්සරහට දාල ගොඩ යන්න හදන්නෙ ඒකයි. ඒ මනුස්සය හදාගත්ත ප්‍රතිරූපය නිසා. යුද්ධය ඉවර කරන්නත් ඒක බොහොම ප්‍රයෝජනවත් උනා. යුද්ධය ඉවරකරන්න පවුල් වාදයත් බොහොම ඉවහල් උනා. ගෝඨා මහින්දගෙ මල්ලි වීමත් යුද්ධයට හොඳ විදිහට බලපෑවා. ඇත්ත ඇති සැටියෙන් අපි දකින්න ඕන.
      හැබැයි ඒ පවුල් වාදය, මහින්දගෙ ප්‍රතිරූපය අවභාවිත කරලා කරන හොරකල්, ජඩකම්, කුපාඩිකම් කරපු එකෙනුයි මහින්දට කෙළවුණේ. වටේ ඉන්න එවුං මහින්දව නරක කළා කියන කතාව හිතලුවක්. මහින්ද බබෙක් නෙවෙයි. කට්ටියමැ සෙට් වෙලා ගේම ගැහුවෙ.
      අපේ තාත්තා අනුන්ගෙ සතයක් හොරා කාපු පොරක් නෙවෙයි.ඒ ගැන මටත් අප්‍රමාණ සන්තෝෂය!!

      Delete
    2. උඹලගේ තාත්ත පොරක් .....මචං මං ඔය ලොකුකං තබේකට මායිං කරන පොරක් නෙමෙයි ....ඒ උනාට උඹලගේ තාත්ත පොරක් ...උඹත් අර මට නෝක්කඩුවක් කියුවේ ...උඹත් අපේ ගෙදර ආපුවහම තාත්ත එක්ක එල්ලෙනවා ..හැම එකාම එහෙමයි ....මාව බලන්ඩ එනවා කියල ඇවිත් පොරත් එක්ක සෙට් වෙනවය අරකය මේකය කියල..........

      ඇත්තම සීන් එක ඔය මං යාලුවෙක් එක්ක වගේ කතා කලාට උඹලගේ තාත්තට කතා කරන්නේ බයෙන් ...සහ ගෛෟරවයෙන් ....එහෙම කරන්න හිතෙන ...ආකර්ෂණයක් පොරගේ තියෙනවා ....උඹට මං මචං කියුවට උඹ කවදාවත් මට මචං නොකියුවට ...උඹලගේ තාත්ත මට මචං කියනවා

      මචං දරුවෝ එක්ක මෙහෙම හිටහං ...ඔය අපේ එකා ..ඉතින් අපේ එකම එකානේ .... ඕකා මට හෙන බයයි ...නිය පිටින් මම පාරක් ගහල නැ ...දැං මං කොල් එකක් දෙන්නං පුතේ එන්ඩ කියල ....ඇයි තාත්තේ නොඅහ ඕකා ඒනවා ....අපේ උන්දැ ඉස්සර හිටං ගහනවා ...එත් තාමත් ඔය කසාද බැදලා දරුවොත් හදලා ...තාම අම්මා පස්සේ ...අම්මා අස්සේ රිංගගන ඌ ඉන්නේ ....අන්න එහෙමයි දරුවෝ හදන්නේ මචං ....

      ඔන්න ඔහොමයි කියන්නේ

      අනිකා උඹලගේ බාප්ප ....අර මහ වත්තක් වැඩ කරන්ඩ මිනිස්සු මෙහෙයවන විදිහ මාරයි ....බලහං ....බත් එක ගිහින් දුන්නහම ඒ මිනිස්සු ඒක අතට ගන්නේ ගෙදර ගෑණි බත් එක බෙදලා දෙනවා වාගේ .....

      අන්න ඒ සම්බන්දය තමයි බං මිනිස්සු අතර තියෙන්ඩ ඕන

      Delete
    3. තාත්තගෙයි මගෙයි අතර තියන සම්බන්ධය පුදුමාකාරයි බං. ඒ ගැන කියන්න වචන නෑ... බාප්පත් එහෙම තමයි. අපේ කුඹුර ගාව බාප්පට අයිති කුඹුරු වගයක් තියනවා. මේ ලඟදී බිම් සවියට අලුතෙන් ඔප්පු හදල දෙනකොට බාප්ප ඒ ටික මගේ නමට ලියල දුන්න "උඹටයි ඔව්ව වටින්නෙ එක ළඟ තියනකොට" කියල. මට ඉඩකඩම් වල ආසාවක් නෑ. හැබැයි ඉඩකඩම් වලට මරාගන්න සහෝදර සහෝදරියෝ ඉන්න පවුල් එක්ක බැලුවම අපේ එවුං වාසනාවන්..

