සජ්ජා මෝටර් ඉංජිනේරු ශිල්පේ හදාරපු කාලෙ ලබපු ජීවිතේ මිහිරිතම අත්දැකීමක් ගැන මතක සටහනක් තියන්නයි මේ සූදානම. ඔරුගොඩවත්ත මෝටර් ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ අවුරුදු තුනක මෝටර් කාර්මික පාඨමාලාව 2005 අවුරුද්දෙදි හදාරන අතරතුර City & Guilds කියන බ්‍රිතාන්‍ය ආයතනය මගින් පවත්වන Motor Vehicle Engineering අංශයේ විභාග වෙනුවෙනුත් අපි පුද්ගලික ආයතන වල දේශන වලට සහභාගී උනා සහ ඒ වෙනුවෙන් ඉගෙනගත්ත. ලංකාවේ ප්‍රධානපෙළේ ජපන් වාහන නියෝජිත ආයතනයක අවුරුදු දෙකක ප්‍රයෝගික පුහුණුවකත් නියැලිලා හිටිය. ආයතනයේ නම මෙතන සඳහන් කරන්නෙ නැත්තෙ ඉස්සරහට ඔය ගැන ලියවෙන සමහර ලිපි වලින් ආයතනයටත් නරක නාමයක් එන්න ඉඩ තියන නිසාවට සහ මොනවා උනත් යමක් ඉගෙනගත්තු තැනේ නම්බුව තියන්න ඕන කියන සිතුවිල්ල හිතේ තියන නිසාවට. City & Guilds Motor Vehicle Engineering Advance Diploma පාඨමාලාවේ න්‍යායික විභාග සමත් උනාට පස්සෙ ප්‍රයෝගික පරීක්ෂණයකටත් පෙනී හිටින්න ඕන. ඒක සම්පූර්ණ කරලා ප්‍රථිපලේ මෙහෙන් යැවුවට පස්සෙයි Red Ribbon සහතිකය සජ්ජුලුවන්ගෙ රටෙන් මෙහාට තැපැල් වෙන්නෙ. ඔන්නොය ප්‍රයෝගික පරීක්ෂණයට පෙනීහිටින්න පරීක්ෂණ මධ්‍යස්ථානය විදියට අපට යන්න වෙලා තිබ්බෙ ඒකල ජිනසේන ආයතනයට. මෝටර් කාර්මික පුහුණු පාසලක් ඒ දවස් වල ඒ ආයතනයෙත් තිබුණ. වාහන වල ඇන්ජින් කෑලි, ගියර් පෙට්ටි, අනං මනං ගැජට් කෑලි මහගොඩක් ඒ ආයතනයේ සිසුන්ගෙ උගැන්ම වෙනුවෙන් ලොකු ලොකු මේස අට්ටාලවල පතබාවල , අමුණලා තිබ්බ.
අපි සෙට් එක උදේ පාන්දරම පුහුණු ශාලාවට ගොහිං විභාග ලියාපදිංචි තොරතුරු දීල, අදාළ ගාස්තුත් ගෙවල එග්සැමිනර්ල කාරිය හම්බවෙලා මූලික පරීක්ෂණ ටිකකට මූණ දුන්න. උදේ අටේ ඉඳන් දවල් දෙක වෙනකල් දවස් තුනක් වැඩේට ගතවෙනව. එකොළහට හම්බවෙනව පැයක ඉන්ටෝල් එකක් . පළවෙනි දවසෙ ඉන්ටෝල් එකේ අපේ සෙට් එක එලියට බැස්සෙ මොනව හරි දෙකක් බඩට ඔබාගෙන ප්ලේන්ටියක් ගහල දුමක් දාල කාරිය එන්න හිතාගෙන . මම, මාධවයා, සම්මා, ගොයියා, අමාරියා, විනාසයා , ගලා , සෙක්සියා ඇතුළු දහයක විතර කණ්ඩායමක් සෝටීස් කඩයක් හොයාගෙන ඒකල ටවුමෙ කරක් ගහනව. ඒකල වටරවුමෙ ඉඳන් සීදුව පැත්තට මීටර් පනහක විතර දුරක් ඇවිදගෙන යද්දී මෙන්න බොලේ ඉස්සරහ ආවරණය කරපු කඩයක බට පැලලි දෙකක ලොකුවට රතු පාට ලැකර් වලින් "රා බොමු" කියල ලියල තියනව. පස්වණක් ප්‍රීතියෙන් පිණා ගියපු අපේ එවුන්ගෙ ඇස් එවෙලෙ දිලිසෙන්න ගන්න ඇති. "අඩෝ ගහමුද රා කට්ටක්" සම්මගේ යෝජනාව. "පිස්සුද යකෝ , වැඩේ ඉවරවෙලා එමු" ගලා උදැල්ල දානව. යමන්කො ඉස්සරෙලා බලල එන්න. වැඩේට අදිමදි කරන සාමාජිකයො ටිකත් කරගන්න දෙයක් නැති නිසා අපි පස්සෙන් වැටුන. එතන අමුතුම වටාපිටාවක්, වාතාවරණයක්.
සෑහෙන තරමේ ඉඩ ප්‍රමාණයක ලී වලින් මේස ගහල දෙපැත්තෙන් ලී බංකු තියල . මේස පෝලිම් දෙක මැද්දෙන් ඉස්සරහට ගියාම කෙටි බැම්මක් උඩ ලෑලි ගහපු කවුන්ටරයක්. කවුන්ටරේ පිටිපස්සෙ අදටත් අමතක නොවන, අදටත් හිතේ මැවෙන "රා තැබෑරුමේ අයිතිකාරයා"ගෙ රූපය . රෙස්ලින් ගහපු "අන්ඩටේකර්" සිහිගන්වන සද්දන්ත ශරීරය. අවුරුදු හැටක විතර වයස, අඩි හය ඉක්මවූ උස, පස්සට පීරපු කර ගාවට දික් වෙච්ච කොණ්ඩය, සුදු වෙච්ච මයිල් වලින් පිරුණු පපුව, පරණ මොඩල් එකේ ලොක් එකක් තියන කහපාට පොකැට්ටු වටේටම තියන කොටු කොටු සරමට උඩින් පැළඳපු බඳ පටිය. ඒ ඔක්කොටම වඩා ශරීරය විනිවිද යවනසුළු බැල්ම. " ඇයි පුතාලා...." "නෑ අංකල්, රා ටිකක් බොන්න බලන්න ආවා" මාධාවයගෙ ක්ෂණික උත්තරේ (මොකෝ වෙන අහවල් එකට ආව කියන්න යැ) . "මං බැලුව මොකද මේ වෙනස්ම කට්ටියක් එකපාරට කඩා පැන්නෙ කියල" . .
