සෑහෙන කාලෙකින් ආයෙමත් බ්ලොග් අස්සට රිංගන්න වෙලාවක් හොයාගත්ත. සහෝදර බ්ලොග් කරුවන්ගේ පොස්ට් කියවල යන පුරුද්ද දිගටම කලත් කොමෙන්ටුවක් දාන්න, සංවාද වලට සහභාගී වෙන්න තරමට කාල වේලාවක් තිබුනෙ නෑ... හැබැයි ඉතිං එහෙමයි කියල බ්ලොග් කියවිල්ල සහ ලිවිල්ල අතාරින්නෙ කොහොමද....
මුලින්ම කියන්නම් මේ කතන්දරේ ලියන භාෂාවෙන් නොලියා කතා කරන භාෂාවෙන්ම සුපුරුදු විදිහට ලියන්න තීරණය කලේ ඒක "මගේ ක්‍රමය" නිසා සහ කියවන උදවියට කියවල තේරුම්ගන්න ඒ විදිහ පහසුයි කියල හිතුන නිසාවට. කොටින්ම කිව්වොත් කතන්දරේ මේකයි. රුපවාහිනී , ගුවන්විදුලි සහ මුද්‍රිත මාධ්‍ය වලින් මිනිස්සුන්ට සහ අදාළ ජීවිත වලට කොයිතරම් බලපෑමක් කරන්න පුලුවන්ද කියන කාරණාව සහ මිනිස්සු හොඳ පැත්තට දැනුවත් කිරීමක් කරනව වගේම අවශ්‍ය නම් මිනිස්සුන්ව ගොනාට අන්දවන්නත් කොච්චර ලේසියිද කියන කාරණාවට උදාහරණයක් මේකෙන් ලැබෙයි . කාලෙන් කාලෙට හතුපිපෙන්නා වගේ මතුවෙන මිනිස්සු ගැන අපේ සමාජයට ලොකු අත්දැකීම් තියනව. ඉස්සර ටවුන් වල දකින්න ලැබුණු "හොර තෙල් බෙහෙත් වෙද්දු" මොඩලයේ උදවිය ඒ තැන වලින් මිදිලා නූතනකරණය වෙලා ඇසිදිසි මාධ්‍ය වල පිනුම් ගහනව බලන් ඉන්න වෙලා තියන තරමටම අපි අවාසනාවන්ත වෙලා. "තෙල් බෙහෙත් වෙදා"ව පොඩ්ඩ මිස් වෙච්ච ගමන් ගහල පන්නන්න මිනිස්සුන්ටම පුළුවන්කමක් තිබ්බට , පොලිසියට උන්ව පන්නන්න අවස්ථාව ලැබිල තිබ්බට "මොඩනයිස්" වෙච්ච ඒ කුලකයේ "බලසම්පන්න" හොරුන්ව පන්නන්න සක්කරයට වත් බෑ.. උන්ව පන්නනව තියා හොල්ලන්න බෑ. සල්ලි දීල ගුවන් කාලය වෙන්කරවාගෙන, පත්තර වල පිටුගණන් වෙන්කරවාගෙන අපූරුවට ජාවාරම යහමින් කරගෙන යන්න සහ අවශ්‍ය ඕනෑම ජගතෙක් සල්ලි බලෙන් නම්මගන්න මේ කියන මගෝඩිපාලලා සමත්. ඔය කියන විදිහේ උදවිය කාලෙන් කාලෙට ඉස්මතු වෙන්න උඩගෙඩි දෙන කල්ලියක් බිහිවෙනවා වගේම ඕවට රැවටෙන්නත් අපේ ගොන් හැත්ත එකහෙළා සූදානම්.
මේ කියන්න සූදානම ඔය පරපුරේ ඉන්න , මේ දවස් වල මාධ්‍ය වල පිනුම් ගහන , ලංකාවේ ගොන් බූරුවන්ගේ සල්ලි මිටි උඩ පෙරළිකරන, බලවත් උදවියගෙ ගොන්කම් නිසා අභියෝග කරන්නට බැරි තරමේ බලවත් තැනකට පත් වෙච්ච නොම්මර එකේ පොරක් ගැන. මහාචාර්ය (කොයි විස්ස විද්‍යාලෙන් දුන්න එකක්ද දන්නෙ නෑ) දේශ ශක්ති, දේශ කීර්ති, දේශමාන්‍ය (අවශ්‍ය තව ඕනෑම ගරු නම්බුකාර වචන සෙට් එකක් එල්ලගන්න ඒකයි තියෙන්නෙ. ඕනෑම එකකට රෙඩි) කීර්ති දිසානායක කිව්වම ලංකාවේ ඉන්න කවුද නොදන්නෙ. බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති (ඕන්න කණෝ පිණුම් කිව්වලු) , නමෝ නාරායන මධ්‍යස්ථානයේ
නිර්මාතෘ , සියලුම මුද්‍රිත මාධ්‍ය වල පිටු ගණන් වෙන් කරවාගෙන , දෙරණ, හිරු, ස්වර්ණවාහිනී, ITN , සියත රූපවාහිනී නාලිකා වල පැය ගණන් වාචාල විදිහට කියවන මුන්දෑ ගැන කව්ද නොදන්නෙ. දැන් ටික කාලෙකට ඉහතදි නෙත් එෆ්.එම්. බැලුම්ගල වැඩසටහනේ වාලම්පුරි මගඩිය ගැන මුන්දෑගෙ රෙදි ගැලෙව්ව සමහරුන්ට මතක ඇති. උන්ගෙන් අපූරුවට බයිට් වෙච්ච මුන්නාන්සෙගේ ඒ වැඩසටහන් හඬ පටය දැන් යූ ටියුබ් එකේ නෙත් එෆ්.එම්. චැනල් එකෙත් හොයාගන්න නෑ. සමහරවිට එකත් බෙලිකටුවෙ ආනුභාවේ වෙන්නත් බැරි නෑ. "බජාර් එකේ චණ්ඩියා" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාපු ඒ දවස් වල බන්දුල දිසානායක විදිහට පෙනී හිටපු මුන්නාන්සෙගෙ නූතන රඟපෑමට නම් "ඔස්කාර්" සම්මාන දෙන්න වටිනව. සතියකට සැරයක් අනිවාර්යෙන්ම පැය දෙකක විතර වැඩසටහනකින් රූපවාහිනී නාලිකාවක රූකඩ මාධ්‍යවේදියෙක් දාගෙන "මහානුභාව සම්පන්න බෙලිකටුව" ගැන තොරතෝංචියක් නැතුව "බෙලිකටු මල්ල හොල්ලන" මුන්නාන්සෙගෙ මූණත් තහඩුව දැක්කම රූප පෙට්ටිය උස්සල පොලවේ ගහන්න හිතුනෙ දෙතුන් වාරයක් නෙවෙයි.
හැබෑටම මොකක්ද මේ වාලම්පුරිය. සමහරු ඕකට වාමාවෘත සංඛය කියනවා . සමහරු දක්ෂිණාවෘත සංඛය කියනවා. මොක උනත් මුහුදු ගොළුබෙල්ලෙක්ගේ ආරක්ෂාවට හැදෙන පිට කටුව සතා මළාට පස්සෙ දිරාපත් නොවී වෙරළට ගොඩ ගැහුවම හෝ උවමනාවෙන් කිමිදිලා සොයාගත්තම විසිතුරු භාණ්ඩයක් විදිහට මිනිස්සු ළඟ තියාගන්නවා. Conch shell කියල අන්තර්ජාල සෙවුමක් කලොත් ඔය ගැන වැඩි විස්තර හොයාගන්න පුළුවන්. ඔය කියන බෙලි කටුව හිල් කරල සන්නිවේදන භාණ්ඩයක් විදිහට යොදාගන්නවා පෙරදිග රටවල් වල. සක, සංඛය , හක්ගෙඩිය වශයෙන් උත්සව අවස්ථා වල යොදාගන්නෙ එහෙමයි. සමහර කැරිබියානු රටවල මසුන් මරන්නන් ශබ්ධ සඥා යවන උපකරණයක් වශයෙනුත් ඔය හක්ගෙඩිය භාවිතා කරන බව කියවෙනවා. අපේ එවුං මගුල් පෝරුවට සක පිඹිනවා. අරුන් මාළු අල්ලන්න දැල් දාන්න සිග්නල් එක දෙන්න සක පිඹිනවා. බහමාස් වල කැඩුණු සහ උල් හැඩ වලින් යුතු බෙලිකටු තාප්ප වල උල් විදිහට උඩු අතට ඔබ්බවනවලු ආරක්ෂාවට(අපේ මිනිස්සු තාප්පේ මුදුන් වල වීදුරු කටු හිටවනවා වාගෙ) . තවත් බොහෝ රටවල් සහ සංස්කෘති වල විසිතුරු සැරසිලි විදිහට හක්ගෙඩි භාවිතා වෙනව කියලයි කියවෙන්නෙ. ඕකෙන් සම්පූර්ණයෙන්ම පිටස්තර කතාවක් තමයි පෙරදිග (ඉන්දියානු) සංස්කෘතියේ තියෙන්නෙ. විෂ්ණු දෙයියො කිරි මුහුද කලම්බනකොට (මාළු අල්ලන්න වලකට බැහැල බොර කරනව වගේ කොරන්න ඇතිනෙ) ලු ඔය වාලම්පුරිය හම්බවෙලා තියෙන්නෙ. අන්න ඒ සන්තෑසින් පස්සෙ වෙන්නැති ලක්ෂ්මිගේ අත් හයෙන්(හයක්ද අටක්ද මන්ද) එකකටත් සකක් එන්නෙ. මගුල් ලකුණු වලටත් එකක් එන්නෙ. පොඩි එකාගේ පංචායුදේටත් හක්ගෙඩිය මාට්ටු වෙන්නෙ. ඔය හින්දු සීන් අනිත් ආගම් සංස්කෘතීන් වලටත් කොච්චරටම කාන්දු වෙලාද කිව්වොත් මුන් කියන විදිහට බුදු හාමුදුරුවන්ගේ සිරිපතුලෙත් තියනවලු වාලම්පුරියක් (ටැටූ එකක් ගැහුව වගේ). සද්දෙට පිඹින්න ගන්නවටයි, ඔය කිව්ව වගේ විකාර සැරසිලි සහ අපේ ගොන් හැත්ත වැඳුම් පිදුම් කරන්න ගන්නවටයි ඇරෙන්න ඕකෙන් ප්‍රයෝජනයක් ගන්න එකම සතා තාපස කකුළුවා(hermit crab). ඌ නං දෙයියනේ කියල ඔය බෙලි කටුවක් අස්සට රිංගල අනිත් සත්තුන්ට බොරුව කරලා බෙලි කටුවෙ මුවාවෙන් ජීවත් වෙනව. හරියට නිකං මහාචාර්ය කීර්ති දිසානායක වගේ.
ඔය වම දකුණු මාරු වෙච්ච කතන්දරේ කෝක උනත් හක් ගෙඩිය පිඹිනව වගේ අල්ලනකොට හක ඇතුලට දකුණු අත දාන්න පුළුවන් මොඩලය තමයි සුලභ. සුලභ කියන්නෙ තියෙන්නෙම එව්ව තමයි. වම් අත දාන මොඩලය ඇත්තෙම නැති තරම්. ඒ තරමටම දුර්ලභ ඇති. ඒ කියන්නෙ වාලම්පුරිය (ඔය කියන අන්කොමන් භාණ්ඩේ) කියන්නෙ සොභාදහමේ විකෘතියක්. දවසක් මම මළගෙදරක ගියා අපේ පුංචි අම්මත් එක්ක. උන්දැගේ රාජකාරි යාලුවෙක්ගෙ මළගෙයක්. මම තමයි මාතලී. මළගෙදර සෙනග හිටියෙ නෑ වැඩිය. අපේ උන්දැ ඇතුලෙ බර කතාවක. ගෙදරින් ටිකක් ඈතකට වෙන්න වැලි ගොඩක් අයිනෙ තිබ්බ පුටුවක වාඩිවෙලා කරන්නත් දෙයක් නැති නිසා කතා කරන්නත් මොකෙක් වත් නැති නිසා (ඔබන්න ඉස්මාට් පෝනුත් නැති නිසා) අමුතුම වැඩකට සෙට් උනා. ඒ වැලි ගොඩ මුහුදු වැලි ගොඩක්. ඇහැට නොපෙනෙන සයිස් පුංචි බේබි හක්ගෙඩි මොඩල් වකාරෙට. ඔය දුර්ලභ කතාව අහල තිබ්බ නිසා මාත් හොයන්න ගත්ත වාලම්පුරි. පැයකට වැඩි වෙලා බෙලි කටු දහස් ගානක් බලන්න ඇති. හැබැයි ඔය කියන අන්කොමන් මොඩල් එක තිබුනෙම නෑ. එහෙම බැලුවම ඇත්තටම ඔය රිවස් පොට [Left hand (reverse) thread] තියන වාලම්පුරි දුර්ලභයි. ඔය තරමටම දුර්ලභයි කියන වාලම්පුරි මිනිස්සුන්ගේ කේන්දර සහ උවමනා එපාකම් වලට මැච් කරලා දෙන්න තරමටම "බඩු" තියනව කියන්නෙ මේ මෑන්ස් පොරක් තමයි. කවුදෝ මන්ද කිව්ව ඔව්ව පැරිස් බදාමයෙන් හදනව කියලත්.