      Delete
    4. //ඉඩකඩම් වල ආසාවක් නෑ. හැබැයි ඉඩකඩම් වලට මරාගන්න සහෝදර සහෝදරියෝ ඉන්න පවුල් එක්ක බැලුවම අපේ එවුං වාසනාවන්//
      උඹටත් එහෙම වාසනාවන්ත නෑයො ඉන්නව කියල අහන්ඩ ලැබුන එකත් සතුටක්.
      අපේ තාත්තගෙ පැත්තෙ සහෝදරයොත් ඒ වගේ , ඉඩකඩම් ඔක්කොම අපිට දීල තියෙන්නෙ. තාත්ත නැතිවෙච්චි දවසෙ ඉදන් උගන්නල ,රස්සාවල් හොයල දීල, කසාද බන්දල , ගෙවල් හදල දීල , වාහන අරන් දීල , පොත් වලට සල්ලි දාල , මේ ලගදි සල්ලි වලට ඉඩමුත් අරන් දුන්න. සජ්ජො මම මේ ටික මෙතන කිවුවෙ මේකෙන් 95;/. කලේ අපේ ලොකු තාත්ත මෙහෙම දන්න එවුන් එක්ක එයාගැන කියනව ඇරෙන්න එයාට කෙලෙහිගුන දක්වන්න වෙන විදිහක් නෑ.

      Delete
    5. උඹ මට ඔය සම්බන්ධයෙක් දවසක් කියල තියනව අයියෙ. ඒ කෙලෙහිගුණ දක්වන විදිහ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, අපි ඒ මිනිස්සුන්ගෙ පුත්තු. ජාන වලින් ඒ දේවල් අපිටත් උරුමයි. ඒ මිනිස්සුන්ට ඒ ගුණ නිසාවට කවදාවත් නොසතුටින් ඉන්න වෙන්නෙ නෑ. අපිත් ඒ වටිනාකම් තමයි ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය. ඇත්තටම...

      Delete
  8. මටත් පේන්න බැරි දෙයක් තමයි තමංගෙ රස්සාව හින්ද ඔලුව උදුම්මවාගත්ත මිනිස්සු.
    ඔය හොඳින් සලකනකොට ඒ මනුස්සය නෝන්ජලයෙක් කියල කරේ නගින්න එන්නෙ කපටිකමෙන් කාලයක් ජීවත් වෙච්ච කට්ටිය. නමුත් මං දැකල තියෙන විදියට දැන් ඉන්න බොහොමයක් ඒ විදියට නැතුව තමන් සම තත්වයේ සලකන මිනිස්සුන්ට ගරු කරනව.

    ReplyDelete
    Replies
    1. ඔය දෙගොල්ලම මටත් පෙන්නන්න බෑ ප්‍රසා.. හැබැයි අර කිව්ව වගේ ආයතන ප්‍රධානියෙක් "මචං" කියල ෆිට් එකට කතා කලාම බොහෝ දෙනෙක් ඒ ලෙන්ගතුකමත් දරාගෙන ඒ මනුස්සයට ගරු කරල වැඩේ හරියට කරනව.

      Delete
  9. අයිතිවාසිකම් මිස යුතුකම් සහ වගකීම් නොදන්න අයගෙන් "වැඩක්" නෑ.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත.. හැබැයි අද වැඩිහරියක් ඉන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩකරන, අරගල කරන සටන් කරන මිනිස්සු මිසක් තමන්ගෙන් වෙන්න ඕන සේවය හරියට සපුරන මිනිස්සු නෙවෙයි..

      Delete
  10. මමත් පොඩි එකා කාලෙ අපේ ලොකු අයියාගෙ ගල්වල රන් කරන්න බාරගත්තා අයියා ට්‍රිප් එකක්ද කොහෙද ගිහිල්ල එනකල්. මම තමයි යකෝ ඩයිනමයිට් ඉසූ කලේ සහ හවසට පඩි ගෙව්වෙ. උන් මං පොඩි එකා හන්දා එක එක සූත්තර යොදලා වැඩි පිර ගානක් කපා ගන්න හදනවා. මම කලේ හැම එකම පොතේ ලියලා අත්සන් ගත්ත එකයි. පිස්සු හැදිලා ආයෙම හැදුනා.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියා, කොහොමද සෙල්ලම. මොකාගෙන් බේරුනත් උන්ගෙන් බේරෙන්න බෑ. ගල් කඩන (කුළු ගෙඩියෙන් ගහල) මිනිස්සු වටේ ගල් වලවල් 50 තියනවා නම් ඒ පනහෙම වැඩ කරලා තියනවා. එක තැනක වැඩ කරලා එතන අයිතිකාරයට පොල්ලක් තියල වෙන තැනකට යනව. හැමෝම වැඩපළවල් අයිතිකාරයන්ට ණයයි.. හැබැයි ඉතිං කොච්චර හම්බ කලත් කිසිම දියුණුවක් නෑ, එතනමයි. කලාතුරකින් එහෙම නොවෙන අයත් ඉන්නව.