ඇත්ත වෙනස් කට්ටියක් නේන්නං. දහදෙනෙක් විතර හොඳට ඇඳ පැළඳගෙන සපත්තු දාගෙන එතෙන්ට රින්ගුවට ඒ වටාපිටාවට අපේ කල්ලිය ගැලපුනේ නෑ. මීගමුවේ ඉඳන් මාළු අරගෙන එන මාළුකාරයො දෙන්නෙක් මාළු පෙට්ටි බැඳපු තැපැල් නයින්ටි දෙකක් එළියේ නවත්තල ඇවිත් රා බොනව. ඒකල ටවුමෙ ටින් බෙලෙක්ක එකතු කරන මනුස්සයෙක් ටින් බෙලෙක්ක පුරවපු හිල් හිල් ඉටි කවරෙ එළියෙන් තියල ඇතුලෙ රා සප්පායම් වෙනව. තවත් ඒ වගේ පෙනුම තියන දෙතුන් දෙනෙක් බිබී ඉන්න තැනට අපි කිට් බිට් ගහල ඇවිත් රා බොන්න හදනව. "ඒ මාධවය, ඉවර වෙලා එමු බං" ගලා හෙන කොක්ක. "ටිකක් බීල යමං බං, වෙරි වැටෙන්නෙ නෑනෙ, මොකෝ අරූ අපේ කටවල් ඉඹින්න එනවයැ" මාධවයගෙ කල්පනාව බොන්නමයි. කට්ටිය දැන් දෙකට බෙදිල. එකෙක් වත් බොන්න අකමැති නෑ. විභාගෙන් ඉවර වෙලාද එනවද, දැන්ම බොනවද කියන කාරණාව වෙනුවෙන් කුටුකුටු ගානවා. "මොකද පුතාල.. ගන්නෙ නැද්ද?" අන්ඩටේකර්ගෙ ගොරහැඩි කටහඬ . කොතනත් මැද්දට පනින මං දෙපැත්තම ශේප් කරන්න බලාගෙන " අංකල් කීය වෙනකල් ඇරලද ඔයාලා?" කියල ඇහුවෙ වැඩේ ඉවරවෙලාමැ කට්ටියත් එක්ක එන්න හිතාගෙන. අපේ වැඩේ ගැනත් කියල ඒක ඉවරවෙලා එන්නං කියල අංකල් එක්ක ටිකක් කතා කරල බොහොම කුතුහලයෙන් මිලගණන් , බඩු වල කොලිටිය, බයිට් වල විස්තරත් අහගෙන ආයෙත් ජිනසේන එකට ගියෙ මග කඩේකින් ලාවට කාලා (හවසට අතේ සල්ලි තියෙන්නත් එපැයි) මාධවය නොබී යන එක ගැන දෙස් දෙවොල් තියද්දි. ..
ප්‍රයෝගික පරීක්ශනේ පලවෙනි දවසෙ ඉතුරු කොටස ඉවරවෙනකල් කට්ටියම හිටියෙ වෙලාව බල බල.
වැඩේ ඉවර උනාට පස්සෙ කට්ටියම පට ගාලා රා තැබෑරුමට යාත්‍රා කළේ අඩියට දෙකට. ඒ වෙලාවෙ යනකොටත් ලී බංකු උඩ හිටියෙ දෙතුන් දෙනයි . දෙදාස් හතේදි ඒකල සීදුව පාරෙ රා තබෑරුමේ මිල දර්ශකය ගැන කියන්නයි මේ හදන්නෙ. රා බෝතලයක් එතන අලෙවි උනේ රුපියල් තිහකට. කවුන්ටරෙන් ඇතුලෙ බැරල් දෙකක (ලී වැට් ද ප්ලාස්ටික් බැරල්ද කියල හරියටම මතක නෑ) එකක හොඳට පැහුණු රා, අනිකේ ලපටි රා. අංකලය අඬුව තියන ලොකු ප්ලාස්ටික් ජෝග්ගුවකින් අසෝකා වීදුරුවෙ හැඩය තියන ගෙවල් වල කාහරි ආවම වතුර දෙන්න ගන්න විදිහෙ ලොකු වීදුරුවක් කට කපල පුරවල දෙන ප්‍රමාණය තමයි බෝතලයක් කියන්නෙ. ඒ වීදුරුවක් පුරවල දුන්නම මිලි 750ක් අල්ලනව ඇති. අර ලොකු මේස දෙක උඩ ලොකු පීරිසි දෙකක් පුරවල හැඳි දෙකකුත් එක්ක ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු තියල තිබුණ. ඒව නොමිලේ. සාමාන්‍ය ප්‍රමාණයේ සුදුයකඩ තසිමක් පුරවාපු තම්බපු මඤ්ෙඤාක්කා (යකොඩෝ මේක ටයිප් කරගන්න තියන අමාරුව) සහ ලුණුමිරිස් පෝෂන් එකක් රුපියල් දහයයි. ඒවායින් දෙකක් තුනක් කෑවම වේලකට ප්‍රමාණවත්. ඒ ප්‍රමාණයේම සුදු යකඩ තසිමක් පුරවලා ඌරුමස් පෝෂන් එකක් රුපියල් හතළිහයි. ඒ ඌරු මස් වෑංජනේ බොහොම සැර උනත් දිවියලෝක රහයි කියල කියන්න ඕන. සිගරට්, බීඩි සුරුට්ටු එතන විකුණන්න තිබ්බෙ නෑ. තැබෑරුමේ කෑමබීම වල මිලගණන් සඳහන්වුනේ ඒ විදියට.
බොර සුදුපාටකින් වීදුරුව කට කපල ලැබෙන රා "බෝතලේ" මේසෙ උඩින් තියල, ලුණු කුඩු පීරිසියෙන් ගත්ත ලුණු හැන්දෙන් කොටසක් රා පෙණ උඩට හලලා, ගම්මිරිස් කුඩු ටිකකුත් ඒ පෙණ උඩටම එකතුකරලා කටින් පිම්බම ගම්මිරිස් කුඩු කෑලි රා වල බොර පාට අස්සෙන් අවලම්බනය වෙන හැටි බලන්න ලස්සනයි. රා බීමට කෝඩුකාරයෝ වෙච්චි අපට රා වලින් වහනය වෙන පොල් විනාකිරි වල අපුල සුවඳ යටපත් කරගෙන ඒ රසය අමුතු රසයක් විදිහට විඳින්න ලුණු කුඩු ,ගම්මිරිස් කුඩු සුසංයෝගයට පුළුවන් උනා කිව්වොත් වැරදි නෑ...අතුරුපසක් විදියට ඒ සුවඳ, සැර මකාගන්න වගේම බඩගින්න නිවාගන්නත් ඌරුමස් මඤ්ෙඤාක්කා තකට තක ගැලපුණු හැටි කියන්නත් දෙයක්ද. පෝල් රා වලින් ගතට දැනෙන වෙනස්ම විදිහේ මත් ගතිය , ප්‍රිය සමාගමේ දොඩමළු කම , ප්‍රණීත මඤ්ෙඤාක්කා, ඌරු මස් සුසංයෝගයත් එක්ක මේසය වෙත වඩම්මාගෙන ආපු රා වීදුරු, ඌරුමස් ,මඤ්ෙඤාක්කා පීරිසි ගණන කීයක්ද කියල අපටම දැනුනෙ නෑ. ළඟ මේස වල රා බීපු පිටස්තර අයත් එක්කත් දොඩමළු උනු හැටි, බයිට් ගන්න සල්ලි නැති රා විතරක් බීපු කුළී කාරයන්ගෙ පෙනුම තිබුණු සමහරුන්ටත් ඌරුමස් මයියොක්කා වලින් සංග්‍රහ කරපු හැටි, ඒ උදවිය යනකොට "මහත්තය ගිහිං එන්නං " කියල බොහොම ළෙන්ගතුව කියල ගිය හැටි තාමත් චිත්‍රයක් වගේ හිතේ ඇඳෙන හැටි අපූරුයි.
