නෙළුම් යායේ අටමාගේ සෙල්පිය!!!

                              නෙළුම් යාය සම්මාන උළෙලට එනතැන ඉඳන් කතන්දර ගොඩයි.  පිටකොටුවට ඇනොපිලිස් එක්ක ඇවිත් කොටුවේ ඉස්ටෙසම ගාවට එනකල් පයින් ගාටල කොටුවේ "ව"යන්න යටට එනකොටම කෝච්චියෙන් ආපු අටමත් හොහෙදෝ ඉඳන් පාත් උනා. කවදාවත් දැකල නැති අටමයි මායි "උඹ උසයිනේ, උඹේ රැව්ල අරියාදුවට පොල් හිටෝලා වගේනෙ , උඹ කැහැටුයි නෙ " විදියෙ අන්‍යොන්‍ය  ශරීරාංග ගැන වර්ණනාවක් කොරගත්ත . ඒක  ඉවර වෙලා "යන්ඩ කලින් අනුමත වෙලා යමු" අයිඩියාවට අනුව වෝල් මාකොට් එකට එහාපැත්තෙ මොකක්දෝ එකක(නම මතක නෑ ) උඩ තට්ටුවට ගිහිං ඉද්දි "වැව් ඉස්මත්තා" අටමා ඇමතුවා. අටමා "වරෙන් වරෙන්, අතනින් වරෙන්, මෙතනින් වරෙන්, පොලව පළාගෙන වරෙන්, අහස ගුගුරුවාගෙන වරෙන්, උඩින් වරෙන්, යටින් වරෙන්, ඇවිල්ල උඩ තට්ටුවට වරෙන්' කියල මාර්ග විස්තරේ කිව්වා. ඕක හරියට අහගන්නේ නැතුව පරක්කු වෙච්ච "වැව් ඉස්මත්තට" අටමගෙන් ලැබුණු ප්‍රති උත්තර මෙතන ලියන්ඩ බෑ. එතන කයි කතන්දර කිය කියා වෙලාව කාපු අපි සැට් එකට "කල්‍යාණ මිත්‍ර" සහ  "කටුස්සා" සැරින් සැරේට කතාකරලා ජාතිය අමතනවා.

කමියා  අටමට කතාකරල ගේන්න කියපු වතුර බෝතලෙන් වතුර බොන්න  හිටියනං එහෙම උන්දැ දිව ගිලිලා මැරිල . කොහොමින් කොහොමින්හරි කරත්තෙට පොල් පටෙව්ව වගේ රෝද තුනක පිටිපස්සට හතරදෙනාම ගොඩවෙලා හතරදෙනාම සූරයෝ වගේ එතනින් එන්න පිටත් උනා. ත්‍රීවීල් අයියගෙ නැවිගේෂන්, අටමගෙ නැවිගේෂන්, ඇනොපිලියගේ නැවිගේෂන් ඔක්කොගෙන්ම කළවං  වෙච්ච රෝද තුන ඔල්මොරොන්දන් වෙලා අඥ්ඥකොරොස් වෙලා වටේ රවුන් ගහල ගහල තැනට එන්න පැය 2ක් විතර ගියා මයේ හිතේ. එකෙක් කිරුල පාරක් ගැන කියනවා, තව එකෙක් කිරුලපන කියනවා, තව එකෙක් කම්කරු දෙපාර්තමේන්තු හොයනවා, තව එකෙක් පොල්හේන්ගොඩ හොයනව, ආසිරි ඉස්පිරිතාලේ පැත්තටත් ගියා එකපාරක්. කොහොමහරි අපි එනකොට වෙලාව පැනල ගොඩක් වෙලා.