හක්ගෙඩි වෙළඳාම සරුසාර වෙනකොට ඕන්න බුවා මැණික් වෙළඳාමත් පටන් අරන්. පොර ගාව තියෙන්නෙ ජෙනුයින් බඩු. මැණික් කිව්වම ඒ කාලෙ සමාජ අධ්‍යයනය පාඩම කරද්දි මිස් මැණික් මේ තරම් අගයක් ගන්නෙ ඇයි කියල කරුණු කියාදෙනව මතකයි. 1. දුර්ලභ බව. 2. දෘඪ බව. 3. මැණික් ගල කැපීමෙන් පසු මතුවන කාන්තිය. 10 වසරේදි කුනුහරුපයක් හෝ ඩබල් මීනින් ටෝක් එකක් මතු වෙන්නෙ කොහෙන්දෝ බලාගෙන ඉන්න අපේ වලත්ත සෙට් එකේ එකෙක් තුන්වෙනි කාරණාවේ "මැණික්" කෑල්ල අතෑරලා ඉතුරු ටික පුනරුච්චාරණය කිරීම සහ ඒකට ළඟ හිටපු එකා "හිකිස්" ගාල හිනා වෙලා මිස්ට ඒක තේරිලා ඌව එලියට දාපු හැටිත් මතකයි. ඔය මැණික් හෝ වේවා, වාලම්පුරි හෝ වේවා දුර්ලභකම හෝ අලංකාරය නිසාවට "කලෙක්ටිබල්ස්" විදිහට ළඟ තබාගැනීමේ කිසිම වරදක් මම නම් දකින්නෙ නෑ. හැබැයි "මහාචාර්ය කීර්ති" කියන විදිහට එව්ව වලින් ගොඩ යන්න පුළුවන් කියන කතාව???
කොහොමින් කොහොම නමුත් අන්තිමට මුන්නැහැ කියන විදියට ඔය කියන වාලම්පුරිය, එහෙමත් නැත්තං හක්ගෙඩිය, කොටින්ම කිව්වොත් බෙලි කටුවට පුළුවන් මිනිස්සුන්ට සිතු පැතු සම්පත් ලබාදෙන්න, මිනිහෙක්ව ගොඩ දාන්න , දියුණුවෙන් දියුණුවට පත් කරන්න. ඒවා ලැබෙන්න නම් ඔය කියන වමට කැරකුණු මුහුදු ගොළුබෙලි කටුවට පුදපුජා පවත්වන්නත් උවමනායි. එක එක නම් ආරෝපණය කරපු හක්ගෙඩි වලින් තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන සහ උචිත හක්ගෙඩි වර්ගය තෝරලා දීල ඒ මනුස්සය ගොඩදාන්න මේ උත්තමය කොරන්නේ සුළුපටු සේවයක්ද බලාගෙන ගියාම. අවුරුදු විස්සක් හෝ තිහක් හිමාල වනයේ මදුරුවො කකා (මිනිහ කියන්නෙ එහෙමයි) වාලම්පුරි ගැන පර්යේෂණ කොරපු මෑන්ස් (හිමාල වනයේ මුහුදක් තියනවද? සමහර විට අර මහද්වීපික භූ තැටි එකට ඝට්ඨනය වෙලා හිමාලය හැදුනු වෙලාවේ මුහුදු පතුලෙ තිබ්බ වාලම්පුරි එහෙදි පොරට හම්බ වෙන්න ඇති) ඒ අනුසාරයෙන් ලද දායාද විදිහටයි මෙවා "හුදී ජන ලාම්පු කණගාටුව" පිණිස මිනිස්සුන්ට දෙන්නෙ. ඇමරිකාවේ ඉන්න ප්රකෝටිපතියන්ටත් හක්ගෙඩියේ "මාවලස්"කමින් ප්‍රයෝජනේ ගන්න විදිහ උගන්නලාලු මෙහෙ ආවෙ (එක්තරා වෙබ් ලියවිල්ලක කියවුණු විදිහට නම් චිත්‍රපටි වලට ගෙනියන මුවාවෙන් මිනිස් ජාවාරමේ යෙදිල කැනඩාවේ හිරේවිලංගුවෙ වැටිල හිටිය බවකුයි ආරංචිය . හිමාල වනය කියන්නෙ එතකොට එහෙට වෙන්ටැ..) .
වෙනස වැඩසටහනකදී මේ ගොබිලා ටෝච් එකක් ගහල පෙන්නනවා ඒ හැම වාලම්පුරි කටුවක්ම ජීවමානයි ලු. රුධිර වාහිනී තියනවලු ඒ කටුව ඇතුලෙ. එකට කන තියල බැලුවම මුහුදේ රැල්ල ගහන සද්දේ ඇහෙනවලු. ඒ රැල්ල ගහන සද්දේ ඇහෙන්නේ නැති වාලම්පුරියක් නම් එක සතා මරල ගත්ත එකක්ලු. මුහුදු බෙල්ලා ලෝක වාසීන්ගේ හිතසුවපිණිස ගල් පරයක් බදාගෙන කටුව නිදහස් කරනවලු අපිට ගෙවල් වල තියාගෙන වැඩ ගන්න. මේව මම කියන එව්ව නෙවෙයි. මුන්නාන්සෙ කියන කතන්දර . කාටද මේ යක්කු මේ දේවල් කියන්නෙ? අපේ ඉන්න හරකුන්ට නේද? කවුද මේව පිළිගන්නේ? අපේ ඉන්න හරක් රංචුවම නෙවෙයිද? ප්‍රසිද්ධ නාලිකාවල මේව දන දැනම දාන්නෙ ඇයි? උන්ට සල්ලි පොම්ප වෙනව ඇති. මේව මිනිස්සු පිළිගන්නවද? නැත්තං ඉතිං... එහෙම නොවෙන්න , මිනිස්සු ඔව්ව සල්ලි ලක්ෂ ගණන් දීල අරගන්නෙ නැත්තං මුන්දැල කොහොමද මෙච්චර පොහොසත් වෙන්නෙ. ඔය වගේ පහත් තුට්ටු දෙකේ දේවල් වලට රැවටෙන්නෙ අන්ත පහත් තලයේ ජීවත් වෙන දුප්පත් නොදියුණු මිනිස්සු වෙන්නැති. බම්බුව... කෙහෙල්මල... ලබ්බ තමයි... ලක්ෂ පහේ ඉඳන් සල්ලි දෙන්න සිප්පි කටුවකට? මුන්නාන්සෙගේ මැණික් සල්ලි වලට ගන්නෙ දුප්පත් නොදියුණු මිනිස්සු?? මුන්නැහේ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලේ සභාපති තනතුරට පත් වෙන්නෙ ?? ඒ තනතුරට පත් කරන්නෙ අපේ රටේ ඉන්න හිඟන මිනිස්සුද? නෑ.. උගත්, ඉහල පැලැන්තියේ සමාජයේ දිලිසෙන මිනිස්සුම තමයි මුන්ව ෆෝම් කරන්නෙ. ප්‍රමෝට් කරන්නෙ. සල්ලි පුදන්නෙ. රටේ නායකයට ඊලියන්ත වයිට් කෙනෙක් හිටියෙ ඇයි? සුමනදාස කෙනෙක් හිටියෙ ඇයි? අද ඉන්න එකාගේ පටන් එදා හිටපු හැම එකා වෙනකල්ම තිරුපති කෝවිල වටේ පෙරලෙන්න තරමට මරිමෝඩ ගොන් හැත්තක්.. එහෙව් එවුන්ද අපව පාලනය කරන්නෙ එතකොට??? "මට වහ කෝප්පයක් දීපන් හසන්ත"
මුගේ ( මම කිව්වේ මහාචාර්යගේ) 'හක පන්නන්න" වෙයි.....
ReplyDeleteසුට්ටක් අවුල් නේද පද පෙරලිය? "*ක හන්නන්න" කියන්නෙ මොකද්ද බ්‍රෝ?
Deleteඕක වගේ නෙමෙයි අපේ තාත්තගෙ මාරු වචනයක් තියනවා... දවසක් වෙඩි බෙහෙත් පුපුරන ද්‍රව්‍ය ඉස්ටෝරුවේ තම්බි මනුස්සයෙක්ට කිව්ව කතාවක්. ඒ කඩේ වැඩකරන ඔක්කොම මුස්ලිම් මිනිස්සු.. දවසක් මමයි තාත්තයි මමයි ගියහම සිකුරාදා දවසක දෙන්නෙක් පල්ලි ගිහිං එනවා. තාත්ත "ආ කොහොමද මල්ලි කොහෙද ගියේ?". "මහත්තියා අද ශිකුරාද නෙ . පල්ලියට ගියා" එතකොට තාත්ත අහපි " ආ මොකටද සක තියන්නද?"... " ශී ශී මහත්තියා අපි ගියේ ශක තියන්න නෙවෙයි" .. මටත් එතකොටයි මීටර් උනේ "පල්ලියට සක තියන" කතාව...
Deleteඔය හක පාවෙලා ඇවිත්, පන්ගාලෙ තිබිල. ඉන් පස්සෙ ඒක් අරන් හකෙන් පතක් ගානෙ මූට දීල තීනෙ පට්ටියෙ මුඛ දාන සිටුතුමා. ඉන් පස්සෙ ලැබිච්චි හක පුරෝගෙන මිනිහ වටේ ඉන්න උන්ට හක පානවලු.
Deleteපට්ටියේ මුඛදාන සිටාණන්ට පංගාලෙ උන්න පංගොයිය එක්ක හකට පයිට් කරන්නත් වුනාලු නේ. බේරන්නම බැරි උනාලු, හකමලු පරහට හිටියෙ. පස්සෙ ඕක පං නෙලන්න ආව ගෑණු තුන් දෙනෙකුට අහුවෙලා, එකෙක් කියනවලු "අපේ සීය පන්දුරුවාවෙං ගෙනාව පන්දුරු හක මේ." කියල. තව එකෙක් කියනවලු, "අපේ ගෙදර පාලි පොත උඩ තියල තිබිල නැති වෙච්ච පාලි හක මේ." කියල. අනික කියනවලු "නෑ නෑ මේක මං පංගොල්ලෙ තිබිල ඇහින්ද පං හක" කියල. බේරන්න බැරි තැන සිටුවරය ඒ ගෑණු තුන් දෙනාටම හකෙන් පත පත දුන්නයි කියලයි මහාවංශයෙ පිටුවක අයිනෙ කුරුටුගාල තිබ්බෙ.
Deleteබුදු අම්මියෝ උඹල දන්න දේවල්.. කවි කොලයක් ගහමුකෝ... හක වංශය කියල..
Deleteඩ්‍රැකියා දන්න දේවල් හැබෑට...
Deleteහක පැලෙනවා යකෝ මේවට හිනා වෙලා
Deleteමෙයා හක පා කරනකොට දෙරණෙම ඉන්න පොරක් අර යෝගී කාරයා.. පොර දවසක් කියනවා මම අහගෙන අවුරුදු දහයක් කිරිහොදියි බතුයි විතරක් කකා තපස් රැක්කලු මහජනයාට සේවය කරන්න.... පපු කැනැත්ත හෝස් ගාල උණුවෙලා ගියා..
ReplyDeleteමේක මරු බිස්නස් එක.හයි ෆයි සෙට් එකක් අන්දගත්තනං ගොඩේ ගොඩ.
ජයවේවා..!!
ලබ්බා ... මමත් දැක්ක සීන් එක. ඕකවත් නෙත් එකෙන් බයිට් කළා මතකයි.. සල්ලි තියන මීහරක් අල්ලගත්ත න මොන මගඩිය කලත් වැඩේ ගොඩනේ බං.. අර පිටිදුවේ සිරිදම්මය සෝමකකව නූතන විශාඛාව කරලා ඌ ගොඩ ගියේ.. සල්ලිකාර මැටි කරක් ඉන්නකල් අපේ ඉන්න මගඩිකාරයන්ගේ කල්ලමරේ...