හීන වලට සමවදින්න ඕන නෑ. කොහොමින් කොහොමින් නමුත් වැඩේ ඉවරකරල යන්න පිටත් වෙච්ච අපේ සෙට් එක බීපු බෝතල් ගාන ගැන පම්පෝරි ගහනව. "අඩෝ මම බිව්ව බෝතල් පහක්" මාධවය. "යකෝ මමත් පහක් බිව්ව" සම්ම. අන්තිමට මමත් බෝතල් හතර හමාරක් බීල. දෙවියනි, කුමන බීමක් වේවා මනුස්සයෙක්ට ඔච්චර බොන්න පුළුවන්ද? මට අදටත් හිතාගන්න බැරි එච්චර ප්‍රමාණයක් බඩට අල්ලන්න පුළුවන්ද කියල. කොහොමින් කොහොමින් හරි බස් එකේ නැගගෙන යක්කලට සේන්දු වෙච්ච මමයි මාධවයයි සම්මයි කෙලින්ම ගියෙ කල්පයගෙ කොම්පියුටර් ෂොප් එකට. එතන තමයි ඒ කාලෙ අපේ ප්‍රිය සමාගමය හැමදාම ක්‍රියාශීලී උනේ. රා බිව්වම එන මත් ගතිය බොහෝ වෙලාවක් අල්ලලා හිටිනව. හැබැයි අනිත් එව්ව වගේ නෙවෙයි . වෙරි වැඩිවෙලා පිස්සු කෙළින එක, වමනෙ යන ගතිය වගේ අතුරුපල රා බීමෙදි මතු වෙන්නෙ නෑ. හැබැයි ඉතිං වෙරි හිඳෙනකොට තමයි ඉවසන්න බැරි. මහා කුණාචාර ගතියක් දැනෙන්නෙ. හරිම නිදිමතක් එක්ක එන අප්‍රාණික ගතියක් වගේම කලගෙඩිය වගේ පිම්බුණු බඩ නිසාවටදෝ මන්දා ගුඩුස් යනකොට එන ගඳ නම් පුදුමාකාර අප්‍රසන්නයි. ඒ වගේම තමයි වෙරි හිඳෙන වෙලාවට දැනෙන බඩගින්නත්. එදා අතේ සල්ලි ඉවරවෙනකල් කාල බීල අතේ සල්ලි තිබ්බෙ බස් එකට විතරයි. වෙරි බහිනකල් ගෙදර යන්නත් බෑ තාත්තට මාට්ටු වෙන නිසා . මහ රෑ වෙනකල් බඩගින්නේ ඉන්නත් බෑ. හැමදාම වගේ එදත් අපේ පිහිටට ආවෙ කල්පයා. "නෙදකින් තොපි" කියල බැන බැන පහල ඩයස් හෝටලේට එක්ක ගිහිං ඌ අපි තුන්දෙනාට කන්න අරන්දීපු හැටි ආදරයෙන් මතක් කරන්න ඕන..
රා බීමෙන් ලැබෙන අතුරුඵලයක් තමයි බඩේළිය යාම. පොඩ්ඩ එහෙමෙහෙ වෙච්චි ගමන් දිය තුවක්කුවෙන් වගේ යන්න පටන්ගන්නව. යීස්ට් දාල කෘතිමව හදාපු රා බිව්වම මේ වැඩේ සිද්ධ උනත් "ඔරිමජිනල් රා" බිව්වම එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑලු. " අන්ඩටේකර්" අංකල්ගෙ ඔරිමජිනල් රා වලට පිං සිද්ධවෙන්න අපිට එහෙම මුකුත් අතුරු ආන්තරාවක් සිද්ධ උනේ නෑ.. ප්‍රයෝගික පරීක්ෂනේට සහභාගී වෙච්ච ඉතුරු දවස් දෙකෙත් අපි හිටියෙ රා බීපු මීයො වාගෙ. අන්තිම දවසෙ ඉන්ටෝල් එකෙත් රා ගහල ප්‍රැක්ටිකල් එකට සහභාගී වෙච්ච අපි ඒ වැඩෙත් හරියට කළා මතකයි. එදා මාව සර්ටත් නෝන්ඩි උනත් "කන බොන මිනිහෙක්" වෙච්චි උන්දැ නෝන්ඩියක් දැම්ම මිසක් වෙන කචල් එකක් දැම්මෙ නැත්තෙ වැඩේ හරියට කරලා තිබ්බ නිසා වෙන්නැති. අපේ සෙට් එකෙන් දෙන්නෙක්ද කොහෙද ප්‍රැක්ටිකල් එක්සෑම් එකෙන් ෆේල් වෙලා තිබ්බෙ රා බීපු නිසා නම් නෙවෙයි. දවසක් මම අපේ ගල් වැඩපළේ ඉන්නකොට මහා සද්දෙට කන්ද නගින මෝටර් සයිකලයක සද්දෙත් එක්කම දඩ බඩොන් ගාල පෙරළෙන සද්දෙකුත් ආව. කිට්ටු වෙලා බැලින්නං සම්මයි මාධවයයි බයික් එක පෙරලගෙන . වාහන විතරක් එලවන්න පුළුවන් මෝට බයික් පදින්න බැරි, සම්මා වැටිච්ච තැන ඉඳන් අරූට බණිනව "මම කිව්ව තොට බැහැල යමං කියල කොහෙද ඉතිං තොගෙ පණ්ඩිතකමනෙ ". මාධවය වැටිල ඉන්න ගමන්ම මට කියනවා"ඒ සජ්ජා, අපි ගියා මචං රා පොට් එකට". "තොපිට හොඳ වැඩේ, තනියම ගිහිං පැලිල ආවට" කියන ගමනුයි උන්ව නැගිට්ටුවේ. ඒ තැන කොච්චර හිතට අල්ලලා තිබ්බද කිව්වොතින් අරුන් දෙන්න කතාකරගෙනම ඇවිත් තියෙන්නෙ එතෙන්ට යන්නමයි. එකෙක් මහරගම අනික කිරිබත්ගොඩ.
