සෑහෙන දවසකින් පෝස්ටුවක් දමන්නට බැරුව ගියෝය... කියන්නට ලියන්නට දහසක් දේවල් තිබුණත් ඉස්පාසුවක් නොමැතිකම නිසාවට එව්වා ලියවෙන්නෙම නෑ . බ්ලොග් කටුව පාලුවට අරින්නට බැරිකම නිසාවට කීබෝඩ් එක ලැප් එකට අරගෙන කොටන්නේ මොකක්දැයි හිත හිතා ඉන්නකොට යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකේ වාදනයවෙමින් තිබිච්ච සරත් කුමාරසිංහගේ මධුර එස්රාජ් වාදනයක් බොහොම තදින් හිතට වැදුන . ඒ මධුර මනෝහර වාදනය මෙන්න ..
කොහෙන් ගියත් මගේ කතාවලදී තාත්තාගේ කතාවක් එලියට ඇදෙන එක වලක්වන්නට සක්කරයාට වත් බෑ . කොලු සංදියේ නාහෙට නාහන නහරකාරයෙක්වුනු අපේ තාත්තා "පිට් එක" නිසාවට ඒ කාලේ කියුම් කෙරුම් ඔක්කොම මට කියල තියෙන්නෙ ( ඔක්කොම කිව්වට ඔක්කොමද දන්නෙ නෑ). තාත්තගේ කතා එකතුවට එස්රාජ් එකක් සම්බන්ධවන්නේ අමුතුම විදියකට. දවසක් සංගීත භාණ්ඩ ගැන ඇතිවුණු කතාබහකදී තාත්තා මරු කතාවක් කිව්ව..
" අර මොකක්ද බං මිනී ඔලුවක් වගේ උඩින් හමක් ගහපු සංගීත භාණ්ඩයක් තියෙන්නෙ වයලින් එකේ වගේ අතුල්ලපුවම සද්දෙ එන එකක්..ඒ අතුල්ලන බෝ එක අල්ලන්නෙ නුහුරට . මළ අදෝනා සද්දයක් එන්නෙ ඒකෙන්." සංගීත භාණ්ඩ ගැන පොඩි දැනුමක් තිබ්බ මට එකපාරට ඔලුවට ආව මේ කියන්නෙ එස්රාජ් එකක් ගැන කියල. "තාත්තේ ඔය කියන්නෙ එස්රාජ් එකක් ගැන .. ඉතිං.." "ආ වෙන්ඩ ඇති. රත්නපුරේ බාප්පලාගේ දිහා ගිය වෙලාවක ඒ යකාගෙ මස්සිනා කෙනෙක් ඇවිල්ල මොකක්දෝ කචල් එකක් ගියා.. මේ යකා මොකක්ද මන්ද කිය කියා ඉඳල බාප්පාගේ බෙල්ලෙන් ඇල්ලුව... ඔය එස්රාජ්ද මොකද්ද එක තිබ්බේ මේසෙ උඩ . මං ඒක අතගගා හිටියෙ. උන්හිටිතැන් අමතකවෙච්ච පාර අතට අහුවෙච්ච "එස්රාජ්" එකෙන් දුන්න අරූගේ ඔළුවට. පොල්ල වගේ එක අතේ හිටින්ඩ මිනී ඔලුව වගේ එක පොඩිවෙලා කෑලි කෑලි ගියා... අරූ පැනල දිව්ව..." ඔන්නොහොමයි අපේ තාත්ත එස්රාජ් වාදනය කොරල තිබ්බෙ... එස්රාජ්එක පැළුව හින්ද ටිකදවසක් යනකල් තාත්තලාගේ බාප්පා තාත්තත් එක්ක තරහවෙලත් හිටියලු.
අපේ තාත්තට වාද්‍ය භාණ්ඩ වාදනයකොරනවා තියා තාලෙකට සිංදුවක්වත් කියන්ඩ බෑ... හැබැයි හොඳට චිත්තර අඳින්න පුළුවන්.. මටත් ඔය එහෙං මෙහෙං කටුසටහන් කාරිය ගහන්න පුළුවන් වෙච්ච නිසාවට හත වසරෙදි සෞන්දර්ය විෂයට තෝරාගත්තේ චිත්තර. ඒ කාලේ අනිත් ඉස්කෝල වල ජීකු( ජීවන කුසලතා) ඉගැන්නුවට අපේ ඉස්කෝලෙ හත අට පන්ති වලත් ඉගැන්නුවේ සෞන්දර්ය විෂයන්. නවය වසරෙන් ඕක බෙදෙන එක කොහොමත් සිද්ධවෙන වැඩක්නේ. හතේ ඉඳන් එකොළහ වසර වෙනකල්ම චිත්තර කොරපු බුවෙක් තමා මම. මගේ ජිවිතේ අප්සට් වෙච්ච ටර්නින් පොයින්ට් එකක් විදියටයි අදටත් මම ඒක සළකන්නෙ. චිත්‍ර ගැන ඉගෙනගන්න ලැබුණු අවස්ථාව ගැන ගතු කියනවා නෙවෙයි. මුල ඉඳන්ම සංගීතය ඉගෙනගත්ත නං අද සමහරවිට මං අඩුම තරමේ වාදන ශිල්පියෙක් වෙන්නවත් තිබ්බ.
ඕ ලෙවල් ඉවරවෙලා ගෙදර නිකං ඉන්නගමන් එහෙමෙහෙ රස්තියාදු ගහන අවුඅස්සෙදි ජොලියට වගේ බටනලාවක් වාදනය කරන්න හිතුනෙ ඇයි කියල මට අදටත් තේරෙන්නෙ නෑ. කඩෙන් සල්ලි දීල ගෙනාපු බටනලාව පුහ් .. පුහ්.. ගගා පිඹ පිඹ ඉන්නකොට බාප්පා(තාත්තගේ අර කලින් කිව්ව බාප්පා නෙවෙයි, තාත්තගේ මල්ලි) ගෙදර ආපු වෙලාවක " ඕක ගෙනෙං බලන්න මෙහාට" කියල ඉල්ලගෙන මෙන්න යකොඩෝ නොම්මර එකේ සිංදුවක් ගහල පෙන්නපි. බාප්පට බටනලා පිඹින්න පුළුවන් කියල මම දැනගත්තෙ එදා... උන්දැගෙන් ගුරුහරුකම් කාරිය අරගෙන ටික දවසක් යනකොට සෑහෙන මට්ටමක බටනලා කාරයෙක් වෙන්න මට පුළුවන් උනා. හවසට බටනලා ගහනකොට අම්ම නං හැමදාම බනිනවා එපා කියල. ගොපලු යකා මෙව්ව වෙනව කියල ඉස්සර මතයක් තිබ්බ නිසා වෙන්න ඇති.
ඔය කාලෙදිම තවත් වැඩක් උනා.. උඩහ ගෙදර අයියට ජපානෙන් බඩු ගෙන්නන යාලුවෙක්ගෙන් පරණ ගිටාර් එකක් නිකං හම්බවෙලා තිබුණ. ඒකෙ වයර්(Strings) තිබුනෙ නෑ. ඌටත් වඩා ඒක ගහල බලන අමාරුව තිබුනෙ මට. ටවුමට ගිහිං ගිටාර් වයර් සෙට් එකකුත් අරගෙන බොහොම අමාරුවෙන් දන්න විදියට ඒවා ගිටාර් එකට දාගෙන මූසිල මුල් කාලෙ වීණා වැයුව වාගෙ මෙලෝ රහක් විචාරයක් නැතුව ගිටාර් ගහන්න පටන්ගත්ත. කොටින්ම කිව්වොත් ගිටාර් එක ටියුන් කරගන්නවත් අපි දන්නෙ නෑ එතකොට. පස්සෙන්පහු ළඟ අහලපහල සංගීත කාරයෙක්ව අල්ලගෙන ගිටාර් වාදන පොතක් කාරිය සල්ලි වලට අරගෙන තමයි ගිටාර් එක ටියුන් කරගත්තෙ. උඩහගෙදර අයියට ගිටාර් වැඩේ එපාමවෙලා ඒ ගිටාර් එක මටම සින්නක්කර දීල දැම්ම ඕන කුදයක් ගහගන්න. ඔහොම එහෙං මෙහෙං ලාවට ගිටාර් එක අල්ලන විදිය නමුත් පුරුදුවේගන ආව විතරයි දවසක් රෑ හෙණගහන්නා වගේ සද්දයක් එක්ක උඩ ගිහින් ඇහැරිලා බැලින්නං ගිටාර් එකේ බ්‍රිජ් එක ගැලවිලා. හපොයි .. පහුවදා වහාම ආපහු ඒක අලවලා කාරිය ආයෙත් යථාතත්වයට පත් කරගෙන ආයෙත් මම මීයො පන්නනවා. දවසින් දවස එන්න එන්නම වයර් අල්ලන්න අමාරුයි. ෆ්රේට් බෝඩ් එකයි වයර් අතරෙයි පරතරය වැඩි වෙනව. ආම්එක හනස්ස වගේ උඩට නැවිල. අන්තිමට ගිටාර් ගැහිල්ල නවත්තල දැම්ම. අරූටම ගිටාර් එක දීල දැම්ම. පස්සෙ කාලෙකදී තමයි වැඩේ තේරුණේ. අපි ස්ටීල් වයර් දාගෙන ගහන්න හැදුවට ඒක ක්ලැසිකල් ගිටාර් එකක්. එව්වට දාන්නේ නයිලෝන් වයර්. නොදන්නා මගුල් කොරන්න ගිහිං අපරාදේ ගිටාර් එක විනාශ වෙලාගියා .