"ඉන්ටනෙට් එකේ ලියන කට්ටියගේ මෙව්වා එක" කොහෙද තියෙන්නෙ අහගෙන සාලාවට රිංගනකොට එතන හෙන දේශනයක් යනවා. "ඔළුව වටෙන් අතදාල නහය ඇල්ලුව වගේ" පහලින් ඇවිත් උඩට නැගල, උඩින් ආයේ පහලට බැහැල අයිනක් අල්ලල වාඩි උනා. දේශනා ඇහිල්ල පැත්තක, මං හෝ ගාල වටපිට බලනවා කව්ද කටුස්සා, කව්ද කමිය, කව්ද ඉවාන්, කව්ද මාතලන් කියල. අටං අයිය අත පය වන වන සැලියුට් ගහනවා අඳුරන උදවියට. මාත් උගෙන් අහගන්නවා අරූ කව්ද?, මූ කව්ද? කියල. දේශනා ගැන මම මෙතන කියන්න යන්නෙ නෑ . එව්ව සුපිරියටම කෙරුණා ( මං ඇහුවෙ නැති උනාට). ඉන්ටනෙට් කෝලම නාට්ටිය බැලුව. ඒකත් ලස්සනයි. කරු ජයසූරිය මහත්තය ආවම ෂෙඩූල් එක පොඩ්ඩක් වෙනස් උනා මට තේරුණු විදියට. හැමදාම ඉතිං දේශපාලන කාරයන්ගෙ ෂෙඩූල් වලට මිසක් තියන ෂෙඩූල් වලටයැ වැඩ කෙරෙන්නෙ. අපේ කල්‍යාණ මිත්‍ර දත කට මැදගෙන කියන්න හිතාගෙන හිටපු කවි ටික මිස්උනෙත් ඔය නිසා වෙන්නැති. කිව්වෙ නැති උනාට "සුවනියර්" එකේ ෂෙඩූල් එකේ නම තියන එකම මදෑ...

වැඩේ යන අතරෙ කට්ටිය ගහනව "සෙල්පි". අටම ඉතිං ප්‍රසිද්ද බුවානෙ. පුටු පේලි අස්සෙන් ඔළුව දදා සෙල්පි වලට පෙනී හිටිනවා. ඔය වැඩේ කරන්න කිරිපනුව වගේ ඇඹරෙනකොට කලිසමටත් මොකද්දෝ උනා වගේ ඇහුණා. "ඕක ගැන කිව්වොත් තොපි මරනවා" කියල කිව්වා හන්ද මං සද්ද නැතුව ඉන්නවා. මං නං සෙල්පි වැඩේට විරුද්දයි කියල එකෙක් කියද්දි අටම ඔන්න "ගහමු යකෝ අපිත් සෙල්පියක්" කියල පෝන් එක මානල මොකද්දෝ එකක් කොලා. අරගෙන බැලින්නං ඒකෙ තිබ්බේ හවස් වරුවක කඳු පන්තියක් මැද්දෙන් ඉර බැහැගෙන යනව වගේ දර්ශණයක්. අපි ඔක්කොටම හිනා. ඔන්නොහෙ මගේ එකෙන් ගමු කියල ඇදලා ගත්ත පෝන් කබල. හුටා ඒකෙ කැමරාවක් නෑ නෙ. අපේ සෙල්පි සිහිනය බොඳ වෙලා ගියෙ ඔන්න ඔය විදියටයි. අටමගේ ෆෝන් එක යතාර්ථවාදී පිංතූර වැටෙන එකක් වෙන්නත් පුළුවන්. එකේ ඒ වැටුනේ නෙළුම් යායක්ද කව්ද දන්නෙ.


කඩප්පුලි ජඩමාධ්‍ය භාවිතය


කාලෙන් කාලයට එක එක විජ්ජුම්බර රුපවාහිනියෙන්  බලාසිටින්නට අපට සිදුවිය. එක කාලයක් "අද බෝම්බ පිපිරුනේ කොහේදැයි" බැලීමට රූපවාහිනිය බැලුවෙමු. තව කාලයක් "අපේ හමුදාව අල්ලාගත්තේ කොහේදැයි" බැලීමට රූපවාහිනිය නැරඹුවෙමු. ඊට පසු කාලීනව යමෙකුට තම පවුලේ සාමාජිකයන් හැරෙන්නට දිනපතා වැඩියෙන්ම දකින්නට ලැබෙන "මහින්ද මහත්තයාගේ වික්‍රම" බලා සිටියෙමු. එක අවධියක "අද අනිත් පැත්තට පැන්නේ මොකාදැයි" දැනගන්නට නිවුස් බැලූ අපි "සිරිසේන මහත්තයා පිරිවර නොමැතිව රට යන හැටි සහ යහපාලනය ජහපාලනය කරගන්නා ආකාරය" දෙස වර්තමානයේ බලාසිටිමු.
 