කොහොමින් කොහොමින් හරි අසමජ්ජාති කතාවක් ලියල අන්තිමේ මෙලෝ රහක් නැතුව ,වෙනද වගේ පඬි ටෝක් එකක් නැතුවම මේක ඉවර කරල දාන්නම්. ඔය රා, කසිප්පු සම්බන්ධව වැඩිදුර විස්තර සහ පඬි ටෝක් බලාගන්න අවශ්‍ය නම් මගේ බ්ලොග් ලිවිල්ලෙ දෙවෙනි පොස්ටුව වෙච්ච විස කසිප්පු, හැලි අරක්කු, සීල් අරක්කු, සහ කුලීකාරයාගේ ආර්ථිකය සමඟ දැන දැනම ඊස්රායල් යෑම ….." කියවල බැලුවට කවුරුවත් මොකුත් කියන්නෙ නෑ.. .
අපිත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හත් වෙනි පන්තියේදි මෝට මෙකැනිසම් ඉගෙන ගත්තා.. මායාදුන්න සෑර් තමයි ඉගැන්නුවේ... ඔය අළුතෙන් හදපු බිල්ඩින් එක ගාව ගරාජ් එකක් වගේ එකක තිබුනේ.. මුළු අවුරුද්දෙම ඉගෙන ගත්තේ පිස්ටන් එකක හරස් කඩක් අඳින එක.. හැම එකාටම ලකුණු 100 යි.. අන්න මචං සර්ලා..
ReplyDeleteමාත් රා කතා කීපයක් ලිව්වා. පොඩි කාලේ ගමේ යන කොට වාද්දුවෙන් බොනවා. පස්සේ කාලේ රා බිව්වේ යූ කේ යන ගම ඇළකන්දෙන්.. දැන් නම් ගමේ ගියාම කිතුල් රා තමයි ගහන්නේ.. ඒකටම යන එක තමයි ම්යියෝක්කයි කට්ට සම්බලයි ඌරූ මසුයි...
'මෝට' මෙකැනිසම්? යකෝ කුණුහරප කියන්න එපා මෙතන හිටං.
Deleteමෝට මෙකැනිසම් ?? උඹ රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙද ගියෙ නැත්නම් අන්දරේගෙ ඉස්කෝලෙද ? නැත්නම් මෝල අමාරුවද ? හරියට ලියපන් හරකො , motor mechanism කියලා
Deleteමූට ඉතින් ඕකට වෙන්න ඇති 100ක් ගත්තෙ, අනිත් ඒවා ඔක්කොම 0යිනෙ.
Deleteඅපේ කාලෙ ඔය සබ්ජෙක්ට්එක ( වචනෙ වැරදුනොත් මුන් බනිනවනෙ) තිබ්බෙ නෑ . ගරාජ් එකක් තිබ්බෙත් නෑ අපි එනකොට. හතේ පන්තියෙදි තිබ්බෙ කෘෂිකර්මේ, ලී වැඩ, ලෝහ වැඩ . මැටි වඩාත් තිබ්බද කොහෙද. මම නං කොලේ කෘෂිකර්මය.
Deleteකිතුල් රා බීල තියනව එකම පාරක්. මීමුරේදී. මරු බඩු. කරුමේ කියන්නෙ ඇතිවෙන්න හම්බ උනේ නෑ. බීම නැවත්තුවනේ ඉතිං..
ඉතින් ඔන්න ඔහොම රා බිබී හිටපු උං තමයි අද දොස්තරලාට බනින්නෙ
Deleteහා මචං...
Deleteබ්ලොග් එකේ හරියට පෝස්ට් එක දාන්න ඉගන ගත්තද මාතලන් පොන්ස්.
Deleteරජ ඉස්කෝලේ අපේ කාලෙ ඔය ලකුණු 100 ආතල් එක දුන්නෙ සමන් අමරසිංහ සර්.අද ලංකාවෙ ඉහලම මට්ටමේ පරිපාලන නිලයන් කීපයක් හොබවන හිටපු ක්‍රිකට් විනිසුරෙක්. මම agriculture කලේ හුදෙක් මිනිහා අත දිග ඇරලා ලකුණු දෙන නිසා...
Deleteරා වනාහී ලෝකයේ තියන අග්‍රගන්‍ය පානයකි. දැනට අතුරුදහන් වී සිටින කැමා අල්ලගත්තොත්, උගේ ගමේ තියනවා නාන්ඩ රා.
ReplyDeleteමේ දවස්වල රා බැරල් එකක ගිලිල වෙන්නැති පේන්න නැත්තෙ.
Deleteසුර ලොව "රා" වලට, "සුරා" යැයි කියනු ලැබේ..
Deleteඒවා.. අම්මට සිරි ලංකාව නම් රටේ.. දිවිය සැප සම්පත් විඳිමට කැමති උන් උදෙසා නොයෙක් නොයෙක් නම් වලින් මෙන්ම සිත් ගන්නා සුළු ඇසුරුම් වලද "අසුරා" එවා ඇත. සම හරක් ඒ වෙනුවට, අපායේ ඇති ලෝදිය බොති. පින් කැමත්තෝ "සුරාම" පානය කරති. මෙලොවින් චුත වූ පසු ඔවුහූ සුර ලොවම පහල වන්නාහුය. එහි ඉපදීම් නැත.. මන්ද යමයන්ට මෙන්ම සුරයන්ටද පුක නැත.
අම්මට සිරි ලංකාවේ සුරාව වැඩියෙන්ම අත්තේ විචාරක නම් පින් ඇත්තෝ වාසය කරන පෙදෙසෙහිය...
හැබෑටම විචාතුමා කැමාට මක්ක උනාද? ඕක බැන්ද නේද?? බැන්ද කියන්නෙ ඉතිං රා බැරල් එකක් ගිල්ල වගේ තමා...
Deleteලොකු අයියෙ, "සුරාව" බිව්වම "නුරාව" ඇවිස්සෙනව කියල කතාවක් තියනවා නෙහ්. ඊට පස්සෙ ඉතිං ඕනෑම "ජරාවකට" කරගහනව.
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඅඩෝ ආතරයා.. අපේ පත්තරේට ඔහොම පාට් දාන්න එන්නෙපා අරිය...
Deleteහෙහ් හෙහ්. පත්තරයාගෙන් ඒ සම්බන්ධව දැනුවත් උනා...
Deleteදිග කමෙන්ට් දෙකක්ම ලියල මැකුව බං..
Deleteඒවා මම හිතන්නෙ බ්ලොග් අවකාශයෙ නොවිය යුතු දේවල්.
කැමා …… අපි උඹ ගැන ඔයිට වඩා ඉහලින් හිතුවා මචං
ඒ ගැන කනගාටුයි මචං. මටත් ඔය ගැන ටිකක් විතර ආරංචි උනා.. හ්ම්ම්ම්...
Deleteමමත් සැහෙන බලාපොරොතු තියාගෙන හිට්යා කැමාලගේ ගෙදර ගිහින් රා බොන්න
Deleteමාත් මේ ලඟදි අපේ ගෙදර ගියපු වෙලාවෙ අයියගෙන් රා බෝතලයක් අරං ගැහුව ඇති වෙන්නම. අපේ බෝතලයක් කියන්නෙ අර අසෝක වීදුරුවෙන් එකක් නෙවෙයි. හැබෑම බෝතලයක්. ඌරු ගාතයක් එක්ක මඤොක්කා ආයේ කියල වැඩක් නෑ.
