කුණුහරුප කියන්ඩ එපා හු%තෝ ...!!!!!

ආයිබෝං... කාලෙකට පස්සෙ... පහුගිය දොහේ  ආර්ථිකමය වශයෙන් නට්ටන් වෙච්ච සජ්ජා,  සල්ලි හොයන්න මැරීගන වැඩ කොරපු හන්ද බ්ලොග් ලියවිල්ල කෙසේ වෙතත් බ්ලොග් ටික කියෝගන්න වත් ඔළුවට නිදහසක් නැතුව අතරමං වෙලා හිටියෙ. එව්වයින් වැඩක් නෑ....මගේ පරම හතුරා "මුද්දා" එහෙමත් නැත්තං "ඇනෝපිලිස්" කෝල් එකක් අරගන්නෙම "හු*තෝ....  තෝ ලියන්නෙ නැද්ද? මගුලක් කොරනවද .. එකක් ලියල එවපන්" කියාගෙන. 

 දැන් මේ මං ආයෙත් ලියන්නෙ යස අපූරුවට... 



මේ ලඟදි මරු වැඩක් උනා. මේ කතිකාවට සහ මාතෘකාවට අදාළ වෙන නිසා ඒ සිද්ධියත් කියලදාන්නම්. අපේ චූටි දූ එන්නත් කරවන්න ගිහිං එන අතරමගදි මේ සිද්දිය උනේ. පොඩ්ඩිගෙ චූටි කකුල් දෙකම කටු වලින් විදලා වේදනාවෙන් අඬද්දි ඒ වේදනාව වගේ සිය දහස් ගුණයක් අපිට වේදනාව දැනෙද්දි බොහොම පරෙස්සමට වාහනේ පදවගෙන ආවෙ. ඒ එන ගමනෙ අතරමග තැනකදි  එකපාරටම කොල්ලො  දෙන්නෙක් කිසිම අවධානයක් නැතිව  උන්ගෙ මෝටර් බයිසිකලේ පාර හරහට දැම්ම. යන්තම් අමාරුවෙන් හැප්පෙන්න නොදී වාහනේ නවත්තගත්තම බයිසිකලේ පිටිපස්සෙ හිටපු එකා හැරිලා බලල මං දිහා ඔරවල බලපි. හිතේ වේදනාව සහ වගකීම් වලින් ඔළුව කුරුවල් වෙලා හිටපු මගේ ඉස්මුදුනට යක්ෂය ආරූඪ වෙනව මට වත් දැනුනෙ නෑ. 


ඉබේටම වගේ පාත් වෙච්ච වීදුරුවෙන් එලියට ඔළුව දාපු මං 
"කොහෙද හු*තිගෙ පුතෝ යන්නෙ. ප*ද තව හැරිලත් බලන්නෙ..." කියල ඇහුව මතකයි.

කොල්ලෝ දෙන්න යන්න ගියා. අපේ උන්දැයි උන්දැගෙ අම්මයි මමයි හොඳ සාමීචි කතාවක් කරන ගමන් හිටියෙ ඒ වෙනකල්. විනාඩි පහක් විතර යනකල් මගේ බිරින්දෑ වෙන මාතෘකාවක් පටන්ගන්නකල් වාහනේ ඇතුලෙ "මීක්" සද්දයක් තිබ්බෙ නෑ. මගේ ආදරණීය නැන්දම්මා බලන්න ඇති ගෙදර ඉන්නකොට පූස් පැටිය වගේ ඉන්න මූට එකපාරටම මොනව උනාද කියල. සභාවක් ඉස්සරහ සරම කඩන්වැටුන වගේ වැඩක් මට උනේ. කුණුහරුප, බණින විදි, ඉංගිරීසි කුණුහරුප සහ සමාජ මට්ටම් එක්ක ඒව දැනෙන විදිය ගැන මේ ලියවිල්ල ලියවෙන්න වස්තු බීජය උනේ ඔය කතන්දරේ.

අපි කුණුහරුප කියන්නෙ ඇයි?...වැරද්දක් දැක්කම , ඉවසගෙන ඉන්න බැරි තරම් කේන්තියක් ආවම, කාට නමුත් රිදෙන්න කියන්න උනාම, කෙළවුනාම, හිතේ තියන ආවේගය පිටකරගන්න. බොහෝ විට ඔය දේවල් නිසාවට කුණුහරුප කියවුණත් සමහර වෙලාවට පිරිමි අතිශය හිතවත් උදවියට  කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරන වෙලාවල් තියනව. ඉස්කෝලෙ  7 , 8 වසර වලදි පටන්ගන්න කුණුහරුප කිවිල්ල ඕ ලෙවල් වෙනකල්ම කළේ කිසිම හේතුවක් ඇතුව නෙවෙයි. කුණුහරුප වැරදිලාවත් නොකියපු කොල්ලෝ කීපදෙනෙක් පන්තියක හිටියත් ඒ අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක් විතරයි. ඉස්කෝලෙ ඒ සෙල්ලම් දැම්මට ගෙදරදී අපි පූස් පැටව්.

අවුරුදු 4දි වගේ කාලෙ කුණුහරුපයක් කියල අම්මගෙන් හොඳටම ගුටි කාල ඒ වැඩේ අතෑරපු හැටි මට අද වගේ මතකයි. අපේ ගෙවල් ගාව හිටිය වඩු බාස් කෙනෙක්. බුවා හවසට හොඳටම බීල අමු කුණුහරුපෙන් ගමම දෙවනත් වෙන්න බණින එක දෛනිකව සිද්ධ වෙච්ච දෙයක්.  දවසක් අපේ පිළිකන්නට වෙලා බුවා කියන කියන වචන ඔක්කොම කියව කියව ඉන්නකොට තමයි අපේ අම්මට ඇහිල රිටන් එක හම්බුණේ. බුවාගෙ කුණුහරුප හෙනම ඇඩ්වාන්ස්... උගේ කුණුහරුප ශබ්දකෝෂය කොයි තරම් පුළුල්ද කිව්වොත් පොඩි පොඩි කුණුහරුප කුණුහරුප නෙවෙයි කියලයි මං හිතාන උන්නෙ. දවසක් අපේ ස්කුල් වෑන් එකේ එකෙක් එක්ක මං වාද කලා "කැ*යා" කියන්නෙ කුණුහරුපයක් නෙවෙයි කියල.

අපි ගම් වල මිනිස්සු. ගම් වල අර මුලින් කිව්වා වගේ අවස්ථානෝචිතව කුණුහරුප භාවිතා වෙනව. අපේ තාත්තත් එහෙම ඉඳල හිටලා කුණුහරුප භාවිතා කරන පුද්ගලයෙක්. අපේ තාත්තගෙ කුණුහරුප භාවිතාව නැන්දට ප්‍රශ්නයක් වෙච්ච අවස්ථාවක් ගැනයි මේ කියන්න යන්නෙ. දවසක් අපේ මල්ලි (නැන්දගෙ පුතා) පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල වෑන් එකෙන් බැහැල ගෙදරට එනගමන් පාරෙ ඉඳන් මහා හයියෙන්

 "අම්මේ, පයිය කියන්නෙ මොකක්දෝ..." 

කියාගෙන ගෙදර ආවලු. මූ වටේ පිටේ මිනිස්සුන්ටත් ඇහෙන තරමට මහා සද්දෙට අහල තියෙන්නේ. නැන්ද ඉක්මනට මූව ගෙට දාගෙන ඇහුවලු" කව්ද ඕක කිව්වෙ?" කියල.

මූ කිව්වලු " ඊයෙ ලොකු මාම කිව්වෙ" කියල (ඒ කියන්නෙ අපේ තාත්ත). ඌට ඒක මතක් වෙලා තියෙන්නෙ ඒ වෙලාවෙ.