ඒ ලෙවල් කළාට පස්සෙ ආයෙමත් ඔන්න "ගිටාර් උණ" නමැති රෝගය හිස ඔසවන්න පටන්ගත්ත. ඒ උනාට ගහන්න ගිටාර් එකක් නෑ. මගේ යාලුවෙක් ඉන්නව චාමර කියල බෑන්ඩ් කාරයෙක්. හරි හිත හොඳ එකා. දවසක් ඌට මගේ කතන්දරේ කිව්වම ඌ කිව්වා "මගේ ගාව අලුත් ගිටාර් එකක් තියනවා මචං මට හම්බවෙච්ච, මට වැඩක් නෑ ඒක (ඌ කීබෝඩ් කාරයෙක්) මම උඹට අඩුවට දෙන්නම්" කියල. අලුත්ම අලුත් කිරි කිරි කොරියන් "මොන්ටානා" වර්ගයේ ගිටාර් එක ඌ මට දුන්නේ රුපියල් පන්දාහකට. හොඳ පැඩඩ් සොෆ්ට් කවර් එකකුත් එක්කම. ඌ ඒක මට දෙනගමන් කියපු කතාව මට අදටත් මතකයි. යාලුවෝ කීපදෙනෙකුත් එතන හිටිය. "සජ්ජ , උඹට කොන්ඩේ වවන්න හිතෙනවද ?" .. මම "නෑ බං".. "උඹට මේකත් එල්ලගෙන ස්කුටරේ (එතකොට මට ස්කූටර් එකක් තිබ්බ) එහෙ මෙහෙ යන්න වගේ අදහසක් තියනවද?" .. "අනේ නෑ බං".. "ආ .. එහෙනං උඹට ගිටාර් ගහන්න පුළුවන්..". ඔන්නොහොමයි ඌ මට කිව්වෙ.
වෙලාවත් තියන එකේ මේක හරියට ඉගෙනගන්නත් එපැයි. අන්තර්ජාල දෙයියගෙන් ටියුටෝරියල් ටිකකුත් හොයාගෙන , ගිටාර් වාදනය ගැන තියන පොත් වගේකුත් හොයාගෙන එහෙං මෙහෙං වනල බැලුවත් කිසි ගතියක් නෑ. බොක්ස් ගිටාර්, එහෙමත් නැත්තං අකුස්ටික් ගිටාර් එකෙන් කෝඩ් ටික වාදනය කරමින් සිංදුවක් කියන්න උත්සාහ කරන ලංකාවෙ හැම ගිටාර් කාරයාම අත්පොත තියන්නෙ ක්ලැරන්ස්ගෙ "මලට බඹරෙකු සේ" සිංදුවෙන්. ලේසි කෝඩ් ටිකක් ඉගෙනගෙන ඔය වගේ ලේසි සින්දු ටිකක් වනාගන්න තමයි මටත් උවමනා උනේ. ඒකත් කොහොමහරි කළාය කියමුකෝ. ඒ උනාට කිසි ගතියක් නෑ. කණ්ඩායම් සංගීතයේ එන රිදම් ගිටාර් වාදකයාගේ භූමිකාවට එන්න උවමනාවක් නෙවෙයි මට තිබ්බෙ. ඔහේ පාඩුවේ නිකං ඉන්න වෙලාවට ගිටාර් එකත් අරගෙන සිංදුවක් කියන්න. ඒ උනත් මේක හරියට ඉගෙනගන්න එපැයි. ගෙවල් ගාව මල්ලි කෙනෙකුත් අල්ලගෙන හරියට ගිටාර් වාදනය උගන්නනවා කියල ප්‍රසිද්ධ වෙලා තිබ්බ ගුරුවරයෙකුත් හොයාගෙන ඔන්න දැන් සජ්ජත් යන්න පටන්ගත්ත ගිටාර් පංති.
ඒ ගුරුවරයා වැඩේට ඉතා දක්ෂයි. දක්ෂ සිසුන් පිරිසකුත් හිටිය උන්නැහේට. හැබැයි පොඩ්ඩක් ඇත්තන් යක්ෂය ආරූඪ වෙනව. සතියකට එක දවසක් පැවැත්වුණු ඒ පන්තියට එක දවසක් යන්න බැරි උනෝතින් අනිත් දවසෙ පන්ති යන දවස වෙනකොට කලින් දවසෙ නොපැමිණීමට හේතු දක්වල පොස්ට් කාඩ් එකක් එවල තියෙන්නෙ ඕන. නැත්තං ආපහු හරවල යවනව. ඔන්න බුවාගේ නීති. සතියට දවස ගානේ දවස් තුනක් එකදිගට ගියා පංතියට. බොහොම ක්‍රමානුකූලව ඉගෙනගන්න හම්බවුණා. හතරවෙනි දවසෙදි අමුතුම විදිහේ පටලැවිල්ලක් උනා. ඔය පංතියට පුංචි ළමයිනුත් ආව. උන්ටත් ගුරාගෙ නීති වෙනස් උනේ නෑ. දවසක් පන්ති පටන් අරගෙන ටිකක් වෙලා ගිහිං ප්‍රමාද වෙලා පොඩි පිරිමි ළමයෙක් පංතියට ආව. පහවසරේ වගේ ඉගෙනගත්ත ඒ පොඩ්ඩව කාර් එකකින් පන්තිය ගාවින් බස්සල ගියේ. පංතියට එන්න පරක්කු උනා කියල මෙන්න අපේ සෑර් අර පොඩි එකාට බැනල බැනල ආපහු යන්න කිව්ව. පොඩි එකත් කිසි කතාවක් නැතුව ආපහු යන්න ගියා. මං දැනගත්ත වැඩේ දෙල් වෙන බව . අරයකා කියන්න ගත්ත "ඔය පොඩි එකා ඉන්නෙ මේ පාරේම මීටර් දෙසීයක් විතර එහායින්. උන්ගේ තාත්ත ලොකුකම පෙන්නන්න තමයි කාර් එකේ මෙතෙන්ට ගෙනත් දාන්නෙ" කියල. ටික වෙලාවක් යන්න ඇති අර කොලුවාගේ තාත්තගෙ කාර් එක ඇවිත් ගේට්ටුව ගාව නැවතුනා. එතන ඉඳන්ම හොඳ භාෂාවෙන් අමතගෙන පන්තිය ඇතුලට ආපු මෑන්ස් හොඳ සැර කණේ පාරවල් දෙකකින් සර්ට සංග්‍රහ කළා. හෙන ගෝරිය. පන්තියේ එකෙක් වත් මික් කියන්නෙ නෑ. වැරැද්ද මොක උනත් සර්ට ගහනකොට බේරගන්න එපැයි. මම ඉක්මනට මැද්දට පැනල වැඩේ ශේප් කළා. අර මනුස්සය බැණ බැණ යන්න ගියා..
ඒ සිංහල අවුරුදු මාසයක්. ඊළඟ දවසෙ පංති නෑවිත් පොස්ට් කාඩ් එවන්නේ නැතුවම පහුවෙනි සතියෙ පංතියට සහභාගී උනා. අතරමැදදී මොකක්හෝ විෂය සම්බන්ධ ප්‍රශ්නයක් අහද්දි බුවා මට එකපාරට බැණගෙන බැණගෙන ගියා "තමුසෙගෙ කට වැඩියි. මෙතන ඉන්නව නං මට ඕන විදියට ඉන්නව නැත්තං තමුසේ යනව" කියල. මුගෙන් බැණුම් අහ අහ බයේ ඉගෙනගන්නවට වඩා හොඳයි ගෙදර යනව. අනික කලින් දවසෙ ගුටිකද්දි මූව කවර් කලත් එක්ක.. ගුරාට හොඳවයින් දෙකක් කතා කරල "උඹ ඉන්නව නං හිටපං , තව හිටියොත් මූට ගහන්නයි වෙන්නෙ" කියල මාත් එක්ක පන්ති ගිය මල්ලිටත් කියාගෙන නැගිටල ආව එන්න. අනේ අරුත් මගේ පස්සෙන්ම ආව. ඔන්නොහොමයි මගේ ගිටාර් පංති වැඩේ නැවතුනේ.
