සජ්ජා බ්ලොග් ලිවීමට එන්නට කලින් බුකියේ සංවාද ඇතිකරගත් එකෙක් ය. දෙමළුන්, තම්බියන්, ජාවන් , ලංසියන් සමගින් එක පතේ කමින් එකට සෙල්ලම් කරමින් ගහමරාගනිමින් එක පාසලේ ඉගෙනගත් අතීතයක් සජ්ජා සතුය.. වර්ග, ආගම්, කුළ, පන්ති බේද වලින් අප බෙදී සිටියද ඔය කියන්නාවූ හැම ආගමකම, ජාතියකම , පන්තියකම ඉතා උතුම් මිනිසුන් මෙන්ම එපාකරපු කාලකණ්ණින්ද සිටිනවග සජ්ජා දන්නේ ඉස්කෝලේ යන කාලයේ සිටන් ය.
"අයිසයිස්" මොඩලයේ හම්බ ත්රස්තයන් ඉන්නා ශ්‍රී ලංකාවේම උතුම් මුස්ලිම් මිනිසුන්ද සිටිත්. මුස්ලිම් උත්සව හැම එකකදීම පසුදා පන්තියේ හම්බයන් දෙදෙනාගේ වටලප්පන් බාල්දි දෙක පන්තියට වඩිනතුරු කෑදර කමින් මගබලාසිටි අප පොරකමින් ඒවාට වගකිව්හැටි තාමත් මතකයේ තිබේ.. උනුත් අවුරුද්දට අපේ කැවුම කන්නට බලා උන්නෝය.. දෙමළුන් සම්බන්ධවද පාසල් අත්දැකීම් එසේමය. "ඔය සහෝදරත්වය පොඩිකාලෙදි විතරයි" යමෙකුට තර්ක කළහැකිය.
සජ්ජාට වසරකට පමණ කලින් මරු වැඩක් වුනේය. බිරිඳත් සමග මාතෘ සායනයකට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී අපට ඉදිරියෙන් ගමන්කරමින් තිබු කාර් රථය එකවරම පාර මැද නතරවිය. හරකෙක් එකවරම එම රථය ඉදිරියට පනිනවා දුටුවද මා වාහනය බ්රේක් කරනවිට ප්‍රමාද වැඩිය. අපේ රථයේ හොම්බ ඉදිරියෙන් තිබු කාරයේ පිටුපස ඇතුලට ඔබා හමාරය. වරද හරකාගේ සහ මගේය. ඔලුව එලියට දැමූ මම ඉදිරි කාරයෙන් එලියට දැමූ ඔලුවට "පාරෙන් අයින් කරමු"යි ඉඟි කලෙමි. ඔලුව වැනූ රියදුරා සහිත එම කාරය සහ අපගේ රිය පාර අයිනේ නතර කෙරිණ. ඉස්සරහ කාරයේ පුද්ගලයා බැස ආවේය.. මමත් බැස ගියෙමි.. "හරකෙක් පැන්නනෙ එකපාරට" (ඔහු මගේ හා ස්මාන වයසේ පුද්ගලයෙක්) "ඒක තමයි මගේ වැරැද්ද... එකපාරට බ්රේක් කලේ නෑ.. "... (අපේ කාරයට එබෙමින්)"ඕහ්..වයිෆ් ප්රෙග්නන්ටද?? එයාට අමාරුවක් නෑ නේද?" "නෑ .. නෑ.. කාර් එකට දැනුනෙ නෑ ඒ තරම්".. "ඉන්ෂුවරන්ස් එකට කෝල් කරමු එහෙනම්".. "මම අහමඩ්.." අතට අත දීමට දිගුකල අත රොබෝවෙකුමෙන් ඇල්ලූ මට එවේලේ දැනුන සැහැල්ලුව ගැන කියන්නට වචන නැත.. (මෙය කියවන ඔබ පුදුම වනවා ඇත.. මාගේ මේ ලියවිලි සියල්ල කියවන මගේ බිරිඳ, දන්නාඅඳුනන පුද්ගලයකු මේ ගැන විමසුවහොත් සාක්ශි සපයනු ඇත. මා බොරු ලිව්වොත් උන්දෑ ඉදිරියේ මා බොරුකාරයකු වනවාය. ) රක්ෂණ නියෝජිතයන් පැමිණෙන තුරු කලක පටන් දන්නා පුද්ගලයන් මෙන් සාමීචියේ යෙදුනු අප දෙදෙනා දුටු වටාපිටාවේ එකතුවුනු මිනිසුන් අප "ගජයන් දෙන්නෙක්" යයි සිතන්නට ඇත. ඉදිරියෙන් සිදුවීම හොඳින් නිරීක්ෂණය කරමින් සිටි ට්‍රැෆික් රාළාමිලා දෙදෙනෙක් අපේක්ෂා භංගත්වයෙන් මෙන් යන්නට ගියේය.. රක්ෂණ නියෝජිතයන් පැමිණ කරුණු සටහන්කොටගෙන ගිය පසු බිරිඳටද "යන්නම්" කියා අපගෙන් සමුගත් "අහමඩ්" දැනුදු මසකට දෙකකට වරක් මා අමතයි. මුස්ලිම් උත්සව පැවත්වෙන දිනවල හෝ විවේකයක් ඇතිවිටෙක මමද ඔහු අමතා ආගිය තොරතුරු කතාකරමි. ඉදින් ඔහු වැන්නවුන් "හම්බයා" ලෙසින් අමතන්නේ කෙසේද..
නත්තල සහ කිතුනුවන් සම්බන්දයෙන්ද මා හට මේ හා සමාන අත්දැකීම් ඇත.. මේ සටහන බුකියේ පසුගිය වසරේ නත්තලට කිතුනු සහෘදයන් වෙනුවෙන් සටහන් කරන ලද්දකි..
"මා බෞද්ධයෙකි . කුඩා කාලයේ එක් වකවානුවක කිතුනු පරිසරයක ජීවත් වීමට මට අවස්තාවක් ලැබිණ . ඒ වකවානුවේ නත්තල් දිනට පෙරදින මැදියමේ ගිගුම්දෙන රතිඥ්ඥා හඬ මැදින් පල්ලියට ගොස් ඇත්තෙමි. පල්ලිය තුල සිට බලනවිට උස් වූ ගෝලාකාර වහල දැක විශ්මයට පත්වී ඇත්තෙමි. පල්ලියේ මංගල්ලය දවසේ අසල්වැසියන් පල්ලි භූමිය තුල බෙදාදෙන ඉඹුල් කිරිබත් රස බලා ඇත්තෙමි.ඒ දින වල පල්ලියට එන පාර දෙපස විසිතුරු වෙළඳසල් එකක් නෑර නරඹමින් ගොස් ඇත්තෙමි. පල්ලියේ සීනුවට ඝන්ටාරය යනුවෙන් පවසා සම වයසේ කිතුනු සොයුරන්ගේ සිනහවට ලක්වී ඇත්තෙමි. පල්ලියේ පියතුමා කුසලානයකින් ගෙන දිව මත තබන පෙත්තක් වැනි දෙය කිතුනු යහළුවන්ට ලැබෙද්දී එය කුමන රසයකින් යුක්තදැයි කුහුලකින් හා ගිජුකමකින් බලාසිට ඇත්තෙමි. ඒ යහළුවන් සමගින් විලෝ ගස් කරටියකින් සෑදූ නත්තල් ගසේ දේව දූතයන් එල්ලමින් සැරසිලි වලට උදව් වී ඇත්තෙමි. පිදුරු මූලිකකොට සෑදූ ගව ලෙනෙහි ජේසු බිලිඳා මරියතුමිය ජුසේ තුමා යහළුවන් විසින් තැන්පත් කෙරෙද්දී ඒ වටේට මැටි ගව පැටවුන් තබා සතුටුවී ඇත්තෙමි. ඒ යහළුවන් සතුවූ ළමා බයිබලය සහ නැණවදන් පොත් කියවා ඇත්තෙමි. සියලු ආගම් සියලු ජාතීන් වෙත ගෞරව කිරීමට මා දැනුදු නොපැකිලව ඉදිරිපත් වීමට ඒ සහෝදරත්වයද මහා පිටිබලයක් වූ බව දනිමි. මේ ගීය ඇසෙන වාරයක් පාසා මසිත ඒ අතීතයට දිවයන්නේ නිරායාසයෙනි .නත්තල සමරන කිතුනු සොයුරු සොයුරියනි. සුභ නත්තලක් වේවා...."

