බුරියට තහනම .....!!!!!!

සජ්ජා ලෙවල් ලියන කාලෙ... හය වසරේ ඉඳන් එකට හිටපු කොල්ලන්ගෙ ෆිට් එක ලියලා වැඩුණු මල් පීදුනු යෞවනයේ උච්ඡතම අවධිය... තරඟ විභාගය නොවුණු නිසාවට කිසිම එකෙක්ගේ හිත් වල කුහකත්වයක් ගෑවිලා වත් නොතිබුණු යුගය.. ඒලෙවල් වලදි  වගේ පංති වලට අළුතෙන් කොල්ලො එකතු නොවෙච්චකලිසම් ගලෝගෙන හෙළුවෙන් හිටියත් එකෙක් වත් මොකුත් නොකියන " එකම රෑනේ ස්පිරිට් එක"... ඔය ගැන වැඩිය විස්තර කරන්න ගියොත් මේක ලියන්න වෙන්නෙ නෑ.. ලෙවල් වලින් අවසන් වෙන පාසැල් වාරෙදි තිබුණු සහෝදරත්වයෙන් ටික කාලෙකට හෝ මිදෙන්න වෙච්ච එක ගැන හැමෝගෙම හිත් වල තිබුනෙ ලොකු දුකක්. කාලේ මතකසටහන් බොහෝ දෙනෙක්ගෙ හිත් වල පැළපදියම් වෙලා තිබුණත් එයිනුත් ඔබ්බට ගිහිං සමරු සටහන් පොත් පුරවගන්න කීප දෙනකට උවමනා උනා... "ඔව්ව ගෑණු ළමයි කරන වැඩ" කියන ආකල්පය හිතේ තිබ්බ නිසාවට සජ්ජ නං සමරු පොත් වලට සමරු සටහන් එකතු කිරිල්ලක් කළේ නෑ.අනිත් එක අපේ එවුන්ට කියල අපිම සල්ලි දීල ගන්න සමරු පොත් වල කුණුහරුප සහ අපේම "කාඩ්" මොකට ලියවගන්නවද... ඔව්ව ගෙදර මිනිස්සු කාරිය දැක්කොත් මෙච්චර කාලයක් රැකගෙන හිටපු "නිර්මල චරිතය"  මොකෝ වෙන්නෙ?


"අපි ඔව්වට නෑ" කියල අනිත් එවුන්ගෙ සමරු පොත් වල සටහන් කරන එකෙන් කරඅරින කුහක මිනිස්සු නෙවෙයි අපි. සමරුපොත් දික්කරගෙන ආපු කොල්ලන්ගෙ සමරු පොත් කිසිම ලෝබ කමක් නැතුව චිත්තර කාරිය ඇඳල, උන්ට දාල තිබ්බ "නම්" අතිනුත් දාල විස්තර කරල ලියල , විශේෂ මතකසටහනුත් ඒකට එකතු කළේ බොහොම කැමැත්තෙන්. මට මතකයි අපේ එකෙක් ඔය "ඔටෝ" ලියවගත්ත හැම එකාගෙම සමරු පොත් වල අන්තිම පිටු හැම එකේම " කොච්චර යාළුවන් හිටියත් හතර අතේ... සැමා තමයි අන්තිම පිට ඉවර කළේ..." කියල කවියක් ලියල බලි කුරුටුත් ඇන්ද.ඉස්කෝලෙ තාප්පෙන් පැනපු කතන්දර, වල් පත්තර හොරෙන් බලපු කතන්දර , මගෝඩි වැඩ කරල ගුරුවරුන්ගෙන් ගුටිකාපු කේස් වගේ  හැම දෙයක්ම ඔව්ව වල කොල්ලො ලිව්වා. එහෙම බැලුවම ඔය එක සමරු පොතක් වත් ගෙවල් වල මිනිස්සුන්ට නම් පෙන්නනව බොරු. ඔය අතරෙ අපේ එකෙක් හිටිය බොහොම උනන්දුවෙන් සමරු සටහන් එකතු කරපු. "ජොකා" කියන කාඩ් එක 9 වසරේ ඉඳන්ම වැදිල තිබ්බ උගෙ සමරුපොත කොල්ලො කටුවට ඇඳපු "ජෝක්කු"න් ගෙන් පිරිල තිබුනෙ. මුගේ සමරු උණ කොයිතරම්ද කිව්වොත් මූට ඕන උනා ලෙවල් වලට අපට උගන්නපු ගුරුවරුන්ගෙ සටහනුත් උගෙ සමරු පොතට එකතු කරගන්න. "ඔටෝ" එකත් අරගෙන ගුරුවරු ගාවට ගිය "ජොකා"ගෙ සමරු උණට අනුකම්පා කරපු ගුරුවරු හැමෝම වගේ ඕකෙ " යහපත් ළමයෙක්... සුභ අනාගතයකට ආසිරි පතනවා" වගේ වැකි වලින් සුභපතල තිබුණ මතකයි.


ජොකාගෙ සමරු උණ හොඳ උනේ සහ උගෙ සමරු පොතේ සටහන් තියපු  අපට උණ ගැණුනේ ගණන් උගන්නපු ගුරුතුමීට මුගෙ සමරු පොත දීපු වෙලාවෙදි. අනිත් ගුරුවරු වගේ එක පිටුවක සමරුව ලියල පොත ආපහු නොදීපු "ගණන් මිස්" මුගෙ සමරු පොතේ පිටු පෙරළන්න පටන්ගත්ත. මුලදි ඕනවට එපාවට පිටුවක් ගානෙ ඇඳල තිබ්බ "ජොක්කු" සිනාමුසු මූණෙන් බලාගෙන ගිය "ගණන් මිස්"ගෙ මූණ ටික ටික බැරෑරුම් වෙන්න පටන්ගත්ත. ඒත් එක්කම ඕකෙ අන්තර්ගතය ගැන හොඳාකාරව දන්න අපේ ඔළු වලට හීන් දාඩිය දාන්න පටන්ගත්ත. මිස්ගෙ මේසෙ ගාව හිටගෙන පන්තිය දිහාවට අසරණ බැල්මක් හෙළපු "ජොකා" "ඉල්ලගනින් හු^*&^* ඕක" කියල සද්දෙ ඇහෙන්නැති වෙන්න  කියපු කීප දෙනා අතරෙ මාත් හිටිය.  අපි කරපු මගෝඩි වැඩ ඔක්කොම ඒකෙ. මදිවට ගණන් මිස් මූණ රකුසු කරගෙන  එව්ව ඔක්කොම පිටුවක් ගානෙ පෙරල පෙරලා කියවනව.


