මේක මීට මාස දෙකකට විතර කලින් අහන්න ලැබුණු කතාවක්..
ආසන්න නගරයේ හාඩ්වෙයා එකක් කරන "ජයලත්" අයියා කොන්ක්‍රීට් ගල් ගෙනියන්න ඇවිත්
"මල්ලි මාර වැඩේ බං... මං මේ හිටියට ඉන්නේ ඉස්මුදුන ගිනි අරං.. ඊයෙ හවස මට කෝල් එකක් ආව කප්පං ඉල්ලල ... බලපන් මගේ දැනුත් අතේ මවිල් කෙළින් වෙනව මතක් වෙනකොට" ...
ඇත්ත.. දික් කරල පෙන්නපු අතේ රෝම බලාගෙන ඉද්දි කෙළින් වෙලා.
"මොකද්ද අයියේ උනේ?.. මොකද්ද සීන් එක?" ...
"පිස්සු හැදෙනව බං, ඊයෙ එකෙක් කෝල් කරල මගෙන් කප්පං ඉල්ලුව 50,000ක් බයටම මං එවෙලෙ ඉඳන් ෆෝන් එක ඕෆ් කරන මේ ඉන්නෙ.." .. " ඉතින් කියපන්කො විස්තරේ හරියට විස්තර ඇතුව"..
ඌ කියපු විස්තරේ ඒ විදියටම කෝල් එකකින් මටත් අහන්න ලැබෙයි කියල හීනෙකින් වත් නොහිතපු මං බොහොම සන්සුන්ව ඒ කතාව අහගෙන හිටිය මතකයි. ජයලතා රෙකෝඩින් එකක් වගේ කියල දාපු සහ දැන් දවස් 3 කට කලින් මගේ ෆෝන් එකෙන් මටම අහන්න ලැබුණු කප්පං ඉල්ලල ඇහුනු ඒ වදන් පෙළ අමතක වෙන්නෙ කොහොමද...
" හෙලෝ... මම මේ කතා කරන්නෙ දෙමටගොඩ චමින්ද .. භාරත ලක්ෂ්මන්ට වෙඩි තිබ්බෙ මම. රවී කරුණානායකගෙ කැන්වසින් එකට ඇතුලේ ඉඳන් වෙඩි තියන්න සෙට් කලෙත් මම. මම ඔයාගෙ විස්තර ඔක්කොම දන්නව. ඔය ඉන්නෙ කොහෙද , ඔයා කරන්නෙ මොනවද, ඔයා යන්නෙ එන්නෙ කොහෙද , ඔයාගේ පවුලෙ කට්ටිය කවුද කියන සේරම විස්තර මම දන්නව. මාව මගාරින්න මේ කෝල් එක කට් කරන්න සහ මේක නොසලකා හරින්න ලෑස්ති වෙන්න හදන්න එපා".
( ගොරෝසු බජාර් ඌරුවට හුරු තර්ජනාත්මක කටහඬකින් බොහොම වෘත්තීය විදියට අහන්න ලැබුණු ඒ කතාවේ මුල් පේළි දෙක යනකොටම මට මතක්වුනේ ජයලත් කියපු කතාව. ඌ උගේ කතාව කියනකොට "අනේ ඔව්ව ගණන් ගන්න එපා බං, ඔය මොකෙක් හරි උඹව බයිට් කරන්න කරන වැඩක්" කියල බොහොම සැහැල්ලුවට කියපු මගේ ඔළුවට හෙණයක් පාත් උනා වගේ දැනුනෙ ඒ වැඩේ මටම පත්තුවෙනකොටයි)
"මට මේ වෙලාවෙ උදව්වක් උවමනා වෙලා තියනව. උදව්වක් කිව්වේ මුදල්. මම ඔයාගෙන් කොටි ගණන් ලක්ෂ ගණන් සල්ලි ඉල්ලන්නෙ නෑ. මම මේ සල්ලි ඉල්ලන්නෙ උදව්වක් බලාපොරොත්තු වෙන විදියට. මම කප්පම් ඉල්ලනව කියල හිතන්න එපා. හැබැයි ඔයා ඒ වැඩේට අකමැති නම් මම මේ කප්පම් ඉල්ලනව තමයි කියල හිතාගත්තත් මට ප්‍රශ්නයක් නෑ... මගේ කොල්ලො ඔයාගෙ ගෙදරට එවන්න කලිනුයි මම මේ කතා කරන්නෙ. මේ වැඩේ ප්‍රශ්නයක් කරගන්න ලෑස්ති වෙන්න එපා. කියන්න මට ඔයාට මං වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන්? .. ඔයා දන්නව ඇති මට කරන්න බැරි දෙයක් නැති බව..."
හෙන ගහන්නා වගේ එකදිගට කියාගෙන ගිය ඔය වචන සෙට් එක අහපු මගේ හිතට ආපු සිතුවිළි ගැන කියන්න මට වචන නෑ.. ජයලත්ටත් වෙලා තිබ්බෙ මේකම නේද, දෙමටගොඩ චමින්ද වේවා වෙන මොකෙක් හෝ වේවා මූ මේ කරන්නෙ මූට "සල්ලි දුන්නෙ නැත්තං අපේ ගෙවල් වල ඉන්න මිනිස්සුව මරණවා" විදිහේ තර්ජනයක් නේද කියල මතක් වෙච්ච මම එකපාරටම ගොළු වෙන්න ඇති. "තෝව මරණවා" කියල කිව්ව නං ඒ කතාව ඉවසගෙන ඉන්න පුළුවන්. ඒත් බිරිඳ , චූටි දුව, අම්මල තාත්තල ගැන සඳහන් කරල කරන තර්ජනයක බැරෑරුම් කම කොච්චර පොර ටෝක් දුන්නත් මගේ හිතට දැනුනෙ ඒ වෙලාවෙ තමයි.
" මොකද ඔයා සද්ද නැත්තෙ? කතා කරන්න. අපිට මේක කතා කරල විසඳගන්න පුළුවන් . මොකද කියන්නෙ ?" ආයෙමත් ෆෝන් එක ඇතුලෙන් අරූගෙ ගොරහැඩි කටහඬ.. මං මොනව කියන්නද.. " අයියෙ මං මේ පොඩි වැඩක ඉන්නෙ. මට පැයක් දෙන්න. මං ඔයාට ගන්නම්"
ඌට අයියෙ කියල කියවුනේ මං නොදැනුවත්වමයි. කොච්චර ලොකු ටෝක් දුන්නත්, පොඩ්ඩ එහෙමෙහෙ වෙච්ච ගමන් ගේම ඉල්ලන මානසිකත්වයක් තිබුණත් මට ඇත්තටම ලොකු බයක් දැනුනා. මගේ සංවේදීම ස්පොට් එක ඌ ලස්සනට "ටච්" කරලා...
"හරි ඔයා එහෙනං වැඩකනේ ඉන්නෙ. මම මේ ඔයාට දෙන අන්තිම චාන්ස් එක. මාව මගාරින්න , කෝල් ආන්සර් නොකර ඉන්න එහෙම ලෑස්ති වෙන්න එපා.. ඔයා දන්නවනෙ මම හොඳට හොඳයි , නරකටත් ඒ විදියටම නරකයි. මම හරියටම පැයකින් ඔයාට කතා කරනවා. මතක තියාගන්න ඔයා කතා නොකළොත් ඊළඟ පියවරට මට යන්න සිද්ධවෙනවා . හරි එහෙනම්" බීප් .බීප්.බීප්.... ඔන්න කෝල් එක කට් උනා.
මට කෝල් එක එනවා සහ මම ඒ කෝල් එකේ වැඩි වෙලාවක් කතා නොකර ඉන්නවා දැකපු මගේ බිරිඳ "ඇයි සුදූ , මොකද්ද ප්‍රශ්ණේ , කවුද ඒ කතා කළේ?" කියල මගෙන් අහපි. පොඩි දේටත් මගෙ මූණ සහ ඉරියව් වෙනස් වෙන විදිහ ගැන හොඳට දන්නා අපේ උන්දැට "නෑ අනේ මුකුත් නෑ... පිස්සෙක්ද කොහෙද , වැරදි නොම්මරේකට කියන්න ගිය විස්තරයක් මම අහගෙන හිටිය" කියල උත්තරේ දුන්නට ඒ වෙලාවෙ හතරැස් වෙලා තිබ්බ මගේ මූණ උන්දැ පටස් ගාල ජජ් කරන බව මං දැනගෙන හිටිය.
කාට බොරු කිව්වත් මගේ එකීට බොරු කියල බේරෙන්න කොහොමටවත් බෑ. පෙරැත්තය ඉවසන්න බැරි තැන විස්තරේ කියන්න සිද්ධ උනා. ඒක අහපු අපේ උන්දැගේ මූණ බෙරිඋනේ බලාගෙන ඉන්දැද්දි. "සුදූ තාත්තට කතා කරල කියන්න" . දැන් පවුල් කාරය උනාට තාත්ත තමයි තාමත් මගේ එකම ගැළවුම් කාරය. තාත්තට කතා කරල සම්පූර්ණ විස්තරේ අකුරක් නෑර කිව්වම
" හරි මම ඕ.අයි.සී. එක්ක කතා කරන්නම්. උඹ ඔව්ව ගණන් ගන්න එපා. ආයේ කතා කළොත් කතා කරන්නත් එපා. අම්මට කියන්නෙත් නෑ මං, උඹ කියන්නත් එපා. ඕක කිව්වොත් අපිට කණක් ඇහිලා ඉන්න හම්බවෙන්නෙ නෑ"
කියල තාත්ත ගියා පොලීසියට. හරියටම පැයකින් ඔන්න ආයෙමත් කෝල් එකක්. ඒකට කතා නොකර සද්ද නැතුව හිටිය. කෝල් එනවා එනවා ඉවරයක් නෑ. ඒවාට කතා නොකරන නිසා අන්තිමට මැසේජ් එකක් ආව "මොකද ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ" කියලත්. ගොළුව තිත්ත බේත් බිව්වා වගේ ඒ ඔක්කොටම සද්ද නැතුව හිටිය. ඔය කාල සීමාවෙදි කෝල් එනකොට අමුතු චකිතයක් හිතට දැනෙනව. කෝල් එකක් එනකොටම අපේ උන්දැත් දුවගෙන ඇවිත් බලාගෙන ඉන්නව. අන්තිමට බැරිම තැන කප්පං ඉල්ලල කතාකරපු එකාගෙ නොම්මරේ ෆෝන් එකේ ස්ක්‍රීන් ලිස්ට් එකට දාල සද්ද නැතුව ඉන්න සිද්ධ උනා. කොහොම හරි හවස් වරුවෙම මූ මට කෝල්ස් 10ක් 15ක් දෙන්න ඇති.
ඔය අතරෙදි තාත්ත පොලිසි ගිහිං ලොක්කව හම්බ වෙන්න. බුවා හිටපු නැති නිසා එතන හිටපු වෙන පොලිස් පරීක්ෂක කෙනෙක්ට ඔය කතාව කිව්වම මිනිහ කියල තවත් කප්ම් කතාවක්. දවසක් මෑන්ට කෝල් එකක්කින් කතාකරපු නොදන්නා මනුස්සයෙක්
"මේ අසවල් අයි.පී මහත්තය නේද, මහත්තය මාගාව පරණ වාහනයක් තියනව යකඩ වලට විකුණන්න, මහත්තය දන්න යකඩ මුදලාලි කෙනෙක් නැද්ද ඒක විකුණගන්න ?" කියල යකඩ මුදලාලි කෙනෙක්ගෙ නොම්මරයක් ඉල්ලගෙන. පස්සෙ ඌ ඒ නොම්මරේට කතාකරල " තමුසේ වාහන කඩල විකුණනව නේද, අපිට ඔක්කොම තොරතුරු හම්බවෙලා තියෙන්නෙ. අපි ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් යුනිට් එකක්. අපි තමුසෙගෙ යාඩ් එක බලන්න එනව. ඇවිල්ල ඒ ගැන කතා කරගන්න පුළුවන්. අපිට ඔතන බලන්න එන්න 12,000ක් ඊසි කෑෂ් කරනව. නැත්තං තමුසෙ හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නව"
කියල යකඩ මුදලාලිව බය කරල. මිනිහ බයට සල්ලි දාල අන්තිමට අර අයි.පී. ට කියල. වාහන බලන්න ආපු එකෙකුත් නැතිලු, ඒ ෆෝන් නොම්මරේ වැඩ කරන්නෙත් නැතිලු. ඔන්න මුන්ගෙ වැඩ. ඔලුව ගිනි අරගෙන හිටපු මං පොලිසියෙ වැඩකරන අපේ නෑදෑ අයිය කෙනෙකුටත් විස්තරේ කිව්ව.