සුබ නත්තලක් වේවා. මම ඉන්නේ අරාබියේ කෑම කන්නේ ලංකාවේ නවුප්ර් ,අසමින්, චාල්ස්,සෙල්ලා (මුස්ලිම්,දෙමළ,ක්‍රිස්තියන් ) මම සිංහල බවුද්ද යාළුවොත් එක්ක, රට ඉන්නකොට මෙච්චර සමගියෙන් ඉන්න අපි ලංකාවෙදි බෙදිලා ඉන්නේ ඇයි කියල හිතා ගන්ඩ බෑ .
ReplyDeleteහා මචං
ReplyDeleteඅපෙ උන් තාම ජේසු එක්ක විතරක් වලියක් දා ගත්තේ නැත්තේ... ඒක අපෙ හැදියාව නෙමෙයි... උන්ගේ හැදියාව...
ReplyDeleteoba hari maathe, sathutui oba gana, me awankakama nisaa wenna athi godaak aya oyata kamathi. including me.
Deleteමරදානේදී මැණියන් ගැබ්ගත් මුස්ලිම් ශුක්‍රාණු වලට අපමන අගයක් දුන් මහා ලේඛක මාතලන්ට මුස්ලිම් ජාතියේ උපහාරය...!
Deleteයහපත් අයගෙ බලය වැඩියි තාම.නැතුව සිද්ධි නැතිව නෙවෙයි.පෝස්ට් එක කැත වෙනවා ඔව්ව ඇද්දොත්.
Deleteකාලෙකින් කියවපු හිතට දැනුන අදට හොදටෝම ගැලපෙන පෝස්ට් එකක්. මමත් සජ්ජාගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම එකගයි.
ReplyDelete//වර්ග, ආගම්, කුළ, පන්ති බේද වලින් අප බෙදී සිටියද ඔය කියන්නාවූ හැම ආගමකම, ජාතියකම , පන්තියකම ඉතා උතුම් මිනිසුන් මෙන්ම එපාකරපු කාලකණ්ණින්ද සිටිනවග සජ්ජා දන්නේ ඉස්කෝලේ යන කාලයේ සිටන් ය.
"අයිසයිස්" මොඩලයේ හම්බ ත්රස්තයන් ඉන්නා ශ්‍රී ලංකාවේම උතුම් මුස්ලිම් මිනිසුන්ද සිටිත්.// වැඩිපුරම මෙන්න මේ ටිකට
ඉස්කෝලෙ කාලෙ වගේම ඊට පස්සෙත් මටත් ඔය කියන හැම ජාතියකම මිනිස්සුත් එක්ක ඉගෙන ගන්න වැඩ කරන්න වගේම ජීවත් වෙන්නත් සිද්ධ වෙලා තියෙනවා.
සජ්ජාගෙ අත්දැකීමට සමගාමි අත්දැකීමක් මටත් තියෙනවා.
අපේ පුතා මීට මාස දෙක හමාරකට උඩදි ලංකාවට ඉස්කෝලෙකට දැම්මා. එයාට සිංහල ටිකක් අමාරු නිසා දන්න කියන සිංහල ටීච කෙනෙක් ළගටයි ඉංග්‍රීසි වලට මුස්ලිම් ටීච කෙනෙක් ළගටයි දැම්මා. ඒ මුස්ලිම් ටීච එයාගෙ මොන්ටිසෝරි ටීච. එයා පුතාගෙ විදිහ හොදට දන්න නිසයි එයා ළගට යැව්වෙ. මම සති හතරකින් ආපහු ජපානෙට ආවා.