"ඒ කොහෙදිද?" " ඇයි ඊයෙ මහගෙදරදි සමරෙ මාමට කිව්වෙ "සමරයො උඹ දන්න පයියක් නෑ.." කියල"

"එක නරක වචනයක්. ඕකෙ තේරුම හෙට එහෙ ගියාම ලොකු මාමගෙන්ම අහගනින්"

අපේ තාත්තත් මෙලෝ විචාරයක් නැතුව ඔය වගේ දේවල් කියනව සමහර වෙලාවට. පහුවදා ඉස්කෝලෙ ගිහිං ඇවිත් කාරිය අපේ එකා උන්ගෙ අම්මට කියනවලු

 "අම්මෙ, අරකෙ තේරුම ලොකු මාමගෙන් අහන්න ඕන නෑ. මං දන්නව. ඒක කියන්නෙ චූවට" කියල.

කවුද කියාදුන්නෙ ඇහුවම ඉස්කෝලෙ පන්තියෙ කොල්ලෙක්ගෙ නමක් කිව්වලු. ඌත් මං වගේ නසරාණියෙක් වෙන්නැති.

බණිනකොට කුණුහරුප භාවිතා කරන්නෙ කියන බණින පුද්ගලයගෙ ආවේගය පිටකරගන්න වගේම බැනුම් අහන පුද්ගලයට හිතට වදින්න. එක අතකට බැලුවම ගහනවට වැඩිය කුණුහරුපෙන් බණින එක හොඳයි කියලත් හිතෙනව. සමහර වෙලාවට කුණුහරුපෙන් බැනුම් ඇහුවොත් ගුටි කෑවට වැඩිය රිදෙනව. කුණු හරුප භාවිතේදි "අම්මා" මූලික කරගත්තු කුණුහරුප කියවෙන්නෙ හැමෝම වගේ අම්මට බොහොම ලෙංගතු නිසා කොහේවත් ඉන්න "අම්මා"ව ආඳාගැනීමෙන් බොහොම දරුණුවට රිදවන්න පුළුවන් වෙන නිසාවට. ඒත් ඉතිං අම්මට තාත්තට වත් කිසිම ලෙංගතු කමක් නැති එකෙක්ට අම්ම මතක් කරල බැන්නත් සතපහකට වැඩක් නම් නෑ.  එහෙම බැලුවම කුණුහරුප වල "ඉෆෙක්ට්" එක ඒ ඒ පුද්ගලයාගේ සමාජ මට්ටම සහ මානසික මට්ටමත් එක්ක වෙනස් වෙනව. සමහරුන්ට දැනෙන්න බනින්න කුණුහරුප ඕනෙම නෑ. සමහරුන්ට කුණුහරුප කප්පරක් කියල බැන්නත් උන්ට ඒක දැනෙන්නෙ නෑ.

අපේ බිරින්දෑ සමහර දවස් වලට ඔෆිස් ගිහිං ගෙදර එනව මූණ එල්ලගෙන.

"බලන්න අනේ ... කොච්චර වැඩ කළත් වැඩක් නෑ. සීනියර් ඩී.ජී.එම්. බැන්න හොඳටම"

" මොකක් කියලද ඌ ඔයාට බැන්නෙ... උගෙ අම්...".

එහෙම කිව්වට මං දන්නව ඔෆිස් වල ලොක්කො බණින විදිය

" මේ.. ඔහොම නම් වැඩ කරන්න බෑ... කිසිම උනන්දුවක් නෑ. කිසි වැඩක් පිළිවෙලට කරන්නෙ නෑ. මෙහෙම ගියොත් මට තීරණයක් ගන්න වෙනව"

ඔන්න ඔහොම තමයි ඒ බැණිලි. ඔෆිස් වල ඔය විදිහේ "සැර" බැණුම් අහපු තරුණ ගෑනු උදවිය ලොක්කගෙ කැබින් එකේ ඉඳන් අඬාගෙන එනව ඇති. එතෙන්දි බනිද්දි කුණුහරුපවල කිසිම අවශ්‍යතාවක් නෑ. 

පිරිමියෙක්ට නං "තමුසෙ" කිව්වම හොඳටම ප්‍රමාණවත්. දැන් ඔය බැනිල්ල අපේ ගල් වැඩපලේ  මිනිස්සුන්ට ආදේශ කළොත්... සතපහකට ගණන් ගන්නෙ නෑ. ඉස්සර අපේ තාත්ත අපූරුවට ව්‍යාපාරේ පරිපාලනය කලා. පොඩ්ඩ මිස් උනොත් බැන්න කුණුහරුපෙන්. හැබැයි අද මම එව්ව කරන්න යන්නෙ නෑ. අද ව්‍යාපාරේ කෙරෙනවා තමයි. හැබැයි අරුන් මාව සතපහකට ගණන් ගන්නෙ නෑ. අද උනත් තාත්ත වැඩපලට එන වෙලාවට අරුන් ටික ඉන්නෙ සීරුවෙන්. ඒ දවස් වල තාත්ත දවසකට දෙතුන්පාරක් ඇවිත් ගිහිං කරපු පාලනේ මම දවසම එතන හිටියත් කරන්න බෑ... බැණිල්ලේ පවර් එක....එදා පාරෙදි අර කොල්ලො දෙන්නට "ඔයාල මොනවද කරන්නෙ? ඔහොමද පාරෙ යන්නෙ?" කියල කිව්ව නං , " අනේ උඹ හු*හං " කියල උන් දෙන්න යන්න යයි.

ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු කුණුහරුප මොනවද කියල දන්නව. ඔක්කොම කුණුහරුප කියන්නෙ නැති එක හැබෑව. හැබැයි දන්නව මේ කියන්නෙ මේකටයි කියල. වාසුදේව සහෝදරයට පින්සිද්ධවෙන්න "පකයා" කියන කුණුහරුපය කිසිම ලැජ්ජාවක් නැතිව එළිපිට කියන්න සහ මැදට තරු ලකුණක් නැතිව ලියන්න පුළුවන් වෙලා තියනව. බන්දුල ගුණවර්ධන "ගෙම්බා" හැම රූපවාහිණී නාලිකාවකම "පක"ට අරුත් සපයපු විදිහ කට්ටියම දකින්න ඇති. එතකොටත් කට්ටිය පොඩි ළමයින්ගෙ කන් වැහුවද? උගෙයි අපේ ගෙවල් ගාව වඩු බාස්ගෙයි වෙනසක් තියනවද. "බුලත් පයියට හෙන ගැහුව නං හුණු කිල්ලෝටෙ ගැන කවර කතාද?" . පයිය කියන්නෙ නං කුණුහරුපයක් නෙවෙයි ඔන්න .

පුරුෂ සහ ස්ත්‍රී නිමිති, එහෙමත් නැත්නම් ලිංග සහ ඒ දෙපාර්ශවය අතර අන්තර් සම්බන්ධතා සම්බන්ධයෙන් තමයි කුණුහරුප උත්පාදනය වෙන්නෙ.ප්‍රධාන ධාරාවේ ඒ දේවල් වලට භාවිතා වන වචන වලට පරිභාහිරව වෙනත් වචන සෙට් එකකුයි කුණුහරුප විදියට හඳුන්වන්නෙ. හැබැයි ඒ වචන වල "කුප්‍රකට" භාවය නිසාම ඒව හරි සැරයි.

"සංසර්ගයේ යෙදෙනවද ඕයි?" කිව්වොත් හිනා යනව. ඒත් "හු*නවද යකෝ" කියල ඇහුවොත් .... ?

හැබැයි ඉතිං අද කාලෙ ඔය පරණ කුණුහරුප කියවෙනව අඩුයි. අද එව්වත් මොඩ් වෙලා.නරක වචන නොකියවෙනවා නෙවෙයි. එව්ව කියවෙන්නෙ ඉංගිරීසියෙන්. සමහරු ඇත්තටම කුණුහරුපයක්, නරක වචනයක් බව නොදැනත් "ඉංග්‍රීසියෙන්" එව්ව කියනව. මං අනන්ත දැකල තියනව තරුණ ගෑනු ළමයි පවා පොඩ්ඩක් ඇත්නම් "ඔහ් ෂිට්" කියනව , "ඕ ෆක්" කියනව.

හැබැයි ඉතිං "හු*පං" කිව්වොත් මැරෙන්න හදනව. ඉංගිරීසි කුණුහරුප නිසා සිංහල කුණුහරුප කළාව දවසක නැති වෙලා යාවි. කුණුහරුප කියන එක නරකයි තමයි. ඔව්ව කියන්න හොඳ නෑ තමයි. හැබැයි ඉතිං කවදාහරි ඔව්ව ප්‍රයෝජනවත් වෙන දවසකුත් එන්න පුළුවන්.