ඔලුවට යක්ෂය ආරුඪ උනා වගේ සමරුපොත පැත්තකට විසි කරල පුටුවෙන් නැගිටපු ගණන් මිස්  "දහම් මෙහෙට එනවා" කියල බෙරිහන් දුන්න. මස් මඩුවට දක්කන හරක වගේ බොහොම අමාරුවෙන් ඉස්සරහට ආපු "දහමා" බොහොම වේගවත් කම්මුල් පාරක් වැදුන.  "මේ වගේ යක්කුන්ටද අපි මේ උගන්නන්නේ" කියන වාක්යයෙන් පටන්ගත්ත බැනිල්ල ඇතුලෙ මොනවා තිබුනද කියල කාටවත් නිච්චියක් තියෙන්න නැතුව ඇති. කපුවා දුම්මල වරම ගත්ත වගේ ආවේශ වෙලා බැනගෙන බැනගෙන ගිය ගණන් මිස් පොලවෙ අඩි  හප්පගෙන ස්ටාෆ් රූම් එකට ගියාට පස්සෙයි අපේ හුස්ම වැටෙන්න පටන්ගත්තෙ. ඔය තරමටම "ගණන් මිස්" කේන්ති යන්න හේතුව පන්තියේ ඔක්කොම එවුන් උන්දැගෙ මූණ වෙනස් වෙච්ච වෙලාවෙ ඉඳන්ම දැනගෙන හිටිය. බොහෝ දෙනෙකුගේ සමරු සටහන් වලට ඇතුලත් වෙච්ච,  "දහමා" උගෙ සමරු සටහනේ උඩින්ම ලොකුවට විස්තර කරලා ලියල තිබුණ කාරණාවෙ මුල් කොටස පටන්ගත්තෙ මෙහෙමයි. "ජොකා , ගණන් මිස්ගෙ බුරිය, පංතියේ දකුණු පැත්තෙ ඉඳන් බලන් හිටපු  විදිහ වගේ කවදාවත් අමතක වෙන්නෙ නැති කාලයක්".... ඕක දැක්කම ගණන් මිස්ට මොනව හිතන්න ඇතිද? ඔව්ව ඕකෙ ලියල තිබුණ කියල දන්න අපේ හිත් ගණන් මිස් වෙලාවෙ ඒක බලනකොට තිගැස්සුණ එක පුදුමයක්ද?....

බස්නාහිර මහ ඇමති "ගුරුවරියන්  බුරිය පෙනෙන ලෙස සාරිය ඇඳීම" තහනම් කරලලු.  කාලෙ ඕක කිව්ව නං අපේ පන්තියේ එවුං ඔය තීරණයට එරෙහිව නැගී සිටින වග ඉර හඳ  වගේ ෂුවර්... හැබැයි දැන් නං ඉස්කෝල වල නව යෞවනයේ තත්වය ගැන තරමට අවබෝධයක් නැති නිසා මේ  ගැන මොනව කියවෙනවද දන්නෙ නෑ.. අපේ කාලෙට වැඩිය ඔය සම්බන්ධයෙන් "ඇඩ්වාන්ස්" නූතන පරම්පරාවට ඕක මහලොකු දෙයක්  නෙවෙයි වෙන්නැති.  කාලෙ අට වසරේ සෞඛ් විෂය නිර්දේශයේ "ප්රජනන" පාඩම එනකල් බොහොම උද්යෝගෙන් බලාගෙන හිටපු ඉතිහාසයක් සජ්ජට තිබුනෙ.  ලිංගිකත්වය පිළිබඳව අපට තිබුණු ලොකු කුතුහලය සංසින්දවන්න ඔය වගේ පොඩි දේවල් විශාල මෙහෙයක් කළා. අපේ පරම්පරාවේ ලොකු උදවිය මේ සම්බන්ධ දේවල් අපෙන් වසන් කළා කියලයි මට දැන් හිතෙන්නෙ. රූපවාහිණියේ මුහුණ සිපගන්න දර්ශනයක් උනත් "මළ සමයං , වෙන එකකට දාන්න" ආකාරයෙන් අපෙන් වෙන් කරපු වැඩිමල් සමාජයක් අපට තිබ්බෙ. කාලෙ පාර කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් පටලවාගෙන ඇවිදගෙන යනව දැක්කත් " .. මේ මොකද.. කලන්තයක් වත් හැදිලද.. පොඩි එකෙක් වත් හදාගන්න බෑ මුන් හින්ද" කියන අපේ අම්මා දවස් වල  අපේ තාත්තගෙ අතින් වත් අල්ල නැතුවාදෝ මන්දා  .. එහෙම බැලුවම මං ඕපපාතිකයි... ඔය වහංකෙරිල්ල සහ හෙළාදැකීම නිසාවට ලිංගිකත්වය බොහෝදුරට ඉගෙනගන්න වෙලා තිබ්බෙ හොරෙන්. දැනුත් ඉතින් එහෙම තමා. මොකෝ ඔව්ව එළිපිට කියන දේවල්යැ.  දහය වසර වෙනකොට ඉස්කෝලෙ විද්යා පාඩමේ ප්රජනනය කොටස උගන්නද්දි අපි ඔක්කොටම අහන්න ප්රශ්න වැලක් තිබුණ. මට හොඳට මතකයි අපේ විද්යා ගුරුතුමා ඔය සම්බන්ධයෙන් බොහොම දේවල් අපට කියාදුන්න. "ළමයි මේක පාඩමෙන් වෙන් වෙලා ලිංගික විද්යාවක් විදියට දැන් වැඩේ ඇදිල යනව. කමක් නෑ.. අහන්න.. මං උත්තර දෙන්නම්" කියල කොල්ලන්ගෙ දැවෙන ප්රශ්න හැම එකක්ම ගොඩ දැම්මෙ අපේ විද්යාව සර්.. කොල්ලො විතරක් ඉන්න නිසාවට කිසිම කුහුලක් නැතුව අපි දේවල් කතා කළා..


ආණ්ඩුවෙන් දුන්න "උදාවූ යෞවනය" පොතට අමතරව කාටත් හොරා පංති වල සංසරණය වෙච්ච "වල් පත්තර" සංස්කෘතිය දැන් නම් නැතුව ඇති. සතියකට සැරයක් පිටවෙච්ච "වින්දන" පත්තරේ කලට වෙලාවට අරගන්න පිටකොටු යන එකාට ඒකෙ මිල වෙච්ච රුපියල් පනහට අමතරව උගෙ "ඇඩ්වෙන්චර්" එකටත්  ගෙවන්න අපට සිද්ධ උනා.  කාටත් හොරෙන් මුරටත් කට්ටිය යොදවල කාරිය ෆ්රී පීරියඩ් වල වැල පත්තර බලපු අපි අතරෙ පත්තරේ ගෙදර ගෙනියන්නත් ලොකු තරඟයක් තිබ්බ මතකයි. ස්වයං වින්දනයේ ආරම්භය සිද්ධවුනු කාලවකවානු වල හිටපු නවයොවුන් කොල්ලන්ගෙ සමරු සටහන් සමහර වෙළාවට   ගෙනිච්ච පත්තරවලත් ඉතිරිවෙලා තිබුණ මතකයි. අද කාලෙ අන්තර්ජාලයෙන්, DVD , flash drive , portable hard disk වලින් ගනුදෙනු කරන සංස්කෘතිය එදා ගනුදෙනු කළේ එහෙමයි. පස්සෙ කාලෙක වීඩියෝ සෙන්ටර් වල අයිඩෙන්ටි තියල ගෙනාපු  පුස් කාපු VHS කැසට්  වල පුස් යවල "ලොවට හොරා" හාරාඅවුස්සපු අපේ කුතුහලය පිරි ලිංගික අධ්යාපනය ලබන්න විඳින්න වර්තමානයේ නං තරම් කටු කන්න දෙයක් නෑ. නූතන දෘශ්යමාන "නෝටි ඇමරිකා"කතන්දරම චිත්තරූප මැවෙන ආකාරයට "වින්දන, ගින්දර" පත්තර වල ලියවිලා තිබුණ බවයි මගේ අදහස. පරිකල්පන ශක්තිය මගින් දේවල් වල චිත්ත රූප මවාගත්ත කුතුහලයෙන් පෙළෙන නවයෞවනය,ගුරුවරියකගේ "බුරිය" දැක්කමත් පරිකල්පන ශක්තියෙන් චිත්ත රූප මවාගන්න එක අහන්නත් දෙයක්ද. 