" උඹ සල්ලි නං දාන්න එපා. ඔවුන් ඔය හිරේ ඉන්න එවුන් සෙට් එකක්. ගොඩක් වෙලාවට වෙන නම්බර් එකකට ඊසි කෑෂ් කරවලා ජේලර්ලා ලව්වා තමයි උන් සල්ලි ගන්නෙ. ජේලර්ට බාගයයි උන්ට බාගයයි. ඒ නිසා සල්ලි නං දාන්න එපා. සද්ද නැතුව ඉන්න"
ඒ උගේ ප්‍රතිචාරෙ.
කොහොමින් කොහොම හරි එදා රෑ වෙනකොට "කප්පම්"ගෙන් කෝල් එන එක නැවතුනා. මගේ ඔලුවේ තිබ්බ නොසන්සුන් ගතිය අඩු උනත් ගේ ගාවට වාහනයක්, බයිසිකලයක් එනකොට අමුතු විමසිලිමත් බවක් හිතට එන එක නම් නැවතුනේ නෑ. කප්පම් ඇමතුම් එන එක නැවතුන නිසා අපේ උන්දැගෙත් මූඩ් එක ෆික්ස් වෙලා..
"අපෝ චණ්ඩිය.. පොර ටෝක් දුන්නට මං දැක්කනෙ "කප්පම්"ගෙන් කෝල් එකක් එනකොට මූණ චොප්ප වෙන හැටි"
ඔන්න දැන් ඇනුම්පදත් කියනව. ඔන්න එදා ඒ විදියට දවස ඉවර උනා. ඒත් නින්දට යනකල්ම මගේ හිතේ වැඩ කළේ ඔය ප්‍රශ්නෙම තමයි.
පහුවෙනිද උදේ වරුවෙ බොහොම සන්සුන්ව මගේ වැඩ ටික කරගෙන ගියෙ "චමින්ද" ගෙන් කෝල් එකක් ආවෙ නැති නිසාවට. (ස්ක්‍රීන් ලිස්ට් එකට දැම්මට ඒ නොම්මරෙන් කෝල් එකක් ඇවිල්ල තිබ්බොත් ෆෝන් එකේ ඒ බව පෙන්නනවා) . ඒ සන්සුන්කම ආයෙමත් කැඩුනේ ටිකක් දවල් වෙනකොට තාත්තගෙන් ආපු කෝල් එකකින්.
" අරූ දැන් මට කතා කළානෙ බං, මගෙන් 50,000ක් ඉල්ලුවා" .
අම්මත් එතන ඉඳල. මට වෙච්ච වැඩේ තාත්තටත් වෙලා. විස්තරේ ඔක්කොම අහගත්තු අපේ අම්ම සැරින් සැරේට ටොයිලට් යනවත්ලු.
"සල්ලි දෙන්න විදියක් නෑ, මම දැන් බංකොලොත් වෙලා ඉන්නෙ" කිව්වම මූ එක එක විදියට තර්ජනය කරල අන්තිමට "දැන් කීයක්ද මට දෙන්න පුළුවන්?" කියල ඇහුවම තාත්ත කිව්වලු
" උපරිම රුපියල් දාහක් වගේ නම් පුළුවන්" කියල.
"ඊට වඩා හොඳයි ඕයි හිඟා කනව. මම ආයෙත් ගන්නවා , කල්පනා කරල බලල උත්තරයක් දෙනව "
කියල චමින්ද ෆෝන් එක තියල. මට ඒ වෙලාවෙ හිතුන දෙයක් තමයි"ඇත්තටම මේ කතා කරන්නෙ
"දෙමටගොඩ චමින්ද" වෙන්න විදියක් නෑ. අපි වගේ හිඟන බිස්නස් කරන එවුන් පස්සෙ මෙච්චර පන්නන්නේ නැතුව උගේ හැකියාවෙන් ලොකු බිස්නස් කාරයෙක් ලේසියෙන් අල්ලගන්න පුළුවන්" කියන එක.
කොහොම නමුත් මේ උගුලෙන් ගැලවෙන්නත් එපැයි. සිංහලෙන්ම "කප්පම්" කියන කී වර්ඩ් එකෙන් ගූගල් සර්ච් එකක් ගහල බැලුව. මෙන්න එනව බඩු. ගිය මාසෙ නිවුස් සයිට් වල ඔය වගේ හිරේ ඉඳන් කෝල් කරල කප්පම් ඉල්ලලා අහුවෙච්ච
දීර්ඝ කාලයක් දඬුවම් විඳින හිර කාරයො ගැන විස්තර. උන් කතාකරන්නෙ අගනුවර අවට බිස්නස් කාරයො, දොස්තරලා සහ පුවත්පත් දැන්වීම් වලින් හොයාගත්ත නොම්මර වලට සහ මේ වගේ සිද්ධියක් තමුන්ටත් උනොත් වහාම කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයට වහාම කතා කරල දැනුම් දෙන්න කියල නොම්මර දෙකකුත් දාල තිබ්බ.
මමත් පට ගාල නොම්මරයක් ගහගෙන කෝල් එකක් ගත්ත. "හලෝ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයද?" "ඔව් කතාකරනවා." "මහත්තය මං මේ කතා කළේ මගෙන් කප්පං ඉල්ලල දිගටම කෝල්ස් එනව නොම්මරෙකින්. දැනුම් දෙන්න කියල ඔය ගොල්ලන්ගෙ අංකය දාල තිබ්බ නිසා මම මේ කතා කරන්නෙ ..." ඔය විදියට මම විස්තරේ කියවගෙන ගියා ... එහා පැත්තෙන් කිසි සද්දයක් නෑ.. මම ආයෙමත් "හෙලෝ .. දැන් මේක දැනුම් දෙන්නයි කතා කළේ.. මම දැන් මොකක්ද කරන්න ඕන?"
" ආ .. ඔය හිරේ ඉන්න එවුන් වගයක් ඔව්ව කරන්නෙ. සල්ලි දාන්න එපා.." .. " එතකොට මේ අංකෙට දැනුම් දෙන්න කියලනෙ තිබුනේ එහෙම එකක් උනොත්( අඩු ගානෙ මගේ හිත හැදෙන්න කෝල් එක ආවෙ කොයි නොම්මරෙන්ද කියල වත් අහපිය) " .
."ඒ ගැන පැමිණිල්ලක් කරන්න ඕන මෙහෙට ඇවිත්".. "එතකොට මම කොළඹට එන්න ඕන?".. "ඔව් මහත්මයා.." .. බීප්.බීප්.බීප්.(එහෙනං මොන හු$%^ටද දැනුම් දෙන්න කියල නොම්මර දාන්නේ? කෝල් කරලා තැන අහගන්න වෙන්ටැති ..)
මේක හරියන වැඩක් නෙවෙයි. ආසන්න නගරයෙ පොලිස් මූලස්ථානයට ගියෙ මේ ගැන පැමිණිලි කරන්න. (තාත්ත ලඟපාත පොලිසියට ගියාට පැමිණිල්ලක් ලියල නෑ) . ගිහින් නුපුරුදු පොලිසිය ඇතුලට යනකොටම පොලිස් ලොක්කො සෙට් එකක්ම ලොකු කතාවක. මං ආව දැකපු එතන ලොක්ක (මුලස්ථාන පොලිස් පරීක්ෂක වෙන්ටැ මයෙ හිතේ ) පොලිස් බැල්මක් ඉහේ ඉඳන් පාදාන්තය වෙනකල් දාල කාරිය "මොකද?" කියල ඇහුවේ නුරුස්නා ගතියෙන් වගේ.
පොලිස් කාරයො සෙට් එක මැදට ගිහිං විස්තරේ කියනකොටම " ඔයා කොහෙද? මොනවද කරන්නෙ?" කියල බොහොම සන්සුන් විදියට ලොක්ක මගෙන් අහපි. " මට ගල් කොරියකුයි ක්‍රෂර් එකකුයි තියනව" කියපු ගමන් . "එන්න පුතා" කියල මාව උන්දැගේ මේසෙ ගාවට එක්කන් ගිහිං "වාඩි වෙන්න බබා" කියලත් කියපි.
"බබා????".
"කියන්නකෝ ඔයාගෙ නමයි ෆෝන් නම්බර් එකයි" කියල පොඩි නොට් පොතක එක ලියාගත්තු ලොක්කා. "ඔයා ඕව ගණන් ගන්න එපා. ඔයිට වඩා ලොකු දේවල් අපි අල්ලලා තියනව. මම මේක අදාළ අංශයට යොමු කරන්නම් . අපේ ක්‍රයිම් බ්‍රාන්ච් එකේ ඕ.අයි.සී.ව හඳුන්වල දෙන්නම් එන්නකෝ යන්න. නිකන්ම පැමිණිල්ලක් විදියට මේක ලිව්වට වැඩක් වෙන්නෙ නෑ" කියල මාවත් එක්කගෙන ඒ අංශයට යනගමන් " ඔයාලගේ මොන ගල්ද තියෙන්නෙ? ලොකු ගල්ද, කොන්ක්‍රීට් ගල්ද?" කියලත් අහපි.
අර පුංචි පොතේ ලියාගත්තු මගේ නොම්මරේ නිසාවට ගල් ලෝඩ් කීපෙකට කෙලවෙන්නයි මේ එන්නෙ කියල දැනුනත් "දෙකම තියනව" කියල මට කියන්න උනා. අරූගෙ එව්වා මදිවට මෙතනත් එහෙමද?...
ඒ අංශයට යනකොට එතන කයිවාරු ගගහ හිටපු රාළහාමිලා දෙන්නෙකුට බැනල පන්නන ගමන් අපරාධ අංශේ ලොක්කට "මේ පුතාගේ වැඩේ බලල කරල දෙන්න" කියපු "ලොකු සෑර්" එතනින් යන්න ගියා...
හැබැයි අපරාදෙ කියන්න බෑ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක වරයා බොහොම සාවධානව මගේ කතාව අහගෙන ඉඳල බොහොම මිත්රශීලීව සෑහෙන වෙලාවක් කතා කළා. කොහොමටත් දෙයක් කියන්න පටන්ගත්තාම බදුලු කෝච්චිය වගේ දිගට කියවෙන මගේ කතාව අතරමග නවත්තල
"මහත්තයට මේ ඔක්කොම අහන්න වෙලාව තියනවද?"
කියල මං ඇහුවෙ මගේ කටට කොහොමටත් බ්රේක් නැති නිසා.
"නෑ පුතා, මට ඕන තරම් වෙලා තියනව. ඔයා කියන්න. මම අහගෙන ඉන්නවා" ...
පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් මගේ හිතේ හැමදාම තිබ්බ ආකල්පය වෙනස්කරන්න මේ නිලධාරියාට හැකි උනා. මගේ පැමිණිල්ල සම්බන්ධයෙන් හොයන්න අවශ්‍ය නොම්මර සහ විස්තර ගැන උසාවි නියෝගයක් ගන්න ඒ වෙලාවේම ලියකියවිලි සකස් කරන්න කොස්තාපල් වරියකට උපදෙස් දීපු ඒ මහත්මයා මේ සම්බන්ධ පරීක්ෂණ, නීතියට අසුවෙච්ච කප්පම් කාරයො ගැන ලොකු විස්තරයක් කළා. ඔහු කියූ ආකාරයට ආසන්න කාලයකදී ඔය වගේ "හිර ගෙදර ඇතුලේ සිට මෙහෙයවන කප්පම්" සිද්ධියකදී මහර බන්ධනාගාරය ආසන්නයේ හයර් දුවන ත්‍රීවීල් රියදුරකු සහ බන්ධනාගාර රැඳිවියන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනා. ඔහු කියූ ආකාරයට කප්පම් ලෙසින් ලැබෙන මුදල් ලබාගැනීම සහ බෙදාගැනීම සිදුව තිබුනේ ත්‍රීරෝද රථ රියදුරා මාර්ගයෙන්.
කොහොම නමුත් මේ "හිසරදය" ඉවරවෙන්න හේතු උනෙත් මේ දේවල් වලට කිසිම වෙලාවක ගාවා නොගන්න අපේ අම්මගේ මතකයක් නිසාවට. තාත්තට ලැබුණු ඇමතුමේදී "චමින්ද" කතා කරල තිබ්බෙ
"මේ සජින් නේද? මේක ඔයාගෙ අනිත් නොම්මරේ . මොකද ඊයෙ මම කතා කරනකොට ආන්සර් නොකළේ " කියල අහන ගමන්.
"පත්තර වල දැන්වීම් බලලත් මුන් කතා කරනවලු" කියල ගෙදර උදවිය ඉන්න තැන කියද්දී "එහෙනං අපේ බ්‍රේකර් එක විකුණන්න පත්තරේ දාල තිබ්බ එක දැකලද දන්නෙ නෑ කතා කරල තියෙන්නෙ, ආ හරිනෙ ඔයාගෙ නම වරද්දල "සජින්" කියලනෙ ඒකෙ වැටිල තිබ්බෙ"
කියල අපේ අම්ම කියද්දී තමයි අපේ ඇස් අරුනෙ. ගල් වැඩපලේ තිබුණු පරණ බ්‍රේකර් යුනිට් එක මුදල් හදිස්සියක් නිසාවට පත්තරේ විකුනන්න දැන්වීමක් දාල තිබුණා. කොහොමින් කොහොමහරි ඒ දැන්වීමට මගේ නම වරද්දල "සජින්" කියලයි පළවෙලා තිබුණේ . ඉන්න තැනක්, ප්‍රදේශයක් ගැන ඒ දැන්වීමේ කිසිම සඳහනක් නෑ. මගේ සහ තාත්තගේ දුරකථන අංක විතරයි ඒකෙ පළ කළේ. කොහොමින් කොහොම හරි "චමින්ද" ඒ දෙවැනි අංකය "සජින්ගේ අනිත් නොම්මරේ " විදියටයි තේරුම් අරගෙන තියෙන්නෙ.
"එතකොට මූ මේ ඔක්කොම දන්නව කියල කතා කරල තියෙන්නෙ පත්තරේ දැන්වීමක් දැකල එහෙනං..." මට කියවුනේ ඉබේටම.
දවස් දෙකක් තිස්සෙ ඔලුවේ දරාගෙන හිටපු ලොකු බරක් බිමින් තිබ්බ වගෙයි ඒ වෙලාවෙ මට දැනුනෙ. අපේ පවුලෙ සාමාජිකයන් ඔක්කොටමත් ඒ විදියට දැනෙන්න ඇති. අපේ තාත්තගෙ හිඟන ටෝක් එක නිසාවට "චමින්ද"ත් වැඩේ අල්ලලා දාන්න ඇති. ආයෙමත් ඒ අංකයෙන් කප්පම් ඇමතුම් ලැබුනෙත් නෑ. ඔය වගේ සිද්ධියක් වෙච්ච වෙලාවට බොහොමයක් මිනිස්සු ඒ වගේ දේවල් පිට කාටවත් කියන්න යන්නෙ නෑ. සද්ද නැතුව සල්ලි දානවා හෝ එක්කෝ රහසක් විදියට තියාගෙන සද්ද නැතිව ඉන්නවා.
මම නං ඔය සම්බන්ධයෙන් වැඩ කළේ සම්පූර්ණ වෙනස් විදියට. දන්න හැමෝටම කියල මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. එහෙම කියපු දෙන්නෙකුටත් මේ විදිහේ කප්පම් අත්දැකීම් තිබුණ. අනිත් එක තමයි මං වගේ හිඟන ව්යාපාරිකයෙක්ටත් කප්පම් තර්ජන එනව කියන්නෙ සුළු පටු නම්බුවක්ද... අර කවුද බෝයි කාටුන් එකේ අයියලා මංකොල්ල කාපු නැති බැංකුවක් තියනව නං ඒ බැංකුව බංකොලොත් බැංකුවක් විදියට සලකනව වාගෙ...
හිතට දැනුණු දේවල් සහ සම්පූර්ණ සිද්ධිය ගැන සියලු විස්තර කියන්න සිද්ධ වුනු නිසාවට මේ ලිපිය මාගලක් වගේ දිගයි..ඒ ගැන සමාව ඉල්ලන ගමන් මේ සිද්ධිය සහ සිරකරුවන් සම්බන්ධයෙන් මගේ හිතේ තිබුණු පරණ අදහස් වෙනස් වෙලා කියලත් ඒ එක්කම කියන්න ඕන. " සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියල බොරැල්ල මැගසින් බන්ධනාගාරේ තාප්පෙ ලියවිලා තිබුනට, "ආට් සුදා" ඇඳපු මව් සෙනෙහස පිළිබිඹු වෙන අලංකාර චිත්‍රයක් ඒ තාප්පෙම විරාජමාන උනාට, සිරකරුවන් පිළිබඳව කලින් තිබුණු අනුකම්පා සහගත සිතුවිල්ල මගේ සිතේ දැන් නෑ.. ඒ කේන්තිය නිසාවටම "මුන්ට බත් එක ඔතලවත් පත්තර කෑල්ලක් ඕක ඇතුලට යවන්න හොඳ නෑ" වගේ අදහසක් දැන් මම දරන්නෙ.
ඒක වැරදි ඇති. ඒත් තමන්ට යමක් වෙනකොටයි ඒක තදටම දැනෙන්නෙ. "පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන්නෙ හිරේ ඇතුලේ ඉඳගෙනයි" කියන කතාව දැන් සෑහෙන කාලයක ඉඳන් හැමෝම දන්න කාරණාවක්. ජංගම දුරකථන භාවිතාව බොහොම ජයට හිර ගෙවල් ඇතුලේ සිද්ධවෙන බව බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඇයි ඒ දේවල් නවත්තන්න බැරි? දුප්පත් මිනිස්සු ඇතුලට ගෙනියන බත් මුළත් ලිහල බලල චෙක් කරන බන්ධනාගාර ඇතුළට ජංගම දුරකථන, දුම්කොළ, ගංජා, කුඩු යන්නෙ කොහොමද? ජංගම දුරකතනයක් ගෙනිච්චත් ඒවා චාජ් කරන්නෙ කොහොමද? කවුද මේ දේවල් වලට අනුබල දෙන්නෙ. උදව් කරන්නෙ?
මට මතකයි 2005දි Micheal Learns To Rock සංගීත කණ්ඩායම ලංකාවට ආපු වෙලාවෙ හැව්ලොක්ස් ග්‍රවුන්ඩ් එකේ ක්‍රියාත්මක වුනු නවීන රැහැන් රහිත ශබ්ද විකාශන පද්ධතියට බාධා වෙන නිසා පෙර දැනුම් දීමකින් පසුව ඒ ක්‍රීඩාංගනය ඇතුලත සියලුම දුරකථන සඥා ක්‍රියා විරහිත කළා. ඇතුලෙදි කිසිම කෝල් එකක් ගන්න හැකියාවක් නැති උනා. එලියට ආපුවම ෆෝන් වැඩ. ඇයි මේ වගේ සිග්නල් ජෑමර් පද්ධතියක් බන්ධනාගාර වලට සවිකරන්න බැරි? ඕක කිව්වම යාලුවෙක් මට කිව්වෙ "පිස්සුද බං, එතකොට ජේලර්ල කොහොමද ගානක් හොයාගන්නෙ" කියල. අධිකරණ නියෝගයකින් පොලීසිය බන්ධනාගාර පරීක්ෂා කරන්න ඇතුළට යද්දි වේලාසනින්ම ඒ බව බන්ධනාගාර නිලධාරීන්ම සිරකරුවන් දැනුවත් කරන බවයි මම අහල තියෙන්නෙ.
ඔය මොන ආකාරයට කරුණු කාරණා සිද්ධ උනත් හිරගෙවල් ඇතුලේ ඉඳන් පාතාලය මෙහෙයවන්න, මුදල් රැස් කරන්න සහ ඒව ඇතුලේ ඉන්න කාලකන්ණින්ට එළියේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත වලට බලපෑම් කරන්න අවස්තාව ලැබෙනවා කියන්නෙ ඛේදවාචකයක්.. මේ දේවල් නතර කරන්න අදාළ අංශ වහාම පියවර ගත යුතුයි. ලියන්න දේවල් දහසක් දේ තියෙද්දි, සහෝදර බ්ලොග් කරුවන්ගේ බ්ලොග් බලල කොමෙන්ටුවක් දාන්න තරමට වත් නිවාඩුවක්, ඉස්පාසුවක් නැතුව තියෙද්දිත් තකහනියක්ම මාගලක් දිගට මේක ලිව්වෙ මේ ගැන හැමෝම දැනුවත් කල යුතුයි කියල හිතුනු නිසාවට. අද මට කතා කරපු "චමින්ද' හෙට ඔබට කතා කරන්න පුළුවන්. අද මට දැනුණු පීඩනය හෙට ඔබට දැනෙන්න පුළුවන්..
චමින්ද කතා කරයිද මන්දා . අගේට ලියලා. තව ලියන්න. අපි එන්නම් බලන්න
ReplyDeleteස්තුතියි හංසමාලි... මමත් මගෑරුණු බ්ලොග් කියවගෙන යනවා දැන්... :)
Deleteමට හිතාගන්න බැරි කමක් නෑ ඔයවගේ දෙයක් වුනාම තියෙන පීඩනය. ඔය වගේ දේට අනුබල දෙන සමාජ ක්‍රමයක්නේ අපේ තියෙන්නේ.
ReplyDeleteඩූඩ් සහෝදරයා.... ඇත්තටම ඒ වෙලාවේ දැනුනු දේවල් ගැන කියන්න වචන නෑ.... නිකන් ඉඳන් කීයක් හරි හම්බු කරගන්න විදියට අපේ මිනිස්සු කැමතියි, වැඩ කරලා හොයාගන්නවට වැඩිය... :)
Deletehttp://ikman.lk/en/ad/toyota-corolla-121-g-2003-for-sale-nuwara-eliya-43
ReplyDeleteඔන්න ඔය ලින්ක් එකේ තියන වාහනේට කතා කරත් , " අපි වාහනේ බලන්ඩ එන්න පාර කියන්ඩ " කියල ගන්ඩ කියල , ගන්ඩ උනන්දුවක් පෙන්නල් කතාකරන්ඩ ඊසි කෑෂ් වලට සල්ලි දාන්ඩ කියනව.
මේ දැන් එක්කෙනෙක් එනව කිවුව ඇඩ්වාන්ස් එකක් අරගෙන, කියල තමයි කියන්නෙ. මේකත් හිරේ ඉදන් සල්ලි හොයන ක්‍රමයක්.