"අයියෝ හැමිනෙනවා" මොකක්ද මං මේ ඉඳල ඉඳල පොස්ට් එකක් කියල ලියල තියෙන්නෙ.... කමක් නෑ... ඔහොම යං ....

87 comments:

  1. //"කුණුහරුප වැරදිලාවත් නොකියපු කොල්ලෝ කීපදෙනෙක් පන්තියක හිටියත් ඒ අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක් විතරයි."// මං වගේ හොඳ ළමයි උඹලා ඉස්කෝලෙත් ඉඳලා තියෙනවා නෙ.

    මොන හු****ද යකෝ මේ ලිව්වේ , නෑ මේක හොඳයි එකයි හු****තෝ කිවේ ;)

    ReplyDelete
    Replies
    1. අපොයි මම නොදන්න උඹේ උපාසක කම.... හිමිජ්ජා වගේ ඉන්න නං ඇති තමා යටි කූට්ටු වැඩ කර කර... අඩෝ ගෑනු කුණුහරුප කියන්න එපා... ඕනෙ නං පකයා කියපන්..

      Delete
    2. ඕකා තනිකර උපාසක බළලා... හිමිජ්ජා....

      Delete
    3. හිමිජ්ජා කියන්නේ මොකක්ද මාමේ............

      Delete
    4. හීන් බිජ්ජක් තියන එකාට පුතේ...

      Delete
  2. මං දන්න ‍ෙපෙොරක් ඉන්නව ‍ෙපෙොර හැම ‍ෙවෙලා‍ෙවෙම අම්මට හැමන්ස් කියනව . ඒ උනාට මට අම්මට හැම‍ෙනෙන්ඩ කියන්ඩ එපාලු

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එක තමයි

      උඹේ අම්මට හු.....
      ඟාක් සල්ලි තියෙනවලු නේද?

      Delete
    2. කුනුහරුපයක් උනත් කියන ක්‍රමයක් තියනවා බන්.. උඹ නං ඉතින් අමුවෙන්ම අතෑරල දාන එකානෙ... ඒ එතකොට ඉයන් ද?

      Delete
  3. //සමහරුන්ට කුණුහරුප කප්පරක් කියල බැන්නත් උන්ට ඒක දැනෙන්නෙ නෑ.//

    මාත් ආසයි මෙහෙම ඉන්න...

    (මගෙත් තියෙනවා කුණුහරප සම්බන්ධ කතාවක්...)

    ReplyDelete
    Replies
    1. අපිත් මිත්‍රයෝ එක්ක ඉන්නකොට මොනවා කිව්වත් ගණන් ගන්නෙ නෑ... ඒත් පිට එකෙක් කිව්වොත් තමා යුද්ධෙට එන්ටර් වෙන්නේ...
      චතුරංගගේ බ්ලොග් එකේද තියෙන්නෙ? මම බලන්නම්...

      Delete
  4. මොනම අවස්ථාවකදි උනත් කුණු හරප නොකිය ඉන්න පුළුවන්. මම ඒක කාලයක් තිස්සෙ උවම්නාවෙන් කරපු දෙයක්. මොකද මටත් පොඩ්ඩ බැරි වෙනකොට කුණුහරප කීමේ, අව්ස්ථානුකූලව ඉබේ කියවීමේ පුරුද්දක් තිබුණ ඒක මම නැති කරගත්ත.

    ReplyDelete
    Replies
    1. මමත් උත්සාහ කරනව ඇනෝ.... කරුමෙ කියන්නෙ සමහර වෙලාවට හිත ඇතුලේ ඉන්න සතා එලියට පනිනවා...

      Delete
  5. අපේ කුණුහරුප නැතිවීමට නොදී රැකගත යුතුයි මම කියන්නේ. ඒකට මහපාරේදී ගොඩක් දායක වෙන මොටෝ බයිසිකල් අය්යලාට, ත්‍රී වීල් අය්යලට, බස් අය්යලාට දිරි දීමනාවක් ලබදිය යුතුයි කියලා මම යෝජනා කරනවා....

    ReplyDelete
    Replies
    1. හැක් හැක් .. අනිවාර්යෙන් බණ්ඩා... කුණුහරුප වෙනුවෙන් ඒ උදවිය විශාල දායකත්වයක් සපයනව නං තමා...

      Delete
  6. උඹ හම්බුනු වෙලාවක "කොහෙද ****තෝ හිටියේ..?" කියලා අහන්න තමයි හිටියෙ. කුණුහරප කියන්නෙ නැතුව ඉන්නවා කියලා හිතුවත් නොකියා බැරි වෙලාවල් තියෙනවා බං. අනික ඉතින් එකට ඉන්න උන්ට දෙයක් කියනවා නම් කුණුහරපෙන් කිවුවෙ නැත්නම් උන්ට දැනෙන්නෙත් නෑ. සමර උන් ඉන්නවා නම කිවුවට උන්ට ඇහෙන්නෙ නෑ ඒ උනාට "**කෝ" කිවුවඔත් නම් "ඇයි බං" කියලා අපූරුවට අහනවා.

    ReplyDelete
    Replies
    1. කැමා පකයා
      එදා උඔ වෙලාසනින් ගියානේ හුත්තෝ..නැත්නම් මුව සෙට් වෙනවා මු පරක්කු වෙලා ආවා.

      Delete
    2. ඒ.. කැමා ආවද බං... යකෝ ටිකක් රෑ වෙනකල් ඉන්න තිබ්බනෙ....කැමා කියන කතාව ඇත්ත. සමහරුන්ට එහෙම කතා නොකලොත් ඇහෙන්නෙ නෑ....

      Delete
    3. නුඹ එනවා කියලා ආරංචි උනා. කොහෙද උඹලා වෙන පාරක ගිහින්නෙ. මං පරක්කු වෙන හින්දා ආව බං. ආයෙ දවසක සෙට් වෙමු. මෙන්ඩා තමයි මාව එලෙවුවෙ බොන්නෙ නැත්නම් ඉන්න එපා පල කියලා...

      Delete
    4. හහා.. එහෙමද.. මෙන්ඩ රෑ කිව්ව කතා ටිකක්, ඉල ඇදෙනවා...

      Delete
  7. හැක්... ඔය වාහන එලෝන වෙලාවට තමයි ඇතුලෙ කවුද ඉන්නෙ කියල බලන්නෙ නැතුව කුණුහරුප කියවෙන හොඳම වෙලාව. මගේ අතිනුත් ඒ වගේ සීන් දෙක තුනක් වෙලා තියෙනව.

    වැඩපොළේ ඉන්න උංට කුණුහරුපෙන් බනින එකනං මම අනුමත කරන්නෙ නෑ.

    මොන හු**ක් උනත් මේක අපූරු පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නත් එහෙනං මගේ ජාතියෙ...
      වැඩපලේ ඉන්න එවුන්ට බණින ඒක නරකයි තමයි... හැබැයි මම බණින්නේ නෑ. හැබැයි උන් ඒ නිසා මාව ගණන් ගන්නෙ නෑ...
      තැන්කූ කිව්වා ඔන්න...

      Delete
  8. මමත් අකුරටම මාර්ග නිතිරිති පිලිපැදලා වාහනය එලවනවා ඒත් සමහර පකයාලා අපිට හමන්නන්න හදනකොට නම් ඉතිං සරම කරට අරගෙන ඡාතිය අමතනවා..ඊට පස්සේ සදුගෙයි පොඩි මෙන්ඩගෙයි මුන බලන්න ලැඡ්ඡයි..

    ඇයි හුත්තෝ..මමත් එදා උඔගෙන් දෙපාරක් ඇහැව්වේ “හැමෙනෙනවද අලුත් පෝස්ට් එකක් ලියන්නෙ නැතුව?‘ කියලා ඇහැව්වෙ..
    “උඔගේ අර කසිප්පු පෝස්ට් එක වගේ එකක් ලියපන්“ කියලා.