 වෙනදා දේශපාලුවන් මරාගන්නා හැටි බලාසිටි අප හට මෙදා එව්වා පෙන්නන එවුන්ම මරාගන්නා අයුරු දැක ලාම්පු කණගාටුව උපදවාගත හැකිය. සිරසෙන් "අපිට ගැහුවො" කියද්දී දෙරණෙන් "අපිට කෙළින්නට ආවෝ" යනුවෙන් මොරදෙයි. ඒකත් එවුන්ට "මාකටිං පාරකි". ඇත්තටම බැලුවොතින්  දෙගොල්ලන්ගේම "නැට්ටේ ඉඳන් ගොම" ය. රුපවාහිනියේ පමණක් නොව, රේඩියෝ, පත්තර හැම එකේමත් එහෙමය. මාකටිං විරුවන් බිහිකිරීම, මාකටිං තරු නිපදවීම, ඕනෑම ජරාවක් විකිණීමට අනුබල දීම , හාල්පාරුවන් පිම්බීම, බලෙන් අසන්නට දකින්නට සැලැස්වීම , බලනවාට අහනවාට පගාව දීම සහ තමන් "එක" යයි කියාපෑම මේ හැම එකාගේම එකම අරමුණවේ.

සිංහලද ..?? දෙමළද ..?? නැත්නං ඉංගිරිසිද..??



සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුවට පස්සෙ ඉස්කෝල වල ඉංග්‍රීසි උගන්නන එක, ඉංග්‍රීසියෙන් වැඩ කරන එක වළපල්ලට ගියා. ඔක්ස්ෆර්ඩ් සරසවියෙ ඉගෙනගත්තු,  කළු සුද්දෙක් විදියට ජීවිතය ගෙවපු බණ්ඩාරනායක මැතිතුමා සරමට බැහැල සිංහල මිනිස්සුන්ගෙ පපුවට කතාකරන්න පටන්ගත්ත. සඟ, වෙද,ගුරු,ගොවි, කම්කරු පංච මහා බලවේගය ගැන කතාකරපු බණ්ඩාරනායක මහත්තය ඒ තුලින් බලයට ඇවිල්ල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කලාට පස්සෙ දෙමළ මිනිස්සුන්ට තේරුණේ එක ඔවුන්ට කරපු මදි පුංචිකමක් හැටියට. වාහන නොම්මර වල "ශ්‍රී" අකුරේ තාර ගාල ඔවුන්ගේ ශ්‍රී අකුර ලියාගෙන විරෝධය දක්වපු දෙමළ මිනිස්සුන්ට තේරුණේ නෑ ඔවුන්ට කරපු මදි පුංචි කමට වඩා දහස්වාරයක් වැරදි වැඩක් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුවට පස්සෙ සිංහල මහ ජාතියට උනා කියල.

එහෙම වැරද්දක් වුනා කියල නොදැකපු සිංහල මිනිස්සු ඒක තමන් ලබපු ලොකුම වරප්‍රසාදයක්, වාසියක්, නම්බුවක් විදියට දැකල "චූන්" වෙලා ඒ දේශපාලන ප්‍රවාහයට තව තවත් නැඹුරු උනා. ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න, වැඩ කටයුතු කරගන්න තිබුන අවස්ථාව ලාංකිකයන්ට  සහමුලින්ම නැතුව ගියා. අදටත් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගත්ත පරණ මිනිස්සුන්ගෙ දැනුමට අලගු තියන්න වත් අපිට බෑ. අද අපේ  සංස්කෘතියෙ භාගෙට ඉංගිරිසියෙන් කතාකරන "පොෂ්" උදවියට නෝක්කාඩු කියන්න, මෙලෝ මලදානයක් බැරි උනත් ඉංගිරිසිය විතරක් පුළුවන් උදවිය ඉහළ තැන වල ඉන්නවා බලාගෙන දෙස් දෙවොල් තියන්න සිද්ධවෙලා තියෙන්නෙ ඔන්න ඔය කතන්දරේ නිසා.