Deleteලෝක හොරු. ලංකාවේ විමර්ශනාත්මක ජනමාධ්‍යවේදියෝ නැති එකේ පාඩුව.
ReplyDeleteහිටියත් උන්ට උඩට එන්න දෙන්නෙ නෑනෙ නේද? උන් ලියන සහ පෙන්නන එව්ව මතු වෙන්නෙත් නෑ. එක්කෝ එහෙම එවුං හිටියත් නිදහස්ව ඒ වැඩේ කරගෙන යන්න දෙන්නෙ නෑ . පුදුම කරුමයක්. මේ පෙනවා බොරුව කියල, නමුත් කරන්න දෙයක් නෑ...
Deleteමේ සමාජය මේ වගේ අය අවශ්‍යයයි. ඔවුන් ඉටු කරන්නේ සමාජ අවශ්‍යතාවක් නේද?
ReplyDelete;-)
එක අතකට එහෙම බැලුවහම එකෙත් ඇත්තක් තියනවා තමයි රසික සහෝදරය. ගොන් මැටි හරක් මොකක්හෝ මගඩියකින් හෝ කපටිකමින් උපයන මුදල් දියවෙලා යන්නත් විදිහක් හැදෙන්න එපැයි...
Deleteමේක ඇවිල්ලා අම්මට සිරි ලංකාව විදිහට තියෙනකම් ඕවා වෙනස් වෙන්නෙ නෑ බං. ඔය විතරක් නෙවෙයි බලහං දාන ඇඩ් දිහා. ලෝකෙම කන්න එපා කියලා අයින් කරලා තියෙන MSG තියෙන කෑම වල ඇඩ් එහෙම දාන හැටි කොහොමද. මහලොකුවට මාධ්‍ය සදාචාරෙ ගැනයි උන්ගෙ අයිතිවාසිකම් ගැනයි කෑ ගහනවා. ඒවා අමතකයි සල්ලි වලට. ඕනෙ කුනුගොඩක් දානවා. දැන් ලංකාවෙ චැනල් බලන එක ගොඩක් දුරට අඩු කරලා තියෙන්නෙ බං ඕවා නිසා.
ReplyDeleteකියල වැඩක් නෑ කැමා.. යම් දෙයක දැන්වීමක් දාද්දි ඒ දැන්වීමට පෙනීහිටින එකාගේ ඉඳල, ඒ දැන්වීම හදන එකාගේ ඉඳල, ඒ දැන්වීම පෙන්වන මාධ්‍ය ආයතනය දක්වාම ඒ ප්‍රඩක්ට් එක සම්බන්ධයෙන් වගකීමක් තිබිය යුතුයි.. අපේ රටේ කෝ එහෙම ක්‍රමයක්. සල්ලි දෙනව නම් ඕන මගුලක්. පොඩි මිනිහෙක් කලොත් තමයි ඌව පොලිසි ගෙනියන්නේ. ඔය දේවල් පාලනය කරන්න ආයතනයක් තිබිය යුතුයි. එහෙම එකක් හැදුවත් එකේ ඉන්න එවුන්ට පගාව දීල වැඩේ ගොඩ දානවා. ඒකයි කරුමේ.
Deleteමම නම් මූගේ, ෆෙන් ෂුයිගේ වරදක් දකින්නේ නෑ...
ReplyDeleteඋන් දෙන්නම කතන්දර කියන්න දක්ෂයෝ.. සිද්ධාර්ථ, යේසුස්, මහම්මද් වගේම...
ලොකු අයියෙ, ඔය කතා දෙකේ වෙනසක් තියනවා. අදාළ ශාස්තෘ වරු ඒ ඉගැන්වීම් කලේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් නෙවෙයි. සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන්. මුන්ගේ පෙන්ශුයි කාරයන්ගේ කතන්දරේ තනිකරම වෙනස්.
Deleteඑහෙමම කියන්න බෑ නේද....? ඒ කාළේ හැටියට ඇඟ වෙහෙසන්නේ නැතිව කාලා බීලා ඉන්න සහ තත්වය යන දෙක..
Deleteලොකු අයියෙ.. ඔය කාරණා දෙකම ඔච්චර දඟලන්නෙ නැතුව උප්පත්තියෙන්ම සිද්ධාර්ථට තිබුණ..
Delete
Deleteඅඩෝ මාතලං නිකං මොත්තෙ නොදා හිටපන්....
උබත් කීර්ති දිස්ස්නායකගෙන් හක්ගෙඩියක් අරගෙන උදේ හවස වන්දනා කරන එකානෙ... තව මොන කතාද ?
වාලම්පුරි ප්ලාස්ටර් පැරිස් වලින් හදනවා කියන එක ඇත්තක්.මේ වාලම්පුරියට ලොකු ඉල්ලුමක් තියනවා.ඒ නිසා කෘතිමව හදපුවා ලොකු ගානකට විකුනනවා.කොහොම උනත් මිනිස්සු හරි මෝඩයි.මිත්‍යාව පස්සේ හැල්මේ දුවනවා.ප්‍රසිද්දියේ නොවුනත් කාලේකට සමහර විහාරස්ථානවල රතනමාලි යන්ත්‍ර හදලා විකුනනවා රුපියල් 1000 ට වගේ.ලක්ෂවාරයක් ජීවම් කරා කියලයි ප්‍රසිද්ධ කරන්නේ.ඔය යන්ත්‍රය හදන්න රුපියල් 100ක් විතර වියදම් කරනවා.ලාභය 900 යි.මම දන්න එක විහාරස්ථානයක ඔය යන්ත්‍ර 2000 ක් විතර විකුනගත්තා.මිනිස්සු යන්ත්‍ර අරගෙන ගිහින් දොර උලුවස්සේ උඩ තියලා දුම් අල්ලනවා සෞභාග්‍ය උදාවෙන්න
ReplyDeleteමනෝ, මටත් කවුදෝ කිව්ව ඔය ප්ලාස්ටර් ඔෆ් පැරිස් කතාව.. අපේ ඇනොපිලිස් කිව්ව ඔය බෙලිකර්ර කපල අනිත් පැත්තට හිටින්ඩ අලවන කියලත්. මිත්‍යාව ඔලුව මුදුනෙන් තියාගෙන ඉන්න මිනිස්සු ඉන්න තැනක මිත්‍යාව මාකට් කරන්න සහ එකට මිලක් නියම කරන්න බොහොම ලේසියි. මමත් දැකල තියන ඔය කිව්ව තඹ කොලේ සාලේ මැද්දෙ ගහගෙන දුම් අල්ලන මිනිස්සු.කාලෙන් කාලෙට බෝ කොළ නාරටි ලැමිනේට් කරලා එල්ලනවා, යන්තර ගහගන්නවා, ජපන් පිරිත් නූල් විකුනනවා, පොල්කටු ධම්ම චක්කර මාකට් වෙනව. ආගමේ සහ ඇදහිල්ලේ නාමෙන් බිස්නස් කරන්න බොහොම ලේසියි...
Deleteඒකට කියහං එකක් කපල අනිත් පැත්ත ට අලවල පෙන්නන්ඩ කියල , ගල් ඉබ්බ වගේ ඉදගන දන්න රෙද්ද , මට සව්බාග්ගේ ඉතිරෙන්ඩ පටං ගත්තෙත් ඔව්වා එකක් ගෙදර ගෙනාවට පස්සේ තමා
Deleteහෙහ් හෙහ්.. ඕකා ඔය කිව්වට කොරල පෙන්නන්නත් බැරි නෑ.. මටත් මේ උතුරලා යනවා මේ දවස් වල ...
Deleteහිටහල්ලකෝ මම හදනවා සිතු පැතු සියලු සැප සම්පත් උදාකර දෙන මහා බලගතු යන්ත්‍රයක්...
Deleteඋතුරලා යනවද ලික් වෙනවද
Deleteමනෝ අර වශිය වගේද
Deleteඕවා ඔක්කොම හදන ඒවා මචෝ...
ReplyDeleteඔය පලවෙනි ෆොටෝ එකේ දාල තියෙන එක තමයි සාමාන්‍යයෙන් පොදුවේ වාලම්පුරි කියල කියන්නේ, ඊළඟට පත්තරේක ගිය ආටිකල් එකක දාල තියෙන ෆොටෝ එකේ තියෙන වර්ගය "කෝන්" කියල තමයි අපේ මිනිස්සු කියන්නේ, ඒකත් ඉතා ඉහළ මිළ ගණන් වලට ගන්න බවක් මම අහල තියෙනවා...
මීට අමතරව ට්‍රයිටන් කියල වර්ගයක් කෝටි 50 ~ 150 වගේ ගණන් වලට ගන්න බවකුත් ආරංචි උනා...
නමුත් විකුනපු කෙනෙක් ගැන නම් දන්නේ නැහැ...
නිකමට නෙට් එකේ ගහලා බැලුවා එකෙක් අඟල් 18 ක ට්‍රයිටන් එකක් විකුණන්න දාල තියෙනවා ඩොලර් මිළියන 40 ට...
ඒවානම් ගන්නවා කියන්නෙ ඇත්ත ඒවාද කියල චෙක් කරල බලලලු...
ලොක්කා.. ඔව්ව හදන ඒවා වෙන්නැති අනිවාර්යෙන්ම.. නැත්තං ඔච්චර දුර්ලභයි කියන විකෘති මී තරමට සුලභ වෙන්නෙ කොහොමද..
Deleteදුර්ලභ බව නිසා කලෙක්ටිබල්ස් විදිහට තියාගන්න එක කිසි අවුලක් නෑ. හැබැයි අපේ එවුං කරන්නෙ සහ මුන් උගන්නන්නේ ඔව්වට වඳින්න, වතාවත් කරන්න. ඕකෙන් ඔක්කොම හම්බවෙන්න කියල පතන්න. මමත් දැක්ක නෙට් එකේ හොයනකොට හෙන ගිනි ගණනට ඔව්ව විකිණෙනව. ඊ බේ එකෙත් තියනවා. උඹට මතකද කෙරවලපිටියට මුහුදු වැලි පොම්ප කරනකොට මිනිස්සු ඔව්ව අහුලලා වික්කලු...
අස්ථි වල රුධිර කේශනාලිකා ඉතුරු වෙලා තියෙනවා කියල ඇහුවම මට කොහෙන්දෝ හිනා ගියා. බැරිවෙලාවත් චැනල් මාරු කරනකොට දැක්කොත්, ටුක් ගාල වෙන එකක් දානවා මිසක් කියන වචනයක්වත් අහගෙන ඉඳල නැහැ. නිකන් මොකටද ලේ පුච්චගන්නේ.
ReplyDeleteමේ මිනිස්සු මෙහෙම කරනකල් ඔය හැම අසාධාරනේටම මාධ්‍ය මොකද කරන්නේ ආ?? ඕකම තමයි සක්විති කලෙත්. මිනිස්සු පාඩම් ඉගෙනගන්නේ නැහැ කියන්නේ බොරුවක් නෙවෙයි. තම ඔය මොකද්දෝ චැනල් එකක ( මට මතක නැහැ, බලන්නේ අඩුවෙන් නිසා) මම දැකල තියෙනවා තුන්නුර් ගාපු ස්වාමි කෙනෙක් ඉන්නවා. පිස්සු හැදෙනවා කියන එව්වට. හික් හික්...
උපේක්ෂා දැක්කෙ නැද්ද මූ ටෝච් එකක් ගහල පෙන්නනවා ලේ පාටට පේනවා කියල පෙන්නනවා. ඒ රුධිර නාලිකා ලු. මුගේ තියරිය අනුව කොන්ඩේ ,රැවුල් කපන බාබර් සාප්පු වලින් එකතු කරගන්න කෙස්කොට නිස්සාරණය කලොත් ලේ වෙන් කරගන්න පුළුවන්.
Deleteඔය මගඩිකාරයන් ඔක්කොම මාකට් කරන්නෙ මාධ්‍ය වලින්. එකෙක් කතා කරන්නෙ නෑ.. අර හිරු එකේ මහ එකා දාතු කරඬු ඔලුවේ තියන් යන විදිහ දැක්කම හිනා යන්නේ අහවල් තැනින්.. මොකක්ද තුන්නූර් කියන්නෙ?
තුන්නූර් කියන්නෙ අර නලලෙ ගාන අලු වලට නේද?