ReplyDeleteගාත් පිටින් දෙන්නෙ නෑ කසුනෝ. කපල උයල තියෙන්නෙ. හැක්. අයිය ගාව තියනවද ඔරිජිනල් බඩු? බෝතලයක් කියන්නෙ බං ගෑවෙන්න වත් මදි නෙ.
Delete:D
ReplyDeleteවෙරි අද්දැකීමක්..
ඔව් ඔව්.. දන්නැද්ද ඉතිං ඒ කාලෙ කොරපුවා...
Deleteරතවාහන තාක්සනේ ඉගෙනගෙන එයින් වෘතීය ප්‍රොයෝජනයක් නොගන්නේනම් අපරාදයිකි සජ්ජා තුමෝ!
ReplyDeleteබයි ද වේ, ඔහෙත් ඌරු මස් කන හාදයෙකු බව දැනගන්නට ලැබුනාට සතුටුයි!
බයවෙන්න එපා මචෝ උඹ වගේ ගං ඌරන්ගේ මස් කන්නේ නැහැ අපේ සජ්ජා.
Deleteඒකත් එහෙමද?
Delete:D
සාරසතුමා, ඇත්ත තමයි ඉතිං. ඉගනගත්තු එකෙන් ප්‍රයෝජනයක් නං නෑ තමා. මොනවා කොරන්නද . සුදුසුකම් වලට රස්සාවල් සහ වැටුප් මෙහෙදී හම්බවෙන්නෙ නැත නං, එකට රට යන්න ඕන නං, මට රට යන්න පුළුවන් වාතාවරනෙකුත් නැත්තං කරන්න දෙයක් නෑ. මේ කරන වැඩේ කරගෙන ජීවත් වෙනව.
Deleteසා රස රා කලසක් බිව්වවගේ තමයි ලියන්නෙ :-D
Deleteනෑ ප්‍රා. සා රස රා කළ සොළසක් බිව්ව වගේ ලියන්නෙ..
Delete//
DeletePra JayJuly 4, 2016 at 4:39 PM
සා රස රා කලසක් බිව්වවගේ තමයි ලියන්නෙ :-D
සජ්ජාගේ පඩංගුවJuly 4, 2016 at 5:10 PM
නෑ ප්‍රා. සා රස රා කළ සොළසක් බිව්ව වගේ ලියන්නෙ.. //
ස රා ගොයිය හරි මිනිහා
තුවක්කුවක් කරේ තියා
:D
තුවක්කු අරන් දඩයෙමේ ගියොත් බඩුම තමා... සාරස තුමා දැක්කද අර කොල්ලෙක් ඌරු මස් කන්න හදල පිතූරත් දාගෙන තුවක්කු කරේ තියාගෙන..
Deleteමරු පෝස්ට් එක සජ්ජා . බඩේ ප්‍රශ්ණ නිසා රා බීමට නොහැකි වුණත් රා කඩ ලඟ එන රා සුවඳට නම් බොහොම කැමතියි.
ReplyDeleteබඩේ ප්‍රශ්ණ කිව්වෙ ඉයන්ට රා බිව්වම බඩ යනවද එහෙමත් නැත්තං රා බඩ එනවද?
Deleteමමනං තැබෑරුමකින් රා බිව්වෙ බදුල්ලෙදි තමයි. තුන්දෙනෙක් එක්ක ගිහින් රා බෝතල් තුනක් අරගෙන ගැහුව. එකෙකුට මගදිම වැඩේ එපා උනා. අන්තිම වීදුරු දෙක බොන්න යනකොට මටත් අප්සෙට් වගේ සුවඳට. පස්සෙ ගල් කාලක් අරන් වීදුරු දෙකට කවලං කරල ගැහුව. ආයෙ මොනවද ඩබල් එකේ වැදුනෙ.
ReplyDeleteකිට් බිට් දාගෙන ගිහිල්ල උඹල අතන ලොකු එක දෙන්න ගියානං එහෙම රා පෙරි පෙරි තමයි එළියට එන්න වෙන්නෙ. හැක්..
බඩු සවුත්තු ඇති එහෙනං. එහෙමත් නැත්තං පත්තියන් වෙන්නෙ නැතුව යන්න ඇති. සමහර තැබෑරුම් වල බඩු සවුත්තියිලු. යීස්ට් දාපුව දෙනව ඇති.
Deleteඅපොයි නෑ, අපේ ඉතිං ලොකු සීන් නෑ නෙ බං. එහෙම කිසිම අවුලක් උනේ නෑ..
මගෙ නමත් විනාස කරල තියෙන්නෙ. පොල් රා මට බොන්ඩ බෑ. කිතුල් රා ටිකක් ආසාවට බොන්ඩ අපේ ලොකු පුතාට කිවුවත් ඌත් ඒකට කිසිම උදවුවක් තාම කලේ නෑ.
ReplyDeleteඒ නම තිය එවුං වැඩිහරියක් අණ්ඩ පාලලා... හැක් හැක්... ගඳ නිසා පොඩි අවුලක් තිබ්බත් ටිකක් බිව්වම ඒ ගතිය හරි යනව..
Deleteමොන කිතුල් රා ද බං...
Deleteමාස දෙකකින් විතර ගමේ ගියෙත් නැහැ...
මම ගමේ යන වෙලාවක කියන්නම් ඇවිත් රා සුට්ටක් බීල පල කන්කෙඳිරි ගාන්නේ නැතුව...
අඩෝ ලොකු උබ එදා අපිව එක්කරගෙන ගිහින් එවලේම ගහෙන් බාලා දුන්නු රා ටිකනම් අමතක වෙන්නේ නැහැ
Deleteරා බිව්වම වදින්නේ තැපෑලෙන්
ReplyDeleteඔව් ඒකත් හැබෑව හැබැයි වෙරි පීක් එකකට යන්නේ නෑ. පොඩි ත්වරණයක් සමග ඒකාකාරව සරළ රේඛියව ගමන් කරලා මන්දනයකින් අවසන් වෙනව.
Deleteඅපේ ගමේ පොල් රා තැබෑරුමක් තියෙනවා, එතනනම් ඉන්නවා පීක් එකටත් එහා ගිය ඩයල්...
Deleteඑතනින් රා බිව්වම වදිනවා එකසිය ගාණට, ඒ දවස් වල මිනිස්සු කිව්වේ "රා බැරල් එකට දුම්කොළ දාල තියනවලු" ඒකයි ඔච්චර වදින්නේ කියලා...
දැන්නම් තැබෑරුම කරන්නේ දන්න කියන එකෙක්, ඌ එහෙම කරනවද නැද්ද කියල දන්නේ නැහැ...
මේ 2002 දී විතර, පසු කාලීනව තැබෑරුම කන්දක් උඩට අරගෙන ගියා...
ඔය කියන කාලෙන් පස්සේ රා බොන්න යන්න උනේ නැහැ...
කව්ද කිව්ව ලොකුපුතාතුමාගෙන් අහල බලන්න කියල
ReplyDeleteලොක්ක ඉතිං ඔව්වයේ ස්පෙෂලිස්ට් නෙ. කට්ටිය අරගෙනත් ගියා නේද දවසක්..
