ගෝ පයියා GO .....


ලෝකය බිහිවී සතියකි - හැම සතෙකුම බඩගින්නේ
යන්න එන්න තැනක් - නැතුව ලතවී උන්නේ
කන්න බොන්න යන්න එන්න - ඉන්න තැනක් දන්නෙ නැතුව
මහ ජරමර ගොඩක් මැද්දෙ - සතුන් වසන්නේ

සිංහයෙකුද තණකොළ කයි - බඩේ අමාරුවද හැදෙයි
හරක් රැළක් මාළු කමින්එක ජරමරයයි
අලියකු ගසකට බඩගා - ගහෙන් බිමට පතබෑවී
ගහ යට කිඹුලෙක් යටවී -විජ්ජුම්බරයයි


සර්ව ලෝකෙ මැව්ව මිසක් - මැවුණු එවුන් කරන කියන
කන බොන යන එන වසනා - තැනක් නොදන්නේ
බඩගින්නෙන් දැවෙනවාය - හීතලයෙන් ගැහෙනවාය
අතරමංව මංමුලාව - සතුන් බෝ  දුකෙන්  

සත්තුන්ගේ දුක දැනුනා - පඬුපුල් එක බොයිල් උනා
පුක පිච්චි සක්කරයා - උඩින් විසිවුණා
"මාතලියෝ හනිකට වර -  ලැට් ගෙනියන කෑන් එකට
වතුර එකක් පුරවාලා - ගහං මේකට.."

මාතලියා පට ගාලා - කෑන් පළුව  පුරවාලා
වතුර හත අටක් නෙළුවත් -වැඩක් නොවන්නේ
පඩුපුල් එක කූල් නොවෙයි - තවදුරටත් බොයිල් කරයි
බැරිම තැනදි සක්කරයා - බූරු ඇඳට යයි

බූරු ඇඳේ උඩුබැල්ලෙන් - ඉන්න විටදි නින්ද ගොහිං
හීනන් සක්කරයා හට - දිවැස් පෙනෙන්නේ
අම්මට සිරි මෙන්න යකෝ - තඩි හාවෙක් මුහුද මැදින්
කිමිදී ගොස් පතුලේ සිටී - කූඹි රැළක් කයි

බුදු අම්මෝ  මේ මොකද්ද - මුන්ට මෙව්ව කිව්වෙ නැද්ද
මවපු වෙලේ ලොකු දෙයියා - ගිටියෙ  ගංජ ගහල වත්ද
සිස්ටම් එක අවුල් වෙලා - සත්තු අංජබජල් වෙලා
උන්ගෙ දුකට පුං ගහන්න - මගෙ පුටුවත් බොයිල් වෙලා

මාතලියෝ මෙහාට වර - ලෝකෙට පල මේ දැන්මම
කියපිය ඉරිදා උදේම - ලොකු රැස්වීමක්..
ඔක්කෝටම එන්න කියා - එක තැනකට රැස් වෙන්නට
මම ඇවිදින් ඔක්කෝටම - කියලා දෙන්නම්

ඉරිදා උදේ රැස්වීමට - සක්කරයා වැඩිය පසුව
පෝලිම් වී පිරිසට - සකා දෙසන්නේ
තෝ මෙහෙ වර තෝ සිංහය - කන්නෙ සත්තු අල්ලගෙනයි
කැලෑවෙ ඕනෑම තැනක - උඹට හිටියැකී ..

තෝ මෙහෙ වර, නම "හරකා" - කන්නේ තණකොළ මීමා
සිංහය දැක්කෝතින් තෝ - දුවල බේරියන්
මේ විදියට මුළු ලෝකෙම - සත්තු සැමට ඉන්න යන්න
කන්න බොන්න හැම දෙයක්ම - සකා පැවසුවේ

"මීටීම ඉවරයි අම්මේ - අමුර්තෙ  වඩියක් ඕනේ
මාතලියෝ වෙහිකල් එක - පණගන්වාපන්"
සතුන් විසිරුවා හැරලා - වන්ඩියටද ගොඩවීලා
චුත වෙන්නට යන අතරේ - හඬක් ඇහෙන්නේ...