    මම උඔගේ පෝස්ට් එකට ගැලපෙන විදිහට කමෙන්ට් දැම්මේ..අවුල් නම් ආතරයාට කියලා මකලා දාපන්..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. මකන්න නං මෙව්වා ලියන්නෙ නෑ මම.. මේකත් සමාජයට අදාළ වෙනස්ම කාරණාවක්....
      උඹට වෙන වැඩේ මට අනන්ත වෙනවා. අපේ ශානි මට බනිනවා "ඔයා ඔය කියන එව්ව ඇහෙන්නෙ මට විතරනෙ" කියල.

      Delete
  9. කොහෙද *කෝ මෙච්චර කල් හිටියෙ? කොහොම හරි ආයෙ දකින්න ලැබුනු එක නම් හෙන සංතෝසයි.
    අපේ ගෙදරට අල්ලපු ගෙවල් මුස්ලින්.උං බැන ගන්නෙ දෙමළෙන්.ඒත් කියන්නෙ සිංහල කුණුහරප.දවසක් අපේ අප්පොච්චා ඇහුවා එකෙක්ගෙන් මොකද මේ දෙමළෙන් බැනලා සිංහල කුණුහරප කියන්නෙ කියලා.. ඌ කිව්වෙ "දෙමළ කුණුහරප තියෙනවා ශර්.. ඒත් කිව්වට දැනෙන්නෑ.. ෂිංහල වචනෙන් කිව්වම කටටත් රහක් තියෙනවා.. අහන එකාටත් දැනෙනවා කියලා.." ඔන්න ඕකයි තත්තෙ..
    බැනුම් අහලම ඇට්ටර උන කම්කරුවො ඉන්නවා බං උන්ට බැන්නෙ නැත්තම් උං හිතන්නෙ උන්ට නෙමෙයි කතා කරන්නෙ කියලා..ඒකටම පත්තියන් වෙලා.. උනුත් පව්.අපිත් පව්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩේ ලබ්බා.. මන් කිව්වේ බං මට වෙච්ච හදිය....
      එහෙමත් බණිනවද බං.අහන්න ආස ඇති. හිනා ගිහින් පන යනව ඇති. ඇත්ත කතාව ඕක තමා. කොච්චර කිව්වත් සිංහල භාෂාව හරි අපූරුයි එහෙම බැලුවම...
      අපේ කම්කරුවො ටිකත් ඔය උඹ කියන ජාතියේම තමයි.... එහෙම කිව්වේ නැත්තං සත පහකට ගණන් ගන්නෙ නෑ....

      Delete
  10. මම නම් කියන්නෙ කුණුහරප කියල දෙයක් නෑ කියල. ඒක සමාජ ආරෝපනයක්. අහවල් විදියට කතාකළාම තරහ යන්න ඕන කියල සමාජ ඉගෙනුමක් තියනව. අපි නොදන්න බාසාවකින් බැන්නම තරහ යන්නෙ නෑනෙ.ඒ වගෙ තමයි. ලිංගික ක්‍රියාව මතක් කලාම ඇයි තරහ යන්නෙ. ඒක එහෙම වෙන්න ඕන කියල සමාජ ඉගෙනුමක් තියනව.කුනුහරප කියල දෙයක් නෑ කියල මම විශ්වාස කරන නිසා මම කුණුහරප බයනැතිව ලියනව.

    හුත්තො කියල පිරිමි කෙනෙකුට ආමන්ත්‍රනය කරන එක නම් ගැලපෙන්නෙ නෑ. ඒක කියන්න ඕන ගැනු අයට.එහෙම කීවම ගෑනු කෙනෙක් මෙහෙම උත්තර දෙනවනම් ඔක්කොම ඉවරයි.
    ඔවු මම හුත්තියක් තමයි ඇයි ඒක ඇදුමෙන් පැළැදුමෙන් කොණ්ඩෙන් පේන්නෙ නැද්ද කියල ඇහුවනම් ඔක්කොම හරි.
    යෝනිය කියන එක කුණුහරපයක් නෙමෙයි නමුත් හුත්ත කුණුහරපයක් ඇයි ඒ ?

    ශිෂ්නය කුණුහරපයක් නෙමෙයි පක හෝ පයිය කුණුහරපයක්.

    මේව ආර්ය බලපෑම් එන්න ඉස්සර අපි ලිංගික අවයව වලට භාවිතා කළ වචන. ඒ යුගයෙදි ඒව කුණුහරප නෙමෙයි. ආර්ය ආගමනයෙන් පසු අහවල් ඒව ශිෂ්ටයි අහවල් ඒව අසභ්‍යයි කියල සම්මතයක් ඇති වුනා.

    වචනවල අර්ථය කාලානුරූපව වෙනස් වෙන එකට හොද උදාහරනයක් බයිය කියන එක. සමහර පැතිවල බයිය කියන්නෙ ගෞරවාර්ථ පදයක් රාලහාමි වගෙ. කොහෙද බයියො යන්නෙ ?

    මම යනව බයියො කඩපිලට වගෙ

    නමුත් දැන් බයිය කියන්නෙ මහින්ද පිලේ අයට

    අපි අද ඉදන් ඔය වචන සාමාන්‍ය ව්‍යවහාරයට ගත්තොත් හෙට ඉදන් ඒව කුණුහරප නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මතේ මේ කතාවට වෙනස්ම මතයක් එකතු කරල. මම නොදන්න දේවලුත් එක්ක. බොහොම ස්තුතියි.. ඒ විදියට බැලුවොත් ඔය ඔක්කොම තියෙන්නෙ අපේ ආකල්ප වල. ආකල්පත් එක්ක ඒ දේවල් වෙනස් වෙනවා... බ්ලොග් ලිවිල්ලෙ මම කැමතිම දෙයක් තමයි මේ වගේ සංවාද ඇති වෙන ඒක. ඒවායින් අලුත් දේවල් ඉගෙනගන්න ලැබෙන ඒක. වෙනස් වෙනස් මතවාද සහිත පුද්ගලයන් වෙනස් විදි වලට තමන්ගේ අදහස් දැක්වීම...තැන්කූ මතේ....

      Delete
  11. පට්ටයි හුත්තෝ...

    ඉඳලා ඉඳලා ලියපු එක...

    ReplyDelete
    Replies
    1. හහා ලොකු අයියා... තැන්කූ වේවා...දිගටම ලියනවා.... පොඩි පොඩි බකට් ඇදෙද්දි යම් යම් පසුබෑම් ඇති උනත් මේක නොලිය කොහොමද....

      Delete
  12. භාෂාව අනුවත් එම්බැරස්මන්ට් වෙන්න පුලුවන්

    වැදි බාසවෙන් වලහා - "කැ*යා"

    Caroline, Carissa, Karen නම් කෙටියෙන් Carrie කියනව

    ReplyDelete
    Replies
    1. කැරි ඔන් ප්‍රා කැරි ඔන් ;)

      Delete
    2. Container carriers පස්සෙන් යනකොට මතක් වෙනව සින්හලෙන් දාපු නමක්ද කියල නේද? ඉන්ග්‍රීසියෙන් වැරදිලා ආර් අකුර වැටිල

      Delete
    3. ප්‍රා
      අපිට ආදරේට ඉවාන්ට වලහා කියන්නත් පුලුවන් නේද?

      Delete
    4. ප්‍රා... මමත් ඔය වළහට වැද්දෝ කැරියා කියනවා කියල අහල තියනව... මරයේ හිතේ තරහටද දන්නෙත් නෑ... හැක්... ඇයි අර කොදෙව් ක්‍රිකට් ක්රීදකයෙකුත් හිටියෙ cariah කියල. ඌ ප්‍රාන්ත සෙල්ලම් කරන එකෙක්. ඕකා නැෂනල් ටීම් එකට ගහන්න පටන් අරං මෙහෙ එහෙම ටුවර් එකක් ආවොත් අපේ එවුං කමෙන්ට්‍රිය දෙයි ලෙසටම. " කැරියා පන්දුව පසුපස වේගයෙන් ලුහු බඳිනවා... ඕ..ව් .. මේ අවස්තාවේ කැරියා දැවී යනවා" වගේ ආතල් විච්ස්තර විචාර අහන්න ලැබෙයි... මෙන්ඩ.. ප්‍රා ට වළහ කිව්වොත් අපේ මුද්දට මොකද්ද කියන්නෙ?