Deleteබිව්වා විතරක් නම් මදයි මගට ගෙනත් රෙස්ටුරන්ට් එකකත් තියාගෙන බිව්වා
Deleteනියමෙට ලියල..ජය....
ReplyDeleteස්තුතියි ලලිත්...
Deleteහොරෙන් රා බොන්න බෑනෙ බං. ගඳ එනවනෙ. කට අරින්න ඕනෙත් නෑ.
ReplyDeleteදැන් ඒ කියන්නෙ උඹ රේඩියේටර් මූඩියෙන් රිංගලා, සයිලන්සර් එකෙන් එලියට එන්න දන්න පොරක් වෙන්න ඕනෙ. (හැබැයි ගෑස්කට් ගියෙ නැතිනං එහෙම කරන්න බෑනේ? අනික ක්ලච්, ගියර්, ඩිෆරෙන්ෂල් ඔක්කොම මිස් වෙනවා)
ඒ උනාට ඩුඩ් අයිය අපි ඒ වෙලාවට වැඩිහිටියෝ ඉස්සරහ ඉන්න ටික හෝ වෙලාවේදී හුස්ම ගන්නෙ නෑ නෙ.
Deleteහෙහ් හෙහ්. එහෙම යන්න එන්න පුළුවන් එකෙක් තමා...ඒ කාලෙ දැනුම දැන් ඉතිං මොට වෙලා තියෙන්නෙ. ගෙදර හරි යාලුවෙක්ගෙ හරි ගල් වලේ හරි යකඩ ගොඩකට ඔට්ටු උනොත් ඇරෙන්න ඉගන ගත්තු දේවල් වලින් වැඩක් ගැනෙන්නෙ නෑ...
රා ගැන කිව්වොත් කතා සිය ගානක් කියන්න තියෙනවා.ඒ උනාට බං දැන් පිරිසිදු රා ඇත්තෙම නැති තරම්.ඔක්කොම හදපුව තියෙන්නෙ බොන්න බය හිතෙන්නෙ ඒ නිසා.
ReplyDeleteලංකාවට ගිය කාලෙක හොඳ බඩු ටිකක් හොයා ගන්න බලන්න ඕනෑ.රෑ බීපු කාලයක් මතක නෑ.
රෑ නෙවෙයි රා ඈ.
Deleteහැලප අයියා. ඔව් හැබැයි දැන් ඉතිං ඔරිජිනල් බඩු හොයාගන්න වෙනමම ගේමක් දෙන්න ඕන ඇති. ලොකු පුතාට කිව්ව නං හරි ආපු වෙලාවක.. දැන් සීල් අරක්කු වගේ සීල් රාත් තියනවනෙ. මම අහගෙන කාලෙකට කලින් කට්ටියක් කතා වෙනව "මනෝරි රා" ගැන. එහෙම බ්‍රෑන්ඩ් එකක් තියනව. ඊශ්‍රායල් යනව කියන්නෙ ඒකට..
Delete'කඳුරට මනෝරී'
Deleteබෝතලය රුපියල් හැටයි
ලබ්බා.. එතකොට ඒකෙ නම "කඳුරට මනෝරි"ද ? කැන්ඩි ලමිස්සියක්නේ බං..
Deleteබොහොම ලඟ කාලෙකදි බදුරලියෙ ලොකු මහත්තැන්ගේ පිහිට ආනිසංසෙන් උගුඩුවන් සේ කිතුල්සා බීව්වෙමිය...ඔහේ ඔට කියන්නේ පොල් සා ගැන වියයුතුය..
ReplyDeleteවාද්දුවේ ඩයිවර් මහතෙකුගේ ගහෙන් බැහැපුගමන් වීදුරු හයක් ගසා පාර දිගේ අසිහියෙන් හෝමාගම ඇවිත් දවසක්ම අපාගත වී සිටි හැටි මතකේට ආවා ඕයි..
ඔන්න අටම් කිව්වා මාදින්නාගොඩ කිතුල පීඩ්ගෙන්න ඔන්නය මෙන්නය කියලා..මොකෝ කියන්නේ මදිමුද...?
අදත් රා බීල වගේ, කමෙන්ට් එක දාල තියෙන්නෙ.
Deleteඅත්තටම කිතුල් ගස් දෙකක් විතර තියනව නේද ? ලොකු පුතා දන්නව සාත්තරේ , කිතුල වයරිං කරමුද
බදුරලියේ සා බීමට ගිය කතන්දරේ දැක්කෝය... හෙහ් හෙහ්.ඒ තරමට වැදුනද ලොකු අයියෙ..
Deleteකිතුල් මදින්න මලට බෙහෙත් තියන්න අර සාම්ප්‍රදායික බෙහෙත් ඕන නෑ. අපි එව්ව දන්නෙත් නෑ නෙ. කිතුල් සංවර්ධන මණ්ඩලෙන් එකට දෙනව "කැස්පර් සොලියුෂන්" කියල මෙව්ව එකක්. සියලු විස්තර දැනුමත් සපයනව. වැඩේ කරන්න අටමට බාරදුන්න නං හරි.
කම්මලයියේ , ලොක්ක එතකොට පාට් ටයිම් එකත් කරනවද. උගේ කළු මාමව අල්ලගන්නත් පුළුවන් වෙයි..
මණ්ඩලේ බෙහෙතට වඩා සෝමේ මාමාගේ බෙහෙත හොඳ බවයි මගේ අදහස...
Deleteවිට කන හුණු සහ දෙහි මිශ්‍රණය...
සම්පුර්ණ විස්තරය මම ලියල ඇති...
මම ඒක දැක්ක. "කැස්පර් සොලියුෂන්" දාල බාප්පලාගේ වත්තෙ මලක් බෙහෙත් තිබ්බ. හරියට වැඩේ කලේ නැද්ද කියල දන්නෙ නෑ. කොහොම නමුත් වැඩේ හරිගියෙ නෑ...
Deleteසෝමේ මාමා එක්ක ගහේ බාගයක් නැගලා රා මුට්ට්ය බා ගත්තේ මම
Deleteඔක්කොමත් හරි විභාගයක් මැද්දේ රා බොන්න හිතපු එක තමයි අදහන්න වටිනා කාරණාව :)
ReplyDeleteහෙහ් හෙහ්. විභාගේ මැද්දෙ බීල මාට්ටුත් උනා සෑර්ට...
Deleteකිතුල් පොල් දෙකම ගහල තිබුනට මට ඕක එහෙමට සැට්වෙන්නේ නැ බං , මොකදෝ මන්දාා.කොරාපුවා , කොරන එව්වා ලියන්ඩ බැ සජ්ජා ගුටිත් කන්ඩ වෙනවා
ReplyDeleteසමහරුන්ට වැඩේ සෙට් වෙන්නෙ නෑ නං තමා. ඔව් බං කොරපු ඔක්කොම ලියන්ඩ තිබ්බ නං මරු. හැබැයි ඉතිං ඔව්ව කට්ටිය දැක්කම වසලා හමාරයි...