"සක්කර හාමුදුරුවනේ - පොඩ්ඩක් ඉන්නකෝ දෙයියෝ
හීතල වැඩි කමටම මට - නින්ද ගියා නේ.."
සක්කරයට මළ පන්නා - සරමද උස්සා ගත්තා
වටපිට බලනා කලදී - පොඩි සතෙකුන් ඇහැ ගැහුණා

"අනේ සෑර් සොරි දෙයියෝ - මගෙ නම දන්නෑ අයියෝ
ඉස්සෙල්ලම  මාගේ නම - වදාරන්ඩකෝ
මළ පැන සිටී සක්කරයා - භාෂාවද අමතකවී
"Go පයියා " කියා ඌව - පන්නා දැම්මා

මගෙ නම ඒකයි එතකොට - ලෙසින් සිතුව " ගෝ පයියා"
එක්කම උගෙ ඊළඟ - ප්රශ්නෙත් ඇසුවා
හරි දෙය්යෝ නම "ඕකේ" - ඉස්සරහට මම කන්නේ
මොනවාදැයි නොම දන්නේ - කියලා දීපං

"ඕනැම පයියක් කාපිය - ඕන පයියකම ඉඳපිය
පරසක්වල ගහන්ඩ පෙර - දැන් මෙතනින් තොලොංචිවෙය "
දෙවි කීදේ සැබවින් ගත්  - "ගෝපයියා" එදා පටන්
කී අයුරෙන් නිරන්තරෙන් - ජීවත්වෙන්නා....


ඉවානයාගේ පෝස්ටුව සහ කොමෙන්ටු කියවීමෙන් අනතුරුව,
රූපවාහිණිය නරඹමින් සිටියදී ප්‍රසංග වේදිකාවක ගවුම් ගසමින් නර්තනයේ යෙදෙන
රංග ආයතනයක මාර දූවරු රෑනක් දුටු අපේ තාත්තා
"ආං ගෝපයියො  ගසනවා " කියාගෙන එතනින් ගිය නිසාවට
සහ තාත්තාම කියාදුන් මේ කතාව මතකයේ තිබූ නිසාවට
මධුවාගේ ඉස්ටයිල් එක භාවිත කරමින් හුදී ජන පහන් සංවේගය පිණිස ලියා තැබීමි.


144 comments:

  1. හෑ????
    මුල ටික නියම. අන්තිම එක තේරුණේ නැත
    මෙන්ඩාට මේවගේ නම් දැමීම ගැන විරුද්ධ වෙමි

    ReplyDelete
    Replies
    1. ඉයන්.. මේකයි වැඩේ.. මූණ දිහා බලාගෙන මට ඕකට ඕක කියන්න බැරි නිසා මෙහෙම ලියල දැම්ම...

      Delete
    2. මට ඊයේ හදිස්සියේම යන්න වුනා..(පොඩ්ඩක් හිටහන් සරම කරට ගන්නකන්)..
      අඩෝ...ඉයනා..පොස්ට් එකකවත් අලුතෙන් ලියන්නෙත් නැතුව හැංගිලා ඉන්නෙ..? අද තුනෙන් එකක් බේර ගන්නවා..
      වල් මැලේයා..ආව මෙතන වැට ගහන්න..කන පලලා බන්ඩක්කා හිටවනවා..
      සඡ්ඡා..අපි පයියා වුනත් GO තමයි STOP නෑ.

      Delete
    3. මෙන්ඩා මොකක් ද මේ ජී.මෙන්ඩා කියලා කියන්නේ අෑ.....................?????

      Delete
    4. මහා මන්ත්‍රාචාර්ය සුරංජී වගේ මෙන්ඩජී....

      Delete
    5. ඒක හරි................ මං කියන්නමයි හිටියේ.....

      Delete
    6. ඉයන්,
      මම අහලා තියෙන විදිහට ඔය අන්තිමට කියපු සතා ඉන්නේ රහස් ප්‍රදේශයේ ඇති කේශර ගොන්නේ. උන් කන කොට කසනවාලු (මං දිහා බලන්නෙ? මගේ ඕකුන් නෑ යකුනේ. ඔය මැක්කෙක් දෙන්නෙක් හිටියට.) ඉතිං සරම හරි අර පින්තූරෙ කෙල්ලො නරටනකොට සායට වෙනවා වගේ ගසලා උන්ව හලන්න ඕනිලු. ඒකයි ඔය සජ්ජාගේ තාත්තා කියපු හරුපෙ තේරුම.

      සජ්ජා,
      මම කීව දේ හරිද?

      මෙන්ඩා/කුරුටු,
      අම්මපා බොලව් මම නොහිටපු ටිකට සිංහල බ්ලොග් අවකාශෙ මාර දියුණුවක් තියෙන්නෙ. විශේෂයෙන් කොමෙන්ට්ස් වල. එයිනුත් මෙන්ඩාගෙ කමෙන්ට්ස් වල. අපි පිං කරලා තියෙනවා බොලව් මේ වගේ සමාජයක සැරි සරන්නවත්, මේ එලියෙ තියෙන සමාජෙ එක්ක බැලුවම.