      Delete
  11. උඹ හිතන විදිය හොඳයි. හැබැයි ඒ මිනිස්සුත් හොඳ වෙන්න ඕනේ. සමහර මිනිස්සුන්ට ලොක්කා දෙන ඒ අගයට රිප්ලයි එක දෙන්න දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලොක්ක "මචං" කිව්වොත් ඌ එනව කරේ යන්න. වැඩේ හරියට කරන්නෙත් නෑ. ඔය ජනවසම වතු, තේ වතු වල තාමත් වැඩවසම් ක්‍රමය පවත්වාගෙන යන්නෙ මිනිස්සු අර විදියට සැලකුවොත් පාලනය කරන්න බැරි නිසා. වත්තෙ මහත්තයගෙන් පඩි අරගෙන මහත්තයට වැඳල යන තත්වෙට ඒ තැන් වල ක්‍රමය හදල තියෙන්නෙ. අපේ මාමාගෙන් දවසක් මම ඇහුව ඔය ගැන. මිනිහ කියනවා ඒ ක්‍රමේ නැත්තං මුන්ව පාලනය කරන්න බැරිලු..

      Delete
  12. රස්සාවෙ ලොකුකම ඔලුවට ගහල කියල උඹ ඔය කිංඩිය දෑවෙ නැසීගිය ඉවාන් පවුලූශාට නේද?

    ReplyDelete
    Replies
    1. ඉවාන් නැසී ගිහිං නෑ... තමන් කරන වැඩේ හරියට කරන්න පුළුවන් උගත්කමක්, බුද්ධිමත් කමක් සහ පළපුරුද්ද තියන එකා කොතන හිටියත් ඌව යටපත් කරන්න බෑ... මොකා නමුත් තැනකට එන එක බලාගෙන ඉන්න බැරුව ඉරිසියාවෙ පැලෙන එවුනුත් මට පෙන්නන්න බෑ..

      Delete
    2. ඇනෝ.. උඹට ඉවාන් එක්ක ඇරියස් එක වෙනම බේරගනින්.ඒක මෙතනට අදාල නෑනේ.ඉවාන් අවදාවත් තමන් චාටඩ් ඉංජෙක් කියලා කොතනකවත් කියල නෑ..සයිට් මැනේජර් කියලත් නෑ.ඌ යටතේ මිනිස්සු 800 ක් විතර වැඩකරා කියලත් නෑ මමත් ඒක දන්නේ අවුද්දක් ගිහින්.මාඝ එකේ එකෙක්ගෙන් අහල බලපන් ප්‍රගීත් මහත්තය කියන්නෙ කවුද කියලා.

      Delete
    3. උඹ හිතනවද මේකා ඕවා ගැන නොදැන ඉන්න එකෙක් කියල.. ඉරිසියාව බං...

      Delete
    4. සජ්ජෝ සොරි .... මං මේ කල්පනා කලේ මූට නංගියෙක් හරි මල්ලියෙක් හරි හදල දෙනවද ....නැත්තං දුවෙක් හරි පුතෙක් හරි හදල දෙනවද කියල ,

      Delete
    5. අඩෝ ඇනෝ පොන්නයා ....ඉවාන් කියන්නේ මිනිහෙක් නෙමෙයි ,,,,පොලවේ ඉන්න දෙවියෙක් ,,,,කැරි වැඩ කරන්ඩ එපා පකයා

      Delete
    6. අඩෝ ඇනෝ පොන්නයා ....ඉවාන් කියන්නේ මිනිහෙක් නෙමෙයි ,,,,පොලවේ ඉන්න දෙවියෙක් ,,,,කැරි වැඩ කරන්ඩ එපා පකයා

      Delete
    7. තේරෙන්ඩැති මහිතෙ :D හැක්

      Delete
    8. හෙහ් හෙහ්... අන්න නියමෙට අහගත්තා.... ස්තුතියි...

      Delete
    9. ඇනෝ මචං..
      ඔබට සතුටුයිද දැන් :D

      Delete
    10. දවාලේ දැක්ක ගමං ෆෝන් එකෙන් රෙම්ක දැම්මේ , උඹට ලැජ්ජයි වාගේනං මේක මකහං ....මට නං ගානක්වත් නැ

      Delete
    11. පිස්සුද බං ඔය හුත්තලට ඔහොම තමයි කතා කරන්න ඕන..

      Delete
    12. නොදකින් බං, උඹ ඕක අටමට කිවුවනම් මට ගානක් නෑ ,ඌ හිතං ඉන්නෙ ඌට විතරයි ඔක්කොම මැසින් හදන්න පුළුවන් කියල. උඹ ජීවිතේට ඉවාන් එක්ක වචනයක් කතාකරල නෑ, එහෙම උනානම් මේ විදිහට කියන්නෙ නෑ.

      Delete
    13. යකෝ ඉවානය එක්කත් ඇරියස් තියෙන උන් ඉන්නවනේ...
      ඌ බයියෙක් කියල හිතලවත් කවුරුහරි එකෙක් ගේම ඉල්ලන්න ආවද දන්නේ නැහැ. හැක්...

      Delete
    14. කෝ මූට ලජ්ජ හිතුනද කොහෙද....