DeleteThis comment has been removed by the author.
Deleteසජ්ජා:
Deleteටෝච් ගගහ පෙන්නනවා දකින්න ලැබෙන්නේ නැත්තේ දුටු පමණින් කරන හින්දා වෙන්න ඇති.හි හි... අතපය වනමින් කතාකරන මිනිස්සුන්ට මම ඉස්සර ඉඳන්ම කැමති නැහැ. අංගලක්ෂණ බැලුවත් ඒ මනුස්සයාගේ පෙනෙන්නේ නරකමයි.
මෙතරම් කර්මය ගැන පවා පර්යේෂණ වලින් ඔප්පු වෙනකල් පිළිගන්නේ නැති 'උගත්තු' තමයි වැඩිපුරම ඔය අස්ථි වල කේශනාලිකා දැක්ක ගමන් පිළිගන්නේ.. හි හි.... සබාවේ තදින් සිනා. ඇත්තටම මේ ගැන පත්තරේට ලියන්න ඕනේ. මොකද මේ අවකාශයේ ඉන්න අය මෙහෙම රැවටෙනවා අඩුයි මම හිතන්නේ.
මේ ඉන්නේ මම කියන ස්වාමී .... චැනල් කිහිපයකම ඉන්නවා
http://i64.tinypic.com/5wi0c3.jpg
ප්‍රසන්න:
ඔව්.. අර ගොම පුච්චලා නළලේ ගාන්නේ තුන්නුර් තමයි.
උපේක්ෂා පත්තරේට ලියනවද... ඔව් ඇත්ත.. මෙතන ඉන්න මිනිස්සු ඔව්වයින් රවට්ටන්න පුළුවන් මිනිස්සු නෙවෙයි තමයි...ලියල දාන්න..මේකා කතාකරනකොටම පේනවා මවාපානවා කියල. පට්ට කෙබර කෙලින්නේ...
Deleteඔය සාමියා මමත් දැකල තියනවා. හැබැයි කියන කතා අහල නෑ...
“ගුවනින් යන බෙහෙත් නැව්“ කියල පරිච්ඡේදයක් තිබ්බ සිසිර කුමාර මාණික්ක ආරච්චි ගෙ පොතක. මං හෙට දිහා දාන්නං උපුටගෙන... :-)
ReplyDeleteඑල එල මචං.. දාපං අපි බලන්නං...උඹලගේ එව්ව බැලුව සද්ද නැතුව හිටියට වැඩ වැඩි නිසාවට පහුගිය ටිකේ...
Deleteඅද ගේන්න බැරි උනා. හෙට අනිවා දානව මෙතන...
Deleteහරි හරි.. අපි බලන් ඉන්නව...
Deleteඕං දානව එහෙනං.
Deleteගුවනින් යන බේත් නැව්.
------------------------------------
ලංකා ගුවන් විහිලුවේ නොම්මර දෙකේ සේවයෙන් නිතර පාහේ කුණුකෙළ සාජ්ජය හෙවත් උදෑසන සංගීත ප්‍රචාරය ආරම්භ වී ටික වේලාවක් ගත වන විට බොහොම ගාම්බීර කටහඬකින් මෙන්න මේ ආකාර දැන්වීමක් ප්‍රචාරය කෙරෙනවා ඔබ නොයෙක් විට අසා ඇත.
“හ්රූ.........ඩ්!........ඩ්!........ඩ්!......... මූදෙන් එතෙරටත් තප්රබෝම් ඉස්පැෂල් .......... ඇදුම රෝගීන් සඳහා දොස්තර මග රෙඤ්ඤෝගේ තප්රබෝම් ඉස්පැෂල් දැන් ගුවං මගින් ඇල්බීසියාව බකමාලන්තය තප්පදෝරු රාජ්ජය බැක්ටීරියාව මොරදුල්ල ගුලුබාදේසය ගොන්ප්රෙදා්ර් මගෝඩියාව සහ කංකංබූර් ජනපදයටද යවනු ලැබේ. .......... ඕනෑම රෝගයක් සඳහා විමසන්න. වෙල්විදානේ තනතුරු ලත් දොස්තර මගරෙඤ්ඤෝ......... ටූං!“
මේ පොත කියවන මගේ දයාබර පාඨකය, මුල මැද අග යන තුන් තැන තුන්කොණ අබමල් රේණුවක සැකක් බයක් අහිතක් මේ ගැන ඇති කරගන්නට එපා. ඔබට මේ සුබාරංචිය දෙන්නේ නිදහස් නිවහල් ස්වෛරී ශ්‍රී ලංකා ජනරජයට අයත් - ආණ්ඩුවේ ගුවන් විදුලි සේවයෙනි. ආණ්ඩුවේ ගුවන් විදුලිය මගින් මෙවැනි පුදුම කෙරුවාවක් - අත්දුටු බේතක් - විදේශ විනිමය උල්පතක් ගැන දවසට කීපවරක් උදාරම් හඬින් කියන විට සැකයක් බයක් විචිකිච්චාවක් ඇති කරගන්නේ කොයි ඇදුම කාරයාද? කොයි මහාමාරිය කාරයාද?
ඇඟ පතටත් හිතටත් මොන තරම් සනීපදායක තත්ත්වයක්ද? පිළිකා රෝගය, ඇදුම, හෘදයාබාධ, ඇතැම් චර්මරෝග වැනි අනීප නිෂ්ඨාවට සුව කෙරෙන බේත් තවම අපරදිග වෛද්යවිශාරදයන්ට හා ඔවුන්ගේ දැවැන්ත පර්යේෂණාගාර වලට නිපදවන්නට පුළුවන්කමක් ලැබී නැත. හඳපාගා එන්නටත් අඟහරු සිකුරු තරුවල සැප සනීප බලන්නටත් තරම් දියුණුවක් - ලෞකික දියුණුවක් - ලත් බටහිර මහා රාජ්‍ය වල වෛද්‍ය විද්‍යාවේ කෝටිප්රාප්ත මහ වෙදැදුරන් මහ විද්වතුන් දිවා රාත්‍රි දෙකේත් පර්යේෂණ පවත්වා නා නා මාදිලියෙන් කරුණු විමසා බලා නිට්ටාවට සුව කිරීමට බේත් සොයාගත හැකි නොවුණු ලෙඩ කීපයක් තවමත් තිබේ.
උතුපරිණාමජා ආබාධා
විසම පරිහාරජා ආබාධා
ඕපක්කමිකා ආබාධා
කම්ම විපාකජා ආබාධා.....
යනාදී වශයෙන් බුදු බණේ කියැවෙන, කර්ම විපාක වශයෙන් හටගන්නා ආබාධ කොටසක් ඇති වගත් ඒවා සනීප කිරීම ලේසි පාසු නොවන වගත් එකී බුදුබණ හා අපරදිග වෛද්‍ය විශාරදයින්ගේ වෑයම එකට එකතුකර බලනවිට අපූරුවට ඔප්පු වෙයි.
මොනපිස්සුද? ඔබ මගේ කතාව හැබෑවට ගත්තාද? එහෙම නම් සර්වබලධාරී නිදහස් නිවහල් ස්වෛරී සිරිලංකා දීපයේ ජනරාජ්ජයට අයත් ආංඩුවේ ගුවන් විදුලි නොම්බර දෙකේ සේවයෙන් මේ තරම් සහ සුද්ද ලෙසට - අහස් යාත්තරාවේ රූංපෙත්ත හෙම අඬවා රුහුණු පිහිටි මායා යන තුන් සිංහලේටම අඬ ඇහෙන්නට තප්පරබෝං ඉස්පැෂල් බේත ගැන මේ තරම් ප්‍රචාරයක් කරයිද? මොනම උක්කු බණ්ඩා කෙනෙකුටවත් මොනම ඉසබෙලාහාමි කෙනෙකුටවත් මොනම සිදම්බරම් පිල්ලේ කෙනෙකුටවත් මොනම ඌසුබු ලෙබ්බේ කෙනෙකුටවත් මොනම වැන්ඩර්පූට් කෙනෙකුටවත් ඒත් නැත්තං මොනම තිසාහාමි කෙනෙකුටවත් ලෙඩක් දුකක් ව්‍යාධි ව්‍යසනයක් ගැන දැන් සැක හිත හිතා දුක හිත හිතා අතන මෙතන රිද්ද රිද්දා ඉන්න උවමනාවක් නැත. තුන් සිංහලේ ගුවන් විදුලියේ නොම්බර දෙකේ ප්රචාරයට ඇහුම්කන් දෙන්න. පාර නොවරද්දා අහගන, වෙල් විදානේ තනතුරු ලත් දොස්තර මහත්තුරු හම්බුවෙන්න සිරිපිනා ලේන් පුංචි හරක් වත්ත කෝපිකඩ පේලිය කාපිරි මුඩුක්කුව ඉබ්බගෙවත්ත නොහොත් කුණුමෝල පිටිපස්සට යන්න.
“දහ මහ දෝසේ නිවාරණයි!
Deleteඅසූ මහ දෝසේ නිවාරණයි!
කෝටියක් දෝසේ එක්වෙනුව දෙවනුව තුන්වෙනුවත් නිවාරණයි තීන්දුයි“ කියලා හිතාගෙන දොස්තරටත් ගුවන් විහිලුවේ දෙකේ සේවයටත් මූණ අත පිහදාලා කෙළ පාරකුත් ගසා ආපහු එන්නට පුළුවන.
ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය සභාවේ සෞඛ්‍ය ඇමති පදවිය හොබවන වැලිගම පොල්වත්ත ගලප්පත්තිගේ ආරියදාස මහත්මයාණනි, (සැපසනීප කොහොමද?) කෝටියකුත් කාලකුත් තව සොච්චමක් වූ මේ රටේ මහජන කන්දරාවගේ වාතජ්වර පිත්තජ්වර සෙලෙස්මාජ්වර බගන්දරා යනාදී ව්‍යාධී ව්‍යසන සනීප කරවා දෙන්නට බැරුව සත විසිපහේ මුද්දර අලව අලවා බැණුම් විවේචන අහ අහා ඔබ මේ තරම් හිරිහැරයක් වෙන්නේ මොන ඉලව්වටද?
දොස්තර ඇත්තන්ට
හෙද හෙදි ඇත්තන්ට
පර්යේෂක ඇත්තන්ට
අනිකුත් ඇත්තන්ට
පගා බර ඇත්තන්ට රස්සාවල් නැති උනාවේ. (ඒ උදවිය පස් අවුරුදු සංවර්ධන සැළැස්මට තල්ලු කළාම වැඩේ හරි.) ඉස්පිරිතාලත් බේත සාලාත් වදන වාට්ටුත් වසා දම්මවා තුන් සිංහලේ ජහමනයා ගුවන් විදුලියේ දෙකේ සේවයෙන් බලයලත් වෙල්විදානේ දොස්තර වරුන් වරියන් වෙත දක්කන්න. නිකමටවත් ඔය වැඩේ කරලා බලන්න.
මහජන මුදල් කෝටි කීයක් ඉතුරු වෙයිද?
ගුවන් විදුලිය විතරක් මොකද? ඇයි මේ රටේ පත්තර? ඔබට ඒ ප්රශ්නය ඇසිය හැක. ප්රශ්නය සාධාරණය. පත්තර ගැන පසුව කතා කරමු. ඊට කලින් ගුවන් විදුලිය ගැන කතා කිරීමට යුක්තියක් තිබේ. ගුවන් විදුලිය ආණ්ඩුවේ ආයතනයකි. දොස්තර කෙනෙකුගේ ඇණවුමක් තුණ්ඩුවක් නැතුව මැලේරියා බේත් පෙත්තක්වත් හුදී ජනයාට විකුණන්නට එපා යයි තහංචි පනවා - මහජන සවුක්කිය ඒ තරමට ආරස්සා කරන මේ රටේ, එකී ආණ්ඩුවටම අයත් ගුවන් විහිලු - වැරදුණා - ගුවන් විදුලියේ දෙකේ සේවය ඔස්සේ “අහවල් ලෙඩේට මේ බේත පාවිච්චි කරනු - එය නොහැකිළෙයි. පොඩි නොවෙයි. සායම් නොයයි. මළ බඩකඩුත්තු රෝගයට වෙල් විදානේ සම්මානම ලත් දොස්තර මගරෙඤ්ඤෝ හමුවී ප්‍රතිකාර ගනු.....“ යනාදී වශයෙන් ගරු ගාම්බීර කටහඬ වලින් දවසට සියවරක් ප්‍රචාරය කරගෙන යන විට ඒ බේත් ගැනත්, මගරෙඤ්ඤෝ දොස්තරලා ගැනත් සැකක් බියක් ඉපැද්දීමට ජහමනයාට උකුණු ඉහක තරම් හේතුවක් නැත්මැයි!
