දියව්, යකෝ දියව්........!!!!!!!!!!!

අල්ලපු ගමේ පොඩි ඉස්කෝලෙට හැතැප්ම තුනක් කුඹුරු යාය  මැද්දෙන් , බඩවැටි අයිනෙන් , ගල් ඒදඬු උඩින්,  ගෙවල් පිලිකණු අස්සෙන් සෙරෙප්පු දෙකක් වත් නැතුව පයින් බඩගාපු සුන්දර අතීතයක් මටත් තිබ්බ. වටේ පිටේ හිටපු ඉස්කෝලෙ ගිය කොලු කුරුට්ටෝ ඔක්කොම එකතුවෙලා "ගැන්සියක්" විදියටයි අපි කාලේ ඉස්කෝලෙ ගියෙ. අවුරුදු 8,9,10 වයස් වල ඉන්න කොල්ලන්ගෙ "ගැන්සි" හැක්... නානාප්රකාර විදිහේ ස්තුම් පැතුම් එක්ක , එක එක සමාජ මට්ටම් වල පවුල් වලින් ඉස්කෝලෙට ආපු විවිධාකාර කොල්ලෝ කෙල්ලො අතරේ තම තමුන්ට ආවේණික කථා විලාශ , ගති පැවතුම් සහිතව වගේම  වගේම එකම යුනිෆෝම් එක උනත් එක එක විදියට ඇඳගෙන ආපු සෙට් එකක් තමයි එකම ඩෙස් බංකු  වල එකම විෂයධාරා ඉගෙනගත්තෙ.

සපත්තු දාගෙන ඉස්කෝලෙ ආපු උදවිය වගේම රබර් සෙරෙප්පු දාගෙන සහ මොකුත්ම නැති නිරුවත් දෙපා වලින් ඉස්කෝලෙ ආපු කොල්ලොත් අපේ සෙට් එකේ හිටිය. දවස් වල  ශරීරයේ උස වේගයෙන් වර්ධනය වෙන වයසක හිටපු අපේ කමිස කලිසම් බොහෝ වෙලාවට ගෙවල් වලින් මැස්සුවෙ ටිකක් විතර ලොකුවට තියෙන්ට.  කොට කලිසමේ උනත් පහළ වාටිය ටිකක් ඉඩ තියළ තමයි මහල තිබුනෙ. කොට වෙනකොට ආයෙත් මැහුම් ලිහල දික් කරන්න පුළුවන් වෙන විදියට. ඔය කෝක කොහොම උනත් සමහර කොල්ලො ඇඳන් හිටපු කලිසම් ජංගි කොට ඇඳන් ඉන්නවා වගේ පෙනුන වගේම සමහරු ඇඳන් හිටපු කලිසම් නූතන "ත්රී ක්වාටර්" කැටගරියට වැටෙන ජාතියෙ එව්ව.


ඉස්කෝලෙට පොත් දාගෙන ගියපු බෑගුත් එක එකාගේ එව්වා එක එක විදියට. උඩින් පියනක් වගේ එකක් පාතට දාල , ඒකෙ තිබ්බ රිදී පාට ලොක් දෙක "ක්ලික්" සද්දෙට වාහන ජාතියෙ කොන්දෙ එල්ලන් යන බෑග්, කාන්දම් පැන්සල් පෙට්ටි, "උරන බටේ" තියන ජාතියෙ වතුර බෝතල්, තුල් මාරු කරන පැන්සල් ( තුඩවල් ඉස්සරහින් ඇදළ අරගෙන පිටිපස්සට ගැහුවම ඉස්සරහින් අලුත් තියුණු තුඩක් එන පැන්සල් වර්ගය. සමහරු ඔව්ව  අනුකම්පා විරහිතව පු* අරින පැන්සල් විදියටත් හැඳින්වූවා මතකයි), නානාප්රකාර විදියේ කටර් (පෙන්සිල් ශාප්නර් වලට අපි කිව්වෙ එහෙම) , සුවඳ මකන( ඉරේසර්) , පැටික්නම් පෙට්ටි ( Platignum markers) වගේ මෙකී නොකී උසස් බඩු භාණ්ඩ බොහොමයක් අපේ පුංචි පාසැල් සමාජෙ නිතර ගැවසුනා. සමහර දේවල් මට නොතිබ්බත් අනුන්ගේ එකක් හරි ඉල්ලල අතපතගාල  පරිහරණය කරපු , "මාත් එකක් ගන්න ඕන තාත්තට ලියල" විදිහේ සිතුවිළි ඇතිකරගත්ත කාලෙ ඇත්තටම සුන්දරයි. ඉස්කෝලෙට අලුත් "පින්සිබල්" කෙනෙක් මාරු වෙලා ආවට පස්සෙ අපේ පාවහන් සංස්කෘතිය උඩු යටිකුරු කළා. ආපු දාට පහුවදා පිට්ටනියේ රැස්වීමක් තියපු උන්දැ " ළමයි ඉස්කෝලෙ එනකොට සපත්තු මේස් දාල එන්න ඕන. සපත්තු මේස් දාන්න සල්ලි නැත්තං රබර් සෙරෙප්පු දාගෙන එන්න එපා. රබර් සෙරෙප්පු දාන්නෙ වැසිකිලි යන්නයි. සපත්තු දාන්න බැරි උදවිය මොකුත් නැතුව නිකං එන්න" ....

මරු වැඩේ ඒක...  ඉස්කෝලෙ පලවෙනි වාරෙ පටන්ගන්නකොට ගෙදරින් අරන්දෙන සපත්තු දෙක ටික දවසක් දානකොට  කුරුම්බැට්ටි , ගල් සහ පාරෙ අහුවෙන ඕනෑම දෙයක් "ෆුට් බෝලෙකට' පෙරලගත්තු අපේ කඩි කුලප්පුව නිසාවට හොඳටෝම අබලන් වෙන එක අහන්නත් දෙයක්ද. මදිවට නියරවල් දිගේ එනකොට පෑගෙන බලු බෙටි එවෙලෙම හෝදගන්න ඇලට පණින  , වක්කඩවල් වල මඩකණයි මිරිකන්න සපත්තු පිටින්ම වතුරට බහින  අපේ සපත්තු වල ජීව කාලය බොහොම කෙටියි. ඔය විදියට සපත්තු මේන්ටේන් කොරන නිසාවට "මාළුව කට ඇරිය වගේ" සපත්තුවෙ ඉස්සරහින් කට ඇරෙන්න වැඩි දවසක් යන්නෙ නෑ.. මාස දෙකෙන් දෙකට සපත්තු අරන්දෙන්න පුළුවන් ආර්ථිකයක් මට වගේම අපේ ගැන්සියේ අනිත් කොල්ලන්ගෙ අම්මල තාත්තලට තිබුනෙත් නෑ. අනික අපි සපත්තු ඉල්ලල අම්මල තාත්තලට කරදර කලෙත් නෑ.  අලුත් "පින්සිබල්"ගෙ අලුත් තියරිය නිසාවට රබර් සේරෙප්පුවෙනුත් මිදිණු අපේ කකුල් කලින් කරපු වැඩ විදියටම කළා. ගලක් දැක්කම පයින් ගහල නියපොතු කාරිය ගලෝගත්ත අත්දැකීම් නිසාවට එව්වට පයින් නෙළන්න නොගියත් අනිත් වැඩ කිසි එකක් නැවතුනේ නෑ.. මඩ ජරාව පාගපු අපේ කකුල් වල ඇඟිලි කරු පැසවනකොට,  කකුල් පුරා බිබිලි දානකොට වැට එඬරු, නිදිකුම්බා කොළ, සියඹලා කොළ සහ අමු කහ අල ඕනේ තරම් ගෙවල් වටේ තිබුණ වගේම, අම්මල  එව්වා එකට තම්බල රස්නේ පිටින්ම අපි බෙරිහන් දෙද්දිම  කකුල් වල අතුල්ලලා තැව්වා.

ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට කාලේ පිට කොයි තරම් වැඩ තිබුනද... ඉස්කෝලෙ ගිහිං "එල්ලේ" ගහන්ඩ උණ පිති කපන රාජකාරි, කළින් දවසක කමතේ පිදුරු ගොඩක් අස්සෙ හංගපු කොස් ගෙඩිය ඉදිලද බලල ඒකට වැඩේ දෙන රාජකාරිය( කොස් වාරෙට  ඔය වැඩේ අපි ඩියුටියක් විදියට කළා .. ඉස්කෝලෙට යන පාරෙ තිබ්බ එක කමතක් අයිනේ කොස් ගහක් තිබුණ  කොස් වාරෙට ගහේ ගෙඩි වැක්කෙරෙන)ගෙදර සිමෙන්ති ටැංකියට දාන්න වෙලෙන් දණ්ඩි අල්ලන රාජකාරිය , ඇළ දිගේ රබර් බෝල පාකරලා පස්සෙන් යන රාජකාරිය, ඇලේ වතුර වැඩි දවසට "නිමල් කඩේ බෝක්කුව" ගාව නාන රාජකාරිය. ඔය නිමල් කඩේ බෝක්කුව ගාවින් පුංචි ඇළක් ප්රධාන ඇළට වැටෙනව. සුදු වැලි දල්ලත් එක්ක බොහොම පිරිසිදුවට තිබුණ එතන නාන්න කියාපු තැන. වහින කාලෙට සතියකට සැරයක් වත් ඔතනින් නාන එක අපේ පුරුද්දක් වෙලා තිබ්බ. ඉස්කෝල බෑග් එක කමිසේත් එක්කම බෝක්කුව උඩින් තිබ්බ, කලිසම පිටින් වතුරට බැස්ස. සබන් ගෑවිලි එව්වා මෙව්ව නෑ.. ටික වෙලාවක් සෙට් එකත් එක්ක වතුර ගහගත්ත, එහෙමම කමිසෙත් ඇඳගෙන ගිනි අව්වෙ ගෙදර එන්න පිටත් උනා. නිල්පාට සිලික් වගේ රෙද්දෙන් මහපු කලිසම ගෙදර එනකොට වේලිලා. ඉස්කෝලෙ හයවසරට යනකම් "ජුන්ඩාගේ නිදහස" ඉහලින්ම අගය කරපු  අපි කාලෙ යට ඇඳුම් ඇන්දෙ නෑ.  ගෙදරට එන්න ගොඩක් පරක්කු උනොත් මගට හොයාගෙන එන අම්මගෙන් කෝටු පාරවල් කන්න වෙච්ච වෙලාවලුත් නැත්තෙම නෑ. කොච්චර ගුටි කෑවත් ආයෙත් පරණ කෙළි පටන්ගන්න වැඩි දවසක් යන්නෙත් නෑ..

ඇත්තටම මේ ලියවිල්ල පටන්ගත්තෙ වෙන කතාවක් කියන්න තිබ්බ උවමනාවට. පොඩි ඉස්කෝලෙ ගිය කාලෙ ගැන හිතේ තියන මතක සටහන් ටිකක් එහෙං මෙහෙං වනල දාන්න හැදුවත්  ලියවෙන්න පටන්ගත්තාම වක්කඩ කැඩුව වගේ හෝසෙට ගලාගෙන එනව. ඔය අතීත මතක ලිවිල්ල පස්සට තියල කියන්ඩ ආපු දේට අදාළ කතාව කියල, එකට මූලික වෙච්ච ප්රස්තුතය කෙලින්ම අතෑරලා පොල්ලෙන් ගැහුවා වගේ මේක ඉවර කරලා දාන්නම්...

ඉස්කෝලෙට යන පාර දෙපැත්තෙ තිබ්බ දං , කොහු කිරිල්ල , කටු ගෙඩි (එරමිණියා) , කීන, බිම්පොල්, කටු අන්නාසි ගෙඩි (කෑවට පස්සෙ කට කැහුවත් කනකොට දිවියලෝක රහයි) කඩාගෙන කන්න කාගෙන් වත් අවසරයක් ගන්න උවමනාවක් තිබ්බෙ නෑ. හැබැයි ගෙවල් වල තියන පලතුරු ගස් වල ගෙඩි ඉල්ලගෙනම කන්න වෙනව.( වැට අයින් වල තිබ්බ අඹ ගස් වලට නම් හොරෙන් පොලු ගහපු වෙලාවල් නැත්තෙමත නෑ) . ඉස්කෝලෙට යන පාර දෙපැත්තෙ තුබුණු ජම්බු ගස්, පිනිජම්බු ගස්, දිවුල් ගස්, නාරං ගස් , පේර , බෙලි ගස් තිබුණු තැන් අදටත් මට හොඳට මතකයි. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට කියල උදවියගෙන් අහල පර්මිෂන් අරගෙන කොළ ටික විතරක් ඉතුරු වෙන්න ගෙඩි ටික කඩාගෙන කාපු අතීතයක් අපට තිබුණ. ඔය කතාකරල, අහල, පර්මිෂන් ගන්න වැඩේ හැම වෙලාවකම වගේ පැවරුණේ මට. " සජ්ජා, අහපන්කෝ පෙර ගෙඩියක් කඩාගන්නද කියල" මිත් සමාගමේ ඉල්ලීම .

එතන බජාර් එකේ හිටපු ශරීර ප්රමාණයෙන් පොඩි එකා වීම සහ අහිංසක පෙනුමක් ආරූඪ කරගෙන "යාප්පුවෙන්" කතාකරල වැඩේ කරගන්න තිබුණ මගේ හැකියාවෙන් අපි ඔක්කොම ගොඩ ගියා. "මාමෙ . අනේ පේර ගෙඩියක් කඩාගත්තට කමක් නැද්ද" කියල බොහොම ආචාරශීලීව අහපු මට "එපා" කියන්න කිසිම නැන්දෙක්ට , මාමෙක්ට හිත් දුන්නෙ  නෑ... අපි කාලේ ඉල්ලීම් දිනාගත්තෙ විදියට. " ඉන්ටපර්සනල් ස්කිල්ස් " හදාගත්තෙ එහෙම. ගෙදරදී උනත් අවශ් දෙයක් ඇඟවෙන්න අරිනව , එහෙමත් නැත්තං බොහොම යාප්පුවෙන් කියල ඉල්ලගන්නව මිසක් "මට අරක ඕනමයි" කියල කිව්වොත් දේ මළාට හම්බවෙන්නෙ නැති බව මං දැනගෙන හිටිය. පොළට කාරිය ගියාම බිම පෙරලි පෙරලි "අරක අරන්දෙන්න" කියල අඬන ළමයි සමහර වෙළාවට අම්මල තාත්තලගෙන් ඉල්ලෙම් දිනාගත්තත් , නිකමට වත් මං වැඩේ කරන්න ගියෙ නැත්තෙ කොහොමත් එහෙම කලොත් දේ හම්බවෙන්නෙ නැති බව දන්නා නිසාවට සහ ඊට අමතරව අම්මගෙන් ගුටි කන්නත් වෙනව කියල සහසුද්දෙන්ම  දන්න නිසාවට.

සාකච්ඡා මාර්ගයෙන්  වැරදි වැටහීම් මගහරවා ගැනීම, යම් එකඟතා වලට පැමිණීම  , ඉල්ලීම් දිනාගැනීම සහ ගැටළු නිරාකරණය සම්බන්ධයෙන් පිටින් පෙනෙන කාරනා ගැන යමක් පැවසීමට මානව සම්පත් සම්බන්ධ උපාධියක් අවශ්යම වෙන්නෙ නෑ මම නම් හිතන විදියට. HNDA සිසු අරගලයේදී අදාළ බලධාරීන්, ඇමතිවරයා සහ අරගල කරුවන් අතර සිදුවූ සාකච්ඡා වටයක් යූ ටියුබ් හරහා අහන්න දකින්න ලැබුණා ඊයේ දිනයේදි.

ඇත්තටම වටේ ගිහිං ආපු පඳුරු තැලිල්ල කෙලවර වෙන්නෙ මෙතනින්. එතෙන්දී සිසුන් බලධාරීන් සමග සාකච්ඡා කළ ආකාරය දැක්කම ඇත්තටම මට හිතුනෙ "මුන්ද අපේ රටේ අනාගතය?" කියලඔය වැනි ගනු දෙනු වලදී පාලකයන් එක්ක කටයුතු කරන්න, සාකච්ඡා කරන්න "අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනගාගත හැකි " සිසුන් ඇත්තේම නැද්ද? නම්යශීලී විදියට ප්රශ්නයක් ගැන කතා කරන්න මුන්ට තේරෙන්නෙම නැද්ද? මුන් ආයතන වල ශිෂ් නායකයින් ලෙස පෙනී සිටී නම් , නම් මුන්ට නායකත්වය ලබා දුන් , මුන්ව නායකයන් ලෙස තෝරාගත් සෙසු ශිෂ් පිරිසගේ තත්වය කෙබඳු විය හැකිද?

මා දන්නා විදියට කඩයක් කරන මුදලාලි කෙනෙක්  කඩේට බඩු දාන එකා එක්ක කතාකරල කේවල් කරන වැඩේ ඌට කරන්න බැරි නම් අඩුම තරමින් උගේ ගෑණිව වැඩේට දානව. ඔය විදියට ඔය ගනුදෙනු කිරීම් ක්රමයෙන් ඉදිරියට යත්දී අදාළ කාරනාවට අදාළ දක්ෂතා ඇති පුද්ගලයින් තමයි කරළියේ තබන්නෙ. උදාහරණයක් විදියට ජවිපෙ දේශපාලනයේදි ඉස්සර කඩේ වහන්න තුන්ඩු දාපු එකා , ට්රස්ෆොමර්, බස් ගිනි තියන එකා තිරය පිටුපස ඉද්දි ප්රධාන ධාරාවෙ හිටියෙ "මහා විජේවීර සහෝදරයා" ( තරුණ ජීවිත බිල්ලට දීල තොලෝංචි වෙලා ගිය කාලකන්ණියා). හොරෙන් පෝස්ටර් ගහන, වැඩබිම් වල වර්ජන වලට දායක වෙන ජවිපෙ සාමාජිකයින් තිරය පිටුපස ඉඳිත්දී ප්රධාන ධාරාවේ විරාජමාන වෙන්නෙ "උපාධි සහිත" බහුශ්රැත ලොකු සහෝදර වරු. ඒක තමයි තියරිය. හරියට බැලුවොත් වෙන්න ඕන ඒක තමයි. පෝස්ටර් ගහන එකා ඇවිත් මාධ් සාකච්ඡාවක් තිබ්බොත් රෙදි ගැලවෙනවා. අඩුම තරමින් ඔය කියන "සිම්පල් ලොජික්" එක තේරුම් ගන්න හෝ ක්රියාත්මක කරන්න බැරි තරමට අද රටේ ශිෂ් ව්යාපාරය බංකොලොත්ද?
අදාළ  සාකච්ඡාවේදි මම නම් දැක්කෙ අන් මතය නොඉවසන , කඩාගෙන බුරාගෙන පණින පිස්සු බල්ලන් රෑනක්. සෝමාලි මංකොල්ලකරුවන් පිරිසක්. ඔය වැඩේ ලස්සනට කතා කරගන්න පුළුවන් , නෙගෝශියේට් කරන්න පුළුවන් සිසු පිරිසක් ඔය සිසු පරපුර තුල නැද්ද? එහෙම ඉන්නවා නම් ඇයි උදවිය ඉස්මතු වෙන්නෙ නැත්තෙ? මුරණ්ඩු , අකීකරු , අන් මතයට සවන් නොදෙන ගති පැවතුම් පෙන්නුම් කෙරෙන පිරිසක් මාර්ගයෙන් ප්රශ්න විසඳාගන්න පුළුවන්ද? එහෙම බැලුවාම මේ උදවිය දේශපාලනික හස්තයකින් මෙහෙයවෙන බවට සැක කිරීම සාධාරණ නැද්ද? සාකච්ඡා වට මේසයේදි හැම විටෙකම බුරාගෙන පැනපු "ගණයා" ( හාමුදුරු නමක් ලෙස ඒකාව හඳුන්වන එක වැරදියි) ශීලාචාර ලෙස හැසිරුනේ කාගේ හයියක් අරගෙනද? ඒකා සාකච්ඡා මේසයෙන් නික්ම යන්නේ "ඔය ඇමතිකම හොඳයි ළමයෙකුට දෙන්න" යනුවෙන් පවසමින්. මුන්ටද අපි වැඳුම් පිදුම් කළ යුතු? HNDA එකට උපාධි පිළිගැනීම හම්බුනාට පස්සෙ මුගෙ හතර වරිගයම සසර කතරින් එතෙර වෙනවා වෙන්ටැ..

පාලකයන්ගෙන් සිසු පරපුරට සිදුවන වැරදි බොහෝමයක් ඇති. ගැන විවාදයක් නෑ.. වැරදි වලට විරුද්ධව හඬක් නැගිය යුතුයි. ගැනත් විවාදයක් නෑ.. වැරැද්ද තියෙන්නෙ මුන් විරෝධය දක්වන විධියේ සහ ප්රශ්නයක් නිරාකරණය කරගැනීමට උත්සුක වන ආකාරයෙයි. පුද්ගලික විශ්ව විද්යාල ප්රශ්ණයේදී "පුද්ගලික විශ්ව විද්යාල වසා දමවූකියා බෙරිහන් දෙනවා මිසක දේවල් වල ගුණාත්මක භාවය පවත්වාගැනීම ගැන මුන් වචනයක් කියන්නේ නෑ.. විශ්ව විද්යාල වලට ඇතුලත් වීමට උසස්පෙළ "පුද්ගලික පංති" වලට ගිය වගක් මුන්ට මතක නෑ.. ජේවීපී කාරයින් හෝ  කුරුටු ගාමීන් විසින් මෙහෙයවෙන මේ උදවියට උන්ගේ ලොක්කන්ගේ දරුවන් පිටරට ලොකු ලොකු පුද්ගලික විශ්ව විද්යාල වල යහමින් මුදල් ගෙවා උගනින බව පේන්නේ නෑ.. ( සරසවි අරගල වලට එකල පණ දුන් විමල් වීරවංශයා ගැන කතා අනවශ්යයි, කුරුටුගාමි ලොක්කා කුමාර් ගුණරත්නම්ගෙ දරුවන් ගැන කතා අනවශ්යයි).

මේ හැම කාරණාවකදීම අඩු වැඩි වශයෙන් හැමෝගෙම කිල්ලෝට වල හුණු තියන බවයි මගේ අදහස. පාලකයන්ගේ සහ ශිෂ් ප්රජාවගේ යන දෙකොට්ඨාශයේම. හැම ගැටළුවක්ම   සාකච්ඡා මාර්ගෙන් විසඳාගත යුතුයි. වීදි සටන් වලට බැසීමට පෙර කළ හැකි දේ බොහොමයි. පාසල්,පුද්ගලික පංති, උසස් පෙළ විෂය ධාරා වලට කොටුවී මුලුගැන්වී සිටී ශිෂ් බහුතරය සරසවි වලට පැමිණි පසු දේශපාලනික අවස්ථාවාදීන්ගේ මොළ සේදීමට ලක්වීමේ ඉඩකඩ වැඩියි.  ඉල්ලීම් වලට සමගාමීවකෑගහල පොඩි ත්රිල් එකක් ගන්නත් එක්ක මහපාරට බහින සිසු පරම්පරාවට මූණ දෙන්න වෙන්නෙ "නවගුණ වැල බෙල්ලේ එල්ලගෙන" සිල් සමාදම් වෙලා ඉන්න පොලිසියට. අහිංසක සෙට් එක ඉස්සරහට දාල පිටිපස්සෙ ඉඳන් ගල් ගහල උසිගන්නගත්ත  පොලිසියෙන් අන්තිමට කන්න වෙන්නෙ අහිංසකයෝ සෙට් එකට.  තවත් ලියන්න ගියෝතින් මේක "මාගල" වාගෙ වෙන නිසා මෙතනින් නවත්තන්නම්.




නිකමට වගේ කියන්නෙ. අර කෙලීට ඔළුව පැලෙන්න වැදුනු පොලිස් පොළු පාර අර  "ඇමතිකම් ළමයෙකුට දෙන්න කතාකරපු" ගණයගෙ තට්ටෙට වැදුන නං " අයියෝ .. හැමිනෙනවා.." කියල අහගන්නත් තිබ්බ...

106 comments:

  1. හරියට හරි සජ්ජා. ඔය පෝස්ටර් , පිකටිං බෝඩ් ගහන්නෙත් , දියව්, කරපියව් කියලනෙ. විහිලුවට වත් එකක් ' කරුණාකර දෙන්න' කියල ගැහුවනං දෙන්නත් හිතෙනව. ඇත්ත කතාව ඔය 'නායකයින්' කියාගන්නා වුන් ඉගෙන ගන්න ඕන ශිශ්‍යයො නෙමෙයි. ඔය පිටිපස්සෙන් ඉන්න කට්ටියගෙ 'කාඩරයො'

    ReplyDelete
    Replies
    1. ඉයන්... අනිත් එක තමයි බලධාරීන් ඔය කියන උදවියට මුකුත්ම දීලම නැද්ද? ජීවිතේට දැකල තියනවද "අහවල් එක ලබාදුන් අහවල් එකාට අපේ උපහාරය" කියල කොහෙවත් ගහල තියනවා. සර්ව අසුභවාදී උනාමත් ඔව්ව වෙනව... ඉගෙනගන්න ආපු ළමයින්ගෙ ජීවිත කාලකන්ණි කරන හැත්ත...