      කුරුටු,
      ජී කියන්නෙ පොඩි එවුන් මල පහ හෙවත් ෂිට් වලටය. පෝන් එකෙන් ගේම් ගහන පොෂ් එවුන් ගේම ඇණුනු ගමන් ‘ෂිට්‘ කියනවා. මම උන්ගෙන් අහනවා ෂිට් කියන්නෙ මොනාටද කියලා. උනුත් දන්නෑ!
      මං හිතන්නෙ ෂිට් කියන වචනෙන් තමා අපි ෂික්, චික්, ෂැක් සහ (අන්තර්ජාලේ) සැක් වගේ වචන බිඳිලා ඇවිත් ඇත්තෙ.

      Delete
    7. උඹ කිව්ව හරි.. මං මේ කල්පනා කොරන්නෙ ඉයන්ගෙ ඉහ නිකට පැහුනෙ ඉඩෝරෙටද කියල...

      Delete
    8. උන් සායවලටත් එනවද?

      Delete
  2. සසර කල කිරෙනවා ඕවා දැකලා

    ReplyDelete
    Replies
    1. මකලා... දැන් හැබැයි ඔය ගැසිලි බැසිලි අඩුයි.. ගසන්නත් එල්ලෙන ඇඳුමක් අඳින්න එපැයි.. දැන් එහෙම ඇඳුම් අඳින්නෙ අඩුවෙන් ඔව්වට..

      Delete
  3. Replies
    1. තැන්කිවු ලොක්කා ... ;)

      Delete
    2. සඡ්ඡාට තාත්තා පොඩි කාලේ ආදරේට කියපු නම "ගෝපයියා"

      Delete
    3. හෙහ් ... එහෙම කිව්වෙ නෑ යකෝ.... මට ඒ කාලේ තාත්ත කිව්වෙ .. එක්කො ඕන් නෑ...

      Delete
    4. ‘ගෝ‘ නැතිව ‘කම්‘ කියලා මුලට දාලා තමා තාත්තා මූට කතා කරලා තියෙන්නෙ.

      Delete
  4. සක්කරය ඌට කිව්වෙ ඕන පයියක් කන්න, ඕන පයියක ඉන්න කියලනේ....
    දැං එතකොට අර ගෑනු ළමයි ගවුං ගසන්නෙ ඒ ළමයින්ගෙ ගවුං අස්සෙ ... ????
    නෑ එක්කො ඕන්නෑ .....

    ReplyDelete
    Replies
    1. ඒ ගැනු ළමයින් 'පත්තිනි අම්මලා වගේ හිටියට උන්ගේ පුකට පයින් ගැහුවම පයි කොට විස්සක් විතර විසි වෙන්න' බඩු තියෙනවලු.. (එහෙම තමයි ඉස්සර අපේ Drill Instructor බුවෙක් කෙල්ලොන්ට බනින්නේ.. )
      ඉතින් කසන එක අහන්නත් දෙයක්ද බං?

      Delete
    2. ඇනෝපිලිස් උඹ මෙතන විතරක් කමෙන්ට් දාන්නෙ නැතිව Go පයියො අනික් බ්ලොග් වලටත්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔන්න අහු උනා නේද හොර ගෙඩියා.. ඕකා දැන් බ්ලොග් කියෙව්වාට ඉස්සර වගේ කොමෙන්ටු දාන්නෙ නෑ...
      කමි මාත් ඔය කතාව අහල තියනව...

      Delete
    5. කම්මලේ කමෝන් කමෝන්....... ගෝ ගෝ....................... (කමෙන්ට් දෙක දෙක උඹ ගානට දානවා නේද???)

      Delete
    6. ඇනෝපිලිස් "ගෝපයියා" අනිත් බ්ලොග් වලට "ගෝපයියා" ..

      Delete
    7. ඩබොල් වෙලා.. කම්මලයගෙන් බෝ වෙලා...

      Delete
    8. කම්මලේ....ඇරපියා. ගෝ^&%*!

      Delete
    9. කමියො,
      මට කාලෙක ඉඳං තිබ්බ ප්‍රශ්නෙ තමා, පයිකොට රැඳෙන්නෙ කොහොදම කියන එක. අහවල් එකේ දත් තිබිල හැපුවොත් නං එහෙම වෙන්න පුළුවං.