වැලිගම පොල්වත්ත ගලප්පත්තිගේ ආරියදාසාභිධාන ගරු සැප සනීප ඇමති තුමාණනි, දොස්තර තුංඩුවක් නැතුව මැලේරියා බේත් පෙත්තක්වත් ගන්න හෝ දෙන්න එපායයි නීති පනවා ජනරාජ්ජයේ වැසියාගේ සැප සනීප ආරක්සා කර දෙන ඔබතුමාගේ අමාත්‍යාංශය මේ තප්පරබෝං ඉස්පැෂල් කාරයින්ගේත්, අනිකුත් ගබ්සා වෙද්දුන්ගේත්, ගෙන්දගම් තයිල කාරයින්ගේත් “අද්දුටු බේත්“ මහජන සෞඛ්‍යයට හානිකර නැතැයි, ලෙඩේ ටොප් එකට හරියතැයි රේඩියෝවට ඇහුම්කන් දෙන ඕනෑම මහ ලෙඩෙකු පාවිච්චි කළාට කාරියක් නැතැයි සම්මත කර සහතික කර බලපත්තර නිකුත් කර තිබේද?
ඇති නැති දුක් වේදනා විඳ දරාගෙන යාන්තම් හිත හදාගෙන සැනසිල්ලේ ඉන්න වෑයම් කරන මිනිහා ඉවසමේ එතු ඉරෙනුත් පන්නවා අල්ලපු ගෙදර රේඩියෝව උස්සා පොළොවේ ගහන්නට තරම් නීති විරෝධී ක්‍රියාවකට පොළඹවන අන්දමින් එළිවුණු වේලේ හිට මහ රෑ වෙනතුරු (මෑතක හිට රෑ 11 වනතුරු) ගුවන් විදුලියේ දෙකේ සේවයෙන් මේ බෙරිහන් දිදී කියන්නේ මොනවාද?
දොස්තර අංශබාග මෙහෙයවන හුලං හුලං
දොස්තර සව්හාල්ගේ කොකර කොකර
දොස්තර සීනි පිට්ටුගෙන් තාච්චි පැනිලි
වෙල්විදාගේ තනතුරු ලත් දොස්තර මගරෙඤ්ඤෝ ගෙන් ආදර බයිලා
දොස්තර භගන්දරා ඉදිරිපත් කරන මේරේ මවුල බුලා
පෙර අපර දෙදිගම ස්වකීය වෛශාරද්යයේ කීර්තිය පැතිරවූ අපරදිග වෛද්‍ය විශාරදයන්ගේ හා සිංහල වෙදරජවරු අපේ රටේ සිටියහ. දැනුත් සිටිති. හමුවීම සඳහා කලින් දින ලබාගෙන, විදුලි පුවත් යවාගෙන, හැතැප්ම සියගණන් දුර ගෙවාගෙන, දින ගණන් වරු ගණන් පැය ගණන් ගෙවාගෙන එවැනි වෛද්‍ය විශාරදයින් හමුවීමට දිනපතා ඇදෙන පිරිසගේ ගණන සුළුපටු නොවේ. හරියාකාර කෑමක් බීමක් ගමන් බිමන් යාමක්, නෑමක් නිඳීමක් වෙනත් ඕන එපා කමක යෙදීමක්, විනෝදය විඳීමක්, නැතුව, ලබන ගාස්තුවට හෝ තුටුපඬුරට නොව කරන සේවයටම කැපවී ලස්ක ගණන් ජීවිත සුවපත්කරදෙන එවැනි වෛද්යවිශාරදයින් කිසියම්ම දවසක ගුවන් විහිලුවේ දෙකේ සේවය ඔස්සේ බයිලා බජවු කොමිට් ප්‍රචාරයකර හරිනු, පුරසාරම් දෙසනු ඇසූ කෙනෙකුත් ඇද්ද? වාසනාවන්තයින්ට තෑගි බෙදූ රටතුක් ඇද්ද?
වයිමන්, ඇන්තෝනිස්, ඔබේසේකර, තණබාලසුන්දරම්, හැන්ඩි,නානායක්කාර, රණසිංහ ආදී විශාරද දොස්තර මහතුන් හෝ ගම්පහ වික්‍රමාරච්චි, යටියන රණසිංහ, බානගල, මෑවැල්ලේ, විලියම් අල්විස් ආදී සිංහල වෛද්‍යවරයන් හෝ කිසියම්ම දැන්වීමක් ප්‍රචාරය කළ බවක් ඇසූ කෙනෙක් ඇද්ද?
Deleteඑහෙනම් කවුද මේ කඩිකුලප්පු වෛද්යවිශාරදයෝ?
හරක් අයියෙ මේ අහන්න ඇයි ඔබ වලිගය වනන්නෙ
බජව්පාටියක් දාගෙන මොකටද උම්බෑ කියන්නෙ
යයි “දයාබර අසන්නෙක්“ වෙල්විදානේ දොස්තර තුමාගෙන් අහයි.
පිදුරු පුනක්කුයි හුඟකගෙ මොළවල පුරවා තියෙන්නෙ
උන් ගෙන්නාගෙන කන්නයි අපි මේ උම්බෑ කියන්නෙ
යයි දොස්තර තුමා බයිල පලුවකින් උත්තර දෙයි.
පෙර පිනකින් - ප්‍රසිද්ධිය ලබන එක්තරා මාර්ගයකින් ඉස්සරහට ආ නමුත් හැසිරීම මිනිස් ගතිගුණ ආචාර විචාර වැදගත්කම් අතින් බිංදුවේ අග පලුවටත් එහා පැත්තේ ඉන්නා කාලකණ්ණි පරාණ කාරයෙකුගේ වලිගයේ රත්තරන් මංචාඩියක් ගැටගසා ඔහු එළියට ඇදගන්නා විශේෂ අක්ඤ ඩොක්ටර් තුමෙක් ඔහුගෙන් අපූරු සහතිකයක් අරගන රට පුරා ප්‍රචාරය කරයි.
“මොකෝවත්ම කරගන්නට බැරුව දුංකල නැට්ටක් ව බැරි මරගාතේ උන් මට අහවල් ඩොක්ටර් තුමා කොළා වූ ප්රොතිකාර ඔලින් මම දැං කෙළමෝල් ගහක් මෙං දිග්ගැස්සී සිටිමි. ඔබටත් එසේම වේවා!“
තමා පමණක් නොව තම දරු මුණුබුරු පරම්පරාවම අවඥාවට ලක්කර ගනිමින් මේ අමනයා දෙන රෙකමදාරුව ඩොක්ටර් තුමා විහින් කක්කුස්සි දොරේ පවා ලියා තබනු ලැබේ. බැරිම යයි හිතා ඉන්න අසරණයෝ පෙළගැසී ගොස් අර ඩොක්ටර්ගේ බැංකු ගිනුම මහත් කරති. අන්තිමේ සමහරෙක් ඒ පාරෙන්ම කැරකොප්පුවටත් යති.
දොස්තර යන වචනයේ අර්ථ නිරූපණය කුමක් හෝ වේවා “දොස්තර“ නම පාවිච්චි කරන්නේ අපරදිග වෙදකම ඉගෙන විභාග සමත්ව ඉංගිරිසි වෙදකමේ යෙදෙන වෛද්යවරයන්ටය. එහෙත් ගුවන් විහිලු දෙකේ ප්රචාරයට හා පත්තරවලට පින්සිද්ද වෙන්නට දොස්තර නමත් බල්ලාට ගිහින් හමාරය. බල්ලාට හා බැල්ලීට ගිහින් හමාරය. ඉස්සර කෝපිකාලේ සිදුවුණේ හදිස්සියට මතෙ අප්පුත් වෙදරාළ වීම පමණකි. දැන් ප්රගතිශීලී යුගයේ හැම ගබ්සා වෙදාම හැම ගෙන්දගම් තයිල කාරයාම දොස්තර කෙනෙකි. සවුක්කිය දෙපාර්තමේන්තුවෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒවාට කිසිම තහනමක් නැත. හැම සවුදන් ජෙමාම දොස්තර කෙනෙකු කරන්නට ගුවන් විහිලුවට ඉඩ ඇති රටක කාගෙන් තහනමක්ද?
මේ අරුම පුදුම දොස්තරවරුන්ගෙන් ඉතා වැඩි හරිය තමන් “හෝමියෝපති වෛද්‍යවරුන්“ බව කියාගනිති. කියාගන්නවා විතරක් නොව නමේ අගට අකුරුත් අමුණා ගනිති. ඒ අකුරුවල ඇති තේරුමක් හෙම නැත. අහවල් රටේ අහවල් වෛද්‍ය පරීක්ෂණයට අහවල් කාලයේ පෙනී සිට අහවල් ආයතනයෙන් මේ උපාධිය ලැබුවා යයි කියන කෙනෙකුත් නැත. ඒ ගැන අහන කෙනෙකු තබා අහන්න බලය ඇති කෙනෙක් පවා නැත.
දොස්තර අන්දකයිප්පු - බී. ඩී. - සී. ඇල්. අයි. - පී. ඩබ්ලියු. ඩී. - ජී. පී. ඕ. කුමන හේතුවකින් හෝ කාන්තාවන්ට දෙතුන් මසක් පමා වුවත් හරිගස්සා දෙනු ලැබේ.
ආණ්ඩුවේ ගුවන් විහිලු දෙකේ සේවයට ගතමනාවක් දී ආණ්ඩුවේම සපෝට් එක පිට මහජනතාව ගසාකන මේ කපුටන් කපුටියන් ජර්මන් ප්‍රතිකාර කරන බවත් කියනු ඇසේ. ජර්මනියෙන් ඉගෙන ගත්තේ, එහේ ගිහින් හෙම නොවේ. ජර්මන් වෙදකම කුණුමෝල පිටිපස්සේදී ඉගෙන ගත් ඇතැම් කපටියෝ ජර්මන් කාරයාටවත් තවම සනීපකරන්න බැරි වුණු අරුම “දිවිය අවුසද“ මෙහේදීම නිපදවා ජර්මනියටම “තොගේ ගණනට“ පටවා එහේ ලෙඩ්ඩුන්ද චීනක් කණ්ණාඩියෙන් බලා බේත් නියමකර නිට්ටාවට ලෙඩ සනීප කරවති. පය බිම ගස්වති.
දේව බල සංවිධාන මගඩි කාරයෙක් යන්තරේ බල පෙන්වීමට “ඇම්ටෝනියෝ කුපාඩියෝ - ඉතාලියෝ“ කියා කොහෙන්දෝ කුණු කූඩෙකින් අවුලාගත් පින්තූරයක් පත්තරේ දානවිට ජර්මන් ඉස්පැෂල් කාරයෝ කොහේදෝ රටක මොළේ නරක්වෙච්ච එකෙකු දෙන්නෙකු අල්ලාගෙන ඒත් අතට මේත් අතට හරවා පොටෝ අරන් ප්‍රසිද්ධ කරවති.
ජර්මනියටත් බේත් උගන්නන ජර්මන් වයිද්දියර්ලා සිරි ලංකාද්දීපයේ ඉඳීම ගැන බටහිර ජර්මන් නායක විලී බ්රාන්ට්ටත් නැගෙනහිර ජර්මන් නායක උල්බ්රිෂ්ට්ටත් සෑහෙන්න ලැජ්ජා ඇති.
නියම ජර්මන් හෝමියෝපති වෛද්‍යක්‍රමය ලංකාවේ නැත්තේ නොවේ. එම වෛද්‍ය විද්‍යාව හදාරා ඒ අනුව වෙද හෙදකම් කරන සැබෑ වෛද්‍යවරු මේ රටේ සිටිති. නමුත් ඒ වෛද්‍යවරුන්ට මේ කියන කඩි කුලප්පුව වැළඳී නැත. දෙකේ සේවයට ගනුදෙනුවක් ගෙවා ඒ ඇත්තන් ගැරිල්ල පටන් ගන්නේ නැත.