      Delete
  2. ඉතිං බං දැං මේ ර‌ෙට් මහ තැන් වල ඉන්නෙත්, ඔය සාකච්චා වලට ගිය එවුන් අවුරුදු 6-7 ඉඳල දකින්න ඇත්තෙත් මේ වගේ චණ්ඩිකම් වලින්, උඩ පැනල කෑගහල, පාට් දාලා, ගිරිය කඩාගෙන කැගහල ඉල්ලීම් කරන ‘‘මහා චරිත‘‘ නේද...? ඒ ආදර්ශෙ තමයි මේ පෙන්නන්නෙ... ‌( ඔය කිව්ව වගේ ළමා කාලයක් නැති වෙච්ච එකත් මුන්ට මෙහෙම වෙන්න එක හේතුවක් තමයි... ඒත් ඒක පිළිගන්න මේ රටේ අම්මල තාත්තල කැමති නෑ... තාරේ සමීන් පර් වගේ තමයි..) ජේවීපී නං මට කො‌ෙහාමත් පෙන්නන්න බෑ නේ... ස්ටේජ් වල ගිරිය කඩාගෙන සහෝදරයා ගාන කොටම හොම්බ කට සමතලා වෙන්න දෙන්න හිතෙනව...

    ඒක නෙවෙයි... අපි ඔය මකනෙට කිව්වෙ මක්කෙ කියල... හි හි...

    ReplyDelete
    Replies
    1. සහෝදර වරු.... ඔවුන් ගැන කතා කරලා වැඩක් නෑ... "ජෙප්පන්ට චන්දය නොදෙන්නේ ඇයි" කියල පොස්ටුවකුත් ලිව්වේ ඒකයි මම ඒ දවස් වල.
      ස්තුතියි ආවට.. හැබැයි අර " තාරේ සමින් පර්" කතාව තෙරුන් නෑ...පාරේ සෙමින් තාර වාගෙ එකක්ද?

      Delete
    2. ඒක හින්දි ෆිල්ම් එකක්... Dyslexia තියෙන ළමයෙක් ගැන.. ඒකෙ ළමයි ගැනයි, ළමයින්ගෙ අධ්‍යාපනය ගැන දෙමවුපියො හිතන විදිය ගැනයි මරු කතා ටිකක් තියෙනව...

      Delete
    3. මට ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නෙදි හිතෙන්නෙ මෙච්චරයි...

      කැම්පස් තේරීම කියන්නෙ කට්ඕෆ් මාක් එකක් විතරයි... ඒකෙන් කෙනෙක්ගෙ දක්ෂතාවයේ මට්ටම මනින්නෙ නෑ.. කැම්පස් වල පුරප්පාඩු පුරවන්න විතරයි ඒකෙන් පුළුවන්...

      දැං වෙලා තියෙන්නෙ මේ මාක් එක, කෙනෙක්ගෙ දක්ෂතාවය මනින මාක් එකක් කියල හිතාගෙන ඉන්න එක... ඒකයි මේ විශ්ව විද්‍යාල වල ඉන්න කට්ටිය නොකියන ඇත්ත... අපියි වැඩිපුරම දක්ෂ කියල කියාගෙන ඉන්න මහන්තත්වය නැති කරගන්න අකමැති හින්ද වෙන වෙන බයිල ගහනව... ඉගෙන ගන්න උවමනාව තියෙනව නං, කැම්පස් තේරුනේ නැති දක්ෂයන්ටත් අවස්ථාව දෙන්න ඕනෙ... ඔය සල්ලි වලට උපාධි දෙනව කියල බෙරිහන් දෙන්නෙ බොරුවට... මොකද දැනටත් සල්ලි වලට දෙන උපාධි නැතුවයැ මේ රටේ....

      Delete
    4. කට ඇරිය නන් මසුරන් දාන්න... මගෙත් අදහස ඕකමයි... තව ටිකක් එකතු කරන්නම්... ශිෂ්‍යත්ව විභාගෙ ෆේල් ලමයෙක් ඕලෙවල් හොඳට පාස් වෙන්න පුලුවන්. ඕලෙවල් ලාවට පාස් ලමය ඒලෙවල් ඉහලින් පාස් වෙන්න පුලුවන්.. ඒ ලෙවල් ලාවට පාස් ලමයෙක්ට හොඳට උපාධිය කරන්න බෑමද?... ඒකෙ අනිත් පැත්ත කිව්වොත්.. ශිෂ්‍යත්වය ඉහලින් පාස් ලමයෙක් ඕලෙවල් ලාවට පාස් වෙන්නත් පුලුවන් නෙද? ඕලෙවල් ඉහලින් පාස් ලමයි ඒ ලෙවල් ෆේල් වෙන වෙලාවල් නැද්ද? ඒ ලෙවල් උඩින්ම ගොඩ දාපු උදවිය කැම්පස් ගිහින් උපාධිය ඇනගන්නෙ නැත්ද?... ඔය කිව්ව අනුපිලිවෙල වෙනස් වෙන්නත් පුලුවන් නේද?.... ඇයි අපේ මිනිස්සු සෙකන්ඩ් චාන්ස් එකක් දෙනවට අකමැති?...එක වචනයයි තියෙන්නෙ... කුහකකම කෞශි..

      Delete
  3. ඈමතිලා රගපාන්නට උපන් හපනුන්ය.
    ඈමතිලා රූපාවාහිනී කෑමරා ඉදිරියේ බෝදිසත්වයන් සේ රගපෑවට උන් යටින් ගහන ගේන් අපි දනී.
    සිසුන්ට චරිත 2ක් නෑත.උන්ව අවුරුදු ගනන් වටේ යවා උන්ගේ ඔලු පලා මඩවා හිටිගමන් සාකච්චාවක් කෑදවා මොකක්ද පුතා ප්‍රශ්නේ?.....කියලා අහනකොට සිසුන් යම් පමනකට ආවේගකාරී වීම ඉතාම සාදාරණය.

    උපාසක ඈමතිලා සහ ත්‍රස්තවාදී ශිශ්‍යන්..........හා හා
    කෑමරාව ඉස්සරහා ඈමතිලා කරන පූස් රගනයට රෑවටෙන වෑඩිහිටි ළදරුවන් තාම ඉන්නව නේ....................

    ඔක යහපාලන ඈඩ්වටීස්මන්ට් ඵකකි.......

    අනේ පවු ඈමති හා පෑටියා..මේ වගේ අහින්සක ඈමතිතුමාලා තුන් ලෝකෙම නෑතුව ඈති.පන්සලේ හාමුදුරුවන්ටත් වෑඩිය උපශාන්තය.ප්‍රශ්නවලට විසදුම් නෑතිවුනත් ඈමතිතුමාගේ අහිoසක කම ම කොච්චර වටිනවද???
    ඊලගපාරත් චන්දෙ දෙන්න ඔන මේ උපාසකතුමාට.....................

    අපි ගොන්නුය බත්කන ගොන්නුය.........
    තව අවුරුදු 68ක් රෑවටීම අපේ පෑතුමය...........

    ReplyDelete
    Replies
    1. ඇමතිලා ගැන කතාව පිළිගන්නවා.. උන් හොඳ නළුවො තමයි.. හැබැයි හොඳම නළුවො ඉන්නෙ ඔය ශිෂ්‍යයෝ මෙහෙයවන තැන් වල. ඒ මුල් ව්‍යාපාර වල. කුරුටුගාමි වේවා ජවිපය වේවා.. අන්න රඟපෑම්.. ඔස්කාර් දෙන්න ඕන...
      මොකද්ද 68 කතාව?

      Delete
    2. ඵ් කියන්නේ ඈමතියාගේ මයිතිරිය බොරුවක් කියන ඵක ඔයා පිලිගන්නවාද?
      ඈමතියා ඔච්චර ලොකු බොරුවක් කරනවානම් ඵ් බොරුව ඉස්සරහා ලමයි යම් පමනකට ආවේගකාරි වෙන ඵක ඉතාම මානුශීයයි නේ.ළමයි රහත්වෙලා නෑ නේ.

      ඵතකොට ඔයා මේ පෝස්ට් ඵක ලිව්වේ ඈයි?
      බොරුකරන්නේ ඈමතියානම් බනින්න ඔන ඈමතියාට මිසක් ළමයින්ට නෙවෙයි නේ.

      Delete
    3. ඔය ලමයි වයින් කරපු බෝනික්කො සත්තරන්...

      Delete
  4. ඇනෝවා කියන කතාවත් ඇත්ත සජ්ජා අයියේ හැමෝම සිසුන්ව වටේ යවනවා වෙලාවකට උන්ටත් එපා වෙනවා ඇති.
    සජ්ජා අයියගේ ළමා කාලේ නම් මරු

    ReplyDelete
    Replies
    1. සබරේ
      සිසුන්ට විතරක් නෙවෙයි මේ අය ලගට වැඩක් කරගන්න කතා කරන්න ගියාම අනිත් මිනිස්සුන්ට උනත් තරහා යනවා මුන් කියන ගොන් කතා හින්දා.නමුත්ඒ හින්ද අපි එතන ප්‍රශ්නයක් ඇති කලොත් උන්ගේ ගොන්කමට වඩා අර ප්‍රශ්නය තමයි මතු වෙලා පෙන්නේ.ඒකම අවස්ථාවක් වෙනවා ඉන් පස්සේ මේ සිසුන් එක්ක සාකච්ඡා කරන්න බෑ කියන මතය සමාජගත කරන්න.මෙතනදි උනත් ඒක උනානේ.ඒ නිසා මුන්ගේ ගොන්කමට ගොන්කමින්ම උත්තර නොදි බුද්ධිමත්ව කටයුතු කිරිමයි ගැලපෙන්නේ කියලයි මගේ අදහස.බල්ලා හපනකොට අපිත් බල්ලගේ හපා කන්න ගියාම බල්ලට වඩා වැරදි කාරයෝ වෙන්නේ අපිනේ මචං..

      Delete
    2. සබරේ... වටේ යවන කතාව පිළිගන්නවා... ඒක නෑ කියන්න බෑ කොහොමටත්...තරහ ගියා කියල කටේ බලෙන් ඇඟේ බලයෙන් ප්‍රශ්න විසඳන්න බෑ නෙ නේද?? ළමා කාලෙ කියල වැඩක් නෑ සබරේ...ඒ වගේ කාලයක් දැන් ඉන්න පොඩි උන්ට ලැබෙන්නෙ නැති එක දුකයි... මනෝ ....ස්තුතියි එකතු කිරීමට...

      Delete
  5. http://nihandasiththaraawi.blogspot.com/2015/11/blog-post.html
    මේ කතවම නොවෙන, නොවෙනත් නොවෙන අධ්‍යාපනයේ තවත් පැතිකඩක් කතා කරන්න උත්සහ කළා. ඔයාලත් ඇවිත් යන්න.

    හරිම අගේට ලියල සජ්ජා කවදත් වගේම.
    සුබ පැතුම්. අපි බලා ඉමු නෙ මොකද වෙන්නෙ කියලා?

    ReplyDelete
    Replies
    1. හංසමාලි.. ස්තුතියි.. එන්නම් ලිපිය බලන්න.. ඇඩ් දානවට අයකොරනවා ඈ....

      Delete
  6. එකඟයි. ඔය ටික ලියා ගන්න වෙලාවක් නැතිව හිටියේ

    ReplyDelete
  7. සියට සියයක් එකඟ වෙනවා.. හාමුදුරුනමකගෙන් බලාපොරොත්තු වන සංවරය ආදර්ශමත්භාවය එක්ක කතා කරා නම් ඉල්ලීම් සම්බන්ධයෙන් ඊට වඩා සැලකිල්ලක් හරි දක්වන්න ඉඩ තිබුනා.

    ශිශ්‍ය පරම්පාරාව හැමදේටම පාරට බහින්නෙ අවශ්‍යතා ඉල්ලා ගැනීමටද නැත්තම් බලෙන් ලබා ගැනීමටද කියන එක තමයි ප්‍රශ්නෙ..

    මේ පෝස්ට් එකෙන් පස්සෙ තමයි මාත් යූ ටියුබ් වීඩියෝ එක බැලුවෙ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදහසේ.... ඔබේ මතයේම තමයි මමත් ඉන්නෙ...මේ ගැන පොස්ටුවක් ලියන්න පාදක උනේ ඔය වීඩියෝ ක්ලිප් එකම තමයි... හාමුදුකම පැත්තකින් තියමු.. ශිෂ්‍යයෙක් විදියට වත් සංවරව හැසිරියන්...

      Delete
    2. ශිශ්‍යයන්ට සංවරභාවය ආයෙත් අමුතුවෙන් උගන්වන්න වෙලා.
      ඉස්කෝලවල වුනත් අපිට ඉගැන්නුවෙ වැඩිහිටියෙක් බනිනව නම් හරි උනත් වැරදි උනත් අහන් ඉන්න. ඊටපස්සෙ නිදහසට කරුණු දක්වන්න කියලා. ඒ වැඩි ඈතක නෙමෙයි ..මීට අවුරුදු පහකට විතර කලින් කාලෙත් ඕවා ඉගැන්නුවා. විභාග පාස් උනාම උන්ට ඒවා අමතක වෙනවා ඇති

      Delete
  8. එකඟයි.මාත් හිතුවෙ ඔය ටිකම තමා.සාකච්ඡාවකදී මොනතරම් ආවේග තිබුනත් ඒවා පාලනය කරගෙන හැසිරෙන්නට දැනගත යුතුයි.තරුණකම නිසා එහෙමයි කියල ඇඟ බේරගන්න බෑ.මම නං එතන දැක්කෙ ඇමතිට බුර බුරා පනින බලු රැළක් ඉන්නව වගේ.

    ReplyDelete
    Replies
    1. හැලප තුමා... තනිකරම පිස්සු බලු රෑනක්... ඔය විදියට පුලුවන්ද ප්‍රශ්න විසඳන්න.. සාකච්චා කරන්න... අන් මතයට ගරු කරන එක, නම්‍යශීලී වෙන එක ගැන අබමල් රේණුවක අවබෝධයක් නෑ.. නමට හෝ ඇමතියෙක් එක්ක හැසිරෙන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජීවිතයේදී මේ මිනිස්සු කොහොම ඇතිද??

      Delete
  9. අනේ ඔය සටං ගැන මම දන්නෙ නෑ බොල. ඒත් උඹේ අර පාසල් කාලෙ කතා ටිකනං මාර රහයි. ඒ උනාට ඒ ගැන මෙතන කතා කරල වැඩක් නෑනෙ. ඒ හින්ද ඒ කතා ටික වෙනම පෝස්ට් එකකිං දාහං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න.. ලියන්නං ලියන්නං.. අනිවාර්යෙන් ලියන්න බොහෝ දේවල් තියනව... මටත් හිතුන අතීතාවර්ජන පාරක් ලියන්න ඔය කාලේ ගැන...

      Delete
  10. ....//"පුද්ගලික විශ්ව විද්‍යාල වසා දමවූ"//...

    මේ ගැන ඊයේ නෙත් එෆ් එකේ සාතච්ඡාවක් තිබුනා.එතනදි අන්තරේ සිසුවෙක් සාකච්ඡාවට සම්බන්ධ වුනා..ඔහු දිගින් දිගටම පැවසුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යම නෑ,එවායේ කිසිම ගුණාත්මක බවක් නෑ,කියන කරුනමයි.නමුත් නෙත් එකෙන් පෙන්නලා දුන්නා ලෝකයේ විශ්වවිද්‍යාල වර්ගිකරණයේ මුලින්ම තිබෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යල කියන එක..ගුණාත්මක බවේ ගැටලුවක් තිබෙනවනම් කොහොමද වර්ගිකරනයේ මුලින්ම තිබෙන්නේ කියන ප්‍රශ්නය ඔවුන් මතු කලා...නමුත් අන්තරේ සිසුවා හිටියේ ඔහුගේ මතයේමයි..සමහර ඉල්ලීම් කොහොමත් සාධාරන නෑ කියලා පැහැදිලියි...

    ඒ වගේම මේ ගැටලුවේදි සමහර විශ්වවිද්‍යාල සිසුන් උසස් පෙල සාමාන්‍ය මට්ටමින් සමත් සිසුන්ට මහා පහත් විදියට කතා කලා.ඔවුන් උපාධිය සදහා පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යොමුවීම මහ ගැටලුවක් ලෙසයි මේ අයට පෙනුනේ..මේ මතය සාධාරණද ? සාමාන්‍ය පෙල සියලු විෂයන් සදහා විශිස්ඨ සම්මාන ලැබු මගේ මිතුරෙක් උසස්පෙලට ගණිත අංශයෙන් පෙනි සිටියා.නමුත් පාසලේ පැවැති ගුරු හිගය නිසා ඔහුට උසස්පෙල එස් තුනක් පමනයි ලබාගන්න උනේ..නමුත් ඔහු ඉතා දක්ෂයි..මෙවනි සිසුවෙකුට අයිතියක් නැද්ද උසස් අධ්‍යාපනය ලබන්න..උසස් පෙල අසමත්වූ පමනින් ඒ හැමෝම මැට්ටෝද..උසස්පෙල විශිස්ඨ අන්දමින් සමත්වූ පමනින් තමන් මහා උගතෙක් වෙනවද.සියලු අංශයන්ගැන දැනුමක් තියනවද...මට උපාධියක් තිබුනට මගේ අටසමත් යාලුවයන්ට තියන සමහර දක්ෂතා වලට කිට්ටු වෙන්නවත් මට නම් බෑ..මේ උපාධියෙන් මේ රටේ ඔක්කොම කරන්න බෑ..මේකත් අර ඔරුවේ නැගල ගිය ගුරුවරයගේ කතාව වගේ තමයි...උපාධිය තිබුනට ඔරුව ගිලෙනකොට පීනන්න දන්නේ නැත්නම් මලා තමයි...

    පොලිසියෙන් ගහන ගැහිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ..ගැහිල්ලේ කැහිල්ලනේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මනෝ.. ස්තුතියි මේ තරමට කරුණු දැක්වීම ගැන... මගෙ අදහස් මා වෙනුවෙන් දැක්වෙන බවකුයි දැනුනේ... ඇනෝ කොමෙන්ටුයි ඔක්කොම කලවම් කරලා දිග උත්තරයක් දෙන්නම්... ඉස්පාසුවක් දෙන්න...

      Delete
    2. සජ්ජා
      ඒ සංවාදය දිගටම යනවා.උඹත් විවේකය අනුව ඒකට යමක් එකතු කරපං.ඇනෝ නියම නමින් ආවනම් තමයි මමනම් කැමති.මට හිතෙනවා මේ ඉන්නේ අපේ බොක්ක වගේ එකටම ඉන්න එකෙක් කියලා..මම හිතනවා මතවාදයෙන් එහාට පෞද්ගලික අමනාපයක් දක්වා මේක ඔහු ගන්න එකක් නෑ කියලා.

      Delete
  11. @ මනෝ මන්දිර

    මනෝ මන්දිර උබ තුමාට මනෝ විකාරද?

    ලෝකෙ තියන ප්‍රදානපෙලේ විශ්වව්ද්‍යාල ටියුශන් කඩ නෙවෙයි.
    ලoකාවේ අඩි20x20 කඩකාමරවල මාලුලෑලි වගේ තියන හොර උපාදියි කඩයි ඔක්ස්ෆර්ඩ් කේම්ග්‍රිජ් විශ්වවිද්‍යාලයි සමානකරන්නද යන්නේ.........
    ඵ් රටවල උසස් අද්‍යාපනය සෘජුව රජයේ යටතෙ නෑ.ඵ් නිසා ඵ්ම විශ්ව විද්යාල රාජ්‍ය ආයතන නෙවෙයි තමයි.හෑබෑයි ඵම විශ්වවිද්‍යාල ලoකාවේ වගේ, ටියුශන්කඩ කාරයන් කරන කලුකඩ බිස්නස් නෙවෙයි.
    ඵම ආයතන පරිපාලනය කරන්නේ නඩත්තුකරන්නේ ලාබ නොලබන අදාල විශ්වවිද්‍යාලයේ පරිපාලනයට පත්කල ආයතන විසින්.ඔවුන් කෙලින්ම වගකියන්නේ රජයට.
    ලoකාවේ වගේ නිදහස් අද්‍යපානය කාබාසිනියාකිරීමේ අරමුනින්ම පිහිටවූ හොර ගුහාවල් නෙවෙයි ඵවා.
    ලක්ශෙට දෙකට ඵසයින්මන්ට් ලියලා උපාඩි ගන්න,ඵoගලන්තේ ප්‍රශ්නපත්තර බලනවා කියලා උපාදිකඩයේ පිටිපස්සේ ඉදන් පේපර් බලලා උපාඩි ඉශූකරන්න වගේ ජරා වෑඩ ඵහේ නෑ.

    ලoකාවේ ප්‍රමිතියක් නෑති උපාදිකඩවලින් කරන්නේ,
    1.උගත්කම විහිලුවට ලක්කරන ඵක.(මොකද උගත්කම කියන්නේ සල්ලිවලට ගන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ.)
    2.නිදහස් අද්‍යාපනය කෑද හෑලියක් කරලා ඵ්ක විනාශ කරන ඵක (රජයේ රෝහල් ලගමය විනාශ කරා වගේ )
    මේව විශ්ව විද්‍යලද? මීටවඩා ප්‍රමිතියක් කොත්තු කඩවල තියනවානේ.


    //නමුත් පාසලේ පැවැති ගුරු හිගය නිසා ඔහුට උසස්පෙල එස් තුනක් පමනයි ලබාගන්න උනේ..නමුත් ඔහු ඉතා දක්ෂයි..මෙවනි සිසුවෙකුට අයිතියක් නැද්ද උසස් අධ්‍යාපනය ලබන්න..උසස් පෙල අසමත්වූ පමනින් ඒ හැමෝම මැට්ටෝද..උසස්පෙල විශිස්ඨ අන්දමින් සමත්වූ පමනින් තමන් මහා උගතෙක් වෙනවද.//

    කවුද ඵහෙම කිව්වේ?
    මේකට සාදාරණ ක්‍රමයක් ඈතිකලයුතුයි.
    ප්‍රමිතියක් නෑති උපාදි මාලු කඩ ඈරලා මොලේ නෑති සල්ලි ඈති උන්ට ''ලක්ශ විසිපහට තිහට''උපාදිය විකුනලා ,නෑතිබෑරි ඵකාව අද්‍යාපනයෙන් දුරස්කරන ඵක නෙවෙය් වෙන්න ඔන.
    විවෘත්ත විශ්ව විද්‍යාල තව තව ශක්තිමත් කලයුතුයි.සාදාරණ තරග විබාග තියලා සෑබෑ දක්ශයින් උපාදි වලට තෝරගතයුතුයි.
    පරිඝනක,කාර්මික අද්‍යාපනය තවතවත් පුලුල් කලයුතුයි.සාදාරන මිලකට පරිඝනක අද්‍යාපනය ලබන්න රජය විසින් ශිශ්‍යත්ව අර්ද ශිශ්‍යත්ව දෙන සාදාරණ ආයාතන ඈතිකලයුතුයි.( MSවර්ඩ් වලටත් රු10 000/- ක් විතර කඩාගන්නා මoකොල්ලකාර ආයතන රජයේ පාලනයට ලක්කලයුතුයි )

    ඵහෙමකරනවා මිසක් ජාතික අද්‍යාපනය මුදලාලිලා තුන්හතරදෙනෙකුට විකුනලාදාන ඵක නෙවෙයි කරන්න ඔන.

    මේකෙන් වෙන්නේ අද්‍යාපනය ඈති හෑකි ඵකාගේ බලය පෙන්වන මෙවලමක් වී ලoකාව 1956ට කලින් තිබුනු තත්වයට යන ඵක.ඵ් කියන්නේ වෑඩවසම් යුගයට..........

    පොලේ බණ්ඩක්කා විකුනන බන්ඩයියගේ පුතාටත් සල්ලිවලට උපාදියක්.....කියන ඈඩ්වටීස්මන්ට් ඵක පිටිපස්සේ තියෙන්නේ ලොකු විනාශයක්.
    ආසියාවේ ආස්චර්‍ය ,යහපාලනය...මේවගේ සුරoගනා කතාවලට රෑවටුනු අපේ ජනතාව හොදට අන්දන්න පුලුවන් කියලා දන්න නිසායි මේ අය ඔය ඈඩ් ඵක දාන්නේ.........

    මතකනේ හූ.ඈන්.පී ආන්ඩුවක් ආපුහාම කාර් ගන්න හිටපු කොල්ලන්ට කෙල්ලන්ට උන දේ..........ඵ් නිසා හොදට හිතලා මතලා වෑඩ කරමු !