      Delete
  5. Replies
    1. හෙහ් හෙහ්. මෙන්ඩ .. මේක ලිව්වේ උඹටමයි...

      Delete
    2. ටැංකියු...ටැංකියු...අනේ පලයන්ඩ "ගෝපයියා"
      @$^*(^%$@$&*(

      Delete
    3. හෙහ්... තෝ උඩුකුරුඥ්ඥං....

      Delete
    4. එකෙක් මලත් මූට ඉතිං ඔය උදාන වාක්‍යය තමා තියෙන්නෙ. මං නෙමේ වෙන කව්ද කියලා තිබ්බා.

      Delete
    5. උඩුකුරුඤ්ඤමට පේටන්න්ට එක අරං තියෙන්නෙ මම. බොලා ඒක කියන කියන පාරට මට ගෙවපියව් රුපියල් විස්ස ගානෙ...

      Delete
    6. ඒ කියන්නෙ අපි බොට කතෘ බාගෙ ගෙවන්න ඕන... වියලි මිදී කන්න ආසද?

      Delete
    7. එකෙක් අපේ තාත්තගෙං අහල 89 කාලෙ, "ටයර් එකේ යන්න ආසද?" කියලා. තාත්තා කිව්ව, "මාව ටයර් එකේ යවන්න කලිං උඹ රස්සාවක් හොයාගං" කියල. නිකං මතක් උනේ. ඒවගේ තර්ජනයක් බවට මුද්දරප්පලමුත් පත් වෙලා නේ?

      Delete
  6. එහෙනම් මේවට වගකියන්න ඕන සක්කරයා.

    ReplyDelete
  7. මෙන්න තවත් මධාවියෙක්............ එල මචෝ

    ReplyDelete
    Replies
    1. මැලේ.. මධාවිය මැරුණ කියල හිතාගෙන මේක ලිව්වේ... මෙන්න මූ ආයෙමත් පණගහල ඇවිත්...

      Delete
    2. තව අවුරුදු පහක් හයක් (දෙකක්) අදිනවා කොහොම හරි. හිටපයව්!

      Delete
  8. උඹලා තාත්තත් මාර කතා තමයි කියලා දෙන්නේ.. සකා ට මල පැනපු වෙලාවේ කොහොමද මෙහෙම බැනලා තිබ්බනම්..
    "උඹේ අම්මට හැමිනෙන්න තෝ දැන්ද පයියෝ එන්නේ.. තොට එහෙම ඕනි ඕනි වෙලාවට හු*** මේ සක්කරයා ලෑස්ති නෑ.. ......" එහෙම උනා නම් අපිට ලෝකේ දිගම සත්ව නාමේ බලා ගන්න තිබ්බා.. හොඳ වෙලාවට සකා ට මට වගේ මල පනින්නේ නෑ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. තාත්ත මගෙ ෆිට් එක බං... ඔව් ඉතින් උඹ වගේ නසරාණියෙක් සැකකරය වෙලා හිටිය නං ගොඩක් සත්තුන්ගේ නමුත් ඔය වගේ වාසගමුත් එක්කම එන්න තිබ්බ තමා...

      Delete
    2. කළණ,
      //එහෙම උනා නම් අපිට ලෝකේ දිගම සත්ව නාමේ බලා ගන්න තිබ්බා//
      ****************************************

      සජ්ජා,
      //තාත්ත මගෙ ෆිට් එක බං// දාපිය පහක්. මං තරුණ වයසට එද්දි අපේ තාත්තා එක්ක බොක්කෙ ෆිට් වුණා බං. බුදු අම්මෝ අපි කතා කරපු දේවල්. සුද්දන්ගෙ කාලෙ ඉපදුනු අපේ තාත්තා (දැන් මේකෙ ඉන්න එකාලා මගේ වයස හොයන්න ආවොත් තොපි ඔක්කොටම අර සජ්ජා කියපා සතා බෝ කොරෝනවා) ඩික්ෂනරියක් වගේම විශ්වකෝෂයක්.

      Delete
    3. දාමු පහක්... අපේ තාත්ත දන්න දේවල් වලින් භාගයක් මං දන්නෙ නෑ කොච්චර පොරටෝක් දුන්නත්...

      Delete
  9. මේ බ්ලොග් එක දීපන් තාත්තට.
    උඹ කස කස ඉන්නැතිව බේතක් ගනින් මල්ලි. තාත්ත දන්නෙ නැතිව ඇති සජ්ජට ප්‍රීති කසානා කියල.