කොහෙ හරි ඇඩ් එකක් දාද්දි තාවකාලික sim එකක් දාන්ඩ කියන එක අහලවත් තිබුනෙ නැද්ද සජ්ජො ? අම්මට තියන මොලේ මේ තාත්තටයි පුතාටයි නැති හැටි. :D
කම්මලයියා... හැබෑටම මම හීනෙකින් වත් හිතු නෑ ඔහොම දෙයක් වේවි කියල.. ඊසි කෑෂ් කියන්නේ හොරුන්ටම ගිය මුදල් හුවමාරු ක්‍රමයක්... සමහර දේවල් වලදී අම්මගේ මොළේ අපව අභිබවා යනව නෙව.... හැක්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ මචං..චමින්දයා ආය කතා කරොත් මගේ නම්බර් එක දිලා මට කොල් එකක් දෙන්න කියපන්...ඌත් එක්ක එකතුවෙලා පොඩි පාට් ටයිම් එකක් කරන්න...වැඩේ නැගලා ගියොත් සුද්දියොන්ට ඡංගි මැහිල්ල අත ඇරලාම දානවා...
ReplyDelete" හෙලෝ... මම මේ කතා කරන්නෙ බ්‍රා මෙන්ඩා.. බ්රහාහෘෘාා
උඹ නං ඔය වැඩේට කියාපු බුලට් එක... උඹේ ඉන්ටපර්සනල් ස්කිල්ල්ස් වලින් වැඩේ නියමෙට ගොඩ දාගන්න පුළුවන්... හැක්.. හැක්...
Deleteමෙන්ඩො ඇත්ත නමෙන් කප්පන් ගන්නේ නෑ බං. අර 'පහල කරඹෑවේ සාජන්' වගේ නමක් වත් දාගනින්.
Deleteමම ඉයන්ව තමයි සල්ලි ගෙන්න යවන්නේ...
Deleteඅපි කමෙන්ට් දාන්නෙ ඩබල් කරල මූ පෝස්ට් එක ඩබල් X ඩබල් දාල.
ReplyDeleteඉතින් අයියෙ ඔක්කොම ටික විස්තර කරන්න මේ ඔක්කොම ලියන්න වෙනවනෙ....
Deleteඒක නෙමෙයි සජ්ජො , මේ පෝස්ට් එක හතර පාරක් පෙන්න්නව . මම මුලින් එකට කමෙන්ට් එක දාල ලින්ක් එකක් දාන්න ආපහු ආවහම කමෙන්ට් එක නෑ . ඊට පස්සෙ ටිකකින් හතර පාරක් පෝස්ට් එක පේනව.
Deleteමුගෙන් ඉල්ලපු 50 000 මදිලු බං. ඒකයි හතරපාරක් දාල ගාන වැඩි කරගෙන තියෙන්නෙ.
Deleteහැක්... හැක්.. යකොඩො ඒක ගූගල් දෙයියගෙ වරදක්...
Deleteඇඩ් දානකොට ටැලිපෝන් නම්බර්, ගවල් වල ඇඩ්ඩස් දාන්න එපා කියලා, අර කලින් හිටපු ගිරා පෝතක පොලිස් මාද්දිය ප්රොකාසක තුමා කී සැරයක් නම් කිව්වද.... උඹලා ඒ මිනිස්සු කියන දෙයක් අහනවාය..
ReplyDeleteකොහොම හරි මුළු රටේම උන් දැන ගන්න ඕන දෙයක්... අළුතෙන් කියන්න දෙයක් නෑ... මල් පහට ලියලා තියෙනවා...
ලොකු අයියා... අනේ ඒ හිටපු ගිරා පොතකය මොනවා උනත් බොරුවක් කිව්වත් සීදේවි විදියට කිව්ව.. දැන් ඉන්න පඹයොන්ට වඩා ලස්සනට...
Deleteඇත්තටම මිනිස්සු දෙතුන් දෙනෙක් වත් මේකෙන් දැනුවත් උනොත් ඒකත් ලොකු දෙයක්.... ස්තුතියි....
උන්දැ නැතිමෙළ පාළුයි බං. දැං ඉන්න ඩයල් එක කිසි විහිළුවක් දන්න එකෙක් නෙවී. කොටිංම ඌ. ටීවි පෙට්ටියට මූණ දානවත් අඩුයි. හැක්
Deleteමේ ගැන සමාජය දැනුවත් කරන එක තමයි බං කරන්න ඕනේ...
ReplyDeleteඋඹ මේ අරගෙන තියෙන්නේ ඒකට හොඳ ආරම්භයක්....
රසික සහෝදරයා... බොහොම ස්තුතියි මචං....
Deleteහොඳ දැනුවත් කිරීමක්. හිතාගන්න පුළුවන් මුහුණ දුන් තත්වෙ
ReplyDeleteරාජ් සහෝදරයා, ස්තුතියි කිව්වා... නවාතැන පැත්තෙත් එන්න ඕන...
Deleteමේක කාලයක් තිස්සේ යන ගේමක් බං.. ළගදි තමා ඔය එලි පෙහෙලි වෙන්නේ.. පොලෝසිටත් සීන් එක හිතා ගන්න බැරිවා කාලයක් දැගලුවා.. ඩුඩ් කිව්ව වගේ ඒ වගේ දෙයක් වෙලාම බලන්න ඕන හදවත ඩග් ඩග් ගාන විදිය.. බෝම හොද දැනුවත් කිරීමක්
ReplyDeleteමේකෙ හෙඩිම නං අන්තිම සවුත්තියි බං... කප්පං චමින්දගෙන් මං ගැලවුන හැටි වගේ දෙයක් දාහං. වරහං ඇතුලේ සත්‍ය කතාවකි කියල දාන ගමන්.. හැක්
Deleteදේශා... බොහොම ස්තුතියි කිව්වා.. ඔන්න හෙඩිම වෙනස් කළා.. උඹල තමයි අපිව නිවැරදි කරන්න ඉන්නේ...
Deleteහෑ? මේක තවම නැවතිලා නැද්ද? දැන් අව්රුදු ගානකට කලින් මේ සිද්දියට මීඩියා ලොකු ප්‍රචාරයක් දුන්න වගේ මතකයි.
ReplyDeleteපිස්සුද කසුන් .. තාම වැඩේ නැගල යනව... ඕක නවතින්න හිරේ ඉන්න එවුන්ගේ ෆෝන් භාවිතාව නැතුව යන්න ඕන...
Deleteමේ වගේ සිද්ධියක් මගේ යාළුවෙක්ටත් උනා. පොර නම් ඔක්කොම ටෙලිපෝන් මාරු කරලා සෑහෙන සිකියුරිටි කැමරා හයි කර ගෙන සෑහෙන මහන්සි උනා...පොරට ආපු කෝල් එකෙනුත් කියලා තිබ්බේ දෙමටගොඩ චමින්ද ගැන තමයි...
ReplyDeleteනමුත් දැන් පේන විදිහට මේක මේ වගේ දෙයක්...
බොහොම ස්තූතියි මහන්සි වෙලා මේ විස්තරය මේ විදිහට ඉදිරිපත් කලාට...
නමේ වෙනස ආවේ නැත්තං මමත් තාම ෆුල් හොල්මන්.. ස්තුතියි මයියා....
Deleteහිඟන වේසිගෙපුතාලා බං.. ඔහොම සීන් එකක් උණාම අපිට ඕනැ මඟුලක්.. ගෙදර උං ගැනනේ අවුල.උඹ කිව්ව වගේ උං ටච් කරන්නේ එතන.
ReplyDeleteකියල වැඩක් නෑ බං... "තෝව මරණවා" කිව්ව නං ඉවසතෑකි... ගෙවල් වල මිනිස්සු ඒ තර්ජනේට ගාවගන්නකොට....?
Delete"තෝව මරණවා" කිව්ව නම් ඉතිං..
Deleteහා..මචං..ෂුවර් එකට වැඩේ කරනවා නේද කියලා අහනවා..
\\\\ " උපරිම රුපියල් දාහක් වගේ නම් පුළුවන්" කියල.
ReplyDelete"ඊට වඩා හොඳයි ඕයි හිඟා කනව. මම ආයෙත් ගන්නවා , කල්පනා කරල බලල උත්තරයක් දෙනව " ////
තාත්තා මරු ඕයි....ඊට එහා අම්මා...!
අද ඉඳන් වෙන බිස්නස් එකක් තමයි ඉතින් කොරන්න වෙන්නේ..සැක්...
හරි වටිනා ලියවිල්ලක් මචෝ....!
ඔය වගේ වෙලාවට ගෑණු අයට අපිට වඩා මොළේ පහල වෙනව චෙෆා.
Deleteහැක් හැක්.. ෂෙෆා සහෝදරයා... අපේ ඩබලම මරු තමා... තාත්ත චන්ඩියා , කට තිබ්බට අම්ම පණබයයි... තැන්කිව් කිව්වා ... ඇත්තටම මිනිස්සු දැනුවත් කරන්න මේක ලිව්වේ... ප්‍රසා කින්ඩියක් දැම්මද මන්ද....
Deleteමං පෙරෙයිදත් කියුවේ බ්ලොග් ලියන්ඩ ඕන සජ්ජගේ තාත්ත
Deleteහෑ..ඒ කියන්නේ උඔලා පෙරෙදත් සෙට් වුනාද?
Deleteනෑ බන්.. ඔය කියන්නෙ අටම අපේ ගෙදර ආපු වෙලාවක තාත්ත එක්ක කදේට වැටිල ෆිට් වෙලා ඒ ගැන පෙරේද කියවෙච්ච කතාවක්... මුන් ඔක්කොම එකයි... එන්නෙ මාව හම්බවෙන්න.. ආපුවම අපේ තාත්ත මුන්ව අල්ලගන්නව.. අන්තිමට මුන් මාත් එක්ක කතා නෑ... තාත්ත එක්ක කයිවාරු ගහල යන්න යනව..
Deleteනෑ බන්.. ඔය කියන්නෙ අටම අපේ ගෙදර ආපු වෙලාවක තාත්ත එක්ක කදේට වැටිල ෆිට් වෙලා ඒ ගැන පෙරේද කියවෙච්ච කතාවක්... මුන් ඔක්කොම එකයි... එන්නෙ මාව හම්බවෙන්න.. ආපුවම අපේ තාත්ත මුන්ව අල්ලගන්නව.. අන්තිමට මුන් මාත් එක්ක කතා නෑ... තාත්ත එක්ක කයිවාරු ගහල යන්න යනව..
Deleteකම්මලයත් ආවද?
Deleteඩබල්
අර පුංචි පොතේ ලියාගත්තු මගේ නොම්මරේ නිසාවට ගල් ලෝඩ් කීපෙකට කෙලවෙන්නයි මේ එන්නෙ කියල දැනුනත් "දෙකම තියනව" කියල මට කියන්න උනා. ++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteඌට ගල් නිකං දෙන්ඩ එපා
Deleteහැක්.. හැක්.. නෑ බං මං මොකක් හරි කියල මගාරිනවා... මේ කෙළවිල්ල හොඳටම ඇති...
Deleteනිකං දෙකේ දෙකේ පොල්ලකින් හරහට දාල හතරක් විතර පතබෑව වගේ තියෙන්න ඇති නේද... ඇත්තටම අපේ පුද්ගලික අංක බුකියෙ උනත් දානෙක භයානකයි... හිතෙනව..
ReplyDeleteඅර ඉස්පැටටර් කතා කලේ නැතෙයි ගල් ලෝඩ් එකක් ඉල්ලල.
සජ්ජට එහෙම දෙයක් තියෙනව කීවෙ නැත්තං පැමිණිල්ල ලියවෙන්නෙත් නැති වෙන්ට තිබ්බ නේ සජ්ජො
එහෙනං ඉතිං ඉන්ස්පැක්ටර මහත්තය සජ්ජට ගල් ලෝඩ් එකක් බානව.