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      මම දැක්කා ඔබ තවත් තැනක මේ කොමන්ටුවම දාලා තියනවා..මුලින්ම මගේ කොමන්ටුව හරියට කියවන්න.මම මෙතනදි ගත්තේ අන්තරේ සිසුවෙක් නෙත් එෆ් එකත් එක්ක කල සාකච්ඡාවක්..ඔහුගෙන් අහන ප්‍රශ්න ගැන කිසිම අවබෝධයක් නැතිවයි පිලිතුරු දෙන්නේ..ඔහුට තිබුනේ ඔහුගේ මතවාදය සම්බන්ධ අවබෝධයක් පමනයි.ඉන් එහාට අවධානය යොමුකල යුතු කරුනු ගැන කොහොමටවත් හිතන බවක් පෙනුනේ නෑ.

      .....//ලoකාවේ අඩි20x20 කඩකාමරවල මාලුලෑලි වගේ තියන හොර උපාදියි කඩයි ඔක්ස්ෆර්ඩ් කේම්ග්‍රිජ් විශ්වවිද්‍යාලයි සමානකරන්නද යන්නේ//.........


      අර අන්තරේ සිසුවත් කලේ මේ වගේ අඩුපාඩු ගැනම කියවන එක විතරයි.මේවා ජීවම් කරනවා වගේ නැවත නැවත කියවන්න අවශ්‍ය නෑ.අපිත් මේ රටේම තමයි ජීවත් වෙන්නේ.හැම අස්සක් මුල්ලක් නෑරම කරක් ගහලා කට්ට කාලා තියනව අනිත් මිනිස්සුත්.දේශපාලකයො ගැන නොදන්න බබ්බු නෙවෙයි අනිත් අයත්.මේක කියවන එක විතරක් නොකර අර අන්තරේ සිසුවට තිබුනා නේද මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලවල යම් ගුණාත්මක බවක් ඇති කරනවනම් මොන වගේ පියවරක්ද ඒ වෙනුවෙන් ගන්න ඕන කියන එක පැහැදිලි කරන්න.උසස් අධයාපනය ලැබීම කියන එක එක්තරා පිරිසකට පමනක් සීමාවුන දෙයක් නෙවෙයිනේ.මොකද අර මගේ මිතුරා වගේ විශ්ව විද්‍යාල විරම් නොලැබු අයටත් අවස්ථාව තිබිය යුතුයි.ඔබ කියන තරමට ලක්ෂ විසි තිස් ගනන් වියදම් කරන්න මගේ මිතුරා වගේ අයට බෑ.අමාරුවෙන් ජීවත් වෙන්නෙත්.එවැනි අයට සාධාරණ මුදලකට උසස් අධ්‍යාපනය ලැබිය හැකි ආකාරයෙන් අධීක්ෂන මණ්ඩලයක නියමිත අධීක්ෂණයක් යටතේ රජයේ විශ්වවිද්‍යාල වල මැදිහත්වීමත් ඇතිව පෞද්ගලික විශ්ව විද්‍යාල යම් ගුණාත්මක ක්‍රමවේදයකට අනුව පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් වුනොත් ඒකටත් විරුද්ධද?...ඔබ දැන් කියයි එව්වා කරන්නේ කොහොමද මේ ආණ්ඩු එක්ක කියලා...ඔන්න එහෙම නෙගටිව් තැනකින්ම තමයි මේ උද්ඝෝෂණ පටන් ගන්නේ,උන් අහන්නේ නෑ අපි කියන දේවල් ගහමු ඔකුන්ට කියන අර්බුදයකට යනවා මිසක් වෙනත් විකල්පයක් එන්නේම නෑ නේද ?

      අනික දැන් ඔබත් කරන්නේ අර අන්තරේ සිසුවගේ ක්‍රියාවම තමයි.මේවා මාලු කඩනම් ගුණාත්මක මට්ටමට ගෙනෙන්න ඔබලා කරන යෝජනා මොනවද..දැන් සජ්ජාගේ කියමන මෙතෙන්ට ගැලපෙනවා..

      .....//පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්ණයේදී "පුද්ගලික විශ්ව විද්‍යාල වසා දමවූ" කියා බෙරිහන් දෙනවා මිසක ඒ දේවල් වල ගුණාත්මක භාවය පවත්වාගැනීම ගැන මුන් වචනයක් කියන්නේ නෑ.//.....

      ඔබ මෙතනදි දිග හෑල්ලක් ලියනවා මිසක විසදුමක් කතා කරලා නෑ නේද පැහැදිලිවම.අර අන්තරේ සිසුවත් ඔහුගේ හිතේ තියන ඔය වගේ දිග හෑල්ලක් කියනවා..විසදුමක් ගැන කතාවක් නෑ...ඒවාගේ අඩු පාඩුව පෙනෙන්නේ උද්ඝෝෂණය කරන ඔබට පමනක් නෙවෙයි..මෙකේ ඉන්න අනිත් අයත් මේවා දන්නවා..ඒක අල්ලගෙන හොරි කහ කහ සනීපයි කියන එකේ තේරුමක් නෑ.ඔබලා හැමදාම කරන්නේ ඒක නේද.

      ඔබලා හැමදාම කරන්නේ මේ දිග හෑල්ලම කිය කිය පෙලපාලි යනවා.අහිංසක සිසුන් හැම දාම ගුටි කනවා.2000 දි වගේ කැළනි කැමිපස් හිටපු මගේ ඥාති සහොදරයෙකුට මේ වගේ උද්ඝෝෂණයකදි පොලිසියෙන් ගැහුවම අසනීප වුනා..ඉන් පස්සෙත් මගේ තවත් ඥාති සහොදරයකුටත් මේ විදියටම ගහලා තිබුනා..උන් අසනීපයෙන් ගෙදර ඉන්නකොට අපේ හිත්වලට දැනුන වේදනාව උඹලා ගුටිකන කොට උඹලගේ දෙමාපියන්ට පවුලේ අයට දැනෙනවා උඹලට වඩා.එදා ඉදන් අද වෙනකම් උඹලා පෙලපාලි ගිහින් ගුටිකෑවා මිසක මොනවද ලැබුනේ.

      ....//මතකනේ හූ.ඈන්.පී ආන්ඩුවක් ආපුහාම කාර් ගන්න හිටපු කොල්ලන්ට කෙල්ලන්ට උන දේ//.....

      මොන ආණුඩව ආවත් අපි ජීවත් වෙන්නේ අපේ මහන්සියෙන්.කොයි ආණ්ඩුවත් කරන්නේ බලය රැකගන්න දත කන එක මිස අපි ගැන හිතන එක නෙමෙයි.උන්ගේ බලය පවත්වාගෙන යන්න අපි බාධාවක් උනොත් මොන විදියකින් හරි අපිව මෙල්ල කරනවා මිසක අපිට ඇහුම් කන් දෙන ආණ්ඩු බිහි වෙන්නෑ මේ රටේ..මචං ඇනෝ උඹ සාධරණ අයීතීන් ගැන කතා කරන්න ඇවිත් අන්තිමට එන්නේ දේශපාලන මතවාදයකට නේද...වටේ ගිහින් අන්තිමට එන්නේ අයීතීන් ගැන කතා කිරිමටද දේශපාලන මතවාදයකටද.ඇත්තෙන්ම හැමදාම මේවා පස්සේ තිබුනේ මෙන්න මේ වගේ දේශපාලන හස්තයක් නේද ?

      (කලින් කොමන්ටුව මැකුවේ ටයිප් කිරිමේදි අක්ෂර අඩුවී තිබුන නිසා)

      Delete
    2. ..//මේකට සාදාරණ ක්‍රමයක් ඈතිකලයුතුයි.//...
      ඔබ මෙතන ඉදලා යෝජනා කරන ක්‍රියාවලිය තමයි අපි හැමෝම අපේක්ෂා කරන්නේ.නමුත් පෞද්ගලික අංශය ඉවත්කල යුතුයි කියන මතයේ නෑ බොහෝ දෙනෙක්.මොකද මේ දෙපැත්තටම කැමති අය ඉන්නවනේ.එක් පිරිසකගේ අවශ්‍යතාවයක් නිසා අනිත් පිරිසට අසාධාරණයක් නොවිය යුතුයි.කොහොම උනත් ඔබට මේ විසදුම් ලබාගත හැක්කේ අරගල වලින් කියලා හිතනවනම් ඒක ඔබේ දැක්ම වගේම ඔබේ කැමත්ත.මම මොකටද ඒකට විරුද්ධ වෙන්නේ.අනික මම කවුද ඔබට අරගල කරන්න එපා කියන්න.මම දක්වලා තිබෙන්නේ මගේ අදහස පමනයි.ඒක රජයේ ප්‍රකාශයක් තරමට බරපතලව ගන්න එපා.අනික එකිනෙකාට තමා කැමති අදහසක් දැරිය හැකියි.ඒක තවත් කෙනෙක් පිලිගන්නම ඕන නැ.
      කොහොම උනත් ඔබේ අදහස් මෙහි සංවාදයක් ගොඩ නැගීම සදහා වටිනව.ඒ වගේම අප අතර ඇත්තේ අදහස් පිලිබද වෙනස් මතයන් පමනයි..ඔබ කවුරු වුනත් මගේ කිසිදු අමනාපයක් නෑ ඔබ සමග.

      කොලඹ ගමයා මේ ගැන පලකල පෝස්ට් එකත් බලන්න කියලා මම ඔබට යෝජනා කරනවා..

      Delete
    3. ඔබ මගෙන් අහනවා පෞද්ගලීක විශ්වවිද්‍යලවල අඩුපාඩුම කතාකරන්නේ ඈයි කියලා?
      ඔවු ඵකට හේතුවක් තියනවා.
      පෞද්ගලික විශ්වවිද්‍යාල වල අඩුපාඩු ගෑන කතාකරන්නෙ ඈත්තටම ඵවා වල ඵ් තරමටම අඩුපාඩු තියන නිසයි.පොඩි පොඩි ඵවා නෙවෙයි මහා පරිමාන වoචා, ඩීල්, ගේම්......ඵකී මෙකී නොකී හෑමදේම.
      සරසවිය ඈයි ඵ් නමින් හදුන්වන්නේ?සරස්වතිය නිරූපනය කරන්න.
      රටට අරක්ගෙන ඉන්න උගතුන් නොවන සල්ලිකාර පාලකයින් කිහිපදෙනෙකුගේ සහ ඔවුන්ග් ගජමිතුරු මුදලාලිලා කිහිපදෙනෙකුගේ උවමනාවට සරස්විතිය අයින්කරලා ඵතනට සකිවිති රණසිoහව ආදේශකරන්න යන උත්සහය කොච්චර දුරට අපේරටේ අනාගතයට බලපායිද කියන ඵක අපි හිතන්න ඔන.

      මොකද අපේ රටේ අති බහුතරයක්(90%කටත් වඩා ) ඉල්ලන්නේ ප්‍රයිවට් කෑම්පස් නෙවෙයි.තමුන්ගේ දරුවගේ ඉස්කෝලෙට ගුරුවරු ඩෙස් බoකු ඉස්කෝලෙට වෑසිකිලියක්.
      ව්.වි සිශ්‍යයෝ ඉල්ලන්නේ තමුන්ගේ උපාදිවල ප්‍රම්තිය වෑඩිකරන්න කියලයි.
      ඔවුන් ඉල්ලන්නේ රාජ්‍ය අද්‍යාපනය ශක්තිමත් කරන්න කියලයි.
      නමුත් ආණ්ඩුව ඵ් වෙනුවට දෙන්නේ මොනවද???පර්යිවට් යුනි......ඵ් කාගේ උවමනාවටද?

      අපේ රට කොච්චර පොඩි වුනත්, අනිත් රටවල් වගේ මහාලොකු රත්තරන්, දියමන්ති, තෙල් නෑති වුනත් මහාලොකු තාක්ශනයක් නෑති වුනත්, ආසියාවේ ගොඩක් රටවල් වලට සාපේක්ශව ඉස්සරහින් ඉන්නේ නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අද්‍යාපනයට පින්සිද්දවෙන්නයි.

      ලoකාව කියන්නේ හරිම කාලකන්නි විදියට නිදහස් වෙළදපොල ක්‍රමය ඵක්ක ගනුදෙනුකරන රටක් නෙ.
      නෑගෙනහිර ආසියානු රටවල් නිදහස් වෙළදපල ක්‍රමයේ හොද ලක්ශන ඵක්ක දියුනුවෙද්දී ලoකාව යන්නේ අප්‍රිකානු මෙක්සිකානු මාදිලියේ මoකොල්ලකාරී දූශිත රාජ්‍යක් කියන පෑත්තටයි.
      මේ ක්‍රමය තුල නිදහස් අද්‍යාඅනය වේවා නිදහස් සෞඛ්‍ය වේවා මේ කොයි ඵකත් තමුන්ගේ ගජමිතුරන්ට විකුනගෙන කෑමේ ඩීල් ආර්තික්‍ර කමය සහ අද්‍යාපනය තමුන්ගේ පoතියට සහ තමුන්ගෙ දරුවන්ට පමනයි කියන කුහක අරමුන තුල පාලකයන් විසින් විනාශකරලා දානවා මිසක් ඵ්ක සoවර්දනය කරන්න අබමල් රොනක තරම් දෙයක් වත් නොකරන බව පෑහෑදිලියි !

      ඔය මහත්වරුන්ට අද්‍යාපනය දියුනුකිරීමේ අරමුණක් තියනවනාම් ඵයාලා ඉස්සල්ලාම කරන්න ඔන ජාතික අද්‍යාපන ප්‍රතිපත්තියක් හදන ඵක.(ජාතික අද්‍යාපන ප්‍රතිපත්තිය ගෑන මතක්කරන විට, ජනාදිපතිතුමාගේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සිහිකර සිනහ නොවන්න.........)
      නමුත් ඵහෙම ඵකක් පෙනෙන තෙක්මානයකවත් නෑතිව, රජය විසින් අද්‍යාපනයේ ප්‍රමුඛ අවශයතාවය ලෙස පර්යිවට් යුනි ස්තාපිත කිරීම දකිනවනම් මෝලේ කලදක් හරි තියන කෙනෙකුට තේරෙනවා මුන්ට අද්‍යාපනය දියුනු කිරීමේ කිසිම උවමනාවක් නෑති බවත්, මුන්ට ඈත්තේ ඵය විකුනාගෙන කා, කාබාසිනියාකර අද්‍යාපනය පොඩි මිනිහාගෙන් උදුරාගෑනීමේ පහත් සෑලසුමක් පමනක් බවත් කියන ඵක.

      Delete
    4. රජයටම ඈත්තටම අදයාපන ක්ශේත්‍රයේ දියුනුවට පවුද්ගලීක ව්‍යාවසාය හවුල්කරගන්න ඔන නම් ඵක කරන්න ක්‍රමයක් තියනවා.
      ඔවුන්ට පුලුවන් ලොව පිලිගත් විශ්ව විද්‍යාල වලට මේ රටවලට ඔවුන්ගේ උපාඩි පාඨමාලා පිලිගත් ක්‍රමවේදයකට සාදාරන මිලකට ලබාදීම සදහා ආරාදන කරන්න.
      ඵ් වගේම ඵම කටයුතු නියාමනය කිරීම සදහා ස්වාදීන ආයතනයක් පිහිටුවන්න ඔන.
      ඵම උපාදිදාරීන් රෑකියා වෙලදපලට, වෘත්තීය ක්ශේත්‍රයන්ට ඈතුලත්කරගෑනීමේදී දේශීය විද්‍යාර්තයන්ට අසාදාරනයක් නොවන ක්‍රමවේදයක් ස්තාපිත කරන්න ඔන.
      ඵම උපාදිය ලබාදීමේ ප්‍රමිතිය සහ ඵම උපාදිය ලබාගන්න අයගේ ප්‍රමිතිය පිලිබද නිරන්තර පරීක්ශාවක් තියෙන්න ඔන.

      පවුද්ගලීක අද්යාපන දාරාවක් රටක ආරම්බ කරනවානම් අවම වශයෙන් මේ ටිකවත් තියෙන්න ඔන.
      ලoකාවේ කිසිම උපාදි කඩයක් ඔය අවම සදාචාරයවත් අනුගමනය කරනවා ඔයා දෑකලා තියනවද?
      මෙතන යන්නේ ඩීල් ඵකක් මිසක් අද්‍යාපනයක් නෙවෙයි කියලා ඵ්කයි අපි කියන්නේ ඵ්කයි .
      මෙවා මේ පිටරටකින් සල්ලිදීලාවත් ඩිග්‍රි ගන්න බෑරි උන්ට, අප්පලාගේ කඩවලින් මෝඩ පුතාලාට ඩිග්‍රි ගන්න හදපු හොර ගුහා නේ.

      ප්‍රමිතියක් නෑති අද්‍යාපන පෙට්ටිකඩ හදමින් අද්‍යාපනය කියන වචනෙටත් ලෑජ්ජකරනවා වගේම ඊට සමාන්තරව ප්‍රතිපාදන කපමින් සිසුන්ගේ ඔලුපලමින් රාජ්‍ය අද්‍යාපන පද්දතිය විනාශ කරනකොට.........මෙතන ඈත්ත උවමනාව මොකකද කියලා ඵලිවෙනවා.

      පෞද්ගලීක රෝහල් මාෆියාව තුලින් අසියාවේ තිබුනු හොදම සෞඛ්‍ය සේවය තුන්ඩු දෙන අම්බලමක් බවට පත්කලා වගේම, ආසියාවේ හොදම නිදහස් අද්‍යාපන ක්‍රමය ටියුසන් මුදලාලිලාගේ ඉල්ලමක් කරන්නත්, ඵතනින් අද්‍යාපනය කියන්නේ දහම් බේබිලාගේ,නාමල් බේබිලාගේ සහ ඵම උතුමන්ලාගේ මිතුරන්ගේ සුඛපබෝගී අයිතියක් කරන්නත් යන තක්කඩි ගමනක් මිස වෙන කිසිත් නෑ කියන ඵක නම් පෑහෑදිලියි.

      ඈත්තටම අද්‍යාපනය දියුනුකරන්න ඔන නම් මුලින්ම ජාතික අද්‍යාපන ප්‍රතිපත්තියක් තියෙන්න ඔන(අවාසනාවකට අපේ රටේ ජාතික අද්‍යාපන ප්‍රතිපත්තිය යනු විකුනන් කෑම ය.)
      රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කිරීම වගේම
      විවෘත්ත විශ්වවිද්‍යාල කිහිපයක් වත් මේ රටේ ඈති කරන්න ඔන.
      සාදාරන, විනිවිදබාවයෙන් යුත් තරග විබාග පවත්වා දක්ශයන්ට ඉගනීම තුලින් ඉහලට යන්න අවස්තාව දෙන්න ඔන්.
      උසස පෙලින් අද්‍යාපනය මගහෑරුනු අයට උසස් අද්‍යාපනය කිරීමට , පුලුල් විවෘත්ත විශ්වවිද්‍යාල පද්දතියක් ඈතිකල යුතුයි.ඵ සදහා සාදාරන අයකිරීමක් කිරීමටද(පයිවට් යුනි වල මෙන් ලක්ශ ගනන නෑතිව )

      ඊට අමතරව තාක්ශන අද්යාපනය පුලුල් කරන්න ඔන.තාක්ශන අද්‍යාපනයෙන් ලක්ශගනන ගසාකන කලුකඩ මුදලාලිලාව නියාමනය කරන්න ඔන.කාර්මික අද්‍යාපනය වර්දනය කරන්න ඔන.ඔවුනරෑකියා සදහා මගපෙන්වීමක් කලොත් වඩාත් හොදයි.
      ඵ් තුලින් අද්‍යාපන බල්ලාට නොවෑටෙනවා මෙන්ම ඵම මුදල් රාජ්‍ය පද්දතියට ආදායමක් ලෙස ඵකතුකරගෑනීමටද හෑකි වේවි.

      ඵ්හෙම නෑතිව වර්තමානයේ පන අදිමින් හෝ, සෑමට සෙවන සලසන නිදහස් අද්‍යාපනය,මුදලාලිලා දෙතුන්දෙනෙකුට විකුනලා දෑමූවහොත් ඵ් තුලින් රටේ අනාගත පරපුරද රටද අමු සොහොනක් ම වනු ඈත.

      Delete
    5. දිර්ඝව යමක් ලියන්න බෑ.කෙටියෙන් කියන්නම්.
      මගේ මතුරෙක් හිටියා ඔය වගේම දැඩි මතධාරියෙක්(හිටියා කීවේ දැන් ඔහු මේ ලොකේ නෑ).නමුත් පසුව ඔහු ඉගැන්නුවේ කොලඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික විද්‍යාලයක.ඔහුගේ දරුවනුත් යොමු කලේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට.ඔහු එතනදි තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තම මතවාදය වෙනස් කලා.ඇත්තෙන්ම කාලයත් එක්ක වෙන්නේ ඕක තමයි.පංතියෙන් පංතිය ඉහලට යන්න යන්න මුලින් තිබුන මතවාද වෙනස් වෙනව.මුලදි උසස්පෙල පෞද්ගලික පංති දැඩිව හෙලා දැකපු මගේ මිත්‍රයා පස්සේ කාලේක ගුරුවරුන් යොදවලා පෞද්ගලික පංති ආරම්භ කරලා හොද ආදායමක් හොයා ගත්තා.එතකොට ඔහු ඒක සාධාරණීකරනය කලා.සමාජයේ තමන්ට හිමිවන භූමිකාව අනුව මිනිස්සු කාලෙන් කාලේට තමන්ගේ මතවාද වෙනස් කරනවා.දැන් ඔබ ඔය මතයේ ඉන්නේ තව ටික කාලයයි.අද කියන දේ එදාට ඔබ වෙනස් කරනවා.ඔබ වුනත් හොදින් මිල මුදල් අතට ආවම රාජ්‍ය අංශය සත පහකට මායිම් කරන්නෙ නෑ.රජයේ හොස්ප්ට්ල් එක දිහා බලාගෙනම යනවා පෞද්ගලික රෝහලකට.අන්න එතකොට පෙන්නේ රජයේ රෝහලේ දෝෂය.වෛද්‍යවරුන්ගේ,රෝහල් සේවාවන්ගේ,ලබා දෙන බෙහෙත් ටිතේ වැරැද්දමයි පේන්න පටන් ගන්නේ.පෞද්ගිලක අංශය වර්ණනා කරන්න පටන් ගන්නවා,දැන් කියයි නෑ අපි වෙනස් වෙන්නේම නෑ කියලා.නමුත් ඔබට වඩා දැඩි මතධාරි මගේ මිතුරෝ වෙනස් වුන විදිය මම දන්නවා.

      ඒ වගේම හිතන තරම් යකා කලු නෑ.ආණ්ඩුවකට තමන්ගේ හිතු මතේට වැඩ කරන්න බෑ.මේකට වඩා බලවත් ආණ්ඩුවක් කඩාගෙන වැටුනේ ඔය.පක්ෂවලට ජන්දේ දීපු පරම්පරාව දැන් අවසන්.අනික මේ පුංච් රටේ වෙන දේවල් ගැන ලෝකයක් දැනගන්නවා සුලු මොහොතකින්.ඔය හිතන තරම් අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕන නෑ.ඒ වගේම රටක දියුණුව කියන්නේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයෙත් ව්‍යවසායකත්වයට.පෞද්ගලික ව්‍යවසායකයන් බැහැර කලොත් ඒ රට ඉදිරියට යන්නේ නෑ.රාජ්‍යකට පමනක් සියල්ල දරන්න බෑ.රටේ ආර්ථ්කය කඩාගෙන වැටෙනවා.ඒ නිසා යම් ප්‍රමිතියකට අනුව ඔවුන්ටත් ඉඩදිය යුතුයි.කූටදන්ත සූත්‍රය ටිකක් කියවලා බලන්නකෝ.පෞද්ගලික අංශය රාජ්‍යක සංවර්ධනයට දායක කරගන්න ආකාරය ඉතා පැහැදිලිව එහි පෙන්වලා තිබෙනවා.

      Delete
    6. //මගේ මතුරෙක් හිටියා ඔය වගේම දැඩි මතධාරියෙක්(හිටියා කීවේ දැන් ඔහු මේ ලොකේ නෑ).නමුත් පසුව ඔහු ඉගැන්නුවේ කොලඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික විද්‍යාලයක.ඔහුගේ දරුවනුත් යොමු කලේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට.ඔහු එතනදි තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තම මතවාදය වෙනස් කලා.//

      ඔයාගේ යාලුවාගෙන් අපිට වෑඩක් නෑහෑ.ඵ්වා ඔයාගෙ පවුද්ගලීක කතන්දරනේ.යාලුවෝ ගෑන ලියනවනම් මටත් ලියන්න පුලුවන්නේ මගේ යාලුවෙක් හිටියා ඵයා මෙහෙමයි මෙහෙමයි කිය කියා......
      මම කතාකරන්නේ ජාතික ප්‍රශ්නයක් ගෑන.
      අනික මා දෑඩි මාතදාරියෙක් නෙවෙයි.නිදහස් මතාදාරියෙක්.ප්‍රයිවට් යුනි ඔන නම් ඵ් සදහා නියාමනයක් ඔන කියලා කියලා කියන්නේ ඵ් නිසයි.