දෙකට නැවී ජාතිය පාවාදීම


 
වැඩිහිටියන්ට අපිනම් ගරු කරන්නෙ දණ ගහල කකුල් දෙක අල්ලා වැඳලා. අම්මට තාත්තට නෑදෑයන්ට වගේම ගරු කරන්න ඕන අයට අපි දණගහල වඳිනවා. කතෝලිකයො ගොඩක් වෙලාවට වඳින්නේ නෑ. ඒත් අපේ සංස්කෘතිය එක්ක බද්ධ වෙච්ච සමහර කතෝලිකයොත් වැඩිහිටියන්ට, ගරුකලයුත්තන්ට දණගහල වඳින්න පැකිලෙන්නේ නෑ. දෙමළ , මුස්ලිම් උදවිය ඔය වැඩේ කරන විදිය ගැන ඒ තරම් අවබෝධයක් නැතත් ඉස්කෝලෙ ඉද්දි නං ඒ සහෝදරවරු අපූරුවට ගුරුවරුන්ට වැන්දා මතකයි අවශ්‍ය අවස්ථා වල. තැනක් නොතැනක් නැතුව ගරුකටයුතු උදවියට දණගහල වඳින පුරුද්ද තාමත් මට තියනවා. අදටත් පවුල්කාරයෙක් උනත් රෑට නිදාගන්න යන්නෙත් අම්මට තාත්තට වැඳලා. ඔය වඳින වැඩේ නිසා සිද්ධවෙන කාරණා කීපයක්ම තියන බව අත්දැකීමෙන් දැනෙනව මට නං.


අපි කාටහරි වඳිනකොට අපේ හිතේ ඒ පුද්ගලයා පිළිබඳව ගරුකටයුතු හැගීමක් නිතැතින්ම ඇතිවෙනවා. වැඳුම් ලබන පුද්ගලයාගෙ හිතේ ඇතිවෙන දේවල් අරිට වඩා ගොඩක් වැඩියි. තමන්ට වඳින පුද්ගලයා පිළිබඳව ආදරයක්, කරුණාවක්, පහන් හැගීමක් වගේම යම් වරදක් කරලා තියනවනං එකට සමාව දෙන්න පෙළඹෙන ගතියකුත් ඒ තුලින් ඇතිවෙනවා. "අනේ මොනවා උනත් කකුල් දෙක ළඟ වැටිලා වඳින මූ හිත හොඳ එකා" කියල හිතෙනවා වැඳුම් ලබන පුද්ගලයට. ඔය වැඳිල්ල නිසා ගොඩ ගිය වාර අනන්තයි මම නං. කොහේ හරි රස්තියාදුවක් ගහන්න ක්ලාස් කට් කරන්න ගියත් යන්නෙ වැඳලා තමයි. යනකොට සැක හිතන්නෙ නෑ එතකොට. හෙනම කුපාඩි වැඩක් තමා ඉතිං අම්ම තාත්තා රවට්ටනවා කියන එක. ඒත් ඉතිං අවිචාර සමයේ කොළු කමට කරන දේවල් ඉතිං වෙනස් වෙන්නෙ නෑ නොවැ. වැරද්දක් කරලා ගෙදරට අහු උනාමත් ෂේප් කරගන්නෙත්  වැඳලා තමයි. එහෙම බැලුවහම ඉතිං වඳින එකේ අරුම පුදුම බලයක් තියනවා. මගේ යාලුවෙක් ඉන්නවා , ඌ අපේ ගෙදර ඇවිල්ල යනකොට වැඳලා යන්නෙ නැත්තේ ගෙදර ඉන්න බල්ලන්ට විතරයි. අලි පැටිය වගේ හතරගාතේ දාල අපේ අම්මට වඳිනකොට අපේ අම්මගෙ ඇස් දිලිසෙනවා මට පෙනිලා තියනවා. ගියාට පස්සෙ "අනේ හොඳ කොලුවා, පොඩි එකා වාගෙ කොච්චර දඟ වැඩ කලත්" කියල අපේ අම්මගෙ කටෙන් පිටවෙනවා හැමදාම. වැඳිල්ලෙ බලේ කියන්නෙ ඕකට තමා. බීල ගහගෙන තියා මොනා දහදුරා වැඩේ කලත් අපේ අම්මට ඌව ලොකුයි , යනකොට  වැඳලා යන්නෙ නැති අනිත් යාළුවන්ට වඩා. 