Deleteහැක් හැක්... ප්‍රසා කිව්ව වගේ වෙන්නත් තිබ්බ.. සිරාවටම බං ඔහොම සීන් එකක් තිබ්බේ නැත්තං අර අංශයට මාව යොමු කරන්නේ නෑ.. නිකන්ම නිකන් පැමිණිල්ලක් ලියවෙයි.. එතනින් වැඩේ ඉවරයි...
Deleteඑහෙම වෙන්නත් බැරි නෑ තමා. හෙහ් හෙහ්
Deleteමගේ බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ හැටියට චමින්ද බොලාට පස් පාරක් කතා කරල තියෙනව.
ReplyDeleteමොනව උනත් ඔය වගේ දේකදි කලබල වෙන්නැතුව, මෝඩ වැඩ කරන්න යන්නෙ නැතුව සිහිබුද්ධියෙන් වැඩ කරන එක තමයි කරන්න ඕන.
ගොඩක් පොලීසි වල ක්‍රයිම් යුනිට් එකේ ඉන්න අය අනික් කට්ටියට වඩා සාවධානව කියන දේට ඇහුම්කන් දෙනව.
ප.ලි. 50,000 ක්. මොන *ත්තක්ද. උෟ නං අමු හිඟන්නෙක්. නැත්තං මේ වගේ බර කාරයෙක්ගෙන් අඩුමගානෙ 50 ලැක්ස් වත් ඉල්ලන්න ඕන. :D
ප්‍රසා අයියා, බ්ලොගර් ඩෑෂ් බෝඩ් පිස්සු කෙළිනවා වෙලාවකට. හැමදාම කම්මලට. අද මට. ක්‍රයිම් යුනිට් එකේ උන් ඇත්තටම හොඳයි...
Deleteහුහ්.. උඹ ඔය හිතන විදියටම තමයි පොලිස් ලොක්කත් හිතන්න ඇත්තේ.. අම්මප උඹත් පරණ පොලිස් කාරයෙක්ද කොහෙද...
අනේද කියන්කෙ මේ චමින්දයා අපේ සඡ්ඡාව දෙකේ කොලේට දාලා..ඔකා සිගරට් පත්තු කරන්නෙත් 5000 කොල වලින්...
Deleteගෙදර අච්චු ගහපුවා..
ආයේ එහෙම කෝල් ආවොත් ඊසි කෑෂ් කරන්ඩ බැ , කියල ඕනනං උඹලගේ ගෙවල් පැත්තේ ඉන්න හිරගෙදර වැඩ කරන එකෙකුගේ නමක් කියල ඌ අතේ එවන්නං කියහං
ReplyDeleteඅටං අයියෙ... දැන් කතා කලොත් නං එහෙම කියනව... ඒ වෙලාවෙ නං අර කියන්නා වගේ මං හිටියෙ "මර" වෙලා...
Deleteඇත්තට ඒ ක්‍රමය පහසුයි නේද
Deleteඋඹ මට ඒ වෙලාවේ කියුවනං මං කරන්ඩ කියන්නේ ඔහොම මීට අවුරුදු දෙකකට කලින් මම එහෙම කියල එකක් ගොඩ දැම්මා
Deleteදෙවනි කෝල් එකේ ...අරු කියුවා ඔය කඩේ ඉස්සරහ තියන පල්සර් එකේ ඉන්නෙත් මගේ කොල්ලෙක් කියල ...........
ඇත්තටම කාලෙකට කලින් මං මේ ගැන ලියන්න හිටියත් නොලියුවේ ලගින් ඉන්න උන්ගෙත් රෙදි ගැලවෙන හන්දා
ඔය කොහොම උනත්
ජංගමය හරහා සල්ලි මාරු කරන කතන්දරය හරහා වෙන්නෙම අයතා ගනුදෙනු , ඕක පාවිච්චි කරන්නෙම නරක වැඩවලට
සිරාවට.. ඔය ඊසි කෑෂ් මගුල පාවිච්චි වෙන්නෙම මගඩි වලට..
Deleteබලපං පොලිස්කාරයත් හරි අහිංසක විදියට කප්පම් ගන්න හදලා තියෙන්නේ.
ReplyDeleteඑක පාරක් වැලිකඩ අච්චු විදින යාලුවෙක් බලන්ට මමත්,තවත් යාලුවෙකුත් ගියා.අපේ පොර හිටියේ බන්ධනාගාර රෝහලේ.එක තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරයට දකුණු පැත්තෙන් පහලට යන්න තියෙන පාරේ පාර උඩින් බන්ධනාගරා රෝහල පහළින් තියෙන්නේ.අපි එකට ගිහින් එන කොට එක රැඳවියෙක් ඌ එතන මිදුල අතුගගා හිටියේ.(මම හිතන්නේ සුළු වැරදි කාරයෙක් වෙන්ට ඇති.)පල්ලෙහා ඉඳන් අපෙන් සල්ලි ඉල්ලනවා. ඌනම් ඉල්ලුවේ රුපියල් දහයක්.
ඉතින් බලපං හිරකයොත් මනුස්සයෝ නම් උන්ටත් සල්ලි ඕනේ වෙන එකේ වරදක් නැහැනේ ඉතින්.:D
මනෝ.. එව්වට කියන්නෙ අනියම් කප්පම් ...
Deleteමම අහල තියන විදියට හිරේ ඇතුලෙත් සල්ලි තියනවා නං ඕන දෙයක් තියනවා කියල. දුම්කොලයක් බර ගානකට විකුනන්න පුළුවන් ලු. පොඩියට දුම්කොළ කඩදාසියෙ ඔතල චූටි බීඩි වගේ.. සල්ලි දුන්නොත් වතුරත් වැඩිපුර ගන්න පුළුවන්ලු...
උඹ ඔය කියන්නේ ‘‘ලෝකල්‘‘ ගැන
Deleteමචං ලෝකයේ හැම තැනම , හැම රටකම තියන දූෂිතම තැන තමයි බන්ධනාගාරය , ඒක හැම රටකම හැම කාලයකම එහෙමයි , මට මතකයි දැනට අවුරුදු විස්සකට විතර කලින් වෙන රටක ( නෝවේද කොහෙද ) නිල සංචාරයක යෙදුන බන්ධනාගාර අධිකාරි වරයෙක් ලංකාවට ආපු ගමං සුහද හමුවක කරපු කතාවකත් ඕක කියුවා
Deleteඒ දූශිත කතාව මම අහල තියනව ... මට මතකයි ප්‍රිස්න් බ්රේක් සීරීස් එකේ පැනමා ප්‍රිස්න් එක පෙන්නුවා.. පිස්සු හැදෙනව..
Deleteමම සිම් තුනක් පාවිච්චි කරනවා.එකක් පවුලේ අයට මිතුරන්ට,අනිත් එක ක්ලාස්වලට,එකක් කවුරුහරි ඉල්ලුවොත් දෙන්න..අලුත්ම කෙනෙකුට මම නම්බර් එක දුන්නම ඔහුට කියන්නේ මට රාත්‍රි හතත් අටත් අතරේ කතා කරන්න කියලා.එකිනෙකාට වෙලාව වෙනස් කරනවා.ඒ වගේම පෝන් දෙකයි.එකක පෞද්ගලික නම්බර් එක.අනිත් එකේ අනිත් සිම් දෙක..මම එහෙම කරන්නේ මට එන කොල් වෙනම අදුනගන්න පුලුවන් වෙන නිසා..උඹ ව්‍යපාරවලට වෙනම නම්බර් එකක් තියාගනින්..පෞද්ගලිකව වෙනම එකක්..
ReplyDeleteමම බන්ධනාගාර සුභසාධන සමීතියට සම්බන්ධයි.බන්ධනාගාර නිලධාරින් වගේම රැදවියන්ය ඉතා ලගින් ආශ්‍රය කරන්න ලැබෙනවා.වැලිකඩ සේවය කරපු බොහෝ නිලධාරීන් කියන දෙයක් තමයි පාතාල සාමාජිකයන්ගෙන් එයාලටත් තර්ජන එල්ල වෙන බව.ඒ නිසා ඔවුන් සමහර සිරකරුවන්ට බියයි...සිරකරුවන් අතරේ අහිංසකයන් ඉන්නවා.වැඩිපුර පිරිසක් එහෙමයි.ඒ වගේම ඒ අයගෙත් නායකයෝ ඉන්නවා.කල්ලි ගැසීම් තිබෙනවා.සමහර දේවල් නිලධාරින්ටත් හොර රහසේ ක්‍රියාත්මක වෙනවා..මේ පිරිස් අතරේ ඉන්නවා මොනව කලත් තමන්ගේ අපරාධ ජීවිතය අත්නොහරින අය....
මන්දිරේ... ඒ සිම් භාවිතා කරන විදිය හොඳයි තමයි.. හැබැයි මට නම් ඕක කරන්න කම්මැලියි....ව්‍යාපාර වැඩ වලට වෙනම එකක් තියාගන්න එක හොඳයි තමයි.. බලන්න ඕන එහෙම කරන්න ඇත්තටම...
Deleteඋඹේ කතාව ඇත්ත. අපි කවුරුත් මිනිස්සු, අපි හැමෝම දුර්වල කාරනා වලදි බයයි.. හැබැයි මම අහල තියනවා සමහර ජේලර්ලා බිස්නස් එකක් විදියට ඔය දේවල් කරනව කියල. මගෙ නම් තර්කය ජොබ් එක හරියට කරන්න බැරි නම් අයින් වෙන්න ඕන. අනික ජොබ් එක හරියට කරන්න ඉහල තැන් වලින් ආරක්ෂාව වගේම අවශ්‍ය වටපිටාව හදල දෙන්න ඕන.
ඒක නම් බුද්ධිමත් අදහසක් මනෝ. අපටත් අනුගමනය කරන්න වටින ක්‍රමයක්.
Deleteසජ්ජා
Deleteසමහර සුභසාධන නිලධාරීන් හරහාත් එවැනි දේවල් වෙන ආකාරය පුවත්පතක පලකරලත් තිබුනා.ජේලර්ලටත් වඩා බලය තියෙන්නේ බන්ධනාගාර අධිකරිවරුන්ට.එක බන්ධනාගාර අධිකරිවරයෙක් ඒ විදියට මුදල් උපයපු විදියත් පත්තරේ දාලා තිබුනා සාක්ෂිත් එක්ක.එක දවසක් නෙත් එෆ් එකේත් සාක්ෂි සහිතව ඔප්පුකලා ඉහල නිලධාරීන් මේවට සම්බන්ධයි කියලා.ඒවට හේතුත් තියනවා.මේ සමහර පත්වීම් දේශපාලන ඒවනේ.ඒ දේශපලඥයන්ගේ හෙංචයියෙක් ඇතුලට ගියාම ඒ මිනිහා ආරක්ෂා කරන්න වෙන්නෙත් අර බන්ධනාගාර නිලධාරීන්ට.ඔය වගේ දේවලුත් තියනවා.
මධ්‍යස්ථ
ක්ලාස් වගයකුත් කරන නිසා වෙනම සිම්පතක් තියාගන්න එකනම් වඩා පහසු වෙයි ඔබටත්.
වෙන්න ඇති මන්දිරේ... අපි ඔය ගැන වැඩි දුර නොදන්න නිසා ඔක්කොම කුනු ජේලර්ලා පිටින් යනව ඇති...