තයිල කාරයින්ට, යන්තරකාරයින්ට, දේවබල කාරයින්ට, හා වෙනත් මගඩිකාරයින්ට යටවී සිටින්නේ ගුවන් විහිලුවේ දෙකේ සේවය පමණක් නොවේ. මේ රටේ හුඟක් පත්තරද එහෙමමය. සමහර පත්තරකාරයෝ තමන්ගේ අඟල් ගණන දොරකඩ එළාගෙන තයිලකාරයන්, ඩොක්ටර්ලා, දේවබලකාරයින්, දුංකුඩු කාරයින් එනතුරු මග බලා සිටිති. ඔවුන්ගේ ඕනෑම වංචනික රැවටිලි මගඩි ව්‍යාපාරයකට අඟල් ගණන් පිටුගණන් විකුණා ගනුදෙනුවක් ලබාගනිති. මුළු ජාතියම නොමඟයවා තමන්ගේ සාක්කුව අතගගා ජොලියෙන් ජොලිවෙති. ලාබ ලැබුවෙම් වේදැයි සිතා සැනසිලි සුසුම් හෙළති.
ජාතියට මගපෙන්වන ජාතික පුවත්පතත්, ජනතාවගේ මනා පැවැත්ම රැකදෙන ජාතික ගුවන් විදුලියත් අසරණයන් මුළා කරවන මෙවැනි මගඩි කාරයින්ට අඟල් විකුණා විනාඩි විකුණා මෙහෙමට මුදල් උපයතොත්, ගත සිත පිනවන මනරම් ගණිකාවන්ගේ රූපස්සිරියාව හා අගනා සේවය ගැනත් ඔය අඟල්ම - විනාඩිම විකුණා මුදල් ඉපැයීම ඊටත් වඩා සනීපදායක නේදැයි අහන්නට - ශ්‍රී ලංකා ජනරජයෙනුත් ඒකම අහන්නට - අපට සිදුවේ.
Deleteමුදල් ඇමෑත්ත පදවිය හොබවන ආචාර්ය නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා මහත්මයාණනි, (අපේ මහා ලේඛක විශාරදයා මෙන් ඔබතුමාත් මාර්ටින් නොවී මාටින් වී සිටීම අපේ දිවට ලේසියකි.) වින්නඹු කාමර ඔස්සේ දවසේ හැට පැය තිස්සේ සිරිලංකාද්දීපේට අඩුවක් පාඩුවක් නැතිව පහළ වන - හොර ටැක්සි මීටරයේ ඉලක්කම මෙන් බලා ඉඳිද්දී උප්පැන්න ලේකම් පොතේ නොම්මරේ ඉහළ යන දරු උපත් නිසා රටට කොච්චර හම්බකළත් - හම්බ උනත් මදියයි මැසිවිලි කියන්නට ඔබට උවමනාවක්නැත. මධ්‍යම පංතියේ පුස්බැඳුණු දුම්මැස්සත් හිල් හැදුනු වළං පල්ලත් අත ගගා තවත් මොකුත් බද්දක් ගතහැකිදැයි බලන්නටද ඔබට කිසියම්ම හේතුවක් නැත.
ඔබේ ඔය ආර්ථික විශාරද බව මොහොතකට පැත්තකින් තියා උදේ දත් මදින ගමන් සිංහල ගුවන් විහිලුවේ දෙකේ සේවයට පොඩියක් කන්දෙන්න. ලියුකීමියාවට, නිම්පොමේනියාවට, නිදිකුම්බා රාජ්ජයට බකමාලන්තයට මූදෙනුත් ගුවනෙනුත් යවන්නට අපේ ලෝකල් ඉස්පැෂල් බේත් පටවන බාන සද්දය ඔබට නෑසේද?
ඕවා වැඩි වැඩියක් පිටරට පටවන්න සලස්සා විදේශ විනිමය ඔබට උවමනා ප්‍රමාණයට එකතු කරගන්න. පිට රටට ණය නොවී අත නොපා අපේ රටට විදේශ විනිමය පණං හතර හොයා දෙන වෙල් විදානේ වයිද්දියර්ලාගේ සපෝට් එක ඔබට නොඅඩුව ලැබේවා. ඔබේ ආර්ථික ගැටළු එයින්ම විසඳේවා. ආයුබෝ වේවා!
ගරු මුදල් ඇමෑත්ත තුමනි, ඒ දුන් ඔත්තුව වෙනුවෙන් කුරුතඤ්ඤ වීමක් වශයෙන් අපටත් පොඩි උදව්වක් කරනු මැනවි. බේත් පටව පටවා උඩින් නැව් දුවන, දියෙන් අහස් යාත්තරා දුවන සද්දය ගුවන් විහිලු දෙකේ සේවයෙන් අස් කරවා, මේ රටේ අපේම අමන උන්නැහේලාට හොර හරක් අතුරු ආන්තරාවක් නැතුව මොකුත් වමාරා කමින් (වෙන මොනවා කන්නද?) අහිංසක ලෙස ඉන්න ඉඩ සලස්සා දුන මැනවි.
ගුවන් විදුලියේත් පත්තරවලත් මාර්ගයෙන් අසරණ නූගත් රටවැසියන් මුළාවට පත් කරගෙන විසබේත් විකුණමින් මේ “ඩොක්ටර්“ වරුන් කරන නස්පැත්තිය ගැන මේ රටේ වගකිවයුතු වෛද්‍යවරු පසුගියදා පුවත්පත් මඟින් එළිපිටම අනතුරු ඇඟවූහ. ඒ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කුලප්පු විය. ඒ ගැන“ මොනවාදෝ කොරන“ බව පත්තර වලින් ඒ අංශය කියා සිටියේය. දවසුත් හුඟක් ගත විය. හොර වෙද්දුත් සෑහෙන්න තර වූහ. සෞඛ්‍ය ආමාත්‍ය අංශය අංශ බාගය වුණා මිස වෙන “කොරපු“ හරියක් නැත.
කොහොම කරන්නද? ගසාකෑම් සූරාකෑම් නසන්නට පාරම්බාන මාක්ස්වාදී දේශපාලන මහප්පලාත් මේ රෙංඤෝ ඩොක්ටර්ලාගේ මගඩි ප්‍රචාර වලට “සපෝට් එක“ දෙති. චන්ද කොළේ පැත්තට රුසියන් වලිගාත් වැනෙන රටක කළ නොහැකි තක්කඩිකම මොකක්ද?
“මහත්තයෝ, හැබෑටම මේ හොර බේත් කාරයින් නැති කරන්න මොකවත් කරන්න බැරිදැ?“යි ආයුර්වේද වෙද මහත්මයෙක් උන්නැහේගෙ අංශයේ ලොකු කෙරුමාගෙන් මේ ළඟදී ඇහුවේ ය.
“නීති පණ නෑ වෙද මහත්තයා, මොකුත් කරන්න බෑ“ යයි කෙරුමා උත්තර දුන්නේ ය.
මැලේරියා බේත් පෙත්තක් දොස්තර තුණ්ඩුව නැතුව විකුණන්න එපා යයි තහංචි පනවන්නට මේ රටේ නීත පණ තිබේ. එංගලන්තයේ මහරැජින යටතේ තිබුණු ලංකාව ඉංගිරිසි ඔටුන්නේ හෙවණෙන් අහක්කර දේශපාලන බලකාරයින් අතට ගන්නට නීති හදාගන්නත් අපට පණ තිබේ. රුපියල් තුන් හාරසීය පඩිගන්නා මිනිහාගේත් ආමාශය පිත්තාශය ශ්ලේශ්මාය, කුඩා බඩවැල මහබඩවැල හූරාගෙන ආදායම් බදු එකතු කරගන්නටත් බෙල්ලෙන් අල්ලා වමාරවා අනිවාර්ය ඉතිරිකිරීම්වලට ගරන්නටත් අපට නීති පණ තිබේ. පුද්ගලික දේපොළ විසිහතර පැයෙන් අල්ලා ගන්නටත් නීති පණ තිබේ.
ඒත් අසරණ අසාධ්‍ය ලෙඩුන්ගේ රීරිමාංශය උරාබී ඔවුන්ට වළේ සහතිකය ඉක්මණින් ලබාදෙන ගෙන්දගම් තයිලකාරයින්ගේ අයිඩපෝං ඩොකටර්ලාගේ ගබ්සා වෙද්දුන්ගේ මගඩි මඩින්නට ආණ්ඩුවේ නීති පණ නැත. නැති නීති හදන්නත් ආණ්ඩුවට පණ නැත. පණ නැති නිසා මොකුත්ම කරගන්නට බැරිනම් ඒකත් හැබෑම කණගාටුවට කාරණාවකි.
Deleteපණ නැති ලෙඩේටත් මේ “ඩොක්ටර්ලා“ ළඟ අත්දුටු බේත් තියන වග උතුං වූ ආණ්ඩුවට මතක්කර සිටිමි.
ගරු සෞඛ්‍ය ඇමති තුමාණෙනි, මේ ඇහුණද?
- උපුටාගැනීම
මනෝරාජ්ජේ
සිසිර කුමාර මාණික්ක ආරච්චි
මුද්‍රණය 1978, ප්‍රසන්න මුද්‍රණ, නුගේගොඩ
අඩේ මචං... මල් මසුරං... මේක වෙනම පෝස්ටුවක දාපංකො... මම කියන්නෙ උපුටාගෙනනමුත් මේ වගේ දේවල් මිනිස්සු කියවන්න ඕන..ස්තුතියි හදවතින්ම...
Deleteඋබනම් යකෙක් බං
Deleteඋඹලයෙ ටීවී එකේ රිමෝට් එකක් නැද්ද බං. ඒක තියෙන්නෙ ඔය වගේ වෙලාවට ප්‍රයෝජනේට ගන්න තමයි.
ReplyDeleteනිකං සල්ලි හම්බ කරන්න තමංගෙ අතේ තියෙන ගානත් වියදං කරන්නෙ අමු මෝඩයෝ තමයි. අර පෙංශුයි කියන මගුලටත් ඔය විදියට අහුවෙච්ච කට්ටිය ඕන තරං මම දැකල තියෙනව.
//අපේ එවුං මගුල් පෝරුවට සක පිඹිනවා. අරුන් මාළු අල්ලන්න දැල් දාන්න සිග්නල් එක දෙන්න සක පිඹිනවා.//
ඉතිං අවුලක් නෑනෙ. පෝරුවට නැග්ගට පස්සෙ ඉතිං මිනිහට දැල දැම්ම වගේ තමයි. හැක්..
හෙහ් ප්‍රසා... රිමෝට් ඔබන්න කම්මැලියි බං... මම කරන්නෙ ඔය වගේ එව්ව ටීවී එකේ යන වෙලේ ඉඳන් මුන්ට බනින එක. ඒ බැනිල්ල ඉවසගන්න බැරිව කවුරුහරි චැනල් එක මාරු කරනව... පෙන්ශුයි කරන එකා, එතකොට අර වාස්තු කාරය, සුවාමියා, අයි අර පොඩි එවුන්ට චක්කරේ උගන්නන එකා. ඔය ඔක්කොම එවුං එකයි...
Deleteඅර දැල් සීන් එකත් ඇත්ත තමයි බලාගෙන ගියාම... :)
ටොප් ලියවිල්ල සජ්ජා,
ReplyDeleteදුප්පත් සහ සාමාන්‍ය මද්යම පාන්තිකයෝ ලක්ෂ ගණන් දීල මේවා නොගන්නවා තමයි. හැබැයි මේවට ලක්ෂ ගණන් වියදම් කරන ඩීල් කාර බිස්නස් කාරයෝ ඒ වියදම කවර් කරන්නේ දුප්පත් එකාගේ පොකට් එකට විදලා. ඒකයි හිතට අමාරු..
කපිල.. ඇත්ත බොහොම තාර්කික කතාවක්...උන් ඒ සල්ලි කවර කරගන්නේ දුප්පත් මිනිහගෙන් තමයි.. අන්තිමට බැලුවම සිප්පි කට්ටෙනුත් කෙළවෙන්න අහිංසක මිනිහට...සිරාවට...
Deleteකියන්න කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් රිමෝට් කන්ට්‍රෝල් එක පාවිච්චි කල යුතුය කියලයි ඩිංගි මහත්තයා කිව්වෙ.
ReplyDeleteහෙහ්.. ඉයන් මේකනේ වැඩේ .. බොරුව උනත් හැමවෙලේම කියව කියව ඉන්නකොට එක ඇත්ත වෙනව කියල කිව්වලුනේ. අපි නෙවෙයි ජෝසෆ් ගොබෙල්ස්...
Deleteපොලොන්නරුවෙ මී හරකෙක් යහපාලනේ ගේනවා කීවාම රැවටුනු කස්ටිය ඉන්න රටේ වාලම්පුරිත් කජ්ජක් ද?
ReplyDeleteඒ උනාට ඒ මනුස්සයම නේද ඔහේලට අනුකම්පා කරලා ගව ඝාතනය නවත්තන්න යන්නේ... එහෙම කතා කරන එක වැරදියි නේද...?