      Delete
    5. සොරි සොරි ප්‍රාට නෙවෙයි ඉවානයට..

      Delete
    6. මුද්දට කියහං නි*******වා කියලා....

      Delete
    7. මුද්දගෙන් අහපන් අටමා ඌට ආදරේට කියන නම මොකක්ද කියලා...

      Delete
    8. නිට්ටෑවා කියන්නේ කුනුහබ්බයක්ද බං?

      Delete
    9. ආ.. ඕකට නිට්ටෑව කියලද කියන්නෙ? කෙලින්ම කියහන්කෝ. කැමා මුද්දට බයේද කොහෙද...

      Delete
    10. කැරිය කියනකොට මතක් වුනේ කතාවක්. දවසක් මගෙ යාලුවෙක් කැම්පස් එකේ පාඩම් කරනකොට සර් කෙනෙක් ඇවිත් කැරිය, කැරිය කියනවලු. අරූට හිනා ගියහම ඇයි මොකද උඹ හිනා වෙන්නෙ? කැරිය කියන්නෙ කුනුහරපයක් නෙවෙයි කියල පොතකුත් පෙන්නල ගියාලු. මේ තැනැත්තා අද ජීවතුන් අතර නැහැ. මේ වගේ කතා ටිකක් අපිට ඉතුරු කරල ගිහින්.

      Delete
  13. මේක මම අපේ රවියගෙ බ්ලොගේ දාපු මම ලියපු කමෙන්ට් එකක්. නමුත් මෙතනටත් ගැලපෙනවා කියලා මට හිතුන නිසා මෙතන දානවා.

    අර බොන තැන ඉන්න බැඳපු එවුන් ඉන්නවා නේද. පව් බං උං එක අතකට. උං ඉන්නේ දෙලොවක් අතර.

    ඔය වගේ මේ බොහොම මෑතකදි කසාද බැඳපු පොරක් ඔය ප්‍රශ්ණෙට මූණ පාලා ඇඹරි ඇඹරි ඉන්නව. ඒ කියන්නේ පොර වයිෆ්ට පණ ඇරලා ආදරෙයි. නමුත් උඹ වගෙ අර කට්ටිය එක්ක සෙට් වෙන්න විදියක් නැතුව නිකං ඇඟට උණ වගේ.ඉතිං පොර ටී ෂර්ට් එකක් ඔලුවෙන් දාන ගමන් කියනවා වයිෆ්ට,

    “රත්තරං, මම පට් ගාලා ආපහු එනවා ඈ.”

    "අනේ ඔයා කොහෙද යන්න හදන්නේ රත්තරං," වයිෆ් අහනවා.

    “මම බාර් එකට පොඩ්ඩක් දුවල එන්නම් වස්තුව” පොර කියනවා. "මම බියර් එකක් ගහලා එන්නම්."

    "අනේ ඔයාට බියර් එකක්ද ඕනෙ පැටියෝ?" කියන වයිෆ් ෆ්‍රිජ් එක ඇරලා පෙන්නනවා. යකෝ ඒකෙ තියෙනවා රටවල් දොලහකින් ආපු බියර් ජාති විසි හතරක් . කාල වරෙංකෝ.

    පොරට "ඇහ්" ගෑවෙනවා විතරයි. මේකට කියන්න දෙයක් හිතාගන්න බෑ. පොර අන්තිමේදි හිතලා හිතලා කියනවා "ඒ වුනාට මගෙ රන් කඳ, බාර් එකේ චිල් කරපු වීදුරුවලට දාලනෙ බියර් දෙන්නේ. ඒ හන්දා මම ටාර් ගාලා..."

    "ඔයාට චිල් කරපු වීදුරුද ප්‍රශ්ණේ, මගෙ පෙම්පිඩ?" කියන වයිෆ් ‍ෆ්‍රීසර් එක ඇරලා ගන්නවා ලොකූ මග් එකක්. ඒක කොච්චර සීතලද කිව්වොත් ඒක අතට ගත්තාම පොරගෙ ඉනෙන් පහලටත් දැනෙනවා හිරිවැටීම. පොර දැන් සුදුමැලි වෙලා.

    "හරි හරි මගෙ සූකිරි බෝලෙ," පොර කියනවා. "ඒ වුනාට බාර් එකේ හොඳ බයිට්ස් තියෙනවා. මම පොරොන්දු වෙනවා. මම ගියා දෙකක් වනාගත්තා ආවා."

    වයිෆ් හිනාවෙනවා. "බයිට්ස්ද අනී ප්‍රශ්ණේ? ඕං බලන්න," කියන ගෑණි අවන් එකේ දොර ඇරලා පෙන්නනවා. හප්පට සිරි යකෝ! නැති දෙයක් නෑ. "බැදපු කුකුල් ත‍ටු වල ඉඳලා බයිට් වලට මොනවද ඕනෙ ඒ හැමදේම තියෙනවා.

    දැං මචං උඹයි මමයි නම් කට වහගෙන දැන් ඔතනම ඉඳගෙන බියර් එකක් ඇරගෙන බොන්න ගන්නවනේ. මේ ගොනා එහෙම කරන්නේ නෑ. මූට තියෙන්නේ පුදුම ඕනෙ කමක් අර පව් කාර යාලුවෝ එක්ක සෙට් වෙන්න. මූ අන්තිම තුරුම්පුවත් ගහනවා.

    "ඒ වුනාට මගේ මැණික, බාර් එකේදි අපි යාලුවෝ සෙට් වුනාම අපි ආතල් එකට කුණුහරපයක් දෙකක් කියලා..."

    "ආආආ... එහෙම කියන්නෙපෑ. දැං මගෙ සත්තලංට කුණුහරපද ඕනෙ?" කියන ගෑණි ඔන්න කෙලින්ම ගියර් සහ ට්‍රැක් මාරු කරනවා."

    "මෙ අහපං *$^%පුතා, තොගෙ අම්මට *&^ගන්නේ නැතුව කට වහගෙන ඔන්න ඔතන ඔහොම ඉඳගනිං. ආ දැං ගනිං බියර් එකක් මගෙං මැරුං නොකා. තොට බයි‍ටුත් ඕනෙ නම්..(You guys fill in the blanks with the suitable words and phrases)."

    ඊට පස්සෙ එයාලා හුඟාක් කාලයක් සතුටින් ජීවත් වෙනවා. ෂෝයි නේහ්?

    මට නං තනි ඇහැට ඇඬෙනවා. උඹට කොහොමද දල්ලෑ?

    ReplyDelete
    Replies
    1. අඩේ.. ඩූඩ් සහෝදරයා... ඔය විදියටම තමයි ලඟදි දවසක තිබ්බ ශේෆාකිගෙ පාටියේදි මෙන්ඩ රෑ වෙනකොට හිටියෙ. දෙලොවක් අතර. ඌ එතන හිටියට හිත ගෙදර. පුදුම වැඩේ කියන්නෙ එදා රෑ මෙන්ඩ ඔය කතාවම කිව්ව කට්ටියට. හිනා ගිහින් පන ගියා අපිට... සිරාවට.. එතන හිටපු ඔක්කොම සාක්කි...

      Delete
    2. ඒකනං පට්ට මචං.........

      Delete
    3. මෙන්ඩා එදා දෙලොවක් අතර හිටියෙ බ්‍රා ලොරියක් මතක් වෙලා බං... අනේ ඌ නහයෙන් අඬපු තරමක්..

      Delete
    4. වීඩියෝ එක තියෙනවා මාතේ ළඟ.. :)

      Delete
    5. ඔව් ඔව්.. මාත් දැක්ක ෆෝන් ඒක මානගෙන පැපරාසි වැඩේ කොරනව....

      Delete
  14. මේ කමෙන්ට් එක කියවපු අපේ ප්‍රසන්න මලයා ඒකට මේ කෑල්ල එකතු කරලා තිබුනා. උගෙ ස්වනිර්මාණ ඉතින් උපරිමයිනේ. බලාපල්ල ඒක මූට්‍ටුව නොපෙනෙන්න ‍ෆිට් වෙන ලස්සන.