      //මාජයේ තමන්ට හිමිවන භූමිකාව අනුව මිනිස්සු කාලෙන් කාලේට තමන්ගේ මතවාද වෙනස් කරනවා.දැන් ඔබ ඔය මතයේ ඉන්නේ තව ටික කාලයයි.අද කියන දේ එදාට ඔබ වෙනස් කරනවා.ඔබ වුනත් හොදින් මිල මුදල් අතට ආවම රාජ්‍ය අංශය සත පහකට මායිම් කරන්නෙ නෑ.රජයේ හොස්ප්ට්ල් එක දිහා බලාගෙනම යනවා පෞද්ගලික රෝහලකට.අන්න එතකොට පෙන්නේ රජයේ රෝහලේ දෝෂය.වෛද්‍යවරුන්ගේ,රෝහල් සේවාවන්ගේ,ලබා දෙන බෙහෙත් ටිතේ වැරැද්දමයි පේන්න පටන් ගන්නේ.පෞද්ගිලක අංශය වර්ණනා කරන්න පටන් ගන්නවා,දැන් කියයි නෑ අපි වෙනස් වෙන්නේම නෑ කියලා//

      ඔයා සමාජයේ මොන ස්තරය නියෝජනය කරනවද මම දන්නෙ නෑ.
      රජයේ රෝහල් දකිනකොට වමනෙ යන සල්ලිකාරයොත් ඉන්නවා.හෑබෑයි සල්ලිකාරයන්ට වමනෙ යන ඵ් රෝහලම මේරටේ අති බහුතර ජනතාවට මහමෙරක්.
      මොකද මේරටෙ 35%ක් ජනතාවගේ දවසේ ආදායම ඩොලර් 2ට අඩුයි.ඉස්පිරිතාලෙන් දෙන පෑරසිටමෝල් පෙත්ත ගන්න උදේ 5 ඉදන් පෝලිම්වල සියගනන් මිනිස්සු ඉන්න රටක් මේක.
      ඔයාලගෙ ඔය පන්තිය වෙනුවෙන් සුපිරි රෝහල් හදාගන්න ඵක වෙනම ඵකක්....හෑබෑයි ඵකට මුවාවෙලා රජයේ හොර ඈමතියො ඵක්ක ඩීල් දාලා පවුද්ගලීක සෞඛ්‍ය මාෆියාවක් හදාගෙන නිදහස් සෞඛ්‍ය විනාශකරලා දුප්පත් මිනිස්සුන්ගේ රිරීමාoශය උරාබොන ඵක වෙනම ඵකක්.
      අද්‍යාපානයට දෙන්න යන්නෙත් ඵ ගේම ම තමයි.
      ගහ දන්න අපට කොල කඩාපාන්න ඵ්පා කියන්නේ ඵකයි. .

      ඔයා කියන පවුද්ගලීක අoශේ වර්නනාකරන රාජ්‍ය අoශය ඈලජික් අය මේ රටේ ජනගහනයෙන් කීයෙන් ප්‍රතිශතයක්ද?ඉතින් ඵයාලට රාජ‍ය අoශය ඈලජික් කියලා අපි රාජ්‍ය අoශය විනාශකරන්න ඔන ඈයි?
      මේ රටේ ජාතික ආදායමෙ 80%ක් යන්නේ ජනගහනයෙන් 20% කට, ඉතිරි 20% තමා ජනගහනයෙන් 80%ක් ම බුක්තිවිදින්නේ.
      ඔය ලොකු 20% ට රාජ්‍ය අoශය ඈලජික් උනා කියලා අපි නිදහස් සෞඛ්‍යට අද්‍යාපනයට කෙලවගන්න ඔන ඈයි?
      ඵතකොට බහුතර 80% යන්නේ කොහෙටද?ඉඩමක් කඩමක් විකුනලා හරි සල්ලි ටිකක් හොයාගත්තොත් පවුද්ගලීක රෝහලට....ඵකත් හොයාගන බෑරිවුනොත් පරලොවට......ඵක නේද ඔයාලාගේසෞඛ්‍ය ප්‍රතිපත්තිය?

      ජනගහනයෙන් සුලු පිරිසකගේ කෑමෑත්තවෙනුවෙන් නිදහස් සෞඛ්‍ය නිදහස් අද්‍යාපනය විකුනලා දානවාට වෑඩිය ,
      ඵයාලටත් ඵන්න ආසහිතෙන විදියට මේක සoවර්දනය කලොත් හොද නෑද්ද?ඵතකොට ඵයාලා ගේන මුදලින් දුප්පත් අයට තවත් සහන දෙන්නත් පුලුවන් නේද?
      ඵතකොට නේද ලෝකය ලස්සන වෙන්නේ?

      //ඔය හිතන තරම් අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕන නෑ.ඒ වගේම රටක දියුණුව කියන්නේ රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයෙත් ව්‍යවසායකත්වයට//
      පවුද්ගලීකව්‍යවසාය කියන්නේ ඵකක් ජාවාරම්කාරයො කියන්නේ තව ඵකක්.අපේ රටේ නිදහස් අද්‍යාපනයේ සහ සෞඛ්‍ය ක්ශේත්‍රය තුල ඩීල් ගෑහිල්ලක් මේ කරන්නේ .ඵයාලා ව්‍යවසායකයො නම් නෙවෙයි.ව්‍යවසායකයො කියන්නේ ප්‍රමිතියක් ඈති අය .මෙයාලා කවුද?ඈමතිලා ඵක්ක ඵක පතේ හොරාකන පල් හොරු,කලුසල්ලිකාරයෝ නේද?

      අනික අද්‍යාපනය කොහොමත් වෙළදාමට අදාල දෙයක් නෙවෙයි.

      නිර්මල බුදුදහම ඉගෑනුම සහ වෙදකම මුදලට කිරීම තරයේ ප්‍රතික්ශේප කරනවා !

      Delete
    7. ....//ඔයා සමාජයේ මොන ස්තරය නියෝජනය කරනවද මම දන්නෙ නෑ//....

      මම බොහෝම දුප්පත් පුද්ගලයෙක්.සාමාන්‍ය ආදායමක් තියනවා.රස්සා හොය හොය මාර කට්ටක් කාලා තියනවා.පිටකොටුවේ මහ රූ බඩගින්නේ නිදාගෙන ඉදලා තියනවා රස්සා හොයන්න.

      මම සාමාන්‍ය පෙල විශිෂ්ඨ අන්දමින් සමත් වුනා.නමුත් උසස්පෙල කාලේ වෙන ලොකු ප්‍රශ්නයක් නිසා පාසල් ගමන අඩාල වෙනවා.ඒ නිසා ඔබතුමාට වගේ එක් වරම කැම්පස් එකට රිංගා ගන්න බැරිවුනා.ඒ අස්සේ නිකම් හිටියේ නැතිව ලොකු කටු කන රස්සා කරනවා.කඩේක දවස් පඩියට බඩුකිරනවා.රෙදි කඩවල වැඩට යනවා.හෝටල් වල පිගන් හෝදනවා.අනුන්ගේ කුලි වැඩ කරනවා,කෙනෙකුට ලජ්ජා හිතෙන රස්සා කිසිම ලජ්ජාවකත් නැතිව කරනවා.ඒ අතරේ පරමාර්ථය නැවත ඉගෙන ගන්න එක.ඒ නිසාම නැවත ඉගෙන ගන්න ලොකු කට්ටක් කනවා.අමාරැවෙන් හම්බ කරපු මුදල ගෙදරට වියදම් කරන අතරේ රජයේ කැම්පස් එකටත් මුදල් බදිනවා.ඔබතුමාට වගේ මහපොල ලැබෙන්නේ නෑ.හම්බ කරන එකම වියදම් කරන්න වෙනවා.මිනිස්සුන්ට වරදිනවා.නමුත් ඒ සියල්ල නිවරදිව හදාගන්න පුලුවන්.ඒ නිසාම මම රස්සාව කරන අතරේ නිදි මරාගෙන පාඩම් කරනවා.උපාධිය කරගන්නවා.වෘත්තීය උපදේශකයෙක් වෙනවා.පස්සේ එකෙන් ඉවත් වෙලා ගුරුවෘතියේ යෙදෙනවා.ඕක තමයි මගේ ජීවිතය කෙටියෙන්.

      ඔබතුමා නොකාපු කටු මම කාලා තියනවා.බඩගින්න,නිදිමැරීම,අහුවෙන තැනක බිම වැටිලා නිදාගන්න එක,දුප්පත්කම.වගේම පොලිසියත් එක්ක ගුටි ඇනගැනීම හොදට පුරුදු මිනිහෙක් මම.මම දැනටත් දුප්පත් මිනිහෙක්.ගමන් යන්නේ බස් එකේ.පුංචි ගෙදරක් තියෙන්නේ.රජයේ රෝහලේ පෝලිමේ ඉදලා බෙහෙත් අරගෙන එනවා.මගේ පුංචි දූ යන්නේ ඉතා දුප්පත් පාසලක.ලොකු ඉස්කෝලයකට යන්න ආසලු.මම මට අහිමි වුන දේවල් මගේ දූට අහිමි වෙන්න තියන්නේ නෑ.කොහොම උනත් මම තවම මගේ දුප්පත්කමට,මම ඉගෙන ගත්ත කැලේ ඉස්කොලේට,ඒ පාසලේ උගන්වපු දුප්පත් ගුරුවරුන්ට ආදරේ කරන අව්‍යාජ මිනිහෙක්..(අව්‍යාජ කම නිසා තමයි නියම නමින් කොමන්ටු දාන්නෙත්) ඔන්න ඕක තමයි මම නියෝජනය කරන පංතිය..

      හැබැයි ඔබ වගේම විශ්වවිදයාලයට ගිහින් ගුටිකාගෙන ගෙදර ආව මගේ ඥාති සහොදරයෝ ඔය විදියටමයි එදත් කැ ගැහුවේ.අයියා එහෙම ගෙදරදි කියන්නේම උඹ ඔය කියපු ටිකම තමයි.ඒ නිසා මට ඒවා පුරුදුයි.ඒ වගේම මගේ සමවයසේ කැම්පස් යාලුවන්ගේ තිබුනෙත් ඔය වචන සෙට් එකම තමයි.එකට ඉන්නකොට උන් ජීවත්වෙන්න මොනවද කරන්න පුලුවන් කියන එකට වඩා හරි ආසයි ඔය වචන ටික කතා කර කර කාලේ කාලා දාන්න.ඒ සමහරු ලොකු තනතුරු වල ඉන්නේ.ඒ අය රජයේ මුදලින්ම ඒ තැනට යනකොට මම දුක් විදලා වියදම් කරගෙන එතෙන්ට ගියා.ඒ අයට වඩා උපාධියක් ඉදිරියටත් ගියා.වෙන සුදුසුකම් ගොඩකුත් හදාගත්තා.හැබැයි රජයෙන්ම ඉගෙන ගත්ත ඒ කිසිකෙනෙකුට තමන්ගේ මුල මතක නෑ.ගමේ දුප්පත් ඉස්කෝලේ තියනවද දන්නෙත් නෑ.අපි ගිහින් ඒක සුද්ධ පවිත්‍ර කරලා එනවා.තව සමහරැන්ට තමන්ගේ දුප්පත් ගුරුවරු මතක නෑ.තව සමහරැ ගමට ඇවිත් ගිය කාලයක් මතක නෑ.සමහරැ කියනවා කොලඹ වගේ නෙවයිනේ ගම දුෂ්කරයිනේ කියලා.මීට වැඩිය ඕන නෑ මචං.උඹ තියරිය කතා කරනවා.මම මේක මගේ ජීවිතේ අත්දැකලා තියනවා.උඹ තියරියට අනුව කතා කර කර ඉන්නකොට මට ජීවිතේ ගැටගහගන්න මගේ අත්දැකීම් එක්ක ප්‍රායෝගික වැඩපිලිවෙලක යෙදිලා හිටපු කෙනෙක්.

      හොදයි මම උඹගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්.උඹට පුලුවන්ද ඔය උපාධියට හරියන රැකියාවක් නොලැබුනොත් කුනු කානු අදින්න වගේ රස්සාවක් ලැබුනොත් ඒක කරන්න.හිතෙන්නේ නෑ නේද.මොකද උඹ හිතනවා ඒක තියෙන්නේ ඉගෙන ගත්තේ නැති අයට මිසක අපි වගේ උපාධිකරුවන්ට නෙවෙයි කියලා.අපිට වෙන්වුන උසස් රුකියා තියනවා අපි ඒවමයි කරන්න ඕන කියන මාන්නය තියනවා.

      තමන්ගේ කියලා රැකියා වර්ගිකරණයක් හදාගෙන නැද්ද ?
      එතනම පංතියක් නිර්මාණය වලා නැද්ද?
      මෙතනදි හෘද ශාක්ෂියට අවංක වෙයං.තව ඉහලට යන්න යන්න ඕක වැඩි වෙනවා.නමුත් මචං අපි උපාධිය කරන අතරෙම ඔය වගේ රැකියා කෙරුවා.ඒ අතරේ තව පුලුවන් හැමදේම ඉගෙන ගත්තා..කොටින්ම උඹලා රුකියා දියව් කියලා කෑ ගහනකොට අපි අහුවෙන ඕනම රැකියාවක් කරලා තියනවා.ඒ නිසා හෙට ඒ රස්සාව ආයේ කරන්න උනොත් ඒක ලොකුවට දැනේනේ නෑ.ඕනම දේකට ඔරොත්තු දෙනවා.නමුත් උඹලට ඔය එක රැකියාවක්වත් කරන්න හිතෙන්නේ නෑ උඹලගේ තියරි ජීවිතේ නිසා.ඔය තියරි වලින් ජීවත් වෙන්න බැ බං.පොලවේ පය ගහලා ජීවත් වෙයං.එතකොට උඹට කවදාවත් පොතෙන් ඉගෙන නොගත්ත ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා.ජීවිතේට පන්නරයකත් ලැබෙනවා.

      Delete
    8. අනික උද්ඝෝෂණ වෙලාවේ පොලිසියෙන් අර දරුවන්ට අමනුෂික විදියට ගහනකොට ඒ දරුවන්ට දැනුන වේදනාව උඹට වඩා හොදට මේ හිතට දැනෙනවා..

      Delete
    9. ස්තුතියි මනෝ... මගේ මතයෙන්ම අනෝට අපූරුවට උත්තර දීල තියනවා... මෙතනට මම උඩින් දාපු කොමෙන්ටුවක් ආදේශ කරන්නම්..ශිෂ්‍යත්ව විභාගෙ ෆේල් ලමයෙක් ඕලෙවල් හොඳට පාස් වෙන්න පුලුවන්. ඕලෙවල් ලාවට පාස් ලමය ඒලෙවල් ඉහලින් පාස් වෙන්න පුලුවන්.. ඒ ලෙවල් ලාවට පාස් ලමයෙක්ට හොඳට උපාධිය කරන්න බෑමද?... ඒකෙ අනිත් පැත්ත කිව්වොත්.. ශිෂ්‍යත්වය ඉහලින් පාස් ලමයෙක් ඕලෙවල් ලාවට පාස් වෙන්නත් පුලුවන් නෙද? ඕලෙවල් ඉහලින් පාස් ලමයි ඒ ලෙවල් ෆේල් වෙන වෙලාවල් නැද්ද? ඒ ලෙවල් උඩින්ම ගොඩ දාපු උදවිය කැම්පස් ගිහින් උපාධිය ඇනගන්නෙ නැත්ද?... ඔය කිව්ව අනුපිලිවෙල වෙනස් වෙන්නත් පුලුවන් නේද?.... ඇයි අපේ මිනිස්සු සෙකන්ඩ් චාන්ස් එකක් දෙනවට අකමැති? ප්‍රශ්නය තියෙන්නෙ ඔතන. ඒ ලෙවල් ඉහලින් පාස් වෙච්ච එවුන් ඊට අඩු මට්ටමේ එකෙක් ඉගෙනගෙන ඉස්සරහට එනවට කැමති නෑ.. උන් ඉදිරියට ඉගෙනගන්නවට කැමති නෑ.. ඕපන් යුනි තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? එව්වා වල උගන්නනවද? මේක කිව්ව ගමන් දැන් කියයි "එක තමයි කියන්නෙ ඒව දියුණු කරන්න" කියල. ඔය විදියට හිතුවොත් මහත්තයෝ අපි ඔක්කොම සර්ව සම්පූර්ණ වෙලා රහත් වෙලා ඉන්න ඕන. හැම තැනම වැරදි තියනවා. හැබැයි ඒ වැරදි පෙන්න පෙන්න ඉඳල අවස්තාවක් ලබාගන්න ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න ළමයිට මොකක්හෝ ආයතනයක අදාළ දෙයක් හදාරන්න තියන අයිතියට කොහොමද උඹල වැට බඳින්නෙ?
      හරි අපි මෙහෙම හිතමු . පුද්ගලික විශ්ව විද්‍යාල නරකයි. එව්වා වල උගන්නනවා හොඳ නෑ, හරි ප්‍රමිතියක් නෑ, ආණ්ඩුවෙ එව්වා වලින් එන ළමයි තරම් කොලිටි නෑ. ඔබේ විදියට තර්කය ඒකයි නෙ. එහෙනම් මොන මගුලටද උඹ උඩ පනින්නේ? උඹලට උන් එක්ක ගේමක් නැත්තං සද්ද නැතුව ඉඳපල්ලකෝ. ගේමක් තියනවා. උඹල ගොඩනගාගෙන ඉන්න තත්වයට අනාගතයේදී තර්ජනයක්. ඒකයි දැන්ම තියා සද්දේ දාන්නෙ. අධ්‍යාපනය වෙනුවෙන් අයිතිය ඉල්ලන එක හරි. පිළිගන්නවා. අඩුපාඩු වෙනව ඇති. ඒවා හදන්න ඕන. සල්ලි ගෙවල හරි ඉගෙනගන්න උවමනාව ආසාව තියන ළමයින්ගෙ අයිතිවාසිකමට කෙලින්න හදන්නේ මොකද? වෙන මුකුත් නෙවෙයි උඹලගේ තියන කුහක කමට. උඹලගේ තැන නැතුව යයි කියල. පුද්ගලික අංශයේ ඉගෙනගන්න ළමයි කවදාවත් උඹල වගේ උපාධිය අරගෙන ඇවිල්ල උද්ගෝෂණ කරනවද? පාරෙ උදියනවද? උඹල කියන ඔය මහා කොලිටිය තියනවා නම් මොන මගුලටද උපාධි අරගෙනත් පාරවල් වල රස්සා දියව් කියා කියා කෑගහන්නේ?
      දන්නවද විශ්ව විද්‍යාල වලට එස් තුනක් ගත්තත් ඉල්ලුම් කරන්න පුළුවන් බව? ඒත් උසස් පෙළින් විශ්ව විද්‍යාල යන්නෙ කීයෙන් කී දෙනාද? අනිත් උන්ට ඉස්සරහට ඉගෙනගන්න නරකද? ඒ ලෙවල් වලින් කැම්පස් යන්න බැරිව දිවි නසාගන්න ළමයි කොච්චර ඉන්නවද? කොයිතම් පීඩනයකින්ද ළමයි ඒ ලෙවල් ලියන්නෙ? "අද ඉස්සර වගේ නෙවෙයි, ඒ ලෙවල් වලින් කැම්පස් යන්න බැරි උනත් කරන්න දේවල් ඕන තරම් තියනවා" කියල මතයක් හැදෙන්නේ ඇයි? එහෙම මතයක් හැදෙන එක නරකද? එහෙම මතයක් හැදෙන්න හේතුව තමයි ගොඩක් වෙළාවට පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන තියන එක. මාළු කඩ හෝ වේවා 20/20 කාමර හෝ වේවා රැකියාවක් ඉලක්ක කරගෙන ඉගැනීමක් දෙන්න ආයතන බිහි වෙනව නම් එච්චරයි. උඹල හිතාගෙන ඉන්නෙ ලස්සන ලොකු භූමි ප්‍රදේශ , පෙම් කෙලින්න ගස්, රැග් දෙන්න අහුමු, ලිංගික පීඩනය පිටකරගන්න නේවාසිකාගාර විතරක් තිබ්බම සරස්වතී එතනට වඩිනවා කියලද? උඹල ඒ ලෙවල් කළේ ඉස්කෝලෙ ගුරුවරු උගන්නපු එව්ව විතරක් ඉගෙනගෙනද? මගුලටද එහෙනම් පුද්ගලික පංති වලට රිංගුවේ? එව්වා වල පටු බංකු වල පුකවල් වල කරගැට එනකල් කුකුල් කූඩු වල වගේ කූඩු වෙලා ඉගෙනගත්තෙ... එතකොට ඒක හරිද?
      ඕකට කියන්නෙ කුහකකම මහත්තයෝ... උඹල කැමති නෑ ඒ ලෙවල් වලදි උඹලට වැඩිය පොඩ්ඩක් හරි අඩුවෙන් ලකුණු ගත්ත එකා ඉස්සරහට එනවට. උන් ලස්සනට ජීවත් වෙනවට. උඹලගේ මහා ලොකු දර්ශන බලාගන්න පුළුවන් කාලයක් යනකොට. තමන්ගේ දරුවා ඒ ලෙවල් වලින් විශ්ව විද්‍යාලයට යන්න බැරි උනොත් උඹ උනත් කවදාහරි කරන්නේ ඕක. දොස්තරලට පුද්ගලික විශ්ව විද්‍යාල ඇලජික්, හැබැයි උන්ට ප්රියිවට් චැනලින් කරන එක ෆුල් මාවලස්. බස් එකේ යන එකාට බස් එකේ යන්නත් බයික් එකේ යන එකාට බයික් එකේ යන්නත් , කාර් එකේ යන එකාට කාර් එකේ යන්නත් පුළුවන් වෙන්න ඕන. එකට ඉඩ හසර තියෙන්න ඕන. උඹල කියන විදියට හැම එකාම බස් වල යන්න ඕන. බස් එක ඒ සී කරන්න ඕන. බස් ඒසී කරන්න ඕන තමයි, හැබැයි බස් එක ඒසී කළා කියල කාටවත් බෑ හැමෝටම බස් එකේ පලයවූ කියන්න. ඔඹේ ටෝක් එකේ අන්තිමට එන්නෙ මහත්තයෝ කුණු වෙලා පල වෙලා චුත වෙලා ගිය සමාජවාදය. අහිංසක තරුණයන් බිල්ලට දීපු අර කාලකන්නියා රුසියාවෙන් වඩම්මවපු තියරිය. ඔය තියරිය ඔළු වල ඉතුරු වෙන්නෙ කීයක් හරි අතට එනකල් සහ තැනකට එනකල් විතරයි. හොඳ රස්සාවක් කරලා කීයක් හරි හොයන්න පටන්ගත්තු දවසේ ඉඳල ඔය තියරිය අහෝසියි. පංති සටන එතැනින්ම හමාරයි...

      Delete
    10. @ මනෝ මන්දිර

      මුලින්ම,
      ඔබ මම ගෑන බරපතල මුලාවක ඉන්නේ.ඔබ හිතන් ඉන්නේ මම විශ්ව විද්‍යාල සිසුවෙක් කියලද?ඔබට වෑරදිලා.මගේ අද්‍යාපන ම්ට්ටම උසස් පෙළ.
      ඔබ හිතන් ඉන්නේ මම වර්තමාන පෞද්ගලීක අද්‍යාපන ජාවාරමේ අඩුපාඩු පෙන්නලා දෙන්නේ ප්‍රයිවට් යුනි වල උන් ඩිග්‍රි ගන්න ඵකට ඊරිසියාවේ...... ඵහෙම නෑත්නම් උද්ගෝශන වලට ගිහිල්ලා පොලීසියෙන් ගුටි කාපු නිසා තරහට.......කියලයි.
      ඔබතුමා ඉන්නේ හරිම ප්‍රාතමීක සිතුවිල්ලක නෙ.
      මමත් ඔබ වගේම දුප්පත් කොල්ලෙක්.ඔයා කාපු සුපිරි කටු සේරම මමත්ම ඵ් විදියට කාලා තියනවා.
      (ඔබ සහ මම විතරක් නෙවෙය් යාලුවා මේ සමාජ ක්‍රමය ඈතුලෙදි, බහුතරයකගේ කතාව ඔක තමයි.)

      අනික මම ඔයා සල්ලිකාරයෙක් කියලා අදහස්කලේ නෑහෑ.ඔයා ඵහෙම හිතන්න ඈත්තේ
      //ඔයාලගෙ ඔය පන්තිය වෙනුවෙන් සුපිරි රෝහල් හදාගන්න ඵක වෙනම ඵකක්//
      කියන වාඛය ඛන්ඩය මම පාවිච්චිකරපු නිසා වෙන්න ඈති.
      නමුත් මම ඵතනදි අදහස් කලේ ඔයා අදහස් අතින් සල්ලිකාර පෑලෑන්තිය නියෝජනය කරනාවා කියන්න මිසක් වත්කම් අතින් සල්ලිකාරයෙක් කියන්න නෙවෙයි.
      ඔබ මම වගේම දුප්පත් කොල්ලෙක් වෙන්න ඈති.ඔබ සල්ලිකාරයෙක් උනත් ඵ් ගෑන ආරෝවක් නෑහෑ.
      අපිට විවාදය ඈත්තේ අදහස් සමගයි.