Delete// එහෙම කතා කරන එක වැරදියි නේද...?
Delete//
දැන් ඔහේ රනිල් පාර්සවය අත ඇරලා හුටන් පාර්සවේ ට මාරු වෙලැයි?
සා රසේ...හෙහ් හෙහ්.. පොඩ්ඩක් වැරදිලා තේරුම් අරන් තියෙන්නෙ .. ඒ කාලෙ කරත්තෙ දක්කන්න ගිරි දුර්ග තියන පාරක් තිබ්බ නිසා කුළු හරකෙක් බැඳලා තිබ්බෙ. අමාරු හරිය ඉවර වෙච්ච ගමන් කුළු හරක පිස්සු කෙලින්ඩ පටන්ගත්ත. තෙල වැඩි උනා වෙන්ටැ.. පස්සෙ කොහොමහරි කරත්තේ දක්කන්න ඕන නිසාවට මිනිස්සු පොළොන්නරුවෙන් එකෙක් හොයාගත්ත... අර කුළු හරක දැන් තැන් තැන් වල තප්පුල තප්පුල ඉන්නව...
Delete// පොළොන්නරුවෙන් එකෙක් හොයාගත්ත... //
Delete:D
පොලොන්නරුවෙ හරක කරත්තෙ බැඳලා, රනිල් තුමා බෝන් ලීයේ ඉඳන් දක්කනවා....
පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා......
සජ්ජා තුමා ගේ කතාව සහතික ඇත්ත!
:D :D
සාරස තුමා ... මම කිව්ව අන්තිම කාරණාවත් ඇත්තනෙ .. නැද්ද හා...
Delete//සාරස තුමා ... මම කිව්ව අන්තිම කාරණාවත් ඇත්තනෙ .. නැද්ද හා...//
Deleteශ් ශ් ශ්... සද්ද කරන්න එපා ස්ජ්ජා තුමා....
ඔය කියනා තප්පුලන කුලු හරකාට පුන්නක්කු සැපයීම ස ර ස තුමා ගේ රාජකාරියයි...
උඹ තුමා මේ තැන් තැන් වල පොර ටෝක් දීලා ස ර ස තුමා ගේ ජොබ් කටුවට ද කෙලින්න හදන්නේ?
සරසා තුමා අපි ඔව්ව ඇහුවෙත් නෑ ,දැක්කෙත් නෑ , දන්නෙත් නෑ...
Deleteතාපස කකුළුවා.. හැක හැක හැක..
ReplyDeleteඕවා ඔක්කොම ඉන්දියාවේ හදන ඒවා.. මැණික් කතාවත් එහෙමයි.. සින්තටික්..
කමියාගේ කතාවට මාත් එකගයි.
Deleteඔය මිනිස්සුන්ට දෙන උපාධියත් ග්ව්රව සම්මානත් හම්බ වෙන්නේ ඉන්දියාවෙන්නේ...
කමි තාපස කකුළු කතාව මූටම ගැලපෙන්නෙ නැද්ද මං අහන්නෙ..
Deleteඕකා හිමාලෙ කැලේ ඇතුලෙ ඔව්ව හදන පැට්ටේරියක් දාලද කවුද බං දන්නෙ.. ඕකා කට ඇරියොත් දෙන්නෙ හිමාල ටෝක්..
ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ReplyDeleteලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා
රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල
වෙසතුරු සේ දන් දුන්නා නම්
මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ
කපුටන් සේ හඬ තැලුවා නම්
කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ
ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ
මහ සබැ මැද රඟ දුන්නා නම්
බිව් මව් කිරි අමතක වී නැගී ඉණිමග
පා පහරින් බිම දැමුවා නම්
කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ
ගී පද - වසන්ත කුමාර කොබවක
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
සිංදුවා.. ඔය සිංදුව තහනම් කරලත් තිබ්බ නේද ප්‍රේමදාසගේ කාලෙ. ඕක කියන්නෙ බුවාට කියල. නියමෙට ගැලපෙන සිංදුව...
Deleteඅහන්න ලින්ක් එකක් දියන්කෝ සින්දුවෝ.
Deletehttps://www.youtube.com/watch?v=uxdDclK9SIU
Deletehttp://sarigama.lk/profile/song_profile/16563/gurulu-wes-dara-sunil-eadirisinghe-mp3-song-download-online-listen
ස්තූතියි සින්දුවා,
Deleteමේ ගීතය අහන්න මම එකතු කරගන්නවා අපේ තාත්තා,නංගි,මල්ලි, ආදර සුදු වගේම බ්ලොග් ලෝකේ හැමෝමත් මේ බ්ලොග් එකේ සජ්ජාවත් විශේෂයෙන්ම සින්දුවා අයියේ ඔයාවත් එකතු කරගන්නවා.
ඒ .. ඇයි බං කමලා ගල්කිස්ස , වයලා ගල්කිස්ස, ගාමා ගාමිණි සුබසිංහ, ඊට පස්සේ දෙමෝදර සුමුදු, මාතර කිංස්ලි ඒ වගේම ගෙදර බල්ලා , බළලා...
Deleteසකුරා දිල්හානි , හිල්ඩා වික්‍රමබාහු ,මගුලාගම මල්ලිකා දිසානායක,සරස්වතී මානවඩු
Deleteඅපේ ලොකු අයියා රාලහාමි මහත්තය පොඩි අයියා නිමලසේන එහා ගෙදර උක්කු අයියා බබී නංගි අම්මා විමලව්ති තාත්තා කඩේ මුදලාලි ආ ...තව මම ගොඩක් ආදරය කරන අනුරාදපුරේ කේ අයියා
Deleteමේ යකා ඉන්න විදිය දැක්කම ඔය බෙලි කට්ට වාසනාව ගේනවා කියන එක ඇත්තනේ බන්. වහාම වාසගම වෙනස් කර ගන්න ඕනේ. චැක් විතරක්!
ReplyDeleteඋදය .. එකත් ඇත්ත තමයි. මොකා නැතත් මූ ගොඩ ගිහිං.. වාසගම් ඒ විදිහට වෙනස් කරන්න ගියොත් ඉතිං එක වාසගමක් වත් දානවා බොරුනෙ බං...
Deleteතමන් ගැන විස්වාසයක්පනැති පරාජිතයො බං
ReplyDeleteබල්ඩි ෆකිං ලූසර්ස්
ටොප් ක්ලාම් කණේ පාර බ්‍රෝ
අකුරුත් මාරු වෙලාඔන්නොහෙ කමන් නෑ
Deleteවාසනාව ගේන්නැතෑ
හැකෑස්
අකුරුත් මාරු වෙලාඔන්නොහෙ කමන් නෑ
Deleteවාසනාව ගේන්නැතෑ
හැකෑස්
කම්මලය නැති අඩුවට ඩබොලුත් වැටෙන්නෙ.
Deleteඔන්නොහෙ කමන් නෑ
වාසනාව ගේන්නැතෑ
හැකෑස්
ආව..ආව tab කට්ටටත් කෙල උනා දැන් phone එකෙන් ඩබල් දාල යං.
Deleteආව..ආව tab කට්ටටත් කෙල උනා දැන් phone එකෙන් ඩබල් දාල යං.
Deleteහෙහ් හෙහ්.. ඕන්න බලපල්ලා වාලම්පුරියේ බලේ.. කට වරද්දගත්තම ඇවිද්දෝනව, රවට්ටනවා, මිනිස්සු මාරු කරනව...
Deleteඅලුත් ව්‍යවස්ථාවට දාන්න ඔ්න යෝජනාවක් මේ වගේ උන් අල්ලලා මරණ දඩුවම දෙන්න කියලා........
ReplyDeleteකුරුට්ටා.... එහෙම රවට්ටන එවුං ඔක්කොම මැරුවොත් විවස්තා හදන එවුනුත් මරන්න වෙන නිසා ඕක කෙරෙන්නෙ නෑ මේ සම්මජ්ජාතියේදී...
Deleteඒකත් හරි.................
Deleteවාලම්පුරිය මේ දවස්වල මගේ ශබ්ද කෝශන් අයින් කරපු වචනයක්.ෂා එකේ මගුලක් නිසා
ReplyDeleteමහේෂ් මොකක්ද ඒ ෂා එකේ සීන් එක? මම රේඩියෝ අහන්නෙ නෑ දැන්...
Deleteඅතින් කටින් මාකටින්... රැවටෙන එකාට ටින් ටින්..
ReplyDeleteතෙරපිස්ට්ල, මෝටිවේටර්ස්ල ලඟට ගිහින් තර්කානුකූලව කරගන්න වැඩේට වඩා හොඳට වැඩිය විශ්ලේශනය නොකරන හෝ කල නොහැකි අයට පිරිත් නූල්, ශුද්ධ ජලය, සුර, දෙහි හා මිරිස්, බෙලිකටු ආදියෙන් කරගන්න පුලුවන්.
ReplyDeleteසීරියස්ලි බෙල්ලා කටුව අභිනිශ්ක්‍රමනය කරලා අපිට දෙනවයි කියල කිව්වද? අනේ ඉතින් තරහ යන්නෙ මොකටද ඔය තරම් විනෝදයක් සපයන කෙනෙක් එක්ක.
වාලම්පූරිය කොහොමවෙතත හිනාවෙලා මානසික සුවයක් ගත්ත හැකිනෙ
https://www.youtube.com/watch?v=TUuiyggpxhU
Deleteප්‍රා .. අනේ ප්ලීස් මේක කොපි පේස්ට් කරල 22.25 ඉඳන් අහන්න. ඔය අභිනිෂ්ක්‍රමණය ගැන කියනවා මූ ,, මේ ඔක්කොම ලේ කෝප කරගන්නේ නැතුව ආතල් එකට අහල බලන්න .. ඇස් වලින් නාහෙන්, කණෙන් කටෙන්, පු*න් ඔක්කගෙන්ම හිනා යනව...
අර කිව්ව වගේ මිනිස්සු සමහර දේවල් නිසා මානසික ශක්තියක් ඇති කරගන්නවත් ඇති.. ගෙදරට හොරෙක් පැන්නොත් බයේ දුවන මිනිහ වාලම්පුරියක් තියනවා නම් "වාලම්පුරියත් තියන එකේ බයවෙන්න දෙයක් නෑ" කියල හිතේ හයිය අරන් හොරාට පොල්ලෙන් කෙලින්නත් බැරි නෑ.. ඒ වගේ advantages ඇති...
මම බලන්නෙ කාටූන් එතකොට මේ හොදට තියන ලේ ටික නරක් වෙන්නෙ නෑ.
ReplyDeleteමුතුරාජවෙල වැලි පොම්ප කරද්දි ඕව අහුලන්ඩ ගිය එකෙක් වතුරට වැටිල මලා. ඒ තරම් පොර කකා ඕව හෙවුවෙ.
කම්මලයියේ... දාපං පහක්... මමත් කාටුන් බලන්නෙ.. බත් කනකොට යු ටියුබ් එකෙන් බලනවා සූරපප්පා... කොලොටි එව්ව අඩුයි හැබැයි. කවුදබෝයි දෙබස් කටපාඩම්... ටොම් ඇන්ඩ් ජෙරී.. එයිටාමතරව රාජසභාව, ආටකනාටක වල කුමාර තිරිමාදුරලා ඉන්න කෑලි, සුරන් ඉන්න කෑලිත් බලනවා...
Deleteමමත් කාටුන් වලට අත උස්සනවා...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආ... ඕක තමයි ඵුසදේවගෙ හක.... ඔය හක පාවෙලා.. පාවෙලා... ගොහිල්ල නොපෙනී ගියා... පං කපන ගෑනු කස්ටියක් හක පං අස්සෙ තිබිල හොයාගෙන ඊට් පස්සෙ ඒ හක පං මිටියෙ බැඳං ගොහින් රජ්ජුරුවන්ට දීල හකෙං පත ගානෙ තෑගිත් ලැබුව... ඔය හක සෑහෙන බලගතුයි.. සැක නං සැක පහල දාගන්න....
ReplyDeleteහෙහ් හෙහ්.... නියමයි... බොහොමත්ම නිර්මාණාත්මකයි...