      Delete
  13. අන්‍යෝන්‍ය අවබෝධය තියෙන ඔය කියන වර්ගයේ "ලොකු රස්සා " කරන අය සහ "පොඩි රස්සා " හෝ රස්සා නොකරන අය අතර වුනත් ලොකු පොඩි භේද නැති අවස්ථා තියෙනවා . දෙපැත්තේම හොඳට හිතලා මතලා වැඩ කරන අවංක මිනිස්සු ඉන්නවා නම් "වැඩවසම් " ක්‍රම ඕනෑ වෙන්නේ නෑ වැඩ ගන්න . අපි හිටපු ලංකවේ සේවා ආයතනවලත් . ලංකාවේ අපි දැනට ගනු දෙනු කරන අය අතරත් . මාතලන් කිව්වට බ්ලොග් අවකාශයේ පවා එවැනි මිනිසුන් හමුවෙලා තියෙනවා... අපි හැමෝම එක ගොඩට නොදා පුද්ගලයින් වශයෙන් වෙන වෙන අරන් හිතලා බැලුවහම එහෙම අය අපට හරියට හම්බ වෙනවා හම්බවෙලා තියෙනවා... එහෙම නොවෙන ඔය මාතලන් කිවූ වර්ගයේ අයත් ඔය හැම ස්ථානයකම ඉන්නවා... අවංක තමන් ගැන හරි තක්සේරුවක් ඇති මිනිසුන් වැඩි වෙන තරමට ලෝකය දියුණු වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. කවිඳු, අන්‍යෝන්‍ය අවබෝධයත් එක්ක අන්තර් සම්බන්ධතා ගොඩනැගෙන්න දෙපාර්ශ්වයම බුද්ධිමත් සහ නම්‍යශීලී වියයුතුයි. ලොක්කා උඩගු නොවියයුතුයි සහ සොක්කා ලොක්කාගේ අව්‍යාජත්වය අවබෝධකරගත යුතුයි . ඔබ කියන්නා වගේ අවංකව තමන් ගැන තක්සේරුව තියාගෙන හරි ආකාරව තමන්ගේ වගකීම ඉටු කරන සමාජයක් හැදෙනවා කියන්නෙ දියුණු වෙනවා කියනඑක තමයි. පරිපූර්ණව සාධනීයව නොවුනත් ටිකෙන් ටික අපිත් ඒ මට්ටමට ලඟාවෙමින් පවතිනවා..

      Delete
  14. //පරිපූර්ණව සාධනීයව නොවුනත් ටිකෙන් ටික අපිත් ඒ මට්ටමට ලඟාවෙමින් පවතිනවා..// මෙන්න මෙතනට තමයි අපි හිමින් හිමින් යායුතු වන්නේ.. අපේ බ්ලොග් කාරයන්ගෙනුත් (වැඩි පිරිසකගෙන් ) මේ ආදර්ශය ලැබුනා නම් ඉතා අගෙයි... ඔවුන්ගේ බ්ලොග් ලිවීමේදී සහ කොමෙන්ටු දැමීමේදී මේ ලක්ෂණ මතු කෙරෙනවා නම් තවත් හොඳයි... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා.. අපි හැමෝ ගාවම වැරදි අඩුපාඩු තියනවා. උදාහරණයක් විදිහට මට යම් හෝ විදියක පහර ගහන බ්ලොග් කරුවෙක් වේවා මම ඔහුගේ පොස්ට් එකට අදහසක් පලකරන්න පුළුවන් අවශ්‍ය හැම වෙලාවකම ඒක කරනව. වෙලාවක් තියන හැම වෙලාවකම අනුන්ගේ එව්වට රිංගල අදහස් ප්‍රකාශ කරනව. පුද්ගලික ආරෝවක් තියන කෙනෙක්ගේ උනත් සංවාද වලට සහභාගී වෙනව. මම නම් හිතන්නෙ වෙන්න ඕනත් ඒකයි. අපි ගැටෙනාවට වඩා අපේ මතවාද වලටයි ගැටෙන්න දෙන්නෝන...

      Delete
  15. මිනිස්සු පාලනය කරන එකත් කලාවක් බං..වයිෆ්ගෙ තාත්තා නැතිවුන ගමන් අවුරුදු 20 ක් වැඩ කරපු චෙෆා මළගෙදර ඉවර වෙලා ඇඳුම් ටිකත් අරන් මට ආයෙ මෙතන ඉන්න බෑ මහත්තයො මං ගමේ යනවා කියල ගියා.. ඒ ඇයි ?? තාත්තලගෙයි අපෙයි වෙනස.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමයි බං. අපි තාත්තලගෙ මයිලක් තරම් වටින්නෙ නෑ...සිරාවට...

      Delete
    2. අනේ මචං ඌ නං ගිය එකමයි හොද

      Delete
    3. හැක් . පව් බං. උඹට උගේ කෑම රස නෑ නේද.

      Delete
    4. මටත් මූ ඔය සීන් එක කියල තියනව. ඌ ගිය එකමයි හොඳ කියල...