      හරි අපි මාතෘකාවට ඵමුකෝ.....

      මම ලoකාවේ පෞද්ගලීක අද්‍යාපන ජාවාරමේ අඩුපාඩු පෙන්නලා දෙන්නේ ප්‍රදාන හේතු 3ක් උඩ.
      1.ලoකාව කියන්නේ නිදහස්වෙළදපොල ක්‍රමය හරිම නින්දිත විදියට ක්‍රියාත්මක කරන රටක්.
      අපේ රටේ නිදහස් වෙළදපොල සකල්පය පාවිච්චිකරන්නේ හොරාකන්න සහ හූරo කන්න මිසක් රට සoවර්ධනය කරන්න නෙවෙයි.
      අපේ රටේ පවුද්ගලීයකරණය කරපු හෑම ක්ශේත්‍රයක්ම විනාශ වුනා.ඵකක්වත් දියුනු වුනේ නෑ.නිදහස් සෞඛ්‍ය සේවය ල.o.ග.ම.ය,අපේ රටේ කෘශිකාර්මීක ක්ශේත්‍රය(පොහොර,බීජ,කෘශි රසායන මේ හෑම ක්සේත්‍රයකම.... )
      ඵකට හේතුව තමා, ලoකාවේ මේ ක්ශේත්‍රවලට ඵන්නේ ආයොජකයන් නෙවෙයි.ජාවාරම්කාර ඩීල්කාරයන්.ඔවුන් කරන්නේ ඵම ක්ශේත්‍ර විනාශකරලා 1000%කින් උන්ගේ ලාබාoශය වෑඩිකරගන්න ඵක .
      අද්‍යාපනය මේ හොරුන්ට විකුනලා දෑම්මොත් මුන් මේක විකුණගෙන කාලා කෙලින ඵකත් කෙලිනවා කියලා අත්දෑකීම් වලින් අපි දන්නවා නේ.

      2.නුසුදුස්සන් පත්වීම තුලින් රටේ අනාගතය බාරගන්න ඉන්න දක්ශයන් කෑලයට තල්ලුවීම.ඵ් තුලින් ඈති නෑති පරතරය තවත් වෑඩිවීම(දෑනටමත් ලoකාව ඈති නෑති පරතරය අතින් දෙවනි වන්නේ බ්‍රසීලයට පමනයි )

      3.ලoකාව බෞද්ධ රටක්.අපේ හෑමෝම ගුරුහරුකම් ගන්නේ නිර්මල බුදුදහම් තුලින්.නිර්මල බුදුදහම තුල අධයාපනය සහ වෙදකම මුදලට නොකරන ලෙස මග පෙන්වා තිබීම.

      ඵම කරුනු වලට උත්තර දෙන්නේ නෑතුව ඔයා ''මහින්ද රාජපක්ශ'' වගේ පපුවට ගහගෙන මම ගමේ කොල්ලෙක්, දුප්පත් කොල්ලෙක්, මුට්ට කරගහපු කොල්ලෙක්, කිව්වට වෑඩක් නෑ නේ.
      අපේ ස්තාවරය බොරුයි කියලා ඔප්පුකරන ඵක නේද ඔයා කරන්න ඔන.මෙතන හොටු කබ පෙරාගෙන අඩලා වෑඩක් නෑ නෙ යාලුවා.

      ප්‍රශ්නයක් සාකාච්චාකරද්දී පපුවට ගහගෙන හොටු කබ පෙරාගෙන අඩලා මහින්ද රාජපක්ශට අදින ඵක ඔබතුමා වගේ කෙනෙක්ට සුදුසු නෑ නේද?
      ඵ් නිසා අපි කෙලින් කතාකරමු.

      Delete
    11. මගුල, ඉතිං අධ්‍යාපන මට්ටම ඒ ලෙවල් නං, කැම්පස් යන්න බැරි උනා නං, සරසවිය කියන්නෙ සරස්වතී ඉන්න තැන, අනිත් තැන් වල සරස්වතී නෑ කියලත් හිතෙනව නං අඩුම තරමෙ සරස්වතී පිංතුරයක් පිටේ එල්ලගෙන හරි වෙන අධ්‍යාපන ආයතනයකට ගිහිං සුදුසුකමක් හොයාගනින්කො පව් නොදී...උඹල වගේ එවුන් තමයි ගෑණු මිනිස්සු ලිංගිකව හැසිරෙනව හොරෙන් යතුරු හිල් වලින් බලන් ඉන්නෙ. වැඩේ කරගන්නත් බෑ.... ගෑනියෙක් හොයාගෙන ඒ වැඩේ කරන්න උනන්දුවකුත් නෑ... අනුන්ගේ මගුල් බලල සන්තෝස වෙනව... අනන්‍යතාවයක් නැතුව ඔහේ ඉබාගාතේ තර්කයට අදාළ පසුබිම වෙනස් කර කර බොරුවට කාලෙ නාස්ති කරන්න එපා..

      Delete
    12. @ මනෝ මන්දිර


      මම දෙවනි කමෙන්ටුවට ඵන්නම්.
      මේක ඔයාගේ ඈඩිල්ලේ අනිත් පෑත්ත.

      //මම සාමාන්‍ය පෙල විශිෂ්ඨ අන්දමින් සමත් වුනා.නමුත් උසස්පෙල කාලේ වෙන ලොකු ප්‍රශ්නයක් නිසා පාසල් ගමන අඩාල වෙනවා.ඒ නිසා ඔබතුමාට වගේ එක් වරම කැම්පස් එකට රිංගා ගන්න බැරිවුනා.ඒ අස්සේ නිකම් හිටියේ නැතිව ලොකු කටු කන රස්සා කරනවා.කඩේක දවස් පඩියට බඩුකිරනවා.රෙදි කඩවල වැඩට යනවා.හෝටල් වල පිගන් හෝදනවා.අනුන්ගේ කුලි වැඩ කරනවා,කෙනෙකුට ලජ්ජා හිතෙන රස්සා කිසිම ලජ්ජාවකත් නැතිව කරනවා.ඒ අතරේ පරමාර්ථය නැවත ඉගෙන ගන්න එක.ඒ නිසාම නැවත ඉගෙන ගන්න ලොකු කට්ටක් කනවා.අමාරැවෙන් හම්බ කරපු මුදල ගෙදරට වියදම් කරන අතරේ රජයේ කැම්පස් එකටත් මුදල් බදිනවා.ඔබතුමාට වගේ මහපොල ලැබෙන්නේ නෑ.හම්බ කරන එකම වියදම් කරන්න වෙනවා.මිනිස්සුන්ට වරදිනවා.නමුත් ඒ සියල්ල නිවරදිව හදාගන්න පුලුවන්.ඒ නිසාම මම රස්සාව කරන අතරේ නිදි මරාගෙන පාඩම් කරනවා.උපාධිය කරගන්නවා.වෘත්තීය උපදේශකයෙක් වෙනවා.පස්සේ එකෙන් ඉවත් වෙලා ගුරුවෘතියේ යෙදෙනවා.ඕක තමයි මගේ ජීවිතය කෙටියෙන්.//

      දෑන් බලන්න ඔබතුමා හරිම දුශකර ජීවිතයක් ගතකරලා තියෙන්නේ.
      ටිකක් හිතන්න ඔබ තුමාට ඵ් කාලෙ ඈතුලත ලොකු ලෙඩක් හෑදෙනවා.ඔබ තුමාට ප්වුද්ගලීක රෝහලකට ගිහිල්ලා ලක්ශගනනවලට බෙහෙත් කරගන්න සල්ලි තිබුනද?නෑ නේද?
      නමුත් නිදහස් ඛ්‍ය සේවයක් තියන නිසා ඔබතුමාට රජයේ රෝහලකට ඈතුලත් වෙලා බෙහෙත් ගන්න පුලුවන්.
      ඵහෙම නිදහස් ඛ්‍ය සේවයක් නොතිබුනානම් මොකද වෙන්නේ ඔබතුමාට ?අර ඉන්දියාවේ වගේ කානුපල්ලක මෑරිල යන්න නේද වෙන්නේ?
      ඵ් විදියට ජීවිතය බේරගත්ත මිනිස්සු කී දාහක් ඉන්නවද මේ රටේ?
      නමුත් දෑන් අවුරුදු දෙකතුනක ඉදන් ඉස්පිරිතාලවලට යවලාතියන කලදසාව මොකකද?බෙහෙත් නෑ තුන්ඩු පමනයි.(මේවා පිටුපස ඉන්නේ පවුද්ගලීක සෞඛය මාෆියාව නෙවෙයිද?ජනාදිපති වෙන්න කලින් මයිත්තිරි මහත්තයත් පිලිගත්තා නේද ඔක?)
      අද්‍යාපනයටහ් ඔය කලදාසාව යවාගන්නද ඔයාලට ඔන?
      මේකෙ ප්‍රතිපල බලන්නකෝ පත්තරයක් ඵහෙම අරගෙන.දරුවට බෙහෙත්ගන්න සල්ලි නෑතිව තාත්තලා දරුවවත් තුරුල්කරගෙන ලිදට පනිනවා...........
      මෙන්න අපේ රටට උදාවෙමින් යන තත්වය............මේකද ඔයාලගේ සාදාරනය...මේකද ඔයාලගේ සමානාත්මතාවය...???

      Delete
    13. @සජ්ජා.

      කරුනාකර මගේ උඩම කමෙන්ට්දෙක බලන්න.
      ඔයා පුනුරුච්චාරනය කරන ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන්නේ.

      අපි ප්‍රයිවට් යුනි වලට විරුද්ද ඊර්ශ්‍යව නිසාය....වගේ මෝඩ තෑනකට මේ ප්‍රශ්නෙ ගේන්න ඵපා බන්.උත්තර දීලනේ තියෙන්නේ ඵ්වට.

      ඊර්ශ්‍යාවක් අපේ තුන් හිතකවත් නෑති වුනත්,
      මේ රට කරවන පාලක උතුමන්ලාට සහ උන්ගේ ජාවාරම්කාර මුදලාලිලාට ඉගනගන්න උන් ගෑන ලොකු ඊර්ශ්‍යාවක් තියනවා.
      ඵ් නිසානේ හෑමෝටම සම අවස්තා සලසන සහ ගමේ දරුවන්ට ලෝකය දකින්න උපකාරීවන නිදහස් අධයාපනයට හීන් සීරුවේ කෙලින්න හදන්නේ............
      අපේ උන් තමා රජ පෑටවු....ගමේ උන් ඉන්න ඔන අපේ ගස්වල ගෙඩි කඩන්න කියන මතයේ ඉදගෙන තමා මුන් නිදහස් අද්‍යාපනය විකුනo කාලා කාබාසිනියා කරන්න හද්න්නේ.............

      Delete
    14. මොන රෙද්දක්ද බං... හරි මම දැන් මෙතන උඹේ මතය කියන්නං... ප්‍රයිවට් යුනි එපා.. එව්වා දේශපාලකයෝ නිදහස් මෙව්ව එක අප්‍රාණික කොරන්ඩ හදන්න හදන එව්ව. ප්‍රයිවට් උගන්නන මුකුත්ම එපා. ප්‍රයිවට් පන්තිත් එපා, කොම්පීතර කෝසුත් එපා, එව්වා අර අහවල් එක අප්‍රාණික කොරන්න ආපු ජාවාරම්. තියෙන්න ඕන ඉස්කොලයි, සරස්වතී ඉන්න විස්ස විද්‍යාලයි, දහම්පාසලුයි, ටෙක්නිකල් කොලේජ් ටිකයි, නර්ස් නෝනලා පුහුණු කරන එව්ව ටිකයි විතරයි, ආ අර සරස්වතී ඕපන් ඉන්න තැනයි විතරයි. ඒකද වෙන්න ඕන...? ඒ ලෙවල් වලින් එලියට එන එකා වෙන මොකක් හරි කරන්න එව්වා ටිකට විතරක් ගියාම ඇති. ඒකද කියන්න හදන්නේ? ඒ ලෙවල්, ඔ ලෙවල් වලින් එලියට එන උන් උපාධි කරන්න නරකයි. එහෙම කලොත් නිදහස් මෙව්වඑක අප්‍රාණික වෙලා යනව. ඒකනෙ කියන්න තටමන්නේ .. හා මහත්තයෝ. ඒ විදියට කොම්මු....

      Delete
    15. @සජ්ජා.

      //මගුල, ඉතිං අධ්‍යාපන මට්ටම ඒ ලෙවල් නං, කැම්පස් යන්න බැරි උනා නං, සරසවිය කියන්නෙ සරස්වතී ඉන්න තැන, අනිත් තැන් වල සරස්වතී නෑ කියලත් හිතෙනව නං අඩුම තරමෙ සරස්වතී පිංතුරයක් පිටේ එල්ලගෙන හරි වෙන අධ්‍යාපන ආයතනයකට ගිහිං සුදුසුකමක් හොයාගනින්කො පව් නොදී...උඹල වගේ එවුන් තමයි ගෑණු මිනිස්සු ලිංගිකව හැසිරෙනව හොරෙන් යතුරු හිල් වලින් බලන් ඉන්නෙ. වැඩේ කරගන්නත් බෑ.... ගෑනියෙක් හොයාගෙන ඒ වැඩේ කරන්න උනන්දුවකුත් නෑ... අනුන්ගේ මගුල් බලල සන්තෝස වෙනව... අනන්‍යතාවයක් නැතුව ඔහේ ඉබාගාතේ තර්කයට අදාළ පසුබිම වෙනස් කර කර බොරුවට කාලෙ නාස්ති කරන්න එපා..//



      ඔන්න උබලා ප්‍රශ්න විග්‍රහ කරන විදිය.
      මරු නේ බන්......
      උබලගෙම අදහස් තියන උන්, ප්‍රයිවටි යුනිවලට ගිහිල්ලා උපාදි සහතික කොලකෑලි ඵහෙම සල්ලි කීයක් හරි දීලා අරගෙන ,
      සෑබෑ උගතුන් සදහා තියෙන්න ඔන වගකිවයුතු තෑන් වලට රිoගගත්තහම ප්‍රශ්න තේරුම්ගන්න විදිය උබ හරි අපූරුවට උඹ කමෙන්ට් ඵකෙන් පෙන්නලා තියනවා.....ඵල...ඵල.....
      අන්න ඵ් නිසයි උගත්කම සල්ලිවලට ගන්නත් බෑහෑ........ කොලකෑලි වලින් මනින්නත් බෑහෑ........ කියලා අපි කියන්නේ.

      තව අපූරු අදහස් ටිකක තියනවා උබේ කමෙන්ට්ඵක ඈතුලේ.......

      මට තියෙන්නේ අනන්‍යතා අර්බුදයක් ලු.......උබ කියන විදියට මගේ අනන‍යතා අර්බුදට හේතුව මොකක්ද????......මට උපාදියක් නෑති කම.
      කෙනෙක්ගේ අනන්‍යතාව ඈතිවෙන්නේ උපාදියෙන් කියලා උඹට කවුද බන් කිව්වේ?

      උබේ ඔය කතාවෙන් අපිට තව ඵකක් තේරෙනවා.......
      ප්‍රයිවට් යුනි කාරයෝ උපාදි සල්ලිවලට ගන්නේ උන්ගේ මතය අනුව, උන්ට නෑති අනන්‍යතාවයක් හදාගන්න මිසක් දෑනුම සොයායන්න හරි රටට සේවයක් කරන්න නෙවෙයි.
      ඵ් වගේම දුප්පත් මිනිහාගේ උපාදියට කෙලවා දෑමීමෙන් උන්ගේ අනන‍යතාවය ඈතිකරලා, තමුන්ගේ පන්තියේ අනන්‍යතාව විතරක් තියාගන්න පුලුවන් කියලා මුන් හිතනවා !බඩුම තමයි...........

      ඔක තමා බන් අපි කිව්වේ........

      සජ්ජා අපි මෙහෙම කරමු, අනනයතාවයක් නෑති මම වගේම හරකෙක්ව සල්ලි ටිකක් දීලා උපාදි කඩයක ටිකකාලයක් ගෑටගහලා තියමු.
      ඌට අනන‍යතාවයක් ඈති වෙයි නේ......... නේද බන් ........

      අනික සරස්වතී අපි තුලට ඵන්නෙ නෑත්නම්, ලක්ශ ගානක් දීලා සල්ලි දීලා සරස්වතීගේ පොටෝ ඵකක්(ප්‍රයිවට් යුනි උපාදි සහතිකය කියලා...... ) බෙල්ලෙ ඵල්ලගන්නවා.
      පොටෝ ඵකේ හිටියත් සරස්වතී නේ......නේද බන්....සිම්පල් ප්ලෑන්.....මරු මරු...... ලoකාව හොදට දියුනුකරයි වගේ කට්ටිය.......

      Delete
    16. උඹ වගේ ඇණ ඇනෝ කෙනෙක් දැක්කමයි.... පව් බං කීබෝඩ් එක....

      Delete
    17. @ සජ්ජා

      //මොන රෙද්දක්ද බං... හරි මම දැන් මෙතන උඹේ මතය කියන්නං... ප්‍රයිවට් යුනි එපා.. එව්වා දේශපාලකයෝ නිදහස් මෙව්ව එක අප්‍රාණික කොරන්ඩ හදන්න හදන එව්ව. ප්‍රයිවට් උගන්නන මුකුත්ම එපා. ප්‍රයිවට් පන්තිත් එපා, කොම්පීතර කෝසුත් එපා, එව්වා අර අහවල් එක අප්‍රාණික කොරන්න ආපු ජාවාරම්. තියෙන්න ඕන ඉස්කොලයි, සරස්වතී ඉන්න විස්ස විද්‍යාලයි, දහම්පාසලුයි, ටෙක්නිකල් කොලේජ් ටිකයි, නර්ස් නෝනලා පුහුණු කරන එව්ව ටිකයි විතරයි, ආ අර සරස්වතී ඕපන් ඉන්න තැනයි විතරයි. ඒකද වෙන්න ඕන...? ඒ ලෙවල් වලින් එලියට එන එකා වෙන මොකක් හරි කරන්න එව්වා ටිකට විතරක් ගියාම ඇති. ඒකද කියන්න හදන්නේ? ඒ ලෙවල්, ඔ ලෙවල් වලින් එලියට එන උන් උපාධි කරන්න නරකයි. එහෙම කලොත් නිදහස් මෙව්වඑක අප්‍රාණික වෙලා යනව. ඒකනෙ කියන්න තටමන්නේ .. හා මහත්තයෝ. ඒ විදියට කොම්මු....//

      අනේ බන් කමෙන්ට් කියවලා කතාකරපන් කෝ.මම ඔවට උත්තර දීලනේ තියෙන්නේ.
      ඈයි බන් ඵකම පක ආය ආය අහන්නේ??උබේ මොලේ අවුලක්ද?මගේ මොලේ අවුලක්ද?

      මම කියන්නේ ආණ්ඩුව (කොයි ඵකත් ) අද්‍යාපනය විකුන කන්න යන්නේ කීයක් හරි හම්බුකරගන්න සහ දුප්පත් ඵකා ඉගනගන්න ඵක වලක්කලා හෑමදාම උන්ගේ පෝස්ටර් ගහන තත්වෙට පත්කරන්නයි.(මේකට උදාහරන අනවශ්යයි....... ඉස්පිරිතාල ටිකට,කෘශිකර්මෙට ලගමට කරපු ටික බලලා තේරුම්ගනින්කෝ...)

      මේකෙන් රට දියුනු වෙන්නෙත් නෑ වගේම,රටේ බහුතර විශාල ආදායම් නොලබන ජනතාවගේ අනාගතය විනාශවෙලා යනවා ඵහෙන්පිටින්ම.

      නමුත් අද්යාපනය දියුනුකරන්න ,පවුද්ගලීක ව්‍යවසායකයන්ගේ උදව්,ආයෝජන,දක්ශතාවය ගත්තට කිසි අවුල්ලක් නෑ.
      හෑබෑයි ප්‍රමිතියක් සහ විනිවිදබාවයක් ඈතිව...........

      අප්පලා උපාදි කඩ හදලා පුතාලට ඩිග්‍රි දීලා හිමින්සෑරේ ප්‍රතිපාදන කපලා රාජ්ය අද්යාපනය මරලාදාලා අද්‍යාපනය විකුනලා සල්ලි හබුකරන ඵක නෙවෙයි කරන්න ඔන.හෑබෑයි දෑනට ලකාවේ පවුද්ගලීක අද්‍යාපනය යන්නේ ඵ් පාරේ මිසක් යුරෝපයේ තියන සාදනීය පවුද්ගලීක අද්‍යාපන ක්‍රමය ඈතුලේ නෙවෙයි.

      මම මේවා කලින් කමෙන්ට් වලත් කියලා තියෙන්නේ.
      පවුද්ගලීක ව්‍යවාසාය ගමු.හෑබෑයි බ්ලෑක් ලිස්ට් වෙච්ච හොරුන්ට රටේ අද්‍යාපන පද්දතිය නොවිකුනා ඉමු.ඉස්පිරිතාල වලට කලා වගේ,පවුද්ගලීයකරනයට සමාන්තරව රාජ්‍ය පද්දතිය හකුලන්නේ නෑතිව ඉමු.ජනතා බදු මුදල් ඵවාට නිසිලෙස යොදවමු.
      වර්ඩ් ඵකටත් රු.10 000විතර ගසාකන හොර මාෆියාව නියාමනය කරමු.
      විවෘත්ත විශ්වවිද්‍යාල පද්දතිය දියුනු කරමු.
      රටේ ජාතික ප්‍රතිපත්තිය තිරනය රටට සෑබෑ උගතුන් අවශ්‍ය වන දොස්තරවරු.නීති.ඉජිනේරු,ගණකාදිකරණ වගේ වෘත්තීන්ට සාදාරණ තරග විබාග වලින් (හෝඅ වෙනත් )හොදම දක්ශයන් මිසක් සල්ලිකාර බූරුවන් අතට පත් නොකර ඉමු.
      පරිගනක,කලමනාකරන,අලවි කියන ව්‍යාපාරික රෑකියා ක්ශේත්‍ර පිලිබද උපාද් (රාජ්‍ය/පවුද්ගලීක ) තවතව වර්දනය කරමු.
      අද්‍යාපනය සදහා සාදනීය ලෙස පවුද්ගලීක ව්‍යවසාය දායකකරගන්න ඔනනම් මේ අවම සදාචාරය වත් තියෙන්න ඔන.ඵතකොට තමා හෑමෝටම සාදාරනයක් වෙන්නේ මහත්මයා.
      ඔය ඔයා නියෝජනය කරන (මතවාදීව )කලුකඩ අද්‍යාපන මාෆියාව ඈතුලෙ මේ මොනවත් තියනවද මහත්තයෝ?ඵයාලා ඩිග්‍රි විකුනන්නේ අමු හෙලුවෙන් ඉදගෙන නේද?

      Delete
    18. @ සජ්ජා

      //උඹ වගේ ඇණ ඇනෝ කෙනෙක් දැක්කමයි.... පව් බං කීබෝඩ් එක....//

      හා.............. හා.................

      උබ ඔක මොන අරමුනින් කීවත් (කින්ඩියට කිවත්,බොක්කට කිවත් ).......................
      අනේ බන් මෙව්වා කිවයි කියලා මට මුකුත් ලෑබෙන්නේ නෑ බන්.
      මම ඉගනගන්න කලේ මිස් උනා නේ.(සහතික වලින් මනින අද්‍යපනය පෑත්තෙන්)

      නිදහස් අද්‍යාපනය ඉතුරු වුනොත් අනාගත පරපුරේ දුප්පත් ළමයින්ට අනාගතයක් තියෙයි බන්.
      ඵතකොට රටට හෙටක් තියෙයි.
      කවුරු මොන විදියට හිතුවත් 88/89 පන පිටින් පිච්චුන කෙල්ලෝ කොල්ලන්ගේ........
      පහුගිය කාලේ ප්‍රබාකරන්ගෙ උන්ඩෙට පපුව දුන්න රනවිරුවන්ගේ ඵකම අරමුන උනේ මේ රටේ සහ අපේ ජාතියේ දරුවන්ගේ අනාගතය.
      (උඹට 88/89 කොල්ලො කෙල්ලො සහ රනවිරුවන්ගේ ගෑටුමක් පේනවා ඈති...ඵක වෙනම මාතෘකාවක් නේ )

      උන් ඵච්චර කෑපකිරීමක් කලා.
      අපිත් අපිට පුලුවන් හෑටියට වචනෙකින් හරි දායකත්වයක් දෙන්න ඔන බන් මේ දේවල් රෑකගන්න.

      මේක හොර දේසපාලුවන්ගේ රට විතරක් නෙවෙයි නේ බන්......අපෙත් රට නේ.................