මම ආවට පස්සෙ සතියෙ සිංහල පංතියේ ටීච පන්තිය පටන්ගෙන පැයක් යන්න කලින් හස්බන්ඩ්ට කතා කරලා පුතාව එක්ක යන්න කියලා තිබුනා....එක තැනක ඉදගෙන ඉගෙන ගන්නෙ නෑ...ගේ හැම තැනම දුවනවා බලු කූඩුව ළගට යනවා අරවා මේවා නිසා එයාගෙ පුතාල දෙන්නා ගැනත් බයයි අරවා මේවා දහසක් කියල එයාට උගන්නන බෑ කියලා.
ඉංග්‍රීසි ටීච හස්බන්ඩ් යනකොට පොඩි එකා එක්ක හැංගි මුත්තම් සෙල්ලම් කරනවලු එයාගෙ දුවලා දෙන්නවත් එකතු කරගෙන මෙයාට එකතැනක ඉදගෙන එක දිගට ඉගෙන ගන්න තාම හුරු නෑ කියලා
මිනිස්සුන්ගෙ ජාතිය ආගම නෙවෙයි වැදගත් වෙන්නෙ මනුස්සකමයි.
මචන් මටත් ජාතිවාදය පෙන්නන්න බෑ. මමත් බුකියෙ ඔය ගැන වාද කරල තියනවා.කිසිම ජාතියක අමුතු හොදක් වත් අමුතු නරකක් වත් මම දකින්නෙ නෑ.
ReplyDeleteසංස්කෘතිය කියන්නෙ වෙනස් වෙන දෙයක්. අනාගතයෙදි ඔය කෙහෙල්මල් නැතිවෙලා යයි.
මට සිංහල දෙමල මුස්ලිම් හැමෝගෙන්ම යහපත හා අයහපත මට වෙලා තියනව. ඉතින් මම කොහොමද ජාතිවාදියෙක් වෙන්නෙ.
හැබැයි මට ජාතික හැඟීමකුත් තියනවා. ඒ මත පදනම්ව මම එදා යුද්ධයට පක්ෂව හිටිය. කොටි සමූලඝාතනය කළ යුතුය කියන මතයෙ හිටිය. බොරු සාම සාකච්ඡා වලටවිරුද්ධ වුනා. අදත් ස්ථාවරය ඒකම තමයි. නමුත් සාමාන්‍ය දෙමල ජනතාව ගැන නම් කවදත් විරෝධයක් තිබුනෙ නෑ.නමුත් එන් ජී ඕ මතවාදයක් තියනව සිංහල බෞද්ධ කියන වචන ඇහෙනකොටම බූමිතෙල් ගෑවුන ගැරඩි වගෙ දගලන. ඒ වගේම සුළුජාතීන් ට අස්වාභාවික අනුකම්පාවක් දක්වන. මෙය යම් ආර්ථික හේතුවක් මත වෙන දෙයක් වෙන්න ඇථි. අන්න ඒ ප්රවනතාවයට එරෙහිවත් මා කතා කරල තියනව. උදාහරනයට අර සීගිරිය කුරුටු ගෑ කෙනා දෙමල නිසා එයාට සමාව දිය යුතුය වගෙ මතවාද. අන්න ඒ ප්‍රවනතාවයත් හානිකරයි. හැම වැරැද්දකටම මුල සිංහල බෞද්ධකම කියන අන්තවාදයටත් මම විරුද්ධයි.සිංහල බෞද්ධකම කවචයක් කරගෙන ඒක ඇතුලට සේරම දාන එකටත් ඒක වැටක් කරගෙන බෙදල කොටුකරන එකටත් මම විරුද්ධයි.