    ReplyDelete
    Replies
    1. කම්මලයියා.. තාත්ත බ්ලොග් ලිව්ව නං අපට ඇඩ්‍රස් නෑ...
      ප්‍රීති කසානා නෑ අප්පා අපට ... ආරංචියි උඳුගොව්වෝ කන නිසා කොන්ඩේ කොටටම කැපුව කියල...

      Delete
    2. මේ බ්ලොග් එක දීපන් තාත්තට.
      උඹ කස කස ඉන්නැතිව බේතක් ගනින් මල්ලි. තාත්ත දන්නෙ නැතිව ඇති සජ්ජට ප්‍රීති කසානා කියල.

      මීට කම්මලයා (මේ දෙවැනි කමෙන්ටුව)

      Delete
    3. මී පාර පිහදාන ෆෝන් එක පිස්සු කෙලලා.. එකයි වැටිල තියෙන්නෙ...

      Delete
    4. කම්මැලියා මේක දැම්මෙ කෙල්ලගේ / බිරිඳගේ / අනියම් බිරිඳගේ පෝන් එකෙන්ලු.

      Delete
  10. ඉදල ඉදල පයියක් ලියල

    ReplyDelete
    Replies
    1. බලහංකො මං සුළුපටු සේවාවක්ද කොරන්නෙ කියල කටේ හිරි ඇරගන්න එවුන්ට... හිටින් ළඟදීම සුභාවිත විවේචනාත්මක, සංවාදශීලී, ගුණාත්මක , විචක්ෂණ පොස්ට් එකක් දාන්න...

      Delete
    2. අනේ මචං කියන තැනකට වදින්නම් අපිට තේරෙන බාසාවෙන් මේ වගේ පොස්ට් දාපන්..

      Delete
    3. හැමදාම එක විදියෙ එව්ව දාල බෑනෙ බං..

      Delete
    4. හැමදාම එක විදියෙ එව්ව දාල බෑනෙ බං..

      Delete
    5. හරි හරි මචං මචං එක පාරක් එක පාරක් කිව්වාම කිව්වාම අපිට අපිට තේරේනවා තේරේනවා..

      Delete
    6. හරි හරි මචං මචං එක පාරක් එක පාරක් කිව්වාම කිව්වාම අපිට අපිට තේරේනවා තේරේනවා..

      Delete
    7. ඉපිල් ඉපිල්
      බැරි බැරි

      ඕවා මොනාද මෙන්න ඩබල්, ට්‍රිබල්, කොඩ්‍රපල්, පෙන්ටපල්, හෙක්සපල්...
      You need to put more space between "fish" and "and" and "and" and "chips".
      The faith that he had had, had had an affect on his life.
      James while John had had had had had had had had had had had a better effect on the teacher.

      Delete
    8. This is a hell of a ship that shipping lots of ships.. it means ship ships ships

      Delete
    9. fuck those fuckers who fucks on our fucks thinking they have fucked us by fucking our fucking fucks we call fucking blogs where we fuck our selves in front of other fuckers.

      Delete
  11. මරු බං... රහම රහයි...

    උඹට පයි කද බඳින්නත් පුළුවන්නේ මල් පහට... මේක අත අරින්න එපා...

    ඔය තාත්තලා මරු කතා කියනවා බං... අද ගියා තාත්තා බලන්න.. ගියපු ගමන් කිව්වේ අන්න ජැක්සන් මැරිලා කියලා.. තාත්තගෙයි මගෙයි දෙන්නගෙම යාළුවෙක්.. වෙලාවක් තිබුනොත් ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු අයියා... අනේ මට ඒ තරමට හැකියාවක් නෑ මදුවට වගේ... ජැක්සන් කියන්නෙ කවුද හැබෑටම... ඔව් ඔව් ලියයි මේං කියල.. ඔහොම කටින් කීයක් නං ලිව්වද...

      Delete
    2. කාගෙ නිර්මාණෙ වුණත් අප්කරලා කතාකරන ඔය උඩ ඉන්නා ලොක්කාත් හොඳ තාත්තෙක් වෙයි පුතාට. කෙල්ලො වෙලත් මමත් අපේ පොඩි උන් එක්ක ඉන්නෙ යාළුවෙක් වගේ. සජ්ජො උඹත් ඒමම වෙයං.

      Delete
    3. අනිවාර්‍යෙන් මධුවා...

      Delete
  12. Replies
    1. මෙන්න තවත් ඩබලෙක්...

      Delete
    2. මේ සියළු දෙනාට බැරිබැරි රෝගය වැළඳී ඇති.

      Delete
  13. චී................කේ...........................කවම කවදාවත් අහලා නැති මහා කුණුහරප කතාවක්. ඊයා.