තමංගෙ ගෑනුන්ට පොලිස් කාරයෝ බයයි..!!??



"මහත්තයා, කරුණාකරලා රියදුරු බලපත්‍රයයි, ආදායම් බලපත්‍රයයි , රක්ෂණ සහතිකෙයි ගන්න"  
මරුමුස් බැල්මක් දාගෙන ලයිසන් ඉල්ලන පොලිස්කාරයෙක්ගේ අත්දැකීම.
"ඔහොමද ඕයි වාහන එලවන්නේ, ගන්නවා ලයිසන් එක " පොලිස් බිරිල්ල.
"බැහැල වරෙන්" ගහන්න ඔන්න මෙන්න පොලිස් පාට් එක.



ඇඳගෙන ඉන්න ඇඳුම, පදින වාහනේ සහ වරදේ ස්වභාවයත් එක්ක වෙනස් වෙන පොලිස් පාට්එක සම්බන්ධයෙන් වෙනස් විදිහෙ අත්දැකීම් අපි හැමෝටම තියනවා. පිටරට වල පොලිස් නිලධාරීන් හැම තරාතිරමකම මනුස්සයන්ට කතාකරන්නෙ, සළකන්නේ එකම විදියට කියලයි මං නං අහල තියෙන්නෙ. හැබැයි අපේ උදවිය නං එහෙම නෙවෙයි. ඒ දක්වන කතා විලාශය සහ සැළකිල්ල ඇඳන් ඉන්න ඇඳුමේ ඉඳන් කරන රැකියාව දක්වා වෙනස් වෙනවා. 

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ



"ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වී තම රටේ පුරවැසි භාවය ලබාගෙන ශ්‍රී ලංකාවට ම චියර් කරන මිනිසුන් ගැන ඕස්ට්‍රේලියාවේ දේශප්‍රේමී, දේශමාමක ජනතාවගේ ආකල්පය කෙබඳු වේද?" ෆේස් බුකියේ ලංකික ක්‍රිකට් කමිස ඇඳගත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රීලාංකිකයන් ක්‍රිකට් තරඟ නරඹමින් ලංකාවට චියර් කරන පිංතූර සහිත ලිපියක් දැක්කා. ඇත්තටම කල්පනා කරලා බලනකොට කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙවී එහෙ පහසුකම් ඔක්කොම භුක්තිවිඳින ගමන් ලංකාවට ආවඩන එවුං ගැන සුද්දන්ට පුදුම "මළක්" ඇත්තේ.