      Delete
  16. ඔය උස්,පහත් භේදය රැකියාවලට විතරක් නෙමේ ගොඩක් තැන්වල තියෙන දෙයක්.ඔව්වා තමයි අපේ ග්‍රෝත්තික ලක්ෂණ.

    මිනිස්සුන්ගෙන් වැඩ ගන්න විදි තියෙනවා.පත්තරේ කියනවා වගේ එක කලාවක්.එක ඉතින් හැමෝටම බැහැ.

    ReplyDelete
    Replies
    1. අනිත් එක මනෝ තාත්ත පාලනය කරපු තැනට පුතා එනව කියන්නෙ කොච්චර පරිපාලනය ගැන, ටීම් වර්ක් ගැන කොයිතරම් අවබෝධයක් තිබ්බත් වැඩකරන මිනිස්සු පුතාට සලකන්නෙ "මූ පොඩි එකා , මුගෙ කණෙන් රිංගන්න පුළුවන්" ආකල්පයෙන්. හැබැයි ඉතිං අත්දැකීම් සහ පළපුරුද්දත් එක්ක අපට තාත්තල එක්ක හැරෙන්නවත් බෑ.. මිනිස්සුන්ගෙන වැඩගන්න එක ඇත්තටම කලාවක්.

      Delete
  17. අම්මපා සජ්ජෝ තාත්තා හරියට පරණ සාජන් මේජර් කෙනෙක් වගේනේ. මල් හතයි ඈ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. එහෙම තමා විචාරකතුමා . අපේ මෑන්ස් ගමේ ඉන්නෙ පොලිස්කාරය වාගෙ. පෙරේදත් ළඟ ගෙදරක කෙල්ලෙක් නානකොට බූලෙක් හැංගිලා බලන් හිටිය කියල එහෙන් තාත්තට කෝල් කරල චන්ඩිය වගේ ගියා බූලො අල්ලන්න ටෝච් එකකුත් අරන්..

      Delete
  18. කලින් සජ්ජගේ කොමන්ටුවක දැක්කා ගලක් විකුනලා ජීවත් වෙන කතාවක්. මම හිතුවේ මැණෛක් මුදලාලි කෙනෙක් කියලා. ;)

    මම කාලයක් මිනිස්සු එක්ක වැඩ කරපු කෙනෙක්. දාහක් හමාරක් එක්ක. ඒ මගේ තරුණ කාලේ. එතනින් මම ඉගෙන ගත්ත හොඳම දේ තමයි අපි අනුන්ව මෙහෙයවන්න නම් ඔවුන්ට වඩා කඩිසර හා සූක්ෂම වෙන්න ඕනේ කියන එක. මොලෙන් විතරක් ඒක කරන්න බෑ. ඇඟේ හයියත් තියෙන්න ඕනේ. ලොකු කම පොරකම ඔය ඔක්කොම ඕනේ. එහෙම නෑ කියනවා නම් සජ්ජෝ උඹට කවදාවත් හොඳ බොසෙක් වෙන්න බෑ.

    කොහොමත් අපිට වඩා අපේ තාත්තලා පොරවල් තමයි. මම ඉස්සර හිතන් හිටියේ අපේ අප්පච්චි උදේට නිකම් වතුවලට යනවා විතරයි. මිනිස්සුනේ වැඩ කර්න්නේ කියලා. කොටින්ම මම එහෙම එයාගේ මූණටම කියලත් තියෙනවා. ඒත් එයා මිය ගියාම තමයි මට තේරුනේ අපි නොහිතන තියා කවාදවත් නොදැකපු නොදකින ටැලන්ට් එකක් එයාට තිබ්බා කියලා. මට හැමදාම ඔවුන් ගැන හිතද්දි මම කියන්නේ නිකම් පුස් වෙඩිල්ලක් විතරමයි... ;)

    ReplyDelete
    Replies
    1. මැණික් විකුණනව නං මාත් අද මිනිහෙක් රංගි.. එහෙමත් නැත්තං විනිල්ගේ මුදලාලිගෙ පුතා වගේ වාහනයක් හප්පගෙන එලොව ගිහිං
      තාත්තාගෙන් ආපු නායකත්ව ගතිලක්ෂණ මං ගාවත් ටිකක් හරි ඇති. අපේ ඉන්න එවුං ටික බලාගෙන ශේප් එකේ වැඩ ටිකකරගෙන යන්න තාමත් පුළුවන් මට. හැබැයි ඉතිං තාත්තල එක්ක හැරෙන්න වත් බෑ.මානව සම්පත් කළමනාකරණය ගැන ඒ උදවියට ඒ හැකියාව ඇවිත් තියෙන්නෙ උප්පත්තියෙන්, අත්දැකීම් එක්ක කළ පුරුද්දෙන්. ඒ හැකියාවන් වලට අලගු තියන්න වත් අපට බෑ... එන්න එන්නම සමාජයෙ පාකයෝ කියන කොටස අඩු වේගන යනව. පාලිතයෝ තමයි වැඩි වෙන්නෙ. ඒ නිසා තමයි අද ගොඩක් වෙලාවට තනියම දෙයක් කරන්න පුළුවන් මිනිස්සු අඩු වෙන්නෙ. රැකියා ස්ථානයක උනත් කාලයක් යනකොට එතනින් ටිකක් ඉස්මතු වෙන චරිත ඒවට හැදෙනව මිසක් born talented මිනිස්සු අඩු වෙන්නෙ. අපේ රටවල් වල උනත් නායකත්වය ගන්න මිනිහෙක් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි..