Deleteකිතුල් පොල් දෙකම ගහල තිබුනට මට ඕක එහෙමට සැට්වෙන්නේ නැ බං , මොකදෝ මන්දාා.කොරාපුවා , කොරන එව්වා ලියන්ඩ බැ සජ්ජා ගුටිත් කන්ඩ වෙනවා
ReplyDeleteඅටමා ' කදුරට මනෝරි ' රා බෝතලයක් බීලද කොහෙද . දෙපාරක් කමෙන්ට් කරල.
Deleteඅටමා ' කදුරට මනෝරි ' රා බෝතලයක් බීලද කොහෙද . දෙපාරක් කමෙන්ට් කරල.
Deleteබඩු හරි, කම්මලයට ආයෙ ලෙඩේ බෝ වෙලා. හැක්..
Deleteකම්මලයට තද වෙනව උගෙ කොපිරයිට් තියන වැඩේ අනිත් උන් කොරද්දි..
Deleteකටුනායක විස්සෙකණුවෙත් තියනවා රා පොට් එකක්.
ReplyDeleteඑතෙන්ටත් එන්නෙ ඔය කියපු ජාතියේ බඩු තමා.ඊට අමතරව අපි.
එව්වට අපි කිව්වෙ 'විකාරා' කියලා.ඇයි දෙයියනේ ගහපුවාම ඩයල් අවුට් යනවා.පිස්සුමයි කෙලින්නෙ.කවුදෝ කිව්වා ඒවට ටැබා කුඩු කරලා දාන කතාවකුත්.එහෙම කියල අපිත් අරින්නෑ..
දවසක් මූණෙන් දුම් විසිවෙන්න වැදිලාත් රා ජොග්ගුවක් අරන් ඒක දිහා ඔරවගෙන බීඩියක් බිබී හිටියා.පොත් ටිකයි ඩ්‍රෝවින් බටෙයි පැත්තක. කිලුටු කමිස කෑල්ලකුයි සරමකුයි ගහගෙන ආපු නාකි ඩෑල් එකක් 'මහත්තයෝ..... පුතේ.. මෙහෙම බොන එපා.මහත්තෑලා උඩට උඩට යන්න ඕන මිනිශ්ශු.බොන්න ඕනම නං බෝඩිමට බෝතලයක් අරං ගිහිං බොන්න මගෙයම්මා..' කිය කිය ඔලුව අතගාන්න පටං ගත්තා..
වෙරි කැලේ..
හෙහ් හෙහ්
ජයවේවා..!!
ලබ්බා, ටී.ටී.අයි. කොල්ලෙක් නේද බොලේ එතකොට..ටැබා දානවළුද? එහෙනං ඉතිං දවසම මොංගල් වෙනව ඇති. ඔට ටැබා කියන්නෙ මානසික අමාරු කාරයන්ට දෙන "ආටේන්" කියන වර්ගයද දන්නෙ නෑ. පොඩි රවුම් ලා නිල්පාට පෙත්තක්. දෙකක් බිව්වම දවසම පිස්සු වගේ. ගැනත් හෙන අඩුයි.
Deleteඋඹත් බීඩි බීල තියනවද. අනුරාධපුර පැත්තෙ තියනවා බීඩි ජාතියක් "සෙයියදු" කියල. බොහොම පුංචියි."තෝරා" කියල බ්‍රෑන්ඩ් එකක් තියනවා මේ පැත්තෙ. ඉස්සර තිබ්බ "ඊගල්" බීඩි දැන් නැද්ද මන්ද.තිහාරියෙ හැදුවෙ. "තන්ෂර්" සුරුට්ටුත් දැන් කඩවල් වල නෑ...
ටීටීඅයි තමයි මචෝ...මචං මගෙ ෆේවරිට් තෝරා තමයි.තව සමීර බීඩි කියලා තියෙනවා.ඒක සවුත්තුයි.පාඩම් කරන දවස් වල අන්තිම කාලෙට එක සිගරට් එකයි බුලත්විට තුන හතරයි බීඩි මිටි දෙකයි අරගෙන කුප්පි පටංගන්නෙ.(හිතපංකො ආර්ථිකේ තත්වෙ.සිගරට් එක පත්තු කරන්න චෑන්ස් එක දෙන්නෙ කුප්පිය දාන එකාට.)එග්සෑම් ඉවරවෙනකොට පපු බල් බල් ගානවා.තම්ශයර් ගැන රසික නම් පෝස්ට් එකකුත් දාල තිබුනෙ. අපේ යාපනේ කොල්ලො ගේනවා සුරුට්ටු ජාතියක්.එකක් ගැහුවොත් හාන්සි.
Deleteඅඩේ ගස්ලබ්බගෙ මාමා කෙනෙක් ඉන්නවා පාකින්සන් සැරටම හැදුනු.එයා බොන්නෙත් ආටේන්.බීපු ගමන් කොන්ට්‍රෝල් වෙනවා.කොච්චර සැර ඇද්ද නේද බන්...
අපිත් බීඩියෙන් පටං අරන් ඉහලට ආපු කට්ටිය තමයි. හැක්..
Deleteසන්තෝසයි බං එහෙම නං. සමහරු ඉන්නව ගෝල්ලිප් එකෙන් පටන් අරන් බීඩියට බැහැපු...
Deleteමමත් බිඩියෙන් තමයි පටන් ගත්තේ
Deleteතවමත් ඉදලා හිටලා බිදියක් බොනවා
කරලා තියන දේවල් සජ්ජා..මේ මත් වෙන වෙරි වෙන දේවල් තිබ්බේ නැත්නම් කරන්නේ මොනවද.. :) :)
ReplyDeleteඑහෙනං ඉතිං වෙන්නෙ නිම්නයක තනි වී හීන දකින්න තමයි. හැක්..
Deleteහෙහ් හෙහ්. අර ප්‍රසා කිව්ව වගේ නිම්නයක තිනිවෙලා හීන බල බල ඉන්න තමයි වෙන්නෙ. හැබැයි මත වෙන එව්ව තිබ්බම වැඩේ ලේසියි...
Delete"රා" බීලා තියෙන්නේ ජීවිතේටම එකම එක පාරයි බං.එත් එකේ තිබ්බ විනාකිරි වගේ සුවඳ මට අපුල වුන නිසා ඒ බීපු එක උගුරකට,දෙකකට සිමා වුනා.
ReplyDeleteඑහෙම පොඩි අප්සට් ගතියක් තියනව නං තමයි බං. ඔය වස විස ඔක්කොම රහක් ගුණක් තියන දේවල් යැ.රා අව්වෙ තිබ්බම පෙන දම දමා පැහෙනව. යටට මන්ඩි බහිනව. ඒ විදියට මන්ඩි පෙරලා අයින් කරල දවස් කීපයක් අව්වෙ තිබ්බම පැසවීම ඉවර වෙනව. පොල් විනාකිරි හදන්නෙ එහෙමයි.