 කැප්ටන් ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවට ගොඩ බැස්සට පස්සෙ ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත් උනා. මුල්ම කාලේ බ්‍රිතාන්‍යයෙන් ඔය වගේ යටත් කරගෙන කොලනි පිහිටවන්න තීරණය කරපු රටවල් වලට පදිංචිකාරයෝ විදියට ඒ රටවල් වලට "ඇණයක්" වෙච්ච මිනිස්සු ටික එව්ව කියල තමයි මම නං අහල තියෙන්නෙ. 11 වසරේදී අපේ සමාජ අධ්‍යයන මිස් නං කිව්වෙ ඔස්ට්‍රේලියාවට එව්වේ එංගලන්තේ හිටපු "පිස්සො" ටික කියලයි. සිම්බාබ්වේ වලට ගිහිං දැම්මේ එංගලන්තේ හිටපු "මිනීමරුවෝ, දාමරිකයෝ" ටික කියලයි. කතාවේ ඇත්ත නැත්ත දන්නෙ නැති උනත් ඒ ගැන හිතනකොට එකේ අත්තක් නැත්තේම නෑ කියලත් හිතෙනවා. ඒ වගේ පාළු  නොදන්න රටක මුල් පදිංචිකාරයෝ විදියට  ජීවත් වෙන්න යන්නෙ, ඉන්න තැන් වල යමක් කරගන්න බැරි "ආතක් පාතක්  නැති" එවුං තමයි බොහෝ වෙලාවට

"චූං පාන්"



මේ ලඟදි පොඩි "ඇලට්" එකක් දාගෙන ඉන්නකොට, කණ  උඩින් "බීතෝවන්" යන සද්දෙට උඩ විසිවෙලා ඇහැරුණු අපේ තාත්තා නිදිමරගාතෙම පාරට දුවගෙන ගිහිං "චූන් පාන්" කාරයෙක්ගෙ ජාතිය අමතනව සැරේට ඇහුන නිසා මමත් පොඩ්ඩක් එතෙන්ට ගියා. බැලින්නං තාත්තා නිදාගන්න කාමරේ අයිනෙම තියන පොඩි පාරෙ චූං පාන් කාරයො දෙන්නෙක් ත්‍රීවීල් දෙක මාරු වෙන්න බැරුව හිරවෙලා. යන එක නැවතිලා තිබ්බත් දෙන්නගෙම "ලවුස්පීකර්" දෙකම වැඩ. දෙකේම සද්දෙ අනුනානද වෙලා එන සද්දෙ කණට ඉහිලුම් දෙන්නෙ නෑ. "ආයෙත් තොපේ ඔය *%^%*^ දාගෙන මෙතනින් ගියොත් ගහනවා පොල්ලෙන්" තාත්ත අරුන් දෙන්නට හොඳට කියාදෙනව. ආයෙත් ගේ ලඟින් යනකොට සද්දෙ අඩුකරගෙන යන පොරොන්දුව පිට උන් දෙන්න යහතින් යන්න ගියා.

 
උදේ පාන්දර 5 ට පටන්ගන්න චූං පාන් කාරයොන්ගෙ ආගමනය නවතින්නෙ රෑ 8 ට විතර. අපේ ගමේ අපේ ගේ ඉස්සරහින්ම දවසකට චූං පාන් කාරයො 10ක් 12ක් විතර කරකැවෙනවා. අපේ ගේ අයිනෙන් යන පොඩි පාරෙ තියන ගෙවල් ගානට වඩා වැඩියෙන් ගානක් ඒ පාරෙ  චූං පාන් කාරයෝ යනව.නානාප්‍රකාර වර්ගවල ත්‍රීවීල්, ලොරි වල එක එක පන්නයේ සද්ද මහා හයියෙන් දාගෙන රටේ නැති බේකරි වල නම් ගහගෙන වටේ දුවන චූං පාන් කාරයින්ගෙ සද්දෙ පුදුමාකාර කන්කරච්චලයක්. අසනීප වෙලා නිදාගෙන ඉන්න මනුස්සයෙක්ව, නිදාගෙන ඉන්න පොඩි බබෙක්ව, තෙහෙට්ටුවට පොඩි නින්දක් ගහන මනුස්සයෙක්ව ඇහැරවන්න මුන්ගෙ "යකඩ කටට" ලේසියෙන්ම පුළුවන්. මම ටික කාලෙකට කලින් පත්තරේ දැක්ක නගරාසන්න පුද්ගලයෙක් නඩුවක් දාල තිබ්බ චූං පාන් සද්දෙ සම්බන්ධයෙන්.