      Delete
  19. ඔබ ඉතා වටිනා කතාවක් මතු කරලා තිබෙන්නේ අවසානයේ.

    මම නම් හිතන්නේ උගත් කමට හෝ වෘත්තියට, පමණක් නොවෙයි, යම් විශේෂ දක්ෂතාවයක් පුහුණුවක් තිබෙන අයෙකුට(උදාහරණ ලෙස පණ්ඩිත් අමරදේවයන් එච් එම් ජයවර්දනයන් වැනි අයට ගරු නොකරන කෙනෙක් රටේ ඉන්නවද කියල මට සැකයි), රටට විශේෂ යමක් කල අයෙකුට, අවයව දන්දීමෙන් ජීවිත බෙර ගතිපු අයෙකුට, තම ජීවිතය අනතුරේ තියල වෙනත් ජීවිත බෙරගතිපු අයෙකුට වැනි ඕනෑම කෙනෙකුට යම් ගරුත්වයක් දැක්වීම ඉතා හොඳ දෙයක්. (නමුත් දේවත්වයන් ආරෝපණය කිරීමට යාම නම් එතරම් නුවනට හුරු නැත කියල තමයි මන් හිතන්නේ.) මම දන්නා තරමින් නම් ආසියාවේ බොහොමයක් තැන්වල එහෙමයි.

    නමුත් ගැටළුව වෙන්නේ ගරු කිරීම නොවෙයි, ගරු කිරීම් ලබන මිනිස්සු ඒ දක්වන ගරුත්වය පිළිගෙන පෙරලා අනෙක් මිනිසුන්ට ගරු කරන්න තරම් අපේ රටේ බොහොමයක් වෘත්තිකයෝ නිහතමානී නොවීම. මට මතකයි ඉස්සර මාම එක්ක ලොරිය හදන්න ගැරේජ් එකට ගියාම මාම ලොකු බාස් උන්නැහේට "සමන් අය්යේ" කියනවා ලොකු බාස් උන්නැහේ මාමට "නිමල් අය්යේ" කියනවා. දෑතේ රැකියාව කරපු ඔවුන් එකිනෙකාට ගරු කරගැනීම දැන හිටියට ඉහල යයි සම්මත වෘත්තිකයෝ ළඟ ඒ ආකල්ප නැතිවීමයි ගැටළුව මම හිතන්නේ.
    .......................................................................................
    තවත් සුළු දෙයක් කියන්න ඉඩ දෙන්න. මම ජපානයේ දැක තිබෙන ඉතාම හොඳ දෙයක් නම් තමුන් යටතේ වැඩකරන ශිෂ්‍යයාට/සේවකයාට වැඩකරන වෙලාවේ වැඩි පීඩනයක් එල්ල කලත් ඔහුගේ බිරිඳට (හෝ පෙම්වතියට) "මැඩම්" කියන්න තරම් බොහෝ ප්‍රධානීන් නිහතමානීයි. මම හිතන්නේ සේවකයාට පීඩනයක් එල්ල කිරීමන් ඇතිවන අපහසුතාවය ඔවුන් එවැනි දේවලින් මුදාහරිනවා කියලයි. එවැනි හොඳ සමාජ ලක්ෂණ දැන් දැන් අපේ රටෙත් ටිකක් ඇතිවේගෙන එන බවයි මම හිතන්නේ. ඉහත ගරු කිරීම් (ආචාර කිරීම් ) හමුදාවන් වලද තිබෙන ඉතා හොඳ සම්ප්‍රදායක් බව විචාරක සහ කලාහිත බ්ලොග් කරුවන් ලියා තිබුනා මට මතකයි