      Delete
    19. ඒ මචෝ මෙහ්.. දන්නැති නිසා අහන්නෙ.... ඔක්කොම උගත්තු, මොළේ තියන එවුං දුප්පත් තැන් වලින් ආපු එවුන් විතරද ? සල්ලි කාරයොන්ගෙ ළමයි ඔක්කොම මෝඩද? ඒකත් මාරයි නෙහ්.... උඹට මාර ඇරියස් එකක් තියනවා වගේ වර්ඩ් කෝස් එකක් කරන්න ගිහිං කවුරුහරි උඹේ 10,000කට කෙලලා... වර්ඩ් ඉගෙනගන්න ඇයි එච්චර සල්ලි වියදම් කළේ?

      Delete
    20. මචං මම මේ උඹව බයිට් එකට ගන්න හදනවා නෙවෙයි.. ඕක උඹේ මතය. මේක මගෙ මතය...උඹල ඕන එකෙක්ට මෙතන අදහස් දක්වන්න ඉඩ දීල තියනවා. කුණුහරුපෙන් බැන්නත් මම ඒවා අහගෙන ඉන්නවා. මත ගැටුම් ඇතිවෙන්න ඕන. ඒ දේවල් වලින් තමයි යම් මතයක් එලියට එන්නෙ. බ්ලොග් එකක් ලියපන් මචං. උඹේ අදහස් ලියපන්. අපි එන්නම්. අපි කතා කරමු, රණ්ඩු වෙමු, මතවාද වලින්. සිංහල බ්ලොග් අවකාශයට උඹල වගේ එවුං අවශ්‍යයි....

      Delete
    21. ඇනෝ
      ....//නමුත් මම ඵතනදි අදහස් කලේ ඔයා අදහස් අතින් සල්ලිකාර පෑලෑන්තිය නියෝජනය කරනාවා කියන්න මිසක් වත්කම් අතින් සල්ලිකාරයෙක් කියන්න නෙවෙයි//....

      මචං එකක් තමයි උඹ තවම උසස් පෙල නම් සමාජයට වැටිලා ආර්ථික බර දැනෙනකොට පවුලක් නඩත්තු කරන්න වෙනකොට ඔය තියරියට වඩා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා.උඹ එන්නේම අරෙහෙන් මෙහෙන් ඇහිද ගත්ත තියරියටමයි.ඔය තියරියෙන් එහාට හිතපං.ඔය උඩ තියෙන උඹෙ උපුටා ගැනීමෙන් උඹ සල්ලිකාර පැලැන්තියක් ගැන කියනවා.අපි හිතමු ඒ පිරිස ඉන්නේ 1% යි කියලා.ඒ 1% ට එකටත් සමාජ වරප්‍රසාද හිමිවිය යුතුමයි.ඒ අය කැමති පෞද්ගලික අංශය සම්බන්ධ කරගමිනිමින් තමන්ගේ හැමදේම කරගන්නනම් නම් ඒ අයට ඒ සදහා අවස්ථාව තිබියු යුතුයි.සමහර විට රජයේ රෝහලක පැය ගනන් පෝලිමේ ඉන්නවට වඩා ඔවුන්ට යම්කිසි මුදලක් ගෙවලා පෞද්ගලික රෝහලකින් තමන්ගේ කාර්යන් ඉක්මනින් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියනවනම් ඒක ඔවුන්ගේ අයිතියක්.ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබිමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබෙනවනම් ඒ අයිතියත් ඔවුන්ට තිබිය යුතුයි.ඔය උඹ හිතන කෙරුවාවල් මේ ලංකාවේ වෙන්නේ නෑ.

      ඊ ලගට මම මම ඉගෙන ගන්න කාපු කට්ට ගැන කීවේ හැමදේම රජයේ වියදමෙන් නිකම්ම කරගන්න බැරි පිරිසක් කටුකාලා සල්ලි හොයලා වියදම් කරන පිරිසක් මේ රටේම ඉන්නවා කියන එක උඹට වටහලා දෙන්න.එතනදි උඹ ඒක මම ජීවත් වෙන්න කාපු කට්ට කියලා පටලවා ගන්නේ නැතිව ඉගෙන ගන්න කාපු කට්ට කියලා තේරුම්ගත්තනම් මහින්ද පපුවට ගහගත්ත එකයි අරවයි මේවයි කියන්නේනෑ.ඔය ඔක්කොම කරේ මට අහිමි වුන අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි හොයාගන්න.මට විභාග වලට වියදම් කරන්න වුනා.ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වුනා.උසස්පෙල අසමත් වුනොත් එතනින් පස්සේ ඉගෙන ගන්න වියදම් කරන්නම වෙනවා.නිදහස් අධයාපනය තිබුනත් උපාධියට වියදම් කරන්න වෙනවා.එතනදි මම දුප්පත්ද පොහොසත්ද කියන එක බලපාන්නේ නෑ.මේ රටේ ඔය වගේ පිරිස් තව ඕන තරම් ඉන්නවා.මම මේ කට්ට කෑවේ ඉගෙන ගන්නකම් සල්ලි හොයාගන්න විතරයි.

      ඒ වගේම උඹ ඔය හිතන විදියට නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ නෑ.උඹට නොමිලේ ඉගෙන ගන්න ලැබෙනවා.උඹට පස්සේ පරම්පරාවලටත් ඒ අවස්ථාව ලැබෙනවා.වියදම් කරලා ඉගෙන ගන්න කැමති අය ඒහෙමත් ඉගෙන ගත්තාවේ.

      ඔය කරුනු උපුටගෙන පෙන්වලා තර්ක ඉදිරිපත් කරන එක එදා ඉදන් කරන දෙයක්.වාමාංශික දේශපාලනය කරන කාලේ මමත් ඔය වැඩේ කලා.වාමංසික පක්ෂවලට ජන්දේ දෙන්න ඕන ඇයි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මීටත් වඩා කරුනු ඉදිරිපත්කලා.කොටින්ම කියනවනම් එකක් තමයි තිබුන විෂය නිර්දේශ වෙනස් කිරිමත් සමග ඉතිහාස පොතේ සමහර මාතෘකා ඉවත් කිරිම,දුෂ්කර පාසල්වල පවතින ගුරුහිගය වගේම අනෙකුත් දුෂ්කරතා,අධ්‍යාපන අමත්‍යාංශයේ පවතින අක්‍රමිකතා,ප්‍රවාහනය පැත්තෙන් ජනාතසන්තක ප්‍රවාහන සේවය නිසා සිදුවන හානිය.එකක් නෙවයි ඒන තරම් තියනවා ඉදිරිපත් කරන්න ගියාම.නමුත් ඒ හිතන තරමට ගැටලු ඇති වුනේ නෑ.එදාට වඩා රෝහල් පහසුකම් පවා අද තිබෙනවා.ආණ්ඩුවේ හොස්පිට්ල් වල ඔය හිතන තරම් මහා අහේනියක් නෑ.එතන කාර්ය මණ්ඩලය දිවා රෑ නොබල වෙහෙස මහන්සි වෙන්නේ අපි වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් තමයි.මේ රටේ බහුතරය දුප්පත් වගේම මධ්‍යම පංතික අය.ඒ පිරිස වෙනුවෙන් නිදහසේ ලැබුන වෛද්‍ය පහසුකම් අධ්‍යපාන පහසුකම් මේ රටේ හැමදාමත් ලැබෙනවා.ඔය උඹ කියන දේවල් අපේ දෙමව්පියෝ පුංච්කාලේත් වාමාංශික ව්‍යාපාර වල නිතරම කතා කරපු දේවල්.ඒවා දේශපාලන මතවාද විතරයි.උඹ හිතන විදියට කානු පල්ලේ කවුරුවත් මැරෙන්නේ නෑ.දුප්පත් අයට ඉගෙන ගන්න තියන අවස්ථාව නැති වෙන්නේත් නෑ

      උඹ උසස්පෙළනම් තවම අවම වශයෙන් අවුරුදු විස්සනේ.මේවා කතා කරන්නේ මේ වෙනුවෙන් කෑ ගහන්නේ අද ඊයේක නෙවෙයි.මේ කිසිම දෙයක් අපිට අලුත් දේවලුත් නෙවෙයි.ඕවා අපි එදා ඉදලම අහනවා.නමුත් ඔය කියන තරමේ මහා විනාශයක් එදා ඉදලම මේ රටේ වෙල නෑ වෙන්නේත් නෑ.උඹ මේවට කාලේ ගන්නේ නැතිව උසස්පෙල ගොඩ දාගෙන කැම්පස් පලයං.පෞද්ගලිකකරණය කියන වචනය එදා ඉදලම අහෙන එකක්.කාලෙන් කාලේට අලුත් අලුත් මතවාද එනවා.දේශපාලන ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා.දැනට අවුරුදු 25 කට කලින් මීටත් වඩා දේවල් ගැන ඔය විදියට සංවාද මතු වුනා.නමුත් ඒවා වෙන්නේ නෑ.
      දැන් මේක පැත්තකට දාලා මේකට කොමන්ටු දාන කාලේ පොත්වල වැඩකට යොදාගනින්.මේ අවංකවම කියන්නේ.උඹත් එක්ක තරහකට නෙවෙයි.උඹ මුලින්ම උසස්පෙල දාගනින්.අපිත් කැම්පස් යන්න තිබුන එක නැති කරගෙන වියදම් කර කර ඉගෙන ගත්තේ ඔය කාලේ අහිමි කරගත්ත හින්දා.අපිටත් උසස් පෙල කාලේ ඕවා තමයි ලොකුම මාතෘකා වුනේ.අන්තමට නොදැනිම වාමාංශික දේශපාලනයට යොමු වුනා.ජීවිතේ විටිනාම කාලයක් අහිමකරගත්ත එක විතරයි වුනේ.මේ හැම විනාඩියක්ම උඹට වටිනවා.උඹ ආයේ මේකට කොමන්ටු නොදා ඒවා කරපං.මුලින් විභාගේ ගොඩදාගෙන ඉන්පස්සේ අපිට සතුටු වෙන්න පුලුවන් ප්‍රතිපලයක් කියපං.මම ආයේ උඹේ ඒවට කොමන්ටු දානේනේ නෑ.මම මෙච්චර දවසක් නැති කරලා තියෙන්නේ උඹෙ වටිනා කාලේ.අපේ කාලයට වඩා උමේ කාලය දැන් වටිනවා.අන්තිම වතාවටත් කිව්වා මල්ලියේ AAA තුනක් දාලා ඒක අපිට කියපං.

      Delete
    22. //මචං එකක් තමයි උඹ තවම උසස් පෙල නම් සමාජයට වැටිලා ආර්ථික බර දැනෙනකොට පවුලක් නඩත්තු කරන්න වෙනකොට ඔය තියරියට වඩා දේවල් ඉගෙන ගන්න ලැබෙනවා//

      උඹට පිස්සුද බන්?
      මම කිව්වේ මගේ අද්‍යාපන මට්ටම උසස් පෙල කියල මිසක්..........මම උසස්පෙල පන්තියෙ ඉගනගන්න ඵකෙක් කියල නෙවෙයි බන්.මම උසස් පෙල ඉවරකරකලේ අවුරුදු කීපයකට කලින්නේ බන්
      අනේ මන්ද උබනම්........

      Delete
    23. @ මනෝ මන්දිර


      හරි උඹ ආයමත් කමෙන්ටු දාන්නෙ නෑත්නම් මම කමෑන්ටු දන්න යනඵක හරි නෑ නේ.මමත් දාන්නෙ නෑ...........
      මොනවා උනත් හොද සoවාදයක් කලා කියලා හිතෙනවා.............උඹට බොහොම ස්තූතීයි.

      Delete
    24. @ඇනෝ

      පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැතිනම්, ඒවා මාලු කඩ වගේ නම්, ඒවට යන උන් නවත්තන්න උඹලගෙ විශ්ව විද්‍යාල වලට ගන්න පහසුකම් ඉල්ලල කෑ ගහපියව්කො. නැත්තම් විශ්ව විද්‍යාල වලට ගන්න ලමයි ගාන වැඩි කරපියව් කියල කෑ ගහපියව්කො. එතකොට ඒ ලෙවල් කරන උනුත් ඇවිත් උඹලට සපොට් කරයි. ඒ ලෙවල් සමත් කියන්නෙ විශ්ව විද්‍යාල ප්‍රවේශ වෙන්න සුදුසුයි කියන එකනෙ. එත් යන්න විදිහක් නැත්තන් උන් කුඹුරු කොටන්නද.
      උඹලගෙ තියෙන්නෙ මහ පටු ආත්මාර්ථකාමි අදහස් නෙ. විරෝදයට මූලිකත්වය දෙන්නෙ කැම්පස් ගියපුම උන් ටිකක්. උන් මොන රෙද්දක් කෙරුවත් ආන්තිමට උපාධි ලාභියෙක් වෙනව. ඉරිසියාව තමා තියෙන්නෙ. මාලු කඩ වගේ තියෙනව කියල හොඳටම ෂුවර්ද?
      මොනව උනත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජොබ් කරන්න ආවම හොඳට පේනව. පුද්ගලිකද නිදහස්ද කියල එතකොට හොඳට පැහැදිලි වෙනව.
      අවුලක් නෑ ඉතින්. පුද්ගලික එව්වට යන්නෙ මුකුත් බැරි සල්ලි විතරක් තියෙන මෝඩයොනෙ.

      ජය වේවා!!!

      Delete
    25. @ මනාගෙ පින්තාරුව

      //පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැතිනම්, ඒවා මාලු කඩ වගේ නම්, ඒවට යන උන් නවත්තන්න උඹලගෙ විශ්ව විද්‍යාල වලට ගන්න පහසුකම් ඉල්ලල කෑ ගහපියව්කො. නැත්තම් විශ්ව විද්‍යාල වලට ගන්න ලමයි ගාන වැඩි කරපියව් කියල කෑ ගහපියව්කො.//

      ඈයි බන් උබ ලoකාවේ නෙවෙයිද ඉන්නේ?
      පහුගියටිකේ ඔයගෑන ඔච්චර සාකච්චා,උද්ගෝශන තිබ්බද?උපවාස කීයක් කලාද?ඵ්වයින් සෑහෙන හොද ප්‍රතිපල තිබුනා.විවෘත්ත වි.විද්‍යාලයේ තිබුනු ගෑටලු සෑහෙන ප්‍රමානයකට පිලිතුරු ලෑබුනා.
      සමහරවිට මේවා පත්තරවල, ටී.වී වල නොයන නිසා උබ දන්නෙනෑතුව ඈති.
      ''අන්තර් විශ්වවිද්‍යාලීය සිශ්‍ය බලමණ්ඩලයේ'' වෙබ් අඩවියට,ෆේස්බුක් පිටුවට ගිහින් බලන්න.
      සිසුන් තමන්ගේ යුතුකම් කරලා තියෙන්නේ.................
      උබල බොරුවට කුලප්පුවෙලා කෑගහන්න දෙයක් නෑ................
      (උබලගේ කුහක කම නම් පේනවා බන්,සිසුන් කෑ ගහනකොට ඵකත් වෑරදී කියනවා, කෑගහලා සටන් කරලා ගුටිකාලා අයිතිවාසිකම් දිනාගත්තට පස්සේ උඹලට සතියක් වත් මතක හිටින්නේ නෑ....ඊටපස්සේ කියනවා කෑගහන්නේ නෑ ලු........
      අනේ මන්ද බන්.........කුහකකමද මෝඩකමද ඔක?.)

      // උන් මොන රෙද්දක් කෙරුවත් ආන්තිමට උපාධි ලාභියෙක් වෙනව. ඉරිසියාව තමා තියෙන්නෙ. මාලු කඩ වගේ තියෙනව කියල හොඳටම ෂුවර්ද? //

      ශුවර් නිසානේ යකෝ කියන්නේ.උබට ශුවර් නෑත්නම් ගිහින් බලපන් 20x20 පෙට්ටිකඩවල උපාධි විකුණන කෑත...........
      ඉරිසියාවක් නෑ යකෝ.
      ලක්ශ ගනන්, කෝටි ගනන් වලට ගන්න පුලුවන් උන්ට විතරක් උපාදිගන්න පුලුවන් වෙනවිදියට, උපාඩි විකුනන උපාදිකඩකාරයන්ට අද්‍යාපනය ලියලා දෙනඵක නෙවෙයි වෙන්න ඔන, රටේ හෑමෝටම ඉගනගන්න පුලුවන් නිදහස් අද්‍යාපනය සවර්දනය කරන්න කියලයි අපි කියන්නේ.
      යකෝ, අවුරුදු 13ක් මූලික/ද්වීතීයක අද්‍යාපනය දෙන්න පුලුවන් නම්, ඉතුරු අවුරුදු 3හරි 4හරි විශ්වවිද්‍යාල අද්‍යාපනය දෙන්න බෑරි ඈයි?(අපි රනිල්ගෙ හරි MY3ගේ හරි සල්ලිවලින් ඉගනගන්න ඔන කියන්නේ නෑ නේ,අපි කියන්නේ අපේ බදු මුදල් අපේ ළමයින්ගේ අද්‍යාපනය වෙනුවෙන් වියදම්කරන්න කියලයි )
      අඩුතරමේ ''ඉතියෝපියාවේ'' වගේ අද්‍යාපනයට 6%ක් වගේ අවම ගානක් වෙන්කරත් ඔක කරන්න පුලුවන් ගේමක් නෑතුව.
      මොකද දෑන් දෙන්නේ 2%ක් වගේ ගානක්නේ.
      මුන් අපේ සල්ලි හොරාකනවා මිසක් අද්‍යාපනයට වියදම් කරන්නේ නෑ නේ.අද්‍යාපනයට 4%ක් වෙන්කලත් ඈති ඔකට............
      ඵතකොට උපාදිය බල්ලට යන්නෙත් නෑ...........ගමේ දරුවො කෑපෙන්නෙත් නෑ...........
      අද්‍යාපනය වෙළද බාණ්ඩයක් වෙන්නෙත් නෑ.

      Delete
    26. @ මනාගෙ පින්තාරුව

      අපොයි උබලගේ ප්‍රයිවට් යුනි කාරයෝ ලකාව දියුනුකරලනේ හරියට.කෝ බන් උඹලග්ගේ ප්‍රයිවට් යුනි සුපර්මෑන් ලා.පහුගිය අවුරුදු 10/15වේ සල්ලිදීලා පට්ට ප්‍රයිවට් යුනි සෙට්ඵක ග්‍රෑජුවේට් උනා නේද බන්?
      වරේල්ලකෝ උබලගේ ප්‍රයිවට් යුනි සෙට්ඵක ඈවිල්ලා උබලගේ ඔය පට්ට මොලටික පාවිච්චිකරලා ලකාව දියුනුකරලා පෙන්නපල්ලකෝ.උන් වෙනුවෙන් උපාදි කඩ පිහිටුවා උන්ව උපාදිදාරියෝ කරපු දේසපාලන මාමලාගේ උදව්වත් අරන් ලකාවත් සිගප්පූරුවක් කරලා පෙන්නපල්ලකෝ.
      අපිත් ඵන්නම් සපෝට් ඵකට. උබලට තාම තේරෙන්නේ නෑ වගේ බන්..උබලා බුද්දිමත් ජනතාවනේ.
      උබලා ප්‍රයිවට් යුනි ඈඩ්වටීස්මන්ට් ඵකට රෑවටිලා ඉන්නේ.
      ආණ්ඩුව ඈයි උපාධි කඩ වලට අද්‍යාපනේ විකුනන්නේ කියලා හිතපන්.........ඵ් අද්‍යාපනයෙන් අයින් වෙන්න.
      ඵතකොට මොකද වෙන්නේ අද්‍යාපනය යනවා කඩකාරයාට.ඵතකොට ඔය ගනාන් ඉහලා යාවි....අහවල් ඵක උකස්තියලා වත් උපාදි කරන්න බෑරි තරමට.
      යකෝ ලඔකාවේ යුරෝපයේ වගේ විනිවිද පෙනෙන පෞද්ගලීක අද්‍යාපන ආයතන ධාරාවක් නෑ.{(අවම වශයෙන් අපි ඉල්ලන්නේ ඵහෙම ඵකක් ).(අනික උබලා හිතන් ඉන්න උපාදි කඩ අද්‍යාපනාක් යුරෝපයේ නෑ .ඵහි අද්‍යාපනය බාරව ඉන්නේ ලාබ නොලබන රජයට වගකියන ආයතන නිසයි උබලට ඔවා ප්‍රයිවට් වගේ පේන්නේ. )}
      ලඔකාවේ තියෙන්නේ කුනුවුණු ධනවාදයක්. .................මේ ක්‍රමය යටතේ අද්‍යාපනය කලුකඩ කාරයන්ට ගියොත් නිදහස් සෞඛ්‍යට, කෘශිකර්මයට ගිය කලම තමා යන්නේ (නිදහස් බීජ ක්‍රමය මරාදමා හෑදූ බීජ මාෆියාව යටතේ, ගස්ලබු ඈට කිලෝ ඵකක 20 000/=නම්.......උපාදියක් කෝටි 2ක් වත් වෙයි යකෝ............ )
      ගොන් හෑත්ත තේරුම්ගනියවු.
      ''අනාගාරික ධර්මපාල තුමා'' මේවා ගෑන කිව්වේ සුද්දගේ කාලේ...................

      //මොනව උනත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජොබ් කරන්න ආවම හොඳට පේනව. පුද්ගලිකද නිදහස්ද කියල එතකොට හොඳට පැහැදිලි වෙනව.
      අවුලක් නෑ ඉතින්. පුද්ගලික එව්වට යන්නෙ මුකුත් බැරි සල්ලි විතරක් තියෙන මෝඩයොනෙ.//

      අපොයි උබලගේ ප්‍රයිවට් යුනි කාරයෝ ලඔකාව දියුනුකරලනේ හරියට.
      කෝ බන් උඹලග්ගේ ප්‍රයිවට් යුනි සුපර්මෑන් ලා.පහුගිය අවුරුදු 10/15වේ සල්ලිදීලා පට්ට ප්‍රයිවට් යුනි සෙට්ඵක ග්‍රෑජුවේට් උනා නේද බන්?
      වරේල්ලකෝ උබලගේ ප්‍රයිවට් යුනි සෙට්ඵක ඈවිල්ලා උබලගේ ඔය පට්ට මොලටික පාවිච්චිකරලා ලඔකාව දියුනුකරලා පෙන්නපල්ලකෝ.
      උන් වෙනුවෙන් උපාදි කඩ පිහිටුවා උන්ව උපාදිදාරියෝ කරපු, දේසපාලන මාමලාගේ උදව්වත් අරන් ලඔකාවත් සිගප්පූරුවක් කරලා පෙන්නපල්ලකෝ.
      අපිත් ඵන්නම් සපෝට් ඵකට.

      Delete
    27. @ මනාගෙ පින්තාරුව

      උබලා ප්‍රයිවට් යුනි ඈඩ්වටීස්මන්ට් ඵකට රෑවටිලා ඉන්නේ.
      ආණ්ඩුව ඈයි උපාධි කඩ වලට අද්‍යාපනේ විකුනන්නේ කියලා හිතපන්.........ඵ් අද්‍යාපනයෙන් අයින් වෙන්න.
      ඵතකොට මොකද වෙන්නේ අද්‍යාපනය යනවා කඩකාරයාට.ඵතකොට ඔය ගනාන් ඉහලා යාවි....අහවල් ඵක උකස්තියලා වත් උපාදි කරන්න බෑරි තරමට.
      යකෝ ලඔකාවේ යුරෝපයේ වගේ විනිවිද පෙනෙන පෞද්ගලීක අද්‍යාපන ආයතන ධාරාවක් නෑ.{(අවම වශයෙන් අපි ඉල්ලන්නේ ඵහෙම ඵකක් ).(අනික උබලා හිතන් ඉන්න උපාදි කඩ අද්‍යාපනාක් යුරෝපයේ නෑ .ඵහි අද්‍යාපනය බාරව ඉන්නේ ලාබ නොලබන රජයට වගකියන ආයතන නිසයි උබලට ඔවා ප්‍රයිවට් වගේ පේන්නේ. )}
      ලඔකාවේ තියෙන්නේ කුනුවුණු ධනවාදයක්. .................මේ ක්‍රමය යටතේ අද්‍යාපනය කලුකඩ කාරයන්ට ගියොත් නිදහස් සෞඛ්‍යට, කෘශිකර්මයට ගිය කලම තමා යන්නේ (නිදහස් බීජ ක්‍රමය මරාදමා හෑදූ බීජ මාෆියාව යටතේ, ගස්ලබු ඈට කිලෝ ඵකක 20 000/=නම්.......උපාදියක් කෝටි 2ක් වත් වෙයි යකෝ............ )
      ගොන් හෑත්ත තේරුම්ගනියවු.
      ''අනාගාරික ධර්මපාල තුමා'' මේවා ගෑන කිව්වේ සුද්දගේ කාලේ...................