එක එක ටියුටෝරියල් වලට පින්සිද්ධවෙන්න මහා ලොකු දක්ෂතාවක් නැතත් සිංදුවක කෝඩ් ටික බලාගෙන සිංදුවක් ගහගන්න දැනට මට පුළුවන්. ගිටාර් ගුරුවරයාගෙ "හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ලක්ෂණය" නොතිබුණා නම් සහ එහෙම තිබුණත් කොන්ද පාත් කරගෙන මිනිහ ගාව ඉගෙනගන්න හැකියාව මට තිබුණ නම් අද මං හොඳ ගිටාර් වාදකයෙක්.
අද කාලේ පුංචි සංදියේ ඉඳන්ම වාද්‍ය භාණ්ඩයක් හුරු කරවන සහ ඒ වෙනුවෙන් පංති යවන එක අම්මල තාත්තලාගේ විලාසිතාවක් වෙලා. අම්මල තාත්තල සංගීතයට ආස උන පළියට තමුන්ගේ පොඩි එකාට වාද්‍ය භාණ්ඩයක් බලෙන් ඔබ්බවන්න ගිහින් ඇනගත්ත වෙලාවල් මං අනන්ත දැකල තියනව. අද කාලෙ මොන්ටිසෝරි යන වයසේ ඉඳන්ම ඉන්ග්ලිෂ් එලකියුෂන් (සිංහල වත් හරියට බෑ) පංති, ස්විමිං ක්ලාස්, මියුසික් ක්ලාස් , ඉංග්ලිෂ් ක්ලාස්, ඉරිදට දහම් පාසල් යැවිල්ල ට්‍රෙන්ඩ් එකක් වෙලා ඉවරයි. පොඩි එවුන්ව මරවනවා උන්ගේම අම්මල තාත්තල. මේ සම්බන්ධයෙන් පෝස්ටුවක් වෙනමම ලියන්න ඕන. සංගීතය ගැන විතරක් කතා කළොත් උන්ගෙ උසටත් වැඩි වයලින් හාඩ් කේස් උස්සගෙන , ඕගන් මෙලෝඩිකා කරගහගෙන යන අවුරුදු පහේ හයේ පොඩ්ඩෝ ඕනෑතරම් පාරෙදි දකින්න ලැබෙනව.
අන්තිමට ටිකක් දවස් යද්දී උන්ට සංගීතේ එපා වෙනව. පංති යන්න ගෙදරින් පන්නන නිසාවට, විභාග ගොඩදාගන්න තියන උවමනාවට , අම්මල තාත්තලගෙ බලකිරීමට මිසක් බොහෝ පොඩ්ඩෝ ඔය දේවල් වලට යන්නේ ආසාවෙන් නෙවෙයි. ඒ නිසා තමයි ටිකක් කල් ගියාම ඔය සංගීත භාණ්ඩ දිහා උන් බලන්නෙ වත් නැත්තෙ. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොතින් අපි හැමෝගෙම නෑදෑ යාළුමිත්‍රයන්ගේ ගෙවල් වල ඕනතරම් වයලින්, මෙලෝඩිකා , ඕගන් පුස් කකා අහුමුළු වල දකින්න තියනව. බොහෝවිට යම් අයෙක් වාදක භාණ්ඩයක් ලඟින් ඇසුරු කළොත් ඒ බැඳීම මැරෙනතුරුම පවතිනව. අද එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි? එක හේතුවක් කාර්යබහුලත්වය. අනෙක් හේතුව තමයි අර විදිහේ බැඳීමක් ඇති නොවීම. පොඩි කාලෙදිම බලෙන් ඔබ්බවන්නට ගිය නිසාවට සංගීතය , වාද්‍ය භාණ්ඩය අරහං වීම. එන්න එන්නම මිනිසුන්ගේ සංගීත රසවින්දනය මොටවීමට ඕකත් එක හේතුවක් වෙන්නඇති. "ඉස්සර වගේ නෙවෙයි .. දැන් සිංදු ගන්නම දෙයක් නෑ" කියන කතාව කාලානුරූපව හැම පුද්ගලයෙක්ටම කියන්න පුළුවන් කතාවක් උනාට ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ...
පොඩි කාලෙදිම බලෙන් ඔබ්බවන්නට ගිය නිසාවට සංගීතය , වාද්‍ය භාණ්ඩය අරහං වීම///// so true
ReplyDeleteදොස්තරලත් එක්ක බොරු බෑ..... ,
Delete.:)
නෑ නෑ බං දොස්තර කලබල වුණාට පිස්සා කලබල නෑ...........
DeleteRead it. Awaiting for Sinhalese font to comment :)
ReplyDeleteහෙහ් හෙහ්... දරුවන් බිරිඳ එක්ක සතුටින් නම් කොමෙන්ටු කන්නද බං..
Delete/දරුවන් බිරිඳ එක්ක සතුටින් නම් කොමෙන්ටු කන්නද බං../
Deleteමේ කියමනට මගේ ගෞරවය...!!!
හා බොරුද....
Deleteමේ කියලා තියෙන ඒවා ඇත්ත බව පිලිගන්න නම් ඊලඟ හමුවන දවසේ වාදනය කර පෙන්විය යුතුයි. හික්ස්
ReplyDeleteකොන්දේසි සහිතව මචං.. ගිටාර් එකක් සැපයිය යුතුයි... කෝඩ් බලාගැනීමට ටැබ් එකක් ජාල පහසුකම් සහිතව තිබිය යුතුයි.. ඔය දෙකම ගේන්නම්කො... ප්‍රමුඛම කාරණාව... බොන උදවියට බීමට බටයකට පමණක් ඉඩ ඉතිරිවෙන සේ කටවල් වලට ප්ලාස්ටර් ගැසියයුතුයි..
Deleteප්ලාස්ටර් මගේ ගානෙ
Deleteකට මගෙ ගානෙ
Deleteමනා පේන්න නෑ නේ.... මනා වත් සෙට් කරගත්ත නං හරි...
Deleteඇත්තට මනා කෝ මචං
Deleteඌ බෙල්ලෙ වැල දාගෙන...ඇයි කියල අහන්න නං එපා !
Deleteබීම බට මගෙ ගානෙ.
Delete//ඌ බෙල්ලෙ වැල දාගෙන...ඇයි කියල අහන්න නං එපා !// මං root cause analyse එකක් කරලා බැලුවා.. හේතුව නෙලුම්යායේ සිංදු කියන්න වීම විය යුතුයි. හැක හැක හැක..
Deleteලියාගනියව් මගෙ ගානෙ හැමෝටම ටැබ් :D
Deleteසික් එකට ගන්න එවුවද?
Deleteහැක් :D ඒව ඉවානයට
Deleteමචං ගිටාර් කියන්නේ අර බෙල්ල අස්සේ ගහගෙන අතුල්ලන එකටද??? ඩී ඩී ඩී
Deleteමනා ආගිය අතක් නෑ තමා... මුන්ගෙන් බේරෙන්න බැරි නිසා එන්නෙ නැතුවැති..
Deleteවිදානේ, නෑ නෑ. ඩී ඩී ගුණසේන ගහන්නෙ වයලින්.
Deleteනෑ බොල විදානෙ. අර බිම තියාගෙන හිටගෙන ටොං ටොං කියල වයර් වලිං ඇදල අතාරින්නෙ... ආං ඒක.
Deleteසහගහන අපරාදකාරයෙක් නේ යකෝ තෝ කරලා තියෙන්නේ මෙච්චර කල් .... මූව මරාගෙන කන්න එපාය...
DeleteThis comment has been removed by the author.
Deleteලියාගනියව් මගෙ ගානෙ හැමෝටම ටැබ් :D
Deleteමචං මේ මගේ නත්තල් තෑග්ගටත් එහෙනම් ටැබ් එකක් දාපන් හරි?
මෙවෙලෙ ලොකු අඩුවක් තිබ්බේ ටැබ් එකක.
මට නං එපා ටැබ්.. අර කම්මලයියගේ ඩබොල් කොමෙන්ට් වැටෙන්නේ ටැබ් එකෙන්ලු. මගේ එකෙනුත් එහෙමයි. මොකටද ඔව්වයින් කොමෙන්ටු දාල රට්ටුන්ගෙන් කතා අහන්නෙ...
Deletemata Gal Arakku dipiya..
Deleteඒ සාජ්ජාට දෙමු විනාඩි 1/2 ක ගිටාර් වාදනයක්........ මොකද කියන්නේ කට්ටිය??????? ඒතනින් ම වැඩේ අතඅැරලා දාන්න උනත් බැරියෑ.........