කොහොම නමුත් කල්ලි ගැහිල ඔය විදියේ කොළු කම් කරපු අපේ සෙට් එක ලෙවල් ඉහලින්ම පාස් උනා. ගණන් මිස් ගෙ බුරිය බැලුව කියල අපේ ගණිත  අධ්යාපනය කඩාකප්පල් උනේ නම් නෑ. මාද ඇතුළුව පංතියේ භාගෙකටත් වඩා ගණිතය විෂයටත් විශිෂ්ඨ සාමාර්ථ ලබාගත්ත. බුරිය නිසාවට අධ්යාපනය කඩාකප්පල් නොවීම කෙසේ වෙතත් අදටත් මට සම්බන්ධයෙක් එක දෙයක් පැහැදිලියි.  වෙනත් ගුරුවරියන්ට සහ ගුරුවරුන්ට අදටත් හිතේ තියෙන ගෞරවය "ගණන් මිස්" සම්බන්ධයෙන් මගේ හිතේ නෑ. මම දන්නවා අපේ පන්තියේ හිටපු අනිත් එවුන්ගෙ ආකල්පෙත් එහෙමමයි කියල.  කොහොම නමුත් ගුරුවරුන් යම් කිසි ස්වයං වාරණයකින් යුක්තව ඇඳුම් පැළඳුම් සකස් කරගතයුතු බවයි මගෙ අදහස . මම බොහෝදුරට දකිනවා ඉස්කෝල වල උගන්වන සර්ලා තදපාට කමිස අඳින්නෙ නෑ කොයි වෙලාවක වත්ඒක නීතියක් නෙවෙයි මා දන්න විදියට. ස්වයං වාරණය.


 සාරිය උනත් එක එක විදියට අඳින්න පුළුවන්. මේ මෑතකදී මම දැක්කා වෙළඳ දැන්වීමක "අපේ බිරිඳ වෙනස් කළේ මං තමයි " කියන තේමාව රැගත් වෙළඳ දැන්වීමක්. ඒකෙ උගෙ ගෑණි ඇඳන් ඉන්න සාරියෙ පශ්චාත් භාගයෙන් බාගයක් එලියෙ. බලාගෙන ගියාම විදියටත් සාරි අඳින්න පුළුවන් සහ ඒකෙ සාරිය ඇඳලා ඉන්න විදියට ගුරුවරියක් සාරිය ඇඳගෙන ඉස්කෝලෙක උගන්නන්න කාරිය ගියෝතින් පන්තියෙන් බාගයක් ෆේල් වෙන එක ෂුවර්.  හැබැයි වගේ දේවල් මහ ඇමතියල නීති සම්පාදනය කරල වෙනස් කරන්න උවමනා  දේවල් නෙවෙයි. ගුරුවරුන්ගෙ නියපොත්තෙ ඉඳන් කෙස් ගහ වෙනකල් නීති සම්පාදනය කරන්න නියෝග නිකුත් කරන්න ගියෝතින් උන්ට අධ්යාපනය සහ අධ්යාපන ප්රතිපත්ති ගැන බලන්න වෙන්නෙ නෑ මේ කපේට.  සාරිය අඳින්න ඕන මට්ටම, හැට්ටෙ කර කපන්න ඕන ප්රමාණය ගැන මහා ඇමති නීති දැම්මොත් මේ ක්රමෙත් අර තලෙයිබාන් මූලධර්ම වලට කිට්ටුවෙන් සමාන වෙන්න පුළුවන්. ඕවා වෙනස් කරන්න ප්රමිතිකරණය කරන්න ඉස්කෝල වල ප්රින්සිපල් වරු සහ අධ්යාපන කන්තෝරු වල අදාළ නිලධාරින් ඉන්නව. ඔය හැමෝටම වඩා ගුරුවරියන් , විශේෂයෙන් තරුණ වයසේ ගුරුවරියන් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ගුරු ගෞරවය ලබන්න නම් ආකාරයෙන් හැසිරිය යුතුයි. "අපි බුරිය පේන්න ඇන්දට කොල්ලො මොකටද ඔව්ව බලන්නෙ? උන්ගෙ වරත්තුකම තමයි ඉතින්" කියල එයින් ගැලවෙන්න බෑ පිරිසට. හරියටම කිව්වොත් නවයොවුන් වයසේ ඉන්න කොලු ගැටවුන්ට බුරිය පෙනුනත් ඒකත් "ලොකු දෙයක්". උප්පත්තියෙ වරදක් වත්, සමාජ වටපිටාවේ වරදක් වත් , උන්ගෙ උපන්ගෙයි වලත්තකමවත් නෙවෙයි . ඒක තමයි වයසෙ වැරැද්ද....

96 comments:

  1. සාජ්ජා ! ඩගියා කොලුවා මොකද කිව්වේ බුරිය දැකලා ..............එක ඇතුලේ ........මොනාද නොකළේ ?

    ReplyDelete
    Replies
    1. කව්ද බං ඩගිය ?? මට වැඩේ මීටර් නෑ...

      Delete
    2. ඇනෝ මේක නේද කේස් එක?
      දෙයියෝ මැව්වේ තුන්දෙනාලු බුරියක් නැතුව
      ආදම් සහ ඒව සමග ඩගිය කොලුවව

      Delete
    3. ඩූඩ් අයියා... දෙය්යෝ මැව්ව ආදම් සහ ඒව ගැන නම් අහල තියනව. ඩගියෙක් ගැන ඇහුවමයි.. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන...

      Delete
    4. දෙයියෝ මැව්වේ තුන්දෙනෙක්ව බුරිය නැතුවලූ
      ආදම් සහ ඒව සමග ඩගියා කොළුවලූ
      බුරිය නැති නිසා බුරිලස් කියලා කිව්වලූ
      එදා පටන් ඩග්ලස් නම නැතුව ගියාලූ
      කරියෙන් හොඳ කරිය තමයි කුකුළාගේ කරිය
      බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගේ බුරිය
      බුරිය තබාලා, පාංකඩ පොල්තෙල්, ඔබලා
      ඩගියගේ බුරිය, ඩගියගේ බුරිය.
      වෙසක් දාට පත්තු කරමු උඩට හරවලා
      කොන්වන්ට් එකෙ උඩ තට්ටුවේ බුරිය තියාලා
      දහස් ගණන් කෙල්ලෝ ඇවිත් බුරියට වැඳලා
      නර්ස් නෝනා චීස් ගාලා කැපුවනේ බුරිය
      මචං බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගේ බුරිය
      ඩගියගේ බුරිය, ඩගියගේ බුරිය.
      ක්‍රිකට් ක්ලබ් එකේ ඩෝප්වෙලා කියාපු බයිලා
      අවුට් වෙලා නෑ තාමත් අහන්න ඔහෙලා
      ඩගියා කියලා මෙම්බර් කෙනෙක් හිට්යා ක්ලබ් එකේ
      කඩියා වගේ වැඩකාරයා නම්බර් වන් එකේ
      හදාගත්ත ගෙඩිය නිසා කැපුවලු බුරිය
      අන්න එදා ඉඳලා හැදුන නමයි ඩගියගේ බුරිය
      ඩගියගේ බුරිය, ඩගියගේ බුරිය.