Delete//මම බන්ධනාගාර සුභසාධන සමීතියට සම්බන්ධයි.බන්ධනාගාර නිලධාරින් වගේම රැදවියන්ය ඉතා ලගින් ආශ්‍රය කරන්න ලැබෙනවා.වැලිකඩ සේවය කරපු බොහෝ නිලධාරීන් කියන දෙයක් තමයි පාතාල සාමාජිකයන්ගෙන් එයාලටත් තර්ජන එල්ල වෙන බව.ඒ නිසා ඔවුන් සමහර සිරකරුවන්ට බියයි...සිරකරුවන් අතරේ අහිංසකයන් ඉන්නවා.වැඩිපුර පිරිසක් එහෙමයි.//
Deleteඑහෙනං ඔයා ජැමර් ගැන සහ වැලිකඩ මොබයිල් ෆෝන් ජෑම් කරන්ඩ කාපු කට්ට ගැන කතා නොකරන්නේ ඇයි , ඔයා වික්ක්‍රමසිංහ කෙනෙක් හරි , නිහිංසා කෙනෙක් නං හරි OK , එාහෙනං සොරි වෙන්ඩ , නැත්තං සොරි ඩොට් කොම් , මොකද කියනවනං සත්තලං , මාව ගෙදර ගෙනත් තියෙන්නෙත් මේ ලෝකෙට ආපු ගමං හිරකාරයෝ අදින වාහනයක
නිලධාරි බය නැ නිලධාරි රැදවියන්ව පාව්ච්චි කරනව
Deleteඅටම්
Deleteඅදත් උදේම මම බන්ධනාගාර සූභසාධන වැඩසටහනකට ගිහින් ආවේ.....මම තවම වැලිකඩට ගිහින් නෑ....
සුභසාධන සමීතියේ ඉන්න සිවිල් අයට පරිපාලනය එක්ක සමිබන්ධ වෙන්න බැ.අපි කරන්නේ අපි වගේම අය වෙනුවෙන් අපිට පුලුවන් යමක් කරන එක.ඒ වගේම ඒක ස්වෙච්ඡාවෙන් කරන එකක්.වැටුපක් හෝ දීමනාවක් ලැබෙන දෙයක් නෙවෙයි..හරියට අර රාජ්‍ය නොවන ආයතන වලින් කරන සමාජ සත්කාර වගේ..මම අද ගියේ මාස තුනකට පස්සේ.මාව දැක්ක ගමන් කාලයක් මාව අදුනන එක කොල්ලෙක් මට කීවා මහත්තයා දැන් අපි බලන්න එන්නේ නැ නේද කියලා..එහෙම කියන්න හේතුව තමයි ඒ වගේ අය අසරණයි.තමන්ගේ ප්‍රශ්නයක් කියන්නවත් කවුරුවත් නෑ.නමුත් පාතාල ලෝකයේ ප්‍රබලයෝ හිටියට අපිව මුනගැහෙන්න හෝ කතා කරන්න ඒ අයට උවමනාවක් නෑ....
සාමානය පොඩි නිලධාරින් රැදවියන්ට බයයි අටම්.ඒක මම හොදටම දන්නවා..බය නැත්තේ ඉහලම නිලධාරීන්..ඒ අය යමක් කරනවනම් කරන්නේ අනිත් අයට නොදැනෙන්න..මොකද ඔවුන්ට බලය තිබෙනවා.පොඩි අය බලන්නේ පෙන්සන් යනකම් රස්සාව රැකගෙන ඉන්න විදියක් විතරයි.ඔවුන් මොකකට හරි පැටලුනොත් ගැලවෙන්න බැ,නමුත් ඉහල නිලධාරීන්ට එහෙම නෙවෙයි.ප්‍රධාන බන්ධනාගාරවල රැදවියන් උනත් ඔවුන්ව ගනන් ගන්නේ නෑ...
....//මාව ගෙදර ගෙනත් තියෙන්නෙත් මේ ලෝකෙට ආපු ගමං හිරකාරයෝ අදින වාහනයක//...
Deleteමචං මම එතනට සම්බන්ධ වුනේ අපි වගේම උන් වෙනුවෙන් අපි යමක් කරන්න ඕන නිසා...එතන ඉන්නවා කිසිම වරදක් නොකර නැත්නම් සුලු වරදකට ගෙනල්ලා දාපු අය.කවුද ඒ අයට ඉන්නේ.මම කලිනුත් දැම්මා මිනීමැරැමක් නොකර ඒකට වරදකාරයෙක් කරලා ගෙනාව කෙනෙක් හිටියා.ඒ මිනිහා අඩලම මැලවිලා හිටියේ..මම ගිය වෙලාවක මගේ ලගට ඇවිත් අඩ අඩ කීවේ මාව මේකට වරදකාරයා වෙයිද..මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා පොල්වත්තක් බලාගෙන ජීවත් වුනේ ගෑණූ කෙනාට ඇදුම බෙහෙත් ඕන නිතරම,මම හිරේ ගියොත් මුලු පවුලමමහපාරට වැටෙනවා කියල...ඒ වගේ මනුෂ්‍යකුට තමන්ගේ දුක කියන්නවත් කවුද මචං ඉන්නේ...හිත හදන්නවත් කවුද ඉන්නේ..ඒ මනුෂයා පස්සේ නිර්දෝෂියි කියලා ඔප්පුවෙලා නිදහස් වුනා..ඔය වගේ අය මට ගොඩක් මුන ගැහිලා තියනවා.ඇත්තෙන්ම මම යන්නේ ඒ අය වෙනුවෙන්....ඒ නිසා නිලධාරින්ගේ දේවල් ගැන මම ඇත්තටම හොයන්න යන්නේ නෑ.එහෙම උනොත් මට මේ අවස්ථාවත් නැති වෙනවා...කොහොමත් ලබන අවුරුද්දෙන් පස්සේ මට එකෙන් අයින් වෙන්න වෙනවා විවේකය අඩු නිසා...
....//මාව ගෙදර ගෙනත් තියෙන්නෙත් මේ ලෝකෙට ආපු ගමං හිරකාරයෝ අදින වාහනයක//....
උඹ මට වැඩිය වැඩිමහල්.ඒත් එදා උඹ හිරකාරයෝ අදින වහානයක ගෙදර ගේන දවසේ මම බන්ධනාගරයකට සම්බන්ධවෙලා හිටියනම් මම උඹව වඩාගෙන පයින්ම ගෙදර ගේනවා අර වහානයක ගේන්න දෙන්නේ නැතිව...
මනෝ..
Deleteඋඔ කරන වැඩේට සම්භන්ද වෙන්න මමත් කැමැතියි...අපි වෙලාවක මේ ගැන කතාකරමු..
මෙන්ඩා..
Deleteමම ලබන අවුරුද්ද වගේ වෙනකොට දිගටම ඉන්නේ කඩවත..එහෙදි පුලුවන් උනොත් වැලිකඩ බන්ධනාගාරයේ සුභසාධක සංගමයේ සාමාජීකත්වය ගන්නවා..එහෙම පුලුවන්කම ලැබුනොත් මම උඹවත් වැඩේට සම්බන්ධකරගන්න පුලුවන් හැමවිදියක්ම බලන්නම්.ගොඩක් දුරට සුභසාධක සංගමයට සම්බන්ධකරගන්නේ බන්ධනාගාරය ආසන්නයේම අය පමනයි...නමුත් මට වෙනසක් තිබුනා.මම කාලයක් වනගතව භාවනා කරලා තිබෙනවා..ඒ අත්දැකීම් තියන නිසා මම බන්ධනාගාරයට ගියේ භාවනා උගන්වන්න...ඉරිදා,පෝය දවස් තමයි ඒ වෙනුවෙන් ගොඩක් දුරට වෙන්වෙලා තියෙන්නේ..නමුත් මම උපාධි පංති පටන්ගත්තට පස්සේ ඉරිදා ක්ලාස් වැටුන නිසා යන එක ටිකක් අඩු වුනා...
ලොකු දෙයක් කරන්න බැරිවුනත් අපි මේ ලෝකයෙන් යන දවසක මම සමාඡයට දෙයක් දුන්නා කියලා පස්ස බලලා හිනා වෙලා මැරෙන්නයි මට ඔනේ ඒක නිසා මට අවස්ථාවක් අරන් දිපන්
Deleteඋඹේ අදහසම වටිනවා මචං..
Deleteමම මේ පාර ගියාම මේ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලන්නම් මචං..මගේ මේල දාන්නම් මගේ බිලොග් එකේ...
'දෙමටගොඩ චමින්ද කතා කරයි' හරි 'කප්පම් චමින්ද ගෙන් ගැලවුනෙමි' හරි මක්ක හරි... ව්ටින කියන දෙයක් ලියල තියෙන්නෙ.
ReplyDeleteඔය කතා කොච්චර ප්රවෘත්ති වලින් දැක්කත් දන්න කියන කෙනෙකුට උනාම තමයි හිතට වදින්නෙ.
මතකෙයි අර ක්ලේමෝ බෝම්බ කාලෙ මහින්ද මාමා යන තැන් වලටත් ජෑමර් ගැහුවා...?
ආමි කොල්ලො,මිනිස්සු යන බස් වලටත් ජෑමර් ගැහුවා.
ඕක සිම්පල් දෙයක් බං. ඔව්ව කොරනවා වගේද ගතම් එක... මුං හිර කාරයෝ හූරගෙන කන්නෙ.හිරේ යනව නම් සල්ලි තියෙන්න ඕනෙ.නැත්තම් දුක තමයි..
ජයවේවා..!!
ලබ්බෝ, ඇත්තටම කල්පනා කරලා බලපන් හිර ගෙවල් වලත් ජෑමර ගැහුවොත් ඔය ඇතුලේ ඉඳන් දෙන ගේම් ඔක්කොම නවත්තන්න පුළුවන් නෙ. ජෙලර්ලට ඕනේ නම් ලෑන්ඩ් ලයින් පාවිච්චි කරන්න පුළුවන් රාජකාරි වෙලාවල් වලදි...ඇත්ත කතාව. හිරේ හිටියත් සල්ලි තියෙන්න ඕන..
Deleteමගෙන් ඉල්ලුවනන් මම කියනව, දැන් කාලේ 50,000 ක් අරන් ජීවත් වෙන්න පුලුවන්ද? ලක්ශ පහක් වත් දෙන්නද කියල.
ReplyDeleteඊට පස්සේ කියනවා මගේ සල්ලි ඔක්කොම හැඬල් ගන්නෙ මෙන්ඩ කියල උගේ නොම්මරේ දෙනව, ලැජ්ජ වෙන්නෙ නැතුව කැමති ගාණක් ඉල්ලගන්න කියල.
Deleteහැක් හැක්.... ඉයන් නං කියයි.. වෙලාම බලන්න ඕන වැඩේ හැටි.. ආයේ කතා කලොත් මෙන්ඩගෙ නම්බරේ දෙන්න ඕන තමයි... මෙන්ඩ දෙන්නේ නැතැයි එතකොට කොර වෙන්න ටෝක් එකක්...
Deleteඅහෝ ඉයනුත්
Deleteඅහෝ සජ්ජත්
නොදිටි මොක්පුර කියුවලු
මෙන්ඩා මං අටං ....ඹව් ...ඹව් ..... මං අර පත්තරය කියනවා වගේ අටපාස් නුගත් වේසිගේ පුතා
ඇයි බන් මැශින් බිජ්ජා... ඔය කවුරු මොනා කිව්වත් උඹව දන්න එකා උඹ ආශ්‍රය කරපු එකා දන්නව උඹ කවුද කියන්න...
Deleteඅටම වැරදි ටොපියක් කාලද?
Deleteඅටපාස් නුගත් වේසිගේ පුතා//
Deleteඒ විතරක්ද...
බ්ව්වට පස්සේ...සිගරට් සෝඩා ගෙන්න යන එකා..
බිලා ඉවර වෙලා වාහනයට ඇරලවලා ...කුනුහරැපෙන් බනින එකා..
කමෙන්ට් පබ්ල්ෂ් කරන්න ඇපරැවල් දෙන එකා..