    ඊළඟ එක කවද්ද දාන්නේ ඈ?

    ReplyDelete
    Replies
    1. විචා තුමා... කතාවක් කියන්නද.. දවසක් මුස්ලිම් බාබර් කෙනෙක් ගාවට රැවුල කපන්න ගියාලු එක මනුස්සයෙක්... රැවුල කපනවට වඩා රැවුල් ගස් ගලෝනව කිව්වොත් හරිලු.. මොට්ට දැලි පිහියෙන් චරාස් සද්දෙට රැවුල කැපෙද්දි කඳුලු සට සට ගාල වැටෙනවලු... මූනෙ තැනින් තැන කැපිල ලේත් එනවලු.. ඔය ඔක්කොම මගාරින්න හිතාන අර බාබර් අහනවලු 'මාතියා.. යේක මාතියලගෙ පවුලෙ ෂහෝදරයො කීයක් යින්නවද?" කියල. අර මනුස්සය කිව්වලු "තම්බි.. පොඩ්ඩක් නවත්තපන් ... අද මං නොමලොත් තුන්දෙනයි" කිව්වලු. අපේ උන්දැ මේක බලනව... තාම දැකල නෑ... යහතින් හිටියොත් ආයෙත් එකක් දාන්නම්...

      Delete
    2. ඔයා පවුලට බයද , ගවුරවේ කියල නං කියන්ඩ එපා

      Delete
    3. සජ්ජා
      **********************************************

      Delete
  14. අඩේ මරු බන්....

    ReplyDelete
  15. සජ්ජගෙ මෙහෙම කවි දැක්කමයි. එළ.
    මට හිතුනෙ සක්කරයත් මාරපොර. ඌත් හොඳයි බ්ලොග් ලියන්න කියල.

    ReplyDelete
    Replies
    1. මතේ... තැන්කිව්....සැකකරය කිව්වෙ තාත්තටද එතකොට?

      Delete
  16. නියමයි සජ්ජෝ ....

    සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
    බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ
    කුකුළ් හොරෙක්ද මන්දා ආවේ
    මෙහාට කවුද පාර කිව්වේ
    කැලේදි අල්ලා මෙහේ ගෙනල්ලා
    රිලා මහල්ලා මුලාවෙලා
    සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
    බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ
    දියෙන් ගෙනාව ඉස්සා වාගේ
    ගැහෙන්නෙ ඇයි මොකද්ද රෝගේ
    අතින් කපාලා
    ඇඳුම් පොරෝලා
    සදාපු බිල්ලා වගේ බොලේ
    නැවිච්ච කොන්ද දුන්න වාගේ
    ගනිල්ල රූපයක් මෙයාගේ
    සිමෙන්ති මූණයි ගඩොල් හිනාවයි
    මුලිච්චි වූ දා මළා තමයි


    ගායනය - සුජාතා අත්තනායක සහ මල්ලිකා කහවිට
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    සංගීතය - ආර්. මුත්තුසාමි

    ReplyDelete
    Replies
    1. උඹ නං සිංදු විශ්වකෝෂයක් බං... අපි අහලවත් නැති එව්වා තැනට ගලපලා කියන්න උඹට පුළුවන්...

      Delete
  17. සුපර් මචං සාජ්ජේ.............. මොනවා නැතත් තාත්තා මතක් කොලා කියලා කියහං.. මට මැවිලා පේනවා තාත්තා කියාගෙන යන හැටි................ කයියත් පට්ට හරිය.....

    ReplyDelete
    Replies
    1. කුරුට්ටා.. ස්තුතියි...හෙහ් ..අපේ තාත්තා මගෙ වීරයාය....

      Delete
  18. දවසක එන්නම් තාත්තා එක්ක සෙට් වෙන්න..

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්... අපේ තාත්ත බොන්නේ නෑ හැබැයි... හැබැයි උඹට ගැලවෙන්න හම්බවෙන්නෙ නෑ ඔන්න කිව්වයි කියල හිතාගනින්...

      Delete
    2. තාත්තා බොන්නැත්තං මෙන්ඩා ඒවලා වැඩක් නැහැ.... ඒහෙනං විදානයාව ඒවන්නං....

      Delete
    3. මොකා එව්වත් අපේ තාත්ත ඕන එකෙක්ට ප්ලග් වෙනව කුරුට්ටෝ..