    ReplyDelete
    Replies
    1. මේ කරුණු වලට එකඟ වෙනව වගේම තවත් කාරනාවක් මතු කරන්නම්. අපේ මිනිස්සුන්ගෙ තියනවා අමුතුම විදිහේ මහන්තත්වයක්. ටිකක් ලොකුයි කියල හිතෙන තැන් වලට තමන්ගේ වැඩකට ගියහමත් අපේ මිනිස්සුන්ගෙ ලොකුකම් ඉස්මතු වෙනව. සුපර් මාකට් එකකට, බැංකුවකට, ලොකු කනබොන තැනකට, ප්පුද්ගලික ඉස්පිරිතාලෙකට වගේ තැනකට ගිය ගමන් අපේ උන්ට අමුතු ලොකුකමක් ඔළුවට ගහන හැටි මම බොහෝ වෙලාවට නිරෙක්ෂණය කරනව. එතකොට කතා කරන්නෙ ගාම්භීරව, කාත් එක්ක වත් හිනා වෙන්නෙ නෑ, තමන්ගේ තත්වය ප්‍රදර්ශනය කරන්නන බොරුවට දඟලනව. තමන් බොරුවට පිම්බෙන්න හදන සමාජයකින්, මිනිස්සුන්ගෙන් කොහොමද අපි අනිත් මිනිස්සුන්ට ගරු කරන එක බලාපොරොත්තු වෙන්නෙ. උදාහරණයක් විදියට ඔය වගේ තැනකට මරුටි කාර් එකක එන එකා තමයි බෙන්ස් එකේ එන එකාට වැඩිය රඟන්නෙ. අනිත් මිනිස්සුන්ට ලොකුකම් පෙන්නන්නෙ. අන්න ඒ විදිහේ අමුතු ගොද්ද ගතියක් අපේ මිනිස්සු ගාව තියනවා. ලොකුවට ඉන්න තමන්ගේ ලොකුකම් පෙන්නන්න දඟලන මිනිස්සුන්ට තමයි සමාජය සලකන්නෙත්.ඕන්න ඔය දේවල් තමයි වෙන වෙන්න ඕන..

      Delete
  20. මිනිස්සු පාලනය කරන එක කලාවක් සජ්ජෝ.ඒක උඹලට අපට කරන්න බෑ.වඩා හොඳට සැලකුවොත් උන් ඔළුවට නගින්න එනවා.නොසැලකුවොත් යකා වගේ කියල කියනවා.තාත්තල කරපු වැඩ අපට බෑ බං.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හැලප අයියා... තාත්ත කුණුහරුපෙන් බැන්නත් මික් නොකිය අහන ඉන්න, අමනාප නොවෙන එවුං අපි වචනයක් කිව්වොත් මූණ එල්ලගන්නව. මුල කාලෙ එකෙක් මම ටිකක් සැරට කතා කළා කියල යන්නගියා. පස්සෙ තාත්ත ඌට කතා කරලා බැනල ආයෙත් ආව. කිව්වලු "මහත්තය මට මොනවා කිව්වත් කමක් නෑ, මහත්තය කියනවා නං එන්නං" කියල. ඕන්න ඔහොමයි අපේ පරිපාලන හැකියාව...

      Delete
  21. කතාවට කෙලින්ම අදාළ නොවුනත්..

    මම මේ දවස්වල හමුදාවල (නේවි එකේ) ඉඳල එලියට එන උන්ට සිවිල් සමාජේ රස්සාවලට හැඩ ගැහෙන්න ඕනි විදිය ගැන ලෙක්චර් එකක් කරන්න සූදානම් වෙනෝ.. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කොපි පේස්ට් කරලා ගත්ත ඔලුවට..
    හිත හිතා ඉන්නේ ඒ ගැන පොඩි පෝස්ට් එකක් ලියල අපි අතර ඉන්න එක එකාගේ අත්දැකීම් (හමුදාවලින් ආපු එවුන් එක්ක වැඩකරලා) අහගන්න..

    මිනිස්සු එක්ක වැඩ කරන එක එක්තරා කලාවක්.. මිනිස්සුන්ගෙන් වැඩ ගන්න එක (getting things done) කියන්නේ skill එකක්.. experience එකත් එක්ක ඕක develop වෙනවා. තාත්තලා බාප්පලා එහෙම 'තැලිලා පොඩිවෙලා' අර කලාව හොයාගෙන skill එක වැඩි දියුණු කරගෙන ඉන්නේ.. තද උණුසුම්- තද සිතල නැතුව මධ්‍යස්තව ඉන්න ඕනේ හැම තිස්සෙම. "සේෆ්ටි" වගේ රස්සාවක් කරනකොට ඔය හැකියාව තවත් වැදගත්..
    මාතෘකාව වගේම මුළු ලිපියම ආසාවෙන් කියෙව්වා.. :)

    ReplyDelete
    Replies
    1. ඔය සිවිල් සමාජෙට අනුගත වෙන්න අමාරු එක වැවිලිකරුවන්ටත් තියන දෙයක්.

      Delete
    2. වැඩි සද්ද එපා මහත්තයෝ "පාරේදී බලා ගමු" හරිද...

      Delete
    3. හමුදා වල ඉන්න මිනිස්සු සමාජගත කරන්න පිටරටවල් වල කවුන්සලින් කරනව බං. අපේ රටවල තමයි එහෙම දෙයක් නැත්තෙ. හමුදාවෙන් රැකියාවකට එන එක එහෙම බැලුවම ලොකුම ඉශු එකක් නෙවෙයි. හමුදාවෙන් ජනජීවිතයට ගේන ලොකුම කාරණාව.ඒ දේවල් හරි ආකාරව මග පෙන්වීමක් යටතේ කෙරෙන්න ඕන. එහෙම අවශ්‍යතා තියන උන් ෆෝසස් වල ඉන්නව. හැබැයි මගපෙන්වීමක් ලැබෙන්නෙ නෑ. නෙවේ අහවලා, ආමි අහවලා කියා කියා පාතාල කාරයෝ බිහිවෙන්නෙත් ඔය වැඩේ හරි ආකාරව කෙරෙන්නෙ නැතුව යනකොට.ඔය ගැන වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්.