Deleteඅපිට වාසනාව උදාකරල දෙන්න මහන්සින්වෙන ඒ උත්තමයටයි , කජ්ජ ගහේ පුහුලම බිම වාගෙ අර ගලට ඇලිල ඉඳං බෙලිකට්ට රිලීස් කරන හංගොල්ලටයි අපහාස කරපු තෝ හෙණම ගහල අකුලෝගෙනම පළ.. නෙදෝකිං තෝ නං.. ඕ යේස්
ReplyDeleteඕං බලහං කීයක් හරි හොයාගෙන බෙලිකට්ටක් ඇරං ඒකෙන් හම්බ කරගෙන FD එකක් දාං රෙෂ්පට් එකට සැඳෑ සමේ ගෙවන්න හිටියා.කෙලිය තාප්පෙට :D :D චැහ්
වල් පත්තරයා... හැක්... උඹ බැලුවද ප්‍රා ට දුන්න ලින්ක් එක. ඒ කියන විදිහට බැලුවොත් හක්බෙල්ල කියන්නෙ උඹ කිව්ව වගේ හංගොල්ලෙක් තමා...
Deleteයකෝ බෙල්ල අරගෙන ආතල් එකේ ඉන්ඩ හම්බවෙන්නෙ නෑ.. ඒකෙන් වැඩකිඩ ගන්න නං දවසපුරා වතාවත් වලට අනුව දනගහගෙන වැඳගෙන ඉන්න වෙනව...
හැබැයි මොක උනත් අතීතෙ ඉදන්ම වාලම්පූරි , සංඛය එක්ක අපේ ජීවිත ඇතැම් තැන් වලදි බැදිල තිබූ බවක් නම් පේනවා.......
ReplyDeleteමෙහෙමයි කසුන්..සලකුණක්, සැරසිල්ලක් විදිහට හොඳයි... එකේ කිසි අවුලක් නෑ.. නමුත් මම දකින්නෙ වාලම්පුරිය ඉස්මුදුනේ තියාගෙන මිනිස්සු මුලා වෙන එක සහ එහෙම කරන්න හදන එකේ වරදක්...
Deleteමේ ප්‍රොෆ් බෙලිකට්ටා දැක්කම මට මතක් වෙන්නෙ රන්ජා...මොකද මන්දා...:)
ReplyDeleteරවි අයියා... ඇත්තටම ඕක මටත් හිතුන.. කටහඬත් එක වගෙයි.. රන්ජ තව නාකි වෙනකොට ඔය වගේම වෙයි..
DeleteTriton මන්දා. ගෞරි සහ ලක්ෂ්මී කියලා වර්ග දෙකක්නම් මැණික් ව්‍යාපාරිකයො අතර හෙන ජනප්‍රියයයි. වර්ග දෙනෙක් උඹ ඉස්සෙල්ලම දාපු වර්ගය තමා මං හිතන්නෙ ලක්ෂ්මි කියන්නෙ. එහෙනම් දාරෙ උල් උල් තියෙන්නෙ ගෞරි වෙන්න ඇති. මමත් හරියට දන්නෙ නෑ. දන්න කෙනෙක් ඇත්නම් දාන්න විස්තර, ගොඩක් වටිනවා දැනුමට.
ReplyDeleteමොනවා වුණත් සමහරු ඇයි වාලම්පුරි විකුණන්නෙ? “සිතූ පැතූ සම්පත් ලැබෙනවා“ කිය කියා ඇයි “විකුණන්නෙ“?
ඒ මධුවා.. උඹ ඔය ගැන දන්නවනෙ වැඩි විස්තර... මට නං ඔය ඔක්කොම එක වගේ බං.. දැනුමට හොඳයි තමයි.. අර කියන්නා වගේ ඔක්කොම ලැබෙන මෙව්වඑක විකුණන්නෙ ඇයි? කපරුක ලැබුනොත් විකුණනවද?? විකාර බං..
Deleteමුන්ට මහාචාර්යකම දෙන්න ඇත්තේ ඔය බෙලිකටු මූදෙන් ගොඩ අරන් එන බෝට්ටු කාරයෝ.
ReplyDeleteමම ඔයවගේ වැඩසටහන් බලන්නෙම නැහැ. හැබැයි මුන්ගේ හෙළුව ලෝකෙට හෙළි කරන්නම ඕනේ.
මට පේන විදියට ඔව්ව මුහුදෙන් ගේන එව්වත් නෙවෙයි විචාතුමා.. මමත් ඔය වැඩසටහන් බලනව නෙවෙයි පේනව.. ඔව්ව පේනකොට ඇඟේ මාලු නටනව.. මූට මහාචාර්යකම දුන්න එකාට තලන්න ඕන මඩු වලිගෙන්..
Deleteඅප්පට සිරි මු බන්දුල දිසානායකද?එකම එක ෆිල්ම් එකක හිටිය මුට ඒ කාලෙ කිව්වේ පල්ප් හීරෝ කියලයි.ඒ කියන්නෙ මු සල්ලි වියදම් කරලා පත්තර වලින් පුළුවන් තරම් ප්‍රචාරය ලබා ගත්තත් එක ෆිල්ම් එකකින් එහාට යන්න බැරිවුනා.
ReplyDeleteමම නං බං ලේ කෝපවෙන නිසා ඕකගෙ වාලම්පුරි මඟුල බලන්නෙ නෑ.
ඔව් හැලප අයියා.. මූ තමයි ඒ... ඕකා රඟපාන්න කියල මිනිස්සු රට යවන ජාවාරමක් කරල මාට්ටු වෙලා හිරේ හිටිය කියලයි කියන්නෙ.. මූ කියන්නෙ හිමාලෙ මදුරුවො කකා හිටිය කියල..
Deleteවැඩේ කියන්නේ ඉතින් ටීවී වලට ඇව්ත් මොනවා හරි මාර්කට් කරාම ඒවට අහුවෙන කට්ටියත් ඕන තරම් ඉන්න එකනේ.
ReplyDeleteදිනේෂ් අපේ සමහර මිනිස්සු උගත් උනත් බුද්ධිමත් නෑ . අන්න එතනයි වෙනස තියෙන්නෙ. රොකට් සයන්ස් ඉගෙනගත්තත් ඔය වගේ එව්ව වලට අහුවෙන එවුනුත් ඉන්න එකේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද...
Deleteඋන්ගේ සල්ලි වලින් තමයි ඔය මාධ්‍ය ආයතන ගොඩක් දුවන්නේ.මේ වගේ බොරු කාරයන්ට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ.දැන් බලමුකෝ මුගේ සකේ බලෙන් බස්නාහිර සංචාරක කර්මාන්තය දියුණු වෙන හැටි.
ReplyDeleteමනෝ අපට තියෙන්නෙ බලං ඉන්න තමයි... කරුමේ.. කරුමේ... ඕක ඒ මාර්ගෙනුත් මොකක් නමුත් මගඩියක් කරයි..
Deleteසජ්ජා ලෙසටම ලියලා, හෙන උගත් පොෂ් පොරවල් මේවා පස්සේ යනවා.
ReplyDeleteස්තුතියි ලලිත්... අනිවාර්යෙන් මේ වගේ ලොකු මගඩි වලට රැවටෙන්නෙ සල්ලි තියන එවුන්..
Deletekiyanna baha sajje muhudha yata hak parm ekak daala thiyanawadho danne nahane,
ReplyDeletemokada miniha wadda. :))
sajje ada thaththa naha neda
සෙනරත් මහත්තයා , කියන්නත් බෑ තමා... සජ්ජගේ තාත්ත ඉන්නව පලවෙනි කොමේන්ටුවේ උත්තර වල..
Deleteසතියකට පාරක් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මූට කොච්චරක් හම්බවෙන්න ඕනෙද ඔය වැඩෙන්.ඔය හක විකුනලා හක විකුනන්න පටන්ගනින්.
ReplyDeleteඕවාගැන කතාකරලා වැඩක් නෑ බං.අර බෝගහේ රූප මැවුන දා ඉදන් දොළුකන්ද දිගේ ගියපු මිනිස්සු තාම හතිවැටිලා නෑ.
ගල විකුනලා
Deleteකටුස්සා.. ඔය මීවැල්ලෑවෙ බෝධිය සම්බන්ධ කතාවක් තියනවා.. වෙලාවක ලියන්නම්.. උඹත් ගල අතෑරලා වරෙන්.. අපි දෙන්න පටන්ගමු බිස්නස් එක...
Deleteකමෙන්ට් කියවලා මහන්සියි බන්..ප්ලේන්ටියක් ගහල එන්නම් උඹේ පොස්ට් එක ගැන කමෙන්ට් එකක් ලියන්න.. මුල හරියේ කමෙන්ට් ටික කියවල මුත්‍රා පරීක්ෂණයක් කරන්නත් වෙයිද මන්ද..හැක් ..
ReplyDeleteඅඩේ .. මමත් මේ ආවෙ කාලෙකින් බං... මමත් බ්ලොග් වටේට රවුමක් ගහන්න යන්න ඕන...
Deleteඔය මනුස්සයා හැම ඉරිදා දවසකම ලංකාදීප පත්තරේ දකුණු පැත්තෙ පිටුවක වරණ පිටු භාගයේ දැන්වීමක් දානවා...ඒකෙ ලියවිලා තියෙන සිංහල සහ ඒ දැන්වීමේ නිර්මාණාත්මක ගුණයත්...මේ මුදලාලි ඇගිලි 10 ටම මුදු දාගෙන ඒකෙ පෙනී ඉන්න විදියත් දැක්කම මොළය තියෙන මිනිහෙක් මේ වංචාවට අහු වෙන්නෙ නෑ. පත්තරේක වැඩ කරපු එකෙක් විදියට ලංකාවෙ වැඩියෙන්ම විකිනෙන පත්තරේ පිටු භාගයක දැන්වීමක් වර්ණයෙන් හැම සතියකම දාන්න යන වියදම ලක්ෂ ගානක් කියලා මම දන්නවා. මේ වගේ හොරු මාකට් කරන්නෙ මාධ්‍ය...උන්ට සල්ලි විසි කලාම ඕනෙ හොරෙක් පොරක් කරලා එලියට දාන්න උන්ට පුලුවන්...
ReplyDeleteසිරා ... රැවටෙන්නෙ නෑ කිව්වට සල්ලි තියන එවුන්මනේ බං මුන්ට කඹුරන්නේ... ඒක නෙවෙයි නිවාඩුපාඩු වෙලාවක හම්බවෙමු..
Deleteඅපි කීප දෙනෙක් වෙලාවක සෙට් වෙමු...
Deleteහක හික් හික්....කොමෙන්ට්ස් ටික කියවල හති ආයුබොවන්ඩ..ලොවෙත් නැති වෙන්න ලස්සනට ලියල තියෙනව නෙව අයියණ්ඩි..blog life එකට කිරිකෝඩු උනත් මේ පෝස්ටුවට comment එකක් දාන්නම හිත් උනා...මේ ඔබතුමාගේ blog page එකට ගොඩ උනාමයි..ලග පාතක හක් ගෙඩියක් තිබුන නම් පිඹ පිඹ නටනව ඇත්තමයි ඔබතුමාගෙ පිටුව ඇහැ ගැහුනු සතුටට...ජය වේ අයියණ්ඩි ! http://thebosssmileyjoejoe.blogspot.com/
ReplyDeleteහෙහේ... බොහොම ඉස්තුතියි මලයා/ නංගි (මොකාද කවුද දන්නෙ) බොස්... මම රෝලේ එල්ලගත්තා...
Deleteහැක හැක....නංගි කෙනෙක් වෙමි අයියණ්ඩියේ.....රෝලේ එල්ලා ගැනීම ගැන මහත් වූ ප්‍රීතියෙන් පසු වන බව කියන්නට කැමැත්තෙමි.....ජය වේවා සජ්ජා සහෝ !
Deleteමං හිතුව හික් හික් ගානකොටම චීත්තයක් කියල.. හා හා..
Deleteඔන්න එහෙනම් මේ සැරේ හැක හැක.....lol..ජය වේවා සහෝ !
Deleteමෙන්න උබගේ නියම ලිව්මේ කලාව එලියට ඇවිත්
ReplyDeleteඋගේ හක පැලෙන්න ඕනේ මේ කියන බොරු වලට
මෙන්ඩො... කොහෙද බොල හිටියෙ මෙච්චර දවස්???උඹට උනේ මොකක්ද? ඇත්ත කියපන්..
ReplyDeleteමෙව්වා ලියල මොකුත් මෙව්වා එකක් වෙයිද?
ReplyDeleteටෙස්ට් ... ෆකින්ග් බැක් ලේඩීස්.... යාහූ... තෑන්ක්ස් ෆයර් ෆොක්ස්...
ReplyDeleteසජ්ජෝ මේක හරි යන්නෑ බං, මාත් පටන් ගන්නවා හක බිස්නස් එකක් !
ReplyDelete