      //මොනව උනත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජොබ් කරන්න ආවම හොඳට පේනව. පුද්ගලිකද නිදහස්ද කියල එතකොට හොඳට පැහැදිලි වෙනව.
      අවුලක් නෑ ඉතින්. පුද්ගලික එව්වට යන්නෙ මුකුත් බැරි සල්ලි විතරක් තියෙන මෝඩයොනෙ.//

      අපොයි උබලගේ ප්‍රයිවට් යුනි කාරයෝ ලඔකාව දියුනුකරලනේ හරියට.
      කෝ බන් උඹලග්ගේ ප්‍රයිවට් යුනි සුපර්මෑන් ලා.පහුගිය අවුරුදු 10/15වේ සල්ලිදීලා පට්ට ප්‍රයිවට් යුනි සෙට්ඵක ග්‍රෑජුවේට් උනා නේද බන්?
      වරේල්ලකෝ උබලගේ ප්‍රයිවට් යුනි සෙට්ඵක ඈවිල්ලා උබලගේ ඔය පට්ට මොලටික පාවිච්චිකරලා ලඔකාව දියුනුකරලා පෙන්නපල්ලකෝ.
      උන් වෙනුවෙන් උපාදි කඩ පිහිටුවා උන්ව උපාදිදාරියෝ කරපු, දේසපාලන මාමලාගේ උදව්වත් අරන් ලඔකාවත් සිගප්පූරුවක් කරලා පෙන්නපල්ලකෝ.
      අපිත් ඵන්නම් සපෝට් ඵකට.

      Delete
    28. මෙහ් , අනේ පින්සිද්දවෙයි කට වහගෙන හිටපන් බං... රෙකෝඩින් එක නොදා... ඔය රෙකෝඩින් එක තමයි ඔව්ව වලට එන හැම හුජ්ජ කොල්ලටම කටපාඩම් කරවන්නෙ ජෙප්පොයි කුරුටුගාමියොයි. ප්‍රශ්න තියනවා තමයි අධ්‍යාපන ක්‍රමේ. එව්වා විසඳන්නේ හෝ විනාශ කරන්නේ ඉන්න ආණ්ඩු සහ පුද්ගලික අංශය. ප්‍රයිවට් යුනි හෝ අන්න්දුවේ යුනි වලට ළමයි එන්නෙ ඒව වල තියන කොලිටිය බලල. අවුට් උනාම ජොබ් තියනවද, හොඳට උගන්නනවද බලල. ඒ නිසා තමයි ආණ්ඩුවෙ සමහර උපාධි වලට කාලීනව ඇතිවෙන ඉල්ලුම අඩු වැඩි වෙන්නෙ. ඒ වගේම තමයි හරියට දැනුම දෙන රැකියා ඉලක්ක කරගෙන පුද්ගලිකව නමුත් උපාධි දෙන යුනි එකක් හැදුනොත් ළමයි ඒකට යනව. උඹ ඔය කියන 20x 20 මාළු කඩ වලින් ඒ වැඩේ වෙන්නෙ නැත්තං එව්වට ඉල්ලුමක් නැති වෙනව. හරියට උගන්නන ප්‍රයිවට් යුනි එකක් ආවොත් එකෙන් අවුට් වෙන ළමයින්ට රස්සාවල් ලැබෙනවා නම් හරි සුදුසු කමක් ඒක තුල හදනවා නම් එව්ව වහන්න උඹල මොන පිකටින් කොලත් බෑ... "සල්ලි තියන එවුන්ට ඉගනගන්න ප්‍රයිවට් යුනි" කියන ආකල්පය උඹලගේ ඔළු වෙනස් කරපු රවුල් හැත්තගේ අදහසක් මිසක් වෙන එකක් නෙවෙයි. සල්ලි තියන එකාට මෙහෙ ප්‍රයිවට් යුනි වලට යන්න ඕන නෑ. සල්ලි නැති එවුන් තමයි මෙහෙ එව්වා වලට යන්නෙ. වෙන කරගන්න දෙයක් නැති කමට. ආයෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නෑ. මීහරක් එක්ක කතා කරනවට වඩා හොඳයි උම්බෑ කියන්න දීල සද්ද නැතුව ඉන්නවා.

      Delete
    29. අනේ මේ සජ්ජා ගොන්පාට් ඵපා.
      යකෝ විවේචන බාරගන්න අකමෑතිනම් කමෙන්ට් නොකර ඉදප්ල්ලා...නෑත්නම් ඈනොනිමස් වහලා දාලා දීපන් ලමයෙකුට.

      මම කියපු හෑමදෙයක්ම කරුනු කාරන ඔප්පුවෙන විදියට උදාහරනත් ඵක්කම කියල ඈති.
      උඹලට ඵක දිරවගන්න උනාට මට කරන්න දෙයක් නෑ.

      රෑවුල් හෑත්තකගෙ කතාවක් මෙතන නෑ.
      අපි රෑවුල් හෑත්ත පස්සේ යන උන් කියලා උබ චෝදනා කරනවනම්, මටත් කියන්න පුලුවන් උඹලා රෑවුල නෑති පොන්න හෑත්ත පස්සේ යන උන් කියලා......
      ඵ්ත් අපි ඵ්වගේ ගොන් පාට් දාන්නෙ නෑ බන්.

      අපි කියන හෑමදෙයක්ම අතීත වර්තමාන උදාහරන සහිතව පෑහෑදිලිව ඔප්පුකරලා පෙන්නනවා මිසක් උඹලා වගේ බොරු අඩ්වටීස්මන්ට් දන්නේ නෑ.
      පුලුවන්නම් මම උදාහරණ සහිතව පෙන්නපුවා බොරුයි කියලා ඔප්පුකරලා පෙන්නපන්...........බොරු පඩ ශෝ නම් ඵපා ඉතින්.
      ආය කමෙන්ට් කරන්න ඵපා නම් කියපන්.............උබටයි උබේ යාලුවන්ටයි පාලු ගෙයි වලන් බිදින්න ඔනනම් අපි මේ පෑත්තට නෑවිත් ඉන්නම්.

      Delete
    30. අනේ මේ සජ්ජා ගොන්පාට් ඵපා.
      යකෝ විවේචන බාරගන්න අකමෑතිනම් කමෙන්ට් නොකර ඉදපල්ලා...නෑත්නම් ඈනොනිමස් වහලා දාලා දීපන් ලමයෙකුට.

      මම කියපු හෑමදෙයක්ම කරුනු කාරන ඔප්පුවෙන විදියට උදාහරනත් ඵක්කම කියල ඈති.
      උඹලට ඵක දිරවගන්න බෑරි උනාට මට කරන්න දෙයක් නෑ.

      රෑවුල් හෑත්තකගෙ කතාවක් මෙතන නෑ.
      අපි රෑවුල් හෑත්ත පස්සේ යන උන් කියලා උබ චෝදනා කරනවනම්, මටත් කියන්න පුලුවන් උඹලා රෑවුල නෑති පොන්න හෑත්ත පස්සේ යන උන් කියලා......
      ඵ්ත් අපි ඵ්වගේ ගොන් පාට් දාන්නෙ නෑ බන්.

      අපි කියන හෑමදෙයක්ම අතීත වර්තමාන උදාහරන සහිතව පෑහෑදිලිව ඔප්පුකරලා පෙන්නනවා මිසක් උඹලා වගේ බොරු අඩ්වටීස්මන්ට් දන්නේ නෑ.
      පුලුවන්නම් මම උදාහරණ සහිතව පෙන්නපුවා බොරුයි කියලා ඔප්පුකරලා පෙන්නපන්...........බොරු පඩ ශෝ නම් ඵපා ඉතින්.
      ආය කමෙන්ට් කරන්න ඵපා නම් කියපන්.............උබටයි උබේ යාලුවන්ටයි පාලු ගෙයි වලන් බිදින්න ඔනනම් අපි මේ පෑත්තට නෑවිත් ඉන්නම්.

      Delete
    31. @ සජ්ජා

      //ප්‍රයිවට් යුනි හෝ අන්න්දුවේ යුනි වලට ළමයි එන්නෙ ඒව වල තියන කොලිටිය බලල. අවුට් උනාම ජොබ් තියනවද, හොඳට උගන්නනවද බලල.//

      ඵහෙම වෙනවනම් කොච්චර හොදද?
      අපිත් ඵනවනේ ඔවට.
      කරුමේ කියන්නේ ඔකමනේ ලoකාවේ නොවෙන්නේ.

      මේහේ ඩිග්‍රිය පටන්ගනෙම කොච්චර අඩු කාලෙකින් ඩිග්‍රිය කම්ප්ලීට් කරන්න පුලුවන්ද කියන ඵක බලාගෙන.
      මේ මිනිස්සුන්ට සහතික කොලකෑල්ලක් මිසක් දෑනුමක් අවශ්‍යකරන්නේ නෑති බවඵ්කෙන්ම පේනවා .

      ඊලගට....... ඵක්සෑම් පාස්වෙන්න ගහන්න ඔන ගේම් මොනවද?
      අසයින්මන්ට් සබ්මිට් කරන්න ඔන වෙනකොට ලක්ශෙට දෙකට අසයින්මන්ට් ලියන ඵකෙක් අල්ලගෙන ඵක ලියාගන්නවා.සල්ලි විසිකරානන් ඔන උපාදි කඩේ මොන ඩිරෙක්ටර්ටද?(අද්‍යාපන ආයතනවල කුලපතිලා උපකුලපතිලා සිටින අතර මෙම මාලුකඩවල ඉන්නේ ඩිරෙක්ටර්ලාය )
      හොයලා බලල ගහනවා ඵ් ගේම.
      යුනි ඵකේ ලොක්කෙක්ව අදුරනවනම් වෑඩිපුර ලක්ශයක් දෙකක් දීලා ෆස්ට් ක්ලාස් ඵකක් ගන්නවා.

      අනිත්පෑත්තෙන් උපාධි කඩේ අයිතිකාරයා උගේ ඩිග්‍රි වෙන්දේසි ජාවාරම නෑගලායනකොට ලක්ශේ දෙක ගනන් උස්සනවා....මෙලෝ මොලයක් නෑති,ජීවිතේට පාස්වෙන්න බෑරි උන්ට ලක්ශ පහක් දහයක් ජරාව අරගෙන උපාධිය විකුණලා දානවා.(ඔය සල්ලිකාර වහු පෑටවුන්ට ඉතින් ස්ල්ලි සවුලක් නෑ.උන්ගේ අවුල් ඉතින් මොලේ නේ.ඵ් නිසා සල්ලි ඔනම ගානක් විසිකරලා ඩිග්‍රිය ගන්නඵක ලොකූ දෙයක්.)

      උපාධි මුදලාලි ඊලගට උගේ බිස්නස් ඵක වෑඩිකරගන්න නම් තව ලමයි ගෙන්නගන්න ඔන නිසා,
      රජයේ ඈමතිවරුන්ට නිළදාරීන්ට සල්ලි විසීකරලා රජ්‍ය අද්‍යාපනයට කෙලවනවා.
      ඵතකොට රජ්‍ය විශ්වවිද්‍යාල ගෑන විශ්වාසයක් නෑතිවීම සහ ඵ්වා ගොඩනෑගිලිවලට පමනක් සීමාවීම නිසා ඵ් ගෑන බලාපොරොත්තු කඩවුන ලමයින්ට අනිවාර්‍යයෙන්ම සිද්දවෙනවා උපාධි කඩවලට යන්න .
      ඉතින් පර්චස් 10ක් හරි තියන ඵකා ඵක උකස්කරලා ඔකට යනවා....ඵ්කත් නෑතිඵකා කුඹුරු කොටන්න යනවා.
      අන්තිමට තමුන්ගේ බදු මුදලින් තමුන්ගෙ දක්ශතාවයෙන් නොමිලේ ඉගනගන්න පුලුවන් කම තිබුන ඵකා ලක්ශ විස්ස විසිපහ කොහේවත් නෑති හොරෙකුට දීලා ඔන ඩිග්‍රිය ගන්න.ඌ ඔක ගන්නකොට අසරණ දෙමවුපියො කඹුරලාම මෑරිලා ගිහින්.
      ඵ්කත් නෑති ඉගනගන්න පුලුවන් ඵකා ඉන්නවා කුබුරු කොටකොට..............
      ඵතකොට සල්ලි ඔන තරම් තියන ගොනා.....ආ.... ඌ මාස 18න් ග්‍රෑජුවේට්.......අතල් නේද බොල?

      නිදහස් සෞඛ්‍යට ප්‍රවාහනයට නිදහස් කෘශිකර්මයට යෑව්වේ ඔය කල තමයි.............නිදහස් අද්‍යාපනයට කෑම ලෑස්තීයි !

      Delete
    32. @ සජ්ජා

      මචන් සජ්ජා අන්තිම කමෙන්ට් ඵක කියලා හිතාගෙන ම උඩින් ඵකක් දෑම්මා.
      මම උඹගෙ යලුවන්ගෙ ආතල් කඩනවා නම් කියපන්.... නෑවිත් ඉන්නම්.
      සoවාදයක් වගේ ගිය නිසයි දිගටම කමෙන්ට් කලේ...........................දෑන් බලාගෙන යනකොට උබලට ඵ්ක අවුල් වගේ නේ නේ...........

      Delete
    33. තෝත් එක්ක බෑ .... ලියපියකෝ බ්ලොග් එකක් මෙච්චර වෙලාව සහ අදහස් තියන එකේ.. සංවාදයට අනිවාර්යෙන් මේ දේවල් විවෘත්තයි... උඹල වගේ එවුන් නිසා තමයි අපි මෙව්ව ලියන්නෙ. උඹයි මමයි එළිවෙනකල් වාද කලත් මම උඹ කියන එව්වා පිළිගන්නෙත් නෑ උඹ මං කියන එව්වා පිළිගන්නෙත් නෑ...මම දන්නවා රජයෙන් අසාධාරණ කම් වෙනව යුනි ළමයින්ට. ඒක පිළිගන්නවා. ඒ දේවල් වලට විසඳුම් දෙන්න අවශ්‍යයි. හැබැයි රවුල් කාරයො එව්වා නිසා ළමයින් රවට්ටලා උන්ගෙ අරමුණු වලට යොදවා ගන්නවා. එතෙන්දී උන් වැරදියි. එහෙම සිද්ධවෙන්නේ ආණ්ඩු වල වරද නිසා කියල මම පිළිගන්නවා. හැබැයි සමහර ප්‍රශ්න වලදි යුනි ළමයි අරුණගේ කීමට පඩේ වෙඩිල්ල කරගෙන බොරුවටත් කෑගහන වෙලාවල් තියනව. මම ඉන්නෙ ප්‍රයිවට් යුනි තියෙන්න ඕන කියන මතයේ. මම කියන්නෙ නෑ එව්වා තියෙන්න දුන්න කියල ආණ්ඩුවෙ යුනි වලට දෙන දේවල් අඩු කරන්න ඕන කියල. ඒව වඩාත් ශක්තිමත් වියයුතුයි. දැන් බලපන් ප්‍රයිවට් ඉස්පිරිතාල සහ ආණ්ඩුවෙ රෝහල්. ඔය දෙකම තියෙන්න ඕන. කයිය ගැහුවට අපි ඔක්කොම ප්‍රයිවට් තැන් වලින් බේත් ගන්නවනේ බං. ආණ්ඩුවෙ එකටත් යනව. ඇයි අපට කල්පනා කරන්න බැරි ආණ්ඩුවෙ යුනි වල ළමයෙක්ට , ප්‍රයිවට් හොඳ යුනි එකක් තියනවා නම් ඒකෙ තත්වයත් හොඳයි නම් මාස්ටර් එකක් කරන්න එතෙන්ටත් යන්න පුළුවන් කියන එක. උඹ කියන විදිහේ මාළු කඩ මොඩල් යුනි ඇති. හැබැයි ඉස්සර ඉස්පිරිතාල වල කතන්දරෙත් ඕකයි. ප්‍රයිවට් එව්වා පොඩියි. දැන් නැද්ද ප්‍රයිවට් තැන් හොඳ මට්ටමේ බෙහෙත් ගන්න? ඒ වගේ තමයි බං. උඹ කිව්වත් නැතත ඕව නවත්තන්න බෑ. ඉස්සරහට ප්‍රයිවට් යුනි එයි. ආණ්ඩුවෙ එව්වත් තියෙයි. මම කියන්නෙ ආණ්ඩුවෙ එව්වා ශක්තිමත් කරන ගමන් අරවටත් තැනක් දෙන්න ඕන කියන එක. උඹ කියයි එතකොට "පිස්සු, ආණ්ඩුවෙ එව්වා වට්ටලා ප්‍රයිවට් එව්වා විතරක් තියෙන්න දෙන්න මුන් හදන්නේ" කියල.ප්‍රයිවට් ඉස්පිරිතාල වලටත් තිබ්බෙ ඔහොම තමයි ඉස්සර. දැන් බලපන්. හැබැයි මතයක් තියනවා මොකේට ගියත් අන්තිමට ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලට එන්න වෙනව කියල. ඒකත් හරි සමහර වෙළාවට. හැබැයි ආණ්ඩුවෙ එව්වා වල මැරෙන්න ඉන්න එවුන් ප්‍රයිවට් ගිහිනුත් ගොඩ යනව. ඒකත් තියනවා. චොයිස් දෙකක් තියෙද්දී නේද හොඳ? එතකොට පුළුවන් තෝරාගැනීමක් කරන්න. ඇයි අපි එකක් විතරක්ම ඉල්ලන්නේ? දැන් බලපන් ටෙලිකොම් එකෙන් මොන විදිහේ බාධක තිබ්බත් අපිට උන් එක්කම ඉන්න වෙලා තියනවා මොකද ඒකාධිකාරය තියෙන්නෙ උන්ට. රැහැන් සහිත තවත් නෙට් වරක් එකක් ආවොත් මුන්ට පිස්සු කෙලින්න බෑ... වාහනේක උනත් ස්පෙයා වීල් එකක් තියෙන්න ඕන. ඒ වගේ තමයි මේකත්.
      උඹයි මමයි කොච්චර වාද කලත් වැඩක් නෑ. බොහොම ස්තුතියි උඹේ අදහස් දැක්වීමට. උඹේ මතය ලියන්න බ්ලොග් එකක් හදාගනින්. එකක් තියනව නම් අපිටත් පාර කියපං. අපිත් එන්නං වාද කරන්න.

      Delete
    34. බුරිය ගැනත් පොස්ට් එකක් අලුතෙන් දැම්ම. වරෙන් එකටත් ගේම ඉල්ලගෙන..

      Delete
  12. සජ්ජා.
    මෙතන කමෙන්ට් එකක් ලියන්න ගිහින් ඒක පෝස්ට් එකත් තරම් දිග වෙච්ච නිසා පෝස්ට් එකක් විදිහටම දාන්න තීරණය කලා.
    ඔය විදිහට ප්‍රශ්න විසඳන්න යන එක ඇත්තටම මෝඩ කමක්.
    උඹ කියන විදිහට ශේප් එකේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්, අපිට එහෙම අත්දැකීම් තියෙනවා. මම ඒ ගැන පෝස්ට් එකේ කියන්නම්...
    බැරිම උනොත් රටට පේන්න පොඩි පහේ උද්ගෝෂණයක් කලාට කමක් නැහැ. නමුත් ඒවා කලයුත්තේ අදාළ ප්‍රශ්නය අදාළ පුද්ගලයා හෝ පුද්ගලයින් වෙත ගෙනයන මට්ටම දක්වා විතරයි.
    අන්තිමට කරන්න තියෙන දේ මුලින් කරන්න ගියාම ඇති වෙන්නේ මේ වගේ ගැටළු...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා.. ඇත්තටම ඉක්මනට ලියහන්.. ලොකු වැදගත් කමක් තියනවා ඒ සම්බන්ධයෙන් අපිටත් දැනගන්න... උඹලෑ කම්මැලිකම නිසා ඕක කවද ලියවෙයිද කියන එකයි මට තියන ගැටළුව...

      Delete
  13. මචං එකගයි..ලොකුවට කමෙන්ටුවක් දාන්න දැනුමක් නැතත්..මුං තනිකරම ගොනාට අැදලා කියලා තේරෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ.. ඕක තේරෙන්න ආචාර්ය උපාධි ගන්න ඕන නෑ බං..විවෘත්ත මනසෙන් බැලුවොත් ඒ බව හැමෝටම තේරෙන්න ඕන..

      Delete
  14. //ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට ඒ කාලේ පිට කොයි තරම් වැඩ තිබුනද...//

    කියලා වැඩක් නැහැ... අහල පහළ පාසල් වල හැම දැරිවියක් ම ගෙදරට යනකල් ම අැරලවන්න තිබුණානේ...... නෑ මං කිව්වෙේ පස්සෙන් යනවා කියලා නෙමෙයි...... අාරක්ෂාවට...

    ReplyDelete
    Replies
    1. කුරුට්ටා.. මට හිතාගන්න බෑ මේ මොන කුරුට්ටද කියන්නෙ කියල... කුරුටු පවුලට හොරෙන් හොර ගෙඩිය වගේ කරපු වැඩ... හැක්...

      Delete
    2. කුරුට්ටා කවුද කියලා වැඩක් නැහැනේ... වැඩේ අැත්තනේ......

      Delete
    3. කුරුට්ට්න් අතර හොර ගෙඩ්ඩා...

      Delete
  15. ඒ බං මන් හිතන් හිටියේ උඹ පට්ට 'රෝයලිස්ට්' කියලනේ.. (බැලුවහම හද්ද ගොඩක්..හැක හැක..) රෝයලිස්ට් ලට ඔය වගේ ප්‍රශ්ණ (උත්තර) එන්නේ නා නේද?
    අර ගණය එල කොල්ල බං.. බලපන් ඌ එහෙම කියපු එකෙන් කොච්චර 'මාකට්' එකක් ආවද කියල 'අසාර්ථක සාකච්චා' වටයට.. උඹ අහල නැද්ද හිගන්නාගේ තුවාලේ ගැන.. සනීප කොර ගත්තම මොන ලබ්බ පෙන්නලද ඕයි බඩට කියක් හරි හොයා ගන්නේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් නෙවෙයි ගොඩයෙක්.. :)

      Delete
    2. හැක් හැක්.. මම පට්ට ගොඩක් තමයි බං... අදටත් එහෙමයි.. රෝයලිස්ට් උනා කියල අමුතු එකක් වෙන්නෙ නෑ නෙ. " ප්‍රවුඩ් ටු බී අ ගොඩයෙක්" .
      ගණය පොර උනා.. ඇමති බලු උනා.. මුන්ට තුවාල ඕනා නෑ සමහර වෙළාවට කීයක් හරි හොයාගන්න. මම අහල තියනවා සමහර හිඟන්නෝ බනිස් කෑල්ලක් ප්ලේන්ටියේ පොඟවල කකුලට තියල බැඳගන්නවලු ඕජස් ගලන තුවාලයක් වගේ පේන්න...

      Delete
    3. මටත් වැරදුනා.. ගොඩයෙක්.. ගූගල් ටූල් එක මක්ක කොරනවද මන්ද...

      Delete
    4. කමියා ගොඩේ කමයි රෝයලිස්ට් කමයි කියන්නෙ දෙකක් ....
      දෙකම එකට තියෙන්ඩ පුලුවන් ....
      ඔය ඕන තරං ගමේ ඉස්කෝල වල පොශ් කට්ටිය ඉන්නෙ .....
      ඒක තෝරාගැනීමක් විතරයි .......

      Delete
  16. මුලින්ම ඉස්කෝලෙ ගිය කාලෙ ගැන පෝස්ට් එක ලියල ඉවර කලානම් මරු .

    ReplyDelete
    Replies
    1. ලියන්නං ලියන්නං.. ඕකනේ ඉතින් බැරි.. සිරාවට ලියන්න ඕන එකක්...

      Delete
  17. කැම්පස් වල ඉන්න එවුන් රස්තියාදුවේ යනවා වගේ තමා සාකච්ඡාවට එන්නේ මානව හිමිකම් කොමිසමට එන්නේ සෙරෙප්පු දාලා ෂර්ට් උඩින් දාගෙන. මුන් ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ඉන්ටවීව් වලට ගියාමත් කැපෙන්නේ රස්තියාදු පෙනුමයි දැනුමක් නැතිකමයි නිසා. මුන්ගේ කර විතරයි තියෙන්නේ මහ ලොකු ටෝක් දෙන්න. මොකුත් දැනුමක් නෑ ඒවා තියෙන්නේ විබාගෙට ලිව්ව පේපර්ස් වල විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙමටම පහත් කරලා කතා කරන්න එපා.උගත්කම තිබුනට ආවේගශිලි වෙන එක නතර වෙන්නේ නැනේ.මේ හැමෝම මිනිස්සුනේ.අඩුපාඩු නැතිව නෙවෙයි.මොනව උනත් එක් කණ්ඩායමක් විදියට ඉන්නකොට ඒ කණ්ඩායමේ හැගීමටනේ වැඩ කරන්නේ.පෞද්ගලික මතයට වඩා කණ්ඩායමේ පොදු මතයටයි මුල් තැන දෙන්නේ.එතන තියෙන්නේ උප සංස්කෘතියක්..විශ්වවිදයාලයෙන් පිටට ඇවිත් රැකියා වල නියලෙනකොට ඔය අදහස් හැසීරීම වෙනස් වෙනවා.අපි ඔතන හිටියත් ඔය ටිතම තමයි කරන්නේ..දැන් මේ වයස් පැනලා හින්දා හිතන විදිය ටිකක් වෙනස් මේ සිසුන්ට වඩා.මොනව උනත් මේ අපරාධකාරයෝ නෙවෙයි.මේ රටේ අනාගතය.