Deleteආ ඇත්තද රංගි මිස්.. සල්ලි දීපං ගෙනත් දෙන්නං ලොරියක් .හැක් හැක් :D
Deleteරංගි මිස්??? කුරුට්ටා.. බලමුකෝ... මෙන්ඩා.. පුරුදු ඉස්ටයිල් එක කෝ බං??
Deleteගිටාර් එකක් වාදනය කිරීම මගෙත් තියන ආසාවක්, මට ඉස්සල්ලාම ගිටාර් එකක් අරන් දුන්නෙ 8 පංතියෙදි ඕකෙන් බෙර ගැහුව මිසක් ගිටාර් ගැහුවෙ නෑ, මේ ලගකදි ආයෙත් ගිටාර් ගහන්න හිතිල ගිටාර් එකක් අරං ආව, ඉගෙන ගන්න තැනක් හොයාගන්න ඕනෙ. ඩ්‍රම් එකනම් ඉස්සර ටිකක් පුළුවන්.
ReplyDeleteඋඹ කියන ගුරා කොම්බු දෙකකින් නම පටන් ගන්න කෙනාද ? උඩ අජන්ත හෝටලේ උඩ තට්ටුවෙ පංති කලේ.
අපේ ගෙදරත් අම්ම ,දුවට පියානෝ එක ගහන්න බලහත්කාර කමක් කරනව. මම කැට තියල තියෙන්නෙ පොඩි එකී කවද හරි තෝර ගන්නෙ චිත්‍ර.
මුන්දැ ඉස්සර මාකට් එක උඩ පංති කරල තිබ්බ කම්මලයියේ.. දැන් උගන්නන්නෙ කලගෙඩිහේනේ.. සුපිරි ගුරුවරයෙක්..නම... සජ්ජ මොකෝ සුජ්ජා මොකෝ.. යන්නකො අස්ගිරි.. අමරනාත් සර්ගෙ ක්ලාස් එකට.. මම කෝල් එකක් දෙන්නම් ගිටාර් ගැන කතාකරන්න..
Deleteකෙල්ලෙක් පියානෝ ගහන්න පුරුදු වෙනව කියන්නෙ මරු තමයි.. හැබයි තමන්ගෙ කැපවීමෙන් සහ උනන්දුවෙන්.. චිත්‍ර අඳින්න ආස නම් හොඳ වර්ගයේ උපකරණ අරන් දෙන්න..
අඩෝ,මටත් පුළුවන් ගිටාර් එකෙන් බෙර ගහන්න.ගත්ත දා ඉදන් කලේ ඕකයි.
Deleteහෙහ්... ඔව් ඔව්... අපි නොදන්නවයැ..
Deleteඅමරනාත් සර් තමයි හොඳම ෆලැමෙන්කෝ වලට...!
Deleteමං නං ඒ සර් ගාවට පන්ති ගිහිං නෑ... උඹ කිව්ව කතාව ඇත්ත.... ඉස්සර පැයකට 1500ක් ටියුෂන් ගන්නව කියල යාලුවෙක් කිව්වා. දැන් කොහොමද දන්නෙ නෑ...
Deleteඅනේ මට මැවිලා පේනවා බෝලයි තාත්තා එස්රාජ් එකෙන් පාර කාගෙන දුවන හැටි (ගුටිකාපු කථා අපි උනත් කියන්නේ අපි ගැහැව්වා කියලනේ )
ReplyDeleteහෙහ් හෙහ්... මැලේ... එහෙම උනාද කියන්න දන්නෙත් නෑ තමා :)
Deleteමටත් ඕනෙම වාදන භාණ්ඩයක් ගහන්න පුළුවන්, හැබැයි ඒ උඹලගේ තාත්තගේ ක්‍රමේට...
ReplyDeleteහෙහ්.... වෙලාවක දේශපාලනය ගැන කතාකරනගමන් භාණ්ඩ දෙකක් ඒ ක්‍රමේට වාදනය කරමු. උඹ බටනලාව වාදනය කරපං, මං සිතාර්එකක් වාදනය කරන්නම්...
Deleteඒකට කමක් නැහැ, සිතාර් ගහන එකා වාඩිවෙන්න ඕනේ බිමනේ...
Deleteබටනලා ගහන එකා පුටුවක වාඩිවෙලා ඉන්න එකේ ගැටළුවක් නැහැ නොවැ...
බිම වාඩිවෙලා ඉන්න එකා නැගිටලා සිතාර් එක උඩට උස්සලා ගන්න කලින් පුටුවේ ඉන්න එකාට නැගිටලා (බට නළාව කටේ ගහගෙනම හරි) පුටුව උස්සලා ගන්න එක සිම්පල් වැඩක්, හරිය...
වරෙංකො... උඹ පුටුවෙ වාඩි වෙලා ඉන්නකොට ලේසියි අර සිතාර් එකේ ගස් මුට්ටිය වගේ එක අහවල් තැන වදින්න අනින්න.
Deleteඔය තාත්තමද බං අර ටීවී එකේ කෙල්ලො රෙදි ගස ගස ඩාන්ස් කරනකොට " අන්න බොලේ ගෝ පයියො ගසනවා " කියල කිව්වෙ?
ReplyDeleteහෙහ් .. රවී අයියා... ඒ තාත්තම තමයි... :)
Deleteතුන් හතර වතාවක් මේ පැත්තට ආව ඒත් කියවන්න පුලුවන් උනේ දැන්
ReplyDeleteවාදන භාන්ඩ ගෙන නම් මම වැඩිය දන්නෑ...
සුබ නත්තලක් සජ්ජෝ...
උඹ නිකං නත්තල් සීය වගේනෙ.. සුභ නත්තලක්..
Deleteහැක්... මටත් ඔය භාණ්ඩ වාදනය කරන්න පුලුවන් බොලාගෙ තාත්ත වාදනය කරපු හැටියට තමයි.
ReplyDeleteඒ මදිවට 6 වසරෙ ඉඳන් 11 වෙනකල් චිත්‍ර ඉගෙන ගත්තට අඳින්න පුලුවං චිත්‍රෙකුත් නෑ. ඇත්තම කිවුවොත් අපි චිත්‍ර කරනව කියල කලේ අල්ලපු කාමරේ තියෙන නැටුං පන්තියෙ එවුවන්ට නටන්න දුන්නෙ නැති එක තමයි.
ඒ කියන්නෙ උඹල නටන්න ගියාද එහෙමත් නැත්තං බෙර ගැහුවද?
Deleteඅර මොකක්ද බං මිනී ඔලුවක් වගේ උඩින් හමක් ගහපු සංගීත භාණ්ඩයක් තියෙන්නෙ.
ReplyDeleteඑහෙම එවුවත් තියෙනවද අප්පා..... මනා නැත්නම් සජ්ජයියා දාමු නෙළුම් යායට
ඔය එස්රාජ් එකේ සවුන්ඩ් බෝඩ් එක එළු හමක්ලු...
Deleteපිස්සු කෙලින්නෙපා සබරෙ... මනා වැඩ්ඩා.. මට ගිටාර් ගහනව කිව්වට ලාවට වනාගන්න විතරයි පුළුවන්..
වනාගන්න නෙමෙයි බොල අතුල්ල ගන්න.........
Deleteගිටාර් ගැන කතාකරන්න එපා.අර වල් මනා ගිටාර් ගහන්න උගන්නනවා කියලා අපිව රැවට්ටුවා.මම දැන් බලන් ඉන්නේ ඒකෙන්ම උගේ ඔළුවට ගහන්න
ReplyDeleteමනා ගැන පොඩ්ඩක් හියල බලන්න ඕන බ්ං.. ජොබකට සෙට් උනා උනාමයි ආගිය අතක් නෑ.. උඹ ආයෙ ලියන එක ගැන සංතෝසයි.. තොගෙ පෝන් එක කොයිවෙලේක වත් වැඩ නෑ..
Deleteඅඩෝ මං දන්නෙ කෝඩ් හතරයි..මේජර් දෙකයි මයිනර් දෙකයි.හැබැයි ඕනැ සිංදුවක් ඒකෙන් ගැහුවහැකි අරක්කු ඩිංගක් තමයි ඕනැ..ඕනම බාසාවක ඕනම් සිංදුවක් ඔපෙරාවක් රාගයක් ගහනවා කෝඩ්ස් නොබලඒකෙන් :D හැක් . තව ජින්තු ඩිංගක් වැඩි උනාම උඩ කම්බි වලින් බේසුත් ගහනවා ටං ටං ගාල
ReplyDeleteටං ටං ගාලා ගහන බේස් එක මොකද්ද බං?