      Delete
    4. අනේ ඔව් මචං විදානයා යවන දවසට සඡ්ඡාලාගේ තාත්තට ඩයනමයිට් දෙකක් යවපන්

      Delete
    5. හෙහ්.. මොන ඩයිනමයිට්ද බං....

      Delete
    6. //අපේ තාත්ත බොන්නේ නෑ හැබැයි// එහෙනං ගහයි අපිට ප්ලග් එක මේං කියලා...හැක් හැක්.. බයිට් එකට වැඩේ දෙනවද බං අප්පොච්චාත්.

      Delete
  19. හැක්.. සජ්ජගෙ තාත්තත් නියම කතා කාරයනෙ.
    සකාත් බලාගෙන යනකොට කුප්ප ඩයල් එකක් එහෙනං. මෙන්ඩට බැරිද දන්නෑ පොරව ෂොට් එකක් ගහන්න සෙට් කරගන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා... අපේ තාත්තගෙ කතා ලියන්න ගියොත් බ්ලොග් අවකාශේ ඉඩ මදි වෙනව බං... මෙන්ඩත් බිව්වම ඉතිං වයිම වගේනෙ..

      Delete
    2. මෙන්ඩා නෙමෙයි බොලව්............. ජී.පී මෙන්ඩා.....

      Delete
    3. මොකද්ද බං ජී.පී. කතාව?

      Delete
    4. මොකද්ද බං ජී.පී. කතාව?
      තොගේ ඔලුවට දාපු තෙල් හොදයි බටු බැදලා කෑවානම්

      Delete
    5. හරි හරි ඉතිං... තේරුණා තේරුණා ...

      Delete
    6. ජී පී කියන්නේ ‘ජී පිහදාන‘ කියන එක.

      Delete
  20. සජ්ජයියේ අන්න අපේ බොස් මට අස්වීමේ සහතිකේ ලියනවලු , කොම්පීටරේට හිනාවෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ සබරේ...කිචි ටොපියක් කැවුන කියහන් බොසාට ...

      Delete
    2. මගේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට පෙන්නුවා..උන් ගිහින් පනිවිඩේ කියලා තව 20 ක් විතර ආවා..මම එලව ගත්තා..

      Delete
    3. ඒ උඹ මෙව්වත් පෙන්නනවද බං..

      Delete
    4. වැඩිය හිනාවෙන්ටෙපා සබරේ. ප්‍රොක්සි සර්වර් එකෙන් බ්ලොක් කරයි බ්ලොග්ස්පොට් ඩොමේන් සේරම.

      Delete
    5. අපේ සෙල්ලං සේනකය කියන්නෙ බං, “හිනා බෙට්ටක් පෑගිලා“ කියලා...

      Delete
  21. අර අහිංසක ලෙඩාගේ බ්ලොගට දැන් ඉතින් මොනාද වෙන්නේ..ඌ ආයෙත් 'v' ලියන්න පටන් ගනීවි..හපොයි...!

    ReplyDelete
    Replies
    1. මධුවට හොදටම ලැඡ්ඡා හිතිලා මුගේ මේ වලත්ත කවි කියවලා..

      Delete
    2. ශෙෆාකි බොස්... ඇත්තටම මධුවට ආයෙමත් අසනීපයිද??

      Delete
    3. පොඩි ගොක්කොලයක් පේනවා, පොල්කොලයක් පේනවා, ගොක්කොලයක් පේනවා, පොල්කොලයක් පේනවා.
      ගොක්කොලේ කෝ...පොල්කොලේ කෝ...ගොක්කොලේ කෝ...පොල්කොලේ කෝ

      Delete
    4. ඔව් බං. මදාවිය මෙච්චර කාලෙයක් ලියනවා. ඒ ඔක්කොම කැලේ සජ්ජගෙ එක කයියට... මදාවියො කාපිය වහ. නැත්තං වේලිච්ච මිදි වත් කාපිය...

      Delete
    5. පිස්සු කෙලින්ඩ එපා.. මදාවිය තමා මේ මොඩල් එකේ රජ්ජුරුවෝ...

      Delete
    6. නෑ නෑ මදාවියො, ඒක පිළිගන්ඩ එපා. වහම කාපිය!

      Delete
  22. මදාවි ඉට්ටයිල් එක බෝවෙනවා වගේ...

    සජ්ජෝ, මේක එසේ මෙසේ පඩන්ගුවක් නොවෙයි නේ...

    වල්ම වල් පඩන්ගුවක්...

    පට්ට කයිය...

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්... විභියා... ස්තුතියි... උඹ දාපු මීට කලින් පෝස්ටුව පෙනුනෙ නෑ...