ඉහත සියලු කමෙන්ටු සියල්ලා සලකා බැලිමෙන් අනතුරැව..අටමා සැහෙන කාලයක සිරගත අත්දැකිම් ඇති බව පෙනි යයි..
චමින්ද...මචං...මම උඔට දෙනවා...අර ඉයනයා ඉන්දියාවට ගහන්න හදපු පාලමේ වැඩෙත් කඩා කප්පල් කරා..ඒක නිසා සල්ලි ගැන හිතන්න එපා ඉයනයාට තියලම දාපන්..
සල්ලිද වටින්නෙ? මිනිස්සුද වටින්නේ?
සල්ලි තියන මිනිස්සු වටින්නේ
ප්‍රසා
ගනන් ගන්න එපා..ඔකා විහිලු දන්නවා..
මේක සමාජ ප්‍රශ්නයක්. කප්පම පිළිකාවක් වගෙ හැම තැනම පැතිරිලා. මම දැක්ක දවසක් වයබ අතිරේකෙ ටවුමෙ වඩේ වෙළෙන්දන්ගෙන් පවා කප්පම් ගන්නව කියල. දෙමටගොඩ චමින්දල නම් 50,000 කප්පම් ගන්න එකක් නෑ. අනික ඌ දැන් චාටර් වෙලා නේද වෙලේ සුදා වගෙ.
ReplyDeleteඔහොම අත්දැකීමකට මුහුන දුන්නම අපි මේක අහල දාන කොමෙන්ට් වල වගෙ පන්ඩිත වාක්‍ය ඔළුවට එන්නෙ නෑ. බොහොම දෙනෙක් උඹ කරපු විදියටවත් නෙමෙයි මේක කරන්නෙ. කෙළින්ම සල්ලි දෙන එක කරන්නෙ. මෙහෙම පියවර ක් ගන්නත් ගටක් තියෙන්නෙ ඕන. බහුතරයකට එහෙම ගටක් නෑ. බයවෙන එකනම් සාමාන්‍යයි බයවුනත් සල්ලි නොදී මෙහෙම හැසිරුන එක වටිනවා.
මතේ... ඇත්තටම මම බයවුනා... මම ලේසියට බයවෙන එකෙක් නෙවෙයි... දෙමටගොඩ චමින්ද මොනව කරනවද දැන් කියල නොදන්නව උනත් මූ වෙන හාල් කෑල්ලක් කියල ශුවර්..
Deleteමම ලේසියට බයවෙන එකෙක් නෙවෙයි.//
Deleteඅනේ පලයන්ඩ..රෑට චු කරන්න යන්නෙත් වයිෆාගේ අතේ එල්ලිලාලු
ඔව් බං... ඒකි ඉන්න තැන නෙ.. නැති තැනත් ෆෝන් එකට ආන්සර් කරන්න බයේ නටන එකා වම් කණෙන් පෙන්නුවහැකි....
Deleteමචං .....ගෝඩ කාලෙකට ඉස්සර ලංකාවේ හිටියා ...සිදම්බරම් වර්දධරාජා කියල පොරක් ඔය නමින් නොදන්නවා උනාට ....කොම්පඤඥ වීදියේ ඩේලු ..., කුඩු ඩේලු කියුවහම දන්න උන් දන්නව කාවද කියල , ----කාර කීයල බන්ධනාගාර අදිකාරි කෙනෙක් ඔය කියන මනුස්සයට රජසැප දුන්නා , රිමාන්ඩ් එකේ හිටියේ ස්පුීන්ග් මෙට්ට එක්ක ඇදං දාගන ටීවි දාගන ,
ReplyDeleteඒ කාලේ වෙලේ සුදාල ඇටෙත් නැති කාලේ , ඔය ඩේලුව බන්ධනාගාර අධිකාරිගේ උවමනාවට බන්ධනාගාර නියාමකයෝ දෙන්නෙක් අරගන ගියා බඩුවක් ගහන්ඩ ගණිකාමඩමකට , කරුමෙට එතනට පොලිසිය පැන්නා , අර නියාමකයෝ දෙන්නා සේවයෙන් පහකලා . හැබැයි කුඩු මුදලාලි උන් දෙන්නට ගෙව්වා ජීවිත කාලෙම පැන්ෂන් එක ගත්තහම ලැබෙන ගාන මැනල ඒ ගාන එක පාරම ,
Deleteපස්සේ දෙන්නා රස්සාව හදාගන ආයෙත් වැඩ කරල , පේපස් දීලා චෝයි එකට පැන්සන් එකත් ගන්නවා දෑං , ඔය කුඩ්ඩා ඇප අරගන එලියට ගිහින් ටික කාලෙකින් ගෑණිගේ හොරමිනිහා එක්ක එකතු වෙලා ගෑණිම මැරෙව්වා . පස්සේ ඩේලුගේ කොල්ලෝ හුත්තට පිහියෙන් ඇනල ඒ ගෑනිවත් මැරුවා , ඔව්වා එහෙමයි මචං .
Deleteඔහොම එකක් උනහම හොදම යාලුවට කතා නොකර උඹට ඉන්න කැරිම යාලුවට කතා කරහං
Deleteමචං ඕක මහ වසං ගතයක් , මගේ යලුවගේ රාගම කමියුනි කේෂන් එකේ දවසකට දානව ඊසි කැෂ් ලක්ෂයක් විතර බාගෙට බාගයක් ඇතුලට වැටෙන කප්පං , සමහරක් වෙලාවට ඹය සල්ලි ගන්නේ මොනවට හරි ඇතුලට යන එකෙක්ට මතක නම්බර් ඒකක් අහගන
Deleteඅටං අයියා අතදිගෑරලා කොමෙන්ට් එකක් දානවා දැක්කත් ආසයි.ඇතුලෙ ඇදල නැති උනාට ඇදපු උන් කියන කතාවලට හිරි වැටෙනවා.දුප්පත්කමට ඉන්න බෑ නෙව.ඒ විදිහට වියදම් කරලා ඉන්න නම් ඉතින් කප්පම් නොගෙනත් බෑ.. ගන්න එකෙත් බාගයක් මහත්තුරුන්ට දෙන්න එපැයි.. හපෝයි...
Deleteඅත දිගෑරල කොමෙන්ටු දාන්න ඌට මගෙන් අවසර ගන්න , මම මොකුත් කියයිද කියල දෙගිඩියාවක් තියාගන්න ඕන නෑ ලබ්බො මෙතන.. කිසිම අවුලක් නෑ.. උඹ දන්නවද දන්නෙ නෑ. ඇනොපිලිස් ගෙ ඉල්ලීමට කිසිම හිතවත් කමක් නැතුව මගේ බ්ලොග් වැඩේට ෆුල් සපෝට් එක දීපු හිත හොඳ එකා අටමා..
Deleteසජ්ජො.. මේක බොලා දන්නෑ.. ගස්ලබ්බ අටවලා සතියක් වත් නෑ.අටං අයියා ඇවිල්ල කොමෙන්ට් එහෙම දාලා ගස්ලබ්බ ගැන මුලින්ම කියල තිබ්බෙ උඹේ පඩංගුවේ.. කොහේ තියෙන ඇඳුනුම් කොමකටද ඒ..? ඒ තමයි කොලෙස්ට්‍රම් අඩංගු මුල්ම කිරි උගුර ගස්ලබ්බගෙ බ්ලොගේ... ඕන්න...
Deleteමට මතකයි බන්.
Deleteයකෝ..මම අතපය දිග ඇරලා කමෙන්ට් කරන්නෙ අත්දැකිම් වලින්..ඔය ඩෙලුයි මමයි එක කාමරේ හිටියේ..
Deleteමිට
අටමා
මේ මෑතක මට එකෙක් කතා කරනව මීගමුවේ ඉදං . .... අයියේ තාත්තල එන්නේ නැ මට ඇවිත් ඇප දියං කියල .......මම නං ගියේ නැ ... උන්ගේ ගෙදරටම පංගඩත්තු කලා ...........කොල්ලා රිමාන්ඩ් කලේ මලකට , උගෙනුත් අහල අපි ඊෂි කෑෂ් එකක් දාගම්මුද කියල
ReplyDeleteයකෝ උඔලාගේ පැත්තෙ එවුන් පංසලකටවත් මලක් පහනක් පුඡා කරන්නෙ නැද්ද?
Deleteඒක අතකට අපේ රට හොදයි , වෙන රටවල් වල හිරේ ඉන්න උනුත් බ්ලොග් ලියනව , නැ කියල හිතෙනවනං කෝල් එකක් දියං
ReplyDelete,
කෙලී නිදි... සාමකාමී පරිසරයක මේව කතාකරල බෑ... ලුණු ඇඹුල් සහිතව මෙව්ව කතාකරන්න ඕන...හෙට උඹ අමතනව ශුවර් එකට... මට ඇත්තටම උඹව මිස් උනා ඒ වෙලාවෙ... සිරාවට... උඹ මෙව්ව ඔක්කොම දන්න බව මම දන්නව
Deleteඋඹ මෙව්ව ඔක්කොම දන්න බව මම දන්නව//
Deleteනැතුව යකෝ..දෙමටගොඩ චමින්දයත් එක්ක එකතුවලා ඉස්සර කප්පං එකතු කරේ මම..මේ #ත්තේ බ්ලොග ලියන්න ගත්තට පස්සෙ වැඩේ අතඇරලා දැම්මා
මිට
අටමා
මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න මෙහෙම හරි ලියපු එක ලොකු සමාජ සත්කාරයක්. ලංකාවේ අපරාද සහ නීතියේ රැකවලුන් කියන දෙදෙනාම එකිනෙකා පෝෂණය කරගනිමින් ජීවත්වෙන හොඳ යාළුවො දෙන්නෙක්. බොහොම සහෝයෝගෙන් වැඩේ දෙන්නේ.. හරියට ලුණු දෙහි වගේ. කවද ගොඩ ඒමක් තියේවිද අපේ රටට .
ReplyDeleteඅම්බලන්ගොඩ.... ඇත්තටම මම මේක මෙච්චර දිගට තකහනියක් ලිව්වෙම එක්කෙනෙක් හරි මේ ගැන දැනුවත් වෙයි කියල හිතුනු නිසාවට.... ඔබ කිව්වා වගේ ඔය දෙක අතර තියෙන්නෙ පුදුමාකාර සම්බන්ධයක්....
Deleteඅන්න පොලෝසියේ ලොකු මහත්තය දුවට කියලා ගෙයක් හදනවලු. 50,000 බේරුනාට ගල් දෙන්න වෙනවා නිකන් හෝ අඩුවට.
ReplyDeleteබණ්ඩා... පොලිසියේ ලොකු මහත්තුරු ගොඩක් වෙලාවට තමන්ගේ ගෙවල් හදන එක ඔය මට්ටමට එනකොට කොහොමටත් කරගෙන ඉවරයි... ලොක්කෙක්ට ගල් දෙන වෙලාවල් වලින් සේයයට අනූවක්ම හොර ගෑනුන්ගෙ ගෙවල් හදන්න ,තාප්ප බඳින්න ගෙනියන එව්වා... එතෙන්දී තමයි මළම පනින්නේ...
Deleteඅත් වැරැද්දකින් හරි නොදැන හරි වරදක් කරලා හිරබත් කන්න වුණාම සමහරු සෑහෙන්න පශ්චාත්තාප වෙලා නිදහස් වෙලා හොඳ ජීවිතයක් ගෙවන්න හදනවා. උන්ව මේ සමාජය කනවා. සමහරුන්ව හිරගෙදරදිම කනවා. ඔය කියන දෙවන කාණ්ඩය ගැන තමා උඹ මේ කියලා තියෙන්නෙ. ඔයිං ගියා මදැයි!