බුකියෙ තිබුන මුස්ලිම් විරෝධය නම් සම්පූර්න ප්‍රෝඩාවක් බව මට ඒකාලෙම තේරිල තිබුනෙ.
ප්රපංචවාදීව අන්න අහවල් ජනකොටස වැරදියි අපි උන්ව හෙළා දකින්න ඕන කියන අධානග්රාහී මතයනම් මම දැඩි ලෙස පිළිකුල් කරනවා.
හැමෝගෙම ඇඟේ දුවන්නෙ එක ලේ නං ඇයි හිත්වල තියෙන එක එක දේවල් වෙනස් කරගන්න බැරි.
ReplyDeleteඅඩා, ලේ ජාති අටක් දුවනවා හරිද?
Deleteමොනා දිවුවත් කමක් නෑ සිංහ ලේ නැතුව.
Deleteසුබ නත්තලක්..
ReplyDeleteමටත් ජාතිවාදය පේන්න බෑ...හැම ජාතියකම ඉන්නවා හබ්බෝ ටිකක් මුන් හින්දා තමයි ජාතිවාදය ඇවිස්සෙන්නේ...
මොකාද කැමති තමන්ගේ ආගමට,ජාතියට නිගරු කරනවට....
කොටින් නසන්නට ගොස් මුලින්ම දිවිදුන්නේ පොලීසියේ සෙබස්ටියන්පිල් ලේ, මුලතිව් කඳවුර රැකගන්නට අහසින් පැරශූට් වලින් බහින කොට හැළුනේ වෙඩි කෑ කමාන්ඩෝ මුතාලිෆ්ගේ ලේ, බඩවැල් එළියන එන්නට බෝම්බ කෑ සරත් ෆොන්සේකාගෙ ලේ, ඒ වුනාට ගෝඨගෙ කමිසේ තිබුනේ ඌ රැකුමට දිවිදුන් වෙන සෙබලකුගේ ලේ
ReplyDeleteඅම්මප හැබව ගෝඨා සමහර විට කුකුල් සායම් ටිකක් ගාගෙන එන්න ඇති නේද ?
Deleteගොන් හුත්තා තාම 1600/= ට කමෙන්ට් දානවද ? අර කොටින්ට උතුරැ නැගෙනහිර ලියලම දුන්න, හමුදාවෙ දිගුදුර විහිදුම් බලකායම බිල්ලට දුන්න, දවස ගානේ යුද්ධ කරපු හමුදාවට සමච්චල් කරපු තොගෙ පොන්න රනිල් බජට් එක බැලන්ස් කරගන්න බැරුව දගලනවා.
මාගරින් ටිකක් පුකේ ගාගෙන සිරිකොතට ගිහින් බලපන්
කුණුහරුප නොමැතිව, ලියන්නාට අපහාස නොකර තර්කයක් ගෙන ආහැකි බයියෙකු හමුවුවහොත් 112 694366 අංකයෙන් ජාතික කෞතුකාගාරයට දන්වන්න.
Delete@Ian, too smart ha ha...
Deleteමචං ඔය පාට කුල මල සියල්ල බෙදා ගත්තාට අපි හැමෝම මිනිස්සු... අපි බෙදිලා ගහගන්න හැම රෙද්දක් ම අපිට උපතින් හමුබුණ දේවල්... යකෝ මං වෙන තැනක ඉපදුනානං කියලා අපේ උන්ට හිතන්න බැරි හැටි.......
ReplyDeleteLassana lamaaviyak obata thibila thiyanne sajje, ahamadge seen eka kiyawaddi pahadili kireemata nodanena hageemak sithata athi unaa. jaathiwaadayata mamath ekenma wiruddai. eakai apita apiwa paahenne. hondha post ekak. oba samata suba naththalak wewaai kiyaa hadhawathinma praarthanaa karanawa...