      ගායනය - සමන්ද සිල්වා

      Delete
  2. බුරිය වැහුවම ඔක්කොම අධ්‍යාපන ක්ශේත්‍රයේ ප්‍රශ්ණ විසඳෙනව කියල තේරෙන්නෙ නැති හැටි

    ReplyDelete
    Replies
    1. පහළ තැන් වලින් කරන්න තියන වැඩ ඉහල තැන් වලින් කරන්න ගියාම උන් කරන්න ඕන වැඩ කරන්නේ කවුද හැබෑවටම.....

      Delete
  3. නිවුස් එකේ තිබ්බ විදිහට නම් නැටුම් ටීචර්ලට සහ සිසුවියන්ට විශේෂයෙන්ම අවධාරනය කරල තිබ්බ ඕක පෙන්නන්න එපා කියල, හැබැයි නැටුමක් කියන්නෙම විවිධ අංගෝපාංග උස්සල පාත්කරල නවල කරල හැඩදාලා පෙන්නන එකටනේ, අනේ මංදා ...
    බුරිය වහන්නත් විවිධ ක්‍රම යොදාගන්න පුළුවන්නේ, එකට ලස්සන මලක් වගේ ස්ටිකර් එකක් හදල පොඩි බිස්නස් එකක් පටන් ගන්න අදහසක් ආවා.

    ReplyDelete
    Replies
    1. ඇනේ ... නැටුම් වලදි ඕක පෙන්නන්න ඕනමද ඉස්කෝල වල? අනේ මන්ද.. බෙලි ඩාන්ස් උගන්නන්නේ නෑ නෙව නේ??... පටන්ගනින් පටන්ගනින්.. වැඩේ නැගල යයි... කොටු කොටු තියන ස්ටිකර් එකකුත් ඩිසයින් කරමු...

      Delete
  4. දහම් කියන නම දැම්මේ ඇත්ත නමම නම් ඒ "දහම් කුමාර" වෙන්ට ඇති මයේ හිතේ...
    අපිට ඔය වගේ හිටියේ බුද්ධාගම ටීචර්, නමුත් බුරි පේන්න ඇන්දේ නැහැ, නමුත් තරුණ ලස්සන ගුරුවරියක් විදිහට හිටියේ ඒ මිස් විතරක් නිසා අපේ උන් බොරුවට හරි වැරද්දක් කරලා මිස්ගෙන් ගුටියක් හරි කන්න තමයි ට්‍රයි එක දුන්නේ...
    සිතියම් අන්දපු පත්තර ඇඳේ මෙට්ට අස්සෙයි එහෙ මෙහෙ හංගගෙන කාපු කට්ටක්...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා ... යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකුට නේද උඹ ඔය කතා හදන්නෙ?? ඔව් ඌ තමා. අහල බලපන් හම්බුන වෙලාවක .. පොර දැන් ඔසී..
      හැක් හැක්.. උඹත් එහෙනං ඒ කාලේ දිවයින පාඨකක්....

      Delete
    2. හෙහ් හෙහ්...
      ෂික්, යකෝ ඔය කතාව කලින් දැනගෙන හිටියනම්...

      ///හැක් හැක්.. උඹත් එහෙනං ඒ කාලේ දිවයින පාඨකක්....///
      නැතුව නැතුව බං...

      Delete
    3. ඕකගේ රස කතා හම්බුනාම කියන්නම්... මොනව උනත් හිත හොඳ එකා...

      Delete
  5. ඒයි......................ඔය බුරිය කියන්නේ මිනිස්සුන්ගේ ඇඟේ තියන දෙයක් නෙවෙයි. ඕක ඔය අඟහරු ලෝකෙන්ද කොහෙද ගෙනල්ලා, පස්සේ හයිකරගත්ත එකක්. ඔය බුරි තහනම ගෙනාපු මහත්තයටත් බුරියක් නෑ. තියෙන්නේ පෙකණිය කියලා එකක් විතරයි.

    ගෑනුන්ට බුරියක් කොහොමවත් පිහිටලා නෑ. ඔය තියෙන්නේ පිටකොටුවෙන් අරන් හයිකරගත්ත එකක්. මීට පස්සේ බුරිය පෙන්නුවොත්, බුරිය කපලා හදනවා කරියක්. හරිය?

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එහෙම බැලුවම ඇඟේ තියන එව්ව නේන්නං විචාරක තුමා..උවමනාවෙන් ඔව්ව පෙන්නන්න ගියාමනෙ වැඩේ "වල්" වෙන්නෙ... ඔබතුමා ඔච්චර ආවේගශීලී වෙන්න එපා.. උන් එව්ව විසඳගනී...

      Delete
    2. මේ දවස්වල වෛද්‍ය පර්යේෂණ ක්‍ෂේත්‍ර යෙත් ඔය බුරිය ගැන ලොකු අාන්දොලනයක් තියනවා, ඕකේ ජීවත්වෙලා ඉන්න ඇසට නොපෙනෙන ජීවීන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල දාන්න ලොකු දායකත්වයක් දෙනවලු, පෙරදිග මිනිස්නු ඒ ගැන දැන ගෙන ඉන්න නැතිව ඇති, නැතිනම් බුරි සුප් වගේ දේවල් චීනයේ වියට්නාමයේ නැති වෙන්න බෑ නේ.

      Delete
    3. එහෙමත් සීන් එකක් තියනවද... මම ඇහුවමයි.. පොඩ්ඩක් හොයල බලන්න ඕන, නානකොට බුරියේ සබන් ගාන්නෙ නැතුව වත් ඉන්න..

      Delete
  6. දැං තියෙන දැවෙන ප්‍රශ්නෙ බුරිය ද? ඕක ඉස්කෝලෙදි දැක්කෙ නැති උනාට ටීවී එකක් දාගත්තම ඕන තරං බලන්න තියෙන්නෙ.
    පාසලක උගන්නන කෙනෙක් වෙච්චහම ඒ රැකියාවට ගැලපෙන්න ඇඳුං අඳින්නෙ නැති එකා අධ්‍යාපනයක් ලබපු එකෙක් නෙමෙයි. බොහෝවිට ගුරුවරු, ගුරුවරියන්ට වඩා සංයමයෙන් ඇඳුම් අඳිනව. අපිට 10 වසරෙදි බුද්ධාගම උගන්නන්න ආපු ටීචරුත් ඔය වගේ තමයි. අපි කිව්වෙ මොඩ් බුධිස්ට් කියල. අන්තිමට අපෙන් එල්ලවිච්ච විරෝධය දරාගන්න බැරුව මාස ගානක් නෑවිඳිං ඉඳල අන්තිමට ඒ වෙනුවට හාමුදුරුකෙනෙක් දැම්ම උගන්නන්න.

    //ස්වයං වින්දනයේ ආරම්භය සිද්ධවුනු කාලවකවානු වල හිටපු නවයොවුන් කොල්ලන්ගෙ සමරු සටහන් සමහර වෙළාවට ඒ ගෙනිච්ච පත්තරවලත් ඉතිරිවෙලා තිබුණ මතකයි.// පත්තරේ වෙරළු මල් සුවඳට තියෙන්න ඇති එහෙනං :D

    සජ්ජත් සෑහෙන්න පත්තර බලල තියෙනව වගෙයි. නෑ මං කිවුවෙ ඔය දිවයින වගේ ඒව.