DeleteE6ත් කම්බියෙ ෆ්රෙට් එකක් අල්ලලා කම්බිය ඇදල අතාරින්නෙ බ්රේක් වල බේසා .ටං ටංට ටං ගාල :D ඒක ගහල ලීඩ් පාට් කටින් ගහනවා .හැක්
Deleteමාත් චුට්ටක් වැඩි උනාම බේස් ගහනවා "දඩ බඩාං" ගාලා පස්සෙ තමයි දන්නේ අනුංගෙ තාප්පයක් කියලා... ඩා ඩා ඩා
Deleteඔය ඉන්නෙ... පත්තරයත් මගේ ජාතියෙ එකෙක් එහෙනං.. අඩෝ මාත් බලන්න ඕන උඹේ බේස් ටෙක්නික් එක කොරල.. විදානෙ තාප්ප සින් එක කොයිල්..
Deleteයකෝ, පත්තරය කියන්නෙ ගිටාර් විශාරදයෙක්. ඕක ඔන්ලයින් පංතිත් කොරනවා, ඕ යේස්.. බ්ලපන් මොනාහරි ටිකක් ඉගෙනගන්න.
DeleteSajja,
DeleteVidanayage blog eke "tawt eka dawasak nemai" kiyana post eka kiywapan...
උඹේ සිංහල අකුරු ටිකට මොකද වුණේ.......... හොරු ගෙනිච්චාද?????? බ්‍රා ඒකක් අස්සේ ගහලා වික්කද??????
Deleteමෙන්ඩා.. ඒක නෑ බං හම්බවුනේ.. ඒක තමයි.. කෝ සිංහල??
Deleteමෙන්ඩා.. ඒක නෑ බං හම්බවුනේ.. ඒක තමයි.. කෝ සිංහල??
Deleteමම බොහොම බය උනා / මගෙ පණ එපා උනා
ReplyDeleteරෑ දොලහට හොල්මනකට මාව අහු උනා
මම උත්සවයකට /ගියා සින්දු කියන්න
මට ආපසු යන්ට /ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට /හැරුනා කනත්ත දෙසට
මගෙ ගිටරෙක අතට /අරගෙන යන්න යනකොට
ශබ්දයක් ඇසිල මං /ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට / පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට /ආපසු දුවන එකලට
කලු මිනිහෙක් උසට /හිටියනෙ පාරෙ හරහට
(මම බොහොම බය උනා..මගෙ පණ...)
අන්න කෙනෙක් දුර සිට/ එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට /මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට /ඈ සුර කුමරිය ලෙසට
කිව්ව මෙමාට /බය නොවනු එයාට
ඔයා ගිටර් ගහන්න/ ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට /කියල කිව්ව මෙමාට
මම ගිටර් ගහනව /ලක්ශන සින්දු කියනවා
තාලෙට එයත් නටනවා /මට දුකත් හිතෙනවා
මම කිව්ව එයාට /හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට /ගිය මිනි කනත්තට
මම ගිටර් ගහනවා /ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා /මලමිනි නැගිට රගනවා
(මම බොහොම බය උනා..මගෙ පණ...)
සුදෝ එපා නටන්න /අපි යමුකො ගෙදරට
අපෙ අම්ම ඔයාට /ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම /එය පැන්න අහසට
හූ කියාගෙන /නැවතත් පැන්න පොලවට
එය රවනව මෙමට /මම ගැහෙනව බයට
ඇගෙ දත් දෙකක් දිගයි /ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්න අහකට /ගිටරෙක ගත්ත දෑතට
දුන්න ඔලුවට /ගිටරෙකෙ කෑලි හැලෙන්න
මේ ශබ්දය ඇසිලා /මුරකරුවො නැගිටලා
මට වතුරපොවාලා /බැස්සුව ගෙදර ගෙනෙහිල්ලා
මේ විස්තරෙ අහල /අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා /ගත්ත මාව බේරලා
(මම බොහොම බය උනා..මගෙ පණ...)
මැක්ස්වෙල් මෙන්ඩිස්
උඹ සින්දුවගෙ රාජකාරිය බාරගත්තද? ගැලපෙන සින්දුව හැබැයි...
Deleteඅඩේ පට්ට.. කෝ අපේ මේ සිංදුවා??
DeleteMendis la Ela
Deleteප්‍රසා අයියා................ පෝය ළග නිසා පරිස්සමෙන් හරිද????? ප්රසීට කියන්න බලාගන්න කියලා පරිස්සමෙන්........ අවුල් ම වගේ නං අර සම්පත් බැංකු ගොඩනැගිල්ල දිහා බලාගෙන පරිස්සමෙන් ඉන්න හරිය???????
Deletehttps://m.youtube.com/watch?v=HThtl7VsdyM
ReplyDeleteමං ආසම නාලකගෙ ගිටාර් වාදනයක් මේ..
හෙටට කල් දාන්ව කොමෙන්ටු කෙටිල්ල.. ටෙලිකොම් එකේ එවුං ඉන්ටනෙට් කචල් කරල තාම හදල නෑ... ටැබ් කටු වලින් වැඩේ අමාරුයි...
Deleteහෙටට කල් දාන්ව කොමෙන්ටු කෙටිල්ල.. ටෙලිකොම් එකේ එවුං ඉන්ටනෙට් කචල් කරල තාම හදල නෑ... ටැබ් කටු වලින් වැඩේ අමාරුයි...
Deleteපත්තරේ මචෝ, මතකද සුරම්‍ය රාත්‍රී.. නාලක අංජනත් එක්ක, ටෝටලී ඔන්ලි විත් බොක්ස් ගිටාර්ස්...
Deleteආසාවෙන් බලපු වැඩසටහනක්... නාලක අංජන ලීඩ් ගහද්දි ගැප් ෆිල් කරපු බන්දු එස් කන්නංගර මතකද... අති දක්ෂ වාදකයෝ...
Deleteනාලක අංජන කුමාර "මහත්මයා" ඉස්සර නිට්ටඹුවේ ගිටාර් ක්ලාස් කළා කියල ආරංචියක් තිබ්බ. දැන් කොහොමද දන්නෙ නෑ...
Deleteරජරටෙන් එලියට ආව වැඩ්ඩෙක් තමා නාලකත්.ඕ යේස්
Deleteඅඩේ බටනලාවයි, ගිටාර් එකයි තමයි මගෙත් ආසම භාණ්ඩ දෙක. තාම ප්ලේ කරන්න තබා හිතන්නවත් බෑ. ඒත් කවදහරි ඉර බැහැගෙන යන හැන්දෑවක අපේ වැව් තාවලට්ට වෙලා හීං සීරුවේ කපුගේගෙ සිංදුවක් ගහන්න මට තියෙන්නෙ අසීමිත සිහිනයක්..
ReplyDeleteමේ හලෝ හැන්දෑවට තනිපංගලමේ ඉඳන් වස්දන්ඩ ගහන්න එපා බොලා ලඟට මෝහිණී එයි.. හැක් හැක්
Deleteරෝහිණිත් එයි.
Deleteමෝහිනියි රෝහිනියි හොඳයි බොල, විදායි, මදායි ආවොත් බොලා ඉවරයි.
Deleteවිදා එයි රිවස් එකේ...
Deleteහුකා.....
Deleteඅඩෝ විදා.. ඇයි තනියම?? කවිකාරි වයලින් ගහයි.
ඒ මද්දුවෝ.. රොකට් රෝහිණීද??
ප්‍රසෝ.. අම්මප බොල. ඔතනට තව පත්තරෙත් සෙට් වෙන්නෝනි. පට්ට පදිරි සන්නාහ සන්නද්ද වෙලා මල් හතයි, වමනෙ බාල්දි දාහතරයි!!
ඩ්රැකී මචෝ.. විදා රිවස් එකේ ඇවිත් යන්නෙ පැත්තෙන් පැත්තට, ක්‍රැබ් වෝක්!!
//පට්ට පදිරි සන්නාහ සන්නද්ද වෙලා මල් හතයි, වමනෙ බාල්දි දාහතරයි!!// මොකද්ද යකොඩෝ මේ කතාව හැක්...
Deleteගල් ගහල පට්ට පදිරි වෙලා ඉද්දි ඔය මාර්ෂල් විදානය ගෙනාපු මල් හතක් ගහල මුං සෙට් එකට වමනෙ බාල්දි 14 ක් ගියා කියලනෙ ඔය කියන්නෙ.
Deleteහෙහ් හෙහ්.. මරු එක්ස්ප්ලැනේෂන් එක ප්‍රසා...
Deleteසජ්ජො,පෝස්ට් එක කියෙව්වෙ සිංදුව ඇහුවට පස්සෙ... එස්රාජ් එකේ පාළු සද්දෙ වැඩි දෙනෙකුට සෙට් වෙන්නෙ නෑ.හැබැයි හිතට ඇල්ලුවොතින් නම් ගලවනව බොරු.
ReplyDeleteසංගීතෙ කියන්නෙ බලෙං කොරන්න ඇහැක් දෙයක් නෙමෙයි නෙ.හිත තියෙන්නත් ඕනෙ.. ඇඟේ තියෙන්නත් ඕනෙ..
බටෙන් අඩියක් ගගහ හරි බොලාගෙ ගිටාර් හඬක් අහන්න ආසයි බං.