ReplyDeleteමධුවා...හිර ගෙදරින් එලියට එනකොට "අයියෝ මේ මොන කරුම ජීවිතයක්ද , ආයෙ නම් මෙතෙන්ට එන්නෙ නෑ" කියල එලියට එන මිනිස්සුන් වශයෙන් අද ඉන්නෙ පොඩි පොඩි වැරදි කරන මිනිස්සු විතරයි.. ඒ මොකද කිව්වොත් ලොකු ලොකු අපරාධ කරන ලොකු කනෙක්ෂන් තියන එවුන්ට ඇතුලෙ සැප හොඳයි, අනික ආරක්ෂාවත් තියනවා. එතකොට උන් එලියට එන්නෙ ආයෙත් යන්න බලාගෙන... ඔන්න ඕකයි කරුමේ.. හිර කාරයන්ට හිරේ ඇතුලෙ සැප දෙන එක නවත්තන්න ඕන...
Deleteමේක නිකන් පත්තරෙක් ගිය කෙටි කතාවක් වගේ සීන් එකක් නේ .උඹ මේ වගේ දේවල් ගැන දැනුවත් කරන එක හොඳයි . නැත්තන් තව කීදීනෙක් මේ විදිහට අහුවෙලා දුක් විඳියි ද , එක නෙවෙයි අර පොලිස් ලොක්කා ඊටපස්සේ උඹට ඇනයක් වුනේ නැද්ද ? මම දන්නා තරමින් නම් කප්පම් කාරයෝ හොඳයි සමහර වෙලාවට .
ReplyDeleteඑක නෙවෙයි ආපහු කප්පම් ඉල්ලුවොත් අපි අනෝපිලිස් කාරයාව දීලා දාමු චමින්දට
පුදුමයි උඔ මේකට පත්තර මල්ලිව ගෑව්වේ නැති එක..
Deleteහහා.. ඉවාන්.. තාම පොලිස් ලොක්ක කෝල් එකක් දුන්නෙ නෑ... ළඟදීම ඒ කප්පමත් සෙට් වෙයි...
Deleteඅපේ ඇනොපිලිස්ව දුන්නොත් ආපහු ගෙනත් දෙයි .. ගානකුත් එක්කම.. හැක්...
හමමෝ වැදත් දැනුවත් කිරිමක්.......... හිතාගන්න පුලුවං මොනා හිතෙන්න ඇතිද කියලා එවෙලෙ..............
ReplyDeleteඅවන්කයා.... ඒ වෙලාවෙ හිතුන දේවල් ගැන නම් කියන්න වචන නෑ...
Deleteමීට පස්සෙ මම කෝල් දීපු වෙලාවට උඹ පොලිසි ගිහිං තිබුණොත් එහෙම බෙල්ල ගලෝලයි පස්ස බලන්නෙ දැනගනින්.
ReplyDeleteමීට
කප්පම් චමින්ද.
මුනයි නමයි එකටම යන කෙනෙක් දැක්කමයි අප්පා............
Deleteහැලප තුමා.... හැක් හැක්... මාත් අහනව "අයියෙ මාත් නට්ටන් වෙලා ඉන්නෙ, ලහිපිටක් හරි, ඉටුපිටක් හරි හොයාගෙන ඔයා වගේ බ්ලැක් මේල් පාරක් දාල කීයක් හරි හොයාගත්තොත් සල්ලි දෙන්නම් " කියල
Deleteඅප්පා... මාර වැඩේ නේද?
ReplyDeleteඔහොම දෙයක් සාමයෙන් , සිහියෙන් විසන්දගත්ත කියන්නෙම ලොකු දෙයක්. නැත්තම් වෙන්නෙම නොකළයුතු දේ කරන එක
උපේක්ෂා.. මාරයි කිව්වට මාරම මාරයි..ඔය ගැන එළිපිට කතා කරලා විසඳුම් හොයපු නිසා ඔලුවේ බර නිදහස් කරගෙන කටයුතු කරන්න පුළුවන් උනා. හංගගෙන හිටිය නම් තාමත් අවුලෙන්...
Deleteකිව්වට කලබල වෙන්න එපා.....උඹ ෆුල්ම සේෆ්ටි වෙලා නෑ තාම......
ReplyDeleteඅරූ ලියාගත්ත උඹේ නම්බර් එක උගේ ලඟ තියනකල් :-)
රාජ් සහෝදරයා... අම්මේ.. අර පුංචි පොතේ ලියාගත්ත මගෙ නොම්මරේ මතක් වෙනකොට පපුව දාගෙන යනව දැනුත්... :)
Deleteකිවුවත් වගේ ඊගාව කප්පම් ඉල්ලන්නේ පොලෝසියෙන්......
ReplyDeleteඒක නවතින දෙයක් නෙවෙයි සබරේ, පරණ කට්ටිය මාරු වෙලා අලුතෙන් එන කට්ටිය ටත් දෙන්න වෙනවා... ඕක නිකං සංසාර චක්කරේ වගේ තමා...
Deleteසෑහෙන වැදගත් සජ්ජෝ මේක ලීව එක. කතාව දිග උනාට පොඩ්ඩක්වත් බෝරිං නෑ, මොකද හැම වචනෙම වැදගත්!
ReplyDeleteමේවගෙ ලිපියකින් තමන්ගෙ අත්දැකීම කියල අපිව දැනුවත් කල එක සෑහෙන්න වටිනවා.
තැන්කුයි බස්සි...මම ඇත්තටම ලොකු ටෝක් දුන්නට ඇත්තටම බය වෙලා හිටියෙ... උඹට වගේ අමුතු අයිඩියාස් එන්නෙ නැතිකොට මෙව්වගෙ එකක් වත් ආපු වෙලාවෙ දිගට ලියල දාන්න එපැයි...
Deleteමේක වෙන්ටෑ අර කියාපු පත්තර ලිපිය. http://www.lankadeepa.lk/index.php/articles/350819
ReplyDeleteකීපයක්ම හම්බුනා ඇනෝ... ඕකත් එකක් තමා.....
Deleteඅදත් ප්‍රමාදයි...
ReplyDeleteමේ වගේ කෝල් එකක් ආවම හිතා ගන්න පුළුවන් තත්ත්වේ...
පහුගිය ජනාධිපතිවරණෙ කිට්ටුව අපේ ගෙදරට කෝල් එකක් ඇවිත් තිබුනා පළාතේ ප්‍රසිද්ධ මෝඩ මැර දෙස්පාලුවෙක්ගෙන් (ඇත්තටම ඌ නෙමෙයිද කොහෙද)
ඌ මාව අහනවලු, කොහෙද ඉන්නේ, ෆෝන් නම්බරේ මොකක්ද කිය කියා විස්තර අහලා. මම ඕකුන් එක්ක කිසි සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. අපේ අම්මා කියල තිබ්බා අපේ පුතා දේශපාලනේට කිසි සම්බන්ධයක් නැහැ කියල කිව්වලු.
පස්සේ කතා කරපු එකා කිව්වලු "මම එයාගෙන් පොඩි උදව්වක් ඉල්ලන්නයි කතා කරන්නේ" කියල.
මොනවා කිව්වත් අපේ අම්මා විස්තර මුකුත් දීලා නැහැ.
ඒ විස්තරේ කියපු වෙලාවේ මගෙත් බොක්ක රත් උනා...
කියන්න බැහැනේ බං මොන මගුලකට උන් කතා කරනවද කියලා...
වැඩේ කියන්නේ ඒ කෝල් එක ඇවිත් ටික වෙලාවකින් ඌව පොලිසියෙන් ඇරෙස්ට් කරලා කලින් වෙනත් ප්‍රාදේශීය දෙස්පාලුවෙක්ව පාරේ දනගස්සපු සහ පහර දීපු සිද්ධියට...
දැන් දන්නවනේ සතා කවුද කියලා...
කෝල් එක දෙන්න ඇත්තේ වෙන එකෙක් වෙන්න ඇති, නමුත් බය වෙන එක බය වෙනවනේ බං...
හහා... උඹ එහෙනං බය වෙලා තියෙන්නෙ මිනී ගොඩ දාන එකාට ... අනිත් එක උඹ ඌට විරුද්ධ පස්සෙට බැහැල කොමෙන්ට් කාරිය දාන නිසා ඌ එව්වා නොදන්නවා උනත් උඹට එව්වා සිහියට එන්න ඇති.... කොහොම හරි කමක් නෑ, මොකාගෙන් නමුත් බේරිලා පාඩුවේ ඉන්නව නං එච්චරයි.... ජයවේවා..
Deleteඊට වඩා ටිකක් ලොකු සීන් එකක් අපි අතරේ උනා නොදැනුවත්ව...
Deleteමම දවසක් ගෙදර යද්දී එහා ගෙදර මළ ගෙයක් වෙලා...
වෙලාව රෑ 10:00 ට වගේ
කැබ් එකක් අපේ ගෙදරට යන පාර මැද්දේ නතර කරලා...
ඒ පාරේ වාහන දෙකක් මාරු වෙන්න බැරි පස් හේදිලා ගිය පොඩි පාරක්, මම කන්ද නැගගෙන ගිහින් ගේ කිට්ටුවට ආවම තමයි කැබ් එක දැක්කේ...
පස්සේ ඒකෙ ඩ්‍රයිවර් ආවා, මම ඇහුවා ගෙදරට යන පාර බ්ලොක් කරලා වාහනේ නතර කරලා තියෙන්නේ මොකද කියලා...
මිනිහ කිව්වා මේක මන්ත්‍රී තුමාගේ වාහනේ කියල...
මම කිව්වා කාගේ උනත් පාර බ්ලොක් නොකර "එක්කෝ අපේ මිදුලේ හරි වාහනේ දාන්න තිබුනනේ කියලා"
ඔය සිද්ධිය වෙද්දී අර බුවා ආවා...
ඩ්‍රයිවර් මට කිව්වා බෝක්කුව කැඩිච්ච පොඩි අතුරු පාරකට මගේ වාහනේ රිවස් කරලා දා ගන්න කියලා...
මම කිව්වා මගේ වාහනේ ෆෝ වීල් නැහැ, ඔයා ඒ පාරට දා ගන්න කියලා...
ඌ ඒ පාරට දාන්න ගිහින් රෝදයක් කාණුවට ගියා...
ඊට පස්සේ පොර තුමා ඇවිත් ඩ්‍රයිවර්ව බස්සලා කැබ් එක ඉස්සරහට අරගෙන ආපහු කොඩි කණුවක ඇණ ගත්තා...
ඔහොම ඔහොම වෙලා ඌ වාහනේ පොඩි පාරට දා ගත්තම මම කරදරයක් නැතුව ගෙදරට ගියා...
කෝල් එක ඇවිත් තිබුනේ ඒ සිද්ධියට මාස දෙක තුනකට පස්සේ...
නමුත් මට එක පාරට මතක් උනේ මේ සිද්ධිය...
ඒත් ඉතින් ඒ වගේ දෙයක් මාස දෙක තුනක් ඔළුවේ තියාගෙන ඉඳල ගේමක් දෙයිද කියල හිතුනත් ඌ මෝඩයා නිසා මම බය උනා...
හැක් හැක්... බලාගෙන ගියාම උඹ ඒකත් හිතේ තියාගෙන ඉඳල.... මට තේරුම් ගන්න පුළුවන්.. ඔහොම එකක් උනාම මතකෙට එන්නෙ ආත්ම ගානකට කලින් එව්ව හිටං....
Deleteසිග්නල් ජෑම් කරනවා තමයි සජ්ජා... ඔය පින්තූරෙ තියෙන තැනට ආසන්නයෙ තමයි මං වැඩ කරන්නෙ. එතන ඉඳං අපිට කෝල් එකක්කත් ගන්න බෑ හදිස්සියකට... හැබැයි සමහර දවස් වලට විතරයි ඕක තියෙන්නෙ.
ReplyDelete++++
ReplyDelete