    ReplyDelete
    Replies
    1. ටීවී වල සහ වෙන තැන් වල දැක්කට ඉස්කෝලෙදි දකින එක වෙලාවකට අවුල් තමා...ප්‍රදර්ශනය කාමය නිසා සමහරු ඔහොම කරනව බොහෝ වෙළාවට.. අපෙත් හිටිය ඔය විදිහෙ කීප දෙනෙක්ම..
      පත්තර වල පාරවල් තිබුණ.. හැක්...
      ප්‍රසා.. මාව නං රවට්ටන්න බෑ..මොකද මං ඒ කාලෙ දිවයින පාඨකයෙක්... :D

      Delete
    2. කාන්තා ඔලිම්පික් මිටර් 100 බලනවා දිවයින පත්තරයක් හොයා ගන්න බැරිවුන දවසට

      Delete
    3. සසර කලකිරිලා අනිත්‍යය මෙනෙහි කොරන්න හිතුන වෙළාවට කාන්තා මැරතන් තරඟ නරඹනව. අර ඉතියෝපියා සෝමාලි කෙල්ලො දිහා බලල පිළිකුල් භාවනාව වඩන්න..

      Delete
  7. අදත් පෝස්ට් එක ට්‍රිබොල් වැටිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අවුලක් තියනවා... පරණ පොස්ට් ටික මේන් පේජ් එකේ වැටෙන්නෙ නෑ... බ්ලොගර් ඔටෝ පේජිනේෂන් හින්දත් නෙවෙයි... මම කොහොමත් පරණ පොස්ට් වලට ජම්ප් බ්‍රේක් දාල තියෙන්නෙ. පේජ් එකේ කිලෝ බයිට් ගැනත් සීයට අඩුයි.. මොකක්ද දන්නෙ නෑ සීන් එක. දන්නා කවුරුහරි ඉන්නවා නම් කියල දෙන්න...

      Delete
    2. කස්ටම් බ්ලොග් ටෙම්ප්ලට් දාන්නේ නැතුව බ්ලොගර් එකෙන් දෙන සිම්පල් ටෙම්ප්ලට් එකක් ඇප්ලයි කරලා බලන්න. අනවශ්‍ය ස්ක්‍රිප්ට් දාලා තියෙනවනං අයින් කරන්න.

      Delete
    3. මාළුවා දැකපු කල්.. කරන්න තියන දේවල් ගොඩක් කළා බං. ටෙම්ප්ලේට් එක වෙනස් නොකළේ දැන් ඒක අනන්‍යතාවයක් වගේ වෙලා නිසා.. බලමු ඒකත් කරන්න...

      Delete
    4. වැඩ බං. අනික් උන් දකින්න කලින් මාරු වෙනෝ.. නැත්තම් ගුටි කන්න වෙන්නේ

      Delete
  8. (අපේ ඉස්කෝල වලත් හිටපු නැටුං කරපු උන්ට තරං දැගලිල්ලක් තිබ්බෙ නෑ අනිත් උන්ට... අරැන් කොයි වෙලාවෙත් ජීන්ස් එක ගවුමට යටිං ඇඳගෙන ඉස්කෝලෙ වටේ දුවනව... හි හි... )

    හැබැයි මේ නීති දැපු එකා ඉස්කෝලෙ යන කාලෙ ටීචර්ලගෙ බුරිය දිහා බලන්නම නැතුව ඇති... ( පේන්නෙ නැති බුරි හිතේ මවාගෙන බලන්නත් නැතුවම ඇති.. පස්සවල් දිහාත් බලන්නම නැතුව ඇති... ලස්සන තරුණ ටීචර්ල එක්ක විහිළු කර කර හිනා වෙන්නත් නැතුව ඇති... ) සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ පොත දිහාම බලං ඉන්න ඇති...

    අනේ යන්න මෙයා යන්න.. නිකං බොරු සෝ දාන්නෙ නැතුව....

    ReplyDelete
    Replies
    1. කෞෂිත් නැටුන් කොලාද ඒ කාලේ? නැටුම් උගන්නන ගුරුවරියෝ නං පොඩ්ඩක් විතර ඕනෑවට වැඩියි කොහොමත්. මම කියන්නෙ හැමෝම නෙවෙයි ඔන්න...
      අපේ පරිකල්පන ශක්තිය උපරිමයි ඒ දවස් වල. "විවර කෙරුවා මනඃ සළෙලුන් උමතුවූ දෙනුවන් රැහැන් ඇද..."

      Delete
  9. බුරිය වැහැව්වාම ප්‍රශ්න ටික ඔක්කෝම විසදුනුත් හොදයි බං..

    ReplyDelete
    Replies
    1. උඹලගෙ ෆැක්ටරියෙං අලුත් ප්‍රොඩක්ට් එකක් ගහපං ඕක වහන්න.

      Delete
    2. අපි දැනටත් එහම එකක් කරනවා..ඒ වුනාට ඒක සාරියට අදින්න බෑ..ඒක ඡැකට් එකක් වගේ ඉන ලගටම තියනවා..

      Delete
    3. මෙන්ඩෝ ... හැබෑටම ඕකටත් හදපන් ප්‍රොඩක්ට් එකක්. උඹම ඩිසයින් කොරපන් කොටු කොටු දාල...

      Delete
  10. අයියෝ සජ්ජයියේ.........පාසල් නම් මදැ....දැන් ඔෆීස් වලත් කෙල්ලෙක්ගේ ඉණක් දැක්කත් අපේ වයසක මැඩම්ලා චක්‍රලේඛ ගෙනත් ‍ඔෆීස් එකේ ස්ටාෆ් මීටින් එකේ කියවනවා අප්පා....

    ReplyDelete
    Replies
    1. සබරේ.. ඒ ඉතින් පැහැදිලි ඉරිසියාව... දැන් ඉතිං බුරිය පේන්න සාරිය ඇන්දෙ නැත්තං සාරියක් ඇන්දෙ නෑ වගේනෙ බං....

      Delete
  11. මටනං හිතෙන්නේ මෙහෙමයි ,වැඩි ජනප්‍රියත්වයක් නැති දේශපාලුවෝ මොකක් හරි මට්ට මරි මෝඩ වැඩක් කරලා ප්‍රසිද්ධ වෙනවා . ඊට පස්සේ හැමෝම ඒ ගැන කතා වෙනකොට මුන් හිතනවා මුන් හෙන ජනප්‍රියයි කියල. දැන් නිව්ස් බැලිල්ල පත්තර බැලිල්ල එහෙම නවත්තලා පාඩුවේ ඉන්න නිසා මෙහම සීන් එකක් දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මීට වඩා අවධානය යෙදිය යුතු විසදුම් යෙදියු යුතු ප්‍රශ්න තියෙද්දි ඒ ඔක්කොම පැත්කින් තියලා ගුරුවරියකගේ බුරිය වගේ මාතෘකාවක් ඇදලාගත්තොත් එක පැයක් ඇතුලත ජනප්‍රිය වෙන්න පුලුවන් කියලත් මේ මජර දේශපාලුවෝ දන්නවා.ඔන්න බලහං ගෑනුන්ගේ බුරියට තියන වටිනාකමක්.

      Delete
    2. ඒක නං එහෙම තමයි බං.. සිරස්තල වල යන්න දේවල්ද මෙව්ව... මාධ්‍ය හමුවක් පවත්වල තමයි මේ වගේ දේවලුත් කියන්නෙ. වෙන මොකකට වත් නෙවෙයි.. ප්‍රසිද්ධිය ගන්න... මුන්ට හැබෑවටම වෙන දේවල් නැත්ද හොයන්න. පහළ ඉන්න නිලධාරීන් ලවා ශේප් එකේ කියල කරවන්න පුළුවන් දේවල් වලටත් චක්‍ර ලේඛ....