ජයවේවා..!!
උඹ කියන්නෙ මම ඕකම අහන්න ඇති සියවාරයක් විතර. හැම කලාකටයුත්තක්ම එහෙමනේ බං. උප්පත්තියෙන් පිහිටන්නත් ඕන, ඒ සම්බන්ධ හරි අධ්‍යාපනයක් ලැබෙන්නත් ඕන. ඔය දෙකෙන් එක ගානේ තිබ්බට හරියටම ගොඩ යනව අඩුයි. දෙකම හොඳට තියනවා නම් ඉතිං කියල වැඩක් නෑ...
Deleteඔය සංගීතෙ වගෙ දේවල් නම් ඇගේම නැත්නම් බලෙන් පොවන්න ලොවෙත් බෑ බන්. අර මාස්ටර් ගැන කියන කොට මට හිතුනෙ හුගක් සංගීත නැටුම් චිත්‍ර මාස්ටර්ල එක වගෙයි කියන එක. ඉක්මනට තරහ යනව. අසාමාන්‍ය වැඩකෝටියයි. කලාකාරයොනෙ.
ReplyDeleteඋඹ කියන කතාව ඇත්ත මතේ... ඔය වගේ විකාර වැඩ හරි කලාකාරයන්ගේ තියනව තමයි. සාමාන්‍යයෙන් කලාවට හො වේවා වෙනත් දෙකට හෝ වේවා උපරිමයෙන් කැපවෙලා ඉන්න මිනිස්සුන්ගෙ ජීවිතය ඒකයි. සංගීතයෙන් ගත්තත් එකට කැපවුණු මිනිස්සුනට වෙන දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ. හිතන්නෙත් නෑ. අඩුම තරමේ කොන්ඩේ රැවුල කපන්න වත් උවමනාවක් නෑ. හැබැයි අර මං වගේ බාගෙට ඉගෙනගත්ත අයියල කරන්නෙ ඉස්සෙල්ලම කොන්ඩෙයි රැවුලයි වවාගන්නවා සංගීතෙ ගොඩ දාගන්න කලින් (එහෙම කිව්වට මං කොන්ඩ රවුල් වැව්වේ නෑ)
Deleteමටත් මාර විදියට සින්දු කියන්න පුළුවන්... අපේ වයිෆ්ගේ අම්මා ලඟදි දවසක වයිෆ්ගෙන් අහලා තිබුනා "අර ලමයා අච්චර කෑ ගහන්නේ ඇයි ??" කියලා හැකක් හකක්..
ReplyDeleteජ ය වේ වා !!
නැන්දම්ම උඹට හිරමනෙන් නෙළුවයි කියල තමයි අපට ආරංචි උනේ. හැක්...
Deleteඅඩේ ප්‍රසෝ.. ඕකට සිංදු ලියන්නත් පුලුවන්!!!!!
Deleteඌ ලියයි. ඒව කියනකොට අපිට අහගෙන ඉන්න තමයි බැරි වෙන්නෙ. හැක්...
Deleteසිරාවට සිංදු ලියන්න පුලුවන්ද? දාපන්කෝ විදානේ එකක් දෙකක් ලියල බොගට...
Deleteඔ්ං කිව්වා කතාවක්..... අාය ඉතින් විදානයාගේ කවි ගීත දකින්න හම්බෙන්නෑ අවුරුද්දකට...... යකෝ ඔ්කා බොග දාන්නේ අවුරුද්දට ඒකයිනේ.............
Deleteවිදානයා අමාරුවෙන් සිංදුවක් ලියලා බලද්දි ඒක සුනිල් ආරියරත්න ලියලා නන්දා මාලනී කියලත් ඉවරලු.. ඌමයි කිව්වේ මට තැන මතක නෑ නෙවැ..චැහ්
Deleteඅන්න ඒක මතක්වෙල තමා බං මාත් මෙ කිවෙ.ඕක ඔය කුනුහම්බෙ මටත් කීව. ඕ යේස්.
Deleteසජ්ජෝ උඹ වගේම මමත් සාපෙළ චිත්‍ර කරලා උඹ වගේම අහුලාගෙන ඉගෙනගෙන අද මම බෑන්ඩ් එකක වාදකයෙක්. මට බටනලාව නම් මෙලෝ හසරක් බෑ .. කීබෝර්ඩ් එකයි ගිටාර් එකයිනම් පුළුවනි.. එත් 96 ඉඳන්ම හිටපු බෑන්ඩ් වල ලැබුනේ කීබෝර්ඩ් ප්ලේ කරන්නම තමයි. ගිටාර් එකට අවස්තාවක් ලැබෙන්නේ කන බොන තැනකදී විතරයි. එත් මචන් සංගීතය ඉගෙනනොගත්තු නිසා දන්නා දේ කාටවත් කියල දෙන්න තේරෙන්නේ නැහැ. එතනයි විදිමත් අද්යාපනය සහ අවිදිමත් අද්යාපනය අතර වෙනස තියෙන්නේ.. කොල්ලෙක් උනාම කරුණු කාරනා පහක් සම්පූර්ණ වෙන්න ඕනෙලු.. 1. වාහනයක් එලවන්න පුළුවන් වෙන්න ඕන 2. පීනන්න පුළුවන් වෙන්න ඕන 3. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් වෙන්න ඕන 4. ආත්මාරක්ෂක සටන් කලාවක් දැනගෙන ඉන්න ඕන 5. කෙල්ලෙක් ඉන්න ඕන.. මට බරු උනේ ආත්මාරක්ෂාව සලසගන්න සටන් කලාවක් ඉගෙනගන්න විතරයි... එත් දකුණේ උපන්න නිසා මොකක්හරි දහන්ගැටයක් ගහල ගුටි නොකා බේරිලා එන්න හැකියාවක් තියෙනවා.
ReplyDeleteඅපි සංගීතය ඉගෙනගත්තු කාලේ යූ ටියුබ් තිබ්බනම් මීට වඩා දෙයක් ඉගෙනගන්න තිබ්බ බන්.. ඒ කාලේ සින්දුවක නෝට්ස් ටිකක් හරි වැටුනේ සඳරේණු පත්තරේ විතරයි. ඒ පත්තර කොළ ටික එකතු කරගෙන තමයි සිංදුවක් වාදනය කරන්න පුරුදු උනේ. අද වෙද්දී කොයිතරම් ලේසි වෙලාද තනියම ඉගෙනගන්න එක.. ඒ අතින් අද කාලේ එවුන් වාසනාවන්තයි බන්.
මෙන්න ඉන්නවා මානගේ සහයට ගන්න එකෙක් බ්ලොග් සම්මාන උළෙලට. අම්බලම් උඹේ මේල් ඇඩ්රස් එකක් දීපං..
Deleteඅම්බලන්.. ඕකෙ 7ක් තියෙනවා..
Deleteබූරු පිටක් තියෙන්න ඕනිලු
ඌරු කටක් තියෙන්න ඕනිලු
උඹත් එහෙනං බෑන්ඩ් කාරයෙක්... මට ඒ කාලේ ඕකට කැමති එවුං ටිකක් සෙට් කරගන්න බැරි උනා. අපේ ගමේ හිටපු එවුං වොලිබෝල් ගැහුවා මිසක් ඔව්වට යන්න කැමති උනේ නෑ. ඉස්සර මට මතකයි මමත් ගියා ගම්පහ මොන්ටාන එකට හැරෙන පාරෙ බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන තැනට. දිඩි බිඩි ගාල සංගීතේ එතන. කොල්ලෝ පන්ති ඇවිත් බෑන්ඩ් ගහනවා. මාත් කිට්ටු වෙලා ඇහුව ගිටාර් ගැන. එතන කෙලින්ම තිබ්බෙ බෑන්ඩ් මානසිකත්වය විතරයි. "මල්ලි යාළුවො පස් දෙනෙක් එක්කගෙන එන්න. අපි උගන්නන්නම්" කිව්වා. එතකොට හයදෙනෙක් ඕන. ගිටාර් වලට, ලීඩ්, රිදම්,බේස් තුන්දෙනයි, ඔගන් එකට එකයි, ඩ්‍රම්ස් එකයි, ඔක්ටෝපෑඩ් එකයි. බේකරියෙන් පාන් බානවා වගේ බෑන්ඩ් එලියට එන්නෙ.
Deleteඋඹ කියන එව්වා ගත්තම මම කොළු බාගයක් බං. අපේ කාලේ වෙනකොට උඹලගේ කාලෙට සාපේක්ෂව ඉගෙනගන්න උදව් වැඩියි. මටත් මතකයි සඳරේණු පත්තර වල නොටේෂන් කොළ යාළුවො ගාව තිබ්බ. දැන් උන්ට තියන අවස්ථා වැඩියි. හැබැයි එව්වයින් ප්‍රයෝජන ගන්නවද මන්ද.