      Delete
  23. "ගොපයියෝ" ගැන මමත් අහලා තියෙනවා.ඕකුන් හරියට කෝඳුරුවෝ වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. මනෝ... මූට ජී.පී.බෝ වෙලා.. ලිංගාශ්‍රිත ප්‍රදේශ වල ජීවත්වන පරපෝශිත සතෙක්.. ඉනිකුණාට කියන නමක් ම්ං හිතන්නෙ..

      Delete
  24. අඩේ... පරක්කු උනා බං එන්න... චුපිරි රහට කයි පද බැඳලා නෙව.එළකිරි මචං...අමෘත වඩියක් ගහන්න වටිනවා මේ පෝස්ට් එකට.හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. තැන්කියු බං.. උඹ කිව්වා වගේ මේක චූ පිරි පොස්ට් එකක්...

      Delete
  25. lassana kaipadha sajje , dad ge kathawatanam thamath hinaa,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් මහත්මයා... අපේ තාත්ත නිතරම ඔය වගේ කතා කියනව...

      Delete
  26. අඩේ මේක සුපිරියි බං. යකෝ උඹලා හැම එකාගෙම තියෙනවා හැංගුණු හැකියාවන්. ඒවා ඇදලා ඇරං ඇදලා ඇරපල්ලා.

    තාත්තගෙ පුතානෙ ඉතිං...හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මධුවා... උඹ සනීපෙන් නේද මචෝ... ආයෙත් ලිවිල්ල පටන්ගමු.. අපට බොට වගේ ඔව්ව හැම වෙලේම ලියන්ඩ බෑ... ස්තුතියි උඹ පස්සෙ නමුත් ආව එකට...

      Delete
  27. මමත් අලුතෙන් බ්ලොග් එකක් හැදුවා පුලුවන් නම් පොඩි සපෝට් එකක් ඕනේ....

    ReplyDelete
    Replies
    1. එලකිරි මචං... මචං කිව්වට මොකුත් හිතන්න එපා.. බ්ලොග් ලියන්නේ කවුද, ඒ ඔක්කොම සහොදරයෝ... එන්නම් බලන්න... අලුතෙන් පෝස්ට් දාපු ඒව වලට ගිහින් මේ පණිවුඩය දෙන්න... ඉන්න බලන්න එනකල්...

      Delete
  28. Ado sajja. Patta pai kavi muthu.. Jaya wewaa..!!

    ReplyDelete
  29. මමත් අලුතෙන් බ්ලොග් එකක් හැදුවා පුලුවන් නම් පොඩි සපෝට් එකක් ඕනේ....

    ReplyDelete
  30. මමත් අලුතෙන් බ්ලොග් එකක් හැදුවා පුලුවන් නම් පොඩි සපෝට් එකක් ඕනේ....

    ReplyDelete
  31. Replies
    1. අඩෝ... උඹ කොහෙද බං හිටියෙ මෙච්චර කල්... ආයෙත් හම්බවෙමු...

      Delete
  32. රස වෑහෙන කවි . නියමයි

    ReplyDelete
  33. සජ්ජො... මරු යකෝ... බොලෑ තාත්ත තමයි තාත්ත... මට මතක් වෙන වෙන පාරට හිනා යනවා යකෝ..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචෝ.... අපේ තාත්ත තමයි බං තාත්ත... මම හිතාන ඉන්නෙ එහෙමයි...

      Delete
    2. //අපේ තාත්ත තමයි බං තාත්ත... මම හිතාන ඉන්නෙ එහෙමයි...// නොද්දකිං තෝ.... හැක්

      Delete
  34. කවි ටික නං පංකාදුයි බං. විස්තර කිරීම තමා සුපිරි. කතාවෙ අන්තිම ඩයලොග් එක මං අහල තිබ්බෙ වෙනස් විදිහට. “පල. තෝ ගිහිං ඕනෙ හුත්තක් කාපිය...!“ කියල...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. තැන්කිව් බං... එහෙම කිව්ව නං උගේ නම වෙනස් වෙනවනේ මචං...

      Delete
    2. නම වෙනස් වෙන් නෑ බං. ප%යො තමා හු@ කන්නෙ...

      Delete
  35. අපොයි මිස් වෙලා. කියල වැඩක් නැහැ. මාධවී කැලේ. මේ "මාතලිය " කිවේ මාතලන් ගොයියා ටද ?

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා.... බුවාට කිව්වත් කමක් නෑ... හෙහ්...

      Delete
  36. හිනා කළා මැරෙනවා බෝල

    ReplyDelete