      Delete
  12. මාතෘකාව - ගුරුවරිය
    තහනම් වචනය - බුරිය

    ReplyDelete
    Replies
    1. විනාඩියක් කතාකරන්න ඕන. එක වචනය තුන් පාරක් භාවිතා කරන්න බෑ. තත්පර තුනකට වඩා නිහඬව ඉන්න බෑ...

      Delete
    2. //හැට්ටෙ පහලින් ඇති ඉඩ ..
      කිරිගරුඬ වගෙමයි හැඩ ..
      ගැහුන හදවත දඩ දඩ ..
      දැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩ..

      හැට්ටෙ පහලට අඩියයි ..
      එතැන තැන ඇගෙ බුරියයි ..
      අඟල් තුනකින් නෙරියයි ..
      බලනකොට නං මාර සුදියයි..

      බැඳලා උඩට තද කර ..
      ඇතිය හංසයො සිරකර ..
      සිටියමුත් උන් හැර සර ..
      පනීවිද සැක හැට්ටෙ කුඩුකර..

      ලියන විට ඈ නැමිලා ..
      කළු ලෑලි හැඩ කරලා ..
      උස නිතඹ ඇගෙ පිරිලා ..
      වගේ කලයක් මුනින් නවලා..

      ලියා අවසන පැවරුම...
      ගොසින් සිට ඈ ලගටම...
      එබිල පොඩ්ඩක් බැලුවම...
      බැලුන් වාගෙයි වතුර පිරුනම..

      අදින් පසුනං පාසැල...
      වගෙයි මටනං පංසල...
      නිවන් දකිනා මංසල...
      ඇයයි වේලෙන අපට දන්සැල...//

      මෙන්න තහනම් නැති වචන... මාතා පොඩි මෑන්ගෙන් උස්සපු කවිය... අපි අපේ වගේ ලියුවා.... නෑ නෑ මචං මේක මෙතනට ගෙනාවාම තවත් අගය වැඩි වෙනවා.... මෙන්න කවි............

      Delete
    3. පොඩි මැන් අලුත් කයියක් ලියලා
      එල ද බ්‍රා

      Delete
    4. කුරුට්ටා.. මම දැක්ක ඕක.. අපේ මධුව මතක් උනා.. කෝ ඌ මේ දවස් වල පේන්න නෑ...

      Delete
  13. මම නම් කියන්නෙ ඉතින් ඕනෑම ඇදුමක් පිළිවෙළකට සංවරව අදිනවා නම් ඔය ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ කියලා.වැහෙන්න ඕන ස්ථාන ඇරගෙන ගිහාම තමයි ගැටලු ඇති වෙන්නෙ.අනික ..මනෝ කියනවා වගේ කතා කරන්න ඕන තරම් ප්‍රශ්න තියන අපේ රටේ මේ වගේ දේවල් කතා කරන එක නම් නිකන් ජනප්‍රිය වෙන්න කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ... තමන්ගේ ගරුත්වය රැකගන්න තමන් දැනගන්න ඕන.. එකේ සීමාව ඉක්මවා යනව නම් ඒවා ඒ ඒ මට්ටම් වලින් පාලනය වෙන්න ඕන.. එහෙම නැතුව ලොකුම එකා පොඩි දේටත් නීති දාන්න ගියොත් ඌට අදාළ දේවල් කවුද කරන්නේ.. ජනප්‍රිය වෙන්න කරන වැඩ තමයි ඇත්තටම...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කම්මලට ඇඩ්රස් නෑ..
      මෙන්න අලුත්ම තාරකාව

      Delete
    2. ආතරයට වෙන වැඩක් නැතිවෙයි වගේ.

      Delete
    3. බ්ලොගර් වල මොකක් හෝ අවුලක් තියනවා ලඟදි ඉඳන්...

      Delete
    4. අර කම්මලයා අාවාට පස්සේ නේද බං....????

      Delete
    5. ඌ අලුත් ඉස්මාට් ෆෝන් එකක් අරගෙන...

      Delete
  16. කම්මලය පරාදයි

    ReplyDelete
    Replies
    1. දැන් මට තරගයක් දෙන්න ගොඩක් උන් ඉන්නව.

      Delete
    2. දැන් මට තරගයක් දෙන්න ගොඩක් උන් ඉන්නව.

      Delete
    3. දැං දෙකක් දාල මදිවෙයි බං. කොහොම හරි ඩබොල ඩබොල් කරගන්න ට්‍රයි එකක් දියං.

      Delete
    4. හැක් හැක්.. මටත් ඕක උනා කොහේදී හරි මේ ලඟදි. කම්මලයියගෙන් බෝවෙන ලෙඩක් ඕක...

      Delete
    5. කම්මලේ කමෝන්..................... අපි ඉන්නවා උඹත් ඒක්ක.... ජයවේවා

      Delete
    6. කම්මලේ ඉන්නවා.. අර අලුත් ඉස්මාට් ෆෝන්එකද සමග...

      Delete
  17. මට ඔය සබ්ජෙක්ට් එක හෙණ උභතෝකෝටිකයි. සරළව කිව්වොත් මෙන්න මෙහෙම:

    1. ලිංගිකත්වය හංගලා තැබිය යුතු දෙයක් කියල මහා සම්මතයක් තියෙනවා.
    2. ගොඩක් ෆැෂන් වලින් සහ අනිකුත් සංසකෘතිකාංග වලින් ලිංගිකත්වය සහ ලිංගික ආකර්ෂණය ඉස්මතු කරනවා.
    ලිංගිකත්වය අධ්‍යාපනයට එකතු විය යුතුයි. ඩ්‍රැකියානිත් ඇතුළත්ව ගොඩක් කෙල්ලො ලිංගිකත්වය ගැන හරි හමන් දැනුවත්භාවයක නෑ.

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔය මොකවත් නෙවෙයි.

    “ස්ත්‍රී ශරීරය කියන්නෙ හංගලා තැබිය යුතු දෙයක්“ කියන අදහසත් එක්කම, “ස්ත්‍රී ශරීරය ප්‍රදර්ශනාත්මකව පෙන්වීම කලාත්මක සංවේදන ඇතිකරවන්නක් “ යන අදහසත් එනවා.

    මොකද්ද මේ දෙබිඩි සෙල්ලම?

    ReplyDelete
    Replies
    1. පෙන්නන්න ඕන වෙළාවට පෙන්නන්න ඕන දේවල් සුදුසු නොවන වෙලාවල් වලට පෙන්නන්න යන එක. ඔය පෙන්නිල්ල අපේ එවුන්ට තාම මැජික් නිසා පෙන්නපු ගමන් උන්හිටිතැන් අමතක වීම. ලාවට පෙන්නන එක සම්පූර්ණ පෙන්නුවොත් වැඩක්ම නෑ කියන එක හරි හැටි අවබෝධ කර නොගැනීම... ඒ කාලේ පෙන්නපු උදවිය පසු කාලීනව පෙන්නන්න දෙයක් නැතිවීම නිසා අලුත් එවුන් සම්බන්ධයෙන් උරණ වීම. ඔව්ව කොච්චර හිතුවත් හරි උත්තර හොයන්න බැරි දේවල් බං.. මිනිස් මනසේ හාස්කම්. "හිත හීලෑ නෑ.. හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා" උදේ ඉඳන් රෑ වෙනකල් ගැහැණු නිරුවත දකින එවුනුත් හැඟීම් පාලනය කරගන්න බැරි දූෂකයෝ වෙන්නෙ සමහර වෙළාවට. එහෙම බැලුවොත් ඌට එපා වෙලා තියෙන්න එපැයි...