ReplyDeleteමට නං කොල්ලෝ මුළු ලෝකෙම ඉන්නෙ එකම එක ජාතියයි,ඒ මනුස්ස ජාතිය.මම කොල්ලටවත් විවිධ ජාතිගැන ජාති භේද ගැන කියල දීල නැති නිසා ලංකාවෙ මිනිස්සුන්ගෙ ජාති කීයක් තියනවද කියලවත් ඌ දන්නෙ නෑ.
ReplyDeleteමචෝ මුලින්ම කියලා ඉන්නං සුභ නත්තලක්...
ReplyDeleteඈ.. හරකෝ තෝ හරකෙක් යනවා දැක්කේ නැද්ද පාර මැද්දේ.. හරකෙක් පැනලා ඔහොමනං තාප්පයක් තිබ්බොත් කෙහොම වෙයිද ෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑැ
(කොහොමින් කොහෙමා හරි මං පෝස්ටට් එකේ මුල් හරිය අමතක කරනවා)
ලස්සන කවි පන්තියක් මචෝ..
ජ ය වේ වා !!!
සජ්ජා මේකයි,මිනිස්සු බහුතරයක් ජස්ට් මිනිස්සු.මනුස්සකමට සලකගෙන ඉන්නව.ඒත් සුළු පිරිසක් කැපිල පෙනෙන්න බලවත් වෙන්න කරන දේවල් වලින් මහා සමාජයක් පිරිහෙනවා.අපි හැමෝම එකිනෙකාට උදවු කරගන්නවා.අදටත් සාමාන්‍ය මිනිස්සු ඉන්න ඉස්පිරිතාලෙකට (රජයේ) ගිහිං බලපං,තම්බියාගෙද මුත්‍රා පෝච්චිය ලඟ ඇඳේ ඉන්න සිංහලයා පිරිසිදු කරනවා,සිංහලයගෙ රෝදපුටුව තම්බියා තල්ලු කරන් යනවා.. ඒවා වෙනවා.පුද්ගලිකව ගස්ලබ්බත් ඔය වගේ අත්දැකීම් විඳලා තියෙනවා.
ReplyDeleteබලලෝභීන් ගේ කපටිකම් නිසා මිනිස්සු බෙදෙන්නෙ.
ජයවේවා..!!
Well said. Common Sri lankans aren't this dumb. Only political propaganda.
DeleteSorry no sinhala on mobile
හුඟක් මිනිස්සුන්ගේ හිත් වල ජාතිවාදය නෑ. ඒත් මෑතක ඉදන් කීප දෙනෙක් කට්ටියක් එකතු කරන් ඒ දේ වැඩියෙන් පෙන්නන්න හදනවා.
ReplyDeleteඋඹේ පොස්ට් එකට මාගේ ආචාරය සජ්ජෝ...
ReplyDeleteඅවුරුදු ගානක් මුස්ලිම් යාළුවො එක්ක එක සීට් එකේ වාඩිවෙලා රුහුනුකුමාරියේ , සමුද්‍රදෙවියේ කොළඹ ඇවිත් ගිය අපි එක සීට් එක බෙදාගෙන වාඩිවෙලා බොහොම සමගියෙන් ඕමි අතක් බලාගෙන ආව ගිය හැටි අද වගේ මතකයි බන්. නරක මිනිස්සු සහ හොඳ මිනිස්සු කියන දෙගොල්ලම හැම ජන කොටසකම ඉන්නව කියන එක පිළිගන්න හුඟක් මිනිස්සු කැමති නැහැ.