    මිනිහ ඒත් අරින්නෙ නෑ.
    ''ඒ උනාට මගෙ මැණික එතන පිරිමි කට්ටිය හතර පස් දෙනෙක් ඉන්වනෙ.''
    ''ආආආ... එහෙම කියන්නෙපෑ. දැං මගෙ සත්තලංට පිරිමිද ඕන'' කියල එක කාමරේක දොර ඇරියලු. මෙන්න ඒක ඇතුලෙ පිරිමි පස්දෙනෙක් විතර ඉඳල එලියට ආවලු..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ප්‍රසන්න කොහොමත් හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියන බුවා නෙ....

      Delete
    2. හැක්... හැක්..
      තැංකියු ඩූඩ්

      Delete
    3. ඔය කතාවයි ඌණ පූරණෙයි දෙකම මං තව තැනක දැක්කා. ප්‍රසන්නම තමයි ඒ “තව තැන“ ත් දන්නව ඇත්තෙ.

      Delete
    4. ඇයි බොල අර ඩූඩ් උඩ කොමෙන්ට් එකේ උඩිංම දාල තියෙන්නෙ මේක මාගල් රවියගෙ බ්ලොග්ගෙ දාපු එකක් කියල.

      Delete
  15. ...//අතිශය හිතවත් උදවියට කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරන වෙලාවල් තියනව//..

    අපේ එකෙක් ඉන්නවා ඌට කොල් එකක් ගත්තොත් අඩෝ හු.. ප...කැ...වගේ වචනයකින් තමයි අපිව අමතන්න පටන් ගන්නේ.වැරදිලාවත් පොර අපිට කුනුහරැපයක් නොකියපු දවසට අපි අපස්ට් ඇයි මූ අද අපේ එක්ක තරහා වෙලාවත්ද ඔහේ කතා කරන්නම් වාලේ කතා කරන්නේ කියලා හිතෙනවා අපිට.
    ඒ වුනාට මම නම් කුනුහරැප දන්නේම නැ.බොරැනම් උඹ මධූගේ රසසරණීයට,කැමාගේ කැමරාවෙන් එහා ලොකයට ගිය වෙලාවක බලපං මචං මම විතරයි එකම එක කුනුහරැපයක් නැතිව කොමන්ටු දාලා තියෙන්නේ.උන් මගේ ගැන ලොකු පැහැදීමකින් ඉන්නේ ඒක නිසා.අන්න එහෙමයි මචං අපේ හැදියාව....
    මොන හු....ක්ද යකො ඒ පාර කීබෝඩ් එක හිරවෙනව.මම පස්සේ එන්නම් මචං මේක ප--හරි ගියාම

    ReplyDelete
    Replies
    1. මනෝ... සිරාවටම එහෙම එවුං ඉන්නව. ඉස්සර මගේ යාලුවෙක් හිටිය (ඌ දැන් රට) කොහෙහරි ගමනක් යන්න කතා කරල පරක්කු උනොත් කෝල් කරල බනිනවා "කොහෙද හු** තෝ ඉන්නෙ? මොන හු**ක්ද කරන්නෙ. වරෙන් ඉක්මනට" කියල. ඕකා අපේ තාත්ත ෆෝන් එකට ආවම ඔය විදියටම දෙතුන් පාරක්ම කතා කරල තියනව. "ආ පුතා සජ්ජ තාම නානවා" කියල තාත්ත මට කියනවා "අන්න අරූ මට බැන්න" කියල...
      එල එල මචෝ....

      Delete
  16. මොනවද K### H### දැන් මේ පෝස්ට් එකේ තියන කුණුහරප?

    ReplyDelete
    Replies
    1. ආ.. විචාරක තුමා... අනේ මන්ද නේද? හමුදාවෙ උදවිය කියන එව්වත් එක්ක මෙව්වත් කුනුහරුපද,, නැද්ද මං අහන්නේ...

      Delete
  17. // ඉංගිරීසි කුණුහරුප නිසා සිංහල කුණුහරුප කළාව දවසක නැති වෙලා යාවි. කුණුහරුප කියන එක නරකයි තමයි. ඔව්ව කියන්න හොඳ නෑ තමයි. හැබැයි ඉතිං කවදාහරි ඔව්ව ප්‍රයෝජනවත් වෙන දවසකුත් එන්න පුළුවන්.//

    අනිවා..... මේ ඔක්කොටම එකගයි. අපි අපේ කුණුහරප කලාව නගා සිටුවන්න ඕනි. ඔය මොන කුණුහරපෙන් කවුරු මතක් කරලා බැන්නත් මයිල් ගහකට තරංවත් දැනෙනනෙ නැති එකෙක් මමත්. ඇයිද මංදා ඒ...........

    ReplyDelete
    Replies
    1. අවංකයා...මටත් කුණුහරුප කිව්වට දැනෙන්නෙ නෑ ෆිට් එකට කිව්වොත් නං... හැබැයි මොකෙක් හරි ගේමට කිව්වොත් නං උගේ අම්&^*&%^%((*_&*&.... හැක් හැක්....

      Delete
  18. උඹ ආපහු ආපු එක ගැන සතුටුයි.කොහෙ ගිහිල්ලද කියල කල්පනා වුනා කීප දවසක්ම.

    ReplyDelete
    Replies
    1. හැලපතුමා... බොහොම සන්තෝසයි ඔබතුමා දැකපු එකත්... අනේ මමත් එන්නං ඇවිල්ල යන්න බ්ලොග් ඒක පැත්තේ... බොහොම කාර්යබහුල උනා පහුගිය ටිකේ...

      Delete
  19. මගේ කුණුහරප ගැන කතන්දරේ මේකයි.
    අපි පොඩි කාලෙ හිටියෙ නුවරඑළියෙ , මාවයි අයියවයි නාවල ගේට්ටුවේ එල්ලල තියනව සීතල යන්ඩ. එහෙම වෙලාවක ගේට්ටුව පදින ගමන් මොන්ටිසෝරියේදි ඇහිච්චි ඒ කාලෙ බරපතල කුණුහරපයක් වෙච්චි 'පුක' යන්න තාලෙට ගායනා කරමින් උන්න . හදිසියේ 240 v වැදුන වගේ කට හරහා වැදුන පාරත් සමග කොයි වෙලෙත් පැලෙන්න ඔන්න මෙන්න තියන තොල් පුපුරල ලේ වැක්කෙරුන.
    අම්ම එදා දුන්න පාරට තාමත් කටින් කුණුහරුපයක් පනින්නෙ නැති තරම්, අනික මට කවුරුත් කුණුහරුප කියනව අහන් ඉන්න බැරි ගතියකුත් තියනව. කවුරු හරි කුණුහරුප කියනවනම් ඒක මම කියනව වගේ ලැජ්ජාවක් මට ඇතිවෙනව. සිරාවටම කුණුහරප මට ඇලජික්. ඒ අර පොඩිකාලෙ කාපු ගුටියට.

    ReplyDelete
    Replies
    1. මේ නිකමට අහන්නෙ. කම්මල මහත්තයට මුණ ගැහිල නැද්ද Mr. 8Mරාෆ්ට් කියන ප්‍රසිද්ධ බ්ලොග්කරුවෙක්? තව Mr. මාතලන් කියලත් එක්කෙනෙක් ඉන්නව මගෙ හිතේ

      Delete
    2. ප්‍රා මට ගුටියක් සෙට් කරන්න වගේ හදන්නෙ. මමත් දවසක් දෙකක් බැලුව අනික් එවුන් දිහා උන්ට ගානක්වත් නෑ කුණුහරුපයකින්ම උත්තර දෙනව , යකෝ මම කියල මොකට ලැජ්ජ වෙනවද කියල මාත් ඔහෙ හිටිය ( දැන් ඉන්නව ).

      Delete
    3. කෝ බලන්න කම්මලේ බබා.....