      Delete
    2. අනේ ප්‍රියේ දවසක් දෙන්න ඔය ඔක්කොම කලවම් කරලා මගෙ විචාරේ දෙන්න...

      Delete
  18. මම පුංචිකාලේ ඉස්කෝලේ ගියෙත් සපත්තු සෙරෙප්පු නැතුව. අම්මයි තාත්තයි පවුලේ දරුවන් ටිකයි එක සැරේ ගෙදරින් එලියට බැහැලා එකම ඉස්කෝලෙට යනකොට හරිම ලස්සනයි. දෙමව්පියෝ ගුරුවරු වීමත් වාසනාවක්.

    ගල්ලෑල්ල, ගල්කූර, හෝඩිපොත, ඔන්න මුල්කාලේ තිබිච්ච එව්වා. ගල්කූර කැඩුනම පුංචි උණබට කෑල්ලකට ඒ ගල්කූරු කොටේ ගහගන්නවා. දියනිල්ල කොළ අතුල්ලලා ගල්ලෑල්ල ඔප කරනවා.

    ඊට පස්සේ පන්තිවලදී පොත් ගෙනිච්චේ අපිට ඇමරිකාවෙන් නිකම් දුන්න කිරිපිටි (ඇමරිකානු දීමනා හැමට සමව = ඇදීහැස= CARE) දාලා ආව පොලිතීන් බෑග් එකක. ලිව්වේ උල්පත් පෑනෙන්. බෝල් පොයින්ට් පෑනෙන් ලියන්න තහනම් අකුරු කැතවෙනවා කියලා (ඒක ඇත්ත)

    ඔය පීචං වෙච්චි, පාරාජිකා වෙච්චි, කල් ඉකුත් වෙච්චි, දේශපාලු පක්ෂ පවතින්නේ මේ අහිංසක දරුවන්, රැග දීලා, බලහත්කාරයෙන්, තමන්ගේ මතයට නම්මාගෙන, උකුණන් ලවා ගල් අද්දවනවා වගේ, උන්ව පාරේ දැක්කීමෙන්. උන් විශ්ව විද්‍යාලයෙන් එලියට ගියගමන්, ආයේ අර ජාතියේ එවුන් යන පාරකවත් යන්නේ නැහැ. ඔය ළමයින්ගේ හෘද සාක්ෂිය එකක්. කරන්නේ වෙන එකක්. කණ්ඩායමේ මතය නිසා.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා.. මම ගල් ලෑල්ලේ ලියල තියනවා අපේ පරණ ඉංගිරිසි ගුරුතුමීගෙ ගෙදරදි. ඔය ගල් ලෑල්ල වටේ ලීස්තර ගැලවුනාම වැටුනොත් බිඳෙනව නේද? දියනිල්ල දැක්කම අපේ අම්මත් ඔය ගල් ලෑලි පොලිෂ් කරන කතාව කියනව ඇහිලා තියනව.
      ඔන්න ඔබතුමා මගෙ දැවෙන ප්‍රශ්නෙකට විසඳුම් දුන්න . පොඩි කාලේ අපි කාල තියනවා ඇ.දි.හැ.ස. විස්කෝතු.. දිවිටලෝක රහයි.බොහොම ඉක්මනට කැඩෙනව. ඒ රස තාම මතකයි.. විස්කෝතු ඔපිස් එකෙන් අරන් එන්න යවන එකාට රජ මගුල්. මොකද කැඩුණු කෑලි ඔක්කොම ඌට හම්බෙන නිසා.. අද වෙනතුරු ඔය කෙටි අකුරු මතකයේ තිබ්බට තේරුම දැනගත්තෙ ඔබතුමාගෙන්.. ස්තුතියි....
      තීන්ත පෑනෙන් තමයි මාත් මුලින්ම ලිව්වෙ. අම්මගේ පරණ පයිලට් පෑනක් තිබ්බ. සිස්සත්තේ පාස් උනාට පස්සෙ තෑගී විදියට ලැබුන තීන්ත පෑන් 5ක් එක එක්කෙනාගෙන්. හීරෝ 331 වර්ගයේ. තාත්ත අරන් දුන්න පාකර් තීන්ත පෑනක්. ඒක ගණන්. ඒ එක්කම තීන්ත කුඩුවකුත් ගෙනත් දුන්න පාකර්. ඒකෙ නම QUINK . ඉස්සර මට මතකයි පොඩි ඉස්කෝලෙ ගාව කඩේ තීන්ත රීෆිල් කළා. එක පාරකට රුපියලයි. Indian Ink වලින් තීන්ත පෑනක් රීෆිල් කරලා තියල ඒක ගල් උනත් එක්ක එක පාරක්..
      ශිෂ්‍ය ව්‍යාපාරයේ නැව මුහුණුවර ගැන ඔබතුමාගේ අදහස මගේ එකමයි...

      Delete
    2. ....//ගල්කූර කැඩුනම පුංචි උණබට කෑල්ලකට ඒ ගල්කූරු කොටේ ගහගන්නවා.//...
      විචා මමත් ගල් ලෑල්ලේ ලියලා තියනවා.පොත් දාගෙන ගියේ ඉටි බෑග් එකක.ගල්කූර උණබට කෑල්ලට හයි කරන වැඩේ මමත් කරලා තියනවා..
      ඒ වුනාට එකම එක දවසක් ඔය උණ බට කෑල්ලේ කෙලවරේ ගල්කූර වෙනුවට බීඩි කොටයක් තිබුනා..

      Delete
    3. මාත් ගල්ලෑල්ලෙ ලියල තියෙනව. කොටිංම ඒ ලියපු ගල්ලෑල්ලත් තාම තියෙනව.
      සූට්කේස් වල පොත් ‍දාගෙන ගිහිල්ල තියෙනව.

      //ඔය උණ බට කෑල්ලේ කෙලවරේ ගල්කූර වෙනුවට බීඩි කොටයක් තිබුනා..// ඒ කාලෙ ඉඳලම ජෙයින්ට් කරන්න පුරුදුවෙලා වගෙයි. :D

      Delete
    4. ප්‍රසා
      විද්‍යාත්මක පරික්ෂනයක් බං කරේ

      Delete
  19. Ado sajja. Ara mul tika nam pankaasu pahai. Aye iskole 4 wasare indala shishshathwa panthiyata gihilla awa wage. Eth ara molagedi nethi meeharak beti oluwe thiyena HND ewun gena liyala thiyena tika noliwwanam thamayi honda. Okun kawadawath hedena ewun nemei. Aye parata bahinawa un job illagena. Balahanko mama boruda kiyanne kiyala. Munta oni wedak palak nokara okkoma athata lebenawata. Pin kala harak.!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටික්කා... පරන කතා බෝමයි.. ඉස්සරහට එව්වත් ලියන්නම්... සිසුන් මුලාවෙ වැටිලද එහෙමත් නැත්තන් මුලා කරලද... මම කියන්නෙ සමහර කොටසක්..

      Delete
  20. අර වටේ යවන කතාව සරලව ගන්න එපා මචං.. පොලිටික්කො නාකි වෙලා තියෙන්නෙ කපටි කමටමයි.එස්.බී ගෙ අතීතෙ හොයලා බලපං.උං කොහොම හරි ශිෂ්‍යයො හැඟීම්බර කරලා ආතල් එකක් ගන්නවාමයි.ඒකට අහු නොවෙන්න තරම් ළමයි මෝරලා නෑ.ඒ මෝරන එවුන්ව අයින් කරන්නෙ වෙනම ගේම් ගහලා.එන්.ඩී.ටී එක කාපු 'අල'යා අද ග්‍රාමසේවක කෙනෙක්.හැබැයි වෙච්ච පාඩුව?? ඉහ මොළ රත්වෙනවා බං.අපේ දරුවන්ට කියන්න දෙයක් නැති වෙනවා මෙහෙම ගියොත්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මචන් මම මේ කියන්නෙ.. එස්.බියා හිටියෙ කොහොමද කැම්පස් එකේ, රාජිත හිටියෙ කොහොමද? ඒත් කෝ අද උන්ගෙ ඒ පරන දර්ශනේ??.. ඔය පාරෙ බැහැල බෙරිහන් දෙන ලමයි කවදහරි ඒ මට්ටමට ඒවි..එහෙමත් නැත්නම් අයාලේ යාවි.. එහෙම නම් ඇයි හරි ක්‍රමවේද තියෙද්දි අන්තිමට තෝරගන්න විකල්පය මුලටම ආදේශ කරගන්නෙ? නිස්කාරනේ ගුටි කන්නෙ? ගැටලු වලට විසදුම් නිදහස්ව හොයන්නෙ නැතුව යම් දේශපාලන ප්‍රවාහයකට යටත්වෙලා උන්ගෙ බලල් අත් වෙන්නෙ?

      Delete
  21. සජ්ජාගේ පඩංගුව,

    ඔබේ අඩවියේ සටහන් කරන මුල්ම අවස්ථාවයි, ඇත්තටම මේ රජය කරන්නේ බොරුව තමයි, නමුත් ඔබ කියන විදියට මේ ළමයින් ගේ කේවල් කිරීමේ හැකියාව negotiating skills බින්දුවයි, මේක බලාගෙන ඉන්න කෙනෙකුට සිතෙනවා මොවුන් සාකච්චා කරන්නේ සාකච්චාව අසාර්ථක කරන පරමාර්ථයෙන් කියල.

    මේ ළමයි වාමාංශික වියාපාරයේ ඇත්ත තත්වය ගැන මෙලෝ අවබෝදයක් නෑ, ලංකාවේ මිනීමරු රෝහණ විජේවීර වගේ කාම්බෝජයේ සිටිය පොල්පොට් කියල මිනිමරුවෙක්, වාමාංශික වියාපාරයෙන් රටේ බලය අල්ලාගත්, ඔහු රට පාලනය කරන්නේ අවුරුදු 4 වැනි කාලයක් නමුත් රටේ ජනගහනයෙන් 25% මරාදමන්නේ මේ වාමාංශික දිවියලෝකය හැදිමටයි https://www.youtube.com/watch?v=1-SI8RF6wDE මේ තියෙන්නේ සිදුවුණා දේ විනාඩි 2කින්.

    ඇනෝ කිව්වා ආසියාවේ වෙනත් රටවල් දිවුණු වූ ආකාරය ගැන, ඔහු නොකියන්නේ එය කරන විදියයි, අසියාවේ දියුණුවූ රටවල සිදුකල මුලික දේවල් කීපයක් පවතී 01. අයෝජකයන්ට බදු නිදහස 02. සේවක අයිතීන් කප්පාදුව (සේවකයන් වැඩවර්ජන පවත්වුවොත් සියලු දෙනා වන්දි ගෙවීමෙන් තොරව ඉවත්කලහැකියි ) , එපමණක් නෙමෙයි විනාඩි 10 ක ප්‍රමාදය රැකියාව නැතිවන තරමේ වරදක්.

    ඉහත මුලික ප්‍රතිපත්ති 2 නිසා විදේශ ආයෝජකයන් වැලනොකැඩි එම රටට වලට පැමිණියා, මෙනිසා රැකියා සුලබ වූ අතර සේවකයන්ගේ කේවල් කිරීමේ හැකියාව ඉහල ගියා. අවසාන ප්‍රතිබලය ඔවුන්ගේ ජිවන තත්වය ඉහල යාමයි.

    දැන් අපි ලංකාව දෙස බලමු පුද්ගලික අංශයට බොහෝදුරට ලාබය පසුපස ගමන් කරයි,

    01. ලාබය ලැබීමට නම් ඔවුන්ගේ අලවිය වැඩිකළ යුතුයි
    02. අලවිය වැඩිකිරීමට නම පලදායි තාවයෙන් යුතු සේවයක් ලබා දියයුතුයි.

    දැන් හිතන්න මුදල් ගෙවන විශ්වවිද්‍යාලයක් ආරම්බකලා කියල ඔවුන්ගේ අලවිය (ශිෂ්‍යයන් බදවාගැනීම වැඩි වීමටනම් ) ශිෂ්‍යන්ට උපාදිය ලබාගත් පසු පහසුවෙන් රැකියාවක් ලබාගත හැකි විය යුතු වෙනවා එසේ වීමට අනිවාර්යෙන් වෙළදපොල සදහා සුදුසු උපධිදරියෙකුයි ඔවුන් පිටකිරීමට උත්සහගන්නේ.

    අපේ වැරදි මතයක් තමයි පුද්ගලික අංශය නිසා වැඩිමිලක් ගෙවීමට සිදුවන බව.
    මගේ අදහස තරගකාරිත්වය නිසා මිල අඩුවෙනවා. හොදම උදාහරණය දුරකථනය, 1979 පමණ මගේ පියා ඉල්ලුම් කල දුරකථනය අපට ලැබුනේ 1989 දී පමණ එයත් මට මතක විදියට රුපියල් 15000 පමණ මුදලක් ගෙවූ පසු(අද මුදලින් ලක්ෂ 5 පමණ වියහැකියි ) අද ඔබට දැන් පවතින මුදලින් රුපියල් 7000 පමණ මිලදි ගතහැකි, ලබා දීමට යන කාලය සතියකටත් වඩා අඩුයි. මේ සියල්ල සිදුවුනේ කොහොමද ? රජයේ පාලනයෙන් ඉවත්කිරීම පමණයි සිදුවුනේ.

    තව ලිවියයුතු බොහෝ කරනා ඇතත් මෙතනින් නවතින්නම්.

    ReplyDelete
    Replies
    1. ලාංකීය සිතුවිළි... සාදරයෙන් පිළිගන්නවා...ඔබගේ සින්ඩියේ මගෙ ලිපි පලකරනවාට ස්තුතියි කියන්න ඕන මුලින්ම..
      හිට්ලර් මිනිසුන් මිලියන ගණන් ඝාතනය කළේ යම්සේද එවැනි සිය ගුණයකටත් වඩා වැඩියෙන් මිනිසුන් ඝාතනය කළේ ඔය කියන "වමට බර" එවුන් තමයි. ලෙනින්, ස්ටාලින්, මාඕ, පොල්පොට්, ෆිඩෙල් ඔය ඔක්කොම එකම බෝට්ටුවේ. හිට්ලර් මැරුවේ තමුන්ගෙ මිනිස්සු නෙවෙයි, අඩුම තරමින් තමුන්ගෙ ජාතියෙ මිනිසුන් නෙවෙයි. ඒත් වමේ කියාගන්න ඔය කාලකන්ණින් මැරුවේ තමන්ගේම රටේ තමන්ගේම ජාතියෙ මිනිස්සුන්ව. එහෙව් ව්‍යාපාරයක් තමයි ඔය "වම".
      ඔබ මතුකරන කාරණය අතිශය තාර්කිකයි. මා සිටින්නේද ඔබේ මතයෙ මයි. තරඟකාරීත්වය වැඩි වන විට එමගින්වැඩි පහසුකම් ලැබෙනවා වගේම ගුණාත්මක බවත් වැඩි වෙනව. අපිට තෝරාගැනීමේ පරාසය වැඩියි. ඔය දේ මේ උදවියට නොතේරෙනවා නොවෙයි. කුහකකම නිසා නිහඬව වෙන වෙන බයිලා වයනවා...

      Delete
  22. මට නම් එදා ඉදලම හිතුන දෙයක් තමයි, මේ කොල්ලෝ කෙල්ලෝ ඉස්සරහට දාලා තමන්ගේ දේශපාලන අරමුණු වලට යන පිරිසක් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්නවා කියන එක.. ඒක හැමදාටම එහෙමයි.. කිසිම වෙනසක් නැහැ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, ඇත්තටම වෙලා තියෙන්නෙ ඒක තමයි... දේශපාලන බළල් අත්.....

      Delete
  23. සජ්ජා උඹේ දැක්ම මසුරන් වටී.

    මේ උද්ඝෝෂණ වලට ඇවිල්ලා ගුටි කන බහුතරය සහ ඒවා මෙහෙයවන කෂඩ සෙට් එක මෝටරෙන් (ක්‍රෑම දාලා/ බොග දාලා/ පොත කටපාඩම් කරලා) කැම්පස් ආපු මිසක් මීටරෙන් (නියම විදිහට බුද්ධිය පාවිච්චි කරලා) ආපු උන් නෙවෙයි. මීටරෙන් ආපු එකා මේ බලුරෑන ලිහලා දැම්මා වගේ යන පෙලපාලි වලට අරවට මෙව්වට සම්බන්ධ වෙන්නෙ නෑ. ෂේප් වෙලා ඉන්නවා. හැබැයි අල වෙන්නෙත් නෑ බලු වෙන්නෙත් නෑ. ගානට ඩිග්‍රියත් කරලා ක්ලාසස් අරන් හොඳ ජොබ්ස් වලටත් යනවා. ඔය තෙල්මන්ද ආරලා තියෙන මෝටරෙන් ආපු නාම්බො නෑම්බියො සැට් එකේ කිරිපල්ලට කෙවිට ලං කරන එක විතරයි කරන්න ඕන. වලිගෙ කරේ තියාගෙන පිම්ම ගහලා යනවා. ගිහින් ගුටි කනවා. ඊලගට හොටු පෙරාගෙන අපට ගැහුවෝ කියනවා.

    අපිට අර ගණයට කියන්න තියෙන්නෙත් එක දෙයයි. "ඔය චීවරේ දීපන් ලමයෙකුට".

    ReplyDelete
    Replies
    1. ඇනොගේ නිර්දය විවේචනයට යටින් සත්‍ය කාරණාව මතු වෙනව... මොළේ තියන එකා (උගතා නෙවෙයි බුද්ධිමතා) තමන්ගේ වැඩේ කරගන්නව කොහොම නමුත්. ඒත් බහුතරය උගතුන් මිසක් බුද්ධිමතුන් නොවෙයි...

      Delete
  24. අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
    සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලිව්වෝ
    අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
    සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ

    උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
    පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
    සමාජ වාදය අපේ පාඩමයි ඒ කාලේ
    විප්ලව වාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ

    උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
    සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
    ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
    බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ

    ගේය පද - ධර්මසිරි ගමගේ
    තනුව - සරත් දසනායක
    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල සහ ග්‍රේෂන් ආනන්ද "අමල් බිසෝ" චිත්‍රපටියෙන් (1979)

    https://www.youtube.com/watch?v=z17DLUCjLOk

    ReplyDelete
    Replies
    1. කසුන්... ඇත්තටම ඔය සින්දුව මම දැනගෙන හිටියෙ නෑ.. බොහොම ස්තුතියි.. අහල බලන්නම්... ඕක තමයි අන්තිමට ගත්තම යතාර්ථය...

      Delete
  25. ඉස්සෙල්ලම උඹේ හැකියාව ගැන අගය කිරීමක් කල යුතුයි... උඹ තිත්ත කසාය කෝප්පය උඩට අයිස්ක්‍රීම් හැන්දක් දාල , අයිනෙන් ස්ට්‍රෝබෙරි පෙත්තකුත් අටෝල, පාට පාටින් හැඩ දමාපු බටයකුත් ඔබල දුන්නු නිසා කට්ටියම කිසිම ගින්නක් නැතුව කසාය කෝප්පේ එක උගුරට ගිලලා කියල සන්තෝසයෙන් කියන්න ඕන... මේ පොස්ට් එක ශිෂ්‍ය ව්‍යාපාර ගැන කියල දැනගත්තනම් සත්තකින්ම මම කියවන්නෙත් නැහැ. මොකද මම වුර්තිකයෙක් විදිහට ශිෂ්‍ය ව්‍යාපාර ගැන අවුරුදු දොළහක් බොහොම සමීපව අහල දැකල තියන නිසා..

    වැඩිය දෙයක් ඕන නැහැ..ශිෂ්‍ය ව්‍යාපාර කරන එවුන්ට උඹේ මේ පොස්ට් එක කියවන්න දුන්නනම් උන්ට ඉගෙනගන්න තිබ්බ negotiate කරන්නේ කොහොමද කියන එක. උඹ පාඨකයා එක්ක negotiate කරපු විදිහ බොහොම අනර්ගයි..වෙනස් විදිහකට කියනවනම් පට්ට..

    තමුන්ගේ මතයට විරුද්ද මතය දරන ශිෂ්‍ය කණ්ඩායමට ගඩොල් භාග වලින් ගහන්න තරම් මනසක් තියෙන වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාර ගැන ලියන වචන අපරාදේ බන්. මනුස්සයෙකුට පුලුවනිද තවත් මනුස්සයෙකුට ගඩොල් භාගෙකින් ගහන්න.. මම ඇස්දෙකෙන් දැකල තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ගඩොල් භාග වලින් දෙපිලට ගහගන්න හැටි.. ඒ උගත්තු නම් අපේ රටේ අනාගතය , තවත් කුමන කතාද negotiate ගැන. මේ පවතින හැම ශිෂ්‍ය අරගලයක්ම පිටිපස්සේ තියෙන්නේ කුමන හෝ දේශපාලන අරමුණක් විතරයි. ටිකක් හරි negotiate කරන්න පුළුවන් මනසක් තියන ශිෂ්‍යයින් ඔව්වට එන්නේ නැහැ. මොකද එයාල තමුන්ගේ මනස ඇතුලෙම තියන ප්‍රශ්නය negotiate කරගෙන plan B එකක් ඇතුව ඉදිරියට යනවා. ඉතුරුවෙන මී හරක් කොහේ හරි යන පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් පොලිසියෙන් ගුටි කනවා..

    මම කොහොමවත් අදහස් කරන්නේ නැහැ පොලිසිය, රට කරවන බූරුවන් හරි කියල.. එත් මේ උගත් කියාගන්න දරු වැටිලා ඉන්න තත්වේ ගැන නම් දැනෙන්නේ බොහොම අනුකම්පාවක්...

    ReplyDelete
    Replies
    1. //උඹ තිත්ත කසාය කෝප්පය උඩට අයිස්ක්‍රීම් හැන්දක් දාල , අයිනෙන් ස්ට්‍රෝබෙරි පෙත්තකුත් අටෝල, පාට පාටින් හැඩ දමාපු බටයකුත් ඔබල දුන්නු නිසා කට්ටියම කිසිම ගින්නක් නැතුව කසාය කෝප්පේ එක උගුරට ගිලලා කියල සන්තෝසයෙන් කියන්න ඕන//

      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අම්බලන්.....හැක් හැක්.. බොහොම ස්තුතියි.. ඔබ බොහොම අපූරුවට කසාය කතාව ගලපලා කිව්වට මේක මගෙ දක්ෂතාවයටත් වඩා තොර තෝංචියක් නැතුව පඳුරු තැලිල්ල නිසා වෙච්ච වැඩක්....මමත් ඔය ගල් මුල් වලින් ගහගන්නවා දැක තිබෙනවා... ඇත්තටම මටත් හිතිලා තියනවා ඒ වෙලාවෙ මුන් මිනිස්සුද? මුන්ට උගත්තු කියන්නෙ ඇයි කියල. ආවේගය නිසාවට මිනිස්සු මිනී මරණවා. එක සාධාරණයි කියන්න පුළුවන්. ඒත් මෙහෙම. සත්තු වගේ...
      මම නම් දකින්නෙ වෙන මොකුත්ම නෙවෙයි, දේශපාලනික මොළ සේදීම.. දේශපාලනික අරමුණු වෙනුවෙන් උන්ගෙ රූකඩ ශිෂ්‍ය නායකයන් ලෙස පත් කරගැනීම. ඒ නායක කම් රැකගන්නට ප්‍රචණ්ඩත්වය, නවකවධය යොදාගැනීම. උන්ගෙ දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් සිසුන් බිල්ලට දීම. නෙගොශියෙට් කරන්න අවශ්‍ය ඉල්ලීම් දිනා ගන්න උවමනා නම් පමණයි. මුන්ගෙ අවශ්‍යතාවය ඒක නෙවෙයි...

      Delete
  26. Ano 7th Nov 3.28 a.m., Kasun and Ambalangoda- very well said.

    I don't think these union guys have even heard the word 'negotiation', neither they have common courtesy. Most of them keep failing the exams in uni (and still entitled to Mahapola) and lead all other (not so wise) students to disaster.

    Sajja- excellent post.

    ReplyDelete
  27. උඹේ පොස්ට් එක කියවලා ඉවර වුනාම මට කියන්න දෙයක් උඹ ඉතුරු කරලා නෑ. අවබෝධයෙන් වැඩ කිරීම කියන එක ඔය කාලේදී තේරෙන දෙයක් නෙවෙයි , කඩේ යාම උපරිමෙන් කරනවා, අනික විරෝධටවයට පොලිසියෙන් ගැහුවේ නැත්තන් එක අසාර්ථකයි කියනතන ඉඳන් තම ඕවා පටන් ගන්නෙම

    ReplyDelete
    Replies
    1. විවෘත්ත මනසකින් ඔය දිහා බලපු උඹල වගේ එවුං ඔව්ව වලින් බේරිලා තමන්ගේ ඉලක්ක කරා ගමන් කළබව දන්නවා. වෙන්න ඕන අන්න ඒකයි....

      Delete