බෞද්ධයන් විදිහට ජාති වාදය පිටුදැකීමට මුල්තැන ගතයුතු මිනිස්සු අපියි.. එයට හේතුව අනිත්‍යය සහ නැවත ඉපදීම කියන දේ බුද්ධ දර්ශනය ඇතුලේ අපිට උගන්වන නිසා. ජාතිය, ආගම, කියන දේත් අනිත්‍යයි කියන දේ වටහාගෙන ජීවත්වීම අපේ වගකීමක්. මේ ආත්මේ මරිලගිහින් ඊළඟ ආත්මේ මුස්ලිම් අම්මගේ බඩේ ඉපදුනොත් එතන ඉඳන් එම පුද්ගලයාම බෞද්ධ විරෝදියෙක් වෙන්න පුළුවනි කියන දේ සිදුවිය නොහැකිද? බුදුදහමේ උගන්වන අනිත්‍යය සහ සියලු සංස්කාරයන් නැසෙනසුළුයි කියන මුලධර්මය මේ ලොව පවතින හැමදේටම පොදු වෙච්චි එකේ මේ තාවකාලික නවාතැන්පොල වෙනුවෙන් අල්ලපු වැටේ එකා එක්ක මරාගතයුතුද නැතිද කියල තීරනය කරන එක බුද්ධියෙන් හිතල කරන්න ඕන දෙයක්.
ජාතිවාදය සහ අන්තවාදය බලකාමයේ අතුරු ප්‍රතිපල සජ්ජෝ. හැම ආගමකම මෝඩ මිනිස්සු එක එකාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ජාති ආගම් කුල මල වලට බෙදීල මරාගන්න එක ගැනනම් හිතට දැනෙන්නේ බොහොම කනගාටුවක්. රාජ්‍ය මට්ටමින් බලය අල්ලාගැනීම සඳහා පක්ෂ විපක්ෂ දෙගොල්ලම සියලුම අන්තවාදයන් සඳහා අනුග්‍රහය සැපයෙන නිසා තමයි අල්ලපු ගෙදර එකා එක්ක මරාගන්නේ අපේ මිනිස්සු. අන්තිමේ කරදරෙකදී ඉස්සෙල්ලම ගෙදරට දුවගෙන ඉන්න එකාවත් නැතිකරගන්නවා මෝඩකම නිසා.
අපේ බෞද්ධ කියාගන්නා හුඟ දෙනෙක් දන්නේ නැහැ බුදුරජානන් වහන්සේ අන්‍යාගමික පිරිස් වලට ඔවුන් අයත් ආගමේම ඔවුන් නොදන්නා කොටස් ගැන දේශනා පවත්වලා තියනවා කියල.
මේ සහෝදරත්වය මං අදටත් හිත පුරා විඳගන්නවා මචෝ.. දානවනම් උඹේ මේ පෝස්ට් එක තරම්ම දිගට කතා අහුරක් දාතහැකි මටත්. කොයි ජාතියෙත්, ආගමෙත් ඉන්නවා අපතයෝ සෙට් එකක්, කාලකණ්නියෝ ටිකක්.ඒ නිසා එකිනෙකා අතර බොහොම දරුණු ප්‍රශ්න ඇතිවෙනවා. කොහොම උනත් බුකියෙ ශෙයා වෙච්ච මෙන්න මේ අදහසේ අයිතිකාරයානම් රත්තරං මනුස්සයෙක්..
ReplyDelete"ජාතිය අපව වෙන්කිරීමට පෙර, ආගම් අපිව ඈත්කිරීමට ප්‍රථම, කුලය අපව බෙදීමට පළමුව, අපි සියල්ලෝම මනුෂ්‍යයන් වී සිටියෙමු.
සජ්ජෝ.. උබ ඉන්න මතයේම තමයි මමත් ඉන්නේ. ෆේස් බුක් එකේ මම නැත්තෙ ඔන්න ඔය මලදාන බලන් ඉන්න බැරි නිසා. හැබැයි පුතෝ මේ සිංහල ජාති වාදී බල්ලෝ උන්ට කරන හිරිහැර බලන් ඉඳල කවදාහරි උන්ටත් ඉවසීමේ සිමාව පනිනව කියල කවුරු කවුරුත් හිතගත්තොත් හොඳයි. සිංහල දෙමළ ප්‍රශ්නෙ ඇති උනෙත් මෙහෙම්මම තමයි කියල මේ ගොන් හරක්ට තවම තේරෙන්නේ නැති එක මට හොඳටම පුදුමයි.
