කප්පම් චමින්දගෙන් ගැලවුනෙමි ….!!!!

මේක මීට මාස දෙකකට විතර කලින් අහන්න ලැබුණු කතාවක්.
ආසන්න නගරයේ හාඩ්වෙයා එකක් කරන "ජයලත්" අයියා කොන්ක්‍රීට් ගල් ගෙනියන්න ඇවිත් 

"මල්ලි මාර වැඩේ බං... මං මේ හිටියට ඉන්නේ ඉස්මුදුන ගිනි අරං.. ඊයෙ හවස මට කෝල් එකක් ආව කප්පං ඉල්ලල ... බලපන් මගේ දැනුත් අතේ මවිල් කෙළින් වෙනව මතක් වෙනකොට" ... 
ඇත්ත.. දික් කරල පෙන්නපු අතේ රෝම බලාගෙන ඉද්දි කෙළින් වෙලා

"මොකද්ද අයියේ උනේ?.. මොකද්ද සීන් එක?" ... 
"පිස්සු හැදෙනව බං, ඊයෙ එකෙක් කෝල් කරල මගෙන් කප්පං ඉල්ලුව 50,000ක් බයටම මං එවෙලෙ ඉඳන් ෆෝන් එක ඕෆ් කරන මේ ඉන්නෙ.." .. " ඉතින් කියපන්කො විස්තරේ හරියට විස්තර ඇතුව"..

කියපු විස්තරේ විදියටම කෝල් එකකින් මටත් අහන්න ලැබෙයි කියල හීනෙකින් වත් නොහිතපු මං බොහොම සන්සුන්ව කතාව අහගෙන හිටිය මතකයි. ජයලතා රෙකෝඩින් එකක් වගේ කියල දාපු සහ දැන් දවස් 3 කට කලින් මගේ ෆෝන් එකෙන් මටම අහන්න ලැබුණු කප්පං ඉල්ලල ඇහුනු වදන් පෙළ අමතක වෙන්නෙ කොහොමද...

" හෙලෝ... මම මේ කතා කරන්නෙ දෙමටගොඩ චමින්ද .. භාරත ලක්ෂ්මන්ට වෙඩි තිබ්බෙ මම. රවී කරුණානායකගෙ කැන්වසින් එකට ඇතුලේ ඉඳන් වෙඩි තියන්න සෙට් කලෙත් මම. මම ඔයාගෙ විස්තර ඔක්කොම දන්නව. ඔය ඉන්නෙ කොහෙද , ඔයා කරන්නෙ මොනවද, ඔයා යන්නෙ එන්නෙ කොහෙද , ඔයාගේ පවුලෙ කට්ටිය කවුද කියන සේරම විස්තර මම දන්නව. මාව මගාරින්න මේ කෝල් එක කට් කරන්න සහ මේක නොසලකා හරින්න ලෑස්ති වෙන්න හදන්න එපා".


කුණුහරුප කියන්ඩ එපා හු%තෝ ...!!!!!

ආයිබෝං... කාලෙකට පස්සෙ... පහුගිය දොහේ  ආර්ථිකමය වශයෙන් නට්ටන් වෙච්ච සජ්ජා,  සල්ලි හොයන්න මැරීගන වැඩ කොරපු හන්ද බ්ලොග් ලියවිල්ල කෙසේ වෙතත් බ්ලොග් ටික කියෝගන්න වත් ඔළුවට නිදහසක් නැතුව අතරමං වෙලා හිටියෙ. එව්වයින් වැඩක් නෑ....මගේ පරම හතුරා "මුද්දා" එහෙමත් නැත්තං "ඇනෝපිලිස්" කෝල් එකක් අරගන්නෙම "හු*තෝ....  තෝ ලියන්නෙ නැද්ද? මගුලක් කොරනවද .. එකක් ලියල එවපන්" කියාගෙන. 

 දැන් මේ මං ආයෙත් ලියන්නෙ යස අපූරුවට... 



මේ ලඟදි මරු වැඩක් උනා. මේ කතිකාවට සහ මාතෘකාවට අදාළ වෙන නිසා ඒ සිද්ධියත් කියලදාන්නම්. අපේ චූටි දූ එන්නත් කරවන්න ගිහිං එන අතරමගදි මේ සිද්දිය උනේ. පොඩ්ඩිගෙ චූටි කකුල් දෙකම කටු වලින් විදලා වේදනාවෙන් අඬද්දි ඒ වේදනාව වගේ සිය දහස් ගුණයක් අපිට වේදනාව දැනෙද්දි බොහොම පරෙස්සමට වාහනේ පදවගෙන ආවෙ. ඒ එන ගමනෙ අතරමග තැනකදි  එකපාරටම කොල්ලො  දෙන්නෙක් කිසිම අවධානයක් නැතිව  උන්ගෙ මෝටර් බයිසිකලේ පාර හරහට දැම්ම. යන්තම් අමාරුවෙන් හැප්පෙන්න නොදී වාහනේ නවත්තගත්තම බයිසිකලේ පිටිපස්සෙ හිටපු එකා හැරිලා බලල මං දිහා ඔරවල බලපි. හිතේ වේදනාව සහ වගකීම් වලින් ඔළුව කුරුවල් වෙලා හිටපු මගේ ඉස්මුදුනට යක්ෂය ආරූඪ වෙනව මට වත් දැනුනෙ නෑ.