කමිය ඔන්න දැම්ම තියාම දැල් එලනවා...
මනෝෂ්... ඔය දෙක නං මට නියමෙට තියනව...
//මල්ලි යාළුවො පස් දෙනෙක් එක්කගෙන එන්න. අපි උගන්නන්නම්" //
Deleteමචෝ මං අපේ යාලුවෙක්ගෙ සවුන්ඩ් එකක සෑහෙන කාලයක් රස්තියාදු ගැහුවා ෆිට් එකට..මං ඕක ඇස් දෙකට දැක්කා.සම්පූර්ණ අසාර්ථකයි..කොල්ලො පැය දෙකට 1500 ක් ගෙවලා සර් උගන්නන ටික ප්‍රැක්ටිස් දානවා සවුන්ඩ් එකේ..
ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න ඌට ඒකට ආසාව තියෙන්න ඕනෙ..ඕකට යන හැම එකාම බදාගන්නෙ ඩ්‍රමයි පෑඩයි රිදමයි.කීබෝඩ් බේස් ලීඩ් වලට කොල්ලෝ අඩුයි.ඉතින් අන්තිමට සෙට් එකේ ඉතුරුන්වෙන උන්ට තමා ඔය ඉන්ස්ටෘමන්ට් ගහන්න වෙන්නෙ.උන් ගහන්නෙ ආසාවට මෙමෙයි.වෙන ගහන්න එකක් නැති නිසා.. අනික ලීඩ්නං මල්ලි මෙන්න මෙතනින් ඔය පාට් එක ගහන්න කියනවා එච්රයි.හැම බෑන්ඩ් එකකම ගහන්නෙ එතනින් නිසා.ඒත් ඒ පාට් එකම වෙන තැනක ගහන්නත් පුලුවන්. ලීඩා ඒක දන්නෙ නෑ. අන්තිමට එලියට එන්නෙ රොබෝල වගේ.සර් නැති දාට අනාථයි.
ඉන්ස්ටෘමන්ට් එකට ආස ඒක ආසාවෙන් යම්තාක් දුරකට හෝ ඉගනනගත්ත උන් ටිකක් එකතු කරගෙන ඔයින් සිංදු කඩේකට ගියොත් පොලිෂ් වෙන්න පුලුවන්.. නැත්තං මාසයයි දෙකයි. !!!
මමත් දැකල තියනව බං.. දවසක් ගිටාර් එක දුන්න ගෙදර ආපු බෑන්ඩ් එකක ඔය වගේ රිදම් ගහපු කොල්ලෙක්ට ගහන්න කියල.. අනේ කෝඩ් තුනකට වඩා බෑ..
Deleteකමියෝ මගේ මේල් ඇඩ්රස් එක polwattacom@gmail.com ප්‍රශ්නේ තියෙන්නේ මම ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ බන්. නැත්තම් වැඩේට එකපයින් මම.
Deleteමනෝෂ් ... මට ඔය කියන බූරු පිටයි ඌරු කටයි දෙකමත් තියනව.. ඔය කියන ඌරු කට නිසා තමයි කවදාහරි මැරෙන්න වෙන්නෙත් .. දැනටම බර රාත්තල් විසි පහක් වැඩියිලු..
බෑන්ඩ් නම් ඔහේ ගහන්නම් වාලේ ගහල වැඩක් නැහැ බන්.. සංගීතය කියන්නේ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවන් විෂයක් නෙවෙයි. එත් විධිමත්ව ඉගෙන නොගතපු එකේ කරුමේ තේරෙන්නේ වෙස්ටර්න් ගහන්න ගියාමයි.
සංගීතය බලෙන් ඔබ්බවන්න බෑ. ඒක ඇගේ තියෙන්න ඕන. එහෙම ළමයා කිසිම බල කිරීමක් නැතුව ඒ දේ අනිවා කරනවා.
ReplyDeleteදිනේෂ්.. ඇත්ත. ඇඟේ තියන එකාට හරිහමන් ඉගැනීමක් දුන්නොත් උපරිමය කරන්න පුළුවන්...
Deleteගිටාර් වලට ආසා වුණාට කවදාවත් ඉගෙනගන්න වුණේ නෑ. ඕගන් නං ඔන්න අතගාලා තියෙනවා.
ReplyDeleteඒක අතගෑවට පස්සෙ ගුටි කෑවයි කියලත් ඔය ලෝකයා කියන්නෙ.
Deleteමධුවා ඕගන් අතගාවට වැඩක් තියනවද බං.. අතගාපන්කෝ සිතාර් එකක් වත් හොයාගෙන...
Deleteමෙලෝ වාදනයක් මට නං බෑ.
ReplyDeleteමෙලෝ වාදනයක් මට නං බෑ. x 2 ඊට අමතරව මෙලෝ ගායනයකුත් බෑ.. :p
Delete[//මෙලෝ වාදනයක් මට නං බෑ. x 2 ඊට අමතරව මෙලෝ ගායනයකුත් බෑ.. :p//] × 10
Deleteචැහ්.. M රාජ් ට S රාජ් එකක්වත් ගහන්න බැරිද?
Deleteඑක නේන්නං රාජ් හරිනං එස්රාජ් එකක් වත් ගහන්නයි තිබ්බෙ... මටත් ඔව්ව එකක් වත් හරියට බෑ... අර කතාවක් තියනවනෙ ඔක්කොම පුළුවන් එකාට එකක් වත් හරියට බෑ කියල.
Deleteසුභ උපන්දිනයක් වේවා රාජ් සහෝදරයා....
Deleteඅපිටත් දනින කියන කාලෙ ඉදල තිබ්බ සංගීත පිස්සුව හිංද මාත් ඔය ගෘප් එක්කට සැට්ටෙලා පැට්ටිස් කලා මං ගැහුවෙ බේස්... මොකද ඒක තමා මට නැගල ගියෙ ගෘෘප් එකේ උං දෙන්නෙක් ගෘප් එක කඩං ගියා අනික් එකෙක් රට ගියා තුනයි ඉතුරු වුනේ මටත් එපා වෙලා අල්ලල දැම්ම
ReplyDeleteවිස්වාස කරහං අවුරුදු 8කට කිට්ටු වෙන්න ආව ඊට පස්සෙ තාම ගිටාර් එකක් අල්ලන්න වුන් නෑ...
ඔය එස්රාජ් අර රාජ් ගැන නං දන්නෑ බං සිරාවටම මං දැකල තියෙන්නේ අතුල්ලන ඒවැං වයලිං එක විතරයි හැක්
මහේෂ්.. මාත් හෙන ආසයි බේස් ගිටාර් එකට. හැබැයි ජීවිතේට ප්ලේ කරලා තියා අල්ලල වත් නෑ.. දිග ඇඟිලි තියනවා නම් චාන්ස් වැඩියිලු නේ බේස් ප්ලේ කරද්දී?
Deleteඋඹව කන්න එපැයි.. එහෙම ඉන්ස්ට්රුමන්ට් එකක් අතාරින්න එපා.. බොක්ස් එකක් වත් අරගෙන නිකං ඉන්න වෙලාවට ප්ලේ කරපං. කාලේ කන්න කියාපු භාණ්ඩේ...
මාත් ක්ලැසික් ගිටර් එකක් ගත්ත ක්‍රවුන් එකෙං. ඒකෙත් ස්ටීල් වයර් දාල තිබ්බෙ. මාස දෙකයි, බ්‍රිජ් එක ගැළවුනා. ෆලැමෙන්කෝ ගිටාර් එකක් ගන්න හොයනව සෙකන්ඩ් හෑන්ඩ්. පිංවතෙක් ඉන්නවනං අඩුගානට විකුණන්න ලෑස්ති, අමතන්න... drackey@gmail.com
ReplyDeleteඕං අපේ පත්තරේ උදවු කරයි.
Deleteකම්බිනං නෑ බං අපේ හිරමනේ තියෙනව. ඕනනං අඩු ගානකට දෙන්න පුලුවං
Deleteඅප්පටසිරි.. උඹටත් ඒ වැඩේම උනාද? අනේ බං ඕක ලස්සනට එල්ලලා තියපන්. ආම් එක බෙන්ඩ් වෙලා නැත්තං විකුනපන්. බ්‍රිජ් එක ඇලෙව්වද?? සුපර් ග්ලු නං දාන්න එපා.. ලී අලවන ගම් එකකින් අලවලා ප්‍රෙස් කරලා තියපන්. නැත්තං සවුන්ඩ් බෝඩ් එක සවුත්තු වෙනව. ෆ්ලෑමෙන්කෝ ගිටාර් පට්ට ගණන් නේද? නෝමල් ක්ලැසිකල් ඒකෙන් ෆ්ලමෙන්කෝ ස්ටයිල් ප්ලේ කලාම සවුන්ඩ් බෝඩ් සවුත්තු වෙනවා සහ ටියුන් බහිනවලු...