      Delete
  18. ඔය මහ ඇමතිතුමා කියල තියෙන්නෙ බුරිය විතරක් වහන්න කියල බං. ඒ කියන්නේ අනික් ඒව එලියෙ.

    ReplyDelete
    Replies
    1. මහ ඇමතිතුමා
      උම්මා..උම්මා...
      අද යනවා පොඩි මෙන්ඩව ඉස්කෝලේන් එක්කරගෙන එන්න..

      Delete
    2. ඔව් . එතනට ප්ලාස්ටරයක් ගැහුව නං ඉවරනෙ වැඩේ.. කොන්ඩේ වැඩිපුර සුදුවෙන්න වටේ කපාගෙන ආවොත් සපත්තු පොලිෂ් ගානව වගේ..
      මෙන්ඩ මොකද්ද ඒ කිව්ව හරුපේ??

      Delete
    3. ඇයි බං ඉයන් කියලා තියෙන්නෙ බුරිය විතරක් වහන්න කියල ඉතිං ඒ කියන්නේ අනික් ඒව එලියෙනේ..මම යනවා ටිචර්ලාගේ අනික් ඒවා බලන්න

      Delete
    4. හැක් හැක්.. ඔන්න ඒකෙත් හැටි .. ලන්ජරි දැකල දැකලත් මූට එපා වෙන්නෙ නැති හැටි...

      Delete
  19. මේවා, වත්පොතට, බ්ලොග් ලොවට මාතෘකා දෙන්න කරන වැඩ ද මන්දා?

    ReplyDelete
    Replies
    1. නැත්තං සඡ්ඡලා ලියලා ඉවරයි..

      Delete
    2. රසික සහෝදරයා.. මෙන්ඩ කිව්ව වගේ නැත්තං අපි ලියල ඉවරයි නෙව... කොහෙන් හරි මාතෘකාවක් හදාගන්න මොකෙක් හෝ මොකක් නමුත් අමුතු ආතල් එකක් දෙන්නම වෙනව.

      Delete
  20. අපේ උසස් පෙළ රසායන විද්‍යා ටීචර්ට සමහර කොල්ලෝ කිව්වේ " මිස් ඔබේ තීරය " කියලා . හැබැයි අපට ඒ පළල් තීරුවක් පෙනෙන්න සාරිය ඇඳීම එච්චර වැදගත් දෙයක් වගේ පෙනුනේ නෑ.. අපේ අවධානය යොමු වෙන්න තරම්..

    ReplyDelete
    Replies
    1. කවිඳු, උසස් පෙළ වෙනකොට ඔව්ව එච්චර දේවල් නෙවෙයි ගොඩක් වෙළාවට මම නම් හිතන්නේ. ඔව්වත් ඉතින් එක එකාට සාපේක්ෂයි.

      Delete
  21. ඔය මක්කද අප්පා... මම මේ ඉතා ළඟකදි දැක්කා.. තමන්ගේ ගෑණී ජීන්ස් එකක් ඇන්දා කියලා.., හබියා යකඩ පොල්ලකින් ඔළුවට පත බාලා, නිවන් යන්නම...

    ගෝත්‍රික ගති ඉඳ හිට කොහෙන් හරි මතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉතින් බං ලොකු අයියෙ අපි කිව්වද තහනං කොරන්ඩ කියල... අපිලැහැ කිව්වෙ එව්වා විඳපු විදිය....

      Delete
    2. ඒ උනාට රහ විඳලා... ඒකට ගෞරවයක් නැතෙයි කිව්වා නේද බොල...

      Delete
    3. හැක් හැක්... අපිම හිත් වලින් ඒ ගෞරවය කෙලෙසුවාම ඉතුරු වෙයි යැ...

      Delete
  22. ෂර්යා නීතියද බං ඔහේ තියෙන්නේ දැං? ඔය පටං ගත්තා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියා... තව මොන මොනව එයිද දන්නෙ නෑ,.. වැල සයිට් ටිකටත් කෙලින්න යනවයි කියලයි ආරංචිය...

      Delete
    2. වැල සයිට් වලට එක පාරක් කෙලියා නේද?
      ඔන්න ඌව පළාතෙ මහ ඇමතිත් නීතියක් දාලලු ගුරුවරුන්ට ෆෝන් පාවිච්චිය තහනම් කරලා.

      ඔය පටං අරන් තියෙන්නේ.

      මගේ අදහස මේකයි සජ්ජා. කෙනෙක්ට තමන්ට ගැලපෙන, තමන්ව අපහසුතාවයට පත් නොවෙන. ඇඳුමක් ගැලපෙන තැනකට අඳින්න යම් සෙන්ස් එකක් තියෙන්න ඕනෙ. ඒක තමන් ඇතුලෙන්ම එන්න ඕනෙ දෙයක්. ඇඳුමත් එක්තරා ප්‍රකාශණ මාධ්‍යයක්. ඒකට මේ ආණ්ඩුවෙන් නීති දානවා නම් ඒක මට කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒක භයානක තත්වයක් කවුරුත් විරුද්ධ වියයුතු.

      Delete
    3. ඒක තමයි ඩූඩ් අයියා මගෙත් අදහස. නීති දාල පාලනය කරන්න පුළුවන් කාරනාවල් නෙවෙයි ඔව්ව. අනිත් එක ඇඳුම් පැළඳුම් වලට නීති දාන්න ආණ්ඩුවකට කොහොමකටවත් අයිතියක් නෑ.. අඳින මනුස්සය තීරණය කරන්න ඕන තමන් අඳින ඇඳුම ඒ වෙළාවට ,තැනට සහ අවස්ථාවට සුදුසුද කියල. හැම එකටම නීති දාන්න ගියොත් මේකත් තලෙයිබාන් රටක් වෙනව.

      Delete
  23. දැන් හරියටම හරි ඕං,අධ්‍යාපනේ ඉහළ නංවන්න බැරි ප්‍රශ්නෙ හොයාගෙන අපේ මහ ඇමතිතුමා ඒකට පිළියමකුත් කළා.දැන් මොනවටද බය වෙන්නෙ.අධ්‍යාපනේ එකසිය ගානට නැගල යයි බං බලං ඉඳින්කො.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අන්න ටීචර්ලට හෑන්ඩ් ෆෝනුත් තහනම් කරලලු එක පළාතක...තව ඉස්සරහට මොන මොනව කොරයිද කියල බලන් ඉමු හැලපතුමා...

      Delete
  24. අර මචං ඉවාන් උඩින් කියලා තියෙනවා වගේ ඕක මහ ඇමතියා ජනප්‍රිය වෙන්න කරන මෝඩ කතාවක් වෙන්නත් පුළුවන්.කොහොම උනත් රටේ අධ්‍යපනයේ දහසකුත් එකක් ප්‍රශ්න තියෙද්දී මේකාගේ අවධානයට ලක් වෙච්චි එකම ප්‍රශ්නය මේක වුන හැටි.