      Delete
    4. යකොඩෝ කම්මලයියේ නාවල ගේට්ටුවේ එල්ලල තියන්න උඹල දෙන්න ඒ දවස් වල නිකං සරුංගල් දෙක වාගෙ ඉන්න ඇති නේද...
      ඕන එකටයි එපා එකටයි කුණුහරුප කියන ඒක නං හෙනම අවුල් තමයි.. හැබැයි අවස්තානොචිතව භාවිතාව නං මට නං අවුලක් නෑ ඔන්න. ඔබ තුමන්ලා වගේ ඔපිස් ඔල ඉන්න කට්ටිය නෙවෙයි නෙ අප්පා අපි...ඒක නෙවෙයි මටත් අම්ම දුන්න එදා කන රත් වෙන්න. අපි ඉතින් ගහල හදන්න පුළුවන් එවුං ජාතියක් නෙවෙයිනෙ ... :P

      Delete
  20. "කුණුහරුප" කියන්නේ නැති අය ඕනේ තරම් ඉන්නවා.කුණුහරුප කියන්නේ නැහැ කියන්නේ කොහොම හරි උත්සහාකරලා,කරලා එහෙම නොකියා ඉන්න අය.මම දන්නා කිහිප දෙනෙක්ම ඉන්නවා එහෙම අය.

    වතාවක්‌ බීච් පාටි එකකදී එතන හිටපු තව යාලුවෙක්ට කතා කලා.එක ඌට ඇහුනේ නැහැ.මම ඒ පාර පොඩ්ඩක් හයියෙන් "හු***"කියලා කිව්වා.මගේ ලග හිටපු තව යාළුවෙක් (ඌ එහෙමට කුණුහරුප කියන එකෙක් නෙමේ.) කිවා "කුණුහරුප කියන්න එපා හු**** "කියලා හිටං.උඹේ මෘත්තුකාව දැක්කාම මතක් වුනේ මට ඒ කතාව,

    ReplyDelete
    Replies
    1. ඒ මනෝ.. උඹත් කුණුහරුප කියනවද? චිකේයියා... මං නං හිතුවේ නෑ මනෝ ඒ වගේ ළමයෙක් කියල...

      Delete
  21. කුණුහරප කියන්න එපා *ත්තෝ.... ! වටේ ඉන්න කැරියෝ හිතඊ අපිත් කැරියෝ කියල

    ReplyDelete
    Replies
    1. හා හා ... හෙමිං .. හෙමිං ... රට්ටුන්ට ඇහුනොත් නවනිංගිරාවයි.....

      Delete
  22. අපේ බාප්පා දවසක් මහගෙදර ඉස්තෝප්පුවෙ කාඩ් ගහගහ හිටිය උන්ට කියනව මහ හයියෙං, “යකෝ මේ මයෙ ගෙදර. මෙතන කුණුහරප කියන්ඩෙපා තොපෙ අම්මලට හු##ඩ...“

    උඹේ ඇනලයිසිස් එක මාරයි සජ්ජා...

    ReplyDelete
    Replies
    1. උඹේ බාප්ප එළ කොල්ලෙක්නෙ බං... හැක් හැක්...
      එළ එළ .. ඒක නෙවෙයි , බලන්න එන්නම් උඹ මේ ටිකේ ලියපුවා...

      Delete
  23. කුණු හැලප .. අද කාලේ කියලත් බැරි නොකියත් බැරි කුණු හැලප .. පුරුදු උනාම කටට බ්රේක් නැති වෙනවා ඉතින්. එහෙම වෙලාවට ඉතින් මහා පාරේ සරම නැතුව ඉන්නවා වගේ තමා දැනෙන්නේ. එල පොස්ට් එක..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි අම්බලන්....සරම් නැතුව ඉන්නව කියන්නෙ සරම කඩල මූණ වහගන්න වෙන වෙලාවල් තියනව....

      Delete
  24. කුනුහරුප කියන එක ඇත්තටම ස්ට්‍රෙස් රිලීස් එකක් එක්තරා විදියකට... මචන් ඒ වගේම ඕක පුරුදු උනාම මර අවුල්. මට එකපාරක් ඔපරේශන් එකක් කරලා සිහිය එනකොට එස්සෙල්ලාම කියල තීයෙන්නෙ ..... මාරය් නෙ හුත්තො මේක හරියට සුරුට්ටුවක් ගැහුවා වගේ කියලා... තාත්තා වාශ්ප උනාලු බෙඩ් එක ලගින්. මට හිතෙන්නෙ බිල ගෙවලා තීයෙන්නෙ වෙන කව්දෝ එවලා... කොල්ලෝ මාව කැවා. ඔන්න කුනුහරුප වල ආදීනව ...

    ReplyDelete
    Replies
    1. උඹට මාර වැඩ නෙ වෙන්නෙ...හැක් හැක්... උඹට ආයෙත් සිහිය තියෙද්දීම බඩ කපාගන්න හිතෙන්න ඇති. තාත්තටත් එහෙමම හිතෙන්න ඇති... :)

      Delete
  25. අනේ මේ ඔයා ආයේ මේ වගේ පොස්ට් ලියනවනම් මම ආයේ මේ බ්ලොග් එක කියවන්න එන්නේ නෑ හරිය..

    ReplyDelete
  26. ඔහ්! ෆක්.. කොමෙන්ට් එක දාන්න බැරි උනානේ.. උඹට කියන්න මාත් සෑහෙන්න ට්‍රයි කරලා 'කට පරිස්සන්' කරන් ඉන්නවා ඔෆිස් එකේ හා වෙනත් ප්‍රසිද්ධ තැන්වල.. මොකද මගේ කට ඇවිස්සුනොත් කෙලින්ම විදින්නේ 'වඳුරු කුණුහරුප' ඒක හොඳටම දන්නේ නේවි එකේ මගේ බැචාලා තමයි.. උන් කියන්නේ අහන් ඉන්න ගෑනු බඩ වෙනවා කියලා.... හැක හැක..
    මේක ටිකක් වෙනස් කුණුහරුප අත්දැකීමක්.. ඉස්සර හාබර් එකේ කොරියන් උන් එක්ක වැඩ කරනකොට සේෆ්ටි කරන්න පට්ට අමාරුයි. ලෝකල් උන්ව නම් කොහොම හරි නම්ම ගත හැකි.. කොරියොන්ට මොනවා කියුවත් ඕකේ ඕකේ.. කියනවා ඇර වැඩක් වෙන්නේ නෑ.. ඕකට අපේ කොරියන් ලොක්ක දුන්න කොල්ලොන්ට නියම උත්තරයක්.. කොරියන් බාසාවෙන් 'යේ..ශිබා.. ශිපලොමා.. කේසිකියා..' කියල උගන්නලා අන්සේෆ් වැඩ කරන කොරියන් උන් ගාවට ගිහින් කියල දුවන්න කියුව.. හැබැයි අහුවෙන්නනම් ඉන්න එපා කියලම කියුවා.. අපේ උන් කරන්නේ කොරියෝ ඉන්න තැනට ගිහිල්ලා උන්ට ඕක කියල දුවගෙන ඔෆීස් එකට එනවා.. ඇවිත් ඌ කරපු වැරැද්ද කියලා අයි හැංගෙනවා.. ටික වෙලාවකින් කොරියා එනවා නහයෙන් පිඹ පිඹ අරුව මරන්න.. ඇවිත් කොරියන් සේෆ්ටි මැනේජර්ට කම්ප්ලේන් කරාම ඌ කරපු වැරැද්ද කියල ඌටම ලෙක්චර් එකක් දෙනවා.. ඒ පාර ඔන්න ඕකේ ඕකේ.. කියල හිනා වේවි යනවා..
    අන්න එහෙමයි කුණුහරුපෙන් අපි වැඩ ගත්තේ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. නේවි කාරයො කුණුහරුප විදිනවා මාත් අහල තියනව. කියන කුනුහරුපයක් තේරෙන්න කියන්න එපැයි බං මොකාට උනත්. මම අහල තියනව ගොළු භාෂාවෙන් නහය කසනවා පෙන්නනවා කියන්නෙ "අම්මට %^*" කියන එකටලු. ඇත්තද දන්නෙ නෑ.. හැබැයි දවසක් එකෙක්ට එහෙම කරල ගහන්න පැන්නුව මං පස්සෙන්... ස්පැනිශ් වලින් එන කුනුහරුපයක් තියනව වරනගන්නේ අපේ විදියට ටිකක් සමානව. තේරුම් දෙකත් එකමයි...ඉහෝදෙ පූතා (Hijo de puta). ඒ කියන්නෙ සිංහලෙන් වේසිගෙ පුතා කියන එක. පූතා කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් වෛශ්‍යාවට.