ReplyDeleteකොයි පැත්තෙත් ඉන්නවා අයිසිස්ලා. බෞද්ධ මුස්ලිම් දෙපැත්තෙම. ඒ වගේම මේ රටේ මුස්ලිම් අන්තවාදය සීග්‍රයෙන් පැතිරෙනවා. හොඳ මුස්ලිම් මිනිස්සු ඉන්නවා බහුතරය. හැබැයි අර නරක සෙට් එක ඉන්නෙ ගේමෙමයි. ඇයි ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් ගොඩනගාගන්න අමුතු ඇඳුම්? ඇයි ඒවා 2009 ට කලින් නොතිබුණේ? ඇයි මේ උදේට හවසට කල්ලි? ඇයි මේ අමුතු කඩු ලේබල්? කවුරු ගහගත්තත් වැරදියි. ආණ්ඩු බුදිද? ඒ ආණ්ඩුවත් එකයි, මේ ආණ්ඩුවත් එකයි, මේ ප්‍රශ්නෙදි.
ReplyDeleteආගම් කරේ එල්ලගෙන අදහන්න යන්නේ නැතුව, එහි ඇති දර්ශනය කුමක්ද කියා තේරුම් ගන්නවානම්, ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.
ReplyDeleteඇත්ත.. විවිධත්වයක් නැතිනම් මෙි ලොකේ පැවැත්මට බාධාවක් එක.
ReplyDeleteඅපි කරන්න ඔනි අපට උරුම දේ රැක ගන්න එක මිස අනික් අය ව පාලනය නොවේ යි.
දැන් ලේසියෙන්ම මාකට් වෙන්නේ ජාතිවාදය අයියේ.... මනුස්සකම හොයාගන්න නෑ
ReplyDeleteඋඹලා රටට ජාතියට ආදරයක් නැති උන්! ආදරෙයි නම් සිංහ ලේ කියලා පච්චයක් ගහගනින්! එතකොට අපේ ජාතිය රටේ ප්‍රශ්න ඔක්කෝම විසදෙනවා!
ReplyDeleteමම ස්කවුටින්ග් කරන කලේ කොච්චි කඩේ පල්ලියේ සේවයට ගිහින් තිබෙනවා. එතනට බෞද්ධ අයත් එනවා දැක තිබෙනවා.
ReplyDeletehttp://nelumyaya.com/?p=4910
මම සජ්ජාගේ පඩංගුවත ආව මුල්ම දවස, කියවපු මුල්ම ලිපිය. ඔයා ලියන විදිය ලස්සනයි. කියවන්න ආස හිතෙනව.
ReplyDeleteකවුරු කවුරුත් තම තමංගෙ ආගමට අනුව ජීවත් වෙනවනම්, එකිනෙකාට ගරුකරනව නම් සමාජයේ ප්‍රශ්න Aත්හිවෙන එක අඩුවෙනව. ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නෙ සුළු පිරිසක් නිසා, අපේ මිනිස්සු බොහොමයක් හොඳයි.
මට මේ කථාwඅ කියනකොට මතක් උනේ, මම මගේ නෑනල දෙන්නත් එක්ක හදපු නත්තල් ගහ, මගේ ජීවිතේත හදපු එකම නත්තල් ගහ (1998). ගහ හදල ඉවර කරන්න උනේ නෑ අපිට, කට්ටියත් එක්ක රංඩු වෙලා ගහ ඉවර උනා.
ලංකාවේ මුස්ලිම් බහුතරය තම ව්‍යාපාර , වෘත්තිය එනම් මුදල් ඉපයීමට මුල්තැන දෙන නිසා ලෝකයේ බොහෝ මුස්ලිම් ප්‍රජාවන්ට වඩා හොඳය. තම අනන්‍යතාවය පෙන්වීමට මැදපෙරදිගින් ආ ෆැෂන් කලත් බහුතරය බිස්නස් පාඩුකරගෙන ආගම් පිස්සන් වීමට යන්නේ නැත.
ReplyDeletehttps://www.youtube.com/watch?v=ETgFh_iOGEs
ReplyDelete++++
ReplyDelete