    උඹ කියනවා වගේ අදින ඇඳුම ගැන ස්වයං හික්මීමක් තමන් තුල තියෙන්න ඕනේ.එව්වා නීති දාලා කරන්න යනවා කියන්නේ මහා විහිළුවක් වගේම රටම ග්‍රෝත්තිකත්වය කරා ගෙන යාමක්.හරිනම් කරන්න ඕනේ "ලිංගික අධ්‍යාපනය"වෙනම විශයක් ලෙස විෂය නිර්දේශයට එකතු කරන්න ක්‍රියා කිරීමයි.එහෙම නොකර මේ විකාර කරන්න යෑමෙන් වෙන්නේ ලිංගිකත්වය අමුතු මැජික් එකක් කරලා දානා එකයි.

    ReplyDelete
    Replies
    1. මනෝ... ඕක තනිකර ජනප්‍රිය වෙන්න කරපු වැඩක්. දැන් කොල්ලන්ටත් වැඩක් තියනවා. ටීචර්ගෙ බුරිය පේනවද කියල හොඳට විමසිල්ලෙන් නිරීක්ෂණය කරන්න . පෙනුණා ගමන් ටක් ගාල පැමිණිලි කරන්නත් තැනක් හදන්න තියෙන්නෙ. ගුරුවරු අතරත් රැඩිකල් ගුරුවරියෝ බිහි වෙයි. අර නිකන් ෆුල්ෆෙස් තහනම් කලාම එව්වම දාගෙන බයිසිකල් පදිනව වගේ..
      බලන් ඉමුකො මොකෝ වෙන්නෙ කියල...

      Delete
  25. ඒ බුරි පෝස්ට් තුනක් ම දැක්කා... මොකක්ද බං මේ බුරි නැග්ම බං.... බ්ලොග්කරණයේ නවතම පෙරළිය.... බුරිය............

    ReplyDelete
    Replies
    1. සෝභිත හාමුදුරුවන්ගෙන් පස්සෙ බුරිය තමා අද සමාජ මාතෘකාව බං. ඒ ගැන නොලිය කොහොමද.. හැක් හැක්...

      Delete
  26. මේක හෙනම මාන්දමික පොබ්බම් එකක්...බුරියෙන් හිතලා උත්තරයක් ගන්න ඔනෙ සජ්ජෝ....

    ReplyDelete
    Replies
    1. ආ .. වාසනාවන්තයා ( කාලකන්නියා කියන්න පුලුවන්ද බං කටක් ඇරල) බුරියෙනුත් කල්පනා කරන්න පුළුවන් නම් හොඳයි තමා... බලන්න ඕන ට්‍රයි එකක් දීල...

      Delete
  27. සජ්ජගේ පඩංගු වෙත් ඔන්න කොක්කක් ගහ ගත්තා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මාත් එන්නං ඒ පැත්තෙත්...

      Delete
  28. සජ්ජෝ ඒ කාලේ සාරිය ඇන්දේ බුරිය යාන්තමින් පෙනෙන්නේ ..එත් බන් දැන් අදින්නේ පුසගේ මයිල් ටිකත් පෙනෙන්න ...හැක් හැක්
    (මේ වගේ සින්දුත් තහනම් කරයිද දන්නේ නැ ....).

    කුමරියක පා සළඔ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ මා
    සම වැදී උන් දැහැන් බිඳුනා

    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවෙන තුසිතය
    සුරන් නැලවු සුයාමය

    නිසල ජීවන තපෝ වන මැද
    හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
    මා හඩවයි බිදුනු තුසිතය
    සුරන් නැලවු සුයාමය

    පද රචනය : කේ.ඩි.කේ ධර්මවර්දන
    සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: පණ්ඩිත අමරදේව

    ReplyDelete
  29. අපරාදෙ මම බිසි වෙන වෙලාවෙ තමයි මහ ඇමතිලට මාර දේවල් හිතෙන්නෙ. පෝස්ට් එකක් දාන්න වටින කතාව.
    ඇත්තටම මම නම් හිතන්නෙ ඕව වහල ඔතල තියන එකෙන් තමා අවුල් ඇතිවෙන්නෙ කියල. නිරුවත් සමාජ ගැන පර්යේශන කළ මානව විද්‍යාඥයන් කියනව ඔවුන්ට ලිංගිකත්වය කියන්නෙ කිසිම වැදගත්කමක් නැති දෙයක් කියල. ඔවුන්ට ආහාර ඊට වඩා වැදගත්.
    මම කලිනුත් කියල තියනව වගෙ ඕව එලියෙ දාගෙන හිටියම ගානක් නැතිවෙනව. ශිෂ්ටාචාරය කියන්නෙ මානව සංහතියෙ අර්බුදය. ශිෂ්ටාචාර වීම එක්ක තමා මිනිසා මේ අර්බුදයට මුහුන දෙන්නෙ.

    ශිෂ්ටාචාරගත වීමත් එක්ක මිනිසාට උරුම වුනා නොසංසිදෙන බඩගින්නක්. මේ බඩගින්න නිවාගන්න ඔහු නොදරන වෙහෙසක් නෑ. ඒක තමා අසහනය . මම නෙමේ කියන්නෙ මානව විද්‍යාඥයො. ඕෂෝ වගෙ දාර්ශනිකයො.

    ඉස්සර අපේ සමාජය මේව මහමෙරක් ලෙස ගනන් ගත්තෙ නෑ. ගෑනු හිටියෙ එලියෙ දාගෙනමයි. දැකල දැකලම හැමෝටම ගානක් නැතිව තිබුනෙ. සුද්ද ඇවිත් වහල ඔතල හංගල ජංජාලයක් කළා.

    ඉන්දියාවෙ ගෑනු සාරි අදින්නෙම බුරිය විතරක් නෙමේ මුලු බඩම එලියෙ දාගෙන. කවුරුවත් වල් විදියට බලන්නෙ නෑ. එතන තියෙන්නෙ සෞන්දර්යය. එහෙ රවුම් බුරි වාසනාවෙ සංකේතයක් ලෙස සලකනව.

    අනෙක් අතට මේ බුරි තහනම මානව හිමිකම් කැඩීමක්.

    ReplyDelete
  30. අම්මපා කියන්නෙ මං තාම කාගෙවත් බුරියක් දැකලා නෑ.. :/

    ReplyDelete
  31. එක එකාගෙ රුචිකත්වය විවිධාකාරයිනෙ බං. මටනං ඒ තරං වදින ස්පොට් එකක් නෙමේ ඕක. මට වදින්නෙ ඩොලර් වගේ හැඩ එව්වා...හැක් හැක්.
    ඒ කාලේ ගැනනං කියලා වැඩක් නෑ මචෝ. අපි ආතල් ගත්තා මදිද කියලත් හිතෙනවා දැන්.

    ReplyDelete
    Replies
    1. හුරේ... මධුවා ඇවිල්ලා..... අල්ලලා දාපං මචෝ.. උඹට දැන් කොහොමද?? සනීපයි නේද සම්පූර්ණයෙන්.. උඹ නැතුව අපේ සෙට් එක පාලුවෙන් හිටියෙ..අපිත් කතා උණ මොකද උනේ කියල. කුරුට්ට තමා විස්තරේ කියල පොස්ට් එකක් දැම්මෙ..... ආයෙත් වැඩ අල්ලපන්... ජයවේවා....

      Delete
  32. අඟෙයි ..ගුරුවරු පිළිබදව කකා කිරීම සම්බන්දව මටත් විවිධ මත තියෙනව.බොහෝ විට විනයෙන් පිරිහුන ඇදුරු වරු ලංකාවෙ ඉන්නව.ටියුෂන් විශේෂයි

    ReplyDelete
  33. බුරිය වනාහී අතිශය ... එක්කො ඕන නැහැ !

    ReplyDelete