      Delete
  27. සාජ්ජා මාමේ................ මේ පෝස්ටුව ඒළය... ඒත් මේකේ තේරුම් ටික අසංක මාමාගෙන් හෝ තුශාර මාමාගෙන් අසා දැනගන්නම්... ඒතෙක් ඔබට සුභ දවසක් වේවා..

    ReplyDelete
    Replies
    1. පුතේ ... උඹලාගේ බ්ලොගවල් ඔක්කොම බලන්නේ දැන්ය... එව්වා වලට කුප්ප කතා වලින් කොමෙන්ටු දැමීමට ඉදිරියේදී එනවාය.. උඹලගේ අසන්ක මාමා බූට් කාපර් කෙනෙකු නිසාවට ඌට මෙව්වා ගැන හොඳ දැනුමක් ඇතුවා නිසැකය... උගෙන් අසා දැනගනින් මයෙ පුතේ...

      Delete
  28. වරාය කියන්නෙ කුණුහබ්බ නැතුව වැඩගන්න බැරි තැනක් කියල ඉස්සර කතාවක් තිබ්බ. මං හැබැයි කුණුහබ්බයක් කිව්වෙ එකවතාවයි ..මගෙ පුරුද්දක් තිබ්බ මැදියම් රෑ පාන්දර වගෙ අවේලාවල්වලට වරායෙ නැවුවල වැඩකිරිල්ල පරීක්ෂාවට යන.. මං මෙහෙයුම් ලොක්ක කාලෙ.. එහෙම ගියාම ඉතින් සබ්බුව දෙන්නෙ ලොක්කන්ට මිස පොඩ්ඩන්ට නෙවෙයි.. ඔන්න එදා මං රෑ දහයයට එකොලහටවිතර ගියා විජය පාලමට. මං යනකොට පොහොර බාන නැව කිසිම හැලහොල්මනක් නැතුව ඔහේ තියෙනවා.. ලොරි ටික පෝළිමේ.. කවුරුත් වැඩ නෑ.. මට යකා නැග්ගා. පහුවදාට ඉවර වෙලා තවත් එළියෙ තියෙන නැවක් එතන්ට එන්න තිබ්බා. රාත්‍රී කාර්යභාර නිළදාරි දෙන්නත් එතෙන්ට ගෙන්න ගත්ත මං ඇහුව ඇයි වැඩ නැත්තෙ කියලා. උත්තරේ ආලෝකය නැතිකම. ,,මොකක්ද මඟුලක් හින්දා ලයිට් ගිහිං. මං ඇහුවා ඉතිං වෙන ක්‍රමයක් හිතුවෙ නැද්ද වැඩ කරන්න කියලා ? මූණෙන් මූණ බලනවා. මං ඇහුවා අයි මනුස්සයෝ නැවේ දොඹකරවල්ල ලයිට් ඇති නේද වැඩ කරන්න ? එහෙම තියෙද්දී ඇයි වැඩ නොකරන්නෙ කියල පරිපාලකයගෙන්.. අර නිළදාරින්ට ටිකක් වදින්නත් එක්ක.. පරිපාලකයා කියනවා. සර්.. ගියර් ස්ටොර් එකේ ලයිට් නැතුව ඕනෙ කරන සිලිංග ආම්පන්න එළියට ගන්න බෑ කියලා.
    මට යකා නැග්ගෙ එතකොටයි.. මං ඇහුවා ඇයි යකෝ ගෑණි එක්ක බුදියාගන්නකොට අහවල් තැනහොයාගන්නත් ලයිට් එකක් ඕනෙද ? ඒකනං ලයිට් නැතුවට කරගන්න පුළුවං නේද ? වැඩක් කරන්න ගියාම තමයි බැරි .. කියල.. මෙන්න මූ කියනවා.. සර් කතාකල විදිහ බොහොම ග්‍රාම්‍යයි .. සර් ගැන අහල තිබ්බ විදිහට මෙහෙම කතාකරයි කියාල මං හිතුවෙ නෑ කියලා. මට ඊටත් වඩා නැග්ගෙ එතකොටයි.. මං අමු සුද්ද සිංහල දන්න බව උගන්නන්න කලිං ගිහිං ෆෝක් ලිෆ්ට් එකක් අරං එනවා ගියර් ස්ටොරුව ලඟට .. මං කෑ ගැහුවෙ හයියෙන්..
    ෆොර්ක් ලිෆ්ටරේ ඉස්සරහ ලයිට් ගියර් කාමරේ දොරෙන් ඇතුලට හැරෙව්වාම අගේට අර ගියර් ගත්තෙ ...

    ඊට පස්සෙ අර අගේට නැවත් වැඩ කලේ..
    වෙලාවට පොහොර ටික නොගියොත් පාඩු වෙන්නෙ රටට.. බඩගින්නෙ ඉන්නෙ අහිංසක මිනිස්සු. පාර්ළිමේන්ත්වෙ විරුද්ධ ඔපක්ෂෙ ප්‍රශ්න කලාම උත්තර දෙන්නෙ මං.. මොලේ පුකේ තියෙන උන්ට තනතුරු දුන්නාම වෙන්නෙ මෙහෙමයි.. ඉතින් කුණු හබ්බ කියලා ඇත්ද ? අර කොතලාවල ක්වා වගෙ මුංව උලතිබ්බොත් ඉස්සෙල්ලාම හිල්වෙන්නෙ මොලේ.. වෙලාවට පාවිච්චි නොකරන කුණුහබ්බ මොන ගෙඩියටද ?(ගෙඩිය පක දෙකම එකම අරුත් දෙන වදන්යැ එබැවින් වඩා සුදුසු වදන ආදේශ කල මැනව))

    ReplyDelete
    Replies
    1. සරත් අයියා.. බොහොම වටිනා අදහස් දැක්වීමක්.. අමු සිංහලෙන් කතා කලාම එවෙලෙ එතන උදවියගෙ මූණු කොහොම වෙන්න ඇත්ද කියල හිතාගන්න පුළුවන්.. ඇත්තටම අපිට අවස්ථානුකූලව කුණුහබ්බ භාවිතා කරන්න සිද්ධවෙන වෙලාවල් එනවා. ඔහොම බෑ , කොහොම හරි කරන්න කිව්ව නං ඒ නැව තාම වරායේ.. :) ඔන්න සරත් අයියා කුණුහබ්බෙන් රටට සේවයක් කළ විදිය.... මං මෙව්වා කියන්නෙ කට කහනවටද , නැද්ද මං අහන්නෙ....

      Delete
  29. සජ්ජ, මම මේ පෝස්ට් එක කලින් කියවලා ගියාට කොමෙන්ට් එකක් දාන්න බැරි උනානෙ. මටත් ඉස්සර කටේ කුනුහරපයක් වරදින්නෙම නෑ.දැන් අමාරුවෙන් කට වහගෙන ඉන්නෙ. හොස්ටල් එකේ ඉන්නකොට වැඩිපුරම කුනුහරපනෙ කිව්වෙ. දැන් හරිම අමාරුයි. ඒ උනාට මේව නැතුවත් බෑ. මේකත් කැ*ම පෝස්ට් එකක්. ඒ කිව්වෙ හොඳම කියන එකට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්.. ඉඳල හිටලා මෙව්වගෙ පෝස්ටුත් අතෑරල දාන්න ඕන.. කියවන එකෙක් කියවන්නෙ නැතැයි...

      Delete
  30. අපෝ ... අපි නම් කුණුහරුප කියන්නේ නැහැ ... මොන වස විලි ලැජ්ජා නැති කමක්ද ? කොටින්ම ඇල් වතුරත් නිමයි බොන්නේ හු **** !

    ReplyDelete