      Delete
    4. හෙක්..හෙක්..හෙක් ලොක්කෝ.. එදා නම් නේවිකාරයා නෙවෙයි ත්‍රස්තවාදියා එලියට පැන්නේ..

      Delete
  22. මිනිස්සු පාලනය කරන එක කලාවක් නම් මට උපතින්ම ඒක පිහිටන්න ඇති. මම දැන් කරන්නෙ මම රස්සාවට ඉගෙන ගත් දෙය නෙමේ. මට අවුරුදු 24 දි සේවක උද්ගෝශනයකදි කරන්ඩ වෙච්චි මැදිහත් වීමක් නිසා සැරින් සැරේ සේවකයො වැඩියෙන් ඉන්න තැන් වලට යන්න වෙනව. දෙපාරක් හැම අංශයකම එවුන් ස්ට්‍රයික් කරද්දි (තම්පොගෙ යුනියන් එක ) අපේ එකෙක්වත් ස්ට්‍රයික් කලේ නෑ . අපේ ලොක්ක කියන්නෙ මම වශී දීල තියෙන්නෙ කියල. මේ කලාව මනුස්සකම එක්ක සුන්දර කපටි කමක් තියෙන්න ඕනෙ දෙයක්, ඔය ගැන ටිකක් දිගට ලියන්න ඕනෙ දෙයක්.
    උඹලගෙ තාත්තත් අපේ තාත්ත වගේ පොරක් , ඒක දැනගත්තෙ අටමගෙ කමෙන්ට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. කම්මලයියේ , උඹ කොහොමත් දිය යටින් ගින්දර ගෙනියන හිමිජ්ජා වගේ ඉන්න එකා කියල අපි නොදන්නව යැ. ඇත්තටම මටත් ටිකක් විතර ඔය හැකියාව තිබුනට මම කියන්නෙ තාත්ත තරම් ඒක නෑ කියල. උඹල වගේ එවුං හැම ආයතනයකම පාලකයෝ හැටියට ඉන්නව නම් සේවකයන්ගේ සෑහෙන ප්‍රශ්ණ විසඳෙයි.
      අපේ තාත්තල ඇත්තටම පොරවල් තමයි බං. ඒ ගැන මෙහෙම ලියල ඉවර කරන්න බෑ..

      Delete
  23. හොඳට දැනිච්ච පෝස්ට් එකක් මචං...
    අපේ තාත්තත් මට මාරම මාර පොරක්, හැමදාම ඒ කතාව ලියන්න හිටියත් කරන්න වෙන්නේ නැහැ...
    මාස තුන හතරකින් නිකං පෝස්ට් එකක්වත් නොදාපු මම ඒ කතාව ලියන එක දැන්නම් හීනයක් වගේ...

    මමත් කාගෙන් හරි වැඩ ගන්න ගිහින් මම කියපු විදිහට කරලා නැත්තං තරමක් අමතන ජාතියේ එකෙක්, ඒත් ඉතින් මිනිස්සු බර ගාණක් ඉන්න සයිට් එකේ මිනිස්සු ගොඩ දෙනෙක් මා එක්ක සුහදයි...

    ReplyDelete
    Replies
    1. උඹ ලියන්න පටන් ගනිං. මමත් මේ ඉඳල ඉඳල වැඩේට බැස්සෙ බ්ලොග් එක නාස්ති වෙන්න දෙන එක අපරාධයක් කියල හිතුන නිසා. එකක් දෙකක් ලියල ටිකක් පොලිෂ් වෙනකල් ඉඳල තාත්ත ගැනත් ලියපං..උඹල නොලිය ඉන්න එක අපරාධයක්..

      Delete
  24. //හැබැයි ඒව අගය කරන ගමන් අපේ මිනිස්සු තමන්ගෙ සමාජ තත්වය රැකගන්න අනිත් මිනිස්සු පහත් කරන්න උස්මිටි පරතරයක් හදාගන්න දඟලනව. තමන්ගේ රැකියාව , ආර්ථික මට්ටම පෙන්නගෙන සාමාන්‍ය සමාජයෙන් වැඩි වරප්‍රසාද බලාපොරොත්තු වෙනව.///


    // චෙෆාකි කෙකි කාරයො වඳ වෙන කතාව කිව්ව වගේ ඒ ඒ ශ්‍රමිකයෝ අඩුවෙනකොට ඉන්දියාවෙන් කුලී කාරයෝ මෙහාට ගෙන්නන්න වෙන්න බැරි කමකුත් නෑ...//

    සජ්ජා,කලාන්තරයක් තිස්සේ තියන ආකල්ප වෙනස් කිරිම අපහසු උනත් මේ වගේ පෝස්ට් ලියවෙන එක හොඳයි..

    ReplyDelete