DeletePrasa amtana
Deleteඋඹ ෆේක් මෙන්ඩෙක්ද බං? ඇයි මේ විදියට ටයිප් කරන්නෙ?
Deleteඅර S. රාජ් ගැන සජ්ජගෙ තාත්ත කියල තියෙන විස්තරේ නං ටක්කෙටම හරි ඈ...!
ReplyDeleteමම ඇත්තටම දැකල නෑ බං එස්රාජ් එකක්...
Deleteආ.. නෑ නෑ.. අමතක උනා.. යාලුවෙක්ගෙ තාත්ත එස්රාජ් ගැහුවා.. එහෙදි අල්ලල බලල තියනවා...
Deleteසහගහන අපරාදකාරයෙක් නේ යකෝ තෝ කරලා තියෙන්නේ මෙච්චර කල් .... මූව මරාගෙන කන්න එපාය...
ReplyDeleteහෙහ්... ලොකු අයියෙ.. උඹ විශ්වාස කරනවද අපේ එවුං එක්ක ගිටාර් ගගහ සිංදු කියද්දී ගිටාර් එකේ සද්දෙ ඇහෙයි කියල.. විශේෂයෙන් කටුස්ස උන්න තැන ගිටාර් ගහන්ඩ පුළුවන් වෙයි කියල... ඕකා අර තාත්ත කොරපු වැඩේ මට කොරයි ඌ කියන සිංදුව ගහන්න බැරි උනොත්...
Deleteපව් අහිංසක එස් රාජ්
ReplyDeleteමුලින් මට හිතුනේ එහෙමයි.
කවුද දන්නේ එහෙම කියන්නේ සංගීත භාණ්ඩෙකට කියලා.
මටත් පුළුවන් ඔය සංගීත කාරයෝ අස්සේ ඉඳගෙන හිමීට හිමීට සින්දු අහන්න නම්... අතට පයට අහුවෙන විදියට මැටි පාගන්නත් පොඩ්ඩක් පුළුවන්... ඇයි වයින් බොන්න සංගීත කාරයෝ අස්සේ. ඒකනම් හොඳටම පූළුවන්... නැතිව අපි සිංදු කීවොත් ගල් ගහයි වටේ පිටේ එවුන්...
බුරු බබෝ... දැන් බ්ලොග් ලියන්නෙම නෑ නේද? කාලෙකින්... කිව්වට විශ්වාස කරන්න මට ඔය මැටි පාගන වැඩේ චුට්ටක් වත් පිහිටලා නෑ... විලි ලැජ්ජාව කියන්නෙ අපේ උන්දැ මාව නෝන්ඩි කරනව ඔය සම්බන්දෙන්. අඩුම තරමේ මගුල් ගෙදරකදී වත් මම කට්ටිය හිටියත් නටන්න යන්නේ නෑ නිකමටවත් . නිකං ලජ්ජා වෙන්න ඕන නෑ නේ .. බලන් ඉන්න එකාට හිනා ගිහිං පන යයි.. දෙයියො එක එකාට එක එක හැන්දෙන් බෙදල තියෙන්නෙ...
Deleteඅපි ලියනවා. ඒත් ඒවා බ්ලොග් නෙමෙයි ජීවිතේ එදිනේදා සටහන්...
Deleteමටත් සංගීතකාරයෝ යාළුවෝ විදියට ඉන්නවා මහ ගොඩාක්. ඉතින් උන් එක්ක සෙට් වෙන හැමවෙලේම මට වෙන්නේ උන්ගේ ඇප උපස්ථාන කරන්නයි කනන් බොන්න හදලා දෙන්නයි වගේ ඒවා. එතකොට අන්තිමට නටනවාට වඩා වෙන්නේ අන්තිමට මැටි පාගන්න මහන්සියටම.
ඔය පත්තරේ කියලා එකෙක් ඉන්නේ අන්නා ඌ වගේ සංගීතකාරයෝත් ඉන්නවා දෙකක් දාගත්තම බයිසිකලෙත් ගිටාර් ගහන.
http://crazyburu.blogspot.it/2015/12/blog-post.html
Deleteආ.. ඔය තියෙන්නෙ.. මිස් නොවන්න ෆලෝ කර රෝලටද එල්ලමි..
Deletehttp://nelumyaya.com/?p=4864
ReplyDeleteකමි වැඩ පටන් අරං... ස්තුතියි බං...
Deleteපිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින්
ReplyDeleteසංගීත සිංහලද්වීපේ
මා වාගෙ උගත් මේ කාලෙ අයෙක්
නැත ඊට දුර්ජනා කෝපේ
මහ මෝඩකමක් තව ඇද්ද රටේ
මා එක්ක අනේ ඇය් කෝපේ
ඇන්නෑ ඊර්ෂ්‍යා මුන්ගේ මෝඩකම් පේනා
සංගීතකාරයෝ බෝමයි
පුප්පන්ට ඉතා සමතෝමැයි
දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි
නොදකින් නරිවාදම් පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන්
ඉලගෙයිරංගේ මාගෙන් තේරේ
නාට්‍යය - ශ්‍රී වික්‍රම
හෙහ් හෙහ්... සින්දුවා.. // සංගීතකාරයෝ බෝමයි
Deleteපුප්පන්ට ඉතා සමතෝමැයි
දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි//
මටම කිව්ව කතාවක්...
මම මටම ගහගත්තා මචෝ (ලොක්කා වාගේ සින්දු දැම්මට මටත් විහිළුවටවත් සින්දුවක් කියන්න බෑ ).හැක් හැක්
Delete"නොදකින් නරිවාදම් පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන් "
සිංදු නං ඕන එකෙක් කියයි. ඒ උනාට උඹ කරන වැඩේ පුළුවන් උඹට විතරයි... අනිත් එක උඹේ පෝස්ට් වල වටිනාකම...
DeleteBra is Back to Normal.
ReplyDeleteමොන නෝමල්ද???? උඹට ඉස්සර සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන් බොල........
Deleteමෙන්ඩා... මොකද්ද මේ සීන් එක? උඹ ජොබ් මාරු කලා කියල මධුවා කිව්ව... උඹ එහෙම කතාවක් නිකමට වත් කිව්වෙ නෑ නෙ.. අලුත් විස්තර මොනවද කියපං...
Delete100% agree with you... kisima deyak balen obanna haduwata success wenne nahane sajje, man kiwwe oluata. dadge part ekanam hamadaamath patta. thaamath hinaa yanawa gopaiyo gasana seen ekata.
ReplyDeleteසෙනරත් මහත්මයා.. ඒ උනාට අපේ අම්මල තාත්තල වැඩිමනක් කරන්න උත්සාහ කරන්නෙ බලෙන් දරුවන්ට ඔබ්බවන්න යන එකමයි... හෙහ් හෙහ්.. අපේ තාත්ත එහෙම තමා...
Deleteසාජ්ජා..............
ReplyDeleteweerasinghehasitha@gmail.com
මේකට මේලක් දාහං.. ඉක්මනට.... කට්ටිය උඹව හොයනවා.... වයලීන් ගහන්න සෙට් වෙන්නයි යන්නේ.... ඉක්මනට දාහං...
අම්මටසිරි... කුරුට්ටා.. දැනුයි දැක්කෙ මේක.. මොකද්ද සීන් එක?
Deleteසජ්ජා සිංහල සංගීතයට විශාල සේවයක් කර ඇති බව පෙනේ!
ReplyDeleteමා ද එසේ ම ය.
හෙහ්. ඒ කිව්වෙ සංගීතේ කොරපු නැති එකෙන් විශාල මෙහෙයක් වෙලා තියනවා කියලද? හැක් හැක් ... ඔව් වෙන්ඩත් පුළුවන්....
Deleteඅන්න කවුද බැනලා නෙලුම් යායේ. මම දැනගෙන හිටියේ මනා විතරයි ගිටාර් ගහන්නේ කියල. දැන් ගීයක් ගයා පෙන්වන්න වෙයි 26 දාට.
ReplyDeleteඅඩෝ මම අද බන් මේ පෝස්ට් එක දැක්කෙ. මේ කතාව බාගෙට උඹ මගෙ පෝස්ට් එකක කමෙන්ට් එකකින් කියල තිබ්බා. අපි ලගදිම සෙට් වෙමු මචෝ.
ReplyDeleteජය වේවා!!!
අපේ මායිය ගිටාර් ගහන්න කියල මටත් ඔයින් එකක් ගෙනැල්ල දුන්න, ඒක තාම බිත්තියේ එල්ලපු තැනම තියෙනවා පරිස්සමට :-D
ReplyDeleteඔය කිව්වට මට ටිකක් විතර ගහන්න පුළුවන් දැන් ... ඒ කිව්වෙ අර හීන් තැනින් අල්ලලා පොළොවේ තමා !