Deleteරා වර්ග තුනම පානය කර ඇති බව සාඩම්බරයෙන් මතක් කරමි. ගමේදී පොල් රාද(යකෝ අපේ ගමෙන් තමයි ඉස්කාගාරෙට බඩු සප්ලයි කරන්නේ. හැබැයි ගහෙන් බාපු ගමන් බොන්න ඕනේ. ලංකාවේ හතරදිග් භාගයෙන් කිතුල් රාද, යාපනය සහ ඩෙල්ෆ්ට් වලින් තල් රාද පාණය කලෙමි. හැබැයි මල වදේ නේහ් ,...
ReplyDeleteමට තල් රා මිස් වෙලා අප්පා. දැන් බොන් නැති උනත් තැල රා ටිකක් හම්බුනොත් බීල බලන්න ඕන. අම්බානක සැරයි කියලයි අහල තියෙන්නෙ. පානදුර, වාද්දුව පැත්තත් රා වලට කප් ගහපු පැති නෙ.
Deleteසුදීක ලොක්කා, උඹ කටු කිතුල් රා අහල නැති බව පේනවා කමෙන්ටුවෙන්...
Deleteමටත් තාම බොන්න බැරි වෙච්ච පානයක්...
ගහකින් ගන්න පුළුවන් බෝතල් කාලක් බාගයක් වගේ...
අපායේ කටු ඉඹුලේ වගේ කටු තියෙන ගහක් නිසා ඔය කර්මාන්තය කෙරෙනවා හරි අඩුයි...
මම අහපු හැටියට ඒ බෝතල් බාගේ උනත් බිව්වම නාග සළන් වෙනවලු...
මම ඔය ගැන ඇහුවමයි. ඔය කියන්නෙ අර මල් ගහක් වගේ හිටෝන කුරු කිතුල් ගැනද? හැබැයි ඒ ගහේ කටු නම් නෑ...
Deleteසුදීක දාපං පහක්.. මාත් ඔය තුන් ජාතියම ඔරිමජිනල් එව්වැයින් ගසල තියෙයි.. හැක්. කටු පොල් වලින් රා පෙරන බවක් හාංකවිසියක් දැනං උන්නේ නෑ.
Deleteකටු පොල් නෙමෙයි කමියො , කටු කිතුල්. කොහෙද මුන්ට රා කිවුවොත් මෙලෝ සිහියක් නෑ.
Delete///කටු පොල් නෙමෙයි කමියො , කටු කිතුල්. කොහෙද මුන්ට රා කිවුවොත් මෙලෝ සිහියක් නෑ.///
Deleteහෙහ් හෙහ්...
මමත් ඔය කියන කටු කිතුල් කියන ගහ දැකල තියෙන්නේ සිංහරාජේ ආසන්න එක කන්දකදී විතරයි...
අපි එදා රා ගෙනාපු කන්දට තරමක් එහායින් තියෙන කන්දක තමයි ඒවා තියෙන්නේ...
මොන කරුමයක්ද මන්දා....ඔය වල් රහ එකක්වත් දිවට පත්තියන් නෑ නොවෑ...අර රත්තරන්පාට වතුර ටික තමයි යන්තන් ඇගට උහුලගන්න පුළුවන්වෙලා තියෙන්නේ.
ReplyDeleteකරුමෙ බොල කරුමේ... පරදේසක්කාර ගැතිකම...
Deleteඋඹට අටමට සහ තවත් නම් නොකියූ කීප දෙනෙකුට රා පත්තියම් නොවීමේ ආනුභාවයෙන් එදා බදුරලියේදී පිටින් පැනි රහ වෙනකං ඔරිමජිනල් කිතුල් රා පැලීමේ දුර්ලභ වාසනාවක් ලැබුනු බව සතුටින් ප්‍රකාශ කරමි.
Deleteඅර දූරීයන් නොකන එවුන්ට කන්න පුරුදු කරන්න හොඳ නෑලු. මොකද කන එවුන්ට මදි වෙනවලු එතකොට. ඒ වගේ තමා ඔවුන්ට පුරුදු කරන්න හොඳ නෑ...
Deleteමේ ළමයා කොයි ඉස්කෝලෙ ද ඉගෙන ගත්තෙ ඈ?
ReplyDeleteමඤ්ඤොක්කා කියා ලියන්න බැරි නම් මයියොක්කා කියා ලියන්න ටීචර්ලා ඉගැන්නුවේ නැද්ද?
හෙහ් හෙහ්... ටයිපින් මෙව්ව එකේ අවුල... මයියොක්ක කියල වත් ලියඥ්ඥං ....
Deleteරා... හම්මේ.. හුජ්ජ බර හැදෙන්නේ නැත්නම් මට එක දිගට අවුරුද්දක් හරි බිබී ඉන්න පුලුවං.. මේ කාලකන්නියෝ එක පාර පෝසත් වෙන්න ඩිස්ප්රීනුයි අරවයි මේවයි කලවං කරන්නෙ නැත්නම් රා කියන්නේ නියම සුරා.. අනික අපේ ගෙදර උන්දැගේ කන්දොස්කිරියාවක් නැතුව ඕනේ තරමක් බොන්න පුලුවන්. හැක්. උන්දා හිතාගෙන ඉන්නෙ රා කියන්නේ මත්වෙන ජාතියක් නෙවෙයි කියල.. අපිනේ දන්නේ ඒකේ කික් එක...
ReplyDeleteහෙහ්.. රැ බිව්වට කවුරුවත් මොකුත් කියන්නෙ නෑ තමා. සිංහල පානේ නොවැ... රා දිව්වම බඩ පිරෙන්න බොන්න වෙන නිසා වෙන්නැති "රා බඩ" එන්නෙ... මම අහල තියනව ඉස්සර රා කප්පිත්තෝ පොල් රැවුලක් වවනව කියල, මහින්ද මාත්තිය වගේ. රා වල ඉන්න පණුවො, රා මණ්ඩි පෙරෙන්න ...
Deleteඋබගේ අර කසිප්පු ගැන ලියපු ලිපිය තමයි මම ඉස්සර වෙලාම උබගේ බ්ලොග් එකේ කියව්වේ
ReplyDeleteරහමෙර ගැන උබ ලියන ලිපි කොහමත් එල
ඔව්වා දිව්‍ය ඖෂධ.
ReplyDeleteසුවපත් වේවා!
ඔව්වා දිව්‍ය ඖෂධ.
ReplyDeleteසුවපත් වේවා!
කොහොම මිස් වුනාද මන්ද මේ රා පොස්ට් එක. ගිය සැරේ ලංකාවට ගිහිල්ලා හම්බ වුන නියම රා කළයක්.
ReplyDeleteඈ ....පොල්ද ...කිතුල්ද ....කිතුල් නං තනියම බියුවට හෙට උදේට උඹට බඩ යන්ඩ ඕන අජියෝ
Deleteඅනේ මන්ද බං සැරයක් දෙකක් බීල තිබුණට දැන් රහවත් මතක නැහැ සිරාවටම ... මෙදා පාර ආපුවහම ආයෙත් බීල බලන්න ඕන !
ReplyDelete